Author: Editor

  • අවසානයේ සජිත් සද්ද නැතිව නව සන්ධානය ගොඩනඟන්න එක්වෙයි.. කඩේ ගියවුන් අනාත වෙයි!

    අවසානයේ සජිත් සද්ද නැතිව නව සන්ධානය ගොඩනඟන්න එක්වෙයි.. කඩේ ගියවුන් අනාත වෙයි!

    එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” ගොඩනඟමින් අනෙකුත් පක්ෂ සන්ධාගත කරගැනීමට අදාළව එජාපයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් අද(17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඔ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

    මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ් කරියවසම්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන අය සහභාගී වී ඇත. පැය දෙක හමාරකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා සකස් කර අවසන් කිරීම, සන්ධානය පිහිටුවන දිනය පිළිබඳ තීන්දුවක් ගැනීම සහ සන්ධානය පිහිටුවන දිනයේම අපේක්ෂකයා නම්කිරීම යන ප්‍රධාන කරුණු 03 සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත.

    මෙම කරුණු ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කොට අවසන් කරගැනීමට දින නියම කරගෙන ඇති අතර ඒවා අවසානයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ කෘත්‍යාධීකාරී මණ්ඩලයට යොමු කොට අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කිරීමට එකඟ වී ඇත.

    එසේම සන්ධානය ගොඩනැඟීමට ප්‍රථම ජනාධිපති අපේක්ෂකයා නම් කර සිටින්නැයි සජිත් පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, මෙතෙක් ප්‍රකාශයට පත්නොකළ ජනාධිපතිවරණයක් සඳහා “ගෝඨාභය නඩුවලින් කට්ටි පැනයාමට සිදුකරන උපක්‍රම” වලට රැවටී අපි ඉල්ලන් කෑමට ජනාධිපති අපේක්ෂකයෝ පත් නොකල යුතුයැ’යි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීමත් සමඟම සජිත්ගේ පංචාකාර මුහුණ චතුරෂ්ෂාකාර වී ඇත.

    ඒත් සමඟම සජිත්ගේ අටපට්ටම් වුණු මුහුණ දෙස බැලූ මංගල එල්ල වුණු ප්‍රහාරය අස්වැසීම සඳහා “නැහැ අපි පාක්ෂිකයින්ට පොඩි කාලෙකට මොරාල් එකක් දෙන්නත් එක්ක ජනාධිපති අපේක්ෂකයා කියන එකත් එළියට දාමු” යැයි කියද්දී මේ වන විට නිදිවැද සිටින පාක්ෂිකයින්ට එය යම් උත්තේඡනයක් වන බව වටහා ගත් එජාප ප්‍රධානීන් ඊට එකඟ වී ඇත්තේ, එනම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනඟන දවසේදීම අපේක්ෂකයාත් නම් කරනු යැයි අදහසටය.

    ඊට වේදිකාවේ අමුතුම ආකාරයේ කථා ගොතන එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සද්ද නැතිව එකඟ වී ඇත්තේ සජිත් වෙනුවෙන් කඩේ ගිය අයවලුන්ද අනාථ කරවිමිනි. කෙසේ වෙතත් මේ අනුව තීරණය වී ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” නම් සන්ධානය බිහිකරන දිනයේදීම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමයි.


  • ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙක්!

    ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙක්!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වීසින් ඊයේ(15) තහවුරු කර සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු ලෙසකින්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර නොමැති බවත්, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත්ය. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවිමසා තම හිතුමතයට අපේක්ෂකයෙකු පත්කර ගත්තේ නම් ඔහුව ජයග්‍රහණය කරගැනීම ඔවුන්ගේ වගකීම වනු ඇති බවයි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳව කණගාටු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය මෙතෙක් ලබා නොගැනීම පිළිබඳව සතුටු වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.


  • ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

    ගිලෙන්න ගිය විදේශිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් අපේ වීරයෝ

    නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් ඊයේ (12) දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

    විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත.

