Category: සුපිරි Cases

  • පැහිල ඉදුණ දූරියන් හඳුනාගනිමු

    පැහිල ඉදුණ දූරියන් හඳුනාගනිමු

    මැලේ භාෂාවෙන් ‘දූරි’ යනුවෙන් හඳුන්වන්නේ ගසක හෝ සත්වයෙක් මත පිහිටා ඇති තියුණු කටු වැනි ව්‍යුහයන්ය. දූරියන් යන නම සම්භවය ලබා ඇත්තේ ඒ ආකාරයෙනි.

    දූරියෝ සෙබෙතිනස් (Durio zebethinus) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පලතුර දකුණු ආසියානු රටවලදී ගරු බුහුමන් ලබන්නේ ‘පලතුරු ලොවේ රජු’ වශයෙන්ය. එසේ නමුත් සිංගප්පුරුවේ රටපුරා දිවෙන විදුලි දුම්රිය ජාලය තුල දූරියන් රැගෙන යාම තහනම්ය.

    දුම්බීම තහනම් යන නිවේදනය මෙන්ම එහි දුම්රිය මැදිරි තුල ‘No Durian’ දැන්වීම සවිකර තිබේ. එක හේතුවක් විය හැක්කේ මෙහි ඇති තියුණු කටු මගින් ජනාකීර්ණ දුම්රිය මැදිරිය තුලදී මගීන්ට යම් හිංසාවක් පැමිණිය හැකි වීමයි. අනෙක් හේතුව වන්නේ ඇතැමුන්ට ඔක්කාරය සාදවන දුර්ගන්ධයක් දූරියන් ගෙඩියෙන් නික්මීමයි.

    කෙසේ නමුත්, මෙරට පවා ඇතැමුන් මෙය හඳුන්වාදෙන්නේ තමන් කැමතිම පලතුර ලෙසයි. තවත් අයෙක් ඉන් පිටවෙන සුවඳ පවා විඳගත නොහැකිව ඉන් ඈත්වෙත්දී, ජාත්‍යන්තරව ප්‍රසිද්ධ චොක්ලට් වර්ගයක් පවා දූරියන් රස සහිතව නිපදවා මැලේසියාව වැනි රටවල ලොකු මිල ගණන් වලට අලෙවි කෙරේ. දූරියන් අයිස්ක්‍රීම් පවා ඒ රටවල ජනප්‍රියය.

    දූරියන් මදුලක නියම රසය, ගුණය ඇතුළුව නියම දූරියන් අත්දැකීමක් ලබන්නට නම් ඔබ අනුභව කළ යුත්තේ ගසේදීම ඉදී බිමට වැටුණු දූරියන් ගෙඩියකි. මෙම පලතුර ප්‍රියකරන්නන්ට උපරිම ආස්වාදයක් ලැබෙන්නට නම් ඊට ආවේනික සුවඳ හා රස තිබිය යුතුමය. ඒ සඳහා හේතුවෙන විවිධ රසායනික සංයෝග ගෙඩිය තුළ හොඳින් සංවර්ධනය වී මුදාහරින්නේ පැසුණු ගෙඩියක් ඉදෙන විටදී පමණි.

    පල දරන කාලයට පිපෙන පළමු දූරියන් මලෙන් ගෙඩියක් ඇතිවී ඉන් පරිණත ගෙඩියක් බිහිවෙන්නට සති හයක පමණ කාලයක් ගතවේ. මේ කාලය තුලදී නොකඩවා දූරියන් මල් පිපෙන අතර, තොග වෙළෙන්දෝ ගසටම මුදල් ගෙවා අතට හසුවෙන සියලු ගෙඩි කඩාගෙන යති. ඒ අතර නොපැසුණු ගෙඩි රාශියකි. එහෙත් ඔවුන් කිසිවක් ඉවතලන්නේ නැත.

    ලංකාවේ එළවලු හා පලතුරු අස්වැන්න නෙළීමේදී මිනිසුන් පුරුදු වී ඇත්තේ කළ යුතු දෙය කණපිට හරවා කරන්නටය. මෙරට පලතුරු නෙළන්නේ ගෙඩිය හරියාකාරව පැසෙන්නටත් කලින්ය. එහෙත් සිදුවිය යුත්තේ හොඳින් පැසුණු පලතුරු ගසෙන් කඩා ගැනීමයි. එළවලු අස්වැන්න නෙළන්නේ මෝරන්න ආසන්න වෙත්දීය. නියම ක්‍රමය වන්නේ එළවලු අස්වැන්න හැකිතාක් ලපටි තත්වයේදී නෙළා ගැනීමයි.

    අප අනුගමනය කරන මෙම පරස්පර ක්‍රියාවන් නිසා එළවලු පලතුරු යන දෙකම බහුල ලෙස අපතේ යයි. පසු අස්වැනු හානිය ලෙස 40% ක පමණ ඉහල අගයක් වාර්තාවන්නේ මෙම හේතුවත්, අවිධිමත් ප්‍රවාහන පුරුදුත් නිසා බව අප නොයෙක් වර පෙන්වාදී ඇතත්, එළවලු කලින් නෙලා, පලතුරු නෙලීම පමාකරන තත්වයට කටයුතු නිවැරදිවෙන බවක් නම් නොපෙනේ.

    දූරියන් ගෙඩියටද මේ තත්වය බලපායි. සියල්ල වානිජකරණයට හසුව ඇති පසුබිමක  ගසේදී පැහී ඉදී වැටෙන දූරියන් ගෙඩියක මදුලක් රස විඳින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. විදෙස් රටවල පවා ඉදුණු දූරියන් ගසෙන් වැටෙනා තුරු බලා නොසිට අස්වැන්න නෙලීම සිදුකලත්, ඔවුහු කඩන්නේ යම්කිසි සීමාවකින් ඔබ්බට පැසුණු ගෙඩි පමණක් නිසා පාරිභෝගික අයිතිය මෙරටට වඩා සුරැකෙනවා යයි සිතිය හැකිය.

    පල දරන කාලයට පිපෙන පළමු දූරියන් මලෙන් ගෙඩියක් ඇතිවී ඉන් පරිණත ගෙඩියක් බිහිවෙන්නට සති හයක පමණ කාලයක් ගතවේ. මේ කාලය තුලදී නොකඩවා දූරියන් මල් පිපෙන අතර, තොග වෙළෙන්දෝ ගසටම මුදල් ගෙවා අතට හසුවෙන සියලු ගෙඩි කඩාගෙන යති. ඒ අතර නොපැසුණු ගෙඩි රාශියකි. එහෙත් ඔවුන් කිසිවක් ඉවතලන්නේ නැත.

    රසායනික ක්‍රමවේදයන් ඔස්සේ පවා ඒවා ඉදවනු ලැබූවත්, එම ක්‍රියාවලිය හරහා සිදුවන්නේ ගෙඩිය මෙලෙක්වීම වැනි භෞතික වෙනස්කම් කීපයක් පමණි. පෙර කී පරිදි ආවේනික රස හා සුවඳ ජනනය කෙරෙන සංයෝග නිපදවීමක් නොපැසුණු ගෙඩි ‘ඉදවීමේදී’ සිදුවන්නේ නැත. මේ නිසා බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වන්නේ, වෙළඳපොලෙන් හොඳ දූරියන් ගෙඩියක් තෝරා ගන්නේ කෙසේද යන්නයි.

    මීට ඉවහල් වෙන කරුණු කීපයක් ගැන ආචාර්ය සුභ හීන්කෙන්ද මහතා දරන්නේ මෙවන් අදහසකි. හොරණ පලතුරු බෝග පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ ලෙසද, කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද සේවය කර විශ්‍රාම ලබා ඇති ඔහු, මියන්මාරය වැනි ආසියාතික රටවල පවා පලතුරු වගාවේ උපදේශකයෙකු ලෙස සේවය කර යහමින් පලතුරු අත්දැකීම් ලැබූවෙකි.

    එක ළඟ තිබෙන කටු දෙකක් ඇඟිලිවලින් තද කරලා ලං කරන්න උත්සාහ කරලා බලන්න. ඒවා තද නම් ගෙඩිය ඉදිලා නෑ. මෘදු ලෙස කටු දෙක ලංවෙන්න සූදානම් බවක් පෙනේනම් ඒ කියන්නේ ලෙල්ල මෙලෙක් වෙලා. අපි තෝරා ගත යුත්තේ එවන් ගෙඩියක්

    “දූරියන් ගෙඩියක් පැහිල ඉදිලද කියල බලන්න හොඳම ක්‍රමයක් තමයි අඩි එක හමාරක් විතර උඩ  ඉඳල තද පොළොවට අත අරින එක. එතකොට බොල් සද්දයක් එනවා නම් එය නියම ක්‍රමයට ඉදුණු ගෙඩියක්. ඒ කියන්නේ ඇතුලේ මදුළු ඉදිලා, හැකිලිලා, කටුවෙන් වෙන්වෙලා.”

    හෙතෙම විස්තරය ඇරඹුවේ ඉතා සරල ප්‍රවේශයකින්ය. එසේ නමුත් වෙළඳපොලේ තිබෙන දූරියන් ගෙඩි ඉහළ සිට බිම හෙලන්නට පාරිභෝගිකයාට අවසර නොතිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා හෙතෙම විකල්ප ක්‍රමවේදයන් වෙතටද පිවිසෙයි.

    “එක ළඟ තිබෙන කටු දෙකක් ඇඟිලිවලින් තද කරලා ලං කරන්න උත්සාහ කරලා බලන්න. ඒවා තද නම් ගෙඩිය ඉදිලා නෑ. මෘදු ලෙස කටු දෙක ලංවෙන්න සූදානම් බවක් පෙනේනම් ඒ කියන්නේ ලෙල්ල මෙලෙක් වෙලා. අපි තෝරා ගත යුත්තේ එවන් ගෙඩියක්”

    වෙනත් රටවල තිබෙන වාණිජ දූරියන් වගාවන්හි ගස් මෙරට තිබෙන අයාලේ හැදුනු වෘක්ෂයන් මෙන් උස නැත. ඒවා නියම කාලයට කප්පාදු කරමින් උපරිම පලදාවක් ලබාගත හැකි ආකාරයට පුහුණු කර තිබේ. අතට හසුවෙන උසකින් ගෙඩි හටගන්නා නිසා, උපරිම ප්‍රමාණයට පැසී ඇත්දැයි පහසුවෙන් නිරීක්‍ෂණය කල හැකි අතර ඒ බව දැනගන්නට හොඳම ක්‍රමය වන්නේ නටුව පිරික්සීමයි. ගෙඩිය ගසෙන් වෙන්වීමට සූදානම්වීමේදී සෑදෙන මුද්දක් වැනි ඡේදක ස්තරය ඉතා පැහැදිලිව වලයාකාරව ඉදිමී පිටතට පෙනේ නම් එය පැසුණු ගෙඩියක් හඳුනාගැනීමේ සංකේතයයි.

    “පාරිභෝගිකයින්ට මේ ගැනත් බලන්න පුළුවන්. නටුව පරීක්‍ෂා කරන්න. ගෙඩිය ගසෙන් වෙන්වී ඇත්තේ වලයාකාරව පිටතට ඉදිමුණු ඡේදක ස්තරයෙන්ම දැයි බලාගන්න පුළුවන්. නටුවේ කෙලවර මුද්දක් ආකාරයට ඉදිමුණු ඡේදක ස්තරය පැහැදිලිව පෙනෙනවා. හැබැයි මෙහෙම දෙයකුත් වෙනවා. ගෙඩි කඩනකොට නටුව ටිකක් දිගට තිබෙන්න කඩාගෙන ගබඩා කලවිටත්, නොපැසුණු ගෙඩිවල පවා නටුවේ වෙන්විය යුතු ස්ථානයේ ඉදිමුණු ඡේදක ස්ථර හැදෙනවා. කූට ව්‍යාපාරිකයෝ දැන් එතනින් වෙන්කරනවා. බැලූ බැල්මට දැන් නටුවේ කෙලවර ඉදිමුණු මුහුණතක් තිබෙන නිසා ගැට දූරියන් ගෙඩියකට රැවටෙන්න පුළුවන්”

    ආචාර්ය හීන්කෙන්ද වෙළඳ ප්‍රයෝගයක් ගැන අදහස් දැක්වුයේ එලෙසිනි. දූරියන් ගස ගෙඩි හා ඇට සාදන්නේ අපට කෑමට දෙන්නට නොව, තම වර්ගයා ප්‍රචාරණය කරන්නටය. ගසේ ඇති දූරියන් ගෙඩිය විවෘතවී බීජ පිටවන්නට නම්, පළමුව පරිනත විය යුත්තේ ගෙඩියේ පහල පෙදෙසේ බීජයන්ය. ඒ නිසා පළමුව ඉදෙන්නේ පහල පෙදෙසයි. වෙළඳසැලෙන් මිලදී ගැනීමේදීද, ගෙඩියේ නටුවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් සුවඳ නිකුත්වේ නම්, හොඳ ගෙඩියක් තෝරා ගැන්මට එම ලක්ෂණයද ඉවහල් කරගත හැකි බව අවසාන වශයෙන් හෙතෙම පෙන්වා දුනි.

    සනත් එම්. බණ්ඩාර

    සනත් එම්. බණ්ඩාර

  • ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී අපි ඉන්දියාව – නේපාලය මෙන් වෙමු ද ?

    ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී අපි ඉන්දියාව – නේපාලය මෙන් වෙමු ද ?

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට පිළිතුරක් හා ප්‍රශ්නාවලියක්

    වසන්ත අල්විස්  මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය  

    ‘ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව පසුගිය සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහු එහි දී ලෝක මට්ටමෙන් දේශීය වෛද්‍ය පීඨ වලටත් පිළිගත් ප්‍රමිතියක් නොමැති බවටත් පවසා ඇත.

    තව දුරටත් කරුණු ප්‍රකාශ කරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් කර ඇත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා ළමුන් පිටරට යෑම සහ ආචාර්ය –  මහාචාර්යවරුන්  පිටරට යාම  වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි.

    මෙහිදී තවත් කරුණක් හෙළිකරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආචාර්ය  – මහාචාර්යවරුන්  මැලේසියාවේ වෛද්‍ය පීඨ වල උගන්වන බවයි.

    වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් කරන පරිදි ප්‍රමිතියක් නැති ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි වන  ආචාර්ය මහාචාර්යවරුන් මැලේසියාව වැනි ඉතා දියුණු රටක් තමා රටේ දරුවන්ට ඉගැන්වීමට ලබා ගන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුව ඇත.‍

    • එසේම සයිටම් පෞද්ගලික ආයතනයේ ආරම්භයේ දී එම හොර උපාධි කඩය වෙත  ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ආචාර්ය මහාචාර්යවරුන්  16 දෙනෙක් එම පීඨය හැර යාමෙන් ඇති වූ අර්බුදය අදාල මහාචාර්ය වරයා නොදන්නේද ?
    • එසේ ම අදටත් මේ රටේ යාපනය, නැගෙනහිර, රජ රට, වයඹ, සබරගමුව පීඨ සඳහා ආචාර්ය මහාචාර්යවරුන් හිඟ බව ඔහු නො දන්නේ ද ?
    • එසේ ම පැරණි වෛද්‍ය පීඨයක් වන යාපනය වෛද්‍ය පීඨයට මේ වන තුරු මහාචාර්ය ඒකකයක් ලබා නොදුන්නේ මන්ද ?
    • ගුරුවරු නොමැතිකම්න් මේ රටේ වෛද්‍ය පීඨ අර්බුදයකට ලක්ව ඇති බව අදාළ මහාචාර්ය වරයා නොදන්නේද ? නැතහොත් කන්න ඕන උනාම  කබරගොයාත් තලගොයා ලෙස පෙනෙන්නේ ද ?


    එසේ ම අදටත් මේ රටේ වෛද්‍ය පීඨ වල ආචාර්ය මහාචාර්ය හිඟය උග්‍ර ව පවතින අතර වෛද්‍ය පීඨ ඕනෑ කියන සම හරක් ආචාර්ය මහාචාර්යවරුන් වෛද්‍ය පීඨවල  උගැන්වීම පසෙකට තබා පුද්ගලික රෝහල් වල  ප්‍රතිකාර සේවාවල යෙදෙන බව වාර්තා වී ඇත. ඒ හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල පිහිටි වෛද්‍ය පීඨ වඩාත් අර්බුදයකට ලක්ව ඇත.

    රාජ්‍ය වෛද්‍ය පීඨ අර්බුදයට ලක් වීමෙන් ඇති වන්නේ මේ රටේ රෝගී ජනතාවගේ ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය විනාශ වන අතර ඒ සඳහා වගකිව යුතු වන්නේ කවුද ?

    එසේම ලෝක සෞඛ්‍ය දර්ශක ය විමසා බැලීමේ දී අදාළ මහාචාර්යවරයා පවසන ඉන්දියාව  නේපාලය බංග්ලාදේශය වැනි  රටවල් අපට පිටුපසින් සිටින අතර එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත ඔහු පවසන ආකාරයට එම රටවල් සෞඛ්‍ය දර්ශක  අපට වඩා ඉදිරියෙන් සිටිය යුතු මුත් එසේ නො වන්නේ ඇයි නුසුදුසු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෛද්‍යවරු නිසා නොවේ ද ?

    තවද ඔහු එහි දී වෛද්‍ය වෘත්තිය ඉතා ඉහළ ආදායම් උපයන වෘත්තියක් බවට පවසා ඇති අතර මේ රටේ වෛද්‍යවරුන්  වැඩියෙන් බිහි වීම සඳහා වෛද්‍යවරුන්  වගේ ම වෛද්‍ය ශිෂ්‍යයන්  අකමැති බව පවසා ඇත.

    වසර තුනක තොරතුරු තාක්ෂණ  උපාධියක් සම්පූර්ණ කරන අයෙකු රුපියල් ලක්ෂ පහකට අධික මාසික ආදායමක් උපයන අතර පශ්චාත් උපාධිය පවා සම්පූර්ණ කරන ලද විශ්‍රාම යාමට පවා ආසන්න  විශේෂඥ වෛද්‍යවරයකුගෙ ගේ මාසික වැටුප රුපියල්  එක් ලක්ෂ අනූ දහසක් පමණ වේ.

    එසේ ම මේ රටේ පුද්ගලික සේවාවන්හි නිරතව සිටින්නේ මේ රටේ වෛද්‍යවරුන්ගෙන් අතළොස්සක් වන අතර බහුතරයක් පෞද්ගලික සේවාවන්හි නිරතව සිටින්නේ නැත.

    පෞද්ගලික සේවා වන් හි නිරතව සිට තමන්ගේ දරුවන් අපොස උසස් පෙළ අසමත් වූ පසුව අපොස උසස් පෙළ අවැසි නැතැයි පවසමින් තමන් උගත් අධ්‍යාපනයට පවා ගරහන තක්කඩි ආචාර්ය  මහාචාර්යවරුන් ගේ පසුබිම විමසුව හොත් ඔවුන් ගේ දරුවන් විදේශයන් හි ඉගෙනුම ලැබු වන බව නිරීක්ෂණය වේ.

    එසේම මෙරට කොතලාවල සහ මොරටුව වෛද්‍ය පීඨ සමගින් වෛද්‍ය පීඨ 12ක් ඇති අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් අනතුරුව   වාර්ෂික ව වෛද්‍ය සිසුන් දෙදහසක් පමණ අනාගතයේදී වෛද්‍යවරුන් ලෙස එක්වීමට නියමිතව ඇත.

    එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන් පවා අභිබවමින් මෙරට තුළ වෛද්‍යවරුන් සිටින පසුබිමක කෝවිඩ්  19 අර්බුදයේ දී ශ්‍රී ලංකාව පෙන්වා ඇති විශිෂ්ටත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට නම් මෙරට තුළට නුසුදුසු වෛද්‍යවරුන්  එකතු වීම වළක්වා රාජ්‍ය පද්ධතිය තව දුරටත් ශක්තිමත් කළ යුතු කාලයක වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවසන  පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී  අපි ඉන්දියාව මෙන් වෙමු.

    කොවිඩ් 19  අර්බුදයේ දී ඉන්දියාව  බංග්ලාදේශය පකිස්ථානය නේපාලය දෙස බලනු 
    අනාගතයේ එසේ වීමට අප ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ඉඩ ලබා දෙමු. එසේම අදාළ මහාචාර්ය වරයා වෛද්‍ය සභාවේ කිසුදු සාමාජිකයෙකුගෙන් විමසීමක් නොකර  වෛද්‍ය සභාවේ සභාපති ලෙස ප්‍රකාශ නිකුත් කිරීම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් වන අතර එයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග වෛද්‍ය සභාවේ සාමාජිකයන් විසින් ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

    එසේ ම  මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය හා රෝගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවන සංගමයක සාමාජිකයන් වශයෙන් අප අදාල මහාචාර්ය  වරයා ගේ  ප්‍රකාශය  තරයේ හෙළා දකිමු.

    එසේම මෙරට වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිති ගත නැතැයි පැවසීමෙන් ඔහු උගත් වෛද්‍ය පීඨයට හා මෙරට වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් කර ලෝකය විසින් ඉතා ඉහළින් පිළි ගත් මෙරට වෛද්‍ය පීඨ වලින් බිහි වූ වෛද්‍යවරුන් ට පවා අපහාස කරන අතර අදටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉහළ පිළිගැනීමට  මෙරට ලක් ව ඇති   අවස්ථාවක  හා මේ රටේ වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ වෘත්තිකයන් ලෙස වැඩ කරන කාලවකවානුවක තමන් උගත් වෛද්‍ය පීඨයට තමන් රැකියාව කරන ලද වෛද්‍ය පීඨයට එසේ ම වර්තමානයේ තමන් සේවය කරන වෛද්‍ය සභාවට හා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය හොඳ නැතැයි පවසමින් මේ රටට කරන ලද අපහාසයට ඔහු තව දුරටත් එම තනතුරේ සිටිය යුතු නැති බව හා ඔහු ඇත්තට ම උගත් මහත්මයෙක් නම් තමන් කරන ලද වරද වෙනුවෙන් වහාම වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මෙයින් ප්‍රකාශ කරමු.

     වසන්ත අල්විස්  මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය  

  • රජයේ පාසල් සිසුන්ගෙන් මාස 21ක් කොල්ල කනවා – අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    රජයේ පාසල් සිසුන්ගෙන් මාස 21ක් කොල්ල කනවා – අලුත්ම හෙළිදරව්ව මෙන්න !

    බොහෝ දේශපාලනඥයින්, උසස්  රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින්  තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International  Schools  යවන බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ?

    අපොස සාමාන්‍ය පෙළ O/L level  විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ දී ය. ප්‍රතිඵල නිකුත් වන්නේ  මාර්තු අවසානයේ දී ය. ගත වන කාලය මාස 3 කි.

    අපොස උසස්පෙළ A/L level  විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේදීය. ප්‍රතිඵල නිකුත් වන්නේ දෙසැම්බර්  අන්තිමට ය. ගත වන කාලය මාස 4 කි. 

    විශ්ව විද්‍යාලයට ඇතුල් කරනු ලබන්නේ උසස් පෙළ විභාගය පවත්වා අවුරුද්දකුත් මාස දෙකක් ගත වූ පසු ඊළඟ වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. ගත වන කාලය මාස 14 කි. මේ අනුව නිදහස් අධ්‍යාපනය තුළින් රජයේ පාසල් වල ඉගෙන  ගන්නා දරුවන්ට  අහිමි වන කාලය මාස  21  කි. විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට එම දරුවන්ගේ වයස අවුරුදු   20  කි.

    International schools වල  ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ ඒ තත්ත්වය විමසා බලමු

    එහෙත් ජාත්‍යන්තර පාසල්( International schools) වල  ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ   ඒ තත්ත්වය විමසා බලමු. එම ශිෂ්‍යයන් උසස් පෙළ විභාගය ( London  A/L level ,Edexel )  වයස අවුරුදු 17 දී  අවසන් කර විදේශීය රටවල සහ මේ රට  පෞද්ගලික  විශ්ව විද්‍යාල වලට ඇතුළත් වී වයස අවුරුදු 22 වන විට උපාධිධාරීන් බවට පත්වේ.

    රජයේ  පාසල් පද්ධතිය තුළ නිදහස් අධ්‍යාපනය ලබන දරුවන් ට තම වටිනා ජීවිතයේ අහිමි වන මෙම දීර්ඝ කාලය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ  කවර  බලපෑම් නිසා ද ?

    තාක්ෂණය මෙතරම් දියුණු යුගයක අපොස උසස් පෙළ සහ සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට මෙතරම් දීර්ඝ කාලයක් ගන්නේ ඇයි ?

    විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වන්නේ ඇයි ?

    බොහෝ දේශපාලනඥයින්, උසස්  රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින්  තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International  Schools  යවන බව පෙනී යයි.
    නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ?

    රැකියා ,උසස් වීම්,  පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා  ඇතුළු වරප්‍රසාද තම දරුවන්ට පමණක් උරුම කර දීමට, මෙම ප්‍රශ්නය  නො විසඳා කල් මරන ප්‍රතිපත්තියක්, මීට  වගකිව යුතු පාර්ශව අනුගමනය කරන්නේ දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතු වී  ඇත.

    වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • එකම රටක ‘අධ්‍යාපන ක්‍රම දෙකක්’ ක්‍රියාත්මක වන්නේ ඇයි ?

    එකම රටක ‘අධ්‍යාපන ක්‍රම දෙකක්’ ක්‍රියාත්මක වන්නේ ඇයි ?

    එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සාධාරණත්වය  (MERIT and EQUITY)  මතයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ?

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය. අන්තර් ජාතික පාසැල් (International Schools) වලින් ඉගෙන  ගන්නා සිසුන්  සාමාන්‍ය පෙළ (London  O/L) විභාගයට පෙනී සිටින්නේ  වයස අවුරුදු 14 දී ය. 

    රජයේ පාසැල්වල ඉගෙන ගන්නා සිසුන් අපොස උසස් පෙළ A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු  19  කි. එහෙත් අන්තර් ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසුන් උසස් පෙළ   London A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 16 කි.

    ජාතික පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ වයස අවුරුදු 20  දී ය. එහෙත් අන්තර් ජාතික පාසල්  වල  ඉගෙන ගන්නා සිසුන් London A/L  විභාගයට පෙනී සිටවයස අවුරුදු 17 දී මෙරට හෝ විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරයි.

    අන්තර් ජාතික පාසල් වල සිසුන් ලක්ෂ  10 ක් පමණ ඉගෙනුම ලබන බව වාර්තා වේ. එහෙත් මුදල් හෝ වෙනත් වරප්‍රසාද අහිමි පවුල් වල දරුවන් නිදහස් අධ්‍යාපනයේ පිහිටින් සරසවි වරම් ලබා  උපාධිධාරීන් ලෙස පිටවනවිට ඔවුනට සම වයසේ වරප්‍රසාද ඇති පවුල්වල ශිෂ්‍යයින් අවුරුදු 3- 4  කට  කලින් උපාධිධාරීන් බවට පත්වී රැකියා අවස්ථා,උසස් වීම් සහ පශ්චාත් උපාධි අධ්‍යාපන වරම් හිමිකර ගෙන ඇත.

    එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සාධාරණත්වය  ( MERIT and EQUITY)  මතයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ?

    මුදල් සහ අනිකුත්  වරප්‍රසාද ඇති පවුල්වල දරුවන්ට  එක් අයුරකින් ද, විවිධ දුෂ්කරතා සහ අගහිඟකම් ඇති නිදහස් අධ්‍යාපනය මත තම ජීවිතය ගොඩනඟා ගන්නා  දරුවන් ට වෙනත් අයුරකින් ද සලකන මේ ක්‍රමය වෙනස් විය යුතු නො වේ ද ?

    එසේම  මොහාන් ලාල් ග්‍රේරු විසින් ගෙනා සංශෝධනයක් මගින් අන්තර්ජාතික පාසල්  ළමුන්ට දේශීය විෂය මාලාව ඕනෑම කාලයක දී ලිවිය හැකි අතර ජාතික පාසල් පද්ධතියේ ළමුන්ට වයස අවුරුදු දහසයේ දී එනම් ඔවුන් 11 එකොළහ වසරේ ගත කරන විටදී පමණක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හැකිය.

    එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක වන්නේ ඇයි ? මෙය සංවාද කර වහාම නිවැරදි කළ යුතු ගැටලුවකි.

    අපි සංවාදයට සූදානම්ය.

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !

    මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !

    අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක.

    කම්බි කණු සිටුවා මායිම් ගසා ඇති අයුරු

    මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් නීති විරෝධීව ගොඩ කිරීමට ව්‍යාපාරිකයෙක් සූදානම් වේ

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සදහා මේ වන විට මායිම් සලකුණු කරමින් පවතී.

    2018 වසරේ දී මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක් අත්පත් කර ගෙන නීති විරෝධී ව නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සදහා සූදානම් වූ මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමේ අජිත් පණ්ඩිතරත්න මහතා විසින් ම මෙම ඉඩම් වෙන් කිරීමේ කාර්යය සිදු කරමින් පවතී. මුතුරාජවෙළ තෙත් බිම ගොඩ කරමින් කි‍්‍රයාත්මක කිරීමට නියමිත මහා සැලැසුමක කොටස් ලෙස මේ සියලූ ඉඩම් අත්පත් කර ගැනීම්, ගොඩ කිරීම් හා ඉදි කිරීම් සිදු කරන බව මේ වන විට තහවුරු වී තිබේ.

    ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇලට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමිය අද වන විට මායිම් යොදා සලකුණු කර තිබේ. ඒ සදහා ජා – ඇල, ගොවිජනසේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩම් වෙන් කිරීමෙන් අනතුරු ව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.

    මෙම ගොඩ කිරීම් හේතුවෙන් බලි ඇලට හා වෑවල පල්ලි ඇලට එක් වන රොන් මඩ ඕලන්ද ඇල ඔස්සේ ජා ඇලටත් ඒ ඔස්සේ දඩුගම් ඔයටත් අනතුරුව මීගමුව කලපුවටත් එක් වීමට නියමිත ය. එමගින් කලපු පද්ධතිය ගොඩ වීමෙන් කලපු ජීවීන්ගේ බෝවීමේ කි‍්‍රයාවලිය ඇතුළු ව එම සතුන්ගේ පැවැත්මට බලපෑම් එල්ල වන අතර එමගින් ධීවර කර්මාන්තයට ද තර්ජන එල්ල වේ. මීට අමතර ව ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ගොඩ කිරීම් හා ඉදි කිරීම් නිසා මහවත්ත, වෑවල, ඉදිවිටිය හා එගොඩවත්ත යන ගම්මාන වලට වර්ෂා කාලයේ දී උග‍්‍ර ගංවතුර තර්ජනයකට ද මුහුණ දීමට සිදු වනු ඇත.

    මුතුරාජවෙළ ලංකාවේ විශාලත ම වෙරළාශි‍්‍රත ලවණ වගුරු බිමයි. කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව – කොළඹ ප‍්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප‍්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශී‍්‍රක කුඹුරු යායක් ලෙස ප‍්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙළ නම් වූ බව ජනශැති වල ස`දහන් වේ.

    ඕලන්ද යුගයේ දී කැළණි ගගේ සිට භාණ්ඩ ප‍්‍රවාහනය සදහා මීගමුව - කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙළ වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ. පසුව ඉංගී‍්‍රසීන් විසින් භාණ්ඩ ප‍්‍රවාහනය විධිමත් කිරීම සදහා කැළණි ගගේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙළ වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙළට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම ස`දහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අදික ප‍්‍රමාණයක් සකස් කළ ද ඉන් ප‍්‍රතිඵලයක් ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක‍්‍රමයෙන් පරිවර්ථනය වී ඇත.

    මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙළ වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. සමහරුන් මෙම ප‍්‍රදේශය ගොඩ කර නිවාස යෝජනාක‍්‍රම කි‍්‍රයාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙළ තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප‍්‍රදේශයේ පදිංචි කිරීමට ය.

    නමුත් පරිසරය පිළිබද ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මගපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබද ව සැලැසුම් සකස් කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මගින් සකස් කළ මෙම සැලැසුමට 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව කි‍්‍රයාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙළ හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් මුතුරාජවෙළ හා මීගමුව කලපුව සදහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි.

    මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙළ කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශි‍්‍රත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප‍්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශි‍්‍රත ව පිහිටි කොටස මුතුරාජවෙළ අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් පේ‍්‍රරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය.

    මෙම සැලැසුමට අනුව යෝජනා කෙරුණු අභය භූමිය ප‍්‍රකාශයට පත් කිරීම සිදු කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව යි. මේ පනතේ 2 (2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙළ අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිනි. මීට අමතර ව ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව මුතුරාජවෙළ ස්වාරක්ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප‍්‍රදේශය ලංකාවේ ප‍්‍රථම පරිසර ආරක්ෂණ ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිනි. ඒ 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය මගිනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678 ක් මුතුරාජවෙළ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සදහා සැලැසුම් සකස් කිරීමට ප‍්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මෙම වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප‍්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හදුනාගෙන තිබේ.

    හෙක්ටයාර 3164 ක් වන මීගමුව කලපුව හා සම්බන්ධ මුතුරාජවෙළ තෙත් බිම මේ ආකාරයට ආරක්ෂා කිරීමට හේතුව මෙහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමයි. නාගරික ප‍්‍රදේශ ගණනාවක් ඇතුළු ව විශාල ප‍්‍රදේශයක් ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය රදා සිටීම, අවට ප‍්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම, වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කර ගෙන ජලය පිරිසිදු තත්ත්වයට පත් කිරීමට අමතර ව නාගරික ප‍්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඞ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම ආදී ප‍්‍රයෝජන රාශියක් මෙම තෙත් බිමෙන් ඉටු වේ.

    සමස්ත මුතුරාජවෙළ ප‍්‍රදේශය තෙත් බිම් සංකීර්ණයක් ලෙස හැදින්විය හැකි ය. ඊට හේතුව මුතුරාජවෙළ වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙළ වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඩුගම් ඔය ඇතුළු තෙත් බිම් වර්ග ගණනාවකින් මෙය සමන්විත ය. මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප‍්‍රධාන බෝවීමේ ප‍්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද රදා ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය මත ය.

    දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශී‍්‍රත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ.

    මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ. අති විශාල සත්ත්ව ප‍්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයින්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ.

    පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක‍්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක‍්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක‍්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis) දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළගැටි හම්බු කුරුල්ලා (Black – capped Purple Kingfisher වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි.

    මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් ආර්ථික හා දේශපාලන බලය හිමි පුද්ගලයකුට තම හිතුමනාපය පරිදි විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩදිය යුතු නැත. රුපියල් මිලියන දහස් ගණනක් වැය කර මුතුරාජවෙළ සංරක්ෂණ සැලැසුම් සකස් කර වසර ගණනාවක් ආරක්ෂා කළ භූමියක් ව්‍යාපාරිකයකුට අවශ්‍ය පරිදි විනාශ කිරීමට අවස්ථාව ලබා දී බලා සිටීමට රජයට හෝ කිසිදු සිවිල් පුරවැසියෙකුට අයිතියක් නැත.

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. මේ නිසා සෑම රාජ්‍ය නිලධාරියෙක් ම, සිවිල් පුරවැසියෙක් ම මේ සම්පත් ආරක්ෂා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම බැදී සිටී.

    එපමණක් නොව 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප‍්‍රඥප්තියට 1990 ඔක්තෝබර් මස 15 වන දින ප‍්‍රවිශ්ඨ වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප‍්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප ජාත්‍යන්තරව ද බැදී සිටී.

    එසේ තිබිය දී අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක.

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4 කට නැතහොත් අක්කර 10 කට වැඩි තෙත් බිම් ප‍්‍රදේශ ගොඩ කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ කි‍්‍රයා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට තෙත් බිම් සංවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

    මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව ඉඩම් හා තෙත් බිම් ගොඩ කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සදහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු ය.

    මේ අනුව පෙනී යන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන පනත් උල්ලංඝනය කරමින් මුතුරාජවෙළ තෙත් බිම් අක්කර 50 ක් වෙන් කිරීම හා ගොඩ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව ය. මීට එරෙහිව වගකිවයුතු සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතු ය.

    මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’’ කොටසෙහි සදහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බව ය.’’ මේ ආකාරයෙන් ජනතාව සමග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව අද වන විට තෙත් බිම් පරිසර පද්ධති විනාශ කර මිනිසා ඇතුළු සියලූ ම සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය අහිමි කිරීමට මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට රිසි සේ කි‍්‍රයාත්මක වීමට ඉඩ දී බලා සිටී. එපමණක් නොව ඔවුන් ට ආයෝජන නාමයෙන් සියලූ ස්වාභාවික සම්පත් කොල්ලකෑමට දේශපාලන රැුකවරණය ද ලබා දෙමින් තිබේ.

    මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත්බිමේ විශාල භූමි ප‍්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය. මෙහි අහිතකර ප‍්‍රතිඵල බුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත්බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප‍්‍රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව යි.

    2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප‍්‍රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඕලිත පේ‍්‍රමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප‍්‍රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප‍්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය. එහෙත් සීමාසහිත පාරිසරික පදනම මගින් ලබා ගත් අධිකරණ තීන්දුව මත පදිංචි වූ ජනතාවට සිදු වූයේ ටික දිනකින් ම ඉන් ඉවත් වී යාමට ය. දේශපාලකයින්ගේ ව්‍යාජ සැලැසුම් වලට මුලා වූ ජනතාවට වියදම් කළ මුදල ද අවසානයේ අහිමි විය.

    2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඩුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශි‍්‍රත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක‍්‍රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි. එහෙත් අපගේ මැදිහත්වීමෙන් එම හානිකර ව්‍යාපෘතිය නතර කිරීමට හැකියාව ලැබුණි.

    2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ‍්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඊ.ජේ.එම්.ඞී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග‍්‍රහය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

    අභය භූමියේ පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබාගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදාදුන් තෙත්බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි. මෙම හානිකර ව්‍යාපෘතිය ද අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි විය.

    මීට අමතර ව 2018 වසරේ දී අජිත් පණ්ඩිතරත්න මහතා විසින් මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක් ගොඩ කර සිදු කිරීමට ගිය නිවාස සංකීර්ණය ඉදි කිරීම ද නතර කිරීමට අපට හැකි විය.

    මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානිකර කි‍්‍රයා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී කි‍්‍රයා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. ජා-ඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඩුගම ග‍්‍රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙළ ප‍්‍රදේශයේ මුතුරාජවෙළ අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ.

    දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5ක් හා දිග කිලෝමීටර් 1.2 ක් වේ. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ ද මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය. මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප‍්‍රදේශයේ ප‍්‍රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල වරින් වර නිරත වේ.

    එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප‍්‍රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප‍්‍රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලූම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඞ් එක්ප‍්‍රස් සමාගම මගින් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ. මේ නීති විරෝධී කි‍්‍රයා තව ම පාලනය කිරීමට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස කි‍්‍රයාත්මක නොකරන බව ය. එවන් රාජ්‍ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය.

    මේ අතරතුර මුතුරාජවෙළ තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින් ම කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි‍්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැදවුමක් ස්ථාපිත කිරීමට 2017 අපේ‍්‍රල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සදහා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැදවුම කඩා වැටීමත් සමග ම කොළඹ නාගරික බල ප‍්‍රදේශයෙන් එක් රැුස් කරන කසළ රැුදවීම සදහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ මුතුරාජවෙළ තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය ස`දහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

    මෙවන් තත්ත්වයන් වර්ධනය කිරීමට 2018 අය වැය ප‍්‍රකාශනයේ දී 1958 අංක 01 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර මෙවන් කි‍්‍රයා වලට ඉඩකඩ සැලසෙන පරිදි නීතිමය රාමුව සකස් කිරීමට පසුගිය ආණ්ඩුව විසින් යෝජනා කෙරින. එපමණක් නොව ඌන උපයෝජිත කුඹුරු ඉඩම් නිවාස ව්‍යාපෘති සදහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට 2017 නොවැම්බර් මස 07 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ සියල්ල ඒ ආකාරයෙන් ම අකණ්ඩ ව කි‍්‍රයාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් ද සිදු කරනු ලැබේ.

    මින් සිදුවන්නේ රටේ වත්මන් හා අනාගත පරපුරේ යහපැවැත්ම මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වන බිම් ප‍්‍රදේශ අවභාවිතයට පසුබිම සැකැසීමයි. මේ නිසා අප අවධාරණය කර සිටින්නේ තෙත් බිම් ලෙස පවතින භූමි ප‍්‍රදේශ කිසිදු ආකාරයකින් සංවර්ධන කාර්යයන් සදහා යොදා ගැනීමට අනුමැතිය ලබා නොදිය යුතු බව ය. එපමණක් නොව ඒ සදහා ඉඩ ප‍්‍රස්ථාව හිමි වන අයුරින් අණ පනත් සංශෝධනය කිරීම ද වහා ම නතර කළ යුතු ය.

    අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් ගොඩකර සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගෙන මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ රැුකවරණය කඩිනමින් තහවුරු කරණ ලෙස ය. ඒ සදහා 2006 වසරේ දී සකස් කරන ලද ජාතික තෙත් බිම් ප‍්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුමට අනුව කි‍්‍රයාමාර්ග ගෙන තෙත් බිම් සංරක්ෂණයට අවශ්‍ය සෘජු නීති රීති හා පරිපාලන ව්‍යුහයක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු ය. ඒමගින් සමාජ ආරක්ෂණය තහවුරු කළ යුතු ය. එසේ නොමැති ව නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කිරීම සදහා ආයෝජකයින්ට අවශ්‍ය පරිදි සියලූ සමාජ ආරක්ෂණ අණ පනත් ජනතා විරෝධී ලෙස සංශෝධනය කර රටේ ජනතාවගේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත ආර්ථික කි‍්‍රයාවලිය සදහා යෙදවීම වහා ම නතර කළ යුතු ව ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • අවවාදයයි ! මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘කිඹුල් මුකුණුවැන්න’ වෙළෙඳපොළේ

    අවවාදයයි ! මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘කිඹුල් මුකුණුවැන්න’ වෙළෙඳපොළේ

    වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය.

    කිඹුල්වැන්න කතාව අලුත් එකක් නොවේ. මා විසින් මුල්වරට මේ ගැන ලියුවේ 90 දශකයේ මැද භාගයේදීය. කෙටියෙන් නැවතත් හඳුන්වා දෙනවා නම් මෙය ආගන්තුක මෙන්ම ආක්‍රමණශීලී වල් පැලෑටියකි. හැඩරුව බැලුවහොත් හොඳින් සරුවට වැඩුණු මුකුණුවැන්න පැළෑටි ගොන්නක්  සේය. මේ නිසාම මේ දිනවල බොහෝ සුපිරි වෙළඳසැල් වල පවා ඉතා ආකර්ශණීය පලාකොල රාක්කවල ‘මුකුණුවැන්න’ නමින් මේවා අසුරා තිබේ. දුටු පමණින් පාරිභෝගික සිත් පැහර ගන්නා  නිසාම ඔවුන්ද දෙවරක් සිතන්නේ නැත.

    Alteranthera philoxeroides යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කිඹුල්වැන්න පැලෑටිය (Alligator Weed) සම්භවය ලබා ඇත්තේ දකුණු ඇමරිකානු භූමියේය. නැව්වල පුරවාගෙන එන ජලය හරහා 1880 දී පමණ මෙය මුලින් පැමිණ ඇත්තේ නවසීලන්තයටයි. 1946 දී ඕස්ට්‍රේලියාවෙන් මෙම ශාකය සොයාගෙන ඇත. චීනයේ ඇති භයානකම ආක්‍රමණික ශාක 12 තුළට ඇතුල්වීමට තරම් පැතිරීමක් කිඹුල්වැන්න විසින් චීනයේදී අත්පත් කරගෙන තිබේ. අද මෙය නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ තහනම් ශාකයකි. තම තෘණභූමි හා ජලාශ මෙයින් ආරක්‍ෂා කරගැනීම උදෙසා වාර්ෂිකව ඔවුන් වැයකරන ධනස්කන්ධය අති මහත්ය.

    1990 දී පමණ ඇමරිකා එක්සත් ජනපදයටද මෙම ශාකය පිවිසී ඇති අතර, මේ වනවිට එය මිසිසිපි ගංගාවේ කොටසක්ද වසාගෙන පැතිරී තිබේ. ජලය මතුපිටත්, ජලාශ්‍රිත ගොඩබිම්වලත් මෙය වැවෙන නිසා වඩාත් නිවැරදිව හැඳින්විය හැක්කේ උභයජීවී ශාකයක් ලෙසයි. හොඳින් වැවෙනවිට එහි දඬු මීටර් 10 ක් පමණ දික්වේ.

    තවත් අපූර්ව සිද්ධියක් වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් 60 දශකයේ පමණ සිට මෙය තම ගෙවත්තේ වවාගෙන මුකුණුවැන්න සේ සිතා ආහාරයට ගෙන තිබීමයි. මෙල්බර්න් හි සේවය කල ආක්‍රමණශීලී ශාක විශේෂඥයෙකු වන ආචාර්ය ලලිත් ගුණසේකර මහතා මෙම වරද හඳුනාගෙන 1995 දී පෙන්වාදී ඇති අතර එම වකවානුවේදීම හම්බන්තොට ප්‍රදේශයෙන් මුල්වරට මෙරටදී කිඹුල්වැන්න සොයාගෙන තිබේ.

    ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ලාංකිකයෙක් සරුවට වැවෙන මුකුණුවැන්න ප්‍රභේදයක් යයි සිතා මෙය රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. නිරෝධායන අංශය මගහැර ශාක රැගෙනවිත් කරගත් තවත් අකරතැබ්බයකට මෙය හොඳ උදාහරණයකි.

    මෙම ශාකය අනුභවය පිළිබඳව තවමත් නිශ්චිත නිගමන වලට එළඹී නැත. එහෙත් ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පවසන්නේ අන්ධභාවය ඇතිවීම දක්වා ආබාධයන් කිඹුල්වැන්න අනුභවයෙන් ගව ආදී සතුන්ට ඇතිවිය හැකි බවයි. ඕස්ට්‍රේලියානුවන් මෙය අනුභව නොකරන නිසා මිනිසාට වන අවදානම කෙබඳුදැයි සෙවීමට ඔවුන් පර්යේෂණ කරන්නේ නැත. එවැනි තොරතුරු වැදගත් වන්නේ අපටයි.

    කෙසේ වෙතත් කිඹුල්වැන්න මගින් පසේ ඇති තඹ, ඊයම්, රසදිය වැනි බැරලෝහ අවශෝසනය කර පස පිරිසිදු කරනා බවට වාර්තා තිබේ. එනම් අපිරිසිදු ද්‍රව්‍ය දැන් ඇත්තේ පැළෑටිය තුළය. එය අනුභව නොකළ යුතුය. බැරලෝහ ශරීර ගතවීම ඉතා අවදානම් තත්වයක් වේ. එහි රෝගී තත්වයන් පිටතට පෙනෙන්නට පටන් ගන්නේ කල්ගත වනවිටයි.

    කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය

    වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය.

    මුකුණුවැන්න මල්, කඳ වටා පොකුරු වශයෙන් තිබෙන අතර ඒවාට නටු නැත. අනෙක් කරුණ වන්නේ කිඹුල්වැන්න දණ්ඩ තුළ කුහරයක් තිබීමයි. මුකුණුවැන්න කඳෙහි කුහරයක් නැත. වෙළඳපොළෙහි ඔබ මිලට ගන්නා මුකුණුවැන්න මිටිය ඉතා සාරවත්ව වැඩුණු, දිගට ඇදුනු දඬු සහිත එකක් නම් එය බොහෝවිට කිඹුල්වැන්න විය හැකිය. පරීක්‍ෂාකිරීම පහසුය. පලා මිටියේ කැපුම් දාරය දෙස බලන්න. කංකුන් මිටියක තිබෙන්නා සේ දඬු මැද කුහර ඇත්නම් ඒ මුකුණුවැන්න නොවේ. නටු සහිත සුදු මල් තිබෙන්නේ නම් එයද කිඹුල්වැන්න වල ලක්ෂණයකි.

    ඇහැට කනට පෙනුනාට අප තණකොළ කෑ යුතු නොවේ. කල්ක්‍රියාවට අනුව තණකොළ කෑ යුතු අය සමාජයේ සිටියත්, ඔවුන් වුවද විෂ තණකොළ නම් නොකෑ යුතුය. වෙළඳපොලෙන් කිඹුල්වැන්න ඉවත්කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ පාරිභෝගික දැනුවත්වීම හරහා කිඹුල්වැන්න මිලදී නොගෙන සිටීමයි. පාරිභෝගිකයා වෙතින් එය ප්‍රතික්‍ෂේප වෙත්ම, වෙළෙන්දා හරහා ගොවියා වෙතට පණිවිඩය සම්ප්‍රේෂණය වන්නේය. විකිනෙන්නේ නැති යමක් ගොවියා වවන්නේ නැත. අනිවාර්යයෙන්ම ඔහු තම කීර කොටුව පරීක්ෂාකර බලනු ඇත.

    මිනිස් සිරුරට ඇතිවෙන බලපෑම පෙන්වාදෙන පර්යේෂණාත්මක දත්තයන් කිසිවක් නැති නිසා මෙවැන්නක් අනුභව නොකරන්නැයි බල කරන්නටද අපට හැකියාවක් නැත. දැන දැනම පවා අහිතකර දෑ පරිභෝජනය කරන අය ඕනෑතරම් අප අතර සිටී. එබැවින් මෙතැනදී අප අවධාරණය කරන්නේ මුකුණුවැන්න යයි සිතාගෙන කිඹුල්වැන්න අනුභව නොකරන ලෙස පමණි. වෙළඳුන් මෙය විකුණනවානම් කිඹුල්වැන්න ලෙසම විකුනනවා මිස මුකුණුවැන්න ලෙස අලෙවිකිරීම  සදාචාරාත්මක නැත. කිඹුල්වැන්න වනාහී මෙරට තහනම් ශාකයක් නොවන බැවින්, පාරිභෝගිකයාගේ හා වෙළෙන්දාගේ පුද්ගල නිදහසටද එකඟවීම උදෙසා අප එසේ ප්‍රකාශ කරමු.

    සනත් එම්. බණ්ඩාර

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

  • ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා

    ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා

    අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍යවරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි.

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍ය ද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් අප පසුගිය 22 වැනිදා කළා. (ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක් –අපි අද ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය, අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ ගෙවී ගිය අඳුරු යුගය, අනෙකුත් ක්ෂේත‍්‍ර පෞද්ගලීකරණයට ලක් වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු ද? සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ ඉන්දියානු ආදර්ශය – පිළිබදව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. තරමක් දීර්ඝ මෙම ලිපිය මගින් ඔබට මේ සංකීර්ණ තත්ත්වය පහසුවෙන් වටහා ගැනීමට අවස්ථාව ලබා ගත හැකියි.

    මුලින්ම අපි දැනට ලංකාවේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ තත්ත්වය විමසා බැලිය යුතුයි.

    • දැනට රජයේ වෛද්‍ය පීඨවල සිටින වෛද්‍ය ශිෂ්‍යයන් ගණන සංඛ්‍යාව -7000
    • දැනට රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව (internship ලබන වෛද්‍ය උපාධිධාරීන් ගේ සංඛ්‍යාව – 2000
    • රජයේ වෛද්‍ය පීඨවල උපාධිය සම්පූර්ණ කළ සීමාවාසික පුහුණුව සබඑැරබියසච බලාපොරොත්තුවන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව – 1500
    • මේ අනුව ඉදිරි වසර පහ තුළ සෞඛ්‍ය ක්ෂේ්ත‍්‍රයට එකතු වන වෛද්‍ය උපාධිධාරීන්් සංඛ්‍යාව – 10500
    • 2019 සැප්තැම්බර් මස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව රජයේ රෝහල්වල ඇති වෛද්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව – 1700
    • විදේශ රටවල්වල වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 2017 ලේඛන සංඛ්‍යා ලේඛන අනුව) – 3000
    • 2019 වෙන විට එම සංඛ්‍යාව (5000) දක්වා වැඩි වී ඇතැයි ගණන් බලා ඇත.
    • ERPM (ACT 16) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුව සිටින විදේශ රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණි වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍ය– 1000
    • වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛන අනුව (2019) දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය (eligibility certificate) ලබාගෙන විදේශගත වී ඇති ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව – 800

    වසරෙන් වසර ඉතා විශාල සංඛ්‍යාවක් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා විදේශ ගත වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේ ලේඛන අනුව පෙනී යයි. තව වසර කිහිපයකින් රජයේ වෛද්‍ය පීඨ වලින් වෛද්‍ය උපාධි ලබා පිට වන වෛද්‍යවරුන්ටත් රජයේ රෝහල්වල පත්වීම් නොලැබෙන තත්ත්වයක් ඇතිවනු ඇත

    අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ ගෙවී ගිය අඳුරු යුගය

    පසුගිය වසර කීහිපය තරම් ශ‍්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය බරපතළ ලෙස කඩා වැටුණු කාල පරිචපරිච්ෙඡ්දයක් ඉතිහාසයේ නොවූ විරූ තරම් ය. ඒ සමස්ත ප‍්‍රතිඵලය රටේ සමස්ත ජනතාවට ම දැන් ඉතා අවාසනාවන්ත ලෙස භුක්ති විදිමින් පසුවන බව පහත තොරතුරුවලින් හෙළිදරව් වේ

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri lanka medical council) බරපතළ දේශපාලන බලපෑම් වලට ලක් වීම නිසා ස්වාධීන ලෙස ක‍්‍රියා කිරීමට ඇති අවස්ථාව අහිමි විය. මේ හේතුව නිසාම වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප‍්‍රමිතීන් මේ වන තුරුත් නීතීතිගත කිරීමට නොහැකිවී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස අ.පො.ස උසස් පෙළ විෂයන් තුනම අසමත් වූ (F3) අයටත් එමෙන්ම අපොස උසස් පෙළ වූ විභාගයට පෙනී නො නොසිටී සාමාන්‍ය පෙළ පමණක් සමත් වූ අයටත් වෛද්‍යවරු වීමට අවස්ථාව උදා වීම සහ මේ වන විට ඔවුන් අය සීමාවාසික පුහුණුව සඳහා සාමාන්‍ය රජයේ රෝහල්වලට අනියුක්ත කර තිබීම ඉතාමත් කණගාටු කණගානගාටුදායක තත්ත්වයකි.

    එමෙන්ම අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍ය වෛද්‍ය වරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි.

    ලංකා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරය කිසිවක් දේශපාලන බලපෑම් නිසා නීතිගත කර ගැනීමේට නොහැකිවීම යුගයේ සිදු වූ බරපතල සිදුවීමකි. මෙම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රථම වරට මාස ගණනණනාවක් අධිකරණය වෙත කැඳවීම ද අධිකරණය ඉදිරියේ හෑල්ලූවට ලක් කිරීම ද මෙම යුගයේ සිදුවිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ස්වාධීන තීරණ ගැනීමට ගැනීමේ අයිතියි අහිමි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රතිඵලයක් ලෙස විෂයන් තුනම අසමත් වූ අය පවා වෛද්‍යවරු ලෙස ලියා පදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණ නියෝගය ලැබුණි.

    වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විදේශ විශ්වවිද්‍යාල වලට යැවීම ජාවාරමක් බවට පත්විය. වෛද්‍ය උපාධිය ලබා පැමිණෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පවා වෛද්‍ය සේවය පසෙක තබා මෙම ජාවාරමේ තැරැව්කරුවන් බවට පත්විය.

    එමෙන්ම බංගලිදේශය, පකිස්තානය වැනි දකුණු ආසියාතික රටවල තානාපති කාර්යාල හරහා ජාතිවාදී හා වර්ගවාදී පදනමින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දී තම ශිෂ්‍යයන් යැවීම ඉතා රහසිගතව පසුගිය වසර කීපය තුළ සිදුවීම පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.

    එසේ බෙහෝ ශිෂ්‍යයන්ගේ උසස්පෙළ විභාග ප‍්‍රතිඵල ඉතා අඩු මට්ටමේ පවතින අතර ඇතැම් ශිෂ්‍යයන් London A/Level& (Edexel) වැනි විභාග වලට පෙනී සිට එයින් ද සාමාන්‍ය ප‍්‍රතිඵල ලබාගත් අය බවට ද හෙලිවී තිබේ.

    එංගලන්තය වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා වරම් ලබන්නේ London A/L විභාගයෙන් සියලූම විෂයයන් සඳහා A ලැබූ ශිෂ්‍යයන් අතරින් ඉහළම ප‍්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන්ට පමණි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එම විභාගයෙන් C සහ S සාමාර්ථ ලැබූ ශිෂ්‍යයන්ට ද මුදල් මත විදේශ රටවලට ගොස් වෛද්‍යවරුන් වීමේ අවස්ථාව ලැබීමත්, උසස්පෙළ A සාමාර්ථ තුන පවා ලැබූ දක්ෂම ශිෂ්‍යයන්ට මුදල් නොමැතිකමින් එම අවස්ථාව නොලැබීම කනගාටුදායකය.

    මේ තත්ත්වය නිසා අනාගතයේදී භයානක ප‍්‍රතිඵල අප රට ඇතිවීමට ඉඩකඩ ඇති අතර, ප‍්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් අඩු වූ වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවයට එකතුවීම නිසා රෝගී සත්කාර සේවය බිඳ වැටී රෝගී ජීවිත අවදානමට ලක්වීම බරපතළ කාරණයක් වී ඇත.

