Author: Editor(T)

  • වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණ සමග හෙළිවන ‘ලංකාවේ කොවිඞ් මර්දනයේ සැබෑ පැතිකඩ’

    වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණ සමග හෙළිවන ‘ලංකාවේ කොවිඞ් මර්දනයේ සැබෑ පැතිකඩ’

    කොරෝනාවෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමුවන වෛද්‍යවරයාගේ මරණය කරාපිටිය රෝහලෙන් වාර්තාවීමත් සමඟම ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ගැටළු මතුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    වෛද්‍ය ගයාන්

    කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇත්තේ රාගම හීන්කන්ද පදිංචිව සිටි ගයාන් දන්තනාරායන නමැති 31 හැවිරිදි වෛද්‍යවරයාය.

    ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු නිව්මෝනියා වැළඳිම නිසා කෘතිම ශ්වසන යන්ත්‍රයකට සවි කොට ප්‍රතිකාර ලබාදිම සඳහා ඉකුත් 27 වෙනි දින කරාපිටිය රෝහලට මාරුකර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

    මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන නුගේගොඩ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා චීනයේ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

    මේ අතර මියගිය වෛද්‍යවරයාගේ පවුලේ අයද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

    වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ දේහය ආදාහනය කරා රැගෙන යමින්
    වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ දේහය ආදාහනය කරා රැගෙන ගිය අවස්ථාව

    පසුගිය ඔක්තෝබර් මාසයේ බ්‍රැන්ඩික්ස් පොකුරත් සමඟ ආරම්භ වූ දෙවන රැල්ලේ දී මේ වන විට වෛද්‍යවරුන් 100 කට වැඩි ප්‍රමාණයකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න පිරිසක් මේ වන විට ආසාදිතයන් බවට පත්වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    ඔහු පැවසුවේ මේ වනවිට වෛද්‍යවරුන් 50 කට අධික පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    “මේක අපි දෙයාකාරයකින් විග්‍රහ කළා. එකක් තමයි ඉදිරි පෙළ සේවය කරන සෞඛ්‍ය වෘත්තීකයන්ට ඔවුන්ගේ මානසික ඒකාග්‍ර තාවය තියෙන්න එපැයි හොඳට වැඩ කරන්න, ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහතිකයකුත් එක්ක. ඉතින් එතන ප්‍රශ්නයකුත් තිබුණා මේ විදිහට අසාමාන්‍ය ඉහළ ප්‍රමාණ වලින් අපි පළමුවෙනි රැල්ලේදී මෙහෙම දැක්කේ නෑනේ. දෙවැනි රැල්ල සමාජය තුළත් ලොකුවට ව්‍යාප්ත වෙලා තියෙන තත්වය යටතේ මේක ව්‍යාප්ත උනා රෝහල් තුළ. ඒ අනුව වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩල ගණනාවක් රෝගීන් බවට පත්වුනා. ඒ හරහා යම් අවිශ්වාසයක් යම් අවිනිශ්චිත තාවයක් එක්ක තමයි මේ වෛද්‍ය වරුන්ට හා හෙද කාර්යමණ්ඩල වලට වැඩ කරන්න සිද්ධ උනේ ඒක negative impact එකක් වෙනවා අපේ system එකට.”

    ඔහු තවදුරටත් පැවසුවේ මෙසේ දිගින් දිගටම සෞඛ්‍ය අංශ නිලධාරීන් ආසාදිතයන් බවට පත්වුවහොත් දැනටමත් සීමා සහිත වූ සෞඛ්‍ය කාර්යමණ්ඩලය තව දුරටත් සේවයෙන් ඉවත් කිරීමට සිදුවුවහොත් රටේ සෞඛ්‍ය ධාරිතාවය තදුරටත් සීමා සහිත වීම රටටම තර්ජනයක් වන බවයි.

    “කොහොමත් අපේ health staff limited නේ අපේ resources, අපේ ධාරිතාවය සිමා සහිතයි නේ. එතකොට මේ විදිහට positive වෙන්න ගත්තොත් එහෙම ඊළගට මේ positive වෙන අය වටේට හැදෙනවා ආශ්‍රිතයෝ, එතකොට ඒ අශ්‍රිතයෝත් මේ system එකෙන් අයින් කරන්න සිද්ධ වෙනවානේ. ඒ තත්ත්වය යටතේ දැනටත් ඉතා සිමිත සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් ඉන්නේ. එතකොට තව සීමා වෙනවා. එතකොට අපේ ධාරිතාවය ඉතා ඉක්මනින් ඉක්මවා යන්න පුළුවන්. අපි දැක්කා ලෝකේ අනිත් රටවල් වල ධාරිතාවය ඉක්මවා ගියහම ලෙඩ්ඩු මැරෙනවා ඔය දියුණුයි කියන රටවල පවා. ඉතින් අපිටත් එතනට යන්න වෙන්නේ නැති වෙන්නනම් අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය රැකගෙන යන්න ඕන,”යනුවෙන් වෛද්‍ය අලුත්ගේ පැවසීය.

    දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මෙම මස අග වන විට එය තවත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් වෛද්‍ය අලුත්ගේ පැවසීය. දිනකට වාර්තා වන ප්‍රමාණය 500-600යේ සිට මේ වන විට 800-900ක් දක්වා වැඩි වී තිබේ.

    “දවසකට හමුවන රෝගීන් ගණන එන්න එන්න වැඩිවෙලා තියෙන්නේ ඉතින් එතකොට මිනිස්සු ලෙඩවෙලා රෝහල් වලට එනකොට රෝහල්වල වෛද්‍යවරු හිටියේ නැත්තන් බෙහෙත් කරන්න, හෙදියෝ හිටියේ නැත්තම් බලාගන්න ඒ මිනිස්සුන්ට කාගේ පිහිටක් ද? ඒකත් බලපානවා මිනිස්සුන්ට.”

    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ඔහු පැවසීය.

    රටේ පරීක්ෂණ ක්‍රමවේදය බෝහෝ කලකින් වෙනස් වී නැති බවත් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා වර්තමානයේ භාවිතකරන පිළිවෙල පිළිබඳව නැවත සමාලෝචානයක් අවශ්‍ය බවත් නීරෝධායන ක්‍රමවේදයත්, රෝගීන් හැර ප්‍රතිකාර කරන ආකාරයත් වෙනස් විය යුතු බවත් ඔහු පැවසීය.

    “මේ වෙලාවේ ඇත්තටම මේ මරුමුවට පත්වුණ මේ වෛද්‍ය වරයාට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ deaths අනාගතයේදී නොවෙන්න අපේ අඩුම ගණනේ අපිට පෙන්නලා තියෙන විදිහට අපේ මේ ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කරනන් ඕන. එහෙම නැති උනොත් එහෙම ලෝකයේ අපි 10 වෙනි තැනට ආව තමයි. අපි ඒ 10 වෙනි තැන ඉන්නනම් ලෝකයේ අපිට වඩා හොඳට කරලා තියෙන රටවල් ක්‍රියාකරල තියෙන ආකාරය අරන් තියෙන ක්‍රියාමාර්ග අපේ රටට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න ඕන,” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

    “අපිට ඉහළින් ඉන්න රටවල් පාවිච්චි කරන උපක්‍රම තුනක් තියෙනවා, පළවෙනි එක තමයි පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරගන්න එක. ඒ තුළින් රෝගීන් හදුනාගෙන ඔවුන්ව සමාජයෙන් ඉවත් කිරීම. එතකොට තමයි සමාජය ආරක්‍ෂිත වෙන්නේ දෙවෙනි එක. අපේ සන්නිවේදනය, අපි හරි විධියට සන්නිවේදනය කරනවද? උදාහරණයක් විදිහට මම අද ගෙදරින් එලියට බහින කොට මම හරි විදියට තත්ත්වය දන්නවද? හරි අවදානම දන්නවානම් නේ මට හරි විදිහට පරිස්සම් වෙන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය නිර්දේශිත ක්‍රමවේදයන් හරි විදිහට අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් කරන්නේ බයට නේ නැතිව හරියට හරි තත්ත්වය දන්න නිසා නෙවෙයිනේ.”

    මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හෙදියන් කෝවිඩ් විශේෂ නිවාඩුව ලබා දෙන ලෙස ඉල්ලා අඟහරුවාදා දිනයේ සිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බවට මාධ්‍ය වාර්තා කෙරිණි.

    ‘අවදානම දන්නවා’

    ඉදිරි පෙළ සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති වෛද්‍ය වරියක් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙය තම රැකියාවේ ස්වභාවය බවත් එහි ඇති අවදානම දැනගෙන තමන් සේවයට බැඳුණු බවත් ය.

    “මෙය හරිම ඛේදනීයයි. අපි දන්නේ නෑ හරියටම මොකද උනේ කියල. මේක අපේ රැකියාව. හැබැයි අපි හිතනවා අපේ පවුල්වලට යම්කිසි රක්ෂණයක් තිබුණ නම් හොදයි කියල.”

    මේ අතර වෛද්‍යවරයකු වන රමින්ද ගුණරත්න තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “අපට මරණ අවශ්‍ය නැත, අපට කිසිදු මරණයක් අවශ්‍ය නැත. කරුණාකර, ඔබේ මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ ගන්න, හොඳින් අත් පිරිසිදුව තබා ගන්න, දුරස්තභාවය තබා ගන්න සහ සමූහයා සමඟ එක්රැස් නොවන්න. ඔබට පිරිනමන විට, එන්නත ලබා ගන්න,” යනුවෙනි.

    “ඔබට අන් අයව පාලනය කළ නොහැක, නමුත් ඔබට ඔවුන්ව ආරක්ෂා කළ හැකිය,” යනුවෙන් ද එම සටහනේ දැක්වේ.

    “ඇත්තටම මම විශ්ව විද්‍යාලයේ ඔහුත් සමග එකට ඉගෙන ගත්තේ. ඔහුගේ තත්වය ගැන දැනගැනීමෙන් මම කම්පාවට පත් වුනා. ඔහු කරුණාවන්ත හදවතක් ඇති, දක්ෂ වෛද්‍යවරයෙක්,” යනුවෙන් ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය අංජලී දයාරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    “බොහෝ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් දැනටමත් එන්නත ලබාගෙන තියෙන්නේ. එය මෙම කෝවිඩ් වසංගතයට එරෙහිව විශාල සහතිකයක්. විශේෂයෙන් මෙම එන්නත දැක දැක ඔහුට එය ලබාගැනීමට නොහැකි වීම ගැන මට කණගාටුයි.”

    වෛද්‍ය අංජලී දයාරත්න
    “එන්නත දැක, දැක ඔහුට එය ලබාගැනීමට නොහැකි වීම ගැන මට කණගාටුයි” – වෛද්‍ය අංජලී දයාරත්න

    ඇය තවදුරටත් පැවසුවේ කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණය වැදගත් වන අතර, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් මගින් ලෝකයේ මෙතෙක් බෝවන රෝග සඳහා විශාල ආරක්ෂාවක් ලැබී ඇති බවයි.

    එන්නත ලබාගත්ත ද, ආරක්ෂාව සඳහා තවදුරටත් ආරක්ෂක උපකරණ පැළඳිය යුතු බවත් ඇය සඳහන් කළාය.

    සම්පූර්ණ උපුටා ගැනීම 2021 පෙබරාවාරි 02 බී.බී.සී සන්දේශය වෙබ්අඩවියෙනි- මෙම තොරතුරු වඩාත් පුළුල්ව හැකිතාක් සන්නිවේදනය විය යුතු නිසා උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය වෙනස්කර ඇත.– ප‍්‍රධාන සංස්කාරක

  • Covid-19 Today Hot: මරණ 07ක් – නව ආසාදිතයින් 715ක්

    Covid-19 Today Hot: මරණ 07ක් – නව ආසාදිතයින් 715ක්

    කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    අද දින වාර්තා වූ මරණ සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (02) නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 715 දෙනකු වාර්තා වූ බවයි. ඒ සමග කොවිඩ් දෙවැනි රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61.705ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කොවිඩ් ආසාදිතයින්ට ඉතා වැදගත් පර්යේෂණයක නවතම හෙළිදරව්ව !

    කොවිඩ් ආසාදිතයින්ට ඉතා වැදගත් පර්යේෂණයක නවතම හෙළිදරව්ව !

    Covid-19 ආසාදනය වූවන් හට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා

    කොවිඩ් 19 වෛරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ.

    කෙසේ වුවද එම පර්යේෂණයෙන් ප්‍රතිදේහ හෝ ප්‍රතිශක්ති පද්ධතිය වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් හා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් හෙළිව නැහැ.

    කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය මාස පහක පමණ කාලයක් පවතින බවත් ප්‍රතිදේහ සහිත ආසාදිතයින්ගෙන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බව ද එම පර්යේෂණයෙන් තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

  • කැබිනට් තීරණ සියල්ලම මෙන්න !

    කැබිනට් තීරණ සියල්ලම මෙන්න !

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (02) දින මාධ්‍ය වෙත නිකුත් කළා. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වෙනවා.

  • කොළඹ කොටස් වෙළෙඳපොළ යළි පහළට

    කොළඹ කොටස් වෙළෙඳපොළ යළි පහළට

    පසුගිය දිනවල ඉහළ වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (02) 6.56%කින් සහ 7.32%කින් පහළ ගියා.

    ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගොස් තිබෙන අතර දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32 ක් ලෙසත් සටහන් වුණා.

  • ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමු වුණේ ඇයි ?

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමු වුණේ ඇයි ?

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. 

    විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය.

    ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

  • මවුබිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන්ට විශේෂ පුවතක්

    මවුබිමට එන්න කැමති විගමනික ශ්‍රමිකයන්ට විශේෂ පුවතක්

    ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන්  විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින්  පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

    covid-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව  සාකච්ඡා කොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    එසේම  විදෙස්ගත අපගේ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට ලක් වී එම රටවල්වල  රැඳී සිටින බවට මාධ්‍ය මගින් අපට විටින් විට වාර්තා විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කොට මෙම අසරණ වී සිටින අපගේ විගමනික ශ්‍රමිකයන්  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොපැකිලිව  කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය විය.

    එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ  ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට  වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම විගමනික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.එම ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා සිටී.

    එසේම දැනට විදේශ රටවල රැඳී සිටින අපගේ ශ්‍රමිකයන්ට යම්කිසි ආධාර හෝ උදව් උපකාර හෝ අවශ්‍ය සහයක්  ඇත් නම් ඒ පිළිබඳව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය  සමඟ සම්බන්ධීකරණයෙන්  යුක්තව ඔවුන්ට අවශ්‍ය එම ආධාර, අනුග්‍රහයන් , සහයෝගය සහ ආධාර උපකාර ලබාදීමේ  වැඩපිළිවෙළක් නොපමාව සකස් කරන ලෙස ද  අමාත්‍යවරයා  සඳහන් කරයි.

    විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී  නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා  දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා  සති දෙකකට වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙස  අමාත්‍යවරයා  විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.

    එම කරුණු  ක්‍රියාත්මක කිරීම සඳහා  විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ,කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා,විදේශ  සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති,සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරිවරයා ,විදේශ කටයුතු අමාත්‍යංශයේ  විදේශ සබඳතා අංශයේ ප්‍රධානියා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද  ඇමතිවරයා දන්වා සිටී.

  • සමාජ මාධ්‍යජාලවල කොරෝනා එන්නත ගැන ‘ව්‍යාජ පුවත්’ රැල්ලක්

    සමාජ මාධ්‍යජාලවල කොරෝනා එන්නත ගැන ‘ව්‍යාජ පුවත්’ රැල්ලක්

    කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.

    කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය.

    මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී ‘රියලිටි චෙක්’ කණ්ඩායම ද මාස ගණනාවක් පුරා කරුණු පරීක්ෂා කරමිනි සිටිති.

    මෙවැනි ව්‍යාජ කරණු අඩංගු පුවත් බොහොමයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබෙන නමුත්, දිනපතා විවිධ දේ පළ වෙමින් තිබේ.

    පුවත: “එන්නත ලබා ගත් පසු නොර්වේහි 23 දෙනෙකු මිය ගිහින්.”

    ෆයිසර් කොවිඩ් 19 එන්නත ලබා ගැනීමෙන් පසු නෝර්වේහි වැඩිහිටි පුද්ගලයින් 23 දෙනෙකු මිය යාම ගැන ඇමරිකාවේ ‘ප්‍රධාන ධාරාවේ මාධ්‍ය’ නිහඬව සිටි බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් විශාල ලෙස සංසරණය වේ.

    මෙම ෆේස්බුක් සටහන 2021 ජනවාරි 16 වෙනි දින ප්‍රථමයෙන් පළ කර තිබේ.

    මෙම සටහනේ වැඩිදුර තොරතුරු පළ වී නොමැත. බරපතල නිධන්ගත රෝග පවතින පුද්ගලයන් ද ඇතුළුව සත්කාර නිවාසවල පදිංචිකරුවන්ට නෝර්වේ සෞඛ්‍ය අංශවලින් එන්නත ලබා දෙමින් තිබේ.

    Coronavirus vaccine fake news

    නොර්වේ හි සාත්තු නිවාසවල සහ දිගු කාලීන සත්කාරක මධ්‍යස්ථානවල සාමාන්‍යයෙන් සතියකට පුද්ගලයින් 400 ක් පමණ මිය යති.

    මෙම පුද්ගලයන්ගෙන් සමහරු එන්නත ලබා ගැනීමෙන් පසු ඒ හා සම්බන්ධ නොවූ හේතූන් නිසා මිය යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ජනවාරි 18 වෙනිදා වන විට වාර්තා වූ මරණ 23 න් 13 ක්ම නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනයේ විමර්ශනයට ලක්වූ අතර එයට කොරෝනාවෛරස එන්නත් සම්බන්ධ බවට නිගමනය කර නොමැත.

    එම ආයතනයේ ප්‍රධානී කැමිලා ස්ටොල්ටන්බර්ග් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, “මොවුන් ඉතා වයස්ගත, දුර්වල හා බරපතල රෝග ඇති අයයි… මේවා හදිසියේ සිදු වූවක් හෝ වැඩිපුර සිදු වූ මරණ ලෙස ගණනය කරන්න බැහැ.”

    පුවත: “කොවිඩ් -19 එන්නත් අපගේ ජාන වෙනස් කරයි”

    මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් සහිත වීඩියෝවක් ප්‍රථමයෙන්ම සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරියේ කැරී මාඩෙජ් නම් කාන්තාවක් වන අතර එය ජූලි මස අවසානය වන විට අන්තර්ජාලය හරහා සංසරණය වීම ආරම්භ විය.

    එහි දී ඇය පවසන්නේ එන්නත් නිර්මාණය කර ඇත්තේ මිනිසුන්ගේ ජාන වෙනස් කිරීමට බවය.

    “එන්නත ලබා දෙන්නේ අපව ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන් බවට පත් කිරීමට සහ අප සියල්ලන්ම කෘතිම බුද්ධියකට සම්බන්ධ කිරීම සඳහායි,” ඇය එම වීඩියෝව මගින් පවසයි.

    Coronavirus vaccine fake news

    මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති අතර, දැනට මිනිසුන් සම්බන්ධ කරගෙන සිදුකරන එන්නත් අත්හදා බැලීම් අතුරින් කිසිවකුත් මිනිස් ජාන වෙනස් කිරීමට නිර්මාණය කර නොමැත.

    එමෙන්ම අප සියල්ලන් කෘත්‍රිම බුද්ධියකට ඇතුළු කළ හැකි තාක්ෂණයක් ඒවා සතුව නොමැත.

    අසත්‍ය ප්‍රකාශ ඇතුළත් මෙම වීඩියෝව ප්‍රථමයෙන් ජුනි මාසයේදී යූ ටියුබ් වෙත මුදා හරින ලද අතර 300,000 කට වැඩි වරක් නරඹා තිබිණි. එය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ද ඉතා ජනප්‍රිය විය.

    මෙවැනි නොමග යවන සුලු තොරතුරු හේතුවෙන්, ලැබුණ අවස්ථාවේ දී පවා මිනිසුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි වෛද්‍යවරු කනස්සල්ලට පත්ව සිටිති.

    පුවත: “කොවිඩ් -19 එන්නත් මගින් මිනිසුන්ගේ ශරීරයට ‘මයික්‍රොචිප්ස්’ ඇතුළත් කරනවා.”

    එන්නත් පර්යේෂණ සඳහා අරමුදල් සපයන මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ බිල් ගේට්ස්ගේ රූපවාහිනී සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් ෆෝමියුලා 1 ජයග්‍රාහිකයෙකු වන ලුවිස් හැමිල්ටන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබිණි.

    මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා කොවිඩ් 19 එන්නත සමග මයික්‍රොචිප් ශරීරයට ඇතුළු කරන බවට සිදු කරන පදනම් විරහිත ප්‍රකාශයන් මෙම සාකච්ඡාවේ දී බිල් ගේට්ස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි.

    Coronavirus vaccine fake news

    නමුත් සමාජ මාධ්‍ය ජාලවල පළවුණු මෙම වීඩියෝ පටය සංස්කරණය කර සිනාසෙන ඉමොජියක් යොදා “මගේ පළමු බොරුව පැවසූ හැටි මට මතකයි” යන වචන ද එකතු කර ‘කිංබැක්’ නමින් තිබෙන ගිණුමකින් ප්‍රථමයෙන් මුදා හැර තිබිණි.

    අනුගාමිකයන් මිලියන 18ක් සිටින ලුවිස් හැමිල්ටන්ගේ ගිණුමේ බෙදාගෙන තිබුණු මෙම සංස්කරණය කරන ලද වීඩියෝව ලොව පුරා ඉතා වේගයෙන් සංසරණය වන්නට විය.

    නමුත් පසුව ඔහු කියා සිටියේ තමා බිල් ගේට්ස්ගේ එම ප්‍රකාශය දැක නැති බවත්, තමන් එන්නත් විරෝධී නොවන බවත්, එම වීඩියෝව මකා දැමූ බවත්ය.

    මයික්‍රොචිප් ගැන තොරතුරු දිගින් දිගටම මතුවෙමින් තිබෙන අතර ගේට්ස් පදනම එය ‘අසත්‍ය’ තොරතුරක් ලෙස හඳුන්වා තිබේ.

    පුද්ගලයෙක් යම් කොවිඩ් 19 එන්නතක් ලබාගෙන තිබේද නැද්ද යන්න පිළිබඳ තොරතුරු ගබඩා කළ හැකි තාක්‍ෂණයක් පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් සැපයීම මෙම පදනම් මඟින් සිදු කරයි. නමුත් මෙයට මයික්‍රොචිප්ස් ඇතුළු කර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ලුහුබැඳීම ඇතුළත් නොවන බව පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයෝ පවසති.

    පුවත: “ඔක්ස්ෆර්ඩ් කොවිඩ් -19 එන්නත අත්හදා බැලීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙක් මිය ගිහින්.”

    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත අත්හදා බැලීම පිටුපස සිටින කණ්ඩායම සිදු කරන ලද යාවත්කාලීන ඉතා කඩිනමින් සිදු කිරීම නිසා එය අනාරක්ෂිත යැයි කියමින් අදහස් හා සටහන් පළ වී ඇත.

