Author: Editor[N]

  • වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍යයි

    වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍යයි

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵය අනුව ආණ්ඩුවේ පාලන ක්‍රියාවලියට බහුතර ජනතාවගේ විරෝධයක් එල්ල වී ඇති බැවින්  වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍ය බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

    “ආණ්ඩුව විධිමත් ආණ්ඩුකරණයක් ගෙන ගියේ නැත. ආණ්ඩුකරණය පවත්වා ගත යුත්තේ සියළු ජනයාගේ අදහස් විමසා ඒවාට ප‍්‍රතිචාර දක්වමින් තමන්ගේ ප‍්‍රතිපත්ති මත ආණ්ඩු කිරීමයි. ඒ වෙනුවට කිහිප දෙනෙකූගේ යල් පැන ගිය චින්තනයන්ට සහ මතවාදයන්ට අනුකූලව මහජනයාට අතිශයින්ම සංවේදී සමාජ-දේශපාලන කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම නිසා සෑම ජනකොටසකටම තම අනන්‍යතාවය පිළිබඳ අනාරක්‍ෂිත හැගුමක් ජනනය කරවීමට විපක්‍ෂයේ ප‍්‍රචාරයන්ට හැකිවිය.

    එමෙන්ම රටක් පාලනය කළ යුත්තේ ද, රාජ්‍යයක් පවත්වා ගතයුත්තේ ද ස්ථාවර භාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර සම්මුතියක් ඇතිවන අයුරිනි. යහපාලනයේ නාමයෙන් ස්ථාවර භාවය අභිබවා යන ලිහිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයකට කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් රාජ්‍යය අරාජික තත්ත්වයට පත් වේ. මැතිවරණයෙන් පසු අරාජිකත්වය තව තවත් වැඩිදියුණු වෙමින් පවතී.

    දැන් වහ වහාම දේශපාලන ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. එය පොහොර සහනාධාර, සමෘද්ධි සහනාධාර, පාලම් බෝක්කු තැනීම්, ඇමති මාරු කිරීම් ආදියෙන් ඔබ්බට ගිය, මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කරන පක්‍ෂ පාට වලට ගැති නොවු ජනතාවගේ වේදනාවට ප්‍රතිචාර දක්වන යෝධ දේශපාලන ප්‍රතිසංස්කරණයක් විය යුතූය. ඉදිරි මාස 18 තූල අප අළුත් විය යුතූය. එය පුරාජේරුවක් නොව මහපොළොව මත සිදුවන යාථාර්තයක් බව වහ වහා පෙන්විය යුතූය.

    අප ජාතික හෙළ උරුමයේ වුවද, අපව බලයට ගෙන ඒම වෙනුවෙන් ඡන්දය දුන් එක්සත් ජාතික පාක්‍ෂිකයින්ටද වචනයක් පැවසිය යුතූය. කුසලතා සහිත තරුණ පිරිසට මුල්තැන දෙන, සුහුරු සමාජයක් ගොඩනැගිය හැකි විද්වතූන්ගෙන් යුත්, මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම එක්සත් කරන, උපන් බිමට ආදරය කරන, දෑ හිතකාමී පක්ෂයක් ලෙස එජාපය පුනරාගමනය විය යුතූය. එසේ නොවුවහොත් 2018 සැප්තැම්බර් වලට යෝජිත පලාත් සභා 6 ක ඡන්දයේදී ද, 2019 අප්‍රේල් වලට යෝජිත බස්නාහිර පළාත් සභාවද සමග පලාත් සභා 03ක ඡන්දයේදී ද එජාපයට දරූණු ලෙස පසුබෑමට සිදුවනු ඇත. 2020 පසුව රාජ්‍ය බලය සිහිනයක්ම වනු ඇත.

    මෙවර පලාත් පාලන මැතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාතිහාර්ය පාමින් ළදරු පක්‍ෂයක් ලෙසින් දේශපාලන කරලියට ආගමනය වුයේ යැයි බොහෝ දෙනාගේ විශ්වාසය වුවද, ජාතික හෙළ උරුමයේ අප සිතන්නේ තරමක වෙනස් අයුරකිනි.

    නම අළුත් වුවද පොහොට්ටුවෙන් තරඟ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ශ්‍රීලනිප ප්‍රමුඛ පැරණි එක්සත් ජනතා නිදහස් සංධානයම වේ. අළුත් වි ඇත්තේ බෝඩ් ලෑල්ල පමණි. ඔවුනට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය විමසන විට පෙනී යන්නේ 2015 ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී රාජපක්ෂ මහතා ලබාගත් ඡන්දයම මෙම මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇති බවයි. සැබෑ නව දේශපාලන ව්‍යාපාරය වන්නේ අත හා බුලත් කොළය ලෙස පැරණි සළකූණු වලින් සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් තරග කල කණ්ඩායම වේ. එම නව බලාපොරොත්තුවක් වෙනුවෙන් ඡන්දය ලබාදුන් පහලොස් ලක්‍ෂයකට ආසන්න ශ්‍රී ලාංකීය ජනතාවටද අපගේ උත්තමාචාරය හිමිවේ.

    මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය, එක්සත් ජාතික පාක්‍ෂිකයින් හා බල අරගලයකට යොමුකර බොරදියේ මාළු බෑමට රාජපක්‍ෂ කල්ලිය කූමණ්ත්‍රනය කරමින් සිටී. එජාපෙ මෙන්ම ජනාධිපතිවරයාගේ කණ්ඩායමද මෙවැනි මර උගූල්වල නොවැටීමට තරම් ඥානවන්ත බවද අපි කූමණ්ත්‍රනකරුවන්ට සිහිපත් කරමු.

