Author: Editor

  • කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

    කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථානයට කලුතෙල් ප්‍රහාරයක් හා ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    අද(28) උදෑසන මෙම සිදුවීම පිළිබඳ තමා දැන ගත් බව වෛද්‍යවරයා පැවසීය.

    කෙසේ වෙතත් ඊයේ(27) දිනයේ දී ජාතික සංහිඳියාව ඇති කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ රාජිත සේනාරත්තන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත් වු බවත්, රාජිත සේනාරත්න මහතාගේ හා ගෝලයින් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පැවසු වෛද්‍යවරයා, කළුතර ශාඛාවේ උපසභාපතිවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ද මෙවැනි ප්‍රහාර එල්ල කිරීම තුළින් සංහිඳියාව මතු කර දක්වා ඇතැයි ද වෛද්‍යවරයා පවසා සිටියේය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙවැනි සිදුවීම් කිරිමට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවන බවත් පැවසු වෛද්‍යවරයා, ඉතිහාසයේ මෙවැනි ක්‍රියාවලට දක්ෂයෙක් බවත් එනිසා සියලු ආණ්ඩුවලින් යැපෙමින් ඉතා දක්ෂ ලෙස ජිවත් වෙන එකම පාලකයා රාජිත සේනාරත්න මහතා බව ද පැවසීය.

    එල්.ටී.ටී.ඊ සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඉතා සූක්ෂම ලෙස දේශාපලනය කළ හැකි එකම පුද්ගලයා ඔහු බවට ද චෝදනා කර සිටි වෛද්‍ය නලින් ජයතිස්ස මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මේ ආකාරයෙන් හැප්පී මේ ගමන නැවැත් වීමට සිතීම ඔහුගේ සිහිනයක් පමණක් බව ද කියා සිටියේය.

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ දේශපාලන ගමන් මඟේ යම් වැරැද්දක් ඇති බැවින් මෙලෙස මෙම ක්‍රියාවලියට යොමු ඇති බවත් පැවසු වෛද්‍යවරයා දේශාපලඥයින් විසින් බාල බෙහෙත් ගැබිණි මව්වරුන්ට ලබා දෙන ආකාරය රජයේ විගණන වාර්තා තුළින් පෙන්වා දී ඇතැයි ද පැවසීය.

    සේනක බිබිලේ වෙන්න හදන රාජිතගේ නිරුවත මේ වන විට එළිදක්වමින් සිටින බව ද පැවසු වෛද්‍යවරයා, රාජිත සේනාරත්න මහතාට මෙය දරා ගැනීමට නොහැකි වී ඇති ද කියා සිටියේය.

    කළුතරින් ඇරඹි රාජිත සේනාරත්නට එරෙහි විරෝධය අද වන විට මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇතැයි ද පැවසු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද වන විට රාජිත සේනාරත්න මහතාගේ දේශපාලන මළ ගම සනිටුහන් වී ඇතැයි ද පැවසීය.

    පොලීසියෙන් මෙයට සාධාරණයක් ඉටු වේයැයි සිතිය නොහැකි බව ද පැවසු වෛද්‍යවරයා, කෙසේ හෝ පැමිණිල්ලක් කර ඇතැයි ද සඳහන් කළේය.

  • ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

    ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

    “එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක වශයෙන් මම වගකීමෙන් යුතුව කියන්නේ, තවමත් අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නැහැ. දේශපාලඥයන් වශයෙන් නිතරම අපි නිවැරදි වියයුතුයි. අපි කරන සියලු දේ ජනතාවට හිතකර නොවන්න පුළුවන්. නමුත් අනිත් පක්ෂ වලට වඩා අපි ජනතාව ගැන හිතලා කටයුතු කරන පක්ෂයක්. මේ රට සිංහල බෞද්ධ රටක් . නමුත් සියලු ජාතීන්, සියලු ආගම් වලට  ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය මත ජීවත්වීමේ අයිතිය අපි සුරක්ෂිත කල යුතුයි. ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “ඔක්තෝබර් මාසේ 05 දා වනවිට මේ විහාරස්ථාන භූමියේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අගමැතිතුමා පොසොන් පොහොයදා මෙම ස්ථානයට පැමිණ පොරොන්දු වූ පරිදි මෙම කටයතු සිදු කරනවා. ඒ වෙනුවෙන් වන මූලික සාකච්ඡා අද ආරම්භ වුණා.