    එහිදී දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක්‍රියාත්මකවී එම පුද්ගලයින් නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

    මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයින් වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන රුසියානු ජාතික පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

    එමෙන්ම, දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

  • නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි

    නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි

    අද(14) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි.

    අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන් වෙයි.

    ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්විම නිකිණි පුර පලොස්වක පොහොය දිනක බවද ඉතිහාසයේ දක්වා තිබේ.

  • Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)

    Exclusive: ගෝඨාභය අදිසි අනතුරක..! (වීඩියෝ)

    පසුගිය අගෝස්තු 11 වනදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ නැකතට අනුවත්, ඔහු පළමු ජාතිය අමතා කළ කථාව ආරම්භ කළ වේලාව අනුව ඔහු ඔහුගේ ජීවිතය විශාල හානියකටත්, සිය පෞරුෂය විශාල පරිහානියකටත් ලක්කර ගන්නා බව දේශපාලන විචාරයකින් නොවන ජ්‍යේතීෂ්වේදීන් පිරිසක් විසින් තත්කාල විශ්ලේෂණයෙන් යුතුව අනාවරණය කොට ඇත.

    මේ ඒ පිළිබඳව විස්තරයයි.

  • මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට

    මොංගල් මංගලගේ සූත්‍රය අනුව ඉන්ධන මිල යළි ඉහළට

    මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් මංගල මෙන් මොංගල් ඉන්ධන මිල සූත්‍රය අනුව අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යනු ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3කින්.

    මේ අතර ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

  • එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!

    එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!

    එළැඹෙන ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකඟ වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ රට වෙනුවෙන් වගකීමක් දැරීමේ ශක්තිය තමන්ට තිබෙන බවයි.

    ජනාධිපති ධූරය ලැබුණොත් රට හදනවා මිසක් මාළිගා හැදීමට හෝ ආර්යාවන් හැදීමට හෝ තමන්ට අවශ්‍යතාවක් නැති බවද සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

    ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂාව සඳහා සුදුසුම පුද්ගලයා බවට පොදු ජන පෙරමුණ ගෙන ඇති තීරණය නිවැරදි බව කී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී තීරණය කළොත් ඒ සඳහා පක්ෂය තුළ තමන් හැර වෙනත් අයෙකු නැතිි බව ද කියා සිටියේය.

  • ගංවතුර – සුළිකුණාටු ආසියාව වනසයි

    ගංවතුර – සුළිකුණාටු ආසියාව වනසයි

    ඉන්දියාවේ සහ චීනයේ ගංවතුරෙන් හා සුළි කුණාටුවලින් විශාල පිරිසක් මියගොස් තිබේ.

    දකුණු හා බටහිර ඉන්දියාවට බලපා ඇති ගංවතුරෙන් මේ වනවිට 140 දෙනකු මියගොස් තිබේ. මෙයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කේරළයේය. ජල ගැලීම්වලින් තවත් ලක්‍ෂ ගණනක පිරිසක් අවතැන්ව සිටිති.

    මේ අතර චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් තිස් දෙදෙනකු මියගොස් තවත් දහසය දෙනකු අතුරුදන්ව සිටිති.

    චීනයේ ෂෙජියාං පළාතේ ලක්‍ෂ දහයක ජනතාවක් අවතැන්ව සිටිති. නිවාස තිස් හතර දහසක් විනාශ වී ඇති අතර යුආන් බිලියන පහළොවක පමණ අලාභයක් සිදුව තිබේ.

  • ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

    ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

    “අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (11) පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

    “ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. තවත් පක්ෂ වලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. තව නොබෝ දිනකින් රටම ජයග්‍රහණය කරන්න හැකියාවක් ඇති අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා. ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ. තරගකාරීත්වයක් තුළින් ජයග්‍රහණය කිරීමේ හැකියාව අපේ පක්ෂයට තිබෙනවා. අපි ආරම්භයේ පටන්ම කිව්වේ, රටට ආදරයක් තියෙන, වැඩක් කරන්න හැකියාවක් තියෙන, පරිනතභාවයකින් යුක්ත, එක්සත් ජාතික පක්ෂය සැබෑ ලෙසම නියෝජනය කරන්න හැකියාවක් ඇති, සියලු ජාතීන්, සියලු ආගම්වල රටවැසියන්ට සමසේ සැලකීමට හැකියාවක් ඇති, ඒ වගේම ජනතාවගේ හදවත් හදුනන කෙනෙක් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා කියලයි. අපි ඒ ආකාරයෙන්ම ඒ දේ ඉෂ්ට කරනවා.