    සාමාන්‍ය එන්නත් පර්යේෂණයට වඩා වේගයෙන් මෙම සායනික අත්හදාබැලීම් ඉදිරියට යන බව සත්‍යයකි. ඔක්ස්ෆර්ඩ් එන්නතේ අත්හදා බැලීම්වල පළමු අදියර දෙක වාර්තාගත වේගයකින් සම්පූර්ණ කළේය. එයට හේතු වන්නේ කොරොනාවෛරසය ගැන දැනට පවතින දැනුම, පෙර නොවූ විරූ ලෙස ලැබුණු අරමුදල් සහ විශාල පිරිසක් සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමය.

    Coronavirus vaccine fake news

    ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධානී මහාචාර්ය ඇන් පොලාර්ඩ් ජූලි මස අවසානයේදී බීබීසී සේවයට පැවසුවේ එන්නතේ ආරක්ෂාව ගැන දැඩි පරීක්ෂාවන් සිදු කර ඇති බවය.

    නමුත් මේ ගැන කටකතා නතර වී නැත. අත්හදා බැලීම්වල දී පළමු ස්වේච්ඡා සේවකයා මියගොස් ඇති බවට පැතිර යන ව්‍යාජ පුවත පවා නතර වී නොමැත.

    බීබීසී සෞඛ්‍ය සංස්කාරක ෆර්ගස් වොල්ෂ් සත්‍ය වශයෙන්ම මෙම ස්වේච්ඡා සේවකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේ ද මෙම කටකතාව අසත්‍ය බව තහවුරු කිරීමටය.

    පුවත: “කොවිඩ් -19 එන්නත ගැනීමෙන් විශාල පිරිසක් මිය යන බව බිල් ගේට්ස් විශ්වාස කරයි.”

    එන්නත සම්බන්ධයෙන් බිල් ගේට්ස් ජනප්‍රිය ඉලක්කයක් බව පෙනේ.

    45,000 කට අධික වාරයක් බෙදා ගෙන ඇති එක්තරා ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ “එන්නත ලබාගැනීමෙන් පුද්ගලයන් 700,000 ක් මැරෙන බවට සැකයක් නැහැ” යනුවෙන් බිල් ගේට්ස් සඳහන් කළ බවය.

    Coronavirus vaccine fake news
    ලොව පුරා එන්නත් විරෝධීන්ට බිල් ගේට්ස් ප්‍රධාන මාතෘකාවක් වී ඇත

    මෙය ඔහු මෙතෙක් කිසිම අවස්ථාවක පැවසූ දෙයක් නොවේ.

    වැඩිහිටි පුද්ගලයින්ට එන්නත් කෙතරම් දුරකට සාර්ථක වේද සහ ඔවුන්ට අතුරු ආබාධ ඇතිවීමේ අවදානම පිළිබඳ බිල් ගේට්ස් සාකච්ඡා කරන වීඩියෝවක් මෙම ට්වීට් පණිවිඩයේ දැක්වේ.

    ලොව පුරා කොපමණ පිරිසක් අතුරු ආබාධ අත්විඳිය හැකිද යන්න පිළිබඳව ඔහු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කර තිබිණි.

    “අපට අතුරු ආබාධ 10,000 න් එකක් තිබේ නම්, තවත් ආකාරයකින් … එයින් 700,000 ක් දෙනා දුක් විඳින්න පුළුවන්.”

    මෙහිදී ඔහු මරණ ගැන කතා නොකරන නමුත් එන්නතකින් 700,000 ක් මිය යන බව “පිළිගනී.”

    එන්නත පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ රැසක ඉලක්කය බිල් ගේට්ස් වී ඇත. බීබීසී ‘රියලිටි චෙක්’ කණ්ඩායම මැයි මාසයේ සිට ඒවා නිරීක්ෂණය කරමින් සිටිති.

    පුවත: “ස්පාඤ්ඤ උණ රෝග එන්නතෙන් මිලියන 50 ක් මිය ගිහින්”

    1918 ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබඳ මේ හා සමාන අසත්‍ය කථා ‘මීම්ස්’ ලෙස සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ.

    එම වසංගත කාලයේ මිලියන 50ක මරණ සඳහා එන්නත් වගකිව යුතුයි යන්න අසත්‍යයකි.

    එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථාන සනාථ කරන්නේ එකල ස්පාඤ්ඤ උණ රෝගය සඳහා එන්නතක් නොතිබූ බවය.

    Coronavirus vaccine fake news

    බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයන් මූලික අවධියේ බැක්ටීරියා එන්නතක් අත්හදා බලා තිබේ. නමුත්, ඉතිහාසඥයෙකු සහ කතුවරයෙකු වන මාක් හොනිංස්බෝම් පවසන පරිදි ඒ කිසිවක් වර්ථමානයේ අප දන්නා එන්නත් හා සමාන නොවේ.

    මෙයට හේතුව ලෙස මාක් හොනිංස්බෝම් පවසන්නේ “ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බව එකල කිසිවෙකු දැන නොසිටීමය.”

    වෛරසයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් ලෙස පෙනහළු තරලයෙන් පිරී තිබීම සහ උණ රෝගය එම වසංගතය තුළ මරණයට ප්‍රධාන හේතු දෙකක් වී තිබේ.

    සිංහල භාෂීය පාඨකයින් දැනුවත් කළ යුතු වැදගත් හා කාලීන පුවත් විශේෂාංගයක් හෙයින් මෙම ලිපිය අද (02) දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි. හැකි නම් ඔබගේ මිතුරන් සමග මෙම ලිපිය හුවමාරු කර ගන්න – ප්‍රධාන සංස්කාරක

  • කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය: ගිවිසුම කඩිනම් කරනු – ඉන්දියාව

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය: ගිවිසුම කඩිනම් කරනු – ඉන්දියාව

    ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (01) මෙරට මාධ්‍ය වෙත පවසතා තිබෙනවා.

    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාර වශයෙනුයි.

    ‘ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් සදහන් කළා.

    “ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අපට දන්වා තිබෙනවා. ඒ බව නායක මට්ටමින්ද දන්වා තිබෙනවා. එසේම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තා‘  යනුවෙන්  ඉන්දීය මහ කොමසාරිම් කාර්යාල ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන්කළා.

  • ‘මියන්මාරය’ මෙතැනින් කොතැනටද ?

    ‘මියන්මාරය’ මෙතැනින් කොතැනටද ?

    සිවිල් රජයකට බලය පැවරීමට එකඟ වී දශකයකට පසු මියන්මාරයේ හමුදාව යළි රටේ පාලනය අත් පත් කර ගත බව නිවේදනය කර තිබේ.

    2011 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරා යාමට පෙර පීඩාකාරී මිලිටරි පාලන තන්ත්‍රයන් යටතේ වසර 50 ට ආසන්න කාලයක් පාලනය විඳදරාගත් ජනතාවට නැවත කුමන්ත්‍රණයක් තුළින් රට පුරා භීතියේ කම්පනයක් ඇති කර තිබේ. අවුං සාන් සූ චී සහ අනෙකුත් දේශපාලනඥයන් අද (පෙබ. 01) අලුයම අත්අඩංගුවට ගැනීම, අමතක කර දැමීමට උත්සහ කළ අතීතය නැවතත් රටේ ජනයාට සිහි ගන්වා ඇත.

    සූ චී සහ වරක් තහනම් කරන ලද, ඇය නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂය 2015 දී තේරී පත්වීමෙන් පසු, වසර 25 ක් තුළ දුටු වඩා නිදහස් හා අපක්ෂපාති මැතිවරණයක් රට තුළ මෙහෙයවීය. සඳුදා උදෑසන එම පක්ෂය සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

    එහෙත් බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරයේ ව්‍යවස්ථාවට ස්තුති වන්නටරාජ්‍ය බලය තම ග්‍රහණයේ තබා ගැනීමේ හැකියාව මෙන්ම පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකක් සහ රටේ බලවත්ම අමාත්‍යාංශ පාලනය කිරීමේ හැකියාව ද හමුදාවට ලැබී ඇත.

    දැන් මතුවන ප්‍රශ්නය වන්නේ හමුදාව මේ අවස්ථාවේ බලය අල්ලාගත්තේ ඇයි යන්නයි – එමෙන්ම තවදුරටත් කෙරෙන විමසීමට අනුව ඊළඟට කුමක් ද?

    ‘රැව්දෙන’ වංචා චෝදනා

    බීබීසී අග්නිදිග ආසියාවේ වාර්තාකරු ජොනතන් හෙඩ් පෙන්වා දෙන පරිදි නිශ්චිත වේලාව පහසුවෙන් පැහැදිලි කළ හැකිය: සඳුදා (පෙබ. 01) උදෑසන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබුණද දැන් එය සිදු නොවේ.

    රටේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාර පිළිබඳ චෝදනා මධ්‍යයේ වුවද විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් සූ චී ගේ එන්එල්ඩී පක්ෂය නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් 80% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිණි.

    හමුදා සහය හිමි විපක්ෂය ඡන්දයෙන් පසු වංචා පිළිබඳ චෝදනා කිරීමට වහාම පටන් ගත්තේය. අලුතින් පිහිටුවන ලද වැඩබලන ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද ප්‍රකාශයකින් මෙම චෝදනාව නැවත නැවතත් මතුකරන ලද අතර වසරක් පුරා හදිසි නීතිය පැනවීම ඉන් සාධාරණීකරණය කෙරිණි.

    “2020 නොවැම්බර් 8 වන දින පැවති බහු-පක්ෂ මහ මැතිවරණයේ ඡන්දදායක ලැයිස්තුවේ පැවති විශාල අක්‍රමිකතා විසඳීමට මැතිවරණ කොමිසම (යුඊසී) අපොහොසත් වුණා” යැයි එහි උප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජෙනරාල් මයින්ට් ස්වේ පැවසීය.

    යාන්ගොන් හි නගර ශාලාව තුළ සෙබළුන් දැක ගත හැක
    යැන්ගොන් හි නගර ශාලාව තුළ සෙබළුන් දැක ගත හැක

    එහෙත් චෝදනාවන්ට සහාය දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

    “නිසැකවම අවුං සාන් සූ චී අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත්තා” යැයි හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) හි ආසියාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් බීබීසී සමග පැවසීය. “මැතිවරණ වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. එය තරමක් උලප්පා පෙන්වීමක්. නමුත් මේවා සාක්ෂි නොමැතිව ඉදිරිපත් වී ඇති වංචා චෝදනා.”

    එසේ වුවද රොබට්සන් පවසන්නේ බලය උදුරාගැනීම “විස්තර කළ නොහැකි” බවය.

    “[ඡන්දය] බලය අහිමි වීමක් අදහස් කළාද? පිළිතුර නැත.”

    ‘ජාතියේ පියා’ අපහසුතාවට පත් කිරීම

    නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී හමුදා සහාය ලත් එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය (යූඑස්ඩීපී) සුළු ආසන සංඛ්‍යාවක් දිනා ගත් බවක් පෙනෙන්නට තිබුණද 2008 පැවති හමුදා ජුන්ටා පාලන සමයේදී නිර්මාණය වූ මතභේදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ස්තූතිවන්ත වන්නට, රජයට බලපෑම් කිරීමේ සැලකිය යුතු බලයක් තවමත් හමුදාව සතුව ඇත.

    එමගින් හමුදාවට පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් නිරායාසයෙන් ලබා දෙනවා පමණක් නොව ස්වදේශ කටයුතු, ආරක්ෂක සහ දේශසීමා කටයුතු යන ප්‍රධාන අමාත්‍යාංශ තුනෙහි පාලනය ද හිමි වෙයි.

    එබැවින්, ව්‍යවස්ථාව එලෙසම පවතින තාක් හමුදාවට යම් පාලනයක් හිමිවේ. එහෙත් බහුතරය ඇති එන්එල්ඩි පක්ෂයට ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිද?

    ජොනතන් හෙඩ් පවසන පරිදි, එය කළ නොහැකි කාර්යයකි. එය කිරීමට පාර්ලිමේන්තුවෙන් 75% කගේ සහාය අවශ්‍ය වේ. හමුදාවට අවම වශයෙන් 25% ක පාලනක් ඇති විට එය කළ නොහැකි කාර්යයකි.

    ජපානයේ සිටින මියන්මාර පුරවැසියන් හමුදාවට විරෝධය දැක්වීම සඳහා දැනටමත් පාරට බැස ඇත
    ජපානයේ සිටින මියන්මාර පුරවැසියන් හමුදාවට විරෝධය දැක්වීම සඳහා දැනටමත් පාරට බැස ඇත

    හිටපු මාධ්‍යවේදියෙකු හා තාක්ෂණික අධ්‍යාපනඥයෙකු වන අයේ මින් තන්ට් යෝජනා කරන්නේ සඳුදා සිදුවූ ක්‍රියාව සඳහා තවත් හේතුවක් තිබිය හැකි බවය: හමුදාව පාර්ශ්වයෙන් එය අපහසුතාවට ලක්වන කරුණකි.

    “ඔවුන් පරාජයක් අපේක්ෂා කළේ නැහැ,” ඇය යැන්ගොන් (රංගූන්) හි සිට බීබීසී සමග පැවසීය. “හමුදාවේ පවුල්වල අය ඔවුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබෙනවා විය යුතුයි.”

    ඇත්ත වශයෙන්ම, එය ඊට වඩා බොහෝ සෙයින් වැඩි ය.

    “හමුදාව රට තුළ සිය තත්ත්වය දෙස බලන ආකාරය ඔබ තේරුම් ගත යුතුයි,” අයේ මින් තන්ට් තවදුරටත් පැවසුවාය. “ජාත්‍යන්තර මාධ්‍යයන් අවුං සාන් සූ චී ‘මව’ ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. හමුදාව තමන් හඳුන්වාගන්නේ ජාතියේ පියා ලෙස ලෙසයි.”

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාලනය සම්බන්ධයෙන් සැළකීමේදී එය “බැඳීමක් සහ හිමිකමක්” වැනි හැඟීමක් දැනේ. මෑත වසරවලදී, රට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වඩාත් විවෘත වී ඇති හෙයින්, එම සිදුවීම එතරම් ප්‍රියජනක සිදුවීමක් නොවේ.

    “ඔවුන් පිටස්තරයින් දෙස බලන්නේ අනතුරක් ලෙසයි.”

    නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී රෝහින්ග්‍යා වැසියන්ට ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් මතුවූ ජාත්‍යන්තරයේ කනස්සල්ල මෙන්ම වසංගත තත්ත්වයද, මේ අවස්ථාවේදී මේ අයුරින් ක්‍රියාකිරීම සඳහා හමුදාවට ධෛර්යයක් දී තිබෙනවා විය හැකි යැයි අයේ මින් තන්ට් පැවසීය. ඒ සියල්ලම, තවමත් ඇයව පුදුමයට පත් කරයි.

    අනාගතය කෙබඳු වේද?

    ඇත්ත වශයෙන්ම, එතරම් වාසි සහගත නොවන මෙවන් අවස්ථාවක හමුදාව මෙසේ ක්‍රියා කළේ මන්දැයි විශේෂඥයින් හට ද නිශ්චිතව කිව නොහැකිය.

    “වර්තමාන ක්‍රමය හමුදාවට ඉමහත් වාසිදායක බව මතක තබා ගැනීම වටිනවා. හමුදාවට පුර්ණ අණසකක්, සිය වානිජමය අරමුණු වෙනුවෙන් අත්පත් කරගත හැකි ජාත්‍යන්තර ආයෝජනයක් මෙන්ම යුද අපරාධ සඳහා සිවිල් වැසියන්ගෙන් දේශපාලන ආවරණයක් ද ලැබී තිබෙනවා” යනුවෙන් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ, ආසියා පර්යේෂණ ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී ජෙරාඩ් මැකාති බීබීසී සමග පැවසීය.

