Author: Editor

  • විමල් අගමැති සමඟ ඩිල්

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

    ඔහු ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තම පක්ෂයේ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ තමන්ට දුන් බලය අත්හැරීමට සිදුවීම නිසා බවය.

    එමෙන්ම සිය පක්ෂයේ නායකයාගේ කටයුතු සහ ප්‍රකාශයන් අනුව ඔහු පිළිබඳ සැකයක් තමන්ට මතුවන බව ද ඔහු එහිදී අනාවරණය කළේය.

    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මහ ලේකම් තුමා කිව්වා අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බ වෙන්න විමල් විරවංශ නායක තුමයි අපි කට්ටිය යනවා ඔයා එන්න කියලා.මන් කිව්වා මන් එන්නේ නෑ කියලා.ඇයි කියල ඇහුවා.පාර්ලිමේන්තුව මඟ හැරලා අලුත් ව්‍යවස්ථාවට පස්සේ දොරෙන් වෙන යෝජනා දෙන්න ඕනේ නෑ. අපිට තිබුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක පිළිගන්නේ නැත්තම් ජනාධිපතිතුමාට බල කරන්න මේවා පිලි නොගෙන රට බෙදනවා නම් ඒකට අපි විරුද්ධයි කියන්න අයිතිය තිබුණා.හැබැයි එතැනට ගිහින් ඒක පැහැදිලි කරන්න ගියේ නෑ.මාත් මඟ හැරියා,අත්හැරියා.ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ දේශපාලනය ඉතා ඉහළින් තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන,වාසුදේව නානායක්කාර වැනි දීර්ඝ කාලයක අත්දැකීම් ඇති නායකයෝ කිව්වා මේකෙන් ඉවත් වෙන එක වැරදියි.”

    “මේක ඇතුළේ ඉඳගෙන පරාජය කරන්න ඕනේ අපි ජනතාවගේ නියෝජිතයෝ විදියට.ඒ නිසා අද වෙනකොට ජාතික නිදහස් පෙරමුණ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මේ ආණ්ඩුවේ අපට චන්දේ දීපු ජනතාවගේ මතය කියන්න තැනක් නෑ.පාර්ලිමේන්තුවෙන් 30,31 සහ පළවෙනිදා ඉන්න ඕනේ එළියේ.පාර්ලිමේන්තුවේ කතා කරන්න බලය නැති කර ගත්තා.ඒ නිසා තමයි කල්පනා කරන්න ඇත්තේ බෝම්බ ගහන්න.එතකොට මේක පරාජය කරන්න තියන මාවත අත්හැරලා බොරුවට කෑගහන එක කරන්නේ කවුද?අපේ නායක තුමන්.එතකොට අපේ නායකතුමන් මට හිතෙනවා මෙතුමාත් එක්ක ඩිල් එකක් හින්දා තමයි මේ කරන්නේ.ඒ නිසා මන් අහනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වුවමනාව ඉෂ්ඨ කරන්න විමල් විරවංශ මැතිතුමා මේ ව්‍යවස්ථාදායක කමිටුවෙන් මඟහැරලා ගියා කියලා” එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

  • සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ජනාධිපතිකම් නෑ – සෝලංගආරච්චිගෙන් මහින්දට කනේ පහරක්..

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික වූ ජනාධිපතිකම් නැත. බල තන්හාවෙන් මුලාවෙලා මිරිගුවක් සොයා යන මහින්ද ලෝකෙට බෞද්ධකම පෙන්නුවට වැඩක් නෑ බුදුදහමේ මුලික සංකල්පයක් වන අතහැරීම කරන්න බැරිනම්. නාරාහේන්පිට හාමුදුරුවනේ මහින්දට අතහැරීම උගන්වන්න යයි කොලොන්නාවේ ප්‍රසන්න සෝලංගආරච්චි ඇහැලියගොඩ නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය ජනසතු කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසිය.

    https://www.facebook.com/PrasannaSolanga/videos/861956650631042/

    [rns_reactions]

  • සංවර්ධන ව්‍යාපෘතියක් නිසා පීඩා විදින අපේම ජනතාවක් ගැන ඇත්ත කතාවක්…

    මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදි ඇතිව තිබෙන දුර්වලතාවයක් නිසාවෙන් පිඩා විදින ජනතාවගේ ගැටළුව විසදීම සදහා නිසි බලධාරීන්ගේ අවධානය හැකි ඉක්මණින් යොමුවිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු..

    https://www.facebook.com/supirigossip1/videos/1485736164795318/

    [rns_reactions]

  • ” පාර්ලීමේන්තුවට බෝම්බ ගහන්න ඕන ” කතාවෙන් විමල්ට එරෙහිව සටනට ඒකාබද්ධයත් එක් වෙලා .!

    විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචනා කළ යදමින් බැදි අක්ෂර ග්‍රන්ථය ජනගතකිරීමේ උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. 
    එහිදි විමල් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර ” පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට” ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින් සිදු කළේ එහිදීය.

    මන්ත්‍රීවරයාගේ මේ කතාවෙන් පසුව කථානායක කරු ජයසූරියට දුරකතන ඇමැතුම් රැසක් ලැබෙන්නට විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද දුරකතන ඇමතුම් ලබාදුන් අතර විමල්ගේ ප්‍රකාශය පිළිබදව ඔවුන් සිටියේ කණස්සල්ලෙනි.

    “මේ ප්‍රකාශය සුළුවෙන් තකන්න එපා. මේක අපි අනුමත කරන්නෙත් නෑ” ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කතානායකවරයාට කියා තිබුණි.
    “මම මේ ගැන පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේදීම ප්‍රකාශයක් කරනවා” යනුවෙන් එම පිරිසට කතානායකවරයා පිළිතුරු දී තිබුනා.

    [rns_reactions]

  • හිටපු ජනපතිවරයා මට ලිංගික අතවර කළා – ජනප්‍රිය නිළියගෙන් ලිංගික අතවරයක් ගැන චෝදනා.!

    නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

    93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් “ස්‌පර්ශ කළ” බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින් හිටපු ජනපතිවරයාට මින් පෙර චෝදනා කර තිබුනා. ඒ ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා.
    එහිදි ඇය විසින් සදහන් කර තිබුනේ හරිකේන් කුණාටුවලින් විපතට පත් වූවන් වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයකදී හිටපු ජනාධිපති බරක්‌ ඔබාමා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ අතින් අල්ලා ගෙන සිටින අවස්‌ථාව දුටු විට තමන් කම්පනයට පත් වූ බවයි. 

    “මමත් ඒ වගේම ෆොටෝ එකකට පෙනී හිටපු වෙලාවේ එයා මට ලිංගික අතවර කළා. එයා මට අතට අත දුන්නේ නෑ. ඒ වෙනුවට එයාගේ බිරිඳ බාබරාත් ලඟින් ඉන්න අතරේ පිටිපස්‌සෙන් අත දාල මාව ස්‌පර්ශ කළා, එයා මට කැත විහිළු කළා. ඊට පස්‌සේ අපි ෆොටෝ එකක්‌ ගන්න කොට එකපාරටම ආයෙත් මාව ස්‌පර්ශ කළා.” යනුවෙන් හෙදර් සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුනා.

    කෙසේ වෙතත් ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් සටහනෙන් පසුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශයෙක් සිදුවීම සම්බන්ධයෙන් හෙදර් ගෙන් සමාව ගෙන තිබුනා. එම ප්‍රකාශයා මාධ්‍යයට පවසා තිබුනේ හිටපු ජනාධිපතිවරයා ඒ අවස්‌ථාවේ විහිළුවක්‌ කිරීමට උත්සාහ කළ බවයි.

    “ජනාධිපති බුෂ් කිසිදු අවස්‌ථාවක – කුමන තත්වයක්‌ යටතේ වුවත්, කිසිවකුටත් දැනුවත්ව සිත් තැවුලක්‌ ඇති නොකරන” බවත් “විහිළුවක්‌ කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක්‌ වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින” බවත් හිට්‍රපු ජනපතිවරයාගේ ප්‍රකාශකයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා

    1989 සිට 1993 දක්‌වා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ ජ්‍යෙෂ්ඨ ජෝර්ඡ් බුෂ්, 2001 සිට 2009 දක්‌වා දෙවතාවක්‌ම ජනපති පදවිය දැරූ ජෝර්ඡ් ඩබ්ලිව් බුෂ්ගේ පියාය. මේ වන විට පාකින්සන් රෝගයෙන් පෙළෙන ඔහුට ඇවිදීම අපහසු බැවින් රෝද පුටුවක්‌ භාවිත කරයි. 