    අද රටේ සෑම කොනක්ම නිහඩව සංවර්ධනය වීගෙන යනවා. අපි පම්පෝරි ගහන්නේ නැහැ. පෙර පැවති රජයන් විසින් සිදුකළ කාර්යයන්ට වඩා, ඒවාට ලබාදුන්න ප්‍රචාරණය වැඩියි. නමුත් අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන, ස්වෛරීභාවය, ඒකියභාවය ආරක්ෂාවන පරිදි, ජනතා හදවත් වලට දැනෙන පරිදි සමස්ත රටම එකම ආකාරයෙන් සංවර්ධනය කරන්නයි. අපි ඒ දේ කරගෙන යනවා. මම මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉන්න දවස්වල තමයි ප්‍රචාරණය වෙනුවෙන් නාස්ති කරන මුදල් ප්‍රමාණය අවම කළේ. සමහර අවස්ථා වලදී අපි කරන සංවර්ධන කාර්යයන් රටට පෙන්නුම් කරන්න නොලැබෙන එක අවාසියක් තමයි. නමුත් අපි සැබෑ සංවර්ධනයක් කරන නිසා, ඒ සංවර්ධනය ජනතා හදවත් වලට දැනෙනවා.

    අපි 2015 දී ඉලයට පත්වුණ අවස්ථාවේදී කිව්වා වංචාව, දූෂණය වලක්වනවා, වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන්න ක්‍රයාත්මක වෙනවා කියලා. අපි ඒ සදහා කටයුතු කළත්, නීතිය පැත්තෙන් සිදුවන කාර්යයන් වලට අපිට බලපෑම් කරන්න හැකියාවක් නැහැ.. වැරදිකරුවන් උසාවියට රැගෙනගොස්, ඔවුන් නිදොස් කරනවා. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම කළොත් කියන්නේ අපි නීතියට ඇගිලිගැසීම්, දේශපාලන බලපෑම් කරනවා කියලනේ. මේ වකවානුව තුල වැඩියෙන්ම තාඩන පීඩන එල්ලවුනේ අපේ පාක්ෂිකයින්ට” යැයි පැවසීය.


  • පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

    පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

    සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් කිරීමට මේ වන විට යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් අනාවරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩ නැඟීම සඳහා වූ සාකච්ඡා තමා ඇතුළු කණ්ඩායම සාර්ථකව ඉදිරියට ගෙන ගිය බවත්, පක්ෂය දෙකේම මෙන්ම වාමාශික කඳවුරේ බහුතරයකගේත් තමාගේත් අපේක්ෂාව ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ සන්ධාන ගතව තරඟ කොට ජයග්‍රහණය කිරීම බවත්, නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සුළුතරයක් එම සන්ධානය ගත වීම විනාශ කර දැමීමට උත්සහ කරන බවත්ය.

    යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගත වීම විනාශවීමේ අවසාන ප්‍රතිථලවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකුත් ඉදිරිපත් වීම බවයි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාව ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී ඇත්තේ ශ්‍රීලනිප සහ ශ්‍රීලපොපෙ අතර සන්ධාන ගතවීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණයක් වන අන්දමින් සිදුනොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම ජනාදිපති අපේක්ෂයෙක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කිරීමට සිදුවන බවයි.

  • ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)

    ගෝඨා ජනපති අපේක්ෂකත්වය ගන්න මොහොතකට කලින් ගෝඨාගේ මැර සහචරයෝ වැඩ පෙන්වයි; කුප්‍රකට මන්ත්‍රීවරයෙකුත් ඒ අතර (වීඩියෝ)

    රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමටත් පෙර ගෝඨාගේ සහචරයෙකු වූ කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක ඇතුළු ඔහුගේ සහචර මැරයින් විසින් ඉතා සාමකාමීව සංවිධානය කොට තිබූ උද්ඝෝෂණයකට පහර දී එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් තඟ දමා ඇතැයි වාර්තාවේ.

