Author: Editor

  • එජාප මීලඟ නායකත්වය භාර ගන්න මම සූදානම් – උප නායක රවී කියයි

    එජාප මීලඟ නායකත්වය භාර ගන්න මම සූදානම් – උප නායක රවී කියයි

    විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද?

    මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට ආණ්ඩුවට දුවන්න මුදල් නෑ කියලා කියන අය මේ ප්‍රකාශය කරන්නේ මෙන්න මේ කාරණාව පදනම් කරගෙන. ඇත්ත වශයෙන්ම ඒකේ නීත්‍යනුකූල භාවයක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ රට තියෙන්නේ හදිසි ආපදා තත්ත්වයක් උඩ. මෙවැනි වෙලාවක ජනාධිපතිතුමාට තවත් මාස 3ක් ඒ කියන්නෙ දවස් 90ක් ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

    ඔබ එහෙම කිව්වට යහපාලන ආණ්ඩුවේ හිටිය තවත් මුදල් ඇමැතිවරයෙක් වන මංගල සමරවීර මහත්තයා කියනවානේ ජනාධිපතිවරයාට එහෙම කරන්න නීතිමය බලයක් නෑ කියලා?

    ඒ අය ඒ අයගේ අදහස් ඉදිරිපත් කරනවා. නමුත් මම කතා කරන්නේ මේ විෂය දෙස ප්‍රායෝගිකව බලන කෙනෙක් විදිහට. රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මේ වගේ බැරෑරුම් වෙලාවක ඒ ප්‍රශ්නේ තවත් අවුළුවන එක නෙවෙයි කරන්න ඕන. අපි දැන් බලන්න ඕන මේ ගැටලුව විසඳන්න ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන මොනවද කියලා. අන්න ඒ විධිවිධානවලට අනුව කරන්න පුළුවන් දේ තමයි මම කියන්නේ. එහෙම නැතුව මම මේ වෙලාවේ දේශපාලනේ කරන්නේ නෑ. හැම දේම කරන්න ඉස්සෙල්ලා අපිට රටක් තියෙන්න ඕන. මම කරන්නේ අන්න ඒ රට රැක ගන්න එක.

    ඔබතුමා කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට වඩා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදිහට, එස්. බී. දිසානායක හිටපු ඇමැතිවරයා මේ ළඟදී කිව්වා විපක්ෂයේ මේ පුහු ආර්ථික තර්ක ගේන අය අඩුම ගානේ රවි කරුණානායකගෙන්වත් ඇහුවා නම් යමක් ඉගෙන ගනියි කියලා. මොකද එස්. බී.ගෙන් ඔබතුමාටත් දුරකථන ඇමැතැමක් ආවද මේ ළඟදී දවසක?

    අනේ නෑ. මම හිතන දේ තමයි ඇත්ත කියන දේ මොන විදිහකින්වත් වහන්න බෑ. ඇත්ත කොහොම යටපත් කරන්න හැදුවත් ඇත්ත ඉස්මතු වෙනවා. මම ඇත්තටම එස්. බී. ගේ ඒ කතාව අගය කරනවා. මොකද කාලෙකට පස්සේ මං ගැන හොඳ දෙයක් කතා කරලා තියෙනවා. ඇත්තටම 2015 ඉඳන් 2017 වෙනකං මුදල් ඇමැතිවරයා විදිහට මම ගෙන ගිය ප්‍රතිපත්තියට අනුව මේ රටේ ආර්ථිකය ගෙනිච්චා නං අද මේ රට තියෙනවාට වඩා මූල්‍යමය ස්ථාපිත තත්ත්වයක රට තියෙන්න තිබුණා. 2015 දී අපි භාර ගත්තෙ සෘන ආර්ථිකයක් තිබුණු මූල්‍යම වශයෙන් කඩා වැටුණු රටක්. නමුත් මම වැඩ කළේ රජයේ නිලධාරීන්ගෙන් අහගෙන නෙවෙයි. මම වැඩ කළේ විෂය පිළිබඳව මට තිබුණු න්‍යයාත්මක දැනුමෙන් හා ප්‍රායෝගික භාවිතාවෙන්. මම රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධියෙන් යැපුනේ නෑ, මම රාජ්‍ය නිලධාරීන්ට කළ යුතු දේ ගැන අණදීමේ හැකියාවක් තිබුණු ඇමැතිවරයෙක්.

    ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ආර්ථික ඔස්තාර් එහෙමත් නැත්නං කෞටිල්‍ය ඔබ කියලාද?

    නෑ මං එහෙමනං කියන්නේ නෑ, නමුත් මං මගේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතාවේදී රටේ උපරිම විශ්වාසය දිනා ගන්න පුළුවන් විදිහට කටයුතු කරලා තියෙනවා. අන්න ඒ තත්ත්වය ඉවසාගන්න බැරිවෙච්ච ඉරිසියාකාරයෝ මට විවිධ අභූත චෝදනා නගලා මගේ චරිතය ඝාතනය කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් සත්‍යය ජයග්‍රහණය කරනවා. මම ඇත්තටම අගේ කරනවා ඒ මගේ හැකියාවන් දැකලා ඒක අගේ කරලා කතා කරන ඒ කට්ටියව. අපි හැමෝම එකතු වෙලා රට හදන්න කතා කරනවා මිසක් රට හදන අයට ගහන්න ඕන නෑ කියන එක තමයි මම විශ්වාස කරන්නේ.

    හොඳයි මේ වෙලාවේ ඔබ මේ රටේ මුදල් ඇමැතිවරයා නං හෝ ජනාධිපතිගේ ආර්ථික උපදේශක නම් මොනවගේ තීන්දු තීරණද ඔබ ගන්නේ?

    මේක මහ පුදුමාකාර අවස්ථාවක්. මේ හිටියනං අරකද මේකද කියලා හිතලු මත කටයුතු කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ අපි ඉන්නේ ලෝකෙම ආර්ථිකේ කඩන් වැටෙන මොහොතක. දැන් අප කළ යුත්තේ මුලින්ම කොරෝනා වෛරසය නැති කරන්න මුදල් වෙන් කරනවා වගේම දේශීය පදනමක් මත ජාතික ආර්ථිකයක් ගොඩ නගන්න අඩිතාලම දාන එක.‍
    මතක තියාගන්න අපි 2015දී රට භාරගන්නකොට සෞඛ්‍යයට වියදම් කළේ සියයට 1.3ක් වගේ මුදලක්. අපි මුලින්ම කළේ ඒ මුදල සියයට 3ක් දක්වා ඉහළ දාපු එක. අන්න ඒ නිසා තමයි අද මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍යය මේ ආකාරයෙන් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැනුත් පුළුවන් තරං ඒ සෞඛ්‍යයට අවශ්‍ය මුදුල් වෙන් කරන්න ඕන.
    මේ හැම දෙයක්ම අපි කළ යුත්තේ අපදා කළමනාකාරී වැඩපිළිවෙළක් යටතේ මොකද මේ වෙලාවේ ක්‍රියා කරන්න ඕන විදිහ පොත්වලවත් ව්‍යවස්ථාවේවත් නෑ, මේ වෙලාවේ තියෙන තත්ත්වය අධ්‍යයනය කරමින් ඒකට ප්‍රායෝගික පිළිතුරු හොයන එක තමයි තියෙන්නේ. මේ තත්ත්වය යටතේ ලෝකෙටත් අපිට උදවු කරන්න බෑ. මොකද ඒ ගොල්ලොත් දැන් හිරවෙලා ඉන්නේ. ඒ නිසා දැන් අපි මේකට උත්තර හොයන්න ඕන ජාතියක් විදිහට. නමුත් මේ වෙලාවේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, අසියානු සංවර්ධන බැංකුව ඇවිත් අපිට වට්ටෝරු දේවි. ඒ ගොල්ලන්ගේ කෘතිම වත්කමට කොහොමද වැඩ කරන්න ඕන කියලා. නමුත් මම හිතන්නේ දැන් අපි ඔය හැම දෙයක්ම පැත්තකට දාලා අපේම ආර්ථික ක්‍රමවේදයක් හදන්න පුළුවන් වැඩපිළිවෙළකට යන්න ඕන. අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දේම මේ රට ඇතුළේ හදන්න ඕන. ඒ ඔස්සේ විදේශ විනිමය රටෙන් පිටතට යන එක වළක්වලා රුපියල ශකිත්මත් කිරීමට පදනම දාන්න ඕන. ඒ වගේම රට තුළ අතිරික්තව නිපදවන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය දිරිමත් කරලා හැකිතාක් අපනයනය කරලා විදේශ විනිමය උපයන්න ඕන. අපි දැන් ඉන්නේ මේ හැම දෙයක් ගැනම අලුතින් හිතන්න ඕන මොහොතක. මේ දේවල් කරන එක ලේසි නෑ. නමුත් කරන්න බැරි නෑ.

    ඉතිං ඔය තරං ප්‍රගතිශීලීව හිතන ඔබ ඇයි අගමැතිතුමා කැඳවපු හමුවට ගියේ නැත්තේ?

    අපි යන්න තමයි හිටියේ. නමුත් ගිය පාර්ලිමේන්තුවේ හිටියේ නැති ඊට පෙර පාර්ලිමේන්තුවේ හිටිය අයවත් මේ හමුවට කැඳවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක්වීමක් වෙලා තිබුණා. ඉතිං එහෙම තැනකට අපි ගිහිල්ලා මොනවා කතා කරන්නද? තේ කෝප්පයක් බීලා එන්නැයි. අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය සමච්චලයට ලක් නොකර එහි ගරුත්වය රකින්න ඕන නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ අපි අන්තිම මොහොතේ යන්නේ නෑ කියලා තීන්දු කළේ.

    හැබැයි මන්ත්‍රීතුමා ඒ තීන්දුවේ සමගි ජනබලවේගය මුල ඉඳලාම හිටියා නේද? එක්සත් ජාතික පක්ෂයට දේවල් තේරෙන්න කල්ගත වෙනවා කියන එකද මේ කියන්නේ?

    ඒ ගොල්ලෝ කලින්ම හොරෙන් ගිහිල්ලා කතා කරලා ඔළුවට ටොක්කක් ඇනගෙන ඇවිල්ලා හිටියේ. අනික අවුරුදු 73ක් පැරණි එක්සත් ජාතික පක්ෂයේ අපි තීන්දු තීරණ ගන්නේ තව කවුරුවත් ගන්න තීන්දු තීරණ දිහා බලලා නෙවෙයි. ඒ නිසා අපි තීන්දු ගන්න බය වෙන්නෙත් නෑ. බයවෙලා තීන්දු ගන්නෙත් නෑ. මෙතැන අපි යන්න හිටියේ. අපි යනවා කියලා ප්‍රසිද්ධියේම කිව්වා. නමුත් ආණ්ඩුව ගිය පාර්ලිමේන්තුවේ හිටියේවත් නැති අයත් ගෙනැල්ලා මේක විහිළුවක් කරගන්නකොට අපි ඒ නාඩගම්වලට සහයෝගය දෙන්න සූදානම් නෑ.

    ආණ්ඩුව එජාපයට ආරාධනා කළොත් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න එන්න කියලා ඒකට සහයෝගය දෙන්න එජාපය සූදානම්ද?

    ඔබේ ඒ ප්‍රශ්නේ හරියට අත්බෝම්බයක පින් එක ගලවලා අනිත් අය තබ්බීර්වෙලා ඉන්න වෙලාවක උත්තර දෙන්න කිව්වා වගේ එකක්. එක තමයි මේ ඡන්දයක් කට උඩ ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නෑ, දෙක තමයි රට හදනවා නං හරියට කරමු. එහෙම නැතිව ඔය ඇමැති වරප්‍රසාද බුක්ති විඳිමින් සැප සම්පත් විඳින එක නෙවෙයි අවශ්‍යතාව. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම මේ කොරෝනා වෛරසය නැති කරන්න. ඊට පස්සේ කරන දෙයක් නීත්‍යනුකූලව කරන්න. ඒ ඔස්සේ එක්සත් ජාතික පක්ෂයට දෙන්න පුළුවන් සහයෝගයක් මේ දවසකට දෙකකට නෙවෙයි දීර්ඝ කාලීනව දෙනවා මිසක් තාවකාලික තෘප්තියක් ලබන්න සූදානමක් නෑ. රට හදන්න අඩිතාලම දාන්න පුළුවන් නම් ඒකට එක්සත් ජාතික පක්ෂය බය නැතුව ඉදිරිපත් වෙනවා. එතැනදී ඔය එක එක්කෙනා මොනතරම් ඇනුම්පද කිව්වත් ඩීල්කාරයෝ කිව්වත් අපිට ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද ඇත්ත ඩීල්කාරයෝ කවුද කියලා අපි දන්නවා. පක්ෂ කාර්යාල අරන්, කැබිනට් පත්‍රිකා තුළින් කාර් පාව්ච්චි කරලා සැප විඳින ඇත්ත ඩීල්කාරයෝ තමයි අපිට ඩීල්කාරයෝ කියලා කියන්නේ. ඉතිං ඒ වගේ අයගේ කතා අපට වැඩක් නෑ, රට වෙනුවෙන් කරන්න තියෙන් දේ බය නැතුව කරන්න ඕන.

    ටී. එන්. ඒ. එක අගමැතිත් එක්ක විජේරාම නිවසටත් ගිහින් කතා බහ කරලා තියෙනවා නේද මන්ත්‍රීතුමා?

    මම ප්‍රවෘත්තිවලින් දැක්කා. ඒක හොඳයි. දැන් අපිත් එක්ක ඒ අය වැඩ කරනකොට කොටි කියලා කිව්වා. දැන් මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරනකොට ඒ අය පූස් පැටව්ද? මෙන්න මේ වගේ කුහක දේශපාලනයක් කරපු නිසා තමයි නිදහස ලබාගෙන අවුරුදු 73ක් ගෙවිලත් මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ.

    ඔබ විශ්වාස කරනවාද රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන්න පුළුවන් නායකයෙක් කියලා?

    මම විශ්වාස කරනවා එතුමා දැනුවත් කමක් තියෙන රටට දෙයක් කරන්න පුළුවන් නායකයෙක් කියලා. නමුත් දුර්වලතා ගණනාවකුත් තියෙනවා. කිසිම කෙනෙක් අංගසම්පූර්ණ නෑනේ, එතකොට ඔහු තුළ තියෙන දුර්වලතා පාව්ච්චි කරලා ඔහු තුළ නැති දුර්වලතාත් නිර්මාණය කරපු අය දැන් මේ පක්ෂය ඇතුළේ නෑ. දැන් එක්සත් ජාතික පක්ෂය සහාය දෙනකන් කොටි ලේබල අලවපු ටී එන් ඒ එකත් නෑ. පාස්කු බෝම්බේ ගැහුව කියන පක්ෂත් නෑ. බෞද්ධ විරෝධි කට්ටියත් නෑ. සිරිකොතට ගල් ගහපු කට්ටියත් නෑ. දැන් එක්සත් ජාතික පක්ෂ සුපිරිසිදුයි. දැන් මම මේවා කියනකොට යම් යම් අයට රිදෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. නායකයාගේ අඩුපාඩු තියෙනවා කියලා නායකත්වයට එන්න කෙටි පාරවල් හොයන්න හොඳ නෑ. ගෙදර අම්මා තත්තගේ අඩුපාඩු තිබුණොත් අම්මා තාත්තා මරනවද? අන්න ඒ වගේ පිරිසක් තමයි අද එළියට බැහැලා තියෙන්නේ. ඉතිං එක්සත් ජාතික පක්ෂය දැන් පැහැදිලි ගමනක් යනවා. අපට විශ්වසයි ඉදිරියේදී ජනතාව අප කියන දේ තේරුම් ගනීවි.

    මම නිවැරැදි නම් 2022-23 වෙනකම්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි එජාපයේ නායකයා. ඊට පස්සේ කවුද එජාපය භාර ගන්නේ?

    ජනතාවගේ විශ්වාසය දිනාගත්ත, පක්ෂයට ආදරය කරන, ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන යන නායකයන්ගේ උරුමය රකින්න පුළුවන්, රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ආදරෙයෙන් අලියා රකින්න පුළුවන් පුද්ගලයෙක් ඉදිරිපත්වෙන්න ඕන.

    ඒ වෙලාවේදී දැන් පක්ෂයෙන් එළියට ගිය අය අතරත් ඔය ගුණාංග තියෙනවා නං අවස්ථාවක් තියෙනවාද?

    කරුණාකරලා මහගෙදර හොඳ නෑ කියලා අල්ලපු ගෙවල්වල බෝඩිං හදාගෙන මහගෙදරට ගල්හගන කට්ටියට මේකේ උරුමක් නෑ. ඒ අය දැන් ඒ අය හදාගත්ත පක්ෂේ ඇතුළේම ඉන්න. ඒ අය ගියේ වෙන සුරංගනා ලෝකෙකටනේ. මේ ඔක්කොම නරක නං මොකටද ආයිත් එන්නේ. අනිත් එක එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ පිය උරුමෙන් මවු උරුමයෙන් නැත්නම් පරිවේණියෙන් නායකයෝ බිහි කරන තැනක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ දඩාවතේ ඇවිදලා එන උන්ට හාන්සි වෙන්න තියෙන අම්බලමකුත් නෙවෙයි.

    ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළේ රවි කරුණානායකගේත් බලාපොරාත්තුවක් තියෙනවා නේද ඊළඟ නායකයා වෙන්න?

    අද මේ වගේ දේවල් නිසා තමයි අභූත චෝදනා කරලා චරිත ඝාතනය කරලා අපිව නැති කරන්න හදන්නේ. නමුත් දෙවි පිහිටින් අපි රැකිලා ඉදිරියට යනවා. මේ රටේ මින්ස්සුන්ගේ විශ්වාසය දිනාගෙන පක්ෂයක් විදිහට සාමූහිකව වැඩ කරලා රට ඉදිරියට ගෙනයාමේ හැකියාවක් තියෙනවා නං කතා දෙකක් නෑ ඔවු. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්න මම සූදානම්.

    -සමන් සමරක්කොඩි-


  • මහින්දගේ අරලිය මැදුරේ සාකච්ඡාව අල වෙයි! එජාපයත් එන්න බෑ කියයි

    මහින්දගේ අරලිය මැදුරේ සාකච්ඡාව අල වෙයි! එජාපයත් එන්න බෑ කියයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ.

    කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් එක් ප්‍රධාන කරුණක් නම් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කරනු ලැබුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ට යැයි පමණක් රාජපක්ෂ ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කලද මේ සඳහා 2010 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කර තිබීම එක් කරුණකි.

    එසේම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකමතිකව ඉල්ලා සිටින අවස්ථාවක රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එම ඉල්ලීම නොතකා හැරීම තවත් එක් කරුණකි.

    තවද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සාකච්ඡාව කුමක් අරඹයා සිදුකරන්නක්ද යන්න පිළිබඳව ඇති අපැහැදිලි බව තවත් කරුණකි.

    එහෙත් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවට කෙරෝනා ප්‍රශ්නය සඳහා යම් සහයක් අවශ්ය නම් ඊට ඕනෑම මොහොතක ප්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා සඳහන් කර තිබුණි.

    ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණේ මහින්දගේ දන්සැල් මන්දිරයේ සාකච්ඡා අනවශ්‍ය බවත්, රටේ ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුවට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් පිළිගත් සම්ප්‍රදාය සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට ගරු කරමින් විධායක බලය යොදාගනිමින් විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසයි.

  • බටහිර රටවල් කොරෝනා වෛරසයට සීඝ්‍රයෙන් බිලිවෙද්දී, චීනය ඉන් මිදී ගොඩ එන රහස හෙළිවෙයි..

    බටහිර රටවල් කොරෝනා වෛරසයට සීඝ්‍රයෙන් බිලිවෙද්දී, චීනය ඉන් මිදී ගොඩ එන රහස හෙළිවෙයි..

    ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල ලිපියක ඔවුන් රෝගය පාලනය කල ආකාරය දැක්වේ. මේ එහි සිංහල පරිවර්තනයක්.

    වෛරසය වාතයේ නොරැඳෙන අතර, අනෙක් වයිරස වලට වඩා බරින් වැඩි නිසා පොළොවට පතිත වේ. අඩි හයකට වඩා දුරක් වාතය හරහා ගමන් කිරීමට වයිරසයට ශක්තිය නැත. ඒ නිසා එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ. හැකි හෑම විටම සෙනග සමග සිටින විට අඩි 6 කවත් දුරකින් සිටින්න. ප්‍රවාහනයේදී වැනි ස්ථාන වලදි එම දුර තබා ගැනීමට නොහැකි නම් හැකි තාක් තමන්ගේ මුහුණු ප්‍රදේශය අනෙක් අයගේ මුහුණ ප්‍රදේශයට ඉලක්ක නොවන ලෙස තබාගන්න. කිවිසන විට කහින විට හැකිතාක් අනෙක් අයගෙන් ඈත්ව කහින්න.

    වෛරසය පාරජම්බූල කිරණ වලින් විනාශ වේ. ඒ නිසා සබන් දා අත් සේදීමේ දී සූර්යයා දෙසට හැරී අත් සේදීම මගින් වැඩි වැඩි විෂබීජ ප්‍රමාණයක් විනාශ කල හැකි වේ. එලිමහනේ ටැප් සින්ක් වැනි ස්ථාන සකස් කිරීම වැදගත්. ගමනක් ගොස් නිවසට එන විට, උදැසන පොදු ප්‍රවාහන සේවා වල සිට රැකියාවට එන විට එලිමහනෙන්ම අතසබන් දා සෝදා ඇතුලට පැමිණේ නම් විෂබීජ බොහොමයක් විනාශ වී යයි. වැදගත් වන්නේ නිතරම අත් සේදීමයි. දවසට හත් පාරක් අවම වශයෙන් අත් සේදිය යුතුය. අත්සේදීමේදී සබන් දමා තත්පර තිහක් වත් ඇතිල්ලීම සිදු කල යුතුයි.

    ඇතුලේ සකස් කරන ටැප් අසල සුදු පැහැති සී.එෆ්. එල් බල්බ දල්වා තබන්න. අත සේදීමට රතු පැහැති සබන් හෝ දියර වඩා සුදුසු වේ.

    සුදුපාට වයිරසයට අහිතකර ලෙස බලපායි. ඒ නිසා කිවිසුම් යන විට හෝ කහින විට ඒවා සුදුපැහැති ලේන්සුවකින් හෝ ටිෂූ කැබැල්ලකින් ආවරණය කරගත හැකි නම් සෙම සමග තිබෙන වයිරස අනිත් අයට යෑම වැලකේ. නමුත් ඉඩ ලැබෙන පලමු අවස්ථාවේදීම අත රතු පැහැති සබන් යොදා සෝදන්න. ලේන්සුවත් කොනකින් අල්ලා උණුසුම් වතුර බඳුනකට සබන් යොදා සෝදන්න. ටිෂූ භාවිතා කරන්නේ නම් ටිෂූ ඉක්මනින් පුලුස්සා දමන්න. යම් විදිහකින් ඔබට ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිටේ ඇතුල් පෙදෙසෙන් කැස්ස ආවරණය කරන්න. වැලමිටේ ආනතිය නිසා වයිරස ඉක්මනින් විනාශ වේ. තවද නහය කසන විට ඇඟිලි වෙනුවට පිටි අත්ල හෝ මැණික් කටුව ප්‍රදේශය භාවිතා කරන්න. පිටි අත්ලේ සිටින බැක්ටීරියා මගින් නහයේ සිට පැමිණි වයිරස 80% ක් විනාශ වේ. ඉතිරි වූ වයිරස විනාශ කිරීම සඳහා ඉඩ ලැබෙන පලමු අවස්ථාවේදීම රතු පැහැති සබන් වර්ගයක් යොදා අත් හොඳින් සෝදන්න. යම් හෙයකින් ඔබේ නහයේ වයිරසය තිබුණහොත් ඒවා අත් හරහා අනෙක් අයට බෝවීම එමගින් වැලකේ.

    වයිරසය ලෝහ, ප්ලාස්ටික්, ලී සහ වීදුරු පෘෂ්ට මත පහසුවෙන් පැය කිහිපයක් රැඳී සිටීමේ හැකියාවක් තිබේ. ඒ නිසා ඒවා ස්පර්ශ කිරීම හැකිතාක් අඩු කල යුතුය. හැකි නම් අයිසොප්‍රොපිල් ඇල්කොහොල්, බ්ලීච් පවුඩර් හෝ ලයිසෝල් වැනි විෂබීජ නාශකයක් මගින් නිතර පිරිසිදු කරන්න. ලිෆ්ට් වල, ඒටීඑම් වල වැනි ස්ථාන වල බොත්තම් එබීමේදී දොර හැඬල් ඇල්ලීමේදී අතට පොලිතින් ආවරණයක් භාවිතා කර පසුව ඉවත් කරන්න. නැති නම් වැලමිට භාවිතා කරන්න.

    වෛරසය සෙල්සියස් අංශක 26-27 ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වූ විට, එහි ජීව කාලය අවසන් වේ.
    එබැවින් නිතර උණු වතුර පානය කරන්න. සීතල ආහාර නොගැනීම වැදගත්. උණුසුම් හා ලුණු වතුරෙහි දැමූ සුදු ළූණු මගින්, විසබීජ විනාශ වන අතර, වෛරසය පෙනහලු වලට කාන්දු වීම වලක්වයි.

    මෙම උපදෙස් පිළිපැදීම මඟින් වයිරසය ආසාදනය වීම වැළක්වීම හා ඉන් වැළක්වීමේ අරමුණු ඉටු කර ගත හැක.

