ඔබේ සැමියා පිළිබඳව අන් අයගෙන් වසන් කලයුතු කරුණු 7ක්..

Spread the love

1) ඔහු බිය වන දේවල්

සාමාන්‍යයෙන් කාන්තාවන් නම් තමන්ට භය හිතෙන දේවල් පිළිබඳ අන් අය සමග පැවසීමට මැලි කමක් නොදක්වයි. එහෙත් පිරිමින් එසේ නොවේ. පිරිමින් එය තමන්ගේ දුර්වලකමක් ලෙස සළකයි. ඔබේ සැමියා අකුණු ගැසීම, විශාල බල්ලන් හෝ මකුළුවන් ආදී මේ දේවල්වලට බියක් දක්වන්නේ නම් ඒ පිළිබඳ අන් අයට පැවසීම සුදුසු නැත. විශේෂයෙන්ම ඔහු මේ දේවල් ඔබට පවසන්නේ ඔබ පිළිබඳ විශ්වාසයෙනි. අන් අය සමග ඒවා පැවසීමෙන් ඔබ එම විශ්වාසය කඩ කරයි. දෙදෙනෙකු අතර විශ්වාසය බිඳී යාමට මෙය ප්‍රධාන හේතුවකි. එනිසා ඔබ අන් අය සමග සැමියා පිළිබඳ යමක් පැවසීමට පෙර එය ඔහුට කෙසේ බලපාන්නේ ද යන්න සිතා බලන්න.

02) ඔබගේ සැමියාගේ බාහිර ස්වරූපය

ඕපාදුප කියවමින් පුද්ගලයන්ව විහිලුවට ලක් කරමින් රසවත් දෑ හුවමාරු කරගැනීම කාන්තාවන්ගේ පුරුද්දක්. ඒත් ඔබේ සැමියාගේ සිරුරේ ප්‍රමාණය, බාහිර ස්වරූපය හා හැසිරීම ආදිය ගැන කියවීම නම් එතරම් නුවණට හුරු නැහැ. කාන්තාවන් ඔවුනගේ පෙනුම පිළිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා. ඉතින් හිතල බලන්න ඔබේ සැමියා යහළුවන්ට කීවොත් ඔබ මහත් වෙලා, එහෙම නැත්නම් ඔබ ගොඩක් වයසට ගිහිල්ල කියල ඔබ කැමති නැහැ නේද? එනිසා ඔබත් යහළුවන් සමග සැමියා පිළිබඳ කතාකරන විට ධනාත්මකව කථා කිරීමට පුරුදු වන්න.

03) ඔහුගේ කරදරකාරී හැසිරීම්

ඔබේ සමියාගේත් යම් කරදරකාරී පුරුදු තියනවද? සපත්තු, ඇඳුම් ගලවා තැන තැන දැමීම ඔබට රුස්සන්නේ නැතිද? මේ පුරුදු ඔහුට ආවේ ඔහුගේ පවුලේ අයගෙන් යැයි සිතමින් ඔබ ඔහුගේ පවුලේ අය සමගද කේන්තියෙන් ඇති. ඒත් මේ දේවල් යහළුවන් සමග කීවා කියල මේවා විසඳෙන්නේ නම් නැහැ. එයින් සිදු වන්නේ ඔබේ පවුලේ ප්‍රශ්න අනික් අයත් දැනගැනීම පමණයි. ඒ නිසා මේ දේවල් ගැන අනික් අය එක්ක කථා කරනකොට සීමාවක් තියාගෙන කතා කරන එක වඩා හොඳයි. ඔබේ සැමියා සමග කතා කිරීමටත් පෙර යහළුවන් සමග මේ දේවල් පැවසීම ඔහු උරණ වීමටද හේතුවකි. එනිසා මෙවැනි ප්‍රශ්න පළමුව සැමියා සමග කතා කිරීමටත් යහළුවන් සමග මේවා කථා කිරීමේදී සීමාවන් තබා ගනීමටත් ප්‍රවේසම් වන්න.