    පසුගියදා නුගේගොඩදි අගනගරයේ කුණුකසල සහ අපද්‍රව්‍ය පවිත්‍ර නොකිරීමට එරෙහිව කෝට්ටේ ශ්‍රී පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායකට එරෙහිව සාමකාමී විරෝධතාවයක් පැවැති අතර එම ස්ථානයට කඩා වැදුණු ගෝඨාභයගේ සමීප මැරයෙකු වූ මන්ත්‍රී විරාජ් වික්‍රමනායක විරෝධතාකරුවන්ට බැන වදිමින් කැමොර දෙමින් පහර දීමට උත්සහ කළේය.

    තවමත් නගරසභා වල බලය ඇත්තේ පොහොට්ටුවට හෙයින් ඔවුන් මෙයට වගකිවයුතු බව පැහැදිලි කලද එය මගහැරී මන්ත්‍රීවරයා දිගින් දිගටම තඟ දමමින් උද්ඝෝෂකයින්ට පහර දීමට උත්සහ . තමාගේ නායකයා බලයට පත්වීමටත් ප්‍රථම මෙවැනි හැසිරීම් වලින් පැහැදිලි වන්නේ බලයට පත්වීමෙන් පසු තමාගේ අවසරයකින් තොරව නුගේගොඩ මන්සන්ධියට හෝ පැමිනීම මහජනතාවට තහනම් වන බව නොවේද ? මොවුන් මේ අධම, මජර,වගකීම් විරහිත ගෝඨාභය රාජපක්ෂගේ මැර දේශපාලක හෙන්චයියන් කෙදිනක හෝ පාර්ලිමේන්තුවට පැමිනියහොත් එයට වගකිවයුතු වන්නේ මේ රටේ සිවිල් ජනතාව නොවේද ? මොහු දේශපාලනයට සුදුසුද? ඒ සදහා ඇති එකම සුදුසුකම රාජපක්ෂලාගේ පක්ෂයේ වහල් මැරයෙක් වීමද..? සිතන්න තවත් වරක් සුදු වෑන්,මැර සහ කුඩු සංස්කෘතියකට රට ගෙන යනවාද..? නැතිනම් දිනු ජනතා නිදහස ඉදිරියට ගෙනයනවාද..? තීරණය ඔබ සතුයි.

  • කොළඹ කුණු දින දෙකකින් ඉවත් කරනවා – නා.කො

    කොළඹ කුණු දින දෙකකින් ඉවත් කරනවා – නා.කො

    කොළඹ නගර සීමාව තුළ එකතු වී තිබෙන කසළ දින දෙකකින් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඊයේ (11දා) පැවසීය.

    වර්තමානයේ ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වයත් සමග කසළ මෙටි‍්‍රක් ටොන් 10 ක් අරුවක්කාලූව වෙත රැගෙන යාමට නගර සභාවට රුපියල් ලක්ෂයක පමණ වියදමක් දැරීමට සිදුවන බව ද ඒ මහතා කීය.

    මේ වන විට නගර සීමාව තුළ කසළ මෙටි‍්‍රක් ටොන් 1800ක් පමණ එකරැස් වී තිබෙන බවත් පසුගිය සිකුරාදා (09දා) අභියාචනාධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව කසළ අරුවක්කාලූ කසළ අංගනයට අඛණ්ඩව රැගෙන යන බවත් නානායක්කාර මහතා කීය.

    කොළඹ නගර සීමාව තුළට රැකියාවන් සඳහා පිට පළාත්වලින් පැමිණෙන විශාල පිරිසක්ද රැගෙන එන කසළ සමග දෛනිකව කසළ මෙටි‍්‍රක් ටොන් 400 ක් 500ක් එකතු වන බව ද ඒ මහතා කීය.

    මේ වන විට නගර සභාව විසින් එකතු කරන කසළ කෙරවලපිටිය කසළ අංගනයට රැගෙන යාමෙන් පසු පෞද්ගලික සමාගමක් විසින් එම කසළ අරුවක්කාලූ කසළ අංගනයට රැගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

  • මහින්දට තිලංගගෙන් ලිපියක්..

    මහින්දට තිලංගගෙන් ලිපියක්..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත.

    මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ මහතා වෙත සිය ගෞරව පුදකොට ඇති අතර 2009 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 160,000ක් ඉක්මවමින් පළාත් සභාවට පත්වෙමින් දේශපාලනයට අවතීරණය වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහය සහ මඟ පෙන්වීම ගෞරවයෙන් යුතුව සිහිපත් කොට ඇත.

    එසේම පසුගිය මහමැතිවරණයේදී තම සන්ධානයේම පිරිසක් විසින් ඉතා සංවිධානාත්මක තමාව පරාජය කිරීමෙන් අනතුරුව අහිමි වූ පාර්ලිමේන්තු අසුන තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම හොඳින්ම දන්නා ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට ජාතික ලැයිස්තුවෙන් යළි ලබාදෙමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙසට ඔසවා තැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ගෞරවාදරය නිතැතින්ම පුදකරන බවත් එම කෘතවේදීත්වය කිසිදා අමතක කළ නොහැකි බවත් සුමතිපාල මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

    එසේම පසුගිය 2018 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කරමින් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ගත් වෙහෙස සහ උත්සහය අපමණ බවත් එම ඔබතුමා හොදින් දන්නා කරුණකි. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී පොදු ජන පෙරමුණ අතර බිඳ වැටුණු සබඳතා යළි ගොඩනඟමින් ශ්‍රීලනිප, ශ්‍රිලපොපෙ අතර නව සන්ධානයක් ගොඩනැඟුමේ කටයුතු කරන ලද්දේද මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිවාර්දය යටතේ වන අතර එය දැන් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එකම ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් එකම වේදිකාවක සිටිනු දැකීම තම ඒකායන ප්‍රාර්ථනය බවයි.

    තවද ඔබ දෙපළ එක්ව නම් කරන ජනාධිපති අපේක්ෂකයා දිනවීමේ ක්‍රියාන්විතය තමා කිසි විටෙකත් අමතක නොකරන බව පවසා ඇති සුමතිපාල මහතා ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ එක්කිරීමේ කර්තෘවය සාර්ථක වනු ඇතැයි විශ්වාසය පළ කර සිටී. එසේම මෙම සම්මේලනයට සහභාගී වීම සඳහා කළ ආරාධනය ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් මේ සඳහා තමා පෞද්ගලික සහභාගී නොවන බවත් තිලංග සුමතිපාල මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


  • දේශපාලඥයෝ  නිසි වේලාවට නිවැරදි  තීන්දු තීරණ නොගැනීම තමයි රටේ  සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

    දේශපාලඥයෝ නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම තමයි රටේ සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

    “තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි හැංගි කටයුතු කරනවා මිසක්, සෘජුව තීරණ අරගෙන ගැටළු විසදන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රට සංවර්ධනය කරන්න නම් පැහැදිළි, සෟජු නායකත්වයක් අවශ්‍යයි, විනයක් අවශ්‍යයි, රටට ආදරයක්, කැපවීමක් අවශ්‍යයි. නිදහස ලැබුණදා පටන් සෑම දෙයක්ම නිකන් දෙන්න සැලසුම් කළා. නමුත් අද වෙනකල් රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් වුණාද. එදාටත් වඩා අද දුප්පත්කම වැඩිවෙලා. මේ වනවිට සංවර්ධනය වෙලා තිබෙන රටවල් ගැන සලකා බැලුවම අපිට පැහැදිලි වෙනවා, ඒ රටවල් අද දියුණූ වෙලා තිබෙන්නේ ජනතාවට සෑම දේම නිකන් දීලා නොවෙයි කියලා. දෙයක් ජනතාවට නිකන් දෙනවා කියන්නේ, තවත් පාර්ශවයක් විසින් ඒ දේ සදහා ගෙවනවා කියන එකයි. මෙන්න මේ අසමතුලිතතාවය නැති කරනකල් රටක් සංවර්ධනය කරන්න බැහැ” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයීය ස්ථීර සේවක ප්‍රවාහයට අළුතින් එකතුවන ලිපිකරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු 100 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

    සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පක්ෂ භේදයකින් තොරව දීපව්‍යාප්ත පදනමක් මත සමානුපාතිකව බෙදී යන අකාරයෙන් ලබාදුන් මෙම නව පත්වීම්, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ පුද්ගලයන් වෙත ලබාදුන් අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනාධිකාරිය ඇතුළු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “ලං.වි.ම. කියන්නේ වෙනම ලෝකයක්. ඒ ලෝකය තුල එක රැකියාවක් ලබාගන්න සියදෙනෙක් බලාගෙන ඉන්නවා. අද අපි මේ රැකියා ලබාදීලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොවෙයි. මේ රැකියාලාභීන් අතරෙ සෑම පක්ෂයකම පිරිස් සිටිනවා. ඒ නිසා මම මේ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ රැකියා පාට වලට සීමා කරන්න, කොටු කරන්න එපා කියලා. ලං.වි.ම . කියන්නේ රටේ ජනතාවගේ ප්‍ර‍ධාන යටිතල පහසුකමක් සපයන ආයතනයක්. ඒ නිසා අද රැකියා ලබාගන්නා මේ පිරිසට මම කියන්නේ, ඔබ අද මෙම ආයතනයට සම්බන්ධ වෙන්නේ ඒ සේවය තවදුරටත් සාර්ථකව ඉටු කරන්නයි. එහෙම නැතිව පැය 8 ක් නිකන් ගෙවලා යන්න නොවෙයි. අපි ලංවිම තුළ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. එසේ නොවුනොත් රටේ සංවර්ධනයට එය මහත් බාධාවක් වෙයි.

    අද ලංකා විදුලිබල මණ්ඩලය වසර 50 ක් සමරණ අවස්ථාවේ, ලංවිමත් වෙනස් ආකාරයකට අළුතින් සිතිය යුතුයි. මේ ආයතනයත්, රට ලෝකයට එකතුවීමේ වැඩපිළිවෙලට සම්බන්ධ විය යුතුයි. මෙය කොටස් 03 ක් යටතේ සිදුවිය යුතුය. එක් කොටසක් තමයි පාරිභෝගිකයා. පාරිභෝගිකයා ගැන අපි අළුතින් සිතිය යුතුයි. ඒ අනුව පෙර තිබූ ඒකාධිකාරිය වෙනස් කල යුතුයි. ඒ නිසා තමයි පාරිභෝගිකයා රජා යන සංකල්පය ඇති කලේ. ඒ වගේම පාරිභෝගිකයාට ක්ෂණික මෙන්ම ගුණාත්මක සේවයක් ලබාදිය යුතුයි. මීට ඉහතදි පාරි‍භෝගිකයා යම් විදුලි ගැටළුවක් දැනුම් දුන්නම, ඒ තතත්වය යතා තත්ත්වයට පත්කිරීමට දිනක් දෙකක් වැනි කාලයක් ගතවෙනවා. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වෙලා, වඩාත් ඉක්මන් සේවයක් සපයන්න ලංවිමට හැකිවෙලා තිබෙනවා. ඒ තුළින් තමයි ආයතනය ජනතාව වෙත වඩාත් සමීප වෙන්නේ. අද අපේ පාරිභෝගිකයෝ ලක්ෂ 72 ක් පමණ සිටිනවා. ඒ පාරිභෝගික පිරිස වෙතට මාසයකට වතාවක්වත් යන එකම ආයතනය ලංවිම පමණයි. ඒ අනුව ජනතාවට වඩාත් ලංවෙමින් හැගීම්බරව කටයුතු කලහැකි ආයතනයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය.

    ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී කෝටි දසදහසක අලාභයක් ලබන ආයතනයක්. මේ අලාභයට ප්‍රධානම හේතුව වන්නේ, අපේ ජනන වියදම විකුණූම් වියදමට වඩා වැඩිවිම. මොන ආයතනයද මේ විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන්. මෙම අලාභය අඩු කරන්න, අපිට ලේසියෙන්ම විකුණූම් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වන්නේ ජනන වියදම අඩුකිරීමෙන් එම අලාභය මකාලන්නයි. මුල් යුගයේ විදුලිය නිපදවූයේ දර වලින්. පසුව අපි ජල විදුලියට මාරු වුණා. මේ වනවිට ජල මූලාශ්‍රයන් සියල්ලම වාගේ අවසන් වී ඇති නිසාත්, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාත් තමයි පුනර්ජනනීය ප්‍රභවයන්, තාප බලාගාර වැනි විකල්පයන්ට යන්න සිදුවෙලා තිබෙන්නේ. නිරන්තරයෙන්ම අපේ රටේ වර්ධනය වෙන විදුලි ඉල්ලුමට සරිලව සැපයුමක් ඇති කරන්න අපට තවම හැකිවෙලා නැහැ. ඒ නිසා තමයි අපි ගල් අගුරු වැනි මිල අවම ප්‍රභවයන්ට යන්නේ. නමුත් එහිදීත් නොයෙක් පිරිස් වලින් විරෝධතා මතු වෙනවා. කුඩා ජලවිදුලි බලාගාරයක් ස්ථාපිත කරන්න ගියත් එහෙමයි. පරිසර සංවිධාන වලින් විරෝධතා මතු වෙනවා. මේ තත්ත්වයන් නිසා අපි සූර්ය, සුළං වැනි ප්‍රභවයන්ට යොමු වුණා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු කියන්නේ සූර්ය සුළං වැනි ප්‍රභවයන් ස්ථිර ජනන සැලසුම් නොවන නිසා ඒවා වැදගත් නැහැ කියලා. ඒකත් ඇත්ත තමයි. ඒ නිසා අපි එල්.එන්. ජී. තාක්ෂණයට යොමු වෙන්න තීරණය කරනවා. එහි මිල අවම නිසා අපි සැලසුම් කරලා තිබුණේ 2012 ඉදලා එල්.න්.ජී. වලින් විදුලිය ජනනය කරන්න. නමුත් මේ වනවිටත් ඒ තත්ත්වයට එන්න අපිට නොහැකිවෙලා තිබෙනවා. ලං.වි.ම. තුළ සැලසුම් සහගත වැඩපිලිවෙලක් තිබෙනවා. නමුත් ක්‍රියාත්මක කරලා නැහැ. විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි මේවට වගකියන්න ඕන. දේශපාලඥයෝ නිසි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීම තමයි මේ ප්‍රමාදයන්ට හේතුව වන්නේ. මේ හැමදේකම අවසන් ප්‍රිතිඵලය තමයි, ඉන්ධන යොදාගනිමින් අධික මිලක් යටතේ විදුලිය ජනනය කරන්න සිදුවීම. ඉන්ධන මාෆියාවන් ඇති වන්නේ මේ හේතුවෙන්.

    අපි නිර්භීතව නව ජනන සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම සැලැස්ම තුළින් ගල් අගුරු, එල්.එන්.ජී. පුනර්ජනනීය ශක්තිය තුළින් හැකිතරම් විදුලිය නිපදවන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙනුත් නොයෙක් බාධක එල්ල වෙනවා. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. ඒකයි මම කියන්නේ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. හැකිතාක් දුරට අපි පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුයි. විදුලි නිෂ්පාදනය වගේම විදුලිය සම්ප්‍රේෂණය, බෙදාහැරීම තුළ තිබෙන ගැටළුත් අපි විසදා ගතයුතුයි ” යැයි පැවසීය.

  • රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

    රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

    ඉදිරි ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව විපක්‍ෂ නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11) ප‍්‍රකාශයට පත් කළේය.

    කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) සවස පැවැති එම පෙරමුණ පළමු ජාතික මහා සමුළුවේදී හෙතෙම මේ බැව් සඳහන් කළේය.

