ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…

Spread the love

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබෙනවා.

අදාළ තීරණය ලබන 14 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක්.

එහෙත් එම ධුර කාලය වසර 05ක් දක්වා අඩු කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබුවා.

එම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාට ද අදාළ තීරණය වලංගු වන්නේද යන්න පිළිබඳවයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ.

ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් අනිද්දා විමසා බැලීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා.