Author: Editor(T)

  • ‘ගැබ් ගැනීමට පෙර’ අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණු 12ක්

    ‘ගැබ් ගැනීමට පෙර’ අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණු 12ක්

    පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ කරුණු වඩාත්ම විද්‍යාත්මක හා ප‍්‍රායෝගික ඒවා වනවා.

    විවාහ වූ යුවලක්, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික ‍යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ.

    එමගින්,

    • පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ.
    • කාන්තාව හා ඇගේ සහකරු‍ට ක්‍රියාශීලිව හා ‍නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට සුදානම් වීමට අවස්ථාව සැලසේ. පෙර සැගවී පැවති, ගර්භනීභාවයේ අමතර වෙහෙස නිසා හෙලිදරව් වන, සෞඛ්‍ය  සම්පන්න ගර්භනීභාවයකට බලපාන කරුණු (උදා. උපතේදීම ඇතිවන හෘ‍දයේ අක්‍රමිකතා, රුධිර ග්ලූකෝස් මට්ටම වැඩිවීම ආදිය) කල්තියා හදුනා ගැනීමේ අවස්ථාව සැලසේ.

    පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද?

    ආහාර වේල

    සාමාන්‍ය ආහාර වේලක් ගන්නා නිරෝගි කාන්තාවක් පළතුරු, කොළ ආහාර හා කිරි වැඩි වශයෙන් ගැනීමෙන් ශරීරයේ ඛනිජ ලවන යකඩ හා කැල්සියම් ප්‍රමාණය ඉහල නංවා ගැනීමට හැකිවේ.

    ශරීර‍යේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු කාන්තාවන්ට දරුවකු පිළිසිද ගැනීම අපහසු වන අතරම, ඔවුන් ගර්භනී සමයේ විවිධ සංකූලතාවයන්ට ද මුහුණ දෙයි. මෙවැනි කාන්තාවන් පෝෂණවේදියකු හමු වී උපදෙස් ලබාගැනීම සුදුසුය. විවිධ දේශීය පාන වර්ග හා තේ වර්ග ගර්භනී සමය තුළ භාවිත කිරීම අවදානම් සහිත බැවින් ඒවා භාවිතය අවම කල යුතුය. එවැනි දේ ගර්භනී සමය තුළ භාවිත කිරීමේ ආරක්ෂාකාරී බව පර්යේෂණ මගින් සනාථ කර නොමැත.

    ෆෝලික් අම්ලය

    ගර්භනී මවකට දිනකට අවශ්‍ය ෆෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රො ග්රෑම් 400කි. ආහාර මගින් පමණක් මෙම අවශ්‍යතාවය සම්පුර්ණ කරගත නොහැක. මේ නිසා අතිරේකව සිරුරට ෆෝලික් අම්ලය ලබාගැනීම වැදගත්ය. මෙය අවම වශයෙන් පිළිසිද ගැනීමට මසකට පෙරවත් ආරම්භ කළ යුතුය. සෑම ඖෂධහලකින් ම බෙහෙත් තුන්ඩුවක් නොමැතිව, ඉතා අඩු මිලට ලබාගත හැකි ෆෝලික් අම්ල පෙති එක බැගින් දිනපතා ගැනීමෙන් මේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක.

    පිළිසිද ගැනීම‍ට පෙර ෆෝලික් අම්ලය භාවිතය ආරම්භ කිරීම ඉතා වැදගත්ය. ෆෝලික් අම්ලය, දරුවාගේ ස්නායු පද්ධතියේ නිසි වර්ධනයට හා විකසනයට අත්‍යවශ්‍ය වේ. දරුවාගේ ස්නායු පද්ධතියේ විකසනය, ගර්භනී සමයේ ඉතා මුල් අවදියේදී සිදුවන අතර ඔබ ගර්භනීබව දැනගැනීමට ද පෙර මෙය සිදුවේ. එයින් පසු ෆෝලික් අම්ලය භාවිතය ඇරඹීමෙන් බලාපොරොත්තු වන යහපත් ප්‍රතිඵල අත් කර ගත නොහැකි වනු ඇත.

    ව්‍යායාම

    නිතර ක්‍රමානුකූලව ව්‍යායාමයෙහි නිරත වන කාන්තාවන්ට, එය තව දුරටත් කරගෙන යාමට උපදෙස් දිය යුතුය. එලෙස සිදු නොකරන කාන්තාවන්ට  ක්‍රමවත්ව ව්‍යයාම කිරීමට අනුබල හා උපදෙස් ලබාදිය යුතුය. කෙසේවෙතත් ගර්භනී සමයේ මුල් මාස තුනේ දී අධික වෙහෙස වී ව්‍යායාම කිරීම අනුමත නොකෙරේ.

    දුම් පානය

    ගර්භනී සමයේ දුම්පානය කිරීම හා දුම් පානය කරන්නෙකු අසල සිටීම (අක්‍රිය දුම් පානය) ගබ්සාවීම් හා මල දරු උපත් ඇතුළු සංකූලතා රැසකට මග පාදයි.

    මත්පැන් භාවිතය

    ගර්භනී සමයේ අධික ලෙස මත්පැන් භාවිතය දරුවාගේ වර්ධනය අඩාලවීම, මන්දබුද්ධිකතාවය, දරුවාගේ මුහුනේ ඇතිවන විවිධ විකෘති හා හැසිරීමේ වෙනස්කම් ඇතුළු රෝග ලක්ෂණ රැසකින් යුතු  foetal alcohol syndrome නම් තත්ත්වය ඇති කරයි.

    ඖෂධ භාවිතය

    ඖෂධ හලකින් බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ලබාගත හැකි ඖෂධ හා ආයුර්වේද ඖෂධ ඇතුලු සියලු ඖෂධ වර්ග භාවිතය අවම කිරීම හොද පුරුද්දකි. වෛද්‍ය උපදෙස් මත පමනක් ගර්භනී සමයේදී ‍ඖෂධ ලබා ගන්න.

    කලක් තිස්සේ පවතින රෝග

    දියවැඩියාව – ගර්භනී සම‍යේ දී රුධිරගත සීනී මට්ටම ඉතා හොදින් පාලනය වී පවතින බවට රෝගීන් වගබලා ගත යුතුය. රුධිරයේ සීනී මට්ටම පාලනය කිරීමට පෙති වර්ග භාවිත කරන රෝගීන් ඒ සදහා ඉන්සියුලින් එන්නත් භාවිතය ඇරඹිය යුතුය.

    අධි රුධිර පීඩනය – අධි රුධිර පීඩනය පාලනය කිරීමට ‍යොදා ගන්නා ඇතැම් ඖෂධ ගර්භනී මවකට නුසුදුසු විය හැක. එම නිසා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගෙන වඩා ආරක්ෂාකාරී ඖෂධවලට මාරුවීම අවශ්‍යය

    අපස්මාරය – අපස්මාරය සදහා භාවිත වන බොහෝමයක් ඖෂධ ගර්භනී සමයේ දී භාවිතයෙන් භ්‍රෑණයට විවිධ සංකුලතා ඇති කරන නමුත් අත්‍යවශ්‍යය. ඵයට හේතුව ඵම කාලය තුල රෝගය උත්සන්න වුවහොත් ඵමගින් භ්‍රෑණයට විය හැකි හානිය වඩා බරපතල වීමයි. එක් ඖෂධයක් පමණක් යොදා ගැනීමෙන් මෙම අවදානම අවම කරගත හැකිය. මේ නිසා විශේෂඥ වෛද්‍යයවරයෙකු හමු වී අපස්මාර රෝගය හොදින් පාලනය කිරීමට සමත්, දරුවාට අවම බලපෑමක් ඇති කරන ඖෂධයකට මාරුවීම වැදගත්ය.

    විවිධ ආසාදන

    රුබෙල්ලා – ගර්භනී සමයේ පළමු සති 8-10ත් අතර කාලයේ ඇතිවන රුබෙල්ලා ආසාදනයන් නිසා 90% අවස්ථාවලදී දරුවාට හානි පැමිනේ. මන්දබුද්ධිකභාවය, ඇසේ සුද ඇතිවීම, බිහිරිවීම, හෘදය වස්තුවේ සිදුරු හා වෙනත් ආබාධ, ගර්භනී සමයේ දී දරුවාගේ වර්ධනය අඩාලවීම ආදිය මින් ඇතිවන සමහර සංකූලතා වේ. මේ තත්ත්වය වැලැක්වීම සදහා පාසල් යන අවධියේ දී සියලුම ගැහැණු ළමයින්ට රුබෙල්ලා එන්නත ලබාදීම සිදුකෙරේ. ඔබ ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින, එහෙත් තවමත් රුබෙල්ලා එන්නත ලබාගෙන නොමැති කාන්තාවක් නම්, ගැබ් ගැනීමට මාස 3කටවත් පෙර මෙම එන්නත ලබාගන්න.

    පැපොල රෝගය – ගර්භනී සමයේ පළමු සති 20 තුලදී පැපොල රෝගය වැළදීම Congenital varicella syndrome නම් තත්ත්වය දරුවා තුළ ඇති කරයි. දරුවාගේ අත පය ප්‍රමාණය‍ට වඩා කුඩා වීම, හිසෙහි වර්ධනය අඩාල වී කුඩා හිසක් ඇති වීම, ඇසේ සුද ඇති වීම, වර්ධනය අඩාල වීම, සමේ කැළැල් ඇති වීම මෙහිදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ සමහරකි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පැපොල රෝගයේ ප්‍රතිදේහ ශරීරයේ නොමැති පුද්ගලයන් ( රෝගය වැලදී නැති පුද්ගලයන්) හට එන්න්ත ලබාදීම නිර්දේශ කර ඇත. නමුත් මෙම එන්නත ගර්භනී මාතාවන් විසින් ලබා නොගත යුතු අතර, එන්නත ලබා ගැනීමෙන් මාස 3ක් යනතෙක් ගැබ් ගැනීමෙන් වැලකිය යුතුය.

