Category: සුපිරි Cinema

  • මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

    මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

    ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා විසින්  රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පසුගියදා නියෝග කිරීමත් සමඟයි.

    සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් දිසා විනසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

    පසුගිය වසරේ අගෝස්තු 04 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා යන ප්‍රවීන ගායන ශීල්පීන් සහභාගී කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 03 ක  මුදලක් ලබාගෙන  ප්‍රසංගය පැහැර හැරිය බවට ප්‍රසංගයේ සංවිධායකවරයෙකු වන ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබුණා.

    එසේම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් විසින්  රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් සංවිධායකවරයාට ලබා දී තිබුණද එය අගරු වූ චෙක්පතක් බවයි සඳහන් වන්නේ.

     ‍ෙඒ  අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම  සහ සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ ඔහුට  එරෙහිව පැමිණිල්ලක් ගොණු කල බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරන්නේ.

  • වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

    වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

    ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින් තම පියාගේ ගීත ගායනා කිරීමත් සමඟ වික්ටර් රත්නායකගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද යන ප්‍රශ්නය බොහෝ දෙනාට ඇති වූ බවට කිසිඳු සැකයක් නැහැ.

    තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් නිකුත් කර තිබියදීත් මෙලෙස පියාගේ ගීත ගායනා කිරීම නීතිමය ගැටළුවක් නොවන්නේ්දැයි ජයන්ත රත්නායකගෙන් විමසූ අවස්ථාවේදී මෙතෙක් හෙලිනොවූ රහසක් හෙලි කරමින් ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

    එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම  බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.  ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි  මමත් මේ බලාගෙන ඉන්නේ. 

    2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි. 

    තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ. 

     

    පැවරීමේ ගිවිසුම

    වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල  එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම)  එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්. 

    එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි 

    ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත  ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී. 

    ගිවිසුමේ නියමයන් හා කොන්දේසි 

    මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ  හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ. 

    මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට 

    පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ. 

    මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ. 

    තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, ‍පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් ‍පොරොන්දුව බැඳුනෝය. 

    ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය. 

    සාක්ෂි :

    මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු. 

    නීතිඥ අකලංක තරින්ද සේරසිංහ 

    අංක 30, පාසල් මාවත, 

    කළුබෝවිල,

    දෙහිවල  

    (ලක්බිම පුවත්පත ඇසුරින්)

     
  • “නරියා රජා වෙන්නෙ තීන්ත බාල්දියට වැටුණමයි” – ගයාන් වික්‍රමතිලකගෙන් ප්‍රකාශයක්

    “නරියා රජා වෙන්නෙ තීන්ත බාල්දියට වැටුණමයි” – ගයාන් වික්‍රමතිලකගෙන් ප්‍රකාශයක්

    ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ජනප්‍රිය රංගන ශිල්පී යුවළ පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවක් නිසාය. පුවත්පතක් සමග සංවාදයකට එක් වූ ගයාන් වික්‍රමතිලක එම චෝදනා වලට පිළිතුරු දී තිබුණා. එම සංවාදය පහතින් ,
     

    ගයානුයි, චතුරිකයි අලුත් නිවහනක පදිංචි වුණා කියලා ආරංචියි?

    ඔව්. අවුරුදු ගාණක් තිස්සේ එකතුවෙලා හදපු නිවහනට අපි ගිය මාසේ පදිංචියට ගියා. ගේ හැදුවේ තලවතුගොඩ. ගෙදර තව පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. අපි ඒ වැඩවලටත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

    කාලෙන් කාලෙට චතුරිකාගෙයි, ගයාන්ගෙයි නම මොකක් හෝ සිද්ධියක් එක්ක අෑදිලා එළියට එනවා. මේ දවස්වලත් ඔය දෙන්නගේ නම් ආයෙත් සිද්ධියකට ගැළපිලා එළියට ඇවිත්?

    ඔය අහපු දේ ගැන මම දන්නේ ඊයේ හවස. එතකල් මම ඔය පිළිබඳව විමසිලිමත් වුණේ නැහැ. අපිට තියෙන වැඩ කටයුතුත් එක්ක ඔය වගේ චීත්ත ප්‍රශ්න පස්සේ පන්නන්න විදියක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන දේවල් මම දැක්කා. එතකොට ඇත්තටම මට මතක් වුණේ බුදු බණ. වැපිරුවොත් දෙයක් ඒ තරමට තමයි නෙළා ගන්න වෙන්නේ. ඇත්තටම තිබ්බ ප්‍රශ්නවලින් අපි නිදහස් වෙලා ඉන්නේ. අපිට ප්‍රශ්න ඇති කරපු මිනිස්සු ප්‍රශ්නවල පැටලිලා ඒවත් එක්ක ඉන්නේ.

    ඒ පාර්ශ්වය සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා ගයාන් බාල දරුවාට සලකන්නේ නැති නිසා ඔවුන් බාල දරුවාට උදවු කළා කියලා?

    ඒවා දෙකයි පනහේ කතා. එල්ලෙන්න පැත්තක් නැති වුණාම සමහරු ඔය වගේ දෙකයි පනහේ කතා කියනවා. ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන මනුස්සයා ගැන අපේ රටේ ප්‍රේක්ෂකයන්ට ඉස්සරහට හොඳ දේවල් ටිකක් දැක බලාගන්න පුළුවන් වෙයි. තව අවුරුදු තුනක් හතරක් විතර යද්දි මගේ දරුවාට සැලකුවා කියලා කියාගන්න පුද්ගලයාගේ රෙදි ගැලවෙයි. ඒ රෙදි ගැලවෙද්දි දැන් ළඟට එකතු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් අෑත් වෙයි. නරියට තීන්ත බාල්දිය හැලුණු කාලේ විතරයි රජා විදියට සලකන්නේ. ටික ටික තීන්ත ටික හේදිලා යද්දි සැබෑ තත්ත්වයට එනවා. මම මේ හැම දෙයක්ම කාලයට භාරදීලා බලාගෙන ඉන්නවා.

    ඒ පුද්ගලයා ඇත්තටම එහෙම මුදල් බැංකු ගිණුම්වලට යොදවලා තියෙනවද?

    මට මගේ පුතාලා දෙන්නට උපරිමයෙන් සලකන්න පුළුවන්. චතුරිකා එයාට කරන්න පුළුවන් උපරිම තත්ත්වයෙන් පුතාලට සලකනවා. ඒ ඇරෙන්න අම්මෙකුටයි, තාත්තෙකුටයි නැති දරු කැක්කුමක් මේ කොහෙවත් ඉන්න මනුස්සයකුට එන්න විදියක් නෑනේ. එහෙම කැක්කුමක් එනවා නම් එන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි ආර්ථික වාසියක් නිසා. සල්ලි බැංකු ගිණුම්වලට දාලා කරන්න උත්සාහ කරලා තියෙන්නේ මට මඩගහන එක. දැන් ඔය ප්‍රශ්නවලට අවුරුදු පහක් විතර ගෙවිලා. ඇත්තටම අපිට මේ වගේ ප්‍රශ්නත් එක්ක එල්ලෙන්න විදිහක් නැහැ. 2013 දාපු මොකක්ද දෙයක් ගැන තමයි ඒ පුද්ගලයා 2017දීත් කියන්නේ. මේවා හරි ලැජ්ජාවට කාරණා. තව අවුරුදු දෙකක් විතර යද්දි ඔය දේවල් කියන පුද්ගලයා ලංකාවේ ජීවත් වෙන්න ඕන. නැත්නම් මේ ලංකාව අතහැරලා ඒ පුද්ගලයාට යන්න සිද්ධ වෙනවා.

    ඇයි ඒ?

    ඒ පුද්ගලයා ඔය පටලවාගෙන තිබෙන ප්‍රශ්න ටික ඒ අයම පටලවාගෙන තියෙන ප්‍රශ්න. ගයාන් වික්‍රමතිලකවත්, චතුරිකා පීරිස්වත් කාගෙන්වත් සල්ලි හිඟා කාලා නැහැ. රට ඉන්න ගෑනුන්ගෙන්වත්, ලංකාවේ ඉන්න ගෑනුන්ගෙන්වත් අපි සල්ලි හිඟා කාලා නැහැ. දුක් මහන්සියෙන් හොයපු සල්ලිවලින් අපි කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි කවුරුහරි කාටහරි රුපියලක් හරි දෙයක් හරි වංචා කරලා තියෙනවා නම්, කාටහරි ගින්දරක් දීලා තියෙනවා නම් මේ ආත්මේ පඩිසන් දෙනවා.

    ඔබ කියන්නේ ඒ පුද්ගලයන්ගේ පැටිකිරිය තවත් එළියට එයි කියලද?

    අනිවාර්යයෙන්ම. මට 2012, 2013 ඉඳන් තවම මඩ ගහනවා. මම ඒ දේවල් වෙනුවෙන් වචනයක් කියන්න ගියේ නැහැ. මුළු ලංකාවම හිතුවා ගයානුයි චතුරිකයි කියන්නේ සෑහෙන වැරැදි කරපු දෙන්නෙක් කියලා. අපිට ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දාන්න බෑ. අපිට පරුෂ වචනයෙන් බනිනවා. දරුවෝ අමතක කරලා ගිය මිනිහා කියලා බනිනවා. ඔය වගේ ජරා කමෙන්ට්ස් ආවේ. හැබැයි මම සියල්ල කාලයට භාරදීලා මොකක්ද වෙන්නේ කියලා බලන් හිටියා. ඒ ඔක්කොම ප්ලෑන් කරපු අය දැන් එකිනෙකාට මඩ ගහ ගන්නවා.

    පහුගිය කාලේ ගයාන්ටයි චතුරිකාටයි මඩ ගැහුවේ ඒ පුද්ගලයා කියලද ඔය කියන්නේ?

    මීඩියාවලට කතා කරලා, සල්ලි දීලා, සමහර අයට ඩිනර් අරන්දීලා ප්ලෑන් කරලා අපිට මඩ ගහලා තිබ්බේ. දැන් දිට්ඨධම්මවේදනීය කර්මය ඒ අයට පඩිසන් දෙනවා.

    අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ විදියට මඩ ගහද්දි චතුරිකා මොනවද කියන්නේ?

    අපිට දැන් කාලයක් ඉඳන් මඩ ගැහුවාණේ. අපි අපේ පාඩුවේ අපේ වැඩ කරගෙන ගියා. ඔය ඔක්කොම අතරේ තමයි මමයි චතුරිකායි අහම්බෙන් යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝව දැක්කේ. ඒ දේවල් දකිද්දි අපි දෙන්නටම හිනා ගියා. අපි ඇත්තටම ඔය දේවල් හොයන්න යන්නේ නෑ අවශ්‍ය නැති නිසා. හැබැයි දැන් මුළු ලංකාවම, සමාජයම ඉස්සරහ ඒගොල්ලෝ ඒගොල්ලො පැටිකිරිය හෙළි කරගෙන තියෙනවා.

    ලොකු පුතානේ ගයාන් ගාව ඉන්නේ. ඇත්තටම පොඩි පුතා ගැනත් ගයාන් හොයලා බලනවද?

    ඔව්. පොඩි පුතා ගැනත් බලනවා. එයාවත් පාසල්වලට දාලා ඒ වැඩකටයුතු කරගෙන ගියා. නමුත් පොඩි පුතාට වුවමනාවක් තිබුණා එයාගේ මව ළඟට යන්න. එයා ඉතා පැහැදිලිව කිව්වා එයාගේ අම්මා ළඟට යන්න ඕන කියලා. ලොකු පුතා කිව්වා අප්පච්චිත් එක්ක ඉන්න ඕන කියලා. දැන් පොඩි පුතා එයාගේ පාඩුවේ හොඳින් ඉන්නවා. ලොකු පුතා එයාගේ පාඩුවේ ඉන්නවා. ඒ දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහෙවත් ඉන්න මිනිස්සුන්ට තමයි මේක ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මටයි දරුවන්ටයි ප්‍රශ්නයක් නැත්නම් මේක වෙනඅයට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි?

