Author: Editor

  • වැරදුණ කොටි ත්‍රස්ථවාදී ඉලක්ක පහක්…. ජාතියේ වාසනාවට දිවි බේරාගෙන ජනපති පුටුවට පැමිණි මෛත්‍රී…

    එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත හමුදාවට එරෙහිව 2009 වසරේ දී ශ‍්‍රී ලංකාව ලබාගත් දැවැන්ත යුද ජයග‍්‍රහණයට පියවරු දහසක් නැත. එකී ජයග‍්‍රහණයේ පීතෘත්වය මහින්ද රාජපක්ෂ මහතා සියතින්ම පවරාගත්තේ උගන්ඩාවේ හිටපු ඒකාධිපති ඉඩි අමීන් අනුදත් මග යමිනි. හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය ලබාගත් පසු එරට හමුදාවේ ඉහළම නිලයට හිමි නිල ලාංඡන තමා විසින්ම පළදවා ගත් ඉඩි අමීන් හතරේ පන්තියටවත් ගොස් නොතිබුණ ද හරාරේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ද ඔහු විසින්ම ඔහුටම ප‍්‍රදානය කරගත්තේය.

    ඉන්පසු ඊට සමාන දෙයක් වී නම් එවැනි දේවල් සිදුව ඇත්තේ ලංකාවේ වියයුතුය. යුද හමුදාවට අණ දෙමින් යුද්ධය විජයග‍්‍රහණයක් කරා ගෙන ගිය එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් කුදලාගෙන ගොස් සිරගත කළ මහින්ද රාජපක්ෂ අවසන් සටනට නායකත්වය දෙනු තබා ඒ මොහොතේ ලංකාවේවත් නොසිටි බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. මේ රටට අතිදැවැන්ත විජයග‍්‍රහණයක් ලබාදුන් අවසන් යුද සටන සිදුවන කාලවකවානුවේ මේ රටේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව අද පවා බොහෝදෙනෙක් නොදන්නේ ද ඒ නිසාය.

    අද මේ සටහන තබන්නේ ඒ ගැන කියන්නට නොවේ. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් විසින් බිලිගැනීමට සූදානම් වූ මේ රටේ ප‍්‍රමුඛතම දේශපාලනඥයෙකු ඉලක්ක කරගත් පස්වන ප‍්‍රහාරය සිදුවී අදට වසර 09 ක් ගතවන නිසාය. දිනය – 2008 ඔක්තෝබර් 09 වනදාය. පිළියන්දල පැවති රාජ්‍ය වප් මගුල් උත්සවයට සහභාගී වී ආපසු එමින් සිටි ඔහුගේ රථය ඉලක්ක කරගත් මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ කාන්තාවක් කඩාපනිද්දි ඇතැමෙකු සිතන්නට ඇත්තේ එකී ප‍්‍රහාරය සාර්ථක ඇතැයි යන්නය. ජාතියේ වාසනාවකට එය එසේ සිදුනොවීය. එහෙත් එකී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් ජීවිත ගණනාවක් රටට අහිමි වූ අතර තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුවිය.

    ඒ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එල්ල වූ පස්වන ඝාතන සැලසුම ව්‍යාර්ථ වූ ආකාරයයි.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ ය හතරවන ඝාතන සැලැස්ම දියත් කරන්නේ 2007 සිංහල අලූත් අවුරුදු දිනයේදී ය. ඔහුට සුබපැතීම සදහා එන පොළොන්නරුවේ ඡන්දදායකයෙකුගේ වෙස්ගන්නා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙක් කේක් පාර්සලයක පෙනුම ඇති බෝම්බයක් ද සමග ඔහුගේ නිවසට එන්නේ නියත බිල්ලක අරමුණකින් යුතුවය. එහෙත් ආරක්ෂක අංශ වල උකුසු ඇස නිසා ඝාතක දූතයා ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්විය.

