Category: සුපිරි Cinema

  • චිත්‍රයක් නිසා ජනපති ඔබාමා ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන් අපේ චිත්‍ර ශිල්පියා මෙන්න..!

    චිත්‍රයක් නිසා ජනපති ඔබාමා ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන් අපේ චිත්‍ර ශිල්පියා මෙන්න..!

    රාජ්‍ය නායකයෙකු අතින් ඇමරිකානු  පුරවැසි භාවය ලබා ගන්නවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසි භාවයත් එක්ක  තවත් බොහෝ අවස්ථාවන් රැසක් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා අතින් හිමිවුන අපේ ලංකාවේ චිත්‍ර ශිල්පියෙකුගේ අපූරු කතාවක් සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබුනා. මේ ඔහුගේ කතාවයි.

    “ඒ 2012 අවුරුද්දේ දවසක්. මම ඒ  වෙලාවෙ හිටියේ අමෙරිකාවෙ ලොස්ඇන්ජලීස්වල. ජනාධිපති බැරැක් ඔබාමා ඇවිත් රැස්වීමක කතා කළා. එතැනදී මම ඔහුගෙ හරිම ලස්සන ඉරියව්වක් දැක්කා. මම ඒ වෙලාවෙම කඩදාසියක ඒ ඇක්ෂන් එක සටහන් කර ගත්තා. ග්‍රේෂන් කියලා ලංකාවෙන් ගිහින් හිටපු අවුරුදු 90ක විතර වයසක ගෘහ නිර්මාණ ශිල්පී මහත්තයකුත් ඒ දවස්වල එහේ හිටියා. මම ඔහුට සටහන් කරගත් චිත්‍රය පෙන්නුවා. ඔහු තමයි මාව උනන්දු කළේ ඒ චිත්‍රය හොඳට ඇඳලා ඔබාමාට තෑගි කරන්න කියලා. ඊට පසු මම කැන්වස් රෙද්දක් ගෙනල්ලා අඩි 4 ක් දිග අඩි 2 ½ ක් පළලට චිත්‍රය ඇන්දා. ඊට පස්සේ වොෂිංටන්හි ධවල මන්දිරයට බැරැක් ඔබාමාගේ නමට යැව්වා.”

    අපට එලෙස සිය අත්දැකීම් පැවසුවේ අහංගම විජේසිංහ මාවතේ පදිංචි වෝල්ටර් කුලසූරිය නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පියාය. අහංගම විසිකි කලාගාරය පවත්වාගෙන යන ඔහු අමෙරිකානු ගෞරවනීය පුරවැසියෙකි. කුරුණෑගල ඉපදී හබරාදුවෙන් විවාහ වී කලාගාරයක් පවත්වාගෙන ගිය වෝල්ටර් ලංකාවේ නේවාසිකයෙක් වුණේ කොහොමද?

    “මම ඔබාමාට චිත්‍රය යවන විට පසුගිය 2004 සුනාමියෙන් මගේ ගෙවල් දොරවල් විනාශ වූ අවස්ථාවේ අමෙරිකානුවන් කරපු උදව් ගැනත් ලිව්වා. මාස තුනකට විතර පස්සේ ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අංශත් සමඟ අපේ ගෙදරට ගිහින් තොරතුරු හොයලා තිබෙනවා. ගෙදරින් කලබල වෙලා මට ඒ බව දුරකතනයෙන් කිව්වා. ඔන්න ආයෙත් දවසක අමෙරිකානු රාජ්‍ය නිලධාරින් මම ලොස්ඇන්ජලීස්වල ඉන්න තට්ටු නිවාසෙට ඇවිත් මගේ විස්තරයක් ලබාගත්තා. එතකොට තමයි මට සිද්ධිය දැනුම් දුන්නේ. ආයෙත් මාස තුනකට විතර පස්සේ මට වොෂින්ටන්වල ධවල මන්දිරයට එන්න ගුවන් ටිකට්පත් එවලා තිබුණා. මම එතැනට ගියෙත් ග්‍රේෂන් මහත්තයත් එක්ක. ඔබාමා පැමිණ අතට අත දී මට සුබ පැතුවා. විනාඩි 10 ක් වගේ තමයි ඔහුව හමුවන්න ලැබුණේ. එතැනදී මට ගෞරව පුරවැසිභාවය ප්‍රදානය කෙරුවා.”

    අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ගරු පුරවැසිභාවය ලබාගැනීම ලේසිපාසු කරුණක් නොවේ. වෝල්ටර්ට නොසිතූ පරිදි ඒ අවස්ථාව උදාවූයේ ඔහුගේ සිත්තමේ සුවිශේෂීභාවයට ජනාධිපති ඔබාමා තුළ වූ පැහැදීම නිසාය. ඒ සමඟම ඔහුට වොෂිංටන් ඩීසීවල රජයේ තට්ටු නිවාසයක්, ආහාරපාන දීමනාවක් සහ මාසිකව ඩොලර් 1250ක යැපුම් දීමනාවක් හිමි විය. මේ දීමනාව වෝල්ටර් ලංකාවේ සිටියද අදටත් ඔහුගේ අමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ ගිණුමට බැර වේ. නමුත් එම දීමනාව වියදම් කළ හැක්කේ අමෙරිකාව තුළ පමණි. ඒ සමඟම රෝහල් වෛද්‍ය ගාස්තු ද නොමිලේ හිමි විය. පසු දිනෙක හදවත් ශල්‍යකර්මයකට වෝල්ටර්ට ඩොලර් 25000 ක් වැය වුවද එය නොමිලේ කර ගැනීමට ඒ නිසා හැකියාව ලැබුණි. ඔහුට අමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය ද හිමිවූ අතර ඒ නිසා යුරෝපයේ ඕනෑම රටකට වීසා නැතිව ගමන් කිරීමේ අවස්ථාව හිමි විය.