    ලොකු පුතයි පොඩි පුතයි මුණගස්වනවද?

    ඔව්. එයාලා මුණගැහෙනවා.

    නිර්මාණ කටයුතු ගැනත් කතා කරමුකෝ. මේ දවස්වල චිත්‍රපටයක් කරන්නත් ලැහැස්ති වෙනවලු නේද?

    මේ දවස්වල අපේ ප්‍රඩක්ෂන් එකක් කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා. මේ සැරේ චිත්‍රපටයක් කිරීමේ වෑයමක තමයි ඉන්නේ. එහි වැඩ කටයුතුවලට මේ දවස්වල ලැහැස්ති වෙනවා. මම තමයි එහි අධ්‍යක්ෂණ වැඩ කටයුත්තත් කරන්නේ. එය ආදර කතාවක් පදනම් කරගත් විනෝදාත්මක පැත්තට බර චිත්‍රපටයක්.

    ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් අපි ගයාන්ව දැකලා තියෙනවා. හැබැයි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් තවම දැකලා නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂණය තුළ සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

    මම හරි ආසාවෙන් ඉන්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ඒක ලොකු කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක්. එය තමයි මේ ඉෂ්ට කරගන්න හදන්නේ. ඒ කාර්යයත් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    ඔබයි චතුරිකයි දෙන්නම එහි රඟපායිද?

    චතුරිකාත් එහි රඟපානවා. බොහෝදුරට මමත් එහි රඟපානවා. මම ආසයි රඟපාන්නේ නැතුව එහි අධ්‍යක්ෂණ කටයුතු පමණක් කරන්න. නමුත් චතුරිකාගේ ඉල්ලීමක් තියෙනවා රඟපාන එක නවත්තන්න එපා කියලා.

    පහුගිය කාලේ ගයානුයි චතුරිකායි එකතු වෙලා කරපු නිර්මාණවල දෙන්නම රඟපෑවා. මේ සැරෙත් තමන්ගේ නිර්මාණයට මුහුණ දාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්?

    රංගන ශිල්පීන් අධ්‍යක්ෂණය කරන හැම නිර්මාණයකම ඔවුන් පෙනී ඉන්නවා. ලෝකයේ වෙන රටවලත් එය සිද්ධ වෙනවා. අමිර් ඛාන් අවුරුද්දකට එක චිත්‍රපටයක් හෝ දෙකක් කරනවා. ඔහු ඒ නිර්මාණවල රඟපානවා. අද වෙනකොට අපිට අවශ්‍ය නිර්මාණ බිහි වෙන්නේ නැහැ. බිහිවෙන නිර්මාණවල අපිට අවශ්‍ය මුදල හම්බෙන්නේ නැහැ. ඒ වගේ දේවල්වලින් අපිට අයින් වෙන්න සිද්ධ වෙද්දී රංගන ශිල්පීන් විදියට මෙහි පැවැත්මක් හදාගන්න අපි පිටපත් හදාගෙන අපි අධ්‍යක්ෂණය කරගෙන අපිට රඟපාන්න සිද්ධ වෙනවා.

    අධ්‍යක්ෂණ කාර්යයයි රංගන කාර්යයයි දෙකම කරද්දී අධ්‍යක්ෂණයටයි, රංගනයටයි සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

    මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරලා රඟපාලා තියෙනවා. මම රඟපාන ගමන් අධ්‍යක්ෂණය කරද්දී යම් කාලයක් ගත වෙනවා. ඒ ඇරෙන්න එය මහා භාරදුර කාර්යයක් නෙමෙයි. මුලින් කළාටත් වඩා හොඳ නිරවුල් මානසිකත්වයකින් සහ වෘත්තීය දැනුමකින් තමයි මම චිත්‍රපටය කරන්න යන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ.

    අලුත් වසරේ සැලසුම් කරගත් තව දේවල් ඇති?

    ඉතාම සන්තෝෂයෙන් ගෙවන්න බලාපොරොත්තු වෙන අවුරුද්දක් තමයි 2018. මට, චතුරිකාට වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක් මේ අවුරුද්ද. අපි හැම දෙයින්ම ස්ථාවර මට්ටමකට එමින් ඉන්නේ. අපි හදපු අලුත් ගෙදර, අම්මලා, තාත්තලා, අපි දෙන්නා පුතා එක්ක හොඳින් ජීවත් වෙන්න වගේම, චතුරිකායි මමයි හොඳ නිර්මාණ කරන්නත් බලාපොරොත්තු වෙනවා. කාගෙවත් කුණු හොයන්නේ නැතුව, එකිනෙකාට මඩ ගහගන්නේ නැතිව අපේ දෙයක් කරගෙන ලස්සනට ජීවත් වෙනවා ඉදිරියටත්.

  • කලාකාරයන් අතර කලාකරුවෙක් වූ සැනට් දික්කුඹුර (පෝලෝ සීයා)

    කලාකාරයන් අතර කලාකරුවෙක් වූ සැනට් දික්කුඹුර (පෝලෝ සීයා)

    සැනට් දික්කුඹුර කියන්නේ හොඳ නළුවෙක් විතරක් නෙවෙයි හොඳ අංග රචනා ශිල්පියෙක්. සැනට් කීවාට වඩා බොහෝදෙනා ඔහු හඳුනන්නේ පෝලෝ සීයා කීවාමයි. සැනට් ජීවත් වෙන දෙහිවල නිවසට ඔහු සොයා ගිය ගමනක මතක සටහන් පෙළගැස්මකි මේ.

    මම මේ ඉන්න නිවස කලකට ඉස්සර තට්ටු දෙකේ ගෙයක්. මගේ තාත්තා මාතර කෙනෙක් . කොළඹට ඇවිත් තාත්තා පින්තූර රාමු කිරීම වගේ පොඩි පොඩි වැඩ කරමින් තමයි ජීවත්වෙලා තියෙන්නේ. පොල්හේන ඉස්කෝලෙන් හතේ පංතියට විතරක් ඉගෙන ගත්ත තාත්තා ගොඩාක් දුප්පත් පවුලක කෙනෙක්. සීයා වඩු කාර්මිකයෙක්. ඉතිං ඉස්කෝලෙ අත ඇරලා කොළඹ ආපු තාත්තා මේසන් වැඩ තමයි කරලා තියෙන්නේ. තාත්තා පොල් කඩේක වැඩ කරන අතර තමයි මේ වැඩ කරලා තියෙන්නේ. තාත්තාට උපකාර කළ මුදලාලිටත් අත්උදව් දීගෙන පිංතූර රාමු කඩයකුයි, ලංකා හෝටලය කියලා හෝටලයකුයි කරගෙන තාත්තා ජීවත්වෙන්න පටන් අරන් තියෙනවා. තාත්තා උත්සහවන්තයෙක් බව දැකපු පොල් කඩේ මුදලාලිත් එයාගෙ දුවක් කසාද බන්දලා දීලා තාත්තව පවුලේම කෙනෙක් කරගැනීමෙන් පස්සේ තාත්තා කොළඹම කෙනෙක් වුණා.

    තාත්තා කුලී ගෙවල්වල ඉන්නකොට තමයි ඇස් ද ඇස් ජයසිංහ මහත්තයා මේ ගෙවල් ලබාදීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ දවස්වල මම ලැබෙන්න ඉන්න කාලෙලු තාත්තා ගෙයක් ඉල්ලලා තියෙන්නේ. නමුත් ඒ වෙනකොට ගෙවල් ඔක්කොම දීලා ඉවරයිලු. ඒත් කවුරුවත් නොගෙන ඒ ගෙවල් සියයෙන් එකක් ඉතිරිවෙලා තිබිලා. ඒ නොම්බර 99 ගෙදර. අනූ නවය අසුබයි කියලා හිතපු මිනිස්සු ඒ ගෙය අත ඇරියට එය ලබාගත්තු තාත්තට එයින් වාසනාව උදා වුණා. සැනට් දික්කුඹුර කියන මටත් වාසනාව උදා වුණේ මේ ගෙදරින්. ඉස්සර අපේ තාත්තා තමයි මුළු කොළඹටම වෙසක් සැරසිලි හැදුව ව්‍යාපාරිකයා. මේ ගෙදරම වෙසක් කූඩු, බකට්, වෙස්මූණු වැනි දෑ හදලා තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක් වුණා. නමුත් ඔහු හදිසි අනතුරකින් මිය ගියා. ඒ දවස්වල අද වගේ හදිසි අනතුරු බහුල නෑ. ඒ කාලේ ලොකුම අනතුරක් විදිහට සැලකුව ඒ අනතුරින් හතරදෙනෙක් මිය ගියා. එයින් තුන් වැනියාට මිය ගියේ මගේ තාත්තා. ඉතිං ඉස්සර තාත්තා හදන වෙස් මූණු පාට කළේ මම. මට හොඳට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබුණා. අපේ ගෙදර පිට පළාත්වලින් ආව හැටක් විතර කර්මාන්තයේ නියලුණා. මේ විදිහට ලයනල් වෙන්ඩ්ට් එකට සම්බන්ධ වුණා.

    ඒ විදිහට තමයි මම කලාවට පය තිබ්බේ. අංග රචනා ඉගෙන ගත්තෙ පත්මකුමාරි එදිරිවීර කියන ගුරුන්නාන්සේගෙන්. මගෙත් එක්ක ලයනල් වෙන්ඩ්ට් එකේ තවත් බොහෝ පිරිසක් අංග රචනා ඉගෙන ගත්තට අවසානයේ එය කරන්න ඉතිරි වුණේ මං විතරයි. මම අංග රචනාවලින් අදටත් නොයෙකුත් අත්හදා බැලීම් කරනවා. ඇස් යට මෙරූන් පාට තවරන්නේ මම විතරයි. කිසිම කෙනෙක් එය නොකරන දෙයක්. නමුත් එයින් මම ඇස්වල ඉස්මතුවීම වඩාත් තීව්‍ර කරනවා. මගේ එම විශේෂත්වය නිසා බැලූ බැල්මටම එය මගේ අංග රචනයක් බව දැනගන්න හැකි ලකුණක් වෙලා තියෙනවා. නමුත් අපේ කලාවේ මේ කාරිය කොතරම් බැරෑරුම් දෙයක් වුණත් ගෙවන්නේ ඉතාම අඩුවෙන්. මේක්අප් බඩුත් මා විසින්ම සපයගන්නවා. මෙහෙම එක්තරා ජනප්‍රිය ප්‍රවීණ නිළියකගේ චිත්‍රපටයක මේක් අප් කරලා ඇය මට ගෙවුවේ රුපියල් තුන්දාහයි. ඒ විදිහට ශ්‍රමය සූරාකන අය තමයි මට වැඩිපුරම හමුවෙන්නේ. අසූ අටේ මට සම්මානය ලැබුණේ ‘මෝරා’ නාට්‍යයෙන්. මම එහි පසුතල නිර්මාණය කළා, අංග රචනය කළා, රඟපෑවා. ජයන්ත චන්ද්‍රසිරිගේ බලකිරීමටයි ඒක කළේ. ඒ මගේ පළවෙනි නාට්‍යය. එයින් සම්මාන ලැබුණා. ජයන්ත ඒ බඩු සමහරක් තවමත් අරන් ගියේ නැහැ.

    ඔය ගේ ඉදිරිපිට තියෙන ලෑලි තට්ටු තමයි ඒ. අද මමත් මගේ යාළුවෝ සහ අයිතිකාරයෝ වුණ බල්ලන් රෑනත් නිදාගන්නේ ඒ ලෑලි තට්ටු මත. ගෙය කඩා වැටුණා. මම විවාහ වුණෙත් නැහැ. මේ ගෙය අපි සහෝදර සහෝදරියන් හයදෙනෙකුට අයිතියි. එකමුතුකමක් නැති අපේ කට්ටියගේ විවිධ මතිමතාන්තර නිසා මේවා මේ විදිහට ගරා වැටෙන්න කලින් හදාගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. මගේ ලොකු අක්කත්, මමත් විවාහ වී නැහැ. මම විවාහ වෙන්න නොසිතුවෙත් මම ඉන්න මේ අවුල් ගොඩට තවත් කෙනෙක් ගෙනත් ජීවත් වෙන්න කියන්නේ කොහොමද කියන ගැටලුව තිබුණ නිසා. මම හරි හම්බු කරපු දේවල් කෝ කියල අහන්න එපා. වැඩ කළාට බොහෝ දෙනෙක් මට ඒවට හරියන ගෙවීමක් කරල නැහැ.