    ඔහු මරාදැමීමේ අරමුණ ඇතිව එල්.ටී.ටී.ඊ ය දියත් කරන තුන්වන සැලැස්ම ක‍්‍රියාවට නැගීමට නියමිතව තිබුණේ හරියටම ඊට වසරකට පෙරදී ය. එය ද අප්‍රේල් මාසයේ එක් දිනක් විය. ඒ 2006 වසරේදී ය. අලූතෙන් ඉදිකරන ලද වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණේ එදිනය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා එනතෙක් මගබලා සිටි එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු පිළිබද ඔත්තුවක් කලින්ම ලැබී නොතිබෙන්නට ඇතිවිය හැකිව තිබූ ප‍්‍රථිඵලය බොහෝ සේ ඛේදනීය වන්නට ඉඩතිබිණ. ඒ අනුව ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට පත්වන්නේ උත්සව භූමිය තුළදීම ය. අත්අඩංගුවට පත්වීමත් සමග ත‍්‍රස්තවාදීන් දෙදෙනාම සයනයිඞ් කා සියදිවි නසාගැනීම තුළ ඊට අදාළ බොහෝ රහස් ත‍්‍රස්තවාදීන්ගේ මරණ ද සමග වැළලී ගියේය.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් දෙවන ඝාතන සැලසුම දියත්වන්නේ 2000 වසරේදී ය. ඒ සොරුවිල දෙමළ ගම්මානයේ විදුලිය විවෘත කිරීමේ උත්සවය පැවති දිනයේදී ය. මරාගෙන මැරෙන්නට පැමිණි සිටි කාන්තාව අදාළ උත්සව භූමියේදිම අත්අඩංගුවට ගැනීම නිසා එල්.ටී.ටී.ඊ එම උත්සාහය ද ව්‍යාර්ථ විය.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතය පමණක් නොව එතුමන්ගේ ආදරණීය භාර්යාවගේ හා පුතණුවන්ගේ ජීවිත අනූනමයෙන් ගැලවුණ අවස්ථාවක් ද විය. ඒ 2000 වසරේ මාර්තු මාසයේදී ය. එදා එල්.ටී.ටී.ඊ ය සිය මරාගෙන මැරෙන සෙබළුන් ගණනාවක්ම යොදවන්නේ රාජගිරියට ය. එදින එම වේලාව ඔහු කලින්ම වෙන්කරගෙන තිබී ඇත්තේ සිය මිතුරෙකු මෙන්ම ප‍්‍රවීන ලේඛකයෙකු ද වන මළල්ගොඩ බන්දුතිලක මහතා හමුවීමට ය. එහිදී සිය බිරිද හා පුතණුවන් වේලාසනම සිය මිතුරු නිවසට පිටත්කර හරින ඔහු පාර්ලිමේන්තුවට යන්නේ නියමිත වේලාවට එතැනට එන්නටය. එහෙත් නියමිත වේලාවට පෙරම එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන භට කණ්ඩායමක් රාජගිරිය වටරවුම අත්පත් කරගනිමින් බලා සිට ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා එතැනට එනතුරුය. ඔහුගේ පැමිණීය තරමක පමාවීමත් සමග ත‍්‍රස්තවාදීහු වෙනත් ප‍්‍රභූ රථ පෙලක් ඉලක්ක කරගත්හ. වෙඩි හඩ හා මරලතෝනි සමග මුළු රාජගිරියම කැළඹෙද්දි මළල්ගොඩ බන්දුතිලක මහතාගේ නිවසේ සිටි මෛත‍්‍රීපාල සිරිසේන මැතිණිය හා කුඩා පුතු පැය කිහිපයක්ම ගතකර ඇත්තේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත ගහණයට මැදි වූ පිරිසක් අතරය. එක් අවස්ථාවක දී එකී ත‍්‍රස්ත පිරිස ඔවුන් රැදී සිටි නිවස තුළට ද කඩා වැදී ඇතත් ඔවුන් කවුදැයි නිශ්චිතව හදුනාගැනීමට ත‍්‍රස්තවාදීන්ට නොහැකිවීම තුළ සිදුව හැකිව තිබූ තවත් ව්‍යසනයක් වැළකී තිබේ. එහෙත් එකී ත‍්‍රස්ත ප‍්‍රහාරය මගින් විශාල ජීවිත පිරිසක් රටට අහිමි වූ බව මෙහිදී සිහිපත් කළයුතුය.

    ඒ අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය මරගෙන මැරෙන ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පහක්ම සැලසුම් කර ඇති දේශපාලන නායකයන් අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සිටින්නේ පළමු තැනකය. ඒ සියලූ අනතුරු හමුවේ හාස්කමකට මෙන් ඔහුගේ ජීවිතය නිරුපද්‍රිත වන්නේ එල්.ටී.ටී.ඊ යේ දුර්වලතාවයක් නිසා වියනොහැකිය. දෛවය විසින් ඔහු වෙත භාරදීමට නියමිතව තිබූ උදාරතර කාර්යභාරය උදෙසා ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වූ නිසා වියයුතුය.

    [rns_reactions]

  • තම ජීවිතය මරු තුරුලට යවමින් ජිවිත 28ක් බේරු උතුම් රියදුරුට වීර නාමයක්…

    බණ්ඩාරවෙල සිට කොස්ගම  දක්වා ධාවනය වූ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් උඩ විහාරගල දී කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේ අඩි දහසක පල්ලමකට යා නොදී බසය ගලක වැදීමට සලස්වා ජීවිතය 28ක් බේරා ගත් රියැදුරු  එච්.එම්. කීර්ති බණ්ඩාර පිළිබදව පසුගිය සමයේ බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. එහිදි සිය ජීවිතය කැප කර තවත් ජීවිත ගණනක් රැක දුන් එම වීර රියදුරු මහතාට වීර නාමයක් ලබා දෙන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටියි.

    මෙම අනතුරින් බණ්ඩාරවෙල ඩිපෝවේ රියදුරෙකු ලෙස සේවය කළ කීර්ති බණ්ඩාරගේ ජීවිතය අහිමි විය.

    තම පවුලේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන නිලධාරීන් දෙදෙනකු සිටින බව පවසන ඔහුගේ ඥාතීන් ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතුව සිටියදී මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාවක් කළේ නම් වීර විභූෂණ පදක්කම් ලැබෙන නමුත් ඩිපෝවල එවැනි තත්ත්වයක් නොමැති බවත් පවසයි.

