එජාපයේ අර්බුදයක්! රංජන්ගේ කාර්යාලයේ ගුටි කෙලියක්. ගෝලයෝත් රංජන්ගේ මගම යති.

Spread the love

දිවුලපිටිය ප්‍රදේශයේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අයත් කාර්යාලයකදී පුද්ගලයින් දෙදනෙකු අතර බහින්බස් වීමක් ඇති වෙලා තියෙනවා.

මේ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙන අතර මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට බරපතල ලෙස පහරදී තිබෙනවා.

Loading...

එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඒ පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පහරදුන් පුද්ගලයාව දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ගහගත්ත පුද්ගලයින් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මිනුවන්ගොඩ – දමිත් තිසර

Loading...