    එමෙන්ම දේශපාලන බලපෑම් නිසා මෙතෙක් ස්ථාවරව ක‍්‍රියාත්මක වූ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය (Internship Appointments) කුසලතාවය මත (Merit list) වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය සහ වෛද්‍ය මාරුවීම් ක‍්‍රමවේදය (Transfer system) සම්පූර්ණයෙන් ම බිඳ වැටිණි.

    වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මානව සම්පත් පිළිබඳව නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ඉදිරි අනාගතයේ දී රැකියා නොමැති උපාධිධාරී වෛද්‍යවරුන් බිහිවීමට ඇති ඉඩකඩ තවදුරටත් වැඩිවූ අතර ඒ පිළිබඳව වගකිවයුතු සියලූ ම පාර්ශවයන් එකතුවී ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීම අද යුගයේ අවශ්‍යතාවය වී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ රෝහල්වල ඇති වෛද්‍යවරුන් සඳහා වූ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතින අතර, තව වසර කීපයකින් රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට පවා රජයේ රෝහල්වල රැකියා අහිමිවන තත්ත්වයක් උදාවනු ඇත.

    වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නිසි සැලැස්මකින් තොරව මෙතෙක් ක‍්‍රියාත්මක වූ ක‍්‍රමවේදය වෙනුවට රජයේ වෛද්‍ය පීඨ පිළිබඳව හා විදේශීය රටවලට වෛද්‍ය උපාධි ලබාගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් යැවීම පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සකස්කිරීම නොපමාව කළයුතුය.

    අනෙකුත් ක්ෂේත‍්‍ර පෞද්ගලීකරණයට ලක් වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු ද?

    අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමේ දී ඇතිවන තරඟකාරීත්වයත් සමඟ එහි ගුණාත්මක භාවය රඳවා ගැනීම සිදු නොවන අතර, ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නිසා සිදු කරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.

    සැබවින්ම වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාලා වලින් හාත්පසින් ම වෙනස් දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත සමග ය. එම නිසා, එහි ගුණාත්මක භාවය රඳා පැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක් සහ ඉහළ කුසලතාවයක් අවශ්‍ය වේ.

    එබැවින් වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක‍්‍රියාදාමයක් වන අතර, එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදු වන්නේ රජයේ රෝහල්වල වාට්ටු තුළ දී ය. එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ සත්කාර (Preventive health care) මුළුමනින් ම පාහේ සිදු වන්නේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන හරහා පමණි.

    පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට හෝ පෞද්ගලික ආයතනයකට එසේ ඉහළ මට්ටමක ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසු ය.

    පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේ දී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මක භාවය යන දෙකම එකවර පවත්වා ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යන විට අනෙක පහත් තත්වයකට ඇදවැටීම නිතැතින් ම සිදු වන දෙයකි.

    ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ටි‍්‍රයාව, ෆින්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.

    රටක සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම

    ඉහත රටවල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පුද්ගලික ඒවා නොවන අතර භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාබ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක‍්‍රියාත්මක වේ.

    පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුල පුද්ගලික වෛද්‍ය විද්‍යල විශාල ප‍්‍රමාණයක් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අත්කර ගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. පෞද්ගලීකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අත් වී ඇති ඉරණම ඔබට පැහැදිලි වනු ඇත.

    කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අංශය විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරන එකම රට ඉන්දියාවයි. වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි.” – ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රාඕ

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ ඉන්දියානු ආදර්ශය

    1950 දී ඉන්දියාව තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස අවසර දෙන ලදී. එමෙන්ම 1991දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග තවදුරටත් හඳුන්වා දුන් සංශෝධන මගින් මෙය ප‍්‍රවර්ධනය කරන ලදී.

    වසර 70කට පසු ප‍්‍රතිඵලය පහත තොරතුරු වලින් හෙළි වේ.

    ‘‘කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අංශය විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරන එකම රට ඉන්දියාවයි. වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි.” – ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රා ඕ

    ඉන්දියාව තුල රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල පවතින වෛද්‍ය විද්‍යාල ගණන 570කි.එහෙත් තවමත් ජන අනුපාතය අනුව වෛද්‍යවරුන් සංඛ්‍යාව 1:1700කි.

    වසරකට වෛද්‍ය උපාධිධාරීන් 50 000කට අධික සංඛ්‍යාවක් බිහි වූවත් සෞඛ්‍ය දර්ශක අතින් තවමත් ඉතා පහල තත්ත්වයක පවතියි. ඉන්දියාවේ වෛද්‍යවරුන් 45%ක්ම තවමත් වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම සඳහා නිසි පුහුණුවක් නොමැති බව සමීක්ෂණ වලින් හෙලි වී තිබේ.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හිමිකරුවන් මුදල් බලයෙන් ඉන්දීය වෛද්‍ය සභාව (ඵක්‍) නතු කර ගන්නා බවද 2010දී ඉන්දියානු වෛද්‍ය සභාවේ සභාපති වරයා විශාල වශයෙන් අල්ලස් ලබා ගෙන ඇති බවද අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත. එමෙන්ම තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ ඉන්දීය වෛද්‍ය සභාව විසින් නුසුදුසු යැයි ප‍්‍රතික්ෂේප කරන ආයතන පවා යලි සලකා බලන ලෙස නියෝග කර අධිකරණය පද්ධතියද ඉන්දීය වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය බාල කිරීම සඳහා ක‍්‍රියා කරන බවයි.

    තම රටේ රැකියා අවස්ථා නොමැති නිසා විදේශ වලට ඉන්දීය වෛද්‍යවරුන් සංක‍්‍රමණය වන අතර පසුගිය වසර කිහිපය තුළ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අසමත්භාවය හා වෘත්තීය අවභාවිතය (Medical Negligence) නිසා එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් බිහි වී ඇත්තේ ඉන්දියාවෙනි.

    ඉන්දීය ප‍්‍රාන්ත රජයක් විසින් පසුගියදා වෛද්‍ය උපාධි ලබා දීමට නුසුදුසු යැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 34ක් තහනම් කලේ මෙම වෛද්‍ය විද්‍යාල පිලිගත යුතු යැයි ඉන්දීය අධිකරණය පවා තීරණය කර තිබියදීය.

    අධිකරණ නියෝග පවා නොසලකා ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය හා වෛද්‍ය අධ්‍යාපනයහ ප‍්‍රමිතිය ගැන ඉන්දීය රජය සෘජු තීරන ගත් අවස්ථා ඇති බව මෙයින් පැහැදිලි වේ.

    රැකියා විරහිත ඉන්දීය වෛද්‍ය උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම් වලට නොගැලපෙන වෙළඳ ව්‍යාපාර, රැකියා හා නීතිවිරෝධී ජාවාරම් වල යෙදී තම ජීවිතය ගැටගසා ගන්නා බවට වාර්තා පල වී ඇත.

    උග‍්‍ර ආචාර්ය හිඟයක් මෙම වෛද්‍ය විද්‍යාල වල පවතින නිසා කූඨ ව්‍යාපාරිකයෝ තම උපාධි ආයතන වල ආචාර්ය, මහාචාර්ය ලෙස කිසිදා එම ආයතන වලට පය තබා නොමැති ආචාර්ය, මහාචාර්යවරුන්ගේ නම් මිලදී ගෙන තම ආයතනයේ ප‍්‍රචාරයට යොදා ගනියි.

    බොහෝ පෞද්ගලික වෛද්‍ය පීඨ වලින් නිසි පූර්ව සායනික හෝ සායනික පුහුණුවක් නොලැබේ.

    ඉන්දියානු වෛද්‍ය සභාවහි නිර්දේශ වලට අනුව සෑම වෛද්‍ය පීඨයකටම අනුබද්ධිතව ඇඳන් 300ක් සහත ශික්ෂණ රෝහලක් පැවතිය යුතු වුවද පවතින රෝහල්ද වියදම් දරා ගැනීමට හා පවත්වා ගැනීමට නොහැකිව හිස්ව පවතියි. එම නිසා හදිසි රෝග තත්තව (Emergency management) සඳහා පවා මුහුණ දිය නොහැකි වෛද්‍යවරුන් පිරිසක් බිහි වෙමින් පවතියි.
    ඉන්දීය රජය විසින් මෙම ආයතන නිරීක්ෂණය කරන අවස්ථා වලදී එහි රෝගීන් ලෙස පෙනී සිටින්නේ මුදල් ගෙවා ලබා ගත් දුප්පතුන් ය.

    සෑම වෛද්‍ය පීඨ හයකින් එකක් ම 6:1 විභාග වංචා කිරීම පිලිබඳව අධිකරණය ඉදිරියේ චෝදනා ලබා ඇත. පාඨමාලා ගාස්තු වලට අමතරව මුදල් පරිත්‍යාග ලබා ගෙන සිසුන් ඇතුලත් කර ගැනීම පිලිබඳවද බොහෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල චෝදනා ලබා ඇත.

    මීට දශක ගණනාවකට පෙර මුදල් මත පදනම් වූ වෛද්‍ය විද්‍යාල හඳුන්වා දීම නිසා ඉන්දියාවට ආපසු හැරවිය නොහැකි ප‍්‍රතිවිපාක වලට අද මුහුණ දීමට සිදුවීම පිලිබඳව එරට කණගාටු වන බව මේ තොරතුරු වලින් හෙලි වේ.

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    සංස්කාරක සටහන

    මෙම ලිපිය සංවාදයට විවෘත අතර වෙනත් මතවාද සදහා ද මේ හා සමාන ඉඩක් හා ප්‍රමුඛතාවක් ලබා දීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය වේ. ඔබට මේ සදහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් කරුණාකර ප්‍රධාන සංස්කාරකවරයාට අමතන්න – 076 610 9836 හෝ gajabanagaha1975@gmail.com යොමු කරන්න (කරුණාකර ලිපි යොමු කරන්නේ නම් එම ලිපි ‘Unicode‘ මගින් යොමු කළ යුතු අතර එය soft copy පමණක් විය යුතුය.HM NEWSEdit

  • මහජන උද්ඝෝෂණ හමුවේ Fair and Lovely අඩියක් පසුපසට ගනී

    මහජන උද්ඝෝෂණ හමුවේ Fair and Lovely අඩියක් පසුපසට ගනී

    ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයත් සමග නිර්මාණය වූ ‘වර්ණ භේදවාදයට‘ එරෙහි ගෝලීය රැල්ල විවිධ ස්වරූපයෙන් මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ක්‍රියාකාරී කණ්ඩායම් සේම තනි පුද්ගලයින් ද ජයග්‍රහණ සහ වැදගත් අවස්ථාවන් ළගා කර ගෙන තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් ඇසෙන මේ කතාව ඔබට අතිෂය වැදගත්. මේ ඒ කතාව.

    ගෝලීය පාරිභෝගික දැවැන්තයා වන යුනිලීවර් (Unilever) සමාගම පවසන්නේ එහි වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදනය වන Fair and Lovely හි සදහන් “ෆෙයාර් Fair ” යන වචනය එහි නමෙන් ඉවත් කරන බවයි. 

    කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණවල නිරත වූ කණ්ඩායම් අදාළ ප්‍රවෘත්ති සාදරයෙන් පිළිගෙන ඇති නමුත් ඔවුන් පවසන්නේ මෙම පියවර පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

    එහෙත් Fair and Lovely වැනි සම පැහැපත් කරන බව කියන නිෂ්පාදනවලට එරෙහිව කොතරම් උද්ඝෝෂණ පැවතියත් ඉන්දියාවේ එවැනි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීමක් ද නොමැති බව නිරීක්ෂකයින් සදහන් කරයි.

    ‘සම පැහැපත් කරන බව කියන නිෂ්පාදනවලට එරෙහිව කොතරම් උද්ඝෝෂණ සිදු වුණත් ඒවායේ අලෙවියේ කිසිම අඩුවක් සිදුව නැහැ‘ උද්ඝෝෂකයින්ට සහාය වන නමුත් ඒ ගැන ගැඹුරින් සලකා බලන පර්යේෂණ කණ්ඩායම් සදහන් කරනවා.

    යුනිලීවර් සහ එහි ඉන්දියානු අනුබද්ධ හින්දුස්ථාන් යුනිලීවර් ලිමිටඩ් Hindustan Unilever Limited (HUL) විසින් පසුගිය කාලය පුරා ප්‍රවර්ධනය කරමින් සිටින ‘සම පැහැපත් කරන‘ බව කියන නිෂ්පාදන හරහා අදුරු සමයක් තිබෙන ගැහැනු ළමුන් වැදගත් කොටසක් නොවන බව සහ ඔවුන්ට වටිනාකමක් (ආර්ථික, සමාජයීය සහ සංස්කෘති වශයෙන්) නැති බව පෙන්වන දැන්වීම් හා නිෂ්පාදනවලට එරෙහිව දැඩි විවේචනයක් ඉන්දිීය සමාජය තුළ තිබෙනවා.

    ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම සහ එය විසින් ජනිත කරන ලද ජාතිවාදය පිළිබඳ ලෝක ව්‍යාප්ත විවාදයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදයේ ප්‍රමුඛ බහුජාතික සමාගමක් වන ජොන්සන් සහ ජොන්සන් (Johnson and Johnson) ආසියාවේ සහ මැදපෙරදිග ජනප්‍රිය වූ කීම් දෙකක් තවදුරටත් නිෂ්පාදනය නොකරන බව ප්‍රකාශ කළ අවස්ථාවේ සිට පීඩනය වැඩි වෙමින් තිබෙනවා.

    “අපගේ සමහර නිෂ්පාදන (අදුරු සම සුදු හෝ පැහැපත් කරන) නම් හෝ ප්‍රකාශයන් ඔබේම අද්විතීය සමේ තානයට වඩා සාධාරණත්වය හෝ සුදු පැහැය නියෝජනය කරන බව පසුගිය සති කිහිපය තුළ කළ සංවාදවලින් ඉස්මතු වුණා” යනුවෙන් ජොන්සන් සහ ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා. 

    “මෙය කිසි විටෙකත් අපගේ අභිප්‍රාය නොවීය – නිරෝගී සම ලස්සන සමකි healthy skin is beautiful skin” එහි වැඩි දුරටත් සදහන් වුණා.

    Fair and Lovely  යනු ඉන්දියාවේ විශාලතම අලෙවියක් සහිත සම ආලෝකකරණ / පැහැපත් කරන (skin lightening cream) ක්‍රීම් වර්ගය වන අතර එහි වාර්ෂික ආදායම රුපියල් බිලියන 24 (ඩොලර් මිලියන 256) කි.

    මෙම නිෂ්පාදනය 1970 දශකයේ සිට පළමු වරට වෙළඳපොළට පැමිණි දා සිට සෑම වසරකම මෙහි ඒකක (ටියුබ්) මිලියන ගණනක් තරුණයින් හා තරුණියන් විසින් මිල දී ගනු ලබන්නේ සැහැල්ලු සම සාමාන්‍යයෙන් සුන්දරත්වයට සමාන වන රටක වීම විශේෂත්වයකි.

    බොලිවුඩයේ ‘සුපිරි තරු‘ ලෙස සැලකෙන නළු නිළියන් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුමත කිරීම සඳහා වෙළඳ දැන්වීම්වල පෙනී සිට ඇති අතර එමගින් fair සම ආදරය හෝ ආකර්ෂණීය රැකියාවක් ලබා ගැනීම සඳහා උපකාරී වන බව ප්‍රවර්ධනය කෙරේ.

    මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා (25) උදෑසන ෆෙයාර් ඇන්ඩ් ලවුලි දැන්වීම් සහ අලෙවිය තහනම් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ ඉල්ලීම්වලින් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ඉන්දියාවේ ට්විටර් වෙබ් පිරී ගිය අතර ඒ ගැන සමාගමේ බලධාරීන්ගේ අවධානය යොමු විය.

    පසුගිය සති දෙක තුළ, අවම වශයෙන් change.org පෙත්සම් තුනක් වත් ගෝලීය වශයෙන් ඉදිරිපත් වී ඇති අතර, යුනිලීවර් සමාගම ආසියාවේ වෙළඳපලවලින් සහ බටහිර ආසියානු වෙළඳසැල් වලින් මෙම ක්‍රීම් තහනම් කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

    බංග්ලාදේශයේ ජෙසෝර් හි විශාල දැන්වීම් පුවරුවක් ප්‍රචාරණය කරන සම ආලෝකකරණ ක්‍රීම්.
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි බංග්ලාදේශය ඇතුළු ආසියානු රටවල් කිහිපයක ජනප්‍රියය

    මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ අයෙකු පැවසුවේ මෙම නිෂ්පාදනය “අභ්‍යන්තර ජාතිවාදයෙන් ගොඩ නැගී, සදාකාලිකව හා ප්‍රතිලාභ ලබා ඇති අතර එහි සියලු පාරිභෝගිකයින් අතර කළු-විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කරන” බවයි.

    මෙම අඛණ්ඩ විරෝධතා මධ්‍යෙය් ඊයේ (බ්‍රහස්පතින්දා) දහවල් යුනිලීවර් සමාගම “ක්‍රීම් සඳහා නව නමක් තෝරාගෙන ඇති අතර නියාමන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින” බව සදහන් කළේය.

    fair’, ‘white’ ‘light’යන වචන භාවිතා කිරීම නිවැරදි යැයි අප නොසිතන සුන්දරත්වයේ ඒකීය පරමාදර්ශයක් යෝජනා කරන බව අපි හඳුනා ගනිමු. අපට මෙය ආමන්ත්‍රණය කිරීමට අවශ්‍යයි” යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඔවුන්ගේ සම ආරක්ෂණ එකතුව (skin care portfolio) “වඩාත් ඇතුළත් කර ගැනීම – more inclusive” සහ “සුන්දරත්වය පිළිබඳ විවිධාකාර නිරූපණයන් සැමරීමට නායකත්වය දීමට – want to lead the celebration of a more diverse portrayal of beauty ” ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.

    පසුගිය වසර කිහිපය තුළ, යුනිලිවර් පවසා ඇත්තේ ඔවුන් දැනටමත් යම් යම් වෙනස්කම් කර ඇති බවයි. එනම් ඇසුරුම්වලින් සෙවන කාඩ්පතක් (shade card)  ඉවත් කිරීම සහ ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වල සමේ පැහැය (skin tones) සංසන්දනය කිරීම පෙර සහ පසුව සිදු නොකිරීම (ක්‍රීම් භාවිතයට පෙර හා ඊට පසු), ආදිය ඒ අතර විය.

    ඔවුන්ගේ අනාගත ප්‍රවර්ධන වලදී “විවිධ සමේ පැහැය ඇති කාන්තාවන්, ඉන්දියාව සහ වෙනත් රටවල් පුරා විවිධත්වයේ රූපලාවණ්‍ය නියෝජනය කරයි” යනුවෙන් නම් කරනු ලබන බව ද ඔවුන් පොරොන්දු විය.

    ‘ඔවුන් එය කුමක් කීවත් එය තවමත් fairness cream’

    යුනිලිවර් නිකුත් කළ මෙම නිවේදනය ගැන බොහෝ දෙනෙක් ප්‍රීති වූ අතර එය ඓතිහාසික හා දැවැන්ත ජයග්‍රහණයක් ලෙස විස්තර කරනු ලැබුණි. නමුත් මේ අතර තවත් සමහරු පෙන්වා දුන්නේ එය ‘නව බෝතලයක පැරණි වයින්‘ බවයි.

    ‘සමාගම තවමත් එකම අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ එකම ක්‍රීම් එක නව නමකින් අලෙවි කරයි. වෙනස එපමණය‘ විවේචකයෝ සදහන් කළහ.

    එක් පෙත්සමක් සම්පාදනය කළ චන්දන හිරාන් බීබීසීයට කියා සිටියේ යුනිලීවර් නිවේදනය “මාවත කඩන තීරණයක්” නමුත් එය “ඇතුළත් වීමේ පළමු පියවර” පමණක් බවයි.

    “ඔවුන් ආඛ්‍යානය වෙනස් කිරීමට කැමති වීම ගැන මම සතුටු වන අතරම, ඔවුන්ගේ නිෂ්පාදනය එහි සාරය දෙස නැවත බැලීමට මට අවශ්‍යයි. ඔවුන් එය කුමක් කීවත් එය තවමත් fairness cream පමණයි”

    ඉතින්, වැදගත් ප්‍රශ්නය නම් – ශතවර්ෂ ගණනාවක් තිස්සේ රඳවාගෙන හා සදාකාලිකව පවත්වා ගෙන යන සමේ වර්ණය පිළිබඳ හැඟීම් වෙනස් කිරීමට ප්‍රමාණවත් නමක් තිබේද? යන්නයි.

    මෑත වසරවලදී,  Dark is Beautiful සහ #unfairandlovely වැනි උද්ඝෝෂණ ඉන්දියානුවන්ගේ සම කෙරෙහි ඇති ඇල්ම පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

    සමාජ මාධ්‍යවල නාගරික උගත් කාන්තාවන් වැඩි වැඩියෙන් බොලිවුඩ් තරු සහ ජනප්‍රිය රූපලාවණ්‍ය තරඟකරුවන් වර්ණ ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා කැඳවා තිබේ.

    එහෙත් උද්ඝෝෂණ ඉතා සීමිත බලපෑමක් ඇති කර ඇති අතර, සම පැහැපත් කරන නිෂ්පාදන සදහා ඉල්ලුම දිගින් දිගටම ඉහළ යාමත් නිරීක්ෂණය කළ හැකිය. දැඩි බලපෑමක් මේ දක්වා සිදුවන බවක් ද නැත.

    මේ අතර තම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන fairness නිෂ්පාදන ආසියානු වෙළෙදපොළෙන් ඉවත් කර ගන්නා බවට ජොන්සන් සහ ජොන්සන් විසින් පසුගිය සතියේ කළ නිවේදනය ඇතැමුන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ. ඔවුන් කියන්නේ ‘ඔවුන්ට ඒවා මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ සදහා ඉඩ දිය යුතු‘ බවයි.

    සමාජ මාධ්‍යවල සමහරු කියා සිටියේ මෙය ඔවුන්ගේ ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීමක් බවයි.

    ‘ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ද ෆෙයාර් ඇන්ඩ් ලව්ලි හිඟවීම දුක්ඛිත තත්වයකට පත්වන බව මම දනිමි. ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් කුඩා නගරවල සහ ග්‍රාමීය ඉන්දියාවේ සිටින අතර සමේ වර්ණය හා Black Lives Matter movement වැනි බටහිර රටවල ඇවිලෙන දේශපාලන ව්‍යාපාර පිළිබද ඔවුන්ට වැටහීමක් ඇත්තේම නැත. ඔවුන් ඒවා දන්නේ ද නැත.

    Geeta Pandey – බී.බී.සී හි දිල්ලි ලේඛිකාව විසින් අද දින (26) Fair and Lovely: Can renaming a fairness cream stop colourism? යන ශීර්ෂය යටතේ සම්පාදිත ලිපියකි.

    පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමේදී අලුතින් ඡායාරූප කිහිපයක් එක්කර ඇත. – ප්‍රධාන සංස්කාරක

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සූපවේදයට සහ ආයුර්වේදයට නැතිවම බැරි ‘කහ’ ගැන අලුත් තාලේ කතාවක්

    සූපවේදයට සහ ආයුර්වේදයට නැතිවම බැරි ‘කහ’ ගැන අලුත් තාලේ කතාවක්

    බටහිර ජාතීන් ‘කහ -Turmeric‘ භාවිතයට යොමු වී තවමත් දශක කිහිපයකට වඩා ගත වී නොමැති වුවත් කහ යනු වසර දහස් ගණනක් පුරා ආසියාව, විශේෂයෙන් ඉන්දියාවේ සුලභව භාවිත වූ රසකාරකි. නැතහොත් වර්ණකාරයකි. ඊටත් වඩාත් එය ඖෂධයක් හා ඉන්දිය සංස්කෘතියේ කොටසක් නියෝජනය කළේය.

    මීට වසර කිහිපයකට පෙර ලන්ඩන් හි කෝපි කඩයකදී මට පළමු වරට එය හමු වූ විට, මම අවිශ්වාසයෙන් පෙළුණා. කුරුඳු හා කළු ගම්මිරිස් සහිත “රන්වන් කිරි golden milk ” (ආමන්ඩ් හෝ පොල්) ලෙස අවන්හල් හිමිකරු විසින් එය හදුන්වා දුන්නා. ඊළගට මා දුටුවේ එහි මිල. එය මා විස්මයට පත් කළ මිලක් වුණා.

    ඉන්දියාවේ කහ යනු ශතවර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රධාන අමුද්‍රව්‍යයකි (ණය: ණය: මාර්ක් ඊඩන් / ඇලමි)

    කහ යනු ඉන්දියාවේ වසර දහස් ගණනක් තිස්සේ සුලභව භාවිතයට ගන්නා අමුද්‍රව්‍යකි

    මොහොතකින් මට මගේ ළමා කාලය සිහිපත් වුණා. ඒ මා ඉන්දියාවේ මගේ ළමාවිය ගත කළ කාලයයි. මගේ මව කහ කුඩු කැබැල්ලක් සමඟ මිශ්‍ර කර උණුසුම් කිරි වීදුරුවක් පානය කිරීමට මට බල කළ අයුරු මගේ මතකයට නැගුණා. සුදු සීනි සමග පැණිරස කළ එහි මතකය මට යළිත් සිහිපත් වුණා.

    මගේ මතකයේ හැටියට එදා මගේ මව මට සාදා දුන් කිරි පානයේ වූයේ ස්වභාවික රසකාරක පමණකි. කෘත්‍රිම කිසිවක් එහි තිබුණේ නැත.

    මගේ අම්මා ඒ අපූරු වර්ණය සහිත කුඩු විශේෂය ‘පාලි මංජල් ‘palile manjal  නමින් හැදින් වූ අතර එය කහ සදහා භාවිතා කරන දමිළ නම බව ඇය මට කියා දුන්නා. ඇය බොහෝ විට මගේ උගුරේ අමාරුව හෝ මා උණ රෝගයට ගොදුරු වූ විට කහවලින් තනාගත් බෙහෙත් මට දුන්නා මට තවමත් මතකයි.

    කහ යනු ඉන්දීය ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ සුලභව (සාම්ප්‍රදායිකව) භාවිතා කරන අමුද්‍රව්‍යයක් වන අතර එය (කහ) ස්වභාවිත ස්වරූපය වන අල හෝ වර්තමානය වන විට කුඩු වශයෙන් සුලභව භාවිතා වෙනවා. මෙහි සරල අදහස වන්නේ ඉන්දියානු මුළුතැන්ගේ තුළ පිසින බොහෝ ආහාරවල වර්ණකාරයක් හෝ රසකාරයක් ලෙස කහ භාවිතය සිදු වන බවයි.

    ලන්ඩනයේ දී සිදු වූ පළමු හමුවීමෙන් පසුව මට සැන් ෆ්රැන්සිස්කෝ සිට මෙල්බර්න් දක්වා සෑම තැනකම කැෆේ සහ අවන්හල්වලදී කහ මිශ්‍ර කළ බීම (වැඩි වශයෙන් හිපස්ටර් -mostly hipster) දැකගත හැකි වුණා.

    මීන් මොයිලි යනු කහ වලින් සාදන ලද කේරළ මාළු ව්‍යංජන වේ (ණය: ණය: මැග්ඩලීනා බුජාක් / ඇලමි)

    මීන් මොයිලි Meen moilee යනු කහ වලින් සාදන ලද කේරළ මාළු ව්‍යංජන වේ

    කහ ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික ඉන්දියානු ආහාර පිසීමේදී, විශේෂයෙන් ව්‍යංජන හා පාන වර්ගවල වර්ණක කාරකයක් ලෙස භාවිතා කරනවා. එමෙන්ම ඇතැම් ප්‍රජාවන් ඔවුන්ගේ සංස්කෘතිය හා පරිසරය අනුව කහ භාවිතයේ විවිධ ස්වරූපයන් නිර්මාණය කර ඇති අතර ‘කහ අච්චාරු‘ ද ඇතැම් ප්‍රජාවන් අතර දැකගත හැකියි.‍

    විවිධාකාර ආහාර වර්ගවල විශේෂඥයෙකු සහ ‘ද ෆ්ලේවර ඔෆ් ස්පයිස්‘ The Flavour of Spice, ග්‍රන්ථයේ කතුවරයා වන මරියම් රේෂි (Marryam Reshi) මට පැවසුවේ “මම ගෝවාහි මගේ නිවසේ කහ වගා කළා. එවිට මට ‘පැතොලියෝ‘ patholyo නමින් දේශීය පැණිරස කෑමක් සාදා ගත හැකි වුණා. රළු බිම් සහල් (Coarsely ground rice)  කළු හකුරු සමඟ මිශ්‍ර කර ඒවා කහ කොළ දෙකක් අතර තබා තම්බා ගත යුතුයි. එවිට එහි රසය ගැන වචනවලින් විස්තර කළ නොහැකියි ‘‘ 

    සාම්ප්‍රදායික ඉවුම් පිහුම්වලට (traditional cooking) වඩා සමකාලීන ඉන්දියානු ඉවුම් පිහුම් වල කහවලට ස්ථානයක් තිබේදැයි දැන ගැනීමට කුතුහලයෙන් සිටි මම මුම්බායි හි ජනප්‍රිය අවන්හලක් වන ‘බොම්බේ කැන්ටින්‘ හි විධායක සූපවේදී තෝමස් සැකරියාස් සමඟ කතා කළා. සෙකරියාස් කහ ගැන විස්තර කළේ “අවම රසය හෝ රසය සහිත පසුබිම් අමුද්‍රව්‍යයක්” ලෙසයි. 

    “මම හිතන්නේ ඉන්දියාවේ බොහෝ මිනිසුන් එය භාවිතා කරන්නේ පුරුද්දෙන් මිසක් කෑමක් සඳහා එහි වටිනාකම එකතු කරන්නේ කෙසේද යන්න ගැන කිසිම සිතුවිල්ලකින් නොවෙයි” ඔහු කියා සිටියා.

    හැකි සෑම විටම සිය සේවාදායකයින් සදහා ආහාර පිසීමේදී ‘තරු අමුද්‍රව්‍යයක්‘ ලෙස නැවුම් කහ භාවිතා කිරීමට සෙකරියාස් කැමත්තක් දක්වයි.

    කහ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක වගා කෙරේ (ණය: ණය: සැතපුම් 91 / සී සහ ඒ පදනම / ඇලමි)

    කහ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක වගා කෙරේ

    ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව ‘කහ‘ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක වගා කරන අතර ලෝකයේ නිෂ්පාදනයෙන් 75%කට වැඩි ප්‍රමාණයකට ඉන්දියාව හිමිකම් කියයි. එසේම  කහ අපනයනය කරන ප්‍රධාන රට වන්නේද ඉන්දියාවයි. 

    උණුසුම් හා තෙතමනය සහිත දකුණු ප්‍රාන්ත වන ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩුව මහා පරිමාණ වගාව සහ බෝගයේ උසස් තත්ත්වය සඳහා විශේෂයෙන් ප්‍රසිද්ධය. කලාපය අනුව මැයි සිට අගෝස්තු දක්වා රෝපණ සිදු වන අතර ජනවාරි සිට මාස කිහිපයක් දක්වා අස්වැන්න නෙළා ගනී.

    ඉන්දියාවේ කහ යනු සංස්කෘතියේ සැලකිය යුතු ස්ථානයක් හිමිකර ගන්නා බෝගයක් වන අතර එය මුළුතැන්ගෙයි භාවිතයට වඩා අගයෙන් ඉහළය.

    බොහෝ හින්දු ප්‍රජාවන් විශ්වාස කරන ආකාරයට කහ (මංගල්‍යය වැනි උත්සව අවස්ථාවන්හිදී) සාරවත්බව සහ සමෘද්ධිය සලකුණු කරයි. නිදසුනක් වශයෙන්, විවාහයට පෙර ‘හල්ඩි උත්සවය‘  haldi ceremony සඳහා පවුලේ වැඩිහිටියන් මනාලියගේ හා මනාලයාගේ මුහුණු මත කහ තලපයක් ආලේප කර ආශීර්වාද පවත්වයි. 

    එමෙන්ම විවාහ විධිමත් කිරීමට මනාලයා විසින් මනාලියගේ ගෙල වටා බැඳ සිටින නූල් කහ දියරයෙන් වර්ණ ගන්වා ඇති අතර, වර්තමානයේ පවා, සුබ අවස්ථාවන්හිදී (මංගල උත්සව ඇතුළුව) පැළඳ සිටින ඇඳුම්වල යම් කොනක කහ කුඩු තැවරීම සිදුවේ. එසේම, ඉන්දියානු කාන්තාවන් තමන් විසින් ම නිෂ්පාදනය කරන රූපලාවන්‍ය වට්ටෝරු සදහා කහ එක් කිරීමට සුලභව සිදුවේ. (විශේෂයෙන් මුහුණ පැහැපත් කිරීමට භාවිතා කරන)

    හින්දු ප්‍රජාවන් තුළ, කහ යනු මංගල උත්සව වැනි උත්සව අවස්ථාවන්හි සාරවත්බව සහ සමෘද්ධිය සලකුණු කිරීමක් ලෙස භාවිතා කරයි (ණය: ණය: ePhotocorp / Getty Images)

    හින්දු ප්‍රජාවන්හි කහ, මංගල උත්සව වැනි උත්සව අවස්ථාවන්හිදී සාරවත්බව සහ සමෘද්ධිය සලකුණු කිරීමක් ලෙස භාවිතා කරයි

    ගවේෂකයන් සහ ආක්‍රමණිකයන් (දකුණු ඇමරිකාවෙන් මිරිස් සහ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දුරු වැනි) මගින් වඩාත් සුලභ කුළුබඩු ඉන්දියාවට හදුන්වා දුන් නමුත් කහ ඉන්දියාවට ආවේණික බව රේෂි පැහැදිලි කළේය. 

    “කිසිම සැකයක් නැහැ එය අපේම දෙයක්. අප එය එතරම් හදවතින්ම වැලඳගෙන ඇති ආකාරය සහ එහි සුව ගුණාංග කෙරෙහි අප තුළ ඇති විශ්වාසය පැමිණ අත්තේ වසර දහස් ගණනක භාවිතය තුළිනුයි. එය අපේ ආහාර සමග මෙන්ම සංස්කෘතිය, ප්‍රතිකාර ක්‍රම වැනි හැම දෙයක් සමගම බැදී සිටිනවා”

    මීට වසර 10 කට පෙර මම කේරළයේ පිළිගත් ආයුර්වේද රෝහලක ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු හමුවී කහ ගැන සාකච්ඡා කළ විට වෛද්‍යවරයා කියා සිටියේ ‘ආයුර්වේදයේ සඳහන් වන්නේ කහ පැහැය දැවිල්ල අඩු කිරීමට සහ වේදනාව අඩු කිරීමට උපකාරී වන බවයි‘‍ෙ

    උකුළුක්කුවීම්වලදී වළලුකර මත කහ තලපයක් ආලේප කිරීමේ සිට සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීම සඳහා දුම් ගැසීම දක්වා ‘අත් බෙහෙතක්‘ ලෙස බොහෝ ඉන්දියානුවන් කහ භාවිතා කරන අතර එය ආයුර්වේදයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත.

    කහ ඉන්දියානු සංස්කෘතියේ වැදගත් ස්ථානයක් ගනී (ණය: ණය: චාරුකේසි රාමදුරායි)

    කහ ඉන්දියානු සංස්කෘතියේ වැදගත් ස්ථානයක් ගනී

    “සියලු දෝශ වලට ප්‍රතිකාර කිරීමට, වා, පිත්, සෙම් (vata, pitta and kapha) සමනය කිරීමට භාවිතා කරන එකම අමුද්‍රව්‍ය වන්නේ කහ” යැයි බැංගලෝරයේ හොලිස්ටික් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නිර්මාතෘ වෛද්‍ය අයිසැක් මතායි මහතා පැවසීය.

    ආයුර්වේදය සෑම මිනිස් සිරුරක්ම විශ්වාස කරන ශක්තීන් තුන ගැන සඳහන් කරයි. ප්‍රති-ගිනි අවුලුවන ප්‍රතිලාභ මෙන්ම කහ වල ප්‍රතිඔක්සිකාරක සහ විෂබීජ නාශක ගුණ ඇති බවට විශ්වාසයක් ඇතත්, මේ සියලු සුව කිරීමේ හැකියාවන් තවමත් විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කර නොමැත.  

    කහ එහි දීප්තිමත් කහ පැහැය මෙන්ම කර්කුමින් (curcumin) නම් රසායනික සංඝටකයෙන් එහි සෞඛ්‍යමය වාසි ලබා ගනී. 

    එක් සිද්ධාන්තයක් වන්නේ ඉන්දියානු ඉවුම් පිහුම් වලදී තෙල්වල බදින ලද ක්‍රමයෙන් කර්කුමින් වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. 

    “කර්කුමින් යනු මේද-ද්‍රාව්‍ය සංයෝගයක් වන අතර කහ මේද සමඟ සංයෝජනය කිරීමෙන් ජලයේ ද්‍රාව්‍ය ස්වරූපයෙන් ආහාරයට වඩා කර්කුමින් අවශෝෂණය වැඩි කරයි” යැයි පෝෂණ විශේෂඥ  නන්දිතා අයියර් පැවසීය. 

    එය සත්‍ය නම් එය මගේ කනට සංගීතය වනු ඇත. එහි අර්ථය වන්නේ කුළුබඩු සහිත හා තෙල් සහිත හල්ඩි කා ආචාර් (haldi ka achar) සමඟ ගැටෙන අතර කිසිදු වරදකින් තොරව හල්ඩි ඩූඩ් (haldi doodh) එපා යැයි මට පැවසිය හැකි වීමය.

