Author: Editor

  • ප්‍රහාරයෙන් මියගිය අයගේ ජිවිත මුදල් වලින් මිල කරන්න බෑ

    ප්‍රහාරයෙන් මියගිය අයගේ ජිවිත මුදල් වලින් මිල කරන්න බෑ

    නැතිවූ ජීවිතවල වටිනාකම මුදල් වලින් මිල කරන්න බැහැ. නමුත් නැතිවූ ජීවිත නැවතත් පට ලබාගත නොහැකි නිසා, අපගේ කණාටුව ප්‍රකාශ කිරීමක් වශයෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 10ක් සහ රෝගී පුද්ගලයන් වෙනුවෙන් රෝගයේ බැරෑරුම්කම අනුව කොටස් 03 යටතේ වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසකගේ සුවදුක් විමසීම සදහා ඊයේ (03) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදී ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “යම්යම් අය කුමන්ත්‍රණශීලීව කටයුතු කරනවා අපේ වැඩකටයුතු කඩාකප්පල් කරන්න. නමුත් අපි ආණ්ඩුවක් වශයෙන් ලංවිම අදාළ අංශයන්ට උපදෙස් දීලා තියෙන්නේ මේ කාර්යය නිසි පරිදි ඉටු කරන්න. සමස්ත කැබිනට් එකම මේ දෙස විමසිලිමත්ව බලාගෙනයි ඉන්නේ. අපේ කටයුතු වලට දෙන්නෙක් තුන්දෙනෙක් හරස්වෙනවා. කුමන හෝ බාධාවක් ඇතිවුණොත්, මමයි සෘජුවම ඇවිත් කියන්නේ කව්ද ඒ බාධාව ඇති කලේ කියලා.

    අපට අවශ්‍ය වන්නේ අඛණ්ඩ සේවයක් සැපයීමයි. හදිසි විදුලිය මිලදී ගැනීමේදී මීට ඉහත වතාවන් වලට වඩා මිලෙන් අඩුවටත්, විශේෂයෙන් දැනට ජනනය කරන මිලටත් වඩා අඩුවෙන් ප්‍රථම වතාවට අපට මිලදී ගැනීමට හැකිවීම තමයි අපට තිබෙන ලොකුම සතුට. කුමණ තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙන්න අපි කටයුතු කරගෙන යනවා.

    පසුගියදා ඇතිවු කෲර බෝම්බ පිපිරීමේ තුවාල ලැබූ පිරිසගේ සුවදුක් මෙන්ම රෝහලෙන් සිදුවන සේවය පිළිබදව අහන්නයි අද පැමිණියේ.

    ඒ හදිසි අවස්ථාවේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ගොඩාක් සතුටුයි. අපේ අසරණ අහිංසක ජනතාව යාඥා කරන අවස්ථාවේ සිදුකළ ඒ කුරිරු ක්‍රියාව සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

  • කාඩිනල් ඉදිරියේ වැඩි ලකුණු දා ගන්න ගිය සජිත් සියල්ලන් ඉදිරියේ කිච වෙයි (Video)

    කාඩිනල් ඉදිරියේ වැඩි ලකුණු දා ගන්න ගිය සජිත් සියල්ලන් ඉදිරියේ කිච වෙයි (Video)

    පාස්කු දින ප්‍රහාරයෙන් විනාශයට පත් කිතුණු දේවස්ථාන යළි ගොඩ නැඟීමේ කාර්ය සඳහා ජනාධිපතිවරයා විසින් යොදවා ඇති නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් අතර ඔහු එය තම ප්‍රතිරූපය පුම්බාගන්නා වැඩක් බවට පත්කරගෙන ඇත.

    එය වඩාත් තහවුරු වූයේ අගරදගුරු අතිඋතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකිනි.

    එහිදී අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ, දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත “ඩ්‍රාමා එකක්” කර ගැනීමට අවශ්‍ය නොවන බවයි. එම ප්‍රකාශයත් සමඟ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මුහුණ අදුරු වැටී යනු පෙනින.

