ඕනිම Girl කෙනෙක් කැමති හොඳ Personalityයක් තියෙන Boy කෙනෙකුටලු. ඒක boy කෙනෙක්ට හරි important ලු. අනේ මන්දා.. මෙහෙම කියන්නේ සිරසේ program ක් කරන නිවේදිකාවක්. එයා කොල්ලන්ගේ SIX PACK එක අල්ලලාම පෙන්වනවා.
Author: Editor
-

නොනවතින අත්පොලසන් ඔල්වරසන් මැද මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි..(video)
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යාපනයේ වේදිකාවකදී ගායනා කරන ලද දෙමල ගීතයකට ජනතාවගෙ ඉතා උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන බල මණ්ඩලයක් අමතමින් මන්ත‍්‍රීවරයා ගායනා කලේ පැරණි දෙමල ගීතයකි.
-

2015න් පසු විල්පත්තු විනාශයක් නෑ..- පින්තූර සහිත ගුවන් හමුදා නිවේදනය මෙන්න
හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය තුළ උතුරු වසන්තය යටතේ නැවත පදිංචි කිරීම් සිදු කළ මුස්ලිම් පවුල් සඳහා වෙන් වූ ඉඩම් සම්බන්ධව පරිසර සංවිධාන කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල ජනාවාස සහ සංවේදී පරිසර පද්ධතියට දැඩි අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබිණි.
මේ අනුව 2015 සිට අදාල ජනාවාසයේ ව්‍යාප්තිය සම්බන්ධව සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. 2015 දෙසැම්බර් මස 22වන දින සිට විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් 178ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියුම්ව සතිපතා කරන ලද නිරීක්ෂණ වලදී අදාල ජනාවාසයේ ව්‍යාප්තියෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ජනාවාසය ව්‍යාප්ත වීමක් හෝ වගා කටයුතු සඳහා විල්පත්තු වනෝද්‍යානය හෙළි කිරීමක් සිදු කරනවා ද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලදි.
2015 වර්ෂයේදී මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේදී සියුම්ව හඳුනාගත් වන විනාශයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදාල බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් නැවත වන වගාව ස්ථාපිත කිරීමටත් අදාල බලධාරීන් කටයුතු කර තිබිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම පියාසර මෙහෙයුමකදීම මිනිස් ක්‍රියාකාරකම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරමින් වගකිවයුතු නිලධාරීන් හට ක්ෂණිකව දැනුවත් කිරීම් සිදු කරන ලදි. කැලෑ ගිනි තැබීම් සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන අයුරු ද නිරන්තර අධීක්ෂණයට ලක් කරන ලදි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත්ව නොතිබුණු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චිකඩ්ඩි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ”3 අ ”වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 24 වැනිදා අත්සන් තබා තිබිණි.
දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මගින් ලබාගත් ඡායාරූප සැලකිල්ලට ගැනීමේදී තහවුරු වන්නේ 2015 වර්ෂය වන විට නීත්‍යානුකූලව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් මරිච්චිකඩ්ඩි, කල්ආරු, මුල්ලිකුලම් ගම්මානවල ජනතාවට ලබාදී තිබෙන ඉඩම් කට්ටි ප්‍රමාණයන් හැරුණු කොට වෙනත් කිසිදු භූමි ප්‍රමාණයක් එළි කිරීමක් සිදු කොට නොමැත. අවසාන වරට ගුවන් නිරීක්ෂණ චාරිකාව සිදු කරන්නේ 2019 මාර්තු 22 දිනයි.
– defence.lk
-

විදුලි කප්පාදුව තවත් දින 10ක්
දැනට පවතින විදුලි කප්පාදු තවත් දින 10 ක පමණ කාලයක් පවතිනු බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් එළඹෙන සදුදා දිනයේදී තිරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
-

ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.
ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාරය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නායක ස්වාමින් වහ්නසේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා යන සියලුම මහානායක නාහිමියන් වහන්සේලා මෙම අවස්ථාවට එක්වීම ඓතිහාසික කරුණක් විය.
ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.
-

ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?
1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් කණ්ඩායමට වචනයකින්වත් වරදක් හෝ දෙස් තැබීමක් සිදුකළේ නැත.
96 ලෝකශූරයින් 99 දී ගෙදර ආ හැටි
1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේද 1996 දී නායකයා වූ අර්ජුන රණතුංගමය. 1996දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආ අර්ජුන රණතුංග පුමුඛ ක්‍රිකට් කණ්ඩායම එදා 1999 දී පළමුවටයෙන්ම පරාජයට පත්ව ආ මොහොතේ එහි නායකයා වූ අර්ජුනම කියා සිටියේ, සැමදාම දිනන්න බැහැනේ, ජය පරාජය අපි සමසිත්ව විඳදරා ගත යුතුය කියාය. ක්‍රීඩාවේ මෙන්ම සෑම දෙයකම ජයග්‍රාහකයෙකු මෙන්ම පරාජිතයෙකුද සිටින හෙයින් එය සත්‍යයකි.
එහෙත් 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දායක වූ කණ්ඩායමෙන් 80%ක් ඉක්මවා 1999 ලෝක කුසලානයට ක්‍රීඩා කරද්දී එම ලෝකශූරයින්ට අවම තරමේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයවත් ජය ගත නොහැකිව යළි සියරටට පැමිණීම ප්‍රශ්නාර්ථයක් විය. 96දී ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග එදා මෙදා තුර ඔහුට විකිණිය හැකි හැම දේටමත්, හැම තැනකමත් ඔහු පෞද්ගලිකව විකුණන්නේ 96දී කණ්ඩායමක් වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම ලෝක කුසලානයේ නායකත්වයයි. එසේම ඔහුගෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් සියලු නායකයින්ට සහ ක්‍රීඩකයින්ට පහර ගැසීමට යොදා ගන්නේත් මෙම 96 ලෝක කුසලානයයි. එහෙත් 1999 දීත් ඔහු විසින් නායකත්වය දුන් ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම ගෙදර එන්න වුණු ක්‍රීඩා කිරීම ගැන ඔහු කටක් හැර නැත.අභිරහස එළියට ආ හැටි
අදවන විට රණතුංග පවුල රටේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම රිංගමින් දේශපාලනයට අරක්ගෙන ඇති පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගැනීමට නොහැකිවන පරිදි තිලංග සිදුකරන මැදහත් ආවරණය නිසාම අර්ජුනට තිලංග සමඟ ඇත්තේ බද්ද වෛරයකි. ඊයේ (18) එජාප ආණ්ඩුවේ ප්‍රවාහන ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී එහි වරප්‍රසාදවලට මුවාවෙමින් දැඩි පෞද්ගලික මඩ ප්‍රහාරයක් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වෙත එල්ල කළේය. එහෙත් කිසිදා නොසිතු පරිදි අර්ජුනගේ සුදු පිරුවරට ගලවමින් තිලංග සුමතිපාල ලෝක ඉතිහාසයේ තරඟ පාවාදීම් සහ ශ්‍රී ලංකාවේ පළමු තරඟ පාවාදීම හෙළිදරව් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් පළමුවරට තරඟයක් පාවාදී ඇත්තේ අර්ජුන රණතුංග විසින් බවට එදා ක්‍රිකට් බලධරියෙකු වූ තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් පිටු අතරට එක්කරමින් හෙළිදරව් කරන ලද්දේ ක්‍රිකට් ඉතිහාස පොත් පෙරමින් වන අතර අර්ජුනගේ සුදු පිරුවට උනාදමමිනි. 1992 දී ලක්නව්වලදී ඉන්දියාව සමඟ පැවති ටෙස් ක්‍රිකට් තරඟයක් ඇමෙරිකානු ඩොලර් 15,000කට අර්ජුන රණතුංග විසින් ඉන්දියාවට පාවාදී ඇති අතර එය අර්ජුනගේ ක්‍රිකට් පාවාදීම්වල මූලාරම්භය වී ඇත. එහෙත් 1994,95 වන විට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රිඩකයින්ගේ අතිවිශිෂ්ට දක්ෂතා හමුවේ කණ්ඩායමේ ජයග්‍රහණ සීමා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වූ බව පැහැදිලිය. එසේ ලෝක ශූරයින් වූ ක්‍රිකට් කණ්ඩායම වසර තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී පහතට ඇදවැටීමට ක්‍රිකට් තරඟ පාවාදීම් ඉස්මතු වූ කාලයක 1992දී පළමු තරඟ පාවාදීමෙන් පන්නරය ලද අර්ජුන යළි සැක නොසිතෙන පරිදි යළි කෙලෙස සක්‍රීය වන්නට ඇත්දැයි කාට කිව හැකිද?මේ එම හෙළිදරව්වයි(විඩීයෝ)
1999දී පරාජිතව කණ්ඩායම ගෙදර එද්දී අර්ජුන පමණක් පැනගියේ කොහේද..?
1999දී ලෝක කුසලාන තරඟාවලියේදී අනපේක්ෂිත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා ගෙදර එද්දී, එම කණ්ඩායමේ නායකයා වූ අර්ජුන කණ්ඩායම සමඟ ගෙදර පැමිණියේ නැත. ඔහු පැරිසිය බලා පියාසර කොට සතියක් පමණ එහි ගත කර පැමිණියේය. එය සැබැවින්ම සැක උපදවන කරුණකි. මෙරට ඇතැම් දේශපාලඥයින් විවිධ අවස්ථාවල යම් යම් පාවාදීම්, පක්ෂ මාරු කිරීම් සඳහා ඩීල් දමන්නේ ලංකාවේ නොවන බව නොරහසකි. එම ඩීල් මුදල් ගනුදෙනු සිදුවන්නේ රටින් පිට සිංගප්පුරුව හෝ ඩුබායි වැනි රටවලය. එසේ නම් ක්‍රිකට්වල මුදලට තරඟ පාවාදීම් වලට අදාළ මුදල් ගනුදෙනුද වෙනත් රටකදී මිස මේ රටේදී අතට හසුවන ලෙස සිදුනොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. 96 දී කණ්ඩායමක් ලෙස කැපවීමෙන් රට වෙනුවෙන් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය හෑල්ලුවට ලක්කරමින් කඩේ පිලේ යන හැම තැන තමා ඉස්මතු කර පෙන්වමින් එය සිල්ලරට විකුණන අතරතුර තිලංග සුමතිපාලට බුකී කාරයා ලෙස නිරන්තරයෙන් පහර ගසන අර්ජුන මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු සභාගැබෙන් හීන් සීරුවේ මාරු වී හොස් ඇතැයි වාර්තාවේ. -

මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්
වියළි කාලගුණය හමුවේ ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (22 දා) මාවුස්‌සාකැලේ විදුලි බලාගාරයෙන් ආරම්භ විය.
ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ12 ගුවන් යානයක් මගින් මාවුස්‌සාකැලේ ජලාශයට අඩි අටදහසක් ඉහළ අහසේ වලාකුළුවලට විනාඩි 45 ක් රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සිදු කෙරිණි. මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ තාක්‌ෂණය ලබා දීමට තායිලන්ත රජය කැමැත්ත පළ කර තිබූ අතර ඒ අනුව මෙරටට පැමිණි තායිලන්තයේ විශේෂ ඉංජිනේරුවෝ පිරිසක් මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූහ.
වලාකුළු මතට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමෙන් පසු විනාඩි 45 ක පමණ කාලයක් වැසි ඇදවැටුණු බවත් ඉදිරි සති දෙක පුරා මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කරන බවත් විදුලිබල හා පුqනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය පවසයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය හා ගුවන් හමුදාව ගිවිසුම්ගතව මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කෙරේ. දිවයිනේ වියළි කාලගුණය පහව යන තෙක් කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දියත්a කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රවි කරුණානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
-

ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි
මාකඳුරේ මධුෂ් පොලිස් වෙසින් කණ්ඩායම් යවා කළ රට හොල්ලන අපරාධ බොහොමයක් ඇත. කළුතර එතනමඩලදී රණාලේ සමයං ඉලක්ක කර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා හත්දෙනකු ඝාතනය කිරීම, මහරගම අරැව්වල නිවෙසකින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ලකෑම, දෙවුන්දරදී කුඩු කිලෝ එකසිය විස්සක් පැහැර ගැනීම ඒ අතරින් ප්‍රධාන සිදුවීම්ය.
කළුතර, එතනමඩලදී රණාලේ සමයං ඝාතනය කරන්නට යැවූ අංගොඩ ලොක්කාගේ කල්ලිය පොලිස් නිල ඇඳුමෙන් ප්‍රහාරයට යැව්වේ මධුෂ්ය. අංගොඩ ලොක්කා පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමෙන්ය. සෙසු සාමාජිකයන් නව දෙනා අතරින් කිහිප දෙනකුද පොලිස් නිල ඇඳුමින්ය. 2007 පෙබරවාරි 27දා කඩුවෙල උසාවියට සමයං රැගෙන එනදා පොලිස් වෙසින් ගොස් වෙඩි තබා ඝාතන ඉලක්කය ගන්නට පෙර මධුෂ් වීඩියෝ දුරකථන ඇමතුමකින් දුන් උපදෙස් මත ගොස් ප්‍රහාරය එල්ල කරන්නේය. මෙම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු ඝාතනය වන්නේය.
පාකිස්තාන් මත්කුඩු ජාලය හරහා රැගෙන එන කුඩු කිලෝ එකසිය විස්සක් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය දකුණට යන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළන්දන් අතරේ කුඩු ජාවාරම කරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයන් ගැන කළ විමර්ශනයකදීය. පිය, පුතු, දෙදෙනකු මත්ස්‍ය ව්‍යාපාර අතරේ කුඩු ජාවාරම සිදු කරන බව හෙළිවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කරන විමර්ශනයකදීය. මාළු රැගෙන එන ලොරි අස්සේ මත්කුඩු රැගෙන එන මෙම ජාවාරම සොයා දෙවුන්දරට යද්දී මාකඳුරේ මධුෂ් වෙනත් කණ්ඩායමක් යොදවා එම කුඩු තොගය පැහැර ගත්තේය. එය මෙහෙය වූයේ දෙවුන්දර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු තොගය සොයා දකුණට යන විටත් ඔවුන් ලෙසින් ගිය මධුෂ්ගේ කණ්ඩායම එය පැහැරගෙන අවසන්ය. මෙදින මධුෂ්ගේ නියෝග මත පැහැර ගන්නේ පාකිස්තාන් මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබලයකු වන අන්නාසි මොරිල්ගේ කුඩු තොගයකි.
අන්නාසි මොරිල් කුඩු බෙදා හරින්නට යොදාගත් උපක්‍රමය වූයේ පිය, පුතු දෙදෙනාගේ මාළු ලොරිවල සඟවා දකුණෙන් කුඩු තොග කොළඹ එවීමය. මධුෂ්ට මොරිල්ගේ කුඩු ජාවාරම නවත්වන්නට අවශ්‍ය වන්නේ ඔහු තමාගේ රට පුරා කුඩු ජාවාරම ව්‍යාප්ත කරන සිහිනයට බාධාවක් වන නිසාය.
කඩුවෙල රණාලේ සමයංව ඝාතනය කරන්නට ප්‍රධාන හේතුව ඔබේසේකරපුරදී තම සමීපතමයා වූ හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂගේ මරණයට පළිගැනීම බව මධුෂ් අංගොඩ ලොක්කාගේ කල්ලියට ඒත්තු ගැන්වූයේය. නමුත් මධුෂ්ගේ යටි අරමුණ වූයේ අංගොඩ සිට අවිස්සාවේල්ල දක්වාත්, අතුරුගිරිය අවට ප්‍රදේශයත් කේන්ද්‍ර කරගෙන සිදු කළ රණාලේ සමයංගේ මත්කුඩු බෙදාහැරීමේ ජාලය තමා අතට ගැනීමය.
මත්කුඩු ජාලයේ පරතෙරට යන්නට වෙරදරන මධුෂ් දෙවුන්දරින් මොරිල්ගේ කුඩු තොගය කොල්ලකෑමත් සමඟ මොරිල් මධුෂ්ට එරෙහි සටන අරඹන්නේය. එහි ප්‍රතිඵලය මධුෂ් අද අත් විඳින්නේය. මධුෂ්ගේ දෙවැනි බිරිය වූ තිළිණි නිශායාට මධුෂ්ට දාව උපන් දැරියගේ පළමු උපන් දින සාදයේදී මධුෂ් කොටු කරන්නට අබුඩාබි පොලිසියට ඔත්තුව දෙන්නේ අන්නාසි මොරිල්ය.
පැමිණිලිකරු සෞදි අරාබියේ කේටරින් ආයතනයක සේවය කළ අයෙකි. එහි සේවයේ නිරතව සිටි ඔහුට මේ තරම් වටිනා දියමන්තියක් හමුවන්නේ තමන් සේවය කළ සේවා ස්ථානයට ගෙනැවිත් දැමූ පස් ගොඩක තිබියදීය. රේගුවට නොදන්වා මෙරටට එවූ භාණ්ඩ අතරේ සඟවා මේ කියන දියමන්තිය ඔහු විසින් මෙරටට රැගෙනවිත් තිබුණේය. ඔහු සෞදියේදී තම මිතුරන්ටවත් තමන්ට දියමන්තියක් ලද බව නොකියන්නට වග බලා ගත්තේය.
හොර රහසේ තම නිවෙසට දියමන්තිය යැවූ මොහු ඉන් පසුව ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරිකයකු ලෙසින් ගමනක් අරඹන්නටය. ඔහු මැණික් මිලදී ගෙන විකුණන්නට පටන් ගන්නේ කෙදිනක හෝ දියමන්තිය නිසා තමන් පොහොසතකු වන බව දැනගෙනය. විවිධ අයගෙන් මැණික් මිලදීගෙන විකුණමින් මැණික් ව්‍යාපාරයට අතගසන ඔහු මැණික් ව්‍යාපාරය ඉහළට යත්ම කෝටි ගණනක් වටිනා දියමන්තිය විකුණන්නට සැලසුම් යෙදුවේය. ඒ සඳහා විදේශිකයන් කිහිප දෙනකුව සංචාරක මඟ පෙන්වන්නන්් මාර්ගයෙන් ගෙන්වා ගත්තේය. ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා තක්සේරු වාර්තාවක්ද ගෙන තිබුණේය. සංචාරක මඟ පෙන්වන්නන් සමඟ විදේශිකයන්ට අමතරව ශ්‍රී ලාංකිකයන් පවා දියමන්තිය මිලදී ගැනීමට එහි ආවේය.
මේ අතරේ මාකඳුරේ මධුෂ්ට තම ඔත්තුකරුවකු මඟින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තිය ගැන තොරතුරක් යන්නේය. මාකඳුරේ මධුෂ් ඒ වනවිටත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් පසුපස හඹායමින් මැණික් කොල්ලයන් හා කප්පම් ගැනීම් සඳහා තම කණ්ඩායම් යොදවා තිබුණේය.
සීතාවක ගඟේ පාලම යට මැණික් ගරද්දී හොරෙන් පන්නා විකුණූ කෝටි ගණන් වටිනා මැණික් ගල් ඇත්තේ රත්නපුර, කුරුවිට, පැල්මඬුල්ල ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සන්තකයේය. ඒ සියල්ල ගැන හොඳින් දැන සිටියේ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියාය. සීතාවක ගඟේ මැණික් පතලේ ආරක්ෂාවට එවකට සිටියේ අංගොඩ ලොක්කා හා ලඩියා නිසා ඔවුන් මැණික් ගල් විකුණන්නේ කාටදැයි හොඳින් දැන සිටියේය.
කිරිඇල්ලේ මාටුවාගල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි හතරක කප්පමක් මධුෂ් විසින් ගන්නේ ලොක්කාගෙන් ලද තොරතුරු මතය. මීළඟට ඒ අයුරින්ම කප්පම් ගන්නට සූදානම් වූ ව්‍යාපාරිකයන් අතර කිරිඇල්ලේ තිස්ස අප්පෝද සිටියේය. ඔහු ළඟ ඇති කෝටි ගණනක් වටිනා මැණික් කන්දරාවට කෙළ හලමින් සිටි මධුෂ් කෝටි ගණනක කප්පමක් ගන්නට වෙර දැරුවේය. නමුත් මධුෂ්ගේ බිය වැද්දීම් හමුවේ එකී ව්‍යාපාරිකයා ආරක්ෂිතව කොළඹ රැඳී සිටියේය. මේ අයුරින් රත්නපුරයේ මැණික් වෙළෙඳුන් ඉලක්ක කර මධුෂ් අරඹන පාතාල මෙහෙයුමෙන් ව්‍යාපාරිකයන් බිය වැදෙන්නේය.
රත්නපුරයට බැල්ම හෙළන අතරේ මධුෂ්ට පන්නිපිටියේ දියමන්තිය ගැන දැනගන්නට ලැබිණි.මධුෂ් දියමන්ති කොල්ලය සඳහා සූදානම් කරන්නේ මාතර මල්ලී නමැති පාතාලයකුවය. මාතර, රොටුඹ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් මාතර මල්ලී මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ සිටි කොල්ලකෑම්වලට යොදාගත් අපරාධකරුවෙකි.
