Author: Editor

  • වික්ටර් රත්නායක පරණ මතක අලුත් කරයි..! නොදත් කතාව මෙන්න…

    පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී අමිත්ත වීරසිංහ ලියු නවතම කෘතිය වන සංග්‍රාමයේ යාත්‍රිකයා කෘතිය ජනගත කළා. එම අවස්ථාවට පැමිණ සිටි වික්ටර් රත්නායක මහතා බොහෝ කලකට පසුව සිය අතීතයේ කතාවක් ගැන පැමිණ සිටි අය සමඟින් බෙදාගත්තා. එම වීඩියෝව පහතින් බලන්න.

    [rns_reactions]

  • ප්‍රේක්ෂකයන් පුබුදමින් අවසන් මොහොතේ දිල්ලි කණ්ඩායමට තියුණු ජයක්….

    අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දිල්ලීහිදී පැවැති  රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සහ දිල්ලි ඩෙයාර්දිවල්ස් අතර තරඟයේදී පුනේ කණ්ඩායමට   එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඊයේ  (12 වැනිදා) සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි.
    මනෝජ් තිවාරී විසින් ජයග්‍රහණය සදහා කණ්ඩායම රැගෙන යාමට දැඩි වෙහෙසක් දැරුවද අවසන් මොහොතේ බලාපොරොත්තු සුන්කර ගැනිමට ඔහුට සහ පුනේ කණ්ඩායමට    සිදුවිය. පන්දු 45 කට මුහුණදුන් මනෝජ් තිවාරී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත්විය.
    සිවුවැනි කඩුල්ල සදහා පන්දු 39 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මනෝජ් තිවාරී සහ බෙන් ස්ටෝක්ස් සමත්වූ අතර ස්ටොක් ලකුණු  33 ක් සහ නායක ස්මිත් ලකුණු 38 ක් ලබා ගැනීමට සමත් විය.

    සහීර් ඛාන් සහ මොහොමඞ් ශාමී කඩුලු දෙක බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවි ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය.
    පළමු කඩුලු දෙක ලකුණු 9 ක් තුළ දැවීඇති විටකදී තෙවන  කඩුල්ල සදහා පන්දු 40 කදී ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කරුන් නායර් සහ රිෂාබ් පාන්ට් සමත්වූහ.
    කරුන් නායර් පන්දු 45 කට මුහුණදෙමින් ලකුණු 64 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර නවයක් ඇතුළත් විය.පාන්ට් පන්දු 22 තුල ලකුණු 36 ක් ලබාගත් අතර පසුගිය තරඟයේ කඩුලු 5ක් දවා ගත් උන්දකාඩ්   සහ බෙන් ස්ටෝක්ස් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

    [rns_reactions]

  • දන්සලක් පැවැත්වූ ව්‍යාපාරිකයාට පිරිසක් පිහි කඩු වලින් කපා දමා ගාතනය කරලා…

    වැලිගම පාතේගම බුදු පිළිමයක්‌ අසලදී 11 දින රාත්‍රි දන්සලක්‌ පවත්වා බඩු අස්‌කරමින් සිටි ව්‍යාපාරිකයකු වෙත පැමිණි පිරිසක්‌ විසින් පිහි සහ කඩුවකින් පහර දීම නිසා බරපතළ තුවාල ලැබූ එම ව්‍යාපාරිකයා මියගොස්‌ ඇත.

    මෙසේ මරණයට පත්වී ඇත්තේ පාතේගම විඡේසේකර ගමාච්චිගේ සුසන්ත (35) නම් අයෙකි.

    මෙම ව්‍යාපාරිකයා වෙසක්‌ පොහොය නිමිත්තෙන් තවත් කීප දෙනකු සමඟ දන්සලක්‌ පවත්වා ඇති අතර සිද්ධිය වූ දින රාත්‍රි දන්සල් බඩු අස්‌කරමින් සිටින අවස්‌ථාවේදී පහරදීම සිදු වී තිබේ.

    මේ සම්බන්ධයෙන් මරණකරුගේ පියා විසින් වැලිගම පොලිසියට පැමිණිලි කොට ඇත.

    මරණකරු පිහි පහර කා ගෙන දුවද්දී පසු පසින් ගොස්‌ කඩුවකින්ද පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    අනතුරුව මෙම ව්‍යාපාරිකයා මාතර රෝහලට වෙත රැගෙන යද්දී මියගොස්‌ තිබේ. අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

    [rns_reactions]

  • මේ විදියට ඔම්ලට් හදාගන්නවානම් වෙන මොකුත් ඕනෙම නෑ….

    මසක් මාළුවක් නැති වෙලාවක ඉතින් බත් එකේ අඩුව පුරවන්න අපි කාටත් මතක් වෙන්නෙ බිත්තරයක් තමා. එහෙම කන වෙලාවක ඉතින් නිකම්ම බිත්තරේ තම්බල බැදල ගන්නවට වඩා ඔම්ලට් එකක් හදාගත්තම රස ඉහලයි. බත් කන්න විතරක් නෙවෙයිනෙ ඉතින් පාන් කන්න, නිකම්ම කන්න සහ හීනියට සෙට් වෙන වෙලාවක අඩු වෙලාවකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස කෑමක් තමා ඔම්ලට් කියන්නෙ.