  • චෝදනාවලට උත්තර දෙන්න පූජිත් – හේමසිරි උසාවියේ නෑ; නීතිඥයොත් නෑ

    චෝදනාවලට උත්තර දෙන්න පූජිත් – හේමසිරි උසාවියේ නෑ; නීතිඥයොත් නෑ

    අන්තවාදී මුස්‌ලිම් කල්ලියක්‌ මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු ලැබී තිබියදීත් මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා නිසි පියවරක්‌ නොගැනීම ගැන චෝදනා කරමින් පොලිස්‌පතිට හා ආරක්‍ෂක ලේකම්ට (හිටපු) එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (03 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගය සඳහා මුලින්ම කැඳවූ අවස්‌ථාවේදී ඒ දෙදෙනාම උසාවියට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ නැත.

    එනිසා ඒ දෙදෙනාට රෙජිස්‌ට්‍රාර්වරයා මගින් යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පක්‍ෂයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන 21 දාට කල් තැබුවේය. පොලිස්‌පති පූජිත් ජයසුන්දර සහ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පෙත්සමේ 01 සහ 02 වගඋත්තරකරුවෝ වෙති. නීතිපති 04 වෙනි වගඋත්තරකරු ලෙස නම් කර ඇත.

    ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ඉඳුනිල් පුංචි හේවා මහත්මිය කියා සිටියේ තමා පෙනී සිටින්නේ නීථිපති වෙනුවෙන් පමණක්‌ බවයි. පොලිස්‌පති හා ආරක්‍ෂක ලේකම් වෙනුවෙන් ද පෙනී සිටින්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කර ඇති නමුත් දැනට උද්ගත වී ඇති තත්ත්වය අනුව එම ඉල්ලීමට කැමැත්ත පළවී නැතැයි ද රජයේ නීතිඥවරිය පැවසුවාය.

    ඒ අනුව මේ නඩුවේදී පොලිස්‌පති හා ආරක්‍ෂක ලේකම්ට පුද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබාගැනීමට සිදුවනු ඇත.බුවනෙක අළුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවන ලදී. මෙහි පෙත්සම්කරු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ජනත් එස්‌. විදානගේ මහතායි.

  • ජරමර අස්සේ බදියුදීන් රට පනී..

    ජරමර අස්සේ බදියුදීන් රට පනී..

    සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, වාණිජ කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කටුනායක ගුවන්තොටුපලේදී අද පස්වරුවේ විදෙස් ගතවී තිබේ.

    ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ පස්වරු 07.30ට පමණ UL-205 දරණ ගුවන් යානයෙන් ඇමතිවරයා මස්කට් නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි.

    ඇමැතිවරයා මක්කම වන්දනාවේ ගොස් ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටියේය.

  • මරාගෙන මැරෙන පුහුණුව ලැබූ 3ක් ඇතුලේ.. තවත් 17ක් සොයා මෙහෙයුම්!

    මරාගෙන මැරෙන පුහුණුව ලැබූ 3ක් ඇතුලේ.. තවත් 17ක් සොයා මෙහෙයුම්!

    පාස්කු ඉරිදා දිනයේ ලංකාව පුරා සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සඳහා නායකත්වය දුන් තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරා සමග කටයුතු කල තවත් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

    සහරාන් සමගින් දමූහ ඡුයාරූපයකට පෙනී සිටි 20 දෙනාගෙන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි 17 දෙනාත් සොයාගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගන්නා ලද තිදෙනා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පුහුණුව ලැබූවන් බවට තොරතුරු ඇති බද පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පවසයි.

  • ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදය ඇරඹි හැටි.. (වීඩියෝ)

    ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදය ඇරඹි හැටි.. (වීඩියෝ)

    ඉස්ලාම් අන්තවාදයේ ආරම්භය දේශීයව මෙරටදී ආරම්භ වූවක් නොවන අතර එය මීට දශක කිහිපයකට පෙර විදේශීය ආරම්භ වී මෙරටට ඉතා සූක්ෂමව පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    ඔහු මේ බව පැවසූයේ රටේ මේ වන විට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් විශේෂ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙම ඉස්ලාම් ත්‍රස්තවාදය අන්තවාදී නොවන ඉස්ලාම්වරුන්වම ඝාතනයෙන් ආරම්භ වී ඇති බවත් මෙහි ආරම්භය 1996 දක්වා අතීතයට ගමන් කරන බවත් ඔහු පැවසීය. මෙම ත්‍රස්තවාදී සංවිධානයේ ආරම්භයද එල්ටීටීඊ සංවිධානයේ ආරම්භයට සමාන බවත්, 1979 දී මතුව 1983 දී එල්ටීටීඊ සංවිධානය ආරම්භ වුවද එයට 1969 දක්වා අතීතයකට දිව ගිය අන්තවාදී මූලාරම්භයක් ඇති බව තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙයි.

    සියවස් ගණනාවක් පැරණි දේශීය සංස්කෘතිය සමඟ බද්ධ වී පැවති මෙරට මුස්ලිම් සංස්කෘතිය විනාශ කරමින් ක්‍රමිකව මෙම ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් තුළින් මෙරට මුස්ලිම් ජනතාව සමඟ ගොඩනඟා ගෙන තිබූ එම සංස්කෘතික බැඳීම විනාශ වී ගිය බවත්, එය අද වන විට ත්‍රස්තවාදයක් බවට පත්ව මුළු රටටම හිසරඳයක් වී ඇති බවට මෙහිදී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා කරුණු සහිතව ගෙනහැර දැක්වීය.

    ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ දේශීය ව්‍යාප්තිය සිදූ වූ ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

  • පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් අල්ලයි! සියල්ල වමාරයි

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් අල්ලයි! සියල්ල වමාරයි

    පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් සමග තමන් ද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට සැකකරුවෙකු පාපොච්චාරණය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී ය.

    රියාස් අබුබකර් නම් ඔහු ඉන්දීය ජාතික විමර්ශනය ඒජන්සි විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    තමන් ISIS සාමාජිකයෙක් යයිද සැකකරු විසින් අත්අඩංගුවේ දී හෙළිකර ඇත.

    මෙම පුද්ගලයාගේ සහායකයන් කවුදැයි ඉන්දීය බුද්ධි අංශ විසින් සොයා බලමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි.

  • ගුවන් තොටුපල ආරක්ෂාව තරවෙයි!ගුවන් කටයුතු සාමාන්‍ය පරිදි

    ගුවන් තොටුපල ආරක්ෂාව තරවෙයි!ගුවන් කටයුතු සාමාන්‍ය පරිදි

    රට තුළ ඇති වු පිපිරීම් සමඟ දෛනික කටයුතුවලට බාධා ඇති වු කටුනායක ගුවන් තොටුපල මේ වන විට සාමාන්‍ය පරිදි වැඩ කටයුතු පැවැත් වෙන බව වාර්තා වෙයි. ගුවන් තොටුපල වාර්තා කර සිටියේ මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කර ඇති බවයි.

    ඒ අනුව කිසිදු ගුවන් මගියෙකුගේ වාහනයක් ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළු කිරීමට ඉඩක් නොමැති අතර, ගුවන් මගීන් සෝදිසි කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපල වෙත ඇතුළු කර ගන්නා බව ද ගුවන් තොටුපල වාර්තා කරයි.

    මේ අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එහි යොදවා ඇති අතර ගුවන් මගීන් සඳහා වන නීතිරීතිද දැඩි කර ඇතැයි ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කළේය.

    ඒ අනුව ගුවන් මගීන් සමඟ වෙනත් කිසිවෙකු කටුනායක ගුවන්තොටුපලට ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති අතර ගුවන් මගීන් සමඟ පැමිණෙන පුද්ගලයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.