ගිනි අවි පෙන්වා මංකොල්ලෑම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධව නඩු දහයකට වඩා ඇති මාතර මල්ලී හිරගෙදර සිට ඇප ලබා පැමිණ වීරකැටියේ පන්සලක රියැදුරකු ලෙස කටයුතු කර තිබුණේය. යළිත් කෙටි කාලයක් යද්දී අපරාධ රැල්ලට එකතු වන මාතර මල්ලී 2017 මාර්තු මාසයේ සිට මධුෂ්ගේ කල්ලි සමඟ අපරාධ රැල්ලට අත්පොත් තබන්නේය.
මාකඳුරේ මධුෂ් මාතර මල්ලීව දියමන්ති කොල්ලයට සම්බන්ධ කරගන්නේ රුපියල් ලක්ෂ පනහක් මාතර මල්ලිට දෙන පොරොන්දුව මතය. ඒ ගැන කතා කරගත් පසුව මධුෂ් මාතර මල්ලීට අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකක් හා ජංගම දුරකථනයක් එවන්නේ දියමන්ති කොල්ලය සඳහාය.
කොල්ලයට යොදා ගන්නේ නොවැම්බර් 5 වැනිදාය. මධුෂ්ගේ කීම මත මාතර මල්ලී පිළියන්දලට එන්නේ නොවැම්බර් 4දාය. මේ වන විටත් මධුෂ් දියමන්තිය මිලදී ගන්නා මුවාවෙන් ඔස්ටි්‍රයා ජාතිකයකු සමඟ රණසිංහ ආරච්චිගේ රවීන්ද්‍ර නාලක නමැති ඔරුවල, අතුරුගිරියේ සිටින මංකොල්ලකෑම් පාතාලයට සම්බන්ධ තම සගයකුව දියමන්තිය ගැන බැලීමට පන්නිපිටියට යවා තිබුණේය.
ඔස්ටි්‍රයා ජාතිකයාත් මධුෂ්ගේ සබඳකම් මත මෙරටට ගෙන්වා ගන්නේ එය මිලදී ගන්නට එන විදේශිකයකු ලෙස පැමිණ කොල්ලය සිදුකරන්නටය.
කොල්ලය සැලසුම් කළේ නොවැම්බර් 5දාය. විදේශිකයා ගෙන්වන්නට කලින් නාලක පන්නිපිටිය ඇරැව්වල පිහිටි දියමන්තිය ගැන මුලින්ම බලන්නේ අගෝස්තු මාසයේදීය. එය බලා පැමිණ මධුෂ්ට සියලු විස්තර ලබාදුන් පසු ඔස්ටි්‍රයා ජාතිකයා ලංකාවට එවන්නේත් මධුෂ්ය.
මොවුන් දෙදෙනා ඇරැව්වල නිවෙසට ගොස් දියමන්තිය ගැන තොරතුරු බලාගෙන විත් මාකඳුරේ මධුෂ්ව දැනුවත් කරන්නේය. ඉන්පසු සියලුදේ සැලසුම් කරන මධුෂ් මාතර මල්ලීව හා අනෙක් කණ්ඩායම් පිළියන්දලට ගෙන්වන්නේය.
මධුෂ්ගේ දැනුම්දීම මත මාතර මල්ලී පිළියන්දලදී තවත් පිරිසක් පැමිණි වෑන් රථයකට ගොඩ වූයේය. එහි රියැදුරු සමඟ මධුෂ්ගේ ගෝලයන් තිදෙනකු සිටියේය. වෑන් රථයට නැඟගත් මාතර මල්ලී ඔවුන්ව හඳුනන්නේ නැත. ඔවුන්ද මෙහෙය වූයේ මධුෂ්ය. මධුෂ් දුරකථනයෙන් දුන් උපදෙස් අනුව 3.8 වර්ගයේ රිවෝල්වරයක් හා මාංචු කුට්ටමක් මාතර මල්ලීට දුන්නේය.
එම පිරිස සමඟ වෑන් රථයේදීම මාතර මල්ලී පොලිස් නිල ඇඳුම් අඳින්නේද මධුෂ්ගේ කීමටය.
ඒ වන විටත් මධුෂ් කී පරිදි විදේශික ඔස්ටි්‍රයානු ජාතිකයා හා නාලක දියමන්තිය මිලදී ගන්නට ආ අයුරින් ඇරැව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ ගනුදෙනු කතා කරමින් සිටියහ.
ඉන් පැය භාගයකට පසු නිවෙසට කඩා වදින මාතර මල්ලී ඇතුළු පිරිස අපි පොලිසියෙන්, මෙතැන හොර ජාවාරමක් වෙනවා කියලා අපිට තොරතුරක් ආවා. මේ විදේශිකයා අපට අවශ්‍ය සැකකරුවෙක් කියා රඟපාමින් විදේශිකයාගේ අත්වලට මාංචු දැම්මේය. නිවෙස හිමි ව්‍යාපාරිකයා එසැණින් කාමරයකට දමා එහි වූ රුපියල් කෝටි හත්සීයේ දියමන්තිය හා මැණික් ගල් කිහිපයක්ද රැගෙන ඔවුහු අතුරුදන් වූහ. නිවෙස් හිමියා එළියට එනවිට සියල්ල හමාරය. විදේශිකයා සමඟ හයදෙනාම අතුරුදන්ය. නිවෙසේ වූ දියමන්තිය හා මැණික්ද අතුරුදන්ය.
මෙම කොල්ලය සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ල කල්ලිය ගැන මහරගම පොලිසියට අමතරව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයද යොදවන්නේ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ හා නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ නියෝග මතය.
මෙම විමර්ශනවලදී මුලින්ම කොටුවන්නේ පාදුක්කේ නිවෙසක සැඟ වී සිටි නාලකය. ඔහු අනියම් බිරියගේ නිවෙසේ සිටියදී නොවැම්බර් 17දා කොටු වූයේය. නාලකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය මාකඳුරේ මධුෂ් කරවූ එකක් බව හෙළි වන්නේය. එය තවදුරටත් තහවුරු වන්නේ නාලක අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් නාලකට ඩුබායි සිටින මධුෂ්ගෙන් ඉමෝ ඇමතුමක් ලැබීමෙන්ය. නාලක මධුෂ් සමඟ අවුරුදු දහයකට පමණ පෙර මීගමුවේ කොල්ලයකට ගොස් මධුෂ් සමඟම මීගමුවේ එකම සිරමැදිරියක සිටි අපරාධකරුවකු විය.
මේ ගැන විමර්ශන කරන අතරේ මාතර මල්ලීව රත්මලාන මැලිබන් හන්දියේදී කොටු වන්නේ ඉකුත් දෙසැම්බර් 01දාය. මාතර මල්ලීගෙන් ප්‍රශ්න කිරීමේදී මෙයට එක්වූ විදේශිකයා හා තවත් අයෙක් නොවැම්බර් 07දාම රටින් පිටව ගොස් ඇතැයි සනාථ විය. මින් පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වන්නේ කොල්ලකන ලද දියමන්තිය ගුවන් මඟින් මධුෂ් විසින් ඩුබායිවලට ගෙන්වා ගත් බවය.
මෙම දියමන්තිය ඩුබායිවලට රැගෙන ගිය ආකාරය සොයන අතරේ දෙහිවල පොලිසිය මත්කුඩු සමඟ පාතාලයට සම්බන්ධ අයකු කොටු කරගත්තේය. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් සමඟ හිතවත්කම් ඇති රංගන ශිල්පී රයන් වැන්රෝයන් හා ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහාය මාකඳුරේ මධුෂ්ට ලැබෙන බවත් ඩුබායිවලට රයන් එම දිනවල ගිය බවත් කියැවේ.
එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය එම තොරතුරුවලට අදාළව කට උත්තර ගැනීම සඳහා රයන් වැන්රෝයන් හා අමල් පෙරේරාට පොලිස් පණිවුඩයක් යවන්නේය.
ඒ අනුව මීට සති තුනකට පෙර රයන් වැන්රෝයන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ කට උත්තර දී ඇත්තේය. එහිදී තමන් ඩුබායිවල සංචාර කළත් මාකඳුරේ මධුෂ් කෙනකු දැක නැති බවත්, මධුෂ් නොහඳුනන බවත් වැඩිදුර ප්‍රකාශයක් දී තිබුණේය. කෙසේ වුවද රයන්ගේ දුරකථන සම්බන්ධතා ජාල පරීක්‍ෂණයක් සඳහා අධිකරණ නියෝග ගන්නා පොලිසියට එම වාර්තාව ලැබෙන විට රයන්ට කට උත්තර නැති වී ඇත. ඒ මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට ගිය මොහොතේ රයන්ද කොටු වී සිටි නිසාය.
රයන් මධුෂ් නාඳුනන බවට පොලිසිය නොමඟ යැව්වත් රයන් එහි කොටුවන විට පොලිසිය දුරකථන ජාල පරීක්‍ෂාවෙන් පසු මධුෂ්ගේ සම්බන්ධය හෙළි කර ගත්තේය. එම විමර්ශනයට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කර ඇතත් ඔහු විදේශ ගතවන නිසා යළි පැමිණි පසු පොලිසියට එන බව දැනුම් දී තිබුණේය. දැන් අමල්ද ඉන්නේ ඩුබායි පොලිස් භාරයේය.
මධුෂ්ගේ නියෝග මත කොල්ලකෑ දියමන්තිය මධුෂ්ට ඉමෝ දුරකථන ඇමතුමකින් පෙන්වා එය පාර්සල් කර එහි ඡායාරූපද මධුෂ්ට ලැබෙන්නට සලස්වන්නේ මාතර මල්ලීය. ඒ කොල්ලය සිදුවූ නොවැම්බර් 05දාමය. මෙම කොල්ලයට ගිය ඔස්ටි්‍රයානු ජාතිකයා මෙය රැගෙන ගිය බවට කලින් සැක කළද ඔහු පිටව ගොස් තිබුණේ නොවැම්බර් 07දාය. නමුත් මධුෂ්ගේ උපදෙස් මත සුරක්‍ෂිතව තැබූ දියමන්තිය මාතර මල්ලී හා නාලක විසින් රැකගෙන සිට නාලක විසින් එය කොළඹට ගෙනැවිත් දෙන්නේ නොවැම්බර් 08දාය. ඒ මධුෂ් කී නාඳුනන අයකුටය.
දැනට කරන ලද විමර්ශනවලට අනුව රයන් නොවැම්බර් 08දා ඩුබායි බලා ගොස් ඇත. ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම් සැක කරන්නේ රයන් හෝ ඔහු සමඟ ගිය අයකු අතේ මධුෂ් මෙම දියමන්තිය ඩුබායි වෙත ගෙන්වාගත් බවය.
රයන්, අමල් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ගුවන් තොටුපොළේදී වැඩි පරීක්‍ෂාවකට ලක් නොවීම නිසා මධුෂ් ඔවුන්ගෙන් වැඩ ගත් බව පරීක්‍ෂණ කණ්ඩායම් සැක කරන්නේය. අමල් පෙරේරා මීට පෙර සුදු කැස්බෑවකු අතුරුදන් වූ සිද්ධියටද චෝදනා ලැබූවෙක්ය.
මාකඳුරේ මධුෂ්ට කෝටි හත්සීයේ දියමන්තිය ගෙනගිය ආකාරය හෙළිකර ගත හැක්කේ ඩුබායි අත්අඩංගුවෙන් මිදී රයන් හා අමල් මෙරටට පැමිණ විටදීය.
දැනට ඇති බුද්ධි තොරතුරුවලට අනුව දියමන්තිය ඇත්තේ මධුෂ්ගේ දෙවැනි බිරිය වන ඩුබායිහි සිටින තිළිණි නිශායා ළඟය. ඇය මහරගම කළු තුෂාර නමැති පාතාල නායකයාගේ බිරියය. කළු තුෂාර වැලිකඩදී මියගිය පසු ඇය මධුෂ්ට හේත්තු වන්නේ ඇගේ ආශාව පාතාල රැජනක වන්නට වූ නිසාය. පාතාල රැජනක් ලෙස මධුෂ්ගේ තුරුලට ගිය ඇය තම සැමියා වූ කළු තුෂාරගේ මරණයට වගකිවයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබන මෙහෙයුමද මධුෂ් ලවා කරවන්නේය. මේ අනුව ඇයද ඉදිරියේදී මෙරටට අවශ්‍ය අපරාධකාරියක් ලෙස ලේඛනගත වෙමින් සිටින්නේය.
මව්බිම පුබුදු වික්‍රමතිලක
-

