Author: Editor

  • ඥානසාර හිමියෝ ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

    ඥානසාර හිමියෝ ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

    මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ.

    ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, ’69 ලක්ෂය’, යොහානිගේ ගීතය, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය, රටේ වර්තමාන තත්ත්වය ගැන මෙම සංවාදයේදී ඥානසාර හිමියෝ අදහස් පළ කළහ.

  • ජනපති ගෝඨාභය ගැන ඩිව් ගුණසේකරගේ අලුත්ම අදහස

    ජනපති ගෝඨාභය ගැන ඩිව් ගුණසේකරගේ අලුත්ම අදහස

    “දැන්නම් මගේ නිගමනය මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (03) කොළඹදී පැවති සාකච්ඡා සභාවක් අමතමිණි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ගුණසේකර මහතා‘‘නිදහසින් පස්සේ මහ ඔළමොට්ටල කැබිනට් එකක් තමයි මේකෙ තියෙන්නේ. හරක් රැලක් ඉන්නේ. සැබෑ අර්බූදය තිබෙන්නේ ආර්ථිකයේ අර්බූදය, දැන් ආණ්ඩුව දුවන්නේ මුදල් නෝට්ටු අච්චු ගහලා. බිලියන් 2000ක් විතර ගහල තියෙනවා දැන්. දැන් උපරිමයටම ඇවිල්ලා. ඩොලරුත් නැහැ. රුපියලුත් නැහැ. අපේ වාරික මුදල් අවුරුද්ධකට වරක් ගත්තු ණය ගෙවන්න ඕනා බිලියන් දෙකක්. ඒ ප්‍රමාණය තමයි සංචිතයේ තියෙන්නේ.

    බදුසමාව දීත තියෙනවා 14 වතාවක්. මේ අර්බුදය, රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ. බේ බැසිල් රාජපක්ෂ ගෙනාවා එකක් 14වෙනි බදු සමාව දුන්නා. එතකොට මිනිස්සුන්ට වුවමනාවක් නැහැ එකවුන්ට්ස් පෙන්නන්න වැඩක් නැහැ. බදු සමාවක් හම්බවෙනවනේ. බදු සමා කියන්නේ මේ ගොල්ලෝ ඔක්කොම බජට් එක හදන්න ඉස්සෙල්ලා ගිහින් හම්බවෙලා කියනවා “ඉලෙක්ෂන් ෆන්ඩ් එකට (මැතිවරණ අරමුදලට) සල්ලි දුන්නා, ඒකට තමයි ගතමනාව අපි බෙදන්නේ” මොන ආණ්ඩුව බලයට ආවත්.

    වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගික බද්ද 90%යි නැත්නම් 85%යි. අර අඩුවෙච්ච ඔක්කෝම අල්ලගන්නෙ දැන් පාරිභෝගිකයෝ; තමුන්නාන්සෙලා බඩු මිලදී ගැනිමේදි මාර්කට් එකෙන්.දැන්නම් මගේ නිගමනය මේ ගෝ්ඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා. මේ බලන්න පහුගිය දවස්වල ගත්තු මෝඩ තකතීරු තීරණ. සීනි වංචාව, වී, හාල්, පොහොර, ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නය. එක පිට එක. මම හිතන්නේ සදාචාරාත්මකද, පේන්නේ නැද්ද, තේරෙන්නේ නැද්ද, කියල මම අහන්නේ‘‘

  • කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි

    කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි

    කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ අද (4) පැවසීය.

    මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා කීය. කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් ( David Mckinnon) මහතා අද (4) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූයේය.

    මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියද එක්ව සිටියාය. මෙහිදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය හා කැනේඩියානු රජය එක්ව පරිත්‍යාග කිරීම සිදු විය.

    බූස්ටර්” එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනෙකතුත් කණ්ඩායම් වලටද ලබා දෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා කීය. ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමණාකරණය කරමින් ඉතා සාර්ථක මට්ටමක පවත්වා ගෙන යාමට හැකි වී ඇතැයිද  කැනේඩියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

    මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය,

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල අතිශය සාර්ථක බවත්
    එහි ආදර්ශය ලෝකයට ගෙන යා හැකි බවත් පෙන්වා දුන්නාය. කොවිඩ් ව්‍යසනයට පමණක් නොව අනෙකුත් රෝගී තත්ත්වයන් සඳහාද මෙවැනි ප්‍රතිකාර වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ඉතා වැදගත් බවද එමගින් රෝහල්හි පවතින අනවශ්‍ය තදබදය අවම කිරීමට හැකි වනු බවද සිං මහත්මිය පෙන්වා දුන්නාය.

    මෙම හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    කොවිඩ් වසංගතය තුළ රෝගයෙන් ආරක්ෂා වීම තමන් සතු වගකීමක් වන අතරම එය තවත් පුද්ගලයෙකු කරා පැතිරවීම වළක්වාලීමේ වගකීමද ඔහු සතු වන බවත් එවැනි පසුබිමක් තුළ පොදු ස්ථානයන්හිදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා යහපත් තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

    මේ වන විට යුරෝපානු රටවල් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල ඉතා යහපත් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකාවේද එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අධ්‍යයනයක යෙදෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

     

     විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක කෙරෙන  ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළීවෙල ලැබූ ඉහළ සාර්ථකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධානයටද ප්‍රණාමය හිමිවිය යුතු යැයිද ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් දැඩි කැපකිරීමකින් ක්‍රියා කළේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

     

  • ජාතික අවදි සභාව ආරක්ෂක ලේකම්ට කළ සුපිරි අභියෝගය

    ජාතික අවදි සභාව ආරක්ෂක ලේකම්ට කළ සුපිරි අභියෝගය

    ගජමිතුරු ජාවාරම්කාර කොම්පැනියක් මගින් ඇණවුම් කළා යයි කියන ආන්දෝලනාත්මක වස විස රැගත් චීන පොහොර නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළුවීමට උත්සාහ ගනිමින් තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික අවදි සභාව විසින්  කැඳවූ මාධ්‍ය හමුවක් අද (04) බත්තරමුල්ලේදී පවත්වන ලදී.

    ජාතික අවදි සභාවේ  කැඳවුම්කරු හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් තිලක් උභයවර්ධනගේ සහභාගිත්වයෙන් පැවැති එම මාධ්‍ය හමුවේ දී පළකෙරුණු  අදහස්, ඡායාරූප පහතින් දැක්වේ.

    ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් තිලක් උභයවර්ධන දැක් වූ අදහස් :

    ලංකාවට චීනයෙන් ආනයනය කරමින් පවතින පසුගිය සැප්තැම්බර් මාසයේ දී චීනයේ චින්දායො වරායෙන් පිටත්වී දැනට ලංකාවේ මුහුදු සීමාවට ඇතුලුවී තිබෙන  හිබෝ ස්පිරිට් නැවෙන් ගෙනඑන කාබනික පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. එහෙම කලු පාටවුනු ඒනැව සුදු කරන්නේ ඇයි කියලා අපි අහන්න කැමතියි.මේ නැවට විරෝධතා එනකොට මෙන්න අපහු නම වෙනස් කරගේන ඇවිල්ලා ඒ නැවම වෙන නමකින් දකුණු මුහුදේ හොල්මන් කරන්න පටන් අරගෙන තියෙනවා.

    මේ ඇතුළෙ තියෙන බැක්ටීරියා කොපමණ දුරකට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා අපි කොහොමද දන්නෙ.ඇත්ට්ගටම මේ නැව ජීව විද්‍යාත්මක පාවෙන බෝම්බයක්.

    මේ පාවෙන බෝම්බයක් එක්ක ආණ්ඩුව  මොකක්ද මේ කරන්න යන සෙල්ලම කියලා අපි අහන්න කැමතියි. ඇත්තටම කිව්වොත් ඉදිරියේදී මේ නැවේ යාන්ත්‍රික දෝෂයක් තියෙනවා එහෙම නැත්නම් ගින්නක් හෝ වෙනත් ආබාධයක් තියෙනවා කියලා නෑවේ තියෙන කසල පොහොර කන්ටේනර් ටික රට බාගන්නයි මේ සූදානම.

    මේ කන්ටේනර් වල තියෙන්නේ මේ මහ පොලොවට හලන්න ගෙනාපු විස මිසක් පොහොර නෙමෙයි. ඒ නිසා අපි රජයට ඉතා කරුණාවෙන් අවධාරණය කරනවා මේ රටේ දස දහසක් රණවිරු අත පය පූජා කරල මේ රට ආරක්ෂා කලේ රට උගසට තියලා එක් එක් අයගේ පෞද්ගලික සාක්කු පුරවන්න නෙවෙයි. අපේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් .ඒ වගකීම් ඉෂ්ඨ කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු වගකිවයුත්තන් ගෙන් ජාතික අවදි සභාව වෙනුවෙන්  ඉල්ලා සිටිනවා.

     
    ජාතික අවදි සභාවේ කැඳවුම්කරු හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත වර්ණසිංහ දැක්වූ අදහස්:

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරනයට ඇවිල්ල දිවුරුම් දෙන කොට මේ රට රකිනවා කියලා .ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ ? කොරෝනා වයිරසයෙන් ජාතිය බේරගන්න නන්දසේන රාජපක්ෂ ජනාධිපතිතුමාට හෝ වත්මන් රජයට හැකි වුණේ නෑ.

    එහෙම අසාර්ථක වෙලා ඉන්න ආණ්ඩුව අද පොහොර ගෙන්වන ක්‍රියාවලිය තුළ තම අසාර්ථක භාවය නැවත ඔප්පු  කරලා ඉවරයි. අද මේ නැව හරහා අපේ රටට ඇවිල්ල තියෙන්නේ ජයිව විද්‍යාත්මක ප්‍රහාරයක් කියලා අපිට හිතෙනවා.මීට කලින් මුහුදු බත් වුණ express parl නෞකාව හරහා සිදවුනෙත්  රසායනික ප්‍රහාරයක්. ආණ්ඩුව පුරාජේරු කිව්වා  නැව් සමාගමෙන් වන්දියක් ගන්නවා කියලා.අද මොකද වෙලා තියෙන්නේ ? කැස්බෑවා කොච්චර මැරුනද ? අපි ඒ දැක්කේ ගොඩ ගහපු ඒවා විතරයි.

    මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියපු සතර වරම් දෙවිවරු දැන් මොනවද කරන්නේ ? අපේ මුහුදු සීමාවේ හොල්මන් කරනවා මේ නැව.මේකේ ප්‍රධාන වැරදිකරුවා කවුද ?මේ මෝඩ තකතීරු ප්‍රතිපත්ති නිසා  මේ රටේ ජනතාවට තමයි විදවන්න වෙන්නේ.

    කොටින්ගේ මුහුදු  බලකායට කොහොමද අපි අපේ හමුදාව මුහුණ දුන්නේ ? හමුදාව කොටින් විනාශ කරා ජාත්‍යන්තර මුහුදු සීමාවට පවා ගිහින් .දැන් පොහොර නැවෙන්  biological බෝම්බයක් අරන් එන්නේ. කාබනික පොහොර ගේන්න මේ ආණ්ඩුව තීරණය කරා.විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ආචාර්යවරු කියන දේවල් මේ ආණ්ඩුව පොඩ්ඩක්වත් අහන්නේ නැහැ .මේ ආණ්ඩුව තවම ජාතික කෘෂි ප්‍රතිපත්ති කෙසේ විය යුතු දැයි මේ රටේ ආචාර්යවරු මහාචාර්යවරුන් ගෙන් කිසිම විමසීමක් කරලා නෑ.

    යල කන්නට අවශ්‍ය කරන රසායනික පොහොර ටික තියෙනවා කියලා ආණ්ඩුව කිව්වා බය වෙන්න එපා කියලා.ඊට පස්සේ මොකද්ද කිව්වේ? මහ කන්නය  වගා කරන්න සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වලින් කිව්වා .කාබනික පොහොර ආනයනය කරනවා කියලා කිව්වේ නෑ . රට තුළමයි හදනවා කියලා කිව්වේ .රුපියල් මිලියන  750ක් වෙන් කරා  පොහොර හදන්න . ඒ සල්ලිවලට මොකද වුණේ ?ඒ පොහොර, වගාවට යොදවන්න බෑ. කාගේ සාක්කුවටද ඒ සල්ලි ගියේ ? කව්ද ඒකට වගකියන්න ඕන?

    ගොවියෝ කියනවා කාබනික පොහොරවල කිසිම ප්‍රමිතියක් නෑ කියලා. නිකම්ම පස් ,රොන්මඩ මේ ගෙනල්ලා ගොවින්ට බෙදන්නේ. කාටද මේ බොරුව කරන්නේ?

    දැන් නැනෝ නයිට්‍රජන්  ඉන්දියාවෙන්  ගෙන්වනවා කියලා මහා වංචාවක්  කරගෙන යනවා. කෝටි 800ක් එතන හොරකම් කරලා. මහ කන්නයට අවශ්‍ය කරන පොහොර ටික ලංකාව තුළ හදන්න ලැබුණේ නෑ .මෙට්‍රික් ටොන් 96000ක්  කාබනික පොහොර ගෙන්නන්න මහින්දානන්ද අලූත්ගමගේ ගැසට් එකක් දැම්මා.කොහෙන්ද ගේන්නේ ? චීනයෙන්.

    ඉස්සෙල්ලා සාම්පල් ටික ගෙනහල්ලා පරික්ෂා කරන්න ඕනේ. ඒක කරන්නෙ නැතුව ඇණවුම් බාර දෙනවා. ඒක අපේ රටට ගොඩ බාන්න බැරි ක්ෂුද්‍ර ජීවීන් ඉන්න නැවක්.මෙතන යම්කිසි අයුතු ගනුදෙනුවක් වෙලා තියෙනවා.අපි කොච්චර කිව්වත් ඇයි මේ නැව ආපසු හැරිලා යන්නේ නැත්තේ? මාස ගාණක් තිස්සේ මේ නැව මහා මුහුදේ  කරක් ගහනවා.ඉතාමත් භයානක බෝම්බයක්  තමයි මේ අරන් එන්න හදන්නේ .

    අපි පැහැදිලිව කියන්න ඕන, මේ නැව නතර කරන එක ආරක්ෂක ලේකම්තුමාගේ වගකීමක්. අපි ආරක්ෂක ලේකම් තුමාගෙන් අහන්නේ ඇයි මේ නැව හරවලා යවන්න බැරි ?.ඕක කොළඹ වරායට සේන්දු වෙනකොට කාර්මික දෝෂයක් එනවා. ඊට  පස්සේ බහාලුම් ටික ඔක්කොම බාන්න වෙනවා.

    මේ සිදුවීමේම කොටසක් විදිහට අපේ රටේ ජන හද දිනාගත් බැංකුව අසාදු ලේඛන ගත වෙනවා. ඒගැන මහ බැංකු අධිපතිවරයාගේ ඇහුවම අනේ මම ඒක දන්නේ නෑ කියලා කියනවා .අපේ රටට චීනයේන්, ඉන්දියාවෙන්,ඇමරිකාවෙන්, ඕමානයෙන් බැහැලා සතර දෙවිවරු වගේ. ඒ නිසයි මේ නැව එනඑක එක නතර කරන එක තමයි ආණ්ඩුවේ ප්‍රධාන වගකීම බව ජාතික අවදි සභාව විදියට අවධාරණය කර සිටින්නේ.

  • ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

    ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

    මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.

    හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර තොගය
    ශ්‍රී ලංකාවට නොමිලේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.

    අද (04) අළුයම මෙම පොහොර තොගය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙක කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    මෙම නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට පියවර ගැනේ.

  • මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

    මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

    “දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරනවා. ජන මනස අවුල් කරලා සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන්න උත්සාහ කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අවධාරණය කරයි.

    ඔහු මේ බව පැවසූවේ අද (03) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

    “බඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න වෙලා. දැන් භූමිතෙල් පෝලිමකුත් තියෙනවා. ඒ වගේම පාලන මිල, පාලනයෙන් ගිලිහිලා. හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා. ආණ්ඩුවත් පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ නිසා රටේ ජනතාව බරපතළ අර්බුද රැසක ගිළිලා.

    විශේෂයෙන් සිමෙන්ති හිඟ වීමත් එක්ක අපේ රටේ ශ්‍රම බළකායෙන් 07%-10%ත් අතර පිරිසකට රැකියා අහිමිවෙලා. මේ නිසා මේසන් බාසුන්නැහේට වගේම අත් උදව්කරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී අසරණභාවයට පත්වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට තනි තනියෙන් මහ පාරේ උද්ඝෝෂණය කරන්න සිදුවෙලා. දරු පවුල් රකින්න කිසිම මාර්ගයක් නැහැ. බොහෝ තැන්වල සිමෙන්ති කොට්ටයක් දෙන්නේ වැලි, ගඩොල් ගත්තොත් විතරයි. එහෙම තියෙද්දිත් එකක් රුපියල් 1500ත් 1600ත් අතර වෙනවා. අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙලා. රුපියල්. 95,000ට තිබුණු යකඩ කම්බි ටොන් එක රුපියල් 210,000 දක්වා වැඩිවෙලා. රුපියල් 02ට තිබුණු කොන්ක්‍රිට් ඇනය දැන් රුපියල් 05යි. යම්කිසි ඇස්තමේන්තුවක් කරලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන්නේ කොහොමද? ඉදිකිරීම් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තෙන්ම මිල වැඩිවෙලා; අර්බුදයට ලක්වෙලා.

    සීනි බදු වංචාව

    ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුප්‍රකට ජාවාරමක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් මාස 03කදී රුපියල් කෝටි 1500ක් රජයට අහිමි වුණා. මේ තාක් සීනි ගෙන්වන්නේ ශත 25 බද්දට. මේ නිසා අද වෙනකොට රජයට වුණු පාඩුව රුපියල් කෝටි 6,000ක් විතර වෙනවා. ආණ්ඩුව පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නවලට ජනතාව උත්තර ගන්නේ කාගෙන්ද? හැමදේම අයාලේ යන තත්වයට පත්වෙලා තියෙන්නේ. සිමෙන්ති ආනයනකරුවන්ගෙන් 10%ක කොමිස් ඉල්ලන බව කවුරුත් දන්නවා. සමහර ඇමතිවරුන් විවෘතවම ආනයනකරුවන්ට කතා කරනවා. එක පැත්තකින් ඩොලර් අර්බුදය තිබෙන අතර අනෙක් පැත්තෙන් 10%ක කොමිස් දුන්නම තවත් මිල ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාමට ආණ්ඩුව විසින් ඇතිකළ ඩොලර් අර්බුදයත් කොමිස් අය කිරීමත් හේතුවී තිබෙනවා. මේ රට මේ තත්වය තුළ ආර්ථික වශයෙන් මහා අර්බුදයකට ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව තිබුණු 4.8%ක උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ 7.6% දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්වය පාලනය කරන්න මොළ හතේ විකෘති මිනිසාට හැකිවුණේ නැහැ.