    කටුනායක ගුවන්තොටුපල බලධාරීන් ඉල්ලා සිටින්නේ විදෙස් ගතවීමට නියමිත පුද්ගලයින් අවම වශයෙන් පැය හතරකට හෝ පෙර ගුවන්තොටුපල වෙත පැමිණිය යුතු බවයි. දිවයින පුරා ඇති වු පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් බව ද වාර්තා වෙයි.

  • බෝම්බ පුපුරවන ඩෙටනේටර් 87ක් කොටුව බස් නැවතුමෙන් සොයාගනී

    බෝම්බ පුපුරවන ඩෙටනේටර් 87ක් කොටුව බස් නැවතුමෙන් සොයාගනී

    බෝම්බ පිපිරවීම ට යොදා ගන්නා ඩෙටනේටර් අසූ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම් පොළෙහි බිම වැටී තිබූ ඩෙටනේටර් 12ක් පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද පස්වරු 1.00ට පමණ සොයා ගෙන ඇත.

    වැඩි දුරටත් පරීක්ෂා කිරීමේදී ප‍්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයා ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර පිටකොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම තොගය සොයාගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

  • සජිත්ගේ කෝචෝක් ගම සහ නම නිසා සංගා සදා අනාත වෙයි

    සජිත්ගේ කෝචෝක් ගම සහ නම නිසා සංගා සදා අනාත වෙයි

    ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද “සදා ලෝක පූජිත සංගක්කාරගම” නව නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කුමාර සංගක්කාරගෙන් ට්විටර් මගින් අසන ලද පැනයකට ඔහු විසින් පිළිතුරු සටහන්කර තිබේ.

    ඇමති සජිත් සංගාගේ නම යොදා සිදුකළ මෙම කෝචොක් වැඩේ නිසා මේ වන කුමාර් සංගක්කාර දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මේ ඊට කදිම උදාහරණයකි.

    ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ ලෙස එහි නම යොදාගැනීමට ඉඩ දුන්නේ මන්දැයි කළ විමසීමකට සංගක්කාර පිළිතුරු දී ඇත.

    එහි කිසිදු දේශපාලනයක් නැති බවත් තමන් සහභාගී වූයේ දිළිඳු පවුල් සඳහා ආදර්ශ ගම්මානයකට මුල්ගල් තැබීමේ උත්සවයට පමණක් තමන් පවසා ඇති සංගක්කාර ඊට වඩා කිසිවක් නැති බවත් සදහන් කර තිබේ.

  • රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි

    රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි

    පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමුහිකත්වය බිඳදමමින් කණ්ඩායමේ එකිනෙකා අවුලුවාලන්ට ඩ්‍රසින් රූම් එකේ වෙන දේ පටන් අර්ජුන, නිශාන්ත ඇතුළු රණතුංග පවුලේ සහෝදර සමාගම අතට පත්විය. එම කේලාම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් එකිනෙකා කොටවමින් ජයග්‍රහණය වෙනුවට පරාජය අත්කරදීමේ කුප්ප නීච වැඩ කිරීමට කුප්‍රකට අර්ජුන ඇතුළු රණතුංගලා සිය සහචරයෙකු ලෙස යොදාගත් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් සම්බන්ධයෙන් ඔවුන් දැඩි කලබලයට පත්ව ඇත.

    තමන්ගේ පිංපියෙකු කරගත් දිනේෂ් චන්දිමාල්ව නිසි සුදුසුකම් නොමැතිවීම හේතුවෙන් තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා රණතුංග පවුලේ සහෝදර සමාගම කෙතරම් කලබලයට පත්වී ඇත්ද යන්න මනාව පෙනීයන්නේ රණතුංග පවුලේ සහෝදර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන මේ දිනවල තමන් යන පන්සලක්, හන්දියක් ගානේ සරම ඔලුවේ ඔතාගනිමින් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුල්කරන ලෙසට සිදුකරන බලපෑමෙනි. එම බලපෑම සහ අර්ජුන රෙදි නැතිව තම පිංපියා කරගත් චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටීම කෙතරම්ද යත් මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඕවර් 50ක් වත් තරඟ කිරීමේ හැකියාවක් නැතැයි කියන තරමේ පහත් මට්ටමට අර්ජුන ඇඳවැටී තිබීමයි.

