Author: Editor

  • යහපාලන රජයට ජාත්‍යන්තරයෙන් සුපිරි ජයක්

    ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද පැවැත් විණි.

    එහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436ක් හිමි වූ අතර ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්ද  119ක් හිමිවිය.

    නොපැමිණි සංඛ්‍යාව 22කි.

    යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි.

    මේ සම්බන්දව හර්ෂ ද සිල්වා ඇමතිවරයා තම ටිව්ටර් ගිණුම මත මෙසේ  අදහස් පලකොට තිබෙනවා.. 

    [rns_reactions]

  • ලොව වටිනාම කෙෘතුකාගාරයේ රහසිගත ඡායාරූප කරලියට (PHOTOS)

    කෙෘතුකාගාරයක් යන නම ඇසුන සැණින් අපට සිහිවන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ එක්රැස් කර ඇති ගෞරවනීය ස්ථානයක්. 

    නමුත් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇති ජාතික ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය (The National Museum of Natural History) යනු හුදෙක් ඉපැරණි භාණ්ඩ එක් රැස් කර ඇති ස්ථානයක් පමණක්ම නොවේ. 

    එය පෘතුවියේ සතර කොනේ සැම ස්ථානයකින්ම හමුවන  සතුන් වර්ග ශාක වර්ග ෆොසිල වර්ග ඛණිජ වර්ග පාෂාණ වර්ග මානව නෂ්ඨාවශේෂ සහ සංස්කෘතික භාණ්ඩ මිලියන 126ක එකතුවකින් සමන්විත වන මහේශාක්‍ය කෙෘතුකාගාරයකි.

    වොෂින්ටන් ස්භාවික විද්‍යා  කෙෘතුකාගාරයක ලොව පුරා ඇති ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය ලෙස අවිවාදයෙන් පිළිගැනේ.

    1910 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම කෙෘතුකාගාරය ඕනෑම අයෙකුට නොමිලයේම නැරඹිය හැකිය. එය වසරේ දින 365න් දින 364ක්ම විවෘත පවතින අතර වසා දැමෙන්නේව නත්තල් දිනට පමණි.  

    වෘත්තීය ස්භාවික ඉතිහාස පරික්ෂකයින් 185 කගේ පමණ සේවය ලබන මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කට අධිකයි.

    ලොව පුරා විසිරි සිටින ස්භාවික සංස්කෘතික  සහ ඉතිහාසය පිළිබඳ කැප වී  සිටින පරික්ෂකයින් විශාල පිරිසකගේ දායකත්වයද මෙම කෙෘතුකාගාරයට ලැබී තිබෙනවා. 

    මෙම කෙෘතුකාගාරයේ ඇති වටිනා කෙෘතුක වස්තුන් එකතුවෙන් සීමිත ප්‍රතිශතයක් සම්ප්‍රදායික කෙෘතුකාගාරයක දක්නට ලැබෙන ආකාරයට මහජනයාට ප්‍රදර්ශණය කර ඇත.

    නමුත් එයින් වැඩි ප්‍රතිශතයක් ඇත්තේ මනා ලෙස ලේබල් ගත කරන ලද රහසිගත සේප්පු වල අසුරායි.  

    වාර්තා වෙන ආකාරයට මෙම සේප්පු කෘමින් මිළියන 30කට, ශාක වර්ග මිලියන 4.5කට,  මුහුදු ජීවින් මිලියන 7කට, සහ සංරක්ෂණය කර ඇති දුර්ලභ ඡායාරූප ලක්ෂ 4කට අධික ප්‍රමාණයකට නිවෙස්න වී ඇත.

     ඉතා විශේෂිත කරනා වලදී පමණක් පරිශීලනයට ඉඩදෙන මෙම සේප්පු වල දුර්ලභ ගනයේ ඡායාරූප කිහිපයක් ඔබට පහතින් නරඹන්නට පුඵවන්.

    [rns_reactions]

     

  • පළමුවෙන් එන්නේ කුමන මැතිවරණයද? – ඇමති අමරවීර සියල්ල හෙලිකරයි..

    මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී  පැවැසීය.

    ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රීලනිපය මේ වනතුරු කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද ඇමැතිවරයා කීය.

    කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ දහවල් පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී ඇමැතිවරයා මෙසේද කීය.

    අපි ඉතාමත් පැහැදිලිව ඉන්නේ පළාත් පාලන මැතිවරණය ඉතාමත් ඉක්මනින් තියන්න  ඕනෑ කියන මතයේයි. පසුගිය 25 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදීත් වහාම පළාත් පාලන මැතිවරණයකට යන්න  ඕනෑ යැයි කියලා සාකච්ඡා කළා.

    වෙනත් සියලූම මැතිවරණවලට ප‍්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු යැයි කියන මතයේ අපි ඉන්නවා.

    කුණු කන්ද වගේ ඇති වුණ සිද්ධීන්වලදී මහජන නියෝජිතයන්ගේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ශ්‍රීලනිපයේ අපි කිසි ආකාරයකින් පළාත් පාලන මැතිවරණය කල් දාන්න යන්නේ නැහැ. ජනමත විචාරණයක් හෝ වෙනත් මැතිවරණයක් නොවෙයි අපි තියන්නේ පළාත් පාලන මැතිවරණයයි.

    පළාත් පාලන මැතිවරණය අපි පවත්වන්නේ නව ක‍්‍රමය යටතේයි. ඒකටයි අපි අවුරුදු 1 1/2 ක් පරක්කු කළේ. සමහර කට්ටිය විවිධ කතන්දර කියනවා ඒ ක‍්‍රමය පැත්තට දාන්න.

    නමුත් අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය අපි පවත්වන්නේ අලූත් මැතිවරණ ක‍්‍රමය අනුව යැයිද ඇමැතිවරයා කීය.

    [rns_reactions]

  • ජනපති සංකල්පය ඵලදරයි – මොරගහකන්ද ඉතිහාසය වෙනස් කරමින් ඉදිරියට….

    පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.

    අක්කරඅඩි 110 000ක් වන පරාක‍්‍රම සමුද්‍රයේ ජලමට්ටම අභිබවා යමින් අක්කරඅඩි 115 000 තරම් ජල ප‍්‍රමාණයක් මේ වන විට මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා කියයි.

    ව්‍යාපෘතියෙන් අවතැන්වන ජනතාවගේ යටිතල පහසුකම් මේ වන විට සපුරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

    පාසැල්, ප‍්‍රදේශිය ලේකම් කාර්යාල, රෝහල් මෙන්ම මාර්ග පද්ධති ද පහසුකම් යටතේ ජනතාවට ලබාදි ඇති බව ද ඒ මහතා පවසයි.මිලියන 6000 ක් වු දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් මේ වන විට වන්දි ලෙස ජනතාවට ලබා දි ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

    [rns_reactions]

  • මුගේ තාත්තා පාඨලීද? රංගේ ඩංඩාර චණ්ඩි පුතු නිසා බුකිය රත්වු හැටි මෙන්න..

    යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාරගේ පුතා ඇතුළු පිරිසක් මීට දින කිහිපයකට පෙරත් රිය පැදවූ පුවත ඔබට මතක  ඇති.

    ඒ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ විවිද අදහස් පළ වෙමින් තිබෙනවා.

    [rns_reactions]

     

  • ලංකාවට GSP+ බදු සහනය දෙන්වද? නැද්ද යුරෝපා පාර්ලිමේන්තු ඡන්දය අද..

    ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද (27) පැවැත්වීමට නියමිතයි.

    ඡන්ද විමසීමේ දී ශ‍්‍රී ලංකාවට සහය හිමි වනු ඇති බවයි රජය සදහන් කලේ…. 

    ජී.එස්.පී. ප්ල්ස් බදු සහනය ශ‍්‍රී ලංකාවට ලබා නොදිය යුතු බවට ඉකුත් දා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් වුණා.

    යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි. 

    [rns_reactions]

  • මහින්දගේ ලංසුවට ප්‍රමිත එකගවෙලා – සැගවුනු කතාවක් කරලියට…

    ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර මාධ්‍යයට ප්‍රකාශ කර ඇත..රට ගොඩනැගිමේ අරමුණින් මෙය සිදුකරන බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ නමුත් ‍මෙම කාරණාව මුදල් මත පදනම් වු තිරණයක් බව කරලිය පිටුපසින් අප ලද සාධක තුලින් මේ වනවිටත් ඔප්පු වි ඇත. තම මලයන්ඩිය වු බැසිල්ගෙන් මුදල් ලබාදෙන පොරොන්දුව මත ප්‍රමිත තම එහෙයියන් පිරිසක්ද පිරිවරා ගාලුමුවදොර ඒමට සුදානම් වුවත් මෙයට දඹුල්ලේ වැඩි පිරිසක් විරෝධය පා ඇති බව සදහන්..

    නිදහස් පක්ෂය රැකගැනිමට වෙනත් පක්ෂ සමග යන්නේ කුමක් සදහාදැයි යන්න මේ වනවිට ජනතාව අතර විශාල කතිකාවතක් නිර්මාණය වි ඇති අතර ඉදිරියේදි නිදහස් පක්ෂ නායකත්වය සමගින් පලාත් පාලන නියෝජිතයින් ඇතුලු ප්‍රබලයන් සුදානමින් සිටින බව සදහන්.

    [rns_reactions]

  • යුධ උණුසුම මැද ඇමරිකාව උතුරු කොරියාවට පීඩනය වැඩිකරයි

    උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා   දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය.

    ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා 100කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකි ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුඑස්එස් කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය වෙත ළඟා වෙමින් තිබේග දකුණු කොරියාව වෙත ළඟා වූ සබ්මැරීනය යු එස්එස් මිචිගන් බව පැවසෙන අතර ඊට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද තිබේ. ඒ අතරවාරයේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන දකුණු කොරියාවේල ජපානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීහු ටෝකියෝවලදී හමු වී සාකච්ඡා පැවැත්වූහ.

    එක්සත් ජාතීන්ගේ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික හෝ දිගු දුර මිසයිලයක් අත්හදා බලනු ඇතැයි පසුගිය සති කිහිපයේදී ජාත්‍යන්තරය තුළ බියක් ඇති කර තිබිණි. විශේෂයෙන්ම අඟහරුවාදා දිනයේදී ඔවුන් එවැනි අත්හදා බැලීමක් කරනු ඇතැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දින කිහිපයේදී නිරන්තරයෙන් පැවැසීය.

    එහෙත් න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදා බැලීම් වෙනුවට උතුරු කොරියාව නැගෙනහිර වෙරළ තීරයේ වොන්සැන් පළාතේ දිගු දුර කාලතුවක්කු ඒකක ස්ථාපිත කරමින් සජිවී යුද අභ්‍යාසකය නිරත වූ බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කළේය. වොන්සන් හි උතුරු කොරියාවට අයත් ගුවන් කඳවුරක් තිබෙන අතර එහි මිසයිල ද අත්හදා බලයි.

    [rns_reactions]

  • ඇමරිකාවට තරගයක් දෙන්න චීනයත් යුද නැව් නිෂ්පාදනය⁣ට පිවිසෙයි…

    චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ ගන්නා අවස්ථාවක මෙම නෞකාව දියත් කර තිබේ.

    ඩේලියන්හී ඊසාන වරායේ දී නිෂ්පාදනය කර ඇති එම නෞකාව 2020 වන තුරු සේවයට එක් නොවනු ඇතැයි එරට හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

    මෙම පියවර චීනයේ දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකා නිර්මාණ හා ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ විශාල පියවරක් ලෙස චීන මාධ්‍ය වාර්තා කරයි. චීනයේ බලවත්ම මධ්‍යම හමුදා කොමිසමේ උපසභාපති ෆෑන් චන්ග්ලොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නෞකාව දියත් කිරීමේ උළෙල පැවැත්විණි.

    මෙම නෞකාව සම්බන්ධ වැඩසටහන රාජ්‍ය රහසක් ලෙස චීනය සලකන බවද වාර්තා වෙයි.

    නමුත් මෙම නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා චීනය සතුව තිබූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් අත්දැකීම් ලබා ගත් බව එරට රජය පවසයි.‘ලියෝනින්‘ නැමැති එම නෞකාව 1998දී යුක්රේනයෙන් මිලදී ගෙන චීනයේදී අලුත්වැඩියා කරන ලද එකකි.