    දැන් රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප‍්‍රතිචාරය නිහතමානී ව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයකි. මෙම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් දෙපාර්ශවයේම නායකයින් දූරදර්ශී විය යුතූය. එමෙන්ම, පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට අප සියළු දෙනාම නිහතමානී විය යුතුය.

    ජාතික හෙළ උරුමයේ අපි කිසි විටෙක අප කෙරෙහි අසීමිත විශ්වාසය තබා මහ මැතිවරණයේදී ද, පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ද අපට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමීමට ඉඩ නොදෙන බවද, ඒවා ආරක්‍ෂා කරන බවද සපථ කර සිටිමු.”

  • බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්

    බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්

    මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා
    මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා, නැදෑයෝ පවා කිව්වේ ටික දවසක ඉඳලා සිවුර දාලා ගෙදර එයි කියලයි. ඒ තරමටම මම සෙල්ලමට බරයි.
    අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මීට මාස කිහිපයකට පෙර අප සමග එසේ කීවේ සිය අතීතය පිළිබඳව මතකය අවදි කරවමිනි.
    බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ගිහි නම  ගිල්බට් පෙරේරාය. ඉපදුණේ 1942 අප්‍රේල් 14 වෙනිදායි. උන්වහන්සේ වැඩ සිටියානම් මේ අප්‍රේල් මාසයට අවුරුදු 78කි.
    විමලරතන හිමියන්ට සහෝදරියෝ නැත. ඇත්තේ සහෝදරයන් පමණි. ගිල්බට් පෙරේරා හෙවත් අනුනාහිමියන් පවු‍ලේ සිවු වැනියාය.
    මුන්වහන්සේගේ පියා ‍පෝල් පෙරේරා 1953දී මිය යෑමත් සමගම පවු‍ලේ බර කරට වැටුණේ මෑණියන්ටය. ඇය බුත්සිලිනාද සිල්වාය. පියා නැති දරුවන් හදා වඩාගන්නට පවු‍ලේ ඥාතීන් ඇයට ශක්තිය දුන්නේය.
    පවු‍ලේ දරුවන්ගෙන් වඩාත්ම දඟකාරයා වූයේ ගිල්බට්ය. අනෙක් දරුවන්ට වඩා මේ දඟයා ගැන මව අවධානයෙන් සිටියාය. දිනක් මේ දඟයා අනතුරකටද පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 10කි.
    ඒ අනතුර ගැන අනුනාහිමියන්ගේ වදන්වලින්ම මෙසේය.
    එතකොට මට අවුරුදු 10ක් විතර වගේ. මම අහල පහළ යාළුවෝ එක්ක වත්තේ කොස්ගහක් යටට වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔහොම සෙල්ලම් කරමින් ඉන්න කොට මගේ ඔළුවට කොස් ගෙඩියක් කඩාගෙන වැටුණා. මට එතනම සිහිය නැතිවුණා. පස්සේ මගේ යහළුවෝ මහ හයියෙන් කෑගහලා තියෙනවා. ඒ සද්දෙට අම්මයි මගේ මාමයි දුවගෙන ඇවිත් ඇරැව්වල යහම්පත් රාළහාමි කියන වෙද මහත්තයා ළඟට මාව උස්සගෙන ගිහින් තිබුණා. ඒ වෙද මහත්තයත් අපේ නෑදෑයෙක්. එදා මට මතක කොස් ගෙඩිය වැටෙනවා විතරයි. කොහොම හරි එදා කොස් ගෙඩිය වැටිලා මගේ ඔළුවේ ඇතිවුණ කැලල තවමත් තිබෙනවා
    බෙල්ලන්විල විමලරතන නාහිමියන් පාසල් දෙකක අධ්‍යාපනය ලබා ඇත. ඒ පස්වැනි පන්තිය දක්වා නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලයෙන් අටවැනි පන්තිය දක්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්ය.
    පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ගිල්බට් සිසුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්ය. හෙතෙම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකත්වය දැරීය. පාස‍ලේ මලල ක්‍රීඩා තරගවලදීද ඔහු කැපීපෙනෙන තරගකරුවකු විය.
    ඒ කාලයේ ඉස්කෝ‍ලේ මලල ක්‍රීඩා තරගවල තිබුණා තුන් කකුලෙන් දිවීමේ තරගයක්. තරගකරුවන් දෙදෙනකුගේ කකුල් දෙකක් එකට ගැට ගහනවා. එතකොට දෙන්නාට දුවන්න වෙන්නේ කකුල් තුනෙන් මේ තරගෙට මම හැම අවුරුද්දෙම ඉදිරිපත් වුණා. අවුරුදු තුනක් පිට පිට මම මේ තරගෙත් පළමු වැනියා වුණා. තුන් කකුලෙන් දිව්ව මගේ අනෙක් තරගකරුවා පාලිත කන්නන්ගර. ඔහු අද සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ
    සිය පාසල් අවධිය පිළිබඳව වරක් බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ එලෙසයි අප සමග මතකය අවදි කළේ මහත් සතුටකිනි.
    බෙල්ලන්විල අනුනාහිමියන් කීර්තිධර සාහිත්‍යධරයෙකි. සාහිත්‍ය විෂය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදුණේ නිකපේ විදුහ‍ලේ ඉගෙනුම ලබන අවධියේය. නිකපේ විදුහ‍ලේ සිටි විල්බට් පෙරේරා ගුරුතුමා සාහිත්‍ය විෂය උගන්වන විට ගිල්බට් විශේෂ අවධානයකින් අසා සිටියේය. ගුරුතුමා ඉතා මිහිරි ලෙස කියන කවි ආදියට ගිල්බට්ගේ සිත ගියේය. ඒ නිසාවෙන්ම ගිල්බට්ගේ සිත සාහිත්‍යයට ඇදී ගියේ නිතැතින්මය.
    නිවසේ මෙන්ම පාස‍ලේද දඟයා වූ ගිල්බට්ට  පැවිදිවීමේ ආසාවක් නොවීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපතිව වැඩ සිටි බෙල්ලන්විල සෝමරතන නාහිමියෝ, නෑදෑකමින් විමලරතන හිමියන්ගේ මහප්පාය. පියාගේ වැඩිමහල් සහෝදරයාය
    මේ ඥාතී සබඳකම නිසා ‍පෝල් පෙරේරාගේ දරුවෝ නිතරම පන්සලට ගියෝය. ඒ අතරේ ‍පෝල් පෙරේරා 1953දී මියගිය පසු පවු‍ලේ වැඩිමල් දරුවා කාගේත් කැමැත්තෙන් පැවිදි කරවීය. ඒ පැවිදි වූ හිමියන් වර්තමාන බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ය. උන්වහන්සේ වැඩිපුර වැඩවසන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවන්නේද උන්වහන්සේය.
    දවසක් අපේ අම්මා පන්සලට ගිය වෙලාවක බෙල්ලන්විල සෝමරතන නාහිමියන් අම්මගෙන් අහලා තියෙනවා මාවත් පන්සලට දෙන්න පුළුවන්ද කියලා. එදා අම්මා පුතාගෙන් අහලා කියන්නම් කියලා ඇවිත් තිබුණා’
    සෝමරතන නායක හාමුදුරුවන්ට මහ පෞරුෂයක් තිබුණා. උන්වහන්සේ දුටුවාම ඕනෑම කෙනෙකුට ගෞරවයක් ඇතිවෙනවා. දවසක් මම පන්සලට ගිය වෙලාවක නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා කොල්ලො පන්ස‍ලේ නවතින්න කැමතිද කියලා. මම කිසිම උත්තරයක් දෙන්නේ නැතිව බිම බලාගෙනම හිටියා
    තමන් වහන්සේ පැවිදි බිමට පත්වීමට හේතුවූ කාරණය විමලරතන නාහිමියෝ දිනක් අප හා එසේ විස්තර කළහ.
    සවස්වරුවේ පාඩම් වැඩ කිරීමට පන්සලට ගිය ගිල්බට්ට අවසානයේ නායක හාමුදුරුවන්ගේ නියමයෙන් පන්ස‍ලේ නවතින්න සිදුවිය. සති දෙකක් තුනක් පන්ස‍ලේ සිටි ගිල්බට් වයස අවුරුදු 13දී එනම්, 1956 පෙබරවාරි 28දා සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට ඇතුළු විය.
    සිය මහප්පා ළඟ පැවිදි වූ පවු‍ලේ දඟයා යළි කොයි මොහොතේ හෝ සිවුර හැර දමා ගෙදර එතැයි පවු‍ලේ අයද අපේක්ෂාවෙන් සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. සිය ගුරු හිමි යටතේ ඉගෙනුම ලබමින් මහා ශික්ෂණයක් උන්වහන්සේ ලැබිය.
    විමලරතන හිමියන්ට පැවිද්දේදී මුලින්ම දමා ඇත්තේ බෝකුන්දර බුද්ධරතන හිමි යන නමය. එහෙත් පැවිදිවූ වැඩිමල් සොයුරා ධම්මරතන නමින් හැඳින්වෙන විට බාල සොයුරා බුද්ධරතන නමින් හැඳින්වීමට නුසුදුසු නිසා උපසම්පදාවේදී බුද්ධරතන යන්න විමලරතන හිමි යනුවෙන් වෙනස් කර ඇත.
    පැවිදි බිමේ ලබාදෙන නම උපසම්පදාවේදී අවශ්‍ය නම් වෙනස් කර ගැනීමට හැකියාව ඇත. එසේ වෙනස් කළ නම ඉන්පසු උපසම්පදා ‍ලේඛනය සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.
    බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ශාස්ත්‍රීය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වූහ. ඒ නිසාවෙන්ම බොහෝ දිනවල උන්වහන්සේ රාත්‍රී 12 පසුවෙනතුරු ‍පොත්පත් ලිවීම ආදියෙහි යෙදුණි. ‍පොතපතේ කටයුතු නිසාම තරුණ අවදියේදී උන්වහන්සේ අපූරු සිද්ධියකටද මුහුණදුනි.
    මම ඉගෙනීමට දක්ෂ නිසා දායක දායිකාවෝ ඒ කා‍ලේ මට ගොඩක් ‍පොත්පත් ගෙනත් දුන්නා. ඉතින් මේ ‍පොත් තියාගන්න තැනක් නැති නිසා මමයි පන්ස‍ලේ හිටපු තවත් පස් නමකුයි ආවාසයේ උඩුමහලට වෙලා ‍පොත් රාක්කයක් හදන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ වැඩ සිටියේ පහළ මාලයේ. දැන් රාක්කේ හදන සද්දේ ඇහිලා නායක හාමුදුරුවෝ උඩුමහලට වැඩියා. නායක හාමුදුරුවෝ උඩට වඩින බව දැනගත්ත මගේ මිත්‍ර හාමුදුරුවරු ටික එහෙට මෙහෙට පැනලා ගියා. මමත් බයවෙලා හිටියේ. ‘මොකද මේ  කරන්නේ’ කියලා නායක හාමුදුරුවෝ ඇහැව්වාම මම ඇත්තම කිව්වා. මේවා භික්ෂුන්ට ඔබින වැඩ නොවෙයි කියලා සැරවැර කරලා පන්ස‍ලේ හිටපු කෙනකුට කියලා අපි හද හදා හිටපු රාක්කේ එළියට විසි කළා. ඔහොම සතියක් විතර ගියා. පස්සේ නායක හාමුදුරුවෝ වඩු බාස් කෙනෙක් ගෙන්වලා තේක්ක ලීයෙන් ‍පොත් රාක්ක දෙකක්ම හදලා දුන්නා. අදත් මගේ ‍පොත් තැන්පත් කරන්නේ මේ ‍පොත් රාක්ක දෙකේ තමයි  යැයි විමලරතන අනුනාහිමියෝ තමන් වහන්සේ මුහුණපෑ ඒ අපූරු සිද්ධිය අප හා විස්තර කළේ මෙසේය.
    විමලරතන අනුනාහිමියන් සතා සිව්පාවුන්ටද දැක්වූයේ මහත් කරුණාවකි. පන්ස‍ලේ සිටින අලි ඇතුන් පවා උන්වහන්සේට ආදරය කළහ. සෑම දිනකම අලි ඇතුන් ආවාසයට පැමිණෙන්නේ නාහිමියන් අතින් පලතුරු කන්නටය.
    බෙල්ලන්විල රජමහා විහාරයේ සිටි චන්දු ඇතා කලක් පන්ස‍ලේ හුරතලා විය.
    මේ චන්දු ඇතා ගැන විමලරතන අනුනාහිමියන් මඳක් සංවේගයකින් යුතුව වරක් අප සමග කතා කළේය.
    චන්දුට මහ පුදුම ගති තිබුණේ. හැමදාම උදේට ඇවිත් අපේ නායක හාමුදුරුවන් අතින් පලතුරු කනවා. දළදා පෙරහර ඇතුළු රටේ විවිධ පෙරහරවල්වලට මේ ඇතා ගියා. මේ ඇතාට තිබුණේ පුදුම කීකරුකමක්. අපි දැක්ක තැන ගරු කළා. හරිම හික්මීමක් තිබුණේ. චන්දු මියගිය දවසේ මට මහ කනස්සල්ලක් දුකක් ඇති වුණා.
    අවුරුදු 40ක් පමණ මෙරට ජාතික, ආගමික, සමාජයීය සටන්වලදී පෙරමුණ ගත් භික්ෂු ත්‍රිත්වයක් වූහ. ඒ තුන්නම හැඳින්වූයේ ත්‍රිමූර්තිය යනුවෙනි. ඒ ත්‍රිමූර්තිය වූයේ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ය. සිංහල වීර විද්‍යාත බෞද්ධ මණ්ඩලය, ජාතික සංඝ සභාව වැනි සංවිධාන බිහි කිරීමට පෙරමුණ ගත්තේ මේ ත්‍රිමූර්තියය. ජාතික සංඝ සභාව හරහා පක්ෂ දේශපාලනය කර ඡන්දයට ඉදිරිපත් වීමට භික්ෂූන් පිරිසක් සූදානම් වූ විට ඊට එරෙහිව මුලින්ම එරෙහි වූයේ බෙල්ලන්විල විමලරතන නාහිමිය. පක්ෂ දේශපාලනය භික්ෂුන්ට අකැප බව උන්වහන්සේ දැඩි මතයක සිටියහ.
    තනතුරු බදු ගන්නා යුගයක තමන්ට ලැබුණු තනතුර පවා අත්හැරි මෑත යුගයේ අපට අසන්නට ලැබුණු උදාර භික්ෂු චරිතයද බෙල්ලන්විල අනුනාහිමියන් පමණි. ඒ තම අනුනායක පදවියද අත්හැරීමෙනි.

