5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය මීගමුවට

Spread the love
විභාග දෙපාර්ත්තමේන්තුව විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ  (04) නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා හිමි කරගෙන ඇති බවයි විභාග දෙපාර්තමේනතුව පවසන්නේ. 

එම සිසුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198ක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 2 වන ස්ථාන 2ක් සිසුන් දෙදෙනෙක් විසින් හිමි කරගෙන තිබෙනවා.

ඒ  ගම්පහ දිස්ත්‍රික්කයේ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම් .ඒ.එම්. ඉඳුමිණි ජයරත්න සිසුවිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ටී.එම්.සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවා විසින්. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 197ක්.  

දිවයියේ  3 වන ස්ථානය ලබා ගැනීමට ඩී.ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවා සමත්ව සිටිනවා.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එම සිසුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196ක්.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  ලබාගැනීමට හැකියාව පවතිනවා.

[rns_reactions]