    මේ පිළිබඳව ඔබ සහ ඔබේ අසල්වැසියන් දැනුවත් කරන්නේනම් කොවිඩ් – 19 වෛරසය වළක්වාගැනීමට වඩාත් උපකාරී වේ.

  • සුපිරි Model of the Week – LuLu

    සුපිරි Model of the Week – LuLu

    මේ සතියේ සුපිරි ගොසිප් තුළින් සුපිරි Model of the Week – LuLu

  • ටෙලිකොම් මෑන්පවර් රැකියා තොග ගානට යලිත් – ටෙලිකොම් සභාපති එලවන්න ලක්ෂ්මන් ඩීල් එකක..!

    ටෙලිකොම් මෑන්පවර් රැකියා තොග ගානට යලිත් – ටෙලිකොම් සභාපති එලවන්න ලක්ෂ්මන් ඩීල් එකක..!

    ටෙලිකොම් මෑන්පවර් සේවක ගැටලුව වසර 10ක් තිස්සේ උඩු දුවන්නකි. පසුගිය වකවානුව තුල පැමිණි සියළුම රජයන් පැමිණියේ යෙගටලිකොම් මෑන්පවර් සේවකයාට මෙම ගැටළුවට ස්ථීර පිළිතුරු දෙන බව පවසමිණි. නමුත් එයට පිලියමක් වශයෙන් පසුගිය රජය සේවකයන් සුලු පිරිසක් ටෙලිකොම් මවු සමාගමතුලට අන්තර්ග්‍රහණය කලද එම සේවකයන්ට තම පවුල රැ ගැනීමටවත් නොහැකි වැටුපකටය.

    පසුව එම සේවකයන් නැවතත් අරගල කරන්නට විය. තත්වය එසේ තබියදී පසුගිය නොවැම්බරයේ නව ජනාධිපතිවරයාගේ ආගමනයත් සමග ටෙලිකොම් වෙත පැමිණි නව සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත හියුමන් කැපිටල් සොලුයුෂන් නමින් පවතාවාගෙන යනු ලබන ටෙලිකොම් මෑන්පවර් ආයතනය වසා දමා එම සියලු සේවකයන් සාධාරණ වැටුපකට ටෙලිකොම් වෙත අන්තර්ග්‍රහනය කරණ ලෙසත් ඒ සදහා සුදුසු යෝනාවක් තමන් වෙත ලබා දෙන ලෙස හියුමන් කැපිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී රොෂාන් කළුආරච්චි මහතාට නියෝග කර ඇත. ඒ නමින් පමණක් වෙනස් වූ ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත මෙම ආයතනයේ සියලු වැටප් ගෙවීම් ඇතුලු සියලුදෑ සිදුකරනු ලබන්නෙ ටෙලිකොම් ආයතනය මගින් බැවින් ආයතන දෙක්ක පවත්වාගෙන යාමෙන් මුදල් නාස්තියක් වන බව සභාපතිවරයාට අනාවරණය වීමෙනි.

    පසුව මෑන්පවර් සේවකයන්ගේ සේවාකාලය සහ අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු තනතුරුවලට අනුයුක්ත කිරීමේ යෝජනාවක් මේවන විට සභාපතිවරයාට ලබාදී ඇත.

    නමුත් තත්වය එසේ තිබියදී තමන්ට මෑන්පවර් ආයතන නිධානයක් ලෙස දකින ටෙලිකොම් මෑන්පවර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි රොෂාන් කළුආරච්චි සහ මානවසම්පත් ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන දිවාන් රැවන්පුර මහතා තොරුතුර සහ සන්නිවේදන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සමග මේ පිලිබදව සාකච්ඡාවක් පවත්වා ඇතිබව වාර්තාවේ. එහිදි ඔවුන් පවසා ඇත්තේ ” ටෙලිකොම් මෑන්පවර් ආයතන වසා නොදමන ලෙසත් තමන්ට මෑන්පවර් රැකියා 400ක් ලබාදන්නම් සභාපති වරයා මාරුකරල දෙන්න” යනුවෙනි.

    මේ පිලිබදව ටෙලිකොම් සභාපත්වරයාගේ කන වැටී ඇති බවද වාර්තාවේ.

    ජනාධිපතිවරයා දූෂිතයන්ගේ ක්‍රියාකාරකම් අවහිර කරමින් රට ගොඩ නැගීමට ගන්නා උත්සාහය මෙවන් ඩීල් ඇමතිවරුන්ගේ ක්‍රියාකරකම් හමුවේ බොදවුන සිහිනයක් වේදෝ යැයි ජනතාව ප්‍රශ්න කරයි.

  • ඔය නට් එකක් පැන්නා කියලා මැෂිමක් නතර වෙන්නේ නෑනේ..

    ඔය නට් එකක් පැන්නා කියලා මැෂිමක් නතර වෙන්නේ නෑනේ..

    එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    “ඉස්සරහට අපි ඔක්කෝම අත්වැලි බැඳගෙන එක පවුලක් ලෙස ඉදිරියට යනවා. මේක දකින්න ඇතැම් විට ආණ්ඩු පක්ෂය අකමැතියි. නමුත් ඒ අකමැත්ත තමයි අපි කැමැත්තක් කරගෙන යන්නේ. එක්සත් ජාතික පක්ෂය හා පෙරමුණ ජයග්‍රහණය කරවන්න ගතයුතු තීරණ අපි ගන්නවා. පොඩි නට් එකක් එහෙ මෙහෙ පැන්නට ඒකෙන් මුළු මැෂිමක් නතර වෙන්නේ නෑ. අපිට මේක හදලා ගන්න අවස්ථාව දෙන්න.”