    ධර්ම ශ්‍රී තිලකවර්ධන

  • එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

    එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

    එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  එයට අනුමැතිය ලබා දී ඇත.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත.
    මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත කියාසිට ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් ඔවුන්ගේ‍ෙ සහය ලබාදෙන බවත්ය.
  • සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්

    සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්

    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් විසින් ඔහුගේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන  220 කට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රුපියල් මිලියන ගනන් කප්පම් ලෙස ලබාගත් බවට හෙලිවී ඇත.

    තවද ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කරන ඔහුගේම මස්සිනා විසින් එම ආයතන වල රැකියා දීමේදී එජාප තරුණයන්ගෙන් එක් රකියාවක් සඳහා රුපියල් ලක්ෂ තුනක් අයකර ඇති බවටත් ඊට අමතරව ඇමති කබීර්ගේ අනියම් බිරිඳ වන ෂීනා සම්සුදීන් නැමති කාන්තාවගේ සොහොයුරෙකු වන අබ්බාස්  විසින් එම ආයතන වල රැකියා 23 ක් අලෙවි කර රුපියල් මිලියන 4.7 ක පමණ  මුදලක් උපයා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ තරුණයින් සදහන් කරයි.

    ඇමති කබීර්ගේ මෙම ක්‍රියාවන් වල තවත් විශ්ෂ කරුණක් නම් ඔහු හා ඔහුගේ කටු ලොවන සහචරයින් විසින් කොපමන සුදුසුකම් සපිරූ එජාප පාක්ෂිකයින් සිටියත් මෙම රැකියා සියල්ලම පාහේ මුදලට හෝ ලබා දී ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ට වීමත් එයත් එජාපයේ අයට පමණක් නොව මුදල් දෙන ඕනම මුස්ලිම් තරුණියකට හෝ තරුනයෙකුට වීමත් නිසා පරම්පරා ගනනක එජාප පාක්ෂිකයින් ඉතා කලකිරීමෙන් සිටින බව එම තරුණයින් වැඩි දුරටත් කියා සිටියෝය.

