Category: සුපිරි Cinema

  • හිටපු බිරිඳගේ දරුවන් සමග ගයාන්, චතුරිකා සතුටින් ඉන්න හැටි කරලියට….

    ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් හට ගයාන්ගේ හිටපු බිරිඳ ෆර්ෂිනා විවිධ චෝදනා එල්ල කර වීඩියෝවක් නිකුත් කිරීමත් සමග විශේෂ කතාබහක් මතුවිය.

    ෆර්ෂිනා කියා සිටි දෙයක් තමයි තමන්ගේ වැඩිමහල් දරුවාව ගයාන් ලඟ බලෙන් රඳවාගෙන ඇති බවට.

    කෙසේවෙතත් ගයාන්ගේ සහ ෆර්ෂිනාගේ වැඩිමහල් දරුවා ඔවුන් ලඟ සතුටින් සිටින බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ගයාන්ගේ සහ චතුරිකාගේ ෆේස්බුක් පිටු තුලින් දැකගන්නට ලැබෙනවා.

  • පුවත් මවන ගයාන් – චතුරිකා – ෆර්ශිනා කතාවේ අලුත්ම තත්වය මෙන්න..

    ‘‘මට අද පිටරටක ඇවිත් අනුන්ගෙ ගේක වැඩ කරන්න වෙලා…”
    ‘‘දැන් මගෙ ලොකු පුතාගේ නම්බර් එක බ්ලොක් කරලා..”
    ‘‘සුදු අම්මි කිව්වෙ නැත්තං චතුරිකා පුතාට ගහනවලු..”

    ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක මේ වන විට ජීවත් වන්නේ රංගන ශිල්පිනි චතුරිකා පීරිස් සමගින්.

    ගයාන්ට පෙර විවාහයෙන්ද දරුවන් දෙදෙනෙකු සිටින අතර තමන්ට ගයාන්ගේ සිදුවූ අසාධාරණයක් ගැන පවසමින් ගයාන්ගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂානා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

    මේ අතර ගයාන්ද ඉහත වීඩියෝවට ප්‍රතිචාර දක්වා ඇති බව අපට වාර්තා වේ….

    ‘‘පාන්දර 2 ට මාව එළෙව්වා පලයං කියලා…“
    ‘‘එයාලගෙ කැමැත්තෙන් තමයි මට ළමයි දෙන්නා දුන්නෙ.“
    ‘‘දුක කියලා මිනිස්සු රවට්ටලා රට කළඹලා තියෙන්නෙ..“

    ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ගැන විටින් විට විවිධ කතා බහා ඇති වුණා. ඔහු ගැන ඔහුගේ හිටපු බිරිද වීඩියෝ හඬ පටියක් නිකුත් කර තිබුණා. ඔවුන්ගේ දරුවාව ගයාන් බලෙන් රඳවාගෙන සිටින බවට. ඇය දක්වා තිබුණු අදහස්වලට ගයාන් සුපිරි ගොසිප් වෙත උත්තර දුන්නේ මේ විදිහටයි.

    “එයා කියලා තිබුණේ මම ලොකු පුතාව හිරකරගෙන ඉන්නවා. පුතාව ඉල්ලලා දෙන්න කියලා කියන්නේ.එයා දරුවාට ආදරේ නම් මුලින්ම කරන්න ඕන වීඩියෝ හඬ පටි ගොසිප්වල දාන එක නෙමෙයි. මුලින්ම විසා එක හදාගෙන ලංකාවට එන එක. ඇවිත් මගෙන් හරි පොලිසිය මාර්ගයෙන් හෝ උසාවිය මාර්ගයෙන් දරුවාව ලබා ගන්න එක. එහෙම නැතුව මට මඩ ගහන එක නෙමෙයි. මට කියන්න තියෙන්නේ එයාලා සල්ලි පොලියට අරගෙන ඒවා ගෙවා ගන්න බැරුව ෆර්ෂිනා රට ගියා.“

