Author: Editor

  • රසායනික අවි භාවිත කිරීමේ චෝදනා: ඉන්දියාවෙන් දැඩි ස්ථාවරයක්

    රසායනික අවි භාවිත කිරීමේ චෝදනා: ඉන්දියාවෙන් දැඩි ස්ථාවරයක්

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී (UNSC) ඉන්දියාව ප්‍රකාශ කළේ කලාපය ඇතුළුව ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයින් රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාවට එරෙහිව රට නැවත නැවතත් අනතුරු අඟවා ඇති බවයි.

    සිරියාව (රසායනික අවි) පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ටී.එස් තිරුමූර්තිගේ ප්‍රකාශයක් පැවසුවේ ISIL සිරියාවේ ක්‍රියාකාරීව සිටීමෙන් පසුව, කණ්ඩායම සිය සටන් හැකියාවන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බවයි. රසායනික අවි සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි.

    රසායනික අවි සම්මුතියට සිරියාව ප්‍රවේශ වීම සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය හොඳින් දන්නා කරුණකි. සීඩබ්ලිව්සී යනු සමස්ථ සමූල ඝාතන ආයුධ කාණ්ඩයක් තුරන් කිරීම සඳහා වූ අද්විතීය, වෙනස් කොට සැලකීමක් නොවන නිරායුධකරණ මෙවලමක් බව අපගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයයි, ”තිරුමූර්ති පැවසීය.

    ඉන්දියාව රසායනික අවි සම්මුතියට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවත්, එහි පූර්ණ, ඵලදායි සහ වෙනස් කොට සැලකීමකින් තොරව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සඳහන් කළේය. මෙම සම්මුතියේ විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව උපරිමයෙන් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා සියලුම පාර්ශවයන්ගේ සාමූහික ප්‍රයත්නයන්ට ඉන්දියාව සහාය දෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. .

    “ඕනෑම අයෙකු, ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක සහ ඕනෑම තත්වයක් යටතේ රසායනික අවි භාවිතා කිරීමට ඉන්දියාව විරුද්ධයි” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ඉන්දීය නියෝජිතයා පැවසීය.

    “රසායනික අවි භාවිතය පිළිබඳ ඕනෑම පරීක්ෂණයක් අපක්ෂපාතී, විශ්වසනීය සහ වෛෂයික විය යුතු බව ඉන්දියාව නිරන්තරයෙන්ම පවත්වා ගෙන යයි. සම්මුතියේ අන්තර්ගත විධිවිධාන සහ ක්‍රියා පටිපාටි ඉතා සූක්ෂම ලෙස අනුගමනය කරමින්, ඒ යටතේ ඇති සියුම් බල තුලනයට සහ වගකීමට අනුකූලව, කරුණු තහවුරු කර සාක්ෂි මත පදනම් වූ නිගමනවලට එළඹීම. මෙය පිළිපැදිය යුතුය,” ඔහු තර්ක කළේය.

    “ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයන්ට රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාවට එරෙහිව ඉන්දියාව නැවත නැවතත් අනතුරු අඟවා ඇත,” තිරුමූර්ති පැවසීය.

    “UNITAD හි වාර්තා මගින් එක්සත් ජාතීන්ගේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ 2014 සහ 2016 අතර සිවිල් ජනතාවට එරෙහිව ISIL ට අනුබද්ධිත රසායනික අවි නැවත නැවත යෙදවීම ගැන ද සඳහන් කර ඇත,” ඔහු සඳහන් කළේය.

    “අයිඑස්අයිඑල් සිරියාවේ ක්‍රියාකාරීව පවතින අතර, කණ්ඩායම එහි සටන් හැකියාවන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. එබැවින් රසායනික අවි භාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කළේය.

    “UNSCR 2254 විසින් යෝජනා කර ඇති පරිදි සිරියාවේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විභව ඉදිරි ගමනක් සඳහා වෙනත් ධාවන පථවල ප්‍රගතිය උපකාර විය හැකි බව ඉන්දියාව දිගටම විශ්වාස කරයි,” ඔහු තවදුරටත් පැවසීය.

    “රසායනික අවි සම්බන්ධයෙන් අදාළ සියලුම ගැටළු විසඳීමට සහ විසඳීමට සිරියාව සහ OPCW හි තාක්ෂණික ලේකම් කාර්යාලය අතර අඛණ්ඩව සම්බන්ධ වීමට අපි දිරිමත් කරමු,” තිරුමූර්ති පැවසීය.

    indianewsnetwork

  • ‘ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරනවා‘

    ‘ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරනවා‘

    පළමු සහ දෙවන මාත්‍රාවට අමතරව පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා බූස්ටර් මාත්‍රාව ද අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.  

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ QR කේතයක් සහිත නව එන්නත් කාඩ්පතක් සහ එන්නත් කිරීමේ යෙදුමක් ළඟදීම හඳුන්වා දෙන බවයි.

    “එමගින්, පොදු ස්ථානවලට ඇතුළු වන පුද්ගලයින්ට COVID එන්නතක මාත්‍රා තුනක් අනිවාර්ය කරනු ඇත,” ඔහු පැවසීය.

    මේ අතර, බූස්ටරය කඩිනම් කිරීම සඳහා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන එන්නත් මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

    “සුදුසුකම් ඇති පුද්ගලයින්ට බූස්ටරය ලබා දීම සඳහා තවත් එන්නත් මධ්‍යස්ථාන එකතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත,” ඔහු පැවසීය.

    “මේ වන විට මුළු ජනගහනයෙන් 28% කට ඔවුන්ගේ බූස්ටර මාත්‍රාව ලැබී ඇති අතර මෙම මාසය අවසන් වීමට පෙර එම ප්‍රතිශතය ඉහළ මට්ටමකට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

  • ‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’

    ‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’

    විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්‍යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය

    • විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි
    • මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි
    • මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන්

    විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට අසන්නට ලැබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන කොවිඩ් වසංගතය සමඟ මැලේරියාව පිළිබඳව ද අසන්නට ලැබේ. වාහකයෙකු මඟින් බෝ වන මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ ද නැවත මෙරටින් මැලේරියා රෝගීන් වාර්තා වෙමින් පවතී. 2007 වසරට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මැලේරියා රෝගීන් පිළිබඳව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සමඟ කළ සාකච්ජාවකි මේ.

    මැලේරියා රෝගය යනු කුමක් ද? එහි රෝග ලක්ෂණ මොනවා ද?

    මැලේරියාව කියලා කියන්නේ පරපෝෂිතයකුගෙන් බෝවෙන රෝගයක්. මේ රෝගය එක් අයකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන්නේ මදුරුවෙක් හරහායි. මෙහිදී ප්‍රාථමික මදුරුවන් හා ද්විතික මදුරුවන් කියලා කොට්ඨාස දෙකක් ඉන්නවා. ප්‍රාථමික මදුරුවන්ගේ ධාරිතාවය වැඩියි. ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 75ක් පමණ ඉන්නවා. නමුත් ඔවුන් ප්‍රාථමික මදුරුවන් තරම් දරුණු නෑ.

    මේ රෝගයේ ලක්ෂණ විදියට වමනය, හිසරදය, ක්ලාන්තය, කැරකැවිල්ල සහ පණ නැති ගතිය පෙන්නුම් කරනවා. ඒ වගේම ඇඟපතේ තද වේදනාවකුත් දැනෙනවා. තමන්ගේ වැඩක් කරගන්න බැරි තරමට මිනිස්සු දුර්වල වෙනවා.

    මැලේරියාව මාරාන්තික ද?

    මැලේරියාව මාරාන්තිකයි. 1926 වර්ෂයේ දී මැලේරියාව ශ්‍රී ලංකාවට ඇවිත් 1952 දක්වාම රට පුරා පැතිරිලා තිබුණා. අද කොරෝනාවලින් මිනිස්සු මැරුණාට වඩා වැඩි ප්‍රමාණයක් එදා මැලේරියාව හින්දා මැරුණා. එක අවුරුද්දකට 80,000ක් විතරත් මැරුණා. 1952 වෙනකොට මරණ සංඛ්‍යාව 1000 දක්වා අඩු වුණා. ඒ කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්.

    මැලේරියාව බෝවන්නේ කොහොම ද?

    මැලේරියා පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළු වුණාම රුධිරය හරහා ඉතා ඉක්මනින් අක්මාවට යනවා. මේ පරපෝෂිතයාට අවුරුද්දක් වුණත් අක්මාවේ හැංගිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ කොයි මොහොතක හරි එළියට එනවා අපටත් නොදැනීම. ඊට පස්සෙ ලේවලට මිශ්‍ර වෙනවා. ඒ වෙලාවෙදී මදුරුවෙක් දෂ්ඨ කළොත් ඒ පරපෝෂිතයා මදුරුවාගේ ඇඟටත් යනවා. ඒ මදුරුවාගේ ඛේට ග්‍රන්ථි හරහා වෙනත් අයෙකුටත් සම්ප්‍රේෂණය විය හැකියි.

    ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකයක් පිරිනමා තිබෙනවා. නමුත්, නැවතත් මැලේරියාව ගැන සමාජයේ කතා බහක් ඇති වෙලා. අපට නැවතත් මැලේරියාව ඒවිද?

    මැලේරියාව ඕනෑම අවස්ථාවක ආපහු එන්න පුළුවන්. හේතුව මැලේරියාව බෝ කරන මදුරුවා අපේ රටේ හැම තැනකම වගේ ඉන්නවා. එතකොට මැලේරියාව තුරන් කළ රටක් කියන්නේ අපේ රට ඇතුළේ මැලේරියාව නෑ කියන එකයි. අපේ රටේ මිලියන විසි එකක් වන ජනගහනයේ කිසිම අයෙකුගේ ශරීරයේ මැලේරියා පරපෝෂිතයා නෑ. එය 2012 වෙනකම් නෑ කියලා සහතික වෙලා තියෙනවා. ඊට පස්සේ වසර තුනක් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන විමසිල්ලෙන් ඉඳලා 2016 තමයි තහවුරු කළේ මැලේරියාව සම්පූර්ණයෙන් තුරන් කළ රටක් කියලා. රට ඇතුලේ සම්ප්‍රේෂණය නැති වුණත් හැදෙන්නෙ නෑ කියලා නෙවෙයි.

    ශ්‍රී ලංකාවේ අවසන් වතාවට මැලේරියා මරණයක් වාර්තා වූයේ කවදාද?

    ශ්‍රී ලංකාවේ අන්තිම වරට මැලේරියා මරණය වාර්තා වූයේ 2007 දී. 2007 න් පසුව ශ්‍රී ලංකාවේ මැලේරියාව හින්දා මරණ සිදු වෙලා නෑ.

    වැඩියෙන්ම මැලේරියා අවදානමට ලක්වන්නේ කවුරුන් ද?

    අප්‍රිකාව වගේ මැලේරියාව තියෙන රටක අයගේ ඇ‍ඟේ ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ රටවල එය එතරම් ගණන් ගන්නේ නෑ. හරියට කැස්ස, හෙම්බිරිස්සාව වගේ. නමුත් අපේ රටවල මැලේරියාව නැති නිසා අපේ ශරීරය තුළ ප්‍රතිශක්තියක් නෑ. මොකද මේ පරම්පරාවට මැලේරියාව හැදිලා නෑ. ඒ නිසා දරුවකුට මැලේරියාව හැදුණොත් මාරාන්තිකයි. වයසක හා තරුණ වුණත් ඕනෑම අයෙක් මැලේරියාව නිසා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා මෙයට වයස් භේදයක් නෑ. සියලු දෙනාටම අවදානම තියෙනවා.

    ලෝකයේ වෙනත් රටවල මේ වන විට මැලේරියා වසංගත තත්ත්වයේ පැතිරීම කෙසේ ද?

    මැලේරියාව දකුණු ආසියානු කලාපයෙන් තුරන් කරලයි තියෙන්නේ. අපිට මැලේරියාව තුරන් කළ රටක් කියලා සහතිකය දෙන කොට චීනය වගේ රටවලුත් සහතිකය ඉල්ලුවා. චීනයට ඒ සහතිකය ලැබුණේ පසුගිය සැප්තැම්බර්වලයි. අනෙක් අය විභාගයට පාඩම් කරනකොට අපි විභාගය පාස් වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. වැඩිම මැලේරියා තර්ජනය තියෙන්නේ අප්‍රිකානු රටවලින්. සූඩාන්,කොංගෝ වැනි අප්‍රිකානු රටවල 50%ක්ම මැලේරියාව තියෙනවා.

    ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් ඇති නවතම තොරතුරු මොනවාද?

    පසුගිය 2021 වසරේ මැලේරියා රෝගීන් 26 දෙනෙක් වාර්තා වුණා. ඉන් 25 දෙනෙක්ම අප්‍රිකානු ආශ්‍රිතයන්. මේ වසරේ පළමු රෝගියා වාර්තා වුණේ පසුගිය 02 වැනිදා. හොයාගෙන ගියාම ඒ රෝගිය­ා බටහිර අප්‍රිකානු රටකින් ඇවිත් තියෙන්නේ. දෙසැම්බර් 22 තමයි ඇවිත් තියෙන්නේ. යාපනේ ගුරුනගර්වලින් හමු වුණේ. ඒ නිසා මැලේරියා මර්දන කටයුතු ඒ ප්‍රදේශයේ දැඩි කරලයි තියෙන්නේ. ඒ නිසා මේ වසරේ ප්‍රථම මැලේරියා රෝගියාත් යාපනෙන්.

    ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ආරම්භය හා කාර්යභාරය කවරේද?

    1911 වර්ෂයේ කුරුණෑගල තමයි ශ්‍රී ලංකාවේ පළමුවරට මැලේරියා මර්දනයට කාර්යාලයක් පිහිටුවා ගත්තේ. 1958 මැලේරියාව සම්බන්ධයෙන් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක වුණා 1963 දී ලෙඩ්ඩු ගණන 11 දක්වා අඩු වුණා. ඊට පස්සේ ලෙඩේ නෑ කියලා සාමාන්‍ය විදිහට මිනිස්සු වැඩ කටයුතු කළා. ඊට පස්සෙ ආයෙමත් රෝගය පැතිරිලා ගියා. රෝගීන් ගණන ලක්ෂ පහක් වුණා. ලක්ෂ පහේ රෝගීන් ගණන ඍණ අගයක් ගන්න අවුරුදු 45ක් ගියා. ඒ නිසා ඩෙංගු වගේ නෙවෙයි, මැලේරියාව ආවොත් නවත්තන්න ලේසි නෑ. අපි මේ දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ මැලේරියා මර්දන ව්‍යාපාරයක් සිදු කරගෙන යනවා. විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඒ සඳහාම යැව්වා. දිස්ත්‍රික්කයේ සියලු වෛද්‍යවරු සමඟ සාකච්ඡා කළා. ඔවුන් දැනුවත් කළා. ඉස්සරහට මැලේරියාව ආවොත් මොකද කරන්නේ කියලා. මැලේරියාවෙන් කිසිම මරණයක් සිදු වෙන්න බෑ කියලා අපේ ව්‍යාපාරයේ නීතියක් තියෙනවා. ඒ නිසා අපි, මැලේරියා රෝගය වැලඳුන ලෙඩෙක් ආවොත් අනිවාර්යයෙන්ම උපරිම දේ සිදු කරනවා. හැබැයි මැරෙන්න දෙන්නේ නෑ.

    ඒ වගේම “අවදානමට පෙර සූදානම” අපේ ව්‍යාපාරයේ සටන් පාඨයයි. යම් පුද්ගලයෙක් මැලේරියාව හදාගෙන ආවොත් මදුරුවාව සොයාගන්න කලින් අපි රෝගියාව සොයා ගන්නවා කියන එක අපේ ව්‍යාපාරයේ එක් උපක්‍රමයක්. කිසියම් රෝගියෙක් හිටියොත්, මීටර් 500ක් ඇතුළත සිටින සියලුම මිනිස්සු පරීක්ෂා කරනවා. අපේ මූලස්ථාන කාර්යාල 28ක් ශ්‍රී ලංකාව පුරා තියෙනවා. මෙවර අපි විශේෂ කැලැන්ඩරයක් හැදුවා. මිනිස්සුන්ට මැලේරියාව කියන එක අමතක වෙනවා. ඒ නිසා අපි මේ කැලැන්ඩ‍රයෙන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙය දුටු විගස සිහියට නැඟෙන්න අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වලට බෙදා හරිනවා. මේ වගේ දේවලින් පවා අප බලාපොරොත්තු වන්නේ මැලේරියා ලෙඩාව අල්ල ගන්නයි. ඒ වගේම වෛද්‍යවරයකු ළඟට ලෙඩෙක් ආවොත්, වෛද්‍යවරයාටත් ඒ ගැන විමසිලිමත් වෙන්න පුළුවන්. නැතිනම් ලෙඩාගේ අනෙක් සියලු පරීක්ෂණ කළත් මැලේරියාව ගැන පරීක්ෂණ කරන්නේ නෑ. පසුගිය අවුරුද්දේ මැලේරියා රෝගීන් හමුවුණේ 25 යි.

    සාමාන්‍යයෙන් අපට වසරකට රෝගීන් 50ක් විතර මුණ ගැසෙනවා. රෝගීන් අඩු වුණා කියලා අපේ ව්‍යාපාරය දියත් කරන වැඩපිළිවෙල අඩු කරන්නේ නෑ. පසුගිය දෙසැම්බර් 16 වැනිදා අපට යාපනයෙන් මැලේරියා රෝගියෙක් හමු වුණා. අපි ඔහු දවස් තුනෙන් අල්ල ගත්තා. ඊට පස්සේ ඉක්මන් ප්‍රතිකාර කළා. ඔහු සනීප වුණා. දෙසැම්බර් 23 වැනිදා යාපනය තව කෙනෙක් හමු වුණා. මේ විදියට ලෙඩෙක් හමු වුණාම අපේ උපක්‍රමයක් තියෙනවා, පළමුවෙන්ම කරන දේ තමයි, ගෙදර ඇතුලේ හා වටේ මැලේරියා මදුරුවො ඉන්නවාද කියා සොයා බලා විනාශ කරන එක. මදුරුවාගෙ ඇඟේ රෝග වාහකයා තිබුණාම සුමාන දෙකක් ඇතුළත තවත් අයකුට බෝ වෙන්න පුළුවන්. අපි ළඟ විශේෂ මදුරු දැලක් තියෙනවා. ඒ දැලේ මදුරුවො වැහුවාම උන් මැරෙනවා. ඒක හැමෝටම දෙන්නෙ නෑ. අපි සන්තකයේ පමණයි තියෙන්නෙ. ඉතින් ඒකට රජයට ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත්, අවදානමක් තියෙන හැම ගෙදරකටම අපි එය ලබා දෙනවා.

    වෙනත් රටවල සිට එන මඟීන්ගෙන් අපටත් මැලේරියාව බෝවිය හැකිද?

    2012න් පසුව දේශීයව එක් රෝගියකු හෝ වාර්තා නොවීමෙන් මැලේරියා පරපෝෂිතයා ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් වී ඇති බව තහවුරු වෙනවා. නමුත්, මැලේරියා රෝගය බෝ කරන මදුරුවා තවමත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒ නිසා පිටරටින් නැවත මේ පරපෝෂිතයා ශ්‍රී ලංකාවට පැමිණිය හොත්, නැවත වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා.

    ශ්‍රී ලංකාවෙන් වසරකට මිලියනයක් පමණ ඉන්දියාවේ දඹදිව වන්දනාවට සහභාගි වෙනවා. කොරෝනා කාලපරිච්ඡේදය හැරුණාම 2019 දී එසේ ගිය අයගෙන් 29 දෙනකුටම මැලේරියාව වැලඳුන බවට වාර්තා වුණා. අප්‍රිකානු රටවලට වැඩිපුර ශ්‍රී ලාංකිකයෝ සංචාරය කරන්නේ නෑ. ඉන්දියාව, අප්‍රිකාව තරම්ම නැතත් ඉන්දියාව මැලේරියාව තුරන් කරලා නෑ. චීනය මීට මාස තුනකට පෙර මැලේරියාව තුරන් කළ රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය ලබා ගත්තා.

    මැලේරියාව ආවොත් නවත්වන්න ලේසි නෑ. එහෙම වුවොත් ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් සිද්ධ වෙනවා.

    මැලේරියාව බලපාන්නේ මිනිස් ශරීරයේ කිනම් කොටසටද? ඉන් සිදුවන හානිය කවරාකරද?

    මෙහෙමයි. “මොළයේ මැලේරියාව” කියලා රෝගයකුත් තියෙනවා. ඒකෙන් මොළයට බලපෑම් සිද්ධ වෙනවා. ප්ලීහාව ඉදිමෙන්න පුළුවන්. එයම මරණයට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම රුධිර පට්ටිකා අඩු වෙනවා. රුධිර ඝනත්වය අඩුවෙලා ගියොත් ලෙඩා රක්තහීනතාවයට පත්වෙනවා. මිනිස් ශරීරයේ ලේ අඩු වුණාම මිනිස්සු කම්මැළියන් බවට පත් වෙනවා. ඔවුන්ට වැඩ කරන්න ශක්තියක් නෑ. ඇඟ පත වේදනා දෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න පැන නඟිනවා. දරුණුම අවස්ථාවට පත් වුණාම මරණය සිදු වෙන්න පුළුවන්.

    මැලේරියාව සුව කිරීමට අසීරු රෝගයක් ද?

    නෑ. සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. හැබැයි, දරුණු අවස්ථාවට යන්න කලින් හඳුනා ගත යුතුයි. මුල් අවස්ථාවේ හඳුනා ගත්තොත් නිසි ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි.

    මැලේරියාව වෙනුවෙන් ඖෂධ හෝ එන්නත්කරණයක් තිබේ ද? එය ශ්‍රී ලංකාවේ භාවිත කර තිබේද?

    මැලේරියාවට ඖෂධ තියෙනවා. ඒවා ශ්‍රී ලංකාවේ ඒවා භාවිත කරනවා. මේවා ෆාමසිවලින් ගන්න බැහැ. මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ පමණයි තියෙන්නේ. ‍ෆාමසිවල තිබු‍ණොත් රෝගීන් ඒවා පාවිච්චි කිරීම හරියට සිදු කරන්නේ නෑ. බාගෙට ප්‍රතිකාර කළොත් නැවත මතුවෙන්න පුළුවන්. එය වසංගතයකට හේතු විය හැකියි. ඒ නිසයි නීතියක් වශයෙන් මැලේරියා ඖෂධ ෆාමසිවල තහනම් කරලා තියෙන්නේ.

    මැලේරියා රෝගය වළක්වා ගත හැක්කේ කෙසේ ද?

    ප්‍රධාන වශයෙන්ම යම් අයෙක් මැලේරියාව ඇති රටක සංචාරය කරනවා නම්, ඒ සඳහා ඇති ඖෂධ සතියකට කලින් ගත යුතුයි. ඒ වගේම අදාළ රටේ සිටින තුරු සතිපතා ඖෂධය ලබා ගත යුතුයි. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවට ආ පසු ද සති හයක් නොකඩවාම ඖෂධ ලබාගත යුතුයි. එහෙම කළොත් මැලේරියාවට ඇති අවදානම අඩුයි. නමුත්, 100%ක් ම හැදෙන්නේ නෑ කියලා කියන්න බෑ. ඒ නිසා යම් අයෙක් පිටරටකට යනවා නම්, අනිවාර්යයෙන්ම මැලේරියා සඳහා අදාළ ඖෂධ ගත යුතුයි.

    කිසියම් අයකුට මැලේරියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, කළ යුත්තේ කුමක්ද?

    වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් වෛද්‍යවරයා හමුවිය යුතුයි. වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව පරීක්ෂණ සිදු කරගන්නත් පුළුවන්. රට ගිහින් ආවාම හා උණ වැලඳී තිබීම පරීක්ෂණයට ප්‍රමාණවත්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ තමාට උණ වැලඳී ඇත්නම් හිත හිතා ඉන්න එපා. වෛද්‍යවරයා හමුවන්න. හමු වී තමා රට ගිහින් ආ බවත් පවසා සිටින්න. ඒ වගේම උණ වැලඳී ඇති රෝගියෙකුගෙන් වෛද්‍යවරයෙකු විමසිය යුතුම දෙයක් තමයි රට ගියා ද? කියන කාරණය. රට ගිහින් ආවා නම් අනිවාර්යයෙන්ම මැලේරියා පරීක්ෂණය සිදු කරගත යුතුයි. ඒ වගේම යම් අයෙක් මැලේරියාව ඇති රටකට ගිහින් ආවොත් වසර තුනක් යන තුරු කිසිවකුට ලේ දීමක් සිදු කරන්න බෑ. එය තහනම්. මොකද රුධිරය හරහා මැලේරියාව බෝවිය හැකි වීමයි. එය නීතියක්.

    පුද්ගලික රෝහලකින් වුවද මැලේරියා රෝගියෙකු වාර්තා වුව හොත් අප වෙත දැන්විය යුතුයි. 0117626626 දුරකතන අංකය මැලේරියාව සම්බන්ධ ඕනෑම ගැටලුවකට විවෘතයි.

    දිනමිණ ඇසුරිනි

  • චිලි ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියට 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පත්වේ !

    චිලි ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියට 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පත්වේ !

    මේ සෑම වෙනසක්ම සිදු කිරීමට මුලින්ම පෙරමුණ ගනු ලැබුවේ තරුණ අපයි. ඒ නිසා රටේ අනාගතය තීරණය කරනු ලබන රටේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර සැමට යුක්තිය හා සමානාත්මතාවය ඉටු කිරීමේ වගකීමෙන් පලායාමට අපට හැකියාවක් නෑ

    ලොව පුරා ලිබරල් බුද්ධිමතුන්ගේ සහයද ලබාගනිමින් චිලියේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලැබූ වාමාංශික පෙරමුණේ නායක Gabriel Boric පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්‍යය වී ඇත්තේ 1973 සිට එරට බලපවත්නා ඒකාධිපති හා ලිබරල්වාදී ලක්ෂණ සහිත ව්‍යවස්ථාව වෙනස් කිරීමයි.

    2019 වර්ෂයේදී චිලිය පුරා හඹා ගිය දැවැන්ත ශිෂ්‍ය හා තරුණ නැගිටීම තුලදී ඔවුන් ඉල්ලා සිටියේ මෙම පසුගාමී ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. ඒ අනුව 2020 වසරේදී සාමාජිකයින් 155 දෙනෙකු ගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවක් පත්වුණු අතර පසුගිය ජනාධිපතිවරණයේදී දක්ෂිණාංශික අපේක්ෂකයා පවසා සිටියේ ඔහු ජයගතහොත් මෙම ව්‍යවස්ථා සභාව විසිරුවා හැර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අත්හිටුවන බවයි.

    Chile Assembly That's Rewriting Constitution Taps New Leadership - Bloomberg

    කෙසේවෙතත් මෙම ව්‍යවස්ථාව වෙනස් කරලීම සඳහා දැවැන්ත කාර්යභාරයක් සිදුකල ශිෂ්‍ය නායකයෙකු වූ Gabriel Boric එරට ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ව්‍යවස්ථා සභාව යලි සක්‍රිය කරන ලදී. ස්ත්‍රීවාදිනියෙකු හා තරුණ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම චිලී කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකාවක් වන වන 21 හැවිරිදි Maria Elisa Quinteros එම සභාවේ සභාපතිණිය ලෙස පත්කර ගනුයේ බදාදා දිනයේ පැය 19ක් පුරා පැවති දීර්ඝ හා උණුසුම් විවාදයකට පසුවය. එහි උප සභාපති ලෙස 31 හැවිරිදි වෛද්‍යවරයෙකු වන Gaspar Dominguez තේරීපත් වී ඇත.

    2019 වර්ෂයේදී සන්තියාගෝ නුවර මධ්‍ය මහා විද්‍යාලයක උසස් පෙළ හැදෑරු Maria Elisa Quinteros එරට රජය විසින් දුම්රිය ටිකට් පත එරට මුදල් ඒකකය වන පෙසෝ 30කින් වැඩිකිරීමට එරෙහිව විරෝධය පෑවේ ටිකට් පත් මිලට නොගෙන දුම්රියේ ගමන් කරමිනි.

    මෙම විරෝධයත් සමගින් එරට තරුණයන් හා ශිෂ්‍යයන් ඇය සමග එක්වුයේ “පෙසෝ 30ක් නොව වසර 30ක්” පුරා තමන් මෙම ක්‍රමවේදය හේතුවෙන් පිඩා විඳින බව පිළිබිඹු කරන සටන් පාඨය ඇතුලත් විශාල පෙළපාලියක් එරට අගනුවරට කැඳවමිනි. එතැන් සිට දිනපතා දකුණු ඇමරිකාවේ පැසිස්ට්වාදයේ සංකේතය හා නව ලිබරල්වාදයේ පුස්ථකය ලෙස සැලකෙන එරට ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා එරට ජනතාවද දහස් ගණනින් අරගලය සමග බද්ධ විය. පසුව 2020දී පැවැත්වූ ජනමත විචාරණයේදී 78%ජනතාවක් විසින් නව ව්‍යවස්ථාවක් සඳහා තම අනුමතිය ලබාදුනි. ඉන්පසුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරලීම සඳහා ව්‍යවස්ථා සභාවක්ද පිහිටුවනු ලැබීය.

    2022 ජනවාරි 6 වැනිදා සිට ඇය විසින් මෙම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබීමට ආරම්භ කෙරුණු අතර චිලී ඉතිහාසයේ මුල් වරට කාන්තාවන් 77 දෙනෙකු හා එරට ආදිවාසී ජනතාව නියෝජනය කරමින් නියෝජිතයින් 17ක් මෙම 155 දෙනෙකුන් යුත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය දරනු ලබයි. ඉන්පසුව 2022 ජුලි මාසයේදී සමස්ථ ව්‍යවස්ථාව ජනතා කැමැත්ත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන අතර ඉන් පසුව සැප්තැම්බර් මාසයේදී එය ජනමත විචාරණයකින් අනුමත කර ගැනීමට නියමිතය.

    2019 චිලිය පුරා පැතිරී ගිය අසමානත්මතාවයට එරෙහිව අරගලය සමග සක්‍රියව සමබන්ධ වූ Maria Elisa Quinteros මෙම නව තනතුර පිළිබඳව මාධ්‍ය අමතා “මේ සෑම වෙනසක්ම සිදු කිරීමට මුලින්ම පෙරමුණ ගනු ලැබුවේ තරුණ අපයි. ඒ නිසා රටේ අනාගතය තීරණය කරනු ලබන රටේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර සැමට යුක්තිය හා සමානාත්මතාවය ඉටු කිරීමේ වගකීමෙන් පලායාමට අපට හැකියාවක් නෑ” යයි පවසා සිටියාය.

    by lankatruth

  • වී කිලෝවකට රුපියල් 75ක සහතික මිලක්

    වී කිලෝවකට රුපියල් 75ක සහතික මිලක්

    වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය. මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා කීවේය.

  • ‘සියදිවි නසා ගැනීමට සහාය ගැනීම‘ ඔස්ට්‍රියාව නීතිගත කරයි

    ‘සියදිවි නසා ගැනීමට සහාය ගැනීම‘ ඔස්ට්‍රියාව නීතිගත කරයි

    ඕස්ට්‍රියාව සියදිවි නසා ගැනීමට සහාය ගැනීමට ඉඩ දීමේ නීතිය බලාත්මක කර තිබේ. මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ සදාකාලික බෙලහීන තත්ත්වයට පත්වූ වැඩිහිටියන්ට සසහාය දිවි නසා ගැනීම (assisted suicide) තෝරාගැනීමට ජනවාරි පළමු දා සිට විධිවිධාන සැලසිනි.

    දෙසැම්බර් මාසයේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණ තීන්දුවක් නිකුත් වීමෙන් පසුව, පාර්ලිමේන්තුව මෙම නව නීතිය අනුමත කළේ ය.

    මෙම ක්‍රියාවලිය දැඩි ලෙස නියාමනය කෙරෙන අතර, එක් එක් සිද්ධිය වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් තුලනය කෙරෙනු ඇති. මේ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු සමනකර වෛද්‍ය විශේෂඥයෙකු විය යුතු ය.

    එමෙන් ම, වෙනත් විකල්ප ඉතිරිව ඇති කිසිම අවස්ථාවක කිසිවෙකු මරණය තෝරා නොගන්නා බව සහතික කිරීම සඳහා, සමනකර සත්කාර ඒකක (palliative care) සංවර්ධනය කිරීමට ද රජය මුදල් වෙන්කර ඇති බව බලධාරීහු පවසති.

    සසහාය දිවි නසා ගැනීම, එනම් යමෙකුට තම ජීවිතය අවසන්කර ගැනීමට පහසුකම් ලබා දීම, ඕස්ට්‍රියාවට අසල්වැසි ස්විට්සර්ලන්තයේ ද නීත්‍යානුකූල ය.

    එසේම එය ස්පාඤ්ඤය, බෙල්ජියම, සහ නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක ද සාපරාධී ලෙස නොසැලකේ.

    සියදිවි නසාගැනීම සඳහා ක්‍රියාකාරීව සහාය වීම තවදුරටත් ඕස්ට්‍රියාව තුළ නීති විරෝධී වන අතර, නව නීති විශේෂයෙන්ම බාලවයස්කරුවන් හෝ මානසික සෞඛ්‍ය ගැටලු ඇත්තවුන්ට බල නොපායි.

    තම ජීවිතය අවසන් කිරීමට කැමති වැඩිහිටියන් රෝග විනිශ්චයක් ඉදිරිපත් කළ යුතු අතර, ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ඇති බව තහවුරු කළ යුතු ය.

    වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, රෝගීන් තම තීරණය ගැන යළි සිතා බලමින් සති දොළහක කාලයක් ගතකළ යුතු ය – ඔවුන්ට ඇත්තේ ආන්තික රෝගයක් නම් මෙම කාලය සති දෙකකි.

    මෙම පොරොත්තු කාලයෙන් පසුව ද තීරණය වෙනස් නොකළහොත්, නීතීඥයෙකුට හෝ නොතාරිස්වරයෙකුට දැනුම් දීමෙන් පසුව ඖෂධාලයකින් මරණය සිදුකරන බෙහෙත ලබාගැනීමට ඔවුනට හැකි ය.

    අවභාවිතය වැලැක්වීම සඳහා මෙවැනි ඖෂධ අලෙවි කරන ඖෂධාල ප්‍රචාරය නොකෙරෙන අතර, ඒවායේ නම් හෙළි කරන්නේ මෙම දැනුම්දීම් ලබන නීතිඥයින්ට සහ නොතාරිස්වරුන්ට පමණි.

    මෙතෙක් ඕස්ට්‍රියානු නීතියට අනුව, සියදිවි නසා ගැනීමට යමෙකු පොළඹවන හෝ ඒ සඳහා සහාය වන ඕනෑම අයෙකුට වසර පහක සිර දඬුවමකට යටත්වීමට සිදුවිය.

    සසහාය දිවි නසා ගැනීම සඳහා වූ පූර්ණ තහනම පසුගිය වසරේ ෆෙඩරල් අධිකරණයක් විසින් ඉවත් කරන ලද අතර, එය “ස්වයං-නිර්ණයට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක්” බවට තීන්දු කර තිබුණි.

    නමුත් කිසිවෙකුගේ “ප්‍රබල සහ බරපතල ඉල්ලීමකට” අනුව එම තැනැත්තා ඝාතනය කිරීමට එම දඬුවම එලෙසම ලබාදෙනු ඇත.

    නව නීතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමට පෙර ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් තර්ක කළේ, සසහාය දිවි නසා ගැනීම අපේක්ෂා කරන්නන්ට ඒ සඳහා බාධක බොහොමයක් පසුකිරීමට සිදුවන බව යි.

    එහි සීමාවන් අවශ්‍ය තරමට නැතැ යි තවත් පිරිසක් තර්ක කළේ, රෝගීන්ගේ තීරණ ගැනීමේ හැකියාව තක්සේරු කිරීමට මනෝවෛද්‍ය ඇගයීමක් ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

    bbc sandesaya

  • සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි

    සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි

    දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

  • මුදල් ඇමැතිට හා මහ බැංකු අධිපතිට චම්පික කළ සුපිරි අභියෝගය

    මුදල් ඇමැතිට හා මහ බැංකු අධිපතිට චම්පික කළ සුපිරි අභියෝගය

    නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (5) අනාවරණය කළේය. ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක් පැමිණෙන බැවින්, ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් ඩීසල් හිඟය මග හරවා ගන්නා ලෙස ද හෙතෙම ආණ්ඩුවට දැනුම් දුන්නේය.

    අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහන මල්ල යටතේ ලබාදෙනවාය කියන ඖෂධ බදු අඩු කිරීම පට්ටපල් බොරුවක් බවය.

    “පළමුවෙන්ම කියන්න ඕනේ ඖෂධ වලට බදු අය කරන්නේ නැහැ. ඒ අනුව ඒ කාරණය පට්ටපල් බොරුවක්. දෙවෙනි කාරණය, මේ රාජ්‍ය අංශයේ දැනට ලක්ෂ 15ක් පමණ ඉන්නවා. විශ්‍රාමිකයෝ ආසන්නයෙන් ලක්ෂ 7 ක් පමණ ඉන්නවා. ඒ අනුව මේ ලක්ෂ 22 ක් පමණ වන ජනතාවට වසරකට රුපියල් 60,000කින් පමණ අලුත් මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න රුපියල් බිලියන 130ක් පමණ වැය වෙනවා. ආණ්ඩුවේ ආරංචි මාර්ග කියන්නේ මේ සහන පැකේජයට එහෙම නැත්නම් මේ සහන මල්ල රුපියල් විශාල එකක් බවයි. ඒ අනුව පළමුවෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපු අය වැයේ වැය පාර්ශවය එනම් බිලියන 5200 කට වැඩි වෙච්ච වැය පාර්ශවය බිලියන 5500 ක් පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ යනවා. ඒ වගේම අය වැය පරතරය තව දුරටත් පළල් වීමට නියමිතයි.”

    බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය අංශය රටට බරක් ලෙස ය. හැකි පමණ රාජ්‍ය අංශයෙන් ලබාගන්නවා විනා සහන ලබා දීමේ හැකියාවක් නැති බවය. මේ ආකාරයට රාජ්‍ය අංශයට අපහාස අවමාන කරමින් සිට එක්විටම රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට රු. 5,000 දීමනාවක් ලබා දීමටත්, ගුරුවරුන්ට පොරොන්දු ප්‍රකාරව වැටුප් වර්ධක ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු විය හැකිය. නමුත්, රටේ වැඩ කරන ජනතාව අසූ ලක්ෂයක් පමණ ශ්‍රී ලංකාව තුළ සිටියි. ඒ අසූ ලක්ෂයෙන් සහන ලබාදීමට තීරණය කර ඇත්තේ පහළොස් ලක්ෂයකට පමණි.

    “වැඩියෙන්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ ඒ අසූ ලක්ෂයෙන් රාජ්‍ය නොවන පුද්ගලික අංශයේ සේවය කරන අයත් ඒ වගේම අවිධිමත් ක්ෂේත්‍රවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී ඉන්න අයත් තමයි අද බඩගින්නට, අසහනයට ලක් වෙලා ඉන්නේ. ඒ අයට කිසිඳු සහනයක් මේ මාර්ගයෙන් ලැබිලා නැහැ. ඇත්තටම මේ මේ මුදල් කොහොමද හොයාගන්න යන්නේ? එක්කෝ ආණ්ඩුව බදු වැඩි කරන්න ඕනේ. දැන් රාවයක් පැතිර යනවා. අයවැයෙන් යෝජිත ඒ බදු වැඩි කිරීමට අමතරව වැට් බදු ආදිය වැඩි කරන්න යන බව. ඉතින් ඒ බදු වැඩි කිරීමක් සිද්ධ කළහොත් එහෙම අවසානයේ මේ වැටුප් වර්ධනයට අවශ්‍ය කරන ධනය උත්පාදනය කරන්නේ ඒ ජන කණ්ඩායම හා වැටුප් වර්ධනයකට යටත් නොවිච්ච අවශේෂ ජන කණ්ඩායම කියන සියලු දෙනාගේම බදු වැඩි කිරීමකින්. ඒකෙන් මේ සමාජ පීඩනය තවත් පුළුල් වෙනවා විතරයි.”

    මේ සහන ලබාදීම සඳහා වන ඊළඟ විකල්පය වන්නේ බියගම කොම්පැනියට බාර දීම හෙවත් සල්ලි අච්චු ගැසීමයි.

    “ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රියතම විෂය. ඒකෙන් සිද්ධ වෙන්නෙත් මොකක්ද? උද්ධමනය වැඩිවෙලා ගිහිල්ලා, මේ පොදුවේ මේ වැඩි කරපු මේ බිලියන 229 බර, බඩු මිල වැඩිවීමක් හැටියට, සමාජයට නැවත දැනීම. කොටින්ම කිව්වොත්, රුපියල් 54 මාළු මිරිස් කරල රුපියල් කරලා බැසිල් මහත්තයා මේ පඩි වැඩි කිරීම කළා කියන්න පුළුවන්. සල්ලි අච්චු ගැහීම පිළිබඳ කාරණය සැලකිල්ලට ගත්තොත්. ඉතින් ඒ අනුව පේනවා මේක විසඳුමක් නෙවෙයි කියන එක. ඒ වගේම සමස්ත ණය බර පිළිබඳ ගැටළුවට විසඳුම් නොදී ඒ පිළිබඳව වෙච්ච පුළුල් විධිමත් වැඩසටහනකට නොගිහින් අතනින් මෙතනින් ගන්න මේ විසඳුම් වලින් මේ අර්බුදය තවත් තීව්‍ර වෙනවා. ජාතියේ ආර්ථික වල, එහෙම නැත්නම් මිනී වල තවත් ගැඹුරට කැපීමක් විතරයි මෙයින් සිද්ධ වෙන්නේ කියන එක අපි අවධාරණය කරනවා සමස්තයක් හැටියට.”

    එතකොට මොකක් හරි හැමදාම මේ රාජපක්ෂලා, විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා මොකක්හරි වැඩක් කලොත් යටි අරමුණක් තියෙනවා. මොකක්ද මේකේ යටි අරමුණ? අපට පේනවා කරුණු කිහිපයක්. එකක් තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට, නොයෙක් කතා පවත්වලා, විරෝධතා කතා පවත්වලා, සිංහ නාද නගලා, අපි ඇමති මණ්ඩලවල මොහොතක්වත් ඉන්නේ නෑ වගේ වාමාංශික, වාග්ලාප එහෙම ඇහිලා අපිට දැන් නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන්න යනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට යනකොටම කරන්න වෙන දෙයක් තමයි, රුපියල පාවෙන්න අරින්න වෙනවා. මේ ඩොලරයට තියෙන රුපියල් 203, ඒ අනුව රුපියල් 240 ත්, 250 ත් අතරට ගානකට පත් වේ. ඒ පත්වූ වහාම මේ බඩු මිල නැවත ඉහළ නගිනවා. මේ බඩු මිල නැවත වැඩි වෙනවා. එතකොට ඒ බඩු මිල නැවත වැඩි වීම නිසා රාජ්‍ය අංශයෙන් එල්ල වන පීඩනය යම් ප්‍රමාණයකට කලින්ම සමනය කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් විය හැකියි මේ පඩි වැඩි කිරීම්.”

    එමෙන්ම අනාගතයේ මේ රාජපක්ෂ සාපයේ ණය ගෙවීම සඳහා රාජ්‍ය දේපළ විකුණා දැමීම දැන් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක තෙල් ගැනීම සඳහා වසර 15 කින් ශ්‍රී ලංකාවට අයිති වීමට තිබූ තෙල් ටැංකි වසර 50 කට බදු දීම සඳහා වන දේශද්‍රෝහී ගිවිසුම තව සතියකින් අත්සන් කිරීමට නියමිතය.

    “ඒ වගේම රටේ ගෑස් සම්පත NFC සමාගමට විකිණීමේ ප්‍රයත්නය ලිඛිතව අත්සන් කොට හමාරයි. ඊළඟට අදානි සමාගමට කිසිම ප්‍රසම්පාදනයකින් තොරව වසර 50 ක් යනතෙක් මේ රටට ප්‍රයෝජනයට ගත හැකි සුළං බලය හා සූර්ය බලය අමු අමුවේ පැවරීමට, බලශක්ති අමාත්‍යාංශය සූදානම්. එතකොට මේවට නැගෙනවා විරෝධතාවයක්. වරායේ ඉඩම්, චීන සමාගමට පැවරීමට එරෙහිව, ඒ වගේම තෙල් සංස්ථාවේ තෙල් ටැංකි පැවරීමට එරෙහිව, විදුලිබල මණ්ඩලය මේ කරන පාවාදීම් වලට එරෙහිව, වැඩකරන ජනතාව බලමුළු ගැන්වෙනවා. ඒ වගේම සෙලෙන්දිවා සමාගම හරහා, රාජ්‍ය බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි අය සම්බන්ධ, ඒගොල්ලන්ට අයත් වෙච්ච, ඔවුන්ගේ මූලස්ථාන, විදේශිකයන්ට තුට්ටු දෙකට විකිණීමේ වැඩපිළිවෙලට එරෙහිවත්, ජීවන බරත් එක්ක රාජ්‍ය අංශය කැළඹීමක් තියෙනවා. මේ රාජ්‍ය අංශයේ එන කැළඹීම, මහා වැඩවර්ජනයක් කරා, ගමන් කිරීම වැළැක්වීමත්, එක යටි අරමුණක් මෙතන.”

    දැන් ආණ්ඩුව පුපුරා යමින් පවතී. ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතී. මහජන කෝපය සහ ආණ්ඩුව පුපුරා යමින් පවතී. මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකිය. පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීමයි. මේ නැගී සිටීම පාලනයට මේ පියවර ගත්තා විය හැකි බව ද රණවක මහතා පෙන්වා දෙයි.

    “බැසිල් මහත්තයා නම් කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. යටි අරමුණු නැතුව IMF එකට ගිහිල්ලා රාජ්‍ය අංශයට කරන්න යන, එහි මිනී වළ කපන, ඒ ක්‍රියාදාමයේ දී එන විරෝධය වසා ගැනීම සඳහා කලින්ම ගත්ත උපායමාර්ගයක් හැටියටයි අපි නම් මේක දකින්නේ. ඒ වගේම මේක කෙටියෙන්ම කිව්වොත් මේ සහන ලැබීම ගැන අපි සතුටු වෙනවා රාජ්‍ය අංශයට. නමුත් ආර්ථික මිනී වල තවත් ගැඹුරට කපා ගැනීමක්. අර්බුදය තවත් වේගවත් කර ගැනීමක්, අයවැය පරතරය තවත් උග්‍ර කර ගැනීමක් හැටියටයි අපි මේක දකින්නේ.”

    සහන ලබා දෙනවානම් සියළුම ක්ෂේත්‍ර වලට සහන ලබා දිය යුතුය. සහන හැටියට මුදල් නොව මේ මෝඩ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් කොට ජනතාවට ප්‍රමිතියකින් යුතු පොහොර ලබා දිය යුතුය.

    මේ මාසයේ ණය ගෙවීමෙන් අනතුරුව විදේශ සංචිත අවසන් වේ. සංචිත වැඩි කිරීම් පිළිබඳව මායා කතා මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකු අධිපතිවරයාගේ විහිළුවක් පමණි.

    “අද කිව්වානේ බිලියන් 3 කින් වර්ධනය වුණා කියලා. අපි අහනවා පෙට්‍රෝ චයිනා එකේ නැව් දෙකක් වරායේ නවත්තගෙන පෙට්‍රල්, ඩීසල් බාගන්න විදිහක් නැතුව LC අරින් නැතුව ඒ ඒවා LC ඇරියේ නැත්නම් ඊළඟ දින 8 ඇතුළත පෙට්‍රල් ඩීසල් හිඟයක් එනවා. ඒක නිසා ඔය හම්බුනයි කියන ඩොලර් වලින් කරුණාකරලා මේ LC ටික ඇරලා පෙට්‍රල් ඩීසල් හිඟය මග අරින්න.”

    දැන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබේ. 23 වෙනිදා බොරතෙල් නැව පැමිණීමට නියමිතය. මෙතෙක් ණයවර ලිපිය විවෘත කොට නැත. දැනටමත් මෙගා වොට් 220 ක් ලංකා විදුලි බල මණ්ඩලට වසා දමා අවසානය. ලබන 15 වෙනිදා සිට රට විදුලිය කප්පාදුවක් කරා ගමන් කරන බව විදුලි බල මණ්ඩල පත්‍රිකාවලින් පැහැදිලි වේ.

    “ඒ නිසා මේ පූච්චානන් කතා කයිවාරු කතා නරිවාදන් නවත්තලා කරුණාකරලා මේ තෙල් සංස්ථාවේ ඇවිල්ලා තියෙන නැව් දෙක බාගන්න පිරිපහදුවට තෙල් ටික සපයන්න විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු සපයන්න. අද මම කියනවා මේ විධිමත් ක්‍රියාමාර්ගය නොගත්තොත් මාර්තු මාසය වෙනකොට රට දැවැන්ත විදුලි බල අර්බුදයකට හා ඉන්ධන අර්බුදයකට යනවා. තෙල්, පෝලිම්, විදුලි බල කප්පාදු, ජලය නැතුව මිනිස්සු වේදනා විඳින තත්ත්වයකට පත්වෙනවා. මේ කටයුතු වල ප්‍රායෝගික ඇත්තට මුහුණ දෙන්න කියන එක අපි තෙල් සංස්ථාව සහ මුදල් අමාත්‍යාංශය කරවන ඇත්තන්ටත්, මහ බැංකුව කරවන ඇත්තන්ටත් අපි ප්‍රකාශ කරන්න කැමතියි.”

    “ඒ වගේම මේ සුසිල් ප්‍රේම්ජයන්ත මහත්තයාගේ සිදුවීමත් එක්ක ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නවයි කියලා පොලිසියෙන් ආපු ඒ නිවේදනයත් එක්ක අපිට තේරෙනවා මර්දනය කැඳවමින් තියෙනවා. මේක තමයි එක ම විසඳුම තියෙන මර්ධනය කැඳවීම. මේකට එරෙහිව සියලුම දෙනා වමේ වේවා, දකුණේ වේවා, මාක්ස්වාදී වේවා, බෙදුම්වාදී වේවා, ධනවාදී වේවා මේ සියලුම ප්‍රතිපත්ති රාමු පසෙක දාලා, පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මිනිස් නිදහස අගයන අයට එක ධජයක් යටතට අපි එක්වෙමු කියන ආයාචනයත්, අපි මේ අවස්ථාවේ සියලුම විපක්ෂ කණ්ඩායම් වලටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉඳගෙන, ගුටි බැට කකා ඉන්න ඒ රාජපක්ෂ විරෝධී ප්‍රජාතන්තතවාදී බලවේග වලටත් අපි මේ අවස්ථාවේ ආයාචනා කරනවා.”

  • ණයට ආනයනය කළ අල – ළූණුවලින් දඹුල්ල ආර්ථිකේ පිරී යයි

    ණයට ආනයනය කළ අල – ළූණුවලින් දඹුල්ල ආර්ථිකේ පිරී යයි

    විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ළූණු සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් ඉවත් කිරීමත් සමඟ දඹුල්ලේ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකු ලූණු විශාල ආනයනය කර තිබේ.

    ඒ අනුව පසුගිය මාසයේ  අලෙවි වු මිලට වඩා අර්තාපල් මිල ඉහළ ගොස්  ලොකු ලූණු මිල තරමක් පහත වැටීම සිදු වී තිබේ.

    එහෙත් අල – ලුණු ගෙන්වන වෙළෙන්දෝ කියා සිටින්නේ බදු සහන නිසා මිල පහත වැටි තිබෙන බවය. එමෙන්ම තමන් විදේශීය වෙළෙඳුන්ගෙන් ණය පදනම මත මේවා ආනයනය කළ බවයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ ඒ අවට අර්තාපල්, ලොකු ලූණු ආනයනය කරන තොග වෙළෙඳ සැල්වල පාකිස්ථානයෙන්  සහ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 90 සිට 120 දක්වා මිල පැවති අතර  ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 140 සිට 170 දක්වා වූ මිලක පැවතියේය.

    ආනයනික බදු මුදල ඉවත් කිරීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව  විදේශ රටවලින් අල – ලූණු ආනයනය කරන තොග වෙළඳසැල් වලට අද (05) දින විශාල වශයෙන් අර්තාපල් සහ ලොකු ලූණු  රැගෙන එන අයුරු දැකගත හැකිවිය. ඊට අමතරව පොන්නි නාඩු සහල්, පරිප්පු, සුදු ලූණු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සැල් වලට  ලැබී තිබිණි.

    පරිප්පු කිලෝවක් රුපියල්  245 ත් 250ත් අතර මිලකට අලෙවි වෙද්දී  පොන්නි නඩු සහල් කිලෝවක් රුපියල් 125කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 370කට ද අලෙවි වන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

    පසුගිය මාසයේ ආනයනික බදු ඉවත් කිරීමට පෙර සහ  මේ මාසයේ ආනයනික බදු ඉවත් කිරීමෙන් පසු පස්වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආශ්‍රිතව විදේශීය ලොකුලූනු වල සහ අර්තාපල් අලවල පැවති මිල ගණන් පහත සඳහන් වේ.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • ඇතැම් පළාත් සභා රෝහල් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට අවධානය

    පළාත් සභා පාලනය යටතේ මේ වන විට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මහියංගණ මූලික රෝහල සංවර්ධනය කරමින් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාද එක්ව සිටියේය.

    රෝහල් කරා පැමිණෙන දෛනික රෝගීන් ප්‍රමාණය , යටිතල පහසුකම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමේ අරමුණින් දිවයිනේ තෝරා ගත් රෝහල් මෙලෙස මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සැලැසුම් කර ඇත.

    දිස්ත්‍රික් ගණනාවක් ආවරණය වන මහියංගණ මූලික රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස 2014 වර්ෂයේ සිට ඉල්ලීම් ගණනාවක් කර ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

    එමෙන්ම පළාත් සභා යටතේ පවතින තවත් රෝහල් කිහිපයක් රේඛීය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස ඉල්ලීම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

    විශේෂයෙන් 13 වන සංශෝධනය අනුව පළාත් සභාව සතු ආයතන රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. රටෙහි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම රටෙහි ගමන් මග තුළ අතිශය වැදගත් පියවරක් බවත් ඒ වෙනුවෙන් වත්මන් රජය එයට ඉහළම දායකත්වයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විශේෂයෙන් මහියංගණ මූලික රෝහලට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට වඩා අවට දිස්ත්‍රික්ක වල ජනතාව විශාල ලෙස පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මෙහිදී කීය

  • සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පන්නා දමයි

    සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පන්නා දමයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ.  සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.

  • ජම්මු සහ කාශ්මීරය හරහා නැවුම් වාතය හමා යයි

    ජම්මු සහ කාශ්මීරය හරහා නැවුම් වාතය හමා යයි

    වසර ගණනාවක් පාකිස්ථානයේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය පහව ගිය පසු ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි.

    යුනෙස්කෝ නිර්මාණාත්මක නගර ජාලයේ (UCCN) ශිල්ප හා ජන කලා කාණ්ඩයේ සිට ඉන්දියාවේ පිරිසිදු නගර 50 අතර පිරිසිදුම නගරය ලෙස නැගී සිටීම දක්වා – ශ්‍රීනගර් 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසු නව පරිච්ඡේදයක් ලියයි.

    අධ්‍යාපනය වැනි අංශ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වෙනස්කම් දකිමින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ජම්මු සහ කාශ්මීරයේ තත්ත්වය ද මෙයින් පිළිබිඹු වේ.

    දශක ගණනාවක් තිස්සේ පැවති සටන්කාමීත්වය හේතුවෙන් කාශ්මීරයේ අධ්‍යාපනය වසර ගණනාවක් තිස්සේ දරුණුතම බලපෑමට ලක්ව ඇත. ප්‍රදේශවාසීන් විසින් කැඳවන ලද කඩින් කඩ වැඩ වර්ජන හෝ ‘බන්ද්’ විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපෑවේය. ජම්මු සහ කාශ්මීර පොලිසිය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, 1990 සිට, සටන්කාමීත්වය හේතුවෙන් කාශ්මීරයට සැලකිය යුතු වැඩ දින අහිමි විය.

    අධ්‍යාපන ක්ෂේත්‍රය නැවුම් වාතය ආශ්වාස කිරීම අරඹයි

    නව මුලපිරීමක් යටතේ, ගෝත්‍රික ප්‍රජාවන් සඳහා ජම්මු සහ කාශ්මීරය පුරා ‘ස්මාර්ට් පාසල්’ ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් 200ක් අදියර දෙකකින් නවීකරණය කෙරේ. පළමු පාසල් 100 2022 මාර්තු වන විට පරිවර්තනය කරන අතර ඉතිරි පාසල් 2022 දෙසැම්බර් වන විට රුපියල් කෝටි 40 ක වියදමින් පරිවර්තනය කෙරේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලුතිනන් ආණ්ඩුකාර මනෝජ් සිංහා මේ බව දන්වා ඇත.

    මෙම පියවරෙන් ප්‍රමෝදයට පත් ශ්‍රීනගර්හි තදාසන්න ප්‍රදේශයේ ගෝත්‍රික ප්‍රදේශයක් වන ෆකීර් ගුජ්රි හි පදිංචි අබ්දුල් අහද් ගානී පැවසුවේ එය “අපගේ දරුවන්ට ධනාත්මක බව සහ යහපත් අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් ඇති කිරීමෙන්” නව වෙනසක් ගෙන එන බවයි.

    යූනියන් ප්‍රදේශයේ ගෝත්‍රික ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට චමත්කාරයක් එක් කරන්නේ ගද්දි, සිප්පි, ඩාර්ඩ් සහ ෂීනා ප්‍රජාවන්ට අයත් ළමුන් 21,000කට ශිෂ්‍යත්ව ලබාදීමට රජය ගත් තීරණයයි. “අරමුදල් නොමැතිකම සහ අනෙකුත් අවිනිශ්චිතතාවයන් නිසා පසුගිය දශක තුන තුළ ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි විය” යනුවෙන් ජම්මු සහ කාශ්මීර උප ආණ්ඩුකාරවරයා මෑතකදී පැවසීය.

    කර්මාන්ත සඳහා පිහිටුවා ඇති ඉඩම් බැංකුව:

    එලෙසම යූනියන් ප්‍රදේශයේ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා අභිලාෂකාමී ව්‍යාපෘති කිහිපයක කටයුතු ආරම්භ කර ඇත. කර්මාන්ත හා නිෂ්පාදන ඒකක සඳහා අක්කර 6000ක ඉඩම් බැංකුවක් පිහිටුවා ඇත.

    indianewsnetwork

    “අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කර්මාන්ත හා වාණිජ දෙපාර්තමේන්තුවට පවරා ඇත – ජම්මු හි අක්කර 2,125 ක් සහ කාශ්මීරයේ අක්කර 1,000 ක්. මෙම පියවර ජම්මු සහ කාශ්මීර හරහා කනල් 20,000 (අක්කර 2,500) ක ඉඩම් බැංකුවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන ලද කාර්මික ප්‍රතිපත්තිය-2016 ට අනුකූල වේ,” රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වෙත පැවසීය.

    පරිපාලනය විසින් යූටී හි විවිධ දිස්ත්‍රික්කවල කාර්මික කලාප 292ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 150ක් ජම්මු කොට්ඨාශයේ දිස්ත්‍රික්ක 10කට සහ 142ක් කාශ්මීරයේ දිස්ත්‍රික්ක 10කට අයත් වේ.

    යටිතල පහසුකම් සංවර්ධනය උත්තේජනයක් ලබයි:

    කෙසේ වෙතත්, එක් ප්‍රධාන විශේෂත්වයක් වන්නේ ජම්මු-ශ්‍රීනගර් අධිවේගී මාර්ගයේ කාසිගුන්ඩ්-බනිහාල් උමං ව්‍යාපෘතියේ කටයුතු වේගයෙන් ක්‍රියාත්මක කිරීමයි.

    ජම්මු සහ ශ්‍රීනගර් අතර ගමනාගමන කාලය පැය 1.5කින් පමණ සහ කිලෝමීටර 16කින් පමණ අඩු කළ 370 වැනි වගන්තිය ඉවත් කිරීමෙන් පසු වේගවත් වූ මෙම කිලෝමීටර 8.5 උමග, අත්හදා බැලීම් සඳහා ගමනාගමනය සඳහා විවෘත කරන ලදී.

    මෙම පියවර මගීන්ට දැඩි භූමි ප්‍රදේශවලින් සහ අධිවේගී මාර්ගයේ අනතුරුවලින් සහනයක් ගෙන දී ඇත.

    “මම දිල්ලියේ ව්‍යාපාර කරන අතර මම නිතර සංචාරය කරනවා. ජම්මු සහ කාශ්මීරය අතර දුර ආවරණය කිරීමට එතරම් අඩු කාලයක් ගතවන බැවින් මට පුද්ගලිකව මෙම උමග ආශිර්වාදයකි, ”සාලු වෙළෙන්දෙකු වන ආෂික් හුසේන් පැවසීය.

    2021 නොවැම්බරයේදී මාර්ග ප්‍රවාහන සහ මහාමාර්ග පිළිබඳ මධ්‍යම අමාත්‍ය නිතින් ගඩ්කාරි ජම්මු සහ කාශ්මීරයේ රුපියල් කෝටි 11,721 ක් වටිනා ජාතික මහාමාර්ග ව්‍යාපෘති 25 කට මුල්ගල තැබීය.

    මෙම අවස්ථාවට අදහස් දක්වමින් උප ආණ්ඩුකාරවරයා මනෝජ් සිංහ මහතා මාර්ග ජාලයේ සහ නවීන ප්‍රවාහනයේ වැදගත්කම අවධාරණය කළ අතර, ආර්ථික වර්ධනයට, කලාපයේ සමෘද්ධියට සහ ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම පරිවර්තනයට මෙය යතුර බව ප්‍රකාශ කළේය.

    “රුපියල් කෝටි 11,721 ජාතික මහාමාර්ග ව්‍යාපෘතිවල අත්තිවාරම්, නව ව්‍යාපෘති හතකට අමතරව ජම්මු සහ කාශ්මීරයේ තිරසාර සංවර්ධනයට මග පාදනු ඇත,” උප ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

    ඒ හා සමානව, බලශක්ති පෙරමුණෙහි, සම්ප්‍රේෂණ පද්ධති ප්‍රතිසංස්කරණය කර නව පද්ධති ගෙන ඒම මගින් ජම්මු සහ ශ්‍රීනගර් නගරවලට පැය 24 පුරාම විදුලිය සැපයීමට පියවර ගනිමින් සිටී.

    2021 දී පමණක් රුපියල් කෝටි 118.91 ක් වටිනා විදුලි ව්‍යාපෘති 17 ක් විද්‍යුත් සමාරම්භක කිරීම මගින් ජම්මු සහ කාශ්මීරයේ බලශක්ති යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් විය.

    ජම්මු හා කාශ්මීරයේ බලශක්ති අතිරික්තයක් බවට පත් කිරීම සඳහා වසර තුන හතරක් තුළ මෙගාවොට් 3500 ක් නිපදවන රුපියල් කෝටි 54,000 ක විදුලි ව්‍යාපෘති අනුමත කර ඇත.

    ඒ හැරුණු විට සීමාසහිත කාශ්මීර බලශක්ති සංවර්ධන සංස්ථාව (KPDCL) විසින් විදුලි ඒකක ලක්ෂ 357.79ක් සපයා ඇති අතර එය පසුගිය වසරේ සැපයූ බලශක්තියට වඩා සියයට 17.5කින් වැඩිය. මෙය මෙතෙක් කාශ්මීරයේ සේවය කළ ඉහළම අගය ලෙස සැලකෙන බව නිලධාරියෙක් පැවසීය.

    පසුකාලීන ආන්ඩුවල උදාසීනත්වය සමඟ පොරබදමින් සිටින කාශ්මීර නිම්නයේ ප්‍රධාන සංචාරක ස්ථානයක් වන ඩල් ලේක්, එය පිරිසිදු ජල කඳක් බවට පත් කිරීම සඳහා මෙගා වල් නෙලීමේ මෙහෙයුමක් සමඟින් නව ජීවයක් දකිමින් සිටී.

    නිශ්චල දේපල ආයෝජනය:

    අනෙක් අතට, 370 වැනි වගන්තිය අවලංගු කිරීම වෙනත් ප්‍රාන්තවල පුරවැසියන්ට ජම්මු සහ කාශ්මීරයේ නිශ්චල දේපල මිලදී ගැනීමට දොරටු විවර කළේය. මෙම පියවර ජම්මු සහ කාශ්මීරයේ

    දේපල වෙළඳාම් සහ අනෙකුත් යටිතල ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පුද්ගලික ක්‍රීඩකයින්ට විවෘත කිරීමක් නිර්මාණය කර ඇත.