    ලූණු අමු මිරිස් කපල දාල හැමදාම ඔම්ලට් කන එකේ වෙනස් විදියට ඔම්ලට් ටිකක් හදාගන්න හැටි ඔයාලට ගේන්න අපි හිතුව. හදලම බලන්නකො මේවගෙ රස.

     

    1. Country Omelette
    Omelette Recipes

    Source – mrbreakfast.com

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 6ක්
    2. කිරි කප් 1\3
    3. ෆිශ් සෝස් හෝ වූශ්ටශයර් සෝස් තේ හැඳි 1\4ක්
    4. කැමති චීස් වර්ගයක් කප් 1\4
    5. සිහින්ව කපාගත් ලූනු කොල මේස හැඳි 2
    6. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු

     

    • බිත්තර ටික බෝල් එකකට දමා මදක් බීට් කරගන්න. එයට කිරි, සෝස්, ලුණු සහ ගම්මිරිස් එක් කරගන්න.
    • පෑන් එකක බටර් ටිකක් රත් වෙන්න හැර ඒකට බිත්තර මිශ්‍රණය දමාගන්න. ඔම්ලට් එක පිසීගෙන එන විට ලූනු කොල සහ චීස් ටික උඩින් දමා දෙකට නවාගන්න. මැද චීස් ටික උණු වන තුරු අඩු ගින්දරේ පිසගන්න.

     

    2. Spanish Potato Omelette
    Omelette Recipes

    අවශ්‍ය ද්‍රව්‍ය

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. සිහින්ව පෙති කපාගත් අල ගෙඩි 2ක්
    2. බිත්තර 4ක්
    3. රස අනුව ලුණු , ගම්මිරිස්
    4. ඇට ඉවත් කර චොප් කරගත් තක්කලි ගෙඩියක්
    5. සිහින්ව කපාගත් ලූනු කොල ටිකක්සිහින්ව පෙති කපාගත් ලූනු ගෙඩියක්
    6. තෙල් මේස හැඳි 4ක්

     

    • තෙල් ටික රත් වෙන්න හැර අල පෙති ඒ මතින් තබා ලුනු සහ ගම්මිරිස් ඉස අල රන්වන් පැහැ වන තුරු දෙපැත්තම බැදගන්න. අල බැදුනු පසු එයට ලූනු එක් කර ලූනු ටිකත් රන්වන් පැහැ වෙන තුරු අඩු ගින්දරේ බැදගන්න.
    • බිත්තර වලට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර බීට් කරගෙන එය පෑන් එක මත ඇති අල සහ ලූනු මිශ්‍රණයට එක් කරගන්න. එයට උඩින් තක්කලි සහ ලූනු කොල ටික දමාගන්න.
    • ඔම්ලට් එකේ යට කොටස පිසුනු පසු ප්‍රවේසමෙන් අනිත් පැත්ත හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.

     

    3. Neapolitan Omelette
    Omelette Recipes

    Source – mrbreakfast.com

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. තම්බාගත් ස්පැගටි හෝ නූඩ්ල්ස් කප් 1
    2. තක්කලි සෝස් මේස හැඳි 2
    3. බිත්තර 2ක්
    4. චොප් කරගත් පාස්ලි මේස හැන්දක්
    5. ගාගත් මොසරැල්ලා චීස් මේස හැඳි 2ක්
    6. ලුණු, ගම්මිරිස් ස්වල්පයක්
    7. ඔලිව් තෙල් මේස හැන්දක්

     

    • රත් කරගත් පෑන් එකට ඔලිව් තෙල් දමාගන්න. අනෙක් සියල්ල හොඳින් මිශ්‍ර කර රත් වූ පෑන් එකට දමාගන්න. අඩු ගින්දරේ පියනකින් වසා පිසගෙන අනෙක් පස හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.

     

    4. Denver Omelette
    Omelette Recipes

    Source – taste.com.au

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 4ක්
    2. චොප් කරගත් ලූනු කප් 1
    3. චොප් කරගත් කොලපාට,රතු පාට බෙල් පෙපර් කප් 1
    4. පිස ගත් හැම් පෙති 2ක්
    5. පිස කැබලි කඩාගත් බේකන්
    6. බටර්
    7. රස අනුව ලුණු, ගම්මිරිස්
    8. චීස් ස්ලයිස් 2ක්

     

    • බටර් ටික රත් වෙන්න හැර එයට ලූනු සහ බෙල් පෙපර් එක් කර මදක් පිසගන්න. එයට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කරගන්න.
    • වෙනම බඳුනක බිත්තර ටික තරමක් බීට් කරගන්න. එය ලූනු සහ බෙල් පෙප්‍ර මිශ්‍රණයට උඩින් වත් කරගන්න. පියනකින් වසා ඔම්ලට් එක පිස ගෙන උඩින් බේකන් දමා එයට උඩින් චීස් සහ හැම් අතුරා ඔම්ලට් එක දෙකට නවා මද වෙලාවක් පිසගන්න.