    ‘‘එයා රට යන්නෙ 2016 අවුරුද්දෙ. 2012 සැප්තැම්බර් මාසයේ එයාලා පවුලෙන් මාව එලෙව්වා. ‘‘පලයං කියලා. එතකොට පාන්දර 2.30 ට විතර ඇති. ඒයාලා මුස්ලිම් ජාතියෝ. මට ආගමට බැඳෙන්න කියලා කෙනෙහිලිකම් කළා. එක එක කට කතා හැදුවා. උඹට ඕන විදිහට ජීවත් වෙයං කියලා උදේ පාන්දර මාව එලෙව්වේ. ඒ වෙලාවේ මගේ අතේ තිබුණේ වාහනෙයි වාහනේ යතුරයි විතරයි. උප්පැන්න සහතිකෙයි, බැංකු පොත්, පාස්පෝට් එක ඒගොල්ලො තියාගත්තා.“

    ‘‘ෆර්ෂිනා එක තැනක කියලා තියෙනවා දරුවො දෙන්නා හදාගන්න වැඩට එක්කෙනක් තියා ගත්තා කියලා. මමයි වියදම් කරලා දරුවො දෙන්නව හදාගන්න වැඩට දෙන්නෙක් ගත්තෙ. එයා කියලා තිබුණා එයාගේ අම්මගෙ ව්‍යාපාර කඩාගෙන වැටුණා කියලා. කඩවත ඉන්න කාගෙන් හරි අහලා බලන්න එයාලාට මොන වගේ ව්‍යාපාරද තියෙන්නෙ කියලා. මම දන්න තරමින්නම් කිසි ව්‍යාපාරයක් නැහැ. එක දෙයයි තියෙන්නෙ ත්‍රිවිල් එකක් විතරයි. එයාලා ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන් එක තැනකින් පොලියට සල්ලි අරගෙන තව තැනකට ඒක පියවලා. මගෙ නම පාවිච්චි කරලත් සල්ලි අරන් තියෙනවා.“

    ‘‘මමයි නලුවෙක් විදිහට ලැජ්ජ වෙන්නෙ. මගේ නම විකුණලා. ඔය විදිහට පොලියට ගන්න ඒවා මම නිසා කළා නම් 2007 අවුරුද්දෙ ඉඳලා 2016 වෙනකං ඒ මිනිස්සු ඇයි ඉන්නෙ. එන්න එපැයි මාව හොයාගෙන. මං ඉන්නෙ අරංගල. මං කාවවත් රවට්ටලා අනාථ කරන කෙනෙක් නෙමෙයි. ඒ ගෑණු කෙනා රට යන්නෙ 2016 මාර්තු වල. ඒ ගියාට පස්සෙ දරුවො දෙන්නා තියලා ගියේ එයාගේ අම්මයි තාත්තයි ළග. දවසක් එයාගේ තාත්තා අපේ මාතලේ ගෙදරට කෝල් කරලා දරුවො දෙන්නව අරන් යන්න කිව්වා. මම කඩවත පොලිසිය දැනුවත් කරලා ළමයි දෙන්නව මාතලේ ගෙදරට අරන් ගියා. එයාලගෙ අම්මයි තාත්තයි පොලිසියට ආවා. එයාලගෙ කැමැත්තෙන් තමයි මට ළමයි දෙන්නා දුන්නෙ කියලා පොලිසියේ සාක්ෂි දුන්නෙ.“

    ‘‘මම දරුවො දෙන්නව මාතලේ තියලා ඉගැන්නුවා. ඔය අතරතුර පොඩි පුතාට අවුරුදු 5 යි එතකොට. එයා නරක වැඩක් කරලා තියෙනවා. ඒකට අවවාද දුන්නා මම වේවැලකින් ගහලා ආයේ මේ වැඩේ කරන්න එපා කියලා. මම ළඟ ඉන්න බෑ කියලා අරගොල්ලො ළඟටම ආයෙත් ගියා. ඊට පස්සෙ මම ලොකු පුතාව කොළඹ ගෙනල්ලා චතුරිකායි මමයි ළඟයි තියා ගත්තා. ලොකු පුතාව රජයේ පාසලකට දාන්න යන්නෙ සඳුදා ඉදන් එයාට ඉස්කෝලෙ යන්න තියෙනවා.“