චන්ද්‍රිකාට කෝටි දහස් ගණනක කොන්ත්‍රාත්තුවක්
බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැළැක්වීමට නම් ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් කඩිනමින් ගොඩ නැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
“දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ගේ දැන් රැස්වීම්වල කියමින් යනවා, ‘ගෙන එනු ලබන නව ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවක බලයටත් වඩා වැඩි බලයක් ලැබෙනවා.
පළාත් දෙකක් එම පළාත් දෙකේ ජනතාවගේ කැමැත්තෙන් ඒකාබද්ධ කරන්න පුළුවන්. මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා’ කියා.
මේ කියන්නේ අපි නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන ගැලවුම්කරු එම්. ඒ. සුමන්තිරන්. මේ කතාව අනුව හිතා බලන්න උතුරු – නැඟෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් තිබියදී උතුරු – නැඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරලා,
ඒ වගේම අපි දන්නවා බලවත් බටහිර රටවල් කිහිපයකටම දැඩි රුදාවක් තිබෙනවා මේ රටේ ෆෙඩරල් පාලනයක් අතිකර ගැනීමට. ත්‍රිකුණාමල ප්‍රදේශය තමන්ගේ හමුදා තිප්පොළක් බවට පත්කර ගැනීම සඳහා ඇමෙරිකාවට උතුරු – නැඟෙනහිර බලවත් ප්‍රාන්ත ආණ්ඩුවක් ඇති වීම වැදගත්.
ඒ වගේම ඉඩම් පිළිබඳ බලය ඒ ප්‍රාන්ත ආණ්ඩුවට ලැබී තිබීමත් ඔවුනට වැදගත්. ‘කොතැනින්, කොපමණ ඉඩම් ප්‍රමාණයක් ඇමෙරිකානු හමුදා කඳවුරකට ලබා දෙනවා ද?’යන්න තීරණය කිරීමේ බලය ප්‍රාන්ත ආණ්ඩුවකට ලැබී තිබීම ඇමෙරිකාවට ඉතා වැදගත්.
දුර්වල මධ්‍යම ආණ්ඩුවක් ඇති කොට, උතුරු – නැඟෙනහිර බලවත් පළාත් ආණ්ඩුවක් ඇති කිරීමෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට මැදිහත්වීමේ ඉඩකඩ මෙමගින් බටහිර බලවතුන්ට ලැබෙනවා. ඒකයි ඔවුන් මේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර දීමට උත්සාහ ගන්නේ.
රණවිරුවන් දසදහස් ගණනක් දිවිපුදා නතර කළ ‘ඊළාම් සිහිනය’ පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලබන ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින් සැබෑකර ගැනීමේ සුමන්තිරන්ලාගේ ප්‍රයත්නය කෙසේ හෝ පැරදවිය යුතුව තිබෙනවා.
අපි දන්නා ආකාරයට දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපතිවරියකට විශාල මුදලක් ලබා දී තිබෙනකවා. ඒ මෙම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගැනීම සඳහායි.“
-