    තම සහෝදරයා ජීවිතය පරදුවට තබා ජීවිත ගණනාවක් බේරා ගත් බවත් ඔහු කළ ක්‍රියාව අමරණීය බැවින් එය එය සිහිවීම වෙනුවෙන් වීර නාමයක් ලැබෙනවා නම් සතුටක් බවත් මියගිය බණ්ඩාරගේ සහෝදරවරු සහ බිරිඳ ප්‍රියංගිකා නිල්මිණී මාධ්‍යයට පවසන අතර එම අනතුරෙන් කීර්ති විසින් ජීවිතය බේරා දුන් මගීන්ද ප්‍රකාශ කරන්නේ “තමන්ගේ ජීවිත බේරා දීමට සිය ජීවිතය කැපකළ කීර්ති හා මිය ගිය අනෙත් පුද්ගලයන් දෙදෙනා තමන්ට දෙවියන් හා සමාන බවයි”

    අනතුරෙන් මියගිය කීර්ති බණ්ඩාර වෙනුවෙන් ඔහුගේ නිවසේ සිදුකල සිහිවටන ධර්ම දේශනය පසුගිය 6 වැනිදාද දානමය පුණ්‍යකර්මය පසුගිය 7ත් වැනිදාද යෙදී තිබිනි.

     

    මිය ගිය කීර්ති බණ්ඩාර

    [rns_reactions]

  • උතුරු කොරියාවෙන් ගෙනා කෝටි 30ක බඩු නිසා කරළියට ආ සම්බාධක කතාවේ සැඟවුනු ඇත්ත මෙන්න!

    සුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    එක්සත් ජාතීන් පවසන පරිදි, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් එම කාලය ඇතුළත රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහකි. ($44,344,912).

    ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)

    උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් ආරක්ෂක මණ්ඩලයට පසුගිය සැප්තැම්බර් 05 වෙනි දින භාර දුන් වාර්තාවක් සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරිණ.

    ඒ අනුව ශ්‍රී ලංකාව, බාබඩෝස්, චීනය, කොස්ටා රිකා, ප්‍රංශය, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය සහ පාකිස්තානය එම සම්බාධක උල්ලංඝනය කරමින් යකඩ සහ වානේ ආනයනය කර තිබේ.

    වාර්තාව පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව එසේ වානේ සහ යකඩ ආනයනය කර තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලය.

    ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.

    ඒ අතර චීනය පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාවෙන් තඹ කිලෝ 556,884 ක් ආනයනය කර තිබේ.

    [rns_reactions]


  • “ඉරාජ්ගේ වීඩියෝ වල කිසිම වරදක් නෑ! – උම්මත්තක පුතාව සුදනා කරන්න අප්පච්චි ගූ නායි

    ඉරාජ් වීරරත්න මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වූ චරිතයක්.

    ඒ පසුගිය දා අන්තර්ජාලයට එක් කරන ලද ” දැනුනා ” ගීතය හේතුවෙන්. එම ගීතය හේතුවෙන් බොහෝ පිරිස් ඉරාජ් වීරරත්නට මෙන්ම ඔහුගේ පියාට චෝදනා එල්ල කළා.

    ඔහුගේ පියා ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක වරයෙකු වන ප්‍රීතිරාජ් විරරත්නයි. ඔහු මෙම ගීතය සම්බන්ධයෙන් මුල් වරට මාධ්‍යට අදහස් පල කර තිබෙනවා.

    ඉස්සර ප්‍රීතිරාජ්ගේ පුතා ලෙස හඳුන්වපු ඉරාජ් නිසා දැන් ඉන්න බොහෝ දෙනා තමන්ව හඳුනාගන්නා බව සතුටක් ලෙසයි ප්‍රිතිරාජ් වීරරත්න නම් කියන්නේ.

    “ඉස්සර හුගක් අය ඉරාජ්ව හැඳින් වූයේ ප්‍රිතිරාජ්ගේ පුතා ඉරාජ් කියලා. ඒත් දැන් සමහරු මාව හඳුනාගන්නේ ඉරාජ්ගේ තාත්තා විදියටයි. හැබැයි මා සහ මම කරපු දේවල් ගැන පරණ අය නම් හොදට දන්නවා. ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වල තිබෙන වැරදි දේවල් මොනවාද කියලා පෙන්වා දෙන්න කියලා මම ඕනෑම කෙනෙකුට ආරාධනා කරනවා. මම සුදානම් ඒ අයත් එක්ක තර්ක කරන්න. මම ඉරාජ්ගේ හැම වීඩියෝවක්ම වගේ බලලා තියෙනවා. ගිනියම් රෑ වීඩියෝ එකේ තියෙන වැරැද්ද මොකක්ද? ඒකේ තියෙන්නේ අසම්මත දෙයක් නෙවේනේ. ඒ වගේ දේවල් ඕන තරම් මේ සමාජයේ වෙනවා. ඉරාජ්ගේ වීඩියෝ වල අඩනිරුවත් දර්ශන තියෙන්න ඇති. ඒත් සම්පුර්ණනම නිරුවත් දර්ශන නැහැනේ. අනික අනවශ්‍ය කොටස් තිබුණා නම් ඒ වගේ කොටස් විකාශය නොකරන එක මාධ්‍ය වල වඟකීමක්. උදාහරණයක් විදියට වසන්ත ඔබේසේකරගේ සම්මානලාභී ‘මාරුතය’ කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි එහි පවුලේ හැමෝටම එකට ඉගෙන බලන්න බැරි දර්ශනත් තිබුණා. ඒක සම්භාව්‍ය චිත්‍රපටයක්. සම්භාව්‍ය නිර්මාණයක් නම් අඩනිරුවත් දර්ශන තිබුණාට කමක් නැහැ. එහෙම නැති නිර්මාණ වල එවැනි දර්ශන තියෙන්න බැහැ කියන මතයේ මම නැහැ.”

    ඉරාජ්ගේ වීඩියෝ වලට ඔයතරම් අකමැති නම් ඇයි මේ තරම් බලන්නේ?