    ‘‘බොරුවට අඬලා, අම්මා කෙනෙකුගේ දුක කියලා මිනිස්සු රවට්ටලා රට කළඹලා තියෙන්නෙ. ගයාන්ව නරුමයෙක් ගානට දාලා. මට එක දෙයයි කියන්න තියෙන්නෙ මම මාසිකව නඩත්තු මුදල් ගෙවද්දිත් එයා මොකටද රට ගියේ.. ? එක කාසියක දෙපැත්ත දන්නෙ නැතුව එක පැත්තක් විතරක් දැනගෙන මිනිස්සු මට බනිනවා. එහෙම කරන්න එපා. ඇත්ත දැනගෙන කතා කරන්න.“

  • ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට…

    බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි.

    ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් කෝච් ද මෙහි ප්‍රධාන චරිතයට දායක වේ. බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්‍රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන ‘අනුරාගිනි’ චිත්‍රපටය ඉංග්‍රීසි බසින් ‘ඒජජධපඤඪදඨ බධ ර්චබඩඥඹ’ නමින් එදිනම කොළඹ මැජෙස්ටික් සිනමාශාලාවල තිරගත කෙරේ.

    කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන ‘අනුරාගිනි’ තිර රචනය, ක්‍රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් ගෙනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද ‘අනුරාගිනි’ චිත්‍රපටයට දායත වූ සෙස්සෝ වෙති.

  • "හැම තිස්සෙම අතින් අල්ලන්න ඕන. ඔළුව අතගාන්න ඕන. කොටින්ම ආදරේ ඇතුළේ ආදරේ කරන්න ඕන" සමන්මලී සමග සොදුරු පිළිසඳරක

    නව පරපුරේ රංගන හැකියාව සහ ගයන හැකියාව විශිෂ්ට ලෙස පිහිටි සමන්මලී සමග ආදරණිය සොදුරු   පිළිසදරක යෙදුනා…

    සමනලී පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක්ද..?

    මම පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ.  ඒ නිසා ආරෙන් ආපු හැකියාවක් හෝ පෙර භවයේ හැකියාවක් නිසා රඟපානවා කියලා කවදාවත් මම හිතන්නේ නැහැ.

    කලාව පිහිටන්නේ සරස්වතියගේ බැල්මෙන් ‍නෙවෙයිද?

    ඒක විහිළුවක් විදිහටයි මට පේන්නේ. ජීවිත අත්දැකීම් සහ හැදෑරීම්වලින් තමයි දක්ෂයෙක් වෙන්න පුළුවන් වෙන්නේ.

    ආගමට තියෙන නැඹුරුව මොන වගේද?

    මම නිරාගමිකයි. ආගම කියන දේ ගැන මට තියෙන්නේ වෙනමම කියැවීමක්.

     

    සමනලී ගායිකාවක් හැටියට ජනප්‍රිය වෙන්න පටන් අරගෙන?

    ගායිකාවක් වෙන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම ආස රංගනයට. මම කවදාවත් ගායනය හදාරලා නැහැ. ඒ නිසා ඉවෙන් වගේ තමයි ඔහොම ගායනා කරන්නේ. කොහොමත් ට්‍රිප් ගියාම, කන බොන වෙලාවට අපි සින්දු කියනවා. ඒත් වෘත්තීයමය ගායිකාවක් වෙන්න මට ලොකු පරාසයක් නැහැ.

    මේ කාලයේ ජනප්‍රිය නිළිය සමනලී කියලා කවුරුහරි කිව්වොත්?

    මට ඒකෙන් වැඩක් නෑ. රංගනය කියන්නේ මගේ රැකියාව. ජනප්‍රියත්වය කියන්නේ ඒකේ අතුරු ඵලයක්. ඔයා කියන විදිහට මිනිස්සු මගේ දිහා බලනවා නම් මම ඒ ජනප්‍රියකම යොදවන්න ඕන ‘මනුෂ්‍යත්වය’ වෙනුවෙන් වැඩ කරන්නයි.