    වෝල්ටර් අමෙරිකාවේ සිටියදී වෘත්තිය වශයෙන් කළේ නිදහස් චිත්‍ර ශිල්පියකු ලෙස පෙර පාසල්වල සිතුවම් ඇඳීම, චිත්‍ර වැඩමුළු පැවැත්වීම ආදියයි. ඒ අතරවාරයේ ලොස්ඇන්ජලීස්හි ලක්මා කෞතුකාගාරයේ පළුඳු වූ චිත්‍ර සංරක්ෂණය කිරීමේ අවස්ථාවද ඔහුට හිමි විය. ගෙටි කෞතුකාගාරයේ චිත්‍ර සංරක්ෂණ අවස්ථා ද ඔහුට සමහර අවස්ථාවලදී ලැබුණි. “වැඩක් නැතිවෙන කොට පදික වේදිකාවේ ඉඳගෙන පුද්ගල චිත්‍ර ඇඳල කීයක් හරි හොයාගන්න පුළුවන්. එක චිත්‍රයකට ඩොලර් 100 ක් ලැබෙනවා. පැය දෙකකින් විතර පස් දෙනෙක් ඇඳලා ඩොලර් 500 ක් ගන්න පුළුවන්. ඒ අතරම අඩු මිලකට ලබාගත හැකි කලාගාරයක් අරගෙන චිත්‍ර ප්‍රදර්ශනත් තියනවා.”

    ඒ ආකාරයට ඔහුගේ අමෙරිකානු පුරවැසි ජීවිතය ගලායන්නේ සැහැල්ලු ආකාරයෙනි. ඔහු මහත් තෘප්තිමත් බවකිනි, ශ්‍රී ලංකාවේ සිටින අතරතුර මේ තොරතුරු අපට පැවසුවේ. 

    වෝල්ටර්ගේ පියා විදුහල්පතිවරයෙක් විය. වෝල්ටර් උපත ලද්දේ 1945 අප්‍රේල් 11 දා කුරුණෑගල දෙමටලුව ගම්මානයේය. ඉතා සුන්දර බාල කාලයක් ඔහුට හිමි විය. ඔහුගේ පියා කාටත් උදව් උපකාර කළ සත්පුරැෂයෙක් වශයෙන් ප්‍රකට පුද්ගලයෙකි. කුරුණෑගල ක්‍රිස්තුදේව විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ වෝල්ටර් ද්විතියික අධ්‍යාපනයට ඇතුළු වුණේ මලියදේව විදුහලටය.

    “ජ්‍යෙෂ්ඨ පන්තියෙන් පස්සේ මට චිත්‍ර කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා. 1959 දී කොළඹ රජයේ චිත්‍රකර්ම විද්‍යාලයේ (හේවුඩ් – දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විභාගයට ලියලා සමත් වුණා. ඒ කාලෙ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් ගණනාවක් එහි ගුරුවරු වශයෙන් හිටියා. ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ, සල්දීන් ගුරුතුමා වගේ අයගෙන් චිත්‍ර ශිල්පය හැදෑරුවා. බිතුසිතුවම් කලාව ගැන හැදෑරුවේ හෙන්රි ධර්මසේනගෙන්.”

    හේවුඩ් ආයතනයේ චිත්‍ර අඳිමින් ශිල්පය ප්‍රගුණ කරන අතර තරුණ වෝල්ටර්ට මදුරාසියේ (චෙන්නායි) ලලිතකලා ඇකඩමියේ චිත්‍ර ශිල්පය හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි විය. ඔහු එලෙස අධ්‍යාපනය නිමකර පැමිණි පසු ගුරු වෘත්තියට පිවිසීමේ අවස්ථාව උදා විය. ඔහු බණ්ඩාරවෙල හැදුනුවැව විදුහලේ වර්ෂ 6 ක් පමණ චිත්‍ර ඉගැන්නුවේය. නමුත් චිත්‍ර ගුරුවරයකු ලෙස දිගටම රැඳීසිටීමට ඔහු තුළ කැමැත්තක් තිබුණේ නැත. ඊට පසු ඔහු ග්‍රාන්ට් මැකෑන් එරික්සන්, ජේ. වෝල්ටර් තොම්සන් වැනි ප්‍රචාරණ ආයතනවලට කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස සම්බන්ධ විය.

    කුරුණෑගල උපන් ඔහු විවාහ වූයේ හබරාදුවෙනි. ඊට පසු ඔහු පදිංචිය සඳහා දකුණට පැමිණියේය. විවාහයෙන් ඔහු පුතුන් දෙදෙනෙක්ගේ හා දියණියකගේ පියකු බවට පත් විය. 1980 දශකයේ දී වෝල්ටර් කොග්ගල හොරයිසන් හෝටලය ඉදිරිපිට ගොඩනැගිල්ලක් කුලියට ගෙන බතික් සාප්පුවක් විවෘත කළේය. ඔහුගේ බතික් චිත්‍ර සහිත රෙදිපිළි විදේශිකයන් අතර ජනප්‍රිය විය. “දවසක් ප්‍රේමදාස මහත්තයා අගමැති කාලෙ මගෙ චිත්‍ර නිර්මාණ දැකලා මට උදව් කරන්න ඕනෑ කියලා අහංගමින් දැන් මේ ඉන්න ඉඩම දුන්නා. මෙතන පර්චස් 20 ක් තිබෙනවා. එතැන තමයි විසිකි කලාගාරය විවෘත කළේ. පස්සේ බතික් වෙනුවට චිත්‍ර අඳින්නට පටන් ගත්තා. මගේ හිතවත් විදේශිකයෙක් මා ඒ සඳහා උනන්දු කළා.

    විසිකි ගැලරියෙන් මිලදීගත් චිත්‍රවලින් ලෝකයේ විවිධ රටවල නිවාස හා කලාගාර අලංකාර විය. ඒ සමඟම වෝල්ටර් කුලසූරිය යන නම අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ආදී රටවල ජනප්‍රිය විය. 2004 දෙසැම්බර් 26 සුනාමි විපත පැමිණියේ ඒ අතරය. ඒ වන විට විසිකි ගැලරිය චිත්‍ර රාශියක් සමඟ විවෘත කර ගතව තිබුණේ මාස තුනක් පමණි. ඔහුගේ බලාපොරොත්තු මුහුදට ගසාගෙන ගියේය. වෝල්ටර් යුවළ ජීවිතය බේරාගත්තේ ද අනූ නමයෙනි. වෝල්ටර් දවස් 28 ක් අනාථ කඳවුරක ගාල් වී සිටියේය.

    “කලින් ඇඳුනුම්කම නිසා විදේශිකයො ඇවිත් මට උදව් කළා. ආයෙත් ගැලරිය වගේම ගේ හදාගන්නත් උදව් කළේ විදේශිකයෝ.” ඔහු පවසයි.

    ඔහුගේ චිත්‍රවලට 1996 සිට 2001 දක්වා අඛණ්ඩව ලංකා කලා සංගමය පවත්වන චිත්‍ර තරගවලින් ජනාධිපති සම්මාන හිමි වී තිබේ. චිත්‍ර ශිල්පයට පමණක් නොව කියවීමටද ඔහු රුසියෙකි. ඔහු සතු පුස්තකාලයේ පොත් දහස් ගණනක එකතුවක් තිබේ.“චිත්‍ර ගැන විතරක් කියවලා සීමාවුණොත් වන්නේ චිත්‍ර තුළ හිරවීමයි. ඒ නිසා ස්වභාවධර්මය, ආගම ධර්මය, විද්‍යාව ගැන මම කියවනවා.” ඔහු පැවසුවේය.

    “අපි ඉගෙන ගන්න කාලෙ ගුරුවරුන්ගෙන් තමන්ට ස්වාධීන මාවතක යන්නට නිදහසක් තිබුණා. නමුත් අද ගුරුවරුන් අනුකරණවලට තමයි ශිෂ්‍යයෝ හුරු කරන්නේ. එතකොට ගුරුවරයාගේ ශිල්පීය ක්‍රමයම තමයි ගෝලයා අනුගමනය කරන්නෙත්. ඒක හරි වැරදියි.

    අමෙරිකාව වගේ රටවල මිනිස්සු චිත්‍ර වගේ සියුම් කලාවන් හරියට රසවිඳිනවා. ඔවුන් චිත්‍ර රසවිඳ අප සමඟ සාකච්ඡා කරනවා. ඒක කොච්චර සතුටක්ද? මේ වෝල්ටර්ගේ සිතුවිලිය.

    චිත්‍ර ඇඳීමට අමතරව පිටරටින් චිත්‍ර උපකරණ, වටිනා කඩදාසි, තීන්ත ආදිය ගෙන්වා ආර්ථික අපහසුතා ඇති චිත්‍ර ශිල්පීන්ට පරිත්‍යාග කිරීමද වෝල්ටර්ගේ සත් ගුණයකි. ඒ අතරම දුෂ්කර පාසල්වලටද උපකාර කර තිබේ. “මම විදේශිකයන්ගෙ උදව්වෙන් දුෂ්කර පාසල්වලට පරිගණක අරන් දුන්නා. සමහර ගුරුවරු ගෙදර තිබුණු ඔවුන්ගේ පරණ කොම්පියුටරය ඉස්කෝලෙට ගෙනත් දාලා අර කොම්පියුටර් අරගෙන ගිය බව ආරංචි වුණා. එහෙම වුණහම අපි කලකිරෙනවා නේද?” ශ්‍රී ලාංකිකයන්ගේ දුර්ගුණයක් හෙළිකරමින් ඔහු පැවසුවේය.

    වෝල්ටර්ගේ චිත්‍රවල අපට දේශීය සම්භාව්‍ය ශෛලිය මෙන්ම බටහිර නූතන ශෛලියද මිශ්‍ර වූ ආරක් හමුවේ. ඔහු භාවිත කරන වර්ණ ඇසට ප්‍රියය. හැඩතල සජීවී බවක් දනවයි. “අද නූතන චිත්‍ර කලාව කියලා ලොකෙ පුරාම හඳුන්වනවා. මම නම් හිතන්නේ අදහස් හා සංකල්ප මිශ්‍ර කරලා නූතන චිත්‍ර කලාව පටන් ගත්තේ ලංකාවෙ කියලයි. බලන්න නුවර යුගයේ චිත්‍ර. ඒවායේ තිබෙන්නේ සංකල්ප. ඒ සංකල්ප මත තමයි චිත්‍ර ගොඩනංවලා තිබෙන්නේ. මිනිස් රූප, ගස්වැල්, නෙළුම් මල්, සතුන් වගේ හැම රූපයක්ම සංකේත විදිහටයි මහනුවර යුගයේ ශිල්පියා ඇඳලා තියෙන්නේ.” වෝල්ටර් පැවසුවේය.

    ► කුසුම්සිරි විජයවර්ධන

     

  • මාව කිඩ්නැප් කළේ සැමියා ලංකාවට අාපු 22 දා.. උදාරි වර්ණකුලසූරීය පැහැර ගෙන ගියපු කතාව .!

    මාව කිඩ්නැප් කළේ සැමියා ලංකාවට අාපු 22 දා.. උදාරි වර්ණකුලසූරීය පැහැර ගෙන ගියපු කතාව .!

    රංගන ශිල්පිණි උදාරි වර්ණකුලසූරීය පසුගිය දිනෙක පැහැර ගැනීමකට ලක්ව තිබුනා. ඒ පිළිබද මතකය අවදි කරමින් පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා,
    එම සංවාදය පහතින් ,

    පසුගිය දවසක (මාර්තු 22) උදාරිව කට්ටියක් එකතු වෙලා පැහැරගෙන ගියා කියන්නේ ඇත්තද? 
     