    මෙම ස්ථානය දෙආකාරයකින් නවීකරණය කරනවා. ප්‍රධානම වශයෙන් මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කමට, පෞරාණික වටිනාකමට සහ පූජනීය බවට  හානියක් නොවන අයුරින් මෙම නවීකරණ කටයුතු සිදුකරන්න අපි පියවර ගන්නවා. මෙම ස්ථානය නරඹන්න දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් ඒ තුළින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා නායක ස්වාමීන්වහන්සේ අපට පෙන්නලා දුන්නා.  උන්වහන්සේගේ අනුදැනුම සහ අනුශාසනා අනුව අපි මෙහි නවීකරණ කටයුතු සිදු කරනවා. පෝය දින හැරෙන්නට සවස් කාලය වෙද්දි මෙම ස්ථානයට පැමිණීම ටිකක් දුෂ්කරයි. ලංවිම මගින් මෙම ස්ථානයට විදුලිබල සැපයුම තුළින් වෙනසක් ලබාදීලා තිබෙනවා. නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

    දේශපාලනය තියන්නේ දිනකට දෙකකට සීමා වෙලා කළයුතු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ දෛනිකව ක්‍රියාකාරි වියයුතුයි. ඒ තුළින් ත්‍රස්තවාදය , අන්තවාදය සම්පූර්ණයෙන් නැතිකොට සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන් එකමුතුව සමගිව එකම රටක් වශයෙන්  ජීවත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

    යම් යම් පිරිස් කියනවා පසුගිය අප්‍රේල් 21 සිදුවු බෝම්බ ප්‍රහාරය ආණ්ඩුව සිය වාසියට හරවාගෙන කියලා. නමුත් එම සිද්ධිය අපි කව්රුත් දන්නා පරිදි අනපේක්ෂිත සිද්ධියක්. සුළු පිරිසක් එකතු වෙලා අන්තවාදීව කටයුතු කරලා මුලු රටක්ම විනාශ කළා. එවැනි තත්ත්වයක් ආයෙ කවදාවත් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරිම ආන්ඩුව සතු කාර්යයක්. ඒ නිසා අපි එම කටයුත්ත අනිවාර්යයෙන්ම කරනවා. පාස්කු ඉරිදා ඇති වූ ප්‍රහාරයත් සමග එක් අයෙකුට චෝදනා එල්ල වුනත්,  මුස්ලිම් මන්ත්‍රීවරුන් දියලුදෙනා ඉල්ලා අස්වුනේ පරීක්ෂණ කටයුතු පහසුකරන්න. එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ සී.අයි.ඩී. වාර්තාව පසුගියදා නිකුත්වුණා. එම වාතාවෙන් ඔප්පු වුණා එසේ ඉල්ලා අස්වූ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් චෝදනා නොමැති බව. ත්‍රස්තවාදීන් සුළු පිරිසක් සිදුකල විනාශකාරී කටයුත්තකට අනෙක් අයටයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ ” යැයි පැවසීය.

  • එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

    එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

    ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

    බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්ත අතේ බලාගෙන සිටින බවත් දැඩි අතරින් පෙනෙන බවත් වෙනදා පැවති ගති පැවතුම් එක්වරම වෙනස් වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    වෙනදා රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටි ඔවුන් ඊයේ දිනයේ සිත ආහාර පාන නොගෙන සිටි බවත් ඇතැම් සිරකරුවන් ක්ලාන්ත වී ගිය බවත් නිලධාරීහු කියා සිටිති.

    මේ වන විට බන්ධනාගාරය මරණ දඬුවම ලැබූ සිරකරුවන් 455 දෙනෙකු රඳවා සිටී. මත්ද‍්‍රව්‍ය ජාවාරම් සම්බන්දයෙන් වරදකරුවන් වී මරණ දඬුයම නියම වී සිටින සිරකරුවන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුව බන්ධනාගාරය විසින් සිරකරුවන් 18 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා තිබින.

  • ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

    ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

    ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

    මෙහිදී වත්මන් දේශපලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.

    මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු නම් කර නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කළ යුතු බවට මෙහිදී යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. අදාල යෝජනාව ඒකමතිකව සම්මත වූ බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල 06 වන සාකච්ඡා වටය ඊයේ (26) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය. අදාල සාකච්ඡාව සාර්ථකව සිදු වූ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

  • මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

    දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන් කරයි.