    ” ‘දැනුණා’ වීඩියෝව මමත් නැරඹුවා. මට නම් ඒකෙ වරදක් පෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් youtube ඒකේ දාලා තියෙන කමෙන්ට් වලින්නුත් 99.9%ක්ම තියෙන්නේ ඉරාජ් ට බැනලානේ. මම අහන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වලට ඔච්චර අකමැති නම් ඇයි ඒවා මේ තරම් බලන්නේ කියලායි. හැමෝම ඒවා නරඹන එක නතර කළොත් ආදායම අඩුවීමෙන් ඉරාජ් උදාසීන වෙලා වෙනත් වෘත්තියක් තෝරාගනිවී. අනික සමහරු හිතනවා ඇති ඉරාජ් සල්ලි පස්සේ එළවන කෙනෙක් කියලා. හැබැයි ඉරාජ් මුදල් තණ්හාව තියෙන කෙනෙක් නෙවේ. ඉරාජ්ට ඕන තරම් සල්ලි තියෙනවා. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට ඉරාජ් පිං අතේ වැඩ හුගක් කරනවා. බොහෝ අය නොදන්නවා වුණාට ඉරාජ්ට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් Accountancy Degree එකක් තියෙනවා. ඒ දැනුම තමයි ඔහු මාර්කටින් වලදී පාවිච්චි කරන්නේ.”

    වික්ටර් රත්නායකයන් කළ දේ හරියි කියලයි මම කියන්නේ.

    ”ආචාර්ය වික්ටර් රත්නයකයන්ව මම දන්නේ මට අවුරුදු 14 ඉදන්. මම ඔහුට කියන්නේ වික්ටර් අයියා කියලා. මම ඔහුව ගොඩාක් අගය කරනවා. පසුගිය කාලයේ ඔහුගේ දෙවැනි විවාහය නිසා බොහෝ දෙනා විවේචන එල්ල කළා. හැබැයි මම කියන්නේ ඔහු කළ දේ හරියි කියලයි. ඔහුගේ කැමැත්ත එය නම් ඊට වඩා අඩු වයසක කාන්තාවක් කසාද බැන්දත් එහි වරදක් මා දකින්නේ නැහැ. මම ඉරාජ්ගෙන් ඇහුවා ඔහුගේ වීඩියෝව වික්ටර් රත්නායකයන් ඉලක්ක කරගෙන හඳපු එකක් ද කියලා. ඉරාජ් කිව්වේ එවැනි අදහසකින් කලේ නැහැ කියලා. මොකද ඒ වීඩියෝවෙන් කියවෙන සිදුවීම් අදාළ වන අය ඕනෑතරම් අපේ රටේ සිටිනවා. ඒක වික්ටර් රත්නායකයන්ගේ කතාව කියලා මුලින්ම දාපු කමෙන්ට් නිසා වෙන්න ඇති මෙවැනි ප්‍රචාරයක් රටේ ගිහින් තියෙන්නේ.”

    මේක මගේ කතාව නම් පැය 03ක්වත් යයි කියලා ඉරාජ්ට කිව්වා.

    ”මිනිස්සු ඒක දිහා බලන විදිහෙයි වෙනස තියෙන්නේ. සමහරු කියනවා ඒකේ පියුමි කෙසෙල් ගෙඩියක් කන දර්ශනය වැරදි කියලා. ගැබිණි කාන්තාවක් කෙසෙල් ගෙඩියක් කන එකේ ඇති වැරැද්ද මොකක්ද? රට ඉඳි කන එක ගැනත් විවිධ දේවල් කියනවා. රට ඉඳි නම් මාත් කනවා. හැබැයි ඕවා දිහා විවිධ කෝණ වලින් බලලා විවේචනය කරන්න පුළුවන්. විවිධ ප්‍රතිචාර දක්වන අතරේ ඉරාජ්ගේ නමින් හදපු ව්‍යාජ ගිණුමකින් තමයි ‘මගේ තාත්තාගේ කතාවයි’ කියලා දාලා තිබුණේ. එක ආරංචි වෙලා මම ඉරාජ්ට කිව්වා ”පුතේ මගේ කතාව හදනවා නම් මිනිත්තු 03කට නෙවේ හොදට කපලා කොටලා එඩිට් කරලත් පැය 03කවත් වීඩියෝවක් විදියට තමයි කරන්න වෙන්නේ” කියලා.”

    මමත් නෝනාගෙන් ඇහුවා පුංචි කාලේ ඉරාජ්ට ත්‍රිපෝෂ දුන්නද කියලා.

    ”ඒ කාලේ අපි ඉරාජ්ට ත්‍රිපෝෂ වලට වඩා හොඳ කෑම බීම දුන්නා. නැත්නම් කොහොමද ඉරාජ්ට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් විදියේ නිර්මාණ කරන්න තරම් බුද්ධියක් ලැබෙන්නේ. මමත් නොනාගෙන් ඇහුවා අපි ඇත්තටම ඉරාජ්ට ත්‍රිපෝෂ දුන්නද කියලා. නෝනා කිව්වේ පොඩිකාලේ ඉරාජ්ට ත්‍රිපෝෂ හදලා දුන්නා, එත් එයාව බලාගත්ත කෙනා ඉරාජ්ට ඒවා දුන්නද දන්නේ නැහැ කියලා. ඉරාජ්ව පොඩිකාලේ බලාගත්තේ ‘දාස’ කියලා කෙනෙක්. ඉරාජ් බබාට ඒ කාලේ ත්‍රිපෝෂ කැව්වාද කියලා අපි දාසගෙන් ඇහුවාම කිව්වා ”අනේ නෑ මමයි ඒවා ඔක්කොම කෑවේ” කියලා. අවුරුදු 74ක් වයස දාස අද වෙනකොට හයවැනි කසාදයත් කරගෙන ඉන්නේ. ”