     

     

  • උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

    උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

    ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ප්‍රංශ රජය විසින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට මේ වන විට නිකුත් වී තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිස් මූලස්තානය වෙ‍ත දන්වා සිටියේය.

    ඒ අනුව ඉන්ටපොල් එක  ඊයේ(13) උදයංග වීරතුංග වෙනුවෙන් නිකුත් කර තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කොට ඇති බව සඳහන් වේ.

    මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් චෝදනා ලැබ සිටින උදයංග දැනට අබුඩාබි රාජ්‍යයට පලාගොස් සිටින අතර ඉදිරි සතිය වන විට ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අන්තර්ජාතික පොලිස් මූලස්තානය විසින් මෙරටට දැනුම් දී ඇති අතර 

  • වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

    වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

    ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ නව බිරිඳ වූ හශිනි අමේන්ද්‍රා විසින්  ඇය කලින් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර ඇයගේ නීතිඥයින් කල කරුණු දැක්වීම මත දැඩි ඇප කොන්දේසි පනවා ඇයව ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා පෙරේදා (12 ) පස්‌වරුවේ නියෝග කළේය.
     
     තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය. එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට නියෝග කළේය.
     
     එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සැකකාරියව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණි. නීතිඥ නිරංජන් ඊරිගොල්ල මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ඔස්‌වල්ඩ් ගෝමස්‌ පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

  • ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

    ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

    දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත.

    සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.දශක 06කට පසුව පැසිෆික් කලාපයේ ටොංගා රාජ්‍ය වෙත බලපෑ මෙම ප්‍රබල සුළි කුණාටුව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.වසර 100කට වඩා පැරණි ටොංගා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙසේ විනාශ වීම හේතුවෙන්, එය පිළිසකර කරන තුරු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා ස්ථානයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව කියැවේ.

    දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බොහෝ පළාත්වල විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් වර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය ඇණහිට තිබුණි. එමෙන්ම, නිවාස රැසක වහළ සුළඟේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමට පෙර ටොංගා රජය විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් දහස් ගණන් ජනතාවට රාත්‍රිය ගත කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

     

     

  • මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

    මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

    පළාත් පාලන ආයතන සඳහා පත් වූ සභිකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට මෙතෙක් මුදලක් වෙන් වීනැතැයිවාර්තා වේ.අයවැය තුළින් අදාළ මුදල් වෙන්කිරීම සිදුකළ යුතු වුවද, පසුගිය අයවැය තුළින් මේ සඳහා මුදල් වෙන්කර නැතැයිද දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.මෙම මුදල්සහ පළාත් පාලන ආයතන සඳහා පහසුකම් ඇති කිරීමට අවශ්‍ය මුදල් මධ්‍යම රජය විසින් වෙන් කළ යුතු වන අතර පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන බලතල අනුව සභිකයන්ට ලබාදෙන දීමනා ප්‍රමාණය පිළිබඳ සභාවට තීරණයක් ගැනීමට හැකියාව තිබේ.

    වතිමන් ක්‍රමවේදයට අනුව ප්‍රාදේශිය සභාවක සභාපතිවරයෙකුට මාසිකව රුපියල් 25,000කට අධික මුදලක් සහ නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 25000 – 30,000අතර වැටුපක් ගෙවිය යුතුය.උප සභාපතිවරයෙකු හෝ උප නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 20,000ක් වැටුප ලෙස ලබාදීමට සිදුවේ.මීට අමතරව මන්ත්‍රීවරයෙකුට රුපියල් 15,000ක මුදලක් ලබාදීමට සිදුවන අතර, මෙම සියලුම දෙනාට දුරකථන හා පැමිණීම හෝ වෙනත් දීමනා වශයෙන් එක් අයෙකුට රුපියල් 3000කට වැඩි මුදලක් ගෙවිය යුතුය.

    පොදුවේ ජනතාවගේ ජන්දයෙන් හා ලැයිස්තුවෙන් තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් 8325ක ප්‍රමාණයට හා ප්‍රසාද ආසන ලෙස අලුතින් එකතු වීමට නියමිත මන්ත්‍රී ධුර 200 සඳහා වැටුප් හා දීමනා ලබාදීමට මාසිකව රුපියල් මිලියන 182.8ක මුදලක් අවශ්‍ය වන බවට ගණන් බලා තිබේ.

     

  • 2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

    2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

    එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සහයෝගය ලබාදී අගමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත ලබාගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දේශපාලනය ගැන යම් තරමක හෝ අදහසක් ඇති ඕනෑම අත දරුවකුට සක්සුදක් සේ පැහිදිළි වනු නොඅනුමානය.

    ඒ අනුව ජනාධිපති පුටුවේ නමට පමණක් කරූ ජයසූරිය හිඳුවා විධායක අගමැති නම් අලුත් තණතුරේ මහින්ද රාජපක්ෂට ඔටුනු පැළඳා නැවතත් පෙර පරිදිම රාජපක්ෂ  බඹරය වැල්ලේ කැරකැවීමට බැසිල් රාජපක්ෂ මේ වන විට සිය කූට මොලය වෙහසවමින් සැලසුම් අඳින බවට නෙළුම් මාවතේ අප විශේෂ ඔත්තු කරු සඳහන් කරයි. 

  • ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපයට ඉතිරිය විපක්ෂයට

    ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපයට ඉතිරිය විපක්ෂයට

    වත්මන් හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමති කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වාඩිවීමට තීරණය කර ඇති බව  ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත.

