Author: Editor(T)

  • එජාපයේ ‘තීරණාත්මක’ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට

    එජාපයේ ‘තීරණාත්මක’ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප‍්‍රකාශ කළේය.

    විපක්ෂනායක කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය හෙට (10) දින දක්වා කල් දැමීමට කටයුතු කළ බවයි.

  • 2015න් පසු‘ සිරිකොතට පය ගැහුවේ නැති බව’ කරු කියයි

    2015න් පසු‘ සිරිකොතට පය ගැහුවේ නැති බව’ කරු කියයි

    ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු කළ තමා 2015 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පය නොතැබූ නමුත් යුතුකමක් වශයෙන් සළකා සමගිව ඉදිරියට යාමේ වැදගත්කම එක්සත්ජාතික පක්ෂයේ නායකයාට සහ නියෝජ්‍ය නායකයාට පැහැදිළි කර දුන් බවද ජාතික වශයෙන් වැදගත් පොදු ප්‍රශ්ණ වලදී පක්ෂ බේද නොතකා පොදු හැඟීමකින් කටයුතු කරන ලෙස රටේ සියළු පක්ෂ වල නායක කාරකාදීන්ගෙන් ඉල්ලා සිටි බවද කථානායකවරයා කීය.

    තව සති කිහිපයකින් තමන් කථානායක ධුරයට සමු දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමයේ ගෞරවය ආරක්ෂා කිරීමට දුන් දායකත්වය පිළිබඳව තෘප්තිමත් හැඟීමකින් බවද හෙතෙම සඳහන් කළේය.

    දේශපාලනයට පැමිණි දින සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකි වූ බව තමා හෘද සාක්ෂියට එකඟව විශ්වාස කරන බව ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

    කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කලේ මහා නාහිමිවරුන් බැහැදකිමින් සිය චරිතාපදාන කෘතිය පිළිගන්වමිනි. ඊයේ මහනුවර ප්‍රදේශය බලා ගිය කථානායකවරයා මල්වතු මහා විහාරයේ දී ශ්‍යම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් වහන්සේ මුලින්ම බැහැදැකීය.

    ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි මහානායක මාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියන් ද හමු වූ හෙතෙම කථානායක ධුරය දැරූ වසර 05 ක කාළය තුළ ඉතා බැරෑරුම් අවස්ථාවන්හිදී තමාට නිරන්තරයෙන් අවවාද අනුශාසනා දෙමින් මඟපෙන්වීම පිළිබඳව කෘතඥතාවය පලකළේය

    මල්වතු මහා විහාරයේ දී කථානායකවරයා මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමින්වහන්සේලා ද හමුවී ආශිර්වාද ලබාගත්තේය.

    අද දින ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ බැහැ දැකීම ද සිදුවිය.

    මහානාහිමිපාණන් වහන්සේලා හමුවේ අදහස් දැක් වූ කථානායකවරයා පැවසූයේ නිදහස ලබා 72 වසරක ඇවෑමෙන් බලන කළ එදා ශ්‍රී ලංකාවට බොහෝ පිටුපසින් සිටි රටවලට වඩා අප රට ආර්ථික වශයෙන් පසුපසින් සිටින බවය.

    මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අසමගිකම්, බලපෑ බව විශ්වාස කරන බවත් පොදු ජාතික න්‍යායපත්‍රයක් ඔස්සේ කිසිදු බේදයකින් තොරව සමස්ත රට වැසියන් ඒකරාශී කිරීමෙන් තොරව අනාගත අභියෝග ජයගත නොහැකි වනු ඇතැයි තම විශ්වාසය බවත් හෙතෙම පැවසීය.

    “මා දේශපාලනයට පැමිණ අළුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටියා. පෝස්ටර් කටවුට් බැනර් පොලිතින් හා චරිත ඝාතන වලින් තොර දේශපාලනයක් අරඹන්නට මට හැකිවුණා. සමහරු කීවේ එය ඉතා දුෂ්කර මාර්ගයක් බවයි. නමුත් ජනතාව එය වැළඳගත්තා. කොළඹ නගර සභාවේ ගමන සියළු පක්ෂ වල අදස් වලට ගරු කරමින් කණ්ඩායමක් ලෙස වැඩ කරමින් ඉදිරියට යන්නට පුළුවන් වුණා. නමුත් ජාතික දේශපාලනයේ දී අපට එම ආදර්ශය දීමට අපහසු වූ බව පිළිගත යුතුයි. එයට ප්‍රධාන හේතුව සමාජ වගකීමකින් තොර විශම චරිත ගණනාවක් මහජන ඡන්දයෙන් පත්වන තත්වයක් නිර්මාණය වී තිබීමයි. මා ජනතාවට ආයාචනය කරනවා ඉදිරි කාළයේ දී ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි යහපත් මිනිසුන් සිය නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා එවන ලෙස.”

    වි‍ශේෂයෙන්ම ඉදිරියේ දී යළිත් ජාතික ආගමික අසමගියක් ඇති නොවීම සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂ කාරකසභාවක් බිහි කර දියවන්නා සම්මුතිය තුළින් දමා ඇති ශක්තිමත් පදනම ඉදිරියට ගෙන යන ලෙස අනාගතයේ පත්වන කථානායකතුමන් ෙගන් සහ සියළු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලාසිටින බව ද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

    කථානායකවරයාට ආශිර්වාද කළ මහානාහිමිපාණන් වහන්සේලා කිසිඳු දේශපාලන බේදයකින් තොරව රටට හිතැති නිර්ව්‍යාජ නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා කෙරෙහි තමන් වහන්සේලා තුළ විශාල පැහැදීමක් පවතින බවයි.

    දේශපාලනය පසෙකලා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ දී තමන්වහන්සේලාගේ මගපෙන්වීම අනුව එවක පැවති රජයට සීමිත කාළයකට හෝ සහය ලබා දීම තුළින් වැදගත් ජාතික යුතුකමක්  කරු ජයසුරිය මැතිතුමා විසින් ඉටු කළ බව ද මෙහි දී මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියෝ සඳහන් කළහ.

    අස්ගිරි මහනාහිමියෝ සඳහන් කළේ අනාගත පරපුරට ආදර්ශමත් දේශපාලනඥයෙකු ලෙස කරු ජයසූරිය චරිතාපදානය අධ්‍යනය කළ හැකිවනු ඇති බවයි.

    ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියන් සඳහන් කළේ සමබර නොසැලෙන පුද්ගලයෙකු වන කරු ජයසූරිය මහතාට නිවරදි පුද්ගලයන් දේශපාලනයට එවන ලෙස ඉල්ලාසිටීමට සුවිශේෂී අයිතියක් පවතින බවයි.

    කිසිවිටෙක වචන වලට පමණක් සීමා නොවන ගුණගරුක මහත්මයෙකු වශයෙන් තවදුරටත් රටට සේවය කිරීමට කැප වන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ කථානායකවරයා ෙගන් ඉල්ලා සිටියහ

  • හිටපු ජනපති සිරිසේනට ‘අන්තර්ජාතික නඩුවක්’

    හිටපු ජනපති සිරිසේනට ‘අන්තර්ජාතික නඩුවක්’

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයේ’කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසයි.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවරීමට බලාපොරොත්තු වන බවයි ධර්මපාල මහතා කියා සිටියේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බව ද ධර්මපාල මහතා කියා සිටියේය.

    එය හිටපු ජනපතිවරයා විසින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බවත් සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද සදහන් කළේය.

    ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය’ ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානයකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

  • සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ ‘විනෝද සමය’ වගෙයි

    සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ ‘විනෝද සමය’ වගෙයි

    ‘ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්’

    ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කරන පැරණි ශ්‍රිලනිප පාක්ෂිකයෝ 2000කට අධික පිරිසක් මෙම රැස්වීමට එක් ව සිටියහ.

    මෙහිදි තව දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

    “විපක්ෂයේ වගකීම තමයි පවතින ආණ්ඩුවෙන් හැකි සෑම වේලාවකම මැතිවරණයක් ලබා ගැනීම. අපි ආණ්ඩුවේ ඉන්නකොටත්, විපක්ෂයේ ඉන්නකොටත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සුදානමින් සිටියා. ආණ්ඩුවේ ඉන්නකොට අපි නියමිත කාලයටත් පෙර මැතිවරණ පැවැත්වුවා. විපක්ෂයේ ඉන්නකොට මැතිවරණ ලබා ගැනීම සදහා අරගල කළා.එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. ආණ්ඩුව හොද නෑ කියනවා නම් ආණ්ඩුව වැඩක් නැත්නම් හෙට මැතිවරණයකට යන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න කියලා අපි සජිත්ට අභියෝග කරනවා.

