රැජිනිකාන්ත් ශ්‍රීලංකා සංචාරය අවලංගු කරයි.

Spread the love

ඉන්දීය සුපිරි නළු රැජිනිකාන්ත් ලබන මස 9සහ 10දිනට යෙදී තිබුණු  ශ්‍රී ලංකා සංචාර අවලංගු කර ඇත. ඒ කොටි හිතවාදීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන්.

විදුතලෙයි චිරුතායිගල් කාචි එම්ඩ්එම්කේ පක්ෂ විසින් එල්ල කරන ලද දැඩි චෝදනා නිසා ලබන මස 9වන දින යාපනයේ පැවතෙන  උත්සවයට තමන්   සහභාගී නොවන බව නිළ වසයෙන්  ලිපියක් මගින් දැනුම් දී ඇත.

යාපනයේ දෙමල ජනතාව ජිවත් වන ආකාර දැකබලා ගැනීමටත්, ඉන්දියානු ධිවර ජනතාව මුනුන දෙන ගැටළු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග  සාකච්චා කිරීමට ද තමන් බලාපොරොත්තු වූ බව රැජිනිකාන්ත් සිය ලිපිය මගින් කියා තිබෙනවා. එමෙන්න්ම ඔහු කියා සිටියේ “මම ඒ උත්සවයට සහභාගී වෙන්නේ නෑ. නමුත් තිරුමාලවන් සහ වයිකෝ කියන කාරනා වලට මං එකග නෑ” යනුවෙනි.

ලීසා ආයතනය විසින් පසුගිය දවසක නිවේදනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ රැජිනිකාන්ත් යාපනය ප්‍රදේශයේ සංචාරයකට සහභාගී වන අතර  එහිදී දෙමළ ජනතාවට ඉදිකළ නිවාස විවෘත කිරීමේ උත්සවයකට එක්වන බවත්ය. යම් හෙයකින් රැජිනිකාන්ත් මෙම සංචාරය සඳහා එක්වුව හොත් ලීසා ආයතනය මගින් නිෂ්පාදිත චිත්‍රපට තමිල්නාඩුව තුල තහනම් කිරීමට කොටි හිතවාදී දේශපාලන විරෝධකරුවෝ ක්‍රියා කරන බවට ඔවුන් දැනුම් දී තිබේ.