Category: සුපිරි Cases

  • අඹ ගහ මහළු ද ? ඵලදාව අඩුද ? මෙන්න අඹගස තිරිහන් කරන විද්‍යාත්මක ක්‍රමය

    අඹ ගහ මහළු ද ? ඵලදාව අඩුද ? මෙන්න අඹගස තිරිහන් කරන විද්‍යාත්මක ක්‍රමය

    පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය.

    පැළ තවානකින් මිලදී ගෙනැවිත් ඉතා සැළකිලිමත්ව ගෙවත්තේ සිටුවාගන්නා අඹ පැළයට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදී විද්‍යානුකූලව කප්පාදු කරමින්, හොඳින් ඵලදාව දෙන හුරුබුහුටි අඹ ගසක් නිර්මාණය කරගන්නා ආකාරය පසුගිය ලිපියකින් අප පෙන්වා දුන්නෙමු.

    කිරුළේ පත‍්‍ර සියල්ලම හිරුරැසින් නැහැවී උපරිම ආහාර නිෂ්පාදනයක් සිදුවෙන අයුරින් අතු පන්තිය සකසා ගැනීම මේ කප්පාදුවේ ප‍්‍රධාන අරමුණ විය. ඊට අමතරව පළිබෝධ හානි අවම කරගැනීම උදෙසා ළපටි ගෙඩි ආවරණය කිරීමටත්, අස්වැන්න නෙළීම පහසු කරගැනීමටත් හැකිවෙන පරිදි ගසේ උස අඩුකරගැනීම ද තවත් අවශ්‍යතාවයක් තිබුණි.

    ළපටි අඹ පැළයක් මේ ආකාරයට පුහුණු කරමින් තම අභිමතයට අනුව ගසක් නිර්මාණය කරගත හැකි වුවද, අද මෙරට තිබෙන බොහොමයක් අඹ ගස් සිටවූවා මිස මෙවන් පාලනයකට නතුවූ ඒවා නොවේ. ඒ නිසාම ඒවාහි වර්ධනය සිදුවී ඇත්තේ ගසට උවමනා පරිදිය. ඵලදාව දෙන්නේද සොබාදහමේ නියමයන්ට අනුව තම වර්ගයා නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයක් බීජ නිපදවා පරිසරයට මුදාහැරීමට මිස, සිටවූ පුද්ගලයාගේ ආර්ථික ප‍්‍රතිලාභයන් පිරිමසන්නට නොවේ. අතු එකිනෙක අතිපිහිත වෙමින් පිහිටන නිසා මෙම ශාකවල සූර්යාලෝක ප‍්‍රතිග‍්‍රහණය ඉතා අකාර්යක්ෂමය.

    ඒ හේතුවෙන්ම ඵලදාවද අවම අගයක් ගනී. ගස් උසින් වැඩි බැවින් සෑදෙන සුළු ගෙඩි ප‍්‍රමාණය වුවත් අපගේ ග‍්‍රහණයට නතුකර ගැනීම අපහසුය. සැළකිය යුතු ගෙඩි ප‍්‍රමාණයක් පලතුරු මැස්සාගේ හානියටත්, පැසී ඉදෙද්දී වවුලන් ලේනුන් වැනි වෙනත් සතුන්ගේ ආහාරය පිණිසත් යෙදවෙන්නේය. එවන් හානියක් විඳ දරාගනිමින් දිගටම සිටිය යුතු නැති බවත්, විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පැරණි අඹ ගසක් වුවත් කප්පාදුකර වගාකරුට හසුරුවාලිය හැකි ගසක් නිර්මාණය කළහැකි බවත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂකයින් පෙන්වා දී තිබේ. කෙසේනමුත් කප්පාදුවෙන් පසු, අස්වැන්න නොලැබෙන වසර දෙක තුනක්ද උදාවෙන නිසා වගාකරු එයටද සිත එකඟ කරගත යුතුවේ.

    ”දශක කීපයක් පැරණි අඹ ගසක් පවා මෙම දැඩි කප්පාදුව නමැති ක‍්‍රමවේදය යටතේ ‘තිරිහන්’ කරගන්න පුළුවන්. හුඟක්ම පැරණි ගස් වලට නම් මෙය ආර්ථික වශයෙන් ලාභදායක ක‍්‍රමයක් නෙවෙයි. පසේ හොඳින් තෙතමනය තිබෙන කාලයක් තමයි මේ සඳහා තෝරාගත යුත්තේ. හොඳින් වැඩුණු එක අත්තක් ඉතිරි කරලා අනෙක් අතු සියල්ල කපා දමනවා. තිබෙන මුළු අතු වලින් 80% ක් පමණ ඉවත්කිරීම මේ යටතේ සිදුවෙනවා. කප්පාදුව ආරම්භ කරන්නේ කුමන උසකින්ද යන්න තීරණය කළයුත්තේ වගාකරුගේ අභිමතය සහ ගසේ අතු බෙදීම සිදුවී ඇති ආකාරය අනුවයි. අපේ පර්යේෂණායතනයේ තිබෙනවා පොළොවේ සිට මීටර් 2.5, 3.0, 3.5, 4.0, 4.5 යනාදී උසින් කප්පාදුවට භාජනය කළ ශාක”

    එසේ පවසන්නේ අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ උද්‍යාන බෝග පිළිබඳ පර්යේෂණයන් මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතායි. කරුණු එපරිදි නම් මේ වැසි සමය කප්පාදුවක් සඳහා උචිත කාලයක් වේ. අධික වැසි හා අධික වියළි කාල මගහරින්නේ නම් වඩාත් යෝග්‍යය. අතු බොහොමයක් කපා දැමුව විටදී පසෙහි තිබෙනා ජලය කාර්යක්ෂමව ශාකය තුළට ඇද ගැනීමට ඉවහල් වන, පත‍්‍ර වලින් ජලය වාෂ්පවීම නිසා ගොඩනැගෙන චූෂණ බලය නොහොත් උත්ස්වේදන චූෂණය ශාකයට අහිමි වී යයි. ඒ නිසා කප්පාදුව සිදුකරන අවස්ථාවේදී ජලය පහසුවෙන් උරාගැනීම සදහා පසේ ජලය හොදින් තිබිය යුතුය.

    තෙතමනය පසේ හොඳින් තිබුනද එක අත්තක් ඉතිරි කරන්නේද යම් තරමක චූෂණයක්ද තිබිය යුතු නිසාමය. ඉතිරි කරන මෙම අත්ත ප‍්‍රධාන අත්තක් නොවන අතර ගසේ සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි පත‍්‍ර හොඳින් තිබෙන කුඩා අත්තක් විය යුතුවේ. ඒ හරහා මූල පද්ධතියට අවශ්‍ය ආහාර නිපදවීමත්, වර්ධනයට අවශ්‍ය ජලය උරාගැනීමත් සිදුවේ. පැරණි අඹ ගසක් දරන මුළු අතු ප‍්‍රමාණයෙන් 80% ක් පමණ ඉවත් කරනවා යනු, විශාල දැව ප‍්‍රමාණයක් නිදහස් වීමකි. දුර්වල දැව වර්ගයක් නිසා මේවා කලක් තබාගැනීමද කළ නොහැකිය. එබැවින් කප්පාදුවෙන් පසු නිදහස්වෙන දැව සඳහාද ආර්ථික වටිනාකමක් ලබාගැනීමේ ක‍්‍රමයක් සූදානම් කරගෙන කප්පාදුව ඇරඹීම වඩාත් ඵලදායී වේ.

    කප්පාදුවට භාජනය කරන ශාකයේ මුල් අතු බෙදීම ඉතා පහළින් සිදුවී තිබේනම්, බෙදුණු ස්ථාන පසුකර, පොළොවේ සිට අඩු උසකින් අතු කපා දැමිය හැකිවේ. එවන් ශාකයකින් ලැබෙන වාසිය වන්නේ කුඩයක් ආකාරයට මනාව විසිරුණු කිරුළක්, පොළොව මට්ටමේ සිට අඩු උසකින් නිර්මාණය කරගත හැකිවීමයි. මුල් ශාකයේ අතු බෙදී ඇත්තේ තරමක් ඉහළින් නම්, කප්පාදුව කළයුත්තේ ඊටත් ඉහළින් නිසා, ඉදිරියේදී නිර්මාණය වන ශාකය තරමක් උස එකක් වීම වැළක්විය නොහැකිය.

    ”අතු කැපීම සඳහා යාන්ත‍්‍රික කියතක් භාවිතා කළයුතුයි. කැපුම් තලය මත ජලය නොරැුඳෙන පරිද්දෙන් යම් ආනතියකින් කපන්නත් ඕනෑ. ඒ වගේම අත්තක් කපනකොට එය ප‍්‍රධාන කඳට සම්බන්ධ වෙන ස්ථානයෙන්ම නොකපා අඟල් කීපයක් දුරින් කපන්න ඕනෑ. දිලීරනාශකයක් කැපූ පෘෂ්ඨයේ ආලේප කිරීමත්, එය වියලූන පසු ඊට උඩින් සුදු එනමල් තීන්ත මගින් තුවාලය වැසීමත් කළ යුතුයි. මෙම තීන්ත ආලේපනය වසරකට වරක් පමණ කීප වතාවක් කළයුතු වෙනවා”

    ශාකයේ මතු ආරක්ෂාව උදෙසා අනුගමනය කළයුතු පිළිවෙත් ගැන විජිතවර්ණ මහතා පවසන්නේ එවන් අදහසකි. කැපූ අතුවල මෙතෙක් කලක් අක‍්‍රියව තිබූ පාර්ශ්වික අංකුර දැන් ක‍්‍රියාත්මක වනු ඇත. තමාට අවශ්‍ය ආකාරයේ කිරුළක් සාදාගැනීම උදෙසා ප‍්‍රමාණවත් අතු සංඛ්‍යාවක් ඉතිරි කරගෙන අලූතින් සෑදෙන වැඩිපුර අතු වුවත් ඉවත් කිරීමට වගාකරු පසුබට නොවිය යුතුවේ. විශාල ප‍්‍රමාණයක් නව රිකිලි අලූතින් ලියලා එන බැවින් කිහිප වතාවක්ම රිකිලි .තුනී කිරීමට. සිදුවීම ස්වභාවිකය.

    ළපටි දළු පහසුවෙන් ඇන්ත‍්‍රැක්නෝස් වැනි දිලීර රෝග වලටද, අඹ කීඩෑවා වැනි කෘමීන්ගේ හානියටද පාත‍්‍ර විය හැකි නිසා සංස්ථානික කෘමිනාශක සහ දිලීරනාශක යෙදීමද ආරක්ෂක පියවරකි. බොහොමයක් කප්පාදු කළ අඹ ගස් අසාර්ථක වන්නේ අලූතින් හටගන්නා රිකිලි වලට සිදුවන මෙවැනි ආසාදනයන් නිසා බැවින් කප්පාදුවෙන් පසු මෙය විශේෂයෙන් සැළකියයුතු කරුණක් වන්නේය. ශාකයේ ජීවී ක‍්‍රියාකාරිත්වය සඳහා සෑදී ඇති නව කිරුළ ප‍්‍රමාණවත් යයි සිතෙන්නේ නම්, පෙරදී ඉතිරි කරගත් පැරණි අත්තද දැන් කපා දැමිය හැකිවේ. බොහෝවිට මේ සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනු ඇත.

    පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය.

    තාක්‍ෂණික කරුණු – ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ
    මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අගුණකොළපැලැස්ස

    සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

  • පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ ‘හොඳම නළුවා’ සම්මානය ලංකාවට

    පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ ‘හොඳම නළුවා’ සම්මානය ලංකාවට

    චතුර විමර්ෂ ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය

    හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

    රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000ක්

    පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ තමා කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

    පිය-පුතු සබඳතාව මතින් පැන නගින සර්වකාලීන ඝට්ටනය විසින් නව ලෝකය බිහි වන බව සංකේතාත්මකව මෙන් ම මනෝවිශ්ලේෂණාත්මකව ද අවධාරණය කෙරෙයි. සිග්මන් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන් ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, අපට සමීප සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික වශයෙන් ‘One Blood’ ප්‍රස්තුතයට සමානය.

    චතුර විමර්ෂ ප්‍රනාන්දු

    Jaffna international film festival (2019), Agenda 14 film festival (2019), Pinwood studio London සංවිධානය කරන ඛසඓ Lift off global first-time filmmaker session (2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.

    ‘One Blood’ සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.

  • අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

    අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

    කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර මෙරට තුළද කලකට ඉහතදී මෙම නිෂ්පාදනය නිදහසේ භාවිතා කරන ලදි.

    එසේවුවත් විවිධ පාර්ශවයන්ගෙන් පැමිණි විරෝධතා නිසා වරක් එය ශ‍්‍රී ලංකාව තුළ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වී, පසු කලෙක සීමිත භාවිතයක් වෙනුවෙන් අවසර දීමටද පියවර ගනු ලැබීය. මේ අනුව වර්තමානයේ ග්ලයිෆොසෙට් භාවිතා කළ හැක්කේ තේ, රබර් යන වැවිලි බෝගයන්හි වල් මර්දනය සඳහා පමණක් වේ. ආනයනය මෙන්ම බෙදාහැරීම සිදුකරනු ලබන්නේද රජයේ නියාමනය යටතේය. තවමත් වී වගාවද ඇතුළුව කෙටිකාලීන කෘෂිකාර්මික බෝග වගාකරන භූමි සඳහා ග්ලයිෆොසේට් භාවිතයේ තහනම එසේම පවතී.

    ගොවිතැන උදෙසා ග්ලයිෆොසෙට් වල අනිවාර්යය අවශ්‍යතාවයක් ඇති බවට වූ ආකල්පයක් කෙතරම් ජනතාව අතරට ගොස් තිබේද කියනවානම්, මේ වනවිට නීත්‍යානුකූල නොවන මාර්ගයන් ඔස්සේ හෝ මෙය ලබාගෙන භාවිතාකිරීමට වී ගොවියා පවා පෙළඹී සිටී. එනම් පළිබෝධනාශක අලෙවිකරුවන් පවසන්නේ ග්ලයිෆොසෙට් සොයා සැලකියයුතු පිරිසක් තවමත් ඔවුන් වෙත එන බවයි.

    මේ ඉල්ලූම නිසාම අනවසරයෙන් පවා මෙරටට ග්ලයිෆොසෙට් රැුගෙන එන අවස්ථා අනාවරණය වී තිබේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ රැුගෙන එනවායයි විශ්වාස කෙරෙන මෙම ද්‍රව්‍යය ඉතා ශක්තිමත් ජාලයක් හරහා රට පුරා බෙදාහරිමින්ද තිබේ. නීතිය යටතට හසුකරගනිමින් නඩු මාර්ගයට එළඹීමට හැකි සීමාවන් පවා අභිබවමින් මෙම ක‍්‍රියා සිදුවෙමින් පවතී. ඒ පිළිබ`දව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලසන්ත රත්නවීර මහතා පැවසුවේ මෙවන් අදහසකි.

    ”අප සතු ශක්තිය හා සම්පත් උපයෝගී කරගනිමින් අප පසුගිය වසරේදීත් වැටලීම් ගණනාවක් සිදුකලා. ඒ අනුව අලෙවිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග පවා අරගත්තා. අයකළ දඩ මුදල රුපියල් ලක්ෂ ගණනක්. ඒ වුවත් දඩ මුදල ගෙවා නිමකර මේ වැඬේ නැවතත් එම ව්‍යාපාරිකයින් විසින්ම පටන් ගන්නවා. ගොවි ජනතාවගෙන් එන ඉල්ලූම තමයි එයට ප‍්‍රධාන හේතුව”

    ග්ලයිෆොසෙට් නොමැතිව ගොවිතැන් කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ කර අවසන්ය. එබැවින් ගොවියා තුළ ආකල්පමනය වෙනසක් ඇතිවී ග්ලයිෆොසෙට් ඉල්ලා වෙළඳසැල වෙතට යන සිරිත ඔහු විසින් අත්හල යුතුවේ. ජනතාවගෙන් ඉල්ලූමක් නැතිනම් අනවසරයෙන් නොව අවසර ලබාගෙනවත් ව්‍යාපාරිකයින් මේවා ආනයනය කරන්නේ නැත.

    කටයුතු පාලනය කිරීම උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය මහජන සහාය බලාපොරොත්තුවෙන්නේ මේ හේතුවෙනි. මේ ආකාරයෙන් රට තුළට පැමිණෙන ග්ලයිෆොසෙට් නීත්‍යානුකූල ඒවාටත් වඩා පරිසරයට මෙන්ම ජනතාවට හානි ගෙනදෙන බවට විද්වත් මත පලවී ඇති පසුබිමක මහජනතාව මීට වඩා සැලකිලිමත්ව මේ ගැන සිතා බැලිය යුතුය.

    සංයුතිය කෙබඳුදැයි පරීක්ෂාකර, ලියාපදිංචිකර පරිහරණය සඳහා අනුමැතිය දීම සාමාන්‍ය ක‍්‍රමවේදය වුවත්, මෙහිදී එවැන්නක් සිදු නොවන නිසා ආරක්ෂකබව සම්බන්ධයෙන් බරපතල අවදානමක් තිබේ. අනෙක් කරුණ වන්නේ මෙම අනවසර නිෂ්පාදනයන් සඳහා විධිමත් මිල නියාමනයක් නොමැති වීමයි. කුමන සංයුතියකින් යුතුව කුමන ද්‍රව්‍යය අන්තර්ගතදැයි කිසිවෙක් දන්නේ නැත.

    නිසි ප‍්‍රමිතියක් නොලැබූ මෙවන් දෑ පරිසරයට මුදාහැරීමෙන් සිදුවන්නේ විශාල හානියකි. මීට අමතරව අනවසර දෑ සඳහා වෙළෙඳුන් හිතුමනාපයට මුදල් අයකරනු ලබයි. මේ නිසා ගොවියාට අනවශ්‍ය නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන්නේය. ඊට සරිලන වැඩි මිලක් තම නිෂ්පාදනයට පාරිභෝගිකයාගෙන් ලැබෙන බවට සහතිකයක්ද නැත.

    නීත්‍යානුකූලව මෙවැනි කටයුතු නියාමනය කරනවාට වඩා ප‍්‍රයෝගික විසඳුම වන්නේ ගොවි ජනතාව නිසියාකාරව දැනුවත්ව අනවසර නිෂ්පාදනයන්ගෙන් ඈත්වී සිටීමයි. එම කටයුතු වලට සහය දීම සමස්ත සමාජය සතු වගකීමක්ද වන්නේය.

    පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
    තාක්‍ෂණික කරුණු ඃ ලසන්ත රත්නවීර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය, ගැටඹේ

  • vivo වෙතින් නව ස්මාර්ට් දුරකථන 2ක්

    vivo වෙතින් නව ස්මාර්ට් දුරකථන 2ක්

    Y50 සුවිසල් බැටරි ධාරිතාවයකින් සහ ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් සමන්විත අතර, Y30 උසස් Gaming පහසුකම් සහ පසුපස කැමරා 4කින් සමන්විතය.

    vivo මොබයිල් ලංකා සමාගම නූතනත්වයෙන් අනූන නව්‍යකරණ නවතම ස්මාර්ට් දුරකථන දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Y50 සහ Y30 ස්මාර්ට් දුරකථන වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවන් සපුරාලනු ඇති අතර, මේ ස්මාර්ට් ජංගම දුරකථනවල නවතම උපාංග මගින් gaming පහසුකම් ඉතා උසස් මට්ටමකට ගෙනවිත් තිබේ.

    vivo, සිය පාරිභෝගිකයන් වෙත සෑම විටම සැබෑම නව්‍යකරණ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින සමාගමකි. Y50 සහ Y30 නවතම ස්මාර්ට් දුරකථන එම නව්‍යකරණ කැපවීම්වලට සාක්ෂි සපයන අතර, එමඟින් සෑම තරාතිරමකම තරුණ වැඩිහිටි සියලුදෙනා වෙනුවෙන් ගැළපෙන ජංගම දුරකථන විසඳුම් ලබා දෙනු ලබයි. මේ ස්මාර්ට් ජංගම දුරකථන දෙකම Y කාණ්ඩය යටතේ නිකුත් කර ඇති අතර, තරුණ පරම්පරාවේ අවශ්‍යතාවට සරිලන ආකාරයෙන් දිගු බැටරි ආයු කාලයක් සහිතය.

  • අපේ කොස් ගහ මුල කුණු වෙද්දී ‘ඉන්දිය කොස්’ ලෝක වෙළෙදපොළත් ජය ගෙන

    අපේ කොස් ගහ මුල කුණු වෙද්දී ‘ඉන්දිය කොස්’ ලෝක වෙළෙදපොළත් ජය ගෙන

    මෑතකදී කළ රුධිර පරීක්ෂනයකදී පෙර කිසිදිනක නොලත් ආකාරයේ සතුටුදායක ප්‍රතිපල ලැබූ බව කීවේ, ගෙදර කෑම රස නැතැයි කියමින් කඩචෝරු කෑමට පුරුදුවූ  මා හා කුළුපග ව්‍යාපාරිකයෙකි. ඔහු ජීවත්වී තිබුණේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් වැනි සුව දිවියට එරෙහි සංඝටක බොහොමයක් උවමනාවටත් වඩා පංචස්කන්දය තුළ හිරකරගෙන වූ අතර, කෑම පාලනය වී තිබුණේ මුකවාඩම නිසා නොව, පාර දෙපැත්තේ කෑම කඩ බොහොමයක් පසුගිය වකවානුවේදී වසා තිබුණු නිසාත්, හිතුන වෙලාවට පාරට බසින්නට නොහැකි වෙන සේ මහ දවාලෙත් ඇඳිරි නීතිය බලපැවැත්වූ නිසාත්ය.

    කෑම ගැන කියවෙත්දී මතකයට එන්නේ ඉදිරි ආහාර අහේනියක් පැමිණේ යයි බියෙන් ගෙවතු වවන්නට ජනතාව උනන්දු වූ තරමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මතක ඇති කාලයක මෙවැනි බීජ ඉල්ලුමකට මුහුණ දී තිබුනේ නැත. සාමන්‍යයෙන් හොඳ ප්‍රභේද සොයා යන මිනිසුන් අතට හසුවූයේ කුමන ඇටයක්ද, පැළ කල හැකිනම් එය පසට යටකරන ලදී. කෙසේ නමුත් එළවළුවක් වවාගන්නට දක්වන මේ උනන්දුවෙන් කොටසක්, ප්‍රධාන ආහාරය ලෙස අනුභව කරන්නට හා වේලක් දෙකක් පිරිමසා ගතහැකි බෝගයක්ද අතේ දුරින් බිහිකර ගන්නට ජනතාව උනන්දු වූවානම් ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ වර්ණවත් භාවය ගැන කියලා වැඩක් නැත.

    1912 දී දෙපාර්තමේන්තුව බිහිවෙන විටත් රටේ ජනතාව කොස් පිළිබඳව යමක් දැන හඳුනාගෙන තිබුණි. 17 වෙනි සියවසේදී මහනුවර රාජධානිය තුළ වසර 20 කට වැඩි කලක් වාසයකළ බ්‍රිතාන්‍ය නාවිකයෙක් වූ රොබට් නොක්ස් පවා තම වාර්තාවල කොස් අනුභවය ගැන සඳහන් කර තිබූ අතර, 20 වෙනි සියවසේදී මෙරට කොස් ප්‍රචලිත කිරීමෙහි ලා සුවිසල් මෙහෙවරක් කල චරිතයක් වන්නේ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙක් හා ජනහිතකාමියෙක් වූ ආතර් වී. දියෙස් මහතාය.

    හෙතෙම වයස 74 දී, 1960 ජූලි 31 වෙනිදා (මීට හරියටම වසර 60 කට පෙර) මියයන විට ලාංකිකයින් පමණක් නොව විදෙස් රටවල් පවා ඔහුව හඳුනන්නේ ‘කොස් මාමා’ යන විකල්ප නමෙන්ය. ඊට හේතුව වූයේ ලංකාව තුල කොස් ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ඔහු විසින් ආරම්භ කිරීමයි. මැලේසියාව වැනි රටවලින් ඔහු කොස්පැල ගෙන්වාගෙන තිබේ. මීට අමතරව ජීව්‍යතාවය රැකගැනීම සඳහා අඟුරු සමග මුසුකර සීල්තැබූ ටින්වල ඇසිරූ කොස්ඇටද රැගෙනවිත් ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි පලතුරු බෝග පිලිබඳ පර්යේෂකයෙක් වූ ආචාර්ය සුභ  හීන්කෙන්ද මහතා පවසයි.

    දියෙස් මැතිඳුන් විසින් මේ සියල්ල නොමිලේම ජනතාවට බෙදා දී ඇති අතර, 1918 ජූනි මස 11 වෙනිදා ඇරඹුණු මෙම කොස් ව්‍යාපෘතිය හරහා අද සිටිනා කෘෂි විද්වතුන්ට හොඳ ගස් තෝරාබේරා ඉවර කරන්නට නොහැකි වන තරමේ ප්‍රභේද ගණනාවක් මෙම කොස් පැල ගොන්න නිසා රට තුල බිහිවී තිබේ.