    මවගේ වයස හා සම්බන්ධ අවදානම් තත්ත්ව

    මව්වරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කිසිදු සංකූලතාවයකින් හෝ බාධාවකින් තොරව දරුවන් බිහි කරන බව සදහන් කිරීම වැදගත්ය. කෙසේ වුවද මවගේ වයස වැඩිවත්ම ඔවුන්ට විකෘති සහිත දරුවන් ඉපදීමේ ඉඩකඩ වැඩි වේ. එලෙසම මවගේ වයසත් සමග ගබ්සා වීම, නිවුන් දරු උපත්, ගර්භාෂයේ ගෙඩි, අධි රුධිර පීඩනය හා ගර්භනීකල ඇතිවන දියවැඩියා තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි වේ.

  • වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03

    වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03

    පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය.

    අඹ, දූරියන්, රඹුටන්, අලිපේර පමණක් නොව කාගේවත් පාලනයක් නැතිව කැලයේ සෑදෙන ගල්සියඹලා පවා මේ වාරයේ බහුලව පලදරා තිබේ. මාස කීපයකට ඉහතදී පලතුරු ගස්වල මල් හටගැනීම උත්තේජනය වෙන දැඩි හිරුරැස් පතිත වූ පරිසර ආතතික තත්වයක්ද, ඉන්පසු වර්ධනයට හිතකර සුවදායී වැසිසහිත සිසිල් කාලගුණයක්ද පැමිණීම මෙම පලදාවට හේතුවන්නට ඇති බව ශාක කායික විද්‍යාඥයින්ගේ මතයයි.

    කෙසේ වුවත් අද මෙරට තිබෙන බොහොමයක් පලතුරු ගස් සිටවූවා මිස ක්‍රමවත් කප්පාදුවක් යටතේ අයිතිකරුගේ පාලනයට නතුවූ ඒවා නොවේ. ඒ නිසාම ඒවාහි වර්ධනය සිදුවී ඇත්තේ ගසට උවමනා පරිදිය. පලදාව දෙන්නේද සොබාදහමේ නියමයන්ට අනුව තම වර්ගයා නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයක් බීජ නිපදවා පරිසරයට මුදාහැරීමට මිස, සිටවූ පුද්ගලයාගේ ආර්ථික ප්‍රතිලාභයන් පිරිමසන්නට නොවේ. එවැනි පැරණි පලතුරු ගස් දැඩි කප්පාදුවක් හරහා ‘තිරිහන් කිරීමේ’ ක්‍රියාවලිය පුනර්ජනනීය කප්පාදුව සේ හැඳින්වේ. ඒ හරහා පලතුරු ගසට ආදේශ වෙන තරුණ ජවය හරහා අප නෙලාගන්නේ වැඩි පලදාවකි.

    අඹ හා රඹුටන් මේ ක්‍රමයට පහසුවෙන් පුනර්යෞවන කරගත හැකි පලතුරු ගස් දෙවර්ගයකි. මීට අමතරව දූරියන්, බෙලි, දිවුල් වැනි පලතුරු ශාකද මෙසේ කප්පාදු කල හැකිය. නමුත් සිට්‍රස් කුලයට අයත් දෙහි, දොඩම් වැනි ශාක සඳහා මෙය සුදුසු වන්නේ නැත.

    පුනර්ජනනීය කප්පාදුවේ අරමුණ පලතුරෙන් පලතුරට මෙන්ම වගාකරු අනුවද වෙනස් විය හැකිය. හොඳ ජනප්‍රිය මාදිලියක බද්ධ අඹ පැලයක් සිටුවීමෙන් පසු, අතු කප්පාදුවකට යන්නේ නැතිව, උවමනාවටත් වඩා පරිස්සමෙන් රැකබලා ගැනීමට ගොස්, මේ වනවිට ඔබ නතරවී සිටින්නේ අඹගසට පුනර්ජනනීය කප්පාදුව අත්‍යවශ්‍ය බව සිතෙන ස්ථානයක විය හැකිය.

    මන්දයත් සිටුවීම හා පොහොර දැමීම පමණක් ඔබගේ වගකීම ලෙස සලකා කටයුතු කල බැවින් ඔබ සතු අඹ ගසෙහි අතු එකිනෙක අතිපිහිත වීම නිසා, කිරුළේ පත්‍ර වැඩි ප්‍රමාණයකට සූර්යාලෝකය වැටෙන්නේද නැත. ඒ අනුව ශාකයේ සූර්යාලෝක ප්‍රතිග්‍රහණය ඉතා අකාර්යක්ෂමය. ඒ හේතුවෙන්ම පලදාවද අවම අගයක් ගනී.

    ගස් උසින් වැඩි බැවින් සෑදෙන සුළු ගෙඩි ප්‍රමාණය වුවත් අපගේ ග්‍රහණයට නතුකර ගැනීම අපහසුය. සැලකිය යුතු ගෙඩි ප්‍රමාණයක් පලතුරු මැස්සාගේ හානියටත්, පැසී ඉදෙද්දී වවුලන් ලේනුන් වැනි වෙනත් සතුන්ගේ ආහාරය පිණිසත් යෙදවෙන්නේය. එවන් හානියක් විඳ දරාගනිමින් දිගටම සිටිය යුතු නැති අතර, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වගාකරුට හසුරුවාලිය හැකි හුරුබුහුටි ගසක් පැරණි ගසෙන්ම නිර්මාණය කිරීමටයි මේ මූලික පියවර.

    පුනර්යෞවනය ලබන ගසේ උස අඩි 10-12 ක් තරමට සීමාකර ගන්නේනම් සෑදෙන ගෙඩි කුඩා අවධියේදී කවර මගින් ආවරණය කිරීම වැනි ක්‍රමයක් හරහා ආරක්ෂා කල හැකි වෙනවා පමණක් නොව පරිනත වනතුරු වෙනත් සතුන්ගෙන් සිදුවිය හැකි හානිද අවම කරගත හැකිවන්නේය. කෙසේ නමුත් කප්පාදුවෙන් පසු, අස්වැන්න නොලැබෙන වසර දෙක තුනක්ද උදාවෙන නිසා ඔබ විසින් ඒ සඳහාද සිත එකඟ කරගත යුතුවේ.

    මේ වැසි සමය කප්පාදුවක් සඳහා උචිත කාලයක් වේ. අධික වැසි හා අධික වියලි කාල මගහරින්නේ නම් වඩාත් යෝග්‍යයය. අතු බොහොමයක් කපා දැමුව විටදී පසෙහි තිබෙනා ජලය කාර්යක්ෂමව ශාකය තුලට ඇද ගැනීමට ඉවහල් වන, පත්‍ර වලින් ජලය වාශ්පවීම නිසා ගොඩනැගෙන චූෂණ බලය නොහොත් උත්ස්වේදන චූෂණය ශාකයට අහිමි වී යයි. ඒ නිසා කප්පාදුව සිදුකරන අවස්ථාවේදී පහසුවෙන් උරාගැනීම සඳහා පසේ හොඳින් ජලය තිබිය යුතුයි.

    ජලය ඇදගනීමට අවශ්‍ය චූෂණ බලය ලබාදීම සඳහා ප්‍රමාණවත් වන පරිදි එක අත්තක් පමණක් ඉතිරි කර අනෙක් අතු කපා දැමීම පුනර්ජනනීය කප්පාදුවේ පළමු පියවරයි. ඉතිරි කරන මෙම අත්ත ප්‍රධාන අත්තක් නොවන අතර ගසේ සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි පත්‍ර හොඳින් තිබෙන කුඩා අත්තක් විය යුතුවේ. පැරණි අඹ ගසක් දරන මුළු අතු ප්‍රමාණයෙන් 80% ක් පමණ ඉවත් කරනවා යනු, විශාල දැව ප්‍රමාණයක් නිදහස් වීමකි. දුර්වල දැව වර්ගයක් නිසා මේවා කලක් තබාගැනීමද කල නොහැකිය. එබැවින් කප්පාදුවෙන් පසු නිදහස්වෙන දැව සඳහාද ආර්ථික වටිනාකමක් ලබාගැනීමේ ක්‍රමයක් සූදානම් කරගෙනම කප්පාදුව ඇරඹීම වඩාත් පලදායී වේ.  

    අතු බෙදීම ඇරඹි ස්ථානයට අඟල් කීපයක් ඉහලින් මෙම අතු කපා ඉවත් කල යුතුවේ. (ඉතිරි කරන අත්ත හැර)අතු කැපීම සඳහා යාන්ත්‍රික කියතක් භාවිතා කල හැකිය. කැපුම් තලය මත ජලය නොරැඳෙන පරිද්දෙන් යම් ආනතියකින් කැපිය යුතු අතර, දිලීර නාශකයක් කැපූ පෘෂ්ඨයේ ආලේප කිරීමටත්, එය වියලුන පසු ඊට උඩින් සුදු එනමල් තීන්ත මගින් තුවාලය වැසීමටත් අමතක නොකරන්න. මෙම තීන්ත ආලේපනය වසරකට වරක් පමණ කීප වතාවක් කලයුතු වේ. කැපූ අතුවල මෙතෙක් කලක් අක්‍රියව තිබූ පාර්ශ්වික අංකුර වහ වහා ක්‍රියාත්මක වන බව ඔබට පෙනේවි. තමාට අවශ්‍ය ආකාරයේ කිරුළක් සාදාගැනීම උදෙසා ප්‍රමාණවත් අතු සංඛ්‍යාවක් ඉතිරි කරගෙන අලුතින් සෑදෙන වැඩිපුර රිකිලි ඉවත් කිරීමට පසුබට නොවන්න.