    “නිවේදනය කර ඇති පරිදි වසරක් සඳහා බලය අත්පත් කර ගැනීම තුළින් චීන නොවන ජාත්‍යන්තර හවුල්කරුවන් හුදෙකලා කරාවි. හමුදාවේ වාණිජමය අවශ්‍යතාවන්ට හානි කෙරෙන අතරම සූ චී සහ එන්එල්ඩී පක්ෂය තවත් ධුර කාලයක් සඳහා බලයට පත් කළ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප්‍රතිරෝධය තවත් උත්සන්න කරාවි.”

    අනාගත මැතිවරණවලදී යූඑස්ඩීපීයේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා විය හැකි වුව ද එවැනි පියවරක අවදානම “සැලකිය යුතු” බව ඔහු ජෙරාඩ් මැකාති පවසයි.

    හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් පෙන්වා දෙන්නේ මෙම පියවර මියන්මාරය නැවත වරක් “පාරියා රාජ්‍යයක්” (ජාත්‍යන්තරයෙන් කොන්වූ රාජ්‍යක්) බවට පත්වීමේ අවදානමට ලක්ව ඇති අතර රට තුළ පුද්ගලයින් කෝපයට පත් කරනු ඇති බවය.

    “මියන්මාරයේ ජනතාව ඇස් පියාගෙන සිටිනු ඇතැයි මම සිතන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසීය. “ඔවුන්ට නැවත හමුදාව සමඟ අනාගතය කරා යාමට අවශ්‍ය නැහැ. ඔවුන් සූ චී දකින්නේ හමුදා බලය නැවත පැමිණීමට එරෙහි බලකොටුවක් ලෙස යි.”

    සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා ගත හැකිය යන බලාපොරොත්තුව තවමත් පවතින නමුත් ඔහු පෙන්වා දෙන්නේ “විශාල විරෝධතා ආරම්භ වනු අපට පෙනෙන්නට පටන් ගන්නේ නම්, ඒ විශාල අර්බුදයක මුලයි.”

    Text copied by bbc sandesaya

  • ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය

    ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය

    ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ.

    බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් කුමාර රාජ්‍යයය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි.1961 අප්‍රේල් 18 වැනි දිනැති රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

  • කොරෝනාට එරෙහි සටනට තවත් එන්නත් දෙකක් සූදානම්

    කොරෝනාට එරෙහි සටනට තවත් එන්නත් දෙකක් සූදානම්

    කොවිඩ් 19ට එරෙහිව එක්සත් රාජධානිය තුළ මහා පරිමාණයෙන් සායනික අත්හදා බැලීම් සිදු කළ අලුත් එන්නතක් 89.3%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

    මෙම එන්නත හඳුන්වා දී ඇත්තේ නොවාවැක්ස් (Novavax) නමිනි.

    එක්සත් රාජධානියෙන් හමුවූ නව කොරෝනාවෛරස් මාදිලියට එරෙහිව ඵලදායී වූ බවට සනාථ වී ඇති පළමු එන්නත මෙය බව බීබීසීයේ වෛද්‍ය වාර්තා සංස්කාරක ෆර්ගස් වොල්ෂ් පැවසීය.

    ඊසානදිග එංගලන්තයේ රසායනාගාරයක නිෂ්පාදනය කෙරෙන මෙම නව එන්නතේ මාත්‍රා මිලියන 60ක් මේ වන විටත් එක්සත් රාජධානිය ඇනවුම් කර තිබේ.

    මේ අතරතුර, එක් වතාවක් පමණක් ලබා දියයුතු කොවිඩ් එන්නතක් Janssen සමාගම විසින් නිපදවනු ලැබ ඇති අතර එහි සාර්ථකත්වය 66%ක් බව සායනික අත්හදා බැලීම් වලින් සනාථ වී තිබේ.

    Janssen සමාගම අයත් වන්නේ Johnson & Johnson සමුහ ව්‍යාපාරයට ය. මෙම එන්නත දෙවතාවක් ලබාදීමෙන් ශරීරයට හානියක් වේද නැතහොත් ඉන් දීර්ඝ කාලීන ආරක්ෂාවක් සපයා ගත හැකි වේද යන්න පිළිබඳව ඔවුහු දැන් පරීක්ෂණ කරමින් සිටිති.

    PA WIRE

    ඔවුන්ගේ මුලික සොයාගැනීම් අනුව පෙනී ගොස් ඇත්තේ එක් මාත්‍රාවක් පමණක් ලබා දුන්, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන්ගෙන් 85%ක් සුවය ලබා ඇති බවය.

    කෙසේ නමුත්, Novavax සහ Janssen යන එන්නත් දෙකම මහ ජනතාවට ලබා දීමට ප්‍රථම ඖෂධ නියාමන අධිකාරින් විසින් අනුමත කරනු ලැබිය යුතුය.

    මේ වන විට කොවිඩ් එන්නත් තුනකට එක්සත් රාජධානිය අනුමැතිය ලබා දී තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ එන්නත, ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත එම එන්නත් වර්ග තුනයි.

    Novavax එන්නත දෙවරක් ලබා දෙමින් සිදුකළ තුන්වන අදියරේ අත්හදා බැලීම්වලින් සනාථ වී ඇත්තේ 89.3%ක ප්‍රතිශතයක් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා කෙරුණු බව සහ 86%ක් නව මාදිලියේ වෛරසයෙන් ආරක්ෂා කෙරුණු බවය.

    මෙහි තුන්වන අදියරේ අත්හදා බැලීමට වයස අවුරුදු 18ත් 84ත් අතර වන පුද්ගලයන් 15,000ක් යොදා ගෙන ඇති බව එක්සත් ජනපදයේ Novavax සමාගම පැවසීය. ඉන් 27ක් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් ය.

    මෙම එන්නත දකුණු අප්‍රිකාවේ ද අත්හදා බලා තිබේ. එහිදී ලැබුණු ප්‍රතිඵල අනුව, HIV ආසාදනයට ලක් නොවූ පුද්ගලයන්ගෙන් 60%කට මෙම එන්නත මගින් ආරක්ෂාවක් ලැබී තිබේ.

    මෙම එන්නත අනුමත වුවහොත් කොරෝනා වෛරසය “පරාජය කිරීම සඳහා එය තවත් ආයුධයක්” කර ගත හැකි බව මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් පැවසීය.

    නමුත් එය කවදා අනුමත වේද යන්න තවමත් පැහැදිලි නැත.

    Reuters

    එක්සත් රාජධානිය තුළ සොයා ගැනුණු කොරෝනාවෛරසයේ නව මාදිලියට එරෙහිව මෙම එන්නත හොඳින් ක්‍රියා කිරීම නිසා ඒ පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය පෝල් හීත් පැවසීය.

    එක්සත් රාජධානියේ ජනගහනයෙන් මිලියන 7.4කට කොවිඩ් 19ට එරෙහි පළමු එන්නත් මාත්‍රාව මේ වන විට ලබා දී ඇති බව නිල සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

    ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසිනි. ඒවා තනා ඇත්තේ දුර්වලකරන ලද හෝ අක්‍රිය කරන ලද වෛරසයේ අනුඛණ්ඩයක් යොදා ගෙන නොවේ. ඒ වෙනුවට වෛරසයේ ජාන කේතයේ (genetic code) කොටසක් භාවිත කර තිබේ.

    එමගින් සිදු කෙරෙන්නේ, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ මතුපිට පවතින ‘ස්පයික් ප්‍රෝටීනය’ තැනීමට ඔබේ සිරුරේ සෛල පෙළැඹවීමයි. එම ප්‍රෝටීනයට ප්‍රතිචාර දක්වමින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ තැනීමට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මකවේ.