    ඒ අනුව දඬුවම ක‍්‍රියාත්මක කරන දිනයද තීරණය කර ඇතැයි ඔහු පැවසීය.


  • රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

    රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

    ජී 7 සමුළුවේ දී ලෝක නායකයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලඟට පැමිණ ලබාදුන් ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    2015 වසරට පෙර ශ්‍රී ලංකාව පිළිබදව ලෝක නායකයින් දක්වන ලද ප්‍රතිචාරය වර්තමානයේ දක්නට ලැබෙන බද අමාත්‍යවරයා පවසයි.

    හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 06 වන ගුණසමරු උත්සවය වෙනුවෙන් ජා-ඇල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 20 ක මුදලක් වැය කරමින් ඉදිකිරිමට යෝජිත අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයට අද (24) පස්වරුවේ මුල්ගල තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. වර්තමානයේ කසකිස්ථානය, බලුකිස්තානය වැනි රටවල් වලින් පමනක් ජනාධිපතිවරයාට ආරාධනා ලැබෙන බවද අමාත්‍යවරයා පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද ශ්‍රී ලංකාවට පැමිණියේ තුට්ටු දෙකේ නායකයින් පමනක් බවත් භාර්යාවන් 32 ක් ඉන්න රාජ්‍ය නායකයෙක් ද ලංකාවට පැමිණි බවත් එම තත්ත්වය වත්මන් නායකත්වය විසින් යළි උදාකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

    “දොස්තර ජයලත් ජයවර්ධන මහතා ගිනස් වාර්තා තබමින් වෛද්‍ය ශාස්ත්‍රය ජනතාවට කියා දුන්නා. සැම පුද්ගලයෙකුටම වෛද්‍ය උපකාර සිදු කළා. මමත් ජයලත් ජයවර්ධන මහතාත් හොද මිත්‍රයන්. ඔහු ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්. ජාතිය, ආගම, කුලය බලා ජනතාවට සේවය කළේ නැහැ. යුධ ගැටලු පැවැති කාලයේ දී උතුරේ ජනතාවටත් සේවය කරමින් සංහිදියාව ගොඩ නැගීමට යුග මෙහෙවරක් කළා.”

    “හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතා බලය ලබාගන්නා විට අයවැය අතිරික්තයක් තිබුනා. අයවැය හිඟයක් තිබුනේ නැහැ. නමුත් ජාතිය, ආගම ප්‍රශ්න මත රට කෑලි වලට කැඩුනා. පවුලක වුනත් ප්‍රශ්න තිබුනා නම් සාර්ථක වන්නේ නැහැ.

    රටේ තිබූ සමගිය නැති වුනා. අපේ රටට නිදහස ලබාගත්තේ සියලු දෙනා එකමුතු වෙලා. එය අපට තනියෙන් බුක්ති විදින්න බැහැ. විවිධ චෝදනා එල්ල කරන අයට වඩා මම හොද බෞද්ධයෙක්. මම පිළිගන්නේ බුද්ධ දර්ශණයයි. ඔය එක එක්කෙනා කියන දර්ශණ මම පිළිගන්නේ නැහැ.

    එකමුතුව ලබාගත් නිදහස කෑලිවලට කඩමින් 1956 සිට තවම ජාතිය ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ සිට ආගමත් ආරක්ෂා කරන්න අපේ අය පුරුදු වුනා. වර්තමානයේ අපි මාලදිවයිනටත් පිටුපසින් සිටින්නේ. ඊනියා දේශපාලනඥයින් මෙය පිළිගත යුතුයි. ජාතිය පිළිබද ප්‍රශ්න ඇති කරලා අපේ රට කාලකණ්නි රටක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි.

    ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් ලක්ෂ 04 ඉක්මවනවා. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නේ රට හදන්නයි. රට හදන්න පුළුවන් කටින් නොව මොළය භාවිතා කරලයි. සිංහල බෞද්ධ දේශපාලනය තිබෙන්නේ ඡන්ද ලබාගැනීමටයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම එදා ක්‍රියාත්මක කළා නම් අද ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා.

    අපේ ආණ්ඩුව අපේම ප්‍රචාරක කටයුතු නතර කළා. අපි ඉටු කළ සේවාවන් ජනතාව අතරට ගියේ නැහැ. මම මීගමුව රෝහලේ තට්ටු 08 ක ගොඩනැගිල්ලක් ඉදිකරනවා. නමුත් මම මීගමු රෝහලට ගිය අවස්ථාවේ එළියේ සිටි පොහොට්ටුවේ 25 ක් විතර කෑගහලා තිබුනා. එය තමයි අපේ මාධ්‍යයට ප්‍රවෘත්තිය වුනේ.