  • චම්පික පිටකෝට්ටේ නිවසක මන්ද බුද්ධික දරුවෙක් අපයෝජනය කරලා

    චම්පික පිටකෝට්ටේ නිවසක මන්ද බුද්ධික දරුවෙක් අපයෝජනය කරලා

    ගල් අගුරු මගඩිය ගැන පුවතක් පල කිරීම ගැන උරන වූ චම්පික ‘මව්බිම’ පුවත්පතට එරෙහිව කෝටි 150ක් ඉල්ලා අපහාස නඩු වක් දැම්මේය. නඩුව විභාග කිරීමට චම්පිකත් උසාවියට ගෙන්වූයේය . ‘‘ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද’’ විත්තියේ නීතිඥයන් චම්පික ගෙන් ප්‍රශ්න කලේය. චම්පිකගේ රෙදි ගැලවෙන විට ඔහුම  නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

    නලින් සිල්වාගේ සිංහල ජාතික බලවේගයෙන් වෙන් වීමත් සමග  චම්පිකට උන් හිටි තැන් අහිමි විය . අතන මෙතන රතන මෙන්ම චම්පිකද  අනාථය . අනාථ වූ ඔවුන් ඇති හැකි තැනකින් දීගයක් කරගෙන ගොඩ යාමට සැලසුම් කළේය . චමිපික බූදලයකට හිමිකම් කියූ දැරිවියකට කොක්ක ගැසුවේය . 2019 ඔක් 18 බො‍රැල්ල කැම්බල් පිටියේදී මගුල සිදු විය.කැම්බල් පිටියට මිනිසුන් 500ක් ගෙන්වීමට චම්පික අසමත් විය. සිරිකොත නිවසේ සජිතා චම්පිකගේ අතගත් මනාළිය විය

    චම්පික – සජිතා දීගය කූට සැලසුමකි. චම්පික සහේට ගත් සජිතා විශේෂ අවශ්‍යතා ඇති අයෙකු විය. මන්ද බුද්ධික තැනැත්තියකි . නමුත් පියාගෙන් හිමිවූ විශාල දේපලක් ඇයට විය. චම්පික සිරිකොත නිවසේ වූ මන්ද බුද්ධික සජිතාට බැල්ම දැම්මේ එහෙයිනි. ටොපි ,ලොසින්ජර පෙන්වා ඇයව රවටා ගත්තේය. පියාගේ බූදලය අත්පත් කරගැනීමට චම්පික මන්ද බුද්ධික දැරිය හා විවාහ විය.

    චම්පිකගේ පැටිකිරිය සිරිකොත නිවසේ මන්ද බුද්ධික දැරිය රවටා ගැනීමට ලඝු කළ නොහැක. 2015 බලයට පැමිනි සිරිසේන   ප්‍රාණ ඇපයට ගැනීමට චම්පික සැලසුම් කළේය. නූගත් සිරිසේනයා තමාට අවශ්‍ය පරිදි නැටවිය හැකි යයි චම්පික සිතුවේය.  සිරිසේන සමග එක්ව එජාපය විනාශ කිරීමට එදා චම්පික  සැලසුම් කළේය. එජාපය සහ රාජපක්ෂ යන බල කඳවුරු දෙකම විනාශ  කොට ශ්‍රීලනිප- ජාහෙඋ  අලුත් සංධානයක් හැදීමට වලි කෑවේය. අනතුරුව නූගත් සිරිසේනද  පන්නා සමස්ථ  බලවේගය  අත්පත් කරගැනීම  චම්පිකගේ සැලසුම විය.

    නූගත් සිරිසේනයා චම්පිකගේ උගුලෙන් ගැලවී ගියේය . නමුත් සිරිකොත නිවසේ   මන්ද බුද්ධික සජිතා චම්පිකගේ උගුලට හසු විය. මේ අවස්ථාවේදී සිරිකොත නිවසේ භාරකාරයන් තුන් කල් නුවනින් වැඩ කළ යුතුය. මන්ද බුද්ධික දැරිය පැහැර ගත්  වල් කුපාඩියාගේ තර්ජන වලට  ඔවුන් යට නොවිය යුතුය.

    වල් කුපාඩියා සමග පැනගිය මන්ද බුද්ධික සජිතා කියන කථාද සීරියස් ගත යුතු නැත. සිරිකොත නිවසේ බූදලය මන්ද බුද්ධික සජිතාට පවරා දුන් හොත් සිදු වන්නේ මහා විනාශයකි. වල් කුපාඩියා දඟ දමන්නේ සිරිකොත නිවස ‍රැකීමටවත් පැහැරගත්  දැරිය ‍රැකීමටවත් නොව බූදලය  කොල්ල කෑමට බව සිහි තබා ගත යුතුය.

  • රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

    රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සක්‍රීය ව භාවිතා කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළේය.

    අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේa ද යන්න විමර්ශනයක් කරන බවයි.

    ඔහු අද දහවල් 12ට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ගියේය.

    ඒ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118ට අදාල නීති කෘත්‍යය අද යළි කැදවූ අවස්ථාවට ඉදිරිපත් කිරීම සදහායි.

    කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

    එමෙන්ම මන්ත්‍රීවරයාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118 සම්බන්ධ රස පරික්ෂක වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බව එහි නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

    කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ, රස පරීක්ෂක වාර්තාවට අනුව, ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවටත් ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වූ බවටත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බවයි.

    ඒ අනුව අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේ ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව එම නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේය.

    ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා ඇති නිසා ගිනි අවිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙසයි.

    විත්තියේ නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන සිය සේවා දායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හැරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පැවසුවේ සැකකරු දුරකථන සංවාද පටිගත කර ඇත්තේ මෙම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වනතෙක් එය මුදාහැරීමට නොහැකි බවයි.

    තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් ඔහුගේ සියලු දුරකථන දත්තයන් සහ දුරකථන සම්බන්ධතා පොලිස් භාරයේ ඇති දුරකතනයේ අඩංගු සිම් කාඩ් පතෙහි අන්තර්ගත වන බැවින් එම සිම් කාඩ්පත් අංකය ට සමාන සිම් පතක් ගැනීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යළි අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

    ඒ පිළිබඳව නීතිපති උපදෙස් ගෙන අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නඩුව ලබන 12 වැනිදාට යළි කැදවීමට නියෝග කළේය.

    අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව අද දින පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සදහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ අතර එහිදී ඔහු කෝප් කමිටු රැස්වීමට ද සහභාගි විය.

  • කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

    කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

    “වැඩ කරන රටක්” යන තේමාවෙන් යුතුව බලයට පැමිණි වත්මන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම වැඩ කරන ඇමතිවරුන් කීයෙන් කීදෙනෙක් සිටිවාදැ’යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා .. එකට කඩා පැන සෙව්වාක් මෙන් සෙවිය යුතුයැ’යි අපි සිතමු. ජනාධිපතිවරයාට රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය වුවද ඔහු පත් කළ, ඔහු අතින් පත්වීම පනස් ගානක ඇමති මණ්ඩලයෙන් කීයෙන් කීදෙනෙකුට එය අවශ්‍යදැ’යි ඔහුම සොයා බැලිය යුතු කාලය එළෙඹ ඇත. අගමැති මහින්ද සහ කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හැරුනුකොට අනෙක් කිසිඳු කැබිනට් අමාත්‍යවරයෙකු තමා යටතේ ඇති බලතල, වගකීම් සහ ආයතනවල නිසි පරිදි රාජ්‍ය අමාත්‍යවරුන්ට බෙදා දීඉ නොමැත.