    මෙතෙක් කාලෙකට මම කරපු අංග රචනයකට, එහි රඟපෑමටත් එක්කම ගෙවා ඇති වැඩිම මුදල රුපියල් අටදාහයි. ඒ ‘වෙලාවකට පිස්සු වගේ’ කියන වේදිකා නාට්‍යයට. ඒ වගේම තමයි මට මුදල් අයකිරීම සම්බන්ධයෙන් පන්නගෙන යන දැනුමක් නැහැ. මට ලැබුණු පෝලෝ ඇඩ් එකටත් ගෙවුවේ රුපියල් තිස්දාහයි. නමුත් එහි අංග රචනා ශිල්පියා රංජිත් මතගවීර මා එක්ක කිවුවා ඔහුගේ කාරිය වෙනුවෙන් ඔහුට හැත්තෑපන්දාහක් ගෙවුවා කියලා. දිලීප අබේසේකර මහත්තයට මම ලොකු ගරුත්වයක් තියෙනවා. ඒ ඔහු අපේ ප්‍රවීණ කලාකරුවෙකුගේ පුත්‍රයෙක් වගේම නිර්මාණශීලී තරුණයෙක් නිසා. ඔහු තමයි මේ ඇඩ් එකට මාව යෝජනා කර තිබෙන්නෙත්. මාව තුන් පාරක් විතර ඒකෙන් විකිණිලා තිබුණා.

    ඉතිං මේ වැඩේ කතා කරන්න ගියාම මම හිතුවෙ ඒ ගැන මා එක්ක කතා කළ කාන්තාව දිලීප මහත්තයගෙ නෝනා වෙන්න ඇති කියලා. අනේ ඉතිං මගෙන් ඇහුවා එයා කීයක් මේ වැඩේට ඕනෙද කියලා. මම කිවුවා ඒක එයාලටම තීරණය කරන්න කියලා. එහෙමනම් අපි තර්ටි තවුසන්ඩ් දෙන්නම් කිවුවා. මට ඔය ගණන් මිනුම් ඉංග්‍රීසියෙන් කිවුවට ඒ තරම් කල්පනාවක් වුණේ නැහැ. ඒ වෙලාවෙ මට හිතුනෙ ඒ කිවුවෙ දහතුන්දාහක් වෙන්න ඇති කියලා. මම මුකුත් කිවුවෙ නැහැ. දිලීප මහත්තයගෙ මූණට එහෙම ගණන් මිනුම් ගැන කතාකරන්න හරි නැහැනේ කියල හිතුණ නිසා. අන්තිමේ එයින් මට ලැබුණු ගණන අරන් නිකම් හිටියා.

    මට ජීවත්වීමට ක්‍රමයක් දැන් මා සතුව හරියාකරව නැති නිසා මම මේ ළඟදි දවසක විශ්‍රාම වැටුපක් අයදුම් කරන්න ගියා. එහිදී මට වයස වැඩියි කියලා ඒ කියන්නේ හැට දෙකක් කියලා විශ්‍රාම වැටුපක් දෙන්න බැහැ කිවුවා. එයාලගේ වයස් සීමාව හැට විදිහටලු තීරණය කරල තියෙන්නේ. ඉතිං මම ඒ අදහස අත්ඇරියා. නමුත් පෞද්ගලිකව එක් තරුණ මහත්තයෙක් මට මසකට එයා ගානේ ඒ රුපියල් හාරදහසක් ගෙවන්න පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ මුදල දැන් මාස තුනක් තිස්සේම මට ලබාදීලා තියෙනවා. මේ ළඟදී දවසක එයාගෙ නෝනගේ උපන්දිනය දවසේ මට වාහනය ගෙදරටම එවලා මාව එක්කගෙන ගිහින් මට හොඳ වටින ඇඳුම් කට්ටල දෙකක්ම තෑගි කරලා, මුදලුත් දීලා මාව ගෙදරටම ගෙනත් ඇරලුවා.

    කලාකාරයන් සහ කලාකරුවන් කියන්නේ එක කොටසක් නෙවෙයි, කොටස් දෙකක්. අපේ රටේ සීයට අනූවක් ඉන්නේ කලාකාරයෝ. නමුත් කලාකරුවන් අඩුයි. කලාව වෙනුවෙන් අත හිත දීලා තව පරපුරකට එන්න මග සලසන අය, තවත් කලාකරුවෙකුට කලාව වෙනුවෙන් අතහිත දෙන අය තමයි කලාකරුවො වෙන්නේ. ලංකාවේ එහෙම තරු නෑ. දැන් බලන්න මාලනී ෆොන්සේකා නිළි රැජින. නමුත් කාටවත් උදව්වක් කරල නෑ. එයා කලාකාරිනියක් මිස කලාකරුවෙක් නෙවෙයි. මට වැඩ නැතිවෙන්න හේතුව ඕනම දෙයක දොසක් දැක්කොත් මම නම් ගම් පිටින්ම කියනවා. ඒක ගොඩක් දෙනෙකුට දිරවන්නෙ නෑ. ඒ නිසයි මට වැඩ අඩු. කලාකාරයො වෙන්නෙ කලාව තමන්ගේ බඩ වඩාගැනීම වෙනුවෙන් විතරක් පාවිච්චි කරන අය කියලා මම හිතනවා. එහෙම අය තමයි බහුතරයක් හමුවෙලා තියෙන්නේ.

    අද මම මේ කඩා වැටී අබලන් වුණ ගෙදර මගේ සුරතලුන් එක්ක ජීවත් වෙනවා. මම මගේ කෑම වේල ගෙදර උයාගන්නෙ නැහැ. කඩෙනුයි ගෙනෙන්නේ. නමුත් මගේ හිතමිතුරන් විදිහට මගේ ළඟින් ඉඳගෙන මට තනියක් නොදැනෙන්න මාව ආරක්ෂා කරන, මට ඇත්තටම හිතවත් මේ බල්ලන් තුන්දෙනා වෙනුවෙන් මම ගෙදර උයනවා. උන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕන. මම නොකා හිටියත් මේ තුන්දෙනාට කන්න දෙනවා. බල්ලන් හත්දෙනෙක් හිටියා. වරින් වර මිය ගිහින් දැන් ඉන්නේ මේ කට්ටිය විතරයි. මම නාන වෙලාවට මට හදිසියේවත් දුරකථන ඇමතුමක් ඇවිත් ඒක නෑසෙන තැනක නම් මම ඉන්නේ, මේ එක යාළුවෙක් මට දුරකථන ඇමතුමක් ඇවිත් බව මහ හයියෙන් දැනුම් දෙනවා උඩු බුරලලා. මෙයා උඩු බුරනකොට මං දන්නවා ඒ මට දුරකථන ඇමතුමක් ඇවිත් කියලා. මෙයාලා තුන්දෙනාම රෑට නිදාගන්නේ මා එක්ක අර ලී තට්ටු උඩ. ඇත්තටම මිනිසුන්ට වැඩිය පුදුම කෙළෙහිගුණයක් තියෙන්නේ. පොඩි අසනීපයක් හැදුණත් මම මෙයාලට බෙහෙත් අරන් දෙනවා. මේ ගෙදරට ඇතුළු වෙන තැනම ඔය එල්ලලා තියෙන්නේ එයාලගෙ බෙහෙත්හේත්. මම නාන්නේ සන්ලයිට් ගාලා. නමුත් මෙයාලට බේබි සබන් ගාලයි නාවන්නේ. එක සතෙක්වත් මෙයාලාගේ ඇඟේ නැහැ. ඒ තරම් එයාලව පිරිසුදුව තියාගන්න මං වෙහෙසෙනවා.

    මං කලකට ඉහත කෑම ගත්තෙ සිංහල හෝටලයකින්. ණයට තමයි ඉතිං. මුදල් ලැබුණු ගමන් ණය ගෙවා දමනවා. ඒත් පස්සෙ මට එතැනින් කැම අරගන්න එක නවතන්න වුණා. හේතුව වැඩ කරන ළමයි මට පල නොකියා පලා බෙදන්න පටන් ගත්තු නිසා. ඊට පස්සෙ මම මුස්ලිම් හෝටලයකින් තමයි කෑම ගන්න පටන් ගත්තේ. ඒ කෑම කඩේ ඉතාම සැලකිල්ලෙන් මට කෑම ටික දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ විදිහට මගේ කෑම බිල අසූ හයදහසක් විතර වෙලා තිබුණා.නමුත් කවදාවත් සල්ලි ඉල්ලුවේ නැහැ. මට ළඟදී කොළඹ සන්නිය රඟපෑම් වෙනුවෙන් රුපියල් පනස් දහසක් ඇඩ්වාන්ස් ලැබුණා. මම එයින් ණයෙන් කොටසක් ගෙවන්න ගිය වෙලාවෙත් ඒ මුදලාලි ඇහුවා පනස්දාහක්ම දෙන්න සල්ලි අතේ තියෙනවද, නැතිනම් ඒක අපි හෙමින් බේරගමු කියලා. නමුත් මට ඔලුව නිදහස්වීම ඊට වඩා වටිනවා. ඒ නිසා මම එය ගෙවා දැම්මා. මං මේ කිවුවේ අපේ රටේ අපේ මිනිස්සු අපිට සලකන විදිහ මෙහෙමයි කියන්නයි.

    සමහරු අපිට නාට්‍යයකට මේක්අප් වෙනුවෙන් ගෙවන්නේ රුපියල් දෙදාහයි. ඇත්තටම වේදිකාවේ මේක්අප් වෙනුවෙන් ගැළපෙන්නේ ග්‍රීස් පේන්ට්. නමුත් දැන් අය කැමති පෑන් කේක් මේක්අප් තමයි. ඉස්සර අපි මේක්අප් වලට කවලම් කළේ පොල් තෙල්. නමුත් දැන් බේබි ඔයිල්. කාලය වෙනස්වෙලා. තවමත් මට මගේ රසිකයින්ගේ ආදරේ තියෙනවා. ඒ මම මුදලට යට නොවුණ මිනිහෙක් නිසා. මට නාට්‍ය ලෝකයේ ලැබුණ සම්මාන වගේම කලාභූෂණ සම්මානයත් ලැබිලා තියෙනවා. මම ඉතිං මේ අබලන්ව කඩා වැටුණු අංක 99, ශ්‍රී ගුණාලංකාර පාර, කලුබෝවිල දෙහිවල කියන ලිපිනයේ තමයි පදිංචිවෙලා ඉන්නෙ. 

     -නාලිකා රාජපක්ෂ

    2018-01-12-ent-04

    2018-01-12-ent-05

    2018-01-12-ent-06

    2018-01-12-ent-07

    ලංකාදීප සාරවිට අතිරේකයෙන් උපුටා ගත්තකි.

  • දෙවෙනි ඉනිමෙන් පසු මා මෙගා ටෙලි වලට එන්නේ නෑ – යොවුන් නිලි නයනතාරා

    දෙවෙනි ඉනිමෙන් පසු මා මෙගා ටෙලි වලට එන්නේ නෑ – යොවුන් නිලි නයනතාරා

    කලා ලොවට පිවිස වසර දෙකක්‌ වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය නයනතාරා වික්‍රමආරච්චිය.
     
     “රඟපෑම” ඔබේ සිතේ කුඩා කළ සිට පැවැති බලාපොරොත්තුවක්‌…
     
     ඇත්තෙන්ම ඔව්. මගේ ආශාව සහ දක්‍ෂතාව එළි දැක්‌වීමට අම්මා උපකාර කළා. ආරම්භයේදී වගේම හැම මොහොතේම ඇය තමයි මගේ සෙවනැල්ල වගේ ළඟින්ම ඉන්නේ. මම කලාව තෝරා ගන්නවාට මගේ පියා කැමති වුණේ නැහැ. නමුත් සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ සහ වැලිවේරිය මද්දුම බණ්‌ඩාර මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම මම කලාවට ඇති දක්‍ෂතාවන් සහ හැකියාවන් එළිදැක්‌වූවා.
     
