Category: සුපිරි Cases

  • ජනාධිපතිවරණ සමයේ රත්නපුර වේදිකා මිනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට සිට

    2015 ජනපතිවරණ සමයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරක රැළියකට කඩාවැද සැරසිලි කඩා දමා වෙඩි තබා පුදගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි මීනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට (27 වැනිදා) සිට ඉදිරියට රත්නපුර මහාධිකරණයේ දී පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව මාර්තු 27, 28 සහ 29 යන දින තුනේදී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

  • සැමියන්ට හා දරුවන්ට කොලේ වසා මව්වරු සූදු කෙලියේ…

    මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කරවල වෙළදාම කරන මව්වරු 5ස් දෙනෙක්  තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට බොරු කියා මුදල් ඔට්ටුවට සුදු කෙලිමට ගොස් ඇත. කාලයක් තිස්සේ කරගෙන යන මෙම ක්‍රියාව කරවල වෙළදාමෙන් හොදට  අතමිට සරු වූ විට මෙසේ ඔවුන් රහසිගත නිවසක සුදු කෙලිමට පුරුදුව ඇත.

    පොලිසිය වටලන අවස්ථාව වන විටත් මොවුන් ලග දහස් ගණන් මුදල් තිබී ඇති අතර එම අවස්ථාවේදී මෙම කාන්තාවන් ඉතා සුක්ෂමව පොලිසියෙන් බේරී යාමට උත්සහ ගෙන ඇති නමුත්  පොලිසියෙන් ඊට ඉඩ නොලැබී ඇත.

    අත්අඩංගුවටගත් මෙම කාන්තාවන් 5ස් දෙනා හට දඩුවම් ලෙස පැය  50 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දුෂ්මන්ත එපිටවල මහතා නියෝග කර ඇත.

  • ගම්පහ සිදුවීම මහනුවරට හැරවූ තුප්පහි මාධ්‍ය කලාව – (Exclusive)

    කාර්යබහුල වේලාවන්හී ධාවනය වන දුම්රිය තුල දැඩි තදබදය තුල ගැවසෙමින් සමලිංගික ක්‍රියාවල යෙදෙන සමාජ රෝග ආසාධිතයෙකු පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. කෙසේවෙතත් ගම්පහ ප්‍රදේශයේ සිදුවන මෙම ක්‍රියාවලිය ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ මහනුවර ලෙස සත්‍ය එය නොවන බව අප සිදුකල සොයාබැලීමෙන්න අනාවරණය වී ඇත.8.10 පමණ වන විට කොළබ කොටුවට ලගා වන ගම්පහ හරහා පැමිණෙන දුම්රියේ සහ නැවතත් පස්වරු 5.45 ට කොළඹ කොටුවෙන් ගමන් අරබා ගම්පහ හරහා ගමන් කරන දුම්රියේ මෙම පුද්ගලයා ගැවසෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙම දුම්රියේ ගමන් කරන තරුණයින් අසලට විත් අයුතු ලෙස ස්පර්ෂ කරමින් අසම්මත ලෙස හැසිරෙන අතර තදබදය නිසාම බොහෝ දෙනෙකුට මෙය නොතේරේ. ජනාකීර්ණ වේලාවන් තුලදී කාන්තාවන්ට වඩා පුරුෂයින්ට මෙම අසහනකාරී පුද්ගලයින්ගෙන් දැඩි පීඩා එල්ල වන බවටද දැනගැනීමට ඇත.
    දුම්රිය ආරක්ෂණ අංශ සහ පොලීසිය එක්ව මේ සඳහා යම් වැඩපිළිවෙලක් දියත් කල යුතු වන අතර නැතහොත් පාසල් වියේ පසුවන තරුණ දරුවන්ගේ පවා ජීවිත අනතුරේ ඇති බව දුම්රිය මගීන් පෙන්වා දෙයි.

  • "ගෙනා මන්නය අමතක වූ නිසා බෙල්ල කපන්න බැරි වුනා" සමයං ඝාතනය කල හැටි බන්ටි වමාරයි..

    පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බත්තරමුල්ලේ බන්ටි නම් වූ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ සමයංගේ බෙල්ල කපාගෙන විත් අතුරුගිරියේ කනත්තේ තබන්නයැයි බන්ටි පවසා තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් ඔහු පවසා තිබුනේ මෙලෙසිනුයි.

    “අංගොඩ ලොක්කා එක්ක මමයි, තව දෙන්නෙකුයි සමයං සිටි බස් එකට නැගලා වෙපන් හතරකින් වෙඩි තිබ්බා. සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තියන්න. ගෙනාපු මන්නය මගහැරුණ නිසා සමයංගේ මූණට වෙඩි තියලා ෆුට් බෝඩ් එකට ඇදලා දාලා අපි වෑන් එකේ නැගලා ගියා”

    එමෙන්ම අතුරුගිරිය, ජයන්තිපුර රබර් වත්තේ දී ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් හා බන්ධනාගාර නිල ඇඳුම් ඇඳ අවි ආයුධ සූදානම් කරගෙන බන්ධනාගාර බස් රථයට පහරදීමට යාමට පෙර මැදියම් රැයේ අංගොඩ ලොක්කා විසින් ආයුධ සන්නද්ධ කල්ලිය ප්‍රහාරයේ නියමුවා වූ මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමකින් පෙන්වූ බවත්, ඉන් පසු ප්‍රහාරයට ගිය බවත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී නමැති පාතාල සාමාජිකයා ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත.

    කලින් සැලසුම් කළ පරිදි මාකඳුරේ මධුෂ් විසින් අංගොඩ ලොක්කාගේ කල්ලිය වෙත ප්‍රහාරය සඳහා මුදල්, අවි ආයුධ හා ප්‍රහාරය සඳහා සාමාජිකයන් සිව්දෙනකු ද එවා ඇත. මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා, බත්තරමුල්‍ලේ බන්ටි ඇතුළු දස දෙනකු සහභාගි වී ඇති අතර ප්‍රහාරය සඳහා ටී-56 අවි 04ක් හා පිස්තෝලයක් යොදාගෙන ඇත.

    මරදානින් පැහැරගත් ඩොල්පින් වෑන් රථයක නැගී අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු ප්‍රහාරකයන් අතුරුගිරියේ ඉඩමට ගොස් ප්‍රහාරය සඳහා සූදානම් වී ඇති බවත්, අතුරුගිරියේ ලඩියා රැගෙන ආ කැබ් රථය ද ප්‍රහාරයේ දී බන්ධනාගාර බස් රථවල ගමන අඩාළ කිරීමට යොදාගත් බවත් හෙළි වී ඇත.

    ප්‍රහාරය සඳහා අවශ්‍ය ඉලක්ක ගත ස්ථානය අංගොඩ ලොක්කා විසින් තෝරගෙන ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් ප්‍රහාරයට දින දෙකකට පෙර දින (25) සවස ඩොල්පින් රථයේ දමාගෙන ගොස් අතුරුගිරිය රබර් වත්තේදීම මෙහෙයුම සිදුවන ආකාරය විස්තර කර ස්ථාන පරීක්ෂාවක් ද කර ඇති බව හෙළි වී ඇත.

     

    එදින රාත්‍රියේම මෙම කණ්ඩායම ප්‍රහාරයට තෝරාගත් තැනින් වෑන් රථය නවත්වා කළුතර බන්ධනාගාර ඉදිරිපස ගේට්ටුව දක්වා ඇවිද ගොස් පැමිණ ඇති බවත් හෙළි වී ඇත. බන්ධනාගාරයේ සිට ප්‍රහාරයට තෝරාගත් තැන දක්වා තිබි ඇත්තේ මීටර් දෙසීයක දුරකි.

    මෙහි දී බන්ධනාගාර බස් රථ දෙකේ ගමන් වේගය අඩාළ කර ඉලක්කය සපුරා ගැනීම සඳහා ලඩියා ගෙන ආ කැබ් රථයේ තැඹිලි කපන මුවාවෙන් තැඹිලි වලු කිහිපයක් ද රැගෙන යාමට සැලසුම් කර ඇත.

    පසුදින (26) රාත්‍රියේ අතුරුගිරියේ රබර් වත්තට යළි එකතුවන කණ්ඩායමට එහි දී වෑන් රථයේ තිබූ නිල ඇඳුම් ඇඳගෙන කළු බෑගයක තිබූ අවි ආයුධ බෙදාගැනීමට ලොක්කා උපදෙස් දී ඇත. අංගොඩ ලොක්කා ‍පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමක් ඇඳ ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අඳින ඇඳුම් සෙසු නවදෙනා ඇඳ ඇත.

    සියලු දෙනා අවි ආයුධ සමග ‍පෝලිම් කර වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා මාකඳුරේ මධුෂ්ට පෙන්වා දීමෙන් පසුව ප්‍රහාරය එල්ල කළ දින (27) අලුයම 1.30ට අදාළ ස්ථානයට පැමිණ ඇත.

    කඳුගැට සහිත ප්‍රදේශයේ ටී-56 අවිකරුවන් තිදෙනකු බස්රථවලට පහරදීමට යොදා අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රථයට නැග පහරදීම සඳහා ගොස් ඇත්තේ සමයං රැගත් බස් රථය එන බවට අංගොඩ ලොක්කාට ලද දුරකථන ඇමතුමකින් පසුවය. ඒ මොහොතේ දී බස් රථයේ සිටි දෙමළ ජාතික නියාමකවරයා ලොක්කා ඇතුළු සිව්දෙනා සිටි දෙසට එල්ල කළ වෙඩි ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ කකු‍ලේ බූට් සපත්තුවේ වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි පිරිස එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත.

    මේ වනවිටත් වෙඩිවැදී තුවාල ලබා බස් රථයේ බඩගාගෙන ආ සමයං ඇතුළු පාතාල කණ්ඩායම සොයා ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රියට නැග ටී56 අවි තුනකින් හා පිස්තෝලයකින් වෙඩි වරුසාවක් සමයංගේ හිසට හා අනෙක් පිරිසට තබා විනාඩි ගණනක් තුළ වෑන් රථයේ නැගී පලාගොස් ඇත.

    අතරමග දී එක් එක් සාමාජිකයන් බස්සවන්නට වූ බවත්, සියලු දෙනාට රුපියල් තිස්දහස බැගින් මධුෂ් එවා තිබූ බවත් සැකකරු හෙළිකර ඇත.

    තමාව පානදුරෙන් බස්සවා ගිය බවත්, ඉන් පසුව බත්තරමුල්‍ලේ නිවසට පැමිණ මධුෂ්ගේ ඇමතුමකට අනුව මාතරට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන නුවරඑළියට ගිය බවත් සැකකරු වන බන්ටි හෙළිකර ඇත.

  • පාසල් සිසුවියන් කම්සැප විදින ලැගුම්හල වටලයි..

    නිකවැරටිය නගරාසන්නයේ ලැගුම්හලක් වටලා බාල වයස්කාර  පාසල් සිසුවියක් සහ ඇය එහි රැගෙන පැමිණි 23හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනිමට නිකවැරටිය පොලිසිය සමත් වී තිබේ.

    නිකවැරටිය බුදුමුත්තාව ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල ට නිරන්තරයෙන් පාසල් සිසුවියන් රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

    ඒ අනුව විමසිල්ලෙන් සිටි පොලිසිය පසුගිය දිනෙක මෙම වැටලීම සිදුකර ඇත.

    සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය රෝහලට ඇතුලත්කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයා 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

    සැකකරු බුදුමුත්තාව ප්‍රදේශයේ ම පදිංචි  එච් පී ඩී සාලින්ද නැමැති අයෙකි.

    ලැගුම්හලේ හිමිකරු ද රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

  • පොලිසිය වෙඩි තියපු මාල හොරුන්ට ගමේ අය සලකපු සැලකිල්ල..(video)

    මාර්තු 20 වන දින උදැසන මුන්දලම ප්‍රදේශයේ මාලයක් කඩා පලා යමින් සිටි හොරු දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මොවුන්  පැමිණි යතුරු පැදියද අත්අඩංගුවට අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    මෙම මාල හොරුන් දෙදෙනා නවගත්තේගම පදිංචිකරුවන් වෙනවා..

     

  • උඩුවේ හිමියන්ට වැඩ වරදී…

    මහජනතාව  පිඩාවට පත්වන අන්දමින් ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්දයෙන් ගොනුකොට ඇති නඩුවකට පෙනී නොසිටීම නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඊයේ(20) උන්වහන්සේට විරුද්ධව  වරෙන්තු නිකුත් කලා…

    පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාග වේ. නඩු තීන්දුව අවසන් වනතුරු උන් වහන්සේට නියෝග කර ඇත්තේ අවට ජනතාවට හිරි හැර නොවන පරිදි උදේ 5ත් 6ත් අතර කාලය තුල ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙසයි.

    අදාල නියෝගය උන්වහන්සේ විසින් නිසිආකාරව ඉටු කරනවාද යන්න  සොයා බැලී සඳහා කිරුලපන ස්ථානාධිපතිවරයාට අතිරේක මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබෙනවා..

  • සොරා සහ සොර කල්ලිය දෙකඩවෙයි – උදය මහින්ද ප්‍රබල මත ගැටුමක….

    ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ද, සිලෝන් ටී ගාර්ඩ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ කොටස් හා සියළු වත්කම් ද කූට හා වංචනික ලෙස විකිණීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිලට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන අතර මෙම කටයුතු වලදි විමල්ට මෙන් ගම්මන්පිලට මහින්දගෙන් සහයක් නොලැබිම පිළිබදව දින කිහිපයකට පෙර සිටම ගම්මන්පිල මහින්දට දැඩි අප්‍රසාදය පලකර ඇත. දින කිහිපයකට පෙර තම කතාවකට ආණ්ඩු පක්ෂය බාධා කිරිමේදි මහින්ද මැතිසභයෙන් නැගිටයාම පිළිබදව ගම්මන්පිල දිගින් දිගටම මහින්දට දෝෂාරෝපණ එල්ල කර ඇත. එහිදි මහින්ද පවසා ඇත්තේ තමන් පුද්ගලික කාරනාවකට එලියට ගිය බවයි. එහෙත් දිගින් දිගටම උදයගේ ප්‍රශ්ණ කිරිම් හමුවේ මහින්දටද කේන්තිය පාලනය කරගැනිමට නොහැකිව උඹලට මමද හොරකම් කරන්න කිවුවේ? යනුවෙන් විමසා ඇත. කෙසේ වෙතත් මෙම සිදුවිමෙන් පසුව මහින්ද ගම්මන්පිලගේ කිසිදු වැඩකට සහය නොදැක්විමට තිරණය කර ඇති අතර මෙය මහින්ද පාර්ශවය දෙදරායාමක් ලෙස දේශපාලණ විශ්ලේෂකයෝ අර්ථ දක්වති.

  • නීතියෙන් රිංගන්නට වෙරදරන මහින්දට වැඩ වරදින ලකුණු….

    බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තාවන අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ඊයේ(16) දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත.

    ඒ අනුව ලබන 24 වනදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත නැවත කැඳවීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි. රූපවාහිනී සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට කැඳවා තිබුණි.

    2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී රූපවාහිනී සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේවෙතත් මහින්ද එදිනට නොපැමිණියහොත් ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහුව අධි්කරණයට රැගෙන ඒමට සිදුවනු ඇති බව නිතිවේදින්ගේ මතවාදය වි ඇත.

  • ලේස් ගැට ගහපු පොලිස් ලොක්කට වෙන්න යන දේ මෙන්න…..

    පොඩ්ඩන්ගේ ආත්ම ගරුත්වය නැතිවන ලෙස හැසිරෙන ලොක්කන් ගැන අප අසා නැතුවා නොවේ. ඇතැම් ලොක්කන් ගෙදර බල්ලා නාවා ගන්නේද, ඇතැම් විට රෙදි සෝදා ගන්නේද පොඩ්ඩන්ට කියාය.

    එහෙත් ඒවා ප්‍ර‍සිද්ධ වන්නේ නැති තරම්ය. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරුය.කෙසේවෙතත් මේ වනවිට අදාල පොලිස් නිලධාරියාට ඒරෙහිව විනය පියවර ගැනිමට සියළු කටයුතු සුදානම් වෙමින් පවතින බව නිල නොලත් වාර්තා සනාථ කර අැත.

  • ඝාතකයා රජ කුමරෙක් – අනුර රහසේ දිපු සාක්ෂිය මෙන්න…

    රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා රජ කුමරෙක් බව ප්‍රකාශ කර අැති බව අපට වාර්තා වේ..

    දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා නියෝග කළ අතර හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.