     

    නිළියක් ලස්සන වෙන්න ඕනද?

    හොඳ ප්‍රශ්නයක්. ඕක තියෙන්නේ පිරිමින්ගේ ඔළුවේ. නිළියෝ විතරක් ‍නෙවෙයි, ‍පොදුවේ ගැහැනු හැමෝම සුරතල් සහ සුකුමාල වෙන්න ඕන කියලා මතයක් තියෙනවානේ. පිරිමි විතරක් ‍නෙවෙයි ගැහැනුත් එහෙම හිතනවානේ. ඒ ෆැන්ටසියට අනුව බැලුවාම ගැහැනුන්ට බුද්ධිමය සංවාද අකැපයි.

    ඒ කියන්නේ සමනලී ‘නිළියක්’ කියන ෆැන්ටසිය නඩත්තු කරන්නේ නැති කෙනෙක්?

    අනිවාර්යයෙන්ම මම ඒක යම්කිසි දුරකට නඩත්තු කරනවා. හැබැයි සවිංඥානිකව. මට ඕන ඒ ෆැන්ටසිය පිරිමින්ට දීල ආයෙත් කඩන්න. ඒ ෆැන්ටසිය කඩා වැටෙනකොට පිරිමි බයවෙනවා. ඔවුන්ට අනුව ලස්සන ගෑනු බුද්ධිමය සංවාදවලට එනකොට පිරිමි මඩ ගහනවා. විවේචනය කරනවා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.

     

    ‘වෙනසක්’ වෙනුවෙන් දේශපාලනය කළා. ඇයි දැන් නිහඬ වෙලා?

    දේශපාලනය කියන්නේ කඩේ යෑම ‍නෙවෙයි. ඡන්දය ඉල්ලන්න එන එකත් ‍නෙවෙයි. අපි ඉන්නේ මතවාදයක් තුළ. ඒ මතවාදය යම් මට්ටමකට අපි දිනුවා. නිහඬ නැහැ. හැම වෙලාවෙම අපි සක්‍රීයයි.

    පෞද්ගලික ජීවිතේ අලුත් වුණා. ඔබේ සැමියා ඉන්ද්‍රචාප ලියනගේ කොහොම කෙනෙක්ද?

    එයා විවෘත මනසක් තියෙන කෙනෙක්. දේශපාලනය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය, කලාව වගේ හැම දෙයක් ගැනම අපි දැන් ගේ ඇතුළේ කතා කරනවා. එකට කෑම උයන එකේ ඉඳලා බොහෝ දේවල් හවුලෙ කරනවා. ඒ සංවාදයට මම හරිම ආසයි. ඒක හරි සුන්දරයි.

    ඉන්ද්‍රචාප සැමියා කරගන්න සුදුසුයි කියලා හිතුණේ ඇයි?

    අපි එකම ෆීල්ඩ් එකක ඉන්නේ. ඒක තමයි අපි දෙන්නටම අපිව දැනුණේ. එහෙමයි කියලා වෙනස් අදහස් නැතුවාම ‍නෙවෙයි. අපි ඒවා තේරුම් ගන්නවා. මේක හරිම ලොකු අවබෝධයකින් ගත්තු තීරණයක්.

     

    මේක වෙනස් ආදර කතාවක්ද?

    එහෙම වෙන්නත් පුළුවන්. මිනිස්සු ආදර සම්බන්ධතා පටන් ගන්නකොට භෞතික පැත්තට යනවා වැඩියි. ඒ කියන්නේ පිට පෙනුම, ගෙවල් දොරවල්, සල්ලි, යානවාහන වගේ දේවල්වලින් ගැළපීම මනිනවා. ඒ ගොල්ලන්ට ස්පර්ෂය අමතකයි. මට තේරෙන්නේ නෑ ඒ ස්පර්ෂය කියන කෑල්ල අමතක කරලා දෙන්නෙක් එකතු වෙන්නේ, ආදරය කරන්නේ කොහොමද කියලා.