     ඔබ කලාව පිළිබඳව ප්‍රවීණයන් යටතේ හදාරා ඒ ආභාසයන් රැගෙන රංගනයට පිවිසෙනවා…
     
     ඔව්. මම වසර කිහිපයක්‌ම නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදැරීම් සිදුකළා. “මායා ශක්‌ති රංග ශිල්ප ශාලිකාවේදී” කළ හැදැරීම් විශේෂිතව සිහිපත් කළ යුතුයි. ප්‍රවීණ කලා ශිල්පීන් වන ධර්මජීත් පුනර්ජීව සහ අනෝමා ජනාදරී මහත්ම මහත්මීන් මට කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරු හරුකම් ලබා දුන්නා. මේ රංග පාසලේදී එළිදැක්‌වූ “රැගෙන අවි මමද එමි” වේදිකා නාටකය වෙනුවෙන් තමයි මම මුල්වරට රංග ගත වෙන්නේ.
     
     රඟපෑම කියන විෂය සමඟ යම්තාක්‌ දුරකට “සන්නද්ධ” වූ ඔබ, මුල්වරට ටෙලි කැමරාවට මුහුණ දෙනවා…

    2015 දී තමයි මට ඒ අවස්‌ථාව උදාවෙන්නේ. ප්‍රවීණ කලා ශිල්පී, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්‍ෂණය කළ “හංස පිහාටු” ටෙලි සිත්තමේ “විහංගී” චරිතයට පණ පොවමින් තමයි මම පුංචි තිරයට ප්‍රවිෂ්ටය ලබා ගන්නේ. මෙය මට විශාල අත්දැකීමක්‌ වුණා. මම මගේ මුල්ම චරිතයට සාධාණය ඉටු කළා. සද්දාමංගල සූරියබණ්‌ඩාර මහතා ඇතුළු පිරිසගෙන් ලැබුණු සහායත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.
     
     “දෙවැනි ඉනිම” තව කොච්චර දුර ඇදී යයි කියලද ඔබ සිතන්නේ….?
     
     මම හිතන්නේ හොඳ අවසානයක්‌ දක්‌වා ඇදී යයි. සමහර විට එය අද හෙට හෝ නුදුරේදී විය හැකියි.
     
     ඔබ මින් මතුවට “මෙගා” සමඟ එකතු නොවන බව පැවැසුවා…
     
     ඔව්. දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ගණයේ ටෙලි සිත්තම. ඊට පසුව මම රඟපාන්නේ කොටස්‌ ගණනකට සීමාවූ නිශ්විත පිටපතකට අනුගත වූ හොඳ නිර්මාණ වෙනුවෙන්. 

    ඉකුත් වසරේ පැවැති සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මානිත වීමට ඔබ වාසනාවන්ත වුණා. .. ඒ ගැන…
     
     ඔව්. 2017 වසරේ පැවැති “රයිගම්” සහ “සුමති” සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට මට හැකියාව ලැබුණේ “දෙවැනි ඉනිමේ” සහ “ප්‍රාණ” ටෙලි සිත්තම් වෙනුවෙන් මා නිරූපිත රංගන දක්‍ෂතා නිසා කියා සිතනවා. ඒ ඇගයීම සහ සම්මාන මගේ රංගන ජීවිතයට ලොකු වටිනාකමක්‌ එකතු කළා. මේ සම්මාන දෙකම ලැබුවේ මම කලාවට ප්‍රවිෂ්aටවී ඉතාමත් කෙටි කලකින්. හැබැයි හොඳම නිළිය වීමේ බලාපොරොත්තුවත් සපුරා ගත යුත්තක්‌ව තිබෙනවා. මම ඒ වෙනුවෙනුත් ගමනක්‌ යනවා. මට මගේ රටේ ප්‍රේක්‍ෂකයන් ගොඩක්‌ම ආදරය කරන්නේ හදවතින්ම. එය හරිම සංවේදී අවස්‌ථාවක්‌. මම ඒ ප්‍රේක්‍ෂක ආදරයට නිබඳවම ගෞරව කරනවා වගේම පෙරළා ආදරය කරනවා.

    ඔබ වේදිකාවෙන් රඟපෑම ආරම්භ කළාට කල් යත්ම එය අමතක කළා යෑයි මා චෝදනා කළොත්…
     
     ඔබේ චෝදනාව සමඟ සම්පූර්ණයෙන්ම එකඟවීමට මා සූදානම් නැහැ. ඔව්. වේදිකාව වෙනුවෙන් මට බොහෝ ආරාධනා ලැබුණා. නුමත් මම ඒවා භාර නොගත්තේ මට මේ අවස්‌ථාවේ ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන සුවිශාල කැප කිරීම කරන්නට අපහසු තත්ත්වයක්‌ තිබෙන නිසා. විශේෂයෙන්ම කාලය. නමුත් වේදිකාව කියන්නේ රංගනයේ තාත්විකත්වය විද්‍යාමාන කළ හැකි සහ ඒ පිළිබඳව උගත හැකි අපූරු ස්‌ථානයකට. ඔව්. මම ඒ තැන පසුකර මේ ගමන යන්නේ නැහැ. ඉදිරියේදී කෙසේ හෝ කාලය කළමනාකරණය කර ගනිමින් දායකත්වය ලබා දෙන්නට මා උත්සුක වෙනවා.
     
     රඟපානවා සහ පෙනී සිටිනවා කියන්නේ දෙකකට නේද…?
     
     ඔව්. නමුත් මම මෙතෙක්‌ කළේ රඟපෑම. ඒත් රඟපෑම කියන්නෙත් රඟපෑමකටම නොවිය යුතුයි. අපි කළ යුතුව ඇත්තේ ලැබෙන චරිතය තුළ ජීවත්වීම. මම ඒ වෙනුවෙන් ලැබුණු සෑම අවස්‌ථාවකදීම යහපත් උත්සාහයක නියෑළුණා. මම මුලින් කීවා වගේ ඒක ප්‍රේක්‍ෂක ඇසින් බැලිය යුතුයි. අපි නිර්මාණ වෙනුවෙන් දක්‌වන රංගන දායකත්වයට ගල් සහ මල් වගේම විචාර, අවිචාරත් ලැබෙනවා. ඒවා භාර ගැනීමට සහ ශක්‌තියක්‌ කර ගනිමින් ඉදිරියට යැම තමයි කළ යුතුව තිබෙන්නේ.
     
     ඔබ රඟපෑමේදී සීමා මායිම් සලකුණු කර ගත් ශිල්පිනියක්‌ද…?
     
     ඔව්. එය එසේ සිදුවිය යුතුයි. මට ලැබෙන පිටපතට අනුව චරිතය ගොඩනඟා ගන්නවා වගේම මගේ වටපිටාවේ රඟපාන පිරිස සහ අධ්‍යක්‍ෂවරයා පිළිබඳවත් මට හොඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. චරිතය ගොඩනඟා ගැනීමට මානසික නිදහසක්‌ ඉතාමත් වැදගත්. එසේ නොමැතිව ‘සිනමා හොරු’ සමග සිට ගන්නට මම සූදානම් නැහැ. මම සිනමාව වෙනුවෙන් දක්‌වන දායකත්වයේදී නිෂ්පාදකවරයා ආරක්‍ෂා කර ගැනීම ගැනත් කල්පනා කරනවා. මම මේ ක්‍ෂේත්‍රයට නවකයකු වුණත් මේ කලාව සහ එහි සැරි සරන ප්‍රවීණයන් පිළිබඳවත් මට හොඳ අවබෝධයක්‌ තියෙනවා. මම ඔවුන්ව හොඳින් ආශ්‍රය කර තිබෙනවා. අද හුඟක්‌ අය ඉන්නේ කලාව ගැන කල කිරිලා. කලාකාරයා කියන්නේ කොහොමටත් සංවේදී චරිතයකට. ඇත්තටම අපේ රටේ තිබුණු කලාවේ ස්‌වර්ණමය යුගය අහිමිවීම ලොකු අපරාධයක්‌.
     
     දැන් රඟපෑම කියන්නේ ඔබේ රැකියාවටද…?
     
     නැහැ. කොහෙත්මනැහැ. ඔළුව කෙළින් තියාගෙන නිදහස්‌ වටාපිටාවක කලාව කරන්න තමයි මගේ කැමැත්ත. නමුත් මේක මගේ රැකියාව කර ගන්නේ නැහැ. සමහර විට ඉදිරියේදී මම ව්‍යාපාරයක්‌ පටන් ගනිවී. කලාවේ දිගටම රැඳී සිටියොත් ඒ සිනමාවට මුල්තැන ලබා දෙමින් තමයි.
     
     ආදරය සහ විවාහය ගැන මොන විදිහටද හිතන්නේ…
     
     මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ සහ දෙමාපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙන නිසා වෙනත් විශේෂිත වූ ආදරයක්‌ මේ මොහොතේ මට නැහැ. මට එහෙම අඩුවක්‌ දැනිලත් නැහැ. නමුත් බැඳීම් නැතිව කිසිවකුට ජීවත්වෙන්aනත් බැහැ. ඉතිං… කවදාහරි දවසක ජීවිතයේ සිදුවිය යුතුම දේවල් මටත් ඒ ආකාරයෙන්ම අත්විඳින්නට සිදුවෙයි.

  • දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…

    දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…

    අංජලී ලියනගේ 

    එහෙම කියනවට වඩා දෙවෙනි ඉනිමෙ දෙවුමිගෙ අම්ම එහෙමත් නැත්තම් ආනන්දගෙ ප්‍රිය බිරින්ඳෑ කිව්වම තමා හැමෝටම එක පාරටම මතක් වෙන්නෙ.ඉතිං සුපිරි ගොසිප් අපි හිතුවා අද අංජලීට කතා කරන්න.

    මේ දවස් වල අංජලී මොනවද කරන්නෙ කියල බලන්න අපි මුලින්ම අංජලීගෙ මුහුණු පොතට එබිල බලද්දි,

    මිදුලේ මල් සූරිය ගහ මුදුනේ

    රන් අරුනළු නැඟිලා…

    අත්තෙන් අත්තට මල් හිනැහෙනවා 

    ඉර මඬලට හැරිලා…

    කියල හරි අපූරු පද පළක් අංජලී එයාගෙ මුහුණු පොතේ සටහන් කර තිබුණා.සුජීව ප්‍රසනආරච්චිගේ ජනප්‍රියම නවකතාවක් වූ බොඳ මීදුම් නව කතා පොතේ මුල් කවරය හැඩ ගන්වපු සුන්දර තරුණියක් වුණු ඇය අද ජනකාන්ත රංගන ශිල්පිනයක්, ඉතිං අපි ඇය ගැන තවත් විස්තර ගැන අහන්නත් එක්ක අංජලීගෙ ෆෝන් එකට ඇමතුමක් ගත්තා …

    සුභ උදෑසනක් වේවා අංජලී, අපි සුපිරි ගොසිප් සයිට් එකෙන් කතා කරන්නෙ කියල අපි කතාව පටං ගනිද්දි අංජලීත් බොහොම සුහදව අපි එක්ක කතා කලා…. මුලින්ම අපි ඇහුවෙ අංජලී ලියල තිබ්බ පද පෙල ගැන ඒකට අංජලී දුන්නෙ මෙහෙම උත්තරයක් ” මං අද උදේම නැගිටල ජනේලෙන් එළිය බලද්දි හරි ලස්සනට පෙනුනා ඉතිං  ඒ වෙලාවෙ හිතට ආපු එක ඔහේ ෆේස් බුක් එකේ ලියල දැම්මා” කියලයි.එතනින් එහාට අපි අංජලී ගැන තව විස්තර ගොඩක් අහගත්තා.

    අංජලී මොනවද මේ දවස් වල කරන්නෙ – 

    ම්.. මේ දවස් වල නම් දෙවෙනි ඉනිමත් එක්ක තමයි දිගටම වැඩ කරන්නෙ.ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයගෙ රන් බැඳි මිනිස්සු ටෙලි නාට්‍යය මේ අවුරුද්දෙ පටං ගන්නවා.