    මේ පැහැර ගැනීම නම් හරිම සුන්දර පැහැර ගැනීමක්. ඒ සිදුවීම මතක් වෙනකොටත් හරිම සුන්දරයි ටෙලි නාට්‍ය කණ්ඩායමක් තමයි මාව මේ විදියට ‘කිඩ්නැප්’ කළේ. 22 වැනිදා තමයි මගේ 30 වැනි උපන්දිනේ යෙදිලා තිබුණේ. ටෙලි නාට්‍යයේ හැටියට හීනයක් දකිනවා. මාවයි, විශ්වවයි කිඩ්නැප් කරගෙන ගිහිං රබර් වත්තක මරලා දානවා. ඒක ඇත්තටම ටෙලි පිටපතේ තිබුණ සීන් එකක්. ඉතිං මං ඒ සීන් එක ෂූට් කරනවා කියලා හිතාගෙන ඇක්ට් කළා. මුලින්ම මගේ ඇස් දෙක කළු පටිවලින් බැන්දා. මමත් සීන් එකේ තිබ්බ විදිහට ‘මාව අතඇරපල්ලා’ කියලා හයියෙන් කෑ ගැහුවා. කට්ටිය මාව වාහනෙන් බිමට බස්සලා අත්දෙකේ ගැටත් ලිහලා, ඇස්වලට බැඳලා තිබුණු පටියත් ලිහුවා. පටිය ගැලෙව්වා විතරයි විශ්ව ලොකු චොකලට් කේක් එකක් අරගෙන මගේ ඉස්සරහ ඉන්නවා දැක්කා. වටවෙලා හිටපු කට්ටියම “හැපී බර්ත් ඩේ” කිය කියා මට විෂ් කරන්න ගත්තා. කට්ටියම එකතු වෙලා මට බර්ත්ඩේ එක දවසේ දුන්නේ කවදාවත් අමතක නොවන සප්රයිස් එකක්.
     
    ඔය කියන සප්රයිස් එක විතරද උපන් දිනේට ලැබුණේ ? 
     
    නෑ. තව පුදුම සහගත දේවල් ගොඩක් වුණා. මගේ දයාබර සැමියත් ලංකාවට ඇවිත් මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා සප්රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා. සුරාජ් මාපා ඇතුළු මගේ සහෝදර කලාකරුවනුත් මට සප්රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා. ඒවා ඔක්කොම හිතාගන්නත් බැරි සප්රයිස් පාටි. මගේ 30 වෙනි උපන්දිනේ නම් ජීවිතේ තියෙනතුරු මට කවදාවත්ම අමතක වෙන එකක් නැහැ. ඇත්තම කියනවා නම් මම මෙදා සැරේ බර්ත්ඩේ කේක් හතක්ම කැපුවා. 

    එතකොට බබාගෙන් අම්මිට ලැබුණේ මොන වගේ සුබ පැතුමක්ද? 
     
    දුව දැන් ඉන්නේ එක වසරේ. එයත් මට එයාගේ අතින්ම බර්ත් ඩේ කාඩ් එකක් හදලා ඒකේ එයාගේම අත් අකුරුවලින් I Love You Ammi, I Love You thaththi කිවලා Happy birth day  Ammi කියලා විෂ් කරලාත් තිබුණා. ඒ වගේම අම්මි “මල්ලි බබෙක් මට ඕනේ” කියලා ලියලත් තිබ්බා.
     
    උදාරිගේ සැමියත් ලංකාවට ඇවිත් හිටපු නිසා මේ හැම සතුටක්ම ඔහුත් අත්විඳින්න ඇති? 
     
    ඇත්තටම ඔව්, මගේ හස්බන්ඩ් සුජිත් රට ඉඳගෙනම මගෙන් ඇහුවා. “බබා බර්ත්ඩේ එකට මොනවද ඔයාට ඕනේ” කියලා. මම එතකොට කිව්වා අනේ ඩාලිං මුකුත් ඕනේ නැහැ. මට දැන් 30යිනේ… ඉතිං ටුවෙන්ටිවලට බයිබායි කියලා කියමු කියලා. ඊට පස්සේ එයා බර්ත්ඩේ දවසේ පාන්දර 2.00ට ලංකාවට ඇවිත් පහුවදාම අනිත් ෆලයිට් එකින් සිංගප්පූරුවට ගියා. එයා තරමක් කාර්යබහුල කෙනෙක්. ඒත් මට තියෙන ආදරේ නිසාම හැම වැඩක්ම නතර කරලා මං වෙනුවෙන් ලංකාවට ආවා. 

  • නිලි උදාරි වර්ණකුලසූරියව පැහැරගෙන ගිහිල්ලා… ඔබ නොදන්නා අැත්ත කතාව මෙන්න….

    නිලි උදාරි වර්ණකුලසූරියව පැහැරගෙන ගිහිල්ලා… ඔබ නොදන්නා අැත්ත කතාව මෙන්න….

    ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් අපූරු පුදුම කිරීමේ උපන්දින සැමරුමක් ටෙලිනාට්‍ය රූගතකිරීම් අතරතුර පවත්වා තිබුණා.

    ඇයට මෙතෙක් ලැබුණු උපන්දින සැමරුම් අතර අමතක කළ නොහැකි උපන්දින සැමරුම මෙය බව ඇය පසුව පවසා තිබෙනවා.

    එම වීඩියෝව පහතින්…

  • අැත්තටම මන්ත්‍රි නාමල්ගේ පෙම්වතිය කවුද? ඔබ නොදත් තතු සියල්ල එලියට…

    අැත්තටම මන්ත්‍රි නාමල්ගේ පෙම්වතිය කවුද? ඔබ නොදත් තතු සියල්ල එලියට…

    මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත් සමග හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තේ මොවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබෙන බවටයි..
    ඉතින් මේ සියල්ලටම පිළිතුරු දෙමින් මාධවී ඇන්තනී ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට යොදා තිබෙනවා.
    මේ එම ඡායාරූපයි.

  • ලංකාවේ වැඩිම මුදලක් අය කරන කොල්ලෝ ෆෝම් කරන  Hotම Hot නිළියන් 5 දෙනා මෙන්න…

    ලංකාවේ වැඩිම මුදලක් අය කරන කොල්ලෝ ෆෝම් කරන Hotම Hot නිළියන් 5 දෙනා මෙන්න…

    ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිලියන් හට කොච්චර ගෙවීම් කරනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ වැඩිම මුදලක් මියුසික් වීඩියෝ එක්කට අය කරන නිලියන් 5 දෙනා අතර පළමු වැනියා ඕශාදී හිමාෂා වේ.

    ඕශාදී හිමාෂා.

    මියුසික් වීඩියෝ කලාවට නැතුවම බැරි චරිතයක් බවට ඇය දැනටමත් පත් වී හමාරය..ආශාවරි යන අනුවර්ත නාමයෙන් හදුන්වන ඇය මේ නිහඩ බවයේ ,දුකක් දැනෙන්න එපා වැනි ජනප්‍රිය ගීත වලට රංගනයෙන් දායක වී ඇත..ඇය රූප රචනයකට රංගනයෙන් දායක වීම සදහා රු.200000-250000ක මුදලයක් ලබා ගනී..

    ටීනා ශෙනල්.

    නිරූපිකාවක් ලෙසින් සිට මියුසික් වීඩියෝ කලාවට පැමිණි ඇය දැනටමත් ලංකීය තරුනයන්ගේ සිත් වසගයට ගෙන ඇත..ඊට හේතුව ඇය රඟපනා ගොඩාක් රූප රචනා වැඩිහිටියන්ට පමණක් වීමයි..කෙසේ වෙතත් එක් රූප රචනාවක් සඳහා ඇය රු.175000-190000ක මුදලක් ගනු ලබයි

    පියුමි හංසමාලි.

    වැඩිම මුදලක් ගනු ලබන නිළියන් අතර තෙවෙන ස්ථානය පියුමිට හිමිය..ඉරාජ් නිර්මාණය කල දැනුනා ගීතයට රංගනයෙන් දායක වූ ඇය වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි බිරිදගේ චරිතය මවා පෑවේය..අදටත් ඒ මියුසික් වීඩියෝ වට විවේශන වැඩිය..ඇය රූප රචනාවක් සදහා රු.160000-180000ක මුදලක් අය කරයි. ඒ වගේම දැන⁣ට වැඩිම සංඛ්‍යාවක් instragrm හරහා ෆලෝව් කරන පුද්ගලලයන්ගෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ඇයයි.

    පියුමි ශීනායක

    මෑත ඉතිහාසයේ නැගී ආ නිලියක් ලෙස නම් කරන්න පුලුවන්..චමු ශී නිර්මාණය කරපු ප්‍රේම සටන රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වූ ඈ රූප රචනයකට දායක වීමට රු.140000-175000 ක මුදලක් ලබා ගනී..විශේෂත්වය වන්නේ ඇය රංගනයෙන් දායක වන්නේ ඔහුගේම සැමියා සමගය.

    අමන්දා සිල්වා.

    අන්දෝලනාත්මක වීඩියෝ රැසක්ම නිෂ්පාදනය කරපු ඉරාජ්ගේ වස්සානයේ හීනයේ රංගනයෙන් දායක වු ඇය රු.140000 – 160000 පමණ මුදලක් ගනු ලබයි..වස්සානයේ හීනයේ රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වීමට ඇයට හැකි විය..එම රූප රචනාව you tube සමජ ජාලය හරහා විශාල වශයෙන් පැතිර ගියේය.

  • මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලට අාපු ලංකාවේ Hotම Hot තරු හැඩවුණු හැටි මෙන්න..

    මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලට අාපු ලංකාවේ Hotම Hot තරු හැඩවුණු හැටි මෙන්න..

    2017 රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

    විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙවර සම්මාන රාත්‍රීයේදීත් දක්ෂයන් අතරින් අති දක්ෂයන් විශාල ප්‍රමාණයක් ඇගයීමට පාත්‍රවුණා.

    ඒ අතර මෙවර රයිගම් සම්මාන උළෙලට කලා ලොවේ සුපිරි තරු හැඩවෙලා තිබුණේ මෙන්න මේ විදිහට..

                                   

     

    SHARE
  • “අම්මෝ මේකෙ බර” – පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ දෙව්මි වේදිකාවේ දී කියපු කතාව…

    “අම්මෝ මේකෙ බර” – පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ දෙව්මි වේදිකාවේ දී කියපු කතාව…

    2017 මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ නයනතාරා වික්‍රමාරචිචි විසිනි.

    ඇය පසුගිය 2016 රයිගම් සමාන උළෙලේදීද වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය රංගන ශීල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවිය.

    ඒ හැරුණු පසු තවත් සමිමාන උළෙලවල් දිව්ත්වයකදීම ඇය පිටපිටම ජනප්‍රිය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

    මෙවර ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ සිව්වැනි වතාවයි.

    ඉතිං ජනතාවගේ මනාපයෙන් කිරුළු පැළඳී ඇය සිය සමිමානය ද අතැතිව අදහස් පළ කර තිබුණේ මෙන්න මේ විදිහට..

    වීඩියෝව පහතින්..

  • මෙගා ස්ටාර් 2 කෙල්ල නටන්නේ අමු හෙළුවෙන්.. ඔබ නොදුටු දසුන ස්කෑන් කලාවගේ මෙන්න..

    මෙගා ස්ටාර් 2 කෙල්ල නටන්නේ අමු හෙළුවෙන්.. ඔබ නොදුටු දසුන ස්කෑන් කලාවගේ මෙන්න..

    2002 කොටට ඇදන් නිවුස් කිව්වා කියල ජනමාධ්‍ය අමාත්‍යංශය පවර ගත්ත රටක් මේක 

    2018
    මෙගා ස්ටාර් 2 (දෙක) දැක්කද .

    ස්කෑන් කලාවගේ ඔය තියෙන්නේ 
    රේනෝ (නමක්) ඔයානම් අනේ මන්ද 

    https://youtu.be/5jaEfgvwAqw?t=35m35s

  • මර්වින් සිල්වාගේ පුත් මාලක යුග දිවියට..! දේශපාලන ප්‍රභලයින් සමඟ සැමරුවේ මෙහෙමයි..!

    මර්වින් සිල්වාගේ පුත් මාලක යුග දිවියට..! දේශපාලන ප්‍රභලයින් සමඟ සැමරුවේ මෙහෙමයි..!

    හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගිය දා යුගදිවියට පිවිසුනා. ඒ ඉරාණ ජාතික තරුණියක් වන oorea සමඟින්. Mount Lavinia හෝටලයේදී පැවති ඔවුන්ගේ මංගල උත්සවය සඳහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රභල දේශපාලන චරිත රැසක්ද සහභාගී වී සිටියා.

    එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • “මගේ සිහින කුමාරිව මගේම උනා”- පුබුදු සහ මාෂි විවාහයෙන් පස්සේ කියන කතාව මෙන්න..

    “මගේ සිහින කුමාරිව මගේම උනා”- පුබුදු සහ මාෂි විවාහයෙන් පස්සේ කියන කතාව මෙන්න..

    පුබුදු චතුරංග කියන්නෙ තරුණ පරපුර ඉන්න බොහෝ දෙනාගේ ආදරය දිනාගනිපු රංගන ශිල්පියෙක්. තනිකඩ ජීවිතයට සමුදීලා පසුගියදා  යුග දිවියට පිවිසුනේ මාෂි සිරිවර්ධන සමඟින්.

    තනිකඩ ජීවිතේට සමුදීලා පුබුදුත් එහෙනම් මනමාලයෙක් වුණා නේද? 

    ඔව්, ඉතින් අපිට හැමදාම තනිකඩව ඉන්න බැහැනේ. ඕනම දෙයකට කාලයක් තියෙනවනේ. සුදුසුම කෙනා ලැබුණා නම් ඇයි තවත් බල බලා ඉන්නේ. මගේ සිහින කුමාරිව මගේම කරගන්නයි මට වුවමනා වුණේ.  අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කළා. ඒ ආදරයේ නීත්‍යානුකූල සහතිකය තමයි මේ විවාහය.

    කොහොමද දැන් ඒ විවාහයේ “මිහිර” අත්විඳින්නේ ?

    හරිම සතුටින් අපි දැන් ජීවිතය සැලසුම් කරනවා. මාෂී වගේ කෙනෙක්ව මගේ ජීවන සහකාරිය කරගන්න ලැබිමම මට සතුටක්. ඒ විදියට බලද්දී මම හරිම ලකී හස්බන්ඩ් කෙනෙක්. මාෂී මටම ගැළපෙන මටම ඉපදුණ කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ. ඇය ගොඩක් හොඳට මාව තේරුම් අරගෙන වැඩකරන හරිම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපයෙන්, ගතිගුණ වගේ හැමදෙයකින්ම සම්පූර්ණ කෙනෙක්. ඇගේ අත ගන්න ලැබිම නිසා මම තවත් වාසනාවන්ත වුණා. අපි දැන් සතුටින් ජීවත් වෙනවා.

    පුබුදු – මාෂී විවාහ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැලසුම් කර තිබුණා. 

    අපි හැම දෙයක්ම මුලින්ම ප්ලෑන් කළා. ඒත් අවසන් දවස ගැන පුංචි බයක් හිතේ තිබුණා. ඒත් අපි දෙන්නා හිතුවාටත් වඩා හොඳින් හැමදෙයක්ම කෙරුණා. අපේ තේමාව වුණෙත් ‘සිනමා’. ඒ තේමාව මගේ ආදර සහෝදර නළු නිළියෝ එකතු වෙලා තව තවත් ලස්සන කළා. රොෂාන්, සාරංග, ශලිනි, ඩිනක්ෂි, සචිනි ඒ වගේම චන්න, යශෝධා, සංගීතා කියන අපේ රටේ ජනප්‍රියම නළු නිළියන් එකතු වෙලා අපි දෙන්නටම දුන්න සප්රයිස් ඩාන්ස් එක නම් කියලා වැඩක් නැහැ. අදටත් හැමෝම කතා වෙන්නේ මේ සප්රයිස් ඩාන්ස් එක ගැන තමයි.

    පුබුදු චතුරංග වගේ අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවකුගේ බිරිඳ වෙන්න ලැබිම ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද? 

    මම පුබුදුට කැමති වුණේ ඔහු අපේ රටේ ඉන්න ජනප්‍රියතම කඩවසම් නළුවෙකු නිසා නමෛයි. පුබුදු හරිම මිත්‍රශීලී ඒ වගේම හරිම අවංක කෙනෙක් නිසා. එයා මාව ගොඩාක් හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඕනෑම දෙයක් එයා එක්ක කතාබහ කරලා විසඳා ගන්න පුළුවන්. එයා මට ආදරෙයි කිව්වෙත් කළුතර බෝධියේදී. හැම අවස්ථාවකම එයා මාව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ ආදරණීය සැමියෙක් ලැබිමත් මගේ වාසනාව කියලයි මට හිතෙන්නේ.

    පුබුදු නම් අපිට කිව්වේ මාෂීව යාළු කරගන්න එක නම් ලෙහෙසි වුණේ නැහැ කියලයි.

