Author: Editor(T)

  • Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 5424ක් සහ බ්‍රසීලයෙන් 3202ක් වාර්තා වී තිබෙනවා.

    අද දින වැඩිම මරණ සංඛ්‍යාව වූ 314ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර රුසියාවෙන් මරණ 138ක් සහ බ්‍රසීලයෙන් මරණ 135ක් වාර්තා වී තිබෙනවා.

    ආසාදිතයින් 100,000ට වඩා වාර්තා වන රටවල්

    මේ වන විට 100,000කට වඩා කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වන රටවල් ලෙස 1,532,212 US, 308,705 Russia, 271,885 Brazil, 250,141 United Kingdom, 232,555 Spain, 226,699 Italy, 180,934 France, 178,150 Germany, 151,615 Turkey, 126,949 Iran, 107,819 India වාර්තා වෙනවා.

    මරණ 1000ට වඩා වැඩියෙන් වාර්තාවන රටවල්

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර, 92,128  US, 35,422 United Kingdom, 32,169 Italy, 28,025  France, 27,888  Spain, 17,983  Brazil, 9,150  Belgium, 8,136 Germany, 7,183  Iran, 6,029  Canada, 5,767  Netherlands, 5,666 Mexico, 4,638 China, 4,199  Turkey, 3,831 Sweden, 3,317 India, 2,972 , Russia, 2,914  Peru, 2,839 Ecuador, 1,892  Switzerland, 1,561  Ireland, 1,263 Portugal, 1,242 Indonesia, 1,144 Romania

  • කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    දිනකට අවම වශයෙන් හය වතාවක් හෝ උරිම වශයෙන් 10 වතාවක් අත් සේදීමෙන් කොරෝනා වැනි ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව එක්සත් රාජධානියේ පර්යේෂකයන්ගේ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්යේෂකයින් වත්මන් කොවිඩ්-19 වෛරසය සහ 2006-09 සිට වාර්තා වූ වෛරස් පිළිබඳ දත්ත ව්‍යුහාත්මක සසදා බැලීමකින් පසුව මෙම නිගමනයට පැමිණ ඇත.

    Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි මෘදු රෝගාබාධ ඇති කරන වෛරස් කාණ්ඩයක් / පවුලක් වශයෙන් සැලකෙන අතර පර්යේෂකයින් හදුනා ගෙන ඇති පරිදි කොවිඩ්-19 ඇතුළු වෛරස්සියල්ලන්ම සබන් හා වතුරෙන් මරා දැමිය හැකිය.

    මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ සහභාගී වූවන් 1,663 දෙනා දිනකට අවම වශයෙන් හය වතාවක්වත් අත් සෝදා ගන්නේ නම් ආසාදනය වීමේ අවදානම අඩු බවයි. කෙසේවෙතත්, දිනකට 10 වතාවකට වඩා අත් සේදීම ආසාදන අවදානම තවදුරටත් අඩු කරන බවක් නොපෙනුණි.

    ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි අධ්‍යයන කතුවරයා වන ආචාර්ය සාරා බීල්  Dr Sarah Beale මෙසේ පැවසුවාය:

    “ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නැතත් සෑම විටම සනීපාරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ඔබ නොදැනුවත්වම ඔබ වටා සිටින අයට වෛරසය පැතිරීම වැළැක්වීමට උපකාරී වේ.”

    එංගලන්තයේ මහජන සෞඛ්‍ය නිලධාරියෙක් පැවසුවේ “අවම වශයෙන් තත්පර 20 ක්වත් නිතිපතා අත් සේදීම කොරෝනා වෛරසය පැතිරීම නැවැත්විය හැකි හොඳම ක්‍රමයයි. විශේෂයෙන් ඔබ නාසය, කිවිසුම් යාම හෝ කැස්ස, මෙන්ම ආහාර ගැනීමට හෝ පිසීමට පෙර තත්ත්පර 20ක් පමණ හොදින් අත් සෝදා ගත යුතයි. එසේම, ඔබ පොදු ස්ථානවල ගැවසීමෙන් පසුව හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පසු හොදින් දෑත් සේදීමට පුරුදු වීම හොද සෞඛ්‍ය පුරුද්දක්”

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි

  • COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

    COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

    “COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම – COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනුවෙන් නම්කර ඇත.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබීය.

    ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළේය.

    COVID -19 වසංගතය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි. අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇත.

    එහි අංකය 85737373. බැංකු කේතය 7010; ශාඛා කේතය 660; ස්විෆ්ට් කේතය BCEYLKLX.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක වීමට පිළිවන.

    COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පාලනය කරනුයේ පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.

    මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටු සභාපති ධූරයත්, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රවින්ද්‍ර විමලවීර මහතා ප්‍රධාන ලේකම් ධූරයත් හොබවති.

    මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ජී. විජිත් රවිප්‍රිය, ලංකා සතොස සභාපති නුෂාඩ් එම්. පෙරේරා, සේවක භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.පී. රසල් පොන්සේකා, හිටපු ඔඩිටර් ජනරාල් එස්. ස්වර්ණජෝති යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති. කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ ජේ.එම්.එස්. ජී. ජයසුන්දර මහතා කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

    දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට පිළිවන

  • මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටටත්

    මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටටත්

    මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.

    ඒ එම පෙත්සම් සලකා බැලීම අද (20) තෙවැනි දිනයටත් සලකා බැලීම අවසන් කරමිනි.

    මෙම පෙත්සම් හි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

    ලබන ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මැතිවරණ කොමිසමේ එම දැනුම් දීමට අනුව දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියේය. 

    එම කරුණ පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්හ.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර මහතා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සඳහන් කර සිටීයේය.

    මෙම අවස්ථාවේ දී නීතිඥ හස්ථික දේවේන්ද්‍ර ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතය ද? එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතය ද? යන්න විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි.

    එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කළාය.

    ඊට පිළිතුරු දෙමින් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් බල වගඋත්තරකරුවකු ලෙස තම සේවාදායකයා නම්කර තිබෙන බවත් එබැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවය.

    වත්මන් කොරෝනා වසංගත අවදානම් තත්ත්වය මත අධිකරණ පුවත් වාර්තා කිරීමට අප මාධ්‍යවේදීන්ට ඇති දුෂ්කරතාව හේතුවෙන් අප පාඨකයින්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මෙම සම්පූර්ණ පුවතම අද (20) දින ලංකාදීප වෙබ් අඩවියෙන් ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) උපුටා ගෙන කිසිදු සංශෝධනයකින් තොරව පළ කළ බව සලකන්න – ප්‍රධාන සංස්කාරක

  • සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

    සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.

    ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැ‘යි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi)  මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

    යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරිණ.

    යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බව ද තානාපතිවරයා කියා සිටියේය.

    මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ සදහා අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැ‘යි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය.

    සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වන දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් 60% ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රට වලිනි. යුරෝපා රටවලින් මාර්තු මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 42,084 ක් වේ. මෙරට සංචාරකයන් පැමිණෙන ලොව ප්‍රධානතම කලාපය වන්නේ යුරෝපයයි.

    මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා එමගින් සිදුකරන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීමත් තුළින් මෙරට ආර්ථිකය නංවාලීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ඇමතිවරයා 2025 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ඒ තුළින් වසරකට ඇ.ඩො. බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමත් අපේක්ෂාව බව ද කීවේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ම සංචාරක කර්මාන්තය බිද වැටී ඇතත් අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

  • හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

    හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

    කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

    රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.

    සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ ඇමතිවරයා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවකදි හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

    සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් හා මෙහිදි එකගත්වය පල කලහ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝටල් හා ආපන ශාලා විවෘත කිරීමට නිකුත් කර ඇති මාර්ගෝපදේශ මේ වන විටත් හෝටල් හිමියන්ට ලබා දී ඇති බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ එම මාර්ගගෝපදේශ ද අනුගමනය කරමින් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමගද සාකච්ඡා කර කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටුවේද එකගතාවය ඇතිව හෝටල් හා ආපන ශාලා විවෘත කිරීම සදහා වු වැඩපිලිවෙලක් සැකසිය යුතු බවයි. ඒ අනුව එම සාකච්ඡාව අතරතුර සෞඛ්‍ය බලධාරීන් ඇමතු ඇමතිවරයා හෝටල් හා ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට හැකිවන පරිදි මාර්ගෝපදෙශ සංග්‍රහයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    හෝටල් හා ආපන ශාලා වසා දැමිම නිසා එහි සේවකයන්ට වැටුප් ගේවීමේ දුෂ්කරතා ඇතැයි හෝටල් හා ආපන ශාලා හිමියෝ මෙහිදි පෙන්වා දුන්හ. රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඉතා ඉක්මනීන් මේ සදහා වැඩ පිලිවෙලක් සකස් කරන බවටත් ඇමතිවරයා සහතික වුයේය.

    ලිසිං ගෙවිමට සහන ලබා ගැනීම සහ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවලට එක්වූ සංචාරක ක්ශේත්‍රයේ නියුතු විවිධ සංවිධාන නියෝජිතයින් ඇමතිවරයාගේ ඉල්ලීම් කළ අතර ඇමතිවරයා සදහන් කලේ ඊට අදාල යෝජනා ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවයි. මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡා කිරීමෙන් කඩිනමින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවද ඔහු කිවේය.

    මෙම සාක්ච්ඡා සදහා කොළඹ නාගරික හෝටල්කරුවන්ගේ සංගමය කොළඹ නාගරික ආපන ශාලා හිමියන්ගේ සංගමය සංචාරක වෘත්තීයවේදීනගේ සංගමය සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක නියෝජිතයින් සහභාගී වූහ. සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහූද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.  

  • නායයාම් රතු නිවේදන තවදුරටත්

    නායයාම් රතු නිවේදන තවදුරටත්

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ග කරන බව අද දින (20) නිවේදනය කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • බොලිවුඩ් නිළියන්ගේ ‘පුද්ගලික රූපාලාවන්‍ය රහස්’ එළියට!

    බොලිවුඩ් නිළියන්ගේ ‘පුද්ගලික රූපාලාවන්‍ය රහස්’ එළියට!

    Covid-19 නිසා රූපාලාවන්‍ය මධ්‍යස්ථාන බොහොමයක් වසා දමලා. එහෙම නැතිනම් එහි කටයුතු සීමා කරලා. ඒ නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූපාලාවන්‍ය කටයුතු කර ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා.

    මේකට හොද පිළියමක් පසුගිය දා ලෝ ප්‍රකට ‘ෆෙමිනා කාන්තා සගරාව යෝජනා කළා. ඒ නිවසේ සිට තමන් තනියම තමන්ගේ සුන්දරත්ව රැක ගැනීමට ගත හැකි පියවර අනුගමනය කිරීම. ඔවුන් කියන ආකාරයට මෙය ලාභයි වගේම කොවිඩ්වලින් ආරක්ෂා වීමටත් හොද පියවරක්.

    ඉතිං… ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු…

    භූමි පද්නෙකර් Bhumi Pednekar

    ඔබේ සම සජලීකරණය  hydrated කර හැකිතාක් ඔබේ ශරීරය ඩෙටොක්සයිෆ් detoxify කරන්න.

    ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez

    හොඳ හිස් අවකාශයක සිටින්න. මානසික ආතතිය යනු ඔබේ සම, හිසකෙස්, නියපොතුවලට හානි සිදුවිය හැකි නරකම දෙයකි. එය සැබවින්ම ඔබට වළක්වා ගත හැකිය. ඔබේ ආතතියට එකතු නොවන ආහාර අනුභව කර හොඳ ව්‍යායාම කරන්න. ඔබ නින්දට යාමට පෙර ඔබේ සම පිරිසිදු බවට වග බලා ගන්න. එසේම එය පිරිසිදු කරන්න. සම සම්භාහනය කර ඒ මත මෘදු ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

    හුමා කුරේෂි Huma Qureshi

    නින්ද. එය හොඳම නැවත ආරෝපණය කිරීමකි

    ක්‍රිති සනොන් Kriti Sanon

    එළිමහනට යන සෑම විටම හිරු ආවරණයක් sunscreen පැළඳගෙන යන්න. සමේ ස්වාභාවික දීප්තිය ලබා ගැනීම සඳහා ඕනෑම නිෂ්පාදනයක් භාවිත කිරීමට පෙර ඔබේ මුහුණ අයිස් වතුරෙන් සෝදා ගන්න. සමේ ඇතිවන ඕනෑම ආසාදනයක් සමනය any skin irritation කිරීමට කෝමාරිකා ජෙල් aloevera gel භාවිතා කරන්න.

    ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා Shilpa Shetty Kundra

    ප්‍රමාණවත් තරම් ජලය පානය කර ඇතුළත සිට පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.

    Dia Mirza

    රසායනික ද්‍රව්‍ය පදනම් කරගත් හෝ හානිකර නොවන නිෂ්පාදන භාවිතා කරන්න. ඔබේ සම සජලීව තබා ගැනීමට මොයිස්චරයිසර් භාවිතා කරන්න, අව් කණ්ණාඩිය මඟ හරින්න එපා.

    පූජා හෙග්ඩේ Pooja Hegde

    නින්දට යාමට පෙර සියලු   makeup  ඉවත් කරන්න. වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා පොල්තෙල් භාවිතා කරන්න. 

    මනුෂි චිලර් Manushi Chillar

    සෑම විටම පිරිසිදු සහ සැහැල්ලු ඇදුම් අදින්න. මනස නිරවුල් කර ගන්න. සැහැල්ලුවෙන් සිටින්න.

    නුෂ්රත් භාරුචා Nushrat Bharucha

    වතුර ගොඩක් බොන්න, හොඳ ස්පා ප්‍රතිකාරයක යෙදෙන්න, සතුටින් ඉන්න.

    Copied By Femina Magazine – India – Text by – Thushadhavi

  • කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

    කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

    පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මෙම කලාපයේ ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා ආපදා පෙරසුදානම් ක්‍රියාකාරකම් අනුගමන කරන ලෙසත්, විශේෂයෙන්ම පාසැල් පොත් සහ උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් නිරංතරයෙන් ඔබ ප්‍රදේශයේ ගංවතුර මට්ටම පිළිබදව අවධානයෙන් සිටිමින් කළින් හදුනාගෙන ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාමට සුදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානය ජනවතාවට දැනුම් දේ.

    එසේම මේ පිළිබදව යම් තොරතුරක් හෝ ඔබට අවශ්‍ය සහයෝගයක් සදහා 117 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05කට නායයාම් රතු නිවේදන

    රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05කට නායයාම් රතු නිවේදන

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධිඅවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • Covid-19 Global Hot: බ්‍රසීලයෙන් වාර්තාගත මරණ සංඛ්‍යාවක්

    Covid-19 Global Hot: බ්‍රසීලයෙන් වාර්තාගත මරණ සංඛ්‍යාවක්

    අද (19) දින පෙ.ව 07.32 ( ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,836,329ක් සහ මරණ 319,213ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කිසින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    එම වාර්තාව අනුව අද දිනය තුළ 9263ක් වූ ආසාදිතයින් පිරිස රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකාවෙන් ආසාදිතයින් 7476ක් බ්‍රසීලයෙන් ආසාදිතයින් 6199ක් වාර්තා වී තිබෙනවා.

    වැඩිම දෛනික මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර එය 522ක්. ඇමෙරිකාවෙන් 497ක් සහ රුසියාවෙන් මරණ 115ක් වාර්තා වී තිබෙනවා.

    රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාෙව් වේගවත් වර්ධනයක් සිදු වුවත් මරණ අනුපාතය සාපේක්ෂව අඩුව පවතිනවා
  • Covid-19 Daily Update: අදත් නව ආසාදිතයින් 28යි – මුළු ගණන 1020යි

    Covid-19 Daily Update: අදත් නව ආසාදිතයින් 28යි – මුළු ගණන 1020යි

    අද (19) දින ප.ව 18.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා වර්ධනය වී තිබෙනවා.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට අධීක්ෂණය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 569ක්.

  • අක්ෂි රෝහලේ සායවලට පැමිණීමට පෙර ‘දිනයක් හා වේලාවක්’ වෙන්කර ගන්න

    අක්ෂි රෝහලේ සායවලට පැමිණීමට පෙර ‘දිනයක් හා වේලාවක්’ වෙන්කර ගන්න

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය. 

    COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ පී කුමාරතිලක මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කාමර අංක 01

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය)             – 011 7 682 741

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය )     – 011 7 682 554

    කාමර අංක 02

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය)         – 011 7 682 558

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය)           – 011 7 898 301

    කාමර අංක 03

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය)      – 011 7 682 391

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා)        – 011 7 682 549

    කාමර අංක 04

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා )             – 011 7 682 534

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා)                   – 011 7 682 564

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා)              – 011 7 682 657

    රෙටිනල් සායනය

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා )            – 011 7 898 344

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා)                 – 011 7 682 650

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා)         – 011 7 682 094

  • අපේ රටේ දැනටමත් ‘ඕස්ට්‍රේලියාවටටත් වඩා’ ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා – අර්ජුන

    අපේ රටේ දැනටමත් ‘ඕස්ට්‍රේලියාවටටත් වඩා’ ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා – අර්ජුන

    අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි.

    ”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති…” යි අර්ජුන රණතුංග පවසයි.

    මීට පෙර 2008 වසරේදී ද අර්ජුන රණතුංග මේ ලෙසම අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීම විරුද්ධව සිය හඬ අවදි කළ අයෙකි. ඒ අවස්ථාවේදී ඔහු දරමින් සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයයි. කෙසේනමුත් පසුව ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරින් ඉවත් කළ අතර එම ඉවත් කෙරුණු ඒ  පිටුපස අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීමට එරෙහිව කළ විවේචන හේතු වන්නට ඇතැයි සැලකේ. කෙසේනමුත් 2011 වසරේදී ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කළ අතර එම ඉදිකිරීම්ද බලපාමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ගොදුරු විය.

    “අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිටත් පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි.  සනත් ජයසූරියලා මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි…”යි ද අර්ජුන රණතුංග පැවසීය.

    ”ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න..

    ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලොලින්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා…..” යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.

  • ‘බන්දුලගේ ආසනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්’: සමාජ මාධ්‍ය කියන සුපිරි කතා

    ‘බන්දුලගේ ආසනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්’: සමාජ මාධ්‍ය කියන සුපිරි කතා

    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට යෝජිත හෝමාගම, දියගමට ගොස් බලධාරීන් මැයි 17 වැනිදා ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමත් සමගම ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුව තිබේ.

    රජය මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ, හැකිනම් දිනක හෝ වැටුප පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් පවා සිදුකර ඇති පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීම සඳහා මුදල් යෙදවීම මේ මොහොතේ යෝග්‍ය නොවන බවට බොහෝ දෙනා අදහස් පළ කර තිබුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි යෝජිත ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 30-40ත් අතර අගයකි.

    එතරම් විශාල මුදලක් වැයකර තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සැදීම මේ මොහොතේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවට පෙන්වීම සඳහා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මැයි 14 වන දින කළ බව කියන ප්‍රකාශයක් ද පදනම් කර ගෙන ඇත.

    ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ ජල පහසුකම් නැති පාසල් 582 ක් සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් 800 කට වැඩි ප්‍රමාණයක් රටේ පවතින අතර ලක්ෂ 43 ක් වන පාසල් ළමුන්ගෙන් ලක්ෂ 12 කට මන්දපෝෂණය ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසූ බවය.