    අපි සිනමාව තුල අංජලීව දැක්කෙ නෑ –

    ඇත්තටම මට සිනමාවට ගොඩක් ආරාධනා ලැබිල නෑ මම ඇඩ්‍රස් නෑ චිත්‍රපටියෙයි ආදරණීය කතාවක් චිත්‍රපටියෙයි රඟපෑමෙන් දායක උනා ඒත් ඒව ප්‍රධාන චරිත නම් නෙමේ ඒ වුනත් වැඩක් කරන්න පුළුවං චරිත.ආ තව ඉස්සරහට එන්න තියෙන ගෝත්‍රා කියන චිත්‍රපටියේත් ලංකාවෙ ඉන්න ප්‍රවීනයො බොහෙමයක් එක්ක වැඩ කරා. ඒක  ගෝත්‍රික කතාවක් ඉංදියාවෙන් ආපු අධ්‍යක්ෂක වරයෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නෙ.ඒකටත් මම දායක උනා ..ලොකූ දායකත්වයක් දෙන්න ලැබුනෙ නෑ මට සිනමාව වෙනුවෙන්.මොකද මං දන්නෙ නෑ මට ආරාධනා ලැබුනෙ නෑ

    ඉදිරියට සිනමා නිර්මාණ වලට ආරාධනා ලැබුනොත් චරිත තෝරා බේරා ගෙනද භාරගන්නෙ –

    අනිවාර්යයයෙන්ම ඕව්.

    සාමාන්‍යයෙන් කතාවක් තියෙනව ක්ෂේත්‍රයට එනකොට හා රැදී ඉන්න නම් අධ්‍යක්ෂක වරුන්ගෙ නිශ්පාදක වරුන්ගෙ නොයෙක් බලපෑම් වලට යටත් වෙන්න ඕන කියල ඒක ඇත්තද? 

    මම නම් හිතන්නෙ නෑ කවුරුත් අපිව බලෙන් එහෙම දේකට  පොළඹවා ගනී කියල.එක එක්කෙනාගෙ හැසිරීම හා කැමැත්ත මත තමයි ඒ දේවල් වෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.බලපෑම් කියන ඒව එන්නැති විදිහට ජීවත් වුනොත් අපිට කවුරුත් වචනෙකින් වත් ඒ විදිහෙ දේවල් කරන්නෙ නෑ.මං හිතන්නෙ අපේ අකමැත්තෙන් කවුරුත් එහෙම බලපෑමක් හෝ අයුතු යොජනාවක් කරන්නෙ නෑ. 

    අංජලී ලියනගේ කලා ක්ෂේත්‍රයේ ඉතා  හොඳ නමක් තියාගෙන ඉන්නවා අනිත් බොහෝ දෙනෙක් වගේ ගොසිප් මවල නෑ – 

    අපි හොඳ බුද්ධිමත් භාවයකින් ඉන්නවනම් මේ කලා ලෝකය ඇතුලෙ කොහොමද ඉන්නෝන කියල මං හිතන්නෙ අපිට එහෙම කරදර වලට මූන පාන්න වෙන්නෙ නෑ.මුලින්ම අපි කලාවට ගරු කරන්න ඕන.සමහරු තමන්ගෙ ජනප්‍රියත්වය වැඩි කරගන්න කියල තමන්ගෙ කැමැත්තෙන්ම ගොසිප් හදාගන්නවා ඒත් එකෙන් එහෙම වෙන්නෙ නෑ, වෙන්නෙ ක්ෂේත්‍රය ගැන බාහිරින් බලන අයට නරක හැඟීමක් එන එක විතරයි.ඇත්තටම මම නම් ජනප්‍රියත්වයට ආස කෙනෙක් නෙමේ මට තියෙන එකම සතුට ප්‍රේක්ෂකයින් මගෙ නිර්මාන බලල සතුටු වෙනවනම් ඒක විතරයි.කලාවට ගෞරව කරල අපිත් එක්ක එකට වැඩ කරන අධ්‍යක්ෂල නිශ්පාදකල ඇතුළු කාර්ය මණ්ඩලයට හා සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හරියාකාරව ගරු කරල ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවං.

    පහුගිය දවස් වල අපේ නිළියො තමන්ගෙ උපන්දින වලට ලොකු ප්‍රසිද්ධියක් දීල පාටි දාන රැල්ලක් තිබුනා.. ඔබ ඒ රැල්ලට නැද්ද එහෙම නැත්තම් ඔබට උපන් දිනයක් නැද්ද?

    අපොයි මට උපන්දිනයක් තියෙනවා ඒක මම මගෙ පාසල් කාලෙ යාළුවො ළඟම හිත මිතුරො හා පවුලේ අය එක්ක සමරනවා.සාමාන්‍ය ගැහැනියෙක්ට තියෙන ආසාවල් මටත් තියෙනවා ඒත් ඒක රැල්ලට කරන එකක් විදිහට මං කරන්නෙ නෑ…මම සමරන දේ ලොකෙටම කියන්න මට ඕන නෑ… මම එහෙම කරද්දි එහෙම කරගන්න බැරි අයට දුක හිතෙනවා ඒ නිසා මම මගෙ නැදෑ හිත මිතුරො එක්ක ඒ දවස බෙදා ගන්නවා.  කොටින්ම කාලෙන් කාලෙට එන ඇඳුම් විලාසිතාවක් වුනත් මට ගැලපෙනවනම් මං ඒ ෆැෂන් එක එන කාලෙට ඒක කරන්නෙ නෑ.පස්සෙ ඒක හොඳයි කියල හිතුනොත් කරනවා.

    අංජලී ලියනගේ බෞද්ධ දර්ශණය අනුව හැඩගැහුන කෙනෙක් බෞද්ධ දර්ශනයේ මගෙ පෙන්වීමෙන් ඔබේ ජීවිතය හදාගත්තෙ මොන විදිහටද?

    මම ලබන ආත්මෙ ගැන විශ්වාස කරනවා … ඒ වගේම පෙර ආත්මයත් තව කර්ම පඩිසන් දෙනව කියන එකත් විශ්වාස කරනවා… මම අපායෙ යන්න බයයි.මේ ආත්මෙ මට මොනව හරි නොලැබුනානම් ඒ ගිය ආත්ම බව වල මං එකතු කරපු පවු පිං නිසා තමයි මට මේ ලැබුණු ජීවිතේ හොදයි.ඒත් ඊලඟ ආත්මෙ මීටත් වඩා හොඳ වෙන්න කියල හිතාගෙන මගෙ අතින් පවක් නොවෙන විදිහට වැඩ කරනවා.දැන් ඉදලම යන තැනකට හොඳ දේවල් කරගන්න තමයි මම කැමති.මම ජීවත් වෙන්නෙ මම හෙට මැරෙයිද දන්නෙ නෑ කියල හිතාගෙනයි.මම හිතන්නෙ අපි එහෙම ජීවත් වෙනකොට අපි අතින් කිසි වැරැද්දක් වෙන්නෙ නෑ.

    අංජලී 2017 අවුරුද්ද ඔබට කොහොමද?

    එහෙම විශේෂයක් නෑ කලාකටයුතු එක්ක ගෙවුනා.ඊට අමතරව මම මගේ ව්‍යාපාර කටයුතු ගැන අලුතින් හිතන්න පටං ගත්තා… ඒ විදිහටම 2018ත් කාටවත් කරදරයක් නැති වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ඒ කියන්නෙ 2018ටත් ඉලක්කයක් නෑ .. එන විදිහට මූන දෙනව කියන එකද?

    ම්… ඉලක්ක කියන ඒව තියෙන්න ඕන ඒත් මං එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියල මං හෙට මැරෙයිද දන්නෙ නෑ කියල හිතාගෙන ජීවත් වෙන කෙනෙක් කියල කලිනුත් කිව්වෙ ඒකයි.ඒ නිසා ලොකු බලාපොරොත්තු තියගෙන ඉන්නෙ නෑ එහෙම උනොත් අපි කවදහරි මැරෙන වෙලාවට අපිට ඒ දේට මූන දෙන්න වෙන්නෙ දුකෙන්.

    අවසාන වශයෙන් ඔයාගෙ රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නෙ ?

    මගෙ රසික රසිකාවියන්ට මම ගොඩක් ආදරෙයි.මම අද යම් තැනක ඉන්නවනම් ඒ ඔවුන් නිසයි.මග තොටදී හමුවෙලා හරි ෆේස් බුක් එකේ හරි ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරි ඉහලයි.මං කරපු චරියක් ගැන මං ඒක හොදට කරල තියෙනව කියල කියද්දි ඇත්තටම හරි ආසාවක් දැනෙනවා.ප්‍රේක්ශකයො නිසා තමයි අද අපි මෙතන ඉන්නෙ ඇත්තටම ඔවුන් නැත්තම් ඔයා වුනත් අද මට මෙහෙම කෝල් එකක් දෙන්නෙ වත් නෑ නේද?ඒ නිසා මං හිතනවා රසික රසිකාවියො තමයි අපිට ගොඩක් වැදගත් ඒ නිසා ඒ ගොල්ලන්ට ගොඩක් ආදරෙයි.මං ඒ ගොල්ලන්ට හදවතින්ම ස්තූති කරනවා.

    මෙච්චර කාලෙකට ගොසිප් සයිට් එකකට කියල අංජලී දුන්න පළවෙනි සාකච්ඡාව සුපිරි ගොසිප් අපි එක්ක කියල අපි ඔබට ඉතා සතුටින් දන්වන්න කැමතියි….

    ඔන්න ඔය විදිහටයි අංජලී සුපිරි ගොසිප් අපිත් එක්ක එයාගෙ විස්තර බෙදා ගත්තෙ… අංජලීට කැමති ඇගේ රසික රසිකාවියන් වන ඔබට බලන්න ඇගේ ලස්සන පිංතූර ටිකක් පහතින් 

    Image may contain: 1 person

    Image may contain: 1 person, smiling

    Image may contain: 1 person, smiling, standing

    Image may contain: 1 person, closeup

    Image may contain: 1 person

    Image may contain: 1 person, smiling, closeup

    Image may contain: 1 person, closeup

     

    Image result for Anjalee Liyanage

     

     

     

     

     

  • ලිංගික වද හිංසා වලට  විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි

    ලිංගික වද හිංසා වලට විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි

    පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය  තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය. 

    එම සිදුවීම්වලින් පසු හොලිවුඞ් සිනමාවේ පැවැති ප්‍රධානතම සම්මාන උළෙල වූයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලයි. ලිංගික පීඩා, හිංසා ආදියට පත්වූ නිළියන්ට හා කාන්තාවන්ට ගෞරව කිරීමක් එම කාන්තාවන්ට සිදු වන ලිංගි හිරිහැරවලට විරෝධය පෑමක් ලෙස රාත්‍රියේ පැවැති සම්මාන උළෙලට සහභාගී වූ නිළියන්ගෙන් බහුතරයකට වැඩි දෙනකු කළු පැහැති ඇඳුම්වලින් සැරැසී සහභාගී වූ බව ද ඒ.එෆ්.පී සහ රොයිටර් ඇතුළු විදෙස් මාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කර තිබිණි. 

     ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ හොලිවුඞ් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි. මෙම සම්මාන උළෙල ඔස්කාර් සම්මාන උළලේදී සම්මාන හිමි කරගනු ඇතැයි අපේක්ෂිත චිත්‍රපට සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙන්නක් මෙන්ම ඔස්කාර් සම්මාන උළෙලට එක් නිර්නායකයක් ලෙසින් ද සැලකෙයි. ඔස්කාර් එසේත් නැතිනම් ඇකඩමි සම්මාන උළෙල ලබන මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතය. 
    ලොව පුරා අසාධාරණයට, වදහිංසා හා පීඩාවලට මෙන්ම ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වන කාන්තාවන් රැකගැනීම සහ එවැනි ක්‍රියාවලට විරෝධය පළ කිරීම ඉලක්ක කරගනිමින් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්මාන උළෙල අවස්ථාවක් කරගැනීමට ද හොලිවුඞ් නිළියෝ කටයුතු කළහ. ඊට නළුවන්ගේ ද සහාය හිමිව තිබිණි.කාලය අවසන් ‘ටයිම්ස් අප්’ සහ මමත් ‘මී ටූ’ යනු එම වැඩසටහන් දෙකකි. ඒ වෙනුවෙන් පළඳනයක් තිබූ අතර නිළියන් මෙන්ම නළුවන් ද එම පළඳනය ඔවුන්ගේ ඇඳුම්වල රඳවාගෙන තිබූ අයුරු දක්නට ලැබිණි.