    [rns_reactions]

  • "ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය" සමනලී තැබූ facebook සටහන…

    රංගන ශිලිපිනි සමනලී ෆොන්සේකා share කල  මෙම post සම්බන්දව බොහෝ කතා බහ ඇතිවුනා. 

    ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් පවා  ඉල්ලා සිටීයා…

    මේ පිළිබඳව සමනලී තම facebook පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා.

    “ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය.

    මේ මාගේ සිව්වන ෆේස්බුක් ගිණුමය. ගැහැණියක ලෙසත්, රංගන ශිල්පිණියක ලෙසත් මා යම් මතයක් දැරීම බහුතරයකට ඉවසිය නොහැක. ඔවුන්ගේ ෆැන්ටසි නිළියන් සෙල්ෆී වලට පමණක් සීමාවී සිටීම ඔවුන්ට සහනයක් ගෙනදෙයි. ඔවුනගේ ෆැන්ටසිය බිඳ දමමින් වෙනස් මතයක් දැරීම ඒ මතයට දක්වන විරුද්ධත්වයකට වඩා එහා ගිය පිරිමි සංවාදයට එක්වන ගැහැණියකට දක්වන විරුද්ධවයකි. වෙනස් මත දරණ තවත් පිරිස් සිටිය ද මාගේ ගිණුමට විරුද්ධව පමණක් වාර්තා කොට මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මොවුන් කටයුතු කරන්නේ මන්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් මාගේ ප්‍රකාශන මාධ්‍ය හුදෙක් ෆේස්බුක් පමණක් නොවන බව ඔවුන් නොදන්නවා යැයි මම නොසිතමි. මේ වන විටත් මාගේ ෆේස්බුක් ගිණුමට විරුද්ධව වාර්තා පැමිණෙමින් ඇති බව මට ඊමේල් මගින් දැනුම් දී ඇත. එහි මට කිසිඳු ගැටලුවක් නැත. එහෙත් මාගේ මෙම ෆේස්බුක් ගිණුම අත්හිට වුවහොත් මේ වන විට පාඩු සිදුවිය හැකි පාර්ශවයන් බොහෝ පිරිසක් සිටී. ඔවුනට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමටත්, මට මඩ ප්‍රහාර එල්ල කිරීමටත්, අදැහිය නොහැකි පරුෂ වචන යොදා පෝස්ට් සාදා ඒවාට මා ටැග් කිරීමටත්, නින්දිත වදන් ලියා මැසෙන්ජර් පණිවිඩ එවීමටත්… ඔවුන්ට ඒ මගින් නොහැකි වේ. එබැවින් මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මේ මොහොතේ වාර්තා කරමින් සිටින්නනි, ඔබ මේ ක්‍රියාවෙන් අවාසියක් සිදු කරන්නේ මට විරුද්ධව ක්‍රියාකරමින් සිටින ඔබේ සගයන්ටයි!”

    – සමනලී ෆොන්සේකා.

    [rns_reactions]

  • මහින්ද රූකඩය නටවපු හැටි අතේ මාට්ටු.(video)

    ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවා.

    ඔහු මේ බව පැවසුවේ අභාවප්‍රාප්ත සිය මෑණියගේ අවසන් කටයුතු සඳහා හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ.

    මාධ්‍ය ඉදිරිපිට  ඔහු තම අදහස් දක්වන විට හිටපු ජනපති  ඔහු පසු පස හිදිමින් ඔහුගේ කතාවට අමතරව යම් කොටස්  එකතු කරන අයුරු අපට දැක ගන්නට ලැබුනා..

    රාජපක්ෂලාගේ රූකඩයක් ලෙස  කියන කරන ඕනෑම දේකට යටත්ව වහලෙකු සේ සේවය කිරීමට තමන් සැදී පැහැදී සිටින බව එමගින් ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් අවබෝධකරගත හැක. 
    [rns_reactions]

  • මෛත්‍රි ජනපතිගෙන් කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සුවිශේෂි සහන මල්ලක්…

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

    පෞද්ගලික අංශයට දැනට ක්‍රම දෙකකින් ලබාදෙන ප්‍රසූත නිවාඩුවේ සාප්පු හා කාර්යාල සේවක  පනතින් ආවරණය වන සේවිකාවන්ට ලැඛෙන වැඩ කරන දින 84 ක ප්‍රසුත  නිවාඩුව පඩි පාලක සභා ආඥාපනතින් ආවරණය වන සේවකයින්ටත් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.