     

    [rns_reactions]

  • ඩබල් ගේම් ගසමින් නිදහස් පක්ෂය විනාශ කරන්නට වෙර දැරු ඩුලිප් විජේසේකර ඉවතට.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. 

    මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.

    [rns_reactions]

  • ‘ගොඨාගේ එළිය අදුරු වෙයි’ – මැදගොඩ අභයතිස්ස හිමි මෛත්‍රීට විශ්වාසය පලකරයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එලිය’ නැමති වැඩසටහනේ ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන හිමි නමක් වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී පැයකට වැඩි කාලයක් තිස්සේ යෝජිත ව්‍යවස්ථා කමිටු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයාට විශ්වාසය පලකර ඇතිබව වාර්තාවේ.

    රටට නිදහස ලැබුණු දා සිටම සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ අවස්ථාවාදී දේශපාලනඥයින් බවත්, එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින්නේ නම් එය ඉවත් කොට සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.

    මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස සිදුකළ ප්‍රකාශයෙන්, එතුමාට මේ රටත් මහජනතාව සම්භන්ධයෙනුත් ඇති හැඟීම ඉතා ගැඹුරින් තමන් වහන්සේට අවබෝධ කළ බව ද සඳහන් කළේය.

    මෙහි තවත් පියවරක් ලෙස උන්වහන්සේ වැඩඩිටින පැපිලියාන සුනේත්‍රාදෙවි විහාරයේ කඨින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස (29) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වී ඇති අතර මෙම තත්වය දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක්වි ඇත.

  • ” පාකිස්තානයේ සැබැ මිතුරා ශ්‍රී ලංකාවයි ” – තර්ජන හමුවේ ලාහෝර් ගිය අපේ ක්‍රීඩකයන්ට ඉහළ පිළිගැනීමක්

    වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරන පළමු අවස්තාව ලෙස මේ අවස්ථාව සටහන් වෙනවා.

    එලෙස පාකිස්තානයේ සංචාරය කරනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් ලබා දීමට පාකිස්තාන බලධාරීන් ක්‍රීයා කර තිබුනා. එහිදි ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක්කරමින් විදී දෙපස විශාල පුවරු සවිකර තිබුනා,

    එම ඡායාරූප පහතින්






    [rns_reactions]

  • ලබන පරාජයට විසඳුම් දෙන වගකීම පාලකයන්ගේ – ක්‍රිකට් පරිපාලනයේ රහස් සියල්ල මුරලි හෙළිකරයි .!

    ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දිනම පරිහානියට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලොවම භීතියට පත් කරවමින් ක්‍රීඩාවේ රජ කෙරු යුගයක්ද තිබුනි. එකල ශ්‍රී ලංකා පන්දු බළඇණිය සවිමත් කළ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව එදා මෙදා බිහිවූ හොදම පන්දු යවන්නා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මහා සේවයක් සිදු කළ මුරලි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් වත්මන් ක්‍රීඩාවේ පරිහානිය පිළිබදව අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින්

    ප්‍රශ්නය – මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එක දිගටම පරදිනවා. ශ්‍රී ලංකාවේ බිහිවු සුපිරිම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස මේක ඔබ දකින්නේ කොහොමද?

    පිළිතුර – මේකට ඉතිං මට කියන්න දෙයක්‌ නැහැ. දැන් ක්‍රිකට්‌ බෝඩ් එකක්‌ තියෙනවානේ. ඒ අය ඡන්දෙන් ඇවිල්ලා ඉන්නවා. මට ගෙදර ඉඳන් අරම කරන්න මෙහෙම කරන්න කියන්න බැහැ. දැන් ඉන්න ක්‍රිකට්‌ ආයතනයෙන් තමයි මේකට විසඳුම සොයාගන්න වෙන්නෙ.

    ප්‍රශ්නය – ඔබ දකින විදිහට මෙතන මොකක්‌ හරි වරදක්‌ තියෙන්න පුළුවන්. ඒ දේ කියන්න.

