පොලීසියට භාරගත් බිලිදු දරුවා දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණය ලබමින් නිරෝගීව පසුවෙයි.අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට වාර්තා කළ අන්දමට සිද්ධිය මෙසේය.
අලුත උපන් බිලිදෙකු සුදුරෙදි කැබැල්ලක ඔතා අනුරාධපුර සාලියපුර රජයේ සායන මද්‍යස්ථානය පිටුපස ලඳු කැලෑවේ දමා ගොස් ඇති බවට අනුරාධපුර පොලීසියට දැනුම් දීමක් ලැබී ඇත.ඒ අනුව පොලීසිය එහි ගොස් බලන විට අලුත උපන් බිළිඳෙකු සුදුරෙදි කැබැල්ලක ඔතා එම ස්ථානය බිම දමාගොස් තිබෙනු දක්නට ලැබී ඇත.
දරුවා ඔතා තිබූ සුදුරෙදි කැබැල්ලෙහි බල්ලෙකු අත් සහ කකුල් තබා ආපස්සට ගෙන ඇති බවට සළකුණු දකින්නට තිබූ අතර එම බල්ලා දරුවාට කිසිදු හානියක් සිදු නොකර තිබීම පිලිබඳවද පොලීසිය විමතියට පත්ව ඇත.
පසුව දරුවා සිය භාරයට ගෙන ඇති පොලීසිය මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශණයේදී අණාවරණය වී ඇත්තේ දරු ප්‍රසූතියක් අපේකෂාවෙන් පුලියන්කුලම සාලියපුර ප්‍රදේශයේ කූලී නිවාසයක නවාතැන ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුවියක මීට දින කිහිපියක සිටි අනුරාධපුර රෝහලට ඇතුළත් වී දරුවෙකු ප්‍රසූත කර එම දරුවාද රැගෙන යලි කුලී නිවසකට පැමිණ ඇති බවයි.ඇය පදිංචිව සිටි කූලී නිවසේ හිමිකාරිය සොයාගොස් ඇති පොලීසිය ඇගේ දුරකථන අංකය සොයාගෙන එම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තතද දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි.
පසුව අධිකරණයෙන් නියෝගයක් මත පොලීසිය අදාළ දුරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා දුරකථන අංකයේ හිමිකාරිය පොලනේනරුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත.
ඒ අනුව පොලිස් නිළධාරීන් හා නිළධාරියන් කණ්ඩායමක් සැකකාරියගේ පොලොන්නරුවේ නිවසට ගොස් ඇට අතංඅඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී දරුවා ප්‍රසූත කර දින 12 පසුව මෙලෙස දරුවා අතහැර දමා පැනගොස් ඇත්තේ ඇය බව තහවුරු වී තිබේ.පොලීසිය කළ ප්‍රශ්ණ කිරීම් වලදී තවදුරටත් අණාවරණය වී ඇත්තේ අය වෛද්‍ය සිසුවියක බවය.
ස්වකීය විමර්ශණ වලදී පොලීසිය තවදුරටත් අණාවරණ කරගෙන අත්තේ ඇය තමා පදිංචි ප්‍රෙද්ශයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමෙන් පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව ඇගේ මවට හෝ පියාට හෝ පවුලේ කිසිවෙකුටත් පවසා නැති බවය.
තමා දරුවෙකු ප්‍රසූත කළ බව මවුපියන් දැනගතහොත් පියා තමා මරා දමනු ඇතැයි යන බිය නිසා දරුවා මෙලෙස අතහැර දමා පැන ගිය බවද සැකකාරිය පොලසියට පවසා ඇත.සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමිට පව ඇය අකමැත්තක් දැක්වූ බව පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.
දරුවා ප්‍රසූත කරන තුරු අනුරාධපුර පුලුයන්කුලම ප්‍රෙද්ශයේ කුලී නිවාසයක පදිංචිව සිට ඇති ඇය ගෙහිමි කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේරැකියාවක් කරන බවය.අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සිද්ධිය පිලිබඳව වැඩිදුර විමර්ශණ සිදුකරයි.