    මේ ආදරේ පරණ වෙන එකක් නැද්ද?

    නැහැ. ආදරේ ඇතුළේ අලුතෙන් දෙයක් ගොඩනගන්න ඕන. හැම තිස්සෙම අතින් අල්ලන්න ඕන. ඔළුව අතගාන්න ඕන. කොටින්ම ආදරේ ඇතුළේ ආදරේ කරන්න ඕන. ඒත් හුඟක් අය කාලයත් එක්ක එකිනෙකාගෙන් දුරස් වෙනවා. අර මුලින් තිබුණු බැඳීම නැතිවෙලා සමීප බව නැතිවෙලා යනවා. ඒක නැති තැන සම්බන්ධතාවක් තියෙන්නේ මොකටද කියලා මට හිතෙනවා.

    ඉදිරියට මොකද වෙන්නේ?

    ලොකු බලා‍පොරොත්තු නැතුව ජීවිතේ ගෙවනවා. සමාජය වෙනුවෙන් මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඉදිරිය ගැන ඉතින් ඉදිරියෙදි බලාගනිමු.
  • ගැටුමට හේතුව ලපයක් ගැන කතාවක් – ගැටුමින් පසු පියුමිගේ රහසක් කරලියට

    කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි පසුගිය දිනවල පලවූ පුවත් සහ ඡායාරූපයන්ට අනුව තහවුරු වන්නේ. මේ වසර තුළ ඔහු හා විවාහ වන බවට, ඔහුගේ උපන්දිනය සමරමින් පියුමි හංසමාලි පවසා තිබුණා.

    මේ අතරම පියුමිගේ සිද්ධියට හේතුව ලපයක් පිළිබදව කතාවක් බවත් එහිදි ඇතිවු ගැටුම සමථවකට පත්කිරිමට නොහැකිවුයේ පියිමිගේ ලප කතාව ඇසු සැනින් ඇයගේ පෙම්වතා යැයි කියාගන්නා මර්වින්ගේ ගෝලයාට ‍තරහව පාලනය කරගැනිමට නොහැකිවිම නිසා බන තතුදත්තෝ පවසති. කෙසේවෙතත් තාජුඩින්ටද මරණය කැදවිමට හේතුවුයේ ලපයක් පිළිබදව කතාවක් බවද මෙහිදි සදහන් කල යුතුය…

  • හෂිනිට වික්ටර් රත්නායක ආදරේ කියපු තැන මෙන්න….

    ආචාර්ය වික්ටර් රත්නායකගේ සහ හෂිනිගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වනවා. කෙසේවෙතත් මේවනවිට මේ විවාහය ගැන ඔවුන් දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.
    ඉතින් වික්ටර් රත්නායකයන්ගේ ආදරය දිනූ හෂිනි අමේන්ද්‍රාට වික්ටර් ආදරය ප්‍රකාශ කරලා තියෙන විදිහ ඇය කියලා තියෙන්නේ මේ විදියට.
    “එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම අරන් යන්නයි නැවතුණේ. එදා කුස්සියේදි තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා තිබුණේ..

    ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක් වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ ඉවක් එයාට තියෙනවා.

    අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන් ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.
    විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්තා මාගේ දෙමාපියොත් කැලඹීමට පත් වුණා.

  • මේක සංසා­ර­ගත බැඳී­මක් – වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි රත්නායක

    වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.

    මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.

    “ඔව්. ඔව්. ඒ මම තමයි.”

    “එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.

    “අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.

    මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.

    මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

    මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.

    මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.

    මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

    වයස්…. පරතරය… ගැන ගැටලුවක් නැද්ද…?

    ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.

    අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.

    හෂිනිට… වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?

    ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.

    ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?

    මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

    මේ තරමට බාධා – ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?

    ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

    වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?

    මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

    ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.

    අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.