    මම 100%ක් අංගසම්පුර්ණ කෙනෙක් නෙමෙයි

    ”90 ගණන් වල දඟකාර ජීවිතයක් ගත කරන කාලේ සමහර දේවල් වෙන්න ඇති. සමාජයේ කොච්චර අය ඒ වගේ දේවල් කරනවාද. එත් ජනප්‍රිය කෙනෙක් කළොත් තමයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ. මං ගැන කටකතා පැතිරුණා කියලා මම බය නැහැ. මේ ජීවත්වෙන ටික කාලයට මට ඕන දේ තමයි මම කරන්නේ. අනික මම 100%ක් අංගසම්පුර්ණ කෙනෙකුත් නෙවෙයි. චිත්‍රපට හදන කාලෙත් සමහරු මට දිගින් දිගටම මඩ ගැහුවා. ඒත් මම ඒවාට සැලුනේ නැහැ. සැලෙන්නේත් නැහැ.”

    [rns_reactions]

     

  • බේබි නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව සැකකාරියකව සිටි ඔහුගේ සුරූපී ලේකම්වරිය අඩුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට එවීමට කටුයුතු යොදා ඇතැයි වාර්තා වේ.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා නැමැත්තියයි.

    රතු නිවේදනයට අත්අඩංගුවට ගත් පළමු රාජපක්ෂ

    ඇයට එරෙහිව රතු නිවේදනයක් නිකුත්කර තිබූ අතර රාජපක්ෂවරුන්ගේ චෝදනා වලට සම්බන්ධව රතු නිවේදනයකට අත්අඩංගුවට ගත් පළමු සැකකාරියද මැය වේ.

    මෙම සැකකාරිය හෙට පෙරවරුවේ ගුවන් යානයකින් ලංකාවට ගෙනඒමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    නඩුව හෙට !

    අදාළ චෝදනාව සම්බන්ධ නඩුව ( HC 129/ 17) හෙට (10) අංක 7 මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

    ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරණායක හා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව මෙම නඩු පවරා තිබේ.

    අබුඩාබිහිදී අත්අඩංගුවට පත් බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමේ කොටස් කාරියක්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් මෙන්ම එම සමාගමේ ලේකම්වරියද වේ.

    කෙසේවුවද, අදාළ සමාගමට අයථා ලෙස උපයාගත් මුදල් යෙදවීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නඩු ගණනාවක්ම මේවන විට අධිකරණයේ විභාගවෙමින් පවතී.

    පිටුවහල් කලේ පොලිස් ඉල්ලීමට !

    ඔනෙලාව මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම අනුව ජාත්‍යන්තර පොලිසිය නිකුත්කරන ලද රතු නිවේදනයකට අනුවය.

    රාජපක්ෂවරුන් හා සම්බන්ධව සිට දූෂණ චෝදනා එල්ලවී පසුව රටෙන් පැනගොස් සැඟව සිටින කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලිම අනුව ඉදිරියේදී එම රටවලින් ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව පැවසේ.

    [rns_reactions]

     

     

  • පැය 24න් Youtube Trending ආව – ඉරාජ්ට කනේ පාරක් ගහපු – වික්ටර්ගේ අලුත්ම සින්දුව මෙන්න

    වික්ටර් රත්නායක කියන්නේ මෑත යුගයේ වැඩිම කතාබහට ලක්වූ ගායකයෙකි. ඔහු විසින් සෑහෙන කාලයකට පසු නවතම ගීතය හෙළිදක්වා තිබෙනවා. එම ගීතය තම නව බිරිඳ ගැන කියවෙන ගීතයක් බවයි බොහෝ දෙදෙනා පවසන්නේ. මෙහි සංගීතයද ඔහුගේමය.

    අන්තර්ජාලය වෙත නිකුත් කර පැය 24ක් යාමටත් මත්තෙන් Youtube Trending හී 4 වන ස්ථානයට පැමිණි මෙම ගීතය වර්ථමානයේ නිර්මාණය වන හරසුන් ගීත වලට වඩා ඉතා සුන්දර ගායනයක්, පද රචනයක් සහ රූපරචනයකින් සමන්විතය.

    [rns_reactions]

  • මිය ගිය පසු සිරුර දෙස බලා භාවනා කරන්න ” සැමට පෙනෙනා සේ නාහිමිගේ දේහය තැන්පත් කරලා .!

    මිය ගිය පසුවත් සිය සිරුර භාවනා කරනා හිමිවරුන්ට දන් දුන් ස්වාමීන් වහන්සේ නමක පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ නවගත්තේගම , රඹාවැව ආරණ්‍ය සේනාසනයෙන්,

    නවගත්තේගම රඹාවැව මහකන්ද ආරණ්‍ය සේනාසනය නිර්මාණය කිරීමට මුල පිරූ දියගම ධම්මකුසල හිමියන් අපවත්වීමට පෙර සිය අවසන් කැමති පත්‍රය මගින් සඳහන් කර ඇත්තේ තමන් වහන්සේ අපවත්වූ පසු දේහය මිහිදන් නොකර බැතිමතුන්ට දැක බලා ගැනීමට හැකි ආකාරයට තැන්පත් කරන ලෙසයි .

