
මේ වසරේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක හිඟ වැටුපද සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. ඒ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ දළ වැටුප සියයට 55කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41කින් ද වැඩි කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
Author: Editor
-
ඖෂධ සංස්ථා සේවක වැටුප ඩබල් වෙයි…
-
කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ පුස්කයි…

අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර වන අතර එමගින් වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.එම මුදල හරියටම රුපියල් 443,445,900ක් ලෙස ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.
-
පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා කැඳවීම අද සිට
ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා ද නාමයෝජනා කැඳවීම අද (18) ආරම්භ වනවා. එය අවසන් වන්නේ ලබන බ‍්‍රහස්පතින්දා දහවල් 12.00 ටයි.
මෙම පළාත් පාලන ආයතන 248 සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදි තිබූ කාලය ලබන බදාදා දහවල් 12.00ට අවසන් වනවා.
මීට පෙර පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඉකුත් බ‍්‍රහස්පතින්දා දහවල් 12.00න් අවසන් වුණා. එහිදී භාරදුන් නාමයෝජනා කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වුණා.
ඉන් 6 ක්ම අයත් වුණේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණටයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර දෙකක්ද එහිදී ප‍්‍රතික්‍ෂේප වුණා.
මෙවැනි තත්ත්වයන් හමුවේ නිවැරදි ලෙස නාමයෝජනා භාරදිමට ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක කරුණු පැහැදිලි කළා.
එහිදී “දින තුනහාමාරක් තියෙනවා. ඒක නිසා අවසන් දිනය දක්වා ඉන්න එපා..අවසන් මොහොතේ කඩිමුඩියේ ඇවිත් නාමයෝජනා භාරදීමෙදී ඔබ අතින් අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කල්වේලා ඇතිව සකසා නිවරැදිව නාමයෝජනා භාරදීමට කටයුතු කරන්න..” යනුවෙන් සඳහන් කෙරුණා.
නාමයෝජනා භාරදීමෙන් පසුව නිත්‍යානුකූලව සියලූ කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
නාමයෝජනා භාරගන්නා සමයේ මැතිවරණ නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.
[rns_reactions]
-
එක්සත් ජනතා නිදහස් සන්ධානය කදුකරයට තරග වදින්නේ මෙහෙමයි…
මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් වෙත කුකුළා ලකුණෙන් තරගවැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පැවැත්වීමට නියමිත මැතිවරණයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග‍්‍රසයේ කුකුළා ලකුණෙන් තරග වැදිමට සන්ධානගත වි තිබෙනවා.
ඊට අදාළ නාමයෝජනා අත්සන් තැබීම සිදු කෙරුණේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රස් කාර්යාල මූලස්ථානයේදීයි.
මෙලෙස කුකුළා ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, කම්කරු කොංග‍්‍රසය සමග සන්ධානගතව තරග වදින්නේ දික්ඔය නගර සභාව මෙන්ම මස්කෙළිය, නෝර්වුඞ්, කොටගල, ආගරපතන හා නුවරඑළිය යන ප‍්‍රාදේශීය සභාවලටයි.
එහෙත් ලංකා කම්කරු කොංග‍්‍රසය අඹගමුව ප‍්‍රාදේශීය සභාවට කුකුළා ලකුණෙන් තනිව තරග කිරීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් කොත්මලේ, හගුරන්කෙත හා වලපනේ යන ප‍්‍රාදේශීය සභා සඳහා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව තරග වදින්නේ බුලත්කොලය ලකුණෙන්.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදිපන් පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අවාසියක් සිදුවන බවයි.
කුකුළා ලකුණෙන් තරග වදින පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවට කිසිඳු නිදහස් පක්‍ෂයේ දෙමළ අපේක්‍ෂකයෙකු ඇතුළත් කර නොමැති බවද ඔහු පවසනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායකවරයා මෙම අදහස් පළ කළේ හැටන් නගරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
[rns_reactions]
-
උපුල් තරංග ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි
2017 වසරේ එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ පළමු සහ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත්වීමට උපුල් තරංග සමත් වුණා.
ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවතී එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේදීයි ලකුණු 95ක් රැස්කර ගැනීමත් සමගයි.
උපුල් තරංගට අමතරව මේ වසරේදී මෙම දස්කම දක්වා තිබුණේ විරාත් කෝලි සහ රෝහිත් ශර්මා පමණයි.
පන්දු 82කදී ලකුණු 95ක් ලබා සිටි තරංග ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා. ඔහු සහ සදීර සමරවික‍්‍රම සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 121 ක සබඳතාවක් ගොඩනැගුවා.
[rns_reactions]
-
පොලෝසියට වගේම මැති සබේටත් භාවනා පංති