    පිළිතුර – ක්‍රිකට්‌ ආයතනයේ ඉන්න කට්‌ටියගේ ජොබ් එක හරියට කරන්න ඕන. එහෙම කරන්නෙ නැතිනම් ඊට උඩින් ඉන්න ක්‍රීඩා ඇමැතිවරයා ඒ ගැන හොයන්න ඕන. මෙහෙම වෙන්නෙ ඇයි කියල රිපෝට්‌ එකක්‌ බෝඩ් එකෙන් ඉල්ල ගන්න ඕන. ඇමැතිතුමා ඒක කරන්නෙ නැතිනම් රටේ ඉහළම තැන්වලින් මේ ගැන හොයන්න ඕන. එහෙම තමයි ප්‍රශ්නයක්‌ තියෙනවනම් විසඳ ගන්න වෙන්නෙ.

    ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා කරන කාලයේ මෙහෙම එක දිගට පරාජය වුණේ නැහැ. මොකක්‌ද ඒකට හේතුව ?

    පිළිතුර – මම කියන්නෙ නැහැ කවදාවත් අපි මේ රටේ ක්‍රිකට්‌ උඩට ගෙනාවා කියලා. ඒ කාලයේ හොඳ ක්‍රීඩකයන් හිටියා. 1970-80 දශකයේ ආපු ක්‍රමවේදය නිසා හොඳ ක්‍රීඩකයන් බිහි වුණා. ඒ නිසා අපිට 1994 ඉඳන් 2014 විතර වෙනකම් හොඳ තැනක අපේ ක්‍රිකට්‌ තිබ්බා. ඒ කාලයෙත් තරග පැරදුන අවස්‌ථා තිබ්බා. නමුත් මේ වගේ පරදිනවා මම කවදාවත් දැකලා නැහැ. ඒ නිසා සැලසුමක්‌ තමයි හදන්න ඕන. අපි කවදාවත් කියන්නෙ නැහැ ලංකාවෙ ක්‍රිකට්‌ එක අපි උඩට ගෙනාවා කියලා. කාටවත් එහෙම කියන්නත් බැහැ. එහෙම කවුරු හරි කියනවනම් ඒක පට්‌ටපල් බොරුවක්‌. ඒ කාලයේ ක්‍රිකට්‌ දියුණු වුණේ එදා තිබුණ ක්‍රමවේදය නිසා.

    ප්‍රශ්නය – ඔබ හැමදාම කියනවා පළමු පෙළ තරග සැලැස්‌ම හරි නැහැ කියලා. ඒකත් එක හේතුවක්‌ද?

    පිළිතුර – පළමු පෙළ ක්‍රිකට්‌ එක හරියට හදන්නෙ නැතිව මේකට විසඳුම් හොයන්න බැහැ. දැන් මහේලලා සහ සංගක්‌කාරලා කමිටුවකට දීලා තියෙනවනේ ප්ලෑන් එකක්‌ හදන්න. ඉතිං ඊට පස්‌සෙ බලමු.

    ප්‍රශ්නය – ඔබට ක්‍රිකට්‌ හදන්න යෝජනාවක්‌ නැද්ද?

    පිළිතුර – මම නෙමෙයි යෝජනා දෙන්න ඕන දැන් ඉන්න කට්‌ටිය. මේ වගේ පසුබෑමකට හේතුව හොයන්න ඕන. අපි යෝජනා දුන්නත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙත් දැන් ඉන්න කමිටුවනෙ. ඒ කට්‌ටිය හරි නැතිනම් වෙන කට්‌ටියක්‌ දාන්න බලය ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා. ඒ නිසා අපි යෝජනා දීලා බොරුවට වැඩක්‌ නැහැ ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැති වුණාම අපේ නමත් සවුත්තු වෙනවා.

    ප්‍රශ්නය – ඔබ දැන් පාසල් ක්‍රිකට්‌ හදන වැඩකට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා ?

    පිළිතුර – ඔව් අධ්‍යාපන ඇමැතිතුමා ආරාධනා කළා. අපි කට්‌ටිය පාසල් ක්‍රිකට්‌වල තියෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒවා වෙනස්‌ විය යුතු ආකාරය කිව්වා. ඉතිං මම දන්නෙ නැහැ ඒවා ක්‍රියාත්මක වෙයිද කියලා.

    ප්‍රශ්නය – ඔබ දැන් පුහුණුකරුවෙක්‌ නේද?

    පිළිතුර – මට සම්පූර්ණයෙන්ම ක්‍රිකට්‌වලට කාලය වැය කරන්න වෙලාවක්‌ නැහැ. ඒ නිසා අයි.පී.එල්. සහ කල්කටාවල පුහුණුකරුවෙක්‌ ලෙස වැඩ කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර බලාගෙන ඉන්නවා.

    ප්‍රශ්නය – ඔබේ පදනමෙන් ක්‍රිකට්‌වලටත් ලොකු සේවයක්‌ වෙනව නේද?

    පිළිතුර – අපේ පදනමක්‌ තියෙනවා. ඒක ක්‍රිකට්‌වලටම නෙමෙයි. ඒකේ කාණ්‌ඩ 120 ක්‌ විතර තියෙනවා. ධීවරයාගේ ඉඳලා තව බොහෝ දේවල් තියෙනවා. ක්‍රිකට්‌ කියන්නෙ එකක්‌ විතරයි. ඒකෙන් කරන්නෙ නැති බැරි අයට උදව් කරන එක. රස්‌සා හොයල දෙන එක. එතනදි හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුණ ගැසුනහම උපරිම උදව් කරනවා.

    [rns_reactions]

  • මුහුණු පොතින් මිතුරු වූ ධීවර අනංගයා පාසල් සිසුවියට අන්තිමට කරපු දේ.

    තම ෆේස්බුක් ගිණුමට ලැබුණු මිතුරු ඇරයුමක් පිළිගැනීම නිසා අවසානයේ විශාල ගැටළු තොගයකට මුහුණ දීමට සිදු වූ පුවතක් මීගම, දියහොර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‌ඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට බාහිර අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටීමට නියමිතව සිටින ඇය පසුගියදා මුහුණුපොතේ සැරිසරමින් සිටින විට නාඳුනන පුද්ගලයෙකු විසින් එවන ලද මිතුරු ඇරයුමක් දැක තිබෙනවා. එයට යහපත් ප්‍රතිචාරක් දැක්වූ මෙම තරුණිය  පසුව දිගින් දිගටම අදාල පුද්ගලයා සමඟ අදහස් හුවමාරුකරගෙන තිබෙනවා.

    නමුත් මෙම පුද්ගලයා විවාහක අයෙකු බවත් මෙම තරුණියගේ ගමේම ජීවත්වෙන අයෙකු බවත් කිසි දිනක පවසා තිබුනේ නැහැ. නමුත් පසුව ඇය ඒ පිළිබඳ දැන ගැනීමත් සමඟ ඔහුගෙන් ලැබෙන සියලු පණිවිඩ අවහිර කරන්නට කටයුතු කර තිබෙනවා.

    පසුව තමන් සමඟ දැඩි හිතවත් කමකින් සිටි මෙම තරුණිය ගත් ක්‍රියා මාර්ගය නිසා උරණ වූ මෙම තරුණයා ඇයගෙන් පළි ගැනීමට ඇයගේ ගිණුමේ තිබුණු ඡායාරුපයක් අසභ්‍ය වදන් සමඟ අන්තර්ජාලයට එකතු කර තිබුණා.

    ඇයගේ ඡායාරුපයක් අසභ්‍ය වදන් සමඟ අන්තර්ජාලයේ තිබෙන බව ඇයගේ මිතුරියක් විසින් පැවසීමත් සමඟ ඇය දැඩිසේ අපහසුතාවයට පත්වෙනවා.  පසුව දෙමාපියන් සමඟ වැලිපැන්න පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිලි කිරීමත් සමඟ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු මීගම, දියහොර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‌ඩුව ප්‍රදේශයේ පදිංචි ධීවර වෘත්තියේ යෙදෙන 24 හැවිරිදි විවාහක තරුණයෙක්.

     

    [rns_reactions]

  • ‌ජීවිත උඩු යටිකුරු වෙන ලබන සතියේ සිකුරු මාරුවෙන් ඔබේ ලග්නයට වෙන බලපෑම .!

    ජ්‍යෝතිෂ්‍යය පිළිබදව උනන්දුවක් දක්වන සියලූම දෙනා එලබෙන නොවෙම්බර් මස තුන් වෙනිදා සිදුවන සිකුරු මාරුව පිළිබදව දැනටමත් දන්නවා විය යුතුය, සිකුරු මාරුව පිළිබදව සහ ඉන් සිදුවන බලපෑම පිළිබදව දැන ගැනීමටද බොහො දෙනා උනන්දුවක් දක්වයි. සිකුරු මාරුව පිළිබදව ජෝතීර්වේදී සම්පත් එස් කල්පගේ සැකසු පලාඵල සටහන පහතින්.

    ක්‍රි.ව. 2017 නොවැම්බර් 03 වැනි සිකුරාදා දින හරියටම මධ්‍යම රාත්‍රී 00.03 (12.03) ට බුධ හිමි කන්‍යා රාශියේ නීච ව සිට සිය මූලත්‍රිකෝණ වාසභවන වන සිකුරුටම අයත් තුලා රාශියට ශූක්‍ර පිවිසෙනු ඇත. 
     
    මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මසකට ආසන්න ඉදිරි කාලසීමාව තුළ රට තුළ  වැසි තත්ත්වයේ වර්ධනයක්‌ වන අතර ගං වතුර හා කාලගුණ වෙනස්‌කම්ද බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්‌ත්‍රීන්ට මෙම කාලසීමාව ඉතාම සුබදායකය. එසේම තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්‌ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය ඉතාම සුබ දායක වනු ඇත. 
     
     පොදුවේ ලග්න වශයෙන් ගත් කළ සිකුරු තුලාවට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදාවනු ඇත. 
     
     මේෂ

    ඔබට මෙම සිකුරු මාරුව සමඟ සිකුරු මලවි යෝගය උදා කරමින් ඔබගේ ජන්ම පතේ 7 වැන්නට පිවිසෙනු ඇත. ඒ අනුව ඔබට විවාහ වාසනා උදාවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශවයෙන් දායාද හිමි වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල්ගත වීමේ අවධානමකුත් තියෙනවා. සෙම් රෝග බහුල වන අතර යුගදිවි සමගියට සුබදායක වනු ඇත.
     
     වෘෂභ

    මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය. 
     
     මිථුන

    ඔබගේ ජන්ම පතේ 5 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
     
     කටක

    ඔබගේ ජන්ම පතේ 4 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට මාලවි යෝගය උදා වීමත් සමඟින් ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික්‌ සම්පත් හිමි වනු ඇත. මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. 
     
     සිංහ

    ලග්නයෙන් 3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලසීමාව ඔබගේ සමාජ පිළිගැනීම, ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. 
     
     කන්‍යා

    සිකුරු ඔබේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.
     
     තුලා

    ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමටද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත. 
     
     වෘශ්චික

    හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
     
     ධනු

    ඔබගේ 11 වැන්නේ තැන්පත් සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරීහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. 
     
     මකර

    සිකුරු 10 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටළු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

    කුම්භ

    9 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්‌ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. තරග විභාගවලින් ජය හිමි වනු ඇත.
     
     මීන

    එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්‌ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය. 

     

    [rns_reactions]

  • පක්ෂය වැනසූ මහින්දට යලිත් නිදහස් පක්ෂයේ කිසිදු ඉඩක් නෑ… – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග

    ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි එක් කරගැනීමට තමා විරුද්ධ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇහැළියගොඩ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට අද (29) එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා.

    එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සොරකම් නොකරන නායකයින්ගෙන් සමන්විත පක්ෂයක් බවයි මෙහිදී හිටපු ජනාධිපතිනිය කියා සිටියේ.

    රට ගොඩනැගීමට නම් සොරුන් පලවා හැරිය යුතු බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ මෙරට ප්‍රධාව දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත යුතු බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියේ පුරසාරම් දොඩන සොරුන්ට මැතිවරණය ජය ගැනීමට නොහැකි බවයි.

    එමෙන්ම තමන් සමග සාකච්ඡාවට පැමිණියේ නම් කම්මුල් පහරක් දෙන බවයි ඇය එහිදී කියා සිටියේ.

    [rns_reactions]

  • මම සාමාන්‍ය ගුරුවරියක්.එත් මගේ විදුහ‍ලේ ඉන්න සිසුවියන් හිතන්නේ මම සැර ගුරුවරියක් කියලා…(Photos)

    ගුරු වෘත්තිය හා රංගනය දෙකම මනා සේ හසුරවන අති සුන්දර රුවකට හිමිකම් කියන ඔබ කවුරුත් රූපය දුටු පමණින් හඳුනන දුලානි අනුරාධා පුවත්පත් සාකච්ඡාවකදී ඇය ගැන ඇය විසින්ම කියූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ තබන්නෙමු….

