BJP මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි ජනපති හමුවෙයි

BJP මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි ජනපති හමුවෙයි
Spread the love

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙකි.

ආර්ථික විද්‍යාඥයෙකු සහ සංඛ්‍යාලේඛනඥයෙකු වන සුබ්‍රමනියම් මහතා, ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී සංවිධාන කළ සම්මන්ත්‍රණවල දේශකයෙකු විය.

සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේ දී නැවතත් හමුවීමට ලැබීම පිළිබඳව ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.