    කෝවිඩ් 19ට එරෙහි ඔක්ස්ෆර්ඩ් එන්නත තනා ඇත්තේ තවත් වෙනස් ක්‍රමවේදයක් භාවිත කරමිනි.

    මෙහිදී සිදු කෙරුණේ, චිම්පන්සියන්ට ලබා දෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ ජාන කේතයෙන් කොටසක් එකතු කිරීමය.

    එන්නතක් යනු කුමක්ද?

    Getty Images

    එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරය සූදානම් කිරීමයි.

    එන්නතක අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසකි. නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතකි.

    එය ශරීරගත කළ විට ආක්‍රමණිකයෙකු ඇතුළු වී ඇති බව සිරුර හඳුනා ගෙන ඊට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වේ. එහිදී ඊට අදාළ ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවේ.

    එම ක්‍රියාවලිය සිදු වීමෙන් පසුව එකී ජීවියා නැවත ශරීරගත වුවහොත් එම ආක්‍රමණිකයා පහසුවෙන් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් ය. ඊට අවශ්‍ය සෙබළුන් ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහ ද සිරුරේ පවතී.

    එහිදී ඔබට සම්පූර්ණයෙන් ම රෝගය වැළඳීම වලක්වන අතර එම ආගන්තුක ජීවියාගෙන් දරුණු බලපෑමක් සිදුවීමට පෙර එය විනාශ කර දැමීමට ඔබේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් ලැබෙනු ඇත.

    text by bbc sandesaya

  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

    පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02  දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිෂම පත් කරනු ලැබීය.

    මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදු කෙරිණ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන, ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල ප්‍රහාරයට ඉලක්ක විය. දෙමටගොඩ දී සහ දෙහිවලදී ත්‍රස්තවාදීහූ දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්හ.

    ප්‍රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක්  තුවාල ලැබූහ.

    කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ අය ඔවුන් අතර වූහ.

    වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විතය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග කොමිසමේ සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල්. බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු  ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී. බුවනෙක හේරත් යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය)

  • මියන්මාර හමුදාව යළි බලය අල්ලයි

    මියන්මාර හමුදාව යළි බලය අල්ලයි

    මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.

    මියන්මාරයේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති බව සඳහන්.

    පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ නමුත් හමුදාව චෝදනා කරනුයේ පැවති මැතිවරණය වංචනික එකක් වූ බවයි. මියන්මාරයේ සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බව හමුදාව පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය කියනවා.

    හමුදා කුමන්ත‍්‍රණය රටවල් කිහිපයක් විසින් හෙළාදකී

    මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවකට මාර්ගය නිර්මාණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵලයට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් යැයි ද ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

    එලෙස බාධා කරන සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සඳහන් කළාය.

    හමුදාව නැවත වරක් මියන්මාරයේ බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති නායකයන් කඩිනමින් නිදහස් කරන්නැයි අවධාරණය කරන බවත් ඔස්ට්‍රේලියානු රජය මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    මේ අතර මියන්මාරයේ සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එරට සිටින සිය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම කෙරෙහි තවම අවධානය යොමු කර නැති බවත් ජපානය සඳහන් කළේය.

  • කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන අගමැතිගේ අවසන් තීන්දුව

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන අගමැතිගේ අවසන් තීන්දුව

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බවත් එය සියයට 100ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි.

    අද (01) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අගමැතිවරයා කියා සිටියේ වත්මන් රජයේ ප්‍රධානම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම බවත් එනිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට නොදෙන බවයි.

    අග්‍රාමාත්‍යවරයා ලබා දුන් තීන්දුවත් සමඟ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (02) දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.

  • ලොව සුපිරිම සංගීතඥයින් 10 මෙන්න !

    ලොව සුපිරිම සංගීතඥයින් 10 මෙන්න !

    ඔබ සාර්ථක සංගීතඥයෙක් / රචකයෙක් / ගීත රචකයෙක්ද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අතිවිශාල ධනයක් රැස් කරගෙන තිබේද? ඔබේ ප්‍රසංග සඳහා ටිකට් පත් මිලදී ගත හැකි වන පරිදි සති ගණන් බලා සිටින රසික රසිකාවියන් මිලියන ගණනක් ඔබ සතුව තිබේද? ඔබගේ ග්‍රැමීස්, ටෝනිස්, ඔස්කාර් සහ වොට්නොට් එකතුවක් තැබීමට තරම් විශාල කාමරයක් තිබේද? එවිට ඔබ ලෝකයේ ධනවත්ම සංගීතඥයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය හැකිය! 

    නමුත් ඔබ එසේ නොවේ නම් කලකිරීමට පත් නොවන්න. මන්ද ඔබට තව දුරටත් උත්සාහා කළ හැකි බැවිනි. ඒ අතර ඔබට ඉලක්කයක් ගැනීමට වර්තමානයේ ලෝකයේ ධනවත්ම සංගීතඥයින් 10 දෙනා ගැන ඔබට කියමු. ලබන වසරේ ඔබ මේ ලැයිස්තුවේ සිටින බවට සහතික කර ගන්න.

    10. මැඩෝනා ($ මිලියන 590)

    මැඩෝනා සිය වෘත්තීය ජීවිතය පුරාම ගීත ඇල්බම් මිලියන 300 කට වඩා අලෙවි කර ඇති අතර ඇය ගිනස් ලෝක වාර්තා වලට අනුව මෙතෙක් ලොව වඩාත්ම සාර්ථක කාන්තා කලාකරුවා බවට පත්විය. 

    1980 ගණන්වල ඇය ජනප්‍රියම ගීත අතර ජනප්‍රියත්වයට පත්වන අතර 2000 සිට ඇය ඇල්බම 7ක් නිකුත් කර ඇති අතර ඉන් 6 ක්ම 2019 ජුනි මාසයේදී නිකුත් කරන ලද ඇගේ නවතම ඇල්බමය වන Madame X, ද ඇතුළුව ප්‍රස්ථාරවල # 1 ස්ථානයට පත්විය.  ඇගේ ප්‍රසංග චාරිකා මෙතෙක් ලබා ඇති වැඩිම ආදායම අතරට ශ්‍රේණිගත කර ඇත. ඇය ළමා පොත් ලියන අතර Grammys හතක් සහ Golden Globes යුගලයක් ද හිමිකරගෙන සිටී. 

    මැඩෝනා |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    9. ජුලියෝ ඉග්ලේසියස් Julio Iglesias ($ මිලියන 600)

    ජුලියෝ ඉග්ලේසියස් යනු කවුරුන්දැයි කවුරුත් දනිති, ඔහු එන්රික්ගේ පියා බවට පත්වන ගායකයා වුවද, 50 ට අඩු ඕනෑම කෙනෙකුට ඔහුගේ තනි ගීතයක් නම් කළ හැකිද? 

    කෙසේ වෙතත්, ඔහු මෙතෙක් වාණිජමය වශයෙන් වඩාත්ම සාර්ථක යුරෝපීය ගායකයා වන අතර, ඔහු යන ඕනෑම තැනක අඛණ්ඩව විකුණනු ලැබේ. ඔහු අවුරුදු 50+ ක වෘත්තීය ජීවිතය තුළ 5000 වතාවකට වඩා ප්‍රසංගයක් පවත්වා ඇති අතර ඔහු වැඩකරුවෙකි. 

    සමහර විට වඩාත්ම සිත්ගන්නා කරුණ නම් සංගීතය ඔහුගේ පළමු රැකියාව නොවීමයි; ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු බරපතල රිය අනතුරකට ලක්වීමෙන් පසු ගෝල් රකින්නෙකු ලෙස වැඩෙමින් තිබූ ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් විය. ඒ ඔබ දන්නා තැනකය

    විනෝදජනක කාරණය: 2007 දී ඔහු ඩොලර් මිලියන 25 ක මියාමි මන්දිරය විකිණීමට අපොහොසත් වූ විට, ඔහු එය කඩා දමා ඒ මත නව නිවසක් ඉදිකර ගත්තේ කවුද ඔහුව නවත්වන්නේ?