    ඔවුන් මෙසේ විපක්ෂයේ වාඩිවුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට තිරණයක් ගෙන නොමැති අතර අනෙක් පිරිස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝ්ජනය කරන මැති ඇමති කණ්ඩායම ඊය‍ෙ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ පිළිබද සාකච්චා කර ඇති අතර අද දිනයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රීලනිප මූලස්ථාන ආරංචි මාර්ග වල සඳහන් වේ.

     

  • ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්

    ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්

    කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි.

    වායු සමන යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර ගිනි නිවන ඒකකය මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත. 

  • තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්

    තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්

    පසුගිය මැතිවරණ කාලය තුල ඇමරිකාවට ගොස් සිට ඊයේ උදෑසන මෙරටට පැමණි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට පවසා ඇති  “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යන ප්‍රකාශය නිසා මේ වන විට පොහොට්ටුව ඇතුලත විශාල ප්‍රශ්න රාශියක් ඇතිවී ඇති බව නෙළුම් මාවත කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයට උරණ වූ බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් ගොඨාභය වෙත දැඩි දොස් මුරයක් දමා ඇති බවට ආරංචි ලැබී ඇති අතර බැසිල් විසින් “තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්.. මේ අමාරුවෙන් පාදගත්තු වාසනාව නැතිවෙන විදිහෙ මෝඩ කතා කියන්න එපා  ” යයි පවසා ඇති බව නෙළුම් මාවතේ විශ්ෂ ඔත්තු කරු සඳහන් කරයි.

  • පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

    පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

     මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට  මනතිව්  කොට්ඨාශයෙන්  තරග කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්ව ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස ඊයේ ( 12 ) තර්ජනය කර ඇත.
     
    මෙම පරාජිත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන්  ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් තමාට ඡන්දෙ නොදුන් කිසිම කෙනෙක් එහි ක්‍රීඩා නොකරන ලෙසටත්  ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.
     
    වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි.

  • හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාට බැණ වැදී මරණීය තර්ජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12 දා) බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවම් නියම කළේය.
     
    එයට අමතරව රුපියල් 25,000 ක දඩයක්‌ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් අමතර එක්‌ වසරක සිරදඬුවම් ලබාදීමටද නියම කළේය. 
     
    පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කරමින් සිටියදී තම තනතුරට පහළ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
     
     කෙසේ නමුත් විත්තිකරුට එරෙහිව ඇති සෙසු අධිචෝදනා පහ පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම චෝදනාවලින් විත්තිකාර වාස්‌ ගුණවර්ධන මහතා නිදොස්‌කොට නිදහස්‌ කිරීමටද නියෝග කළේය. 
     
     කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී එනම් 2013.06.10 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළදී එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර, එවකට පොලිස්‌ පරීක්‍ෂකවරුන් ලෙස කටයුතු කළ රංජිත් මුණසිංහ, පොලිස්‌ පරීක්‍ෂක දිසානායක යන නිලධාරීන්ට විත්තිකාර වාස්‌ ගුණවර්ධන මහතා විසින් මරණීය තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සඳහන් විය. 
     
     “ශානි මට තේරුණා උඹලා මට මේ දේ කරනවා කියලා. හැබැයි උඹලාට මාව හැමදාම ඇතුළේ තියාගන්න බෑ. මම මිනීමරුවෙක්‌. එළියට ගියදාට බලාපල්ලා උඹලාට කරන දේ” යෑයි තර්ජනය කිරීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු අධි චෝදනා හයක්‌ යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
     
     විත්තිකරුට එරෙහිව එල්ල වී ඇත්තේ මහෙස්‌ත්‍රාත් අධිකරණයක්‌ හමුවේ නඩු විභාගයක්‌ පැවැත්වීමකින් තොරව සමථ මණ්‌ඩලයකට යොමුකර සමථයට පත්කළ හැකි චෝදනා බැවින් ඔහු සියලු අධි චෝදනාවලින් නිදොස්‌කොට නිදහස්‌ කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුර සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
     
     රජයේ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය හැකි වරදක්‌ නොවන බැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිsඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
     
     කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා කිහිපයකට වරදකරු කර 2016 වසරේ දී මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර සිටින වාස්‌ ගුණවර්ධන මහතා ඊයේ දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතා ප්‍රකාශයක්‌ කිරීමට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිකරණය එම අවසරය ලබාදීම ප්‍රතික්‌ෂේප කළේය.

    -ඒ. ඡේ. ඒ. අබේනායක

  • කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි

    කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි

    පෙරේදා (11) නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ද පැවති බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ. 
    ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර පැවති ජාතික ආණ්ඩුව සඳහා වූ ගිවිසුම පසුගිය ජනවාරි මස 31 වනදායින් අවසන් වී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වහාම තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි එක්සත් ජාතික පක්ෂ ජනතා නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාට බලකර ඇත.
    මේ කරුණු කාරණා අතර දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් වීමත් සමඟ මාධ්‍ය මගින් සේ සම්බන්ධව දෙමළ ජාතික සන්ධනයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජීලිංගම්ගෙන්  විමිසීම් කල විට ඔහු කියා සිටියේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ආරාධනා කරන ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
    එවැනි කිසිඳු ඉල්ලීමක් මෙතෙක් කිසිඳු පාර්ශ්වයකින් ලැබී නොමැති බවත් එම තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් එම පක්සයේ නායක ආර් සම්බන්දන්  මහතා ද ප්‍රකාශ කර ඇත.
  • මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

    මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

    ඔන්න අපි අද, මේ දවස් වල පුංචි තිරයෙ සහ රිදී තිරයෙ ඒත් එක්කම බොලිවුඩ් සිනමාවෙත් කැපී පෙනුන ලාංකික කලාකාරිණියක් එක්ක  එයා ගැන කතා කරන්න හිතුවා.තවත් කියනවනම් කලාකාරිණියක් කිව්වාම මෙයා රංගන ශිල්පිණියක් විතරක්ම නෙමෙයි ලාංකීය කලා පරපුරට නව සංගීත පරපුරක් බිහිකරන ආචාර්ය්‍ය වරියක් කියලත් හදුන්වන්න පුළුවං.. ඉතිං වැඩි වර්ණනා ඕන නෑනෙ ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි ගයා ක්‍රිෂානි… ගයා ක්‍රිෂානි අපිට එයා ගැන කිව්වෙ මෙන්න මෙහෙමයි…

     කොහොමද මේ දවස් වල – ම් … හෙඳින් ඉන්නවා.අලුත් ටෙලිනාට්‍යකට සමබන්ධ වෙලා ඉන්නවා දන්කුඩ බන්ඩා කයල ඒකෙ ෂූටිං වලට යනවා තවත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

    ගයා ක්‍රිශානිව අපි දැකල තියෙන්නෙ සහය නිළියගේ චරිතයෙන් – ඔව් තාම ප්‍රධාන චරියක් නම් ලැබුනෙ නෑ … ඒත් උප ප්‍රධාන නළියගෙ චරිත නම් ලැබිල තියෙනව.

    ඒකට හේතුව ගයා ක්‍රිශානිට ක්ෂේත්‍රය තුල කැපිලි හින්ද කිව්වොත් – මම දන්න තරමින් මට එහෙම කැපිලි මොකුත් නෑ…ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා ප්‍රධාන චරිතයක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මුලින් එක ඩ්‍රාම එකක ප්‍රධාන චරිතෙට හිටපු කෙනාව තමයි අනිත් ඩ්‍රාම වලත් ප්‍රධාන චරියට ගන්නෙ.මොකක් නිසාද දන්නෙ නෑ මට ලැබුනෙ සෙසු චරිත ඒත් ඒ හැම චරිතයක්ම කතාවෙ හොඳින් ඉස්මතු වෙලා පෙනෙන චරිත ඒ නිසා මං සෑහීමකට පත්වෙනවා.

    අපි දන්නවා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒත් ඔබ කියන්නෙ‍ෙ දක්ෂතාවය විතරක් මදි වාසනාවත් තියෙන්න ඕන කියලද? අනිවාර්යෙන්ම දක්ෂතාවය විතරක් තිබුනට මදි වාසනාවත් තියෙන්න ඕන.දක්ෂතා තියෙන කීයෙන් කී දෙනාටද අවස්ථා හම්බවෙන්නෙ.මම ගැන කියනවනම් මට හිතෙන්නෙ මටත් ඒ වගේ මගෙ දක්සෂතා පෙන්වන්න තාම හරිහමන් අවස්ථාවක් ලැබුනෙ නෑ කියලයි.

    ගයා ක්‍රිෂානි කලාවට අවතීරණය වෙලා දැන් කොච්චර කල්ද? වසර 15ක් විතර වෙනවා මට එක දිගටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුනා ඒ මම සංගීත කටයුතු වලටත් සම්බන්ධ වෙලා හිටපු නිසා.

    ඒ කියන්නෙ රංගන ශිල්පිණියකට අමතරව ගයා ක්‍රිශානි කියන්නෙ හොඳ සංගීත වේදිනියක් – ඔව් ඇත්තටම එහෙම කිව්වොත් හරි මොකද මම වැඩිපුරම මහන්සි වුනේ සංගීත් නිපුන් විභාගයටයි. ඒ විභාගය ඉහලන්ම සමත් වෙලා තමයි මම ගිය ජනවාරි වල ලංකාවට ආවෙ.මම හිතන විදිහට සංගීත් නිපුුන් විභාගය ජයගත්තු ක්ෂේත්‍රයේ ඉන්න එකම රංගන ශිල්පිණිය මම වෙන්න ඕන.

    සිනමාව ගැන මොකද කියන්නේ – මම සිනමා නිර්මාන පහකට වගේ දැනට සම්බන්ධ වෙලා තියෙනවා ඊට අමතරව බොලිවුඩ් නිර්මානයකටත් දායක වුනා රන්වීර් කපූර් එක්ක බොම්බේ වෙල්වට් කියල ඒ වගේම මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන හිතුවක්කාර කියල ෆිල්ම් එකටත් දායක වුණා.

    ඉතිං කියන්න ගයාගෙ පවුල් ජීවිතේ ගැන විස්තර ටිකක් – මට බබාල දෙන්නෙක් ඉන්නවා. මට මගෙ මහත්තයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව මගෙ කලා කටයුතු වලට සමහර වෙලාවට වැඩ ගොඩක් තියෙද්දි ඒ තියෙන පීඩනය නිසා මට කම්මැලි හිතුනම එයා තමයි මාව උනන්දු කරන්නෙ නෑ ඔයා කරන්න ඔයාට පුළුවං කියල.

    රංගනය විතරද එතකොට වෘත්තියක් විදිහට කරන්නෙ – නෑ මගෙ සංගීත ඇකඩමියක් තියෙනවා ඒකෙදි මම විශාරද විභාගය වෙනකල් ළමයින්ට සංගීතය උගන්වනව.ඒ අතර රඟපෑමේ කටයුතු වලත් යෙදිල ඉන්නවා ඉතිං.

    අද ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සාධාරණියත්වය ගැන ඔබ සතුටුයිද ? – ඇත්තම කියනවනම් ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙනවා.මම හිතන විදිහට ලංකාවෙ දක්ෂයාට වඩා තැන තියෙන්නෙ ඇඳුනුම් කම් මත හා වෙන වෙන දේවල් මත ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් මත තීරණය වෙන එක.ඒ කිව්වෙ ලොකු මුදලක් දීල දක්ෂයෙක් අරගෙන වැඩ කරනවට වඩා පොඩි මුදලකට ඉන්න කෙනෙක්ව අරගෙන මොකක් හරි නිර්මාණයක් එළියට දාන ප්‍රවනතාව වැඩි වෙලා තියෙනව.ඒකෙන් වෙන්නෙ ක්ෂේත්‍රය පරිහානියට පත්වෙන එකයි.

    ඒ කියෙන්නෙ ගයා ක්‍රිශානිට තක්සේරුවක් තියෙනවා – ඔව් මම වැඩ කරන ගානක් තියෙනවා ඒ ගානට ආවොත් විතරයි මම භාරගන්නෙ

    ටෙලි නාටයක් හෝ චිත්‍රපටියක් භාරගද්දි තොරා බේරාගෙනද භාරගන්නෙ – අනිවාර්යෙන්ම ඔව් සිනමාවෙදි නම් මුළු පිටපතම බලල තමයි භාර ගන්නෙ.ඒත් ටෙලිනාට්‍ය  වල විශේෂයෙන්ම දැන් තියෙන මොගා නාට්‍ය වල  අපිට පිටපත හම්බෙන්නෙ සෙට් එකට ගියහමයි.ඒත් චරිතය භාර ගන්න කලින් ඒ චරිතයේ ස්භාවය මොන වගේ එකක්ද කියල හරියට දැනගෙන තමයි භාරගන්නෙ

    ගායා ක්‍රිෂානාගෙ ගම කොහෙද? මගෙ උපන් ගම රත්තපුරේ ඒත් රත්නපුරේ ඉඳල නෑ පෙඩි කාලෙ ඉඳන්ම අවිස්සාවේල්ලෙ තමයි හිටියේ.

    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නෙ – වැඩිපුරම කරන්නෙ සිංදු අහන එක තමයි… ඊට අමතරව ඔය මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.. ඒ වගේ මොකක් හරි සංගීත වැඩක් තමයි ඉතිං

    ගිය අවුරුද්ද කොහොමද? මට පුද්ගලිකව ඉතාම සුභ විදිහට ගෙවුන අවුරුද්දක් කියල හිතන්න පුළුවං මොකද මම සංගීත් නිපුන් විභාගයෙන් ඉතාමත් විශිෂ්ඨ ලෙස සමත් වුනා ඒක මං දැකපු හීනයක් සැබෑ වුනා කියල කියන්න පුළුවං… හැබැයි ඒ නිසා මට ලංකාවෙ වැඩිය ඉන්න හම්බුනේ නැති නිසා වැඩිය රංගන කටයුතු වල යෙදෙන්න වුනේ නෑ

    2018 මොනවද කරන්න හිතන් ඉන්නෙ? මේ අවුරුද්දෙ වැඩිපුරම බර දෙන්නෙ මගෙ සංගීත ඇකඩමිය දියණු කරන්න තමයි ඊට අමතරව හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා

    ගයා ක්‍රිශානි දේශාලනය දකින්නෙ කොයි විදිහටද? මම දේශපාලනට කිසිම කැමැත්තක් නෑ..

    එතකොට දැන් මේ පවතින ආර්ථිකමය සමාජීය තත්වයන් ඔබට ගැටළුවක් නැද්ද? තියෙනව ඒත් ඒක මේ ආණ්ඩුව හෝ පහුගිය ආණ්ඩුව කියල වෙනසක් නෑනෙ කොයි ආණ්ඩුව ආවත් ඒ පොදු ප්‍රශ්න ටික වෙනස් වෙන්නෙ නෑනෙ

    පසුගිය දිනවල අපි දැක්කා කලාකරුවන් දේශපාලන වේදිකාවල නොයෙක් අදහස් දරනවා ඔබ ඒ සම්බන්ධයෙන් කොතනද ඉන්නෙ – ඔව් මටත් ලොකු ලොකු ආරාධනා ගෙඩක් ආව ඒත් මම ඒ කිසිම දේකට සම්බන්ධ වුනේ නෑ

    හරි අපි හිතමු අහම්බෙන් හරි ගයා ක්‍රිෂානි මේ ජනාධිපති වෙනවා … එතකොට – ම් … එහෙම උනොත් මම කරන්නෙ අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නය වන ජීවන වියදම අඩු කරන එක.. එතෙන්දි භාණ්ඩ හා සේවා වලට අපි ගෙවන මුදලට සරිලන වැටුපක් එහෙමත් නැත්නම් ගෙවීමක් සෑම වැඩ කරන පුද්ගලයෙකුටම ලැබෙන්න සැලැස්වීම තමයි මගෙ මූලිකම අභිප්‍රාය වෙන්නෙ.

    ගයා ක්‍රිෂානිට ගයා ක්‍රිෂානිගෙ ප්‍රේක්ෂයින්ට මොවෙද කියන්න තියෙන්නෙ? මගෙ අලුත් ටෙලි ඩ්‍රාම දෙකක් එන්න තියෙනවා තව චිත්‍රපටියකුත් එන්න තියෙනවා ඉතිං ඒව බලල මගෙ අඩුපාඩු තියෙනවද මගෙ රඟපෑම හොදඳ කියල මට කියන්න කියල තමයි කියන්න තියෙන්නෙ ඊට වඩා විශේෂයෙන්ම කියන්න ඕන මගෙ රසිකයින්ට මම ගොඩක් ආදරෙයි ඒ හැමෝටම සුභ අනාගතයක් වේවා කියල පතනවා…