    එවන් තත්වයක් තුළ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදි කිරීම සඳහා මේ අවස්ථාවේ මුදල් ආයෝජනය යෝග්‍ය නොවන බවට ද ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබේ.

    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

    මෙවැනි අදහස් පළ කරන්නේ මෙම සංවර්ධන ව්‍යාප්තිය ගැන නිසි අවබෝධයක් නොමැති අය බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    ඔහු පැවසු පරිදි නරඹන්නන් හැට දහසකට ආසන පහසුකම් සහිතව ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා අක්කර 26ක් වෙන් කර තිබේ.

    ”අපට තවත් ක්‍රීඩාංගනයක් අවශ්‍යද?”

    හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ද සිය Twitter ගිණුම හරහා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබුණි.

    මහේල ජයවර්ධනගේ ට්විටර් පණිවුඩය

    ”දැනට අප සතුව ඇති ක්‍රීඩාංගනවලවත් ප්‍රමාණවත් පරිදි ජාත්‍යන්තර හෝ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සෙල්ලම් කරන්නේ නෑ. අපට තවත් ක්‍රීඩාංගනයක් අවශ්‍යද?” ඔහු විමසා තිබුණි.

    හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකීරිමට යෝජිත භූමි ප්‍රදේශයේ ස්ථානීය පරික්ෂාව සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණි.

    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර
    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය

    “2024 සහ 2026 පැවැත්වෙන ICC ලෝක කුසලාන පන්දුවාර 50 සහ T20 මෙහෙ ගහන්න අපි බිඩ් එකක් දාලා තියෙනවා. ඒවා ලංකාවේ ගහනකොට අපිට ක්‍රීඩාංගන මදි,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා බී.බී.සී සිංහල සේවයට කියා සිටියේය.

    “අනික ඛෙත්තාරාමය හදල තියෙන්නේ අසූ ගණන්වල. කොළඹ මැච් එකක් තියෙනකොට හැමදාම දහදාහක් විතර එළියේ ඉන්නවා ඉඩ නැතිව. අනිත් එක ආරක්ෂාව පැත්තෙන් අපිට අවශ්‍ය දේවල් කරන්න දියගම පුළුවන්. ඒවත් එක්ක තමයි අපි මේක හදන්න කල්පනා කළේ.”

    මේ ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් භාවිත නොකරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ණය මුදලක් ලබා ගෙන නව ක්‍රීඩාංගනයේ වැඩ නිම කිරීමට සැළසුම් කර ඇතැයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගන තුනක් ඇත.

    ඒ පල්ලෙකැලේ, දඹුල්ල සහ සුරියවැව ක්‍රීඩාංගන වන අතර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනය පවතී.

    නව ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භුමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා දීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කෙරේ.

    ”මහජනයාගේ බදු මුදල් සතයක්වත් වියදම් නොකර ආධාර, උපදෙස් හා අනුග්‍රහය යටතේ ලංකාවේ විශාලතම දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගනය හදනවා එතන. ඛෙත්තාරාමය ප්‍රමාණවත් නෑ. එතන අක්කර 12යි. සීට් 20,000යි තියෙන්නේ. මේකේ පළමු අදියරේ සීට් 40,000යි. දෙවැනි අදියරේ සීට් 20,000යි. දකුණු අධිවේගී මාර්ගයේ ඉඳන් විනාඩි පහෙන් යන්න පුළුවන් විදියට හදන්නේ. මේ තැන තමයි දැනට කොළඹ තියෙන, අන්තර් ජාතික වශයෙන් ගැළපෙන ස්ථානය විදියට තෝරාගෙන තියෙන්නේ,” යනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී සන්දේශය වෙතින් උපුටා ගන්නා ලද්දකි. ශීර්ෂපාඨය පමණක් සංශෝධනය කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26 ක්

    මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26 ක්

    වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යෘවකට එකවර තරග නැරැඹීමේ පහසුකම උදා කරලමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අක්කර 26 ක භූමියක් හෝමාගම ප්‍රදේශයෙන්  ලබාදීමට වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පියවර ගෙන තිබේ. 

    හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් ඉඩමෙන් ලබා දී තිබෙන මෙම භූමියෙහි එකවර ප්‍රේක්ෂකයින් හතළිස්දහසකට (40,000) කට අධික පිරිසකට තරග නැරඹීමේ පහසුකම හිමිවනු ඇත. වැඩි ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවකට තරග නැරඹීමේ පහසුකම උදාකරදීමේ අරමුණින් කාලයක් තිස්සේම කොළඹට ආසන්නව සුදුසු ඉඩමක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කර සිටි අතර මෙම ඉඩම ලබා දීමත් සමඟ එකී ක්‍රීඩාංගණය ඉදි කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවනු ඇත.

    ඒ අනුව මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කිසිදු අයුරකින් රජයේ මුදල් භාවිතා නොකරන අතර ව්‍යාපෘතිය සඳහා වූ මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා ගනු ලබන ණය මුදලකින් ඉදි කිරීමට බලාපොරොත්තු වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ආකෘති සඳහා වැඩි වන ජනප්‍රියතාවය සැලකිල්ලට ගනිමිනි විශාල ජනකායකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයනක් ලෙසින් මෙම දියගම භූමි භාගය සැලකිය හැකිය. 

    ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවකින් සමන්විතව අවම වශයෙන් ප්‍රේක්ෂකයින්  25,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අන්තර්ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක් හෝ රටක සතු වන්නේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දැක්වීමට සාමාජික රටවලට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දැන් අවස්ථාව සලසා දී තිබේ. 

    වත්මන් තත්ත්වය අනුව මෙවැනි විශාල ප්‍රමාණයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රටක් සතු වන්නේ නම් විශාල වශයෙන් විදේෂ මුදල් ගලා ඒමක් සිදුවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර සිටියි. එමෙන්ම 2023 වසරේ සිට 2031 වසර දක්වා වූ කාල සීමාවේදී ලෝක කුසලාන තරග 2 ක් පැවැත්වීම කෙරෙහි අයි. සී. සී. ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුකරන ලද විමසීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාර ලබා දී තිබීමද මෙකී ක්‍රීඩාංගණය ඉදිකිරීමට ප්‍රධාන උත්තේජනයක් සපයන්නක් බවට පත්ව තිබේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතියේ මූල්‍ය ශක්‍යතාව ඇතුළු සවිස්තරාත්මක වූ සියලුම පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කරනු ඇත. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳ වූ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයේද මේ පිළිබඳව පැහැදිළිව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය, මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දැනට සිදුකරගෙන යනු ලබන සියළුම මෙහෙයුම් සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වෙන්කොට තිබෙන මුදල් ඒ අයුරින්ම ඒ අංශ වෙත ලබාදීමේ හැකියාවට කිසිදු බාධාවක් සිදු නොවන බවද විශේෂයෙන් සඳහන් කර සිටියි. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ප්‍රධානම ක්‍රීඩාංගණය වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වන අතර එය 2006 වසරේදී සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියෙන් වසර 30 ක බද්දකට ලබාගෙන තිබෙන බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටින ක්‍රිකට් ආයතනය, එම ක්‍රීඩාංගණයේ සැලකිය යුතු තරග සංඛ්‍යාවක් පවත්වා තිබීම සාඩම්බරයට කරුණක් ලෙසින්ද සඳහන් කර තිබේ. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ තලයකට රැගෙන ඒම සඳහා භාවිතයට ගැනෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයද ස්ථාපනය කොට ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේය. 

    ආලෝක ධාරා මධ්‍යයේ තරග පැවැත්වීම සඳහා වූ පහසුකම සහිතව ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය කොළඹ දෙවැනි මෙන්ම ශ්‍රී ලංකාවේ පස්වැනි දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි ක්‍රීඩාංගණය බවට පත්වනු ඇත. ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ වර්තමාන දිවා රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණ බවට පත්ව තිබේ. 

    Text copied by sl cricket