Author: Editor[N]

  • මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි

    මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි

    අනුරාධපුර, ඉපලෝගම – රණජයපුර ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය,

    “පෙබරවාරි මාසේ 10 වැනිදා උදේම ජන්ද මධ්‍යස්ථානයට ගිහින් ගම දියුණු කරන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා ගම හදන ගම දියුණු කරන ශක්තිය ලබාගන්නා දවස බවට පත් කර ගන්න.

    මේ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 04ක් තරග කරනවා. අත, අලියා, පොහොට්ටුව, සීනුව  ලකුණින් මේ පක්ෂ 04 තරග කරනවා. මේ ලාංඡන අතරින් එක ලාංඡනයකට විතරයි ගම හදන්න පුළුවන්කම තියෙන්නේ. ගමට සංවර්ධනය ගේන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පමණයි.

    සීනුවට ගහන කතිරයට ගමට හයිය ගේන්න බෑ සීනුවට ජනාධිපතිවරයාගේ හයිය නෑ. ආණ්ඩුවේ බලයක් නෑ. පළාත් සභාවක හයියක් නෑ. එහෙම නම් ජනාධිපතිවරයා, ආණ්ඩුව, පළාත් සභාව නැතිව ප්‍රාදේශීය සභාවට විතරක් ගමට හයියක් ගේන්න බැරි වෙනවා. එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණට ගහන කතිරය ගම හදන, ගමට හයිය ගේන කතිරයක් බවට පත් වෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අලියට ගහන කතිරයෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය ගමට ගේන්න බෑ.

    අපි මහින්ද මහත්තයාව බලයෙන් පහකරලා මෛත්‍රී මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මහින්ද මහත්තයාගේ රූපය හොඳ නැති නිසා නෙමෙයි. ඔහුගේ ක්‍රමය හොඳ නැති නිසයි. මහින්ද මහත්තයාගේ කාලයේ එකෙක් හොරකම් කළාම ඒකාව රැක්කා. දෙවැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. තුන්වැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් හොරකම් කරන්න පටන් ගත්තා. පහුගිය කාළයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කී දෙනෙක් පගා අරන් හිරේ ගියාද?. මුල සවුත්තු වුණාම අගත් සවුත්තු වුණා. පළමුවැනි වතාවෙම තීන්දුවක් ගත්තා නම් මෙවැනි වින්නැහියක් වෙන්නේ නැහැ.

     මහින්ද රාජපක්ෂ මහත්තයා රට බේරාගත්ත නායකයා නිසා, අවුරුදු 10 ක් අපි එතුමා එක්ක හිටිය නිසා මේ වෙලාවේ එතුමාට පිටුපෑවොත් හොඳ නෑ කියලා සමහරු හිතනවා. මේ රටේ වෙච්ච, මේ රටේ වුණ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නෙමෙයි. බැඳුම්කර වංචාවත් වංචාවක් හැබැයි ඒ හොරකමේ ගාන දන්නවා. අයකර ගත යුතු මුදල දන්නවා. හොරු ටික හිරේ දාගන්න පුළුවන්. මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අවංකකම, තමන්ගේකම, ළෙංගතුකම, අපේකම මහින්ද මහත්තයා මහදවාලේ හොරකම් කරන්න යනවා.

    මහ බැංකු මංකොල්ලයේ ගාන අපිට අය කර ගන්න හරි පුළුවන්, හැබැයි මේ මනුස්සකම හොරකම් කරන එකේ වටිනාකම කීයද?. මේ අපේකම නැති කරන එකේ වටිනාකම කීයද?. ඒ නිසා මේ මහා දවාලේ හොරකම, මහ දවාලේ වංචාව කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.

     යුද්ධය අවසන් කළා කියලා අද කියනවා පක්ෂය දාලා පලයන් කියලා. අද කියනවා ගමට සංවර්ධනය ගෙන්න ගන්න එපා රැවටිලා අපි ගාවට එන්න කියලා. හෙට තමන්ගේ දෙයක් ඉල්ලුවොත් මොකද කරන්නේ.? තමන් පණ වගේ රකින කෙනෙක් ඉල්ලුවොත් දෙනවාද?. ඒ නිසා මේ විහිළුව දැන් ඇති. රට බේරලා දුන්නා කියලා ගමේ  සංවර්ධනයට, දියුණුවට පයින් ගහන්න බෑ. දැන් සීනුවට, අලියට හා පොහොට්ටුවට ගම හදන්න බැරි වුණාට, අපි ආඩම්බරයෙන් කියනවා මෙච්චර කාලයක් ලයිට්, වතුර දීලා, පාර හදලා  ගමේ සංවර්ධනයක් කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි. ඉදිරියට ඒ සංවර්ධනය කරන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගම බාර දෙන ලෙස ඉල්ලා සිටිනවා”

  • පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

    පෙබරවාරි 14 සිට අධිවේගයේ අධිවේගයෙන් ගියොත් මාට්ටු

    අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථවාහන රියදුරන්ට එරෙහිව ලබන 14 වනදා සිට නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ වේග සීමාව උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප ලබා ගනිමින් අදාල වාහනය අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේදී ලබා දීමට හැකියාව පවතී.
    පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකිිරීමට නියමිත අතර එහිදී නිරීක්ෂණ වේලාව, වේගය සහ අදාළ වාහනයේ අංකයද පැහැදිලිව නිකුත් කිරීමට හැකියාව ඇත.මෙමගින් අධිවේගී මාර්ගය තුළ සිදුවන රිය අනතුරු  අවම කර ගැනීමට පොලීසිය හා අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය බලාපොරොත්තු වේ.
  • නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

    නිළවරණ කඹ ඇඳිල්ල නිසා ලංකාවේ අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා කැපිලා

    ” ඩිල්ෂාන් කවීන් කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් කරා යන්න පුලූවන් කී‍්‍රඩකයෙක්. මෙවර කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්න. එතන පිරිමි ජිම්නාස්ටික් ක‍්‍රීඩකයින් නැහැ. අමෙරිකාවේ වසර 3ක් මගේ පුතා පුහුණුවීම් කළා. එයා ලංකාවේ ඉන්න අංක එකේ ජිම්නාස්ටික් කී‍්‍රඩකයා. මම මෙවර සහයෝගය දෙන්නේ රොහාන් ප‍්‍රනාන්දුට ඒක නිසා තමයි මැක්ස්වෙල් සිල්වා මගේ පුතාට කැපිල්ල දාන්නේ. මගේ පුතා අමෙරිකාවේ අධ්‍යාපනය හදාරණමින් සිටින්නේ. එයා අධ්‍යාපන කටයුතු තාවකාලිකව නවතා දමා ඉකුත්දා ශී‍්‍ර ලංකාවට පැමිණ ජිම්නාස්ටික් තේරීම් තරග සඳහා සහභාගි වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වීමේ අපේක්ෂාවෙන්. කී‍්‍රඩාව වෙනුවෙන් දිරියක් වන සෑම දෙමාපියෙකුටම බලධාරීන් දෙන ආදර්ශය මේකද ? අපි සල්ලි වියදම් කරලා රටවල්වල යවලා පුහුණුවීම් කරවලා දරුවන් පුහුණු කරන්නේ රට දිනවන්න මිසක් සාක්කු පුරව ගන්න නෙමේ ” යනුවෙන් ඔලිම්පික් නිලවරණයට දෙපාර්ශ්වයක තිබෙන කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීමේදී අසාධාරණයක් සිදුව ඇති බව ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද් මහතා පවසා ඇත. 

    වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ සිටින අංක එකේ ජම්නාස්ටික් කී‍්‍රඩකයා වන තම පුත‍්‍ර ඩිල්ෂාන් කවීන් කී‍්‍රඩකයාටද එවැනි ඉරණමකට මුහුණදීමට සිදුව ඇති බවයි ඔහු මාද්‍ය වෙත කියා සිටි අතර තමන් මෙවර ඔලිම්පික් නිලවරණයේදී රොහාන් ප‍්‍රනාන්දුගේ පාර්ශ්වයට සහයෝගය දැක්වීම හේතුවෙන් වත්මන් ඔලිම්පික් කමිටුවේ බලය හිමි එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප‍්‍රමුඛ පාර්ශ්වය මෙම කී‍්‍රඩකයා ජිම්නාස්ටික් කණ්ඩායමෙන් ඉවත කර ඇති බවත් ඔහු කියා සිටී.
     
    මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් සිල්වාගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු කියා සිටියේ තමන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේදී කිසිඳු අසාධාරණයක් සිදුකර නොමැති බවත්ය. කෙසේ වෙතත් තම පුත‍්‍රයාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුවත් කරන බවයි අරුණ ප‍්‍රසාද් මහතා අදාල මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ.

  • ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

    ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

    මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් විශේෂ සැලකිලි, පහසුකම් ලැබෙනවා යෑයි කියමින් ඇතැම් පිරිස්‌ හා මාධ්‍ය මගින් කරන විවිධ ප්‍රකාශ නතර කිරීම සඳහා ඔවුන්  රඳවා සිටින සිර මැදිරිය අසලට ගොස්‌ එම සැකකරුවන් සමග සුහදව කතාබස්‌ කිරීමෙන් වළකින ලෙස බන්ධනාගාර අධිකාරිය අදාළ බන්ධනාගාර නියාමකයන්ට උපදෙස්‌ දී ඇත.

    බන්ධනාගාගත වන ලොකු පොඩි ඕනෑම සැකකරුවකු එක හා සමාන බවත් බන්ධනාගාර සැකකරුවන් සහ සිරකරුවන් විශාල පිරිසක්‌ සිටියදී යමිකිසි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු ගැන පමණක්‌ බන්ධනාගාරය අවධානය යොමු නොකරන බව කී බන්ධනාගාර ප්‍රකාශකයා මෙම සැකකරුවන් දෙදෙනාගේ අවශ්‍යතා මත ඔවුන්ට නිවෙස්‌වලින් කෑම බීම බන්ධනාගාරයට සැපයිය හැකි බවද වැඩිදුරටත් පැවසීය.

  • උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    පසුගිය දිනකදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්  හිටපු රුසියානු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා නිලධාරීන් 7 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (7) දිවයිනෙන් පිටත්ව යන බවත් එම නිලධාරීන් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 ක්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් ඇතුළත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
  • ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට

    ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට

    බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ටද චෝදනා එල්ල වී ඇති බැවින් දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව සභාවේ අවධාණය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (06) පාර්ලිමේන්තුවේදී   සඳහන් කල අතර බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පරිදි මෙම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද වැඩි දුරටත් කියා සිටියේය.
  • පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ

    පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ

    පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    මීට අමතරව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා මතු දැක්වෙන පාසල් 19 සහ අධ්‍යාපන විද්‍යාපීඨ දෙක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එමඅමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම පාසල් සහ විද්‍යාපීඨ මෙසේය.

    පාසල් – කොළඹ ඩී.එස්.සේනානායක, රාජකීය,කළුතර ඥානෝදය , ශාන්ත ජෝන්, මහනුවර ධර්මරාජ, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, ශාන්ත ජෝන් පුත්තලම හින්දු, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී, මොණරාගලරාජකීය, කෑගල්ල ස්වර්ණ ජයන්ති

    අධ්‍යාපන විද්‍යාපීඨ

    පත්තලගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.

  • ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

    ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

    ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ,එබැවින් අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි හෝමාගමදී පැවති ජනහමුවකදී ඇමති චම්පික රණවක මහතා පවසයි.

    ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

     

  • චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ  කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත.
    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින නිසා දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
     
  • ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

    ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

    ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව රන් පදක්කම දිනා ගත්තාය.

    ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා සහ ජනක හිමිකර ගත් ලෝකඩ පදක්කම් තුන හේතුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.එහිදී මීටර් 400 කාන්තා ඉසව්වට සහභාගි වූ උපමාලිකා රත්නකුමාරි තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

    තවද ශූරතාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.61ක් වාර්තා කළ ජනක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර තරගාවලියේ ආරම්භක දිනයේදීම මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි විනාඩි 2යි තත්පර 10.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තද ඇයගේ හොඳම කාලය අසලටවත් ඒමට නොහැකි වී තිබීමද විශේෂත්වයකි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙම සිවුදෙනාට අමතරව හෂිනි ප්‍රබෝධා (තුන්පිම්ම) සහභාගි වුවද ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වී තිබිණි. මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමේදී දිනක ප්‍රමාදයකින් පසුව යෑමට සිදුවූ අතර එයට හේතුව වූයේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් මතුවූ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නයක් නිසා පෙර දිනයේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත හැරී ඒමට සිදු වීමයි.

  • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි

    මෙරට රජයේ විකිරණ තාක්ෂණවේදී සේවාව තුළ 1200කට ආසන්න පිරිසක් සේවය කළ යුතු වුවත් මේ වනවිට සේවය කරන්නේ නිලධාරීන් 550ක් වැනි ප්‍රමාණයක් බැවින් සේවාව පවත්වාගෙන යෑමේදී බරපතළ ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බවත්  මීට අමතරව ස්ථාන මාරු ක්‍රමවේදයේ හා අමතර දීමනා ගෙවීමේදීත් ගැටලු ගණනාවක් නිර්මාණයවී තිබෙන බවත්, එම ගැටලු විසඳීමටවත් බලධාරීන් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බැවින්ද ඊට එරෙහිව හෙට (07දා) උදෑසන 8.00 සිට පැය 24 එක්දින වර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.  

    වැඩවර්ජනය සිදුකරන කාලය තුළදී Xකිරණ පරීක්ෂා කිරීම්,CT ස්කෑන් පරීක්ෂණ හා MRI පරීක්ෂණ ඇතුළු විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සිදුකරන කිසිදු විකිරණ පරීක්ෂාවක් සිදුනොකරන බවත් නමුත් මානුෂීය හේතූන් මත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.

    මෙම ක්‍රියාමාර්ගයටත් නිසිලෙස විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

  • පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

    පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

    පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් දස දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව ඉන්දියාවෙන් නිරීක්ෂකයන් හතර දෙනෙක්, කොරියාවෙන්, මාලදිවයිනෙන් හා ඉන්දුනීසියාවෙන් නිරීක්ෂකයන් දෙදෙනා බැගින් කැඳවීමට නියමිතය. මෙම පිරිස් ඡන්ද විමසීම් සිදුවන ලබන 10 වැනිදා නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට සැලසුම් කර තිබේ.

  • අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

    අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

    පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීහට තිබූ පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදීම ලබන අප්‍රේල් මාසයේ දී  ආරම්භ කිරීමට කටයුතු සලසා ඇති බවත් එසේ පසුගිය වසරේ එම ක්‍රියාවලිය ඉටු කිරීමට නොහැකි උනේ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් නිසා බවත් ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
  • ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

    ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

    ඊයේ (4) අත්අඩංගුවට ගත් ප්‍රිපැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ඒහි විධායක නිළධාරී කසුන් පලිසේන යන අයවලුන් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලඹ කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර ඇත.

  • අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය

    අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය

    අගමැති තුමන්ගේ නිදහස් දින පණිවුඩය

    Image may contain: text

  • 70 වන නිදහස් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවුඩය

    70 වන නිදහස් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවුඩය

    අප රටට නිදහස ලැබී වසර 70ක් සපිරෙන අද දිනට ඒ උදෙසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට වැසියන් වුදෙසා පණිවිඩයක් නිකුත් කරඇත.

    Image may contain: text