    ලපටි දළු පහසුවෙන් ඇන්ත්‍රැක්නෝස් වැනි දිලීර රෝග වලටද, අඹ කීඩෑවා වැනි කෘමීන්ගේ හානියටද පාත්‍ර විය හැකි නිසා සංස්ථානික කෘමිනාශක සහ දිලීර නාශක යෙදීමද ආරක්ෂක පියවරකි. බොහොමයක් කප්පාදු කල අඹ ගස් අසාර්ථකවන්නේ අලුතින් හටගන්නා රිකිලි වලට සිදුවන මෙවැනි ආසාදනයන් නිසා බැවින් කප්පාදුවෙන් පසු මෙය විශේෂයෙන් සැලකියයුතු කරුණක් වන්නේය. අඹ කීඩෑවා මර්දනයට තියාමෙතොක්සෑම් Thiamethoxam (ඇක්ටාරා) හෝ ඉමිඩක්ලොප්‍රිඩ් Imidacloprid (ඇඩ්මයර්) යොදන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් සැලකිය යු මේ වසවිස ද්‍රව්‍ය මල් පිපුනාට පස්සේ නම් යොදන්න එපා. පරාගනය සඳහා උපකාර කරන හිතකර කෘමි සතුනුත් මැරෙනවා. දළු වලට පමණයි.

    ලපටි දළුවලට එන ඇන්ත්‍රැක්නෝස් දිලීර රෝගය පාලනයට ඩැකොනිල් Daconil හෝ කාබෙන්ඩසිම්  Carbendazim වැනි දිලීර නාශකයක් යොදන්න පුළුවන්. ශාකයේ ජීවී ක්‍රියාකාරිත්වය සඳහා සෑදී ඇති නව කිරුල ප්‍රමාණවත් යයි සිතෙන්නේ නම්, පෙරදී ඉතිරි කරගත් පැරණි අත්තද දැන් කපා දැමිය හැකිවේ. බොහෝවිට මේ සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනු ඇත. තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. කෘතිම උත්තේජනයක් ලබාදී මල් හටගැන්වීමද, ඒ හරහා තමාට අවශ්‍ය කාලයට පලදාවක් ලබාගැනීමටද දැන් පුළුවන. නමුත් එම මාතෘකාව එනම කතා කල යුත්තකි.

    රඹුටන් වල ඇත්තේ වෙනම තත්වයකි

    රඹුටන් වල ඇත්තේ වෙනම තත්වයකි.  සිටුවීමේදී බද්ධ පැලයක්ම සිටුවන මෙන් මෙහිදී උපදෙස් දෙන්නේ රඹුටන් ගෙඩියේ ඇටයෙන් සෑදෙන පැල ඇතැම්විට අඩකටත් වඩා ප්‍රමාණයක් පිරිමි ශාක ලෙස උපදින නිසාය. ඒවාහි කිසිදා ගෙඩි හටගන්නේ නැත. ගස පිරෙන්නට මල් පිපෙනවා පමණි.

    ඔබගේ වත්තේ ඇති එවන් රඹුටන් ගසක් පුනර්ජනනීය කප්පාදුවක් හරහා ‘තිරිහන්’ කිරීමේදී අලුතින් ලියලා එන අංකුර වලට රසවත් රඹුටන් මාදිලියක් බද්ධ කරගැනීමෙන් ඔබ ලබනා තෘප්තිය සුළුපටු නොවනු ඇත. පිරිමි ගසක් නොවුනත්, ඇඹුල් රසැති, හොඳින් මදය නොගැලවෙන ගෙඩි දරනා රඹුටන් ගසක් වුවද මේ ක්‍රමයෙන් ‘මල්වාන’ රඹුටන් බවට පත්කළ හැකිවේ.

    කප්පාදුව සඳහා තිබිය යුතු පරිසර තත්වයන් අඹ කප්පාදුවේ අකාරයටමය. එක වෙනසක් වන්නේ බීජ වලින් බිහිවූ බොහොමයක් රඹුටන් ගස් අතු බෙදෙන්නේ නැතිව, තනි කඳක් සේ සෑහෙන දුරක් වර්ධනයවූ ඒවා වීමයි. එසේනම් කප්පාදුවේදී පළමුව කල යුත්තේ අඹ ගසට සිදුකල පරිද්දෙන්ම එක අත්තක් ඉතිරි වන සේ අනෙක් අතු බිම හෙලා ගසේ බර අඩු කිරීමයි. අනතුරුව පොලොව මට්ටමට අඩියක් දෙකක් ඉහලින් ප්‍රධාන කඳේ භාගයක් පමණ ගැඹුරට හරස් කැපුම් දෙකක් යොදා, ඉංග්‍රීසි වී (V) අකුර හැඩැති තුනී දැව පෙත්තක් ඉවත් කර ගැනීමයි.

    මෙහි ඇති ඡායාරූපයේ ඇත්තේ රඹුටන් නොවූවත්, කඳකට යෙදූ එවන් කැපුමකි. ගසේ බර කලින්ම අඩුකළ යුත්තේ මෙම දුර්වල ස්ථානයෙන් බිඳී ගස පෙරලීයාම වැලැක්වීමටයි. නොබෝ දිනෙකින් කැපුමට පහල ප්‍රධාන කඳෙන් රිකිලි ලියලා එනු ඇති. අඹ ගසට තරම් ඇන්ත්‍රැක්නෝස් හෝ කීඩෑ හානියක් මෙහිදී සිදුවන්නේ නැත. එහෙත් ලපටි දළු රිකිලි වල ආරක්ෂාව පිළිබඳව නිතර සොයා බැලිය යුතුවේ. සුළුවෙන් හෝ කෘමි හානියක් දක්නට ලැබෙන්නේ නම් සැර අඩු කෘමිනාෂකයකින් ගැටලුව විසඳා ගත හැකිය.

    හොඳින් වැඩෙන රිකිලි තුන හතරක් වුවත් ඉතිරි කරගෙන අනෙක්වා ඉවත් කිරීමෙන් ඉතිරි කරගත් රිකිලිවල වර්ධනය වේගවත් වන අතර, බද්ධ කිරීම සිදු කල යුත්තේ මේවාටය. ඒ සඳහා අලුත් රිකිලි පැන්සලක් තරමටවත් මහත් වෙනතුරු ඉවසා සිටින්නට ඔබට සිදුවේවි.

    ඉදිරි ලිපි

    රඹුටන් වර්ග කීපයක් එකම ගසේ අතුවල ! වැටුනහම ගෙඩි අහුලන බෙලි,දිවුල්, දූරියන් වලට පුනර්ජනන කප්පාදුවක් කුමටද?

    සනත් එම්. බණ්ඩාර

  • හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස්ට බාර දෙයි

    හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස්ට බාර දෙයි

    පසුගිය අගෝස්තු 17 වැනි දින ප.ව 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන්නේය.

    විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මෙම වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර අනිද්දා (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

  • සම්පත් බැංකුවේ මුළු වත්කම් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යයි

    සම්පත් බැංකුවේ මුළු වත්කම් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යයි

    Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී.

    මේ වනවිට ද අභියෝගයට ලක්ව ඇති දේශීය ආර්ථිකය, Covid-19 වසංගතය පැතිරීයාමෙන්, තවදුරටත් ආතතියට පත් විය. මෙම ආර්ථික අභියෝගයන්ට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව දෙවන කාර්තුවේදී, දෙවරක් ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2020 ජූනි 30 වන විට සම්මත තැන්පතු පහසුකම් අනුපාත (SDFR) සහ සම්මත ණය පහසුකම් අනුපාත (SLFR) පිළිවෙලින් 5.5% සහ 6.5% ක් දක්වා පහත වැටුණි. එසේම වෙළඳපල ද්‍රවශීලතා මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් 2020 මුල්භාගය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අදියර දෙකකින්, 5% සිට 2% දක්වා පහත හෙලන ලදි.

    Covid-19 වසංගතය හමුවේ ආර්ථිකය හා බැංකු ක්ෂේත්‍රය, සමස්තයක් ලෙස පෙර අත්නොදකින ලද අභියෝගයන්ට මුහුණදෙමින් සිටි මධ්‍යයේ වුවද, සම්පත් බැංකුවට සිය මුළු වත්කම්, ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යාමට හැකි වූ බව සතුටින් දන්වයි. වසර 33 ක් වැනි කෙටි කාලයක් තුළදී, මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ශ්‍රී ලංකාවේ ලාබාලතම ව්‍යාපාරික සංවිධානය ද සම්පත් බැංකුව විය හැක.

    රට තුළ පැවති සංචරණ සීමා හේතු කොටගෙන, දැඩි ලෙස පීඩාවට පත් වූ සිය වටිනා ගනුදෙනුකරුවන්ට ඔවුන් මුහුණ දුන් අභියෝග සහ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වූ සේවාවන් සැලසීමට, මෙම අසීරු කාලපරිච්ජේදය තුළදී බැංකුව අතිමහත් පරිශ්‍රමයක් දැරීය. සම්පත් බැංකුවේ පුළුල් ශාඛා ජාලයත්, තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණත්වය හා ඒ සම්බන්ධව සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනයන් හේතු කොටගෙන මෙම අභියෝගාත්මක කාල මධ්‍යයේ කිසිඳු බාධාවකින් තොරව කටයුතු කිරීමට සම්පත් බැංකුවට හැකි විය. රජය විසින් හඳුන්වා දී ඇති සියලුම සහන ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බැංකුව කැප වූ අතර, රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද තාවකාලිකව ණය අයකිරීම ප්‍රමාද කිරීමේ ක්‍රමය යටතේ, බැංකුවේ ණය කළඹෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සහන සඳහා සුදුසුකම් ලැබීය. තවද රජය විසින් හඳුන්වා දුන් සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබා දීමේ දී බැංකුව ක්‍රියාකාරීව කටයුතු කළේ ය. එසේම, ප්‍රතිව්‍යුහගත කිරීම ද ඇතුළුව, සෑම අංශයකම දැඩිලෙස බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලු සහන සැලසීමට ද ක්‍රියාකාරීව පියවර ගන්නා ලදී.

    2020 මුල් අර්ධ වර්ෂයේ දී මුහුණ පෑමට සිදුවූ පෙර අත්නොදකින ලද අභියෝග හේතුකොටගෙන එම කාලයේ මුල්‍ය ප්‍රතිඵල 2019 මුල් අර්ධ වාර්ෂිකය සමඟ සංසන්දනය කිරීම, යථාර්ථවාදී නොවිය හැකි බවද සැලකිල්ලට ගත යුතු කරුණකි.

    2020 පළමු භාගය සඳහා වූ සම්පත් බැංකුවේ මුල්‍ය ප්‍රතිඵල

    2020 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 5.32 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 3.97 ක් වාර්තා කර ඇත. 2020 මාර්තු මස මැද භාගයේ සිට පැවැති පෙර අත්නොදකින ලද අභියෝග මධ්‍යයේ වුවද , 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව බදු පෙර ලාභය සහ බදු පසු ලාභයෙහි පහත වැටීම පිළිවෙළින් 8% කට සහ 3.2% කට සීමා කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 වර්ෂය සඳහා ළඟාකරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක වෙත බැංකුව ශක්තිමත් ප්‍රගතියක් ලබා දී ඇති අතර, තාක්ෂණික දියුණුව හා සබැඳි විවිධාර්ගීකරණය වූ නිෂ්පාදන කළඹ සහ ශක්තිමත් පිරිවැය පාලන පියවරයන් මඟින් ලාභයට වන බලපෑම පාලනය කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් 7.7% සහ 4.2% කින් පහත වැටුණු අතර එය පිළවෙලින් රුපියල් බිලියන 5.48 ක් සහ රුපියල් බිලියන 3.99 ක් විය.

    මේ අතර, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 13.30% ක් සහ මුළු ප්‍රාග්ධන අනුපාතය 16.77% ක් වශයෙන් පවත්වා ගනිමින් බැංකුව මනා ප්‍රාග්ධනීකරණයකින් යුතුව මෙහෙයුම් සිදු කර ඇත.

    අරමුදල් මත පදනම් වූ ආදායම (FBI)
    2020 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම සාධක දෙකක් හේතුකොටගෙන සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ අතර, එම සාධක වනුයේ, ආර්ථිකයට සහන ලබා දීම සඳහා ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීම සහ ණය අයකර ගැනිම් තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රමවේදය යටතේ ගනුදෙනුකරුවන්ට සහන සැලසීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස Covid-19 ණය අයකර ගැනීම් පමා කිරීමේ ක්‍රමවේදය යටතේ පළමු දින අලාභය (day 1 loss) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 (SLFRS-9) හි සඳහන් වන සංශෝධිත ක්‍රමය අනුගමනය කරමින් හඳුනා ගත් අතර පොලී ආදායමට එරෙහිව වාර්තා කරන ලදී. සමස්ථ පළමු දින අලාභයම මෙම කාලපරිච්ජේදයේදී වාර්තා කල බැවින් 2020 දෙවන අර්ධ වාර්ෂිකය තුළ වාර්තා කිරීමට Covid-19 ණය අයකිරීම් ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය ආශ්‍රිත අමතර අලාභ කිසිවක් ඉතිරිව නැත.

    ඉහත සඳහන් කළ හේතුන් මත, බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2019 අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව 2020 පළමු භාගය තුළ 11.9% පහත වැටී ඇති අතර එය රුපියල් බිලියන 17.4 ක් ලෙස වාර්තා විය. ශුද්ධ පොළී ආදායමට බලපාන සාධක කළමනාකාරීත්වය විසින් සමීපව අධීක්ෂණය කරන අතර, බැංකුවේ වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව විසින් ශුද්ධ පොලී ආදායම ප්‍රශස්ත මට්ටමට කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත. සමස්තයක් වශයෙන්, සමලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා පොලී ආදායම රුපියල් බිලියන 5 කින් පහත වැටී, රුපියල් බිලියන 46.2 ක් ලෙස වාර්තා වූ අතර, එය 2019 වර්ෂයට අදාළ අනුරූපී කාලපරිච්ජේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 51.2 ට සාපේක්ෂව 9.8% ක අඩු වීමකි. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 31.4 ට සාපේක්ෂව, 2020 දෙවන කාර්තුවේ ද මුළු පොලී වියදම රුපියල් බිලියන 28.8ක් විය. එය 8.5% ක අඩුවීමකි.
    එහි ප්‍රතිඵලයක් වශයෙන් , 2020 වර්ෂයේ පළමු අර්ධ වර්ෂය සඳහා වූ ශුද්ධ පොලී ආන්තිකය, 2019 දී වාර්තා වූ 4.46% ට සාපේක්ෂව 3.57% ක් විය.

    අරමුදල් මත පදනම් නොවන ආදායම (NFBI)
    ණය ,වෙළඳ , කාඩ්පත් හා විද්‍යුත් මාර්ග ආශ්‍රිත ගාස්තු යනාදියෙන් විශාල වශයෙන් සමන්විත වන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා රුපියල් බිලියන 3.8 කට සීමා වූ අතර, එය 2019 වර්ෂයේ පළමු භාගයෙහි වාර්තා වූ අගයට වඩා 18.9% ක පහත වැටීමකි. මෙම පහත වැටීමට ප්‍රධාන සාධකය වූයේ, මෙම අභියෝගාත්මක කාලපරාසය තුළ ගණුදෙනුකරුවන්ට සහන සැලසීම අරමුණු කර ගෙන පනවා තිබූ සීමාවන් හේතුවෙන් ණය ආශ්‍රීත ගාස්තු සහ කොමිස් ආදායම අඩුවීම ය. මේ අතර, සම්පත් විශ්ව (app) හා අනෙකුත් විද්‍යුත් මාර්ග ආශ්‍රිත නිෂ්පාදන පුළුල් භාවිතය හේතුවෙන් විද්‍යුත් මාර්ග ආශ්‍රීත ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.7% කින් අවප්‍රමාණය වූ අතර ඒ හේතුවෙන් උපලබ්ධි විනිමය ආදායම වැඩිවීම නිසා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම, 2020 වර්ෂයේ පළමු භාගයේ දී 509% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයේ දී වාර්තා කරන ලද රුපියල් මිලියන 642 ක් වූ අලාභයේ සිට 2020 වර්ෂයේ පළමු මාස හය සඳහා වූ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.6 ක් දක්වා වර්ධනය විය. අනෙත් අතට ඉහත සඳහන් කල විනිමය අවප්‍රමාණය හේතුවෙන් ඉදිරි විනිමය ගිවිසුම් තුළින් බැංකුවට රුපියල් මිලියන 107 ක ශුද්ධ වෙළඳ අලාභයක් දැරීමට සිදු විය. එබැවින්, සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා විදේශ විනිමය ගනුදෙනු මත වූ බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 1.8 ක් විය.

    මෙහෙයුම් වියදම්
    මෙහෙයුම් වියදම්, 2019 වර්ෂයේ පළමු භාගයෙහි රුපියල් බිලියන 10.1 ක් වූ අතර, එය සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ රුපියල් බිලියන 9.6 ක් දක්වා අඩුවිය. එය 5.2% ක වාර්ෂික පහත වැටීමකි. බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පිරිවැය පාලන උපායමාර්ග මෙම පහත වැටීම කෙරෙහි ඉවහල් වී ඇත. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදයේ වාර්තා කල 38.8% සිට බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය (මුල්‍ය සේවාවන් මත වූ එකතු කල අගය මත බදු ඇතුළත් නොවූ) 2020 පළමු මාස හය තුළ 40.2% ක් දක්වා අන්තික වර්ධනයක් සිදු වී ඇත.මෙම ආන්තික වර්ධනයට ප්‍රධාන හේතුව වූයේ, 2020 මුල් භාගය තුළ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් පහත වැටීම වේ.

    ණය හා ලැබීම් මත අපහායන අයකිරීම්
    පවත්නා ආර්ථීක අවපාතය හේතුවෙන් ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති ගනුදෙනුකරුවන් සඳහා බැංකුව විසින් සැලකිය යුතු ප්‍රතිපාදනයක් සිදුකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදයේ වාර්තා වූ රුපියල් බිලියන 2.5 සිට 2020 වර්ෂයේ මුල් භාගයේදී තනි ලෙස සැලකිය යුතු ගනුදෙනුකරුවන්ට එරෙහි අපහායන අයකිරීම් රුපියල් බිලියන 4.3 දක්වා ඉහළ ගොස් ඇත. තවද, ආර්ථික පසුබෑම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, සම්පත් බැංකු කළමණාකාරිත්වය, සාමුහික අපහායන ප්‍රතිපාදනයන්ද වැඩි කිරීමට තීරණය කරන ලදී. කෙසේ වුවද, 2020 වර්ෂයේ මුල් මාස හය සඳහා වූ සාමුහික අපහායන අයකිරිම්, පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව අඩු වී ඇති අතර, ඊට අදාළ වූ හේතුන් පහත පැහැදිලි කර ඇත. 2019 අප්‍රේල් මස සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ණය කළඹෙහි ගුණත්මකභාවය දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර, එමඟින් 2019 දෙවන කාර්තුවේ දී සාමුහික අපහායන අයකිරිම් ඉහළ දැමීමට බැංකුවට සිදුවිය.