ඉදිරියේදී පොලීසියේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා භාවනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් පසුගියදා පවසන ලදී.
හිටපු අධ්‍යාපන ලේකම් තාරා ද මැල් මහත්මිය සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම කටයුත්තට මුල පුරා ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
-
රුසියාට යැවූ තේ වල කුරුමිණියෙක්…. රුසියාව අපේ නිශ්පාදන ආනයනය තහනම් කරයි…

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික වැවිලි නිශ්පාදන ලබන සඳුදා සිට ආනයනය තාවකාලිව තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත.මෙරටින් යවන ලද තේ බහාලුමක තිබී එක් කුරුමිණියෙක් හමුවීමත් සමග එම පියවර ගැනීමට රුසියාව කටයුතු කර ඇත.උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් රුසියානු රජය සමග සාකච්චඡා කිරීම සඳහා වැවිලි කර්මාණ්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වැවිලි කර්මාණ්ත අමාත්‍යංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ..
-
ඡන්දෙට කලින් ඒකාබද්දෙන් 4ක් එජාපයට…

එපාපයේ සිට මහින්දගේ සැලුන් දොරින් සංධානයට පැමිණි ප්‍රභල මෛත්‍රී වරු 4 දෙනෙක් එළැබෙන පළාත් පාලන මැතිවරණයට පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.පොහොට්ටුව පුප්පන්න වලි කන බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ඉඟි පල කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසි අමනාපයක් නැති මුත් නාමල් වැනි ලඳ බොළද තරුණයන් හමුවේ තමන්ගේ ආත්මගෟරවය රැක ගැනීමට සිදුවීම තවත් එක් හේතුවක් බව ඔවුන් ඉඟි පල කර ඇත.
-
සංගීත වීඩියෝවේ අසභ්‍ය ලෙස පෙනී සිටි ගායිකාවයි අධ්‍යක්ෂකයි දෙන්නම හිරේ ….

අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක වන ශයීමා අහමඩ්ට එරට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.ඇය යට ඇඳුම් වලින් සැරසී අදාළ වීඩියෝ පටයේ පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.රටේ ජනතාව තුළ කෝපය ඇති කරවමින් අසභ්‍ය වීඩියෝ පටයක් මාධ්‍යට මුදාහැරීමේ චෝදනාව යටතේ ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ අධිකරණය හමුවේ ඇය වරදකරු කර තිබේ.කෙසේවෙතත් 21 හැවිරිදි ෂායිමා අහ්මඩ් නැමැති ඇය අත්අඩංගුවට ගැනීමට පෙර ඇයගේ ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් රටේ ජනතාවගෙන් සමාව ගෙන ඇති අතර වැඩි ආකර්ශනයක් දිනාගැනීම සඳහා අදාළ වීඩියෝ පටය නිර්මාණය කළ බව එහිදී ඇය පවසා ඇත.අදාළ වීඩියෝ පටය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා ද වසර දෙකක සිර දඬුවම් ලබා ඇති බව සඳහන්ය.
-
ලිංගික අල්ලස් ගෙන කාන්තාවන් රට යවන මල්සරාට වැඩ වරදී…
විදේශ රටවලට ගෘහ සේවය සඳහා පිටත්කර යවන බව පවසමින් දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රවටා ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ගුවන් බලපත්‍ර ආදී තොරතුරු රැගෙන විත් එම කාන්තාවන් රවටා විදේශගත කිරීමට නම් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඔවුන් සමග ජංගම දුරකථනයෙන් විවිධ සංවාද පටිගත කොට ඒවා පෙන්වමින් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඔහු ගලේවෙල ප්‍රදේශයේම පදිංචි එම් .එම් .මොහොමඩ් ස්මයිල් නමැති අයෙකි .
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් විශේෂ සෝදිසි වරෙන්තුවක් අනුව ගලේවෙල නගර මධ්‍යයේ දී මෙම ස්ථානය සෝදිසි කොට එහි තිබූ කාන්තා ඡායාරූප 50ක් විදේශීය ගමන් බලපත්‍ර, වීසා ව්‍යාජ ලෙස සකසන ලද රාජ්‍ය ආයතන රැසක ලියකියවිලි රබර් සීල් ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැසක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ මෙම පුද්ගලයාගේ නිවසේ පවත්වාගෙන ගිය කාර්යාලය සෝදිසියට ලක් කොට ඇත.ඒ අනුව එම නිවසේ කාර්යාලයේ තිබී දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ ඡායාරූප හැදුනුම්පත් ගමන් බලපත්‍ර විවිධ ප්‍රදේශ වලින් ලබාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පිටපත් කිසිදු අත්සනකින් තොර වූ පොලිස් වාර්තා පවුල් පසුබිම් වාර්තා රබර් මුද්රා ආදී ලියකියවිලි මෙන්ම මෙම ස්ථානය දී සොයාගෙන ඇත .
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු පොලිසියට අයත් හිස්වැසුමක් පැළඳ ලබාගත් ඡායාරූප මෙන්ම පොලිස් ප්‍රජා සේවා කමිටුවේ සභාපතිවරයකු ලෙස පෙනී සිටිමින් සාදාගත් හැදුනුම්පත් දෙකක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.
දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරු කාන්තාවන් කිහිපදෙනෙකුම රවටමින් ලිංගික අල්ලස් ලබා ගැනීම හා සහ ජංගම දුරකථනය හරහා අසභ්‍ය ඡායාරූප වීඩියෝ පට කාන්තාවන්ට එවීම ආදී චෝදනා මෙන්ම මුදල් ලබාගෙන විදේශ රටවලට නොයවා සිටීම ආදී සිද්ධීන් රැසක් පිළිබධව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
මෙම ජාවාරම් කරු පිළිබඳව වසර කිහිපයක සිටම ජනමාධ්‍ය මඟින් අවස්ථා ගණනාවක හෙළිදරව් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතා සඳහන් කළේය. ඉතා සූක්ෂම ලෙස තැරැව්කාර කාන්තාවක් යොදාගෙන මෙම පුද්ගලයා නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායමකට හැකිවී තිබේ.
මෙම ජාවාරම පිළිබඳව දැනට අනාවරණය වී ඇති ඔහු සතුව ඇති ජාතික හැදුනුම්පත් වීදෙස් ගමන් බලපත්‍ර ලියකියවිලි සතු ජනතාවට දැනුම් දී ඔවුන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලීසිය කියයි. එමෙන්ම ගලේවෙල ප්‍රදේශයේ මෙවැනි ජාවාරම් කරුවකුට හසුවී ඇත්නම් වහාම ගලේවෙල පොලිසිය අමතන ලෙස ස්ථානාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටියේය.



-
මෙහෙයුම පැය 4යි පුද්ගලින් 1373ක් අත්අඩංගුවට…
පැය 4 ක මෙහෙයුමකින් ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම් 586 ක් ද සිදුකිරීමට හැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
-
ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පලිගැනීම
ඉදිරි එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින නම් කරනු ලැබුවත් ලසිත් මාලිංග සංචිතයේ හිටියේ නැහැ. මේ කියන්න යන්නේ ඒ ගැන, අපි හැමෝටම දුක හිතෙන කතාවක්.
මාලිංග ඉදිරි තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ වගේම ඉදිරියත් කවදාවත්ම ලසිත් මාලිංග නොහොත් yoker king ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා දකින්න වෙන්නේ නැහැ.
මේකට මුලිකම හේතුව වෙලා තියෙන්නේ මාලිංග ක්‍රිකට් පරිපාලනය ගැන මධ්‍යයේ දෙහි කපපු එක. මාලිංග වෙනුවෙන් පරිපාලනය ඇටවූ උගුලේ ගැඹුර කිවහොත් අවුරුද්දේ හොඳම 20/20 පන්දු යවන්නා සම්මානය ලැබී මාස 3ක් යාමට මත්තෙන් කණ්ඩායමෙනුත් ඉවත් කරලා. මේ පළිගැනීමේ සැලසුම ගැන තවත් තහවුරු වෙයි මේ ටිකත් කියවුවහම
“අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක් තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි. ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.
මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.
ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.
“මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.
-
ඔශාක ජාගොඩ කැනඩාවේ සුපිරි කොන්ඩා සැකසුම් ශිල්පීන් 12 අතරට … VIDEO
ලෝකය ජයගත්ත අපේ මිනිස්සු ගැන අපි කතා කරනවා. ශ්‍රී ලංකා නාමය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය ආක්‍රමණය කරන්න අපේ පුංචි රටේ මිනිස්සුන්ට හැකිවෙලා තියෙනවා. ඒක අපේ රටට ආඩම්බරයක්.
කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් තමයි Osaka Ayon Jagoda ඔහු දැනට කැනඩාවේ ඉන්න හොඳම කොන්ඩා සැකසුම් ශිල්පීන් 12 දෙනා අතරින් කෙනෙක්. ඒ වෙනුවෙන් ඔහුට සම්මානයක් පවා ලැබුනා. කැනඩාවේ වාර්ෂිකව පවත්වන REDKEN නම් තරඟයේදී මෙම ජයග්‍රහණය ඔහුට ලබන්නට හැකියාව ලැබුනා. ඒ අනුව 2017 වර්ෂයේ කැනඩාවේ ඉන්න සුපිරිම කොන්ඩ සැකසුම් ශිල්පීන් 12 දෙනා අතරෙ ඉන්නෙ අපේ රටේ ඔශාක. ඉතින් ඒක අපේ රටට ආඩම්බරයක්.
-
ජී.එල් ගේ නිදිමත නිසා එකතු වීමේ අවසන් පියවරත් සුං