    ඉන්දියානු හල්ඩි ඩූඩ් යනු කහ කුඩු සමඟ මිශ්‍ර කර සීනි සමඟ පැණි රස කළ කිරි ය (ණය: ණය: එඩලින් / ඇලමි)

    ඉන්දියානු හල්ඩි ඩූඩ් (haldi doodh) යනු කහ කුඩු සමඟ මිශ්‍ර කර සීනි සමඟ පැණි රස කළ කිරි ය

    මේ ලිපිය සම්පූර්ණයෙන් කියවා අවසන් වන විට මට (පරිවර්තක) දැනුණ අදහස වන්නේ ‘ලෝකයේ හොදම කහ (අප බොහෝ විට ‘ලෝකයේ හොදම‘ යන නාම විශේෂණය භාවිත කළත් කිසිදු ජාත්‍යන්තර මාධ්‍යක් එය භාවිතා කරනු මා දැක නැති අතර ලංකාවේ කුළුබඩු ගැන ජාත්‍යන්තර මට්ටමේ ලිපි සම්පාදනයක් ද සිදුවන්නේ ම නැති තරම්ය) නිපදවන අපේ රටේ කහ භාවිතයේ අති ‘අතිෂය සීමිත‘ තත්ත්වයයි. එය පරිප්පු හොද්ද වර්ණ ගැන්වීමට දාන කහකඩු ස්වල්පයක සිට මුළුතැන්ගෙයි ( ව්‍යාජංනවලට) පමණක් භාවිත වන අතර ඊට එහා ගිය නිෂ්පාදනයක් හෝ අගය එකතු කිරීමක් අප අතර නැත.

    මෙරට වගා කළ හැකි බව කියමින් ආනයනික බෝග 16ක වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් දියත් වන මේ මොහොතේ ප්‍රතිපත්ති සම්පාදකයින් සේම ප්‍රතිපත්ති සම්පාදකයින්ට මග පෙන්වීමට පර්යේෂණ සිදුකරන බව කියන පාර්ශ්ව ද (එවැන්නෝ සිටීනම්) මේ ගැන අවධානය යොමු කළ යුතුය.

    බී.බී.සී. හි 2020 ජූනි 24 වැනි දින පළ වූ වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?

    Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?

    රට ලිහිල් කිරීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැරීම් රටාව ගැන සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (24) සිය බලවත් කණස්සල්ල පළ කර තිබුණා.

    ජනපතිවරයාට පසු සටහන් තබමින් බොහෝ සමාජමාධ්‍ය පරිශීලකයින් පවසා තිබුණේ එය ‘ලංකාව වැනි රටකින් බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. මේ අතර දකුණු කොරියාව ද පසුගිය දා නිල වශයෙන් කොවිඞ්-19 දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවූ අතර මේ වන විට දකුණු කොරියාව කොවිඞ්-19 දෙවන රැල්ලට සූදානම් වෙමින් තිබෙනවා.

    මෙම ලිපිය මගින් ‘කොවිඞ් -19 දෙවන රැල්ලක් යනු කුමක් ද ඇතුළු වැදගත් පැහැදිලි කර ගැනීම් රැුසක් ලබාගත හැකි වෙනවා.

    සාපේක්ෂ වශයෙන් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වුවත් රට තුළ කොරෝනාවෛරස් දෙවන රැල්ලක් පවතින බව දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති. කෝවිඩ්-19 මර්දනය කිරීම අතින් දකුණු කොරියාව සාර්ථකත්වයක් අත්කර ගෙන තිබුන ද වසංගතය මාස ගණනක් පවතිනු ඇති බව මේ වන විට විශ්වාස කෙරෙයි.

    ඇතැම් රටවල් මහා පරිමාණයෙන් වසංගතයට මුහුණ දෙමින් සිටින අතරේ දකුණු කොරියාව වැනි වෛරසය පාලනය කළ රටවල් දෙවෙනි රැල්ලක් පිළිබඳ බියෙන් පසුවෙති.

    ශත වර්ෂයකට පෙර පැතිර ගිය ‘ස්පාඤ්ඤ උණෙහි’ දෙවන රැල්ල පළමු අදියරට වඩා භයානක විය.

    එසේ නම් කොරෝනාවෛරසයේ දෙවන රැල්ල අනිවාර්යයක් වනු ඇතිද? එය කෙතරම් භයානක වනු ඇතිද?

    පළමුව දෙවන රැල්ල යනු කුමක්ද?

    එය මුහුදේ රළ හා සමාන යයි සිතන්න. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් යළි පහළ යයි – එවැනි සෑම චක්‍රයක්ම එක් කොරෝනාවෛරස් “රැල්ලකි”.

    නමුත් ඒ සඳහා විධිමත් අර්ථකතනයක් නොමැත.

    “එය විශේෂිත විද්‍යාත්මක කාරණයක් නොවෙයි. රැල්ලක් අර්ථ දැක්වන ආකාරය අහඹු ස්වභාවයක් ගන්නවා,” යනුවෙන් වෝවික් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයික් ටිල්ඩෙල්සි බීබීසීය වෙත පැවසීය.

    Waves

    ඕනෑම ආකාරයක ඉහළ යාමක් දෙවන රැල්ලක් ලෙස ඇතැමෙක් විග්‍රහ කරති. නමුත් බොහෝ විට එය උස් පහත් වීම් සහිත පළමු රැල්ලකි. මෙය එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත තුළ සිදු වෙමින් පවතී.

    එක් රැල්ලක් අවසාන වී ඇතැයි කීමට නම් වෛරසය පාලනයකට යටත් කරනු ලැබ තිබීම සහ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබිය යුතුය.

    දෙවන රැල්ලක් ආරම්භ වීම සඳහා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට නොදී පවත්වා ගත යුතුය. නවසීලන්තයේ කොරෝනාවෛරසය නොමැතිව තිබී දින 24 කට පසු පළමු ආසදිතයා වාර්තා වීම සහ වෛරසය නොමැතිව දින 50 කට පසු බීජිං යළි පැතිර යාමකට මුහුණ දී සිටීම මෙම තත්ත්වයට අයත් නොවේ.

    නමුත් ඉරානය දෙවන රැල්ලකට අවශ්‍ය නිර්ණායක සපුරාලීම ආරම්භ කර ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ තර්ක කරති.

    දෙවන රැල්ලකට හේතු විය හැක්කේ කුමක්ද?

    අසීමාන්තික ලෙස ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම ඊට හේතු වේ.

    ලොක්ඩවුන් සීමා නිසා ලොව පුරා ජන ජීවිතයට විශාල වශයෙන් බාධා එල්ල වී තිබේ. රැකියා නොමැති වීම, ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වීම සහ ළමුන්ට පාසල් යාමට නොහැකි වීම ඊට ඇතුලත්ය. නමුත් එමගින් වෛරසය පාලනයකට යටත් කර ඇත.

    “අවසානයේ ඇති ප්‍රහේලිකාව වන්නේ දෛනික ජීවිතයට එල්ල වන බාධා අවම කර ගනිමින් පාලනයක් පවත්වා ගන්නේ කෙසේද යන්නයි,” යනුවෙන් ලන්ඩනයේ සෞඛ්‍යාරක්ෂාව සහ උෂ්ණ කලාප සම්බන්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය ඇඩම් කුචාස්කි පැවසීය.

    Shoppers
    එක්සත් රාජධානියේ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග සාප්පු සවාරියේ යෙදෙන ජනයා

    අපට කෙතරම් දුරක් යා හැකිදැයි යන්න පිළිබඳ කිසිවකුටත් 100% විශ්වාසයක් නොමැත.

    ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමේ පරීක්ෂණ හෝ මුහුණු ආවරණ පැළඳීම වැනි කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා අලුතින් ක්‍රමවේද හඳුන්වා දෙන අතරේ පියවරින් පියවර සීමා ලිහිල් කරමින් පවතින්නේ එබැවිනි.

    “එක්සත් රාජධානිය සහ අසල්වැසි රටවල වෛරසය පැතිර යාම පාලනය කළ හැකි තැනින් ඔබ්බට සීමා ලිහිල් කෙරුනොත් ඉතා ඉක්මනින් ඉහළ යාමක් සිදු විය හැකියි,” යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි පැවසීය.

    ඉහත කී තත්ත්වය ජර්මනිය තුළ මේ වන විටත් ආරම්භ වී තිබේ. එරට මස් ගබඩාවක වෛරසය පැතිර යාමත් සමග ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ආසාදිත පොකුරු ඉතා ඉක්මනින් හඳුනා ගත හැකි නම්, අලුතින් ලොක්ඩවුන් සීමා හඳුනා දෙන්නේ නම් සහ වෛරසය පැතිර යාම නවතා දැමීමට කටයුතු කර ඇත්නම් මෙය විශාල ගැටලුවක් නොවනු ඇත.

    එසේ නොමැති නම් දෙවන රැල්ලකට මග පෑදිය හැක.

    කොරෝනාවෛරසය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස ඇගයීමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු ආසාදිතයන් හේතුවෙන් ඇතැම් සීමා යළි පැනවීමට සිදු විය.

    දෙවන රැල්ල, පළමු රැල්ල තරම්ම විය හැකිද?

    එය එසේ වීමට නම් යම් තැනක බරපතල වරදක් සිදුව තිබිය යුතුය.

    වසංගතය ආරම්භයේදී සෑම ආසාදිතයෙකුගෙන්ම වෛරසය ශරීර ගත විය හැකි පුද්ගලයන් සංඛ්‍යාවේ සාමාන්‍යය 3 කි.

    වෛරසය වේගයෙන් පැතිර ගිය බව ඉන් පෙනී යයි. නමුත් මේ වන විට අපගේ හැසිරීම් රටාව වෙනස් වී තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන අතර ඉහත කී අගය (3) යළි එතරම් ඉහළ යා හැකි යයි සිතීම තරමක් අපහසුය.

    “කිසිදු රටක් සියලුම සීමා ඉවත් කර යළි පැවති සාමාන්‍ය තත්ත්වයට යන්නේ නැහැ,” යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි බීබීසීය වෙත පැවසීය.

    “බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වෛරසය පාලනය කිරීමක් නොමැති රටවල පවා එය පැතිර යාමේ සාමාන්‍ය අගය (3) දක්නට නැහැ.”

    ආසාදිතයන්ගේ යළි වර්ධනයක් සිදු වුවහොත් සාපේක්ෂව එහි වේගය අඩු වීමට ඉඩ ඇත.

    කෙසේ වුවත් සෛද්ධාන්තිකව දෙවන රැල්ල, පළමු රැල්ලට වඩා විශාල වීමට ද හැකියාවක් ඇත. තවමත් බොහෝ දෙනෙකු අනතුරුදායක මට්ටමක සිටීම ඊට හේතුවයි.

    “නමුත් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගියහොත් දෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා ලොක්ඩවුන් සීමා නැවත හඳුන්වා දිය හැකියි. ඒ විකල්පය සෑම විටම අප හමුවේ තිබෙනවා,” යනුවෙන් ආචාර්ය මයික් ටිල්ඩෙල්සි පැවසීය.

    (බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

  • සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’

    සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’

    සෝනම් කපූර් කියන්නේ ප‍්‍රකට ‘කපූර් පවුලෙන් ‘බොලිවුඩයට තිළිණ කළ සුරූපිනියක්. ඒ නිසාම සෝනම්ට බොලිවුඩයේ තිබෙන්නේ ඇයටම අනන්‍ය වූ ජනප‍්‍රියත්වයක්. ඒක පොදුවේ කපූර් පවුලට තිබෙන ජනප‍්‍රියත්වය ඉක්මවා ගිය එකක් බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

    ඒ වගේම තමයි සෝනම් කියන්නේ බොලිවුඩයේ හොදම විලාසිතාකාරියක්. විශේෂයෙන් කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් කතා කරන විට සෝනම් ඉදිරියෙන්ම සිටිනවා. අති සරල ප්ලාස්ටික් පටියේ සිට රන් කූර දක්වාත්, රිබන් පටිය දක්වාත් සෝනම් තම කොණ්ඩා මෝස්තර සදහා භාවිතා කරනවා.

    සෝනම්ගේ කොණ්ඩා මෝස්තර ගැන බොලිවුඩ් විචාරකයෙක් මෙසේ සදහන් කළා.

    ‘අවස්ථාව සමඟ ගැළපෙන පරිදි ඇය තම කොණ්ඩා මෝස්තරය නිර්මාණය කර ගන්නවා. ඒ වගේම ඇය බොහෝ ජනප‍්‍රිය කොණ්ඩා මෝස්තර තමාට අවශ්‍ය පරිදි යළි ප‍්‍රතිනිර්මාණය කර ගන්නවා. එමගින් වඩාත් ආකර්ෂණයක් සහ වටිනාකමක් ලබා ගන්නවා. ඇතැම් විට ඇයගේ කොණ්ඩා මෝස්තරය අවුල් ජාලයක් විය හැකියි. ඒත් එය කිසිසේත් ඇයගේ සුන්දරත්වයට හානියක් කරන්නේ නැහැ. ඇය කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් විශේෂඥවරියක්’

    දකින දකින සියලු දෙනා අගය කරන තම කොණ්ඩා මෝස්තර ගැන පසුගිය දා ෆ්ලිම් ෆෙයාර් සමග අදහස් දක්වමින් සෝනම් කියා සිටියේ එහි ගරුත්වය කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පීන්ට සහ තම සහෝදරයි රියා කපූර්ට හිමි වන බවයි.

    ඉතිං… අපේ සෝනම්ගේ කොණ්ඩා මෝස්තර ගැන මේ තරම් වර්ණනා කළේ ඇයි ? ඒ තමයි සෝනම්ගේ සුවිශේෂ කොණ්ඩා මෝස්තර 20ක්ම ඔබට හදුන්වා දීමට. බලන්න දවසට එක ගානේ… කොණ්ඩා මෝස්තරම 20ක්…

    සෝනම් කපූර්
    1 /20
    සෝනම් කපූර්
    2 /20
    සෝනම් කපූර්
    3 /20
    සෝනම් කපූර්
    4 /20
    සෝනම් කපූර්
    5 /20
    සෝනම් කපූර්
    6 /20
    සෝනම් කපූර්
    7 /20
    සෝනම් කපූර්
    8 /20
    සෝනම් කපූර්
    9 /20
    සෝනම් කපූර්
    10 /20
    සෝනම් කපූර්
    11 /20
    සෝනම් කපූර්
    12 /20
    සෝනම් කපූර්
    13 /20
    සෝනම් කපූර්
    14 /20
    සෝනම් කපූර්
    15 /20
    සෝනම් කපූර්
    16 /20
    සෝනම් කපූර්
    17 /20
    සෝනම් කපූර්
    18 /20
    සෝනම් කපූර්
    19 /20
    සෝනම් කපූර්
    20 /20

    Femina.india – Text by Thushadhavi

  • Covid-19 පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන

    Covid-19 පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කලේය.

    ඒ අනුව 2019 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් (වාසස්ථාන) අංශයේ හා ගමනාන්ත කළමනාකරන සමාගම්/ සංචාරක නියෝජිතයන්ගේ කාර්ය මණ්ඩල වලට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් මාස 06 ක් වැටුප ගෙවීමට 4% පොළියකට ණය මුදලක් ලබා දීමට පියවර ගැනෙනු ඇත. ETF /EPF වාර්තා මත පදනම්ව රජයේ බැංකු මගින් ලබා දෙන මෙම ණය මුදල ගෙවීමට වසර දෙකක සහන කාලයක් හිමිවේ. එය වසර 05 කින් ගෙවිය යුතුය.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන  යටතේ ලියාපදිංචි අවන්හල්, සංචාරක හිතකාමි ආහාර ගැනීමේ ස්ථාන සම්භාහන සහ සුවතා මධ්‍යස්ථාන වැනි ආයතන වල සේවය කරන එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 බැගින් මාස 06 ක් වැටුප් ගෙවීම සදහා ණය මුදලක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    මීට අමතරව සංචාරක සංවර්ධන අධිකාරීයේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් සදහා එක් පුද්ගලයෙකුට රුපියල් 20,000 ක මුදලක් ලබාදීමටත් ලියාපදිංචි සංචාරක රියදුරන් සදහා එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ක මුදලක් ලබාදීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම දීමනා  ලබා දෙන්නේ එක්වරක් පමණි. එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක වාසස්ථාන සදහා 2020 මාර්තු 01 සිට අගෝස්තු 31 දක්වා වූ සමුච්චිත විදුලි හා ජල බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 දින සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමටද අවස්ථාව ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එතෙක් ජල හා විදුලි සැපයුම විසන්ධි නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට හා ජල සම්පත් මණ්ඩලයට දැනුම් දීමටද මෙහිදී තීරණය වී තිබේ.

    සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියළුම කුලී බදු සදහා ලබා දී ඇති මාස 06 සහන කාලය මාස 12 ක් දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මේ යටතේ හෝටල් අවන්හල් සේවකයන් 131497 කට මාස 06 ක වැටුප් ගෙවීමට ණය මුදලක් ලබා දීමට රුපියල් මිලියන 15883 ක මුදලක් අවශ්‍ය බවයි. මාර්ගෝපදේශකයන් හා සංචාරක රියදුරන් 9216 ක් වෙනුවෙන් එක් වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 20,000 ක හා 15,000 ක දීමනාව ලබාදීම සදහා අවශ්‍ය මුදල රුපියල් මිලියන 156 ක් බවද ඇමතිවරයා කීවේය. පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන විවිධ ක්ෂේත්‍ර වල අය සමග පැවති සාකච්ඡාවකදි ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම සහන පැකේජය සකස් කල බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කීවේය.

  • මාවතගමට ආවේ ‘කාන්තාර පළඟැටියා’ ද? අපි දන්න කියන අපේ පළඟැටියෙක්ද ?

    මාවතගමට ආවේ ‘කාන්තාර පළඟැටියා’ ද? අපි දන්න කියන අපේ පළඟැටියෙක්ද ?

    අන්න අර කියපු සතා ඇවිල්ලාලු, මාවතගම පැත්තේ ඔක්කොම ගහකොළ කනවා කියලයි ආරංචි, මොකක්ද දෙපාර්තමේන්තුව පැත්තෙන් කරන්න යන්නේ – පසුගියදා මහත් හදිස්සියකින් මා හට එම දුරකථන පණිවිඩය ලබාදුන්නේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි.

    ඇසූ මොහොතේදීම පණිවිඩයේ දිග පළල හරියට තේරුම් නොගියත්, සිදුවී ඇති අලකලංචිය ඔහුගෙන්ම අසා දැනගන්නා තෙක් මම ඉවසිලිවන්ත වුනෙමි. කියපු සතා යනුවෙන් ඔහු හැඳින්වුයේ කාන්තාර පළඟැටියාය.

    සියලු සේවාවන්ගෙන් විශ්‍රාම ලබා සිටියත්, ලොවපුරා කෘමි සතුන්ගේ පර්යටනයන් ගැන විමසිලිමත් වෙමින් ‘අංජනම් බලන’ කීර්තිමත් කීට විද්‍යාඥ මහාචාර්ය ලයනල් නුගලියද්ද මහතා සැපයූ තොරතුරු ඇසුරෙන් “රටක් කාන්තාරයක් කල හැකි පළඟැටි සේනාවක්” නමින් lankaepress.com වෙත මා විසින් ලිපියක් ලියුවේ පසුගිය පෙබරවාරි 15 වෙනිදාය. http://lankaepress.com/2020/02/15/සේනා දළඹුවා මෙහි එන්නටත් පෙර, ඒගැන පළමු බුද්ධි තොරතුර මට ලබාදුන්නේද මේ මහාචාර්යවරයාමය. ටීවී සහෘදයාට කාන්තාර පළඟැටි පුවත අමතක වී නැති බවක් පෙනේ.