    ජූලියා ඉග්ලේසියස් |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    8. බොනෝ  Bono  ($ මිලියන 700)

    U2 වලින් පසු ඔවුන සෑහෙන කාලයක් තුළ හොඳ ඇල්බමයක් එළිදක්වා නොමැති අතර, බොහෝ විට ඔවුන්ට සමාව දිය හැකිය. ඇත්ත වශයෙන්ම, ඔවුන් ඇල්බම් මිලියන 160 ක් පමණ විකුණා ඇත. ඉතිහාසයේ ඕනෑම සංගීත කණ්ඩායමකට වඩා ග්‍රැමී සම්මාන 22ක් දිනා ඇත. ඔවුන්ගේ 2009-11 U2 360 ° සංචාරය, මෙතෙක් ලබා ඇති වැඩිම ආදායම උපයාගත් ශ්‍රේණිගත කිරීම් වේ. 

    නමුත් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස ඔහුගේ රාජකාරිය පසෙක තබා, බොනෝ සමාජ ගැටලු, පරිසරය සහ ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටීම ඇතුළු තවත් තොප්පි කිහිපයක් පැළඳ සිටී. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක් සහ ව්‍යාපාර ධනවාදියෙකි. 

    බොනෝ |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    7. ආචාර්ය ඩ්‍රේ  Dr. Dre ($ මිලියන 800)

    ඩී.ආර්.ඊ කලා ලෝකයට පිවිසියේ බලගතු NWAරැප් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස වන අතර ඔහුගේ පළමු ඒකල ඇල්බමය වන The Chronic 1992 දී නිකුත් විය.

    ඔහු  නිරපේක්ෂ ක්‍රීඩා වෙනස් කරන්නෙකු වූ අතර ගැන්ග්ස්ටා රැප් ප්‍රධාන ධාරාවට ඇද දැමුවේ නැත. නමුත් ඔහු 1997 දී සම්පාදක ඇල්බමයක් එළිදක්වා සාමාන්‍ය දෙවන ඒකල ඇල්බමය 2001 නිකුත් කළේය.

    ඔහු අති දක්ෂ ව්‍යාපාරිකයෙකු වන අතර  Snoop Dogg, Eminem, 50 Cent, සහ Kendrick Lamar අලෙවි කරයි.

     2014 දී ඔහු සිය Beats By Dre  නිෂ්පාදන පෙළ ඇපල් සමාගමට ඩොලර් බිලියන 3 කට විකිණීම අවසන් කළේය  !

    ආචාර්ය ඩ්‍රේ |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    6. සෙලීන් ඩියොන් Celine Dion($ මිලියන 800)

    “මගේ හදවත ඉදිරියට යනු ඇත – My Heart Will Go On” යනු සෑම කාලයකම වඩාත්ම ආදරණීය ගීතය විය හැකිය. නමුත් සෙලීන් ඩියොන් එම ටයිටැනික්  තරංගය / අයිස් කුට්ටිය සාර්ථකත්වයට ගෙන යන්නේ කෙසේදැයි දැන සිටියාය. ඇය මෙතෙක් ලොව වඩාත්ම වාණිජමය වශයෙන් සාර්ථක වූ කැනේඩියානු සංගීත ශිල්පිනියකි. 

    සෙලීන් ඩියොන් |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    5. Sean “Puffy” Combs ($ මිලියන 820)

    P. Diddy යනු විෂමතාවයකි. කුප්‍රකට බිග් තවමත් මෝටල්ස් දේශයේ වාසය කරන විට, කොම්බ්ස් මූලික වශයෙන් ඔහුගේ සහායකයා විය. පසුව බිග්ව ඝාතනය කරන ලද අතර හදිසියේම පෆී ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ මියගිය මිතුරාට උපහාර දැක්වීමෙනි. වසර 20 කට පසු, ඔහු සුපිරි ධනවත් හා ප්‍රසිද්ධ පුද්ගලයෙකි.

    පී .ඩිඩි |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    4. Herb Alpert (ඩොලර් මිලියන 880)

    යහපත් ස්වාමීනි, පෘථිවියේ සිටින මේ  පුද්ගලයා කවුද  ? ඔහු එය මෙම ලැයිස්තුවට ඇතුළත් කළේ කෙසේද? එය ඉතා සරල ය: ඔහු A&M Records හි පටිගත කිරීමේ ලේබලය වන අතර අවසානයේ ඔහු පොලිග්‍රෑම් වෙත ඩොලර් මිලියන 500 කට විකුණා දැමීය. 

    ඔහු සාපේක්ෂව දක්ෂ සංගීතඥයෙක් වූ අතර, ඔහුගේ ඇල්බම 5ක් ප්‍රස්ථාරවල # 1 ස්ථානයට පත්ව, ග්‍රැමී සම්මාන 9 ක් දිනා ගත් අතර, 2013 දී ජනාධිපති ඔබාමා වෙතින් ජාතික කලා පදක්කම National Medal of Arts ලබා ගත්තේය!

    හර්ප් ඇල්බට් |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    3. Jay-Z (ඩොලර් බිලියනය)

    Roc-A-Fella Records ජේ-ඉඩ් සාර්ථක පටිගත කිරීමේ සමාගමක් පවත්වාගෙන යයි. Rocawear ජේ-ඉඩ් ඉතා සාර්ථක ඇඳුම් පෙළක් ද ඇත. ඇල්බම මිලියන 100ක් අලෙවි විය. 19 ග්‍රැමී. 

    වයස අවුරුදු 12 දී ඔහු තම ආභරණ කිහිපයක් සොරකම් කිරීම නිසා තම සහෝදරයාට වෙඩි තබා ඇත. එය බොරුවක් / විහිළුවක් නොවේ, ඔබට එය සොයා බැලිය හැකිය. ඔහු සුපුරි ගායිකා බියොන්ස් දිනා ගැනීමට දැමීමට සමත් විය. තව මොනවා කියන්නද ?

    ජේ-ඉඩ් |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    2. ශ්‍රීමත් පෝල් මැකාර්නි  Sir Paul McCarney

    ශ්‍රීමත් පෝල් සංගීත ඉතිහාසයේ වඩාත්ම බලගතු රොක් කණ්ඩායමේ සාමාජිකයෙකු වූවා පමණක් නොවේ (Wings, obviously), ඔහු එක් බුද්ධිමත් අයෙකි. අති දක්ෂ ගී පද රචකයෙකි. නිදසුනක් වශයෙන්, සෑම බීට්ල්ස් ගීතයකටම සම-ලිවීමේ ගෞරවය ඉල්ලා සිටීමෙන් (ඔහු ඇත්ත වශයෙන්ම තානය ලියා තිබුණත් නැතත්), ඔහු විශ්වාස කළ නොහැකි තරම් ධනය සහතික කළේය. 

    ඔහු ප්‍රකාශන හිමිකම් 25,000 ක් හිමිකරගෙන ඇති අතර මිනිසා දන්නා සෑම සම්මානයක්ම දිනාගෙන ඇත.

    ඔහු රචනා කළ Yesterday යනු ගුවන්විදුලි ඉතිහාසයේ වඩාත්ම වාදනය කළ ගීතය මෙන්ම වඩාත්ම ආවරණය වූ ගීතයයි. 

    පෝල් මැකාට්නි |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    1. ඇන්ඩෘෘ ලොයිඩ් වෙබර් Andrew Lloyd Webber ($ බිලියන 1.28)

    ඔහු composed the musical Cats, යාලුවනේ! මිනිහා ගැන ඔබ දැනගත යුතු වන්නේ එපමණයි.

    ඇන්ඩ rew ලොයිඩ් වෙබර් |  ලොව ධනවත්ම සංගීත ians යන් |  සෙස්ට්‍රඩාර්

    zestradar.com ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි