ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී එළඹුණු සියලු තීරණවල නිල ප්‍රකාශය පහත පළ වෙනවා.









ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී එළඹුණු සියලු තීරණවල නිල ප්‍රකාශය පහත පළ වෙනවා.









ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ වැඩිම අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු විස්සයි-20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් කීප දෙනෙකුම ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය යටතේ අද (19 දා) පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේදී කණ්ඩායම් විසින් තෝරාගත්හ.
අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේදී කුසල් ජනිත් විසින් නායකත්වය ලබා දෙනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම විසින් ක්‍රිස් ගේල්ගේ සහාය ලබා ගනිද්දී එවැනිම ජනප්‍රියතාවයකින් යුත් ක්‍රීඩකයෙක් වන ඇන්ඩ්‍රෙ රසල්ව ඇන්ජලෝ මැතිව්ස් විසින් නායකත්වය ලබා දෙනු ලබන කලම්බෝ කිංග්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබීය. එම කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙසින් කටයුතු කළ ෆෆ් ඩු ප්ලෙසිද ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. මොවුන්ට අමතරව, කාලෝස් බ්‍රැත්වයිට්, ඩේවිඩ් මාලන්, ඩේවිඩ් මිලර් සහ ෂහිඩ් අෆ්රිඩි කණ්ඩායම්වලට තේරී පත් වුණු සෙසු කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.
අද දිනයේදී තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම්වල නම්ද ප්‍රසිද්ධ කිරීම විශේෂත්වයක් වන අතර එහිදී දසුන් ශානක විසින් දඹුල්ල හෝක්ස් පිලද, ලසිත් මාලිංග විසින් ගෝල් ග්ලැඩියේටර් පිලද, තිසර පෙරේරා විසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලද මෙහෙයවනු ලබති.
කළම්බෝ කිංග්ස් – නායක ඇන්ජලෝ මැතිව්ස් දේශීයද ඇන්ඩ්‍රෙ රසල් සහ ෆෆ් ඩුප්ලෙසිස් විදේශීය සංඛේතාත්මක ක්‍රීඩකයින් බවට පත්ව සිටින කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයින් දෙපළක් වන වේග පන්දු යවන මන්ප්‍රීට් ගෝනි සහ කඩුලු රකින මන්වින්දර් බිස්ලා ද ඇතුළත්ව සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන කලම්බෝ කිංග්ස්ට තවත් ශක්තියකි. 1996 වසරේදී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා විට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඔස්ටේලියානු ජාතික ඩේව් වට්මෝර් මෙම කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
කැන්ඩි ටස්කර්ස් – විස්සයි-20 තරග පිටියේ වැඩිම ආකර්ශනයක් සහිත ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රිස් ගේල් හැරුණු විට කණ්ඩායමේ නායක කුසල් ජනිත් ද ගේල් මෙන්ම වේගයෙන් පන්දුවට පහර දීමට හැකි පිතිකරුවකි. ඊට අමතරව පාකිස්තානු වමත් වේග පන්දු යවන වහාබ් රියාස් මෙන්ම ලියම් ප්ලන්කට් ද කැන්ඩි ටස්කර්ස් පිලට වැඩි ජවයක් එක් කරති. හිටපු ටෙස්ට් නායකයකු වන වත්මන් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පුහුුුුුුුණුකරුවකු ලෙසින් කටයුතු කරන කැන්ඩි ටස්කර්ස් පිලට කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, ඩිල්රුවන් පෙරේරා මෙන්ම අසේල ගුණරත්නද එක්ව සිටිති.
දඹුල්ල හෝක්ස් – පුහුණුකරු ලෙසින් කටයුතු කරන ජෝන් ලුවිස් විසින් මෙම කණ්ඩායමේ සියළු තේරීම් සිදු කිරීම විශේෂත්වයකි. දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන දඹුල්ල හෝක්ස් පිලට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් ප්‍රධානම ක්‍රීඩකයා බවට පත් වද්දී වේගයෙන් පන්දුවට පහර දිය හැකි කාලෝස් බ්‍රැත්වයිට් ද තේරී පත්වී සිටියි. ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද ඇතුළත්ව සිටින දඹුල්ල හෝක්ස් පිලට මෙවර දේශීය තරග පිටියේ වැඩිම ලකුණු ලාභියා වූ ළහිරු උදාරද තේරී පත්වී සිටීම කැපී පෙනෙයි.
ගෝල් ග්ලැඩියේටර්ස් – ලසිත් මාලිංග සහ ෂහිඩ් අෆ්රිඩි ඇතුළත්ව සිටින ගෝල් ග්ලැඩියේටර්ස් පිලට කොලින් ඉන්ගැහැම් හැරුණු විට සෙසු සියලුම විදෙස් ක්‍රීඩකයින් පාකිස්තානු ජාතිකයින් වීම කැපී පෙනෙයි. පාකිස්තානු ජාතිකයකුගේ හිමිකාරීත්වය යටතේ මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන ගෝල් ග්ලැඩියේටර්ස් පිලට වේග පන්දු යවන මොහොමඩ් ආමර්ද එක්ව සිටින අතර ඔහු සහ ලසිත් මාලිංග එක්ව නව පන්දුවෙන් සහ අවසන් පන්දුවාර කීපය ප්‍රතිවාදී පිතිකරුවනට පහසු නොවනු ඇත. හිටපු පාකිස්තානු නායක සෆ්‍රාස් අහමඩ් එම කණ්ඩායමේ කඩුලු රකින්නා වේ. මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් එක් කර ගැනීමේදී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ කරන ලද සංචාරයේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් යුගලයක් වුණු ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂගේ සහාය ලබා ගැනීමද කැපී පෙනෙයි. ඉකුත් වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු එක්දින තරග සංචාරය යටතේ ධනුෂ්ක ගුණතිලක ශතකයක් ද භානුක රාජපක්ෂ අර්ධ ශතකයක් ඇතුළුව පිතිකරණයෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ. එම දක්ෂතා මත පදනම්ව පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.
ජැෆ්නා ස්ටැලියන්ස් – තිසර පෙරේරා නායකත්වය ලබා දෙනු ලබන ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සංඛේතාත්මක ක්‍රීඩකයින් ලෙස ඩේවිඩ් මාලන් සහ වනිඳු හසරංග නම් කර තිබේ.හිටපු පාකිස්තානු නායකයකු වන ෂොයෙබ් මලික්, වේග පන්දු යවන උස්මාන් ශින්වාරි මෙන්ම අසීෆ් අලී ජැෆ්නා ස්ටැලියන්ස් නියෝජනය කරනු ලබන ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෝ වෙති. සුරංග ලක්මාල්, අවිෂ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක සහ වනිඳු හසරංගගේ සහෝදර චතුරංග ද සිල්වාද ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ සෙසු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෝ වෙති.
කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් 16 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 4 දෙනෙකුද තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවිය. කෙසේ වෙතත් ලබන නොවැම්බර් 01 වැනිදාට පෙර ක්‍රීඩකයින් කීප දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාවක් කණ්ඩායම් වලට ලබා දීමට තරගාවලි සංවිධාන කමිටුව පියවර ගෙන තිබුණ බැවින් ගෝල්ද ග්ලැඩියේටර් පිල හැර අනෙක් සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් කීප දෙනෙකු තෝරා ගැනීම කල් දැමීමට පියවර ගනු ලැබූහ.
මෙම ක්‍රීඩකයින් තේරීම ඒ ඒ කණ්ඩායම් වල හිමිකාරීත්වය විසින් නම් කරන ලද පුහුණුකරුවන්, කළමනාකරුවන්ගේ සහ හිමිකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලීද සිල්වා, පරිපාලන ප්‍රධාන අරුණද සිල්වා සහ තරගාවලි කමිටු ප්‍රධානී බන්දුල බස්නායක යන මහත්වරු සහභාගිවී සිටියහ.
| වටය | කලම්බෝ කිංග්ස් | දඹුල්ල හෝක්ස් | ගෝල් ග්ලැඩියේටර් | ජැෆ්නා ස්ටැලියන්ස් | කැන්ඩි ටස්කර්ස් |
| 1 | ඇන්ජලෝ මැතිව්ස් | දසුන් ශානක | ලසිත් මාලිංග | තිසර පෙරේරා | කුසල් ජනිත් |
| 2 | ඇන්ඩ්‍රෙ රසල් | ඩේවිඩ් මිලර් | ශහිඩ් අෆ්රිඩි | ඩේවිඩ් මාලන් | ක්‍රිස් ගේල් |
| 3 | ෆෆ් ඩු ප්ලෙසි | කාලෝස් බ්‍රැත්වේට් | කොලින් ඉංග්රැම් | වනිඳු හසරංග | ලියම් ප්ලන්කට් |
| 4 | මන්ප්‍රීට් ගෝනි | – | හස්රාතුල්ලා සසායි | ෂොයෙබ් මලික් | – |
| 5 | මන්වින්දර බිස්ලා | සමිත් පටෙල් | මොහොමඩ් අමීර් | උස්මාන් ශින්වාරි | වහාබ් රියාස් |
| 6 | ඉසුරු උදාන | නිරෝෂන් දික්වැල්ල | ධනුෂ්ක ගුණතිලක | අවිෂ්ක ප්‍රනාන්දු | කුසල් මෙන්ඩිස් |
| 7 | දිනේෂ් චන්දිමාල් | ළහිරු උදාර | භානුක රාජපක්ෂ | ධනංජය ද සිල්වා | නුවන් ප්‍රදීප් |
| 8 | අමිල අපෝන්සු | ඕෂධ ප්‍රනාන්දු | අකිල ධනංජය | සුරංග ලක්මාල් | සීක්කුගේ ප්‍රසන්න |
| 9 | අශාන් ප්‍රියන්ජන් | කසුන් රජිත | මිලින්ද සිරිවර්ධන | බිනුර ප්‍රනාන්දු | අසේල ගුණරත්න |
| 10 | රවින්ද්‍රපාල් සිං | – | සෆ්‍රාස් අහමඩ් | අසීෆ් අලී | නවීනුල් හසන් |
| 11 | – | පෝල් ස්ට්රිලිං | අසාම් ඛාන් | – | – |
| 12 | දුෂ්මන්ත චමීර | ළහිරු මධුශංක | ලක්ෂාන් සඳකැන් | මිනෝද් භානුක | කමිඳු මෙන්ඩිස් |
| 13 | ජෙෆ්රි වැන්ඩර්සි | උපුල් තරංග | ෂෙහාන් ජයසූරිය | චතුරංග ද සිල්වා | ඩිල්රුවන් පෙරේරා |
| 14 | තික්ෂිල ද සිල්වා | ඇන්ජලෝ පෙරේරා | අසිත ප්‍රනාන්දු | – | ප්‍රියමාල් පෙරේරා |
| 15 | තරිඳු කෞෂාල් | රමේෂ් මෙන්ඩිස් | නුවන් තුෂාර | මහේෂ් තීක්ෂණ | කවීෂ අංජුල |
| 16 | ළහිරු උදාර | පුලින තරංග | මොහොමඩ් ශිරාස් | චරිත් අසලංක | ලසිත් ඇඹුල්දෙණිය |
| 17 | හිමේෂ් රාමනායක | අශේන් බණ්ඩාර | ධනංජය ලක්ෂාන් | නුවනිඳු ප්‍රනාන්දු | ළහිරු සමරකෝන් |
| 18 | කලන පෙරේරා | ඩිල්ෂාන් මදුශංක | චානක රුවන්සිරි | කනගරත්නම් කපිල්රාජ් | නිශාන් මදුෂ්ක |
| 19 | තරිඳු රත්නායක | සචිඳු කොළඹගේ | සහන් ආරච්චි | තිවේන්ද්‍රියන් දිනෝෂන් | චාමික එදිරිසිංහ |
| 20 | නවෝද් පරණවිතාන | – | දුවිඳු තිලකරත්න | යියාකාන්ත් යියස්කාන්ත් | ඉෂාන් ජයරත්න |
Text by – sri lanka cricket

කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතව ආසාදිතයින් ව්‍යාප්තවීම සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද පියවරයන් පිළිබදව කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතා මාධ්‍ය වෙත මෙසේ කරුණු දක්වයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා –
“මිනුවන්ගොඩ ඇගළුම් ශාලාව කේන්ද්‍ර කරගෙන පසුගිය 04 වන දා මතු වූ කොවිඩ් පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 2222 ක් හදුනාගෙන තිබෙනවා. මෙයට හේතු වී තිබෙන්නේ ඔවුන් රැකියා කරන ස්ථානත්, ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානවල ස්වභාවය සහ මොවුන්ගේ හැසිරීමේ ස්වභාවයි. ඉදිරියේ එන අභියෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අපි පෙර සූදානමකින් මේ වනවිට පසුවෙනවා. දෛනිකව සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම අමාත්‍යාංශය තුල ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. …..”
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතාගේ කථාවේ ඇතුළත් දත්ත අනුව

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා අතර අද (20) දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි.
අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කළහ.
අන්‍යෝන්‍ය අවබෝධය මත ද්විපාර්ශිකව උනන්දුවක් දක්වන අංශ ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ගැන විශ්වාසය පළ කළහ.
පසු ගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික වශයෙන් සබඳතා තවදුරටත් ඉදිරියේදී ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) දැනටමත්, සහයෝගීතාව ලබා දෙන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයින් දෙපළ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළහ.
“මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා අපට අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කළ හැකි බව බලාපොරොත්තු වන්නේ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
“කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය වී ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ විගස, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා කොරියානු ආයෝජකයන් දිරිමත් කිරීමට සහාය ඉල්ලා සිටින” බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියාව ඔස්සේ ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක සංචාරක අවස්ථා ඉහළ දැමීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
කොවිඩ් -19 තත්ත්වය පාලනය වූ වහාම, ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතාට ආරාධනා කළ අතර දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මීට පෙර කිසි දිනෙක ශ්‍රී ලංකාවට නොපැමිණි බව සඳහන් කරමින් මෙරට සංචාරය කිරීම සඳහා කැමැත්ත පළ කළේය.

කුලියාපිටිය, පන්නල , ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බලාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගත් බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේ.
මේ අතර විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ අද (20* දින උසස් පෙළ විභාගයට සහභාගී වු සිසුන්ට නිවෙස් බලා යෑමට හා සවස් කාලයේ විභාගය සඳහා සහභාගී වීමට නියමිත සිසුන්ට ඇඳිරි නීතිය කිසිසේත්ම බාධාවක් නොමැති බවයි.
එම ප්‍රදේශවල සිටින ජනතාවට නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසත්, එම පොලිස්වසම් හරහා වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට හැකියාව හිමිවන නමුත් කිසිම අවස්ථාවක වසම්වල වාහන නවතා මගීන් නංවා ගැනීමට හෝ බැස්සවීමට අවස්ථාව හිමිවන්නේ නැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය නිවේදනය මගින් වැඩි දුරටත් සඳහන් කළා.
යම් යම් හේතූන් මත නිරෝධායන ඇඳිරි නීතිය පැනවු ප්‍රදේශවල රැකියා සඳහා පිටතට ගිය අයට නැවත නිවෙස් වෙත පැමිණීමට හැකියාව ලැබෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය මීට සුළු වේලාවකට පෙර කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී අදහස් දැක්වු කථානායකවරයා,
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 – 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්, එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාවය යෝජිත කාරකසභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශ්‍රේෂ්ඨධිකරණය විසින් තීරණය කර ඇත.“

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ තුමා ඉල්ලා සිටියි.
ජාතික රෝහලෙහි සායනයන් හී ඖෂධ ලබා ගැනීමට පහත දුරකථන අංක අමතන්න
| CLINIC | TELEPHONE NO | WHATSAPP NO |
| හෘද රෝග සායනය | 01136187270113618728011361873001136187360113618735 | 07681851410768185142 |
| වෛද්‍ය සායනය(කාමර අංක 26, 27, 36) | 01136187420113618743 | 0768185159076818516007681851610768185170 |
| ස්නායු සායනය | 076818514607681851470768185148 | |
| වකුගඩු සායනය(කාමර අංක 09) | 0113618715 | 0768185151 |
| ශල්‍ය හා උරස් ශල්‍ය සායනය(කාමර අංක 17) | 0113618718 | 0768185156 |
| ශල්‍ය හා වාහිනික සායනය(කාමර අංක 19) | 0113618719 | 0768185177 |
| දියවැඩියා හා නිර්නාල ග්‍රන්ථි සායනය(කාමර අංක 23) | 0768185163 | |
| වෛද්‍ය හා මෞත්‍ර ලිංගික සායනය බාහිර රෝගී අංශය(කාමර අංක 24) | 0113618724 | 076818517307368181580768185172 |
| චර් ම රෝග සායනය(කාමර අංක 25) | 0113618746 | 0768185164 |
| උගුර කන නාසා සායනය | 01136187480113618648 | 0768185174 |
| ස්නායු ශල්‍ය සායනය | 0113618754 | 07681851490768185150 |
| ශල්‍ය සායනය(කාමර අංක 18) | 0113618724 | 0768185173 |
| වේදනා සමනක සායනය | 0113618762 | 0768185152 |
| මානසික සායනය(කාමර අංක 10) | 07681851530768185154 | |
| රක්තවේද සායනය(විශේෂ ) | 0113618770 | 0768185168 |
| රක්තවේද සායනය(සාමාන්‍ය ) | 0113618538 | 0768185131 |
| විකලාංග සායනය | 0768185167 | |
| හිමටොලොජි සායනය | 0768185140 | |
| ප්ලාස්ටික් සායනයවාට්ටු අංක 04 | 0768185169 | |
| මානසික වෛද්‍ය වාට්ටුවවාට්ටු අංක 59 | 0113668448 | 0777543333 |

එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය.

පසුගිය 13 වන අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාය. එහිදී ඔහුගේ මූලික අවධානය යොමුව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සිය අර්ථ දැක්වීමකටය. “19 මිරිඟුවක් විජ්ජාවක්” යනුවෙන් ඒ සඳහා යොදා ඇති සිරස්තලයම 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව ඔහු තුළ පවත්නා ආකල්පයෙහි ස්වභාවය මැනවින් කියාපායි.
ලංකාදීප විමසුමට ඔහු දක්වා ඇති අදහස් ප්‍රශ්ණ නොකරසිටීමට නොහැකි තරමටම මහජනතාව නොමඟ යවන සුළු කරුණුවලින් ගහනය. අසත්‍ය හා වැරදි නිගමනයන් සහිත එකී කරුණු දැක්වීම අප රටේ සාමාන්‍ය දේශපාලකයෙකුට හෝ තරම් නොවන විවරණයක් ලෙස සැලකිය හැකිය.

ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා දක්වා ඇති අදහස් පිළිබදව අවධානය යොමුකළ යුත්තේ ඔහුගේ මතවාදී විකාශණයද අමතක නොකරමිනි. ඒ කෙසේ වෙතත් ලංකාදීප විමසුමට ඔහු දක්වා ඇති අදහස් ප්‍රශ්ණ නොකරසිටීමට නොහැකි තරමටම මහජනතාව නොමඟ යවන සුළු කරුණුවලින් ගහනය. අසත්‍ය හා වැරදි නිගමනයන් සහිත එකී කරුණු දැක්වීම අප රටේ සාමාන්‍ය දේශපාලකයෙකුට හෝ තරම් නොවන විවරණයක් ලෙස සැලකිය හැකිය.
එහිදි සිය විවරණය මගින් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරන මුඛ්‍යතම කරුණ වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු කරන සියලුම චෝදනා පදනම් විරහිත වන බවය. එහිදි ඔහු අපූරු තර්කයක්ද ඉදිරිපත් කරඇත. එනම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් කිසිවක් එකතු නොවන බවයි. එමගින් සිදුවන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් මේ රටේ දශක තුනකට අධික කාලයක් පැවැති නීතිමය තත්වයට රට නැවත ගමන් කරවීමක් පමණක් වනබවය. ඒ ගැන බොහෝ දෙනෙකුට වාද විවාද කළ හැකිය. ඇත්තටම ප්‍රධාන ප්‍රශ්ණය එය නොවේ. විස්සෙන් භයානක තත්වක් ඇතිවන බව කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේනම් වසර තිස් ගණනක් පුරා අතීතය තුළ එම චෝදනා ඉදිරිපත් නොවුනේ ඇයිද යනුවෙන් ඔහු කරන විමසීමයි. ජී.එල්.පීරිස් මහතා එයින් කියන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුගිය වසර තිස් ගණනාවක කාලයක් තිස්සේ විවේචන ඉදිරිපත් නොවූ බව නොවේද ?
මේ රටේ බුද්ධිමත් පුරවැසියාට ඒ බව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ නම් මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ අතීත දේශපාලන විවරණ පිලිබදව නැවත විමසිලිමත්වීම ඒ සඳහා හොදටම ප්‍රමාණවත් ය.

එයට අමතරව මෙම ව්‍යවස්ථාව පිළිබදව 1978 අගෝස්තු මස 28 වනදින ගරු සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරණායක මැතිණිය ජාතික රාජ්‍ය සභාවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පිළිබදව පමණක් හෝ අවධානය යොමු කරවීම වැදගත්ය.
“මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම රජය හිට්ලර් අකුරටම අනුගමනය කලා වනු ඇත. ඒ මගින් මේ රජය පාර්ලිමේන්තුව විහිළුවට ලක්කර හිට්ලර් කලාක් මෙන් පාර්ලිමේන්තු ක්‍රමයේ ආධාරයෙන්ම ඒකාධිපතියෙකු බිහිකිරීමට ක්‍රියාකර තිබේ. එහෙත් හිට්ලර්ගේ ඉරණම ගැන සලකන විට ඉතා පැහැදිලි වන කරුණක් නම් පැසිස්ට්වාදී නීතිවලින් හෝ අවි බලයෙන් හෝ මිනිස් නිදහස මැඩලිය නොහැකි බවයි. මිනිසා ඉවසීමේ සීමාවේ අන්තයටම පැමිණි විට හා මානසික පීඩනයේ උපරිම අවස්ථාවට එළැඹි විට කොතරම් දරදඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණත් මිනිස් නිදහසට හා රටේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන මෙම දරුණු පාපාකර්මයේ ප්‍රතිවිපාක වලින් මිදීමට මේ රජයට කිසිසේතම නොහැකි වන බව එක එල්ලේම කියා සිටිනු කැමැත්තෙමු”
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිදුකළ පුරෝකතනය අපට සිහිපත් කරවන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ආරම්භයේදීම සාමාජය තුළින් මතුවූ විරෝධය යි.
ආචාර්ය ඇන්.එම්.පෙරේරා මැතිතුමාගේ චිවේචනාත්මක විශ්ලේෂණයක් නැමැති කෘතිය මෙහිදී උපුටා දැක්වීම අමුතුවෙන් අවශ්‍ය නොවේ. පසු කලෙක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා,මහාචාර්ය තිස්ස විතාරණ, සී.වී.විග්නේෂ්වරන්,ඩිව්.ගුණසේකර, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, වික්ටර් අයිවන්, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වැනි දේශපාඥයන් හා විචාරකයන් පමණක් නොව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද උපුටා දක්වමින් ඒ සදහා ඕනෑ තරම් කරුණු දැක්විය හැකිය.
එහෙත් අද අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතාට අනුව වසර තිස් ගණනක කාලයක් තිස්සේ මේ ව්‍යවස්ථාවට එරෙහිව චෝදනාවක් එල්ලවී නැත. එසේ චෝදනා ඉදිරිපත් නොවුයේ ඇයි යනුවෙන් ඔහු අපෙන් විමසා සිටින්නේ ඒ නිසා විය යුතුය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ස්වාධීන විගණන කොමිසමට අත්වන ඉරණම පිළිබඳව මතුවන චෝදනාවලටද ජී.එල්.පීරිස් මහතා මතුකර ඇති කරුණු සත්‍ය විකෘති කරන සුළුය. ඔහු කියන ආකාරයට 19 වන සංශෝධනය ගෙන ඒමට පෙරද මේ රටේ විගණන ක්‍රියාවලියක් තිබී ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ස්වාධීන විගණන කොමිසමට අත්වන ඉරණම පිළිබඳව මතුවන චෝදනාවලටද ජී.එල්.පීරිස් මහතා මතුකර ඇති කරුණු සත්‍ය විකෘති කරන සුළුය. ඔහු කියන ආකාරයට 19 වන සංශෝධනය ගෙන ඒමට පෙරද මේ රටේ විගණන ක්‍රියාවලියක් තිබී ඇත. 20 වන සංශෝධනයෙන් එයට වන කිසිවක් නැත. රජය සතු ව්‍යාපාර පමණක් නොව ජනාධිපති කාර්යාලය හා විගණනය කරන්නටද 20 න් කිසිදු බාධාවක් නැත යනුවෙන් එහිදි ඔහු බොහෝ කරුණු කියයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් ඇසිය යුතු සරල කාරණා දෙකක් තිබේ. එනම් රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කල යුතු බවට 154(1) ව්‍යවස්ථාව තුල ඇතුලත්ව තිබූ වගන්තිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව මගින් ඉවත් කර ඇත්තේ ඇයිද යන්නය. එමෙන්ම ව්‍යවස්ථාවේ උක්ත වගන්තිය මඟින් රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිෂන් සභාව, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය විගණකාධිපතිවරයා විසින් විගණනය කල යුතු බවට 19 වන ව්‍යවස්ථා සංශෝධන තුළ පනවා තිබූ නියමය 20 වන සංශෝධනය මගින් ඉවත්කර ඇත්තේ ඇයිද යන්නය.
එමෙන්ම අපේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ රටේ ජනතාව නොමඟ යැවීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අභූත හා අසත්‍ය චෝදනා ගණනාවක්ම විමසුමට දක්වා ඇති කරුණු දැක්වීම තුළ සිදුකර තිබේ. ඉන් එකක් වන්නේ මේ රටේ බලගතුම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වන සංශෝධනය ක්‍රියාත්මක වූ යුගයේ වන බවය.
එහෙත් 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක යුගයේ සිදුවූවායැයි කියන රටේ ලොකුම මූල්‍ය වංචාව කුමක්ද යන්න පෙන්වා නොදීමට ජී.එල්.පීරිස් මහතා එහිදී වගබලාගෙන තිබේ. එසේ ඔහු කියන මේ රටේ සිදු වූ ලොකුම වංචාව මහබැංකු බැදුම්කර ගනුදෙණුවට අදාලව එල්ල වී ඇති චෝදනාව වන්නේ නම් එය එක් අතකින් වැරදිය. අනෙක ඒ සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඈදා ගැනීම ඊටත් වඩා වැරදිය. එය එසේ වන්නේ කරුණු දෙකක් හේතුවෙනි. 2015 වසරේදී සිදුව ඇති මහබැංකු බැදුම්කර ක්‍රියාවලියට අදාලව හෙළිවී ඇති වංචාව මේ රටේ සිදුවී ඇති ඒ ආකාරයේ එකම හෝ විශාලතම වංචාව නොවේ. එවැනි වංචා සිදුව ඇත්තේ 2008 වසරේ සිටය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරාගේ පාලන සමය තුළදීය.
2015 මහබැංකු බැදුම්කර ගනුදෙණුව සිදුව ඇත්තේ යහපාලන රජය බලයට පත්වී මුල් මාස කිහිපය තුළදීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනු ලැබුවේ 2015 අප්‍රේල් මස 28 වනදාය. කතානායකවරයා ඊට අත්සන් තබා එය නීතියක් බවට පත්කලේ ඊටත් පසු දිනකය.

අනෙක 2015 මහබැංකු බැදුම්කර ගනුදෙණුව සිදුව ඇත්තේ යහපාලන රජය බලයට පත්වී මුල් මාස කිහිපය තුළදීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනු ලැබුවේ 2015 අප්‍රේල් මස 28 වනදාය. කතානායකවරයා ඊට අත්සන් තබා එය නීතියක් බවට පත්කලේ ඊටත් පසු දිනකය. එබැවින් මේ රටේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වන සංශෝධන ක්‍රියාත්මක වූ යුගයේදීය යනුවෙන් ජී.එල්.පීරිස් මහතා කරන චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය. එහෙත් 19 වන ව්‍යවස්ථාව මඟින් මේ රටේ විගණකාධිපති සේවාවට ලබාදුන් ස්වාධීනත්වය හා නිදහස නොවුනේ නම් එකී වංචා පිළිබඳ තොරතුරු හා විමර්ශණ සාර්ථකව සිදුකිරීමට නොහැකිවන බව නම් ඉතා පැහැදිලිය.
විමසුම කරුණු දැක්විම තුළ ජී.එල්.පීරිස් මහතා සත්‍යයට ආසන්න වූ යම් හෝ සදහනක් කර ඇත්නම් එය සිදුකර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට අදාලව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත සීමා පැනවීම පිළිබඳවය. එහිදී ඔහු මෙසේ කියයි අමාත්‍යමණ්ඩල සීමාවට අදාලව 19 වන සංශෝධනයේ සදහනක් තිබුණද එයට ව්‍යතිරේක සපයා තිබේ. එය සත්‍යයකි. එය නොවිය යුතු දෙයකි. එහෙත් පොලිස්පතිවරයා ඉවත් කිරීමට නොහැකිවීම හා පාස්කු ප්‍රහාරය සිදුවීමට රට තුළ මතු වු අරාඡිකත්වය වැනි කරුණු පදනම් කරගනිමින් ඔහු 19 වන සංශෝධනයට එරෙහිව නගන චෝදනාවලට කිසිදු පදනමක් නැත.
පාස්කු ප්‍රහාරයට අදාලව හෝ වේවා විනය කරුණු පදනම් කරගනිමින් හෝ වේවා පොලිස්පතිවරයා හෝ වෙනත් ඕනෑම රාජ්‍ය නිළධාරියෙකු ඉවත් කිරීම සඳහා 19 වන සංශෝධනය මඟින් කිසිදු බාධාවක් පනවා නැත. අදවන විටත් වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පතිවරයා එකී තනතුරෙන් ඉවත් කිරීමට පෙර පැවැති රජයට හැකියාවක් තිබුණා පමණක් නොව වර්තමාන රජයට අද පවා ඕනෑම මොහොතක එය සිදුකල හැකිය.
කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඑමින් එය සාමාන්‍ය බහුතර ඡන්දයකින් අනුමත කරවාගැනිම පමණි. එහෙත් වර්තමාන රජය පවා ඒ සඳහා කටයුතු කර නොමැත.

ඒ සඳහා කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඑමින් එය සාමාන්‍ය බහුතර ඡන්දයකින් අනුමත කරවාගැනිම පමණි. එහෙත් වර්තමාන රජය පවා ඒ සඳහා කටයුතු කර නොමැත. එමෙන්ම පාස්කු ප්‍රහාරය හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතර කිසිදු සම්බන්ධයක් නැත. ජී.එල්.පීරිස් මහතා කියන ආකාරයට පාස්කු ප්‍රහාරය සිදුවූයේ බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වී තිබීම නිසා නොවේ. අදාල වගකිව යුතු පුද්ගලයන් හා ආයතන ඔවුන් සතු වගකීම ඉටු නොකිරීම තුළය. අනෙක් අතට පාස්කු ප්‍රහාරයටද වඩා අතිශයින්ම දරුණු හා බිහිසුණු ප්‍රහාර ගණනාවකට අතීතයෙහි අප රට ගොදුරු වී තිබීම සැලකිල්ට ගැනීමේදී එම ප්‍රහාරයන් සිදුවන කාලය තුළ 19 වන සංශෝධනය බලාත්මකව නොතිබු බව සිහිපත් කරගැනීම ද වැදගත්ය.
එමෙන්ම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද ඇතැම් කමිටුවල අසාර්ථකත්වයට ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඈදමින් එහි වගකීම 19 මත පැටවීමට ජී.එල්.පීරිස් මහතා ක්‍රියාකර තිබේ. එයද ජනතාව නොමඟ යැවීමට ගත් තවත් එක් උත්සහයකි.
19 වන සංශෝධනය ක්‍රියාත්මක නොවූ කාලවලදී පවා අග්‍රාමාත්‍ය වරයා මෙන්ම ජනාධිපතිවරයාද තම බලතල යොදාගනිමින් විවිධ කමිටු හා ආයතන ස්ථාපිත කල බවට බොහෝ නිදසුන් තිබේ. ඒවා සාර්ථකවීම හෝ අසාර්ථක වීම ඒවායේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව සිදුවූවක් මිසක පත්කරන ලද පුද්ගයන්ගේ හෝ බල කේන්ද්‍ර හේතුකරගෙන සිදු නොවූ බව මේ රටේ බුද්ධිමත් ජනතාවට අමුතුවෙන් කරුණු පැහැදිලි කලයුතු නොවේ. ජී.එල්.පීරිස් මහතා මැතිවරණ කොමිසමේ හා ව්‍යවස්ථා සභාවේ ඇතැම් සාමාජිකයන්ට එල්ල කරන චෝදනාද එසේමය. ඒවාට කිසිදු පදනමක් නැත.එමෙන්ම ඒ සඳහා දක්වන උදාහරණ සහ තොරතුරුද නිවැරදි නොවේ.
අවසානයේ ජනාධිපති බලය හා එහි සීමා ගැනද යම් විග්‍රහයක යෙදෙන ජී.එල්.පිරිස් මහතා 20 වන සංශෝධනය බලාත්මකවීමෙන් පසු පාර්ලිමේන්තුවට හිමි බලය පිළිබදවද කරුණු දක්වා තිබේ. පාර්ලිමේන්තුව සතු මුදල් පාලන බලතල හා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට ඇති හැකියාව වැනි කරුණු ජී.එල්.පීරිස් අමාත්‍යවරයා එහිදී උදාහරණ වශයෙන් දක්වා තිබේ.
වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙන්ම මේ රටේ ජනතාව බොහෝ කාලයක සිට මහාචාර්යවරයෙකු ලෙස හොදින් දන්නා ජි.එල්.පීරිස් මහතාට එහිදී සිහිපත් කලයුතුව ඇති කරුණු කිහිපයක් තිබේ. අවසාන වශයෙන් එයද පෙන්වාදෙනු කැමැත්තෙමි. මේ රටේ බලාත්මකව පවත්නා ව්‍යවස්ථාව හා ඒ මඟින් රටට අත්පත් කර ඇති දුර්විපාක පිළිබඳව ඉතා පැහැදිලිවම කරුණු දක්වා ඇති අවස්ථා ගණනාවක්ද ඒ සඳහා ප්‍රතිකර්ම ලෙස යෝජනා කරන ලද උත්සහයන් කිහිපයක්ද ඉතිහාසය තුළ මැනවින් දැකගත හැකිය.
1989 ඔක්තෝබරයේදී ජී.එල්.පීරිස් මහතාද සාමාජිකයෙකු ලෙස නම් කරමින් පත්කරන ලද ‘තරුණයන් පිළිබඳව ජනාධිපති කොමිසමේ’ නිර්දේශ කෙරෙහි අද අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජී.එල්.පීරිස් මහතාගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය

1989 ඔක්තෝබරයේදී ජී.එල්.පීරිස් මහතාද සාමාජිකයෙකු ලෙස නම් කරමින් පත්කරන ලද ‘තරුණයන් පිළිබඳව ජනාධිපති කොමිසමේ’ නිර්දේශ කෙරෙහි අද අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජී.එල්.පීරිස් මහතාගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය. එමෙන්ම ඔහුගේ සුවිශේෂී භූමිකාවක් තුළ ඉදිරිපත් වූ 1993 පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහිද ජී.එල්.පීරිස් මහතාගේ සුජාතකත්වයේ 1995 වසරේදී ඉදිරිපත් කළ රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය කෙරෙහිද 2000 වසරේදී ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කෙරෙහිද ජී.එල්.පීරිස් මහතා අද නැවත අවධානය යොමුකල යුතුය.
ඒ සියල්ලම ඔහුගේ නායකත්වය, මඟපෙන්වීම හා සහභාගිත්වය ඇතිව රට හමුවේ ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනාවන් ය. ඒ සියලු අවස්ථාවල එවැනි උත්සහයන්ට හේතු වූ කරුණු කාරණා ලෙස ජී.එල්.පීරිස් මහතා රටට පෙන්වා දුන්නේ විධායක ජනාධිපති වෙත සංකේන්ද්‍රණය වී ඇති අනිසි බලය රට මුහුණ දෙමින් සිටින බොහෝ දුර්භාග්‍යන්ට ඉවහල්ව ඇතිබවය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු 19ට පෙර තිබූ තත්වයට නැවත යාමට ගනුලබන සරල උත්සහයක් නොව විධායක ජනාධිපතිවරයා සතු පවත්නා බලය තවදුරටත් ඉක්මවා යමින් බලය තව තවත් සංකේන්ද්‍රණය කරගැනීමට දරණ උත්සහයක් ලෙස ඒ අනුව පැහැදිලි වනු ඇත.
එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය.
සුනිල් ජයසේකර – මාධ්‍ය ප්‍රකාශක -සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ශීත ඍතුවේ දී මුහුදට පැනීම මට දැනෙන වඩාත්ම ජීවමාන අත්දැකීමයි. සීතල කම්පන ප්‍රතිචාරය ආශ්වාස කිරීමට පාලනය කළ නොහැකි පෙලඹීමක් ඇති කරන විට මම වේගයෙන් පිහිනමි. ඔබ ආරම්භකයකු නම් භයානක ප්‍රවේශයකි.
දිය යට, දැවෙන වේදනාවේ තීව්‍ර මිශ්‍රණයක් මට දැනෙන අතර වසර ගණනාවක් තිස්සේ මෙය කිරීමෙන් පසුවද සුළු භීතියක් ඇති වේ. නමුත් මගේ හිසෙහි ඇති කරදරකාරී ඍණාත්මක කතාබහ සැබවින්ම නිහඩ කරන එකම අවස්ථාව එයයි.
මිනිත්තු දෙකකට පසු, මගේ සම වතුරට සමාන උෂ්ණත්වයක් කරා ළඟා වන විට, මට සුවපහසුවක් දැනෙන්නට පටන් ගන්නා අතර මගේ හුස්ම ගැනීම මන්දගාමී වේ. කෙටි පිහිනීමකින් පසුවද, මට පැය ගණනක ප්‍රීතියක් හා දින ගණනක් සන්සුන් බවක් දැනේ.
නිතිපතා සීතල වතුරේ පිහිනන වෙනත් බොහෝ අය මෙන් මමත් එයට ප්‍රිය කරමි, නමුත් එයට මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති බව මම විශ්වාස කරමි.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරා සිද්ධි වාර්තාවල පළ වූ සීතල වතුර පිහිනීම පිළිබඳ පළමු සිද්ධි වාර්තාවෙන් පෙනී යන්නේ එය මානසික අවපීඩනයට ඵලදායී ප්‍රතිකාරයක් විය හැකි බවයි.
මා විසින් වර්ධනය කරන ලද සහ ඉදිරිපත් කරන ලද 2016 දී බීබීසී වන් හි විකාශය The Doctor Who Gave Up Drugs, කතා මාලාවේ උපදෙස් වයස අවුරුදු 17 සිට ඖෂධ (antidepressants) ලබා ගත් 24 හැවිරිදි සාරා අනුගමනය කළාය.
ඇගේ රෝග ලක්ෂණ මීට පෙර ඇගේ යෞවන වයසේදී ආරම්භ වී තිබුණි. අප මුණගැසුණු විට, ඇය “විෂ මීදුමකට” දැමූ බව පවසමින් ඇගේ ඖෂධ නැවැත්වීමට මංමුලා සහගත වූවාය.
ඇය පිහිනීමට ප්‍රිය කළ අතර, මගේම අත්දැකීම් නිසා මම පෝර්ට්ස්මූත් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාගාරයේ විද්‍යාඥයන් වන මහාචාර්ය මයික් ටිප්ටන් සහ ආචාර්ය හෙදර් මැසේ වෙත ගියෙමි.
බ්‍රයිටන් සහ සසෙක්ස් විශ්ව විද්‍යාල රෝහල්වල නිර්වින්දන වෛද්‍යවරයකු වන ඔවුන්ගේ සහයෝගී වෛද්‍ය මාක් හාපර් සමඟ සාරා සමඟ සීතල වතුරේ පිහිනීමට උත්සාහ කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් තිබේදැයි බැලීමට මම කතා කළෙමි.

එළිමහන් ව්‍යායාම සහ සෙසු පිහිනුම් ක්‍රීඩකයන්ගේ මිත්‍රත්වය නිසා මානසික අවපීඩනය හා කාංසාව වැනි රෝග ලක්ෂණ වැඩි දියුණු කළ හැකිය. නමුත් පෝර්ට්ස්මුත් හි කණ්ඩායම විශ්වාස කළේ සීතල වතුරේ ගිල්වීමේ බලපෑමක් ඇතිවිය හැකි බවයි. මෙය ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ ඒත්තු ගැන්වෙන, ජීව විද්‍යාත්මකව පිළිගත හැකි න්‍යායක් තිබේ.
සීතල වතුරේ ගිල්වීම ආතති ප්‍රතිචාරයක් ඇති කරයි: ඒ පුළුල් පරාසයක විභව තර්ජන සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා මීට වසර මිලියන ගණනකට පෙර පරිණාමය වූ කායික හා හෝමෝන ප්‍රතික්‍රියා සමූහයකි.
සත්ව ප්‍රහාර, සීතල වතුරට පැනීම සහ විභාගයකට පෙනී සිටීම යන සියල්ලම සමාන ප්‍රතිචාරයක් ලබා ගන්වා අතර හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය සහ හුස්ම ගැනීමේ වේගය වැඩි වන අතර ආතති හෝමෝන නිකුත් වේ. එහෙත්, ඔබ 15C හෝ ඊට අඩු ජලයේ කිහිප වතාවක් පමණක් ගිලී ගියහොත්, මෙම ආතති ප්‍රතිචාරය අඩු වේ. කෙසේ වෙතත්, නැවත නැවත ගිල්වීමත් සමඟ අඩු වන්නේ සීතල වතුරට ඇති ආතති ප්‍රතිචාරය පමණක් නොවේ.
මහාචාර්ය ටිප්ටන් සහ ආචාර්ය මැසේ පෙන්වා දී ඇත්තේ උන්නතාංශයේ ව්‍යායාම කිරීමේ ආතතියට දක්වන ප්‍රතිචාරය ද අඩු වී ඇති බවයි.

