Author: Editor[A]

  • විජය කුමාරතුංග සැබෑ ඝාතකයන් කව්රුන් විය හැකිද..? ඔබ නොදන්නා ඇත්ත කතාව මෙන්න..

    විජය කුමාරතුංග සැබෑ ඝාතකයන් කව්රුන් විය හැකිද..? ඔබ නොදන්නා ඇත්ත කතාව මෙන්න..

    විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය.
    සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔයු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ හදවත් තුළ ආදරය දිනාගත් දේශපලනඥයෙකු විය.
    උතුරේ දෙමළ ජනතාවගේ ආදරය ද විශ්වාසයද ඔහු දිනාගෙන තිබිණි. විජය ඝාතනයේ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි විජය ඝාතනය කොට ඇත්තේ කව්ද යන්න ඉතාමත් පැහැදිළි ලෙස අවබෝධ කරගත හැකිය.
    මේ වීඩිියෝව තුළින් ඔබ නැවත විජය ඝාතනයේ සැබෑ හේතුව විමසා බලන්න.
    හෙට දිනක මේ වීඩියෝව අන්තර්ජාලයෙන් අතුරුදහන් වන්නටද පුළුවන.

    විජය ඝාතනය කල හැටි ඝාතකයා හෙළි කරයි – “මම විජයගේ පිටට වෙඩි දෙකක් තිබ්බා”

    වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස්‌ තුවක්‌කුව රැගෙන එන තෙක්‌, බයිසිකලයෙන් රවුමක්‌ ගසා පැමිණෙන ලෙසය. ඒ අනුව අතුරු පාර අසලින් බැස ගත් ලයනල්, තනිවම පාලගේ ගරාජයට පැමිණියේය. පාල, ශ්‍රී කාන්ත සහ තවත් අයෙකු ගරාජයේ සිටි අතර ලයනල් විසින් පාලට පවසන ලද්දේ, ගරාජයේ තිබෙන තුවක්‌කුව සහ ග්‍රෙනේඩය දමන ලද කළු බෑගය, කිට්‌ටුව තැනකින් තබා ගැනීමට අවශ්‍ය බවය.
    ලයනල් සහ පාල දෙදෙනා බෑගය රැගෙන තම්බිගේ නිවසට යනවිට එහි සිටියේ ඔහුගේ මවය. “මෙයා ආවොත් මේ බෑග් එක දෙන්න” කියමින් තම්බිගේ මවට ලයනල් හඳුන්වා දුන් පාල, එම වැඩය ද අහවර කළේය. එකම ඉලක්‌කය සඳහා වෙහෙසෙන දෙදෙනා වෙනත් පාරවල් දෙකකින් පිටත්ව ගියහ. පාල යළිත් ගරාජය දෙසට යන අතරේ ලයනල් විජයගේ නිවස ඉදිරිපිට කුළියට ගත් ස්‌ථානයේ හිමිකරුගේ නිවස අසලට ගියේය. ඒ වන විටත් ටාසන් බයිසිකලයෙන් පැමිණ එහි රැඳී සිටියේය. මේ වන විට වේලාව දහවල් 11.30 පමණ වන්නට ඇත.
    කඩයේ හිමිකරු එන තෙක්‌ පැය භාගයක්‌ පමණ දෙදෙනා එම ස්‌ථානයේ රැඳී සිටින විට, ඔවුන්ගේ බලාපොරොත්තුව එතැනට පැමිණියේය. ලබා තිබූ ජනප්‍රියතාවය හමුවේ රටේ කාටත්, විජය දැකීම සිය ජිවිතයේ අමතක නොවන සිදුවීමක්‌ විය. ඔහු බැලීම සදහා පමණක්‌, දින ගණන් කාලය වැය කර රසිකයන් ඔහු පැමිණෙනවා කියන ස්‌ථානවලට රැස්‌වීම සුලබ සිද්ධියක්‌ විය. මෙදින විජයගේ පැමිණීම අපේක්‌ෂාවෙන් දින, සති මාස ගණන් වෙහෙසී බලා සිටි ලයනල්ට, පාරේ එහා පැත්තට වන්නට, කාරයක්‌ තමාම එලවාගෙන විජය පැමිණෙනවා දකින්නට ලැබුණි.
    වෙනදාට විජය දැකීම ඔහුගේ රසිකයන්ට ජීවිතයේ අමතක නොවන දිනයක්‌ වූවත් ලයනල් සහ ටාසන්ට විජය දකින්නට ලැබීම රටටම අමතක නොවන දිනයක්‌ බවට පත්වන්නට තිබුණේ තව විනාඩි කිහිපයක්‌ පමණය. ඉර මුදුන්වෙන යාමය, පරිස්‌සම් විය යුතු මොහොතක්‌ බව ගැමි විශ්වාසයකි. එවැනි වේලාවක තුවාලයක්‌ සිදුවුවත් ලේ නවත්වන්නට අමාරු බව ගැමියෝ කියති. මේ උදාවී ඇත්තේ එවන් වෙලාවකි. ලයනල් විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දෙන කට උත්තරයේ දී එම අවස්‌ථාව විස්‌තර කර තිබුණේ මෙසේය.
    තමා පැමිණි රථය ගේ ඉදිරිපිට ඇති ගස අසල නවතන ලද විජය, ඉන් බැස නිවසට ගියේය. නිවසට ඇතුල්වන ගේට්‌ටුව ඉදිරියේ, සුදු ඩට්‌සන් ඩබල් කැබ් රථයක්‌ නතර කර තිබුණි.
    “විජය කුමාරතුංග ආවා…”
    ටාසන් විසින් ලයනල්ට පවසන විටත්, ලයනල් ඒ සියල්ල බලා සිටියේය.
    “විඡේ දැන් ගෙදරින් ආයෙත් එළියට එනවා… එතකොට කරමුද…”
    ලයනල්ගෙන් ටාසන් විමසා සිටියේය.
    තුවක්‌කුව සහිත බෑගය ගෙන ඒම සහ එය දිගු වේලාවක්‌ බයිසිකලය තබාගෙන සිටීමේ අවදානම ලයනල් විසින් ටාසන්ගෙන් විමසුවේය. බෑගය ගෙනැවිත් එය බයිසිකලයේ තබා, බයිසිකලය කඩය ඇති වත්තට දමා ඉලක්‌කය එනතුරු සිටීම හොද බව ටාසන්ගේ අදහස විය.
    බෑගය තබා තිබූ තම්බිගේ නිවසට ගිය දෙදෙනා එහි සිටි කාන්තාවගෙන් බෑගය ඉල්ලාගෙන බයිසිකලයට නැගුණි. තුවක්‌කුව තබන්නට කියූ නිවස හෙවත් සමන්තගේ නිවසට වෙත දෙදෙනා පැමිණියේ ඉතිරි වැඩ සඳහා ලැහැස්‌ති වීමටය. සමන්තගේ කාමරයට දෙදෙනා යන විට සමන්ත ද කාමරයේ විය. ලයනල් විසින් තුවක්‌කුව ඇඳ උඩින් තබා ලෝඩ් කිරීමට පටන් ගත්තේය. සමන්ත මේ සියල්ල දකිනා අතරේ ටාසන් පාරේ බයිසිකලයට වී සිටියේය.
    කතාන්දරයේ උච්ච අවස්‌ථාව ලයනල් විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට විස්‌තර කරමින් සිටින විට එහි අධ්‍යක්‌ෂක චන්ද්‍ර ජයවර්ධන විසින් ලයනල්ගෙන් අතුරු ප්‍රශ්නයක්‌ විමසුවේය.
    ප්‍රශ්නය – මේ ගෙදර හිටපු පුද්ගලයා, ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව දැන සිටියාද…?
    පිළිතුර – විජයට වෙඩි තබන්න යන බව, මා ඔහුට කිව්වේ නැහැ. ඔහු එය දැන සිටියා ද කියා මා දන්නේ නැහැ.
    ප්‍රශ්නය – එදින විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව පාල දැන සිටියාද…? ඔව්… පාල ඒ බව දැන සිටියා.
    අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලයනල් යළි කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලයනල් විසින් පවසන ලද ආකාරයටම ඒ මොහොත මෙසේය.
    අපි බෑගය රැගෙන බයිසිකල් එකේ කඩය ළඟට පැමිණියා. වත්තට මෝටර් සයිකලය දමා, බෑගය මෝටර් සයිකලයේ තබා අපි පාරට වී බලා සිටියා. විනාඩි පහක්‌ හෝ හයක්‌ පමණ පාරේ සිටින විට, විජය කුමාරතුංග නිවසින් එළියට එනවා අපි දැක්‌කා… ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්‌ටුව ළඟ සිටි කෙනෙක්‌ එක්‌ක කතා කළා. ඒ එක්‌කම හේරත් (ටාසන් වීරසිංහ) සහ මා, බයිසිකලයට නැග්ගා… මා බෑග් එක ඔඩොක්‌කුවේ තබාගෙන, සිප් එක ඇර, සේප්ටිය පහළට දැම්මා. තුවක්‌කුව අතේ තබාගෙන විජය කුමාරතුංග නැවති සිටි ස්‌ථානයට යාර 20ක්‌ පමණ දුරින්, පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ, ඔහුගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොල දමා නවන ලද ෆයිල් එකක්‌ තිබුණා. ඔහු නැවතී එතැන සිටි අයෙක්‌ සමග කතා කරමින් සිටියා. මා බයිසිකලයේ සිට, ටී පනස්‌ හයේ රයිපලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක්‌ තිබ්බා.
    ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට ඔහු වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතැනට ගොස්‌ ඔහුගේ ඔලුවට වෙඩි කිහිපයක්‌ තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ගෙට දුවන්නට වුණා. මා ඔහුට ද වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ ඩබල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්‌කෙනෙක්‌ හිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා. හේරත් මෝටර් සයිකලය හරවාගෙන කිරුලපන පැත්තට මුහුණ හරවාගෙන නවතා තිබුණා. මා විජය කුමාරතුංග ළග තිබුණු ෆයිල් එක අරන් එහි තිබෙන්නේ මොනවද කියා බැලුවා. එහි තිබී කොල වගයක්‌ වැටුණා. ඒ වෙනකොට තුවක්‌කුව දාගෙන ආපු බෑග් එක තිබ්බේ බිම වැටිලා. මම ෆයිල් එක බිම දාලා, බෑග් එක අහුලාගෙන තුවක්‌කුව බෑග් එකට දා ගෙන, මෝටර් සයිකලයට ගිහිල්ලා වාඩිවුණා. මෝටර් සයිකලය පොල්හේන්ගොඩ පාරේ ගියා.
    එම අවස්‌ථාවේදී නාරාහේන්පිට පැත්තේ ඉඳලා බස්‌ එකක්‌ ආවා. අප, පොල්හේන්ගොඩ පාර දිගේ ගොස්‌, බයිසිකලය තියන්නට කියූ නිවසේ බයිසිකලය තැබුවා. හේරත් බයිසිකලයේ සිටියදී, මා තුවක්‌කුව තිබුණු බෑගය අරගෙන තුවක්‌කුව තියන්න කියූ නිවසට ගියා. පාල කලින් හඳුන්වාදුන් පුද්ගලයා එහි සිටියා. එම නිවසේ කාමරයකට ගොස්‌, පාල මට හඳුන්වාදුන් පුද්ගලයා ඉදිරියේ තුවක්‌කුව අන් ලෝඩ් කළා. ඒ වෙලාවේ මගේ ටීෂර්ට්‌ එකේ ලේ තියෙනවා දැක්‌කා.
    ප්‍රශ්නය – ඔබගේ ටීෂර්ට්‌ එකට ලේ ආවේ කෙසේද…?
    පිළිතුර – මා හිතන්නේ මම නැවි ෆයිල් එක ගන්න යන විට , ෆයිල් එකේ තිබ්බ ලේ ගෑවෙන්න ඇති. ඒත් ටීෂර්ට්‌ එකේ ලේ ගෑවුණේ කොහොමද කියලා මට හරියට හිතා ගන්න බැහැ.
    මා තුවක්‌කුව බෑග් එක ඇතුළට දමා, ග්‍රෙනේඩය ද එයට දැම්මා. නිවසේ සිටි කෙනාට බෑග් එක දීලා එය අරන් තබන ලෙස කිව්වා. මගේ ටීෂර්ට්‌ එක ගලවා ඔහුගෙන් මම ෂර්ට්‌ එකක්‌ ඉල්ලා ගත්තා. ඒක සුදු පාට අත් දිග ෂර්ට්‌ එකක්‌… ටීෂර්ට්‌ එක පුච්චලා හෝ වෙන දෙයක්‌ කරලා දාන්න කියලා, මම කිව්වා. ඊට පසු මම හේරත් මෝටර් සයිකලය තබාගෙන සිටි නිවසට ගියා. මා යන විට එම නිවසේ ගේට්‌ටුව ඇරලා තිබ්බා. එහි මෝටර් සයිකලය තබා තිබුණා. තුවක්‌කුව තැබූ නිවස පිටුපසින් පාරක්‌ තිබුණා. මා සහ හේරත් එම පාර දිගේ පිළියන්දල බස්‌ යන පාරට ආවා.
    අප දෙදෙනා පිළියන්දල යන බසයකට නැගී දයාසාන් ටේලර් සාප්පුවට පැමිණියා. සරත් එහි සිටියා. විජය කුමාරතුංගට මා වෙඩි තබන විට දවල් 12.30 ට පමණ ඇත. සවස හතරට පමණ අපි දයාසාන් ටේලර් සාප්පුවෙන් පිටත්ව දාම්පේ නිවසට පැමිණියා. එදා රාත්‍රී නවයට විතර අශෝකා ආවා. ඔහු පැමිණියේ තනිවම. මා සහ හේරත් විසින් අශෝකාට, විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කිව්වා. කට පරිස්‌සම් කර ගන්න කියා අශෝකා කිව්වා. එදා රෑ අශෝකා නැවතුණේ අප සිටි, නිවසෙයි.
    ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන විට විජය ඇඳ සිටි ඇදුම් මොනවාද ?
    පිළිතුර – ඔහු ඇඳ සිටියේ තද පාට කලිසමක්‌. පාට මතක නැහැ. කමිසයේ පාට මතකත් නැහැ. විජය කුමාරතුංග වැටී සිටින විට, ඔහුගේ ඔලුවට මා වෙඩි තබන අවස්‌ථාවේදී, ඔහුගේ ඔලුවේ බොරු කොණ්‌ඩයක්‌ තිබී ගැලවී වැටුණා.
    ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබූ පසු, ඔහු ළඟට ගොස්‌ නැවත වෙඩි තැබුවේ ඇයි…?
    පිළිතුර – මා සිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුනේ නැහැ කියා. ඒ නිසා බයිසිකලයෙන් බැස, ඔහු ලගට ගොස්‌, වැටී සිටින විට නැවතත් වෙඩි තැබුවා.
    ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබුවේ ඇයි…?
    පිළිතුර – ජනතා විමුක්‌ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ලැබුණු නියෝගය නිසා.
    විජය ඝාතනය තෙක්‌ ලයනල් රණසිංහ විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද සාක්‌ෂිය එසේය. විජය ඝාතනය ලයනල්ගේ අවසාන දේශපාලන ප්‍රහාරය නොවීය. විජය ඝාතනය පිළිබඳව සිදුකරන දේශපාලන පරීක්‌ෂණයකදී, ලයනල් පිළිබඳව ද හොදින් අවබෝධ කර ගත යුතු නිසා ඔහු විසින් සිදුකරන ලද අනෙකුත් දේශපාලන ඝාතන සහ ක්‍රියාකාරකම් ද සැකවින් හෝ දැන සිටිය යුතුය. ඒ සියල්ල උපුටා ගනු ලබන්නේ ලයනල් විසින් දෙන ලද සාක්‌ෂියෙනි.
    1988 වසරේ මාර්තු මස මැද කාලයේදී ලයනල්, ටාසන් ඇතුළු විසි පස්‌ දෙනෙකුට පමණ සිරිපාද අඩවිය ආසන්නයේ වනගත කඳවුරකදී යළිත් අවි ආයුධ සහ මිලිටරි පුහුණුවක්‌ පක්‌ෂය විසින් ලබා දීමට කටයුතු කළේය. මේ කාලය වන විට අශෝකා, ජයන්ත ඇතුළු කණ්‌ඩායම දේශපාලන සාකච්ඡාවේ ප්‍රමුඛ මාතෘකා බවට පත් කර ගත්තේ පළාත් සභා ඡන්දය, හෝමාගම අතුරු මැතිවරණය වැනි දේය. එසේ වන අතරේ සන්නද්ධ ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය පුහුණුවීම් ආදිය දිගටම කරගෙන යැම ජවිපෙ අපේක්‌ෂාව වී තිබුණු බව, ලයනල් ඇතුලු විස්‌සක, තිහක පමණ පිරිසට ලබා දෙන පුහුණුවෙන් පෙනේ.
    සමනල මුදුන තරණය කර සිරිපතුල වන්දනා කළ පිරිස, පුහුණුව සඳහා පැමිණ සිටියේ ගුවන් හමුදා සේවයේ යෙදී සිටි අයෙක්‌ බව ලයනල් අවබෝධ කර ගත්තේය. පුහුණුව අවසානයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක්‌ සාදා, එයට පහරදී යටත් කර ගන්නා ලෙස පිරිසට දන්වා සිටියේය. තුවක්‌කු වෙනුවට පොලු කැබලි යොදාගෙන කරන ලද එම පුහුණු ප්‍රහාරයේදී කඳවුර යටත් කර ගන්නට පිරිස සමත් විය.
    පුහුණුව අවසන් වී යළි පැමිණීමෙන් පසු, අප්‍රේල් දෙවැනිදා රත්මලානේ බැසිල් ටේ්‍රඩින් සාප්පුව ලයනල් ඇතුළු පිරිස කොල්ල කෑවෝය. එහි තිබූ රෙදි, ඔරලෝසු, ගුවන් විදුලි යන්ත්‍ර, මුදල්, ඡායා පිටපත් යන්ත්‍ර, ආදිය කොල්ල කෑ දේ ඒ අතර විය.
    හෝමාගම අතුරු මැතිවරණයට පෙර ලයනල් විසින් තවත් ඝාතනයක්‌ සිදුකළේය. අශෝකාගේ අණ පරිදි ඝාතනය කරන ලද එම පුද්ගලයා සේවය කරන ලද්දේ, කැස්‌බෑව ඩිස්‌පැන්සරියේ බෙහෙත් දෙන පුද්ගලයා ලෙසය. එසේම ඔහු කිරිවත්තුඩුව ග්‍රාමෝදය මණ්‌ඩලයේ සභාපතිවරයා ද විය. මෙම ඝාතනයෙන් පසුව එතෙක්‌ සිටි ගෙදර අත්හැර ගොරකපිටියේ කුකුල් ගොවිපොළක ලයනල් සහ ටාසන් නැවත්වීමට පක්‌ෂය කටයුතු යෙදවීය. කුකුල් ගොවිපළේ සිටියේ විජිත නම් අයෙකි. ලයනල්ට ඔහු මුලින්ම හමුවී තිබුණේ, 87 වසරේ ජුලි මාසයේදී පාලගේ ගරාජයේදීය.
    ඉන් පසුව ලයනල් සහ තවත් පිරිසකට පක්‌ෂයෙන් කැඳවීමක්‌ ලැබෙන්නේ මහරගමට පැමිණෙන ලෙසය. එයින් පසු ජා ඇලට පිරිස රැගෙන ගියහ. ජාඇලදී කටුනායක ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස උපදෙස්‌ ලැබිණි. ලයනල් ඇතුලු පිරිසක්‌ මේ ප්‍රහාරයට සහභාගී වූහ. ප්‍රහාරය එල්ල කළ ටික මොහොතකින් ලයනල් ටි පනස්‌ හයේ ගිනි අවියක්‌ සමඟ සටනට දායකවී, පසුව වෙනත් පොල් වත්තකට ඇතුල් විය. එම ස්‌ථානයේ තම ගිනි අවිය සගවා මහ පාරට පැමිණි ලයනල් මිනුවන්ගොඩ යන බසයක නැගී පසුව යළිත් තමා නැවති සිටි කුකුල් ගොවිපොළ වෙත පැමිණියේය.
    ජවිපෙ විසින් හමුදා සහ පොලිස්‌ ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්‌වල හමුදා මුරපොළට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුද අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්‍රාමාරක්‌ෂක කඳවුරට 1988 ජනවාරි 8 වැනිදාද, පාදුක්‌ක පොලිසියට 1988 ඔක්‌තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක්‌ ලයනල්ගේද සහභාගිත්වයෙන් 1987 අගෝස්‌තු සිදුවූවද එය සාර්ථක නොවීය.
    ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක්‌ මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක්‌ ඉටුකළ බව ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ජාතික විමුක්‌ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට “පෙතියෝ” 41ක්‌ මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න යන ලිපියේ දැක්‌වේ.
    පාමංකඩ හන්දියේදී එජාපයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු වෙත වෙඩි තබන ලද්දේ ලයනල් විසිනි. එම ප්‍රහාරය සදහා අස්‌ගිරිය, සහ ටාසන් දායක වී තිබුණි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි, මීගොඩ ආයුර්වේදය අසල පදිංචි වී සිටි ධර්මසේනගේ නිවසට මහ රෑ කඩා වැදුණු ලයනල් ඇතුළු පිරිස ධර්මසේන සහ එහි සිටි ග්‍රාමාරක්‌ෂක භටයන් ඇතුළු පිරිසකට වෙඩි තැබුහ. පසුදා තමන් නැවති සිටි කුකුළු ගොවිපොළට ගිය ලයනල් තමන් සහ පිරිස එල්ල කරන ලද ප්‍රහාරය පිළිබද විස්‌තර දැන ගත්තේ, අශෝකා විසින් රැගෙන ආ දිවයින පත්තරයෙන්ය. වෙඩි ප්‍රහාරයෙන් හයදෙනෙක්‌ මිය ගොස්‌ තිබුණත් ධර්මසේන තුවාල ලබා මරණයෙන් ගැලවී තිබුණි.
    මෙසේ ලයනල්ගේ වෙඩි පහරට ලක්‌ව මරු වැළද ගත් පිරිස අතර අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත්, කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 දා මට්‌ටක්‌කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්‌ලී රණගල බොරැල්ලේදීද, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස්‌ නිලධාරින් කිහිපදෙනෙක්‌ , එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්‌ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙක්‌, ඉන්දියාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක්‌ ඇතුළු පිරිසක්‌ ද වූහ.
    1989 මාර්තු 9 වැනිදා කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර ඝාතනය කිරීමෙන් පසු පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට ගිය ලයනල් එදින රාත්‍රිය ගත කරන ලද්දේ එහිදීය. පසුව මාර්තු 14 වෙනිදා තවත් කටයුත්තක්‌ පිළිබඳව ඉදිරි සැලසුම් සදහා කතිකා කර ගැනීමට, ජයන්ත හෙවත් ලලිත් විඡේරත්න හමුවීම සඳහා පුංචි බොරැල්ල සඳහා පැමිණි ලයනල්, හමුව සඳහා තව වේලාව තිබෙන බැවින් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දෙසට ඇවිදගෙන යද්දී, සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස්‌ නිලධාරින් දෙදෙනෙකු තමන්ගෙන් ප්‍රශ්න කර අසල තිබූ ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස්‌ අත්අඩංගුවට ගත් බව ලයනල් විසින් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. සිය සාක්‌ෂිය අවසානයේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් ලයනල් කරන ලද ඉල්ලීම වූයේ තමාගේ මව බැලීමට අවශ්‍ය බවය.
  • ඇමති කාලේ අයථා ලෙස උපයපු ජනිපෙ විමල්ගේ කෝටි 71ක වත්කම් පිළිබඳ නඩුව ඇරඹේ..!