    ව්‍යාපාර වර්ධනය
    සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ සම්පත් බැංකුවේ සමස්ත වත්කම් පදනම 4.5% (වාර්ෂික 9%) කින් වර්ධනය වූ අතර එය 2020 ජූනි 30 දිනට රුපියල් ට්‍රිලියන 1 ට ළඟා විය. එය 2019 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 962 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා රුපියල් බිලියන 28 ක වර්ධනයක් වාර්තා කරමින්, 2020 ජුනි 30 දිනට දළ ණය සහ අත්තිකාරම් 3.9% ( වාර්ෂික 7.8%) කින් වර්ධනය වී රුපියල් බිලියන 748 දක්වා ළඟා වී ඇත. එම කාලපරිච්ජේදය තුළදී 10% (වාර්ෂික 20%) වර්ධනයක් සහිතව මුළු තැන්පතු පදනම රුපියල් බිලියන 72 කින් වර්ධනය වී, වාර්තා කරන දිනට රුපියල් බිලියන 790 ක් ලෙස වාර්තා විය. මේ අතර ජංගම ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 2019 දෙසැම්බර් 31 දිනට 35.2% සිට 2020 ජූනි 30 වන විට 36.6% ක් දක්වා ආන්තිකව වර්ධනය වී ඇත.

    කාර්යසාධන අනුපාත
    බදු පසු ලාභයෙහි සිදුවූ පහත වැටීම හේතුකොටගෙන 2019 දෙසැම්බර් 31 වන විට 11.78% ක් වූ සාමාන්‍ය ස්කන්ධ මත ඉපැයීම් අනුපාතය (ROE) (බදු පසු ) 2020 ජූනි 30 දිනට 7.56% ක් දක්වා අඩු වී ඇත. තවද 2019 දෙසැම්බර් 31 දිනට 1.66% ක් වූ ආදායම් බදු අඩු කිරීමට පෙර සාමාන්‍ය වත්කම් මත ඉපැයුම් අනුපාතය ද (ROA) 1.09% ක් දක්වා, පහත වැටී ඇත.

    දේශීය බැංකු ඒකකය හා අක්වෙරළ බැංකු ඒකකය සඳහා වන ව්‍යවස්ථාපිත ද්‍රවශිල වත්කම් අනුපාතය (SLAR) මෙම කාලසීමාව පුරාවට 20% ක අවම සීමාවන් වලට වඩා ඉහළින් පැවති අතර 2020 ජූනි 30 දිනට පිළි‍වෙලින් 28.12% සහ 33.88% දක්වා වර්ධනය වී ඇත.

    ප්‍රාග්ධන ප්‍රමාණත්මතාව
    2020 ජූනි 30 දිනට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවලින් 13.30% , 13.30% සහ 16.77% ක් වූ අතර, වාර්තා කරන දිනට ඊට අනුරූප ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම සීමාවන් වන 6.5%, 8% සහ 12% ට වඩා ඉහළ අගයකින් පැවතුණි.

  • සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන  වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

    දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු ඊට පාදක කරගත යුතු යැයි  ද ජනාධිපතිවරයා පැවසීය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    සමෘද්ධි ප්‍රතිලාභ සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 50,000කි. එම මුදල රටට ආයෝජනයක් විය යුතුය. සමෘද්ධිලාභී සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එහිදී නිසි පසුවිපරමක අවශ්‍යතාව ද ජනාධිපතිරයා පෙන්වා දුන්නේය.

    සවිබල ගැන්වූ සමෘද්ධි ප්‍රතිලාභියා සමෘද්ධි වැඩසටහන හා තබා ගනිමින් රටට ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලින් ප්‍රතිලාභ දීමට නම් නියාමනය අනිවාර්ය වේ. මූල්‍ය සාක්ෂරතාව අවබෝධකර ගැනීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වැදගත් කාර්ය භාරයකි. සමාජ වෙනසකට ජනතාව තුළ උද්යෝගයක් ඇතිව තිබෙන පසුබිම ගෘහ ආර්ථිකය දියුණු කිරීමට පාදක කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් 19 වැනි අභියෝගකාරි තත්වයකට මුහුණදුන් ජනතාවට සිය ආර්ථිකය නංවා ගැනීම වෙනුවෙන් බැංකු විසින් සහනදායී වැඩසටහන් හදුන්වාදීමේ වැදගත්කම  පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතාවට මෙන්ම රටටද යහපත් ආර්ථිකයක් උදාකර ගත හැක්කේ එවිට බව කියා සිටියේය.

    “සමෘද්ධිය” සැබවින්ම හිමිවිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළයුතුයැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය නිරවුල් කර දීම වහාම ඇරඹිය යුතුව ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    පොල්, අඹ, කොස් වැනි බෝග වගාව අරඹා ගෘහ ආර්ථිකය දියුණු කිරීම ආරම්භ කළ යුතු බව  ජනාධිපතිතුමා පැවසීය. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබාදීම කඩිනමින් කළයුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු, රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

  • යෝෂිත – සජීව‌ගෙන් මිලියන 500ක වන්දියක් සමග තවත් ඉල්ලුවේ මොනවාද ?

    යෝෂිත – සජීව‌ගෙන් මිලියන 500ක වන්දියක් සමග තවත් ඉල්ලුවේ මොනවාද ?

    සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

    සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ප්‍රකාශ කර තිබුණි.  

    එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම  එන්තරවාසිය යොමු කර තිබේ.

    එමෙන්ම,

    1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
    2.  මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
    3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
    4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා  සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
    5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

    යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින්  අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.

  • අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම ඉවත් කරන්නෑ – ඇමැති බන්දුල

    අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම ඉවත් කරන්නෑ – ඇමැති බන්දුල

    දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.

    මේ අතර කහ ආනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඒ සදහා පසුගිය දා පැනවූ තහනම තව දුරටත් බලාත්මක බවත් වෙළෙද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පැවසීය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ වෙළෙද ඇමැතිවරයා කියා සිටියේ කහ ආනයන තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවූ පුවත් සාවද්‍ය බවයි.

    කහ ආනයන තහනම ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරවල නිරත වූවන්ට අහිතකර ලෙස බලපා ඇති බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

    ඒ අනුව දේශීය වෙළෙදපොළ අවශ්‍යතා සදහා නොව අපනයනය සදහා කහ ආනයනය කිරීමට හැකිවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීම ගැන ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

    නිසි වගා සැලසුමකින් තොරව කහ ආනයනය තහනම් කිරීම නිසා මේ වන විට දේශීය වෙළෙදපොළේ උග්‍ර කහ හිගයක් පවතින අතර කහ ග්‍රෑම් 100ක් රුපියල් 600ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ සම කහ සම්බන්ධ ‘කලු කඩයක්‘ ද නිර්මාණය වී ඇති අතර රජයේ පාලන මිල ගැන කහ අලෙවිකරුවන් කිසිම තැකීමක් නොකරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

  • කොවිඩ් ගැන ෆෙස්බුක් බොරු කතා කෝටි 380ක් වාර්තා කරලා !

    කොවිඩ් ගැන ෆෙස්බුක් බොරු කතා කෝටි 380ක් වාර්තා කරලා !

    ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි.

    ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

    ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි.

    එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් හි පළ වන ව්‍යාජ තොරතුරු නිසා කෝවිඩ්-19 සඳහා එන්නතක් සොයා ගත්ත ද එය ලබා ගැනීමට සූදානම් වන පිරිස සීමා වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

    සිය ආයතනය ගෙන ඇති පියවර ඉහත කී වාර්තාවේ අඩංගු සොයා ගැනීම් මගින් පෙන්නුම් නොකරන බව ෆේස්බුක් සමාගම පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබුණේ “වැරදි තොරතුරු පැතිරීම සීමා කිරීම සඳහා අවාස් සතු ඉලක්කය අපටත් තිබෙනවා. කරුණුවල නිවැරදිභාවය සොයා බලන අපේ ගෝලීය ජාලයට ස්තූතිවන්නට, අප්‍රේල් සිට ජුනි දක්වා කෝවිඩ්-19 ගැන පළ වූ නොමග යවන සුලු වාර්තා මිලියන 98 ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමටත් හානියක් සිදුවිය හැකි වාර්තා මිලියන 7 ක් ඉවත් කිරීමටත් අපි කටයුතු කළා,” යනුවෙනි.

    “සෞඛ්‍ය ආයතන ලබා දී ඇති තොරතුරු වෙත අප විසින් බිලියන දෙකකට වැඩි පිරිසක් යොමු කරනු ලැබ තිබෙනවා. යමෙකු කෝවිඩ්-19 සම්බන්ධ යොමුවක් (link) ‘ෂෙයාර්’ කිරීමට සූදානම් වන විට අප ඔවුන් වෙත විශ්වසනීය සෞඛ්‍ය තොරතුරු අඩංගු ස්ථාන පෙන්නුම් කර තිබෙනවා’

    බොරු බෙහෙත්

    ෆේස්බුක් සමාගම එවැනි උත්සහයක් ගත්ත ද එම සමාජ ජාලයේ තිබී හඳුනා ගත් සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුලු තොරතුරුවලට අදාළව අනතුරු ඇඟවීම් දක්වා තිබුණේ 16% ක පමණක් බව ‘අවාස්’ වාර්තාවෙන් පෙන්නුම් කරයි.

    ෆේස්බුක් තුළ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු පතුරුවන බවට පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති ප්‍රධාන වෙබ් අඩවි දහය, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි නිල වෙබ් අඩවි මෙන් සිව් ගුණයක් කියවා ඇති බව ඉහත කී වාර්තාවේ දැක්වේ.

    සෞඛ්‍යට අදාළ නොමග යවන සුළු තොරතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හුවමාරු (ෂෙයාර්) වී ඇත්තේ ෆේස්බුක් පිටු (පේජස්) ඔස්සේය.

    එවැනි පිටු 42 කින් තොරතුරු ලබා ගෙන ඇති පිරිස (ෆලෝවර්ස්) මිලියන 28 කට අධිකය.

    එසේ වැඩි වශයෙන්ම හුවමාරු වී ඇති තොරතුරු:

    • ‘වීව්ස්’ (කියවා ඇති පිරිස) මිලියන 8.4 – ඉන්දියාවේ දරුවන් මිලියන භාගයක් අංශභාග තත්ත්වයට පත් කිරීමට හේතු වූ එන්නතට බිල් ගේට්ස්ගේ සහාය ලැබී ඇතැයි පැවසෙන වාර්තාවක්
    • ‘වීව්ස්’ මිලියන 4.5 – ඉබෝලා සඳහා කොලොයිඩ් සිල්වර් ද්‍රාවන ලබා දීම වැනි මාරක රෝග සඳහා ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේද අඩංගු වාර්තාවක්
    • ‘වීව්ස්’ මිලියන 2.4 – නිරෝධායනය මගින් මහජන සෞඛ්‍යට හානි ගෙන දෙන බව සඳහන් වාර්තාවක්

    ඉහත කී පර්යේෂණය මගින් එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ජර්මනියේ සහ ඉතාලියේ සමාජ ජාල ගිණුම් වෙත අවධානය යොමු කර තිබේ.

    ‘අවාස්’ ආයතනයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ෆාඩි කුරාන් කියා සිටියේ “ෆේස්බුක් ‘ඇල්ගොරිදම’ (algorithm) මහජන සෞඛ්‍යට ප්‍රධාන තර්ජනයක්” යනුවෙනි.

    “වසංගතය අතරතුර විශ්වාසය තැබිය හැකි තොරතුරු ලබා දෙන බවට මාක් සකර්බර්ග් ප්‍රතිඥා දුන්නා.”

    “නමුත් ෆේස්බුක් හි බිලියන 2.7 ක් සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු පතුරුවන ජාල වෙත යවමින් ඔහුගේ ‘ඇල්ගොරිදම’ ඒ උත්සාහය කඩාකප්පල් කර දමනවා,”

    “ෆේස්බුක් සමාගම මේ ‘ඇල්ගොරිදම’ ඉවත් නොකර, විශාල වශයෙන් හුවමාරු වූ බොරුවලට නිරාවරණය වූ සෑම දෙනාටම නිවැරදි කිරීම් සැපයුවේ නැති නම් මේ ගැටලුකාරී තොරතුරු නිසා වසංගත තත්ත්වය තවත් නරක අතට හැරේවි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කෝවිඩ්-19 පාලනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු නොකරන ලද තොරතුරු ද ෆේස්බුක් ඔස්සේ පළ වී තිබිණි.

    කොරෝනාවෛරසයෙන් ගැලවී සිටීම සඳහා කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි ක්‍රමවේද ඒ අතර විය.

    එවැනි අත්හදා බැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද එවක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    Text by – bbc

  • ආණ්ඩුවේ නව න්‍යාය පත්‍රය ගැන කරුගෙන් විශේෂ නිවේදනයක්

    ආණ්ඩුවේ නව න්‍යාය පත්‍රය ගැන කරුගෙන් විශේෂ නිවේදනයක්

    අභිනව පාර්ලිමේන්තුව රැස්වීම ඇතුළු දේශපාලන ප්‍රවණතා ගැන හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

  • ජනපති මහා නාහිමිවරුන් සිවුදෙනෙක් දෙනෙක් බැහැ දකී

    ජනපති මහා නාහිමිවරුන් සිවුදෙනෙක් දෙනෙක් බැහැ දකී

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර  හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

    ජනපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි බැහැ දකී

    ඊයේ (22) පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම  හිමි බැහැ දැක සුව දුක් විමසීය. 

    විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්ම්න්ත්‍රණ ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කුසලධම්ම හිමියෝ ජනාධිපතිවරයා දැනුවත් කළහ.

    එය කඩිනමින් නිම කර දෙන බව ජනාධිපතිවරයා උන්වහන්සේ සමග පැවසීය.

    විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ වෙසෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර  හිමියන් ද  බැහැ දුටු ජනපතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.

     ජනපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි බැහැ දකී

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි බැහැ දුටුවේය. උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත විය.

    ජනපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාරහිමි බැහැ දකී

    ඊයේ පස්වරුවේ කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. 

    සියලුම ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

  • ප්‍රතික්ෂේප කළ උපාධිධාරීන්ට සහන දීමට රජය තීරණය කරයි

    ප්‍රතික්ෂේප කළ උපාධිධාරීන්ට සහන දීමට රජය තීරණය කරයි

    රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුව සදහා කැදවීම් නොලබන බවට ප්‍රකාශ කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම ලෙස සදහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැදවීමටත් අපේක්ෂා කරන බව රජය නිවේදනය කරයි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • ගුණගරුක දරුවන් බිහිවන ආකාරය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

    ගුණගරුක දරුවන් බිහිවන ආකාරය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

    දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා.

    රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවැසීය.

    ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

    පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කිසිඳු ආගමක ප්‍රචන්ඩත්වය උගන්වන්නේ නැති බවට විශ්වාසය පළ කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,

    බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන්  මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස  ගාල්ල  වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා. 

    ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම්පාසල් අධ්‍යපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝ රත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිඳු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

    ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්ත්‍යව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරීහිම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප්‍රමාණය බැලුවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

    දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත්කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

    රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.

    බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

    පසුගිය කාලයේ රට තුළ සිදු වූ විවිධ ප්‍රශ්න, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදය යනාදී ගැටළු ඇති වුණා. එවැනි සියල්ලක් නැති කිරීමට වඩාත් දායක වෙන්නේ ආගමික අධ්‍යාපනය. කිසිම ආගමක ප්‍රචන්ඩත්වය උගන්නන්නේ නෑ. ඒ වගේම මෙම උත්සවය පැවැත්වීමට කසාගල තෝරා ගැනීම පිළිබඳවත් මා සතුටු වෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

    ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්යය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජි මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු නියෝජ්‍ය සභාපති, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ දකුණු පළාත් ලේකම්තුමා හා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වුහ.

  • සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිධාරීන්ට රිදී හැන්දෙන් බෙදද්දී ‘අපේ සිසුන්ට කන් හැන්දත් නෑ’

    සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිධාරීන්ට රිදී හැන්දෙන් බෙදද්දී ‘අපේ සිසුන්ට කන් හැන්දත් නෑ’

    පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය. 

    වසර 10කට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ  සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  වෛද්‍යවරුන් වශයෙන්  කටයුතු කරන එහෙත්  ස්ථිර වෛද්‍ය පත්වීම්  නොලද රජයේ වෛද්‍ය උපාධිධාරීන් ගේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ කවදාද ?

    අවුරුදු හතලිස් පහේ රැකියා නොමැති උපාධිධාරීන්  සිටින බව හා ඒ සම්බන්ධයෙන් තම  විමතිය  මේ රටේ ගරු ජනාධිපතිවරයා පළ කළ බව පසුගියදා වාර්තා විය. එසේම විදේශ වෛද්‍ය උපාධි සහ නීති උපාධි හදාරා වයස අවුරුදු 22,23 දී  මේ රටේ වෛද්‍යවරුන් සහ නීතිවේදීන් වශයෙන් කටයුතු කරන රජයේ  ඉහළම බලධාරින්ගේ දූ දරුවන් සිටින බවද  රටට රහසක් නොවේ.

    එහෙත් මේ රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබා රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළත් වන සිසුවෙක් හෝ සිසුවියක් තමන් උසස් පෙළ විභාගය සමත් වූ දින සිට රජයේ ස්ථිර පත්වීම් ලද වෛද්‍යවරුන්  වශයෙන්  පත්වීම ලබා ගැනීම තෙක් වසර 10කට ආසන්න කාලයක් ගත කරන බව හා එය එසේ පවත්වා ගැනීමට වෛද්‍ය පීඨ වල සිටින සමහරක්  පීඨාධිපතිවරුන් ආචාර  මහාචාර්යවරුන්  හා විශේෂයෙන් උප කුලපතිවරුන්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළින්ම සිටින ඇතැම්  නිලධාරීන් කටයුතු කරන බවට වෛද්‍ය අධ්‍යාපනය හා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවයෙන් වෙනුවෙන්  දැනුවත්ව කටයුතු කරන  වෛද්‍ය ප්‍රජාවට රහසක් නො වේ.

    විවිධ අර්බුද මැද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ වසා තැබූ කාලයෙ එනම් රාගම වෛද්‍ය පීඨය ජන සතු කිරීම, සයිටම් අර්බුදය, වැනි කාලවලදී පවා එදා විපක්ෂයේ රාජකාරි කටයුතු කළ දේශපාලනඥයින් පවා වෛද්‍ය පීඨ නිසි ලෙස පවත්වා  ගැනීමට උපකාරී කළ බව හා රටේ අනාගත දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෛද්‍ය පීඨ කඩිනමින් විවෘත කිරීම සඳහා මැදිහත් වූ බව   රටට රහසක් නො වේ. එහෙත් එවන් පසුබිමක ..රාජ්‍ය යාන්ත්‍රණය පවා නොමඟ යවමින් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කරන ඉහත දක්වා ඇති  ඉහළ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ රටේ සමස්ත සෞඛ්‍යම වළපල්ලට ඇද දමමින් සිටින බව වර්තමානය වන විට මනාව පැහැදිලි වේ.

