https://www.facebook.com/100007235508244/videos/1901902046727627/?autoplay_reason=user_settings&video_container_type=4&video_creator_product_type=0&app_id=350685531728&live_video_guests=0
[rns_reactions]
https://www.facebook.com/100007235508244/videos/1901902046727627/?autoplay_reason=user_settings&video_container_type=4&video_creator_product_type=0&app_id=350685531728&live_video_guests=0
[rns_reactions]
13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ උමාලි තිලකරත්නයි. සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කලේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි.
පසුගිය සමයේදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වුවත් විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය අතට ගත් උමාලි සාරංග ගැන සිය සතුට පළ කලා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.
පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ සාරංගගේ සහ උමාලිගේ විවාහ ජීවිතය දෙදරා යාම සම්බන්ධයෙන් ලංකාදීප මාධ්‍යවේදී සදුන් ගමගේ විසින් උමාලිගෙන් විමසා තිබේ. එහිදී ඇය ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.
ඔබගේ ජීවිතයට පහුගිය දිනවල මොකද වුණේ?
ඇයි මොකද වුණේ?
ඔබ සහ ඔබගේ සැමියා විරසක වුණාය ආදී වශයෙන් පළවූ බොහෝ දේ අහන්න දකින්න ලැබුණා. එහෙම නේද?
සමාජයේ එක් එක් මට්ටම්වල ඉන්නේ. ඒ අය හිතන පතන දකින කරන කියන විදිහ වෙනස්. කලාකරුවන් ජනප්‍රිය වූ නිසාම ඔවුන්ගේ ජීවිත අලලා වගකීමකින් තොරව කවරෙකු හෝ පුවත් පළ කරනවනම් ඒක ඒ කලාකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මට අදාළ නොවන කිසි දෙයක් මම භාර ගන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය කියන ඕපාදූප කතා අතරේ මම මිහඬව සිටියේ. මොකද ඒවා මට අදාලම නැති නිසා. පුවත් මැව්වා නම් ඒ මවපු අය වගේම විශ්වාස කල අයත් ඒවා භාර ගනීවි.
ආදරේ කතන්දරේ
රහසේ පිටුවක් පෙරලුණා..
මේ සුන්දර ගීතය ඔබ දෙදෙනා ගැයුවේ විවාහ උත්සව දිනයේදීයි. අද කොහොමද එය දැනෙන්නේ?
එය සුන්දර දවසක්. ඒ සුන්දර සිහිනයේ මතකය එහෙම්මමයි. ජපානයට ගිහින් ඉදලා මං මේ ආවේ මගේ සැමියා බලන්නයි. මාස ගණනක් අපි දෙන්නට හමුවෙන්න බැරි වුණා. මම ආවේ ඔහුව දැකගන්න. එහෙම නැතුව ගොසිප් වල ජීවත්වන මිනිස්සුන්ට උත්තර බඳින්න ආව ගමනක් නෙමෙයි මේ. කතාවට කියනවනේ බත්හැලිය ඉදෙනකම් විතරයි දෙන්න දෙමහල්ලොන්ගේ විරසකය කියලා. ජීවිතය එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේ. අලුත බැදපු ජෝදුවක් පුංචි අමනාපයක් උනහම දෙන්නගෙ අම්මා තාත්තා ලගට යන අවස්ථා තියෙනවා. එවා හරි සාමාන්‍ය දේවල්. අපි කාලයට ඉඩදීලා බලා ඉමු.
[rns_reactions]
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් නව පක්ෂයක් නිර්මාණය කර ඇති බව පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කලා.
එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් එක්වී ඉදිරියේදී දේශපාලනයට පැමිණීම සඳහා මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ පෙමින් වෙලී සිටින පියුමි, එම සම්බන්ධය නිසාම මර්වින් සිල්වා මහතාගේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට සැරසෙන බව අනාවරණය වී ඇත.
[rns_reactions]
කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ.
Veerey Di Wedding චිත්‍රපටයේ හිමිවූ චරිතය වෙනුවෙන් කරීනා සිරුර හැඩ කරගන්න හැමදාම ව්‍යායාම කරමින් වෙහෙසෙනවා.
සෝනම් කපූර් හා ස්වරා බාස්කර් සමඟ තමයි ඇයට මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නට අවස්ථාව ලැබෙන්නේ.
මේ තරම් මහන්සි වුණත් ඇය වසරකට එක චිත්‍රපටයක පමණක් රංගනයේ යෙදෙන්නටත් තීරණය කරලා.
ආදරණීය මවක් විදියට පුංචි ටයිමුර් වෙනුවෙන් කාලය වෙන් කරලා ඔහු ළඟින්ම ඉන්න, ඇය මේ තීරණය ගන්නත් ඇති. ඒ කොහොම වුණත් කරීනාගේ රංගන හැකියාව නිසාම අමීර් ඛාන් වගේ අවුරුද්දකට එක නිර්මාණයක් විතරක් ඇය තෝරා ගත්තත් ඒ චිත්‍රපටය සාර්ථක වෙන බවට අධ්‍යක්ෂවරුන් මත පළ කරනවා.
ශාලිකා රංගනී සමරදිවාකර
https://www.youtube.com/watch?v=t98GZNxEqjQ
ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.
සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.
ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
නාමල් උඩුගම අසනීපව රෝහල්ගත කර සිටි සමයේදී දුලාජ් ධනුෂ්ක විසින් කිසිදු අයකිරීමකින් තොරව ගීත ගායනා කොට ඒ මුදල් නාමල්ට ලබාදුන් බවටද ඔහු ප්‍රකාශ කර ඇත.
[rns_reactions]
https://www.youtube.com/watch?v=HSNhxtcsLlg
https://www.youtube.com/watch?v=Eu_5p_mJ68Y
https://www.youtube.com/watch?v=Wvsw_v5Hfbc
[rns_reactions]
[rns_reactions]
[rns_reactions]