     

    5. Spinach and Mushroom Omelette
    Omelette Recipes

    Source – closetcooking.com

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 1ක්
    2. සුදු මද 3ක්
    3. කපාගත් චෙඩාර් චීස් මේස හැන්දක්
    4. කපාගත් හතු කප් 1\2ක්
    5. කොටු කපාගත් ලූනු කප් 1\4
    6. කපාගත් නිවිති කොල කප් 1ක්
    7. කොටු කපාගත් තක්කලි
    8. කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු රස අනුව

     

    • බිත්තරය සහ සුදු මදය බෝල් එකක දමා බීට් කරගන්න. චීස්, ලුණු, කෑලි මිරිස් සහ ගම්මිරිස් එයටම එකතු කරගන්න.
    • තෙල් ටිකක් පෑන් එකේ රත් වෙන්න තබා එයට ලූනු සහ හතු එක් කර මද වෙලාවක් තෙම්පරාදු කරගන්න.
    • එයට නිවිති ටික එක් කර කොල ටික යන්තම් මැල වෙද්දි තක්කලි  එකතු කරගෙන මිශ්‍රණය පෑන් එක පුරා විහිඳුවා බිත්තර එයට උඩින් දමාගන්න. තරමක් අඩු ගින්දරේ පිසගන්න.
    • [rns_reactions]
  • "අන්තිමේදී රන්ජන් රාමනායකත් හොරකම් කරලා" නැගෙන චෝදනාවට රංජන්ගෙන් අවංකවම පිළිතුරක්

    SLVLOG තුලින් රන්ජන් රාමනායක මහතා “අන්තිමේදී රන්ජන් රාමනායකත් හොරකම් කරලා” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්  නිකුත් කර තිබෙනවා. එම වීඩියෝවේ සඳහන් කරුණු කාරණාවලට රංජන් මහතා අවංක පිළිතුරක් ලබා දී තිබෙනවා. 

    එම වීඩියෝව පහතින් නරබන්න….

    අනෙකුත් දේශපාලකයන් තමන්ට චෝදනාවක් නැගෙන විට එම චෝදනාවෙන් නිදොස් වීම සඳහා දස අතේ බොරු ටොන් ගණන් කිසිම ලැජ්ජාවකින් තොරව  කියන අපුරුව  අප හොදින් දැක ඇත.  නමුත් රංජන් මහතා තම facebook පිටුව හරහා එහි සත්‍ය සිද්දිය කුමක් දැයි අවංකව ප්‍රකාශ කර ඇත..

    උපුටා ගැනීම…

    “ස්වභාවධර්මයට බොරු කළ නොහැක

    රන්ජන් රාමනායක වාහන හොරකමක නියැළුණු බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට ලබාදෙන පුද්ගලික මන්ත්‍රී වාහන බලපත්‍රය මා ලබාගැනීමයි ගැනයි මෙලස විවේචනයට ලක්ව තිබෙන්නේ.

    මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා බලපත්‍ර ලබාගැනීමේදී විවේචනය නොවීමත් මා බලපත්‍රය ලබාගැනීමේදී විවේචනයට ලක්වීම ගැනත් මට ඇත්තේ සතුටකි.

    සැප වාහන පිස්සුවක් මට නැති නිසා මගේ බලපත්‍රයට ලබාගත් වාහනය භාවිතයට නොගෙන එයින් ලැබෙන මුදල මම ජනතා සේවයට යොදා ඇත්තෙමි. එයන් කිසිදු සතයක් මට සැප පහසු ජිවිතයක් ගත කිරීමට මම වියදම් කර නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එලෙස මම සතයක් හෝ ලබාගෙන ඇත්නම් මටම මම හෙණ වදින ලෙස ප්‍රර්ථනා කරමි. මම අදටත් ජිවත් වන්නේ කුලී නිවසක බවත් මේ ලෝකයේ මට කිසිදු පර්චසයක් වත් නොමැතිබව මා ගැන දන්නා සියල්ලන්ම දනී. මම හැමදාව කියන්නාසේ යානා වාහන මිල මුදල් රැස්කිරීම මගේ ජිවිතේ අරමුණ වුයේ නම් මම පොඩි නිවසක ජිවත්වි පරණ වාහන පාවිච්චිකරමින් ජීවත්වන්නේ නැත.

    මම බහුතරයක් දේශපාලකයන් මෙන් හොරකම් කර නැත, කොමිස් ගන්නේ නැත. ව්‍යාපාරිකයන්ගෙ ඕනෑම එපාකම් ඉටු කර මුදල් ලබාගෙන නැත, පස් හොරුන් වෙනුවෙන් පෙනී සිට නැත, ඇමති වාහන අරන් නැත, ඇමති නිල නිවාස අරන් නැත.

    මා විවේචනය කරන ඇතැම් අය මගෙන් බලාපොරොත්තු වන්නේ ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කරන රන්ජන් මෙයද ප්‍රතික්ෂේප කළ යුතු බවයි. නමුත් මගේ සහ මගේ කාර්ය මණ්ඩලයේ තීරණය වුයේ මෙම බලපත්‍රය යොදාගෙන ජනතා සේවය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමටයි. සියළු ගණන් හිලව් ඇතිව එය සිදුවේ.

    ඇතැම් මන්ත්‍රීවරුන් කරනවාසේ බලපත්‍රය පසුව ලියාපදිංචිකර ජනතාවගෙන් වසන්කිරීමට මා කටයුතු කළේ නැත. ප්‍රසිද්ධියේ මා එම පැවරීම සිදුකළේ එය නිත්‍යානුකුල බව පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් තහවුරු කරගැනීමෙන් පසුවයි.