    ඔබේ රංගනයන් ඉදිරියේදී දක්නට ලැබෙන්නේ කවර නිර්මාණ තුළින්ද?
    මම රඟපෑ චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍යය කිහිපයක් ඉදිරියේදී එන්නට තිබෙනවා. අවසන් වතාවට කළේ “එක හීනේ පාට ගොඩයි” කියන ළමා චිත්‍රපටය. ඉන්පසුව නම් අලුත් නිර්මාණයකට දායක වුණේ නැහැ.
    රඟපාන නිර්මාණ ප්‍රමාණාත්මකව අඩුවන්නට හේතුව ඔබ තෝරා බේරාගෙන රඟපාන නිසාද ?
    ඔව්, මට තෝරා ගැනීමක් කරන්න සිදුවෙනවා. මොකද, මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ නිසා මට විශාල කාලයක් රංගනය වෙනුවෙන් යොදවන්න බැහැ.
    දුලානි සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතිය විදියට දකින්න ලැබෙන්නේ නැහැ.. 
    මට එවැනි නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවා. ඒත් මට ඒ වගේ නිර්මාණ භාරගන්න පුංචි බයක් තියෙනවා.
    ඇයි ඒ .. ?
    යම් ගැඹුරක් සංකීර්ණ බවක් තියෙන හැලහැප්පීම්වලට ලක්වන චරිත රඟපාන්න මට පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒත් සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතියට තිබිය යුතු සරල බව මට මගේ රංගනය තුළින් හරියට මතු කරගන්න බැරිවෙයි කියලා බයක් මට හිතෙනවා. ඒ හින්දා මම එවැනි චරිත රඟපාන්න යන්නේ නැතුව මට ගැළපෙන දේ විතරක් කරනවා.
    සරල බව ඔබට සංකීර්ණයි. සංකීර්ණ බව සරලයි. ඔය දේ සාමාන්‍ය ජීවිතයටත් ‍පොදුද? දුලානි අනුරාධා කියන්නේ සැබෑ ජීවිතේදීත් හැමදේම සංකීර්ණව දකින සුළු ප්‍රශ්නවලට විසඳුම් පවා ගැඹුරින් හොයන කෙනෙක් ද?
    ඒ කතාවේ යම් තරමකට සත්‍යතාවක් නැත්තෙත් නැහැ. ඇත්තටම මම මහ ලොකු ප්‍රශ්න කරගත්තු සමහර දේවල් බොහොම පුංචි දේවල් නේද කියලා පස්සේ හිතුණ අවස්ථා තියෙනවා. ඒ වගේම එහි අනිත් පැත්තත් තියෙනවා. සමහර ලොකු දේවල් දිහා කිසිම බරක් පතළක් නැතුව හරිම සරලව සැහැල්ලුවෙන් බැලූ අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.
    ඔබ ගුරුවරියක්. නිළියක් විදියට ජනප්‍රිය චරිතයක් වීම පාසල් භූමිය තුළ කෙබඳු තත්ත්වයක්ද ඇති කරලා තියෙන්නේ. ගුරුවරියක ලෙස සිසු පිරිස ඉදිරියේ ඔබේ පෞරුෂය රැකගන්නට නිළිකම බාධාවක් වෙලා නැද්ද ?
    පාසල තුළ මම සාමාන්‍ය ගුරුවරියක්. මගේ විදුහ‍ලේ ඉන්නේ සිසුවියන් විතරයි. ඒ අය අතර තියෙන්නේ මම ටිකක් සැර ගුරුවරියක් කියන හැඟීමක්. මට පාසල් භූමිය තුළදී නිළියක් කියන හැඟීම හිතේ තියාගෙන හැසිරෙන්න බැහැ. එතැනදී මට මගේ පෞරුෂය රැකෙන ආකාරයටයි හැසිරෙන්න සිදුවන්නේ.
    ඔබ ළඟට ඇවිත් රඟපාන්නට අවස්ථා ඉල්ලන සිසුවියන් නැද්ද ?
    එහෙම අයත් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රඟපාන්න කලින් තමන්ගේ අධ්‍යාපනය හරියට කරගෙන ඉන්න කියලා.
    තවමත් තනිකඩව දිවි ගෙවන්නේ ඇයි ?
    ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා කියලා මම කිසිම තැනක කියලා නැහැ. මගේ විවාහය තවත් කාලෙකින් සිදුවන්නටත් පුළුවන්, හෙට සිදුවන්නටත් පුළුවන්.
  • මහින්ද තරුණ සමුළුවට යවපු නාකියාට දිවි ඇති තෙක් ගුවන් ගමන් තහනමක්.. ඇත්ත කතාව මෙන්න..