    විපක්ෂ නායකතුමා දැන් කතා කරන්නේ අළුතින් ඉපදිලා වගෙයි. තුනෙන් දෙකක් දුන්නොත් හොරකම් වැඩිවෙයිලු. මහා බැංකු හොරකම වෙද්දි මෙයා නිදාගෙන ද හිටියේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 3000ක් විනාශ කළේ කවුද? අපි කියනවා විපක්ෂ නායකතුමාට වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා. දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව. ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ අලුතින් වාහන ගන්න එක නතර කළා ජනතාව ජීවන වීයදමින් මිරිකිලා ඉද්දි සුඛෝපභෝගි වාහන ගන්න රථ ගායක් අපට නැහැ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්.

    අපි මෙවර මහා මැතිවරණයේ දී තරග කරන්නේ මහින්ද මහත්තයව රටේ අගමැති කරන්න. එදා 2015 දී වුණු වැරැද්ද නිවැරිදි කර ගන්න මේ පාර තමයි අපිට අවස්ථාව හරියටම ලැබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි ඡන්දය දුන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්. නමුත් මේ මහා මැතිවරණයේ දී අපි ඡන්දය දෙන්නේ මහින්ද මහතත්යට. මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන්න අපිට අවශ්‍යයි. ඒ නිසා ගම්පහෙන් තරග කරන්න එන්න‘යි අපි එතුමාට ආරාධනය කළා. ඒ ආරාධනාව එතුමා තවම පිළිගෙන නෑ. එතුමා ගම්පහින් ආවොත් ඒක අපේ ජයග්‍රහණයක්.

    සමහරුන්ට අපි ඊලග මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන ප්‍රශ්න කරනවා එදා  ශ්‍රිලනිපය අත අතෑරියා. දියවෙලා ම ගියා. එජාපය අලියා අතෑරියා දියවෙලාම ගියා. අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ.  ඒක තමයි ජනතාව ඉල්ලන ලකුණ.

    ඉදිරි මහා මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බහුතර බලයක් අරගෙන රට නැවත ගොඩනගනවා. ගෝඨාභය – මහින්ද සුසංයෝගයට ඒකට අවශ්‍ය දැක්ම වැඩපිළිවෙලක් තියෙනවා. යහපාලනය කාලා වීනාශ කරපු රට ගොඩ නගන එක ලේසි නෑ. ඒත් අපි ඒකට ලෑස්තියි.

  • මම වාහන ආනයනය කළ බව කියන මාධ්‍ය වාර්තා බොරු – රවී

    මම වාහන ආනයනය කළ බව කියන මාධ්‍ය වාර්තා බොරු – රවී

    “පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම සහභාගි  වෙලා නැහැ.

    මම ඒ ආකාරයෙන් වාහන ආනයනය කළා කියන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍යයක්. මම දන්නේ නැහැ ඒ ආකාරයෙන් ඇයි චරිත ඝාතනයක් සිදු කළේ කියලා. ඒ අසත්‍ය ප්‍රචාර පළකල මාධ්‍ය ආයතන වලින් මම ඉල්ලා සිටින්නේ, ඒ අසත්‍ය වාර්තා නිවැරදි කරන්න, එහෙම නැතිනම් ඒ සම්බන්ධයෙන් මම නීතිමය පියවර ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඊයේ පෙරවරුවේ ආමර්වීදිය කෝවිලක පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා,

    මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවට මාධ්‍ය විසින් මවාපෑමතක් සිදුකරලා තිබෙනවා. නමුත් අපේ පක්ෂය තුළ කිසිදු අභ්‍යන්තර ගැටළුවක් නැහැ. ඒ නිසා තමයි රනිල්, කරූ, සජිත්, රවී කියන අපි සියලු දෙනාම මේ අසත්‍ය ප්‍රචාරයන් නවත්වන්න, පක්ෂයේ ශක්තිමත්භාවය පෙන්නුම් කරන්න කටයුතු කරගෙන යනවා. පක්ෂයේ නායකයින් සාමාජිකයින් සියයට අනූනවයක්ම එකාමෙන් කටයුතු කරනවා. සියයට එකක් තමයි මේ යම් යම් ප්‍රකාශයන් සිදුකරන්නේ. මම එක්සත් ජාතික පාක්ෂිකයින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, අලි රැලක් වගේ අපි එකමුතුව කටයුතු කරමු කියලයි. කෙසේ නමුත් ලබන සතිය වනවිට එක්සත් ජාතික පක්ෂය තුල සැබෑ එකමුතුවක් තුළින් දැඩි ස්ථාවරත්වයක් ඇති කරන්න අපි සූදානම්.

     මේ ආණ්ඩුව  ජනතාවට කරන්න බැරි දේවල් පොරෙන්දු දීලා, දැන් ජනතාව මහත් අසීරුතාවයකට පත් කරලයි තිබෙන්නේ. එදා අපි ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවේ, අපි කරන්න බලාපොරොත්තු වූ වැඩපිළිවෙල සියලු දෙනාටම දැනගන්න සැලැස්සුවා. නමුත් මේ ආණ්ඩුවට ඒ ආකාරයේන කටයුතු කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් දින 80 ක් වෙනවා. නමුත් ජනතාවගේ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍යවල පවා මිල පහල දැමීමක්  සිදුකරගන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුවට බලය ලැබුණට හැකියාවක් නැහැ. ලබන අප්‍රේල් 25 වනවිට මහා මැතිවරණය පවත්වයි. ඒ  ආවස්ථාවේදී සියලු දෙනාම එකමුතු වෙලා, රට ගැන හිතා, සියලු දේශපාලන බෙදීම් අමතක කරලා,  දැඩි පැහැදිළි තීරණයක් ගතයුතුයි.

    මේවනවිට වෝහාරික වාර්ථාවෙන් සියල්ල පැහැදිලි වෙලා තිබෙනවා. එදා අපි දෙතුන්දෙනෙකුට හොරු කියලා ඇගිල්ල දික්කලාට, සැබෑ හොරුටික සිටියේ මහබැංකුවේ. මම හිතන්නේ මේ වෝහාරික වාර්ථාව මේ ආකරයේන පැහැදිළිව ඉදිරිපත් කිරීම, දෙවියෝ දුන්න අවස්ථාවක් යැයි පැවසීය.

  • තම චරිතාදානය මහ නාහිමිවරුන් පිළිගන්වමින් කරුගෙන් හෙළි දරව්වක්

    තම චරිතාදානය මහ නාහිමිවරුන් පිළිගන්වමින් කරුගෙන් හෙළි දරව්වක්

    වසර වසරක් පුරා දැරූ කතානායක ධුරයට සමුදීමට තමා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) මහා නාහිමිවරුවන්බැහැ දැකීමට ගිය අවස්ථාවේ ප‍්‍රකාශ කළා. එහිදී කතානායකවරයා තම චරිදාපදානය ද මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වූවා.

    කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බවද මහනාහිමිවරුන් හමුවේ පැවසු කථානායක කරු ජයසුරිය මහතා කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඤ්තාවය පල කලේය.

    තමන් බැහැදැකීමට පැමිනි කථානායකවරයාට ආශිර්වාද කල මහනාහිමිපාණන් වහන්සේලා සඳහන් කලේ දේශපාලනයෙන් තොරව රට ජාතිය වෙනුවෙන් කැපවුනු ගෞරවනීය ජාතික නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන් තුළ ඉමහත් විශ්වාසයක් පවතින බවයි.

    මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මහතා සඳහන් කලේ,

    “පසුගිය වසර පහ තුළ පමනක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බවයි.මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ද හෙතෙම පැවසීය.”

    (08) පෙරවරුවේ මල්වතු අස්ගිරි රාමඤ්ඤ මහා නිකායන්හී මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදී කථානායකවරයා සිය චරිතාපදාන කෘතියේ මුල් පිටපත්ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්විය