    මම එම මිනිස්සු දැක්කෙත් නැහැ. අපේ රජයේ සිටින්නේ පසේ බුදුවරු. නමුත් අපි බය නැතිව කියන්න තිබෙන දේ කියනවා. 2019 සහ 2020 මැතිවරණ අපි අනිවාර්යයෙන්ම ජයගන්නවා. 

    අපේ රටේ ඉන්නේ බත් කන ජනතාවක්. ලංකාවේ මොනතරමි නොතේරෙන පුද්ගලයින් සිටියත් බුද්ධිමතුන් ද සිටිනවා.”

  • එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

    එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

    “එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමග යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු දේ නිවැරදි කරගෙන,  ජනතාව තුල විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් ගමනක් අපි ආරම්භ කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ 234 වන සාංවත්සරිකය සහ දානමය අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අතිඋතුම් As Shaik Afzalul Thaika Nasir Alim උලමාතුමාද සහභාගි විය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

    “අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙන සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැහැ.

    නොයෙක් පුද්ගලයන් කිසිම ස්ථාවරයක් නොමැතිව. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබද විවිධ අදහස් සහ නාමයන් ඉදිරිපත් කරනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ, තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයා පිළබදව තීරණයක් අරගෙන නැහැ. රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ. එහෙම නැතිව, තමන්ගේ ප්‍රදේශයේවත් ජයග්‍රහණයක් හිමිකරගන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශවයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් වියයුතුයි “යැයි පැවසීය.

  • ජූජිත්ට දින දෙයි

    ජූජිත්ට දින දෙයි

    පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරනලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි  31  සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) නියම කළේය.

    මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ දින කැඳවීය

  • වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

    වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

    රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි.

    ඊයේ(23) රාත්‍රීයේ මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ පැවති මධ්‍යම පළාත් වෘත්තීය දේශකයන්ගේ හමුවීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

    ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙන විනයක් රට තුළ පැවතිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටක ආරක්ෂාව නැතිනම් අනෙක් සියලු දේ කඩා වැටෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

    වසර ගණනාවක් නොතිබුණ ආරක්ෂාව යළි ගොඩනගා බියෙන් තොරව ජීවත් වීමට හැකි යුගයක් තමා ලබා දුන් බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මිනිස්සුන්ට තමා යුද්ධය ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පැවති බව ද කියා සිටියේය.

    දිනක් කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය එල්ල කල අවස්ථාවේ තමා ආරක්ෂක මණ්ඩලයේ සිටි බවත් ඒ මොහොතේ සියලු දෙනා ජනතාව වෙත ගොස් මිනිස්සුන්ගේ බය නැති කල බවද හෙතෙම පැවසීය.

    යුද්ධයක් පැවතියත් කිසිවිටෙකත් ජනතාවට බර පැටෙව්වේ නැති බව ද පැවසු විපක්ෂ නායකවරයා, එක් පැත්තකින් අද වන විට එය වැරදි බව හැඟෙන බවත් ජනතාවට දැනෙන්න දෙන්න ඕන බව ද පැවසීය.

  • වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත්..! සාෆියා පිටුපස රාජිතයද..? (වීඩියෝ)

    වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත්..! සාෆියා පිටුපස රාජිතයද..? (වීඩියෝ)

    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා පැහැදිලි කරමින් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බවයි.

    බලහත්කාරයෙන් ජාතියක් වඳ කිරිම සමූල ඝාතනයක් බවත්  ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.  එමෙන්ම පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තුරු හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසයි.

    එහිද වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා,

    “ජනතාව දකින විධියට සහරාන්ට වඩා ත්‍රස්තවාදියා ශාෆි ශිහාබ්දින් කියන වෛද්‍යවරයා.  දැනට තමන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් ශාෆිට එරෙහිව ලැබී තිබෙනවා.