    “80 දශකයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලැබුණා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් අරමුදල් සැපයෙන උද්‍යාන බෝග ව්‍යාපෘතියක්. ඒ සමගම කොස් ප්‍රචාරණය සඳහා බද්ධ පැල තාක්ෂණය බිහි වුණා. වෙන බෝග වගේ නෙවෙයි, කොස් බද්ධයක් සාර්ථක කරගන්න සෑහෙන්න අසීරුයි. බද්ධ ක්‍රමවේදයන් කොස් සඳහා සාර්ථකව සුසර කෙරුවේ හොරණ ගොවිපොළේ හිටපු දන්දෙනියආරච්චි කියන කළමනාකාර මහතා විසින්. මීට අමතරව ඉන්ද්‍රානි මැදගොඩ, එන්.ඊ.ආර්. පින්ටෝ සහ දැනට අප අතර නැති ක්ලෝඩ් සොයිසා, වැනි නිලධාරීන් කොස් වෙනුවෙන් ගොඩක් වැඩ කෙරුවා.”

    හීන්කෙන්ද මහතා කොස් ගමනේ මං සලකුණු මතකයට නගමින් කතාකරයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සිටි මේ සියලු නිලදරුවන් එදා අයත්වූයේ පලතුරු පර්යේෂණ අංශයටය. ඒ නිසාම ඔවුන් කොස් ගෙඩිය දෙස බැලුවේ පලතුරු හැඟීමක් සිත තුල දරාගෙනය. මෙතෙක් ශ්‍රී ලංකාව තුලින් තෝරා නිර්දේශ කරන ලද කොස් ප්‍රභේදයන් සියල්ල, ඒවාහි ‘පලතුරු ගතිය’ නොහොත් වැල හෝ වරකා වලට සුදුසු ගුණාංග පෙන්වාදෙමින් නිර්දේශ කර ඇත්තේ මෙහි වශයෙනි.

    එසේ වුවත් ආතර් වී දියෙස් මහතාගේ දැක්මට අනුව එකල කොස් ඉදිරියට ආවේ ‘බත් ගස’ සේ හැඳින්වෙන ප්‍රධාන ආහාරයේ විකල්ප බෝගයක් ලෙසයි. පශ්චාද් දියෙස් සමයේදී රට සහලෙන් ස්වයංපෝෂණය වීම නිසා විකල්ප බතකට ඇති උනන්දුව අඩුවී ගිය නිසාදෝ, කෘෂි විද්වතුන්ගේ කොස් පර්යේෂනයන්ද පලතුරු පැත්තටම ඇදී ගියා වන්නට පුළුවන.

    එහෙත් අදටත් ඇඹුල් පොලොස්වලට, මැල්ලුමට, කිරිකොස් මාලුවට, වඩාත් සුදුසුයයි සලකුණු කරගත් කොස්ගස් ගම්මුන් ඇසුරේ පලදරමින් තිබේ. මේ පිළිබඳව විද්‍යාත්මක තහවුරු කරගැනීමක් ලබාගැනීමද ඉතා පහසුය. ඉන් පසු අදාළ ශාකයේ අංකුර භාවිතයෙන් බද්ධපැල නිපදවා රටපුරා බෙදා හරින්නට දියෙස් මහත්තයා යලි ඉපදෙන්නටද උවමනා නැත. කවදාහරි ගහ කපාගෙන ලී ටික ඉරාගන්නවා යන සිතුවිල්ලෙන් බැහැරව මෙවන් කොස් පැලයක් දෙකක් ගෙවත්ත අද්දරින් සිටුවා ගන්නටත්, රූස්ස ගසක  අවසානයක් එනතුරු වැඩෙන්නට ඉඩ නොදී, නිසිලෙස කප්පාදුකර ගෙවත්තට ගැලපෙන කොස් ගසක් දෙකක් හදාගන්නටත් ජනතාවත් තම සිත එකඟ කරගත යුතුවේ.

    වත්මන් කෘෂි පර්යේෂකයින්ද දියෙස් යුගයෙන් පසු කොස් ගසෙන් බිමට වැටුණු ‘කොස් පොලොස් වටිනාකම’ යලි නගා සිටුවීමට නොපමාව පියවර ගත යුතුය යන්න අපගේ හැඟීමයි. අගය එකතු කිරීමක් හරහා ඉන්දියානුවන් ගිය ගමන යන්නට අපටත් හැකිවන්නේ එවන් පසුබිමක් උදාවෙන්නේ නම් පමණි. මන්දයත් අගය එකතුකළ නිෂ්පාදන වැඩිපුරම හැදෙන්නේ කොස් නමැති එළවලුවෙන් මිස වැල වරකා නමැති පලතුරෙන් නොවන බැවිනි.

    “1997 දී ශ්‍රී ලංකා කැනඩා සංවර්ධන අරමුදල මැදිහත්වෙලා කොස් ව්‍යාප්ත කිරීමේ ජාතික කමිටුවක් පිහිටුවා ගත්ත. මෙහි අරමුණ වැඩිපුර දිශානත වෙලා තිබුනේ කොස් වලට අගය එකතුකිරීමක් හරහා කොස් නිෂ්පාදන බිහිකිරීමට. ‘වීර්ය සේවා සංසදය කියන සංවිධානය යටතේ රඹුක්කන ඇඹුල්අරඹ නම් ස්ථානයේ ‘කොස් ප්‍රචලිතකිරීමේ පුහුණු මධ්‍යස්ථානය’ කියන තැන තමයි කමිටුව රැස්වූයේ”

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි ආහාර තාක්‍ෂණය පිලිබඳ පර්යේෂකයෙක් වන සෙනරත් ඒකනායක මහතා, කොස් භාවිතයේ අලුත් ගමනක ආරම්භය සිහිපත් කෙරුවේ එලෙසිනි.

    ඉලංගසිංහ නමැති දානපති මහත්මයෙක් තමා සතු ඉඩමක් පවා මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට එකල පරිත්‍යාග කර තිබේ. සෙනරත් මහතා ගන්නෝරුවේ උද්‍යාන බෝග ආයතනයේ සේවය කරන අතරතුරදී මෙහි පුහුණු කටයුතු මෙහෙයවා ඇත. එතැනින් මුදාහැරෙන කොස් නිෂ්පාදනයන්හි තොරතුරු ග්‍රහණය කරගත් විවිධ පුද්ගලයින් හා සංවිධාන, මුදල් අයකරමින් පැවැත්වෙන පුහුණු පන්ති පවා රට පුරා ආරම්භ කර තිබේ. එහෙත් සෙනරත් ප්‍රමුඛ කණ්ඩායමේ ඔරිජිනල් පාඨමාලාව රඹුක්කනදී පැවැත්වූයේ සම්පූර්ණයෙන්ම නොමිලේය. අද දවසේ අප රසවිඳිනා, මුරුක්කු, බයිට් වර්ග, චට්නි වැනි කොස් නිෂ්පාදනයන් මෙරට බිහිවීමේ අඩිතාලම වැටුනේ එලෙසිනි.

    මෙම ව්‍යායාමය ගැන ඉව වැටුණු ඉන්දීය ජාතිකයෙක් වූ, ශ්‍රී පාඩ්රේ නැමැත්තෙක් මෙරට කෘෂිකර්ම බලධාරීන්ගෙන් කල විමසීමකට අනුව, ආචාර්ය හීන්කෙන්ද ගේ මගපෙන්වීම යටතේ සෙනරත් – පාඩ්රේ හමුවීම පසුකලෙකදී ගන්නොරුවේදී සිදුවුනි. ශ්‍රී පාඩ්රේ යනු කර්නටකා ප්‍රාන්තයේ ගොවීන් අතර හුවමාරුවෙන වන ‘අදීකේ පත්‍රිකේ’ නමැති සඟරාවේ සංස්කාරකවරයාය.

    ඇමෙරිකාවේ සුපිරි වෙළඳසැල් වල පවා විකුණන කල්තබාගත හැකිවෙන පරිද්දෙන් බඳුන්වල ඇසිරූ ආසියානු කොස් නිෂ්පාදන වලට කෙළ හලමින් සිටි ඔහුට, සෙනරත් හා ගොඩනැගුනු ඇයිහොඳයිය මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. දැනුමේ දිය පොදක් සොයමින් කතරේ තැන තැන පහුරුගාමින් සිටි හෙතෙම, කලින් දිනයක් වෙන්කරගෙන 2012 වසරේදී තවත් සගයින් සිවුදෙනෙක්ද සමග මෙරටට පැමිණ, ගන්නෝරුවේ සංචාරක නිවස්නයේ දින කීපයක් තිස්සේ ලැගුම් ගනිමින් සෙනරත්ලා යටතේ කොස් වල අගය වැඩිකරන අයුරු හැදෑරීමට පටන්ගති.  

    “වී, තිරිඟු, බඩඉරිඟු වැනි බෝග දේශගුණ විපර්යාසයන්ට සංවේදීයි. ඉදිරි කාලයේදී දේශගුණය තදින් වෙනස්වෙනවා, එතකොට ඔය බෝගයන්ගේ අස්වැන්න පහළ යන බවට අනාවැකිත් පලවෙලා තියෙනවා. කොස් ගස ඒවාට ප්‍රතිරෝධී ශාකයක්. ඒ හින්දා කොස් තියෙන තැන බඩගින්න නෑ. අනිත් එක තමයි පලදාව සම්පූර්ණයෙන්ම කාබනිකයි.”

    එදා සිට අද දක්වාම, ශ්‍රී පාඩ්රේ විසින් කිසිදු සංස්කරණයකින් තොරව මෙම මන්තරය මතුරන්නේය. ඒ මැතිරිල්ලේ ආනුභාවයෙන් ඉන්දීය වෙළඳපොළ කොස් වලට අගය එකතුකළ නිෂ්පාදනයන්ගෙන් පිරී උතුරා ගොස් අවසන්ය. ඒ මදිවාට අගය වැඩිකරන ලද ඉන්දියානු කොස් නිපැයුම්, විදෙස් වෙළඳපොළද ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින්නේය.

    “අපේ වෙළඳසැල්වල විකුණන කපන ලද නැවුම් පොලොස් ගැන ඒ අය දැනගෙනම හිටියේ නෑ. මෙහෙ ගතකරපු කාලේදී ගන්නෝරුවේ ආහාර තාක්ෂණ ඒකකය තුලදී ඔවුන් උදේ ඉඳලා හවස් වෙනතුරු ප්‍රයෝගික පුහුණුවකුත් සමග තාක්ෂණික දැනුම ගන්නවා. හැන්දෑවක මම ඔවුන්ව රැගෙන ගියා මහනුවර පොදු වෙළඳපොළට. ඒ වගේම කැපූ පොලොස් වැඩිපුරම විකුණන නුවර, කොළඹ වීදියට. ඔවුන් ඒවායේ පින්තූර ගත්ත. වෙළෙන්දෝ සමග කතා කළා. අන්තිමට ඔවුන්ව දළදා මාලිගාවට කැටුව ගිය වේලේ, මාලිගාව පිටත පඩිපෙළේ කොනක වාඩිවෙලා මගෙන් අහගෙන එදා දැකපු දේවල්වල පසුබිම ගැන ගොඩාක් තොරතුරු ලියාගත්ත බව මතකයි.. කතාකරන ඒවාත් පටිගත කරගත්ත.”

    මීට අට වසරකට ඉහතදී සිදුවූ දෑ සෙනරත් මහතා ආවර්ජනය කෙරුවේ ඒ අයුරෙනි.කොස් වනාහී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ දුප්පත් වැසියන්ගේ ප්‍රධාන ආහාරයක් වුවත්, එහි කොස් නිෂ්පාදනයෙන් 60% – 70% ක් ගස් යට කුණුවෙමින් අපතේ යාමේ කනස්සල්ලෙන් පසුවූ පාඩ්රේ ආපසු ඉන්දියාවට ගොඩබැස්සේ කේරල ප්‍රාන්තයේ ආර්ථිකය කොස් නිෂ්පාදනයන්ගෙන්ම ගොඩදාන බලාපොරොත්තු සිත තුල දරාගෙනය.

    ඒ වනවිට කොස් පිටි වලින් පපඩම් වර්ගයක් සාදනවා වැනි කර්මාන්තයක් හැරුණුවිට වෙනයම් කොස් කර්මාන්තයක් ඒ පළාතේ කෙරුනේ නැත. පාඩ්රේ විසින් ලංකාවෙන් උගත් දෑ ප්‍රදර්ශනය කිරීම උදෙසා පළමුව කෙරුවේ ‘කොස් සැණකෙළියක්’ (Jack Festival) සංවිධානය කිරීමයි. මෙහි අරමුණ වී තිබුනේ කොස් කෑමෙන් ඇතිවෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන මහජනතාව දැනුවත් කිරීමත්, අගය වැඩිකළ කොස් නිෂ්පාදනයන්හි ඇති වෙළඳ වටිනාකම කේරල ප්‍රාන්තීය වැසියන්ට අවබෝධ කරදීමත්ය.

    සැණකෙළියේ ආකාර්ශනීය අංගෝපාංග රාශියක් තිබුණි. සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, අගය වැඩිකිරීමේ නිෂ්පාදනයන් සඳහා වූ පුහුණු අවස්ථා, ඉවුම් පිහුම් තරඟ, ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් මෙන්ම විවෘත සංවාද, එපමණක් නොව කොස් පැළ සිටුවීමේ කටයුතුද දින කීපයක් තුළ පැවති සැණකෙළියට ඇතුළත් විය.

    චීනය කොස් වවන්නට පටන්ගත්තේ 1992 තරම් මෑත කාලයේදීය. එහෙත් මේ වනවිට ඔවුන්ද අපට වඩා ඉදිරියට ගොසිනි. පාර දෙපැත්තේ පවා කොස් වවන්නට චීන රජය මගින් ජනතාව උනන්දු කරවයි. පිලිපීනයේ කොස් වගාව ගැන කියාදෙන ඊ පාඨමාලා පවා මේ වනවිට තිබේ.

    අද වනවිට කොස් වලින් අගය වැඩිකළ නිෂ්පාදන බිහිකරන අංක එකේ රට බවට වියට්නාමය පත්වූයේ ඉන්දියානුවන්ද පරදවමිනි. මැලේසියාව තම ජාතික ප්‍රතිපත්තියටද කොස් ඇතුළත් කර තිබේ. මේ පසුබිම තුළ අප සිතා බැලිය යුත්තේ රොබට් නොක්ස් මෙහි පැමිණි කාලයේ සිට කොස් කෑ ලාංකිකයා, අද සිටින්නේ කුමන තැනකද යන්නයි.

    බෝගයක් යොදාගෙන සැණකෙළි පැවැත්වීම ඇතැම් රටවල සම්ප්‍රදායකි. ඒවා බොහෝවිට හුදෙක් විනෝදාස්වාදය අරමුණු කරගත් නාස්තිකාර සැණකෙළිය. “තක්කාලි සැණකෙලිය” මීට හොඳ උදාහරණයකි. විශාලම තක්කාලි සැණකෙළිය පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයේය. ඒ 1945 වසරේ සිටයි. මේ වසරේ සැණකෙළිය කොවිඩ්-19 වසංගතය නිසා අවලංගු වූවා මිස, මීට ඉහතදී දේශපාලන හේතු මත එය අවලංගු වී ඇත්තේ 1957 වසරේදී පමණි. මෙහිදී සිදුවන්නේ පිට පළාත්වලින් නගරයට රැගෙන එන ඉදුණු තක්කාලි තොග වලින් රැස්ව සිටින ජනතාව විසින් එකිනෙකාට පහර දීමයි. පැයක පමණ කාලයක් තිස්සේ සිදුවෙන මෙම ‘තක්කාලි අරගලය’ අවසන් වනවිට සියල්ලෝම තක්කාලි පල්පයෙන් නැහැවී අවසන්ය. අනතුරුව නගර සභාවේ ජල බවුසර පැමිණ වීදි පිරිසිදු කරනු ලැබේ.

    තක්කාලි වල තිබෙන සිට්‍රික් අම්ලය නිසා වීදිවල තිබූ පැල්ලම් පවා මැකීගොස් අලුත් පෙනුමක් ලැබීම සැණකෙළියේ එකම ප්‍රතිලාභය යයි සිතන්නට සිදුවෙන්නේ එය ඒ තරමටම නාස්තිකාර ක්‍රියාවක් බැවිනි. 2015 වසරේ සැණකෙළි පැය තුළ තක්කාලි කිලෝග්‍රෑම් 145,000ක් ඒමේ අත දමාගසාගෙන විනාශ කළ බව සඳහන්ය.

    වැල වරකා සමග කොහොල්ලෑ නාගනිමින්, කොස් සැණකෙළියක් පැවැත්වීමට නොවේ අපේ මෙම යෝජනාව. ගතයුතු තැනින් නියම ආදර්ශය ගත යුතුව තිබේ. කර්නාටකා ප්‍රාන්තය තුලදී පාඩ්රේ කල ආකාරයට ‘හෙරලි සැණකෙළියක්’ අපද සංවිධානය කල යුත්තේ දැනට මුලුගැන්වී ඇති කොස් නිෂ්පාදන තාක්ෂනයන් ජනතාව අතරට ගෙනයාමටයි.

    මේ නිෂ්පාදනයන් වනාහී විදේශ විනිමය උල්පත්ය. එක්සත් රාජධානියේ දැනට නිර්මාංශකයින් මිලියන තුන හමාරක් පමණ සිටී. දිනෙන් දින වැඩිවෙන සංකීර්ණ රෝගාබාධ නිසා මෙම සංඛ්‍යාව ඉදිරියටත් වර්ධනය වෙනවා මිස අඩුවෙන්නේ නම් නැත. මස් කන්නට හුරුවූ දිව සනහන්නට, මස් රහට හයියට හැපෙන අනුප්‍රාප්තික ආහාර නිපදවන්නට ඔවුන් බර උත්සාහයක යෙදී සිටී. සියලු දේ පරදවමින් එතැන ඉදිරියෙන්ම සිටින්නේද කොස්ය. වියලූ හෝ අමුවෙන් බඳුන් ගතකල කොස් රට සල්ලි මවනු ඇත්තේ ඒ අයුරෙනි.

    අපේ දේ ගැන විශ්වාසය තබන්නටත්, සැඟවී ඇති අපේ දේ අගය කරමින් ඉදිරිපත් කරන්නටත් පසුගිය වසංගත කාලයේදී අපට ඇතිවූ පුරුද්ද, කොස් වෙනුවෙන්ද ආදේශ කරමින් පුළුවන් විධියට ‘හෙරලි සැණකෙළිය’ සංවිධානය කළ යුත්තේ මේ නිසාය. ගන්නෝරුවේ කෘෂිකර්ම පුරවරයේම මේ සඳහා උචිත ‘කොස් වත්තක්’ ද තිබෙන්නේය. අක්කර පහක් විශාල පර්යේෂණ පලතුරු උයනේ කොටසක් පුරවා සිටින දේශීය කොස් ප්‍රභේද එකතුව, සැණකෙළියට පැමිණෙන්නන් හට ඇඟට දැනෙන සජීවී අත්දැකීමක්ද ලබාදෙනු නොඅනුමානය.

    “මේ තරම් වටිනා සම්පතක් අපට අහිමි කරන නිහඬ මාරයා ගැනත් යමක් ලියන්න” ආචාර්ය හීන්කෙන්දගේ ඉල්ලීමකි.

    “කවුරුවත් අවධානය යොමු නොකරන නිහඬ මාරයෙක් රටේ තිබෙන හෙක්ටයාර් 55,000ක පමණ කොස් වගාව බිලි ගනිමින් සිටිනවා. මේවා එකතැන පිහිටන වගා වශයෙන් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා යම් තැනක කොස් ගසක් මැරුනොත් එය වගාවක වූ සිදුවීමක් ලෙස වාර්තා වෙන්නෙත් නෑ. වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන හුදකලා මරණයක් පමණයි. පසේ තිබෙන දිලීර වර්ග කීපයක් කොස් ගසට වැළඳිලා, සෙමෙන් සෙමෙන් කොස් ගස් මැරෙනවා.  මෙවන් තත්වයක් තිබේනම් අදාළ අංශ වලට දන්වන්න ඕනෑ. අනෙක් කරුණ තමයි පිළිල. මේක හරියට පිළිකාවක් වගේ. ලොකු ගස් මැරෙන තුරුම කව්රුවත් පිළිල ඉවත් කරන්න උනන්දු වෙන්නේ නෑ.”

    ආතර් වී දියෙස් මැතිඳුන් කොස් විප්ලවයක් පටන් ගන්නා කාලයේ මෙරට මිනිසුන් තුනෙන් දෙකක්ම කෑවේ පිටරටින් ගෙනෙනා හාලේ බත්ය. පැලයේ හැඩය වෙනස්කර, ඇදවැටීම නවතා, පඳුරු ගණන වැඩිකර, රටටම බත සපයන වැඩි අස්වැන්න දෙන ගොයමක් අනාගතයේදී නිපදවෙනු  ඇතැයි ඒ කාලේ කිසිවෙකුත් නොසිතන්නට ඇත. ලෝකයේ හරිත විප්ලවය ඇරඹෙන්නටත් පෙර කොස් ගස, බත් ගස සේ හඳුන්වාදෙමින් ගමනක් යන්නට මෙවැනි ජනහිතකාමී පුරවැසියන් පෙරට ආවේ එබැවිනි. එදා තත්වයට අනුව එම දැක්ම හා මෙහෙවර අතිශයින් සාධාරණය.

    එහෙත් මේ වනවිට නම්, මත්වෙනතුරු කන්නට වුවත් රට තුළ දේශීය හාලේ බත් තිබේ. ඒ වැඩිදියුණු කල වී වර්ගවලට පින් සිදුවන්නටය. එසේ වුවත් මේ ගොයමෙන් උපරිම අස්වැන්නක් නෙළාගැනුම සඳහා, කෘෂි විද්වතුන්ගේ නිර්දේශ ප්‍රකාරව අවශ්‍යම තැනට, ඉතා අවමයෙන් කෙතට හලනා රසායනික පොහොර වෙනුවෙන්, තවත් උගත් පිරිසක් කනස්සල්ලෙන් හිස කසන්නේය.

    ඔවුන්ගේ දර්ශනයට අනුව රසායනික පොහොර ඒ තරමටම පරිසරයට අසාත්මිකය. එසේ වුවත්  සමස්ත කුඹුරු පද්ධතියම කාබනික ඒවා බවට පරිවර්තනයද මහත් භාරධූර කටුත්තකි. එවැන්නක් සිදුකලද ගොයමට හිමි විභව අස්වැන්න තිරසාරව දිගු කලක් තිස්සේ ලබාදේයයි පර්යේෂණාත්මක තහවුරුවක්ද නැත.

    දෙවියන්ගේ පිහිටෙන් එදා මෙන්ම අදටත් කොස් ගස් මුලට කවුරුවත් රසායනික පොහොර දමන්නේ නැති නිසා කොස් ආශ්‍රිත නිෂ්පාදන නම් අදටත් මුළුමනින්ම කාබනික වේ. තැම්බූ කොස් එක දිගට නොකෑවත්, කොස් පිටි යහමින් දැමූ තෝසේ, ගැටවරයින්ට පවා ගැලපෙන කොස් කොත්තු  යනාදිය සමාජය තුල ප්‍රචලිත කරන්නට මෙම දැන උගත් කණ්ඩායම පියවර ගන්නේ නම්, ඔවුන් හෙළනා දහඩියට දැනට වඩා වටිනාකමක් ලැබෙනු ඇතැයි අපට සිතේ. ඔවුන් පෙන්වාදෙන වසවිස ලෝකයෙන් යම් තරමකටවත් රටවැසියා මුදවා ගැනීමට මෙය ඉතා තාත්වික ප්‍රවේශයකි.

    සනත් එම්. බණ්ඩාර

    සනත් එම්. බණ්ඩා

  • කොරෝනා වසංගතයත් සමඟ රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?

    කොරෝනා වසංගතයත් සමඟ රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?

    රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට($2,000) අධික මට්ටමකින් ඉහළගොස් ඇත

    රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබේ.

    පළමුවරට එවැනි මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීම සහ විශාල මුදල් සම්භාරයක් ලෝක ආර්ථිකයට එකතු වීමත් සමඟ සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට ආයෝජකයන් පෙළැඹී ඇත.

    ඒ අතරම ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර දැන් උද්ගතව පවතින ගැටුම්කාරී තත්වය මුල්කරගත් මැසිවිලි ද රත්රන් මිල වාර්තාගත මට්ටමින් ඉහළයාමට හේතුවී ඇත.

    මේ වසර ආරම්භයේ පටන් වෙළෙඳපොළේ රිදී මිලත් විශාල මට්ටමකින් වැඩි වී ඇත.

    gold
    වත්කම් වශයෙන් රත්රන් තබා ගැනීම බොහෝ සමාජයන්හි දක්නට ලැබෙන්නකි

    කොරෝනාවෛරස් ආසාදිතයන් දිගින් දිගටම වැඩිවෙමින් පවතින අතරවාරයේ රත්රන් මිල 30%කට අධික මට්ටමකින් වැඩිවිය. එම තත්වය ඇමෙරිකානු ප්‍රාන්ත රාශියකට ඔවුන්ගේ වෙළෙඳපොළ යළි විවෘත කිරීමේ සැලසුම් අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට හේතුවක් විය.

    කොරෝනාවෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළයාම ඇමරිකානු ආර්ථිකය කඩිනමින් ගොඩගැනීමේ බලාපොරොත්තුව බිඳ වැටීමට හේතු වූ අතර, ඒ සමඟ මේ වසරෙහි රිදී මිලත් පැවැති මිලට සාපේක්ෂව තුනෙන් එකක මට්ටමින් ඉහල යමින් තිබුණි.

    ඉහත කී පරිදි රන් රිදී මිල ඉහළයාමට තුඩුදුන් හේතු අතර තවත් කරුණක් වන්නේ ලෝකය පුරා ආණ්ඩු සහ මහ බැංකු මගින් ආර්ථික උත්තේජනයක් ඇතිකිරීමේ අරමුණින් ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් මුදාහැරීමත් සමඟ උද්ධමනය යහපත් අතට හැරීමට ඇති ඉඩකඩ සඳහා ආයෝජකයන් සූදානම් වීමය.