    එයට උදාහරණ එනම් 2010 වසරේ අපොස උසස් පෙළ ලියන ලද සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන් හට අදටත් පත්වීම් ලබා දී නොමැත. එසේම 2011 අධ්‍යන වර්ෂයේ උසස් පෙළ ලියන ලද අයවලුන්  අදටත් සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් රජයේ රෝහල් තුළ කටයුතු කරමින් සිටින අතර වසර දහයකට ආසන්න කාලයක් ගත වී ඇත .

    එසේ ම  එම අයවලුන් හට පත්වීම් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උවමනාවෙන්  විවිධ ප්‍රශ්න දමමින්  ඇති කරමින්  කටයුතු කරන බව හා එයට අවැසි පහසුකම් ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා ප්‍රකාශ කල බව අප හට මතකය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක අභිබවමින් ජනගහනයට සාපේක්ෂව අප රට තුළ (670 ට එකක් ) වෛද්‍යවරුන් සිටියත්  දුෂ්කර පළාත්වල උග්‍ර වෛද්‍යවරු හිඟයක් පවතින බව ජනාධිපති තුමාගේ රාජාසන කතාවේදී පවා ප්‍රකාශ කරන ලදී.

    ජනගහනයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ 400 කට එක් වෛද්‍යවරයෙක්  හා නුවරඑළිය දිස්ත්‍රික්කය 3000  කට එක් වෛද්‍යවරයෙක්  සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින්  මිස වෛද්‍යවරුන්ගේ වරදින් නොවේ.

    එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින් පත්වීම්  ලබා ගැනීම  අපේක්ෂාවෙන් 2500 පමණ පූර්ව  සීමා වාසික වෛද්‍යවරුන්   පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින  රටක් බවට ශ්‍රී ලංකාව පත් ව ඇත, එසේම ජනාධිපති තුමාගේ රාජාසන කතාවට ද අපහාසයක් සෞඛ්‍යය  අමාත්‍යාංශයේ බලධාරීන් විසින් සිදු කර ඇත.

    එවන් පසුබිමක රජ ය පවා අපහසු තාවයට පත් කරමින් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් රාජ්‍ය ආයතන වල  සිටින ඉහළ නිලධාරීන් කීප දෙනා  විසින් විදේශ වල ඉගෙන ගන්නා ඔවුන්ගේ දූ දරුවන්ට තැන ලබා දීමට යාමෙන් සිදු වනුයේ එක් විදුලි අධිකාරීවරයෙක් නිසා ඔහුගේ වරදින් රටකට විදුලිය නැති ව විශාල අලාභයක් සිදු වූවා සේ ම රජයේ ආයතන මෙන් ම  සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටිමින් පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා රටේ සමස්ත සෞඛ්‍ය  ක්ෂේත්රයේ ම බරපතළ අර්බුදයකට පත්වීමයි.

    පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය. 

    එහෙත්  අවම ප්‍රමිතිය සම්බන්ධ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යාමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තිබූ අදාළ නිවේදනය පිටපත් පන්සියයක් පමණ අස්ථානගත ව නැවත සැකසීමට සිදුවී ඇත .  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තරම් දුර්වල ද එය වැළැක්වීමට කටයුතු කරන ලද්දේ අන්තවාදී හෝ සුදුසුකම් රහිත තම දරුවන් දමා දන්නා අයවලුන් හෝ ජාවාරම් කරුවන් විසින් ද  වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීති ගත  නොවන තාක් කල්   නුසුදුසු වූ වෛද්‍යවරුන් අතින් රෝගීන්ට කෙරෙහි වන බලපෑම ඔවුන්ගේ ජීවිත සම්බන්ධ ගැටළුවට වග කියන්නේ කවුද? අප ඉන්දියාව සහ මැලේසියාව මෙන් වෙමු ද ?

    වර්තමානයේ වෛද්‍ය පත්වීම් ලබා නොදීම තුළ 2014 වසරේ උසස් පෙළ හදාරන ද සිසුන්ගේ  අවසන් වෛද්‍ය විභාගය 2021 වසරේ ජූලි මස පැවැත්වීමට කටයුතු කර තිබුනත් වර්තමානය වන විට එය 2022 වසරේ සැප්තැම්බර මස දක්වා කල් තබා ඇති බව අද වන විට වාර්තා වන අතර මෙය කොතරම් බරපතළ අපරාධයක් ද ?

    සයිටම් අර්බුදය  සහරාන් ගේ ප්‍රහාරය කාලසීමාවේ වෛද්‍ය පීඨ ක්‍රියාත්මක ව නොපැවති අතර කොවිඩ් 19 අර්බුදය පැවති කාලයේ රජයේ වෛද්‍ය පීඨ සිසුන් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදී එහෙත් එම කාල සීමාවන් ද නොසලකා තවත් වසරකට ආසන්න කාලයකින් වෛද්‍ය අධ්‍යාපනය  දිගු කිරීම  එම දරුවන්ට හා රටට කරන බලවත් අපරාධයක් නොවේ ද  එම දරුවන්ගේ   හෙට දවස වෙනුවෙන් දෙමාපියන්ට වියදම් දැරීමට සිදු වනවා සේම රජයටත් අමතර අවුරුද්දකට ආසන්න කාලයක් පඩි නඩි සහ අනිකුත් වියදම් දැරීමට සිදුවීම අපරාධයක් නොවේ ද ?

    එහෙත් රජයේ පීඨ වල ප්‍රමිතිය සොයන  එහි කාලය දික් කරන අයවලුන්  තමන්ගේ දරුවන් මේ රට සිට විදේශ වෛද්‍ය  අධ්‍යාපනය  හදාරමින් විභාග පවා ඔන්ලයින් ක්‍රමයට සිදු වන ව්ට නිස්සද්දව එයට අනුමැතිය ලබා දෙමින් සිටින්නේ ය වෛද්‍ය අධ්‍යාපනය *විභාග* ඔන්ලයින් ක්‍රමයට සිදු කළ හැකි ද    ආචාර මහාචාර්යවරුන් රජයේ උසස් නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්  එය අනුමත කරන්නේ කෙසේද ?

    තමන්ගේ දරුවන් එම කණ්ඩායම තුළ සිටින නිසා නේද ? වසරකට, තරගකාරී විභාගයකින් අනතුරුව  1500ක පමණ පිරිසක් සුදුසු කම්  ලබා  රටෙහි වෛද්‍ය පීඨ වලට එකතු වන අතර දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව විදේශ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා කටයුතු කරන්නේ ය  එහෙත් රජයේ ඉහළ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය පීඨවල සමහරක් පීඨාධිපතිවරුන් උපකුලපතිවරුන්  ප්‍රමුඛතාවය ලබා දෙන්නෙ  ද රජයේ වෛද්‍ය පීඨවල  සුදුසුකම් ලබන සිසුන්ට නොව මුදල් මත අඩු සුදුසුකම් මත විදේශ වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයවලුන්ට ය … ඒ ඔවුන්ගේ දරුවන් සිටින නිසා ය.

    මෙ සේ සුදුසුකම් ලබන ඉතා ඉහළ  ප්‍රමිතියෙන් යුත් සීමාවාසික පුර්ව සීමාවාසික සහ වෛද්‍ය සිසුන්ගේ පත්වීම් ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරමින් අඩු සුදුසුකම් මත විදේශ  වෛද්‍ය උපාධිය හැදෑරූ  සිසුන් ට තැන දීමට යාමෙන්  අනාගතයේ දී රට ඉන්දියාවට  සිදු වූ ආකාරය ට පත් වනු ඇත. කොවිඩ්  19  සම්බන්ධයෙන් අපට පාඩම් කියා දී ඇත එහෙත් එයින් පාඩම් ඉගෙන ගත් බවක් නම් පැහැදිලි නො වේ.

    වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීති ගත නො වීම හේතුවෙන් අපොස උසස් පෙළ අසමත් විදේශ වෛද්‍ය උපාධිය හැදෑරූ සිසුන් 750 කට පමණ ERPM විභාගයට  ඉඩදීමට සිදුව ඇත ,එසේම පසුගිය වසරේ අපොස් උසස් පෙළ අසමත් සිසුන් දහනම දෙනෙක් ද මේ වසරේ 11දෙනෙක් හට ද සීමා  වාසික පත්වීම් ලබා දී ඇත.

    එසේ වෛද්‍ය පත්වීම් ලබන විදේශ උපාධිධාරීන්  පරිපාලනයට ගියහොත් එතන අර්බුදය ඇති කරන්නේ ය වෛද්‍ය වරයෙක් වශයෙන් වැඩ කළ හොත් රෝගීන්ට දෙවියන්ගේ පිහිටය අනාගතයේ මේ රටේ රෝගීන් ට ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී වදන ආදේශ කළ හැක.