    තවම මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ කරලා නෑ.  රෝහල් ආරංචිමාර්ගවලට අනුව මොහු කරන ලද සැත්කම් ප්‍රමාණය 4000ක් නම් 4,000ක් කරන විට 1,000ක් වඳ වෙනවා කියන්නේ සැත්කම් කළ අයගෙන් 25%ක් වඳ වෙලා කියන චෝදනවාව එල්ල වෙනවා.  ශාෆි කියන විධියට සැත්කම් 8,000ක් කළා කියමුකො. ඒත් 12.5%ක් වඳභාවයට පත් වෙලා.  මොන පැත්තෙන් ගත්තත් සැක කටයුතුයි. 

    නමුත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවේ.  ඒ නිසා ඔහුට චෝදනා නැගිය හැක්කේ බරපතල තුවාල සිදු කිරීම කියන වරදට.  බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්.  

    ඒ සඳහා උපරිම දඬුවම වසර 7යි. බරපතල තුවාල සිදු කිරීම ඇප ලැබිය හැකි වරදක් නේද? සාෆිට ඇප ගන්න පුළුවන් නේද කියල කාට හරි හිතෙන්නට පුළුවන්. නමුත් ඇප පනතේ ඉතාම පැහැදිලිව කියනවා මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයෙකුට ඇප ලබාදෙන්න එපා කියලා.

    බලහත්කාරයෙන් ජාතියක් වඳ කරනවා කියන්නේ සමූල ඝාතනයක්.   ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතුයි.  පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තෙක් හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපති කටයුතු කළ යුතුයි.

    සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛණ අනුව අපි පෙන්වා දුන්නාට පස්සේ වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ අපිට තොරතුරු ලැබුණා.  දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමු වෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා. 

    තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විධියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා.  ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා. වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප්‍රශ්නයක් වුණා.  

    වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා.  මේ ගැන සොයා බලද්දි තමයි හොරේ හෙලි වුණේ.  වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොවේ.  ආණ්ඩුවමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාරයාංශයයි. වඳ සැත්කම් කරගන්න අයටයි ඒ සදහා පොළඹවන අයටයි දිරි දීමනා ලබා දෙන්නේ.

    1980 දශකයේ දී “පුංචි පවුල රත්තරන්” කියන සංකල්පය යටතේ “අපි දෙන්නයි – දරු දෙන්නයි” කියන තේමාව ප්‍රචලිත කලේ ලංකාවේ 2% ආසන්න ජනගහන වර්ධන වේගයක් පැවැති නිසා.  දැන් ජනගහන ර්වධන වේගය 0.8%යි.  සිංහලයින්ගේ නම් 0.5%යි. 

    ජර්මනිය වැනි ජනගහන වර්ධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ.  දරු ප්‍රසූතියටයි.  ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිහිපත් කරනවා.  දැන් තේමාව විය යුත්තේ “පුංචි පවුල රත්තරන්” නොවෙයි “වැඩුණු පවුල ඉස්තරම්” කියන එකයි.  ඒ නිසා තව දුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදු කිරීම අවශ්‍ය නෑ.  ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කර ගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නෑ.

  • හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

    හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

    පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

    අද(24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි උපදෙස් දී ඇත.

  • Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

    Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

    2019 ලෝක ක්‍රිකට් ශූරතා තරඟාවලියේ පාකිස්ථානයට සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයෙන් ලකුණු 49ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථානය සමත්විය.

  • ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)

    ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)

    මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වහබ්වාදී සංවිධාන 50කට අධික ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති.

    එම අන්තවාදී සංවිධාන මඟින් පසුගිය වසර 05 තුළ සිංහල ඇතුළු අනෙකුත් ජාතීන් සහ ආගම්වල ගැහැණු දරුවන් 7000කට වැඩි පිරිසක් සූක්ෂම මාර්ග ඔස්සේ මුස්ලිම් කර ඇතැයි හෙළිදරව් කර සිටියේය.

    https://youtu.be/55CCt1Maxrg?t=5
  • නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

    නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

    නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. 

    මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ එම කථාව ඔහුගේම වචනවලින් මෙසේය.

    ‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි. ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.

    මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා. මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි. 18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

    ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇති වුනා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.

    18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

  • යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

    යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

    කිරින්ද – යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය

  • බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

    බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය ලබන අගෝස්තු මස 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඔහු පවසන්නේය.

    සිය පක්ෂ නියෝජිතයින් මෙන්ම සහෝදර දේශපාලන පක්ෂවලට ද පක්ෂ සම්මේලනය සදහා ආරාධනා කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති අතර එම අපේක්ෂකයාට සිය පුර්ණ සහය ලබාදෙන බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.