04) ඔහුගේ අඩු ආදායම හෝ වැඩවල අසාර්ථක බව

ඔබේ සැමියා රැකියාවේ එතරම් සාර්ථක නැති බව හෝ ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති බව හෝ ඔහුට උසස්වීම් නොලැබෙන බව හෝ ඔබේ යහළුවන් සමග පැවසීම ඔබේ සැමියාගේ පමණක් නොවේ ඔබේ මුළු පවුලේම ප්‍රතිරූපයට හානිදායක වේ. එනිසා මෙවැනි අවස්ථාවල ඔබ ඔහුගේ නොහැකියාව ගැන ප්‍රචාරය කිරීමට වඩා ඔහුට සහය වීම ඉතා වැදගත් වේ. සැමියා රැකියාවක් සොයනවා නම් එය ධනාත්මක ලෙස යහළුවන්ට පවසන්න. ඔහු නව අවස්ථාවන් කරා යෑම සඳහා නව රැකියාවක් සොයන බව පවසන්න. එයින් ඔහු ඔබ පිළිබඳව ද පැහැදෙන අතර ඔබේ බැඳීම ද ශක්තිමත් වේ.

05) ඔහුගේ නොහැකියාවන්

ඔබේ සැමියාත් නිවසේ අලුත්වැඩියාවක් කරද්දී වැඩේ දෙක කරනවද? එහෙම නැත්නම් තමන්ගෙ වැඩක්වත් හරියට කර ගන්නේ නැද්ද? ඒත් මේ දේවල් ඔබේ යහළුවන් දැනගත යුතු නැහැ. අපේ සමාජයේ තියන මතයක් තමයි පිරිමියෙක් වුනාම ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒත් හිතල බලන්න ඒක ප්‍රායෝගික නැහැ නේද? හැම පිරිමියෙකුටම හැම දෙයක්ම කරන්න බෑ. ඔබේ සැමියාට යම් යම් දේ කරන්න බෑ කියල අනික් අයට කියන එකෙන් ඔබ ඔහුගේ පෞරුෂ්‍යත්වයට තවත් හනි කරනවා. ඒ වගේම ඔබ මේවා අන් අයට පැවසීමෙන් ප්‍රශ්න තවත් වැඩි වීම මිසක් ප්‍රශ්න අඩු වන්නේ නැහැ. මේ නිසා සැමියාගේ නොහැකියාවන් ගැන අන් අයට නොපැවසීමට වග බලා ගන්න.

06) ඔබ, ඔබේ පවුල හා ඔබේ මිතුරන් පිළිබඳ ඔහු තුළ ඇති වැරදි අදහස්

ඔබේ මිතුරන් පිළිබඳ සැමියාගේ ඇතැම් අදහස් ඔවුනට පැවසීම ඔවුන් ඔහුට අකමැති වීමට හේතුවක් වේ. එමෙන්ම මේ දේවල් ඔවුනට පැවසීමෙන් ඔවුන් ඔබ දෙදෙනා අතරට පැමිණ ගැටළු විසඳීමට උත්සහ දරයි. එයින් ඔබගේ ප්‍රශ්න තවත් වැඩි වේ. ඔබේ ඥාතියකු හෝ මිතුරකු පිළිබඳ සැමියා වැරදි අදහසක් දරන්නේ නම් ඔහු සමග කතා කොට එය නිවැරදි කරන්න. නිතරම ඔබේ සැමියාට ධනාත්මක චින්තනයක් ඇති බව සිතන්න. එවිට ඔබේ සැමියාත් ඔබේ යහලුවන් ඇතුළු සියලු දෙනාගේ ආදරයට පත් වන පුද්ගලයෙකු වේවි.

07) පවුලේ සාමාජිකයන් සමග ඇති ආරවුල්

ඔබේ පවුලේ කිසිවකු සමග සැමියා ආරවුලක් ඇති කරගෙනද? මෙවන් අවස්ථාවල ඔබට තරම් ඉක්මනට ඒවා විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට නැතිව ඇති. ඒත් ඔබේ යහළුවන් සමග මේවා පැවසීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. එයින් ඔවුන්ද ගැටලුවට මැදිහත් වී එය තවත් සංකීර්ණ වේ. එනිසා මෙවන් අවස්ථාවල යහළුවන්ව මෙයට ඈඳා නොගෙන සැමියාටම එය විසඳා ගැනීමට ඉඩ දෙන්න.ඔහුගේ ක්‍රියා පිළිවෙල ඔබට වඩා වෙනස් වුවද එයට ගරු කරන්න. එයින් ඔබගේ සම්බන්ධය ද තවත් ශක්තිමත් වේ.