ආණ්‌ඩුවට එරෙහිව අලුත් බෞද්ධ සංවිධානයක්‌! කවුරුන් වෙනුවෙන්ද..?

Spread the love

පසුගිය කාලය පුරාවට දේශපාලන අවශ්‍යතා සඳහා විවිධ ජාතික සහ ආගමික සංවිධාන බිහි විය. ඒ අතර බොදු බල සේනා, සිංහලේ, සිංහල රාවය වැනි සංවිධාන ප්‍රධාන විය. එහෙත් හතු පිපෙන්නාක් මෙන් පැමිණි එම සියලු සංවිධානය කාලයත් සමඟ වියැකී ගියේය. මේ අළුත්ම ප්‍රවෘත්තියෙන් වාර්තාවන්නේ එසේ කාලයත් සමඟ සමතලා වූ එම සංවිධානය සියල්ල යළි එක් සංවිධානයක් ලෙස කරළියට පැමිණෙන බවයි.

ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී (27 වැනිදා) පැවසූහ.

මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

මේ රටේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනා වෙනුවෙන් අපට ඇසීමට ඇත්තේ, අවසර..! ඇත්තටම මේ අලුත් Project එක කවුරුන් වෙනුවෙන් ද? ලොකු ගාණකින් ගොඩ යන එකක්ද..? කියාය.