    ඒත් අපි සිළුමිණ – රසඳුන ගැන විශ්වාස කරන නිසයි මේ දේවල් වුණත් බය නැතිව කීවේ. නැත්නම් විවාහය කියන්නේ දෙන්නෙක් අවබෝධය තුළින් ගැනෙන පෞද්ගලික තීන්දුවක්.

    -සිළුමිණ – රසඳුන-

  • "ඇගේ වෛරය" මාව නැති කළා

    පසුගිය සතියේ ‘රිද්ම’ සමග සංවාදයකට එක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් සිංහල සිනමාවේ එක්තරා යුගයක සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් කළා. ඇගේ වෛරය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි. බොරු නම් එහි ප්‍රධාන නිළිය වූ චන්දි රසිකාගෙන් අහලා බලන්න ඔහු එහෙමත් කිව්වා. මේ ගැන චන්දි රසිකාගේ ප්‍රතිචාරය මොනවාගේදැයි දැනගන්නත් එක්ක ඇය සමග සංවාදයට එක්වූ විට ඇයටත් තමන් ගැන කියන්න වෙනස්ම විදිහේ කතාවක් තිබුණා.

    චන්දි රසිකා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රගපෑමෙන් පසුවයි කියලා කීවොත් හරිද?

    ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ චිත්‍රපටය නිසා මගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වුණා.

    නමුත් කැමැත්තෙන් නේද ඔබ ඒ චිත්‍රපටයේ රඟපෑවේ?

    ඔව්. මොකද, ඒක සමාජයට පණිවුඩයක් ලබාදෙන විදිහේ චිත්‍රපටයක්. නමුත් නිෂ්පාදකවරයා මටත් හොරෙන් චිත්‍රපටයට නිරුවත් දර්ශන එකතුකරලා තිබුණු නිසා හැමෝම හිතුවා මමයි ඒ දර්ශනවලටත් පෙනී සිටියේ කියලා.

    ‘ඇගේ වෛරය’ අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් පසුගිය සතියේ ‘රිද්ම’ට හෙළි කළා, එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විදිහට රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි කියලා. ඇත්තද ඒ කතාව?

    ඒක ඇත්ත. මගේ ජීවිතයේ හැමදෙයක්ම කඩාවැටෙන්න පටන්ගත්තෙත් විජයගේ අභාවයෙන් පස්සේ තමයි.

    ‘ඇගේ වෛරය’ ලබපු ජනප්‍රියත්වයෙන් ඔබට සෙතක් වුණේ නැහැ කියලද ඔබ ඔය කියන්නේ?

    ඔව්. මට කරපු රැවටීම නිසා අතේ තිබුණු හැම සතයක්ම වියදම් කරලා චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට එරෙහිව මට නඩු මගට යන්න සිද්ධ වුණා. ඒ සිදුවීම නිසා කාලයක් මම කලාවෙන් ඈත්වෙලා හිටියා. මානසිකවත් ඇදවැටිලා මම අසනීප වුණා. විජය ජීවත්ව සිටියා නම් මේ ගැටලුවේදී මා වෙනුුවෙන් පෙනී ඉන්නවා. ඇගේ වෛරය’ නිසා මට පාඩුවක් මිස ලාභයක් නම් වුණේ නැහැ.

    චිත්‍රපටය සාර්ථකවෙද්දි ඔබට විතරක් පාඩුවුණේ කොහොමද?

    ‘ඇගේ වෛරය’ මුලින්ම නිෂ්පාදනය කරන්න හිටියේ මමයි. වැඩේ කරගෙන යද්දි මුදල් ටිකක් මදිවුණු නිසා තමයි මටයි ලුවිටයි වෙනත් නිෂ්පාදකවරයෙක් සොයාගන්න සිදුවුණේ. 1980 ගණන්වල වැඩ ආරම්භ කරපු ‘ඇගේ වෛරය’ අනූපහ වසරෙදියි ප්‍රදර්ශනය කළේ.
    නිෂ්පාදනය සඳහා එතෙක් මට වැයවුණු මුදල්වලින් සතයක්වත් මට දුන්නේ නැහැ. චිත්‍රපට දෙකේ රඟපෑම වෙනුවෙන් දෙන්න ‍පොරොන්දු වූ රුපියල් ලක්ෂ දෙක විතරයි ලැබුණේ.

