රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක ගබඩා කර තිබෙන විවිධ වර්ගවලට අයත් එම ඖෂධ තොගය කල් ඉකුත්වෙමින් තිබෙන බවට දැනටමත් ගණන් බලා තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඖෂධ වර්ග 53ක් මාර්තු මාසය, අපේ‍්‍රල් මාසය, මැයි මාසය, ජුනි මාසය, ජුලි මාස සහ සැප්තැම්බර් මාසය යන කාලවලදී කල් ඉකුත්වීමට නියමිත බවට ගණන් බලා ඇතැයි ද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් මෙලෙස කෝටි ගණන් වටිනා ඖෂධ නිකරුණේ විනාශ වෙන බවද පැවසේ.