    (හිනා) ඔව්. ඉතිං ගැහැනු ළමයෙක් තමන්ගේ සහකරුවා තෝර ගන්නකොට හොඳට හිතලා බලලනේ ඒ තීරණේ ගන්නේ. ඉතින් මමත් මුලදී ටිකක් ගණන් ඉස්සුවා තමයි. අද මට හිතෙනවා මගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණේ හරියටම හරි කියලා. අපි දෙන්නටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.

  • කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

    කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

    2018 වසරේ ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

  • එක දිගට එක වෙච්ච දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි… අනුහස් පරාද වෙද්දී දෙවුමි ජයගනී…..

    එක දිගට එක වෙච්ච දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි… අනුහස් පරාද වෙද්දී දෙවුමි ජයගනී…..

    ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී  පැවැත්විණි.

    ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කර මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 53 ක් ප්‍රදානය කෙරුණු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සඳහා වන සම්මාන මෙහිදී ප්‍රදානය කෙරේ.

    ඒ අනුව 2017 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන දිනා ගත්තේ ස්වාධීන රුපවාහිනීයේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යය වන අතර එහි ජෙහාන්ගේ චරිතය නිරුපනය කල තුමිදු දොඩම්තැන්න ජනප්‍රියම නළුවා සම්මානය දිනාගැනීමට සමත්විය…

    කෙසේවෙතත් සුපුරුදු පරිදිම දෙවෙනි ඉනිමේ දෙවුමි මෙවරත් ජනප්‍රියතම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර විය..

  • මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂි අම්මා ගෙඹි ඩාන්ස් දාන්න ගිය ඇඳුම නිසා වෙච්චි නෝන්ඩිය මෙන්න…

    මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂි අම්මා ගෙඹි ඩාන්ස් දාන්න ගිය ඇඳුම නිසා වෙච්චි නෝන්ඩිය මෙන්න…

    මේ දවස්වල අමුතු තරඟයක් ගැන කොයි කාගේත් අවධානය යොමුවෙලා තිබෙනවා.ඒ ගෙඹි ඩාන්ස් එකක්.ලෝකේ පුරා ජනප්‍රිය කට්ටිය එකිනෙකාට අභියෝග කරමින් මෙම ගෙඹි ඩාන්ස් දාපු හැටි වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරිනවා.

    ලංකාවෙත් ජනප්‍රිය මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂිතා නැතිනම් ඉෂි අම්මත් මේ ඩාන්ස් එක දාපු වීඩියෝවක් අන්තර්ජාලයේ මුදාහැර තිබෙනවා.හැමෝගෙම අවධානයට යොමු වුණු  මෙම වීඩියෝවේ සිද්ද වුණු දේ  පහතින් නරඹන්න.

  • මගේ ජිවිතයේ පවුල 02… කලාව තමයි 01.. කවදාවත් හොදවෙන්නේ නැති පිස්සුවක් ඕෂධී ඇත්ත කියයි…

    මගේ ජිවිතයේ පවුල 02… කලාව තමයි 01.. කවදාවත් හොදවෙන්නේ නැති පිස්සුවක් ඕෂධී ඇත්ත කියයි…

    ”සමහර අය අපිව විහිළුවට අරගෙන”

    ”ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ‍‍”

    ”රූප රචනා 150කට වඩා කරලා තියෙනවා”

    “ඒවාට මට මාසෙකට ලොකු වියදමක් යනවා..”

    ඕෂධී හිමාෂා නමට වඩා රූපය බොහෝ අයට සමීපයි. ඕෂධී කියන චරිතය නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ ගීත රූප රචනාවලින්. නිරූපණ ශිල්පිණියක් විදිහට දකින්න ලැබෙන ඕෂධී ළඟදීම සිනමාව තුළිනුත් දකින්න ලැබෙනවා. ඇය පසුගිය දිනෙක සිය ජීවිතයේ අලුත් තොරතුරු මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….

    නිරූපනයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා ඕෂධී දැන් කාර්ය බහුල චරිතයක් වෙලා ඇති..?
    මේ දවස්වල නම් මම ගොඩක් කාර්ය බහුලයි. නිරූපනයෙන් වගේම මගේ ව්‍යාපාර කටයුතු එක්ක.

    සිනමාවෙන් ඔබව ළඟදීම දකින්න ලැබෙනවා. ඒ ගැන කිව්වොත්..?
    මම සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. උදය කාන්ත වර්ණකුලසුරියගේ ”වස්සානයේ සඳ” චිත්‍රපටයට හා ”ෆේස් ටු ෆේස්” චිත්‍රපටයට. මේ නිර්මාණ දෙකම ළඟදීම තිරගත වෙයි. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක මැයි මාසේ රූපගත කරනවා.

    සිනමාවට ප්‍රවිෂ්ඨවීමත් එක්ක ඕෂධීව රූප රචනාවලින් දකින්න නොලැබෙයි ද..?
    සිනමාව කියන්නේ රංගනයට හොඳ ආරම්භයක්. මම කැමතියි සිනමාවට වැඩියෙන් එකතු වෙන්න. ඒ නිසා මේ කාල සීමාව සිනමා රංගනය සඳහා යොදවන්න මම හිතුවා. ඒ නිසා ගීත සඳහා නිර්මාණය වෙන රූප රචනාවලට සම්බන්ධ වෙන එක සිමා කළා. නමුත් සම්බන්ධ නොවී ඉන්නේ නැහැ. හොඳ නිර්මාණවලට රූප රචනාවෙන් සම්බන්ධ වෙනවා.

    ඕෂධීව බොහෝදෙනා දැන හඳුනා ගත්තේ ආදරේ කළේ රූප රචනා නිසා නේද..?
    ඔව්. මාව වාඩාත් සමීප වුණේ රූප රචනාවලින්. මේ වෙනකොට මම රූප රචනා 150ට වඩා සම්බන්ධ වෙලා තියෙනවා. දැන් නම් හිතෙනවා මාව දැකලම එපා වෙලා ඇති කියලා.

