එක් අනතුරක් – චෝදනා 46ක් – පොලිසියෙන් අමුතු පුවතක්…

Spread the love

පසුගිය වසරේ සිදුවු සිදුවිමකට අදාලව පුද්ගලයකුට එක්‌ සිද්ධියක්‌ හා සම්බන්ධව චෝදනා 46 ක්‌ යටතේ නඩුවක්‌ නොබෝදා පවරා තිබෙන අතර මෙම පුද්ගලයා ඉකුත් 2016 ජුලි මස 12 වැනිදා කුඩා ලොරියක මගීන් විසි දෙදෙනකු පටවා ගෙන විත් රිය අනතුරක්‌ සිදු කොට පලා ගොස්‌ සිට දින දෙකකට පසුව පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අයෙකි.

මෙම අනතුරෙන් පුද්ගලයන් 10 දෙනකුට බරපතළ තුවාල ද තවත් 11 දෙනකුට සුළු තුවාලද සිදුව තිබෙන අතර අනතුර සිදුව ඇත්තේ කුඩා ලොරියක මගින් විසි දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී තඹුත්තේගම පොලිස්‌ වසම කලා ඔය පාලම අසලදීය.

අනතුරක්‌ වලක්‌වා ගැනීමට අපොහොසත්වීම අපරික්‍ෂා, කාරි ලෙස රිය පැදවීම, වැඩිපුර මගින් රැගෙන යැම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරුවන් රෝහලට ඇතුළත් නොකිරීම, බරපතළ තුවාල සිදුකිරීම සහ සුළු තුවාල සිදුකිරීම ආදී චෝදනා 46 ක්‌ රියදුරුට එරෙහිව එල්ල වී ඇත. නීතිපති උපදෙස්‌ අනුව මෙම නඩුව පවරා ඇත. මෙම නඩුව එළඹෙන ජුනි 11 දා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.