    මහින්ද කහදගමගේ යනු ස්වයං රැකියා සංගමයේ සභාපති ලෙස තම සාමාජිකයන්ගේ මුදල් මංකොල්ලා කමින් අවසන රාජපක්ෂ රෙජීමයේ දෙපතුල් අග ඇති ජරාව ලෙවකමින් සිටින පිශාචයෙකු ලෙස ඉතිහාස ගත වූ අයෙක් වන අතර පසුගිය තරුණ සමුළුව සමයේ මොහු ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වූ චරිතයකි. හැට පැනපු හොට බිම ඇනිච්ච දිග දෙන වයසේ දියණියන් සිටින මේ අරුම පුදුම තරුණයා ඊයේ පෙරේදා රුසියාවේ තරුණ සමුළුවට සහභාගී වී ඇත. එකාබද්ධයට තරුණයන් නොමැති බව එයින්ම ඉතා හොදින් සනාථ කර ඇත. අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. ඔහු ලංකාවේ නාමය කළු පැල්ලමකින් සරසා ඇත. ඔබ නොදන්නා සිදුවීම මෙන්න. කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් තුලදී දුම් පානය කිරීම තහනම් කර තිබියදී මේ අමන පුද්ගලයා දුම් පානය කරමින් ගුවන් යානය තුල අශෝබන ලෙස හැසිරෙමින් ලක්මවට දැඩි අවමානයක් සිදුකර ඇත. එහි අවසාන ප්‍රතිපලය වන්නේ මොහුට දිවි ඇති තෙක් කටාර් ගුවන් සේවයේ ගුවන් ගමන් තහනම් වීමයි. බේබද්දන් පිරිවරා සිටින මහින්ද ගැන්සියේ තවත් වීර ක්‍රියාවක් ලෙස මෙම සිදුවීම අපට දැක්විය හැක.

    [rns_reactions]

  • රටම කතාවෙන සයිටම් ගැන රජයේ අවසාන තීරණය මෙන්න…

    සයිටම් ආයතනය භාරකාර මණ්ඩලයක් යටතේ පවතින අධ්‍යාපන ආයතනයකට පැවරීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරාංචි මාර්ග පවසනවා.

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ දින 10 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එම කමිටුවට දැනුම් දී තිබුණේ.

    එම වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර ඊට අනුව සයිටම් ආයතනය භාරකාර මණ්ඩලයක් යටතේ ඇති අධ්‍යාපන ආයතනයක් වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උසස් අධ්‍යාපන අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ලනියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් ඉකුත් 23 වනදා විශේෂ සාකච්ඡාවකද නිරත වී ඇති බවයි අපට  වෙත වාර්තා වුණේ.

    සයිටම් ආයතනය පිළිබඳ රජයේ අවසන් තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර කියා සිටියා.

    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

    [rns_reactions]

  • ජනපති නියෝගයෙන් ගවයන් ප්‍රවාහනයට බලපත්‍ර දීම අත්හිටුවයි…

    වහාම ක්‍රියාත්මකවන පරිදි ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට ඊයේ (27 වැනිදා) නියෝග කර ඇත.

    ඒ අනුව ගවයන් ප්‍රවාහනය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන තෙක්‌ ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම ජනාධිපතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ ඇත.

    නීති විරෝධී අන්දමින් ගවයන් ප්‍රවාහනය කිරීමේදී නොයෙක්‌ අනතුරු හා ජීවිත හානි සිදුවීමත්, අනුරාධපුරයේදී පෙරේදා (26 වැනිදා) සිදු වූ මාරක අනතුරත් ජනාධිපතිවරයාගේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී තිබේ.

    ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම දැනට සිදු කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මාර්ගයෙනි.

    [rns_reactions]