මෛත්‍රීට අරින්න ගිහින් ඉල්ලන් කයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පිරික්සීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට ‘රීට්’ ආඥාවක් මඟින් නියෝග කරන්නැයි ඉල්ලා සිටිමින් කොළඹ සාන්ත බස්තියමේ කාන්තාවක් ගොනුකළ පෙත්සමක් ඊයේ (07) ගාස්තුවටත් යටත් කරමින් නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය නඩු ගාස්තු වශයෙන් වගඋත්තර පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළේය.
ඉකුත් මස 10 වැනි දින ගොනුකර තිබූ පෙත්සම ඊයේ කැඳවූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එකී පෙත්සම ඉවත දමමින් ඉහත තීන්දුව ප්‍රකාශ කළේය.
පෙත්සම කිරිබත්ගොඩ ඊරියවැටියේ තරංගනී ගුණසේන නම් නීතිඥවරියක් මඟින් ගොනුකොට ඇත්තේ කොළඹ ශාන්ත බස්තියම පාරේ අංක 123 හි පදිංචිකාරියක් වන මංචනායක ජයවර්ධන මුදලිගේ තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැත්තිය විසිනි.
පෙත්සම කැඳවන ලද අවස්ථාවේ අදාළ නීතිඥවරිය හෝ වෙනත් යම් නීතිඥ නියෝජනයක් හෝ ඉදිරිපත් නොවූ අතර, සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන්ද පෙත්සම් පාර්ශ්වයට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කිසිදු සාධාරණ පදනමකින් තොරව මන–කල්පිත මත පිහිටා රටේ ප්‍රධාන පුරවැසියාට නොව කුමන තරාතිරමක අයකුට හෝ එරෙහිව මේ ආකාරයෙන් ‘අත්තනෝමතික’ ලෙස පෙත්සම් ගොනුකිරීම සඳහා අධිකරණය වැනි උත්තරීතර ආයතනයක් යොදා නොගැනීමට නීතිඥ වෘත්තිකයන්ද ඇතුළුව සියලු දෙනාම දැනගතයුතු බවද කියා සිටියේය.
-

ඇමති අර්ජුනගේ සභාපති අයියා හොරු සමඟ හෙළුවෙන්! පරීක්ෂණ යටගහන්න කප්පම් මාෆියාවක්!
මහින්දානන්ද අලුත්ගමගේගේ සමීපතමයකු යැයි කියන පුද්ගලයකුට අයත් හලාවත ඉන්ධන පිරුවුම්හලක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යටපත් කිරීම සදහා තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරෙකු වන ධම්මික රණතුංග විසින් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
සංස්ථාවේ සේවකයින් පවසන්නේ නිශාන්ත රණතුංගගේ මැදිහත් වීම මත එම බලපෑම සභාපතිවරයා විසින් කරන බවයි. හලාවත ඉන්ධන පිරුවුම්හල තෙල් සංස්ථාවට අයත් වූවකි. එය මහින්දානන්ද අලුත්ගමගේ සමීප හිතවතා අත්පත් කරගෙන ඇත්තේ නීත්‍යානුකූල ලෙස නොවේ. ඒ ගැන පරීක්ෂණ කිරීම සදහා විෂයභාර ඇමති අර්ජුන රණතුංග යටතේ ක්‍රියාත්මක විමර්ශන ඒකකය පසුගියදා එම ඉන්ධන පිරුවුම් හලට ගොස් ඇත.
ඒ වන විටත් එහි තිබූ ඉන්ධන පොම්ප අටෙන් හයක්ම සකසා තිබුනේ අඩුවෙන් තෙල් ගැසීමට හැකි අයුරුනි. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ මුද්‍රා පවා එම පොම්පවල නොවීය. ටෙස්ට් රන් පවා කර තිබෙනේ නැත.
කෙසේ වෙතත් සභාපතිවරයාගේ රියදුරා මෙම ඉන්ධන හලට නිතර යන එන අතර මත්පැන් බෝතල්ද ලබා ගෙන තිබේ. ඊට අදාල දර්ශන සි සි ටී වී වල දක්නට තිබේ. ඒ අනුව අමාත්‍යාංශයේ නිලධාරීන් සමග එක්ව සංස්ථාවේ විමර්ශන නිලධාරීන් එම ඉන්ධන හල සීල් කිරීමට තීරනය කර ඇතත් නිශාන්ත රණතුංග මහින්දානන්ද අලුත් ගමගේ ඉල්ලීම මත කුප්‍රකට ධම්මික රණතුංග විසින් එය අත් හිටුවා තිබේ.
එසේම එම පරීක්ෂණය කල අමත්‍යාංශ නිලධාර්න්ට හා ඊට සහභාගි වූ සංස්ථාවේ නිලධාරීන්ට විරුද්ධව එම ඉන්ධනහල වැටලුවේ ඇයිදයි අසමින් ප්‍රති විමර්ශනයක් අරඹා තිබේ.
එ අනුව ගුණතිලක යන අයගේ වැඩ තහනම් කිරීමට මෙම කුප්‍රකට සභාපතිවරයා කටයුතු කර ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් වැඩ වර්ජනයකට යාමට වත්තීය සමිති ක්‍රියා කරමින් සිටී. මහින්දානන්ද අලුත්ගමගේ සහ නිශාන්ත රණතුංග සමීප මිතුරෝය. පොහොට්ටුවේ න්‍යාය පත්‍රය අනුව යමින් දම්මික රණතුංග හරහා නිශාන්ත රණතුංග තෙල් සංස්ථාවේ කටයුතු කඩාකප්පල් කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් සිටින බවද තෙල් සේවකයෝ චෝදනා කරති.
-

නිතී විරෝධී කේබල් ටීවී ජාවාරමින් TRCලොක්කන්ට ලක්ෂ 01 සිට 25 දක්වා මාසික කප්පම්!
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම අනවසර කේබල් රූපවාහිනි තහනම් කිරීමට TRC කටයුතු නොකරන්නේ එම නාලිකා වලින් ඔවුන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ලබා ගැනීම නිසා බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“පසුගිය මැයි 28 වෙනිදා යාපනයේ දි කලෙයි කතයි පුවත්පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජෙන්ද්‍රන්ට පහර දීම හා ඒ පහර දුන් කණ්ඩායම අත්තඩංගුවට ගැනීම පිළිබඳව අපි අපේ බලවත් විරෝධය පල කළා. සෙල්වරාසා රාජේන්ද්‍රන් තම පුවත්පතේ පුවත් පත් රැගෙන යතුරු පැදියේ යමින් සිටියදි යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඉතාම තියුණු ආයුධ වලින් පහර දුන්නා. ඔහු තවමත් යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ වම් අතට දැඩි ලෙස හානි සිදු වෙලා සිදුවෙලා තියනවා. තවමත් මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත්තඩංගුවට ගත්තේ නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ කණ්ඩායම් හදුනා ගන්න කියලා. ඒ වගේම අපි කණගාටු වෙනවා දකුණේ නාලිකා ගැන. මොකද අපි දැක්කේ නෑ දකුණේ කිසිම විද්‍යුත් හා මුද්‍රිත නාලිකා මේ සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහර දීම සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඒ වගේම ඇතැම් වෙබ් අඩවි ඔහු පත්තර බෙදෙන කෙනෙක් ලෙස හදුන්වා තිබුණා. උතුරේ සියළුම මාධ්‍ය සංවිධාන, උතුරේ දේශපාලකයෝ, උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූවා දවස් ගණනාවක්. දකුණේ මේ පුවත සම්පූර්ණයෙන්ම වාරණය කරලා තිබුණා. ඒක තමයි මෙතන තියන වැදගත්ම කාරණය. අපි බොහෝම පැහැදිළිව කියනවා මේ වාරණය කිරීම පිටුපස්සේ ඒකාධිපති වියරුව ක්‍රියාත්මක වෙලා තිබුණා. ”
“ඒ වගේම අපි දැක්කා මේ ආණ්ඩුව පත්වෙලා වසර තුනක් ගෙවිලා ඉවර වෙනකොට මේ ආණ්ඩුව මාධ්‍යයට එරෙහිව ඉතා භයානක ලෙස තමන්ගේ හස්තය ක්‍රියාත්මක කරලා තියෙනවා. එදා අගමැතිවරයා විශ්වාසභංගය දිනපු වෙලාවේ සිරස මාධ්‍ය ආයතනය ඉස්සරහා රතිඤ්ඤා පත්තු කරනකොට අපි කිව්වා මේ රතිඤ්ඤා දිහා බලන්න එපා ඒක පිටිපස්සේ තියන භයානක හස්තය දිහා බලන්න කියලා. එදා රතිඤ්ඤා පත්තු කරලා පටන් ගත්ත මාධ්‍ය වියරුව ඉවර වුණේ ටී එන් එල් එකට අත තියලා. TNL සම්බන්ධයෙන් TRC අනුගමනය කළේ අත්තනෝමතික ක්‍රියාවලියක් කියලා අපි බය නැතුව කියනවා. මේ තහනමට දවස් කිහිපයකට පෙර TNL සේවය ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබු එහෙත් ජනාධිපතිවරයාට අමතකව ගිය සිදුවීම් ටිකක් මතක් කර දුන්නා. එහි ප්‍රතිඵලය තමයි TNL පොල්ගහවෙල විකාශනාගාරයට සිල් තැබීම. අපි පැහැදිළිව කියනවා මේක TNL එකට විතරක් තිබ්බ අතක් නෙමෙයි. මේක හෙට දවසේ අනිත් නාලිකා වලටත් තියනවා. ඒ හරහා ආණ්ඩුව පොඩි සිග්නල් එකක් දෙනවා. දැක්කා නේද අපිට බනින්න එපා, අපිව විවේචනය කරන්න එපා. අපිට මඩ ගහන්න එපා. එහෙම කලොත් මෙහෙම වෙයි කියලා.”
“ඒ වගේම මේ වන කොට TRC බරපතළ විදියට මේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දාලා තියනවා. ලංකා උතුරු නැගෙනහිර සහ කදුකරයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා අනවසර කේබල් ටී. වි සේවා. TRC යටතේ ලියාපදිංචි වෙච්ච නාලිකා අරගෙන බැලුවාම කේබල් ටී වී ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් නාලිකා 4ක් විතරයි තියෙන්නේ. ඒත් අවසානාවට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් කේබල් ටී වී ආයතන 18 ක් තියනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 4ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 2ක්, හැටන් ඇතුළු මධ්‍යම කඳුකරයේ ක්‍රියාත්මක වෙනවා 13ක්. මේ කිසිම නා නාලිකාවක් සම්බන්ධයෙන් TRCයට නියාමනයක් නෑ. මොකද ඒවා ලියා පදිංචි වෙලා නෑ. මේ නිසා රටට අහිමි වන බදු මුදල වාර්ෂිකව රුපියල් 2000කට වැඩියි. එහෙම තිබියදි කොහොමද මෙහෙම කේබල් ටිවි පවත්වා ගෙනයන්නේ. බොහෝම පැහැදිළියි ඔවුන් TRC නිලධාරින්ට කප්පම් ගෙවනවා. ඔවුන් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ගෙවනවා.”
ඇමතිවරුන් සහ ඇමති පුත්තුන්ගෙන් මාධ්‍යයට ඇති බලපෑම්
“හිරු නාලිකාවේ විකාශය කළා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ ඒ රිය අනතුර. ඒක ප්‍රචාරය කරපු වෙලාවේ ඉඳලා ජනතාවගේ සල්ලිවලින් මාධ්‍ය හමු කැඳවලා, එක පිට පිට දෙකක් කැඳවලා තිබුණා. ඔහු හිරු නාළිකාවට කියලා දෙනවා කොහොමද මේ නිව්ස් ගහන්න ඕනේ කියලා. ඒකෙ තියෙනවා තර්ජනයක්. අපි දැක්කා ඔහු කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ අතුරුදහන් කරපුවා , මරපුවා අපිත් කළා නම් ඕවා ඔක්කොම හරි.එහෙම නිකන් පොඩි එකක් දානවා. මගේ පුතා කරපු වැරැද්ද හොයන්න එපා. මොකද අපි දන්නවා හිරු නාලිකාව කවුරුහරි කියපු නිසා මේ ඔවුන් ඒක විකාශය කළේ නැහැ. ඔවුන් ගාව රූපරාමු තියෙනවා. ඒ ගෙදර නිවැසියන්ගේ කතාව ඔවුන් ගාව තියෙනවා. සාක්ෂි තියෙනවා. පොලීසියට දුන්නු වාර්තා තියෙනවා. ඒ සියල්ල පදනම් කරගෙන. වොඩ්කා වතුර කරපු රංගේ බණ්ඩාර ඇමතිවරයා කියනවා නාළිකාවට ඔයාලා මේක ගහන විදිය වැරදියි.”
“ඔය කතාව මෙහම හදලා ගන්න. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. අද උදෑසන මේ මාධ්‍ය හමුවට එන්න කලින් උදේ ටී.වී දැම්මම ලංකාවේ ජාතික නාළිකාවක, අර උදේ පත්තර කියන මල්ලිලා දෙන්නෙක් පත්තරේ කියන අතරේ ගන්නවා දුරකතනයෙන් සජීවීව පාලිත රංගෙ බණ්ඩාර අමාත්‍යවරයාට. දැන් අමාත්‍යවරයා කතා කරනවා දැන් විනාඩි 03ක විතර කාලයක්. ඔහු කතා කළාට පස්සේ අර මාධ්‍යවේදීන් දෙදෙනා කියනවා බොහොම ස්තූතියි රාජ්‍ය ඇමතිතුමනි මේ සත්‍ය පහදා දුන්නාට. දැන් හරි මරයි ණේ. මේ රටේ ඇමතිවරු, උන්ගේ පුතාලා වැරදි කළාම එයාලට පුළුවන් සත්‍යය පහදන්න. ඒකද මේ රටේ නීතිය? ඒකද පිළිගන්න ඕනේ. පාලිත රංගෙ බණ්ඩාර මහත්තයා පොලිස් කාරයෝ දන්නවා කොහොමද සාක්කි හදන්නේ. මේ යමින් තියෙන්නේ ඒ ගමන. ඒ නිසා මොකද කරන්නේ ඇත්ත කතා කරන නාලිකා වලට එරෙහිව තර්ජනය කරමින් ඉන්නවා. මාධ්‍ය නාලිකා වලට තර්ජනය කරන්න ඉඩ දෙන්න එපා. ඒක හැමෝගෙම වගකීම.”යැයිද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
https://www.facebook.com/nmwj.org/videos/1336825709781659/
-

