පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ‘අගරදගුරු හිමිපාණන්ට’
ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.