    හොලිවුඞ් විකට නළුවකු සහ දේශපාලන විචාරකයකු වන සෙත් මේයර්ස් සම්මාන උළෙල ආරම්භ කළේද “නෝනාවරුන්ගෙන් සහ ඉතිරි මහත්වරුන්ගෙන් අවසරයි” යනුවෙන් ඉංග්‍රිසි බසින් ප්‍රකාශ කරමිනි. සම්මාන ලැබූ නිළියෝ සියලු දෙනාම ප්‍රචණ්ඩත්වය, ලිංගික හිරිහැර යනාදියට විරෝධය පළ කළහ. 

  • සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

    සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

    ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා රංගන ශිල්පිණි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.  ඇය හා අතිනත ගත් ෂෙහාන් පෙරේරාගේ ජන්ම දිනයද විවාහ දිනට යෙදී තිබීම විශේෂ සිදුවීමක් වුණා. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන් , දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් පැමිණ සිටියා.

    ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ අතර මධු සමය සඳහා නව සියල්ලන්ගේම ප්‍රීතිඝෝෂා මධ්‍යයේ නව යුවල එම රථයෙන් පිටත්ව ගොස් ඇත.

  • දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ ආදරය කල අමන්දා අවසාන තෙවෙනියා සමගින් අප්‍රසිද්ධියේ විවාහ දිවියට…

    දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ ආදරය කල අමන්දා අවසාන තෙවෙනියා සමගින් අප්‍රසිද්ධියේ විවාහ දිවියට…

    නිරූපණ ක්ෂේත්‍රයේ නමක් රැන්දු ඇය අමන්දා සිල්වා, ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇතිවුයේ එක්වරම ඇය විවාහ ගිවිසගත් බවට පළවූ පුවතක් නිසයි. කෙසේ වෙතත් විවාහ ගිවිස ගැනීමෙන් පසු පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් මෙතෙක් කලක් අප්‍රසිද්ධව සිටි සිය සැමියා පිළිබදව අමන්දා හෙළිකර තිබුණා.

    එම සංවාදය පහතින් ,

    විවාහ ගිවිසගත්තෙ හදිස්සියේද?

    කාලය අරගෙන, එයාව ආශ්‍රය කරලා තේරුම් අරගෙන, ගෙදර අයත් එක්ක කතාබහ කරලා තමයි විවාහ ගිවිසගත්තේ.

     ජීවිතේ සම්පූර්ණයි කියලා හිතනවද?

    ගැහැනු ළමයෙක්ට අවශ්‍යම දෙයක් තමයි විවාහය කියන්නේ. හොඳම, මට ගැළපෙනම කෙනා ලැබුණ නිසා මට සතුටුයි. එයා දැන් අයිතිකරගත්තට පස්සේ දැනෙන්නේ ලොකු නිදහසක්. ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙනවා.

    ඇයි විවාහ ගිවිසගන්නකම් ඔබේ පෙම්වතා රහසක් ලෙස තියාගත්තේ?

    ඒ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න ගියහම ප්‍රශ්න ඇතිවෙනවා. මට කලින් ඒ වගේ ගැටලු ඇතිවෙලා තියෙන නිසා මම පාඩමක් ඉගෙන ගෙන තමයි මම මේ සම්බන්ධය රහසක්ව තියාගත්තේ. මට එයාව නැති කරගන්න බෑ. ඒ තරමටම එයා මගේ ජීවිතේට විශේෂයි. ඒ නිසා මේ ගැන කාටවත් කියන්නේ නැහැ. මම විතරක් ඒක දැනගත්තාම ඇති කියලා හිතුණා.

    අමන්දා ළඟින් හිටපු අයත් මේ ගැන නොදැන සිටියද?

    නැහැ. මම ළඟින්ම ආශ්‍රය කරන අය ඔහු ගැන දන්නවා. මාධ්‍යවලට තොරතුරු යන්න දුන්නේ නැහැ.

    කවදද විවාහ උත්සවය ගන්න සැලසුම් කරලා තියෙන්නේ?

    විවාහ උත්සවයත් මේ වගේම රහසක්. තාම අපි ඒ ගැන සැලසුම් කරනවා. මේ දවසට එය වේවි කියලා කියන්න බෑ. බොහෝ විට ලබන වසරේ විවාහ උත්සවය ගන්න බලා‍පොරොත්තු වෙනවා.

    අමන්දා හිතනවද ඔබට ගැළපෙන කෙනා ජීවිතේට මුණගැහුණා කියලා?

    ඔව්. අනිවාර්යයෙන්ම හිතනවා. ආදරය කරන කෙනා නිසා සිත් රිදවීම් වෙනවා නම් විඳවන්න වෙනවා නම් සම්බන්ධය අරගෙන යනවට වඩා හොඳයි නවත්වන එක. ආදරය විඳින්න පුළුවන් නම්, හිත සතුටෙන් තියාගන්න පුළුවන් නම් ඒ කෙනා තමයි අපට හරියන්නේ. මට ඔහුගෙන් ඒ හැමදේම ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ඔහු තමයි මට ගැළපෙනම කෙනා කියලා. ගෙදරින් ආශීර්වාදය ලැබුණු නිසා ඒ අයත් හිතනවා මම හරියන කෙනා තෝරාගත්තා කියලා.

    කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

    ඔහු තමයි මුලින්ම මට ආදරය ප්‍රකාශ කරන්නේ.

    අමන්දා ඔහුට කැමැති වුණාද?

    මුලින්ම කැමැතියි කියන්න ගියේ නෑ. කෙනෙක්ව ආශ්‍රය කරන්නේ නැතුව ඔහු මට ගැළපෙනවාද කියලා තීරණය කරන්න බැහැ. කාලයක් ගත්තා මම. ඒ වගේම මම මගේ ගෙදර අයත් එක්ක මේ ගැන කතා කළා. ගෙදර අය ඒ ගැන හොයලා බලන්න කාලයක් ගත්තා. ඒ අය කැමැත්ත පළ කළා. ඊට පස්සේ තමයි මම ඔහුට කැමැති වෙන්නේ. එයාව ආශ්‍රය කරද්දී තේරුම් ගියා තෝරගත්ත කෙනා නිවැරදියි කියලා.

    ඔහුට කැමැති වෙන්න විශේෂ හේතුවක් වුණේ මොකක්ද?

    මම ආදරය කරනවා වගේ ඔහුත් මට ආදරය කළා. එයා මම වගේ. මගේ හිත රිද්දන්නේ නැහැ. මම රණ්ඩු කළත් එයා දන්නවා ඒ රණ්ඩුව නවත්වන්න. මට ප්‍රශ්නයක් වුණහම ඒ දේ විසඳගන්න ඔහු උදව් කරනවා. පෙනුමට මම ගොඩක් කැමැතියි. මට එයා ගැන කියන්න වචන නැහැ.

    විවාහයෙන් පස්සේ ඔබ නිරූපණයේ යෙදෙනවට ඔහුගෙන් තහංචියක් නැද්ද?

    කිසිම තහනමක් නැහැ. මොකද එයා දන්නවා මම ඒ වැඩේ කරලා ඒ දේ ඉවර වුණහම ගෙදර එනවා කියලා. නිරූපණයේ දී විතරයි මම නිරූපිකාවක් වෙන්නේ. ගෙදරදී මම සාමාන්‍ය කෙනෙක්. ඒ දේවල් දැකලා අහලා තියෙනවා. මම කතාවක් අහගන්නෙ නැතුව මගේ වැඩ කරගෙන යනවා කියලා. මම හරි දේ කරන්න දන්න නිසා මගේ වැඩවලට ඔහු උපරිම නිදහස දීලා තියෙනවා.

    ඔබ නිරූපණයේ යෙදෙනවා ඔහු නරඹන්න ඇවිත් තියෙනවද?

    ඇත්තටම එයාට එන්න හම්බවෙලා නැහැ. මොකද එයා විදේශගත වෙලා ඉන්නේ.

    විවාහයෙන් පස්සේ ඔබ විදේශගත වෙනවද?

    විවාහයෙන් පස්සේ යනවා. මගේ පවුල එතැන තියෙන්නේ. ඒ නිසා මම ඒ කැපකිරීම කරන්න කැමැත්තෙන් ඉන්නේ.

    නිරූපණ කටයුතුවලින් ඈත් වෙන්න වෙනවා නේද?

    මට හිතුණොත් මම එහෙම කරාවි. නමුත් ඔහු මට කොයිම වේලාවකවත් බලපෑම් කරන්නේ නැහැ නිරූපණයෙන් ඉවත් වෙන්න.

     


    සංවාදය : තිළිණි කරුණාරත්න/ රිවිර

  • නාමල් අයියා හොදායි.. බොන්නෙත් නෑලු..පෙම් සභදතාවයේ ඇත්ත නැත්ත මාධවී ඇන්තනි හෙළිකරයි .!

    මාධවී ඇන්තනි.. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා, නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ  කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ. මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් , නාමල් රාජපක්ෂ අතර තිබෙනවා යැයි කියූ ප්‍රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා. පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා, 

    එම සංවාදය පහතින් 

    මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ?
    ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නෑ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක. මගේ පශ්චාත් උපාධියේ වැඩත් කරනවා. නිවේදන, රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒවගේම මම උයන්නත් ගොඩක් කැමතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

    අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
    නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තවත කෙනෙක් වෙන්න පුලුවන්. ඒ සුවිශේෂීත්වයටත් මං ආසයි.

    අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් එහෙම සම්බන්ධ වෙන්නේ?
    එහෙම සීමාවක් නෑ. වෙනත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැලපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.

    දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද?
    ඔව්. දැන් කළින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවනේ වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා.

    අප්පච්චි මාධවීට සීමා පනවලා තියෙනවාද?
    නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නැහැ. නිර්මාණයකට මම කැමති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා සීමා කරලා හදලා නෑ.

    මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරගයක් නැද්ද?
    නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරගයක් නැහැ.

    පසුගිය කාලේ මාධවීගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා?
    ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.

    ඇත්තටම නාමල් එක්ක මාධවීගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද?
    එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නෑ.

    එතකොට මේ පැතිරෙන කතා බොරු?
    ඔව් නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තිනේනේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.

    එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද?
    මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චීගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නාගේ ආදරය මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බෑ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්නම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.

    මාධවීගේ ජීවිතේ සුවිශේෂී දවසක් ලඟදීම උදාවෙයිද?
    විශේෂ දවසක් එයි. ළඟදී කියලා සැලසුමක් නෑ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

     



    [rns_reactions]

  • රංගන ශිල්පී රොෂාන් පිලපිටිය 22 හැවිරිදි නිරූපන ශිල්පී රිද්මා සමග යුග දිවියට..

    රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගිය දා විවාහ දිවියට පිවිස තිබුනා. ඒ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් වන රිද්මා දිසානායක සමගින්.

    22 වියේ පසුවන රිද්මා සමඟ රොෂාන් පිලපිටය මාස කිහිපයක ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇති බවද සමාජ ජාලාවල වාර්තා කර තිබුනා. එසේම ජනප්‍රිය නිලි චතුරිකා පීරිස් සමගින්ද මීට රොෂාන් පිලපිටිය මීට පෙර පෙමින් බැඳී සිටියා.

    [rns_reactions]

  • “චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

    කොයි තරම් හැකියාවන් තිබුණත් පිළිගැනීමක් තිබුණත් ඒ හැමදේටම වටිනාකමක් එකතු වෙන්නේ කෙනෙකුගේ තියෙන නිහතමානීකමෙන්.

    රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඒ වගේ කෙනෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ.

