කොවිඩ් – 19 ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තා වී තිබේ. එම ගණන 34කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1015කි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 2518කි. ඉන් 2,478ක් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන බවත් තවත් 40ක් විදේශගතව සිට පැමිණි අයෙන් වාර්තා වූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්_රවෘත්ති-නිවේදනය-482Author: Editor
-

කොවිඩ්-19 මාතෘ මරණ අඩුකරගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නව යෝජනාවක්
Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි.
විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතු බවයි.
වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා මේ බව පැවසුවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු මෙසේ ද සදහන් කළේය. ‘‘කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අදහසයි. එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුකර ගත හැකියි. විශේෂඥ වෛද්‍ය නිරීක්‍ෂණය යටතේ ගර්භනී කාන්තාවන්ට එන්නත ලබාදීම සුදුසු බවට බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් ද නිර්දේශ කර තිබෙනවා. ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙස ද බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂතුමියට දැනුම් දී තිබෙනවා‘‘
-

ඉදිරි දින 100 තුළ ආසාදිතයින් මිලියනක් !
“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”
මෙසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා.
හේමන්ත හේරත් මහතාගේ මේ ප්‍රකාශය බරපතළ දෙයක් බවයි වෛද්‍ය විශේෂඥයින් කියන්නේ. ඒත් මේ ප්‍රකාශය ගැන සාමාන්‍ය ජනතාව අතර පවා සැකයක් නැහැ. ඔවුන් ද මේ මතය පිළිගන්නවා.
මේ අතර කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ පවත්වන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද (18) ජාතික පුවත්පතක් සමග පවත්වා ඇති සාකච්ඡාවකදී ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් කර තිබුණා.
රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වා සිටියත් ඔවුන් ආසාදිතයෝ විය හැකියි කියල ද ඔබ පවසන්නේ?
ඔව්. මේක තමා භයානකම තත්ත්වය. ලෝකයේ සෙසු රටවල් සමග බලන විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය තමයි සිටින්නේ. ඔවුන් රෝග ලක්ෂණ පෙන්නන්නෙ නෑ නමුත් රෝගය පතුරුවා හරිනවා. මේ රැල්ල එන්න පෙර පැවැති කොවිඩ් තත්ත්වය ගත්තත් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ. නමුත් අපි ආසාදිතයෝ හඳුනාගෙන සමාජයෙන් වෙන් කළා රෝග ලක්ෂණ නොපෙන්වුවත්. එහෙ ම කළේ ඔවුන්ගෙන් රෝගය පැතිරෙන නිසා. දැනුත් ඕනෑ තරම් ආසාදිතයෝ ඉන්නවා රෝග ලක්ෂණ කිසිවක්ම පෙන්වන්නේ නැති.
මේ වෙලාවේ මාත් එක්ක කතා කරන ඔබත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා මට සිතෙනවා. නමුත් මේ මොහොතේ ඔයාට කොවිඩ් තිබෙන්න බැරි ද? පුළුවන්නේ. නමුත් ඔබ ඒක දන්නෙ නෑ. ඔබ නිරෝගී වගේ සිටියට ඔබේ ඇඟේ වෛරසය තිබෙනවා නම් ඔබව අද හමුවුණු අනෙක් අයට ඔබෙන් ඕක බෝ වෙන්න පුළුවන්. මම මේ කිව්වෙ එක උදාහරණයක්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රටේ තිබෙන්නෙ. රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන්ගෙන් රෝගය පැතිරීම තමයි මේ වෛරසයේ තිබෙන භයානක තත්ත්වය. මොක ද කෙනෙක් රෝග ලක්ෂණ විද්‍යමාන කරනවා නම් අපි වුණත් ටිකක් පැත්තකට වෙනවානෙ. නමුත් එහෙම පෙන්වන්නේ නැත්නම් අපි වුණත් වැඩි ගාණක් ගන්නෙ නෑ.
පොදු ස්ථානවලදී, රාජකාරී ස්ථානවලදී සිදු කරන ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රියාවලියෙන්වත් මෙවැනි පුද්ගලයන් හසුවන්නෙ නැද්ද?
දැන් ඔය සුපර් මාකට් යද්දි හෝ වෙනත් පොදු ස්ථානවලට යද්දි ශරීරයේ උණ බලනවානේ. එතැනදි අහුවෙන්නෙ උණ තිබෙනවා නම් පමණයිනෙ. නමුත් ශරීරයේ උණක් නැති අයව ඇතුළට ගන්නවානෙ. කාටද කියන්න පුළුවන් උණ නෑ කියලා එයා ආසාදිතයෙක් නෙවෙයි කියලා. ඔවුන්ගේ ඇඟේ වෛරසය තිබෙන්නට පුළුවන් නමුත් රෝග ලක්ෂණ නැහැ. එහෙ ම රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නැති අය තමයි නිදහසේ එවැනි පොදු ස්ථානවලට වැඩි වශයෙන් එන්නෙ.
මොකද ඔවුන් සිතනවා රෝග ලක්ෂණ කිසිත් නැති නිසා රෝගයත් නෑ කියලා. නමුත් ඔවුන් දන්නෙ නෑ තමන් ආසාදිතයි කියලා. ඒක තමා භයානකම. මොක ද ඔය උණ බලන ඒවට අරවට මේවට ඇඟේ වෛරසය තිබෙනවා කියලා අහුවෙන්නෙ නෑ. ටෙස්ට් එකක් කළොත් විතරමයි වෛරසය ඇඟේ තිබෙන බව අසුවෙන්නෙ. රෝග ලක්ෂණ කිසිවක් නැති නමුත්, රෝගය ආසාදිත පිරිස් තමයි වැඩිපුර ම එළියේ ගැවසෙන්නේ. ඔවුන් තමා මේ රෝගය පතුරුවන්නෙ. ඒක වුවමනාවෙන් කරන්නෙ නැහැ. මොකද රෝග ලක්ෂණත් නෑනෙ. ඉතින් ඔවුන් දන්නෙත් නෑ ලෙඩේ තියෙනවා කියලා. ඒ නිසා තමයි වැඩිපුර ම ප්‍රවේශම් වෙන්න ඕනෑ.
ඒ කියන්නෙ අපි නිරන්තරයෙන් අනෙකා ආසාදිතයෙක් විය හැකියි කියන මතයේ සිට කටයුතු කළ යුතුයි?
මම කියන්නෙ නැහැ හැමෝ ම ආසාදිතයෝ කියලා සැක කරන්න කියලා. නමුත් තමාත් දන්නෙ නැත්නම් තමා ආසාදිතයි කියලා සහ තමා ඇසුරු කරන සෞඛ්‍යසම්පන්නයි කියලා හිතන අයත් ආසාදිතයෝ විය හැකියි කියලා ප්‍රවේශමෙන් වැඩ කරන එක කොහොමත් හොඳයි. සමාජ දූරස්ථතාව පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් විෂබීජහරණය කිරීම වගේ දේවල් අපි නිරන්තරයෙන් කළ යුතුයි.
මම තව උදාහරණයක් කියන්නම්, ඔබ ඇසුරු කරන මිතුරා ඉතාම නිරෝගීව ඉන්න කෙනෙක් කියලා ඔබට පේනවා. කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. ඒ නිසා ඔබ බය නැතිව එයාගෙ සමීපයට ගිහින් මාස්ක් එකත් ගලවලා කතා කරනවා. නමුත් එයා ආසාදිතයෙක් නම් ඔබටත් රෝගය වැළඳෙනවා. මොකද තරුණ අය බොහෝ විට මෙහෙ ම හැසිරෙනවා. අවසානයේ මිතුරත් ආසාදිතයි ඔබත් ආසාදිතයි. ඒ බව දන්නෙ නැතිව නිවසට ගිහිල්ලත් නිදහසේ ගනුදෙනු කරනවා. එතැනදි ඔබට ඔබේ මිතුරාට රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔබේ ගෙදර ඉන්න ඔබේ අම්මා, තාත්තා, සීයා, ආච්චී, ඔබ තරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්. මොකද ඔවුන්ට රෝගය වැළඳිලා රෝග ලක්ෂණ පෙන්වලා අමාරු වෙන්න පුළුවන් ඔවුන්ගේ වයසත් සමග. ඒ නිසා තමයි ඇතුළත පරිශ්‍රවල සිටිද්දි නිතර ම මාස්ක් එක භාවිත කරන්න කියන්නෙ.
-

කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම’ කිසිම ගැටලුවක් නෑ
කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
අද (18) මාධ්‍ය සාකච්ඡාවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. එන්නත ලබාගැනීමට නොහැකි වෙනත් කිසියම් කාරණයක් නොමැති නම් සාමාන්‍ය කෙනෙකු ලෙස ඕනෑම කිරිදෙන මවකට පුළුවන් වෙනවා එන්නත ලබාගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙමෙයි. මේ මව්කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි. ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් සෞඛ්‍යාරක්‍ෂිතව දරුවන්ට මවුකිරිදීමේ වරදක් නොවන බවත් මවුකිරි දෙන මවුවරුන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්ය.
-

පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා
කොවිඩ් 19 පාලනයකිරීමට ඉක්මනින් මලිදීගැනීමට අවශ්‍ය මුදල් සහනයක් ලෙස ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බැවින් ඉක්මනින්ම මෙරට පී.සී.ආර්. පරීකෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ( 18 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
එසේම වැඩිවන රෝගීන් තත්ත්වය හමුවේ දැනට පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩිකිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මේ වන විටත් එම පරීක්ෂණාගාර පැය 24ම කාර්යයේ යෙදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.
විශේෂයෙන් නැගෙනහිර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අවම මට්ටමක පවත්න බවත් මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ අතර ඊට පිළිතුරුදෙමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.
-

කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට
කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද (18) අනුමැතිය ලබා දුන්නේය.
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීවේය.
මෙයට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අවස්ථාවට ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරළ ,මිලාන් ජයතිලක, කරුණාදාස කොඩිතුවක්කු,ප්‍රේමනාත් සී.දොලවත්ත යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කෝකිලා ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියද , රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද එක් වූහ.
-

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කෙටුම්පතේ 3(6), 30(3), 55(2) සහ 58(1), 3(5), 3(7), 6(1) (ආ), 30(3) , 71(1) සහ 74 (අර්ථ නිරූපණය “නියාමන අධිකාරිය“) යන වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.
එමෙන්ම පනත කෙටුම්පතේ 30 (1), 33(1), 40(2), 71(2) (ඕ), 60(ඈ), 60(ඊ), 37, 12(1) සහ 14(1) (උ) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයිකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.
කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව වේ.
මේ අතර පනත් කෙටුම්පතේ වගන්ති 9ක් සඳහා පාර්ලිමේනතුවේ විශේෂ බහුතරයිකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව පනත් කෙටුම්පතේ 3(4), 6(1) ද, 68(1) (ඊ) ,68(3) (අ), 52(5), 71(2) (ජ), 52(3), 53(ආ) සහ 53(2) (ආ) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුය.
කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයෙන් ඉවත්ව යයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබු අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බැලුවේය.
ඒ අනුව අදාළ තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.
අප්‍රේල් 19, 20, 21, 22, සහ 23 වන දින වල එම විනිසුරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරතිබූ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සලකා බැලීය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙම දිගු ඔස්සේ ඔබට පරිශීලනය කළ හැකිය.https://www.scribd.com/embeds/508293531/content
-

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ජනමත විචාරණයක් ද ඉල්ලයි
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 74කින් වගන්ති 26ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රධාන වගන්ති 08ක් යටතේ සාරාංශ කරමින් දක්වා තිබෙනවා.
එම වගන්ති අටෙන් පහක් සම්මත කර ගැනීමට ප්‍රාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ඉතිරි වගන්ති තුන සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයට අමතරව ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගතයුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ඉදිරියේ විභාග වුණා.
-

විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ
මැයි 24 සඳුදා සහ 25 අඟහරුවාදා දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
-

රාජ්‍ය සේවකයින් කලකින් සුභ ආරංචියක්
රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.
-

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.
එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය. එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.
-

චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්වියට සයිබර් ප්‍රහාරයක් – අවදානම තවදුරටත්
චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් අද උදෑසන (18) සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. අද උදෑසන සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට ප්‍රථම අනතුරු ඇගවීමක් සිදුකරන ලදී.
පසුගිය වසර දෙකේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මෙවරත් සයිබර් ප්‍රහාරයකට ලක්වීම ශ්‍රී ලංකා රජය සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනා ආකාරය විදහා දැක්වෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් අප දැඩි කනගාටුවට පත්වෙමු.
මෙම සයිබර් ප්‍රහාරය සිදුකල Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායම විසින් ඉදිරි දින කිහිපයේදීත් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.
-

ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දෙනවාද ? නැද්ද ? තීන්දුව කඩිනමින්
“ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලූ විට වැඩිපුර දැකිය හැකි වන්නේ වාසි බවත් ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම,” යැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කරයි.
අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා, ‘‘කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් පස් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඉදිරියේදී මෙය තවදුරටත් ඉහළ යා හැකි බවයි අපි විශ්වාස කරන්නේ. ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලුවාම අපිට වැඩිපුරම වාසි තමයි දකින්න තියෙන්නේ. ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම‘‘
මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද (17) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.
“ගර්භනී මවුවරුන්ට එන්නත් කිරීමට සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව ගර්භණී මව්වරුන්ට භාවිත කිරීමට සයිනොෆාම් එන්නත නිර්දේශ කරලා තියෙනවා. බහුතරයක් රටවල්වල ඒ ඒ රටවල භාවිත කරන එන්නත් ගැබිනි කාන්තාවන්ට නිදහසේ ලබා දෙනවා. ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අද සාකච්ඡාවකුත් තියෙනවා. අපේ විද්‍යායතනයත් ගැඹුරින් කියනවා නම් මේක විය යුතුයි කියලා සාකච්ඡාවෙන් පසු සුභදායක පණිවුඩයක් අපිට ලැබෙයි‘‘ විශේෂ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා කියා සිටියේය.
-

‘ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා’
ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් ආණ්ඩුව රට විශාල අනතුරකට දැම්මා යැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයට චෝදනා කරයි.
ජාතික විද්වත් සංවිධානය අද (17) බත්තරමුල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අබේසිංහ මහතා මේ බව අවධාරණය කරනු ලැබීය. ජාතික විද්වත් සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්දන අබේරත්න, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මෙම මාධ්‍ය හමුවට එක්වී සිටිය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, ‘‘කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳවත් මේ වනවිට සමාජයට විශේෂයෙන් බලපාන කරුණු කිහිපයක් පිළිබඳවත් ජාතික විද්වත් සංවිධානය හැටියට අපි දරන අදහස් මා මෙහිදී පැහැදිලි කරන්නම්. ගෝලීය වසංගතය පසුගිය මාස 16ක විතර කාලයකදී පැතිරී යනවා. අපේ රටත් මාස 14ක විතර පැතිරී යමින් තිඛෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ මාස 2ක පමණ සිට වේගවත් වෙමින් තිඛෙනවා. ඉන්දියාව මේ ව්‍යසනයෙන් ඉතාම බරපතළ තත්වයකට පත්වෙනවා දැක දැකත් අපේ රටෙ කළ යුතුව තිබූ සූදානම් කිරීම් සිදු නොකර මේ වනවිට රට බරපතළ අනතුරකට ඇද දාලා තියෙන්නේ. වසංගතය කළමනාකරණය කිරීම පැත්තෙන් මූලිකව බැලූවාම අදාල තීන්දු-තීරණ ගැනීම ඉතාමත් බරපතළ ලෙස ප්‍රමාදයි. අනික් පැත්තෙන් වසංගතය පාලනය කිරීමේ මූලික වගකීම කා සතුද? මේ වගකීම ගන්නේ කවුද? කියන එක ගැන කිසිම පැහැදිලිකමක් නැහැ. විවිධ අමාත්‍යවරු, විවිධ නිලධාරීන් විවිධ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවල ඒකමතියක් පෙන්නේ නැහැ.
මෙය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ නිසා සම්පූර්ණ වගකීම රට තුළ තිඛෙන්නේ සෞඛය අමාත්‍යාංශයට. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ වගකිව යුතු නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයායි. කවුරු තීරණ ගත්තත් අවසන් බලධාරියා වෙන්නේ ඔහු බව සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා බව අපි මතක් කළ යුතුයි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසංගතයට මුහුණ දීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මැතිවරණයෙන් පරාජය වුණා. බ්‍රසීලයේ ජනාධිපතිටත් සාපරාධී ඝාතන චෝදනා මේ වසංගතය සම්බන්ධයෙන් එල්ල වී තිඛෙනවා. ඉන්දියාවේ මෝදි අගමැතිවරයාට, බ්‍රිතාන්‍යයේ ලන්සට් සඟරාවෙන් කෙලින්ම චෝදනා කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ තීන්දු-තීරණ ගැනීම තීරණාත්මකයි. අපේ රටේ මහජන සෞඛ්‍ය සහ රෝග වැළැක්වීම පිළිබඳව වසංගතවේදය පිළිබඳව ඉතිහාසයේ කීර්තිනාමයක් තිබුණු රටක්. අවම වියදමකින් මහජන සේවාවක් හැටියට සෞඛ්‍යය පවත්වාගෙන ගිය රටක්. මේ වසංගතය පාලනය කිරීමේ විශේෂ වගකීමක් අපි සියලූම දෙනාට මේ වෙලාවේ තියෙනවා.
අපේ රටේ ඉතිහාසයේදී මේ වගේ වසංගතයන් පාලනය කළේ “වසංගත රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවකින්”. ඒ උපදේශක කමිටුවේ මෙහෙයවීම මත සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා කටයුතු කළා. මේ වෙලාවේ ඒ කමිටුව අකර්මණ්‍ය කරලා හෝ අකර්මණ්‍ය වෙලා. ඒ නිසා තව දුරටත් ඒ කමිටුව කෙරෙහි විශ්වාසය තියන්න බැරිවෙනවා. මේ ගොලීය අභියෝගයේ බැරෑරුම්කම ආණ්ඩුව තවමත් තේරුම් අරගෙන නැහැ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පැනවූවා, විශේෂඥ අවබෝධයක් සහිත කණ්ඩායමක් මගින් වසංගතය පාලනය කරන්න ක්‍රියාමාර්ග ගත යුතු බවට. ඒ අනුව නවදිල්ලිය ඒ වෙනකොට ලොක්ඩවුන් කරලා. සිංගප්පූරුව මාසයක් රට ලොක්ඩවුන් කරලා. මේ වෙලාවේ අපේ කලාපය තුළ බී.11 ප්‍රභේදය සහ බී.167 කියන ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටට ඉතාමත් තීරණාත්මකයි. මේ වෙනකොට දෛනිකව 2,000කට වැඩි ආසාධිතයින් සහ මරණ 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. දිනකට පී.සී.ආර්. පරීකෂණ 25,000කට සීමා වෙලා නිසා ආසාධිතයින් වැඩිවීම සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. පී.සී.ආර්. කරන ප්‍රමාණයට සාපේකෂව ආසාධිතයින් හඳුනාගන්නා ප්‍රමාණයේ ප්‍රතිශතය විතරයි ඉදිරියේදී දකින්න ලැබෙන්නේ.
දවසකට එක ආසාධිතයෙක් හඳුනාගන්නකොට ඔහුගේ පවුලේ සහ සමීපතමයන් අනිවාර්යයෙන්ම අඩුම තරමෙන් දෙදෙනෙකුවත් ඉන්න ඕනෑ කියලා හිතන්න පුළුවන්. ඒ අනුව 6,000ක් ඉන්න තැනක හඳුනාගන්නේ 2,000ක් වගේ සංඛ්‍යාවක් පමණයි. මේ අයගෙනුත් 80%ක් රෝග ලකෂණ නොපෙන්වන ආසාධිතයෝ. 15%කට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5%කට රෝහල්ගත වෙන්න සිදුවෙනවා. ඒ වගේම 1%ක්වත් අඩුම තරමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන්න වෙනවා. මේ දැඩිසත්කාර ඒකක අවශ්‍යතාවය සැලකූවත් දිනකට 60ක් විතර වෙනවා. මේ එක් අයෙක් අඩුම තරමින් දින 10ක්වත් රෝහල් තුළ රැකබලාගන්න වෙනවා. ඒ නිසා ඇතිවෙමින් තිබෙන්නෙ බරපතළ තත්වයක්. රෝහල්වලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සීමා වෙලා. ඒ නිසා අපි හැමෝටම බලපාන තීරණාත්මක තත්වයකට රෝහල් පද්ධතියට දරාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ නිවැරදි පියවර නොගත්තොත් බරපතළ ඛේදවාචකයකට පත්වෙනවා.
අපිට තියෙන එක බලාපොරොත්තුවක් වන්නේ එන්නත්කරණය මගින් රෝගය පාලනය කර ගැනීමයි. වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට අවුරුදු 30කට අධික කාලයක් රාජකාරී කර, අවුරුදු 38ක් මහජන සෞඛ්‍ය සේවයේ යෙදී සිට ලබාගත් අත්දැකීම් අනුව අපි එන්නත් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අද ඇතිවෙලා තිඛෙනවා. එන්නත් කරන්නේ වසංගතය අවම කර ගන්නද, රෝගීන් අවම කර ගන්නද? එහෙම නැත්නම් වෛරසය තුරන් කරන්නද කියලා කිසි දෙයක් පැහැදිලි නැහැ. රජයේ තීන්දු-තීරණ ගන්නා අය විශේෂඥ කරුණු දැක්වීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපිටත් මේක තේරුම් ගන්න බැහැ. මේ වෙනකොට තියෙන එන්නත් 100%ක් සාර්ථකභාවය ඔප්පු කළ ඒවා නෙවෙයි. එන්නත් වාර දෙක ලබාගත්ත රටවල නැවත ආසාධනය වී මියගිය තත්වයන් වාර්තා වෙනවා. සියලූ ප්‍රශ්න විසඳන එන්නත් අපිට නැහැ. අලූත් එන්නත් සඳහා පර්යේෂණ යුරෝපයේ සිදුකරනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොටත් අපිට ප්‍රමාණවත් එන්නත් ලබාගන්න වෙන්නේ නැහැ. ධනවත් රටවල් එක්ක තරඟකරලා එන්නත් ලබාගන්න හැකියාවක් අපේ රටට නැහැ. එන්නත්වලින් අප කළ යුත්තේ මරණ සංඛ්‍යාව අවම කිරීම සහ සංකූලතා ඇතිවීම අවම කිරීමයි. අපිට ඒ වැනි ඉලක්කයක් පේන්නේ නැහැ.
රෝගයට වැඩි වශයෙන් නිරාවරණය වන අය එන්නත්වල ප්‍රමුඛතාවය ගත යුතුයි. ඒ වගේම අපනයන ආදායම උපයා දෙන ක්ෂේත්‍රවල අයටත් ප්‍රමුඛතාවය දිය යුතුයි. රට ආර්ථීක වශයෙනුත් සමාජයීය වශයෙනුත් රැකගන්න හැකි වෙන්නේ එහෙම කළොත් විතරයි. ලැබී තිබෙන සුළු එන්නත් ප්‍රමාණය නිසි පරිදි කලමණනාකරණය කරගත යුතුයි. රට තුළ සංචරණ සීමා පනවා ඉක්මනින් පාලනය කරගත යුතුයි. වෛරසයට නිරාවරණය වුණු පුද්ගලයින් සංචරණයේදීම වළක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවලට ඉඩ තියාගෙන සංචරණ සීමා සිදුකළ යුතුයි. වෛද්‍ය වෘත්තිකයින් සහ සෞඛ්‍ය අංශයේ සියලූම දෙනා රජයට යෝජනා කරන්නේ සංචරණ සීමාව තුළින් ක්‍රමිකව වසංගතය පාලනය කරන්නයි. නමුත් මෙතෙක් වගේම පමා වෙලා තීන්දු ගත්තොත් රට බරපතළ ඛේදවාචකයට ගොදුරු වෙනවා. අපි සියලූ දෙනාම මේ තීරණාත්මක මොහොතේදී සාමූහිකව කටයුතු කරමින් පෙළගැසෙන්න ඕනෑ. ජාතික විද්වත් සංවිධානය ඒ බව අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව විශාලා නුවරක් බවට පත්වීමට ඉඩ නොදී බේරාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හැකි සියලූ දෙනාම නිවෙස්වල රැඳී සිටිමින් තමන්ගෙත් අන් අයගේත් ආරකෂා තහුවරු කරගන්න ඕනෑ.
-

මැයි 21-25 දිනවල යළිත් දවස පුරා සංචරණ සීමා
මැයි 21 වන සිකුරාදා රාත්‍රි 11 සිට මැයි 25 වන අගහරුවාදා අළුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපතිවරයා අද (17) නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
නැවත මැයි 25 වන අගහරුවාදා රාත්‍රි 11.00 සිට මැයි 28 සිකුරාදා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.
ප්_රවෘත්ති-නිවේදනය-475 -

“වෙලේ සුදා” පොලිසිය සමඟ ෂූටින් නොයා බේරුණාද..?
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින තම පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව වන ආර්.ජී. මාලනී මහත්මිය විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17) කැඳවනු ලැබීය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බවය.
පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී ඇත.
පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
පසුගිය මැයි 11/12 දිනවලදී අපරාධකරුවන් බව කියන ඌරුජුවා සහ කොස්ගොඩ තාරක නම් පුද්ගලයින් දෙදෙනා බන්ධනාගාරයෙන් පිටත රැගෙන යාමේදී ඝාතනය කිරීම ගැන පොලිසියට බරපතළ විවේචනයක් එල්ල වූ අතර මැයි 13 වැනි දින මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ඝාතන දැඩිව හෙළා දැක්කේය.
මීට පෙර අවස්ථා ගණනාවකදී ම අපරාධපරුවන් කිහිප දෙනකුම මේ ආකාරයෙන් විමර්ශන සදහා පිටත රැගෙන යාමේදී ඝාතනයට ලක්විය.