    අපවත් වීමට පෙර උන්වහන්සේගේ අවසන් කැමති පත්‍රය අනුව භාවනායෝගීන්ට දේහය ඉදිරිපිට භාවනා කිරීමටත් දේහය නැරඹීමටත් අවස්ථාව සැලසී ඇත. උදෑසන 8 සිට 10 දක්වාත් සවස 01 සිට 2.30 දක්වාත් කාලය තුළ එම අවස්ථාව සලසා දීමට එහි වැඩවාසය කරන හිමිනම කටයුතු කර ඇත.

    වන අලින් සහා වෙනත් වනසතුන් විශාල වශයෙන් වාසය කරන ඝන කැලෑවකින් මෙම ආරණ්‍ය සේනාසනය උපාසක උපාසිකාවන් මෙන්ම සැදැහැවතුන්ගේ වන්දනා මානයටද ලක්වී තිබේ. ගත සිත නිවන සිසිල් සුළං හමායන මේ ගස්වැල් වලින් පූර්ණ වූ මෙම භාවනා මධ්‍යස්ථානයේ ධර්ම කටයුතුවල නිරතවන මෙහෙණින් වහන්සේලා සය නමක් විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් කිසිවක් නොමැතිව අති දුෂ්කරව කුටිවල වැඩ වාසය කරමින් භාවනායෝගීව කාලය ගත කරති.

    සේනාසනයේ තැන්පත් කර ඇති නායක හිමිගේ නිසල දේහය



    [rns_reactions]

  • මහින්දගේ අණින් හම්බන්තොට යකා නැටු නාමල් බේබි ප්‍රමුඛ ගෝත්‍රික නායකයින් අද/හෙට පොලිසිය හමුවට

    ඒකාබද්ධ විපක්ෂය ඉකුත්දා සංවිධාන කළ හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අද (09) සහ හෙට (10) හම්බන්තොට පොලිසියේ පෙනී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා. 

    බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර, දකුණු පලාත් සභා මන්ත‍්‍රී සම්පත් අතුකෝරාල සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප‍්‍රසන්නට අද දිනයේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ. 

    ඩී.වී. චානක මන්ත‍්‍රීවරයාට හෙට දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

    නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා අද දිනයේ පොලිසිය හමුවේ පෙනි සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

    මේ අතර, ඉකුත්  දා පැවති විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් සෙවීම සඳහා ඊයේ රාත‍්‍රියේ හම්බන්තොට හා ඒ අවට ප‍්‍රදේශවල පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක වූ බවද අප  වාර්තාකරු සඳහන් කළා. 

    [rns_reactions]

  • ජනවාරි 08 ජනපති මෛත්‍රි දිනුවේ නැත්නම් අදටත් භාරතගේ මිනිමරුවෝ නිදැල්ලේ – සෝලංගආරච්චි

    භාරත ලක්ෂ්න් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ 06 වන ගුණ සමරු උත්සවයේදී භාරත හිතවාදීන් කාර්ය මණ්ඩල සාමාජිකයන් පෙරටු කරගනිමින් භාරතට සාධාරණය ඉටුකරගැනීමේ සටන සහ මහින්ද ගොටාබය ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ මරණ තර්ජන පිලිබදව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමා තම මතකය අවදි කල අයුරු…

    https://www.facebook.com/PrasannaSolanga/videos/851962484963792/

    [rns_reactions]

  • බල අරගලයෙන් පැරදුණු මහින්දට තවත් දරුණු පරාජයක්; සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි

    කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ යෙදී සිටිය ද පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ යෑම එහි ප්‍රධාන ලේකම් වන ඩිව් ගුණසේකර ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කිරීම විශේෂයක් විය. ඔවුන්ගේ ස්ථාවරය වූයේ කොමියුනිස්ට් පක්ෂය ස්වාධීන මතයක සිටිය යුතු බව ය. දිගින් දිගට ම මහජන මුදල් අමු අමුවේ කොල්ල කෑ, තම ප්‍රතිවාදීන් ඝාතනය කළ, එසේ ම අතිශය ජාතිවාදී කඳවුරක් වන මහින්ද කඳවුර වෙත කොමියුනිස්ට් පක්ෂය නැවත ළං වන්නේ නම් එය එම පක්ෂයේ අභාවයට පහසු මගක් බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් දරණ මතය යි.

    කෙසේ වෙතත්, එම පක්ෂය මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෙරමුණට එක් කිරීමට කාලයක් තිස්සේ වලිකමින් සිටියේ එහි සභාපති රාජා කොල්ලුරේ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසකි. පසුගිය දා පැවති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී එහි මධ්‍යම කමිටුවේ සංයුතිය කෘත්‍රීම ලෙස වෙනස් කර පක්ෂය තමන්ගේ අත්අඩංගුවට ගැනීමට මෙම පිරිස වලිකෑව ද එම උත්සාහය පරාජයට පත්ව ඇත. නැවතත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත්ව ඇත්තේ ඩිව් ගුණසේකර මහතා ම ය. කෘතහස්ත වාම දේශපාලකයෙකු වන ඒ මහතා ඇතුළු පිරිසගේ මතය තවදුරටත් කොමියුන්ස්ට් පක්ෂය කිසිදු ධනපති පක්ෂයක අතකොලුවක් නොවී ස්වාධීනව සිය දේශපාලන කටයුතු කළ යුතු බව යි.