    මේ සතියේ අවසානය වනවිට තවත් ආර්ථික සහන පියවර සම්බන්ධයෙන් ගිවිසුමක් ඇතිකර ගැනීමට යත්න දරමින් සිටින අතරවාරයේ තමන් දවසේ පැය විසිහතර පුරාම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සමඟ කටයුතු කරනු ඇතැයි ට්‍රම්ප් පාලනයේ සාකච්ඡාකරුවන් ප්‍රකාශ කර ඇත.

    ඇමෙරිකානු මහබැංකුව පවසන පරිදි ලෝකය පුරා ආණ්ඩු ආණ්ඩු කොරෝනා වසංගතයේ ආර්ථික බලපෑම සමඟ පොරබැදීම සඳහා ඩොලර් ට්‍රිලියන විස්සක පමණ දිරිගැන්වීමේ මූල්‍ය සම්පාදනයක් පිළිබඳව දැනටමත් නිවේදනය කරනු ලැබ ඇත.

    චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර දිග්ගැසෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණයත් සමඟ කොරෝනා වසංගතය නිසා ඇති වූ ආර්ථික පිරිහීම රත්රන් මිල දිගටම ඉහළයාමට හේතුවූ බව ඇතැම් ආයෝජකයන්ගේ අදහස වෙයි.

    gold
    සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට ආයෝජකයන් පෙළැඹී ඇත

    ඉදිරි සති සහ මාසවල රන් හෝ රිදී කුට්ටිවල මිල දිගටම ඉහළයාමට ඇති හැකියාවක් තමන් දකින බව වෙළෙඳපොළ උපාය පිළිබඳ විශේෂඥවරියක වන මාගරට් යැන්ග් (Margaret Yang ) පවසන්නීය.

    ඇය තවදුරටත් මෙසේ සඳහන් කළාය.

    “රත්රන් ඇතුළු වෙනත් වටිනා ලෝහවර්ගවල වටිනාකම පිළිබඳ මධ්‍යම සහ දිගුකාලීන බලාපොරොත්තු දේපොළ සහ මූල්‍ය උත්තේජක අරමුදල් සහ පහල මට්ටමේ පොලී අනුපාතය පිළිබඳ සමස්ථ තත්වයට ප්‍රතිවිරුද්ධව කලක් පවතිනු ඇත.”

    මෙවර නත්තල් සමය වනවිට රත්රන් මිල ඩොලර් දෙදාස් දෙසීයක් ($2,200) තරම් ඉහළ යනු ඇතැයි තමා අදහස් කරන බව ‘XM.com’ වෙබ් අඩවියේ පීටර් මැක්ගයර් (Peter McGuire) පවසයි.

    රන් පමණක් නොව, රිදී සහ ප්ලැටිනම් මිලත් බෙහෙවින් ඉහළයනු ඇත යන්න ඔහුගේ විශ්වාසය වෙයි.

    මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී. සන්දේශය වෙතින් උපුටා ගන්නා ලදි.

  • මිහිපිට අපාය දැක්ක කතුන් තිදෙනෙක් කියන බිහිසුණු කතා තුනක් !

    මිහිපිට අපාය දැක්ක කතුන් තිදෙනෙක් කියන බිහිසුණු කතා තුනක් !

    හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවල 75 වැනි සැමරුම නිමිත්තෙනි

    මානව ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයේ 75 වන සැමරුම තවත් දින කිහිපයකින්, එනම් අගෝස්තු 6 සහ 9 යන දෙදින සැමරීමට නියමිතව තිබෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමේ සංවත්සරයයි.

    වාර්තාවලට අනුව පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් එවකට හිරෝෂිමා හි ජීවත් වූ 350,000 ජනගහනයෙන් 140,000ක් පමණ මියගිය බවත් නාගසාකි නුවරට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් 74,000 දෙනකු මියගිය බවත් විශ්වාස කරනවා.

    මෙම පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පසුව ජපන් හමුදා විසින් ආසියානු කලාපයේ කරගෙන ගිය ආක්‍රමණය හදිසියේම අවසන් වූ අතර ජපානය 1945 අගෝස්තු 14 වන දින මිත්‍ර පාක්ෂිකයන්ට කොන්දේසි විරහිතව යටත් විය. එහෙත් විචාරකයින් පවසන්නේ ජපානය ඒ වන විටත් යටත් වීමේ අද්දර සිටි බවයි.

    පරමාණු බෝම්බ පිපිරීමෙන් දිවි ගලවා ගත් අය ‘හිබාකුෂා – Hibakusha‘ ලෙස හැඳින්වේ. විකිරණ විෂවීම සහ මානසික කම්පනය ඇතුළු දිවි ගලවා ගත් අය බිහිසුණු ප්‍රතිවිපාකවලට මුහුණ දුන්හ.

    බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙකු වන ලී කැරන් ස්ටෝ (Lee Karen Stow) ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීම් දැක ඇති කාන්තාවන්ගේ කථා පැවසීමට විශේෂඥයෙකි. මීට වසර 75 කට පෙර බෝම්බ පිපිරීම් පිළිබඳ මතකයන් ඇති කාන්තාවන් තිදෙනෙකු ස්ටෝ ඡායාරූප ගත කළ අතර ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා කළේය.

    පරමාණු ප්‍රහාරය සදහා යොදා ගත් ගුවන් යානය සහ ගුවන් නියමුවා

    මෙම ලිපියේ සමහර පුද්ගලයින් කලබලයට පත්විය හැකි තොරතුරු අඩංගු වේ.

    ටෙරුකෝ යුනෝ Teruko Ueno

    1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගන්නා විට ටෙරුකෝගේ වයස අවුරුදු 15කි.

    ඡායාරූප දෙකක්, එකක් ටෙරුකෝ යූනෝ තරුණියක් ලෙස හෙදියක් ලෙස පෙන්වන අතර, එකක් ඇය වැඩිහිටි කාන්තාවක් ලෙස පෙන්වයි
    ටෙරුකෝ යුනෝ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් කෙටි කාලයකට පෙර හිරෝෂීමා රතු කුරුස රෝහලේ හෙදියක ලෙස සේවය කරමින් සිටියදී ගත් ඡායාරූපය (වමේ) සහ 2015දී ඇයගේ ඡායාරූපයක්

    බෝම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ටෙරුකෝ හිරෝෂිමා රතු කුරුස රෝහලේ හෙද පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබුවාය. බෝම්බ ප්‍රහාරයෙන් පසු රෝහලේ සිසුන්ගේ නේවාසිකාගාරයේ ගින්නක් ඇතිවිය. ගින්න මැඩපැවැත්වීමට ටෙරුකෝ උදව් කළ නමුත් ඇගේ සෙසු සිසුන් බොහෝ දෙනෙක් ගින්නෙන් මිය ගියහ.

    බෝම්බයෙන් සතියක් ඉක්මව ගිය පසු ඇගේ එකම මතකයන් වන්නේ දරුණු තුවාල සහිතව රෝහලට රැගෙන ආ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවා රෑ නොබලා වැඩ කිරීමයි. ඇයට සහ අනෙක් අයට ආහාර සහ ජලය නොමැතිව සේවය කිරීමට සිදුවිය.

    උපාධිය ලැබීමෙන් පසුව, ටෙරුකෝ දිගටම රෝහලේ සේවය කළ අතර එහිදී සමේ බද්ධ කිරීම් සම්බන්ධ සැත්කම් සඳහා ඇය සහාය විය.

    පසුව ඇය පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් ටැට්සුයුකි සමඟ විවාහ වූවාය.

    ටෙරුකෝ ඔවුන්ගේ පළමු දරුවා ගැබ් ගත් විට, දරුවා නිරෝගීව උපත ලබයිද දරුවාට සජීවී උපතක් ලබාදිය හැකිද යන්න ගැන දැඩිව කණස්සල්ලට පත්ව සිටියාය.

    ළදරුවෙකු වෛද්යවරයෙකු විසින් පරීක්ෂා කරනු ලැබේ
    ටෙරුකෝගේ දියණිය ටොමෝකෝට හිරෝෂිමා රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණයක් අතරතුර

    ඇගේ දියණිය ටොමෝකෝ ඉපදී වැඩී, තම පවුල හදා වඩා ගැනීමට ටෙරුකෝට ධෛර්යය ලබා දුන්නාය.

    ටොමෝකෝ සිය මව සහ පියා සමඟ ළදරුවෙකු ලෙස සිටින පැරණි පවුලේ ඇල්බම ඡායාරූප
    ටොමෝකෝ ඇගේ මව ටෙරුකෝ (වමේ) සහ ඇගේ පියා ටැට්සුයුකි සමඟ

    “මම නිරයට ගොස් නැහැ. එබැවින් එය කුමක් දැයි මම දන්නේ නැහැ. නමුත් නිරය බොහෝ විට අප පසු කළ දේට (පරමාණු බෝම්බ ප්‍රහාරයට) සමානයි කියලා මට හිතෙනවා. එය නැවත කිසි දිනෙක සිදුවීමට ඉඩ නොදිය යුතුයි” යනුවෙන් ටෙරුකෝ පවසයි.

    න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා දැඩි උත්සාහයක් ගන්නා පුද්ගලයින් සිටිති. පළමු පියවර වන්නේ පළාත් පාලන නායකයින් ඒ සඳහා පියවර ගැනීමයි.

    “එහෙනම් අපි ජාතික ආණ්ඩුවේ නායකයින්ට සහ මුළු ලෝකයටම යා යුතුයි.”

    ටෙරුකෝ සිය දියණිය ටොමෝකෝ සහ මිණිබිරිය කුනිකෝ සමඟ පෙනී සිටියි
    ටෙරුකෝ (ඉහළ වමේ) 2015 දී ඇගේ දියණිය ටොමෝකෝ (ඉදිරිපස) සහ ඇගේ මිණිබිරිය කුනිකෝ (දකුණ) සමග

    “පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙහි තණකොළ හෝ ගස් වැඩෙන්නේ නැතැයි ජනතාව කී නමුත් හිරෝෂිමාවේ සතා සිවුපාවා සහ ගංගා සහිත සුන්දර නගරයක් ලෙස පුනර්ජීවනය වුණා” යනුවෙන් ටෙරුකෝගේ දියණිය ටොමෝකෝ පවසයි.

    කෙසේ වෙතත් හිබාකුෂා විකිරණවලින් පසු බලපෑම් වලින් පීඩා විඳිති.

    “හිරෝෂිමා සහ නාගසාකිගේ මතකයන් මිනිසුන්ගේ මනසින් මැකී යද්දී… අපි සිටින්නේ සන්ධිස්ථානයක යි.

    “අනාගතය තිබෙන්නේ අපේ අතේයි. සාමය ඇති කළ හැක්කේ අපට හැගීමක් තිබේනම් පමණයි. ඒ සදහා අන් අය ගැන සිතීම, අපට කළ හැකි දේ සොයා ගැනීම, ක්‍රියාමාර්ග ගැනීම සහ සාමය ගොඩනැගීම සඳහා සෑම දිනකම වෙහෙස නොබලා උත්සාහ කිරීම කළ යුතුයි”

    ටෙරුකෝගේ මිණිබිරිය වන කුනිකෝ තවදුරටත් මෙසේ පවසයි:

    “මම යුද්ධය හෝ පරමාණු බෝම්බ හෙළීම අත්විඳ නැහැ. මම හිරෝෂිමා ගැන දන්නේ එය නැවත ගොඩනඟා ගැනීමෙන් පසුවයි. මට සිතාගත හැක්කේ එය පමණයි. එබැවින් මම සෑම හිබාකුෂාවරයෙකු හෝ වරියකම පවසන දෙයටම සවන් දෙනවා. සාක්ෂි මත පදනම්ව පරමාණු බෝම්බ හෙලීමේ කරුණු මම අධ්‍යයනය කරනවා.

    පරමාණු බෝම්බයෙන් පසු හිරෝෂිමාහි විනාශය පිළිබඳ දර්ශනයක්
    පරමාණු බෝම්බයෙන් පසුව හිරෝෂිමාව

    බෝම්බයෙන් පසුව ගළවා ගැනීමේ කටයුතු සදහා නගරයට ඇතුළු වූ අයගෙන් (ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් සොයා ගැනීමට පැමිණි අයගෙන්) බොහෝ දෙනෙක් මිය ගියහ. දිවි ගලවා ගත් අය රෝගාබාධවලින් පෙළෙති.

    “මම හිරෝෂිමා සහ නාගසාකි හි හිබකූෂාවරුන් සමඟ පමණක් නොව යුරේනියම් පතල් කම්කරුවන්, එම පතල් අසල ජීවත් වන පුද්ගලයින්, න්‍යෂ්ටික අවි නිපදවීමට හා පරීක්ෂා කිරීමට සම්බන්ධ පුද්ගලයින් සමඟ සමීප සබඳතා පැවැත්වීමට උත්සාහ කර තිබෙනවා‘‘

    එමිකෝ ඔකාඩා Emiko Okada

    වයෝවෘද්ධ කාන්තාවක් කැමරාවට රූප සටහනක් තබාගෙන සිටී
    හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එමිකෝ ඔකාඩා, 2019 ජුනි මාසය වන විට ලෝකයේ න්‍යෂ්ටික අවි ගණන පෙන්වන රවුමක රූප සටහනක් පෙන්වන අයුරු

    හිරෝෂිමා වෙත පරමාණු බෝම්බය හෙළන විට එමිකෝගේ වයස අවුරුදු අටකි. ඇගේ වැඩිමහල් සොහොයුරිය වන මයිකෝ සහ තවත් ඥාතීන් සිවු දෙනෙක් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

    එමිකෝගේ සහ ඇගේ පවුලේ අයගේ ඡායාරූප ඇත්තේ කිහිපයකි. නමුත් ඇගේ ඥාතීන්ගේ නිවෙස්වල තබා තිබූ ඡායාරූප සුරක්ෂිතව ඇත.

    කාන්තාවක් තම දරුවා අල්ලාගෙන සිටින අතර, ඇගේ අනෙක් දරුවා අසල සිටගෙන සිටියි
    එමිකෝ ඇගේ මව ෆුකු නකාසකෝගේ අතේ සිටින අතර ඇගේ සහෝදරිය මයිකෝ පසෙකින් සිටී.

    “මගේ සහෝදරිය එදා උදේ ගෙදර ගියා, ‘මම පසුව හමුවෙමු!’  යැයි අයට කීවා.

    “නමුත් ඇය නැවත පැමිණියේ නැහැ. ඇය කුමක් වීදැයි කිසිවෙකු දන්නේ නැහැ. මගේ දෙමව්පියන් ඇය ගැන දැඩි ලෙස සොයා බැලුවා. ඔවුන් කිසි විටෙකත් ඇගේ සිරුර සොයාගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් දිගටම කියා සිටියේ ඇය තවමත් කොහේ හෝ ජීවතුන් අතර සිටිය යුතු බවයි.

    ‘ඒ වන විට මගේ අම්මා ගැබ්ගෙන තිබුණත් ඇය ගබ්සා වුණා. අපට කෑමට කිසිවක් තිබුණේ නැහැ. අපි විකිරණ ගැන දැන සිටියේ නැහැ. එබැවින් අපවිත්‍රද නැද්ද යන්න ගැන නොසිතා අපට සොයාගත හැකි ඕනෑම දෙයක් අපි ආහාරයට ගත්තා. කෑමට කිසිවක් නැති නිසා මිනිසුන් සොරකම් කළා. ආහාර විශාලතම ගැටළුව වුණා. ජලය අපට නොතිබූ තරම්. මිනිසුන්ට මුලින් ජීවත් වීමට සිදු වූයේ එලෙසයි. අප කිසිවෙකුට එම යුගය කිසිසේ අමතක නැහැ‘

    සාම්ප්‍රදායික ජපන් ඇඳුමින් සැරසුණු දරුවෙක්
    සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු එමිකෝගේ සහෝදරිය මයිකෝ නකාසකෝ සාම්ප්‍රදායික ජපන් නර්තනය ඉදිරිපත් කරයි

    “දින කිහිපයකින් මගේ හිසකෙස් ගැලවී යන්නට පටන් ගත්තා. මගේ විදුරුමස්වලින් ලේ ගැලීමට පටන් ගත්තා. මම නිතරම වෙහෙසට පත්ව වුණා. විකිරණ යනු කුමක්දැයි එකල කිසිවෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. තවත් අවුරුදු දොළහකට පසුව මට ඇප්ලාස්ටික් රක්තහීනතාවය ඇති බව හඳුනා ගත්තා.

    “සෑම වසරකම හිරු බැස යන අහස ගැඹුරු රතු පැහැයක් ගන්නා අවස්ථා කිහිපයක් තිබෙනවා. එය කෙතරම් රතු ද යත් මිනිසුන්ගේ මුහුණු රතු පැහැයට හැරනවා. පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ හිරු බැස යෑම ගැන මට ඒ මොහොතේ සිතිය නොහැකයි. දින තුනක් සහ රාත්‍රි තුනක් නගරය ගිනිබත් වුණා.

    “මම හිරු බැස යෑමට වෛර කරනවා. දැන් පවා හිරු බැස යෑමෙන් මට දැවෙන නගරය මතක් වෙනවා‘ ඇය පවසනවා.

    1945 දී විනාශ වූ හිරෝෂිමා නගරය

    “බොහෝ හිබකූෂාවරුන් මිය ගියේ මේ දේවල් ගැන කතා කිරීමට අකමැතිවයි බෝම්බ හෙලීම පිළිබඳ ඔවුන්ගේ මතකය ඒ තරම් නීරසයි. ඔවුන්ට කතා කිරීමට නොහැකි වුණත් මම ඒ ගැන කතා කරනවා. බොහෝ අය ලෝක සාමය ගැන කතා කරනවා. නමුත් මට අවශ්‍ය වන්නේ මිනිසුන් ලෙස ක්‍රියා කිරීමයි. සෑම පුද්ගලයෙකුටම තමන්ට හැකි දේ කිරීම ආරම්භ කිරීමට මට අවශ්‍යයි. අපේ දරුවන්ට සහ මුණුබුරන්ට සෑම දිනකම සිනාසෙන ලෝකයක ජීවත් වීමට හැකි වන පරිදි යමක් කිරීමට මම කැමතියි”

    රේඛාව

    රිකෝ හඩා Reiko Hada

    1945 අගෝස්තු 9 වන දින 11.02 ට ඇගේ උපන් නගරය වන නාගසාකි වෙත පරමාණු බෝම්බය හෙළන විට රිකෝ හඩාගේ වයස අවුරුදු නවයකි.

    රිකෝ වයස අවුරුදු පහක් සහ 79 ක් දැක ඇත
    රිකෝ වයස අවුරුදු පහ දී (වමේ) සහ 2015 දී

    එදින උදේ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක් ඇති බැවින් රිකෝ නිවසේ රැඳී සිටියාය. සියල්ල පැහැදිලිව දැනගත් පසු, ඇය අසල පිහිටි පන්සලට ගිය අතර, නිතර නිතර ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් ද සිදුවිය.

    දේවමාළිගාවේ මිනිත්තු 40 ක පමණ අධ්‍යයනයෙන් පසු ගුරුවරුන් පන්තියෙන් ඉවත් වූ නිසා රයිකෝ ගෙදර ගියාය.

    “මම මගේ නිවසට ඇතුළු වුණා පමණයි” කියා රේකෝ පැහැදිලි කරයි.

    “එවිට එය හදිසියේම සිදුවුණා. මගේ දෑස් පුරා දැවෙන ආලෝකයක් පැතිර ගියා. එය කුමක්දැයි කල්පනා කිරීමට මට වෙලාවක්වත් තිබුණේ නැහැ. හැම දෙයක්ම නොපෙනී ගියා. මට දැනුනේ මාව තනියම දාලා ගියා වගේ. ඊළඟ මොහොතේ මහා ඝෝෂාවක් ඇති වුණා. ඊට පස්සේ මම කළු වෙලා ගියා‘

    කඩා වැටුණු ගොඩනැගිලිවල භූ දර්ශනයක්
    පරමාණු බෝම්බයෙන් පසු නාගසාකිහි නටබුන් වූ ගොඩනැගිලි

    “ටික වේලාවකට පස්සේ මම එළියට ආවා. හදිසි අවස්ථාවකදී ගුවන් ප්‍රහාරක නවාතැනකට යන්න අපේ ගුරුවරයා අපට කියා දී තිබුණා. ඒ නිසා මම නිවස තුළ සිටි මගේ මව ගැන සොයා බැලුවා. අපි අපේ අසල්වැසි ගුවන් ප්‍රහාරක නවාතැනකට ගියා.

    “මට එක සීරීමක්වත් තිබුණේ නැහැ. මාව බේරාගත්තේ කොන්පිරා කන්දයි. නමුත් කන්දෙන් එහා පැත්තේ සිටින මිනිසුන්ට එවැනි වාසනාවක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් කොන්පිරා කන්ද උඩින් අපේ පැත්තට දුවගෙන ආවා. මිනිසුන්ගේ දෑස් ඉවතට පැන තිබුණා. කොණ්ඩය දැවී ගොස්, නිරුවතින්, දරුණු ලෙස පිළිස්සී ඔවුන්ගේ සම පහළට එල්ලා වැටෙමින් තිබුණා.

    “මගේ අම්මා ගෙදර තිබුණ තුවා සහ ෂීට් ඔවුන්ට ලබා දුන්නා. ඔවුන් අපේ ගම අසල පිහිටි වාණිජ විද්‍යාලයක ශ්‍රවණාගාරයට ගියා. ඔවුන් වතුර ඉල්ලුවා. මට වතුර දෙන්න කිව්වා. ඒ නිසා මම කැඩුණු බඳුනක් සොයාගෙන අසල ගඟට ගොස් වතුර ගෙනත් ඔවුන්ට බොන්න දුන්නා. වතුර කෝප්පයක් පානය කිරීමෙන් පසු ඔවුන් මිය ගියා. මිනිසුන් එකින් එක මිය ගියා.

    “එය ගිම්හානයයි. මළ සිරුරු ඉක්මනින් කුණු වී දැඩි දුර්ගන්ධයක් වහනය වුණා. ඒ නිසා මළ සිරුරු වහාම ආදාහනය කිරීමට සිදු වුණා. ඒවා විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගොඩ ගසා ආදාහනය කළා. ඒ මිනිස්සු කවුදැයි දැන ගැනීමට නොහැකි වුණා. නමුත් ඔවුන් මිනිසුන් මෙන් මිය ගියේ නැහැ. ඔවුන් අන්ත අසරණ, වචනවලින් කියා නිම කළ නොහැකි තරම් දුක් විදිමින් මිය ගියා‘

    රිකෝ සිය පියා සහ වැඩිමහල් සහෝදරිය සමඟ පෙනී සිටිනු දුටුවේය
    රයිකෝ ඇගේ පියා වන කීසෝ ෆරා (වමේ) සහ ඇගේ වැඩිමහල් සහෝදරිය වන ෂිෂූ ෆරා සමඟ

    “අනාගත පරපුරට කිසි විටෙකත් ඊට සමාන අත්දැකීමක් ලබා ගැනීමට සිදු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අප කිසි විටෙකත් ඉඩ නොදිය යුතුයි. සාමය ඇති කරන්නේ මිනිසුන් විසිනුයි. අප විවිධ රටවල ජීවත් වුවද විවිධ භාෂා කතා කළත් සාමය සඳහා අපගේ පැතුම එක හා සමානයි.”

    රිකෝ හඩා චිත්‍රයක් සඳහා පෙනී සිටී
    රිකෝ හඩා

    සියලුම ඡායාරූප ප්‍රකාශන හිමිකම් වලට යටත් වේ.

    උපුටා ගැනීම – 2020 අගෝස්තු මස 03 වැනි දින බී.බී.සී වෙබ් අඩවියෙනි – සැකසුම – තීක්ෂණ වෙළන්එගොඩ

  • නිවන් රසය

    නිවන් රසය

    කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ

    බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය.

    බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ.

    ‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. මෙම භාවනා ක‍්‍රම පරම චිත්ත විශුද්ධිය ලබාදීමට සමත් වනවා පමණක් නොව, ලෞකික වශයෙන් එදිනෙදා ජීවිත මාර්ගයට ද, එයින් ලැබෙන විපුල ප‍්‍රයෝජන හා යහපත ඉමහත් බව කිව යුතුව ඇත.

    ක‍්‍රමානුකූලව භාවනාව අභ්‍යාස කරන පින්වතා තම ජීවිත යාත‍්‍රාව නිරුපද්‍රව තම අභිමත අරමුණ කරා ගෙන යාමට සමත් වන්නේය. එමතු ද නොව ජීවිත මාර්ගයෙහි මුහුණපෑමට සිදුවන ජීවිත මාර්ගයෙහි මුහුණපෑමට සිදුවන දහසක් කම්කටොලූ, දුක් කරදර හා අවුල් වියවුල් ප‍්‍රීතියෙන් ඉවසා දැරීමට ද එයින් ලැබෙන පිටුවහල හා ආධාරය අති විශාලය. විශේෂයෙන් ම බෞද්ධ භාවනා ක‍්‍රම ශාරීරික වු ද, චෛතසික වූ ද, දුක්ඛවේදනා, ව්‍යපසමනයෙහිලා දිව ඔසුවක් මෙන් යැයි කීවාට වරදක් නොවේ. භාවනාවෙහි ඇති ප‍්‍රධාන අංගයක් වූ කලී දුක් පීඩා මාධ්‍යයේ ‘‘නිර්වාණය’’ මඳක් දිව ගා බැලීමට එයින් පුළුවන් වීමය.

    ජීවිතය පිළිබඳ නියම අවබෝධයක් ඇති කිරීමට ඉවහල් වන මෙම චිත්තෛකාග‍්‍රතාව ලබා ගැනීම අපේක්ෂා කරන සියලූ සියලූ භික්ෂූන් වහන්සේලා පමණක් නොව සියලූ ගෘහස්ථ බෞද්ධයින් විසින් ද භාවනාව පුහුණු පුරුදු කිරීමේ අවශ්‍යතාව අප විසින් නිතර නිතර දැක්විය යුතුව තිබේ.
    භෞතික වශයෙන් ඇති විය හැකි දුෂ්කරතා නිසා මේ චෛතසික පුහුණුව අප පුරුදු නොකළහොත්, එය බෞද්ධ චාරිත‍්‍රය කඩකිරීමක් වන්නේ ය. සමස්ත බෞද්ධ ජීවිතය ම බෞද්ධ භාවනා ක‍්‍රමයට ඇතුළත් වන බව ද කියා තිබේ.

    ධර්ම දායාදය ලැබූ හැම පුද්ගලයෙකු විසින් ම කළ යුත්තේ කුදුමහත් හැම කටයුත්තකදීම භාවනාව ආධාර කොට ගනිමින් ස්වකීය තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීම ය. ඇත්ත වශයෙන් ම භාවනාව මෙම දුක්බර ජීවිතය නියම සැපත හා සමාදානය කරා ගෙන යන්නේ ය.

    බුද්ධ සාසනයේ නියම උද්දීප්තිය රඳා ඇත්තේ ද මෙම උත්තරීතර ප‍්‍රතිපදාවෙහි බව කිව මනා නොවේ. බෞද්ධ ප‍්‍රතිපදාවෙහි මෙම ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය මෙන් උගන්වා ඇත්තේ එයින් තොරව කිසිම ශාසනික දියුණුවක් නොවන හෙයිනි. ප‍්‍රතිපත්ති ශාසනයෙහි නියම උන්නතිය පිණිස අත්‍යවශ්‍යයෙන් ම පිරිය යුතු, වැඩිය යුතු, මෙම ගුණ ධර්ම අද ගිහි – පැවිදි බෞද්ධ පිරිස අතරින් අභාවයට ගොස් ඇති බව සංවේගයෙන් යුතුව ප‍්‍රකාශ කළ යුතුව තිබේ. එය කොතෙක් දුරට පිරිහී තිබේ ද කියතහොත් නිවන් දුටුවකු තබා ධ්‍යාන බලයෙන් අහසින් යන්නකුවත් නැති වී තිබේ. ඊට හේතුව වශයෙන් ධර්ම ශක්තිය ජීවමාන ව තිබුණ ද, අද නිවන් අවබෝධ කළ හැකියි යැයි කියති.

    මනුෂ්‍යයා වූ කලී, ආත්මාර්ථකාමී නපුරු සත්ත්වයෙකි. එහෙත්, මෝහ ධූලි පටලයෙන් මඳක් මිදුණු ඇස් ඇත්තෝ, ආත්මාර්ථකාමී නොදැමි ජීවිතය දුකින් තවත් ඈත් කරනු වෙනුවට තව තවත් දුක් කරා ළං වන බව ද දකින්නාහ. මෙය අවබෝධ කරගත් කල තරඟය වෙනුවට සහයෝගයත්, ආත්මාර්ථ පෝෂණය වෙනුවට පරාර්ථ සේවයත් කෙරෙහි මිනිස් සිත යොමු වන්නේ ය. ඒ සමග ඔහු තුළ කරුණාව පහළ වන්නේ ය. කරුණාව ක‍්‍රියාවෙහි යෙදවීමට පුළුවන් වීමට පෙර පළමු කොට අප විසින් කරුණාව පිළිබඳ මානසික අදහසක් ඇතිකර ගත යුතුය.

    මිනිසෙක් හෝ ජාතියක්, තෘෂ්ණාවත්, භයත් ඇති ව සිටින තුරු අවි ආවුධ ඔසවන්නේය. තෘෂ්ණාව නැති වන විට බිය ද අතුරුදන් වීම නිසා සාමකාමීත්වය එළඹෙන්නේය. එහෙත් ශාරීඑිත වූ ද, චෛතසික වූ ද, දුක්ඛ වේදනා ව්‍යුපසමනයට පත් වන්නේ මුළු චිත්ත සන්තානය ම මෛත‍්‍රයෙන් නෑවී, උපේක්ෂාවෙන් උදම් වූ විට ය. ආයතන සන්තර්පණයෙන් මිදී සමාධිය කෙරෙහි යොමු කළ සිත් ඇත්තා කෙරෙන් ‘‘සංස්කාර’’ නම් ස්වභාවික චිත්ත තෘෂ්ණාවෝ ද විපර්යාසයට පත් වන්නාහ.

    දැන් පවත්නා තත්ත්වය අනුව ගෘහස්තයන් ද භාවනාවෙන් ධ්‍යාන ලැබීමට උත්සාහ කළ යුතු බවක් මා නොකියන නමුදු, තෘෂ්ණාවෙන් පිරුණු ලෝකය දුක් ගොඩක් බව ගෘහස්ථයා අවබෝධ කර ගත් විට භාවනාවේ යෙදීමට ඔහු කැමැති වන්නේ යැයි කල්පනා කරමි. එබඳු ගෘහස්ථයා බාහිර අරමුණුවලින් සිත වෙන් කර ගැනීමත්, ත‍්‍රිවිධ රත්නය කෙරෙහි භක්තිව වර්ධනය කර ගැනීමත් සඳහා සූර්යා අස්තංගත වන සමයේ මුහුදු වෙරළට හෝ සන්සුන් වෘක්ෂ මූලයකට හෝ, කල එළි නැති ආරාමයකට හෝ අන් කිසි සුදුසු තැනකට වී බඬ පය ර්‍්‍යඞ්කයෙන් හෝ තමන්ට පහසු පිළිවෙළකට හෝ හිඳ තිසරණ මෙනෙහි කළ යුතුය. ඉන් පසු මොහු අන් කිසිවක් ගැන නො සිතා සියය හෝ තුන් සියය, දක්වා ගණන් කරමින් බාහිර සියලූ චේතනාවලින් වෙන් වුව හොත් එයින් හෙතෙම සුපරිශූඬ චේතනාවෙන් තමන් වෙන් කරන මමත්ව වේතනාවෙන් මිදෙන්නේය ය.

    මින් පසු හෙතෙම පළමුවෙන් තමාටත් අනතුරු ව සකල ප‍්‍රාණීන්ටත් මනා අවබෝධය ඇතිව ම මෙත් වැඩිය යුතුය. එසේ සමස්ත ලෝකයෙහි සකල ප‍්‍රාණීන්ට හුදු මෛත‍්‍රීය පතුරුවන ඔහුගේ සියලූ සන්තානය මෛත‍්‍රියෙන් පිරේ. මේ සඳහා විශුද්ධි මාර්ගයේ පෙනෙන භාවනා ක‍්‍රම පුරුදු කටයුතු හැකි වුවත්, මා මේ කියන්නේ දෛනික වැඩ කටයුතු අතර ගෘහ්සථයාට කළ හැකි භාවනා ක‍්‍රමයක් ගැන ය. යට කී අන්දමට කළ හොත් එම ගෘහස්ථයාගේ චිත්ත සන්තානය පෙරට වඩා පිරිසිදු ව සතුටු සහගත වනු නොවනුමාන ය. ඔහු කෝපාවිෂ්ට වන්නෙක් නම් – තමා භාවනා යෝගී වූ විට දී ඇති කළ මෛත‍්‍රිය ගැන සිතීමත් සමග එය අතුරුදන් වන්නේ ය. මමත්වය, නැතහොත් තමා ගැන ම සිතීමෙන් වෙන් ව අන්‍ය සත්ත්වයන්ට ච මෛත‍්‍රිය පැතිර වූ මොහු කෙරෙන් ක්‍රෝධය හා බිය දුරුවන්නේ ය.

    ‘‘මෛත‍්‍රිය’’ හා ‘‘උපේක්ෂාව’’ පුරුදු පුහුණු කිරීමෙන් මනුෂ්‍යයාගේ සම්පූර්ණ මානසික තත්ත්වය අනුක‍්‍රමයෙන් වෙනස් වන සැටි පෙනී යන්නේ ය. කෝපාවිෂ්ට වූ විටක සාපරාධි දේ කිරීමට ඉඩ නොදීමෙන් ශාරීරික ඉන්ද්‍රීයන් කෙරෙහි බල පවත් වන මේ භාවනාව අනුක‍්‍රමයෙන් උසස් කිරීම නිසා ලෝකයාට අනවබෝධ වූ, ලෝකෝත්තර තත්ත්වයට ද මනුෂ්‍යයා පත් කරන්නේ ය. අවිද්‍යාවෙන් හා දුකින් ද ආරම්භ වූ ජීවිතය ප‍්‍රඥාවටත්, සැපයටත් පත්වන්නේ ය. ජීවිතය පිනවීමත්, සිතේ තත්ත්වය ශාරීරික පැවැත්මෙන් ප‍්‍රකාශ වීමත් මෙහි හේතුව ය.

    අපේ සිත අනුක‍්‍රමයෙන් උසස් කළ විට අපේ තත්ත්වය ද උසස් වන්නේ ය. භාවනාවේ ඇති ප‍්‍රධාන අංගය වූ කලී දුක් පීඩා මධ්‍යයේ ‘‘නිර්වාණය’’ මඳක් දිව ගා බැලීමට එයින් පුළුවන් වීම ය. ‘‘නිර්වාණය’’ මෙයැ යි දක්වන ටිබැට් බෞද්ධයෝ, එය දුකින් මිදුණු තැන යැයි පවසන්නාහ.

    දුකත්, දුකට හේතුවත් ‘‘පටිච්ච පමුප්පාදයේ’’ හේතු ධර්මයෙන් දැක්වෙන්නේ ය. දුක යනු කුමක් දැයි අප අවට ඇති මනුෂ්‍ය හා සත්ත්ව ජීවිත දෙස බැලීමෙන් දැන ගත හැකිය. එහෙත්, අන්‍යයන්ගේ දුකේ දී උපේක්ෂා වන තද සිතැත්තෝ මේ සත්‍ය නොසලකන්නාහ. ඇපයක් පවතින බව ද, දුක සාමාන්‍ය සිද්ධියක් වන අතර සැපය හේතු ධර්ම අනුව ම පහළ වන චෛතික සිද්ධියක් බව ද බෞද්ධයා අමතක කළ යුතු නොවේ.
    ‘‘දුක යනු කුමක් දැයි අවබෝධ වන තුරු සැපය නූපදින්නේ ය. සැබවින් දුකක් ඇති බව අපට අවබෝධ වූවාට පසු ව එයින් මිදී සැපයට පත්වීමට අප උත්සාහ කරන බව මගේ හැඟීමයි. මේ සැපය සෙවීමට, නැතහොත් දුකින් නිදහස්වීමට අපි මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ පිළිසරණ සොයමු. උන්වහන්සේගේ ප‍්‍රතිකර්ම අනුගමනය කරන අප තුළින් අපට විෂ පෙවූ අපවිත‍්‍ර දේ අප තුළින් වියෝ වීම නිසා උන් වහන්සේගේ ක‍්‍රමය පිළිබඳ අපගේ විශ්වාසය සංවර්ධනය වන්නේ ය. මේ විශ්වාසය ඇති වූ විට භාවනාවේ යෙදීමට අපි සුදුස්සෝ වෙමු. එවිට අප අපේ අභ්‍යන්තරය දෙස බලතොත් සතුට පහළ වන්නේ ය. ඒ වූ කලී චිත්ත පාරිශූද්ධිය පිළිබඳ ප‍්‍රසාදයෙන් ජනිත වන සතුටකි.

    භාවනාව ක‍්‍රමයෙන් තව තවත් ගැඹුරු වන කල නියම සැපය පහළ වන්නේ ය. මේ ක‍්‍රමයෙන් චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් ස පරම සුඛයට පත් වන නිසා දුකක් මෙන් ම සැපක් ද ඇති බව පෙනේ. ඇත්ත වශයෙන්ම ‘සම්මා සමාධිය’ වූ කලී සැපයට මුඛ්‍ය මාර්ගයකි. එහෙත් ඊට පත්වීමට පෙර ආර්ය අෂ්ටාඬිගික මාර්ගයේ අනික් පියගැට පෙළ නැඟිය යුතුය. ‘‘අප විසින්ම තනන ලද දුක් සහිත බන්ධනාගාරයෙන් මිදීම සඳහා මමත්වය හා තෘෂ්ණාව ද නැවැති යකඩ පොලූ කෙසේ කැඩිය යුතු දැයිි භාවනාව අපට උගන්වන්නේ ය.

    අපත් අපේ විමුක්තියත් අතර සම්බාධක ව ඇත්තේ අපේ ම කෙළෙස් බර සිත් ය’’. භාවනාවෙන් මේ කෙළෙස් තුනී වී අපි දුකින් සැපය කරා ගමන් ගනිමු. දැඩි උද්යෝගයකින් භාවනාවේ යෙදෙතොත් ප‍්‍රතිඵල ඒකාන්ත බව කිව යුතුය. භෞතික වශයෙන් ඇති විය හැකි දුෂ්කරතා නිසා මේ චෛතිසික පුහුණුව අප පුදුසු නොකළ හොත්, එය බෞද්ධ චාරිත‍්‍ර වශයෙන් අප අපට ම කරන බලවත් වංචාවක් වන්නේය.

    මෛත‍්‍රී භාවනාව

    මෛත‍්‍රී භාවනාව වැඞීමේ ක‍්‍රම බොහෝ වෙතත් පහසුවෙන් වැඩිය හැකි කෙටි ක‍්‍රමයක්් දක්වනු ලැබේ. මෙම භාවනාව වඩනු කැමැති යෝගියා විවේච තැනකට පැමිණ පුසුදු ලෙසකින් හිඳ ගෙන ශීලය ආවර්ජනා කිරීම්, තෙරුවන් ගුණ සිහි කිරීම්, ආදිය පෙර කිස කොට ද්වේෂයෙහි (තරහ ගැනීමේහි) ආදීනවත් මෛත‍්‍රියෙහි, ඉවසීමෙහි ආනිසංසත් සලකා කර්මස්ථානයෙහි ආදාරය ඇති කර ගෙන භාවනාව පටන් ගත යුතුය.

    පළමු කොට ‘‘මම වෛර නැත්තෙක් වෙම්වා, නපුරු අදහස් නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා’’ යි තමාට මෙත් වඩා අනතුරුව තමන්ට ප‍්‍රිය පුද්ගලයෙකුට මෙත් වැඩිය යුතුය. මේ සඳහා යෝගියා පුරුෂයෙකු නම් ස්ත‍්‍රියක ද, ස්ත‍්‍රියක් නම් පුරුෂයෙකු ද අරමුණු නොකළ යුතුය. ඒ රාගය ඇති විය හැකි බැවිනි. රාගය මෛත‍්‍රිය නොවේ. ජීවතුන් අතර සිටින තමන් විසින් ගරුකටයුතු දෙමාපිය, ගුරුවරු ආදි සම්භාවනීය පුද්ලගයෙකු අරමුණු කොට, ‘‘ඒ උතුමා වෛර නැත්තෙක් වේවා, නපුරු අදහස් නැත්තෙක් වේවා, දුක් නැත්තෙක් වේවා, සුව සේ ජීවත් වේවා’’යි කියා ඔහු කෙරෙහි මෙත් වැඩිය යුතුය.

    ඔහු කෙරෙහි ද හොඳින් ම මෙත් සිත පිහිටි කල් හි මා, පිය, සහෝදර, සහෝදරී, නෑදෑයන් කෙරෙහි ද, මැදහතුන් කෙරෙහි ද, ‘‘ඔවුහු වෛඑ නැත්තෝ වෙත්වා’’ යි එක් එක් කොටසක් කෙරෙහි මෙත් වැඩිය යුතුය. එසේ කොට ඔවුන් කෙරෙහි ද මෙත් සිත සැබැවින් පිහිටි කල් හි ඉතා ප‍්‍රියයන් කෙරෙහි ද, මැදහතුන් කෙරෙහි ද, ‘‘ඔවුහු වෛර නැත්තෝ වෙත්වා, නපුරු සිත් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා’’යි වෙන වෙන ම මෙත් වැඩිය යුතුය.

    එසේ කොට ඔවුන් කෙරෙහි ද මෙත් සිත සැබැවින් පිහිටි කල්හි වෛරී පුද්ගලයින් කෙරෙහි ද මෙත් වැඩිය යුතුය. මෙතනදී ඇතැම් විට ද්වේෂය ඇති විය හැක. එසේ වුවහොත් නැවත ද නොයෙක් අයුරින් ද්වේෂයෙහි ආදීනවත්, ඉවසීමෙහි – වෛර නොකිරීමෙහි ආනිසංසත් සලකා ද්වේෂය සන්සිඳුවා ගෙන, වෛර පුද්ගලයින් කෙරෙහි ද සැබෑ වූ මෙත් සිත ඇති කර ගෙන ‘‘ඒ පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා’’ යි ඔවුන් කෙරෙහිත් තමන් කෙරෙහි මෙන් මෙත් සිත පතුරුවනු.

    වෛරීන් ලෙස සැලකූ පුද්ගලයින් කෙරෙහි ද මෙත් සිත පැතිර වූ කල්හි ගම්වැසි, අවට ගම්වැසි, පළාත්වැසි, රටවැසි සැමටත් පෙර සේ ම මෙත් සිත වඩනු. එය ද මැනවින් සම්පූර්ණ වූ කල්හි පෙරදිග, දකුණුදිග, අපරදිග, උතුරුදිග, අනුදිග, උඩුදිසා, යටදිසා යන දස දිසාවෙහි සියලූ ස්ත‍්‍රී, පුරුෂ, ආර්ය, අනාර්ය, දිව්‍ය, මනුෂ්‍ය හා විනිපාතික සත්ත්වයෝ ද යන ප‍්‍රාණීන් කෙරෙහි වෙන් වෙන් වශයෙන් මෛත‍්‍රිය වඩනු.

    මෙසේ යොදා ගෙන කීමටත්, ඒ ගැන සිතින් මෙනෙහි කිරීමටත් පුරුදු වන්න,

    ‘‘මාගේ මෛත‍්‍රිය – සියලූ සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ දෙවියන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – දෙපා ඇති සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සිවුපා සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – බොහෝ පා ඇති සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – පා නැති සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ භූතයන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ අමනුෂ්‍යයින් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ ප‍්‍රාණීන් කෙරෙහි ය.
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා.
    පා නැති සතෙක් – මා නොපෙළාවා
    දෙපා ඇති සතෙක් – මා නොපෙළාවා
    සිවුපා සතෙක් – මා නොපෙළාවා
    බොහෝ පා ඇති සතෙක් – මා නොපෙළාවා
    කිසි භූතයෙක් – මා නොපෙළාවා
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා,
    සියලූ ප‍්‍රාණීහු ද
    සියලූ සත්ත්වයෝ ද
    සියලූ භූතයෝ ද
    කල්‍යාණයන් මෙන් දකිත්වා,
    කිසිවෙක්, කිසිවෙකුට වෛර නො කෙරෙත්වා,
    නින්දා නො කෙරෙත්වා,
    අවමන් නො කෙරෙත්වා,
    සියලූ දෙනා ම, සියලූ දෙනාගේ ම, සැප කැමැත්තෝ වෙත්වා,
    දීර්ඝ ජාති වූ – ප‍්‍රමාණවත් වූ ද – සර්ප – ගෝනසු – සතපා – මකුළු – සිකනල් – මූසික – යන මොහු මා රක්ෂා කරන ලදහ. කිසි කලක සතුන්ට දුකක් නො වේවා,
    දුකට පත් සත්ත්වයෝ දුකින් මිදෙත්වා
    ශෝකයට පත් සත්ත්වයො ශෝකයෙන් මිදෙත්වා,
    භයට පත් සත්ත්වයෝ භයින් මිදෙත්වා
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා…

    මේ භාවනාව වැඞීමෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය මෙම බුද්ධ වචනයෙන් ම පැහැදිලි වේ.

    ‘‘අච්ඡුරාසඕඝාතමත්තම්පි චෙ භක්ඛවෙ භික්ඛු මෙත්තං භාවෙති, අයං චුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො, සත්ථුසාසනකරෝ ඔවාපදතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ඡුාති’’
    ‘‘කො පන වාද්‍රෙ යෙ නං බහුලීකරෙන්තීති’’
    ‘‘මහණෙනි, ඉදින් මහණ අසුරු සැණක් පමණ කුදු මෙත් සිත වඩා නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේ යයි කියනු ලැබේ. ශෘස්තෘ ශාසනය කරන්නේ අවවාදය පිළිපඳින්නේ, නොසිස්වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වලඳයි’’
    ‘‘යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් (එහිලා) කවර කථාද ?’’ යනුවෙනි.

    මෙසේ තමාගෙන් පටන් සියලූ සතුන් කෙරෙහි එක හා සමාන ව මෛත‍්‍රිය වැඞීමෙන් සත්ත්වයන් කෙරෙහි පැවති ද්වේෂ ගති, අහිත ගති නැති වී ගොස් සිත උපචාර වශයෙන් සමාහිත වේ. එම මෙත් සි. ම, තව තවත් දියුණු කළ කල්හි ප‍්‍රථමධ්‍යානාදි අපර්ණා සිත් උපදවා ගත හැක.
    මෙම භාවනාව සෑම බෞද්ධයෙකු විසින් ම පුරුදු පුහුණු කරනවා නම්, ඇත්තෙන් ම අපේ රට දිනෙන් දින ශීඝ‍්‍රයෙන් වැඞී යන බිහිහුණු අපරාධ, ¥ෂණ ක‍්‍රියා ආදිය බොහෝ දුරට නැති වී යනවා ඇත. අප රට මෙයට වඩා සෞභාග්‍යයෙන් හා සමගි සම්පන්න භාවයෙන් ද දියුණු ව් යනවා ඇත. එහෙයින් මෙය කියවන සෑම බෞද්ධයෙකු විසින් ම සුළු කාලයක් හෝ මෙය හොඳින් ඉගෙන පුරුදු කිරීමට ඉටා ගත්තොත් මැනවි. අද රටේ හැටියට ගැළපෙන ඉතා ම සුදුසු භාවනාව මෙය බව මගේ හැඟීම ය. එහෙයින් මෙය ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පරිශීලනය කෙරෙත්වා.

    සැමට තෙරුවන් සරණයි,

  • ‘සැබෑ බෞද්ධයා’ හමුවේ ඇති අභියෝගය හා එය ජයගත යුතු මග කුමක්ද ?

    ‘සැබෑ බෞද්ධයා’ හමුවේ ඇති අභියෝගය හා එය ජයගත යුතු මග කුමක්ද ?

    මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ
    පැපිලියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී, රාජකීය පණ්ඩිත,

    ‘‘චත්තාරි ඉමානි භිකවෙ ඉන්ද්‍රියානි, සදද්ද්‍ර ඉන්ද්‍රියංථ විරිය ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියංති, ඉහේ ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්‍රියානි’’ අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය.

    සැදැහැවත් පින්වතුනි, ඉහත සඳහන් ධර්ම පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට යි. එම නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සූත‍්‍රයේ එන මෙම ගාථාව මා මාතෘකාව වශයෙන් තෝරා ගත්තා.

    මෙතැනදී ඉන්ද්‍රිය කියන්නේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය නොවෙයි. ඇස, කණ, නාසය, දිව ආදී ඉන්ද්‍රිය මිනිස් ශරීරයේ ඇති ඉන්ද්‍රිය ලෙස සඳහන් කරන්න පුළුවන්. ගස් කොළන් ගත්තොත් ගෙඩි, මල්, අතු, ආදී ඉන්ද්‍රිය තිබෙනවා. මේ ඉන්ද්‍රිය කියන්නේ ඒවාට අයත් වූ දේවල් කියන අර්ථයෙන්. නමුත් ගාථාවේ සඳහන් ඉන්ද්‍රිය නැතිනම් ධර්මයේ සඳහන් ඉන්ද්‍රිය ඔය කියන ඉන්ද්‍රිය නම් නොවෙයි.

    මෙම සූත‍්‍රයේ පෙන්වා දෙන්නේ, යම්කිසි පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගය, ධාර්මික ගමන, සාක්ෂාත් කර ගන්නට, සංවර්ධනය කර ගන්නට, ප‍්‍රතිඵල සාධනය කර ගන්නට, සාර්ථක කර ගන්නට අදාළ වන කරුණු හතරක්. මේ කරුණු හතර එකින් එක ගත්තොත් බෞද්ධ ජීවිතය ඉදිරියට ගෙන යන්නට, බෞද්ධකමේ ප‍්‍රතිඵල නෙළා ගනන්ට, අවශ්‍ය කරන උපදෙස් ඒ තුළින් සැපයෙනවා. ඒ ඉන්ද්‍රිය හතර තමයි, සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය හා සමාධි ඉන්ද්‍රිය යනුවෙන් සඳහන් වන්නේ.

    ‘සද්ධා’ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ, ගමන් මාර්ගයේ ප‍්‍රවේශද්වාරයයි. ‘විරිය’ කියන්නේ එයින් පිවිසුණු පුද්ගලයා ඉදිරියට ගමන් කරන, උනන්දු කරවන ස්වභාවයටයි. ‘සතිය’ කියන්නේ එම ගමනේදී එක අරමුණක සිත පිහිටුවා ගැනීමයි. ‘සමාධි’ය කියන්නේ එසේ පිහිටුවා ගත් සිතේ පවතින තැන්පත් බව යි. එනම් අධිගමය යි.