    ආණ්ඩුවේ වැරදි තීන්දු නිසා චීන ඉන්දියා පීඩනයෙන් බැට කන්නේ ලංකාවේ ගොවියෝ

    මේ අතර ගොවි ජනතාව පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැති ප්‍රශ්නයට මුහුණදීලා. ආණ්ඩුවේ ඔළමොට්ටල තීරණ නිසා මුළු රටේම ගොවි ජනතාව මහ පාරට ඇවිත් සිටටිනවා. කෘෂි නිෂ්පාදන කඩාවැටිලා දැවැන්ත සාගතයක ලකුණු පහළ වී තිබෙනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් නොවුණු බව අගමැතිවරයා සංවත්සරයේදී කිවුවා. අද වුණත් ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. අර්වීනියා හා බැසිලස් කියන බැක්ටීරියා අඩංගු හානිකර කුණු කන්දක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කළ නිසා මහජන බැංකුවට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නැව ලංකාවේ මුහුදු සීමාවේ නැංගුරම් ලා තියෙනවා. නමුත් ඇමතිවරු කියන්නේ රේඩාර් පද්ධතියට පෙන්වන්නේ නැහැ කියලයි. අපේ රටේ ජාතික ආරක්‍ෂාව කෝ? බලහත්කාරයෙන් ඇවිත් තියෙන නැවට කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මහජන බැංකුවට මේ වෙනුවෙන් ඩොලර් මිලියන 09ක් ගෙවන්න සිදුවෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 210ක්. මහජන බැංකුවේ සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් ගෙවන්න සිදුවෙනවා. මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. යූ.සී.ටී. 600 කියන ජාත්‍යන්තර නීතියට Uniform Custom and taxes) අනුව මේ සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නවා. මේක රාජ්‍යයන් දෙක අතර ගනුදෙනුවක් නොවන බව ජයසුන්දර මහත්තයා කියනවා. එහෙම නම් මොකටද තානාපති කාර්යාලය නිවේදන නිකුත් කරන්නේ? ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයයි, රාජ්‍ය ඇමතිවරයයි තානාපති කාර්යාලයට ගිහින් කරුණු පැහැදිලි කරන්නේ ඇයි? ඒ වගේම මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට නිවේදනයකින් දැනුම් දෙන්නේ ඇයි?
    චීනයේ කුණු පොහොර ගෙන ඒමට අපේ නිරෝධායන ඒකකයෙන් බාධා එනකොට ආණ්ඩුව ඊළඟට ගත්ත ඔළමොට්ටල තීන්දුව ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වන එකයි. පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ විවෘත කර හදිසියේම කෝටි 29ක් දැම්මා. පහුගිය සිකුරාදා ඒ ගිණුම වහලා මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා ඒ හරහා ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවනවා. කොමර්ෂල් පොහොර සමාගම එක්ක ඉන්දියාවේ සමාගම අත්සන් කරන ගිවිසුමක් අනුව මේ පොහොර ගේන බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා. නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්‍ෂ 21ක් ඉන්දියාවෙන් ගෙන්වන්න ඩොලර් 529,125,00ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 1200ක් මේ වෙනුවෙන් වියදම් දරනවා. මේ සා විශාල මුදලක් අහිමි කර ගැනීමේ ගනුදෙනුව පිටුපස අයථා මූල්‍ය ගනුදෙනු සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික ගැටලුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනයත් ඉන්දියාවත් අතර බල අරගලය හමුවේ මේ රටවල් දෙකෙන් එකක් සමග කරන ආනයනයේදී චීනයේ පොහොර නැවැත්වීමෙන් චීනය රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් අපිට එල්ල කළා. තාම ඒ තර්ජනය අවසන් වුණේ නැහැ. එහෙම තියෙද්දී ඉන්දියාවෙන් පොහොර ආනයනයේදී සිදුවන බලපෑම ආණ්ඩුවට තේරෙන්න ඕනෑ. වැරදි තීන්දු නිසා ඇතිකරගන්න මේ තත්වයන් නිසා විශාල අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ අපේ රටේ ණය ගෙවීමේ හැකියාව තවත් පහත දැමීමට මූඩීස් ආයතනය ක්‍රියාකර තිබෙනවා.

    ජාතික සම්පත් විකිණීමට එරෙහි විරෝධය

    රටේ හැම තැනම බඩුමිල පිළිබඳ, වැටුප් පිළිබඳ සහ පොහොර ඇතුළු අනෙකුත් ප්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණ තිබෙනවා. ඒ වගේම ජාතික සම්පත් විකිණීමට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති විරෝධතා දියත් කර තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සියල්ල යට ගහන්න ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න යට ගහන්න සුපුරුදු පරිදි කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනාවන් ඉස්සරහට ගෙනත් තිබෙනවා. 2019 සිදුකළ කුමන්ත්‍රණකාරී දේශපාලනය නැවත වටයකින් කරළියට ගේන්න කටයුතු කර තිබෙනවා. හිටි හැටියේ එක රටක්, එක නීතියක් හදන කාර්යසාධක බළකායක් පිහිටුවන්නේ මේ නිසා. මේ පාලකයන්ගේ වැරදි ක්‍රමවේද නිසා පොඩි මිනිසාට එක නීතියකුත් බල පුළුවන්කාරයාට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. ජාති, ආගම්, කුල භේද අනුව තව පැත්තකින් වෙනස් විදිහට සලකනවා. නීතියේ ආධිපත්‍යය බිඳවැටෙමින් පවතිනවා. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරයක්.

    එක රටක්-එක නීතියක්

    සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා. එක රටක්-එක නීතියක් සටන් පාඨය ඉස්සරහට ගෙනාවේ මේ අනුව. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන බව කීවා. නමුත් අද වෙනකොට දවස ගානේ නඩුවලින් කම්බා හොරුන්, මිනීමරුවන් නිදහස් වෙනවා. මොහාන් පීරිස් නීතිපතිවරයාගේ කාලයේ නඩු ඉල්ලා අස්කර ගත්තා වගේ අදත් සිදුකරවා. රජයේ නීතිඥයා විදිහට කටයුතු කරන නීතිපතිවරයා අදාළ සියලු සාක්‍ෂි ඇතුළත් ලිපිගොනු තිබියදී නඩු ඉල්ලා අස්කර ගන්වා. චෝදනා ඔප්පු කරන්න බැරුව නිදහස් වෙනවා නෙවෙයි. පිල්ලෙයාන් නිදහස් වුණෙත් එහෙම. රට තුළ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යන්න නිශ්චිත විධිවිධාන තියෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය වගේම පාර්ලිමේන්තුවත් තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය බැහැර කරලා ජනාධිපතිවරයා කාර්යසාධක බලකායක් පිහිටුවන්නේ නැවත ප්‍රශ්න ඇතිකරන්න. මේ පත්කිරීම්වලම තියෙන්නේ නීතිය හෑල්ලුවට පත්කිරීම. මේ කාර්ය සාධක බලකායෙත් සියලුම කොටස් නියෝජනය වෙන්නේ නැහැ. 52%ක් වූ කාන්තාවන් නියෝජනය කරන්නේ නැහැ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුරුවන්ට හාමුදුරුවන් වහන්සේ නමක් හැටියට අපේ ගෞරවය තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මේ කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට උන් වහන්සේ පත්කරන ජනාධිපතිවරයාගේ. ඇත්තටම ඔහුගේ මොළය පරීක්‍ෂා කරන්න ඕනෑ. ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබ සරණයි.

    ජනාධිපතිවරයා විදිහට කල්පනා කරන්න ඕනෑ, මෙහෙම පත්කිරීම් ගැනද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ හාමුදුරුවන් වහන්සේගේ සිර දඬුවමින් මුදා හැරියා. ඒ හාමුදුරුවන් වහන්සේම නීති සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. මේ පත්කිරීමම බරපතළ ගැටලුවක්. මේ දවස්වල සිදුවීම් එක්ක බලනකොට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවේචනය කළාම සිරිල් ගාමිණී පියතුමාව රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. මේ පියතුමාම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරනවා. ජන මනස අවුල් කරලා සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන්න උත්සාහ කරනවා.

    සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගහන්න බැහැ

    සංවත්සර තියලා පෙන්වන සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගහන්න බැහැ. ජනතාව මේ වනවිට පීඩා විඳින ප්‍රශ්න කිසිවකට සංදර්ශනවලින් උත්තර නැහැ. ඒ නිසා වෙනත් කුමන්ත්‍රණ ගේන්න, ජනතාව අතර ගැටුම් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතිවාදී උගුල්වල ගොදුරු බවට පත් නොවන ලෙසයි. ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා දැනුවත්ව පෙරට එන්න. මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙන්න. මේ ආණ්ඩුවෙන් ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙන්න කියලා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව 20වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙනවා. මේ අවස්ථාව දී තිබෙන්නේ ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවට ගෙන එන්න කියලා අපි පැහැදිලිව කිවුවා. අද කතා කරන මහත්තුරුන් එදා ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවට ගේන්න උදව් දුන්නා. ඒ වගේම ඔහුට මුදල් ඇමතිකම ලබාදෙන්නත් සහයෝගය දුන්නා. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් උසාවිවල නඩු කියන පුද්ගලයෙකුට මුදල් ඇමතිකම ලබා දෙන්නත් ඔය අය සහයෝගය දුන්නා. කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට නොව ඇමරිකානු සමාගමකට දෙන බව කීවා. එහෙම කියපු මහත්තුරුන්ට ඉතිහාසයේ සරදමක් හැටියට අද ඊට මුහුණ දෙන්න සිද්ධ වී තිබෙනවා. මේ කරන්නේ තක්කඩිකමක්. ඇමරිකානු පුරවැසියා මුදල් ඇමති කරන්න සියලුම පසුබිම නිර්මාණය කරලා අද අපේ බලශක්තිය ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා. මෙතන තිබෙන්නේ නාට්‍යයක්.

    අපේ රටේ සම්පත් විකිණීමට එරෙහිව වරාය, ඛනිජ තෙල්, විදුලිය වෘත්තීය සමිති සන්ධානය විරෝධතා දියත් කර තිබෙනවා. ඒ සන්ධානය විවිධ දේශපාලන පක්‍ෂ එක්ක සාකච්ඡා කරමින් දැනුවත් කිරීම් කරනවා. එහි කිසිදු වැරැද්දක් අපි දකින්නේ නැහැ. වෘත්තීය සමිතිවල දැනුවත් කිරීම සහ රටේ ජනතාවගෙන් ඇතිවූ විරෝධය හමුවේ තමන්ගේ ඇමතිකමත් රැකගෙන ජනතාවගේ විරෝධය සමනයට පත් කරන්න උපක්‍රම තෝරනවා. තමන් ඉන්න නැව ගිලෙන බව තේරෙනකොට එයින් පැන ගන්න ක්‍රමයක් හොයනවා. පරණ හොරකම්වලට අදාළ නඩු, ෆයිල් තියෙනවා. ඒ නිසා පනින්නත් බැහැ. හැබැයි පනින්න වගේ පෙන්වනවා. ඇත්තටම මේක නාට්‍යයක්. අවංකව කරනවා නම් වෘත්තීය සමිතිවලින් ගිහින් දැනුවත් කරනකම් ඉන්න ඕනෑ නැහැ. කැබිනට් පත්‍රිකාව දැම්ම මුල් දවසේම විරුද්ධව නැගී සිටින්න ඕනෑ. රටේ ජනතාව දැනුවත් කරලා වෘත්තීය සමිති ඉස්සරහට යනකොට තමයි මේ අය නාට්‍යය පටන් ගත්තේ.”

  • අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි

    අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි

    ‘අඟේ ඉඳලා කන කන්න එපා යැයිද හැකිනම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ තරම පෙන්වන ලෙසත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති නිශාන්ත කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කරයි.

    රාජ්‍ය ඇමති නිශාන්ත මෙලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කර සිටියේ අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    “විමල් සහෝදරයා උදය ගම්මන්පිල මෙන්න මෙහෙම කථාවක් කියනවා. විමල් මේ මැතිවරණය අපි අනිවාර්යෙන්ම ජයගන්නවා. ගෝඨා අනිවාර්යෙන් මේ මැතිවරණය ජයගන්නවා. මෙතනින් පස්සේ රාජපක්ෂවරු මේකෙන් අයින් කරන්න ඕනේ. අපේ කණ්ඩායමේ කෙනෙක් ඊළඟට හැදෙන්න ඕනේ. මේ ප්‍රොජෙට් එක තමයි මේ ගෙනියන්නේ ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා උදය සහෝදරයාට, විමල් සහෝදරයාට අඟේ ඉඳලා කන කන්නේ නැතුව කෙලින් සටන් බිමට එන්න ඔබට පුළුවන් නම් සටන් කරන්න. ඔබට පුළුවන්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි ඉතාමත් පැහැදිලිව කියනවා මඩෙන් නෙවෙයි ගොඩින් එන්න කියලා. මොකද ඔවුන්ගේ ඉලක්කගත වැඩපිළිවෙලක් තියෙනවා මීළඟ මැතිවරණයේදී ඔවුන්ගේ ම කෙනෙක් ඉදිරිපත් කරන්න.” ඔහු වැඩිදුරටත් පැවසීය.

  • යුගදනවි ගිවිසුම ගැන ‘විදුලිබල ලොක්කෝ කියන‘ සුපිරි කතාව

    යුගදනවි ගිවිසුම ගැන ‘විදුලිබල ලොක්කෝ කියන‘ සුපිරි කතාව

    යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.

    රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.

    අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බවත්, LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය, රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.

    අද (03) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බලධාරීහු මේ බව කියා සිටියහ.

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් “යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව” තේමා කරගනිමින් අද මාධ්‍ය හමුව මෙහෙයවනු ලැබිණ.

    දෛනික විදුලි අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල්
    23 – 24 දක්වා වැඩි වී තිබේ. එසේ වුවද රජය විදුලි පාරිභෝගිකයාට විදුලි ඒකකයක් සපයනු ලබන්නේ රුපියල් 16.65කට බව විදුලිබල මණ්ඩලයේ සභාපති, එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

    දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබූ විදුලි ජනන ව්‍යාපෘති රාශියක් විවිධ හේතූන් නිසා රටට අහිමි වූ බවත් අඛණ්ඩව විදුලි සැපයීම සඳහා විදුලි ජනනය ඉහළ නැංවීම අනිවාර්යය සාධකයක් බවත් සභාපතිවරයා කියා සිටියේය.

    යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් දේශීය විදේශීය කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමිවන බව ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය.

    වසරකට විදුලිය ඒකක මිලියන 40,000ක් සමස්ත විදුලි පරිභෝජනයට අවශ්‍ය බවත්, එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් පමණක් ජනතාවට සහන මිලට විදුලිය ලබාගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පෙන්වා දුන්නේය.

    යුදගනවි බලාගාරයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති නායකයන් බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්  එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක කිසිම වෘත්තීය සමිතියක් සාකච්ඡාවකට ඉල්ලීම් නොකළ බව ය. ඕනෑම අවස්ථාවක තමා ඇතුළු බලධාරීන් යුගදනවි ව්‍යාපෘතිය පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාදාමය සහ ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවත් ය.

    ඉදිරියේ දී රට තුළ විදුලි කප්පාදුවකට ඉඩක් පවතී දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ සමහර කණ්ඩායම් ජනතාව බිය වැද්දීමට කරන ප්‍රකාශ නොසලකා හරින ලෙසත් අඛණ්ඩ විදුලි සැපයීමකට බොහෝ වෘත්තීය සමිති සහාය පළ කර ඇති බවත් ය.

    විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුසන්ත පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

  • මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

    මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගසයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල බුද්දික ඇතුළු ශිෂ්‍ය සංගම් 09ක ශිෂ්‍ය නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.

    විශ්වවිද්‍යාලයේ සංකේතීය සහ විශ්වවිද්‍යාලයේ ගෞරවනීය සංකේතය වන කුලපති ධුරය කිසි විටකත් දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුත්තක් බව ඉන් අවධාරණය කර ඇත.

    සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පල වේ.

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/11/ASD-.pdf” ]

  • තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ

    තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ

    • තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවා ද කියලා හොයලා ඒ අය ආයේ මේ රටට කැඳවාගන්න පුළුවන් දේශපාලනයක යෙදෙන්න
    • ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දෙන දේශපාලනය පොදුජන පෙරමුණෙන් ඉටු කරන්න
    • එදා අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරලා වර්ජන රැළි මෙහෙයවලා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ.
    • පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි. ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්නත් ඕනෑ
    • අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක.
    • බේරගත්ත රට අපි පාවා දෙන්නේ නෑ. අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන්
    • දෙමළ, මුස්ලිම් ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

    දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    “අභිමානයෙන් සෞභාග්‍ය කරා”තේමාවෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (02) දින පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාද කියලා හොයලා බලලා,එහෙම ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය, පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියෙන් අභිෂේක ගැන්විණි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනයේ දී පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි, පොදුජන පෙරමුණේ පස්වෙනි සංවත්සරයටයි අද අපි එකතුවෙලා ඉන්නෙ. අළුත්ම පක්ෂයකට වසර පහක් තුළ ජනාධිපතිවරයෙක් බිහි කරලා තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන පස්වැනි සංවත්සරය සමරන්න ලැබෙයි කියලා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ. නමුත් අලුත් දේශපාලන පක්ෂයකට ‍ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරළිය අද අපි කරලා තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න හෝ මහපාරට වැටෙන්න සුදානමින් වුනත් කැපවුණ සියලු දෙනාට මම මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා.

    මිත්‍රවරුනි, පොදුජන පෙරමුණේ ගෙවුන පස් වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩු බලය අහිමි වෙලා මර්දනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදුජන පෙරමුණ ගත කරපු ගෙවුණ වසර පහ දිහා බලන්න. ඒ වාගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නන් පොදුජන පෙරමුණේ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්.

    පොදුජන පෙරමුණ ගොඩ නගාගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙත් අපි පොදුජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ ඉන්න කොට. එබදු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතිව කෝප කරන්නේ නැතිව කටයුතු කරන්නේ කෙහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවුන ඉතිහාසයෙන් පුළුවන්. එපමණක් නොවෙයි පොදුජන පෙරමුණ මේ රටේ වාගේම විදේශවලත් බලපෑමට ලක්වුණා. මට මතකයි දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටවලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශ නියෝජිතයෝ අපිට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් ජයඝෝෂා කරලා අත්පුඩි ගැහුවා. එබඳු බලවේගවලටත් මුහුණ දෙමින් තමයි  පොදුජන පෙරමුණ ගොඩනැගුවේ.

    මිත්‍රවරුනි, මොන තරම් මර්දනයට ලක් වුණත් මොන තරම් පීඩනයට ලක් වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරවලා වර්ජන රැළි මෙහෙයවලා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ. ඒ නිසාම තමයි වගකිවයුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව භාර ගත්තේ. ඒ වාගේම මොන බාධක කම්කටොලු ආවත් ජනතාව අත හැරලා දිව්වෙ නෑ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තේ නෑ. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි මේ ගමන ආවේ. ඒ ඉතිහාසය මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕනෑ.

    මිත්‍රවරුනි, ආණ්ඩු බලය ගන්නා තුරු ඉතාම ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තාට පස්සේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වෙනවා. හැබැයි ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. අද අපිට වෙලා තියෙන්නෙ ඒකයි. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි.

    ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර දේශපාලනයක් කරන්නත් ඕනෑ. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා.

    අද ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕනෑ. ඒ හඬ අපට ඇහෙන්න ඕනෑ. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න  ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනෑ.

    රජයේ බලධාරීන්, නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්හලේ,වැඩබිමේ, ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වාගේ දුෂ්කර කාලවලට  මුහුණ දීලා මට නම් හොඳට පුරුදුයි. මේ වාගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත.

    ජනතාව බනින්න පුළුවන් පඹයො පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕනෑ. තමුන්නාන්සේලාට මතක ඇති කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරපු වෙලාවේ මම එතැනට ගියා. ජනතාව දොස් කිව්වා. ඇඬුවා. මගෙන් ඉල්ලීම් කළා. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ අය ඉදිරියේදීම මම ජාතියේ ආරක්ෂාවේ වගකීම බාර ගත්තා.

    ඒ වාගේම ඔබට මතක ඇති බේරුවල, අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවෙත් මම එතැනට ගියා. වුණ දේ දෑසින් දැක්කා.

    ආණ්ඩුවේ වාගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය වෙලාවේ ආණ්ඩුවේ අය විනාස වුණ පල්ලියට යන්නත් කලින් මම එතැනට ගියා. ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට වුවමනායි. පොදුජන පෙරමුණ ඒ වගකීම යුතුකම ඉටු කරන්න ඕනෑ.

    මිත්‍රවරුනි, අපි නිතරම සමගියට අත වනන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට ලැබුණු උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ එක්ක එකට හිටියා. වාද විවාද මැද වුණත් එකට වැඩ කළා.

    පොදුජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕනෑ. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්න පුළුවන්. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නෙ. අරමුණයි වැදගත්. මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අය.

    එක අරමුණකට සටන් කළ අය. මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි.

    ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒ නිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම.

    මිත්‍රවරුනි, අද තියෙන ප්‍රශ්න අපි ගෙනාපු ඒවා නොවෙයි. 2015 දී අපි බාර දීපු රට නොවෙයි 2019 අපි බාර ගත්තේ. අපි 2019 පොදුජන පෙරමුණ බලයට එනකොට ඇස් හිස් මස් ලේ පූජා කරලා රට බේර ගත්ත රණවිරුවෝ දං ගෙඩියට ගෙන යන ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකඟ වෙලා තිබුනා.

    යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරු කන්ද පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වුනහම උන් වහන්සේගේ සිරුරවත් උතුරේ තියන්න, ඒ පංසල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නෑ. එදා උතුරේ තිබුණ තත්වය ඒක තමයි. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියලා.

    ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණෙම නෑ. ඒ විතරක් නෙමෙයි එම්.සී.සී. අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුනේ. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාවත් අපි බලයට ඇවිත් ඉවත් කර ගත්තා. ඒත් ඒ සියල්ල අපි දැන් ආපස්සට හරවලා තියෙනවා.

    අපි ජාත්‍යන්තරය එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදිහට වෙස් වලාගෙන නොයෙක් සටන් නාමයෙන් අපේ ඉස්සරහට එන්නේ අපි ඒ කරපු දේවල්වල ප්‍රතිඵල. අපි ඒවායේ තියෙන දේශපාලනේ ජාතියට තේරුම් බේරුම් කරලා දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, අද රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණ කාලය තුළ කළ කැපවීම ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඇයි ඒ.කතා කරන්න දෙයක් නෑ අපි එහෙමයි කියලා මේ රටේ ජනතාව දන්නවා.

    ඒ නිසා මම කියන්න ඕනේ නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරා දාලා බේරගත්ත රට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා, එයින් ඉවත්වෙලා බේරගත්ත රට, එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට අපි පාවා දෙන්නේ නෑ. රට වෙනුවෙන් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමැතියි.

    මිත්‍රවරුනි, පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂය එතුමාට ශක්තියක් වුණා වාගේම එතුමාත් පොදුජන පෙරමුණට ආකර්ශනයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුමා ගැන විශ්වාසය තියලා ඡන්ද පොළට ගියා.

    ඒ නිසාම පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියලා තියෙනවා. ඒ නව තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනෑ.

    මිත්‍රවරුනි, රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපිට තියෙන්න ඕනේ. අපි ජනාධිපතිවරණයේදි ලබපු ජයග්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමඟ සංසන්දනය කරන්න බෑ. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න සිද්ද වෙලා තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරෙක් බිහි කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕනෑ කියලා. ඒ ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

    ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපිට පුලුවන් උනා. වසර 70 කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුලුවන් උණා.‍

    මතක තියාගන්න ඒක ඓතිහාසික ජයග්‍රහණයක් ඒ වාගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව ජාතිය අපෙන් ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕනැ.

    මිත්‍රවරුනි, මට මතකයි අපි ජයග්‍රහණය කල මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත්‍ර ඇන්දා. අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම් පොළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ රෑ චිත්‍ර ඇන්දා. කාගෙවත් ඇරයුමක් තිබු‍ණේ නෑ. කාගෙවත් ඇණවුමක් තිබුණේ නෑ. ඒ අය රටට ආදරය කරන නන්නාදුනන තරුණයෝ. ඒ අය තමන්ගේ නම් වත් කොහෙවත් සටහන් කළේ නෑ.

    මිත්‍රවරුනි, අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවුඩය තේරුම් ගන්න ඕනා.

    අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය.ඔබ සැමට සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

  • ‘ඥානසාර හිමියන්ගේ සභාපති පුටුවට‘ කතෝලික රදගුරු සමුළුවේ විරෝධය

    ‘ඥානසාර හිමියන්ගේ සභාපති පුටුවට‘ කතෝලික රදගුරු සමුළුවේ විරෝධය

    ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

  • සීනි මිල පාලන ගැසට් එකත් රිවස් කරයි

    සීනි මිල පාලන ගැසට් එකත් රිවස් කරයි

    සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (03) නිකුත් කිරීමට පියවර ගන්නා බවත් පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.

    මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇති අතර හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

    පසුගිය  අගෝස්තු මාසයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  සුදු සීනි කිලෝවක්  රුපියල් 125කට ද පැකට් නොකළ සිදු සීනි කිලෝවක මිල 122කට ද පැකට් කළ රතු සීනි කිලෝවක මිල රුපියල් 125ක හා පැකට් නොකළ රතු සීනි කිලෝවක මිට රුපියල් 128 අලෙවි කළේ

  • A/L – O/L සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කරයි

    A/L – O/L සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කරයි

    පැවති කොවිඩ් – 19 තත්වය නිසා කල්දමනු ලැබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය පැවැත්වීමට දින නියම කර තිබේ.

    ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා ද අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස 23 සඳුදා දින සිට ජූනි 01 වන බදාදා දක්වා පැවැතිවේ.

    අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ මෙම විභාග කාලසටහන සඳහා අද (02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ද පළවී ඇත.

  • පී.බී ජයසුන්දරගෙන් අයවැය රහස් ලීක් වෙයි

    පී.බී ජයසුන්දරගෙන් අයවැය රහස් ලීක් වෙයි

    සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

    හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (02) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු පිළිතුරු සැපයූහ.

    “ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය” තේමාව යටතේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

    රටේ ආදායම් උත්පාදනයට භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවිය යතුය. එබැවින් භාණ්ඩ හා සේවාවල පරිමාව නැංවිය හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අය වැයට ඇතුළත් වනු ඇත. ග්‍රාමීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවිය යුතු අතර ඒ සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති බව  ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    දේශීය ව්‍යාපාරිකයන්ට, නව ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය විය යුතු අතර රටේ සම්පත්වලට අමතරව නව ආයෝජන අවස්ථා රටට උදා වන්නේ එමගින් බව ද ජනාධිපති ලේකම්වරයා පැවසීය.

    භූගෝලීය පිහිටිමේ ආර්ථික වාසිය ලබා ගැනීමට කලාපයේ බොහෝ දෙනෙක් අපේ රට දෙස බලා සිටිති. ඔවුන්ගේ ආර්ථික ප්‍රබෝධයට විකල්ප මධ්‍යස්ථාන අවශ්‍ය අතර එම ආර්ථික ප්‍රබෝධය මතු වන්නේ මෙතෙක් පැවති ආර්ථික ක්‍රියාවලිය තුළ නොව හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර පදනම් කරගත් අවශ්‍යතා මත බව ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථිකයට සිදු වූ හානිය සහ ශ්‍රී ලංකාවට වූ බලපෑම පිළිබඳ මෙහිදී ජනාධිපති ලේකම්වරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, සෙසු වියදම් කප්පාදුවකින් තොරව සිදු කිරීම සහ  ජන ජීවිතය අඩපණ වීමට ඉඩ නොතබා රජය ගෙන ගිය ආර්ථික ක්‍රියාවලිය ද පැහැදිළි කරනු ලැබීය.

    කොරෝනා වසංගතය සමග ලෝකයේ මෙන්ම අපේ රටේ ද සැපයුම් ක්‍රියාවලිය අඩපණ වූ බව පිළිගත යුතුය. රටේ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට මෙන්ම බෙදාහැරීමේ ක්‍රමවේද සකස් කරගත යුතු බව පෙන්වා දුන් පී.බී. ජයසුන්දර මහතා  අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් රට කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    රට සාමාන්‍යකරණය වීමත් සමග නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසීය. දිගින් දිගටම අය වැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන අතර මෙවර අය වැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

  • 88 ,89, බදවා ගත්  ගුරුවරු 30000ක් මේ වසරේ විශ්‍රාම යනවා

    88 ,89, බදවා ගත් ගුරුවරු 30000ක් මේ වසරේ විශ්‍රාම යනවා

    රටේ පවතින උග්‍ර ගුරු හිඟය  තවදුරටත්  වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨ ආයතනයක්ම විවෘත කොට‍ විද්‍යාපීඨ  විශ්ව විද්‍යාල බවට පත් කිරීම  කඩිනම් කරන ලෙස සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිති.

    එම වෘත්තීය සමිතියේ නියෝජිතයින් අද(02) දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට ලංකාව පුරා විශාල ගුරු හිඟයක් පවතින අතර  ඒ හේතුවෙන් මෙරට සමස්ත අධ්‍යාපනය  කඩාවැටීමකට ලක් වෙමින් පවතින බවයි.

    සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සමිති සංගමයේ විධායක සභික කථිකාචාර්ය ශාමන්ත දෙහිගලගේ  මහතා කියා සිටියේ මේ වන විට ලංකාව පුරා ඇති සියලු විද්‍යාපීඨවල අධ්‍යයන කටයුතු  මෙන්ම ගුරු  සිසුන් බඳවා ගැනීම් සහ ඉගැන්වීම් ද අතරමග නැවතී වසරක් ඉක්මවා තිබෙන බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රජයේ සෞභාග්‍යයේ  දැක්ම යෝජනාව පරිදි විද්‍යාපීඨ විශ්ව විද්‍යාල බවට කඩිනමින් පත්කොට රටේ දරුවන්ගේ හෙට දවස පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

    මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක  සභික  කථිකාචාර්ය එස්. එම්.පි . බණ්ඩාර මහතා .

    මේ  වන විට රට පුරා උග්‍ර ගුරු හිඟයක් පවතිනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට  ගුරුවරු අටදාහක් විතර  විශ්‍රාම ගන්නවා. අසූ අට අසූ නවය කාලයේ බඳවාගත්ත ගුරුවරුන් තිස් දහසක් විතර මේ වෙද්දි විශ්‍රාම යනවා. එ් විශ්‍රාම යන ගුරුවරුන් වෙනුවට නවක ගුරුවරුන් බිහි නොවීම රටේ බරපතලම අභාග්‍යයක්.

    මෙම මාධ්‍ය හමුවේ දී ජාතික ගුරු අධ්‍යාපන  විද්‍යාපීඨ සුරැකීමේ දෙමව්පිය සංගමයේ සභාපති හිටපු  විදුහල්පති  අබේකෝන් හේරත් මහතා සඳහන් කළේ තම දරුවන් මෙන්ම දෙමව්පියන් සියලු දෙනාද විද්‍යාපීඨ ආරම්භ නොකිරීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. එම නිසා පොරොන්දු වූ පරිදි වහාම විද්‍යාපීඨ ආරම්භ කොට  දෙමව්පියන්ට හා දූ දරුවන්ට සාධාරණය ඉටු කරන දෙන ලෙස ඔහු රජයෙන්  ඉල්ලා සිටියි. අනෙකුත් දරුවන් මෙන් අරගලවලට නොඑන නිසා මෙම කෙනෙහෙලිකම් සිදුවෙන බව  පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේ දී  දෙමව්පියන් දීප ව්‍යාප්ත  අරගලයකට සූදානම් වන බව ඔහු පැවසීය.

    සටහන හා ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර ආරියදාස

  • ‘තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳුයි’

    ‘තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳුයි’

    • පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි
      ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි
    • රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක්
    • දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතුයි
    • බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ පොහොසත් දාර්ශනික උරුමය පරිසරයට විශාල වටිනාකමක් ලබා දෙනවා
    • තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳුයි

    “නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී අද (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය .

    “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

    ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහායවීම අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය  සීමා  කළේය. මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.

    දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපායි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම්  සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙයි. එබැවින් තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බදු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 7%කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමනුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා  පැවසීය.

    වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව 2019 දී නායකත්වය දී තිබේ. මෙම වැඩසටහනට තවත් රටවල් එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කීය.

    පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාව නායකත්වය දෙයි. ශ්‍රී ලංකාව සිය අභිලාෂකාමී තිරසර ප්‍රයත්නයන් සඳහා ආයෝජන, තාක්ෂණික හුවමාරුව සහ දේශගුණික අභියෝග ජය ගැනීම සඳහා මූල්‍ය සම්පත් මෙන්ම කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රකෘතිමත් වීම සදහා ලබාදෙන පුළුල් සංවර්ධන ආධාර සාදරයෙන් පිළිගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    ඇමරිකානු ජනාධිපති, ප්‍රංශ ජනාධිපති, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, ඉතාලි අග්‍රාමාත්‍ය,  චාල්ස් කුමරු සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද ප්‍රධන සමුළුවේ දේශන සිදු කළහ.

    සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය, මිනිස් ජීවිත හා ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි.  දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණු කොට ලෝකයේ සෙසු රටවලටද සහයවීමේ වගකීම එක්සත් ජනපදය ඉටුකරන බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ආරක්ෂිත ලෝකයක් බෙදා හදා ගැනීම සහතික කරනු වස් තවත් බොහෝ දේ ඉටුකිරීමට තම රට අපේක්ෂා කරන බව ජෝ බයිඩන් මහතා සඳහන් කළේය.

    දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමට අපොහාසත් වීම පිළිබඳ නිදහසට කරුණු කිසිවක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේය. පසුගිය කාලය තුළ යම් ප්‍රගතියක් ලබා ඇතත් පරිසරය වෙනුවෙන් තවත් කළයුතු විශාල කාර්යභාරය පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අද නිසි ලෙස වගකීම් ඉටු නොකළහොත් එහි අයපහත් ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවන්නේ අනාගත  පරපුරට බව ද  පෙන්වා දුන්නේය.

    පෘථිවිය අපගේ දෑස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සමුළුව අමතමින් සඳහන් කළේය. මේ පිළිබඳ ඥානාන්විතව නිසි වගකීම් ඉටුකළ යුතු බව පෙන්වා  දුන් මහලේකම්වරයා එකී අභිලාෂයන් සාමුහිකව දැරිය යුතු බව ද පැවසීය.

    සියලුදෙනා එක්ව විෂමතාවයන් ජය ගැනීමට ප්‍රායෝගීක ක්‍රම සොයා ගත යුතු බවත්, එවිට පෘථිවිය බේරාගත හැකි අතරම  අපගේ තරුණ ප්‍රජාවගේ තර්ජනයට ලක්ව ඇති අනාගතය සුරක්ෂිත වන බවත් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වූ   බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සදහන් කළේය.

    ඔක්තෝබර් 31 ඇරඹි  COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගො නුවරදී පැවැත්වේ.