    ඇමති කාලේ අයථා ලෙස උපයපු ජනිපෙ විමල්ගේ කෝටි 71ක වත්කම් පිළිබඳ නඩුව ඇරඹේ..!

    ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම්  වලින්  උපයාගත  නොහැකි, අල්ලස් මඟින්  උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත.
     
    එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (19) නියම කළේය.
     
    අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ බාරදී ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
     
    මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
     
    2009 වසරේ සිට 2014  වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 71 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.

  • අළුත් ක්‍රමයෙන් කම්කරුවන්ට වඩා සභිකයින්. පළාත් පාලන ආයතන රැසක් අක්‍රිය වන ලකුණු…

    අළුත් ක්‍රමයෙන් කම්කරුවන්ට වඩා සභිකයින්. පළාත් පාලන ආයතන රැසක් අක්‍රිය වන ලකුණු…

    පසුගියදා පැවති ඡන්ද විමසීමේදී සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බව අප කල සමීක්ෂණයකින් හෙළි වේ.

    මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා බහුතරයක සිටින කම්කරුවන් සංඛ්‍යාවට වඩා පත්ව සිටින සභිකයින් සංඛ්‍යාව වැඩි වේ.

    දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 21 දෙනෙකු පත්ව සිටියදී, එහි සනීපාරක්ෂක කටයුතු සහ මාර්ග පිරිසිදු කිරීමට සිටින්නේ කම්කරුවන් 18 දෙනෙකු පමණි.

    අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් 24 සිටියදී පත්ව සිටින සභිකයින් ගණන 25කි.

    මේ අතර, පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා කුලියට ගැනීමට පළාත් පාලන ආයතන උත්සාහ දරමින් සිටී.