    පස්වරු 3.00 ට ආරම්භ වූ මෙම සමුළුවට පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, චමල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, සී. බී. රත්නායක, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්. එම්. චන්ද්‍රසේන, ඩිලාන් පෙරේරා පවිත‍්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියලූදෙනා සහභාගි වූහ.

    මෙයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආචාර්ය සරත් අමුණුගම, එස්. බී. දිසානායක, ටී. බී. ඒකනායක, එක්සත් ජාතික පක්‍ෂයෙන් විපක්‍ෂයට පැමිණි දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, ආනන්ද අලූත්ගමගේ, කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන පක්‍ෂවල නායකයන් පළාත් සභා හිටපු මැති ඇමැතිවරු පළාත් පාලන ආයතන සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

  • දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌

    දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌

    අඹුසැමි ආරවුලකින් පියා වෙන් වී යැමෙන් පසුව මවගේ සෙවණේ ජීවත් වූ අවුරුදු 14 ක දැරියක්‌ මවගේ අනියම් පුරුෂයා අතින් කෙළිසී ගැබිනියක්‌ බවට පත්වීමේ ෙ€දජනක පුවතක්‌ බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වේ.

    පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව සිද්ධිය මෙසේය. බිරිඳ, සිවිල් ආරක්‍ෂක භටයකු සම`ග අනියම් ඇසුරක්‌ පැවැත්වීම නිසා හට ගත් අර්බුදයෙන් පසු සැමියා තණමල්විල ප්‍රදේශයේ පදිංචියට ගියේය. ඒ වන විට අවුරුදු 14 වයසැති දැරිය මව භාරයේ සිටි අතර පසුව මව තම අනියම් සැමියා සමග එකට නිවසේ ජීවත් විය. ඒ අතරේදී සුළුපියා එම දැරිය පොළඹවා ගෙන අඹුසැමියන් සේ හැසිරී ඇත. දැරිය පාසල් යැමට මුදල් නොමැති වූ දිනක නිවසේ රැඳී සිටියදී පැමිණි සුළු පියා ඔහුගේ මිතුරකු වූ පලතුරු වෙළෙන්දෙක්‌ නිවසට කැඳවාගෙන විත් ඔහු සම`ග අඹුසැමියන් ලෙස හැසිරීමට දැරියට බලකර ඇත. ඇය ඊට අකැමැති වූ පසු රෙදි වැලේ ලණුව ලිහා දැරිය ඇඳට තබා බැඳ ඇයට අතවර කිරීමට නරුම මිතුරාට අවස්‌ථාව සලසා දී ඇත.

     ඉන්පසු වද වේදනාවට පත් වූ දැරිය මවටත් හොරෙන් පියා සොයා ගොස්‌ සිද්ධිය පවසා තිබේ. ඔහු දියණියද සම`ග ගොස්‌ මොනරාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දැරිය රෝහල් ගත කර ඇත. එහිදී ඇය ගැබිනියක්‌ බවට අනාවරණය වූ බැවින් ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයට ඇතුළත් කර තිබේ. මෙහිදී අනියම් සැමියා හා දැරියගේ මව පොලිසියෙන් සොයා ගියත් ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොසිනි.

     අනියම් පුරුෂයාගේ මිතුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් බී. ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළේ ස්‌ත්‍රී දූෂණ චෝදනාව මතය. මොහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

     දැරියගේ මව හා අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්‌ත්‍රාත්වරයා පොලිsසියට නියෝග කළේය.

     බළන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පො. ප. ලෝරන්ස්‌ ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ පරිදි කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා පාලිකා රාජපක්‍ෂ, පො. කො. (39448) නුවන් යන මහත්ම මහත්මීන් පරීක්‍ෂණ සිදු කරති. දැරියගේ මව අනියම් සැමියා සම`ග තැන්න, කල්තොට හොරකැටිය යන ප්‍රදේශවල කුලී නිවාසවල ජීවත් වූ බවට තොරතුරු අනාවරණය විය.