    2015 වර්ෂයේ අපොස උසස් පෙළ ලියන ලද 1996 වසරේ උපත ලද අයවලුන්  රජයේ වෛද්‍ය පීඨ වල තෙවැනි වසරේ  ඉගෙනුම් කටයුතු කරද්දී අන්තර් ජාතික විෂය හදාරා මෙරටින් පිටව ගොස් වෛද්‍ය උපාධිය ලබා ගත් අයවලුන් අද වන විට හම්බන්තොට, කොළඹ ළමා රෝහලේ හා  රජයේ රෝහල් වල   සේවය කරන අතර 2015,වසරේ අපොස උසස් පෙළ කරන ලද  රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් මේ යන ආකාරයට 2025 වසරේ දී හෝ වෛද්‍ය පත්වීම් ලබා ගැනීම සැක  සහිතය එහෙත් 1996 වසර ඉපිද විදේශ අධ්‍යාපන ලද අයවලුන් දේශීය සුදුසුකම් ලබන සිසුන්ට වඩා වසර පහකින් ඉදිරියට ගියේ රටේ අධ්‍යාපනයේ,සෞඛ්‍ය අමාත්‍යාංශය  දුර්වලතා නිසා නො වේ ද ?

    එසේම අද වන විට වෛද්‍ය උපාධිය සඳහා විදේශ ගත වීම ජාවාරමක්  බවට පත්ව ඇති  අතර  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව නොලබමින්  නුපුහුණු ශ්‍රමිකයින් මෙරටින් ජාවාරම්කරුවන් පිට කරන ආකාරය ට අපොස උසස් පෙළ අසමත් අයවලුන් සමත් ලෙස ලෙස හුවා දක්වමින් පිට රට යවන අතර නිසි සායනික පුහුණුවක් නොලද අදාල අයවලුන්  හට මෙරට දී සුජාත භාවය ලබාදීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගි කර ගෙන ඇත   .අනාගතයේ දී අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් උසස් ලකුණු ලබා ගන්නා සිසුන් අතළොස්සට පවා රැකියාව ලබා ගැනීම සඳහා පාරේ සටන් කිරීමට සිදු වනු ඇත.

    සීමාවාසික පුහුණුව ලබමින් සිටින විදෙශ වෛද්‍ය උපාධිධාරීන්  සම හරක් ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය භාවිත කරමින්(අවිස්සාවේල්ල රෝහලේ පවා නම සඳහන් කරමින් ) විදේශ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා දැන්වීම් නිකුත් කරමින් ඇත. සීමාවාසික පුහුණු කාලයේ දී එසේ කටයුතු කරන්නේ නම් එය අවසන් වූ පසු කෙසේ කටයුතු කරනු ඇත්ද ?

    එසේ ම කවුරුත් කතා නොකරන මාතෘකාවක් වනුයේ මේ පිටුපස ඇති අන්තවාදී දේශපාලන පක්ෂ විසින් හසුරුවන බලපෑම අති මහත් ය ….එය දැන් වත් නතර කළ යුතුව ඇත.

    එසේම කොවිඩ් 19 අර්බුද කාලයේදි  වෛද්‍ය නිල ලාංඡන සඳහන් කර එය අව භාවිත කළ පුද්ගලයෙක් පොලිසියට හසු වූ අතර එම කාලයේ දී මාධ්‍ය වෘත්තීය පාවා දෙමින් දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා මාධ්‍ය නිල ලාංඡන භාවිතා කරමින් කටයුතු කළ මාධ්‍යවේදී ත්‍රස්තවාදීන් වර්තමානය වන විට හසු වී ඇති අතර ත්‍රස්තවාදීන් ට අනුබල දුන් තවත් පිරිසක් විදේශ ගතව ඇත ,එමෙන් ම අනාගතයේ දී වෛද්‍ය නිල ලාංඡන භාවිතා කරමින් ත්‍රස්තවාදී කටයුතු මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලී සිට හසු වුවහොත් වත්මන් තත්ත්වය අනුව එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

    තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ රටේ   රෝගීන්ගේ රෝගී ජීවිත අයිතිවාසිකම් විනාශ කරන අයවලුන් මේ රට තුළ එම වෘත්තිය ගණිකා වෘත්තියක් බවට පත් කර ඇත.

    එ වැනි අයවලුන් සිටියදී පවා රජයේ වෛද්‍ය පීඨ වල තම උපරිම කාලය යොදවමින් තමන්ගේ දරුවන්ට හා සමාන සෙනෙහසක් ලබා දෙමින්  අධ්‍යන කටයුතු කරන වෛද්‍ය ගුරු ආචාර්ය මහාචාර්ය තුමන්ලාට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ කෘතවේදී උපහාරය මේ අවස්ථාවේ පුද කළ යුතු ව ඇත ඔවුන්ගේ බලපෑම නොවන්නට මෙය තව දුරටත් බරපතල වනු ඇත. එවන් දෙවිවරු බඳු මිනිසුන් මැද තම වෘත්තිය හෑල්ලු කරමින් තමන්ගේ දරුවට අවුරුදු හතර හමාරෙන් විදේශ වෛද්‍ය  උපාධිය  ලබා දීමට කටයුතු කරන තක්කඩි උපකුලපතිවරු මහාචාර්යවරු නැතුවා ද නොවේ.

    වෛද්‍ය වෘත්තියේ සහ වෛද්‍ය පීඨ වල අර්බුද ඇති කිරීමට සූක්ෂ්මව ක්‍රියාකරන රාජ්‍ය යාන්ත්‍රණය තුළ  සිටින ඉහද පණුවන් සහ වෛද්‍ය වෘත්තියේ සිටින  එන්ජීඕ කරුවන්  පිළිබඳ වත්මන් රජය මීට වඩා සැලකිල්ලක් දක්වා කටයුතු කළ යුතු ව ඇත.

    එසේ ම පූර්ව සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමටත් විවිධ අර්බුද හේතුවෙන් වෛද්‍ය පීඨ වල කාලය  දීර්ඝ කිරීමට යාම නිසා එහි සිටින සහ ඇතුළත් ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සුදුසුකම් ලත් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර මේ රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ම ආරක්ෂා කර ලීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින දූෂිත නිලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් හා එක නීතියක් එක රටක් යන සංකල්පයට රට ඔසවා තැබීමට වත්මන් රජයේ බලධාරීන් ට හැකියාව ලැබිය යුතු ව ඇත.

    වසර දහයකට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  වෛද්‍යවරුන් වශයෙන්  කටයුතු කරන එහෙත්  ස්ථිර වෛද්‍ය පත්වීම්  නොලද රජයේ වෛද්‍ය උපාධිධාරීන් ගේ ගැටලුවට හා වසර දහයකට ආසන්න කාලයක් වෛද්‍ය උපාධිය වෙනුවෙන් වෛද්‍ය පීඨ තුළ ද සිටින දුවා දරුවන් ට ගත කිරීමට සිදු වීම  සම්බන්ධයෙන්  විසඳුම් ලැබෙන්නේ කවදාද ?

    දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අපට පාරට  බැසීමට සිදු  නොවේවා යන්න බලධාරීන් වටහා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. 

    වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • Covid-19: ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මරුට

    Covid-19: ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මරුට

    ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

    එහි සදහන් වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බවයි.

    අදාළ කාන්තාව සම්බන්ධ සියලු නිල තොරතුරු පහත දැක්වේ.

  • කොවිඩ් ආසාදිතයින් 06ක් වාර්තා වෙද්දී 161කගේ නිරෝධානය අවසන්

    කොවිඩ් ආසාදිතයින් 06ක් වාර්තා වෙද්දී 161කගේ නිරෝධානය අවසන්

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID – 19 වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ.

    අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත  පුද්ගලයින් හය දෙනෙකු (06) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හය දෙනා (06) අතරින් එක් පුද්ගලයෙක් (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දපුද්ගලයින් දෙදෙනෙකු (02) කුවේට් සිට මෙරටට පැමිණ තිස්සමහාරාම ඉකෝ සෆාරි සහ කොළඹ GSH හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන තුලදඑක් පුද්ගලයෙකු (01) ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) වස්කඩුව සිට්‍රස් නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    අද (23) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 629 දෙනෙකු වේ. 

    පුනරුත්ථාපනය වන රැඳවියන්   –  508

    කාර්ය මණ්ඩලය  – 67

    ආරාධිත කාර්ය මණ්ඩලය  – 05

    පවුල් හා සමීපතමයින් – 48

    වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් – 19 වෛරසය –  01

    ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් එකතුව –   629

    අද (23) දින උදෑසන UL 1710 දරණ මගී ගුවන් යානය මගින් නයිරොබි සිට පුද්ගලයින් එකසිය දහ දෙනෙකු ද (110), EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් තිස් එක් දෙනෙකු ද (31), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් දහ නව දෙනෙකු ද‍ (19), 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සහ UL 606 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට පුද්ගලයින් දෙසිය තිස් අට දෙනෙකු (238) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (23) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය හැට එක් දෙනෙකු (161) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුවබියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02)ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02)දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් අසූ නව දෙනෙක් (89)බියගම ක්‍රීඩා සංකීර්ණ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දස දෙනෙකු (10) සහ ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් පනස් අට දෙනෙක් (58) වශයෙන් වේ.

    එසේමඅද (23) දිනය වනවිට පුද්ගලයින් 31,173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේමඅද (23) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 52 ක් තුළ පුද්ගලයින් 7,304 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (22) දිනය තුලදී PCR පරික්‍ෂණ 1710 ක් සිදුකර ඇති අතරමේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 202,907 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (23) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් නව දෙනෙකු (09) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් අට දෙනා (08) දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    ඒ අනුවකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 597 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32 දෙනෙකු වේ.

  • ‘විදුලිය කැපීම’ නවතී

    ‘විදුලිය කැපීම’ නවතී

    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් අද (21) සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කළ බවත් ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විජිත හේරත් මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විජිත හේරත් මහතා කියා සිටියේ, නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු විදුලි බිඳවැටීම හේතුවෙන් එම බලාගාරයේ ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වීම හේතුවෙන් පසුගිය අගෝස්තු මස 18වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි.

    මේ අතර, කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.