Author: Editor[A]

  • පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..

    පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..

    සරු ජනිත ක්‍රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා.

    පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල ජන රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

    “අශ්වයයි බූරුවයි එකතු වුනාම බිහි කරන්නෙ කොටළුවා. සරු ජනිත ක්‍රියාවලියක් නෑ. ජී එල් මහත්තයාගේ පක්ෂෙට, ඒකට පරම්පරාවක් බිහි කරන්න බෑ. ඒක නිසාම 11 වෙනිදා වෙනකොට ජී එල් මහත්තයාගේ පක්ෂය වඳ වෙලා යනවා. අනුරාධපුරයේ සහ මේ මුළු රටේම මේක ස්ථීරයි කියන එක මම මතක් කරන්න ඕන,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

  • මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

    මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ.

    මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බවත් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයෙකු පැවසීය.

    බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වන බවද ඔහු වැඩිදුරටත් කීවේය. රාජ්‍ය දේපළ, වත්කම් විනාශ කරන අයට, හොරුන්ට, වංචාකාරයන්ට ඒ සියලු දෙනාට, ඒ අයගේ තත්ත්වය, තනතුරු, පක්ෂය කිසිදෙයක් නොබලා ගතහැකි සියලු තීරණ ගෙන දඬුවම් කිරීමට අවශ්‍ය පසුබිම හදන බව පසුගිය 11 වැනිදා මැදිරිගිරියේ දියසෙන් පුර පැවැති ජන රැලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

  • ටෙලි සිහින පෙන්වා දැරියක් දුෂණය කල නරුමයන් කොස්ගමදී අත්අඩංගුවට….

    ටෙලි සිහින පෙන්වා දැරියක් දුෂණය කල නරුමයන් කොස්ගමදී අත්අඩංගුවට….

    බාලවයස්‌කාර දැරියක්‌ රවටා අපයෝජනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොස්‌ගම පොලිසිය පැවසීය.

    පොලිසියට ලද තොරතුරකට අනුව මහනුවර ප්‍රදේශයේ ස්‌ථානයක්‌ වටලා සැකකාර තරුණයින් දෙදෙනා හා දැරිය අත්අඩංගුවට ගෙන ඇත.

    දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කොස්‌ගම ප්‍රදේශයේ තරුණයකු තම, ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්‌ථාව සලසා දෙන බව පවසා අපයෝජනය කළ බවයි.

    දැරිය දැනට අවිස්‌සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. කොස්‌ගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ සෝමරත්න විජයමුණිගේ උපදෙස්‌ පරිදි උ. පො. ප. ප්‍රේමානන්ද, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ශාමලී මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

     

  • හොඳම පංති භේදය ඇත්තේ විශ්ව විද්‍යාල තුළයි, – මහාචාර්යවරයෙක් කියපු කතාව මෙන්න

    හොඳම පංති භේදය ඇත්තේ විශ්ව විද්‍යාල තුළයි, – මහාචාර්යවරයෙක් කියපු කතාව මෙන්න

    සමාජයේ පංති භේදය පිළිබදව විශ්වවිද්‍යාල පර්යේෂණ සිදු කළත් හොඳම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුළ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය මයුර සමරකෝන් මහතා පවසයි.

    ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කළ සටහනක දැක්වෙන්නේ  මෙහි ඉහළම කුලය වෛද්‍ය පීඨය බවත් පහළම කුලය කලා පීඨය බවය.

    එම සටහන මෙලෙසය.

    ‘‘සමාජයේ පංති භේදයක් පිලිබදව විශ්වවිද්‍යාල පර්‍යේශන සිදුකලත් හොදම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුලය.මෙය පංති භේදයකට එහා ගිය කුල භේදයක් තරමට පීඩිතය.මෙහි ඉහලම කුලය මෙඩිකල් ෆැකල්ටි වන අතර පහලම කුලය වනුයේ ආර්ට්ස් ෆැකල්ටිය.

    මෙඩිකල්,ඉංජිනේරු,සයන්ස්,ෆැකල්ට්‍ වල ශිෂ්‍යයකුට ආර්ට් ෆැකල්ටියකින් පෙම්වතියක් සොයා ගැනීම ඉතා පහසුය.එසේ තේරෙන යුවතියද ඉන් පසුව සිටින්නේ යම් කිසි ගැට්ටකිනි.නමුත් ආර්ට්ස් තරුනයෙකුට එම ෆැකල්ටියකින් පෙම්වතියක සොයා ගැනීමට ලැබෙන්නේනම් එය ඉතා අහම්බයකි.

    පසු ගිය සයිටම් සටනේදී පවා මේ තත්වය ප්‍රදර්ශනය විය.මෙඩ්කල් සිසුවියන් ක්ලිනිකල් ඇදුමෙන් සැරසුනේ මේ පංති මානසිකත්වය නිසාමය.එයටම සරිලන සේ GMOA මහත්තුරු පවා ටයිපටියකින් සැරසී ගිනිදවල් පෙලපාලියේ ගියේ මේ මානසිකත්වය නිසාමය.පොලීසිය පවා බැටන් පහර එල්ල කිරීමේදී ක්ලිනිකල් සූට් ඇදි යුවතියන්ට යම් කිසි ගරුත්වයක් දැක්වූ බව පැහැදිලිය.

    මෙය අදවන විට ආචාර්ය මංඩලයට පවා බලපා ඇත.ජපුර ආර්ට්ස් ෆැකල්ටි නම වෙනස් වන්නේද මෙහි ප්‍රතිපලයක් ලෙසය.තමං ආර්ටෙක් බව කීමට බොහෝ අය මැලිකමක් දැක්වීම අඩු කුලයේ අයෙක් නාමය සගවා ගැනීමට කරනු ලබන වෑයමක් වැනිය.මම ආටෙක් කියා අභිමානයෙන් කියන්නේ කීයෙන් කී දෙනෙක්ද?නමුත් සමස්ත සමාජය දන්නා කියන චරිත බිහිවන්නේ ආර්ට්ස් ෆැකල්ටියෙන් බව දන්නේ කීයෙන් කීදෙනාද ?ඒ වාගේම දැනට විශ්වවිද්‍යාල තුලට ආචා රදැක්වීම සදහා ගෙන ආ ශ්‍රේෂ්ඨයන්ගේ දේහ වැඩි ප්‍රමානයක අයිතිය ඇත්තේ ආර්ට්ස් ෆැකල්ටි වලට බව දන්නේ කී දෙනාද (මෙය දැනට සිදුකෙරෙන ගවේෂ්නයකට අදාල නිසා හරවත් කමෙන්ට් පමනක් පල කරනු ලැබේ.)‘‘

     

  • තෝ ආයෙත් පළමුවැනියා වෙන්න බෑ – සිසුන් 04ක් දක්ෂයාට අම්බානකට නෙළයි…

    තෝ ආයෙත් පළමුවැනියා වෙන්න බෑ – සිසුන් 04ක් දක්ෂයාට අම්බානකට නෙළයි…

    සිය පන්තිය තුළදීම සිසුන් පස්‌දෙනකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්‌ වූ පාසල් සිසුවකු මාරවිල මූලික රෝහලේ හදිසි අනතුරු වාට්‌ටුවට පෙරේදා (10 වැනිදා) ඇතුළත් කර තිබේ.
     
     ඔහුගේ මුහුණට, හිසට හා ගෙලට අතින්, පයින් සහ පොල්ලකින් සිසුන් පස්‌දෙනකු වට කර ගෙන පහරදුන් බවත් හතරදෙනකු හඳුනා ගත් බවත් මාරවිල පොලිසියට පැමිණිලි කරමින් සිසුවා පවසා ඇත. 
     