    රටක් දන්න සොඳුරු කලාකාරයෙක් මේ ලෝකෙට බිහිකරලා ඔහුව සාර්ථක පාරක යවන්න අම්මා කෙනෙක් මොන තරම්නම් කැපකිරීමක් කරනවද..?

    මේ ඒ සොඳුරු ගායකයා ගැනත් ඔහුගේ මව ගැනත් සතිඅන්ත පුවත්පතක පලවී තිබූ අපූරු සටහනක්.

    ඈත දියඹේ සැඩ කුණාටු, සුළි සුලං, චණ්ඩ මාරුතවලින් කොච්චර නං නෞකා අතරමං වෙනවා ඇත්ද?
    ඒ මහා නෞකාවලට යන්න හරි පාර කියලා දෙන්නේ ගොඩබිමේ ඉන්න ප්‍රදීපාගාරය.
    නෞකා විතරක් නෙමෙයි. සාගර ජීවින් පවා මේ ප්‍රදීපාගාරයට අවනත වෙන්නේ නන්නාඳුන මහා සාගරේ පාර කියන එකම කෙනා එයා නිසා.

    සමහරු කියනවා සතර දිසාවට විශාල ආලෝක කදම්භ විහිදුවට ප්‍රදීපාගාරය යට කළුවරයි කියලා.
    ඔව්. ප්‍රදීපාගාරය යට කළුවරයි. ඒත් ඒ ප්‍රදීපාගාරය රාත්‍රියට කොච්චර නම් අයට පාර කියනවා ඇත්ද?
    අම්මලත් හරියට මේ ප්‍රදීපාගාරය වාගේ. තමන්ගේ ජීවිතේ මොන තරම් දුක්ඛ ‍දෝමනස්සයන්ගෙන් කළුවර වුණත් ඒවා ඉවසා දරාගෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අම්මලා කොයිතරම් නම් වෙර දරනවා ද?
    ගොඩක් අය ජීවිතේ ගැන කතා කරද්දි “ජීවිතේ කියන්නේ තක්සලාවකට” කියලා කියනවා.
    මම කියනවා ජීවිතේ තක්සලාවක් නම් අම්මා කියන්නේ ඒ තක්සලාවේ දිසාපාමොක් ඇඳුරුතුමාට කියලා.
    මොකද දරුවෙක් නව මාසයක් තිස්සේ උදර කුහරේ දරාගෙන විඳපු දුක වගේම ඒ දරුවා ලෝකේ එළිය දැකපු දවසේ ඉඳන් දියුණුවේ හිනිපෙත්තටම නඟින්න ජීවිත කාලෙම කැප කරන, පාර කියන තාරුකාව වෙන්නේ අම්මා මිසක් වෙන කවුද?

    “මම මෙතනට ආවේ ලොකු කට්ටක් කාලා. මේ එන ගමන ඇතුළේ ගොඩක් කලකිරීම්, හිත් රිදීම් වුණා.
    මම රුපියල් 300ටත් සින්දු කියපු කාලයක් තිබුණා. ඒ දේවල්වලින් පහුබහින මාව දිරිමත් කළේ මගේ අම්මා.
    මට ජීවිතේ ඉවසීම පුරුදු කළේ මගේ අම්මා.” තමන්ගේ අම්මා ගැන කියන්න මොනාහරිම දෙයක් හැම ළමයෙක්ටම කියනවා.

    ඒ පුතාටත් අම්මා ගැන කියන්න දෙයක් තිබුණා. ඒ වචනවලට විතරක් සීමා වුණ නිර්වචනයක් නෙමෙයි.
    හදවතේ හැඟීම් වචනවලට කාවද්දලා වර නඟපු වචන පෙළක එකතුවක්. කලකට පෙර ලංකාවේ ප්‍රසංග වේදිකාව බටහිර පන්නයට නතුව තිබුණි.
    එකල රසවින්දනයට නතු වූයේ බටහිර ආභාසය සහිත රොක් හිපොප් ශෛලියට අනුගත රිද්ම රටා මෙන්ම ඉන්දියානු හින්දුස්ථානී ආභාසය ඇසුරු කොටගත් හින්දි ගීතය.

    ප්‍රසංග වේදිකාවේ රසිකයන් ඔල්වරසන් දුන්නේද උරුවම් බෑවේ ද ඒ හරසුන් රිද්ම රටාවන්ටය.
    එය වෙනත් මඟකට යොමු කළ පුරෝගාමීන් අතර චාමර වීරසිංහ යනු රසික ජනාදරය දිනූ ප්‍රමුඛ පෙළේ හඬ පෞරුෂයකි.

    වෙන කවුරුත් නෙමෙයි ඒ වචන පෙළේ අයිතිකරුවත් ඔහුම තමයි.

    තමන්ගේ අම්මා ගැන පුතාගේ මේ කියවීම් ඇතුළේ අපි ඒ අම්මාව හොයන්න පටන්ගත්තා.
    චාමරට ජීවිතේ ආපිට හැරෙන්න තීරණය කරපු තැන්වලදී ජීවිතේ කියන්නේ දියුණුවට විතරක් නෙමෙයි නින්දා අපහාස, පසුබැසීම් කියන්නෙත් ජීවිතයට කියලා කියලා දීපු ඒ අම්මව මුණගැහිලාම මේ පෙකණිවැලේ කතාවේ සුලමුල හොයන්න අපි තීරණය කළා.

    අම්මා වගේම එදා විවේකයෙන් ගෙදරට වෙලා හිටපු චාමරත් අපිව ආදරෙන් පිළිගත්තා.

    අම්මා දැකපු ගමන්ම හිතුණේ චාමර වගේ කියලා.
    හරියටම කිව්වොත් චාමර අම්මා වගේ. අම්මාගේ හැඩහුරුකම්වලින් බොහෝමයක් චාමරටත් ඇවිත් තියෙනවා කියලා මේ අම්මයි පුතායි දිහා බලන ඕනෙ කෙනෙක්ට පේනවා.

    “අපි එළියට ගිහින් කතා කරමු පුතේ. අපිට නිදහසේ කතා කරන්න පුළුවන් එතකොට.”
    වැහි කළුව නිසා අන්ධකාර වුණ ගෙදර ඇතුළේ රූපවාහිනියේ සද්ද බද්ධ නිසා නිදහසේ කතා කරන්න බැරි බව වැටහුණු අම්මා අපිව නිවස ඉදිරිපිට ආලින්දයට එක්කරගෙන ගියා.
    නිදහසේ කියන්න තරම් මේ අම්මට තමන්ගේ පුතා ගැන ලොකු කතාවක් ඇති කියලා නිකමට හිතුණේ ඇගේ කතා විලාසයෙන්.

    ආලින්දයේ කොනකට වෙන්න තිබුණ පුටුවක හරි බරි ගැහිලා හිමින් සීරුවේ වැටෙන හිරිපොද දිහා බලාගෙන අම්මා ඇගේ යටගියාව සිහිපත් කරන්න පටන්ගත්තා.
    ඉදිකැටියේ හේවා ගමගේ ශික්ෂිතා මානෙල්. ඒ තමයි අම්මාගේ සම්පූර්ණ නම. මාතර වල්ගම ප්‍රදේශයේ සොහොයුරන් තිදෙනෙක්ට හා සොහොයුරියකට වැඩිමල් සොයුරිය විදිහට උපත ලබපු අම්මා තමන්ගේ පුංචි කාලේ විස්තර කිව්වේ හරි ආසාවෙන්. පවුලක වැඩිමලා විදිහට ගෑනු දරුවෙක් ලැබුණම අම්මාට ටිකක් සහනයක් ලැබෙනවා.
    මොකද ඉන් පස්සේ උපත ලබන බාල සොයුරු සොයුරියන් බලාකියාගන්න වගකීම “ලොකු දුවට” භාරදෙන්න පුළුවන් නිසා.

    ඉතින් හදිස්සියේම අම්මාට හොයාගන්න බැරි ලෙඩක් හැදිලා රෝගාතුර වුණාම පවුලේ ලොකු දුව වුණු චාමර වීරසිංහගේ අම්මා තමයි නංගිවයි මල්ලිලා තුන්දෙනාවයි බලාගෙන තියෙන්නේ. “මගේ තාත්තා එළවළු ව්‍යාපාරිකයෙක්. මොන අඩුපාඩු තිබුණත් අපි පුංචි කාලේ හරි කෙළිලොල් විදිහට ගත කළා. දැන් ළමයින්ට පහසුකම් වැඩී. ඒත් එයාලට අපිට වගේ පුංචි කාලයක් නැහැ.” අෑ තමන් විදපු කුඩා කළ මතක සිහිපත් කරන්නීය. රස විඳින්නීය.

    තමන් විඳි කුඩා කාලය අහිමි වත්මන් දරුවන් දෙස බලා පසුතැවෙන්නීය. අනේක විද දුක් ගැහැට මැද වුව ළමා කාලය හිමි තමන්ගේ පරම්පරාව සමඟින් තාක්ෂණයෙන්, පහසුකම්වලින් සපිරි දරුවන්ගේ කොටුවුණ ජීවිත සසදන්නීය.

    තම යටගියාව ටිකෙන් ටික හාරවුස්සන අම්මාගේ කල්පනා ලෝකේ මඳකට අවහිර කරන්න හිතුණේ හිටිහැටියේ හිතට ආපු ප්‍රශ්නයක් නිසා. “එතකොට අම්මා බැන්දේ කොයි කාලෙද?”

    “මම බැන්දේ අවුරුදු 24න්. ගමේම කෙනෙක්ව තමයි මම බැන්දේ. එයා ‘ටේලර්’ කෙනෙක්. අපි දෙන්නා යාළු වෙලා බැන්දේ.” ඒ වචන ටික කියනකොට අම්මාගේ මූණෙ ඇඳුණ ආදරබර හිනාවෙන්ම ඒ බැඳීම කොච්චර ආදරණීය ද කියලා කියන්න පුළුවන්. වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් වුණ තම සැමියාගේ ව්‍යාපාරයටත් උදව් උපකාර කරගෙන, දුක සැප බෙදාගෙන තමන්ගේ යුගදිවිය ගතකළ ආකාරය අම්මා රස කර කර අපිත් එක්ක කිව්වා.

    “ඒ කියන්නේ අම්මාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඇති?” මගේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ.

    “ඔව්. මට ඕනම ඇඳුමක් හොඳට මහන්න පුළුවන්. පුංචි කාලේ චාමරලාගේ ඇඳුම් මහලා දෙන්නේ මම තමයි. ඒ ඇඳුම් මහලා තමන්ගේ දරුවන්ට අන්දවලා හැඩ බලලා අම්මා මොන තරම් නම් සතුටු වෙන්න ඇත්ද ඒ කාලේ?

    දරුවන්ට තමන්ගේ අතින් මහපු ඇඳුම් අන්දන්න අම්මලා කොහොමත් හරි ආසයි.

    වැහි අඳුරත් එක්ක එන හිරිගඬු පිපෙන හීනි සුළං රැල්ල හෙමීට ඇවිල්ලා අපිව වෙලාගෙන ආයිමත් තමන්ගේ ගමන යනවා. අම්මා හෙමින් හෙමින් වැටෙන හිරිපොද දිහා බලාගෙන ඒ නොකියපු කතාව අපිත් එක්ක කියනවා. කතාව ගලාගෙන යන අතරේ මම කතාව අපේ කතා නායකයා දිහාවට හැරෙව්වා.

    “අම්මේ… චාමර වීරසිංහ කියන්නේ පවුලේ කීවෙනියටද?”

    “චාමර කියන්නේ පවුලේ පස්වෙනියට.
    මට ඉන්නේ දුවලා තුන්දෙනයි පුතාලා තුන්දෙනයි. චාමරට පස්සේ මල්ලි කෙනෙකුත් ඉන්නවා.”

    සහෝදරියෝ තුන්දෙනෙක්ට සහ සහෝදරයෝ තිදෙනෙක්ගෙන් පස්වෙනියා හැටියට මාතර මහරෝහලේ උපත ලබපු චාමර වීරසිංහ නම් ඒ ප්‍රසංග වේදිකාවේ වේදනාබර සංවේදී හඬ පෞරුෂයේ යටගිය මතක අම්මා අපිත් එක්ක බෙදාගන්නවා. මේ අතරතුර කවුරුත් ආදරේ කරන චාමරගේ කුඩා කල මතකවලට එබිකම් කරලා බලන්න අපි අමතක කළේ නැහැ. “චාමර තමයි මේ හයදෙනාගෙන්ම අහිංසකම ළමයා. විසේ නෑ. හරිම අහිංසක තැම්පත් ළමයෙක් එයා.

    එයා අහිංසක නිසාම ද කොහෙද හැමෝම එයාට ආදරෙයි.”
    ප්‍රසංග වේදිකාවේ අහිංසක පෙම්වතා පොඩි කාලෙත් හරි අහිංසකයි කියලා අම්මාම කියපු නිසා පිළිගන්නම වෙනවා.
    අදටත් බැලූ බැල්මට පේන ඔහු සතු හික්මීම, තැම්පත් ගති පැවතුම් කුඩා කාලේ පටන්ම ගෙන එන ඇවතුම් පැවතුම් කියලා අම්මාගේ වචනවලින්ම ඕනෙ කෙනෙක්ට තේරෙනවා.
    ගොඩක් අය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හුඟක් පුංචි කාලේ ඉඳලා දක්ෂතා පෙන්නලා ඒත් චාමර එහෙම නෙමෙයි. “එයා පුංචි කාලේ වැඩියෙන්ම සංගීතයටත් වඩා කැමති චිත්‍රවලට. ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ඇඳපු චිත්‍රකතාවලින් තාත්තා තොරන් තුනක් ගැහුවා ඉස්සර.
    හැමෝම ආදරේ කරන ඒ නිහතමානී කලාකරුවාගේ සැඟවුණු රහසක් තමයි අම්මා අපිත් එක්ක කිව්වේ. සංගීතයට විතරක් නෙමෙයි චිත්‍ර කලාවටත් දක්ෂතා දක්වන ඔහු විවිධ වූ හැකියා ඇත්තෙක් බව පසක් කරන තවත් කතාවක් අම්මා කිව්වා. “එයාලගේ තාත්තා ටේලර්නේ. ඉතින් චාමරටත් හොඳට ඇඳුම් මහන්න පුළුවන්. එයාට විතරක් නෙමෙයි පවුලේ හැම ළමයෙක්ටම ඒ වැඩ හොඳට පුළුවන්.”
    අපි ආදරය කරන මිනිස්සුන්ගේ නොදන්න දේවල් නම් කොයිතරම් තියනවාද? චාමර වීරසිංහ කියන්නේ හැමෝම දන්න විදියට අතිදක්ෂ ගායකයෙක්.

    ඒත් ඔහු චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම හොඳ ඇඳුම් මසන්නෙක්. අම්මා තමන්ගේ පුතාගේ මේ හැකියා දක්ෂතා අපිත් එක්ක කිව්වේ හරි ආඩම්බරෙන්. ඒ වගේම හිතේ කොනක ගුලිකරගත්ත ආදරෙන්. “චාමරගේ තාත්තත් හරි කැමතියි සංගීතයට. පුංචි කාලේ සංගීත සංදර්ශනවලට එක්කන් ගිහින් ස්ටේජ් එකේ තියලා ඒකේ සිංදු කියවලත් තියෙනවා මෙයාට කියලා. ඒත් ඇත්තටම එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

    ඈ මොහොතකට නිහඬ විය. ඒ පමාවෙන් ඇගේ නෙත් කොනේ දිලිහෙන කඳුළු කැටේ දැක ගන්න ලැබුණා.
    චාමර වීරසිංහට තමන්ගේ තාත්තා අහිමිවෙන්නේ අවුරුදු 12න්. ඒත් තාත්තා පුංචි කාලේ ඉඳන් හීන දැකලා තියෙන්නේ ඔහු දක්ෂ ගායකයෙක් වෙනවා දකින්න. මේ දේවල් අම්මා කොහේදෝ බලාගෙන කියාගෙන යන්නේ සතුටයි, දුකයි අතරමැද මොකක්දෝ කියාගන්න බැරි හැඟීමකින්.
    මට ඕන වුණේ ඒ හැඟීම අම්මත් එක්කම විඳින්න.
    ඒත් ඒ සිතුවිලි දිගුව මඳකට නතර කරන්න වුණේ හිටිහැටියේ. මගේ කලබල හිතට ආපු තවත් එක ප්‍රශ්නයක් නිසා.

    “චාමරට අම්මා කතා කරන්නේ මොකක් කියලද?”

    “මම එයාට කතා කරන්නේ ‘චම්මි’ කියලා” ඒක චාමරට ආදරේ කරන රසිකයන්ට ලොකු හෝඩුවාවක්. කොහොම වුණත් චාමරගේ නිවුණ ගති පැවතුම් නිසා අම්මා චාමරට ටිකක් වැඩියෙන් ආදරේ කළා කියලා අම්මගේ කතාවෙන් අපිට තේරුණා.

    චාමර වීරසිංහ ආපු මේ තරු ගමන ගැන අම්මාගේ මතකය අවදි කරන්නත් අපි අමතක කළේ නැහැ. “එයා ඉස්කෝලේ යන කාලේ ගොඩක් සංගීතයට දක්ෂයි. ඉස්කෝලේ යන කාලේ එයාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණා. ඒකෙන් පස්සේ තමයි එයාව ගොඩක් අය දැනගත්තේ. ඒ වගේම එයාට ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

    පුතාගේ තරු ගමනේ මතක එකින් එක අම්මා හරි සතුටෙන් හෙළි කරනවා.

    තමන් පුංචි කාලේ ඉඳන් හරි ආදරෙන් හදපු දරුවෝ ලොකු තැන්වල වැජඹෙද්දී අම්මලාගේ සතුට වචනවලට පෙරළන්න හරි අමාරුයි. වචන වෙනුවට එළියට එන්නේ කඳුළු කැට. ඒත් ඒවා සතුටු කඳුළු. පුංචි තැනකින් පටන් අරගෙන දවසින් දවස මුළු රටක්ම ආදරය කරන තැනට එනකම් චාමර වීරසිංහ ආපු ගමන ගොඩක් දුෂ්කරයි. ඉතින් මේ හැමදේකටම ඔහු ළඟින් හිටියේ චාමරගේ ‘අම්මා’.

    ඉතින් දරුවා මේ ඉන්න තැන ගැන දැනෙන හැඟීම අහන්න හොඳම කෙනත්, ඒ සතුටේ අයිතිකාරියත් ඒ අම්මා විතරයි. “මට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන දැකලා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ පුතෙක් ලබන්න. එයා දවසින් දවස ඉහළට යනවා.

    මට එතකොට එයාලගේ තාත්තව මතක් වෙනවා. තාත්තත් හිටි නම් කියලා හිතෙනවා.” ඒ අන්තිම වචන ටික ඉවර වුණේ ඉකියකින්. තමන්ගේ පුතා ඉන්න තැන ගැන සතුටුවෙන අම්මා ඒ දිහා බලන්න තාත්තා නැති වුණ ඒක ගැන දුක් වෙනවා. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර එකක්.
    කෙනෙක්ට දෙයක් ලැබෙනකොට තවත් දෙයක් අහිමි වෙනවා. ළමයි පුංචි කාලෙම තමන්ගේ සැමියා අහිමි වුණාම අම්මා කෙනෙක් මොනතරම් අසරණ වෙනවා ඇත්ද? කොයි තරම් දුක්විඳලා ඒ දරුවෝ හදන්න ඇත්ද?

    ඒ හැමදේටම හිත හයිය කරගෙන තමන්ගේ ස්වාමියාගේ ව්‍යාපාරය වැඩිමහල් පුතාත් එක්ක දිගින් දිගටම කරගෙන පවුලම නඩත්තු කළා කියලා අම්මා අපිත් එක්ක කිව්වා. එහෙම දුක්විඳලා හදපු ළමයි දැන් ඉහළ තලයක බැබළෙද්දි අම්මාගේ සතුට කොහොමට ඇත්ද?

    මේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලට මගේ හිතට ඉඩදීලා මම අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක් අම්මාගෙන් ඇහුවා. “චාමර මේ දැන් ඉන්න විදිහට අම්මා කැමතිද?” “එයා මුළු ඇගේම පච්ච කොටාගෙන ඉන්නේ. කනයි, මූණයි තුන් හතරපලකින් විඳලා ඉන්නේ. මම නම් ඒවාට කැමති නැහැ. ඒවා කරගෙන ආවම මම බයිනවා. ඒත් ඒක එයාගේ කැමැත්තනේ. ඒ නිසා ඒක මට නතර කරන්නත් බැහැ. ඒ වචන හරි අව්‍යාජයි.

    තමන්ගේ දරුවෝ තමන් අකමැති දේවල් කළාම ඒ දේට විරුද්ධ වෙන්න අම්මලා දෙපාරක් හිතන්නෙ නැහැ.
    ඒත් අම්මලා දරුවන්ගේ කැමැත්තට ඉඩ දීලා තමන්ගේ විරෝධය යටපත් කරගන්නේ ආදරේට. තාරුණ්‍යයේ අතිමහත් බහුතරයක ආදරය දිනාගත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියම, නිහතමානීම කලාකරුවෙක් විදිහට කවුරුත් දන්න කියන තමන්ගේ පුතාගේ ඉදිරිගමනට අම්මා ආශිර්වාද කරන්නේ සුපසන් සිතින්. නොකිව්වත් ඒ ආශිර්වාදය, ආදරය, ඇගේ හැම වචනයකින්ම දෝරේ ගලනවා.
    අම්මා කෙනෙක් ජීවිතේ ලබන්න කියන උපරිම සතුට, ගෞරවය චාමර වීරසිංහගේ අම්මා විඳලා හමාරයි. ඇගේ අවසන් බලාපොරොත්තුවත් හරි උපේක්ෂා සහගතයි. “මගේ අන්තිම බලාපොරොත්තුව මෙහෙම ඉඳලා කිසිම කරදරයක් නැතුව, එකතැන් වෙන්නෙ නැතුව මගේ හුස්ම ටික යන්න එක තමයි.”

    ඇය ජීවිතේ නොයෙක් විඳ දුක්ඛ ‍ෙදාම්නස්නයන්ගෙන් පීඩා විඳ දරා ගන්නීය.

    සැමියාගේ අභාවයත් සමඟ අනිත්‍ය අනාත්ම ලක්ෂණ පසක් කරමින් කල්ගෙවන්නීය. දරුවන් මෙන්ම මුණුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ජීවිතේ සැදෑ සමය ගත කරන්නීය.

    තම පුතු විඳින පැසසුම්, මෙන්ම නින්දා දෙස උපේක්ෂා සහගත සිතින් බලන්නීය.
    ජීවිතේ මේ යැයි අවබෝධ කරගනිමින් ප්‍රීතිමත් මරණයක් බලාපොරොත්තුවෙන් පසුවන්නීය. කෙසේ වුව ද අෑ ඒ රටක් ආදරය කරමින් ඔල්වරසන් දෙන චාමර වීරසිංහ නම් ඒ දැවැන්ත හඬ පෞරුෂයේ ‘ආදරණීය අම්මා’ විය.

    [rns_reactions]

  • මෙවර CATWALK මුල් කවරය ඕෂධීගෙන් හැඩ වෙයි…

    ඔබ අප කවුරුත් දන්නා හදුනන ඕෂධී හේවාමද්දුම මෙවර CATWALK සගරාවේ මුල් කවරය සරසලා කියල ආරංචි උනා ඉතිං අපි ඔබබ ඒ පිංතූරය පහලින් දක්වනවා… ඊට අමතරව ඇයගේ අලුත් නියපොතු විලාසිතාවත් ඇයට ආදරේ ප්‍රේක්ෂක ඔබට පහලින් බලාගත හැකි අතර ඔබ ආදරේ ඔබ ආස කලාකරුවන්ගේ සියළු විස්තර ඉදිරියේ ඔබට සැපයීමට බලාපොරොත්තු වන බව කාරුණිකව දන්වා දිටිමු.