    එයින් එකදු සතයක් මගේ පුද්ගලික භාවිතයට මම ගත හොත් මට හෙණ වදින ලෙස මම ම ප්‍රර්ථනාකරමි. මොකද අනිකුත් දේශපාලකයන් මෙන් බොරු කියා මට ඔබෙන් බේරෙන්නට පුළුවන් වුවත් උඩ ඉන්න දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් බේරීමට මට නොහැකි බව මම දනිමි.

    මීට

    රන්ජන්”

    [rns_reactions]

  • අගමැති චීනයට

    චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක්-එකම මාවතක්” මහා සමුළුව සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට(13)  දිනයේ පිටත්ව යෑමට නියමිතය.

    මෙහි පැවැත්වෙන ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට රටවල් 30 ක් නියෝජනය කරමින් නායක නායිකාවෝ සහභාගී වන බව වාර්තා වෙයි.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරඹුණු ‘තීරයක් සහ මාවතක්’ ප්‍රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

    විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂ සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ඩී. එම්. එස්. ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වන බව සඳහන්ය.

    [rns_reactions]

  • විමල්ගේ කීමට කළු කොඩි දැම්මනම් මොදිගෙන් අපට මේ ප්‍රතිලාභ ලැබෙයිද?

    බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් දැනට කි‍්‍රයාත්මක සුව සැරිය 19 90 ගිලන් රථ සේවාව අනෙකුත් පළාත්වලටත් ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

    ඔහු මේ අදහස් පළ කළේ නෝර්වුඞ් කී‍්‍රඩාංගණයේදී වතුකරයේ ජනතාව අද අමතමින්. මෙම ජනහමුවට එක්වීමට පෙර ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා දික්ඔය රෝහල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවටද එක් වුණා. වතුකරයේ ජනතාව අමතමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ ඉන්දීය රජයේ මූලිකත්වයෙන් වතුකරයේ ඉදිවන නිවාස හාරදහසකට අමතරව තවත් නිවාස දස දහසක් ලබාදීමට කටයුතු කරන බවයි. 

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවෙන් පසු දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා මහනුවරට පැමිණියා. 
     [rns_reactions]

  • වෙසක් දිනයේ කොළොන්නාවේ සෝලංගආරච්චිගෙන් අභය දානමය පිංකමක්

    මෙවර වෙසක් පොහෝදින මරණයට කැපවූ ගවයෙක් මරණින් මුදාගෙන අභය දානමය පිංකමක් සිදුකිරීමට කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කටයුතු කිරීම සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක්වී ඇත…

    උපුටාගැනීම ඔහුගේ මුහුණු පොතෙන්…

    https://www.facebook.com/PrasannaSolanga/posts/774187852741256

    https://www.facebook.com/PrasannaSolanga/posts/774246772735364

    [rns_reactions]

  • විෂ සහිත සෙල්ලම් බඩු 'පිළිකා ජනකයක් විය හැකියි' දරුවන් මල් මෙන් රැකගමු..

    කිසිදු ප්‍රමිතියකින් හෝ පාලනයකින් තොරව විෂ සහිත ප්ලාස්ටික් සෙල්ලම් බඩු ශ්‍රී ලංකාවට ගලා එමින් තිබෙන බව පර්යේෂකයන්, පාරිභෝගිකයන් මෙන්ම අපනයනකරුවන්ද පවසති.

    ශ්‍රී ලංකාවේ අපනයන සඳහා විදේශීය රටවල් විවිධාකාර සහතික ඉල්ලා සිටින නමුත් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් එවැනි කිසිදු සහතිකයක් අවශ්‍ය නොවන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් රොහාන් මාසකෝරාළ සඳහන් කළේය.

    “ඒ නිසා කිසිම බාධාවක් නැතිව ඕනම කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන්,” ඔහු පැවසීය.

    එය අනුමත කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ, එවැනි පාලනයක් නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ශරීර සෞඛ්‍යයට අහිතකර දේ ඇතුළු භාණ්ඩ පිළිබඳව නිසි සංඛ්‍යාලේඛන සොයා ගැනීම ඉතා දුෂ්කර බව සඳහන් කළේය.

    ඔවුන් ඒ අදහස් පළ කළේ ස්ටොක්හෝම් සම්මුතිය යටතේ ලෝකයේ තහනම් කරන ලද ඉතා අහිතකර විෂ රසායන දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇතැම් ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල අඩංගුවන බවට රටවල් කිහිපයක් එකතු වී කරන ලද ජාත්‍යන්තර පර්යේෂණයකින් අනාවරණය වීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

    ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධානයක්වන IPEN සහ චෙක් ජනරජයේ පරිසර සංවිධානයක්වන Arnika සමග එක්ව එම පර්යේෂණය පවත්වනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසිනි.

    ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රූබික් කැට කිහිපයක් පර්යේෂකයන් විසින් චෙක් ජනරජයේදී විශ්ලේෂණය කරන ලද අතර, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ ශරීරයට ඉතා අහිතකර OctaBDE සහ DecaBDE යන විෂ රසායන දෙකම එම රූබික් කැටවල අඩංගු බව එහිදී හෙළි වී තිබේ.