ෆේස්බුක් ඇතුළු සමාජජාල මර්දනය දිගටම සිදුකිරීමට ආණ්ඩුව සැරසෙන බවට හෙළිදරව්වක්!
වත්මන් විසින් ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹන බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.
එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු.
එසේ තිබියදි රටේ සියළුම දෙනාට බලපාන ලෙස මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් එය රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාංග වශයෙන් අහිමි කිරීමක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.
මෙතෙක් රටේ පැවති සියළුම ආණ්ඩු පාහේ තම නොහැකියාව වසා ගැනීමට විකල්ප මාධ්‍ය වාරණය සක්‍රියව ක්‍රියාත්මක කළ අකාරය පිළිබඳව අත්දැකිම් අප සතුව ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විරුද්ධ හා විකල්ප මත දැරූ වෙබ් අඩවි තහනම් කිරීම හා එම මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම හරහා තම නොහැකියාව වසා ගැනීමට කටයුතු කළ ආකාරය සුලභ විය. නමුත් මෙහිදි හාස්‍යජනකම සිදුවීම වන්නේ රාජපක්ෂ පාලනය තුළ සිදුවු එවැනි ක්‍රියාකාරකම් නැවත සිදුනොවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන මෛත්‍රි – රනිල් පාලනය මෙලෙස වෙබ් අඩවි පමණක් නොව සමස්ථ සමාජ මාධ්‍ය ජාලාවම අවහිර කිරීමයි. එය ඉගුරු දී මිරිස් ගත්තා වැනි ය යන ප්‍රස්ථා පිරුල සාක්ෂාත් කරනු ලබයි.
එසේම මෙයින් මුළු මහත් රටේත්, රටින් පිටත ජීවත් වන අපේම ජනතාව මුහුණදෙන සන්නිවේදන දුෂ්කරතාවය අතිවිශාල වන අතර එයින් සිදුවන සමාජීය බලපෑම ගණනය කළ නොහැකි එකකි. තවද ව්‍යාපාර ඇතුළු රටේ ආර්ථිකයට මෙමඟින් සිදුවී ඇති හානිය මෙතෙක් යැයි රජය විසින් ගණනය කිරීමට අපොහොසත්ව ඇත.
මෙහිදි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසට අපට හැගි යන්නේ ආණ්ඩුව තම මර්දනකාරී වැඩපිළිවෙළට අවශ්‍ය පූර්වාදර්ශය මෙම තහනම තුළින් පරිපූර්ණ කිරීමට උත්සහ ගන්නා බවයි. යම්හෙයකින් ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදි ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය විකල්ප මතධාරාවක් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා නිර්මාණය වන අවස්ථාවකදි එය මැඩපැවැත්වීමට මෙම වාරණය උපයෝගී කරගත හැකිදැයි අත්හදා බලනු ලබන පෙර පරීක්ෂණයක් ලෙසට මෙම දින කිහිපය යොදා ගන්නා බවට අපගේ මතය වේ.
තවදුරටත් ආණ්ඩුව මෙලෙස ඉදිරියට කටයුතු කරනවා නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන්නෙමු. එහෙයින් මෙලෙස ව්‍යංගකාරි විසඳුම් සෙවීමට නොගොස් සමාජය තුළ පැන නැගි ඇති සැබෑ ගැටළුව හදුනාගෙන එයට අවශ්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.
සුවින් වගාරච්චිගේ,
කැදවුම්කරුවෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රී ලංකාව
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Movement of Web Journalist- Sri Lanka.”[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2018/03/Press-stament-11-03-2018.pdf” width=”600″ height=”600″]
-

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට හෙට උදේ 06වන තෙක් ඇදිරි නීතිය..
මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය.
හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කාලය තුළ නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.
-

ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?
මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය.
මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි.
-

ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!
සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත.
බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. මේ ඇතැම් චැනලයන් ඉතා විශිෂ්ට ගණයේ වැඩසටහන් පවත්වාගෙන යනු ලබන අතර මාධ්‍ය ත්‍රිත්වයම ග්‍රහණය කරගත් උසස් මට්ටමේ නාලිකාවක් ලෙස රංගිරි මාධ්‍ය ජාලය විශේෂය.
එහෙත් කරන්නන්වාලේ ගොස් දැනුමෙන් සහ අත්තනෝමතිකභාවයෙන් යුතුව, රටට හා සමාජයට බරක් වෙමින් සංස්කෘතික උරුමයන්ද වනසමින් මෙවන් නාලිකා පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව අවදියෙන් සිට කටයුතු කිරීම බෞද්ධයන්ගේ ද රටවැසියන්ගේද යුතුකමක් වෙයි. අපගේ මේ හෙළිදරව්ව එවන් විනාශකාරී නාලිකාවක් සම්බන්ධයෙනි.
මේ නාලිකාව පසුගිය වසරේ මැයි මාසයේ සිට පවත්වාගෙන යන්නේ මාතර දිසාවේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැවුරුකන්නල විහාරස්ථානයේ ය. ආරම්භයේ යම් ප්‍රමිතියක් හා ගමන්මගක් පෙන්වුවද ඉතාම සුළු කලක දී මාධ්‍ය ආචාරධර්මයන්ද තුට්ටුවකට මායිම් නොකරමින් කටයුතු කරන්නට පටන්ගත් මේ නාලිකාව මේ වන විට ප්‍රදේශයේ පමණක් නොව රට පුරාම බෞද්ධ බැතිමතුන්ද රවටමින් කූට ජාවාරමක් බවට පත්කරගෙන තිබේ.
සියලුම ආකාරයේ මාධ්‍ය ආචාරධර්ම බිඳ හෙළමින් අවරගණයේ වැඩසටහන් විකාශය කරන මේ නාලිකාවට වරින්වර සේවයට බඳවාගත් සියලුම දෙනා කිසිදු වගවිභාගයකින් තොරව අවස්ථා ගණනකදීම සේවයෙන් පහකර ඇත. මේ වෙනුවෙන් මාධ්‍ය ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මර්වින් සිල්වා සහ දේශපාලකයින් ගණනාවකගේ නම් පාවිච්චි කොට ඇත.
මේ ආකාරයට සේවා අයිතිවාසිකම් අහිමිකරගත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුට ප්‍රදේශයේ මැරයින් යැයි හඳුන්වාගත් පිරිසක් ලවා තර්ජනය කොට එලවා දැමීමට ද විහාරාධිපති හිමි විසින් කටයුතු කොට තිබේ. මේ වෙනුවෙන් දේශපාලන හයියද උපයෝගී කරගන්නා බව පවසමින් දික්වැල්ල පොලීසියේ ද සහාය ලබාගෙන ඇත. මෙවර පලාත්පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින නදුන් නමැත්තෙක් ද මේ කණ්ඩායමට එක්වෙමින් සේවකයින් එලවා දැමීමට කටයුතු කර තිබේ. තවද සේවකයින් එළවා දැමීමට මාධ්‍ය ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මර්වින් සිල්වා, දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරික එච් ආර් විමලසිරි, චතුර ගලප්පත්ති යන අයගේ සහායද ලැබුණු බව විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව රවටමින් ලබාගත් විශාල මුදලක් මේ වනවිට මේ වෙනුවෙන් කාබාසිනියා කර ඇත. එය රුපියල් මිලියන 25 ක් තරම් වන බව දැනගන්නට තිබේ.
මේ නාලිකාවට මුවා වී විවිධ පුද්ගලයින්ගේ යටි මඩි ගැසීම් හා ජනතාව රැවැටීම් දිගින් දිගටම සිදුකරමින් ප්‍රමිතියෙන් තොර වැඩසටහන් විකාශය කරමින් සිටී. මේ සම්බන්ධයෙන් විමසීමට අප විසින් නාලිකාවේ ප්‍රධානියෙක් සම්බන්ධකර ගැනීමට උත්සාහ දැරුවද ඒ හැමවිටකම අපට පිළිතුරු දෙනු ලැබුවේ විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමි ය. ඔහු මාධ්‍ය පිළිබඳ කිසිවක් නොදන්නා අතර අප ඇසූ කිසිදු පැනයකට පිළිතුරු දුන්නේ ද නැත. එහෙත් ඔහු විසින් අප සම්බන්ධ කරගත් සෑම විටකම ධර්ම දේශනාවක් විකාශය කිරීමට රුපියල් තිස් දහසක මුදලක් අපගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව අප මේ විහාරස්ථානයට ගොස්ඒ පිළබඳව විමසුවත් නිශ්චිත ක්‍රමවේදයකට මුදල් බාරගන්නා තත්ත්වයක් ද නොතිබුණි.මෙහි විකාශන තත්ත්වයන්ද ඉතා දුර්වල වන අතර, ජනතාව රවටමින් මුදල් ලබාගැනීමට පුද්ගලයින් කිහිපදෙනෙක්ම යොදවා තිබෙනු දක්නට හැකිවීය.
මේ පිළබඳව සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ, මේ වනවිට ඩයලොග් ආයතනයට මාසිකව රුපියල් ලක්ෂ 12ක් පමණ ගෙවන බවත්, දුරකථන සම්බන්ධතා වෙනුවෙන් ටෙලිකොම් ආයතනයට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද මාසිකව ගෙවනු ලබන බවත් ය. මෙතරම් මුදලක් විනාශ කරමින් ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් මකර කටට ඇද දමන්නේ ඇයිද යන පැනය අප ගම්වාසීන්ගෙන් ඇසුවේය. එවිට ඔවුන් ඇතැමෙක් ලබාදුන් පිළිතුරු හාස්‍යයට හේතුවීය.
“අනේ මහත්තයෝ.. මේකෙ හිටිය ලොකු හාමුදුරුවෝ තමයි විමලතිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ අපවත්වුණාට පස්සේ මේකට පත්වෙච්චි කෙනා තමයි ඔය දැන් ඉන්න තිස්ස හාමුදුරුවෝ. හාමුදුරුවෝ කිව්වට එයාගෙ ඇති සීලයක් නැහැ. සීලයක් ඇති අයට මේකෙ ඉන්නත් බැහැ. මේ පන්සලට ලැබෙන ආධාර ඔක්කොම වගේ මේ හාමුදුරුවන් අතපතගාන ගෑනු කිහිපදෙනෙක් ගසාගෙන කනවා. දැන් තොළඹ මාතර දුවන බස් එකකුත් තියෙනවා. ඒක පන්සලට අයිති නැහැ. නමුත් මිනිස්සු කියන්නේ පන්සලේ බස්එක කියල. ඒකෙන්ම වැඩේ තේරුම් ගන්න පුළුවන් නේ.” අවට ජනතාවගේ අදහස් එසේ වීය.
මේ පිළිබඳව මාධ්‍ය අමාත්‍යංශයට මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද පැමිණිලි කරන්නට තමන් බලාපොරොත්තුවන බව විහාරස්ථානයේදී ම අපට හමුවූ විදුහල්පතිවරයෙක් හා ගුරුවරයෙක් අප සමග පැවැසීය.
එමෙන්ම, ප්‍රමිතියෙන් තොර වැඩසටහන් හා කාර්ය පටිපාටියක් නැති මෙවන් ගසා කෑම්වලට ඩයලොග් වැනි ආයතනයක් ද හවුල් වී සිටීම පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.
ලක්ෂ 15 ක් 20 ක් වැනි විශාල මුදලක් මෙසේ කාබාසිනියා කිරීම පිළිබඳව බෞද්ධ කටයුතු බාර ඇමතිවරයා සේම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාද තම අවධානය යොමු කළ යුතුව ඇත.
මෙයට ,
අගතියට පත් සේවක පිරිසක් හා බෞද්ධ දායකයින් පිරිසක්මේ නාලිකාවේ නම “දම් සතර” යි – ඩයලොග් 28 ඔස්සේ ය.