    ඇතැම් වීඩියෝ නිසා ඕෂධී කතාබහට ලක් වුණා. ආන්දෝලනාත්මක චරිතයකට සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත්..?
    හොඳ පිටපතක් හා නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණොත් එවැනි අවස්ථාවක් ගැන හිතලා බලලා තීරණයක් ගන්නවා. නමුත් අපේ රටේ සදාචාරයක් තියෙනවා. ලංකාවේ ඉන්න නිසා ඒ ගැනත් හිතන්න ඕන. එහෙම බලලා මට ගැලපෙනවා නම් ඒ ගැන හිතලා බලනවා. ඒ වගේම ඇතැම් වීඩියෝ නිසා ජනතාව මට බැනලා තියෙනවා. ඔය කියන විදිහට මම ඒ වීඩියෝවල ලොකු දෙයක් කරලා නැහැ කියලයි මම නම් හිතන්නේ. මෝඩ මිනිස්සු කියන කතා විතරයි. මට බැනලා තියෙනවා මිනිස්සු, නමුත් මට ඒ නිර්මාණවලින් නරකක් වෙලා නැහැ. ඒ නිසා මට ගැටලුවක් නැහැ.

    Social Media නිසා ඔබ අපහසුතාවයට පත් වෙලා කට කතාවලට ලක් වෙලා නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
    ඕන තරම් කට කතාවලට ලක් වෙලා තියෙනවා. සමහරක් මිනිස්සු මට ෆේස්බුක් එකෙන් බැනලා මැසේජ් කරනවා. නමුත් මුහුණට එහෙම වෙලා නැහැ හොඳ කියලා තියෙනවා මිසක්. බනින වෙලාවට මම ගොඩක් දුක් වෙලා තියෙනවා. කලකිරිලා තියෙනවා. මොකද මම මේ ගමන ආවේ උඩින් පාත් වෙලා නෙමෙයි නිසා. මම මගේ නම හදා ගන්න ගොඩක් දුක් විඳලා තියෙනවා. ඕන තරම් කටු කාලා තියෙනවා. එහෙම හදා ගත්ත නමටයි ප්‍රතිරූපයටයි හානියක් වෙනකොට දුකක් දැනෙනවා. සමහර අය අපිව විහිළුවට අරගෙන.

    ඕෂධී කියන්නේ වැඩිපුර විලාසිතා භාවිතා කරන කෙනෙක් නේද.. බ්‍රෑන්ඩ් එකට ද විලාසිතා කරන්නේ..?
    ෆැෂන් කරද්දී මම මුලින්ම බලන්නේ බ්‍රෑන්ඩ් එක. හෑන්ඩ් බැග්, ඔරලෝසු, සුවඳ විලවුන්, අව්කන්නාඩී. මේ හැම දෙයක්ම මම ගන්නේ බ්‍රෑන්ඩ් එක බලලා. මට ෆැෂන් පිස්සුවක් නම් තියෙනවා. ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ. ඒ සඳහා මම මාසිකව ලොකු වියදමකුත් දරනවා. මට ගැලපෙන ඕනෑම විලාසිතාවක් මම කරනවා.

    ඔබ තවම ජිවත් වෙන්නේ අවිවාහක කාන්තාවක් විදිහට සරලව නේද..?
    මම කොහොමත් සරල ජිවිතයක් ගත කරන කෙනෙක්. එහෙම කියලා පවුල ගැන නොබලා ඉන්නේ නැහැ. මම මගේ වෘත්තිය ජිවිතයට තමයි මුලින්ම මුලිකත්වය දෙන්නේ. දෙවනුව පවුල. විවේකයක් තියෙන හැම වෙලාවකම මම පවුල ගැන බලනවා. සැමියාගේ වැඩ කරනවා.

    ඔහු කිව්වොත් රැකියාවෙන් ඉවත් වෙන්න කියලා..?
    අපි දෙන්නා ජිවත් වෙන්නේ අවබෝධයක් ඇතුව. කරන්නේ මොනාද කියලා අපි දැනුවත්. මට ලැබෙන හැම නිර්මාණයක්ම එයත් එක්ක කතා කරලා තමයි මම භාර ගන්නේ. අකමැත්තෙන් මම කිසි දෙයක් කරන්නේ නැහැ. මේ රැකියාව ලස්සන තියෙනකල් විතරයි තියෙන්නේ. කවදා හරි අපිට මේ දේවල්වලින් ඉවත් වෙන්න වෙනවා. ඊට කලින් ඔහු කිව්වොත් ඉවත් වෙන්න කියලා මට ඉවත් වෙන්න පුළුවන්. මොකද මම ඒ දේ මත ඇලිලා නැහැ.

  • බේරේ වැව ඉස්සරට ගිහින් Sexy සචිනි නටපු Hotම Hot නැටවිල්ල මෙන්න (VIDEO)

    බේරේ වැව ඉස්සරට ගිහින් Sexy සචිනි නටපු Hotම Hot නැටවිල්ල මෙන්න (VIDEO)

    ජනප්‍රිය නිවේදිකා සචිනි නිපුන්සලා මේ වෙද්දි නිවේදිකාවක් විදිහට විතරක්ම නෙමෙයි නර්ථන ශිල්පිණියක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.

    පසුගිය දිනවල ඇය කරපු  cover video කිහිපයක්ම ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා.

    මේ අතර ඇය තවත් අපූරු නර්ථනයක් සිදු කර තිබෙනවා. මෙය හින්දි ගීතියකට නිර්මාණය කර ඇති අතර මෙය පටිගත කර තිබෙන්නේ බේරේ වැව ඉදිරිපිටයි.

    එම වීඩියෝව පහතින්…