  • පෙති පානය කර තරුණියක් සමග ලිංගික එක්වෙන්න යහන්ගතවූ තිදරු පියාට වෙච්ච දේ මෙන්න

    පෙති පානය කර තරුණියක් සමග ලිංගික එක්වෙන්න යහන්ගතවූ තිදරු පියාට වෙච්ච දේ මෙන්න

    සමහර බෙහෙත් වර්ග තියෙනවා ඒවා ගන්න ඕනේ වෙද මහත්මයෙකුගේ උපදෙස් මත වන අතර අපිට අවශ්‍ය  ආකාරයකට ඒවා පාවිච්චි කරන්න ගියහම නැති ලෙඩ හැදෙන්න පුලුවන් වගේම විවිධ සංකූලතා විතරක් නෙමෙයි ජීවිතයෙන් වුනත් වන්දිගෙවන්න සිදුවෙන්න පුලුවන්.
    ඒ වගේම තමයි තමාගේ එදිනෙදා ජීවිතයේ තමන් සිදුකරන දෑත් යම් රෝගවලට බලපාන්න පුලුවන්
    තමාගේ වයස සහ ශරීර ශක්තිය එක්ක තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.
    මේ කියන්නෙත් ඒ වගේ ආවාසනාවන්ත සිදුවීමක් ගැනයි
    ලිංගික උත්තේජක පානය කර කාන්තාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් මියගිය පුවතක් නයිජීරියාවෙන් වාර්තාවී තිබෙනවා.
    මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි තිදරු පියෙකු බවටයි වාර්තා වන්නේ
    මෙම ලිංගික උත්තේජක පෙති මිලට ගෙන ඇති අතර එවා පානය කිරීමෙන් අනතුරුවයි ඔහු කාන්තාවක් සමඟ යහන්ගත වී ඇත්තේ. පසුව දිගු වෙලාවක් ඔහු එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීම හේතුවෙන් ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි සැක පළකෙරෙන්නේ.
  • ආරම්භය සුබයි.. රනිල් ඉවත් කරන ලියවිල්ලට දැනට එජාප මන්ත්‍රිවරුන් 06ක් අත්සන් තබයි..

    ආරම්භය සුබයි.. රනිල් ඉවත් කරන ලියවිල්ලට දැනට එජාප මන්ත්‍රිවරුන් 06ක් අත්සන් තබයි..

    ආණ්ඩුවක් පිහිටුවීමට බහුතරය තීරණය කිරීම සහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අත්සන් කළ ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු ද අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

    තනි ආණ්ඩුවක් බිහි කිරීම සහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීම සහ අගමැති රනිල් එම තනතුරෙන් නෙරපීම සහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ අත්සන් ලබාගත් අතර මෙයට සමගාමීව එක්සත් ජාතික පක්ෂයද  අග‍්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොකර ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සහා අත්සන් ලේඛනයක් සකසා ඇත.

  • ජනපති මෛත්‍රි සහ ශ්‍රිලනිප මන්ත්‍රින් අතර පැවති සාකච්ඡාවේදී වෙච්ච දේ මෙන්න..

    ජනපති මෛත්‍රි සහ ශ්‍රිලනිප මන්ත්‍රින් අතර පැවති සාකච්ඡාවේදී වෙච්ච දේ මෙන්න..

    ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් විය යුතු බවට තීන්දු කළ බවත්, අදාළ වෙනස්කම් නීත්‍යානුකූලව කිරීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, ජනාධිපතිතුමා සමග නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පැවැත් වු සාකච්ඡාවෙන් අනතුරුව, එම සාකච්ඡාවේ තීන්දු තීරණ ප්‍රකාශයට පත්කරමින් අමාත්‍ය එස්.බී දිසානායක පැවසීය

    https://www.facebook.com/supirigossip1/videos/1595322083836725/

  • එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කොටියක්..!! මන්ත්‍රීවරු මුදලට විකිණෙන හැටි මෙන්න..!

    එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කොටියක්..!! මන්ත්‍රීවරු මුදලට විකිණෙන හැටි මෙන්න..!

    සුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හැටන් දික්ඔය නගර සභාවට ඉදිරිපත් වූ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

    හැටන් දික්ඔය නගර සභාවේ ප්‍රතිඵලයට අනුව  එක්සත් ජාතික පක්ෂයට ආසන 07 ක් ,ලංකා කම්කරු කොංග්‍රසයට ආසන 06 ක් දිනාගත් අතර  ප්‍රසාද ආසන ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ආසන 02 ක් හා කොමියුනිස්ට් පක්ෂයට ප්‍රසාද ආසන 01 ක් හිමිවුනා.

    එම ප්‍රතිඵලයට අනුව කිසිඳු දේශපාලන පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා ප්‍රභල ඇමතිවරුන්ගේ ලේකම්වරු බව පවසමින් මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවා බලය පිහිටුවීමට උත්සාහයක නිරතවන බව අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

    ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට දුරකතනය ඔස්සේ අමතා එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් රුපියල් කොටියක් ගෙවීමට යෝජනා කර තිබෙනවා.

    හැටන් දික්ඔය නගර සභාවේ නිල ප්‍රතිඵලය.

  • සියල්ලන්ට හොරෙන් අගමැති රනිල් සිදුකල රහස් සාකච්ඡාවක සියළු තතු එලියට…

    සියල්ලන්ට හොරෙන් අගමැති රනිල් සිදුකල රහස් සාකච්ඡාවක සියළු තතු එලියට…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර අතුරුලියේ රතන හිමි, රිෂාඩ් බදියුදීන්, මිලික් සමරවික්‍රම, ඩග්ලස් දේවානන්දා, සාගල රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාව සහභාගි වී ඇත.

    ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය පිලිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වේ. 

  • ජාතික කොඩිය ගැන කියු කතාවත් එක්ක චිත්‍රාල් සෝමපාලට එරෙහිව බුකිය ඇවිලුණු හැටි මෙන්න

    ජාතික කොඩිය ගැන කියු කතාවත් එක්ක චිත්‍රාල් සෝමපාලට එරෙහිව බුකිය ඇවිලුණු හැටි මෙන්න

    නව පරපුරේ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා. එහිදි චිත්‍රාල් සෝමපාල පවසා තිබුනේ රටේ නැති සතෙක් ජාතික කොඩියට දාගෙන , වෙන රටක ධර්මයක් ආගම කරගෙන මේ රටේ මිනිසුන් කාලය හා දැනුම විනාශ කරමින් සිටින බවයි. 

    චිත්‍රාල් සිය ගිණුමේ තැබු සටහන පහතින් ,

     


    කෙසේ වෙතත්ග් පසුව මෙම සටහ්‍යන චිත්‍රාල් විසින් ඉවත් කර ගෙන තිබු අතර සමාජජාලා මාධ්‍ය වලින් ඔහුගේ මෙම ප්‍රකාශයට දැඩි ප්‍රතිරෝධයක් එල්ලව තිබුණා. එවැනි නිර්මාණ කිහිපයක් පහතින් ,





  • පක්ෂ මාරුවකට අමාත්‍ය දුමින්ද සැරසෙයි.. එකතුවෙන්න යන පක්ෂය ගැනත් තොරතුරු එලියට..

    පක්ෂ මාරුවකට අමාත්‍ය දුමින්ද සැරසෙයි.. එකතුවෙන්න යන පක්ෂය ගැනත් තොරතුරු එලියට..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව  පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකිවීමට නිසා තමන්ට කැමති වෙනත් පක්ෂයට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර අමාත්‍යවරයාගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා පක්ෂය වෙනුවෙන් තමන් පවරන ලද වගකීම ඉටුකරන ලෙස දුමින්ද අමාත්‍යවරයාට දන්වා ඇත.

  • තිලංගට එජාපයෙන් විශ්වාසභංගයක් – මැතිසභයට ගෙනාවොත් පරාජය කරනවා – ශ්‍රිලනිපය

    තිලංගට එජාපයෙන් විශ්වාසභංගයක් – මැතිසභයට ගෙනාවොත් පරාජය කරනවා – ශ්‍රිලනිපය

    එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ඒ ඔහු නියෝජ්‍ය කථානායක ධූරයේ සිටිමින් පක්ෂග්‍රාහීව කටයුතු කළ බව පවසමිනි.

    ඒ අතර අපි මේ පිළිබදව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුගෙන් විමසු විට ඔහු සදහන් කලේ පුළුවන් නම් විශ්වාසභංග ගේන්න කියන්න.අපි ඕක පරාජය කරලා එජාපයේ රෙදි ගලවලායි ගෙදර යවන්නේ යනුවෙනි.

  • ෆිල්ම් වල වගේ අපේ අයත් මුලින් ගුටි කාලා තමයි ගේම ගහන්නේ – 20 20න් පසු බුකිය ඇවිලෙයි

    ෆිල්ම් වල වගේ අපේ අයත් මුලින් ගුටි කාලා තමයි ගේම ගහන්නේ – 20 20න් පසු බුකිය ඇවිලෙයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාවට හිමිවූ අතර එම ජයග්‍රහනයෙන් පසු ෆේස්බුක් වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණ ක්ලිහිපයක් පහතින් , 

     












  • දිනේෂ්ගේ ඉල්ලීමෙන් වර්තමාන දේශපාලනය ගැන විවාදයක්..  පක්ෂ නායකයින් එකඟ වෙයි

    දිනේෂ්ගේ ඉල්ලීමෙන් වර්තමාන දේශපාලනය ගැන විවාදයක්.. පක්ෂ නායකයින් එකඟ වෙයි

    ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව අනුව අද (19) පස්වරු 4.00 සිට රාත්‍රි 7.00 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාද කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ වී තිබෙනවා.

    පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මොහොතේ දී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

    ඒ අනුවයි යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා සභාවේ කටයුතු විනාඩි 15කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේ.

    එහිදී මෙම එකඟතාවයන්ට පැමිණ තිබෙනවා.   

  • ආණ්ඩු පෙරලි අස්සේ බැදුම්කරේ මෙන්ඩිස් අරක්කු අල්ලස් ගැන රන්ජන් සියල්ල හෙලිකරයි

    ආණ්ඩු පෙරලි අස්සේ බැදුම්කරේ මෙන්ඩිස් අරක්කු අල්ලස් ගැන රන්ජන් සියල්ල හෙලිකරයි

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් රුපියල් කෝටි සියයකට අධික මුදලක් ලබාගෙන එම මුදල විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බව රහස් පොලීසිය විසින් හෙළි කරගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් අලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් නමැත්තන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අයත් බවත්, ඔවුන් දෙදෙනා විසින් පසුගිය පෙබරවාරි 07 වැනිදා දක්වා බිලියන 1.19ක මුදල් ලබාගෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.

    2014 මැයි මස 29 වැනිදා සිට2018 පෙබරවාරි මස 07 දක්වා වසර 3 1/2ක පමණ කාලය තුළදී පිය යුතු දෙදෙනා විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගමේ මුදල් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට අයත් සෙලාන් බැංකු ගිණුමකට 66 වතාවක් බැරකර ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා, අවස්ථා 154කදී එම මුදල් නැවත ඉවත් කරගෙන ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

    එමෙන්ම 2018 පෙබරවාරි 07 වැනිදා වන විට අදාළ ගිණුමේ මුදල් අගය රුපියල් බින්දුවක් වශයෙන් සඳහන් වන බවත් පැවසූ කෝදාගොඩ මහතා විවිධ තරාතිරමේ පුද්ගලයන්ට ත්‍යාග ලබාදීම සඳහා එම ගිණුමේ මුදල් උපයෝගී කරගෙන ඇති බවට සාධාරණ සැකයක් මතුවී ඇතැයිද පැවසීය.

    රන්ජන්ගෙන් හෙළිදරව්වක්

    මෙන්ඩිස් සමාගම සතු රුපියල්  බිලියන 1.7ක් වටිනා  චෙක්පත්  157කින්  පක්ෂ විපක්ෂ දේශපාලඥයන් බොහෝ පිරිසකට මුදල් ගෙවා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

    පසුගිය පෙබරවාරි 04 දක්වා පක්ෂ විපක්ෂ දේශපාලඥයන් බොහෝ පිරිසකට අල්ලස් වශයෙන් චෙක්පත්  ලබාදුන්  ලැයිස්තුව ජනාධිපතිවරයා සතුව තිබෙන බවද ඒ මහතා කීවේය.

    එම නම් ගම් හෙළිවුවහොත් තවත් අර්බුදයක් හටගනු ඇති බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

  • පාර්ලීමේන්තුවේදි ලිංගික ඇසුර තහනම් ” – අගමැතිගෙන් තද නිතීයක් .!

    පාර්ලීමේන්තුවේදි ලිංගික ඇසුර තහනම් ” – අගමැතිගෙන් තද නිතීයක් .!

    සිය කැබිනට්‌ මණ්‌ඩලයේ අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලයේ සේවකයන් සමග ලිංගික පහස ලැබීම තහනම් කරන බවට ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසනවා. ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මේ බව නිවේදනය කළේ, ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා සිය කාර්ය මණ්‌ඩලයේ හිටපු සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක්‌ පැවැත්වූ බව අනාවරණය වීමෙන් අනතුරුවය. 
     
    මාධ්‍ය හමුවක්‌ අමතා අදහස්‌ දැක්‌වූ අගමැති මැල්කම් ටර්න්බුල්, නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්‌ගේ හැසිරීම හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීම ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානය දිනාගෙන තිබේ.  උප අගමැතිවරයා අමාත්‍යවරුන් සම්බන්ධ ආචාර ධර්ම උල්ලංඝනය කළේ දැයි විමර්ශනය කෙරෙන තුරු ඔහු තාවකාලිකව නිවාඩු ලබාගෙන තිබීමද විශේෂත්වයකි.
     
    නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්‌ ඔස්‌ටේ්‍රලියාවේ පවතින නීතිය උල්ලංඝනය කර නැති බව නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කර තිබුනේය එහෙත් අගමැතිවරයා පවසන්නේ මින් අනතුරුව අමාත්‍යවරුන්ට දැනට වඩා දැඩි ආචාර ධර්ම පද්ධතියක්‌ හඳුන්වා දෙන බවය. 

    මේ පිළිබදව අදහස් දක්වමින් එරට අගමැතිවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ  “ඇමැතිවරු ඒ ආචාර ධර්ම පද්ධතියට අනුකූලව හැසිරිය යුතුයි. ඔවුන් තමන්ගේ කාර්ය මණ්‌ඩලය සමග ලිංගිකව නොහැසිරිය යුතුයි,”  යනුවෙනි. ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා සහ ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව විකී චැම්පියන් අතර සම්බන්ධතාව හෙළිදරවුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඔස්‌ටේ්‍රලියානු දේශපාලන ක්‌ෂේත්‍රයේ ප්‍රබල සංවාදයක්‌ මතු කර තිබේ.

  • පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයට සැකයක් – සැකය දුරු කරන්න පොහොට්ටුවෙන් පිළිතුරු..

    පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයට සැකයක් – සැකය දුරු කරන්න පොහොට්ටුවෙන් පිළිතුරු..

    සිය පක්ෂය සමග එක්වන බවට ඒකාබද්ධ විපක්ෂය වාචිකව ප‍්‍රකාශ කලද ඒ පිළිබඳව විශ්වාසය තබා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට නොහැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

    එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න අප වෙත කියා සිටියේ නව ආණ්ඩුවක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂය වගකීමක් ගත යුතු බවයි.

    මේ පිළිබඳව අප ඒකාබද්ධ විපක්ෂයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ අග‍්‍රාමාත්‍යධූරයට පත්වන පුද්ගලයා අනුව තනතුරු භාරගැනීම තීරණය වන බවයි.