රිජ්වේ ළමා රෝහළේ දැඩි තදබදයක් – එක ඇදේ ළමුන් 3ක්

Spread the love

කොළඹ රිජ්වේ ළමා රෝහල මේ වන විට දැඩි තදබදයෙන් හා අත්‍යවශ්‍ය වූ බෙහෙත් රැසක් හිග කමින් මිහිපිට අපායක් තත්වයට පත්ව ඇති බව එහි ගිය අපහට දැකගන්නට ලැබුණි.
මේ දිනවල අධික ලෙස උණ හා වෙනත් ළමා රෝග රැසක් ව්‍යාප්තව ඇති බැවින් අදාල වාට්ටුවල ප‍්‍රතිකාර ගත හැකි රෝගීන්ගේ ධාරිතාවද ඉක්මවා දෙතුන් ගුණයක රෝගීන් එකම වාට්ටුවක් තුල කිසිදු පහසුකමකින් තොරව ප‍්‍රතිකාර කිරීමට කටයුතු කර ඇති අතර එකම ඇදක රෝගී දරුවන් තිදෙනෙක් රදවා ඇති අවස්ථාද රැසක් දක්නට ලැබුණි. විශේෂයෙන් බෝවන රෝග ඇති දරුවන් හා වෙනත් දරුවන් එකම ඇදක තබා තිබීමෙන් රෝග ව්‍යාප්තිය තව තවත් වැඩිවීමට ඇති ඉඩ කඩද වැඩිවේ.

රෝගී දරුවන් මෙලෙස අපහසුවෙන් ඇදන් මත සිටීමෙන් දැඩි ශාරීරික පීඩාවක් විදින බවද අපට තෙරුම් ගිය අතර සෑම දරුවෙක් සමගම මව හෝ පියා රැදී සිටින බැවින් තදබදය තවත් වැඩිවී වැසිකිළි කැසිකිලි හා සනීපාරක්ෂක පහසුකම් පවා අවම මට්ටමක පවතින බවද පෙනෙන්නට තිබුණි.

එලෙසම රෝහලේ වගකිවයුත්තන් කිහිප දෙනෙකු හා කතාබහනේ දැනගන්නට ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යය ඉදිරියේ මොනවා කිව්වත් අත්‍යවශ්‍ය බෙහෙත් රැසක දැඩි හිඟයක් පවතින බවයි. අඩුම තරමේ දරුවන් ප‍්‍රතිකාර ලබන රෝහල හෝ තදබදයෙන් හා බෙහෙත් හිගයෙන් තොරව දරුවන්ට සැප පහසු ලෙස ප‍්‍රතිකාර ලබා ගැනීමට තවත් වාට්ටු කිහිපයක් හෝ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රමුඛ බලධරීන්ගේ අවධානය යොමු විය යුතුය.