    කෙසේ වෙතත්, රටේ ප්‍රගතිශීලී දේශපාලනයට ලැදි සියලු දෙනා මෙකී තත්වය සැලකිල්ලට ගත යුත්තේ සුබවාදී ව ය. කිසිදු කොන්දේසියකින් තොරව ජාතිවාදයේ සරණින් නැවත බලයට පත්වන්නට අර අඳින මහින්ද රාජපක්ෂ කුප්‍රකට පෙරමුණ ලද අන්ත පරාජයක් ලෙස ද මෙය තවදුරටත් සැලකිය හැකි ය.

    [rns_reactions]

  • පියමග යන ජනපති පුත් දහම්ගෙන් නිවාස අහිමිව කල් ගෙවූ රත්නපුරේ දෙව්මිණි දැරියට නව නිවසක්..

    පසුගිය මැයි මාසයේදී දිවයිනටම බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත්ව තමන් ජීවත් වූ නිවස අහිමිව කල් ගෙවන දෙව්මිණී නම් දැරියකගේ ප්‍රවෘත්තියක් පිළිබඳව මාගේ අවධානය යොමු වූ අතර එම ප්‍රවෘත්තියේ සඳහන් වූ දැරියට පිහිටක් වීම සඳහා ඇය ජීවත් වන රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයට පසුගිය ජූනි මස 15 බ්‍රහස්පතින්දා ගිය අතර එහිදී නිරීක්ෂනය වූයේ ගංවතුරට හසුව පියාද අහිමිව දිවි ගෙවන මෙම දැරියගේ සම්පුර්ණ නිවෙසම විනාශ වී ඇති ආකාරයයි..දෙව්මිණී නම් මේ දියණිය පාසැල් වැඩ කටයුතුවලටද ඉතා දක්ෂ බව ඇය ඉගෙනුම ලබන කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රකාශ කරන ලදී..කඬාවැටුනු නිවස නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

    එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා එම දිනයේම (ජූනි 15 බ්‍රහස්පතින්දා) කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර එහිදී නායක ස්වාමින් වහන්සේලා නිවෙසක් සෑදීම සඳහා අවශ්‍ය ඉඩමක් ලබා දෙන බව සඳහන් කරන ලදී.

    ඒ අනුව ජූනි මස 22 වෙනිදා අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් නව නිවෙස සෑදීම සඳහා මුල් ගල තැබූ අතර මාගේ අරමුණ වූයේ මාස 3කින් පමණ නව නිවෙස ඉදිකර දෙව්මිණී දැරියට ලබා දීමය. නව නිවෙසට අවශ්‍ය ඉඩම පොරොන්දු වූ පරිදි කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩනැගීම සඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන මාගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන ගොඩනැංවීමට අදහස් කලෙමි.

    ඉක්මනින්ම සියලු පහසුකම් වලින් පරිපූර්ණ වූ නව නිවෙස ඉදිවූ අතර එය දෙව්මිනී දැරියට ලබා දීම කැටේපොල ශ්‍රී අභිනවාරාමාධීපති හිම්මන්තුඩාවේ සිරි රතන ස්වාමින්වහන්සේගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ දින (ඔක්තෝම්බර් මස 06) උදෑසන 10.06ට යෙදුන සුභ නැකතින් සිදු කරන ලදී.

    මෙහිදී මට අසන්නට ලැබුන සුභදායක පණිවිඩය වූයේ දෙව්මිනී දැරිය තම නිවෙසද අහිමිව කල් ගෙව්වත් පසුගිය පාසැල් වාර විභාගයෙන්ද වැඩිම ළකුනු ලබා පන්තියේ පළමු තැන ලබා ගැනීමට සමත් වී ඇති බවයි. දෙව්මිනී දැරියගේ අනාගතයට මාගේ සුභාශිංසනය පල කර සිටිමි..

     

    https://www.facebook.com/media/set/?set=a.1705253019487723.1073741862.976832158996483&type=3

    [rns_reactions]

  • සල්ලි වලට ආත්මය පාවාදෙන පින්පොන් යලිත් කරලියට.. ඉරාජ්ගේ සල්ලි හමුවේ පින්පොන් සමාව අයදී…

    ඉරාජ් වීරරත්න සහ පියුමි හංසමාලිගෙන් රංගන ශිල්පී පින්පොන් හෙවත් රාජිත හිරාන් සමාව අයද සිටිනවා.ඒ ඉකුත් දා ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන්. ඉකුත්දා කොරියවේදී පියුමි හංසමාලි හට ප්‍රහාරයක් එල්ල වුණා.ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා. ඒ සමග කලාකරුවෙකු මෙන්ම විකට රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන රාජිත හිරාන් ෆේස්බුක් ඔස්සේ සජීවීව කියා සිටියේ එලෙස කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් තමන් ඒ පිළිබද ආඩම්බර වන බවයි.

    එමෙන්ම එලෙසම ඉරාජ් වීරරත්න හට ද එම ආකාරයෙන්ම සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජිත වැඩිදුරටත් පැවසුවා.එසේ තිබියදී හිරාන් යලිත් අද ෆේස්බුක් ඔස්සේ සජීව එක්වෙමින් පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් තමන්ගෙන් කියවුණු වචන සම්බන්ධයෙන් කණගාටු වන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව දෙන ලෙසත් ඉල්ලා සිටියා.එම වීඩියෝ පටය පහතින් බලන්න.