    මේ ගැටලුවේදී කලාකරුවන්ගෙන් ඔබට හයියක් ලැබුණේ නැද්ද?

    නැහැ. ජීවන් කුමාරණතුංගත් එක්ක මම රඟපාලත් තියෙනවා. එදා ඇමැතිවරයෙක් විදිහට හිටපු ඔහුවත් මගේ උදවුවට ආවේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා අද චිත්‍රපට හෝල් 17ක පමණ හිමිකරුවෙක්. නමුත් මම මේ වෙනකොට ආර්ථික වශයෙන් පහළටම ඇදවැටිලා.

    කලාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් ඔබට තිබුණේ නැද්ද?

    බයිට් පැකට් හදන ව්‍යාපාරයක් මම සුළුවෙන් ආරම්භ කළා. ඒකත් කරගෙන යන්න බැරි තත්ත්වයකයි මම දැන් ඉන්නේ.

    කලාකාරිනියක් විදිහට රජයෙන්වත් පිහිටක් ඉල්ලුවේ නැද්ද?

    දේශපාලනය කරන්න ගිහින් 1998 වසරෙදි මට ගුටිකන්නත් සිද්ධ වුණා. කලාකාරිනියක් විදිහට අවුරුදු විසි ගණනක් තිස්සේ බලයට ගේන්න දරදිය ඇදලත් වත්මන් ආණ්ඩුවෙන් මට ලැබුණු දෙයක් නැහැ. 2002 ආණ්ඩුව කා‍ලේ මත්තෙගොඩ ප්‍රදේශයෙන් මුදලට දීපු ඉඩමේ අයිතියවත් භුක්තිවිඳින්න රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩමේ අයිතියවත් නිරවුල් කරලා දෙන්න කියලයි මම අද ඉල්ලන්නේ.

    ඔබ අවසන්වරට රඟපෑ චිත්‍රපටය වුණේ?

    අන්තිමට රඟපෑවේ ‘ආත්ම වරුෂා’ කියන චිත්‍රපටයේ. මම එහි රඟපෑවේ ප්‍රධාන චරිතයක්. නමුත් මගේ චරිතයත්, චිත්‍රපටයත් යන දෙකම අවසානයේ අසාධාරණයට ලක්වුණා.

    ඒ කොහොමද?

    අනෙක් නළු නිළියන්ට මතුවීමට තිබෙන ඕනෑකමට අන්තිමේදී මුළු චිත්‍රපටයේම මගේ චරිතය දර්ශන හතර පහකට සීමාකරලා තිබුණා. මාත් එක්ක වෛරයෙන් සිටින නිෂ්පාදකවරයා චිත්‍රපටයට සිනමාහල් ලබාදෙන බවට බොරු ‍පොරොන්දු දීලා චිත්‍රපටය වැට්ටුවා.

    අතීතය ගැන කනගාටුවෙන්ද ඔබ කතාකරන්නේ?

    ඔව්. මම චිත්‍රපට 40ක පමණත් ටෙලිනාට්‍ය 25ක පමණත් රඟපාලා තියෙනවා. කලාවටයි, දේශපාලනයටයි කඹුරලයි මගේ ජීවිත කාලය ගෙවිලා ගියේ. නමුත් අන්තිමේදී ඒ කිසිමදේකින් පිහිටක් නැතිව මම අද අසරණවෙලා ඉන්නවා.

    අවසාන වශයෙන් කියන්න, ඔය කියන හැලහැප්පිලි නිසා ඔබ දැන් කලාවෙන් සමු අරගෙනද ඉන්නේ?

    කොහෙත්ම නෑ. ඉදිරි කාලයේදිත් මම රඟපානවා. නමුත් ඒ සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහේ ප්‍රබල චරිතයක් රඟපාන්න ආරාධනා ලැබුණොත් විතරයි.

    -කිෂාන් කනංකෙ-
    -රිද්ම-