    සද්ධා, විරිය, සති හා සමාධි කියන සතර ඉන්ද්‍රිය හරියට අපේ ඇස, කණ, දිව, නාසය, වැනි ඉන්ද්‍රිය වගෙයි. අපට ගමන් යෑම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරනවා. ඇස් දෙකෙන් පේනවා. කන් දෙකෙන් ඇසෙනවා. කකුල් දෙකෙන් ඇවිදිනවා. අත් දෙකෙන් අවශ්‍ය කටයුතු කර ගන්නවා. ඒ වගේ සද්ධා ආදී ඉන්ද්‍රිය මගින් අපේ ආධ්‍යාත්මික ජීවන ගමනට අවශ්‍ය පසුබිම සකස් කරනවා. විමුක්තිගාමියාට විමුක්තිය ලබා දෙනවා. මේ නිසා මේවාට ‘අධිපති ධර්ම’ නැතිනම් ‘‘අධිපත්තෙය්‍ය ධර්ම’’ කියලා කියනවා. ධර්මානුකූල ජීවිතයේ ක‍්‍රියාකාරීත්වය තහවුරු කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම මගිනුයි.

    සද්ධා ඉන්ද්‍රිය

    සද්ධා කියන්නේ මොකක්ද ? සද්ධා කියන එක විවිධ තැන්වල, විවිධ විදිහට සඳහන් වෙලා තිබෙනවා. ‘ආලවක සූත‍්‍රයේ’ බුදු හාමුදුරුවන් අමතන ආලවක යක්ෂයා, ‘මේ ලෝකයේ මිනිසාට ඇති ශ්‍රේෂ්ඨතම ධනය කුමක්ද ?’ කියලා අහපු වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ‘ සද්ද්‍ර විත්තං පුරිස්ස සෙට්ඨං’’ කියලා. පුරුෂයෙකුට ඇති ශ්‍රේෂ්ඨතම ධනය ශ‍්‍රද්ධාව ලෙසයි උන්වහන්සේ සඳහන් කළේ.

    ‘‘සද්ධා ධනං සීල ධනං – හිරිඔත්තප්පියං ධනං
    සුත ධනං වගෝච – සද්ධා මේ සත්තමං ධනං’’ යන සප්ත ආර්ය අතරින් ද සද්ධා මුල් තැනට ම වැටෙනවා.

    පින් කරන පුද්ගලයා මුලින් ම දන් දෙන්න ඕනෑ. පින් කරන්න පෙළෙඹෙන්නේ කුමක් නිසාද ? ශ‍්‍රද්ධාව නිසා නේද පින්වතුනි. ඒ වගේ ම ධර්මයේ පෙන්වා දෙනවා ‘සද්ධා ඡුාතො උපසංකමති’ කියලා. ධර්මයට එන්නේ කුමක් නිසාද ? ශ‍්‍රද්ධාව නිසා.

    බුදු දහමේ ඉගැන්වෙන ‘‘ශ‍්‍රද්ධාවයි’’ අන්‍යාගම්වල ඉගැන්වෙන ‘‘භක්තිය’ යි දෙක එකට අරගෙන බැලූවොත් මේ දෙකේ වෙනස අපට හොඳින් දැන ගන්න පුළුවන්. සියලූ දේවවාදී ආගම්වල ඉන්නේ ශ‍්‍රද්ධාවන්තයෝ නොවෙයි. බැතිමතුන්. කතෝලික බැතිමතුන්, හින්දු බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් ආදී වශයෙන්. ඒ අය භක්තිවන්තයි.

    නමුත් බෞද්ධ බැතිමතුන් කියලා අපි කියන්නේ නෑ. බොදු සැදැහැවතුන්, නැතිනම් බෞද්ධ ශ‍්‍රද්ධාවන්තයින් කියලයි අපි කියන්නේ. බුදු දහමේ ඉන්නේ බැතිමතුන් නොවෙයි. සැදැහැවතුන්. ඇයි මේ අපි සැදැහැවතුන් කියලා කියන්නේ ? සැදැහැවතුන් කියන වචනය එන්නේ ‘‘සද්ධාති’’ කියන පාලි වචනයෙන්. සද්ධාති කියන වචනයේ තේරුම තමයි, ‘පිළිගත්’ කියන එක. අපි යමක් පිළිගන්නවා නම් ඊට සාධක අවශ්‍යයයි. භක්තිය කියන්නේ සාධක මත පිළිගැනීම නොවෙයි. විශ්වාසය මත පිළිගැනීමයි. දෙවියන් වහන්සේ, මහා බ‍්‍රහ්මයා, ඊශ්වර ආදීන් පිළිබඳ විශ්වාසයයි ඒ ඒ ආගම්වල තිබෙන්නේ. විශ්වාසය මත පිහිටා පිළිගැනීම තමයි වෙනත් ආගම්වල බැතිමතුන්ගේ ලක්ෂණය. යම්කිසි දිනක මේ විශ්වාසය පළුදු වී ද ? ඒ සමග ම භක්තිය අස්ථාවර වෙනවා. බුදු දහමේ තියෙන්නේ භක්තිය නොවෙයි. එතැන තියෙන්නේ ‘‘මම දකිමි’’ යන අර්ථය යි. ‘‘අහං පස්සාමි’’ ඒ නිසා ම ‘‘අහං – සද්ධාමි’’ මම පිළිගනිමි දකීමෙන් පිළිගැනීම, දැකීමෙන් භාර ගැනීම බුදු දහමේ එන ශ‍්‍රද්ධවයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ, මගේ ධර්මය විවෘත වූ තරමට බබලන්නේ ය’’ කියලයි. හරියට මැණිකක් වාගේ. මැණිකක් හංඟලා තියෙන කොට බබළනවාද ? නැහැ නේද ? සුද්ධ පවිත‍්‍ර කරලා, ඔප මට්ටම් කරලා ගත්තාම කොච්චර ලස්සනද ? ඒ නිසා ම බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ‘‘ඒහි පස්සික’’ – එන්න බලන්න. බලලා තේරුම් ගන්න, කියලා.
    දවසක් උපාලි ගෘහපතියා ආවා බුදුහාමුදුරුවෝ ළඟට. මේ ගෘහපතියා හරිම ධනවත්. නිඝණ්ඨනාථපුත්තෙරැු් ශ‍්‍රාවකයෙක්. බුදුහාමුදුරුවෝ දකින්න නම් නොවෙයි ඒ ආවේ. ප‍්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ අමාරුවෙ දන්නයි. නමුත් මේ සංවාදයේදී උපාලි ගෘහපතියා නොහිතපු දෙයක් සිදු වුණා. ඒ මොකක්ද ? මේ උපාලි ගෘහපතියා බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රාවකයෙක් බවට පත් වුණා.
    බුදුහාමුදුරුවන් කියා සිටියේ, ‘‘ආගම මාරු කරන්න එපා. ඔබම ගිහින් කල්පනා කරලා හිතලා බලලා ඔබේ බුද්ධියෙන් වටහා ගන්න’’ කියලයි.

    මේ ධර්මය හොඳයි, මේ කුසල්, මේ ධර්මයේ ගමන් කළොත් හිතසුව පිණිස පවතිනවා කියලා හිතෙනව නම් පිළිගන්න. නරක නම් අත්හරින්න. බුදු දහම තියෙන්නේ වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න නොවෙයි. තමන්ගේ අත්දැකීම් පිට, තමන්ගේ ප‍්‍රත්‍යක්ෂය පිට පිළිගන්නා ධර්මයක්. ඒ නිසයි ‘‘පච්චත්තං වේදිතබේබො විඤ්ඤුුහි’’ කියලා සඳහන් වෙන්නේ. නුවණැතියන් විසින් තම තමන් විසින් ම දැනගත යුතු, ප‍්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් තමන්ගේ අවබෝධය තුළ තේරුම් ගෙන භාර ගන්නා දෙයක් අවසාන වශයෙන් ‘‘සද්ධා’’ යන වචනයේ තේරුම ලෙස සඳහන් කළ හැක්කේ ‘අවබෝධය තුළ පිළිගැනීම’’ යන්නයි.

    අපේ බෞද්ධ පින්වතුන් බුද්ධිමත්ව සිතාබලා බෞද්ධ ප‍්‍රතිපදාව තුළ ස්ථාවර ගමනක් යා යුතුයි. බෞද්ධ ධර්මය තුළින් පැහැදිලි කරගන්න පුළුවන් නියම සත්‍යය. චතුරාර්ය්‍ය සත්‍ය ගැන කියන විට සත්‍ය ඤාණ, කෘත ඤාණ, කෘත ඤාණ, යනුවෙන් සඳහන් වෙනවා. සත්‍ය ඤාණ කියන්නේ බුද්ධිමය වශයෙන් සත්‍යය දැකීමයි. සත්‍ය ඤාණය ඇති තැනැත්තා හරියට තිරයෙන් එහා දැල්වෙන පහනක් දකින්නේ යම් ලෙස ද ඒ ආකාරයට ඒ පාරේ ගිහින් නිවන් දකිනවා.

    පින්වතුනි, ශ‍්‍රද්ධාව විශ්වාසය මත පදනම් වූ දෙයක් නොවෙයි. අවබෝධය මත පදනම් වූ සද්ධාවෙන් යුක්තව බුද්ධ රත්නය මගේ, ධම්ම රත්නය මගේ, සංඝරත්නය මගේ කියන හැඟීමෙන් ක‍්‍රියා කරන්න. අපට ඇති එකම රත්නය, පිහිට, ත‍්‍රිවිධ රත්නය බව අවබෝධයෙන් කටයුතු කරන්න. ‘‘නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධෝ මෙ රතනං වරං, ධමෙමා මෙ රතනං වරං, සංඝො මෙ රතනං වරං’’ඒ නිසානේ පන්සිල් ගන්න පෙර, බුද්ධං සරණං ගච්ඡුාමි, ධම්මං සරණං ගච්ඡුාමි, සංඝං සරණං ගච්ඡුාමි’’ කියලා කියන්නේ. තෙරුවන් සරණ ගිය කෙනෙක් තමයි සද්ධාවන්තයෙක් හැටියට බුදු දහමේ පැහැදිලි කරන්නේ.

    වීර්යය ඉන්ද්‍රිය

    වීර්යයට පිවිසීමේ දොරටුවක් තමයි ශ‍්‍රද්ධාව. මේ දොරටුවෙන් ඇතුළු වුණා ම වේගවත්ව ඉදිරියට යන්න ඕනෑ. උද්යෝගයෙන්, උනන්දුවෙන්, උත්සාහයෙන් මේ ගමන යන්න ඕනෑ. එයට ‘‘වීර්යය’’ කියලා කියනවා. වීර්යය කියන එක විවිධ තැන්වල සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා ‘‘මහා වීර්යයාණන් වහන්සේ ’’ කියලා. බුදුවීමේදී වීර්ය පාරමිතාවක් ලෙස පුරලා තිබෙනවා. වණ්ණුපත ජාතය ඊට හොඳ උදාහරණයක්. බෝසත් චරිතය, සිද්ධාර්ථ චරිතය, තාපස චරිතය දෙස බැලූවොත් ඒ වීර්ය කොතරම් ද කියලා හිතෙනවා. බුදුන් වහන්සේ වැනි වීර්යවන්තයෙක් මේ මිනිස් ඉතිහාසය පුරාවට අපට හමුවෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේගේ දුෂ්කර ක‍්‍රියා සමය ගැන හිතන්න. මොන තරම් වීර්යයකින් ඒ දේ කළා ද ? මහා සීහනද සූත‍්‍රය බැලූවහොත් උන්වහන්සේ මොන තරම් වීර්යයෙන් ක‍්‍රියා කළා ද කියලා දැනගන්න පුළුවන්. සත්‍ය සොයා යන ගමනේදී මොන තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නාද ? නිවන සාක්ෂාත් කරගන්න මොන තරම් මහන්සි වුණා ද ? වීර්යයෙන් ක‍්‍රියා කළාද ? ඒ නිසා, ඒ සඳහා යොමුවෙන්න ඕනෑ… වීර්ය වඩන්න ඒනෑ. නොයෙකුත් දුෂ්කරතාවලට, අභියෝගවලට, දැඩි අධිෂ්ඨානයෙන් මුහුණ දෙන්න වෙනවා.

    අපටත් නිවන් සැපත ලබා ගන්න, ළඟකර ගන්න පුළුවන්. ඒත් ඒක හරිම දුෂ්කර, අසීරු කටයුක්තක්. බැරි නෑ උත්සාහ කළො.් වීර්ය තිබෙනා නම්. මේ සියලූ දේ අත්හැරලා අභිනිෂ්ක‍්‍රමණය කිරීම හරිම අමාරුයි. ආසාවන්, තෘෂ්ණාව නැති කළොත් හරිම ලේසියි. ඒ අත්හැරීම තමයි දුෂ්කර කාර්යයක් වෙන්නේ. ශ‍්‍රද්ධාවෙන් එළඹ ගත් වීර්යයෙන් ඒ ගමන යා යුතුයි. ධර්මානුකූල චර්යාව සාර්ථක කර ගන්න නම් වීර්යය වැඞීම අනිවාර්යය දෙයක්. ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නටත් වීර්යය නැතිව බැහැ. දෛවයෙන් හැමදේම සිදුවෙයි කියලා බලාගෙන හිටියට ඒ එක රෝදයක් විතරයි. අනෙක් රෝදේ වීර්යය. ඒ නිසා වීර්යය නැතිව තනි රෝදෙන් මේ ගමන යන්න බැහැ.

    ‘‘සතිය’’ කියන්නේ සිහියට යි. බුදු දහමේ සිහියට වැදගත් තැනක් දෙනවා. සතියෙන් තොරව කටයුතු කිරීම, සති සම්පජඤ්ඤයෙන් තොරව කටයුතු කිරීම, මනාව දැන දැක කටයුතු නොකිරීම, අවධියෙන් තොරව කටයුතු කිරීම බෞද්ධ මාර්ගයේ තමන් කිරීමට ලොකු බාධාවක්. සිහිය එනිනෙද්‍ර ජීවිතයේ දී, ධර්මානුකූල ජීවිතයේදී ඉතාම වැදගත් වෙනවා. පටාචාරා, ඇඳුමක්වත් නැතිව බුදුහාමුදුරුවෝ ළඟය දුවගෙන ආ වේලාවේ උන්වහන්සේ දේශනා කළේ ‘‘සිහිය උපදවා ගන්න’’ කියලයි. ප‍්‍රකෘති සිහියට එන්න කියලයි.

    අපි ජීවත් වෙන්න ඕන සිහියෙන් යුක්තවයි. ඇවිදින්න ඕනෑ සිහියෙන් යුක්තවයි. කන්න බොන්න ඕන සිහියෙන් යුක්තවයි. අපේ සමහර ඇත්තෝ රූපවාහිනිය බල බල කනවා. කෑවේ මොනවද කියලවත් දන්නේ නැහැ. පිඟානට අත යනවා – අත කටට යනවා. කෑවේ බත් ද පාන් ද කියලවත් සමහරු දන්නේ නැහැ. බුදු දහමේ මේ දේවල් අනුමත කරන්නේ නැහැ. අවිදින කොට ‘‘මම ඇවිදිනවා’’ කියලා සිහිය තියෙන්න ඕනෑ. හිටගෙන ඉන්න කොට ‘‘මම හිටගෙන ඉන්නවා’’ කියලා සිහිය තියෙන්න ඕනෑ. කෑම බීම ගන්න කොට, පොතක් පතක් බලන කොට, ගමනක් බිමනක් යනකොට පමණක් නොවෙයි වැසිකිළි කැසිකිළි යන කොට පවා ඒ සෑම දෙයක්ම සිහියෙන් කරන්න ඕනෑ. එහෙම නොවෙන කොට හැමදේම අවුල් වෙනවා. පිළිවෙළක් නෑ. කිසිම දෙයක් හරියට කරගන්න බැහැ. ඒ නිසා ‘‘එළඹ සිහියෙන් ක‍්‍රියා කිරීම’’ ඉතා වැදගත් බව බුදු දහමේ සඳහන් වෙනවා.

    බෞද්ධ සම්ප‍්‍රදාය තුළ සිහියෙන් කටයුතු කළ යුතුමයි. එසේ කටයුතු කරන විට සිදුවන අනතුරු අඩුයි. වරදින්නේ නැහැ. ජයග‍්‍රහණය කරන්න නම්, නිවැරදි වෙන්න නම්, නිසි ලෙස යමක් කරන්න නම්, කියන්න නම් සිහියෙන් යුතුව කටයුතු කිරීම ඉතා ම වැදගත්. එහෙම නැතිව ක‍්‍රියා කිරීමේදී අත්වන දුර්විපාක බොහොමයි. අවාසි, ගැටලූ බොහොමයි. ඒවාට උදාහරණ ගණනාවක් ම අපට අපේ සමාජයේ සිදුවන දේවල්වලින් ඉදිරිපත් කළ හැකියි.

    සමාධි ඉන්ද්‍රිය

    සමාධියත් ඉහත සඳහන් කළ සද්ධාව, වීර්යය, සතිය හා සමානව ඉතාම වැදගත් ධර්මතාවයක්. සමාධිය සමථ භාවනාවක්. සමථය කියන්නේ අපේ සිත්සතන් තුළ විසිර පවත්නා ක්ලේශ ධර්ම යටපත් කිරීමයි. තදංග ප‍්‍රහාණ, වික්ඛම්භන ප‍්‍රහාණ වශයෙන් ක්ලේෂ යටපත් කළ යුතුයි. අපේ සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කරනවා. ‘දුරං ගමං ඒක චරං’ දුර ගමන් යනවා. දියෙන් ගොඩ දැමූ මත්ස්‍යයෙක් වාගේ තමයි. එකතැන තියා ගන්න අමාරුයි. විවිධ අරමුණු ඔස්සේ ගමන් කරන සිත එක අරමුණක තබා ගැනීම, එක්තැන් කිරීම ‘‘සමාධිය’’ යි. සමාධිගත වන පුද්ගලයා ප‍්‍රඥාව මෙහෙයවා කෙළෙස් මුලිනුපුටා දමනවා.

    පින්වතුනි, ගොයම් මිටියක් කපන්න නම් අතින් අල්ලා ගත යුතුයි. ඒ අල්ලා ගැනීම ‘සමථය’ යි. කපා දැමීම විදර්ශනා ඤාණය යි. ඒ නිසා සමථ භාවනාව වගේම විදර්ශනා භාවනාවත් නිවන් මග, නැතහොත් බෞද්ධයාගේ පරම නිෂ්ටාව උදෙසා අවශ්‍ය වෙනවා. ඒ සමාධිය යි. විමුක්ති මාර්ගය උදෙසා සමථය අතිශයින් ම උපයෝගී වෙනවා.

    ඉහත සඳහන් කළ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතවලට අතිශයින්ම වැදගත් වෙනවා. විමුක්තියට අදාළ ගමන් මඟ සාධනය කර ගන්නට, සද්ධාවෙන් එළඹෙනවා. ගමන යාමට තල්ලූව දෙන්නේ වීර්ය යි. ඒ ගමන යන්නට සිහිය තියෙන්න ඕන. සිතෙහි එකඟ බව, සමාධිය ප‍්‍රඥාව කරා ගමන් කරනවා. ඒ නිසා මෙම ඉන්ද්‍රිය ධර්ම බෞද්ධයාගේ ප‍්‍රතිපදාවට, ප‍්‍රතිපදාවේ ඉදිරි ගමනට ඉමහත් රුකුලක්් වෙනවා. විමුක්ති ළඟකර ගැනීමට නම් මෙම කරුණු හතර උපයෝගී කරගත යුතුම යි.

    ඉහත සඳහන් ධර්ම සිතට ගන්නා ඔබට ඒ අනුව ක‍්‍රියා කිරීමෙන් මෙලොව මෙන් ම පරලොව ජීවිතය ද සාර්ථක කරගෙන පරම ශාන්ත වූ අමා මහා නිවනින් සැනසීමට හැකි වෙනවා. ඒ සඳහා සිත් පහළ වේවා, සිත් පහන් වේවා.

    සටහන – කුසල් ධම්මික විතානගේ

  • අඟහරු ජීවීන් ගැන පරීක්ෂණ පෘථිවිය මතදීම සිදුවන ලකුණු !

    අඟහරු ජීවීන් ගැන පරීක්ෂණ පෘථිවිය මතදීම සිදුවන ලකුණු !

    අඟහරු ලොවේ ජීවීන් අනාවරණය කර ගැනීම සඳහා තැනූ රොබෝ යන්ත්‍රය සිය රාජකාරිය ඉටු කිරීම සඳහා පෘථිවියෙන් නික්ම ගියේය.

    මෙම රොබෝව නම් කර ඇත්තේ ‘පර්සිවියරන්ස්’ (Perseverance) යනුවෙනි. එහි සිංහල අරුත ‘උට්ඨාන වීර්යය’ හෝ ‘ප්‍රබල උත්සාහය’ ලෙසින් සරලව දැක්විය හැකිය.

    රෝද හයකින් යුත්, ටොන් එකක් බරැති මෙම රොබෝව අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට මාස හතක් ගත වනු ඇත. ඒ අනුව ‘පර්සිවියරන්ස්’ අඟහරු මත ගොඩ බසින්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී ය.

    NASA

    අඟහරු මත පවතින පස් සහ ගල් නියැඳි එකතු කොට පෘථිවිය වෙත එවීම, නාසා ආයතනය විසින් තනනු ලැබූ මෙම රොබෝවට පැවරුණු තවත් රාජකාරියකි.

    ‘පර්සිවියරන්ස්’ රැගත් රොකට්ටුව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ගමන් ආරම්භ කළේ පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 30) හිමිදිරියේ ය.

    දින 11ක් ඇතුළත අඟහරු බලා පෘථිවියෙන් නික්ම ගිය තුන්වැනි රොකට්ටුව මෙය වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ද මීට දින කිහිපයකට පෙර අඟහරු වෙත රොකට් දෙකක් දියත් කළේය.

    කොරෝනාවෛරසය ලොව පුරා පැතිර යන්නට පටන් ගත්තේ නාසා ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටියදී ය. එය පමා නොකොට ඉදිරියටම ගෙන යාම සඳහා ඔවුහු ප්‍රමුඛත්වය දුන්හ.

    ඒ සඳහා විශේෂ වූ ආරක්‍ෂිත විධි ක්‍රම අනුගමනය කළහ.

    “මම බොරුවක් නෙවෙයි කියන්නේ, ඒක අභියෝගයක් වුණා. එය ඉතා පීඩාකාරී වුණා. නමුත් දැන් බලන්න, කණ්ඩායම් සියල්ලම එය සාර්ථක කර ගත්තා. හැමෝම එකතුවෙලා එය ජය ගත්තා. අපට මීට වඩා ආඩම්බර විය හැකි දෙයක් නැහැ.” මෙම ව්‍යාපෘතියේ පරිපාලක ජිම් බ්‍රයිඩන්ස්ටයින් පැවසීය.

    NASA

    ‘පර්සිවියරන්ස්’ සතුව කැමරා 23ක් පවතී. ඊට මයික්‍රෆෝන ද සවි කර ඇති හෙයින් ඡායාරූපවලට අමතරව ශබ්දය ද පෘථිවියට ගෙන එනු ඇත.

    අඟහරු මතින් එක්රැස් කර ගන්නා නියැදි (samples) නැවත පෘථිවිය කරා ගෙන ඒමට අඩු තරමින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

    ‘පර්සිවියරන්ස්’ රොබෝව තැනීම සඳහා වැය වූ මුදල ද ඊට ඇතුළත් ය.

    BBC

    වාහනයක ස්වරූපය ගන්නා මෙම රොබෝව අඟහරු මත පවතින විශේෂ ස්ථානයක ගොඩ බැස්සවීමට ඉලක්ක කොට ඇත.

    මෙම ස්ථානය විශාල බඳුනක් (bowl) වැනිය. එය කිලෝ මීටර 40කට අධික විශ්කම්භයක් සහිත භූ ප්‍රදේශයකි.

    මෙතෙක් ලබාගෙන ඇති චන්ද්‍රිකා ඡායාරුප පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මීට වසර බිලියන ගණනකට පෙර මෙය ජලයෙන් පිරි විලක් විය හැකි බවය.

    එබැවින් අඟහරු මත ජීවියෙකු වේනම් හෝ පෙර කලෙක සිටියේනම් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සුදුසුම ස්ථානය මෙය වනු ඇති බව ඔවුන්ගේ මතය වේ.

    පෘථිවිය කරා රැගෙන ඒමට නියමිත පස් සහ ගල් නියැදි මෙම ප්‍රදේශයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇත්තේ එබැවිනි.

    අඟහරු ග්‍රහයාගෙන් ලබා ගන්නා ගල් සහ පස් නියැදි පෘථිවිය කරා ගෙන එන ආකාරය දැක්වෙන රූ සටහනක්
    ඡායාරූප ශීර්ෂ වැකිය,අඟහරු ග්‍රහයාගෙන් ලබා ගන්නා ගල් සහ පස් නියැදි පෘථිවිය කරා ගෙන එන ආකාරය දැක්වෙන රූ සටහනක්

    මෙම විශේෂිත භූ ප්‍රදේශය නම් කර ඇත්තේ Jezero Crater යනුවෙනි.

    Perseverance රොබෝව දළ වශයෙන් වසර දෙකක් පමණ අඟහරු මත සැරිසරනු ඇත.

    මීට පෙර මෙවැනි රොබෝ යන්ත්‍ර හතරක් අඟහරු වෙත යවා තිබේ.

    නමුත් මෙහි විශේෂත්වය වන්නේ යම් ජීවියෙකු පණපිටින් හෝ පොසිල මට්ටමින් වේනම් එය සෘජුවම අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මෙහි පැවතීමයි.

    සම්පූර්ණ උපුටා ගැනීම – බී.බී.සී. සන්දේශය

  • තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’

    තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’

    දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය.

    විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන් වේගයෙන් පරිවර්තනයට ලක් වේ. ටික කලකට පෙර ඉතාම වලංගු වූ සටන් පාඨයක් අවලංගු වූවක් බවට පත් වේ. නොඑසේනම්, එහි ප්‍රමුඛතාව අහෝසි වී යයි. වෙනත් ප්‍රමුඛතා ඉස්මත්තට එයි. 

    දේශපාලනයේ ඇති මෙම රැඩිකල් අනිශ්චයතාව නොහොත් අහඹුතාව ගැන කදිම ජනප්‍රවාදයක් මෙසේය. රුසියානු විප්ලවයෙන් පසුව වී.අයි. ලෙනින් එක්තරා රුසියානු විශ්වවිද්‍යාලයක සංචාරයේ යෙදෙමින් සිටියේලු. එවිට එක්තරා තරුණ සිසුවෙකු ඉතාම උනන්දුවෙන් කිසියම් කෘතියක් කියවමින් සිටිනු ඔහුගේ ඇස ගැටුණු බැව් කියැවේ. නිරන්තර හදාරන්නෙකු වූ ලෙනින් මදක් නැවතී ඒ කෘතිය කුමක්දැයි ඔහුගෙන් විමසීය:

    “රාජ්‍යය සහ විප්ලවය.” ඒ ලෙනින් විප්ලවාසන්න රුසියාවේ බලයට පත්ව සිටි තාවකාලික ආණ්ඩුවේ අත්අඩංගුවට පත් වීමේ අවදානම නිසා සැඟවී සිටින අතරතුරදී ලියූ කෘතියකි. තරුණ ශිෂ්‍යයාගේ පිළිතුරට ලෙනින් දැක් වූ ප්‍රතිචාරය අනපේක්ෂිත වූවක් විය: “ආ..ඒක පරණ පොතක්.” 

    ලෙනින්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? “කැලැන්ඩර කාලයට” අනුව ඉතාම මෑතකදී ලියන ලද ඔහුගේම කෘතිය ඔහු දැන් පරණ කෘතියක් ලෙස හඳුන්වයි. මෙයින් අදහස් වන්නේ කිසිසේත්ම එය නොවැදගත් කෘතියක් බව නොවේ. එය රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට කෙරුණු විශිෂ්ටතම දායකත්වයක් ලෙස පිළිගැනෙන කෘතියකි.

    නමුත්, ඇතැම්විට ඉහත කී තරුණ සිසුවාට දැක් වූ ප්‍රතිචාරයේදී ලෙනින් අදහස් කරන්නට ඇත්තේ එම කෘතිය රචනා කරන ලද්දේ කවර නම් ඓතිහාසික තත්ත්වයක් තුළද, එම තත්ත්වය තවදුරටත් පවතින්නේ නැත යන කාරණය විය හැකිය. ඒ අරුතින් එම කෘතිය පැරණිය. එබැවින්, දැන් එය කියැවිය යුත්තේ එය රචනා කෙරුණු මොහොතේ පැවති සංයුක්ත තත්ත්වය සිහි තබා ගනිමින්ය. 

    දේශපාලනය තුළ අනිශ්චිත අහඹුතාවේ වැදගත්කම ගැන ලෙනින්ගෙන් උගත හැකි තවත් දේ ඇත. 1917 සැප්තැම්බර් මස අග භාගයේ පටන් ඔහු පෙට්‍රොග්‍රාඩ්හි සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙත නොනැවතී ලිපි මාලාවක්ම ලිවීය. (ඔහු ඒ වනවිට ෆින්ලන්තයේ සැඟවී සිටියේය). ඒ සෑම ලිපියකින්ම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ වහාම පහර දී බලය අත්පත් කරගන්නා ලෙසයි. ප්‍රමාද වුවහොත් විප්ලවීය මොහොත අහිමි වී යා හැකිය.

    ඔහුගේ යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුණු විට අවසානයේදී බරපතල ජීවිත අවදානමක්ද ගෙන වෙස් වලාගෙන පෙට්‍රොග්‍රාඩ් වෙත පැමිණි කෝපාන්විත ලෙනින් පක්ෂයේ රහසිගත මධ්‍යම කාරක සභා රැස්වීමකට හදිසියේ කඩා වැදුණේය. ඉන්පසුව අඛණ්ඩව පැය දහයක කාලයක් පුරා කෙරුණු උණුසුම් විවාදයකින් පසුව පක්ෂ නායකයින් බහුතරයක් ඔහුගේ මතයට එකඟ කරවා ගන්නට ඔහු සමත් විය. 1917 ඔක්තෝබර් මස 23 වනදා රුසියානු විප්ලවයේ තීරණය ගැනුණේ එලෙසය.

    දේශපාලනිකය (the political) පිළිබඳ වැදගත් ඉගැන්වීම් දෙකක් අඩු තරමින් මේ නිදසුනෙහි ගැබ්ව ඇත. පළමුවැන්න නම්, මා කලින්ද සඳහන් කළ පරිදි අනිශ්චය නොහොත් අහඹු තත්ත්වය නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කමයි. දෙවැන්න වන්නේ පවත්නා මොහොත මග හැරිය හොත්, එය නැවත උදා නොවනු ඇත යන්නයි. දේශපාලනයේදී ඔබට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත.                                      

    ජනතාවාදයේ නිමේෂය

    පසුගිය ජනාධිපතිවරණය සමයේ මා පෙන්වා දුන් පරිදි ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාවේද ජනතාවාදයේ නිමේෂයක් උදා විය. මෙයින් අදහස් වන්නේ සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් කෙරෙහි පොදු ජනතා විරෝධයක් පැන නැගීමෙන් “ප්‍රභූ පාලකයින්ට එරෙහිව මහජනතාව” යන පසමිතුරුතාව වටා දේශපාලනය නැවත සංවිධානය විය හැකි වාතාවරණයක් උදා වී තිබේය යන්නයි.

    මෙහිදී එක්කෝ ජනතාව නියෝජනය කරන නව නායකත්වයක් මතු වීමට හැකිය; නොඑසේනම්, සාම්ප්‍රදායික පක්ෂ තුළින්ම අසම්ප්‍රදායික නායකත්වයක් මතු වීමෙන් මෙම ජනතාවාදී මොහොත අත්පත් කර ගන්නටද ඉඩ තිබේ. ට්‍රම්ප් යටතේ 2016 දී එක්සත් ජනපදය තුළ සිදු වූයේ මෙයයි. 
    ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් මෝරමින් පැවති දේශපාලකයින් පිළිබඳ පොදු විරෝධය එහි උත්සන්නියටම පැමිණුනි.

    “පාර්ලිමේන්තුවේ 225 ම එළවා දැමිය යුතුය” යන ප්‍රකාශය පොදු ජන වහරක් බවට පත් විය. දේශපාලකයින් වෙනුවට වෘත්තීයවේදීන් ආදේශ කිරීමේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හට එල්ල වූ එක් විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය. 

    මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි.

    වාම ජනතාවාදයක් සඳහා දැරෙන කිසියම් ප්‍රයත්නයක්ද මේ තුළ හඳුනාගත හැකි බව මගේ අදහසයි. නමුත්, එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් වහ වහාම අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දැන් දේශපාලනයේ සංයුක්ත මොහොත නැවතත් වෙනස් වී තිබේය යන කාරණයයි. (මා ඉහත කී ලෙනින්ගේ ඉගැන්වීම් අනුව සිතා බැලූ විට මෙය පැහැදිලි කර ගැනීම පහසු වනු ඇතැයි සිතමි).

    කොරෝනා යුගයේ ඇත්ත ප්‍රශ්න

    සමකාලීන ලාංකීය දේශපාලන මොහොත නිර්මාණය වීමේ ආසන්න සංසිද්ධිය වූයේ කොරෝනා වෛරස් වසංගතය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු සමාජ, ආර්ථික අර්බුද මාලාවයි. ලොව සෑම තැනකම පාහේ අද පවත්නා තත්ත්වය එබඳුය. බහු-විධ කොරෝනා අර්බුදය හමුවේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන දේශපාලන ගතිකයක් වන්නේ ආර්ථිකමය ගැටළු යළිත් දේශපාලන ක්‍රියාවලියේ මධ්‍යයට පැමිණීමයි. ඒ අතරම මෙය මිනිසුන්ගේ පැවැත්ම පිළිබඳ සංදෘෂ්ටික ගැටළු ඉස්මත්තට එන කාල වකවානුවකි. මහජන සෞඛ්‍යය, සමාජ ආරක්ෂාව සහ දෛනික දිවි පැවැත්ම පිළිබඳ භෞතික ගැටළු දැන් ඉතාම තීරණාත්මකය. 

    ජනතාවාදී නායකත්වයක් මෙම ගැටළුවලට ආමන්ත්‍රණය කිරීම පමණක් නොසෑහේ. ඒවා තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයට පත් කර ගැනීමද අවශ්‍යය. එසේ කරන්නට අසමත් වන ඕනෑම දේශපාලන නායකත්වයක් මේ මොහොතේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරෙණු ඇත.

    මෙයින් අදහස් වන්නේ දූෂණය, අක්‍රමිකතා සහ සොරකම යනාදිය පිටුදකින “ඇත්ත මිනිසුන්ගේ” අවශ්‍යතාව දැන් අහෝසි වී ගොස් තිබෙන බව නොවේ. දැන් බහු ජන කොටස්වල දේශපාලන ප්‍රමුඛතා වෙනස් වෙමින් පවතින බවයි. මේ මොහොතේදී වඩා ප්‍රබල ජනතා ආමන්ත්‍රණය ඇත්තේ දූෂණයෙන් තොර “ඇත්ත මිනිසුන්” කෙරෙහි නොව තම “ඇත්ත ප්‍රශ්නවලට” ආමන්ත්‍රණය කරන නායකත්වයන් කෙරෙහිය.

    වෙනත් වචනවලින් කිව හොත්, ඔබට වත්මන් දේශපාලන මොහොතේ හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රථමයෙන් 2015 ජනාධිපතිවරණය ආශ්‍රිතව ඉහළට එසවුණු යහපාලනවාදී දෘෂ්ටිවාදයේ ග්‍රහණයෙන් මිදිය යුතුය. න්‍යායිකව වැරදි ලෙස “විප්ලවයක්” යැයි අර්ථ කථනය කෙරුණු 2015 ජනවාරිය දැන් අතීතයට එක් වී බොහෝ කල්ය. 

    මෑතකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නුවන් බෝපගේ සමකාලීන මොහොතේ ජන විඥානය කදිමට හකුළුවා දක්වන ප්‍රශ්නයක් නැගීය. ඒ ඔහු සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදීය. ඔහුගේ ප්‍රශ්නය වූයේ “දැන් මැද පෙරදිග සේවයේ යෙදී වසංගතයේ ප්‍රහාරයට ලක් වී සියරටට එන්නට නොහැකිව සිටින ජනයා නියෝජනය කරන්නේ කවුරුන්ද” යන්නයි. “සේවයෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයන්ව නියෝජනය කරන්නේ කවුද?”, “සහල් මාෆියාවෙන් පීඩා විඳින ගොවි ජනයා නියෝජනය කරන්නේ කවුද..?”

    මෙවන් ඇත්ත ප්‍රශ්න අදාළ වන්නේ කම්කරු සහ ගොවි ජනයාට පමණක් නොවේ. ජාතික ජන බලවේගයේ දේශපාලන පණිවිඩයේ ප්‍රධාන ග්‍රාහකයන් වී සිටින ඊනියා සබුද්ධික නාගරික මධ්‍යම පංතිකයන්ගේද ප්‍රශ්නවල ප්‍රමුඛතා දැන් පරිවර්තනයට ලක්වෙමින් තිබේ. ඔවුන් බහුතරයක් සිටින්නේ තම පංති තත්ත්වයෙන් පහළට ඇද වැටීමේ අවදානමට මුහුණ දෙමිනි. 

    ජාතික ජන බලවේගය මේ ඇත්ත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන බව එහි සාමාජිකයින් කරුණු සහිතව පෙන්වා දීමට ඉඩ තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. දැන් එම ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන කිසිදු පක්ෂයක් තිබේද? සියල්ලන්ම ඒවා සැලකිල්ලට ගනී. නමුත්, කාරණය නම් ඒ කෙසේද යන්නයි. දේශපාලන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ මෙහිදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ප්‍රශ්නවලට තම පිළිතුරු ගොනු කරන්නේ ශක්තිමත් නායකත්වයක් පිළිබඳ ජාතිකවාදී සහ රාජ්‍යවාදී දෘෂ්ටිවාදී දවටනය තුළය.

    සමගි ජන බලවේගයේ දෘෂ්ටිවාදී දවටනය වන්නේ ප්‍රේමදාස වර්ගයේ සුභසාධනවාදී නොහොත් අනුග්‍රාහකවාදී එකකි. ජාතික ජන බලවේගයේ බුද්ධිමය ශ්‍රේණිය නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග දැක් වූ සම්බන්ධය නිසාදෝ ඔවුන්ගේ ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී රාමුව වශයෙන් තවමත් පවතින්නේ දූෂණය පිටුදකින යහපත් දේශපාලකයින් නොහොත් ඊනියා “ඇත්ත මිනිසුන්” පිළිබඳ යහපාලනවාදී රාමුවකි. එම ප්‍රවේශය වඩාත් ආකර්ශනීය වනු ඇත්තේ නාගරික ලිබරල් මධ්‍යම පංතික කොටස්වලට බැව් සිතීම සාධාරණය.

    නමුත්, ඊට වෙනස්ව, ඉහත නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කොට ඇති ප්‍රවේශයේ සෘජු ආමන්ත්‍රණය එල්ල වන්නේ කොරෝනා අර්බුදයෙන් නේකවිධ පීඩනයන්ට ලක්වෙමින් සිටින කම්කරු, ගොවි, විරැකියා තරුණ කොටස් යනාදී පිරිස් වෙතය. න්‍යායිකව මෙන්ම දේශපාලනිකවද මේ ප්‍රවේශ දෙක සහමුලින්ම එකිනෙකින් වෙනස්ය. (“සමකාලීන මොහොත නිවැරදිව ග්‍රහණය කොටගෙන තිබියදීත් නුවන්ලාගේ ව්‍යාපෘතිය තවමත් සැලකිය යුතු ජනතා ආකර්ශනයක් දිනා ගෙන නැත්තේ මන්ද යන ප්‍රශ්නය වෙනම සාකච්ජා කළ යුත්තකි. මේ ඒ සඳහා අවස්ථාව නොවේ).                                 

    දේශපාලනය සබුද්ධිකකරණය කිරීම

    මේ මොහොතේදී දීර්ඝව සාකච්ජා කිරීමට ඉඩක් නොමැති වුවත් වාමාංශික ජනතාවාදයක් සම්බන්ධයෙන් වැදගත් විය හැකි තවත් කාරණා දෙකක් ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතුව ඇත. පළමුවැන්න නම්, ජාතික ජන බලවේගය විසින් දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවණතාවයි. ඔවුන් ප්‍රකාශිතවම තම ආමන්ත්‍රණය කරන්නේ “සබුද්ධික ජනතාව”ටය. මෙය යුරෝපීය අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම හමුවේ ශන්තාල් මූෆ් වාමාංශයට කළ අනතුරු හැඟවීමක් සිහි ගන්වයි. ඇය නැවත නැවතත් අවධාරණය කළේ ජනතාවගේ හැඟීම් සංවිධානය කිරීම ජනතාවාදී දේශපාලනයේ ප්‍රධාන අංගයක් විය යුතු බවයි. සරලව, මිනිසුන්ගේ මොළයට සේම හදවතට කතා කරන භාෂාවක්ද අවශ්‍යය. මන්ද යත්,  දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවේශයකදී යමෙකු තම හෙජමොනික ශක්‍යතාව අහිමි කර ගනී. 

    හැඟීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙරට වාමාංශය සතුව තිබූ ප්‍රධාන තේමාවක් නම් අධිරාජ්‍ය විරෝධයයි. චීනය සහ එක්සත් ජනපදය අතර ගොඩ නැගෙමින් පවතින නව තුෂ්ණි යුද්ධයේ සංග්‍රාම භූමියක් බවට මේ කුඩා දිවයින පත්වීමේ අනතුර උදා වී ඇති අද දිනයේ එම අධිරාජ්‍ය විරෝධයේ ධජය යළිත් වාමාංශයට අත්පත් කර ගත හැකිය. නමුත්, එක්සත් ජනපද සේම චීන ආධිපත්‍ය පිළිබඳ තියුණු විශ්ලේෂණයක් අහිමි නායකත්වයකට එසේ කළ නොහැකිය. “අපගේ උපන් බිම චීන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වීමට ඉඩ නොතබමු” යැයි කිව හැක්කේ මේ යුගයේ මූල්‍ය ප්‍රාග්ධනය ගැනත් වෙනස් වෙමින් පවතින භූ-දේශපාලනික යථාර්තය ගැනත් සංයුක්ත විශ්ලේෂණයක් සහිත වාමාංශික නායකත්වයකට පමණි. 

    මට සඳහන් කරන්නට අවශ්‍ය දෙවන කාරණය වන්නේ මෙයයි. ජාතික ජන බලවේගයේ යහපාලනවාදී ප්‍රවේශය මගින් ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ පවත්නා සංකේත පිළිවෙලෙහි අභ්‍යන්තර වෙනස් කිරීම් වෙතට මිස මේ පිළිවෙල තුළ නොමැති “වඩා දෙයක්” දිනාගැනීම වෙතට නොවන බවයි. එබැවින් එය “කළ හැක්කේ කුමක්දැයි” විමසන දේශපාලනයකි. ඒ වෙනුවට “කළ යුත්තේ කුමක්දැයි” විමසන ප්‍රති-හෙජමොනික ආමන්ත්‍රණයක් සහිත දේශපාලනයක් බවට එය පරිවර්තනය කරන්නට දැනට ප්‍රයත්න දරා ඇති බවක් නොපෙනේ. කෙසේ වුවද, ඒ සඳහා න්‍යායිකව දැනුවත් බුද්ධිමය මැදිහත්වීමක් වුවමනාය. (මේ ගැන ඉදිරියේදී දීර්ඝව ලියන්නට බලාපොරොත්තු වෙමි).

    අවසන් වශයෙන් කිව යුත්තේ මේ ලිවීමේ අරමුණ වන්නේ වත්මන් මොහොතේ මතු වෙමින් තිබෙන අන්ත-දක්ෂිණාංශික අධිකාරීවාදී පාලනයක් ගොඩ නැගීමේ අනතුර හමුවේ ඊට මුහුණදිය හැකි වාමාංශික ජනතාවාදී අක්ෂයක් නිර්මාණය කිරීමට කිසියම් තරමකින් හෝ දායක වීම බවයි. එවන් වාම-ජනතාවාදී අක්ෂයක් ගොඩ නැගීමේ එක් අවශ්‍යතාවක් වන්නේ විවිධ වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර පුළුල් සහයෝගීතාවක් ඇති කර ගැනීමයි. බුද්ධිමය සහ විවේචනාත්මක ප්‍රවේශයකින් තොරව එය කළ නොහැකිය. ඉදිරියේ එන මහා මැතිවරණයෙන් පසුව බොහෝ විට මෙරට වාම, ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික කොටස්වලට මුහුණ දීමට සිදු වනු ඇත්තේ පොදු අභියෝග රැසකටය. විකල්ප බුද්ධිමය සහ දේශපාලනික කතිකාවක අවශ්‍යතාවද එම දුෂ්කර සමය විසින්ම මතු කෙරෙනු ඇත.                                         

    සුමිත් චාමින්ද       

  • පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය

    පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය

    කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෑතකදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය හා  එක්ව, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු වස් “පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව : කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය” සංවිධානය කරන ලදි.

    කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 යුනෙස්කෝ මහා සම්මේලනය විසින් සම්මත කර සෑම වසරකම ජූලි 26 දින සමරනු ලබයි. “අද්විතීය, විශේෂ හා අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතියක් ” ලෙස කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ ඒවායේ තිරසාර කළමණාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් ප්‍රවර්ධනය කිරීම මෙය සැමරීමේ අරමුණ වෙයි.

    පසුගිය අවුරුදු 50 තුළ කඩොලානවලින් 30% ත් 50%ත් අතර ප්‍රමාණයක් අහිමි වී ඇත. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා නව, අඩු වියදම් තාක්ෂණයන්ගෙන් ප්‍රතිලාභ අත්කර දෙන සහ වෙර ගන්වන ලද කටයුතුවල නියැලීම සහ නව්‍යකරණ අරමුදල් තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන් යථාතත්වයට පත්වීම සඳහා සහාය වන නව ප්‍රවේශයන් මතුවෙමින් පවතියි.

    කඩොලානවල මනා කළමණාකාරිත්වය සඳහා අවශ්‍ය වූ තොරතුරු රැස් කිරීමට, විවිධ කළාප නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලය පුරා ඇති ව්‍යාපෘතිවල සිද්ධි අධ්‍යයන තුළින් ඒ් පිළිබදව හැදෑරීම් හා ඒ්වා  ප්‍රදර්ශනය කිරීම සහ කොවිඩ් 19 වලින් පසු අවධියේ දී ඉදිරියට යාමට ඇති විවිධ වේදිකා අවධාරණය කිරීමට මෙන්ම විවිධ රටවල් විසින් අනුගමනය කරන ලද විද්‍යාව හා ප්‍රතිපත්තීන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබාදීම කෙරෙහි ද මෙම මාර්ගගත සමුළුවේ දී අවධානය යොමු විය.

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තියේ උපදේශක, සාගර පාලන හා ව්‍යාපෘති නායක ජෙෆ් ආර්ඩොන් මහතා විසින්  මාර්ගගත සමුළුව මෙහෙයවන ලද අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තිය, කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රගතිය හා කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයේ වැදගත්කම කෙරෙහි ආරම්භක කරුණුවලදී අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින් මෙම ආරම්භක අදහස් දැක්වීම සිදුකරන ලදී.

    ස්වාභාවිකව පුනර්ජනනයට විරුද්ධ ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සිදුකළ මැදිහත්වීම් තුළින් උගත් පාඩම් විශ්ලේෂණය කරමින් “පොයින්ට් ලිසාස් හි කඩොලාන පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම” පිළිබඳව සිද්ධි අධ්‍යයනයක්, ට්‍රිනිඩෑඩ් හා ටූබැගෝහි සමුද්‍රිය කටයුතු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රහන්නා ජුමාන් විසින් ඉදිරිපත් කරන ලදි.

    කඩොලාන පරිසර පද්ධතිවල බිඳවැටීම විද්‍යාත්මකව හා ප්‍රජා මූලිකව හඳුනාගනිමින්, මෙම ක්‍රියාවලි දෙකම ප්‍රතිෂ්ඨාපනය කෙරෙහි දායකවන්නේ කෙසේද යන්න පිළිබඳව කොරියාවේ සමුද්‍රිය හා ධීවර  පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජුඩින් ඔකෙලෝ විසින් සිදුකළ ඉදිරිපත් කිරීමේ දී අවධාරණය කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂවල විවිධත්වය, විශේෂවල අවධානම් මට්ටම සහ කරුණු පාදක කරගත් කළමණාකරණයක් සඳහා දත්තවල ඇති වටිනාකම හුවා දක්වමින් “සෑම තැනකම කඩොලාන : දෙකක් සමාන නොවේ” පිළිබඳව ඉදිරිපත් කිරීමක්, ශ්‍රී ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂා කිරීමේ අධිකාරියේ සහකාර සමුද්‍රිය පරිසර නිලධාරී අචිනි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළාය.

    නිල් කාබන් හා කඩොලාන කළමණාකරණය, ධීවර කටයුතු, විකල්ප ජීවනෝපාය හා ප්‍රජා සෞඛ්‍ය සහ සම්බන්ධ කරමින් මැඩගස්කරයේ හා ඉන්දුනීසියාවේ දී දියත් කරන ලද “නිල් වන ක්‍රියාමාර්ගය” හරහා වෙරළාසන්න ප්‍රජා සවිබල ගැන්වීම හා දේශගුණික බිදවැටීම් වළක්වාගැනීම පිළිබඳව එක්සත් රාජධානියේ ගෝලීය උපායමාර්ග පිළිබඳ නායිකා, ලෙහ් ග්ලාස් විසින් නිල් ව්‍යාපාරයේ කඩොලාන සංරක්ෂණය පිළිබදව කරුණු ඉදිරිපත් කළේය.

    මෙම මාර්ගගත සමුළුවට 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර පසුව මිනිත්තු 20 ක ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයක් ද පවත්වන ලදී.

    සාගර ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය සඳහා සාධාරණ, සියල්ල ඇතුළත් සහ තිරසාර ප්‍රවේශයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට ඒකරාශීවී කටයුතු කිරීමට නීල ප්‍රඥප්තිය උපකාර කරයි. ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත සාගර ගැටලුවක් සඳහා කැපවී ඇති ක්‍රියාකාරී කණ්ඩායම් සමූහයක් හරහා වන අතර ඒවා මෙහෙයවනු ලබන්නේ “පෙරමුණගත්” රටවල් විසින් මෙහෙයවනු ලබන සාමාජික රටවල් විසිනි. මේ දක්වා රටවල් 13 ක් තේමාවන් 10 ක් මත පෙරමුණ ගැනීමට ඉදිරියට පැමිණ තිබේ.

    කඩොලාන පරිසර පද්ධති සහ පීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම එවැනි ක්‍රියාකාරී කණ්ඩායමක් වන අතර එය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ වත්මන් සාමාජිකයන් වන්නේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බහමාස්, ජැමෙයිකාව, කෙන්යාව, නයිජීරියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, එක්සත් රාජධානිය සහ වනවාටු යන රටවල්ය.

    කඩොලාන ව්‍යාප්තිය සඳහා පෙරමුණ ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව දැනටමත් කඩොලාන ප්‍රතිපත්තියක්, මාර්ගෝපදේශ, බහු පාර්ශ්වකරුවන්ගේ කාර්ය සාධන බලකායක් සහ කඩොලාන පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් සකස් කර ඇති අතර, ලෝකයේ පළමු කඩොලාන කෞතුකාගාරය පිහිටුවීම සහ වෙනත් භාවිතයන් බවට පරිවර්තනය කර ඇති කඩොලාන වනාන්තර යථා තත්ත්වයට පත් කිරීම සඳහා නීති පැනවීම ද සිදුකර තිබේ.

  • දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු !

    දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු !


    විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම – ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර) දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු !

    පසුගිය ජූලි 27 වැනි දිනට යෙදී තිබූ ‘ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය‘ නිමිත්තෙනි.

    සටහන – සුනෙත් බණ්ඩාර

  • හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ‘සුපිරි අවකෙළි ගැන සුපිරි හෙළිදරව්වක්’

    හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ‘සුපිරි අවකෙළි ගැන සුපිරි හෙළිදරව්වක්’


    දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන්ගේ වැරදි තීන්දු තීරණ තවදුරටත් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද හානිකර තීන්දුවක් ප්‍රමුඛ වේ.

    පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හා එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි සිදු කරන හානිකර සංවර්ධන ක්‍රියාවලීන් ය.

    දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන්ගේ වැරදි තීන්දු තීරණ තවදුරටත් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද හානිකර තීන්දුවක් ප්‍රමුඛ වේ. චමල් රාජපක්ෂ මහතා විසින් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ ඒක භෝග වාණිජ්‍ය වගාවන් සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස ය. මේ අනුව අද වන විට ශීඝ්‍රයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් මහ පරිමාණයෙන් සමාගම් වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති අතර එම ඉඩම් මහ පරිමාණයෙන් එළි පෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ.

    ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන්වැව, ගලහිටිය වැවට ඉහලින් පිහිටි අන්දර වැව දක්වා ප්‍රදේශය ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර ප්‍රදේශ වල අක්කර 2000 කට වැඩි ප්‍රදේශයක් ඩෝසර් යන්ත්‍ර භාවිතා කරමින් මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ. හිටපු ගුවන් හමුදාපතිවරයකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර අක්කර 500 ක භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා අලුතින් එළිපෙහෙළි කිරීම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම්

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඬේ ඉඩම් සියල්ලම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි – ඇතුන් 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් කොටු වී සිටී. මේ සතුන් ඒ අවට ගම්මාන වලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ.

    මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක කොටසෙ හි ද අලි – ඇතුන් 20 ක් පමණ රැඳී සිටී. මෙම සතුන් රාත්‍රි කාලයේ ගම් වැදීම නිසා ගැටලුකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට බලපා ඇති ප්‍රධාන හේතුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිඳ වැටීමයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප්‍රදේශය ආශ්‍රිත ව සිටින අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම මේ වන විට ඇහිරී තිබේ. ගල්වැව ප්‍රදේශයෙන් මෙම සම්බන්ධතාව වනාන්තර අතර පැවති නමුත් එම ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරී තිබේ. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත බොහෝ ප්‍රදේශ අලි – මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම්

    යෝජිත රක්ෂිතයේ ඉඩම් විකිණීමේ ජාවාරම

    හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් ද මේ වනවිට ක්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ. ගොන්නොරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කර ඇත. කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටියවත්ත නින්දගම ලෙස හඳුන්වන වනාන්තර ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරම “වැලි සමන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු විසින් සිදු කෙරේ.

    මීට අමතර ව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රධාන අලි මංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කිරීම ද දේශපාලකයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත සිදු කෙරේ. හැඬිල්ල අලි මංකඩ හරහා බුන්දල ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලුණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යාන වලට ගමන් කිරීම සිදු කරයි. මෙම අලි මංකඩ පළමු ව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාස සංකීර්ණයක් ඉදි කර අවහිර කර තිබේ. ගොන්නොරුව හා කැටන්වැව අතර මෙම අලිමංකඩ අවහිර වන පරිදි මේ නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසන සංවිධායක දිසරු දිසානායක මහතා විසින් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර හැඬිල්ල අලිමංකඬේ අක්කර 50 ක භූමියක් විදුලි වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මහ පරිමාණයෙන් වනාන්තර එළිකරමින් ඉඩම් කට්ටි කිරීම මෙලෙස නීතිවිරෝධී ව සිදුකරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් නිහඬ ව සිටී ම පුදුමයට කරුණකි. මේ මහ පරිමාණ වන විනාශය හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හා අලි මංකඩවල් අවහිර කිරීම හේතුවෙන් මතුවන අලි – මිනිස් ගැටුම ට මෙම නිලධාරින් ඍජුව ම වගකිව යුතු ය.

    මේ ප්‍රදේශයේ නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම පුද්ගලයින් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධියේ මෙහෙයවීම සිදු කරයි. වැලි සමන්, ගොන්නොරුවේ චමින්ද හා පන්වැව තුෂී යන අන්වර්ථ නම් වලින් හැඳින්වෙන පුද්ගලයින් විසින් මේ සමස්ත ජාවාරම මෙහෙයවනු ලැබේ. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල ප්‍රබලයින් ඔවුන් ට දේශපාලන රැකවරණ ලබා දේ.

    නීති විරෝධී වගා බිම් වලට හානිකර ලෙස ජලය ලබා ගෙන ඇති ආකාරය

    රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීමේ ප්‍රතිඵල

    වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙන් ක්‍රියාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර අක්කර 20,000 ක් සම්පූර්ණයෙන් ම විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුන තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 31 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ.

    එපමණක් නොව අලි – ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 15 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් අටදෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී.

    එපමණක් නොව සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප්‍රදේශ වල අලුතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් සඳහා ඔහුගේ ආධාරකරුවන්ට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබුණි. ඒ තත්ත්වය තවත් දෙගුණ කිරීමට 2010-2015 කාල වකවානුවේ දී මෙන් ම අද වන විට ද චමල් රාජපක්ෂ මහතා විසින් තම හිතවතුන්ට හා සමාගම් වලට වනාන්තර ඉඩම් බෙදා දෙමින් සිටී. මේ අයුරින් වනාන්තර අවභාවිතාව පමණක් නොව ඔවුන් විසින් මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ද ඉඩප්‍රස්ථාව ලබා නොදේ.

    හම්බන්තොට අලි කළමනාකරණ සැලැසුම

    උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මඟින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.

    ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත්‍රික් කමිටුව විසින් ඒකමතික ව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත ව තිබුණි. මේ සියලූ ම සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර නවයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉදිරි ක්‍රියාමාර්ග මේ වන තුරුත් ගෙන නොමැත. මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර හතකට ප්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි කිසිදු ප්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය.

    රක්ෂිත ප්‍රදේශ ජාලගත කිරීමට ප්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. ඒ අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක්‍රමණය වන ප්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප්‍රදේශයේ ය. මෙය කොහොලංකල – කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කළ යුතු ව ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ හානිකර ලෙස පවත්වාගෙන යන ගල් වලවල්

    දේශපාලන බලපෑම් මත රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීම

    යෝජිත රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා පසුගිය රජයේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එකල විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමයි.

    මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයින් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. ඔවුන් මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ නාමල් රාජපක්ෂ මහතා ගේ සහයෝගය මත මෙම අනවසර වගා බිම් පවත්වාගෙන ගිය අතර පසුව හිටපු අමාත්‍ය දුලිප් වෙදආරච්චි හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ගේ සහයෝගය මත එය සිදු කෙරින.

    විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි – ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මඟින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම් වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරන ගොවීන්ට උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදු වී ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශ කර ඉදි කරණ සූර්යය බලශක්ති බලාගාර

    යෝජිත රක්ෂිතයේ නීති විරෝධී ව්‍යාපෘති

    මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර අක්කර 600 ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි – ඇතුන් ජීවත් වූ අක්කර 300 ක ට වැඩි වනාන්තර භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර මහ පරිමාණ සූර්යය බලශක්ති ගම්මානයක් ඉදි කර තිබේ. මෙම වැව හා ආශ්‍රිත ප්‍රදේශය අලි – ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප්‍රදේශයකි. මෙම බලාගාරය නිසා ඒ සියල්ල අහිමි වී ඇත.

    මෙයට අමතර ව හිටපු ගුවන්හමුදාපතිවරයකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර වනාන්තර හෙක්ටයාර 60 ක් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගෙන තිබේ. එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40 ක් සෙනොක් ආයතනයට සූර්ය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව පවරා තිබේ. සාගර් සෝලා බලාගාරයට යාබදව බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර හෙක්ටයාර 20 ක භූමියක් ඉවත් කර ඔලිවර් රණසිංහ මහතා විසින් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත. මේ සියල්ල ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව සිදු කර තිබේ.

    ඒ අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී තිබේ. මේ නිසා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි – ඇතුන්ට අහිමි වී ගැටලු ගණනාවකට අලි – ඇතුන්ට හා ඒ අවට ජනතාවට මුහුණ දීමට සිදු ව ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් උඩමළල ප්‍රදේශයේ ලෝලුගස්වෑකඩ, මැටිගත්වැව, පරෙන්ගි වැව, ළිං වැව, ස්වර්ණමාලී වැව හා මායියන් වැව ආවරණය වන පරිදි අක්කර 1500 ක භූමියක් තෙල් පිරිපහදු පද්ධතියක් ඉදි කිරීමට චීන සමාගමකට ලබා දීමට සැලැසුම් කෙරෙමින් පවතී. මැටිගත් වැව හා ස්වර්ණමාලී වැව යටතේ කුඹුරු අක්කර 90 ක් පමණ වී වගා කෙරේ. මෙම වැව් දෙකට වලව වම් ඉවුරු ඇළ යටතේ ජලය සැපයෙන අතර ඒ මඟින් යල – මහ දෙකන්නයේ වී වගාව සිදු කෙරේ. එවැනි වැව් පද්ධති මෙවන් ව්‍යාපෘති සඳහා යොදා ගැනීමෙන් සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි අර්බුදයකට ලක් වේ.

    මීට අමතර ව මෙම ප්‍රදේශයේ කිරි ගොවීන් 15 දෙනෙකු පමණ එළ හා මී ගව පාලනයේ නිරත වේ. මෙම වැව් රක්ෂිත වෙහෙරගල රක්ෂිතය ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර මෙම වනාන්තරය හරහා බුන්දල ජාතික වනෝද්‍යානය දෙසට අලි සංක්‍රමණය වේ. මෙම වනාන්තරය තෙල් පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාව පළ කර ඇති නමුත් මාගම්පුර වරාය චීන සමාගමට මේ වන විට ලබා දී ඇති අතර එහි ක්‍රියාකාරීත්වයත් සමඟ මෙය නැවත මතු වෙමින් පවතී.

    යෝජිත රක්ෂිතයේ අනවසර වගා බිම් හා කළුගල් වලවල්

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප්‍රදේශ වල ය. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලුත් වැව, කඩවර වැව, බඳගිරිය වැව, මහ අලුත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප්‍රදේශ වල ය.

    මයුරපුර හා නාගර වැව ප්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීම සඳහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලුත්ගංආර ප්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ සඳහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප්‍රදේශ වල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය

    මහවැලි අධිකාරියේ දුර්වලතා

    මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.

    මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් වලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් කිසිදු වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කර නොමැත.

    වලව වම් ඉවුරු ප්‍රදේශය සංවර්ධනයේ දී මෙන්ම පසුගිය රජයේ හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාව තවමත් අවතැන්ව සිටී. වැව් හා ජලාශ වල පමණක් නොව මව් ආර හා මලල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප්‍රදේශ මේ වන විට සංවර්ධනයේ නාමයෙන් අහිමි වෙමින් තිබේ.

    මහවැලි අධිකාරියට වන සතුන්ගේ වාසස්ථාන වල හෝ ජල පෝෂක වනාන්තර වල වැදගත්කම පිළිබඳව කිසිදු හැඟීමක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම වනාන්තර විවිධ සමාගම් වලට හෝ පුද්ගලයින්ට බදු දීමට ය. 1981 ගැසට් නිවේදනය මඟින් වලව බල ප්‍රදේශය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම සමස්ත ප්‍රදේශය ම සංවර්ධනය කර විනාශ කිරීමට යැයි මහවැලි අධිකාරියේ නිලධාරීහූ විශ්වාස කරති. නමුත් වලව බල ප්‍රදේශය ප්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධනය සඳහා පමණක් නොව වනාන්තර පරිසර පද්ධති නිසි පරිදි ආරක්ෂා කරමින් සමස්ත ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට ය.

    අද සිදු වන වේගයෙන් මහවැලි අධිකාරිය මේ ප්‍රදේශයේ ඉතිරි වී තිබෙන වනාන්තර සංවර්ධනය සඳහා යොදා ගතහොත් ඉදිරියේ දී අලි – මිනිස් ගැටුම උග්‍ර වීම හා ජල අර්බුද උග්‍ර වීම වලක්වා ගත නොහැකි වන අතර වලව සංවර්ධන ව්‍යාපෘතිය ද කෙටි කලකින් බිඳ වැටෙනු ඇත. මේ පිළිබඳව නොසිතන නිලධාරීන් මහවැලි අධිකාරියේ සිටීම කනගාටුවට කරුණකි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ. එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වන විට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරලු හා කළු ගල් ලබා ගැනීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට එම අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම පමණි. ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබදව කිසිදු අවබෝධයක් හෝ ඒ පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතුරින් ප්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි – ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප්‍රදේශ වේ.

    මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ඒ අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප්‍රදේශයේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප්‍රදේශ සියල්ල ම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත.

    මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප්‍රදේශ ගණනාවක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න – බඳගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල – සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම – කොහොලංකල අවශේෂ කැලය ඒ අතර ප්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ දී කැලිගම – කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි – ඇතුන්ගේ සාම්ප්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලු බොහොමයක් උද්ගත විය හැකි ය.

    මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව – බඳගිරිය අවශේෂ වනය ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප්‍රධාන මංකඩකි. මෙම ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. මෙම වනාන්තර ප්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී. මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප්‍රදේශ වල ඉඩම් ඔප්පු භාවිතා කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට හම්බන්තොට ප්‍රදේශයේ පෞද්ගලික පංති පවත්වන ගුරුවරයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති.

    යෝජිත රක්ෂිතය තුළ අලි – ඇතුන් වැනසීම

    මේ සියල්ලේ ම ප්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලුක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි – ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

    මේ ප්‍රදේශයේ අලි මරණ හා අලි ප්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ. ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, මාගම්පුර වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කිරීම හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

    මේ වන විනාශයේ ප්‍රතිඵලය වී ඇත්තේ අලි – මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග්‍ර නියං තත්ත්වයට හා ඒ සමඟ ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.

    හම්බන්තොට අලි – ඇතුන් අනාථ වී ඇති ආකාරය

    අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක්‍රීඩා පිටිය ආශ්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප්‍රදේශයේ අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලු සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදි කර ඇති අතර මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් ව තිබේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි – ඇතුන් සමඟ ම හුදකලා වීම සිදු ව තිබේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් ගේ අවධානය යොමු නොකිරීමෙන් සිදු ඇත්තේ අවට ජනතාව අලි – මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වලින් සමන්විත වුව ද බොහෝ ඉඩම් අද වන විට දේශපාලන බලය හා නිලධාරීන් මුදලට යට වීම මත මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර විවිධ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට ලබා දේ. මහවැලි අධිකාරිය වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා විවිධ සංවර්ධන කටයුතු සඳහා ලබා දීම අඛණ්ඩව සිදු කරන නමුත් මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ ලබා නොදේ. එපමණක් නොව මෙම ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

    හම්බන්තොට සංවර්ධනයෙන් අලි – මිනිස් ගැටුම උග්‍ර කිරීම

    මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීමට ප්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වන අලි – ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඬවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බඳගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

    ගුවන්තොටුපොළ, වරාය, ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව හා අධිවේගී මාර්ග ජාලය ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු සඳහා අක්කර 20000 ක ට අධික වනාන්තර ප්‍රමාණයක් එළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි – ඇතුන් පමණක් නොවේ. ගව පාලනයේ නිරත පුද්ගලයින් ගේ එළ හා මී ගවයින් 30000 ක ට වැඩි ප්‍රමාණයකගේ ආහාර බිම් අහිමි වී ඇත. මේ නිසා මෙම සතුන් ව මාදුරුඔය, ගල් ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප්‍රදේශ වල රක්ෂිත වනාන්තර වලට යොමු කර තිබේ. මේ නිසා ද තවත් ආකාරයක ගැටුම් වර්ධනය වී තිබේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය

    ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

    1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලු සංවර්ධන කටයුතු මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සිදු කෙරේ. නමුත් මේ කිසිදු ක්‍රියාවකට එරෙහි ව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි.

    2006 වසරේ දී ප්‍රකාශයට පත් කළ “වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට” අනුව අලි කළමනාකරණ රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම තුළින් අලි – ඇතුන් ස්ථානීයව සංරක්ෂණය කිරීම පිළිබඳ ව ප්‍රධාන අවධානය යොමු කර තිබේ. ඒ සඳහා එම සතුන් ගේ වාසස්ථාන ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය. ඒ අනුව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප්‍රකාශයට පත් කළ හැකි ය. නමුත් තවමත් ඒ සඳහා නිසි යොමුවක් ලබා දී නොමැත.

    මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට ඉදිරිපත් කළ “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙ හි “ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහ පැවැත්ම සඳහා ය. මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකාරයකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය.” යනුවෙන් සඳහන් වන අතර ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සඳහන් කර ඇත.

    නමුත් ඒ සඳහා කිසිදු ප්‍රවේශයක් මේ දක්වා ගෙන නොමැති වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන්ම අලි – මිනිස් ගැටුම වර්ධනය වන ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටී. ඒ අතර යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකර එම වනාන්තර බිම් සංවර්ධනයට, වාණිජ වගාවන් ව්‍යප්ත කිරීමට හා ජනාවාස ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අතර තවත් විශාල භූමි ප්‍රදේශයක් චීන සමාගම් වලට කර්මාන්ත ස්ථාපිත කිරීමට ලබා දීමට සූදානම් වේ.

    ආණ්ඩු බලය හිමි කණ්ඩායම් මෙලෙස ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් අසරණ වන්නේ සුළු ගොවීන් හා අලි – ඇත් පරපුරයි. අවසානයේ දී මේ කණ්ඩායම් දෙක දැවැන්ත ගැටුමකට මුහුණ දී දුබලයා පරාජයට පත් වන අතර වගා බිම් ද විනාශ වී යයි. නමුත් කිසිදු අවස්ථාවක ගොවීන් මෙම හානිකර සැලැසුම් වලට එරෙහිව ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක වන්නේ තම වගා බිමට පැමිණෙන අලි – ඇතුන් මරා දැමීමට පමණි.

    රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් අත්වන වෙනත් ප්‍රතිලාබ

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය මඟින් රක්ෂිත ප්‍රදේශ කිහිපයක් ජාලගත කිරීම සිදු වන අතර ම ජල පෝෂක බිම් කිහිපයක් ම සුරක්ෂිත කෙරේ. මේ තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලුගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බඳගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලුණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලුත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලුත් වැව ඒ අතර වේ. මේ අතුරින් බඳගිරිය වැව විශාලත ම වැව වේ. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ඉතා ම වැදගත් වේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අලි – ඇතුන්ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලු පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශ්‍රිත නේවාසික පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වන මෙම ප්‍රදේශය සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන්ගේ ද ප්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ.

    මේ නිසා අප විශේෂයෙන් මෙසේ අවධාරණය කර සිටිමු. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප්‍රකාශයට පත් කර හම්බන්තොට අක්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ රැකවරණය තහවුරු කරණ ලෙස ය. එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු ය. ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි – ඇතුන් ඇතුළු ව සියලු ජෛව ප්‍රජාවගේ රැකවරණය හා කෘෂිකාර්මික ජල සුරක්ෂිතතාව තහවුරු කර ගොවි ජනතාවගේ රැකවරණය සුරක්ෂිත කළ යුතු ය.

    එපමණක් නොව ඉදිරි සංවර්ධන සැලැසුම් සියල්ල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් මත අනාගත පරපුරේ පැවැත්ම තහවුරු වන ආකාරයෙන් නිවැරදි ආර්ථික සංවර්ධන උපායමාර්ග මත මානව හා ස්වාභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතු ව සිදු කළ යුතු ය. ඒ සඳහා උපායමාර්ගික සංවර්ධන ප්‍රවේශයක් සඳහා සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගැයීමක් සිදු කළ යුතු ය. එසේ නොවුනහොත් මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපළ මෙන් සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වලින් රටට ප්‍රතිලාභ අත් වනවා වෙනුවට ඒවා පවත්වාගෙන යාම රටට බරක් වී ඒ සියල්ල විදේශීය සමාගම් වලට දීර්ඝකාලීනව බදු දීමට සිදු වනු ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’

    අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’

    අඹ වාරය නැවතත් පැමිණ තිබේ. රටපුරා නගරයක් ගමක් පාසා වීදි අයිනේ පලතුරු කඩ පුරවා දමා අඹ යහළුවා ආපසු යාමටත් සූදානම්වය. කෙසේ වෙතත් වාරයේ තරමට නොවූවත්, වසරේ දින 365 පුරාම දිවයිනේ කුමන හෝ ස්ථානයක අඹ හටගන්නා බැවින් වෙළඳපොළෙහිද කිසිදා අඹ හිඟයක් පෙනෙන්නට නම් නැත.

    රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම අඹ පැලයක් ගෙවත්තේ සිටුවා ගැන්මට සැවොම උනන්දුවක් දැක්වුවත්, එයින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමේ සිහිනය නම් ඇතැමුන්ට සැබෑ නොවනේය. එයට හේතුව වන්නේ පැලයක් සිටුවාගැනීමේ උනන්දුවක් තිබුණද, නිසියාකාරව එය නඩත්තු කිරීමේ දැනුමක් සමාජයට නොතිබීමයි. එසේ නැතහොත් සිටුවීමෙන් පසු ගෙඩි සෑදීමේ කර්තව්‍යය අඹ ගසටම භාරදෙමින් වගාකරුවා නිහඬවීමයි.

    මීට අමතරව දැනගත යුතු කරුණක් වන්නේ අඹ ශාකය හොඳින්ම වර්ධනය වන්නේ දැඩි හිරුරැස් පතිතවෙන වියලි කලාපයේ බවයි. අප අතර ජනප්‍රිය අඹ ප්‍රභේද බොහොමයක් වියලි කලාපීය ප්‍රභේදයන් වන අතර, ඒවා තෙත් කලාපයේ වැවුවත් යම් සාර්ථකත්වයකින් පලදරන අවස්ථාද තිබේ. කුමක පරිසරයකදී වුවත් සාර්ථක පලදාවක් ලබාගැනීමට නම් ශාකයේ නඩත්තුව ප්‍රධාන සාධකයක් වෙත්දී, කප්පාදුව ඒ අතරින්ද විශේෂය.

    අධි ඝනත්ව අඹ වගාව මේ වනවිට වගාකරුවන් අතර ජනප්‍රිය වගා ක්‍රමවේදයකි. මින් අදහස් කරන්නේ සාම්ප්‍රදායික පරතරය ලබා නොදී ඉතා ළඟින් අඹ පැල සිටුවීමයි. ගොවිතැන සඳහා භූමිය සීමාකාර වෙත්දී මෙවන් තාක්ෂණයන් කරලියට පැමිණීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර ඒ හරහා ඉහළ යන්නේ භූමියේ කාර්යක්ෂමතාවයයි.

    විශාල වගාවක් සඳහා පමණක් නොව, සීමිත ඉඩ සහිත ගෙවත්තකට වුවද, මේ ක්‍රමය භාවිතා කිරීමෙන් වැඩි අඹ පැල ගණනක් ඒකක වර්ගඵලයක් තුළට ඇතුළත් කළ හැකිවේ. එසේ නමුත් ගස් එකිනෙක ළං කරනාවිට වඩාත් සැලකිල්ලෙන් ඒවාහි නඩත්තුව සිදුකිරීමද අත්‍යවශ්‍යය වේ. විශේෂයෙන් පැලය සිටවූදා සිටම විධිමත් කප්පාදු ක්‍රම අනුගමනය කරමින් ගසේ කිරුළේ වර්ධනය පාලනය කළ යුතු අතර අප දැන් පෙන්වා දෙන්නේ එහිදී අනුගමනය කලයුතු මූලික පියවරයන්ය.

    කප්පාදු කරන සෑම අවස්ථාවකදීම පසේ ප්‍රශස්ථ ජල ප්‍රමාණයක් රැඳී තිබෙනවාදැයි බැලීමට ඔබ කල්පනාකාරී විය යුතුය. ජල ඌනතාවය වැනි ආතතික තත්වයක් පරිසරයේ පවතිද්දී කප්පාදුවක් හරහා තවදුරටත් ශාකයට ආතතිය පැටවීම නොකළ යුත්තකි. පැලයේ උස මීටරයක් දක්වා පැමිණීමට කලින් සෙන්ටිමීටර 50 ක උසකින් කප්පාදුවේ පළමු පියවර ලෙස ප්‍රධාන කඳ කපා දමනු ලැබේ. මින් බලාපොරොත්තු වන්නේ ගසෙහි උස පාලනය කිරීමයි. පාර්ශ්වික අංකුර ක්‍රියාත්මක වෙමින් දැන් ගස අතු දැමීමට පටන් ගන්නවා ඇත.

    දිශා තුනකට විහිදෙන අතු තුනක් ගැන පමණක් මෙහිදී අවධානය යොමු කරන්න. ඒවාට පමණක් වැඩෙන්නට ඉඩදෙන්න. අනෙක් පාර්ශ්වික ශාඛා ඉවත් කල යුතුයි. තෝරා ගත් අතු තුනද සෙන්ටිමීටර් 30-50 ක පමණ දුරකින් කපා දමන්න. එය කප්පාදුවේ දෙවැනි පියවරයි. දැන් ඒවායින්ද පාර්ශ්වික අතු හටගනීවී. එක ශාඛාවකින් නැවතත් විරුද්ධ දිශාවන්ට හටගන්නා අතු තුන බැගින් ඉතිරිකර අනෙක් අතු ඉවත් කරන්න.දැන් ශාකය සතුව අතු 9 ක් තිබේ.

    කප්පාදුවේ තුන්වෙනි පියවර වශයෙන් එම අතු සියල්ල දෙවැනි පියවරේදී සේම යම් දුරකින් කපා දැමිය යුත්තේ ඒවාහි ඉදිරි වර්ධනය නැවතීමටයි. මෙම අතු වලත් පාර්ශ්වික ශාකා සෑදෙන විට, එකකට අතු තුන බැගින් ඉතිරිකොට අතු 27 ක ශාකයක් ඔබ විසින් නිර්මාණය කරගත යුතුය. නිසියාකාරව විරුද්ධ දිශා වලට හටගන්නා අතු ඉතිරි කෙරුවේ නම් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ කුඩයක් ආකාරයට පත්‍ර කිරුළක් සාදාගත් ලපටි අඹ ශාකයකි.

    “කුඩා අතු කපන විට කඳෙහි සෑදෙන තුවාල වල දිලීර නාශක දියරයක් ආලේප කිරීම වැදගත් වෙනවා. ඒ වගේම රිකිලි ලියලලා අලුතෙන් දළු දාන විටත් පරීක්ෂාකාරී විය යුතුයි කීඩෑවන්, දිලීර වැනි දේ අසාදනය වෙනවාද කියලා, එහෙම උනොත් සුදුසු පරිදි ඒවාටත් ප්‍රතිකාර කල යුතුයි. බොහෝ අය කප්පාදුව අසාර්ථක කරගන්නේ එක්කෝ නිසි තෙතමනයක් නැති විටදී පටන්ගෙන, එහෙම නැත්නම් ලපටි දළු කොටස් රෝග වලට පාත්‍ර වීම නිසා.”

    ගසක කප්පාදුව යනු හිතුමතේ සිදුකරන අතු කපාදැමීම පමණක් නොවන බව එසේ තහවුරු කරනු ලැබුවේ කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතාය. තම නිත්‍ය සේවාස්ථානය ලෙස අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ කරන සේවයට අමතරව අරලගංවිල හා කරදියන්නාරු පර්යේෂනායතනයන්ද මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා ඔහුය.  

    මෙතැන්සිට කිනම් අතු කපනවාද, කුමන ඒවා ඉතිරි කරනවාද යන්න තීරණය කලයුත්තේ වගාකරු විසිනි. ගසක වර්ධනයට මෙන්ම ඵල දැරීමටත් හිරුඑළිය අවැසි බව තේරුම් ගෙන තිබෙන නිසාත්, හිරුඑළියේ ඇති ශක්තිය උරාගන්නේ පත්‍ර මගින් බව දන්නා නිසාත්, ගසේ සෑම පත්‍රයකටම ආලෝකය වැටෙන ආකාරයට වැඩිපුර අතු ඉවත්කිරීම අඛණ්ඩව සිදුකල යුතුවේ.

    අතු එකිනෙක අතිපිහිත වීමෙන් ඉහල අතු වලින් පහළ අතු වලට සෙවන වැටීම නිසා පහල අතු ආහාර නිපදවීමක් නොකර අලසව ජීවත්වන්නේ ගස නිපදවන ආහාර කොටසක් පරිභෝජනයද කරමින්ය. එබැවින් මේවා කපා ඉවත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. ගසෙහි තිබිය යුත්තේ හිරුඑලිය වැටෙන අතු වැඩි ප්‍රමාණයකි. ඒ නිසා වසරකට වරක් සාමාන්‍ය කප්පාදුවකට ගස මුහුණදිය යුතුවේ.

    සම්පූර්ණ කප්පාදු කාලය තුළදීම ප්‍රධාන කඳ දෙසද අවධානය යොමුකිරීම මගහැරිය යුතු නැත. එහි සිට දිගින් දිගටම පාර්ශ්වික ශාඛා පැනනැගෙන අතර අප විසින් ඉතිරි කරගත් ඒවා හැරුණුවිට මෙසේ බිහිවෙන ආගන්තුක ශාකා සියල්ල ඉවත් කිරීමට වග බලාගත යුතුවේ.

    මෙසේ බිහිකරගන්නා අඹ ගසක තිබිය යුත්තේ අඩි 10 ක් පමණ උසකි. රෝග හා පළිබෝධ පාලනය පහසුවෙන් කරගැනීම, ඵල හටගැනීමේදී කලයුතු ගෙඩි ආවරණය, පැසුණු ගෙඩි තෝරාගැනීම හා අස්වැන්න නෙලීම වැනි ඉදිරි ක්‍රියාකාරකම් විධිමත් හා පහසු කරගැනීම සඳහා මෙවැනි උසක වාසිය අපට වැදගත්ය.

    අධි ඝනත්ව පැල සිටුවීමේදී බොහෝ විට වගාකරුවන් තෝරා ගන්නේ මීටර් 5 X 5 හෝ 6 X 4 යන පරතරයන් වේ. මීටත් වඩා අඩු පරතරයන් යටතේ අඹ වගාකිරීමේ හැකියාව පිළිබඳව මේ වන විටත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂණයන් ඇරඹී ඇති නමුත් මෙවැනි බහු වාර්ෂික ශාකයක් ඇසුරෙන් කරනු ලබන පර්යේෂණයක ප්‍රතිපල එන්නට ගන්නා කල්ගතවීම, දැනුම ලබාගැනීමේ ඇති හදිස්සියට නම් නොගැලපේ. කිනම් පරතරය තෝරා ගත්තද, පේලියේ ඇති යාබද ගස්වල අතු එකිනෙක සමීපවෙනවා මිස, අතිපිහිතවීමට ඉඩ නොතැබිය යුතුවේ. එවන් නැඹුරුවක් ඇති අතු කපා දැමිය යුතුය.

    “අඹ ගස්වල රිකිලි කෙලවර තමයි ගෙඩි හැදෙන්නේ. ඒ නිසා ගසේ ව්‍යුහය හදාගන්නා මූලික කප්පාදුවලින් පස්සේ අපි රිකිලි ගණන වැඩිවෙන පිළිවෙලට කිරුළේ පර්යන්ත කප්පාදුව කරන්න ඕනෑ. අනිවාර්යයෙන්ම අස්වැන්න වාරයකට පස්සේ ගසේ ඉතුරුවූ නැටි කොටස්, වැඩි රිකිලි ආදිය ඉවත් කරන, ගස පිරිසිදුකිරීමේ කප්පාදුවකුත් දෙන්න වෙනවා.”

    එසේ අවසන් වූ විජිතවර්ණ මහතා හා කෙරුණු සංවාදයෙන් පැහැදිලිවන්නේ රැල්ලට හසුවී ගස් සිටවූවාට වඩා දෙයක්, ඉන් යහපත් ප්‍රතිපල ලැබීමට නම් අප විසින් ඉටුකළ යුතු බව නොවේද?

    සටහන – සනත් එම් බණ්ඩාර

  • Golden Milk: ලැබෙන කෝටියක් ගුණ ගැන දැන ගන්න කැමතිද ?

    Golden Milk: ලැබෙන කෝටියක් ගුණ ගැන දැන ගන්න කැමතිද ?

    ඔබේ සෞඛ්‍යයට හා සමට හොඳ යැයි පවසමින් ඔබේ මව හෝ ආච්චි ඔබට කහ කිරි ලබා දී තිබේද ? ‘ඔව්‘ නම් එය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වාරයක් නේද? ඇය එසේ පැවසීමට හොඳ හේතුවක් තිබුණි. ඊට හේතුව වන්නේ ‘කහ කිරි‘ යනු ඉතා ඉහළ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන පානයකි. එය එකවර පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂාව ලබාගත හැකි පහසු හා ප්‍රනීත පානයකි

    කහ කිරි ප්‍රතිලාභ ඉන්ෆොග්‍රැෆික්

    ‘කහ‘ ලංකාවේ නම් බහුලව භාවිතා වෙන්නේ ආහාර පිසීමේදී භාවිතා කරන වර්ණකාරකයක් ලෙස ලෙස පමණයි. ඉදහිට ඖෂධයක් සහ සම රැකවරණය සදහා යොදා ගත්තත් කහ මාළු පිණි පිසීමෙන් ඔබබ්ට ගමන් කරන බවක් දැකිය නොහැකියි.

    ඒත් ‘කහ‘ ගැන අපි දන්න ප්‍රමාණයට වඩා බොහෝ දේ ලෝකය දන්නවා. කහ වලින් අපට සිතාගත නොහැකි තරම් ප්‍රතිලාභ ලබනවා.

    ‘ලෝකයේ හොදම කහ තියෙන්නේ අපිට‘ යැයි කියමින් උදම් අනනවාට වඩා කහ වලින් බොහෝ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ ලබාගත හැකි නිසා අපි ඒ සම්බන්ධයෙන් ලියවුණු විශේෂ ලිපියක් ඔබට ගෙන ඒමට තීරණය කළා.

    මේ ලිපිව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ සුප්‍රකට ‘ෆෙමිනා‘ සගරාවේ නිසා ඒකේ ඉන්දීය ස්වභාවයක් තිබුණත් ඒ ගැන වැඩි තැකීමක් නොකර සම්පූර්ණ ලිපියම කියවන්න. එතකොට ‘හොද්දට මුසු කරන කහ ටිකට වඩා වැඩි යමක් කහ වලින් ලබා ගන්න පුළුවන් බව‘ ඔබට වැටහේවි.

    0 0 0 0

    ඔබේ සෞඛ්‍යයට හා සමට හොඳ යැයි පවසමින් ඔබේ මව හෝ ආච්චි ඔබට කහ කිරි ලබා දී තිබේද ? ‘ඔව්‘ නම් එය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වාරයක් නේද? ඇය එසේ පැවසීමට හොඳ හේතුවක් තිබුණි. ඊට හේතුව වන්නේ ‘කහ කිරි‘ යනු ඉතා ඉහළ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන පානයකි. එය එකවර පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂාව ලබාගත හැකි පහසු හා ප්‍රනීත පානයකි.  වඩා වැදගත් දේ කහ කිරි ‘රන් කිරි‘ ලෙසද හැඳින්වීම වේ. එය රන් කිරි වන්නේ ඇයි ?

    එසේ නම් අපි කහ කිරි ගැන සියල්ල ම දැන ගනිමු.

    කහ කිරි සාදන ආකාරය

    කහ කිරි සාදන ආකාරය

    කහ කිරි කෝප්පයක් සෑදීම සඳහා කිරි කෝප්පයක් සූදානම් කර ගෙන්න. ඉන් පසු කිරි වලට කහ තේ හැන්දක් එක් කරන්න. ඔබේ අභිමතය පරිදි රසයට සීනි එකතු කළ හැකිය. ඔබ කැමති නම්, ඔබට මේ සඳහා පෙති ආකාරයෙන් හෝ තලා දැමූ වියළි පලතුරු එකතු කළ හැකිය. 

    කහ කිරි ප්‍රතිලාභ මුල් අමුද්‍රව්‍ය දෙකෙන්ම ලැබෙනු ඇති අතර පලතුරු වලින් ද යහපත් ප්‍රතිලාභ ලැබෙනු ඇත. එවිට දෙවර්ගයක ප්‍රතිලාභ ඔබට එක කිරි කෝප්පයකින් ලබා ගැනීමට හැකිය. තවත් රසවත් අත්දැකීමක් අවශ්‍ය නම් කහ කිරි වලට කුරුඳු සහ ඉඟුරු එකතු කළ හැකිය.

    හිතකර උපදෙස්: මේ සදහා සීනි එකතු කිරීමේදී සැලකිලිමක් වන්න. රසය ලබා දීම සඳහා පමණක් සීනි භාවිතා කරන්න. කහ කිරිවලින් ලැබෙන සියලු ප්‍රතිලාභ සීනිවලින් විනාශ නොගත යුතුය.

    ප්‍රති ඔක්සිකාරක විශාල ප්‍රමාණයක් ලබා දෙයි

    කහ කිරි මගින් ප්‍රති ඔක්සිකාරක විශාල ප්‍රමාණයක් ලබා දේ

    කොවිඩ් වසංගතයට මුළු ලෝකයම මුහුණ දී සිටින මේ අවස්ථාවේ ප්‍රතිඔක්සිකාරක අපට අත්‍යවශ්‍ය වේ. ඒවා ඕනෑම හානිකර සෛල හානියකට එරෙහිව සටන් කිරීමට (විශේෂයෙන් පිළිකා සෛල) සහ ශරීරය ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන සංයෝග වේ. සෛල ක්‍රියාකාරිත්වය සඳහා ඒවා වැදගත් වන අතර ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර තිබීම රෝග හා ආසාදන අවදානම අඩු කරයි. කහ වල ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන ‘කර්කුමින්‘ නම් ක්‍රියාකාරී සංඝටකයක් ඇත. ශරීරයේ ප්‍රතිඔක්සිකාරක මට්ටම ඉහළ නැංවීමට කිරි ද උපකාරී වේ.


    හිතකර උපදෙස්: කහ කිරි සූදානම් කර ශීතකරණයේ තබා ගන්න. ඔබට එය දින 2-3ක් ගබඩා කළ හැකිය. එය පානය කිරීමට පෙර එය හොඳින් රත් කරන බවට සහතික වන්න.

    දැවිල්ල හා සන්ධි වේදනාව සමඟ සටන් කරයි

    කහ කිරි දැවිල්ල හා සන්ධි වේදනාව සමඟ සටන් කරයි

    කර්කුමින් ඕනෑම ස්වභාවයක දැවිල්ල හා සන්ධි වේදනාව සමඟ සටන් කිරීමට උපකාරී වේ . ආතරයිටිස් හා ඒ හා සමාන රෝගවලින් පෙළෙන අයට එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. කිරි ද අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ. එබැවින් කහ කිරි අස්ථි වේදනාව අඩු කිරීමට පමණක් නොව අස්ථි සෞඛ්‍ය සම්පන්න කිරීමටද උපකාරී වේ.

    හිතකර උපදෙස්: ඔබට කහ කිරි ශීත කර ද පානය කළ හැකිය. පළමුව, ඔබේ නිතිපතා කහ කිරි රත් කිරීමෙන් එය සාදන්න. එවිට කාමර උෂ්ණත්වයට සිසිල් වීමට ඉඩ දෙන්න. එය බ්ලෙන්ඩරයකට වත් කර අයිස් කැට එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර කරන්න

    රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වේ

    කහ කිරි රුධිර සංසරණය වැඩි කරයි. වසා ගැටිති හා රුධිර නාලවල ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. කහ කිරි රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වේ .

    හිතකර උපදෙස්: කහ කිරි අයිස් තැටියකට කැටි කිරීමෙන් ඔබට කහ කිරි අයිස් කැට සෑදිය හැකිය. මෙම මිශ්‍රණය සඳහා කිරි 35%, ජලය 15% සහ කහ 50% භාවිතා කරන්න. මෙම මිශ්‍රණය අයිස් තැටියට වත් කර එය කැටි කරන්න. ඔබට සීතල කහ කිරි සෑදීමට අවශ්‍ය වූ විට, මෙම ශීත කළ කැට 2 ක් ගෙන සිසිල් කිරි කෝප්පයකට එකතු කර මිශ්‍ර කරන්න.

    ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ

    කහ කිරි ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ

    කහ කිරි වල විවිධ ආහාර ජීර්ණ ගැටළු පාලනය කිරීමට උපකාරී වන ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇත. කහ කිරි පානය කිරීමෙන් ගෑස්, ඉදිමීම, අජීර්ණ, ආමාශ ආසාදන, පාචනය සහ ආමාශයේ ඇතිවන තුවාල අඩුකර ගත හැකිය.

    හිතකර උපදෙස්: ශිත කළ කහ කිරි ආම්ලිකතාවය, වායුව වැනි ආහාර ජීර්ණ ගැටළු සමඟ හොඳින් ක්‍රියා කරයි.

    පිළිකා වළක්වයි

    කහ පිළිකා සමග ද සටන් කිරීමට උපකාර කරයි. පිළිකා සෛල විනාශ කිරීමේ විස්මිත ගුණයක් කහවල පවතින අතර ඒවා තව දුරටත් පැතිරීමට හා ඩීඑන්ඒ වලට හානි කිරීමට සෛලවලට ඇති හැකියාව සීමා කරයි. පිළිකාව ආරම්භක අවධියේ පවතී නම්, දිනපතා කහ කිරි පානය කිරීම පිළිකා සෛලවල වර්ධනය නැවැත්වීමට උපකාරී වේ.

    හිතකර උපදෙස්: මෝසම් හා ශීත ඍතු සදහා උණුසුම් කඑකිරි සහ ග්‍රීෂ්ම ඍතුවේදී සීතල කහ කිරි පානය ගුණදායක වේ.

    ප්‍රජනක සෞඛ්‍යය වැඩි දියුණු කරයි

    කහ කිරි ප්‍රජනක සෞඛ්‍යය වැඩි දියුණු කරයි

    කහ කිරි වලද ඔසප් චක්‍රය තුළ ඇතිවන වේදනාව සමනය කරන ප්‍රති-ස්පාස්මොඩික් ගුණ ඇත. එය ඔසප් චක්‍රය සාමාන්‍යකරණය කිරීමට ද උපකාරී වේ. කාන්තාවන්ට හෝමෝන අසමතුලිතතාවය, එන්ඩොමෙට්‍රියෝසිස්, ලියුකෝරියා හෝ ෆයිබ්‍රොයිඩ් තිබේ නම් කහ කිරි ඔවුන්ට උපකාර කරයි. කහ කිරි ප්‍රජනක සෞඛ්‍යය වැඩි කරයි .

    හිතකර උපදෙස්: ඔසප් චක්‍රය තුළ කහ කිරි ටිකක් වැඩිපුර ලබා ගැනීම සැමවිටම උපකාරී වේ.

    සීතල හා කැස්ස සඳහා පිළියමක්

    කහ කිරි වල බැක්ටීරියා නාශක සහ ප්‍රති වෛරස් ගුණ ඇත. එබැවින් එය කැස්ස පාලනය සදහා ඵලදායී ලෙස ක්‍රියාකරයි.  උගුරේ අමාරුවද සමනය කරයි.

    හිතකර උපදෙස්: උණුසුම් හෝ උණුසුම් කහ කිරි තිබීම ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි කරන අතර එමගින් ප්‍රතික්‍රියාවේ ඇති ක්ෂුද්‍රජීවීන් පිටතට ගැනීමට උපකාරී වේ.

    ශ්වසන ගැටළු වලට එරෙහිව සටන් කරයි

    කහ කිරි ශ්වසන ගැටළු වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ

    ආසාදිත කාරක සහ රෝග කාරක මගින් ශ්වසන පද්ධතියට බලපෑම් කළ හැකිය. කහ කිරි ඒවා පද්ධතියෙන් ඉවත් කිරීමට උපකාරී වේ. කහ කිරි ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බැවින් වෛරස් හා බැක්ටීරියා ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ඔබට ඇදුම හෝ පෙනහළු තදබදය තිබේ නම් කහ කිරි ඵලදායී පිළියමක් වේ.

    හිතකර උපදෙස්: කහ කිරි කෝප්පයක් ද එම වැසි දින සඳහා හොඳ වන අතර කැෆේන් සහිත පාන වර්ග සදහා එය සෞඛ්‍ය සම්පන්න විකල්පයකි .

    බර අඩු කර ගැනීමට උපකාරී වේ

    කහ වල ආහාරමය තන්තු අඩංගු වේ . මෙය කිරි වලට එකතු කිරීමෙන් ශරීරයේ තැන්පත් වන අතිරේක මේදය අඩු කර ගත හැකිය. ඉතින්, බර අඩුකර ගැනීමට අවශ්‍ය නම් කරුණාකර කහකිරි පාලනය කරන්න.

    හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වේ

    කහ කිරි වඩා හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වේ

    කහ කිරි ආහාරයට ගැනීමෙන් ඇමයිනෝ අම්ලය නිපදවයි. (ට්‍රිප්ටෝෆාන්) මෙය හොද නින්දක් ප්‍රවර්ධනය කරයි. එය ඔබට විවේකීව සිටීමට, සන්සුන් වීමට සහ නිස්කලංක නින්දට උපකාරී වේ.

    හිතකර උපදෙස්: ඔබ නින්දට යාමට පැයකට පෙර උණුසුම් කහ කිරි පානය කරන්න.

    හෘද සෞඛ්‍යය පවත්වා ගන්න

    ප්‍රති-ගිනි අවුලුවන ගුණ සහ කහ වල ඇති ප්‍රතිඔක්සිකාරක ඕනෑම හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.

    හිතකර උපදෙස්: ඔබේ දෛනික ආහාර වේලට කහ කිරි එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ඇතුළත් වන බවට සහතික වන්න.

    රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි

    කහ කිරි රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි

    ඔබ දියවැඩියා රෝගියෙක් නම් කහ කිරි ඔබට උපකාරී වේ. මේ සඳහා කුරුඳු එකතු කළ විකල්ප තබා ගන්න. සීනි මට්ටම් නිසි පරිදි පවත්වා ගැනීම සඳහා ඔබ ඔබේ ආහාර සැලැස්ම හා ව්‍යායාම කළ යුතුය.

    හිතකර උපදෙස්: ඔබට තිබිය හැකි සීනි නිශ්චිත ප්‍රමාණය පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. දියවැඩියා රෝගීන් සඳහා සීනි සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුය.

    වඩා හොඳ මොළයේ ක්‍රියාකාරිත්වයක් ඇති කරයි

    කහ කිරි ආහාරයට ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ .

    හිතකර උපදෙස්: කහ කිරි පරිභෝජනය සඳහා නිශ්චිත කාලයක් තෝරා ගැනීම සහ එම වේලාවට ඔබ ඇලී සිටීම සහතික කිරීම ඔබට උපකාරී වනු ඇත.

    සමේ සෞඛ්‍යය පවත්වා ගන්න

    කහ කිරි සමේ සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ

    කහ කිරිවල ඇති ප්‍රති-ගිනි අවුලුවන ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ඔබේ අභ්‍යන්තර සෞඛ්‍යයට පමණක් නොව සමේ ​​සෞඛ්‍යයටද උපකාරී වේ. ඒවා වයසට යාම, සමේ පිපිරීම්, කුරුලෑ සහ දද සමඟ සටන් කිරීමට උපකාරී වේ. එය ඔබේ සම සුමට කරයි, ඕනෑම කැළලක් සැහැල්ලු කරයි, ඔබේ සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

    හිතකර උපදෙස්: සම පැහැපත් කිරීම සඳහා ඔබට කහ කිරි බාහිරව භාවිතා කළ හැකිය . වෙනත් කිසිදු එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය දෙක පේස්ට් වැනි අනුකූලතාවයකට මිශ්‍ර කරන්න. මෙය ඔබේ සම පුරා ආලේප කර වියළීමට ඉඩ දෙන්න. පසුව එය සෝදන්න.

    කහ කිරි පිළිබඳ නිතර අසනු ලබන ප්‍රශ්න

    ප්‍රශ්නය – කහ කිරි සෑදීමේ විකල්ප ක්‍රමයක් තිබේද?

    පිළිතුර – නොකැඩූ කිරි වලට කහ මේස හැන්දක්, කළු ගම්මිරිස්, මී පැණි සහ ගාන ලද ඉඟුරු ස්වල්පයක් එක් කරන්න. හොදින් මිශ්‍ර කරන්න. පසුව කුරුඳු ස්වල්පයක් එක් කරන්න.

    කහ කිරි පිළිබඳ නිතර අසනු ලබන ප්‍රශ්න

    ප්‍රශ්නය – කහ කිරිවල අනෙක් නම් මොනවාද?

    පිළිතුර – ගෝල්ඩන් මිල්ක් සහ turmeric latte යනු කහ කිරි වල ප්‍රභේදයකි. කහ ලැටේ සෑදීමේදී කිරි වෙනුවට පොල්, ආමන්ඩ් සහ කජු කිරි වෙනුවට ආදේශ කරයි.

    Text by Femina.in – BY – තීක්ෂණ වෙළෙන්එගොඩ