ආරම්භය සුබයි.. රනිල් ඉවත් කරන ලියවිල්ලට දැනට එජාප මන්ත්‍රිවරුන් 06ක් අත්සන් තබයි..

Spread the love

ආණ්ඩුවක් පිහිටුවීමට බහුතරය තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අත්සන් කළ ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු ද අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීම සහ අගමැති රනිල් එම තනතුරෙන් නෙරපීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ අත්සන් ලබාගත් අතර මෙයට සමගාමීව එක්සත් ජාතික පක්ෂයද  අග‍්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොකර ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අත්සන් ලේඛනයක් සකසා ඇත.