    පරිපාලනය මෑතකදී ජම්මු සහ කාශ්මීරයේ පළමු දේපල වෙළඳාම් සමුළුව සංවිධානය කරන ලද අතර එය රුපියල් කෝටි 18,300 ක් වටිනා අවබෝධතා ගිවිසුම් 39 ක් (අවබෝධතා ගිවිසුමක්) අත්සන් කිරීමත් සමඟ යූටී හි වර්ධනයට සහ සංවර්ධනයට මග පාදනු ඇතැයි විශ්වාස කෙරේ.

    දේපළ වෙළඳාම් සමුළුව අතරතුර ජම්මු සහ කාශ්මීර පරිපාලනය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් අතරට ජම්මු හි බහු-විශේෂ රෝහලක් පිහිටුවනු ලබන ඇපලෝ රෝහලද ඇතුළත් විය.

    ඉන්දියන් ඉන්කෝපරේෂන් හි නේවාසික, සිල්ලර, වාණිජ අවකාශය, විනෝදාස්වාද කර්මාන්තය, සංචාරක සහ ආගන්තුක සත්කාර, සැපයුම් සහ ගබඩා සහ මූල්‍ය ආයතනවල ප්‍රධානීන් කිහිප දෙනෙක් ද පළමු වරට ජම්මු සහ කාශ්මීර දේපල-වතු සමුළුවට සහභාගී වූහ.

    indianewsnetwork

  • සීගිරිය ‘බල්ලන්ට ගිහිල්ලා‘

    සීගිරිය ‘බල්ලන්ට ගිහිල්ලා‘

    ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව  සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති.

    සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

    ලෝක උරුම  බිම්කඩක් බවට නම් කළ  ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

    මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක දෙස් විදෙස් සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැන බරපතළ තර්ජනයක් බවද පෙන්වා දෙන සීගිරිය නව නගරවාසීහූ දේශීය සංචාරකයන් සඳහා අනුමත නව නගරයේ රථ ගාල සම්පූර්ණයෙන්ම මඩ  වගුරක් බවට පත්ව ඇතැයි පෙන්වා දෙති.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළඳසැල්  සියල්ල මේ වන විට ගරාවැටී දැඩි ප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති  දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩි  අපිරිසිදු භාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එහි  පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දි වලට ජලය ගෙනත් දීම සිදු කරයි.

    මුළු ලෝකයක් විස්මිතව නැරඹීම් සඳහා පැමිණෙන සීගිරිය නව නගරය අයිතිකරුවෙකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සෑම දෙයකටම සංචාරකයන් ගෙන් මුදල් අය කර ගැනීම පමණක් සිදුකරන බවත් අනෙකුත් සිදුවිය  යුතු යුතුකම් කිසිවක් ඉටු නොවන බව උන්වහන්සේ පෙන්වා දෙති. මේ වනවිට කාශ්‍යප රජු සිටියේ නම් මෙම පාලකයන්ගේ හිස ගසාදමනු ඇති බව උන් වහන්සේ පවසති.

    අග්‍රාමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින්නේ ලෝක උරුම සීගිරිය විනාශ මුඛයට යන්නට නොදී රැකගන්නා ලෙස බව ද උන්වහන්සේ පවසති.

    ප්‍රදේශවාසීන් කියා සිටින්නේ සිගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවයි. එය දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් ඔවුන් කියන බව ද ඔවුහු කියති.

    දඹුල්ල ප්‍රාදේශීය සභාව කියන්නේ සීගිරිය නව නගරය තමන්ට අයත් නැති බවයි.

    කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීම සඳහා මේ දිනවලද පැමිණෙමින් සිටිති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය  සංචාරකයන් දහස ඉක්මවා  පැමිණෙන්න බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

    දේශීය සංචාරකයකුගෙන් සීගිරිය  නැරඹීම්ට සඳහා අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයෙකුගෙන් අය කරන මුදල ඇමරිකානු ඩොලර්  30කි.

    සීගිරිය නව නගරයේ පවතින මෙම බරපතළ ප්‍රශ්නය  පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති  කළමනාකරු උපුල් ශාන්ත මහතාගෙන් විමසීමේ ඔහුදී කියා සිටියේ  නව නගරයේ පරිපාලන කටයුතු දැනට දඹුල්ල ප්‍රාදේශීය සභාවට පවරා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානමි කරමින් සිටින බවයි. කෙසේ වෙතත් විදේශීය සංචාරකයන් සියලු දෙනාගේ පහසුකම් අවශ්‍ය පරිදි සපයා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. ජී. සෝමතිලක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නීත්‍යානුකූලව එම ප්‍රදේශ භාරදී නොමැති බවත් නීත්‍යානුකූල භාරදීම්ක් සිදු කළ විට එය නඩත්තු කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.

    එමෙන්ම  වීශාල මුදලක් සීගිරිය පෙන්වා මධ්‍යම සංස්කෘතික අරමුදල අ යකළ ද ප්‍රාදේශීය සභාවට හෝ ප්‍රදේශයේ සංවර්ධනයකට කිසිදු මුදලක් ඔවුන් ලබා නොදෙන බවත් අඩුම තරමේ සීයට රුපියල් තුනක මුදලක් ඉල්ලා වසර ගණනාවක් ගත වුවද මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල හෝ ලබා දීමක් සිදු නොකරන බව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රොන්‘ වේගයෙන් පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි

    ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රොන්‘ වේගයෙන් පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි

    ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට Omicron පත්වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය නදීකා ජනගේ මහතා පවසයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නදීක ජනගේ පැවසුවේ ප්‍රජා සහ රෝහල් පද්ධතියෙන් ද Omicron රෝගීන් අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

    “MRI හි හඳුනාගත් Omicron රෝගීන් දස දෙනාගෙන් දෙදෙනෙක් හදුනා ගත්ටත් රෝහල් වලින්” ඔහු ප්‍රකාශ කළේය.

    “මේ අනුව, Omicron ආසාදිතයින් සමාජයෙන් සොයාගෙන ඇති බවත් එය දැන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් අපි පිළිගත යුතුයි,” ඔහු අවධාරණය කළේය.

    මේ අතර, Omicron පිළිබඳ එක්සත් රාජධානියේ විද්‍යාත්මක දත්ත වලට අනුව, එන්නත් ලබා දී ඇති සමාජයක පවා Omicron ප්‍රභේදය ඩෙල්ටාවට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බව වෛද්‍ය ජනගේ පැවසීය.

    “Omicron ගෝලීය වශයෙන් වැඩි ආසාදන හා ඉහළ රෝහල්ගතවීම් ඇති කර ඇති අතර මරණ සංඛ්‍යාව සුළු වශයෙන් ඉහළ යයි,” ඔහු පෙන්වා දුන්නේය.

    “Delta හා සසඳන විට Omicron ව්‍යාධිජනක අඩු බව මූලික නිරීක්ෂණ යෝජනා කළද, එය තව දුරටත් තහවුරු කර නැහැ‘‘ වෛද්‍ය නදීක ජනගේ අවධාරණය කළේය.

    “කෙසේ වෙතත්, Omicron වඩාත් බෝවන බැවින්, රෝහල්ගත වීමේ සංඛ්‍යාව වැඩි විය හැකි අතර එය සංකූලතා ඇති රෝගීන්ටද බලපානු ඇත,” ඔහු තවදුරටත් පැවසීය.

    මේ අතර, වෛද්‍ය ජනගේ පැවසුවේ නිවාඩු කාලය තුළ මිනිසුන්ගේ හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධනාත්මක රෝගීන් වැඩි වන බවයි.

  • ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට – අක්ෂි වෛද්‍ය සංගමය

    ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට – අක්ෂි වෛද්‍ය සංගමය

    කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි.

    අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ තමන් විසින් 2013 සහ 2015 වසරවල සිදුකළ පරීක්ෂණයක් අනුව ‍මෙරට ජනගහනයෙන් 1.1%ක් දෘෂ්‍යාබාධිත බව අනාවරණය වූ බවයි.

    “ඉන්දියාවේ 0.47%ක් සහ නේපාලයේ 0.34%ක් අන්ධභාවයක් වාර්තා වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ එය වැඩියි. අක්ෂි සායනවලට යන බොහෝ දෙනෙකුගේ පෙනීම 80%ක් දක්වා අඩුවෙලා ”ඔහු පැවසීය.

    වසංගතය නිසා බොහෝ අය තම කාලය ගත කළේ තම දුරකථනවල සහ පරිගණක ඉදිරිපිටයි. බොහෝ දරුවන්ට ඔන්ලයින් වේදිකා භාවිතා කරමින් අඛණ්ඩව පැය පහකට වැඩි කාලයක් තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදු වූ බව ප්‍රධාන් මහතා පැවසීය.

    මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මෙය විශාල අවදානමක් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

  • 10%ක ජල ගාස්තු වට්ටමත් අත්හිටුවයි

    10%ක ජල ගාස්තු වට්ටමත් අත්හිටුවයි

    ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් 10%ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

    මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අදාළ නිලධාරියා මෙසේ ද පැවසුවා. ‘ ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරන ජල පාරිභෝගිකයින්ට 2012 සිට 10%ක වට්ටමක් ලබාදී තිබෙනවා. වර්තමාන තත්ත්වය මත අදාළ වට්ටම තව දුරටත් දිය නොහැකි නිසා එය අත්හිටුවීමට අප තීරණය කළා. ජලසම්පාදන මණ්ඩලයට තව දුරටත් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් නැහැ‘