මෙම සිද්ධාන්ත වාර්තාව හැරුණු විට න්‍යාය යහපත් ය, නමුත් එය ක්‍රියාත්මක වන සාක්ෂි සියල්ලම සාරාංශයකි.
සීතල වතුරේ පිහිනන්නන් බොහෝ වාසි විස්තර කරයි- ඔවුන්ට කිසි විටෙකත් සෙම්ප්‍රතිශ්‍යාව නොවැළඳෙන අතර ශීත ඍතුවේ දී උණුසුම කිසි විටෙකත් ක්‍රියාත්මක නොවේ. ශෝකය හෝ වියෝව පවතින කාලවලදී එළිමහන් පිහිනීමට පැමිණි ආකාරය සහ ජලයේ සැනසීමල ප්‍රීතිය පවා ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කථා බොහෝය.
පෝර්ට්ස්මුත් හි කණ්ඩායම මෙම කථා පරීක්ෂා කිරීමට පටන් ගෙන තිබේ. මූලික අධ්‍යයනයක් මගින් සෙම්ප්‍රතිශ්‍යාව පිළිබඳ ප්‍රකාශයන්ට සහාය වන අතර විවිධ තත්වයන් සහිත රෝගීන් පිළිබඳව වැඩිදුර වාර්තා සකස් කෙරෙමින් පවතී.
2006 සිට, විෂාදනාශක බෙහෙත් වට්ටෝරු භාවිතය දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර, රෝගීන් වසර ගණනාවක් මෙම ඖෂධ ලබා ගත හැකි වුවද, ඒවායේ කාර්යක්ෂමතාව පිළිබඳ විවාද පවතී.
“ජීවිතය හොඳයි. මට තවමත් උපදේශනය තිබෙනවා. නමුත් පිහිනීම මම කිසි විටෙකත් පසුබට නොවන දෙයක්” යැයි ඇය පවසයි.
“අවශ්‍යතාවයකදී එය මට බොහෝ උපකාර කළා.”
Text by bbc – By – තීක්ෂණ වෙළෙන්එගොඩ

ලංකාවේ ජනතාව තුළ ‘නීතිය’ ගැන තිබෙන්නේ ඉතාම අල්ප දැනුමක්. මේ නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේදී වගේම යම් යම් විශේෂ අවස්ථාවලදී ද මුහුණ පාන දුෂ්කරතාවල නිමක් නැහැ. මෙය වෙනස් කළ හැකි වන්නේ ‘ජනතාව තුළ නීතිය පිළිබඳ සාක්ෂරතාව’ වර්ධනය කිරීමෙන් පමණයි.
එහෙත් එවැනි පියවරක් වෙත යාමට ‘අදාළ අංශ’ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැහැ. මේ තත්ත්වය තුළ එදිනෙදා ඔබ මුහුණ දෙන නෛතික ගැටලූ සම්බන්ධ නීතිමය පසුබිම වටහා දීම සඳහා විශේෂ ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු ලිපිය.
මෙය උපුටා ගත්තේ පසුගිය 16 වැනිදා බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූ ‘මංජුල ලසන්ත උක්වත්තගේ CSC නේෂන් ලංකා ආයතනය පුණ්‍ය කටයුත්තක් ද? .බේබි ෆාම්. එකක් ද ? යන ලිපියෙන්.
‘ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම ‘දරුවන් කුලවද්දා ගැනීම’ යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත අදහස් දක්වමින් පැවසුවාය.

“මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි,” ඇය සඳහන් කළාය.
“ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා,” යැයි නීතීඥවරිය පැවසුවාය.
1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා:

දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත.
දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.
මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්:
“තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි,” නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය.
“මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා.”

ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය.
දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය.
“නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා.”
“ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා,” නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය.
දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය.
ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත.
මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ.
විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft) අද (19 වැනිදා) දිනයේ තවත් හෝරා කීපයකින් පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.
270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 කු අද දිනයේ දිනයේ පැවැත්වෙන ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර සිටියි. එම ලැයිස්තුවට අමතරව බහුතරයක් නැගී එන සංචිතය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවකට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හෝ කණ්ඩායම්හි හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතර, කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.
එහිදී තම කණ්ඩායමට අයත් ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා එම කණ්ඩායම් හිමිකාරීත්වයන්ට මිනිත්තු 2 ක කාලයක් හිමි වන පරිදි මෙම ක්‍රීඩක තෝරා ගැනීම සකස් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග වදිනු ලබන කණ්ඩායම් 5 සඳහා සංඛේතාත්මක (Icon Player) ක්‍රීඩකයින් 6 දෙනෙකු මේ වන විටත් නම් කර තිබෙන අතර ඔවුනට අමතරව තවත් ක්‍රීඩකයින් 2 දෙදෙනකු සංඛේතාත්මක ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට එක් කර ගැනීමේ අවස්ථාව කණ්ඩායමට හිමිකාරීත්වයට උදාවනු ඇත. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල නම් කර ඇති සංඛේතාත්මක ක්‍රීඩකයින් වේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන සිංහ රුවකට සමාන සිංහ රුවක හිසක් භාවිතයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කර තිබෙන අතර ජාතික ධජයේ සටහන් වන ආකාරයෙන්ම ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම, එම නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබේ.
මීට අමතරව සංස්කෘතීන් සහ උරුමයන් වල මුල් තැනක් ලබා දෙනු ලබන පොහොසත් ශ්‍රී ලාංකේය ජාතියෙහි නිදහස ගලා යෑම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය තුළ ක්‍රීඩා කරන විට ඔවුන් දක්වනු ලබන නිර්භීත ආකල්ප නිරූපනය වන ආකාරයෙන් මෙම නිල ලාංඡනය නිර්මාණය කර තිබේ.
LPL නිල ලාංඡනයේ රතු සහ තැඹිලි වර්ණ තුළ භාවිතා කිරීම මගින් ඓතිහාසික මහනුවර යුගයේ සිතුවම් සහ සීගිරි බිතුසිතුවම් මිනිස් සිත තුළට කා වැද්දීම මෙන්ම නිල සහ කහ වර්ණ උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වරුණ නිරූපණය කිරීම අපේක්ෂා කරයි.
තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5, සිංහ රුවේ කේශරය සඳහා යොදා තිබෙන වර්ණ වලින් පිළිබිඹු වේ. එම වර්ණ 5 ට අමතරව යොදා තිබෙන වර්ණ වලින් තරගාවලියේ හැඟීම උද්දීපනය කිරීම මෙන්ම තරගාවලියේ වේගය නිරූපණය කරනු ඇත. තවද සියළු දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වනු ලබන නොනවතින ආශාව සහ උනන්දුවද මෙම කේශර වර්ණ වලින් පිළිබිඹු වනු ඇත. මෙම වර්ණ සියල්ල භාවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙසින් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ට සමානව ආකර්ශනය වන ආකාරයෙන් පැවැත්වීම වේ.
ලංකා ප්‍රිමියර් ලීග් හි නිල ලාංඡනය පිළිබඳව අදහස් දක්වා සිටින එම තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, “මෙම ලාංඡනය තුළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් නිමිත්තන් සහිත ජාතික වර්ණවල අපූරු සංයෝජනයක් දකින්න ලැබීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම ලාංඡනය හරහා ක්‍රිකට් රසිකයින්ට තරගාවලිය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව උදාවනවා පමණක් නොව ඔවුන් ඔවුන්ගේ ජාතික කණ්ඩායම හා සමාන කැමැත්තකින් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වනු ඇති බව මට විශ්වාසයි” යැයි සඳහන් කර සිටියේය.
මේ අතර අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන අනිල් මොහාන් මහතා ද අදහස් දක්වමින්, “මෙම ලාංඡනය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව, සංස්කෘතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන සුවිශේෂී බව වැනි කාරණා නිරූපණය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ සියළු දෙනාගේම හදවත් වල වැදගත් කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සැබැවින්ම ජාතියේ අභිමානවත් බව මේ ලාංඡනයෙන් හොඳින්ම පිළිබිඹු වෙනවා”යි සඳහන් කර සිටියේය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය (Player Draft) ලබන ඔක්තෝම්බර් මස 19 වැනි සඳුදා දින අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වීමට නියමිතය.
කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.
ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රීඩක වර්ගීකරණයේදී විදේශීය ක්‍රීඩකයින් 6 ක් සහ දේශීය ක්‍රීඩකයින් 10 ක් වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට උදාවේ.
Text by – sri lanka cricket

2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත.
සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත (වැඩි විස්තර සඳහා වගු අංක 1 බලන්න).
ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය. දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂිකව සියයට 4ක පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි. ණය සඳහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමි විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් විය.
පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී. ඒ අනුව, නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දෙන ලදී.

අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට පවත්නා තත්ත්වය සොයාබැලීමේ වැඩපිළිවෙළෙහි පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.
අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මතුව ඇති ගැටළු පිළිබඳ සොයාබැලීමේ දී ඇතැම් ගැටළු සඳහා ඉතා පහසුවෙන් කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවත්, ඇතැම් ගැටළු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගත යුතුව පවත්නා බවත්, ඇතැම් තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සැලකිය යුතු කාලයක් ගතවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් තුළ ගුරු හිඟය, ගුරු මාරු ක්‍රියාවලිය තුළ පවතින ගැටළු, භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු බොහෝ ගැටළුවලට අදාළව ඉදිරි අයවැයේ දී යෝජනා ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.
සංවර්ධන ක්‍රියාවලිය තුළ අපට ඇති ප්‍රධාන සම්පත මානව සම්පත බවත්, මානව සම්පත නිවැරදිව සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අතිමහත් කාර්යභාරයක් පැවරෙන බවත්, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් සැලසුම්සහගත වැඩපිළිවෙළක් සකස්කිරීම වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති රාජ්‍ය අමාත්‍යාංශයන්හි ද මනා සම්බන්ධීකරණයක් සහිතව ඉදිරියේ දී කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය.
පොළොන්නරුව මනම්පිටියේ නව විශ්වවිද්‍යාලය ඉදිකිරිමට යෝජිත ස්ථානය ගල්ලෑල්ල ප්‍රදේශයේ යෝජිත නව ජාතික පාසල ඉදිකෙරෙන ස්ථානය සහ කීර්තිමත් ඉතිහාසයක් සතු මින්නේරිය ජාතික පාසලේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිස මෙහි දී එක්වූහ.
මේ අවස්ථාවට, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

ශාක පදනම් කරගත් ආහාර වේලක ඇති ප්‍රයෝජන පිළිබඳ වැඩි වැඩියෙන් දැනුවත් වීමත් සමඟ, කලින් නොසලකා හරින ලද විවිධ අමුද්‍රව්‍ය වඩාත් ප්‍රචලිත වී තිබේ. පරිප්පු යනු එවැනි එක් ආහාරයකි. අපගේ ප්‍රෝටීන් මාත්‍රාව ලබා ගැනීම සඳහා අපගේ පරිප්පු බඳුන අවසන් කරන ලෙස අපට නිතරම පවසා ඇත. එය උරාඩ් පරිප්පු (කළු පරිප්පු), මසූර් පරිප්පු (රතු පරිප්පු), ටෝර් පරිප්පු (කහ පරිප්පු) යනාදිය විය හැකිය. නමුත් ප්‍රෝටීන වලින් පොහොසත් වීමට අමතරව පරිප්පු වලට වෙනත් සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව ඔබ දැන සිටියාද?

පරිප්පු අතර රතු පරිප්පු හෝ මසූර් පරිප්පු යනු භාවිතයේ පහසුව නිසා ඉන්දියාවේ බහුලව භාවිතා වන පරිප්පු වලින් එකකි. එය අධික පෝෂ්‍යදායී හා රසකාරක වන අතර එමඟින් එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීම සඳහා කදිම තේරීමක් වේ.
මෙම අඩු කැලරි හා ඉහළ ප්‍රෝටීන් සහිත සුපිරි ආහාර පෝෂ්‍ය පදාර්ථ සහිත පිරිපහදු කළ පිටි සඳහා හොඳ විකල්පයකි. ස්වාභාවිකවම සමාගම් රතු පරිප්පු වලින් සාදන ලද පෝෂ්‍යදායී ග්ලූටන් රහිත පැස්ටා නිපදවා ඇත. එබැවින්, ඔබ පැස්ටා රසවත් බඳුනක් භුක්ති විඳින විට පවා, ඔබ සෞඛ්‍ය සාධකය සමඟ සම්මුතියක් ඇති නොකරයි.

තන්තු වල හොඳ ප්‍රභවය – රතු පරිප්පු යනු තන්තු වල විශිෂ්ට ප්‍රභවයකි. පිසින ලද රතු පරිප්පු කෝප්පයක තන්තු ග්‍රෑම් 15 ක් අඩංගු වන අතර එය ඔබ නිර්දේශිත දෛනික තන්තු ප්‍රමාණයෙන් සියයට 45 ක් පමණ වේ.
අත්‍යවශ්‍ය ඛනිජවල ඉහළ – රතු පරිප්පු යකඩ හා මැග්නීසියම් හොඳ ප්‍රභවයකි.

අඩු කැලරි – රතු පරිප්පුවල අඩංගු කැලරි ප‍්‍රමාණය ඔබට සැනසුමක් ගෙන දෙන තරම් වේ. පිසූ පරිප්පු වල එක් භාජනයක් අඩංගු වන්නේ කැලරි 168 ක් පමණි.
විටමින් වලින් පොහොසත් – රතු පරිප්පු විටමින් හොඳ ප්‍රභවයක් ලෙස සේවය කරයි, විශේෂයෙන්, ෆෝලේට්, එය බී විටමින් වර්ගයකි.
පරිප්පු වල සෞඛ්‍ය ප්‍රතිලාභ හයක් මෙහි ලැයිස්තු ගත කර ඇති අතර ඒවා දැන්ම ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට පටන් ගනී.

හෘද සෞඛ්‍යය නංවන්න – තන්තු, මැග්නීසියම් සහ ෆෝලේට් වලින් පොහොසත් වීම; රතු පරිප්පු නිරෝගී හදවතකට උපකාර කරයි. මැග්නීසියම් ශරීරය පුරා රුධිරය, ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ වැඩි දියුණු කරයි. ධමනි බිත්ති වලට වන හානිය වළක්වා ගැනීමට ෆෝලේට් උපකාරී වන අතර එමඟින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි. රතු පරිප්පු වල ඇති තන්තු අන්තර්ගතය ශරීරයේ සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ.

බර කළමනාකරණයට උදව් කිරීම – රතු පරිප්පු කෙඳි හා ප්‍රෝටීන් වලින් පොහොසත් වීමට අමතරව අඩු කැලරි අගයක් ඇති බැවින් ඵලදායී බර කළමනාකරණයට උපකාරී වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ දෙක නිසා, අපට වඩා වේගවත් හා දීර්ඝ කාලයක් දැනෙන අතර, එම නිසා ආහාර වේල් අතර සෞඛ්‍ය සම්පන්න නොවන සුලු ආහාර අනුභව කිරීමේ ආශාව මග හැරේ. අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටීමටත්, අනවශ්‍ය බර පැටවීම වැළැක්වීමටත් එය අපට උපකාරී වේ.

සෞඛ්‍ය සම්පන්න ගැබ්ගැනීම් සඳහා සහාය – ගර්භනී කාන්තාවන්ගේ ආහාරයට රතු පරිප්පු ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ. මෙයට හේතුව රතු පරිප්පු හොඳ ෆෝලේට් ප්‍රභවයක් වන අතර එය කලලරූපී මොළයේ වර්ධනයට සහ සංජානන ආබාධ වැළැක්වීමට බෙහෙවින් අත්‍යවශ්‍ය වේ.
ප්රතිශක්තිය ගොඩනැගීමට උදව් කරන්න

ප්රතිශක්තිය ගොඩනැගීමට උදව් කරයි – රතු පරිප්පු වල අත්‍යවශ්‍ය විටමින්, ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ බහුල වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උපකාරී වේ. ප්‍රතිඔක්සිකාරක මගින් නිදහස් රැඩිකලුන් විනාශ කිරීමට සහ සෛල හා පටක වලට සිදුවන හානිය අවම කිරීමට උපකාරී වන අතර එමඟින් නිරෝගී සම ප්‍රවර්ධන කාරකයක් ලෙස සේවය කරයි.
රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උදව් වන්න

රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට – රතු පරිප්පු වල අඩු ග්ලයිසමික් දර්ශකයක් ඇති අතර ආහාරමය තන්තු අඩංගු වේ. මෙම සාධක දෙකේ සංයෝජනය හදිසියේ රුධිරයේ සීනි වැඩිවීම වැළැක්වීම සහතික කරයි. මේ අනුව දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා ස්ථාවර රුධිර සීනි මට්ටමට සහාය වීම.

ශක්තිය වැඩි කරයි – රතු පරිප්පු මන්දගාමී දැවෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ලබා දෙන අතර එය බිඳ වැටීමට වැඩි කාලයක් ගත වන අතර ශරීරයේ වැඩි කල් පවතින ශක්තියක් සපයයි. මේ හැරුණු විට රතු පරිප්පු යනු යකඩ ප්‍රභවයක් වන අතර එය රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය හා බලශක්ති නිෂ්පාදනයේ විශාල කාර්යභාරයක් ඉටු කරයි. යකඩ ඌනතාවය වෙහෙසට හා තෙහෙට්ටුවට ප්‍රධාන හේතුවක් වන හෙයින්, රතු පරිප්පු ආහාරයට විශේෂයෙන් එකතු කරනුයේ විශේෂයෙන් ඔසප් වීම / ගර්භනී කාන්තාවන්, ළමුන් සහ යෞවනයන් යකඩ ඌනතාවයට වැඩි අවදානමක් ඇති අය සඳහා ය.
Text by The femaina.in – by – Thushadhavi

ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් -19 ආසාදන මිලියන 7.5 ක් වාර්තා වී තිබේ
කොරෝනා වෛරස් වසංගතය දැනටමත් ඉන්දියාවේ උච්ච වී තිබේද? වෛරසය පැතිරීම ලබන වසර මුලදී පාලනය කළ හැකිද? මෙය ඉන්දියානුවන් පමණක් නොවෙයි මුළු ලෝකයම අසන ප්‍රශ්නයක්.
මේ ප්‍රශ්නයට උත්තරයක් ඉන්දියාවේ ඉහළම විද්‍යාඥයින් පිරිසක් විසින් සැපයීමට සූදානම්. ඔවුන්ගේ නවතම ගණිතමය ආකෘතියට අනුව ඉන්දියාව විසින් වාර්තා කරන ලද ආසාදනවල උපරිමය සැප්තැම්බර් මාසයේදී පසු කර ඇති අතර වසංගතය ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාලනය කළ හැකිය.
මෙහිදී වැදගත් උපකල්පනයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරයි. ඒ මිනිසුන් මුහුණු ආවරණ පැළඳීම, විශාල රැස්වීම් වළක්වා ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ අත් සේදීම අඛණ්ඩව සිදුකළ යුතු බවයි.
ඉන්දියාවේ කෝවිඩ් -19 රෝගීන් මිලියන 7.5 ක් පමණ වාර්තා වී ඇති අතර මේ වන විට මරණ 114,000 කට වඩා තිබෙනවා. ලෝක ජනගහනයෙන් හයෙන් එකක් නියෝජනය කරන ඉන්දියාව ගෝලීය කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 6/1ක් නියෝජනය කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, ඉන්දියාවෙන් වාර්තා වන්නේ ආසාදිතයින්ගෙන් සියයට 10ක් මරණයට පත්වීමකි. එය කොවිඩ් -19 රෝගීන් අතර මරණ මනිනු ලබන සීඑෆ්ආර් 2% ට වඩා අඩුය. එය ලෝකයේ අඩුම අනුපාත අතර වේ.
සක්‍රීය රෝගීන් මිලියනයකට වඩා වාර්තා වූ සැප්තැම්බර් මැද භාගයේදී ඉන්දියාව වාර්තාගත උපරිමයකට පැමිණියේය. එතැන් සිට කැසලෝඩය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ. පසුගිය සතියේ ඉන්දියාවේ දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 62,000 ක් සහ මරණ 784 ක් වාර්තා විය. බොහෝ ප්‍රාන්තවල දෛනික මරණ ද අඩුවෙමින් පවතී. පරීක්ෂණ ස්ථාවරව පවතී. පසුගිය සතියේ සෑම දිනකම සාමාන්‍යයෙන් සාම්පල මිලියනයකට වඩා පරීක්ෂා කරන ලදී.

රජය විසින් පත් කරන ලද නවතම ගණිත අධ්‍යයනයට සම්බන්ධ විද්‍යාඥයින් හත් දෙනා අතර ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ආචාර්ය ගගන්දීප් කන්ග් සහ ලන්ඩන් රාජකීය සංගමයේ සාමාජිකයා ලෙස තේරී පත් වූ පළමු ඉන්දීය කාන්තාව ද වේ.
ආදර්ශය මගින් මිනිසුන් ආසාදනය වන වේගය, ඔවුන් සුවය ලැබූ හෝ මියගිය අනුපාතය සහ සැලකිය යුතු රෝග ලක්ෂණ සහිත ආසාදිත පුද්ගලයින්ගේ භාගය දෙස බලයි. ආසාදනයේ කිසිදු සලකුනක් නොපෙන්වා ඇති රෝගීන් සඳහා ගණනය කිරීමෙන් රෝගයේ ගමන් පථය සිතියම් ගත කරයි.
විද්‍යාඥයින් යෝජනා කරන්නේ මාර්තු අග අගුලු දැමීමකින් තොරව සිටියේ නම් ඉන්දියාවේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව මිලියන 14 කට වඩා වැඩි වනු ඇති බවත් මිලියන 2.6 කට වැඩි පිරිසක් කොවිඩ් -19 රෝගයෙන් මිය යනු ඇති බවත්ය. එය වර්තමාන මරණ සංඛ්‍යාව මෙන් 23 ගුණයක් පමණ වේ. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත දෙකෙහි කරන ලද අධ්‍යයනයන් මත පදනම්ව විද්‍යාඥයින් නිගමනය කළේ, අගුලු දැමීමෙන් පසු නගරයෙන් ගම්වලට රැකියා විරහිත සංක්‍රමණිකයන් අනවසරයෙන් ආපසු යාමේ බලපෑම සිද්ධි අංකවලට “අවම” බලපෑමක් ඇති කළ බවයි.
‘‘ජුනි මාසය වන විට මෙම උපරිමය පැමිණීමට ඉඩ තිබුණි. මෙය අපගේ රෝහල් අධික ලෙස ව්‍යාප්ත වීමටත් පුළුල් භීතියක් ඇති කිරීමටත් හේතු විය. අගුලු දැමීම වක්‍රය සමතලා කිරීමට උපකාරී විය” අධ්‍යනයට නායකත්වය දුන් හයිද්‍රාබද් හි ඉන්දියානු තාක්ෂණ ආයතනයේ මහාචාර්යවරයකු සහ මතුකෝමාල්ලි විද්‍යසගර් පැවසීය.
නමුත් ඉන්දියාවේ කාර්යබහුල උත්සව සමය ළග ළග පැමිණෙමින්ය තිබේ. එය බරපතළ අනතුරකි. මෙමගින් නිර්මාණය වන “සුපර්ස්ප්‍රෙඩර්” සිදුවීම් කිහිපයක් සහ වැඩි සංචලතාව සති දෙකකින් වෛරසයේ ගමන් මග වෙනස් කළ හැකිය. නිදසුනක් වශයෙන්, අස්වැන්න නෙළන උත්සවයක් වන ඕනාම් සැමරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ කේරළයේ තියුණු වර්ධනයක් වාර්තා විය.

මිනිසුන් තම ආරක්ෂාව අඩු කළහොත්වි වෛරසයේ ව්‍යාප්තිය හා ආසාදිතයින් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාමක් සිදුවනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත: ඔක්තෝබර් අවසානය වන විට සක්‍රීය ආසාදන මිලියන 2.6 ක නව උපරිමයක් ඔවුන් පුරෝකථනය කරයි.
“ආරක්‍ෂිත ප්‍රොටෝකෝලයන් මිනිසුන් පිළිපදින්නේ නම් අපගේ සියලු ප්‍රක්ෂේපන පවතිනු ඇත. සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව [ක්‍රියාකාරී ආසාදන] උච්චතම අවස්ථාව පසු කර ඇති බව අපි විශ්වාස කරමු. අප ලිහිල් නොවිය යුතුය. අප පිටුපස ඇති නරකම දේ යැයි සිතීමේ මානව ප්‍රවණතාවක් ඇත,” මහාචාර්ය විද්‍යසගර් පවසයි.
නමුත් බොහෝ වසංගත රෝග විද්‍යාඥයින් විශ්වාස කරන්නේ තවත් උච්චත්වයක් නොවැළැක්විය හැකි බවත්, නොවැම්බර් මාසයේ ආරම්භ වන මීදුම පිරුණු ශීත ඍතුවේ දී උතුරු ඉන්දියාවේ කැසලෝඩ් වැඩිවීමක් දක්නට ඇති බවත් ය. ඔවුන් විශ්වාස කරන්නේ මෑතදී සිදුවීම් හා මරණ අඩුවීම හොඳ සලකුණක් බවයි, නමුත් වසංගතය පහව යන බව පැවසීම බොහෝ කල් වැඩි බව ඔවුන් පවසයි.
වසංගතය පිළිබඳව සමීපව සොයා බලා සිටින මිචිගන් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාව හා වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ආචාර්ය බ්‍රාමර් මුකර්ජි පැවසුවේ “ඉන්දියාව එහි පළමු රැල්ල පසු කර ඇති බවක් පෙනේ” යනුවෙනි.
නමුත් වායු දූෂණය හේතුවෙන් ශීත ඍතුවේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඇය විශ්වාස කරන අතර එය ශ්වසන රෝග සඳහා විශේෂයෙන් නරක ය.

මේ අතර, ප්‍රතිදේහ සමීක්ෂණ දිගටම කරගෙන යාම සහ වෛරසය පැතිරීමට වැඩි ඉඩක් ඇති බැවින් අඩු ජනගහනයක් ආසාදනය වී ඇති නගර සහ ගම් අධීක්ෂණය කිරීම ඉතා වැදගත් බව ඇය පැවසුවාය.
“ලොව පුරා ඇති ස්වාභාවික අත්හදා බැලීම් අපට යමක් පැවසුවහොත්, තවත් උච්චතම අවස්ථාව, කවදාද සහ කොපමණ ඉහළ මට්ටමක පැවසිය හැකිද යන්න වැදගත් ය. ප්‍රධානතම දෙය නම්, රෝහල්වල ධාරිතාවයට වඩා සිද්ධීන් සහ රෝහල්ගත කිරීම් යම් ස්ථානයක තබා මහජන සෞඛ්‍යය පිළිබඳ පුහුණුව දිගටම කරගෙන යාමයි. මෙම සරත් සමයේ මිනිස් සෞඛ්‍යයට, ජීවිතයට හා ගෞරවයට නමස්කාර කරමු. ”වෛද්‍ය මුකර්ජි පවසයි.
උදාසීනත්වය නිසා බලාපොරොත්තුව ඉක්මනින් නිවා දැමිය හැකි බව පැහැදිලිය. එබැවින් ඔබේ මුහුණු ආවරණ නිවැරදිව තබාගෙන විශාල රැස්වීම් වලින් වළකින්න.
බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