    තම රණතුංග පවුලේ සහෝදර සමාගම යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් යටත් කොට ගිලගැනීමට නොහැකිවීමෙන් දැඩි කෝපයටත්, ආවේගයටත් පත්ව සිටින අර්ජුනලා, නිශාන්තලා, සංජීවලා වැනි රණතුංග පවුලේ උන් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය නොව පරාජයම බව මෙයින් සක්සුදක් සේ පැහැදිලිය.

  • සජිත් පැණි අස්සෙන් කිරි කෑ හැටි

    සජිත් පැණි අස්සෙන් කිරි කෑ හැටි

    මේක ටිකක් අමුතු කතාවක්. සජිත් ප්‍රේමදාස අහංකාර සහ බොරු ලොකුකමක් මවාගෙන වලව් පැලැන්තියේ අයෙක් ආකාරයට හැසිරෙන්න බොහෝම කැමතියි. කොටින්ම කීවොත් මදුරුවෙක් දැක්කොත් ” මොකාද අයිසේ මේ චූටි කුරුල්ලා ” කියල ආරක්ෂකයෙක්ගෙන් අහන මෝඩ චූන් ඩයල් එකක්.

    දවසක් මාතර බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගෙ නිවසේ දානයක්. ඒ රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් එලවන්න කැරැල්ල ක්‍රියාත්මක කරන කාලෙ. සජිත් ආවා දානෙ ගෙදර. ආපු වෙලාවෙ ඉඳන් සජිත් හිටියෙ අඩි දෙකක් විතර උඩ. ඔහු ඒ කාලෙත් තිස්සමහාරාම ආසන සංවිධායක. ෆෝන් එකත් හැන්ඩ් ෆ්‍රී සෙට් එකෙනුත් මුළු ඇඟම වයරින් කරගෙන බොරු බිසියක් පෙන්නගෙන දානෙ ගෙදර පුරාවටම කාටදෝ උපදෙස් දෙනවා වැනි අමුතු රැඟුමක සජියා හිටියෙ. බැලූ බැල්මට පේනවා මේ හාදයා කරන්නෙ රඟපෑමක් කියලා. අපි ඒ පැත්ත බලන්න බලන්න පොරගෙ රඟපෑම වැඩියි. 😂

    සජිත් ඔන්න කෝල් එක පිටම දානෙත් කෑවා. පස්සෙ බුද්ධිකගෙ මන්ත්‍රීතුමාගෙ හිතවතෙක් වන චමීර සජිත්ට කිරි පැණි කන්න කීවා. ආ.. කමු කමු කියලා කන ගමං සජිත් අහනවා.

    “ෂහ් නියම පැණි කොහෙද කොහෙද මේවා ආහ් ආහ් “

    සර් මේ දෙණියායෙ ඒවා. කිරි නම් ඉතින් තිස්සමහාරාමේ ඒවා තමා. කියල එතන හිටපු කෙනෙක් උත්තර දුන්නා… ඒ එක්කම සුපුරුදු තොත්ත බබා කම ඉස්සරහට දමා..

    ” ආ.. එහෙ කිරිත් තියෙනවාද ” ,යැයි ඇසුවේ කෑම කමින් සිටි අපගේ ඉස්මොල්ලයේ බත් ඇට පිටින් යවමිනි. 😂

    “තිස්සමහාරාම ආසන සංවිධායක දන්නෙ නෑ තිස්සමහාරාම මීකිරි තියෙනවා කියල. උගෙ බබා පාට් ඌට හොඳා 😂 අපි නොදන්න ප්‍රේමදාසල” යැයි අසල සිටි මාමා කෙනෙක් කියනු ඇසුනි 😂

    -ඉරෝෂ් හෙට්ටිගේ-

  • කසාද බඳින්න ගිය සුපිරි ව්‍යාපාරිකයෙක් තම බිරිඳ තෝරාගත් හැටි

    කසාද බඳින්න ගිය සුපිරි ව්‍යාපාරිකයෙක් තම බිරිඳ තෝරාගත් හැටි

    බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයා විවාහ වෙන්න ට අදහස් කලා….

    ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා..

    පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම
    නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා….
    ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන
    සම නිය දීප්තිමත් කර ගෙන ….
    අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා …
    මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..
    ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි …..
    ඇය කීවා…

    දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින්
    පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා .
    අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි
    ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා….
    ඇය මේවා සියල්ලම අරන් ගිහින් ….ව්‍යාපාරිකයාගේ අතට දීලා මෙහෙම කීවා .
    ඔයා ලස්සනට ඉන්න කොට කාටද ආඩම්බර මටයි .ඒ කියන්නේ මම ඔයාට හුඟක් ආදරෙයි….

    තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා .
    සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා….
    ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා …අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ …ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ
    ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා .

    ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පියයුරු සහිත කාන්තාව විවාහ කර ගත්තා..

    -උපුටා ගැනීමකි-

  • අවුරුදුට ගමේ ගිය අයට ආයේ කොළඹ එන්න බස් සහ කෝච්චි 4361ක්

    අවුරුදුට ගමේ ගිය අයට ආයේ කොළඹ එන්න බස් සහ කෝච්චි 4361ක්

    අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි.

    එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අවුරුද්දට ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව සමත්ව ඇති බවයි.

    පසුගිය අටවැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 400ක ආදායමත් එම කාලය තුළදී කිසිදු දුම්රියක් අවලංගු නොකිරීමත්, පෞද්ගලික බස්රථවල සේවාව ගැන ලැබුණු පැමිණිලි ඉතාම අඩු වීමත් එම සාර්ථකත්වය පෙන්නුම් කරන සාධක බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    එම සාර්ථකත්වය මත ලබා ගත් අත්දැකීම්ද උපයෝගි කර ගනිමින් ඉදිරි දින කිහිපයේදී ගම්වල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන්ටද උපරිම සේවාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත් අවරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

    ඒ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ඈත ගම්වල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා ඇත. යොදවා ඇති පෞද්ගලික බස්රථ ගණන 3000ක් වේ.

    ඊට සමගාමීව විශේෂ දුම්රිය 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ,

    “ලංගම, දුම්රිය සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව එක්ව අවුරුදු ප්‍රවාහන සේවාවක් දියත් කළ පළමු අවස්ථාව මෙය වනවා. එහි සාර්ථකත්වය මතම ජනතාවට ලැබුණේ අඩු පීඩනයක්. එයින් ඇති වුණු සහනය ගම්වල සිට කොළඹට එන මගීන්ටත් ලබා දීමට අ‍පි අපේක්ෂා කරනවා.

    විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ කොළඹට එන විට කොට්ටාව පිවිසුමේ දැඩි තද බදයක් ඇති විය හැකි යි. ඒ ගැන සැලකිල්ට ගෙන අතුරුගිරිය, කහතුඩුව වැනි ස්ථාවලින් බස්රථ එළියට ගෙනවීත් කොළඹ දක්වා ධාවනයට කිරීමට අපි අපේක්ෂ කරනවා. ඒ වගේම බස්රථ මගීන් සඳහා අතරමග ක්‍රියාත්මක ආපන ශාලාවලින් අලෙවි කරන ආහාරවල ප්‍රමිතිය ගැනද අපේ අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී තවත් දෙයක් කිවයුතුයි.

    පසුගිය අප්‍රේල් අටවැනිදා අපි බෙලි අත්ත දුම්රිය ස්ථානය විවෘත කළේ. ඒ දවසේ එම දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් 1945යි. නමුත් 17 වැනි දින පමණක් රුපියල් පන් ලක්ෂ හතලිස් දෙදාහක ආදායමක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ලැබී තිබෙනවා. ඉදිරි දින කිහියේදී ශ්‍රී ලංගම වෙතින්ද තවත් මිලියන 400ක ආදායමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. දුම්රියේ ආදායමත් එලෙස වර්ධනය වෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා”

  • පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

    පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

    මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.

    කුමන තරාතිරමේ අයෙකුට වුවද දෙ‍්‍රා්හී වීමට ඉඩ නොතබන බවත් කුමන්ත්‍රණයක් සිදු කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පැවසීය.

    ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

  • ශ්‍රී ලංකා නාමය අභ්‍යාවකාශ ගත වුණු මොහොත (වීඩියෝ)

    ශ්‍රී ලංකා නාමය අභ්‍යාවකාශ ගත වුණු මොහොත (වීඩියෝ)

    අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය.

    ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ ගතකෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිටයි.

    රාවනා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ආරම්භ කළේ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.16ය.

    එම අවස්ථාව තරිදු හා දුලානි සජීවීව නරඹනු ලැබුවේ, චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි. රාවනා වන් චන්ද්‍රිකාවේ සම නිෂ්පාදකයෙකු වන තරිදු දයාරත්න තමන් ඉගෙන ගත් පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීමද විශේෂත්වයකි.

    ඒ අනුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලය PCC ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයය UOP සටහන් කර තිබුණි.

    හෙට පස්වරු 6.30 පමණ චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිත අතර එහි කක්ෂගත කිරීම ඇරඹන්නේ ජුනි මස සිටයි.

    ඒ පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරක සිටයි. මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15 ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමිටර් 7.6ක්. ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් 1000ක් පමණ වූ මෙම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.1 ක්. රාවණා වන් යනු ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වන අතර එය හදුන්වනු ලබන්නේ ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි.

    රාවනා වන් චන්ද්‍රිකාව මගින් අපේක්ෂිත ක්‍රියාදාමයන් ගණන පහක්. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම.

    චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම. එමෙන්ම කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම. තරිඳු සහ දුලානි නිර්මාණය කරන ලද රාවන් වන් චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එක හමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා එය ක්‍රියාකළ හැකි බවට විශ්වාස කෙරෙති.

    මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තැබීම සිදුකර ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතායි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස තරිඳු දයාරත්න මහතා කටයුතු කර ඇත.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු තරිඳු දයාරත්න මහතා,

    “මෙම චන්ද්‍රිකාවේ සබදතා පද්ධතිය ගොඩනැගිම මගේ කොටසයි. එය ඉතා වැදගත් උප පද්ධතියක් වනවා. මන්ද සන්නිවේදන පද්ධතිය බිඳවැටුනොත් චන්ද්‍රිකාව බිඳ වැටෙනවා .ඇත්තටම මෙය ඉතා වැදගත් කාර්යක්.”

    තායිලන්තයේදී විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමිකා විතානගේ එවක තමන්ට පැවරුණු වගකීම පැහැදිලි කළේ මෙලෙසින්.

    “මේ චන්ද්‍රිකාව තමා අක්ෂ වටා කැරකැවෙන කෝණික ප්‍රවේගය අවම කිරිම සදහා අවශ්‍ය පද්ධතිය මම නිර්මාණය කරනවා. මෙම ව්‍යාපෘතිය හරහා මට අවස්ථාව ලැබුණා අභ්‍යාවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබදව හැදැරීමට, ඉලෙක්ට්‍රොනික හා වැඩසටහන් පිළිබදව.”