නීතියෙන් රිංගන්නට වෙරදරන මහින්දට වැඩ වරදින ලකුණු….

Spread the love

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තාවන අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ඊයේ(16) දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත.

ඒ අනුව ලබන 24 වනදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත නැවත කැඳවීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි. රූපවාහිනී සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට කැඳවා තිබුණි.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී රූපවාහිනී සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මහින්ද එදිනට නොපැමිණියහොත් ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහුව අධි්කරණයට රැගෙන ඒමට සිදුවනු ඇති බව නිතිවේදින්ගේ මතවාදය වි ඇත.