    සතා පැතිරිලා හිටියේ අක්කර තුනක පමණ වපසරියක පමණයි. පොල් ගස් දිගේ පවා පළඟැටියන් ඉහල නගින බව පෙනෙන්නට තිබුණා. ඊට අමතරව මේරූ පොල්කොළ පවා ඔවුන් ආහාරයට ගත්ත. එතන සිටි සතුන්ගෙන් වැඩි හරියක් ලාබාල සතුන්. හරියට පිහාටුවත් හැදිලා නෑ. ඒ නිසා පියාසර කරමින් ව්‍යාප්තියක් සිදුවෙන්නෙත් නෑ

    මේ වෙලාව තමයි මර්දනය කරන්න හොඳම අවධිය

    පෙබරවාරි මාසය වනවිට අප්‍රිකාවේ සිට සංක්‍රමණය වෙන කාන්තාර පළඟැටි හමුදාව සිටියේ උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය අවටය. අනතුරක් ඇති බව එදා ලියා තැබුවත්, ලාංකිකයින්ගේ පමණක් නොව ලෝකයේම අවධානය පසුගිය දිනවල යොමුව තිබුනේ වයිරසයක් වෙතටය. ගෙවල් අස්සට හිරවී, සාමාන්‍ය හෙම්බිරිස්සාවට පවා බයේ ගැහෙමින් පසුගිය කාලය ගෙවා දැමූ මිනිසුන්ට, කාන්තාරයේ සිට නොව පිට සක්වලෙන් ඇවිත් ගහකොළ කෑවත් ඇඟට දැනෙන බවක් නම් ඒ කාලයේ නොපෙනුණි.

    “කෘෂිකර්ම බලධාරීන්ගේ ආරාධනයෙන් මමත් ගියා පසුගිය සතියේ මාවතගම පළඟැටි උවදුර බලන්න. ඒ වෙනවිට සතා පැතිරිලා හිටියේ අක්කර තුනක පමණ වපසරියක පමණයි. පොල් ගස් දිගේ පවා පළඟැටියන් ඉහල නගින බව පෙනෙන්නට තිබුණා. ඊට අමතරව මේරූ පොල්කොළ පවා ඔවුන් ආහාරයට ගත්ත. එතන සිටි සතුන්ගෙන් වැඩි හරියක් ලාබාල සතුන්. හරියට පිහාටුවත් හැදිලා නෑ. ඒ නිසා පියාසර කරමින් ව්‍යාප්තියක් සිදුවෙන්නෙත් නෑ. මේ වෙලාව තමයි මර්දනය කරන්න හොඳම අවධිය – ආරංචියේ සත්‍ය අසත්‍ය බව විමසනු අටියෙන් සම්බන්ධකරගත් පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එසේ පවසන්නට යෙදුනි.

    පළඟැටියන් බිත්තර දමන්නේ පස තුළයි. ඉන් පිටතට බිහිවෙන්නේ ‘ශිශුවා’ නමින් හඳුන්වන, මවු සතාට බොහෝදුරට රූපාකාරයෙන් සමාන කුඩා සතෙකි. හතර පස් වතාවක් හැව අරින ශිශුවා ඒ සෑම අවස්ථාවකදීම දේහය විශාල කර ගනිමින් මවු සතාගේ රූපාකාරයට තව තවත් ළංවේ. මේ අනුව ගිය සතියේ මාවතගම සිටි ගහනයේ වැඩි දෙනා මෙවැනි ශිශුවන් බව මාරඹේ මහතා සඳහන් කර සිටී.

    සතුරෙකුට හසුවූ කල පළඟැටියන්ට ආවේනික ආකාරයට මොවුහුද රළු හඬක් නගති. එපමණක් නොව උරස ප්‍රදේශයෙන් අල්ලා ගතහොත්, අප්‍රසන්න ගඳකින් හා තිත්ත රසයකින් යුත් පෙන සහිත තරලයක් පිටකරන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි.

    ගින්නට හේතුව කහ තිත් පළඟැටියා

    සත්ව විද්‍යාත්මකව මේ පළඟැටියා අවුලාචෙස් මිලියාරිස් (Aularches miliaris) යන නමින් හඳුන්වත්දී අප පුරුදුවී සිටින්නේ ‘කහ තිත් පළඟැටියා‘ යන නමින් අමතන්නටය. ඇතැම් විට ‘කෝපි පළඟැටියා‘ (Coffee Locust) වශයෙන් නම්කරන අවස්ථාද තිබේ. තවත් ඇතැම් ජාත්‍යන්තර විස්තරවල ‘හොල්මන් තණකොළපෙත්තා’ ලෙස නම්කර ඇත්තේ ඇයිදැයි යන්නනම් අපැහැදිලිය.

    කෙසේ වෙතත් සතුරෙකුට හසුවූ කල පළඟැටියන්ට ආවේනික ආකාරයට මොවුහුද රළු හඬක් නගති. එපමණක් නොව උරස ප්‍රදේශයෙන් අල්ලා ගතහොත්, අප්‍රසන්න ගඳකින් හා තිත්ත රසයකින් යුත් පෙන සහිත තරලයක් පිටකරන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි.

    තවත් විස්තර ටිකක් දැනගන්නට මහාචාර්ය ලයනල් නුගලියද්ද මහතාව සම්බන්ධ කර ගතිමි.

    “කෘමිනාශක යොදමින් සතුන් සමූලඝාතනය කරන එක නෙවෙයි අපේ ක්‍රමවේදය හා නිර්දේශය. කහ තිත් පළඟැටියා මෙහෙ සතෙක්. පිටින් පැමිණි කෙනෙක් නෙවෙයි. ප්‍රදේශවාසීන් පැවසුවා පසුගිය වසරේදීත් මේ කාලේදී යම් තරමකට සත්තු හිටිය කියල. මේ සතුන් සාමාන්‍යයෙන් කැලේ ජීවත් වෙන අය. පරිසරයේ කිසියම් දේශගුණික වෙනසක් ඔවුන්ගේ ප්‍රජනනයට හිතකරව බලපෑම නිසා ගහනය වැඩිවෙන්න ඇති. ඒ නිසා ඔවුන් මිනිස් වාසස්ථාන අවට ප්‍රදේශ වලට ඇවිත් දකින දකින දේ කන්න පටන් ගත්ත. මම දුටුවා තේක්ක ගහක වහල පොත්ත පවා කනවා.”

    සත්තුන්ටත් සාධාරණ කොටසක් කන්න දීල, ඉතුරුවෙන දෙයක් සතුටින් බාරගන්න පුළුවන් තත්වයක නෙවෙයි ජනතාව ඉන්නේ. අනාගත ආහාර අවශ්‍යතාවය ඒ තරමටම වැදගත්. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් වුවත් රසායනික මර්දනයකට ගියේ

    මර්ධනය ස්වභාව ධර්මයට දෙන්න බැහැ

    මෙවැනි වසංගතයක් පැමිණිවිට ස්වභාව ධර්මයාගේ මර්දනයකින් තත්වය තුලිත වෙනතුරු කල්මරන්නට නොහැකි බවද හෙතෙම පවසා සිටී.

    “අද රටේ ලොකු වගා සංග්‍රාමයක් දියත්වෙනවා. හැමෝම උනන්දුවකින් අස්සක් මුල්ලක් නෑර බෝග වවනවා. මේ නිසා සුළු කෘමි හානියක් වුණත් ජනතාවට දැනෙන ප්‍රමාණය වැඩියි. සත්තුන්ටත් සාධාරණ කොටසක් කන්න දීල, ඉතුරුවෙන දෙයක් සතුටින් බාරගන්න පුළුවන් තත්වයක නෙවෙයි ජනතාව ඉන්නේ. අනාගත ආහාර අවශ්‍යතාවය ඒ තරමටම වැදගත්. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් වුවත් රසායනික මර්දනයකට ගියේ.”

    මහාචාර්ය නුගලියද්ද ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ බලඇණිය එදා සිටම උපදෙස් දෙන්නේ පලිබෝධකයින්ගේ ස්වභාවික සතුරන්, සාම්ප්‍රදායික මර්දන ක්‍රමවේදයන්, දේශීය ශාකසාරයෙන් නිපදවන පරිසර හිතකාමී පළිබෝධනාශක වැනි මෙකී නොකී සියල්ල හවුල් කරගනිමින් සටන දියත් කරන්නටය. ‘ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය‘ යනුවෙන් ඔවුන් ගොවීනට හඳුන්වාදෙන්නේ එයයි. කෙසේ වුවත් පවතින තත්වය හමුවේ වෙනත් විකල්පයක් ඔවුන් සතුව නැති බවද පැහැදිලිය. අවම බලය පාවිච්චි කරන්නා සේ පළඟැටි මර්දනය සඳහා කෘමිනාශක ලෙස ඔවුන් යොදාගෙන ඇත්තේද ක්ෂීරපායී සතුන්ට විෂ නොවන පයිරත්‍රොයිඩ් කාණ්ඩයට අයත්, ඉතා සැහැල්ලු පළිබෝධනාශකයන්ය.

    පොල් පර්යේෂණායතනයේ කතාව

    පොල් පර්යේෂණායතනයේ අදහසට අනුවනම් මොහු ඔවුනට හොඳට හුරුපුරුදු සත්වයෙකි. ඒ නිසා පොල්ගස්වල වෙසෙන මෙම සතුන් මර්දනය කිරීමට විශේෂ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බව ඔවුන් පවසන්නේ ඒ හරහා ආර්ථික හානියක් සිදුවන්නේ නැති නිසාය.

    කෙසේ වෙතත් ශාක ආරක්‍ෂණ පනත ක්‍රියාත්මක කරනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිසා හානිකර පලිබෝධ ආක්‍රමණයක් දුටු තැන ශාකය කුමක්දැයි යන්න ඔවුනට අදාළ නොවේ. මේ තත්වය වඩාත් බරපතල වන්නේ පොල්ගස්වල නිදහසේ රැකවරණය ලබමින් සිට ඊට යාබද ගෙවතු වැනසීමට පළඟැටියා අකාරුණිකවන විටදීය.

    මේ වන විට පොල් පර්යේෂනායතනයත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් යන දෙපාර්ශවයම වගා ආරක්ෂණය යන පොදු අරමුණ වෙනුවෙන් එකඟතාවයෙන් හා සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට තීරණය කර තිබීම නිසා පළඟැටියාට පොල්ගස් මත සිටිනාතෙක් නිදහසේ ජීවත්වෙන්නටත්, ගෙවතු වගාවන් වෙත පැමිණ දඟකළහොත් දඬුවම් විඳින්නටත් සිදුවෙන බවනම් පැහැදිලිය. මාවතගම ප්‍රදේශයේ තිබුණු පළඟැටි ආක්‍රමණය දැන් මුළුමනින්ම පාලනය කර තිබේ.    

    පරිසරයට නුහුරු නුපුරුදු පළඟැටි හමුදාවක් පැමිණ සිටිනා බව දුටු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවය (0812388316) හෝ ගොවි සරණ සේවාව (1920) අමතා දන්වන ලෙස කෘෂි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කාන්තාර පළගැටියාගේ අවධානම තව දුරටත් !   

    කාන්තාර පළඟැටියාගේ ආගමය ගැන වූ අවදානම පහවී නැති බවද සිහි තබාගත යුතුවේ. දැනටත් ඔවුන් ඉන්දියාවේ වගා බිම් වනසමින් සිටී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් කාන්තාර පළඟැටි ආක්‍රමණයක් පැමිණියහොත් ක්‍රියාත්මක වීම සඳහා කාර්යසාධක බලකායක් පවා පත්කර තිබෙන බවටත් දැනගන්නට තිබේ.

    අභියෝග ජයගැනීමට ඇති සහජ හැකියාව කොවිඩ් යුද්ධය හරහා මේ වනවිටත් අප විසින් ලොවටම පෙන්වාදෙමින් සිටිනා තත්වයක් යටතේ, ඉදිරි අවශ්‍යතාවය වන්නේ විමසිල්ලෙන් සිටීම පමණි. පරිසරයට නුහුරු නුපුරුදු පළඟැටි හමුදාවක් පැමිණ සිටිනා බව දුටු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවය (081- 2388316) හෝ ගොවි සරණ සේවාව (1920) අමතා දන්වන ලෙස කෘෂි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කාන්තාරයේ සිට ආවාදැයි සැකයෙන් ගමේ කෙනා ගැනත් ‘පොලීසියට’ දන්වා පෙරහුරුවක්ද ලබා ඇති හෙයින් වැඩ කටයුතු දැන් ඉතින් තවත් පහසුවෙනු ඇත. අප විශ්වාස කරන්නේ ඉන්දීය මහාද්වීපය හරහා සතුන් පැමිණිය යුතු නිසා වඩාත් අවකාශ ඇත්තේ ඊසාන දිග මෝසම් සුළං ධාරා සමග මෙහි එන්නටය. එම සුළං සක්‍රිය වන්නේද ඔක්තෝබරයෙන් පසුවය.

    ලොව කළඹන සුළං ධාරා ගැන සිතන විටදී අපගේ දිවයින කුඩා ගොඩබිමක් පමණක් වන බැවින්, ඊට පෙර කාලය වුවද අවදානම් නොවන්නේයැයි සිතිය යුතු නැත. කෙසේ වෙතත් කාන්තාර සේනාව පැමිණෙන්නේ ලක්‍ෂ කෝටි ගණනින් නිසා, ගෙවත්තේ මල් පඳුරු අතර ඔබමොබ සැරිසරමින් මුකුළු කරන තණකොළ පෙත්තන් ජෝඩුවක් දෙකක් දුටුවිට, උන්ගේ නිදහසට නම් බාධාවක් නොකරන්නේ නම් මැනවි.

  • කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

    කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

    Ibuprofen නමැති ඖෂධය කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අත්හදා බැලීම් සිදුකිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති.

    ලන්ඩන් නුවර Guy’s, St Thomas’ රෝහල සහ King’s College යන විද්‍යායතනවල කණ්ඩායමක් විශ්වාස කරන්නේ, වේදනා නාශකයක් ලෙස භාවිත කරන අදාළ ඖෂධය ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකි බවටය.

    මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර කළ හැකි වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවය.

    මෙහිදී අත්හදා බැලීම සඳහා රෝගීන්ගෙන් අඩකට සාමාන්‍ය ප්‍රතිකාරවලට අමතරව ibuprofen ඖෂධය ලබා දෙනු ඇත.

    මෙම අත්හදා බැලීමේදී සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති ibuprofen වෙනුවට විශේෂ මාත්‍රාවක් භාවිත කිරීමට නියමිතය. ඇතැම් පුද්ගලයෝ මේ වන විටත් ආර්තරයිටිස් වැනි රෝග වෙනුවෙන් මෙම ලිපිඩ අඩංගු ඖෂධය භාවිත කරති.

    මේ වන විට සත්ත්වයින් ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යයනයන් අනුව ශ්වසන අපහසුතාවන්ට මෙම ඖෂධය ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට යෝජනා වී තිබේ. ශ්වසන අපහසුතා යනු බරපතළ කොරෝනාවෛරස් රෝගී තත්ත්වයකදී ඇති වන තත්ත්වයකි.

    මෙම අත්හදා බැලීම සිදු කරන King’s College විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිතුල් මේතා පැවසුවේ, “ඉහත ලැබී ඇති සාක්ෂි සත්‍ය වශයෙන් ම අපේක්ෂිත මට්ටමට ගැලපෙන්නේ ද යන්න සොයා බැලීමට අපට අවශ්‍යයි,” යනුවෙනි.

    කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී ඇතැමුන් පැවසුවේ, විශේෂයෙන්ම සුලු රෝග ලක්ෂණ සහිත රෝගීන්ට ibuprofen යහපත් නොවිය හැකි බවය.

    මෙම අදහස වඩාත් ඉස්මතු වූයේ, ibuprofen වැනි වේදනා නාශක භාවිතයෙන් ආසාදිත තත්ත්වය උග්‍ර විය හැකි බවට ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවර් වෙරන් ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඔහු උපදෙස් දුන්නේ, ibuprofen වෙනුවට පැරසිටමෝල් භාවිත කරන ලෙසය.

    කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ මානව වෛද්‍ය කොමිසම සිදුකළ අධ්‍යයනයකින් එම අදහස ප්‍රතික්ෂේප කෙරුණු අතර, එම කොමිසම පැවසුවේ, ibuprofen සහ පැරසිටමෝල් යන දෙවර්ගය ම ශරීර උෂ්ණත්වය පහළ දැමීමට සමත් වන බවය.

    බ්‍රිතාන්‍යයේ NHS ජාතික සෞඛ්‍ය සේවාව නිර්දේශ කරනුයේ, ibuprofen ඖෂධයට සාපේක්ෂව පැරසිටමෝල් ඖෂධයේ අතුරු ආබාධ අඩු හෙයින් පළමුවෙන් පැරසිටමෝල් භාවිතය සුදුසු බවය. උදාහරණයක් ලෙස උදරයේ තුවාළ සහිත පුද්ගලයින් ibuprofen භාවිත නොකළ යුතු බව ද එම නිර්දේශ අතර වේ.

    TEXT BY BBC SANDESAYA

  • ලොවම කම්පා කළ ‘අරන්තලාව මහා භික්ෂු සහාරය සිදු වුණේ අද වැනි දිනක

    ලොවම කම්පා කළ ‘අරන්තලාව මහා භික්ෂු සහාරය සිදු වුණේ අද වැනි දිනක

    1987 ජුනි 2 දා සිදු කළ අරන්තලාව මහා භික්ෂු සහාරය සිදුකර අදට වසර 33යි. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

    එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදි සංවිධානයක ආරම්භක පියවර ලෙස තවත් තරුණයන් සමග ප්‍රභාකරන්  එල්.ටි.ටි.ඊ සංවිධානය ලෙස මිලේච්ඡ ක්‍රියාවන් ආරම්භ කරන ලදි. එහිදී මුලින්ම යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තැබීය. එවා මහජන දේපලය. පසුව 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේඅප්පා ඝාතනය කිරිමෙන් මිනිස් ජිවිත විනාශ කිරීම ආරම්භ විය.

    දෙමළ ජනතාවගේ විමුක්ති දායකයන් වන ඔවුන් පළමුව සිදු කලේ තමන්ගේ ජාතියේම දෙමළ දේශපාලඥයෙක් ඝාතනය කිරීමය. පසුව 1976 මැයි මස 05 දින දෙමළ සංවිධාන කිහිපයක් හා එක්ව වඩුක්කුඩේ ප්‍රදේශයේ සමුළුවක් පැවැත්විය. එහිදී 40-50 කණ්ඩායමක් වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත් වූ එම සමුළුව හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශය ප්‍රකාශයට පත්කරයි. එම වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහි වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.

    ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු, නැගෙනහිර ප‍්‍රදේශය නම් කෙරෙණි. මෙම ප‍්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ‍්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී. එම අරමුණු සාර්ථක කර ගැනීමට ලාංකීය දෙමළ ජනතාව සියවස් ගණනකට ආපස්සට ඇදගෙන ගියේය.

    ඊට හත්පසින්ම වෙනස් අකාරයෙන් ලාංකීය මුස්ලීම් ජනතාව වර්ධනය වු අතර ඔවුන් හැම විටම ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරව එක්ව ගොස් මුස්ලිම් ජනතාවට සේවාවන් සිදු කරගැනීමට කටයුතු කලහ. එම නිසා මුස්ලීම් ජනතාවගේ ආර්ථිකය වර්ධනය කර ගැනීම මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන දේශපාලකයන් හරහා සිදු විය. එහිදි රටක ආර්ථික මරමස්ථානයක් ලෙස අමාත්‍යංශ හරහා ව්‍යාපර සම්බන්ධ කර ගැනීමට, ඒ සදහා උදව් උපකාර ගැනීමටද, එම ජනාතවට හැකි විය. මෙහි එක් පැත්තකින් වරදක් නැත. තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කිරිම ඒ වෙනුවෙන් වෙහෙස විම ඒ ඒ ජනතාවගේ උන්නතියට හේතු වන්නේය.

    එහෙත් දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් මේසේ වර්ධනය කරනවා වෙනුවට ලංකාවේ ආර්ථික මරමස්ථානවල හා වෙනත් දේශපාලකයින්, බුද්ධිමතුන්, අහිංසක ජනතා ඝාතන සැළසුම් දිගින් දිගටම ක්‍රියාවට නංවන ලදි.

    ඒ අතර එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින්ගේ බිහිසුණු ක්‍රියා කිහිපයක් සිහිපත් කරගැනීමේ දි, 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, හැව්ලොක් මංසංදියේ බෝම්බ ප්‍රහාරය, 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූල ඝාතනය, 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය, 1996 දෙහිවල දුම්රිය පොළ බෝම්බ ප්‍රහාරය, 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බෝම්බ ප්‍රහාරය, 1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය, අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, 2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, 2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය, 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය, 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය, කැබිතිගොල්ලෑව සමූල ඝාතනය, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, ශ්‍රී මහා බෝධි වහන්සේ ඉදිරිපට උවැසි උවැසියයන්  ඝාතනය, පල්ලියගොඩැල්ල සමූල ඝාතනය, ගෝනගල සමූල ඝාතනය, ගෝමරන්කඩවල සමූල ඝාතනය, මහවිලච්චිය සමූලඝාතනය, මහගොඩයාය සමූලඝාතනය, කෙන්ට් සහ ඩොලර්ෆාම් සමූල ඝාතන, කල්ලරාව සමූල ඝාතනය, කෝකිලායී සමූල ඝාතනය, 2001 ජුලි කටුනායක ගුවන් තොටුපල ප්‍රහාරය, කොලොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය, ආදී මෙකී නොකි ප්‍රහාර රාශියකට වගකිම ප්‍රභාකරන් විසින් භාරගත යුතු විය.

    1985 වර්ෂයේදී මැයි 14 වන දින අනුරාධපුර පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉදිරිපිට දි  අහිංසක ජනතාව සමූල ඝාතනය කිරිමත්, මහනුවර දළදා මාලිගාවට පහර දීමත්, සිංහල බෞද්ධ හදවත් සංවේදි කරන ප්‍රහාර ලෙසද, අරන්තලාවේ භික්ෂුන් වහන්සෙලා ඝාතනයද, ඒ හා සමානව ලෙස සැළකිය හැකිය.

    මෙය ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අතිශයින්ම දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී සිදු කරන ලද පළමු දැවැන්ත මිනිස් ඝාතනයක් ලෙස ලෙස සැළකිය හැකිය. 1994 දි පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට මහ රැකවරණයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ට වෙඩි තබා  මෙම එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් විසින්  ඝාතනය කරන ලදි.  දිඹුලාගල නාහිමියන්ද ත්‍රස්වාදයට මුහුණලා සිටි ගම්මානවල ජනතාව අරක්ෂා කළ හිමි නමකි. එබැවින් උන්වහන්සෙට ද මෙම ත්‍රස්වාදයේ ගොදුරක් බවට පත්වන්නට සිදු විය.

    වසර 33ක් සපිරෙන 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකල තවත් මිලෙච්ජ එල්. ටි. ටි. ඊ. සංවිධානයේ සමූල ඝාතනයකි. උතුර නැගෙනහිර දෙදිශාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 31 නමක්‌ ද ගිහියන් තිදෙනෙකු ඇතුළු 34 දෙනකු සමූල ඝාතනය විය.

    මෙම භික්ෂුන් වහන්සේලා අතර අතිශයින් බහුතරයක් කුඩා ස්වාමින් වහන්සේලාය. මෙම කුරිරු ඝාතනය සිවිල් යුධ සමයේ කොටි සංවිධානය විසින් සිදු කළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකිය යුතුය. මෙම ස්වාමින් වහන්සේලා සියලු දෙනම කැති පොලුවලින් පහර දී ඝාතනය කරන ලද අතර එය අහිංසක සතුන් ඝාතනය කරනවා වැනි මිලෙච්ඡත්වයේ උපරිමය ලෙස දැක්විය හැකිය.

    2009 මැයි 19 දින කොටි ත්‍රස්තවාදය අවසන් වන තුරු ලංකා දෙරණ තුළ මිනිස් ඝාතන දේපොල විනාශය මෙපණයි යැයි කිව නොහැකිය. ත්‍රස්වාදය සම්බන්ධව ලංකාවේ අපට විශාල අත්දැකිම් ඇති  රටකි. 30 වසර යුද්ධය අවසන් කර වසර 11 කි. එසේම ලෝකයයේ දරුණුම ත්‍රස්තවාදය නැතිකල අභිමානවත් රටක් ලෙස අපට ගෞරවයක් හිමිවන බැවින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දැරීම ඕනෑම ත්‍රස්තවාදයක් වර්ධනය වීමට හේතුවෙයි. අප රට තුළ පහළ වු පාලකයන් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්ති ගෙන ක්‍රියා කිරිම නිසා අවුරුදු 30 ආසන්න කාලයක් යුද්ධයක් ඇදගෙන යන්නට සිදුවිය.

    ලංකා රාජ්‍ය විසින් ත්‍රස්තවාදය දැන් අවසන් කර ඇත. එම ත්‍රස්වාදයක් තුළ මානව හිමිකම් අනිවාරයෙන්ම සමස්ථ සමාජයටම අහිමි වෙයි. එය එක් ජාතියකට පමණක් සිදුවන කාරණයක් නොවන්නකි. දැන් ලෝක ප්‍රජාව විසින් ලංකා රාජ්‍ය විසින් සිදු කරන ලද ත්‍රස්තවාදය අවසන් කිරිම සම්බන්ධයෙන් අධ්‍යන කොට දැනට ත්‍රස්තවාදය ඇති රටවලට ලංකාවේ ආදර්ශය ලබා ගැනීමට කටයුතු කිරිමට සැලැස්වීම ඉතා වැදගත්ය. ලෝක ත්‍රස්වාදය නැති කර ගැනීමට ද මේ පුංචි දේශයේ ආදර්ශය ගත හැකි බව ලෝක ප්‍රජාව දැන ගත යුතුය.

    අරන්තලාව භික්ෂු ඝාතනය  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකළ සමූල ඝාතනයකි. මෙම කුරිරු ඝාතනය කොටි සංවිධානය විසින් සිදු කළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැළකිය යුතුය. අප සැමවිට සිහිපත් කළ යුතු කරුණක් ලෙස, කොටි ත්‍රස්තවාදයේ බිහිසුණු ක්‍රියා සම්බන්ධයෙන් නූතන පරපුර දැනුවත් කළ යුතුය. සිංහල සමාජයට මෙවැනි සිදුවීම් ඉතා කෙටි කාලයකින් අමතක වන බව ප්‍රසිද්ධ කතාවකි. එසේ අද ජිවත් වන තරුණ පරපුර ත්‍රස්තවාදයේ බිහිසුණු බව වටහ දිය යුතු කාලයකි.

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් ඉතා කෲර ආකාරයෙන් ඝාතනය කරන ලද පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ගේ කුඩා ස්වාමින් වහන්සේලා අප සැමදා සැම කල් සිහිපත් කළ යුතුය.එදා අරන්තලාව භික්‌ෂු ඝාතනය සිදු කළ ස්‌ථානයේම එම බස්‌ රිය තුළ ඉදි කරන ලද භික්‌ෂු ප්‍රතිමාව ආදි සිහිවටන ඉදිකර තිබිම ඉතා අගය කල යුතුය. කුමක් හෙයින් ද මෙම සිදු විම් අප සමාජයෙන් ක්‍රමයෙන් අමතක වී ගෙන යන බැවිණි. මෑත ලෝක ඉතිහාසයේ දරුණුතම භික්ෂු සංහාරය වන 1987 අරන්තලා භික්ෂු ඝාතනය සැළකිය හැකිය. එම සිදු වීමෙන් ජීවිතය බේරාගෙන සුවකළ නොහැකි ලෙස ආබාධිත වූ එකම ස්වාමීන් වහන්සේ පූජ්‍ය ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් පමණි.

    මෙවැනි අතීතයක් ඇති ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් අප ගත් ක්‍රියාමාර්ග හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අද ලෝකයාට ද බටහිර රටවල්වලට ද  නොමැත. එල්.ටි.ටි.ඊ  ත්‍රස්තවාදය සංවිධානය  සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය මගින් ගත් ක්‍රියා මාර්ගය අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇති බව ලෝකයට අවබෝධ වේවායි පතමු. අද වන විට ඉස්ලාම් ආගම සමග බැදුණු ත්‍රස්තවාදයක් ලෝකය ගිල ගනිමින් ඇත. හිරු නොබසින අධිරාජ්‍යයේ මෙසේ අහිංසක ජනතා එල්ල කරගෙන බෝම්බ පිරිම පුදුම සහගතය. නුතන යුගයේ විද්‍යා තාක්ෂණය උපරිමයෙන් භාවිතා වන සමාජයක ආගමික උම්මාදයක් ඇති වීම විද්‍යා තාක්ෂණයට කරන අභියෝගයකි.

    පුජ්‍ය හැගොඩ ඉන්දසාර නාහිමියන් හා මාගේ ගුරුවරයානන් වහන්සේ අතර කිට්ටු මිත්‍රසම්බන්ධයක් තිබිණි. අප පැවිදි වුයේ 1986 දිය. හෑගොඩ නාහිමියන්ගේ විහාරස්ථානයක් කොල්ලුපිටිය තිබිණි. අප ද රාජගිරියේ වාසය කළ බැවින් මෙම කොල්ලුපිටිය පුෂ්පාරාම පන්සලේ සිදුවන දාන පාංශු කූල සදහා අපට ද ආරාධනා ලැබිණි. මෙම ඝාතනය වු කුඩා හිමිවරුන් සමග එකට දානවලට වැඩම කිරිමට හැකි විය. එම හිමිවරුන් මෙසේ ඝාතන විම එදා අපට මහත් සංවේගයට හේතු විය. එදා සිට අප ත්‍රස්තවාදය වෙනුවෙන් මට කළ හැකි හැමදෙයක්ම සිදු කිරීමට එයද එක් හේතු විය.

    ශාස්ත්‍රවේදි : බුදුගල ජිනවංස හිමි – හෙළ බොදු සවිය- සභාපති

  • ‘මී උණ’ ගැන නිවැරදිව දැනුවත් වී දිවි රැක ගනිමු

    ‘මී උණ’ ගැන නිවැරදිව දැනුවත් වී දිවි රැක ගනිමු

    මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා. මෙම ලිපිය මී උණ රෝගය සහ එයින් වැළකෙන ආකාරය පිළිබදවයි.

    කෘෂිකාර්මික, විශේෂයෙන් වී ගොවිතැනේ නිරත ගොවීන් සුලභව මුහුණ දෙන මෙම රෝගය ‘මාරාන්තික’ රෝගයක් බවයි වාර්තා වන්නේ. මේ ‘මී උණ’ සහ එයින් වැළකෙන ආකාරය ගැන සරල පැහැදිලි කිරීමක්.

    ‘මී උණ’ මුල් රෝග විනිශ්චය සහ සුදුසු ප්‍රතිකාර නොමැති වුවහොත් රෝගියා අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට හේතු විය හැකියි. මී උණට අමතරව මීයන් සමඟ සම්බන්ධ වීමෙන් තවත් රෝගාබාධ කිහිපයක් ඇතිවිය හැකි බවයි වෛද්‍යවරු කියන්නේ.

    මී උණේ හි මුල් රෝග ලක්ෂණ වෙනත් රෝගාබාධවල රෝග ලක්ෂණවලට සමාන විය හැකියි.

    රෝග ලක්ෂණ

    • උණ
    • වමනය
    • හිසරදය
    • මාංශ පේශි වේදනාව
    • සන්ධි වේදනාව හෝ ඉදිමීම (පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 5 දෙනෙකු පමණ මෙය ඇත)
    • දද

    රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් බැක්ටීරියා සමඟ සම්බන්ධ වීමෙන් දින 3 සිට 10 දක්වා ආරම්භ වන නමුත් සති 3 ක් තරම් ප්‍රමාද විය හැකිය. මෙම කාලය වන විට, ආසාදනයට හේතු වූ ඕනෑම මීයන් හෝ සීරීම් තුවාලයක් සාමාන්‍යයෙන් සුව වී ඇත.

    උණ ආරම්භ වී දින 2 සිට 4 දක්වා කාලය තුළ අත් සහ පාදවල කැක්කුමක් ඇතිවිය හැකිය. මෙම කැසීම කුඩා ගැටිති සහිත පැතලි, රතු පැහැ ප්‍රදේශ ලෙස පෙනේ. සන්ධි එකක් හෝ කිහිපයක් ඉදිමී, රතු හෝ වේදනාකාරී විය හැකිය.

    හැවර්හිල් උණ (දූෂිත ආහාර හෝ ජලය පානය කිරීමෙන් පසු ඇතිවිය හැකි ආසාදන වර්ගය) Haverhill Fever සමඟ ඇති වන රෝග ලක්ෂණ ස්ට්‍රෙප්ටොබැසිලරි මී උණ හා සමාන වන නමුත් වඩාත් දරුණු වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකිය.

    ස්ට්‍රෙප්ටොබැසිලරි streptobacillary මී උණ හි සංකූලතා

    • උදරයේ මෙන් ශරීරයේ ඇතුළත උදරය
    • අක්මාව සහ වකුගඩු ආසාදන
    • පෙනහළු (නියුමෝනියාව) සම්බන්ධ ආසාදන
    • මොළය හා ස්නායු පද්ධතිය සම්බන්ධ ආසාදන)
    • හෘදයට සම්බන්ධ ආසාදන

    ස්ට්‍රෙප්ටොබැසිලරි මී උණ ආසාදනය ඇති පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මිය යයි.

    ස්පිරිලරි Symptoms  මී උණ හි (සොඩොකු) හි රෝග ලක්ෂණ

    • උණ (එය නැවත නැවතත් පැමිණිය හැකිය)
    • තුවාලයේ ඉදිමීම හෝ තුවාලයක් ඇතිවීම (තිබේ නම්)
    • ඉදිමුණු වසා ගැටිති (වසා ගැටිති පෙරීම කරන කුඩා ග්‍රන්ථි, වසා පද්ධතිය හරහා සංසරණය වන පැහැදිලි තරලය සහ ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ)
    • රාෂ් (සොඩොකු ඇති පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 5 දෙනෙකු පමණ මෙය ඇත)
    • ශරීරය පුරා හෝ දෂ්ට කළ තුවාලයේ ප්‍රදේශයට ආසන්නයේ පමණක් දක්නට ලැබේ (තිබේ නම්)

    මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සිදුවන්නේ බැක්ටීරියා රැගෙන යන සතෙකුට නිරාවරණය වීමෙන් දින 7-21 කට පසුවය.

    මී උණ පැතිරෙන්නේ කෙසේද ?

    මිනිසුන් හට මී උණ වැළදිය හැකි ආකාර කිහිපයක් තිබේ :

    • බැක්ටීරියා රැගෙන යන මීයන් සපා කෑම හෝ සීරීම් හරහා. ඇස්, නාසය හෝ මුඛය වැනි තුවාලයක්, විවෘත සමක් හෝ ශ්ලේෂ්මල පටලයකින් බැක්ටීරියාවට කෙලින්ම ශරීරයට ඇතුළු විය හැකිය.
    • බැක්ටීරියා රැගෙන යන මීයන්ගේ මුත‍්‍රා මගින්.
    • බැක්ටීරියා සමඟ සම්බන්ධ වීමෙන්. කප්පාදුව හෝ සීරීම් හෝ ඇස්, නාසය හෝ මුඛය වැනි ශ්ලේෂ්මල පටල වැනි විවෘත සම හරහා බැක්ටීරියා ශරීරයට ඇතුළු විය හැකිය.
    • බැක්ටීරියා රැගෙන යන මීයන්ගෙන් කේඨය (කෙළ) මුත‍්‍රා වලින් දූෂිත ආහාර හෝ බීම පරිභෝජනය කිරීම

    මී උණ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙන්නේ නැත .

    මී උණ බරපතල හෝ මාරාන්තික රෝගයක් විය හැකිය. 

    ඔබට  මී උණ හි යම් සලකුණු හෝ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න .

    මී උණ අමතරව මීයන් වෙනත් රෝග මිනිසුන්ට බෝ කළ හැකිය.

    මී උණ සඳහා ඉහළ අවදානම් සහිත පුද්ගලයින්

    මී උණ ඇති කරන බැක්ටීරියා සමඟ සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට රෝගය වැළඳීමේ අවදානමක් ඇත. මුල් රෝග විනිශ්චය සහ සුදුසු ප්‍රතිකාර නොමැතිව මී උණ දරුණු රෝග හා මරණයට හේතු විය හැකි බව මතක තබා ගන්න. මී උණ ආසාදනය සඳහා වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට ඇතුළත් වන්නේ:

    • තම නිවසේ සුරතල් මීයන් හෝ වෙනත් මීයන් ඇති අය
    • සජීවී හෝ ශීත කළ පෝෂක මීයන් හෝ වෙනත් මීයන් තම නිවසේ සිටින පුද්ගලයින්
    • මීයා හෝ වෙනත් මීයන් විසින් සපා කෑ හෝ සීරීමට ලක්වූ පුද්ගලයින්
    • සත්ව පර්යේෂණාගාරවල හෝ සුරතල් ගබඩාවල වැනි මීයන් හෝ වෙනත් මීයන් සමඟ වැඩ කරන අය
    • මීයන් බෝවන ප්‍රදේශවල ජීවත් වන හෝ කාලය ගත කරන අය
    • මීයන් සමඟ සම්බන්ධතා ඇති දරුවන්
      • අවුරුදු 5 හෝ ඊට අඩු ළමයින්ට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසා මී උණ ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇත. මීට අමතරව, ඔවුන් කොපමණ වාරයක් අත් සේදිය යුතුද යන්න සහ නිසි ලෙස එය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඇති ඉඩකඩ අඩුය. ළදරුවන්ට සහ කුඩා දරුවන්ට අපිරිසිදු ඇඟිලි කටේ තබා හෝ පොදු ගෘහස්ථ වස්තූන් දූෂණය කළ හැකිය.
    • වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් හෝ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය ආසාදනවලට එරෙහිව සටන් කිරීමට අපහසු අය (නිදසුනක් වශයෙන්, පිළිකා, එච්.අයි.වී / ඒඩ්ස්, අවයව තැන්පත් කිරීම් හෝ ස්ටෙරොයිඩ් වැනි ඇතැම් ඖෂධ ගන්නා අය).

    ඔබට මී උණ හි කිසියම් රෝග ලක්ෂණයක් ඇත්නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී රෝග ලක්ෂණ පවසා ප‍්‍රතිකාර ලබා ගන්න.

    සැකසුම – තුෂාර වල්ගම

    අන්තර්ගත මූලාශ‍්‍ර: රෝග පාලන හා නිවාරණ සඳහා මධ්‍යස්ථානය