    එවැනි තත්වයක් තුළ රජයේම ඇමතිවරුන් කන්කෙදිරිගාමින් කල් මරද්දී, තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පසුගිය සෙනසුරාදා තම ආයතන ප්‍රධානීන් සමඟ එක්ව සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු සිදුකළ ඇතිබවට තොරතුරු වාර්තාවේ.

    ජනාධිපතිවරයා අනුව යමින් වත්මන් රජයේ ඇමතිවරුන්ගෙන් අතලොස්සක් මෙසේ වැඩ කරද්දී බහුතරයක් සිදුකරන්නේ වැඩ වෙනුවට මඩ ගැසීමට තම කාලය විඩඟු කිරීම බව රජයේ සහ රජයට අනුබද්ධ පෞද්ගලික මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශයන් බලද්දී පෙනීයයි.

  • ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි.

    දේශපාලනිකව පළිගැනීමේ අභිලාෂයෙන් අවසන් කළ නඩු යළි කැඳවමින්, වැල කතා, බඩු කතා ඇති සීඩී පට සොයමින්, මාධ්‍ය හමුවක් කිරීමට අවශ්‍ය අයට ඉඩ පහසුකම් සැපයීම වරදක් බව පෙන්වමින් චෝදනා නැති කමට පිදුරු ගසෙත් එල්ලී අත් අඩංගුවට ගෙන නඩු දමන ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවේ දඩයම් නාටකය මේ වන විට විකට නාටකයක් බවට පත්ව ඇත. එය සක්සුදක් සේ පැහැදිලි වූයේ කිසිඳු අල්ලස්, දූෂණ චෝදනාවක් අහලකවත් නැති රන්ජන් වැන්නෙකුට රජයෙන්ම ලබාදුන් නීත්‍යානුකූල ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇතැයි පවසමින් සිදුකළ අත් අඩංගුවට ගැනීමත් සමඟය. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට පැය 24ක් යන්නත් මත්තෙන් ඇප නියම විය.

    ජනාධිපතිවරණය පෙර වැඩ කරන විරුවා යැයි පැවසූ ගෝඨාභය මේ වන විට දඩයම් කරන විරුවෙකු බවට පත්වෙමින් සිටී. තමාට එරෙහි රටේ ප්‍රබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් අඩංගුවට පත්වෙද්දී ජනාධිපතිවරයා වශයෙන් ඒවා ඔහුගේ අනුදැනුමකින් තොරව වූවා යැ’යි පවසමින් කෙසේ නම් අත්මිදෙන්නද..?

    ගෙවී ගිය දින 50 තුළ ගෝඨාගේ දඩයම් ආණ්ඩුව කිසිඳු සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකළ අතර සිදුකළේ දේශපාලන දඩයම් වලින් මාධ්‍යවල ශීර්ෂපාඨ පිරවීම පමණක් වන අතර මේ වන විට එම නාටකවලට හඬපටද එක් කිරීමට පටන් ගෙන ඇත.

  • වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

    වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. අද(04) එහි වාර්තාවන අලුත්ම ගොඳුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකය.

    මේ සම්බන්ධයෙන් වන තොරතුරුවල සදහන් වන්නේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසි කළ අවස්ථාවේ එහි තිබූ බලපත්‍ර නොමැති නයින් එම්ගඑම්ග වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 118ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් CD හා DVD තැටි කීපයක් හමුවී ඇති බවයි.

    මෙම පිස්තෝලය රංජන් රාමනායක මහතා වෙත රජයෙන් නිකුත් කර තිබූ එකක් වුවද 2016 වර්ෂයේදී එහි බලපත්‍ර අහෝසි වී ඇතැයි පොලීසිය සදහන් කළා.

    බලපත්‍රයක් නොමැතිව එම ගිනිඅවිය හා උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒවා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරනවා.

    සැකපිට අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට රැුගෙන ගොස් ඇති බවත් ඔහු හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

    මේ අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද පෙරවරුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරය‍ාගේ මන්ත‍්‍රී නිල නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියනවා. රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කරන ලද බවයි පොලිසිය සදහන් කළේ.

    මීට පෙර 2016 දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ද ‘සුදුවෑන්’ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද අත්අඩංගුවට ගත්තා.

  • බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

    බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

    රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා.

    “කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් චූදිතයන් කවුරුන්ද යන්න එමගින් දැනගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම කෝප් කමිටු සභාපති ධූරයට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත පත් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔහු කෝප් කමිටුව තුල ස්වාධීනව පරීක්ෂණ කටයුතු මෙහෙයවන්න ඔහු විශාල දායකත්වයක් දැක්වූවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ අදහස් පලකලේ අද අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

    https://www.facebook.com/NewsfirstSL/videos/1254332058101020/
  • මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

    මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

    පසුගිය කාලයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ මැර භික්ෂු නිකායේ එක් පාර්ශ්වයක ප්‍රධානයෙක් වන අම්පිටියේ සුමන නම් හිමිනම විසින් වෙනත් ආගමක පුද්ගලයෙකුට පහර දෙමින් අඩන්තේට්ටම් කරන වීඩියෝවක් නිකුත් කර තිබේ. නීතිය අතට ගැනීමේ මැර භික්ෂු සම්ප්‍රදාය දැන් පටිගත කර සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට නිර්භීත වන තරමට ඉතිර පැතිර තිබේ. අප ජීවත් වන්නේ ලිඛිත ව්‍යවස්ථාවකින් සම්පාදනය කළ නීති ක්‍රියාත්මක කෙරෙන ශිෂ්ට සමාජයක දැ යි දෙවරක් සිතා බැලීමට සිදු වන තත්වයක් උද්ගත වී තිබේ. මේ පොළා පනිමින් තිබෙන්නේ පසුගිය කාලය පුරා කිසිදු නීතියකින්-රීතියකින් තොරව ඔජ වැඩූ සිංහල බෞද්ධ අන්තවාදයේ කූටප්‍රාප්තිය යි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වන්නේ නම් ප්‍රචණ්ඩ බෞද්ධත්වය කරළිගත වනු ඇතැ යි සමහර දෙනා කළ ප්‍රකාශයන් ඉතා ඉක්මනින් සත්‍යය බවට පත් වෙන ලකුණු දකින්නට තිබේ. එහි අලුත් ම ලකුණ ලෙස අසන්නට ලැබෙන්නේ ගේට්ටු ඇණයේ සිට අභ්‍යවකාශ විද්‍යාව දක්වා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තබා සිය අදහස පළ කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමිනමට සංස්කෘතික අධ්‍යක්ෂ ධුරයක් ලබා දීම යි. පසුගිය රාජපක්ෂ රජය සමයේ ද විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ පැවැති නිවාස අමාත්‍යංශයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් මෙකී හිමියන්ට චෝදනා එල්ල වූවා පමණක් නොව ඔහු නායකත්වය දුන් සංවිධානය ද ගිණිය හැක්කේ අන්තවාදී ආගමික සංවිධානයක් ලෙස ය.

    දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් උක්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලියූ කෘතියක් මැදගොඩ අභයතිස්ස හිමිනමගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඒ මැදිහත් වීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමාජ ජාල පරිශීලකයන් අතින් විවේචනයට ද ලක් විය. පුරවැසියන්ගේ ලෞකික ජීවිතයේ සකලාංශයන්ට ආගමික සංස්ථාවේ නොමනා මැදිහත්වීම් සම්බන්ධයෙන් අප මෙයට කලින් ද බහුල වශයෙන් ලියා තිබේ. ඕනෑම ආගමික සංස්ථාවක් රටෙහි මූලික නීතියට ගරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරෙන් පැවතිය යුතු ය. කවරෙක් හෝ සිය ආගමික සංස්ථාවේ මූලික නියාමයන් පවා උල්ලංඝනය කරමින් හැසිරෙන්නේ නම් එය ආගමික වශයෙන් විසඳා ගැනීම ඔවුන්ට බාර දිය යුතු ය. එසේ ම කවර හෝ ආගමික සංස්ථාවකින් රටේ මූලික නීතිය උල්ලංඝනය වන්නේ නම්, ලංකාව ශිෂ්ට රටක් නම් සිදු විය යුත්තේ වෙනස් ආකාරයකින් සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එය මිනිසුන්ට තුච්ඡ ලෙස පහර දෙන මහණුන්ට සේ ම ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරු පැදි ධාවනය කරන පූජයකයන්ට ද එකසේ බලපැවැත්වෙන එකක් විය යුතු ය. කවර හෝ ආගමික සංස්ථාවකට තමන්ට අසාධාරණයක් වනනේ යැ යි හැඟෙන්නේ නම් බාහු බලය යෙදවිම නොව කළ යුත්තේ නීතියේ පිහිට පැතීම යි.

    පළමු නිදහස් උළෙලේ ද ද්විභාෂාවෙන් ගායනය වූ ජාතික ගීය මෙවර සිංහලෙන් පමණක් ගැයෙන බවක් අසන්නට තිබේ. ඒ අවුඅස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේ ද පෙර සඳහන් කළ ආකාරයේ සිදුවීම් ය. සිදුවීම් දිගින් දිගට ම සිදුවෙන්නේ මෙලෙස නම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත් කළ පුරෝකථන ඉතා ඉක්මනින් යථාර්ථයක් වනු දකිත හැකි ය.

    සඳුන් ප්‍රියංකර විතානගේ

  • හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි

    හැංඟි හොරා වැඩ නැති රන්ජන් ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් දමයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා.

    ඒ නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වීමේ අභිප්‍රායෙන්.

    මේ වන විට උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් වී ඇති අතර ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ප්‍රතිපල ලේඛණය සඳහන් කර තිබෙනවා.

    එම ප්‍රතිපල ලේඛණය පහත දැක්වේ

  • හිටපු ඇමති දොස්තර රාජිතට ලෙඩෙන් ගොඩයන්න බැරිවෙයි..

    හිටපු ඇමති දොස්තර රාජිතට ලෙඩෙන් ගොඩයන්න බැරිවෙයි..

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(27) දවහල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණි.

  • බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    අමු ගොබ්බ වැඩ.බුදු ස’ ඇති ඔය..?

    සිස්ටම් හදන්නලු.
    එන අයට නම්බර් එකක් දෙන්නලු.
    වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.
    හුම්…

    ස,

    ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ.

    ඕක කරන්න ඕන ස මෙහෙමයි,

    හැම ප්‍රා.ලේ එකකම තියෙනවා රථවාහන අංශයක්.
    ආන්න ඒක දියුනු කරන්න.

    යාපනේ කන්දප්පන්,කරුපයියගෙ ඉදල දකුනෙ කිරින්දෙ අප්පුහාමිත්,උඩටට මැනිකෙල,නිලමෙල හැම එකාම ඔතනට එන්න ඕන වැඩක් කරගන්න ඕන උනාම.

    යාපනේ මිනිස්සු ඊට කලින් දවසෙ ඇවිල්ල කොලඹ කාමරයක් අරන් නැවතිල,පහුදා ඔය කාර්‍යාලයට එන්නෙ වැඩක් කරගන්න. උන් යුද්ධ ප්‍රකාශ නොකර හිටීද?

    හැම ප්‍රාලේ එකකම තියෙන රථවාහන අංශ network කරන්න. VPN එකක් හදල සේර්ම data ශනිකව HO එකේ තියෙන ස ඉගෙන ගත්ත oracle database එකක store වෙන විදියට system එක හදන්න.
    එතකොට මිනිස්සු ඔතනට ඇව්ල්ල රස්තියයාදු ගහන්නෙ නෑ. ප්‍රා.ලේ එකෙන් වැඩ ටික කරන් ගෙදර යන්න පුලුවන්.

    වියත් මගේ උන්ට බැරිනම් අපිට කියන්න. අපි වැඩේ කරල දෙන්නම්.
    මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. ස’ ට අවුලක් නැති උනාට වියත්අග ගැන ,ස ගේ පරිඝනක හැකියාව ගැන පාරම් බාබු අපේ පොහොට්ටු මිතුරන්ට අවුල්.
    -චතුර නිලංගගේ ෆේස්බුක් පිටුවෙන්-

    ඉස්මාට් ගව රන්ස් 🧠🧠🧠

    හාල් ගණන් ගියාම ගබඩාවලට නොයා මාකට් යනවා. ලයිසන් පරක්කුවට සිස්ටම් එක හදන්න කොමසාරිස්ට කතා නොකර ලයිසන් ඉෂු කරන කවුන්ටරේට කියනවා..!

    උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    -සඳුන් ප්‍රියංකරගේ ෆේස්බුක් පිටුවෙන්-

    https://youtu.be/nRRBJomjl1Y?t=5