     මෙසේ රෝහල්ගතව ඇත්තේ සඳනෙත් සංජන දිසානායක (15) නමැති මාරවිල පිරිමි පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
     
     ඔහු ඉගෙනීමට දක්‌ෂ බවත් සෑම වාරයකම පන්තියේ පළවැනියා වන බවත් තම පුතාගේ ඉගෙනීම නොරිස්‌සු ළමුන් පිරිසක්‌ මෙම පහරදීම සිදු කර ඇති බවත් පහරකෑමට ලක්‌ව රෝහල්ගත කර සිටින සිසුවාගේ පියා පැවසීය.

  • දෙවෙනි ඉනිමෙන් පසු මා මෙගා ටෙලි වලට එන්නේ නෑ – යොවුන් නිලි නයනතාරා

    දෙවෙනි ඉනිමෙන් පසු මා මෙගා ටෙලි වලට එන්නේ නෑ – යොවුන් නිලි නයනතාරා

    කලා ලොවට පිවිස වසර දෙකක්‌ වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය නයනතාරා වික්‍රමආරච්චිය.
     
     “රඟපෑම” ඔබේ සිතේ කුඩා කළ සිට පැවැති බලාපොරොත්තුවක්‌…
     
     ඇත්තෙන්ම ඔව්. මගේ ආශාව සහ දක්‍ෂතාව එළි දැක්‌වීමට අම්මා උපකාර කළා. ආරම්භයේදී වගේම හැම මොහොතේම ඇය තමයි මගේ සෙවනැල්ල වගේ ළඟින්ම ඉන්නේ. මම කලාව තෝරා ගන්නවාට මගේ පියා කැමති වුණේ නැහැ. නමුත් සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ සහ වැලිවේරිය මද්දුම බණ්‌ඩාර මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම මම කලාවට ඇති දක්‍ෂතාවන් සහ හැකියාවන් එළිදැක්‌වූවා.
     
     ඔබ කලාව පිළිබඳව ප්‍රවීණයන් යටතේ හදාරා ඒ ආභාසයන් රැගෙන රංගනයට පිවිසෙනවා…
     
     ඔව්. මම වසර කිහිපයක්‌ම නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදැරීම් සිදුකළා. “මායා ශක්‌ති රංග ශිල්ප ශාලිකාවේදී” කළ හැදැරීම් විශේෂිතව සිහිපත් කළ යුතුයි. ප්‍රවීණ කලා ශිල්පීන් වන ධර්මජීත් පුනර්ජීව සහ අනෝමා ජනාදරී මහත්ම මහත්මීන් මට කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරු හරුකම් ලබා දුන්නා. මේ රංග පාසලේදී එළිදැක්‌වූ “රැගෙන අවි මමද එමි” වේදිකා නාටකය වෙනුවෙන් තමයි මම මුල්වරට රංග ගත වෙන්නේ.
     
     රඟපෑම කියන විෂය සමඟ යම්තාක්‌ දුරකට “සන්නද්ධ” වූ ඔබ, මුල්වරට ටෙලි කැමරාවට මුහුණ දෙනවා…

    2015 දී තමයි මට ඒ අවස්‌ථාව උදාවෙන්නේ. ප්‍රවීණ කලා ශිල්පී, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්‍ෂණය කළ “හංස පිහාටු” ටෙලි සිත්තමේ “විහංගී” චරිතයට පණ පොවමින් තමයි මම පුංචි තිරයට ප්‍රවිෂ්ටය ලබා ගන්නේ. මෙය මට විශාල අත්දැකීමක්‌ වුණා. මම මගේ මුල්ම චරිතයට සාධාණය ඉටු කළා. සද්දාමංගල සූරියබණ්‌ඩාර මහතා ඇතුළු පිරිසගෙන් ලැබුණු සහායත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.
     
     “දෙවැනි ඉනිම” තව කොච්චර දුර ඇදී යයි කියලද ඔබ සිතන්නේ….?
     
     මම හිතන්නේ හොඳ අවසානයක්‌ දක්‌වා ඇදී යයි. සමහර විට එය අද හෙට හෝ නුදුරේදී විය හැකියි.
     
     ඔබ මින් මතුවට “මෙගා” සමඟ එකතු නොවන බව පැවැසුවා…
     
     ඔව්. දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ගණයේ ටෙලි සිත්තම. ඊට පසුව මම රඟපාන්නේ කොටස්‌ ගණනකට සීමාවූ නිශ්විත පිටපතකට අනුගත වූ හොඳ නිර්මාණ වෙනුවෙන්. 

    ඉකුත් වසරේ පැවැති සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මානිත වීමට ඔබ වාසනාවන්ත වුණා. .. ඒ ගැන…
     
     ඔව්. 2017 වසරේ පැවැති “රයිගම්” සහ “සුමති” සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට මට හැකියාව ලැබුණේ “දෙවැනි ඉනිමේ” සහ “ප්‍රාණ” ටෙලි සිත්තම් වෙනුවෙන් මා නිරූපිත රංගන දක්‍ෂතා නිසා කියා සිතනවා. ඒ ඇගයීම සහ සම්මාන මගේ රංගන ජීවිතයට ලොකු වටිනාකමක්‌ එකතු කළා. මේ සම්මාන දෙකම ලැබුවේ මම කලාවට ප්‍රවිෂ්aටවී ඉතාමත් කෙටි කලකින්. හැබැයි හොඳම නිළිය වීමේ බලාපොරොත්තුවත් සපුරා ගත යුත්තක්‌ව තිබෙනවා. මම ඒ වෙනුවෙනුත් ගමනක්‌ යනවා. මට මගේ රටේ ප්‍රේක්‍ෂකයන් ගොඩක්‌ම ආදරය කරන්නේ හදවතින්ම. එය හරිම සංවේදී අවස්‌ථාවක්‌. මම ඒ ප්‍රේක්‍ෂක ආදරයට නිබඳවම ගෞරව කරනවා වගේම පෙරළා ආදරය කරනවා.

    ඔබ වේදිකාවෙන් රඟපෑම ආරම්භ කළාට කල් යත්ම එය අමතක කළා යෑයි මා චෝදනා කළොත්…
     
     ඔබේ චෝදනාව සමඟ සම්පූර්ණයෙන්ම එකඟවීමට මා සූදානම් නැහැ. ඔව්. වේදිකාව වෙනුවෙන් මට බොහෝ ආරාධනා ලැබුණා. නුමත් මම ඒවා භාර නොගත්තේ මට මේ අවස්‌ථාවේ ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන සුවිශාල කැප කිරීම කරන්නට අපහසු තත්ත්වයක්‌ තිබෙන නිසා. විශේෂයෙන්ම කාලය. නමුත් වේදිකාව කියන්නේ රංගනයේ තාත්විකත්වය විද්‍යාමාන කළ හැකි සහ ඒ පිළිබඳව උගත හැකි අපූරු ස්‌ථානයකට. ඔව්. මම ඒ තැන පසුකර මේ ගමන යන්නේ නැහැ. ඉදිරියේදී කෙසේ හෝ කාලය කළමනාකරණය කර ගනිමින් දායකත්වය ලබා දෙන්නට මා උත්සුක වෙනවා.
     
     රඟපානවා සහ පෙනී සිටිනවා කියන්නේ දෙකකට නේද…?
     
     ඔව්. නමුත් මම මෙතෙක්‌ කළේ රඟපෑම. ඒත් රඟපෑම කියන්නෙත් රඟපෑමකටම නොවිය යුතුයි. අපි කළ යුතුව ඇත්තේ ලැබෙන චරිතය තුළ ජීවත්වීම. මම ඒ වෙනුවෙන් ලැබුණු සෑම අවස්‌ථාවකදීම යහපත් උත්සාහයක නියෑළුණා. මම මුලින් කීවා වගේ ඒක ප්‍රේක්‍ෂක ඇසින් බැලිය යුතුයි. අපි නිර්මාණ වෙනුවෙන් දක්‌වන රංගන දායකත්වයට ගල් සහ මල් වගේම විචාර, අවිචාරත් ලැබෙනවා. ඒවා භාර ගැනීමට සහ ශක්‌තියක්‌ කර ගනිමින් ඉදිරියට යැම තමයි කළ යුතුව තිබෙන්නේ.
     
     ඔබ රඟපෑමේදී සීමා මායිම් සලකුණු කර ගත් ශිල්පිනියක්‌ද…?
     
     ඔව්. එය එසේ සිදුවිය යුතුයි. මට ලැබෙන පිටපතට අනුව චරිතය ගොඩනඟා ගන්නවා වගේම මගේ වටපිටාවේ රඟපාන පිරිස සහ අධ්‍යක්‍ෂවරයා පිළිබඳවත් මට හොඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. චරිතය ගොඩනඟා ගැනීමට මානසික නිදහසක්‌ ඉතාමත් වැදගත්. එසේ නොමැතිව ‘සිනමා හොරු’ සමග සිට ගන්නට මම සූදානම් නැහැ. මම සිනමාව වෙනුවෙන් දක්‌වන දායකත්වයේදී නිෂ්පාදකවරයා ආරක්‍ෂා කර ගැනීම ගැනත් කල්පනා කරනවා. මම මේ ක්‍ෂේත්‍රයට නවකයකු වුණත් මේ කලාව සහ එහි සැරි සරන ප්‍රවීණයන් පිළිබඳවත් මට හොඳ අවබෝධයක්‌ තියෙනවා. මම ඔවුන්ව හොඳින් ආශ්‍රය කර තිබෙනවා. අද හුඟක්‌ අය ඉන්නේ කලාව ගැන කල කිරිලා. කලාකාරයා කියන්නේ කොහොමටත් සංවේදී චරිතයකට. ඇත්තටම අපේ රටේ තිබුණු කලාවේ ස්‌වර්ණමය යුගය අහිමිවීම ලොකු අපරාධයක්‌.
     
     දැන් රඟපෑම කියන්නේ ඔබේ රැකියාවටද…?
     
     නැහැ. කොහෙත්මනැහැ. ඔළුව කෙළින් තියාගෙන නිදහස්‌ වටාපිටාවක කලාව කරන්න තමයි මගේ කැමැත්ත. නමුත් මේක මගේ රැකියාව කර ගන්නේ නැහැ. සමහර විට ඉදිරියේදී මම ව්‍යාපාරයක්‌ පටන් ගනිවී. කලාවේ දිගටම රැඳී සිටියොත් ඒ සිනමාවට මුල්තැන ලබා දෙමින් තමයි.
     
     ආදරය සහ විවාහය ගැන මොන විදිහටද හිතන්නේ…
     
     මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ සහ දෙමාපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙන නිසා වෙනත් විශේෂිත වූ ආදරයක්‌ මේ මොහොතේ මට නැහැ. මට එහෙම අඩුවක්‌ දැනිලත් නැහැ. නමුත් බැඳීම් නැතිව කිසිවකුට ජීවත්වෙන්aනත් බැහැ. ඉතිං… කවදාහරි දවසක ජීවිතයේ සිදුවිය යුතුම දේවල් මටත් ඒ ආකාරයෙන්ම අත්විඳින්නට සිදුවෙයි.

  • ගංවතුර ආධාර ගැන මරික්කාර්ගේ අජුත කතාවක්.. එයාට කේන්ති ගියොත් ආධාර නවත්තනවලු…

    ගංවතුර ආධාර ගැන මරික්කාර්ගේ අජුත කතාවක්.. එයාට කේන්ති ගියොත් ආධාර නවත්තනවලු…

    පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග කොලොන්නාව ආසනයේ ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි සටනක් ආරම්භ වී ඇති බව අපට ලැබෙන වාර්තා වලින් සනාථ වී ඇත..ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ එජාප සංවිධායක මරික්කාර් දැවැන්ත වාග් සංග්‍රාමයක නිරතවෙමින් සිටින අතර පසුගිය දිනෙක මරික්කාර්ට දැවැන්ත කනේ පහරක් එල්ලකරමින් සෝලංගආරච්චි විසින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම පාලත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් වන වර්තමාන එජාප අපේක්ෂක සුනිල් ලෙස්ලි ඇතුළු සියයකට අධික එජාප සාමාජිකයන් පිරිසක් සමගින් ජනපති අතින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාදෙමින් ශ්‍රීලනිපයට එක්කරගන්නා ලදී.

    මෙම සිදුවීමෙන් පසුව කොළොන්නාවේ එජාපය දැඩි පසුබෑමකට ලක්වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එජාප සාමාජිකයන් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගැනීමේ ප්‍රවනතාවයක් නිර්මාණය විය. කෙසේ වුවත් ඒ අතරවාරයේ පැවති ජන හමුවකදී කුපිතව සිටින මරික්කාර් මේසේ පවසා ඇත..

    මාව අවුස්සා ගත්තොත් මම ගංවතුර ආධාර කපනවා..මොකද ඒවා තියෙන්නේ මගේ අතේ.. මේ ප්‍රකාශයත් සමගින් මරික්කාර්ගේ දේශපාලන බංකොලොත් බව ඉතා හොදින් ප්‍රකට වී ඇත.. සහනාධාර ඕනේ නම් අලියට දෙන්න යන්න මොවුන්ගේ අලුත්ම තර්ජනය බවට පත්ව ඇත..

    ආධාර ලබාදෙන්නේ ජනපති ප්‍රමුඛ රජයෙන් නම් ඒවා මරික්කාර්ගේ වන්නේ කෙසේද? දිනන්නට බැරි බව වටහාගෙන කරන මෙවැනි බංකොලොත් ප්‍රකාශයන් තුලින් මරික්කාර්ගේ දේශපාලන බොලද බව මැනවින් වටහාගත හැකි බව දේශපාලන විචාරකයන් පවසයි..

  • ප්‍රසන්න සෝලංගආරච්චි වැඩ අල්ලයි.. කොලොන්නාවේ එජාප ප්‍රබලයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    ප්‍රසන්න සෝලංගආරච්චි වැඩ අල්ලයි.. කොලොන්නාවේ එජාප ප්‍රබලයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී, කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබල කි‍්‍රයාකාරීන් රැසක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළහ.

    (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණි සිය දෙනෙකුට ආසන්න මෙම කණ්ඩායම ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ අතර එම වැඩපිළිවෙළ සඳහා තම උපරීම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළහ.

    ඔවුන් වෙත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පිරිනැමීම ද සංඛේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    https://www.facebook.com/supirigossip1/videos/1555909954444605/

  • මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව

    මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව

    මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමක් බව ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ පවසනවා.

    මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට මෙතෙක් තිබූ තහනම ඉවත් කිිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර ඊයේ (10) ගැසට් නිවේදනයකට අත්සන් තැබූ බවයි.

    නෙත් නිවුස් ඒ පිළිබඳව කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ ඉහත අදහස් පළ කළා.  

    එහි උප සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු වැඩි දුරටත් පෙන්වා දුන්නේ “අපේ රටේ සංස්කෘතිය තුළ කාන්තාවන් කොහොමත් මත්පැන් භාවිතයට ගොදුරු වෙලා නෑ. නමුත් සුළු පිරිසක් හිටියා මත්පැන් පානය කරපු…මේ නීතිය කාන්තාවන්ට වෙනත් විදිහකටත් පිරිමින්ට වෙනත් විදිහකටත් බලපාලා තිබුණු එකට අපි විරුද්ධ වුණා. මේක කාන්තාවන්ට පමණක් තහනම් කර තිබීම තුළ කාන්තාවන්ට වෙනත් සැලකීමක් තමයි තිබුණේ. නීතිය තියෙන්නට ඕනේ දෙපාර්ශවයටම සමානවයි. “ යනුවෙනි.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ලක් වනිතා පෙරමුණෙන්ද විමසීමක් කළා. එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සඳහන් කළේ කාන්තාවන් මත්පැන් පානය කිරීම කෙසේවෙතත් නිෂ්පාදන කියන අංශයට යොමුවීම පිළිබඳව තමා වරදක් නොදකින බවයි.

    මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම නිසා මත්පැන් භාවිතය වැඩිවිය හැකි බවටද මතයක් පවතිනවා. 

  • මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

    මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

    අයථා ලෙස වත්කම් උපයා ගත් බවට කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අද (11) අධිචෝදන භාර දුන්නා.

    මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

    නිකුත් කර තිබූ සිතාසියකට අනුව, විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා.

    කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. නඩුව පෙබරවාරි මස 19 වැනිදා යලි කැඳවීමට නියමිතයි.

  • ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

    ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බලනොපාන බව නීතිපතිවරයා පවසා තිබෙනවා.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බවයි මෙහිදී නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.

  • එකාබද්දයට කඩේ යන ශ්‍රීලනිප 05ක් දොට්ට.. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා.. –  කෙහෙළිය කියයි…

    එකාබද්දයට කඩේ යන ශ්‍රීලනිප 05ක් දොට්ට.. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා.. – කෙහෙළිය කියයි…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

    මෙලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සූදානම් වනුයේ ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ බවත් එසේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම මඟින් අනෙකුත් මන්ත්‍රිවරුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහිමි වන බවට පණිවුඩයක් ලබාදීම ශ්‍රී ලනිපයේ අපේක්ෂාව බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

    ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන හෙයින් පොහොට්ටුවට ඡන්දය දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවද ඔහු පැවැසුවේය.

    ඊයේ (10දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

  • පොළොන්නරුවේ පොහොර හිඟය අවසන්

    පොළොන්නරුවේ පොහොර හිඟය අවසන්

    පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500–3000ක් පමණ  (9) ලැබී ඇති බව  සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි  ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය.

    ‘පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. ඒ සෑම එකකම දැන් පොහොර තියෙනවා. ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පමණක් හිඟයක් තියෙනවා. එම ස්ථානයටත්  අද අපිට ලැබුණ පොහොර ලොරි හතරෙන් මුලින්ම අපි එම මධ්‍යස්ථානයට යවනවා. මේවන විට අවශ්‍ය පරිදි  ගොවින්ට යුරියා පොහොර ලබා ගැනීමට හැකියාව තිබෙනවා’ යැයි  ඔහු කීවේය.

    පසුගිය දවස්වල පොහොර නැතුව පුදුම කට්ටක් කෑවේ. දවස් ගණන් පෝලිමේ ඉන්න වුණා. ඒ විතරක් නෙවෙයි ගන්න පුළුවන් වුණොත් පොහොර මිටි දෙකයි. අද පොහොර ආපු නිසා දැන් අක්කරයකට පොහොර මිටි 2ක්  දෙනවා. කොටින්ම කියනවා නම් අවශ්‍ය තරම් පොහොර ගන්න තියෙනවා යැයි ගොවියෝ කියති.

  • කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..

    කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
     
    එවැනි සභිකයකු පත් කිරීම සඳහා නම් කිරීමේ බලය ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට පැවරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
     
    මීට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතනවල සභිකධූර සඳහා පත්වීමට නම්කර ලැයිස්තුවේ සිටින (තරඟ නොකර) අපේකෂකයින් අතර කුමන අපේක්ෂකයින් පත්කරන්නේද යන්න තීන්දු කිරීමේ බලයද දේශපාලන පක්ෂ ලේකම් වරුන්ට ලැබෙන බවද මැතිවරණ කොමිසම කියයි.

  • ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…

    ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…

    19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබෙනවා.

    අදාළ තීරණය ලබන 14 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ.

    1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක්.

    එහෙත් එම ධුර කාලය වසර 05ක් දක්වා අඩු කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබුවා.

    එම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාට ද අදාළ තීරණය වලංගු වන්නේද යන්න පිළිබවයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ.

    ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් අනිද්දා විමසා බැලීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා.

     

  • රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

    රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

    ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි. එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

    එම නිසා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා – 0777 586 596