    එමෙන්ම වැඩ බිම්වල දී සිදුවන අනතුරු වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 525000 ක වන්දි මුදල රුපියල් 10,50,000 ක් දක්වා වැඩි කිරීමටත්, එම මුදල රක්ෂණ ආවරණ්‍යකින් ගෙවීම සඳහා 15 දෙනෙකුට වැඩි සේවකයින් සිටින ආයතනවල සේවක රක්ෂණය අනිවාර්ය  කිරීමටත් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

    ළමා ශ්‍රමය තුරන් කිරීමට කටයුතු යොදන බවත් දැනට කම්කරු අමාත්‍යංශ්‍ය ළමයා යනුවෙන් අර්ථ දක්වන වයස වන අවුරුදු 14 ඉදිරියේ දී අවුරුදු 16 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කොට ඇතැයි සෙනෙවිරත්න මහතා පැවැසුවේය.
    එමෙන්ම කොන්ත්‍රාත් ක්‍රමය නැති කිරීම පි‚ස රජයට කරුණු ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.

    [rns_reactions]

  • මෙවර ශූරයන්ගේ කුසලානයට අපේ මාලිංග එන සතුටට ICC එකෙන් දාපු සුපිරි වීඩියෝවක්

    මේ පාර මාලිංග ශූරයන්ගේ කුසලානයට එන සතුටට ICC එකෙන් දැම්ම සුපිරි වීඩියෝව

    අපේ රටට සම්පතක්ව සිටින ලසිත් මාලිංග කියන්නේ දැන් ලෝකප්‍රශිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව දැන් කව්රුත් දන්න කරුණක්නේ..

    මෙවර ශූරයන්ගේ කුසලානයට මාලිංග එන සතුට සමරන් ICC එකෙන් දැම්ම අපූරු වීඩියෝවක් තමයි මේ තියෙන්නේ.

    https://www.youtube.com/watch?v=VopEz2uo7Ew

    [rns_reactions]

  • අශ්ප ගණන් තැඹිලි කොහෙද?

    ලාභයි..තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 යි.

    මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක්‌ රුපියල් 40 ත් 50 ත් අතර මිල ගණන්වලට අලෙවි කරන තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 ක්‌ වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබයි. ඊයේ (26 වැනිදා) කොටහේන නගරයේදී මෙලෙස තැඹිලි වෙළෙන්දකු විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු අපට දැකගත හැකි විය. මේ සම්බන්ධව ඔහුගෙන් විමසූ විට දුන් පිළිතුර වූයේ තැඹිලි ගණන් බවය

    [rns_reactions]

  • ඇමති තනතුර නැතිකරගන්න බෑ – අලුත් තනතුර ගැන ෆොන්සේකා වැට උඩ….

    ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි.

    කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි. 

    කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.

    එහිදී ඔහු සඳහන් කළේ “අමාත්‍ය ධූරයේ ඉන්න කමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. රජයේ පරිපාලනයට බාධා වන අයුරින් නොයෙක් දේශපාලඥයන්ගේ උවමනාවට කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.” යනුවෙනි.

    [rns_reactions]

  • මීතොටමුල්ල නිවාස අහිමිවූ තවත් පිරිසකට ජනපති අතින් නව නිවාස..

    මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය.
    මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් නිවාස ලබාදීම පසුගියදා සිදු කෙරිණි.

    මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.

    එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද සිදු කෙරේ.

    අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

    නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ප‍්‍රවේශ දොරටුව අසලදීම රෝද පුටුවේ සිටි ආබාධිත කාන්තාවකට අදාළ නිවාසයට හිමි හිමිකම් පත‍්‍රය පිළිගැන්වීමට කටයුතු කළේය.

    [rns_reactions]