    “මෙම රසායනික ද්‍රව්‍ය දෙකම කිසිම ආකාරයකින් සෙල්ලම් බඩුවල තියෙන්න පුළුවන් රසායන ද්‍රව්‍ය නෙවෙයි,” යනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත් විතානගේ සඳහන් කළේ බීබීසී සංදේශයේ අවසාන ගුවන් විදුලි වැඩසටහන සමග අදහස් දක්වමිනි.

    “එම රූබික් කැටවල පිටත ආලේපනය කරලා තියෙන මෙම රසායන නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙන්නට පුළුවනි, විශේෂයෙන්ම මන්ද බුද්ධික දරුවන් බිහිවෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ඒක ස්නායු පද්ධතියට බලපාන්න පුළුවනි.”

    “ඒ නිසා වැඩෙන දරුවන්ට මෙවැනි භාණ්ඩ අල්ලන්න දෙන එක ඉතාම භයානක තත්වයක් කියල අපි විද්‍යාවෙදි හඳුනාගෙන තිබෙනවා.”

    සිය පර්යේෂණය පවත්වනු ලැබුවේ රූබික් කැට සම්බන්ධයෙන් පමණක් බව පවසන හේමන්ත විතානගේ, කිසිදු ප්‍රමිතියකින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොහෝ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල මේ ආකාරයේ විවිධ විෂ රසායන අඩංගුවන බවත් පෙන්වා දෙයි.

    එබැවින් මෙවැනි භාණ්ඩ පිළිබඳව ප්‍රමිතියක් සකස් කොට නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ වගකීම බවත් පරිසරවේදියා අවධාරණය කරයි.

    [rns_reactions]

  • අගමැති මෝදී මුරලි ගැන මොනවද කිව්වේ…

    වතුකරයේ ජනතාව අමතමින් කළ කතාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්ද යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදන් පිළිබඳවද සඳහන් කළේය. ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුරලි පිළිබඳව සඳහන් කරමින් මෝදි පැවැසුවේ,

    “මෑත කාලයේදී ඔබ ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නෙකු බිහි කළා. ඒ මුත්තයියා මුරලිදරන්” යනුවෙනි.

    එක්දින හා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ මුරලිදරන්ය.

    [rns_reactions]
  • මෙට්ටයක් උඩ දිගාවී ප්‍රින්ස් කියන මේ සින්දුව ඇහුවොත් නෙතට කදුලක් උනනවා සත්තයි….

    ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන ඔබට අමුතුවෙන් යමක් කිවයුතුව නැත.

    සැවොම  ඔහුට ඉක්මන් සුව පතමු. මෙට්ටයක් උඩ දිගාවී ප්‍රින්ස් කියන මේ සින්දුව ඇහුවොත් නෙතට කදුලක් උනනවා සත්තයි….

    [rns_reactions]

  • ගේම් එක ප්ලේ කරන්නට යුරේනිට ලැබුන හොදම ඉත්තා කවුද?

    කරට කර තරගයක් දීලා හිරු මෙගා ස්ටාර් ජයග්‍රහණය හිමි කර ගත්තා නේද?

    අම්මේ ඔව්. අති විශාල තියුණු තරගයක් ඒක. අපි දිනුවා.

    තරගාවලිය ආරම්භයේදී හිතුවද මෙහෙම ජයග්‍රහණයක් ලැබෙයි කියලා?

    ටීම් එක මට ලැබෙද්දී මට ලොකු විශ්වාසයක් තිබුණා. රංගනය, ගායනය මේ හැම දේකින්ම දක්ෂයන් පිරිසක් මට ලැබුණා. අපිට වෘත්තීය මට්ටමින් නර්තනයේ යෙදුණු අයෙක්ගෙන් විතරයි පොඩි අඩුවක් තිබුණේ. ඒත් තරුණ ජවයකින් පිරුණු ඊඥචථ එකක් නිසා අපිට දිනන්න පුළුවන් වෙයි කියලා හිතුණා.

    යුරේනි නායිකාවක්. ඉතින් ලොකු වගකීමක් ඔබෙන් ඉටුවුණා කියලා හිතනවාද?

    අනිවාර්යයෙන්ම. මං හිතනවා නායිකාව විදියට මඟපෙන්වීම, වගකීම හරියට මම ඉටු කළා කියලා. ඒත් මං කියන්නම ඕන, මං ඒ අයට ශක්තියක් වුණාට වඩා ඒ අයයි මට ශක්තියක් වුණේ. මුල ඉඳලම අපි හත් දෙනාම මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කළා. මං හිතන්නේ අපි හැමෝගෙම කණ්ඩායම් හැඟීම, මහන්සිය තමයි මේ ජයග්‍රහණයට විශේෂයෙන් හේතු වුණේ.

    සූර්යන්ස්ලාගේ හොඳම ඉත්තා උමාරියා නේද?

    ඇත්තටම ඔව්. ඇය තමයි අපේ තුරුම්පුව. ඇගේ හ¾ඩින් තමයි අපිව ඉදිරියට අරන් ගියේ. උමාරියා අපිට ලොකු ශක්තියක් වුණා. මං ඇයට ස්තූතිවන්ත වෙනවා. ශාක්‍යන්ස්ලාගෙන් අකලංක වගේ අය නර්තනයෙන් අපිට අභියෝග කරද්දී අපිට නැඟිටින්න ශක්තියක් ගෙනාවේ උමාරියා. අවසන් තරගයේදී විතරක් නෙවෙයි මුල ඉඳලම උමාරියා එයාගේ උපරිම දක්ෂතාව පෙන්නුවා.

    ගේම් එක ප්ලේ කරන්න හොඳ ඉත්තෝ ටිකක් හම්බ වුණා කියලද හිතන්නේ?

    එහෙම නම් කියන්න දන්නේ නෑ. අපේ ටීම් එකට වගේම අනික් ටීම්වලත් හැම පැත්තකින්ම දක්ෂ අය හිටියා. අපේ ටීම් එකේ අකිල මල්ලිව ච්චදජඥප කෙනෙක් විදියට මං හඳුනාගෙන හිටියේ නෑ. ඒත් අකිල මල්ලි හොඳ ච්චදජඥප කෙනෙක්. පැතුම් රුක්ෂාන්වත් මං අඳුනාගන්නේ මේ තරගයෙන්. නර්තන ඉදිරිපත් කිරීම් කරන්න මේ දෙන්නම ගොඩක් කැපවීමෙන් පුරුදු වුණා. මට ගොඩක්ම අද වෙන කොට සතුටුයි. මොකද අකිලයි, පැතුමුයි අද හොඳ තැනකට නර්තනයෙන් ඇවිත් ඉන්න නිසා. මං ඒ අයට මගේ හදවතින්ම සුබ පතනවා.

    තරගයේදී ශාක්‍යන්ස්ලා අභියෝගයක් වුණාද?

    ශාක්‍යන්ස්ලාට ප්‍රබලම ප්‍රබල පිරිසක් හිටියේ. ඉතින් ශාක්‍යන්ස්ලා ඉන්න හැම වටයක්ම අපිට සෑහෙන්න තරගයක් වුණා. නර්තනයේදී අති දක්ෂයන් හිටියේ ඔවුන් ළඟ. ඒක අපිට ලොකු අභියෝගයක් වුණා කීවොත් මං හරි.

    කණ්ඩායමක් විදියට වැඩ කරද්දී මත ගැටුම් ඇතිවීම සාමාන්‍යයයි. ඉතින් එහෙම හැලහැප්පීම් සූර්යන්ස් කණ්ඩායමෙත් තිබුණද?

    අනේ ඔව්. අපි සෑහෙන්න බැන ගත්තා. සමහර වෙලාවට කතා නොකරත් හිටියා. නමුත් අපි දන්නවා ඒ හැමදේම අපි කළේ අපේ අන්තිම ජයග්‍රහණය වෙනුවෙන් කියලා. අපි හැමෝටම ඕන වුණේ දිනන්න. ඒ රණ්ඩු සරුවල්වල ප්‍රතිඵලේ තමයි මේ දිනුම. මුල ඉඳලම අපි හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා.

    යුරේනිගේ නායකත්වයට අභියෝගයක් ගෙනාපු නායකයා කවුද?

    අනිත් කණ්ඩායම් හතරේම අය මට ලොකු අභියෝගයක් ගෙනාවා. සුරාජ්, ධනංජය, නිල්මිනී මේ හැමෝම මට විශාල අභියෝගයක් එල්ල කළා. මං ගොඩක් වාසනාවන්ත වුණා. මොකද තරුණ ජවය පිරුණු කණ්ඩායමක් මට හිටියා. අපේ අයගේ හිත් හොඳයි. මනුෂ්‍යත්වය කියන දේ උපරිමයෙන් පිරිච්ච පිරිසක් මට හිටියේ. සූර්යන්ස් දිනුවා නම් ඒකේ ස්තූතිය ලැබෙන්න ඕන අනිත් ඊඥචථ හතරටමයි.

    සූර්යන්ස්ලා එකතු වුණේ තරගෙට විතරද? ඔය බැඳීම ඉදිරියටත් තියෙයිද?

    අපිට අලුත් පවුලක් ලැබුණා. කාර්යබහුලත්වයත් අස්සේ මේ බැඳීම අපි හැමදාම තියාගන්න බලාපොරොත්තු වෙනවා.

    යුරේනිගේ රංගනය දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ ඇයි?

    මං රඟපාන්නේ නැත්තේ නෑ. රඟපානවා. මට හිතට වදින පිටපතක් නම් විතරයි මං ඒක භාරගන්නේ. වෙනස් විදියකට රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙන්නේ අඩුවෙන්. මං දායක වුණු චිත්‍රපටයක් ළඟදීම එනවා. මං හිතනවා මගේ වෙනස් රංගනයක් රසිකයන්ට දකින්න ලැබෙයි කියලා.

    නලිනිකා ලක්ෂාණි

    [rns_reactions]

  • "දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට" දුප්පත් ජනපති කියූ කථාව

    ජනාධිපතිවරයෙක් කිවුවම එක සැරේටම අපිට මැවෙන්නෙ ලොකු මන්දිර වගේ ගෙවල්, යාන වාහන, මහා පිරිවර ඒත් අපි කිවුවොත් පුංචි ගෙයක්, තණකොළ වැවුනු මිදුලක්, පරණ කාර් එකක් වගේ දේවල් ඔයාට මතක් වෙන්නෙ මොකක්ද..? දුප්පත් මනුස්සයෙක්ගෙ ගෙදරක්, එහෙමත් නැත්තම් පිටිසර ගමක තියෙන ගොවිපලක්. මොකද හිතෙන්න. ඔව් මේ පිටිසර ගමක තියෙන පුංචි ගෙදරක් තමයි. ඒත් ඒ ලෝකයේ දුප්පත්ම ජනාධිපතිගෙ.උරුගුවේ රට තමයි හොසේ පාලනය කරන්නෙ.

    හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.හොසේගෙ තරුණ කාලයනම් ඒ තරම් සුන්දර නැහැ. මොකද ඔහු ගරිල්ලා සංවිධානයකට ඇතුල් වෙලා, ඔහුව අත් අඩංගුවට ගන්න ආපු පොලිස් නිළධාරීන් එක්ක දැඩි සටනක නිරත වෙද්දි වෙඩි උණ්ඩ හයක්ම හොසේගෙ ඇඟට ඇතුල් වෙලා තියෙනවා.

    හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.

    බොහොම නිදහසේ ජනතාවත් එක්කම කාලය ගත කරන්න කැමති හොසේ ජනතාවගේ ආදරය දිනා ගන්න ගොඩක් සමත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි හොසේ තමන්ගෙ මාසික වැටුපෙන් 90% ක්ම වෙන් කරන්නෙ ජනතාව වෙනුවෙන්. ඒ කියන්නෙ තමන්ගෙ ප්‍රයෝජනයට තියෙන්නෙ 10% ක් විතරයි.

    .

    ඒ වගේම හොසේ කියපු බොහොම වටින කතාවක් තමයි මේ පහලින් සඳහන් කරලා තියෙන්නෙ. හැමෝම මේ විදියට හිතනවනම් මේ  ලෝකෙ කොච්චර ලස්සන වේවිද..?

    “ම  ගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” 

    [rns_reactions]

     

     

  • නුවර යනවනම් මේ ගැන දැනගෙනම යන්න….

     

    ගොඩක් දෙනෙක් සති අන්තයේ Trip  එහෙම යනවනේ.ඒ යන තැන් අතරින් මහනුවර කියන්නෙත් ගොඩාක් දෙනෙක් යන්න කැමති නගරයක්.හැබැයි කොහෙ ගියත් දැනගෙන යන එක කෝකටත් හොඳයිනේ.ඒ නිසා නුවර යන්න කලින් මේ කරුණු 5 ගැනත් අනිවාර්යෙන්ම දැනගෙන යන්න.එහෙම වුනොත් ලබන පාර කරදරයක් නැතිවම නුවර යන්න පුලුවන්.

    1.රෑට නුවර නයිට් කඩවල් ගොඩාක් අඩුයි.

    light-street-night-town-road
    ඇත්තටම කිවුවොත් රෑ 12 න්පස්සේ නම් නයිට් කඩවල් නැත්තටම නැති තරම්.මොකද නුවර කියන්නේ නිදන නගරයක්.කොහොමත් ඔබටම දැක ගන්න ලැබේවි රෑ 9 න් පස්සේ නුවර බොහොම සාමකාමීව නිදාගන්න හදන අයුරු.මේක ඊයේ පෙරේදා ඉඳලා ඇතිවුන තත්වයක් නෙවෙයි.හැබැයි දළඳා පෙරහැර තියෙන කාලේදිනම් මේ තත්වය සමහරවිට වෙනස් වෙනවා.මහ රෑ වෙනතුරුම නගරය ජනාකීර්ණව පවතින ආකාරය ඔබට එවිට දකින්නට ලැබේවි.ඒ නිසා ඔබ නුවර යනවනම් රෑට ගිහිල්ලා නයිට් කඩ හොයන්න හදන්න එපා.පුලුවන්නම් යන්න කලින්ම ප්ලෑන් කරගෙන යන්න.එහෙම වුනොත් ඔබ අමාරුවේ වැටෙන එකක් නැහැ.


    2.මීටර් ටැක්සි හොයන්න එපා

    taxi
    සමහරු කොළඹ පුරුද්දට නුවර ගිහිල්ලත් මීටර් ටැක්සියක් එනකම් බලාගෙන ඉන්නවා.හැබැයි නුවර නගරයේ තියෙන්නේ බොහොම සීමිත මීටර් ටැක්සි ප්‍රමාණයක්්. ඒ ගාන අතේ ඇගිලි වලින් වුනත් කියන්න පුලුවන්.මේකට එක හේතුවක් තියෙනවා.නුවර නගරයේ තියෙන රථ වාහන සැලැස්මත් එක්ක ගොඩාක් දුරට ත්‍රීවිල් එකක හෝ වෙනයම් ටැක්සියක යන්න තියෙන අවස්ථාව හරි අඩුයි.මෑතක සිට ගොඩක් රජයේ ආයතන පල්ලෙකැලේ ප්‍රදේශයට අරගෙන ගිහිල්ලා තිබෙන නිසා නුවර නගරය තුල රස්තියාදු වෙන්න ඕන කමක් නැහැ.ඒ නිසා “අතදාන්න “බලාගෙන ටැක්සියක් එනකල් ඉන්න එක තේරුමක් නැහැ.සමහරවිට මේ තත්වය තවත් මාස කිහිපයකින් වෙනස් වෙන්නත් ඉඩකඩ තියෙනවා.


    3.වැව රවුමේ ඇවිදින්න යනවනම් කුඩයක් අරගෙන යන්න.

    13
    එහෙම කියන්නේ වහින නිසාවත් ,අවුවේ සැර වැඩි හින්දවත් නෙවෙයි.වැව රවුමේ ගස් උඩ වහලා ඉන්න කපුටෝ නිසා.මොකද ඇවිදින්න තියෙනවනම් අපේ සමහර අයට ආයේ වෙන මුකුත් ඕනේ නැහැනේ.ටියුෂන් යන සිසුන් විතරක් නෙවෙයි,සමහර පෙම්වතුන් පවා වැව රවුමේ සිසිලස විඳ ගන්න ගොඩාක් ප්‍රිය කරනවා.ඒ නිසා අයිස් ක්‍රීම් එකක හරි “පොරි ගොට්ටක”හරි රහ බලන ගමන් වැව රවුමේ ඇවිදින්න උනන්දු වෙනවා.ඒත් පරිස්සමින්..උඩ ඉන්න කපුටෝ ඉන්නේ ඔබ දිහා බලාගෙන..එක්කෝ කුඩයක් ගෙනියන්න.ඒත් නැතිනම් මේ ගැන ටිකක් අවධානයෙන් ඉන්න.


    4.සමහරවිට එකම තැන කැරකෙන්නත් වෙයි.

    confused manකොහේ ගියත් පාරවල් දැනගෙන යන්න ඕනේ.ඒක ඇත්ත.හැබැයි මහනුවරට යද්දි පුලුවන්නම් විශේෂයෙන්ම නුවර නගර සීමාවේ පාරවල් ගැන දැනගෙන යන්න.මොකද එහෙම නැතිවුනොත් මාර්ග සැලසුමත් එක්ක ඔබව අතරමං වෙන්න පුලුවන්.මොකද නුවර නගරය වටේ one way එහෙමත් නැතිනම් එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලසුම් දැනට ක්‍රියාත්මක වන නිසා.ඒත් බයවෙන්න එපා.රථවාහන පොලීසියේ නිලධාරීන් ඔබට සහයෝගය දක්වන්න ඉදිරිපත් වේවි.මැප් එකක් අරගෙනම නුවර ගියොත් මේ වැඩේ ඔබට බොහොම පහසු වේවි.


    5.බස් නැවතුම්පොළවල් 4 ක් තියෙනවා.

    41640684ඒ හින්දා යන්න ඕනේ කොහෙටද ,ඒ බස් එක නතර කරන්නේ කොහෙද කියලා දැනගෙනම යන්න.ගොඩාක් බස් නතර කරන්නේ ප්‍රධාන බස් නැවතුම් පොළේ.ඒ කියන්නේ ‘ගුඩ්ශෙඩ් ‘එකේ.හැබැයි A/C බස් එකක කොළඹ එන්න හිතාගෙන ඉන්නවනම් මාර්කට් එක ගාවට එන්න වෙනවා.මාතලේ,වත්තේගම පැත්තට යනවනම් එතනින් තවත් ඉස්සරහට ඇවිල්ලා Clock ටවර්” එක ගාවටම එන්න වෙනවා.ඔබ යන්නේ පේරාදෙණිය පැත්තෙ නම් “Library ‘ එක කිට්ටුවට යන්න වෙනවා බස් එකක් ගන්න.ඒක නිසා යන තැන මුලින්ම තීරණය කරන්න.ඊට පස්සේ බස් එක නවත්තන තැන හොයාගන්න.
    ඒත් එක්කම අමතක කරන්න එපා.මේ දවස්වල නුවර නගරයේ මාර්ග අලුවැඩියාවන් වෙන නිසා වෙනදට වැඩිය වාහන තද බද ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා.මේ කරුණු ගැන දැනගෙන නුවර ගියොත් ඒ ගමන කරදරයක් නැති බොහොම ප්‍රියජනක ගමනක් වේවි

    [rns_reactions]

  • නිවසකට බෝම්බ ප්‍රහාරයක්…

    මහියංගණය, පූජා නගරයේ දොඩම්ගොල්ල, දොම්වත්ත ප‍්‍රදේශයේ නිවසකට අද අලූයම අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

    අලූයම 1.15 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි  වාර්තාකරු පැවසුවේ. 

    ප‍්‍රහාරයෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. 

    [rns_reactions]

  • මවගේ ප්‍රේම කුරුල්ලා නිසා දුවත් අමාරුවේ වැටේ…

    වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන ඇයගේ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.

    පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – කරඹ ගාමන්ට් වත්ත පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි අයෙකි.

    සැකකරු අතවරයවට පත්ව ඇති දැරිවියගේ මවගේ අනියම් සැමියාය. දැරිවියගේ මව සමග එකට මත්පැන් පානය කර ඇති සැකකරු මව වෙරි මතින් නින්දට ගිය පසුව දැරිවියට අතවර කර ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා පළමු වරට සැකකරු තමන්ට අතවර කළ බවත්,එතැන් සිට නිරන්තර සැකකරු තමන්ට මෙම අපරාධය සිදු කරන බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

    සැකකරුට ඇති බිය නිසා කිසිවක් හෙලි නොකල නමුත් ඉවසා සිටිය නොහැකි තැන සිද්ධිය පොලීසියට දැණුම් දීමට තීරණය කළ බවද නොරචෝලේ පොලීසියට පැමිණ ඇති දැරිවිය පවසා ඇත.

    අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

    (පුත්තලම – ජුඩ් සමන්ත)

    [rns_reactions]