වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත විරෝධතාවයක

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් අද (13) උදෑසන සිට වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති. මෙම පිරිස 15ක් පමණවෙතැයි පැවසෙන අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.
ඒකාබද්දෙ ස්වාධීන වුනත් විපක්ෂනායක් කමදෙන්නෙ නෑ … දුමින්ද අමරවීර එක්මතිකව තීරණය කරයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද ඔවුනට විපක්ෂ නායක ධූරය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒකාබද්ද…
දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානය පවසයි.     දැනට අත්හිටුවා තිබෙන අමාත්‍ය මණ්‌ඩල තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අංශවලට…
අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි…. සිරගත වූ ඥානසාර හිමි මුල්ම වරට කියූ කතාව!

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට ලක්ව තිබේ. සිර දඬුවම පිළිබද ඥානසාර හිමියන් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තොරතුරු හෙළිකර තිබුනි, එම සංවාදය පහතින්, ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම නඩු තීන්දුව ගැන…
රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි… එදා කිව් කටින් ඒ ලෙසම අදත් අනුර විලාප දෙයි

රට ගොඩනැගීමට නම් වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.…
හොඳ හොඳ සෙල්ලං එළිවෙන්නෙ පස්සටලු…. දුම්රිය වර්ජනයේ අදිසි හස්තය බැසිල්

  අද දක්වා පැවති දුම්රිය වැඩවර්ජනයේ ක්‍රියාකාරී නායකයකු වන දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වල සඳහන් වේ.  එබැවින් දුම්රිය වැඩවර්ජනයේ අදිසි හස්තය බැසිල් රාජපක්ෂක මහතා බව අමුතුවෙන් කිවයුතු…
ජනපතිගේ මැදිහත් වීමෙන් යකඩ  යකුන්ගේ වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.  දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ තම ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව හේතුවෙන් වර්ජනය අත්හිටවූ බවයි.  
විශ්වාසය බිඳවැටුනු එජාප පාක්ෂිකයින් එ්කරාශී කර ගනිමින් නව දේශපාලන ගමනකට අරඅඳී

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තායක සූදානම් වන බවට ආරංචි ලැබී ඇත. වර්තමාන දේශපාලනයේ විශාල හිඩැසක් පවතින බවත් එය පිරවීමට නව දේශපාලන ව්‍යාපාරය හරහා කටයුතු කරන බවයි ඔහු කියා සිටී. සැප්තැම්බර් මස අවසානයේදී නව දේශපාලන ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු…
තබ්බෝව ජලාශයේ ජලය හිටිහැටියේ අතුරුදහන් වෙලා

පසුගිය වර්ෂා සමයේ ගොඩබිම් රැසක් ජලයෙන් යට කරමින් අක්කර අඩි 15.400 ක ජලය රඳවාගෙන සිට පෝෂණය වූ තබ්බෝව ජලාශයේ මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇත.  පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පෙන්වා දෙන්නේ සියල්ල උඩුයටිකුරු කරමින් මාස තුනක් ගතවීමටත් මත්තෙන්…
ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී ඇත

ජාත්‍යන්තර තරුණ දිනය අදට (12) යෙදී තිබේ.  තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්න මෙවර එහි තේමාව වන අතර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අද පැවැත් වේ.…
මහින්ද හොර රහසේ සාකච්ඡා පවත්වා වැඩේ නා ගනී

ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන සුළු පක්ෂ නායකයන් වෙන…
සැප්තැම්බර් 01 සිට හැඳුනුම්පත් අයැදුම්පතටත් ගාස්තුවක්

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඊට අදාළව පසුගිය 7 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා…
දුම්රිය වැටුප් වැඩි කළොත් සමාන්තර සේවා 35 ක ප්‍රශ්න ඇති වෙනවා

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ඊට සමාන්තර සේවාවන් තල 35 ක සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සිදුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.    වර්ජනය කළ පමණින් වැටුප් වැඩි කිරීමට රජය බැඳී නොමැති බවත්, එසේ වැඩි කළහොත් ඒ සඳහා වැය…
සිංගප්පූරු ගිවිසුමට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වනු ඇත. මේ…
විපක්‍ෂ නායක සම්බන්ධන්ම තමයි; කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ව්‍යවස්‌ථානුකූලව හා සම්ප්‍රදායානුකූලව විපක්‍ෂ නායක ධුරයේ වෙනසක්‌ කළ නොහැකි නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්‍ෂ නායකයා ලෙස තීරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ සම්ප්‍ර්‍රදායට අනුව අතීතයේ සිට විපක්‍ෂ…
කරුණානිධිගේ මරණයට මුලතිව් ජනයා රතිඤ්ඤා දල්වා සතුට පළකරයි

තමිල්නාඩු හිටපු මහ ඇමැති මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූ බව මුලතිව් ප්‍රදේශවාසීහූ පවසති.    ඔවුන් පවසා සිටියේ උතුරේ බහුතර පිරිසක්‌ කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ බවයි.    අවසන් යුද සමයේ…