    [rns_reactions]

  • විවාහකයෙකු වූ දසුන්ට අකමැති උන ශලනිත් විවාහකයි… පැටිකිරිය දැනගන්න සියල්ල කියවන්න…

    සිරස කුමරිය ලෙස කිරුළු පැළදූ ශලනි තාරකා දක්ෂ රංගන ශිල්පනියක් වූයේ පසුවටයි. කාගේත් ආදරය දිනාගත් ශලනි මේ වන විට ඇතැමුන්ගේ දෝශාරෝපණයට පත්ව ඇත්තේ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ ගෙල වැළලා මිය යාමත් සමගයි.

    දසුන්ගේ මරණයට හේතුව ශලිනි තාරකා සමඟ පැවැති අනියම් ඇසුරබවත් ඔහු විවාහකයෙකු වීම හේතුකොට ගෙන ශලනි තාරකා ඔහුගෙන් වෙන්වීමට උත්සාහගත් බවත් වාර්තා විය.

    එමෙන්ම මිය යාමට පෙර දසුන් ඇයගේ බිරිඳගෙන් ශලිනි තාරකා විවාහ කරගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන්විය.

    කෙසේ වෙතත් දසුන්ගේ සියදිවි හානිකරගත් පසුව ශලනි තාරකා විසින් ඔහු මිය යාමට හේතුව ඔහුගේ බිරිඳ සහ මව බව නොකියා කියමින් මුහුණු පොතේ සටහන් දමමින් සිටියි. වරද පවුලේඋදවියගේ ද , ශලනි තාරකාගේ ද යන්න දැනගැනීමෙන් කිසිදෙයක් සිදුවන්නේ නැත. වරද කාගේ වුවත් මේ වනවිට දසුන් මිය ගොස් හමාරය.

    කෙසේ වෙතත් මේ වන විට හුවමාරුවෙමින් තිබෙන් ඡායරූප කිහිපයක් මඟින් නිගමනය කළ හැක්කේ ශලනිතාරකා ද විවාහක යුවතියක් බවයි.

    ඒ බව ඇතැම් අදහස් මඟින්ද තහවුරුකරගත හැකිය. කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත තවමත් හෙළි වී නැත. කෙසේ වෙතත් ශලනි තාරකා විවාහක යුවතියක් බව දසුන් දැන සිටියානම් ඔහු සියදිවි හානිකර නොගැනීමට ඉඩ තිබිණි. ඇතැම්විට ඔහු ඒ බව දැනසිටියාද අප නොදනී,

    යම් වැරැද්දක් මෙම ඡායරූප සතුව ඇත්නම් ඔහුගේ බිරිද සහ මවගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මුහුණු පොතේ සටහන් දැමීමට ගතකරන කාලයෙන් මිනිත්තු කිහිපයක් වැය කර වැරැද්ද නිවරදිකරන ලෙසත් අපි සටහන් කරන්නෙමු.

    එම ඡායරූප පහතින්,

    lankawire.com

      

    [rns_reactions]

  • ඇමති රාජිත/සංවිධායක සොලංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර”

    ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ දී අද (07) පස්වරුවේ පැවැත්විනි.

    මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක මහත්මිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්ච්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල,  සෞඛ්‍ය ලේකමි ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, හිටපු සෞඛ්‍ය ලේකමි අනුර ජයවික්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු සහ රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    [rns_reactions]

  • හම්බන්තොට දී පොලිස් අධිකාරිවරයකු පුද්ගලයකුට පහරදීම ගැන වාර්තාවක් කැඳවයි

    හම්බන්තොට ඊයේ (06) පැවැති විරෝධතාවය අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැවා තිබෙනවා.

    පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ වාර්තාව ලැබීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා (12) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද සිදුකරන බවයි.

    හම්බන්තොට ඊයේ 906) පැවැති විරෝධතාව අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට පහරදෙන වීඩියෝවක් මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණා.

    පහරදීමෙන් අනතුරුව අදාල පුද්ගලයා රෝහල්ගත කෙරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

    [rns_reactions]

  • පට්ටපල් බොරුවක්! මත්තල විකුණන්නේ නැහැ! සන්ධාන මහලේකම්

    ඇතමුන් චෝදනා කරන පරිදි මත්තල ගුවන් තොටුපොල විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මත්තල ගුවන් තොටුපොල බදු දීමට හෝ මේ දක්වා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්ව නොමැති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

    “ජනතාවට අපි කියන්නේ හම්බන්තොට කිසිදු දේපලක් විකිණීමට තියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා රාජ්‍ය දේපල විකිණීම කරන්න දෙන්නේ නැහැ. එතුමා පහුගිය අපේ ආණ්ඩු සමයේම විකුණල තිබිච්ච පෝර්ට් සිටිය බදු පදනම දක්වා ආපස්සට පවා ගෙනාව නායකයෙක්. රාජ්‍ය දේපොල විකුණන්න දේනනේ නහැ.”

    “අවාසනාව කියන්නේ මේ රටේ ජනමාධ්‍යවත් මේ සම්බන්ධයෙන් හරි හැටි ජනතාව දැනුවත් කරන්නේ නැහැ. ඔය පිරිස කරන කියන එක පමණක් පලකරනව. ඇත්ත හරියට හොයල බලන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්වත් ඉදිරිපත් වෙලා නැහැ”

    මෙරට කිසිදු රාජ්‍ය දේපලක් විකුණා දැමීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

    [rns_reactions]