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී ඇත.ඒ අනුව දෙපාර්ශවයම පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟ කර ගැනීමට රතන හිමියන් මහින්ද රාජපක්ෂ මහතාව හමුව ඇති අතර එහිදී මහින්ද මහතා කියා ඇත්තේ “මගෙ ප්‍රශ්නයක් නෑ.. එකතු වෙන්න ඕනනම් බැසිල් එක්ක කතාකරන්න” කියලායි.
ඒ අනුව පදනම් ආයතනයේදී රතන හිමි විසින් බැසිල් ,ජීඑල්,නිමල් සිරිපාල හා ඩිලාන් යන මහත්වරු හමුවූ අතර ජනාධිපති තුමා දෙගොල්ලො එකතු කරන්න පුළුවං ඕනම දේකට එකඟයි… අපි එකතු වෙලා ඡන්දෙ ඉල්ලමු කියල නිමල් සිරිපාල ද සිල්වා කියද්දී එයට හරස් ීඋන ජී.එල් අපි පොදුජන පෙරමුණ විදිහට තනි තීරණයක් ගන්න බෑ… ඒකබද්දයෙන් අහන්න ඕන කියල කියා සිටියා.ඒකාබද්දය මෙතන ගන්න තීරණයට එකඟයි අවශ්‍ය නම් සීබී මහින්දානන්ද පවිත්‍රා අපි මෙතෙන්ට ගෙන්නන්නම් යයි ඩිලාන් පෙරේරා කියා සිටියා.ඩිලාන් එහෙම කියද්දි එකතු වුනොත් තමන්ට සියල්ලම නැති වෙන බව දන්නා ජීඑල් දැන් මට නිදිමතයි පස්සෙ කතා කරමු කියල නැගිටල යන්න හැදුවා.මේ වෙලාවෙ නිමල් සිරිපාල ද සිල්වට කේන්ති ගිහින් අපිටත් කියල ආත්ම ගෟරවයක් තියෙනවා අන්තිම මොහොතෙත් මෙහම එකතු වෙන්න කතාකරන්නෙ මහින්ද මහත්තයයි සිරිසේන ජනාධිපති තුමයි කියන නිසා කියල කිව්වා…කෙසේ වුවත් සාකච්ඡා අතරමග දමා නිදිමත ජීඑල් නැගිට යද්දී බැසිලුත් ඒ පස්සේම යන්න ගියා කියලයි දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වෙන්නේ…
-
අලියාගේ වලිගය වෙනවට වඩා මැස්සාගේ ඔළුව වෙන එක හොඳයි කියන තියරියේ තමයි නාමල් ඉන්නේ…(Video)
බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න පුළුවං කියලා… නාමල් හා නවක මන්ත්‍රී වරුන්ට ශ්‍රීලංකා එක නැවත එකතු උනොත් කිසි තැනක් ලැබෙන්නෙ නැති නිසා අලියාගේ නැට්ට වෙනවට වඩා මැස්සගේ ඔළුව වෙන එක හොඳයි කියල හිනෙවා … අන්න ඒ නිසයි මේ ගොල්ලො එකතු වෙන්න කැමති නැත්තෙ…
-
ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ? (Video)
ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ?