Category: සුපිරි Cinema

  • ” ඒ ආදරේ රැවටීමක් , ජීවිතේම අඩත්තේට්‌ටම් ” –  හිටපු බිරිඳ නිල්මිණි මධුමාදව ගේ රෙදි ගලවයි..!

    ” ඒ ආදරේ රැවටීමක් , ජීවිතේම අඩත්තේට්‌ටම් ” – හිටපු බිරිඳ නිල්මිණි මධුමාදව ගේ රෙදි ගලවයි..!

    ජනප්‍රිය රංගන ශිල්පිණි නිල්මිණි තෙන්නකෝන් සති අන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ජීවිතයේ ආදරය ගැන හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,

    පාසල් වියේ ඔබගේ හිත මත දග කළ ආදර මතකයට යමුද ?

    මම ඉස්‌කෝලෙදී ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රීඩිකාවක්‌ විදිහට. නර්තනය හැදෑරුවා. ඒ පැත්තෙන් මගේ දක්‌ෂතා ඉහළින් තිබුණා. නිළියක්‌ වීම ගැන නම් හිතුවේ නැහැ. මගේ පාසලේ වගේම ගෙදරත් නීතිරීතිවලින් වටවෙලා තිබුණේ. මම අපේ තාත්තට හරිම බයයි. ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකර ගන්න මේ වාතාවරණය තුළ කොහොමවත් ඉඩක්‌ තිබුණේ නැහැ.

    ආදර හැඟුම් නොදැනුන යෞවනයක්‌ද තිබුණේ?

    ආදරය කරන්න හිතේ ආසාවක්‌ තිබුණා. ඊට වඩා තාත්තාට තිබුණ බය බලවත් වෙලා තිබුණා කීවොත් හරි. පිරිමි ළමයෙක්‌ ගැන හිත නොගියා කියන්න බැහැ.

    ඒ ප්‍රේමය ඔබට හමුවන්නේ ඔබේ පාසලෙන්මද ?

    ඒ පිරිමි ළමයගේ නංගිලා දෙන්නත් හිටියේ මගේ පන්තියේ. එයාලා කතෝලික ආගමේ. මම බෞද්ධ. මම නැටුම් ඉගෙන ගන්න පල්ලියේ ගොඩනැඟිල්ලක පන්තියකට යනවා. එතැනදී තමයි මම ඒ ළමයාව දැක්‌කේ. අපි අතරේ ආකර්ෂණයක්‌ තිබුණා. ඒත් ඒක ප්‍රේම සම්බන්ධයක්‌ විදිහට දුරදිග ගියේ නැහැ.

    ඔබ ජනප්‍රිය කෙනෙක්‌ වූ කාලයේ නැවත ඔබට ඔහු හමුවෙලා තියෙනවාද ?

    නැහැ. ඒ කාලයෙන් පසු මට කවදාකවත් ඔහු හමුවුණේ නැහැ.

    දැනුම් තේරුම් වයසට ඇවිත් නිලමිණි ආදරය හොයන්න පටන් ගන්නේ ?

    ඇත්තටම මම හිතන්නේ මම හිතපු පතපු ආදරය මට ලැබුණේ නැහැ. තවමත් මම පතන විදිහේ ආදරේ මම හොයනවා. මේ කියන්නෙ මම පෙම්වතෙක්‌ හොයනවා කියන එක නෙවෙයි. අපි තරුණ වියට පත්වෙද්දී අපේ යටි හිතේ ඇදෙනවනේ මම ලබන්න ඕනෑ මෙහෙම කෙනෙක්‌ කියලා. අන්න ඒ විදිහට මගේ හිත පතන ආදරයක්‌ මට ජීවිතයේ කොතැනකදීවත් තවම මුණගැහිලා නැහැ.

    ජීවිතයේ එක දවසකවත් ඔබ සිතූ ආදරය ඔබට ලැබිලා නැතිද ?

    අපි කසාදයක්‌ බදින්නේ ආදරය කරලානේ. මේ තමයි මට ලැබුණ හොදම ආදරය කියන හැගුමත් එක්‌කනේ. ඒත් ඒ ආදරය ඇතුළේ ලොකු රැවටීමක්‌ තියෙනවා කියලා දැනුනට පස්‌සේ කලකිරීමක්‌නේ ඇති වෙන්නේ. ඒ කලකිරීම මටත් ඇතිවුණා. ආදරය වෙනස්‌ වූ දෙයක්‌. ඒක හැමෝටම එක වගේ ලැබෙන්නේ නැහැ. ඒක තමන්ගේ පින පව අනුව ලැබෙන දෙයක්‌. මට නම් මම හිතූ ආදරය ලැබිලා නැහැ.

    ආදරය වෙනුවෙන් නිල්මිණි ලද සිහිවටන තිළිණත් අද ආදරය වගේම දුරස්‌ වෙලාද ?

    එක කාලයක ඒ දේවල් වල වටිනවා කියල හිතුණා. දැන් ඒවා මතකයෙන් මකල දාලා ඉවරයි. අපි හිතාගෙන ඉන්න ආදරේ බොරුවක්‌ කියලා දැනුන කල සිහිවටනවලට තියෙන වටිනාකම මොකක්‌ද.

    නිල්මිණි ආදරය වෙනුවෙන් මග බලනවාද ?

    එහෙම දේවල් ඕනෑම කෙනෙකුගේ යටිහිත්වල ඇති. මගේ යටිහිතෙත් ඇති. එහෙම කෙනෙක්‌ මගේ ජීවිතයට හම්බ වෙන්නත් පුළුවන්. අපිට අපි හිතන විදිහට කිසි දෙයක්‌ හමුවෙන්නේ නැහැනේ.

    අද දවසේ නිල්මිණිගේ ලෝකය ප්‍රේමයෙන් හිස්‌වුණ එකක්‌ද ?

    අද මගේ ජීවිතය ඇතුළේ ආදරයක්‌ නැහැ. මේ රටේ කොතැනක හෝ කෙනෙක්‌ මට ආදරය කරනවා ඇති. ඒ ආදරය ලබන්නවත් ඒ කෙනාට ආදරය දෙන්නවත් පුළුවන් තැනක නෙවෙයි මම දැන් ඉන්නේ. කවද හරි මම තනිවෙනවා කියලා මම දන්නවා.

    හිත ඇති ආදරයක්‌ ප්‍රකාශ කරන්න ඒ ආදරය විදින්න අද ඔබ මැළිවෙන්නේ ඇයි ?

    කෙනෙකුට ආදර කරන්න පුළුවන් නම් ඒ කෙනා ආදරය කරනවා නම් ඒ දිහා වැරදි තැනක ඉදල බලන්න හොද නැහැ. ඕනෑම කෙනෙකුට සහකරුවෙක්‌ සහකාරියක්‌ අවශ්‍යයි. ඒත් අපේ රටේ දෙන්නෙක්‌ ආදරය කරනවා නම් බලන්නෙ හරිම වැරදි ඇහැකින්. මේ පසුබිම අද මා මෙවැනි තැනක නතර කර තබනවා වෙන්නත් පුළුවන්.

    ජීවිතය ගැන අත්දැකීම් ඇති කෙනෙක්‌ විදිහට ඔහු ඔබට ආදරය ප්‍රකාශ කළොත්. ඔබ ඒ ආදරය පිළිගන්නවද ?

    මට ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌ මගේ රසිකයෙක්‌ හෝ වෙනත් පුද්ගලයෙක්‌ බොහොම ආයාචනාත්මකව මට ආදරය ප්‍රකාශ කළත් දෙන්නෙකුට ඒ සිතුවිල්ල විතරක්‌ මදි එක්‌වෙලා ජීවත් වෙන්න. ඒ ගැන දහ වතාවක්‌ විතර හිතල බලන්න ඕනෑ. ඒ පුද්ගලයගේ ආදරය මට ලබන්න පුළුවන්ද? ඔහුට පෙම්වතියක්‌ හෝ බිරිදක්‌ ඉන්නවාද? බාධාවකින් තොරව ඒ ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ආදරය කාටවත් බෙදල දෙන්න බැහැනේ. ඒ නිසා අපි ආදරය කරනවා නම් අතරමැදියෙක්‌ නොවී ආදරය කරන්න හා ලබන්න පසුබිමක්‌ තියෙන්න ඕනෑ.

    නිල්මිණිගේ ලෝකයේ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් ?

    කැපවීම් ගොඩක්‌ කරලා තියෙනවා. කෙනෙක්‌ට ආදරය කරල විවාහ වෙන එකම කැපවීමක්‌. පවුල් ජීවිතයකදී මොනතරම් හිත් රිදුම් අඩත්තේට්‌ටම් තිබුණත් ඒ දේවල් සගවා ගෙන ඔහුගේ ගෞරවය ආරක්‌ෂා කරන එකත් කැපවීමක්‌නේ.

    නිල්මිණිට අද ආදරය ගැන අවිශ්වාසද ?

    අවංක ආදරය කියලා දෙයක්‌ කොතැනකවත් නැහැ කියලයි මම හිතන්නේ.

    ජනප්‍රියත්වය නිල්මිණිගේ ආදර හිතට තහංචි දැමූ සාධකයක්‌ද ?

    මම ආදරය කරන්න කැමැතියි. ආදරය කරන්න කැමැති වුණත් මට බැදීම් ගොඩයි. මම රටේ ප්‍රසිද්ධ කෙනෙක්‌. ඒ නිසා ඉතා සූක්‌ෂමව මම මගේ නම ආරක්‌ෂා කරගන්න ඕනෑ.

  • බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවී මියයයි…

    බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවී මියයයි…

    බොලිවුඩයේ සුපිරි නිලියක් වන ශ්‍රී දේවී හෘදයාබාධයක් හේතුවෙන් අද දින මියගොස් ඇත. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බොනී කපූර් හා විවාහ වී සිටි ඇය මියයන විට 54 වෙනි වියෙහි පසු වූවාය.

    ඒ, ඩුබායිහි රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

    හෘදයාබාධයක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    ඇය සහ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

    මිය යන විට ශ‍්‍රීදේවි 54 වන වියේ පසුවුණා.

    ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 12දියි. 

    ඉන්දීය චිත්‍රපටවල රඟ පෑමට පෙර ඇය දමිල,තෙලිඟු සහ මලයාලම් චිත්‍රපටිවලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.  

    ෆිල්ම් ෆෙයාර් සම්මාන 10කට නිර්දේශ වු ඇය එයින් 5ක්ම දිනාහැනීමටද සමත් වුණ.

    සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ බොනී කපුර්ගේ බිරිඳ වන ඇය ඉන්දීය නිලි කුශී කපූර්ගේ මවද වනවා.

     

     

  • ජිවීතයේ ලොකුම රහසක් හෙළිකරමින් ශිහාන් මාධ්‍යයට කියූ සංවේදි කතාව මෙන්න .!

    ජිවීතයේ ලොකුම රහසක් හෙළිකරමින් ශිහාන් මාධ්‍යයට කියූ සංවේදි කතාව මෙන්න .!

    ජනප්‍රිය ගායන ශිල්පි ශිහාන් මිහිරංග සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා. එම සංවාදය පහතින් ,

    ළඟදි ගීතයක් නිර්මාණය කළේ නැද්ද?

    මගේම ස්ටූඩියෝ එකක් ආරම්භ කරන්න කටයුතු කරන නිසා ළඟදි ගීතයක් කළේ නැහැ. ස්ටූඩියෝ එකත් එක්කම ගීතයකුත් කරන්න බලා‍පොරොත්තු වෙනවා.

    ඔබත් පවතින රැල්ලට කොටුවෙලාද?

    නැහැ, මම රැල්ලකට කොටුවෙන්න කැමති නැහැ. පහුගිය කා‍ලේ අවුරුදු දෙකක් එක්තරා ආයතනයක් සමග වැඩ කළා. ඒකයි එහෙම හිතෙන්නේ. ව්‍යාපාරික අරමුණෙන් තමයි එදා ඒ ගීත නිර්මාණය කළේ.

    මුදල් තිබුණොත් ගීතයක් ජනප්‍රිය කරගන්න පුළුවන් කියන්නේ ඇත්තද?

    එහෙම දෙයක් රටේ තියෙනවා. සල්ලි දීලා ජනප්‍රිය වෙන්න කැමති පුද්ගලයෝ ඉන්නවා වගේම ව්‍යාපාර මට්ටමින් ලාභ උපයන්න පුළුවන් අය ඉන්නවා. නමුත් මම මගේ ගීත කවදාවත් මුදල් දීලා ජනප්‍රිය කරගෙන නැහැ.

    අද බිහිවෙන බොහෝ ගීතවල රූප රචනා සඳහා ලිංගිකත්වය යොදාගැනීම ඉහළ ගිහින් නේද?

    රටේ වැඩි පිරිසක් බලන්නේ ලිංගිකත්වය තියෙන නිර්මාණ නම් ඒක කරන මනුස්සයාගේ වැරැද්ක්ද? බලන මනුස්සයාගේ වැරැද්දක්ද කියලා හිතන්න වෙනවා. එතැන තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක ප්‍රේක්ෂකයා තීරණය කරන්න ඕන බලනවාද නැද්ද කියන එක.

    ජනප්‍රියත්වය නිසා තවමත් ඔබේ පුද්ගලික නිදහස සීමා වෙනවද?

    සියයට ලක්ෂ වාරයක් මගේ පුද්ගලිකත්වය, නිදහස, මගේ හැඟීම් දැනීම් සීමා කළා. කලාකරුවන්ගේ ජීවිතවල ගොසිප් වැඩි නිසා හරි අමාරුයි ජීවත්වෙන්න. අදටත් පුද්ගලිකත්වය සීමාවෙලා තියෙනවා.

    තවමත් ඔබ ගීත රසවිඳින්නේ නැද්ද?

    ඉස්සර වගේම අදටත් මගේ දුරකථනයෙන්වත්, වාහනේවත් සින්දු අහන්නේ නැහැ. ඒක වෙලාවකට වැරදියි කියලා හිතෙනවා. සමහර වෙලාවල්වලට මනස එක්තැන් කරගන්න තෝරා බේරාගෙන ගීත කිහිපයක් රස විඳිනවා.

    ගීත ගායනයට අමතරව මොනවද ඔබ කැමති විනෝදාංශ?

    මම ඉවුම් පිහුම් කරන්න කැමතියි වගේම ගෙවතු අලංකරණයට ගොඩක් කැමතියි. ඒ හැමදේම මගේ අතින් වෙනවා. අපේ ගෙදර කිසිම සේවකයෙක් නැහැ. මම තමයි දාඩිය දාගෙන වත්තේ වැඩ කරන්නේ.

    ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අද මොකද හිතෙන්නේ?

    සතුටුයි. මම අපේ තාත්තා එක්ක ගොඩක් හීන දැකපු කෙනෙක්. අපේ තාත්තා දැකපු හීන මට ඉටුකරන්න පුළුවන් වුණා. එච්චරටම මගේ හීනවලට යන්න ඉක්මන් වුණා. එක පැත්තකින් සමහර දේවල් මගහැරුණා. ඒත් ගොඩක් දේවල් ඉටුකරගන්න පුළුවන් වුණා.

    ජීවිතේ මගහැරුණ දේවල් ගැන ඔබ පසුතැවෙනවාද?

    වෙලාවකට පසුතැවෙනවා. ඒ මට ගොඩක් දේවල් මගහැරුණෙත් ලැබුණෙත් ජනප්‍රියත්වය නිසා. ගොඩක් අය කැමති නැහැ තව කෙනෙක් උඩට එනවට.

    ඔබ ‍පොඩි කා‍ලේ ඉඳන් හීන දැක්කේ කවුරු වෙන්නද?

    මම කවදාවත් ගායකයෙක් වෙන්න හීන දැක්කේ නැහැ. මම ආසම චිත්‍ර අඳින්න, මූර්ති අඹන්න. අහම්බෙන් තමයි සංගීතයට ආවේ. ඉදිරියේදී චිත්‍ර, මූර්තිවලට කාලයක් වෙන් කරගන්න බලා‍පොරොත්තු වෙනවා.

    අමතක වීම් අතපසු වීම් නිසා ජීවිතේ අමතක නොවන සිදුවීම් ඇති?

    මට පාරවල්, උපන් දින මතක හිටින්නේ නැහැ. මගේ දරුවන්ගේ උපන් දින පවා ඇතැම් වෙලාවට අමතක වෙනවා. පත්තරවලටත් විවාහ වුණ දවස පවා වැරදියට කියලා තියෙනවා. බිරිඳගේ උපන් දිනේ අමතකවෙලා තියෙනවා. ලොකු ප්‍රශ්න වෙලා නැහැ. ඒත් හිත් රිදවීම් ඇතිවෙලා තියෙනවා. මේ පාරත් බිරිඳගේ උපන් දිනේ මතක් වුණේ මගේ ෆෑන් කෙනෙක් ඇයට සුබ පතලා එව්වට පස්සේ. ප්‍රසිද්ධ, ප්‍රවීණ කලාකරුවෙක්ගේ නමක් අමතකවෙලා මම ලොකු අපහසුතාවකට පත්වුණා.

    ශිහාන්ටත් ජීවිතේ හදාගන්න දේවල් ඇති?

    අවුරුදු පහළොවක් විස්සක් ආපස්සට යන්න තියෙනවා නම් ගොඩක් දේවල් තියෙනවා හදාගන්න. දැන් ඒකට පරක්කු වැඩියි. සමහර පුරුදු හදාගන්න අමාරුයි. මට ගොඩක් තරහා යනවා, ක්ෂණික කෝපයට පත්වෙනවා. මම මගේ තීරණයේම ඉන්නවා. ඒ දේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හරියට පාඩු වෙනවා. මගේ පවු‍ලේ උදවිය ඒ හැමදේම දරාගෙන ඉන්නවා.

    ශිහාන්ට රංගනයට ආරාධනා ලැබෙනවා කියන්නේ ඇත්තද?

    මේ ළඟදිත් මට ආරාධනා ලැබුණා. මට ඇත්තටම රඟපාන්න බැහැ වගේම ඉගෙනගෙන නැහැ. ඉදිරියේ රඟපාන්න හිතුණොත් හරියට ඉගෙනගෙන රඟපානවා මියුසික් වීඩියෝ පැත්තෙන්.

    වෘත්තීය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?

    ප්‍රතිපත්ති, ඒ නිසයි ජීවිතේ හැමදේම සාර්ථක වෙන්නේ කියලා මම හිතන්නේ. ඒ වගේම වෘත්තියයි, පුද්ගලිකත්වයයි එකට එකතු නොකර ගෙනියන්න පුළුවන් නම් ජීවිතේ සාර්ථකයි.

    කොහොමද ඔබේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය?

    ඇය තමයි හැමදේම විඳ දරාගෙන මම වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරන්නේ

  • “සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    “සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි.

    රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව ආරම්භ කර තිබෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාපා යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වෙතන්ති‍්‍ර, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ අමල් ගජමන්ගේ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මිට එක්ව සිටියහ.

  • “පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න,පව්නේ ඉතින් එයාලා”- නයනතාරා කියයි .!

    “පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න,පව්නේ ඉතින් එයාලා”- නයනතාරා කියයි .!

    නවක රංගන ශිල්පිණි නයනතාරා වික්‍රමආරච්චි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය කලා කටයුතු පිළිබදව හෙළිකර තිබුණා. එම සංවාදය පහතින් ,
     

    නයනතාරා හා හා පුරා කියලා මේ දවස්වල සිනමාවෙන් දකින්න ලැබෙනවා?

    ඔව්. ‘එක දවසක අපි’ කියන්නේ මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය. ඒක ඇත්තටම මට අලුත් අත්දැකීමක්. මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක් වීමත් වෙනම අත්දැකීමක්.

    පුංචි තිරයේ පෙනී ඉඳපු නයනතාරා සිනමාවට ආවට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

    මාව පුංචි තිරයේදී දැක්කේ දඟකාර, කටකාර, පාසල් වයසේ ඉන්න චරිතයක් විදියට. ඉතින් ‘එක දවසක අපි’ චිත්‍රපටයේදී මගේ වෙනස ගැන ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මාව ගොඩක් ඇගයුවා.

    සිනමාවේදී පුබුදුගේ ආදරේ නයනතාරාට කොහොමද දැනුණේ?

    ඇත්තටම පුබුදු අයියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. එයා සිනමාවේ කාලයක් ඉඳලා වැඩ කරන කෙනෙක්. එයාගේ සහාය නොලැබුණා නම් මට මගේ චරිතය තුළ සාර්ථක වෙන්න බැහැ.

    ඒ කියන්නේ පුබුදු හොඳ ප්‍රේමවන්තයෙක්?

    ඔව්. පුබුදු අයියා හොඳ පෙම්වතෙක්.

    අනුරුද්ධ ජයසිංහ වැනි අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න නයනතාරාට පහසු වුණාද?

    ඔව්. ඔහු අපේ චරිත ඇතුළේ නිදහස් වටපිටාවක් හදලා දුන්නා. ඒ වගේම මේ නිර්මාණය තුළ හැමෝම අතර හොඳ සන්නිවේදනයක් තිබුණා. චිත්‍රපටයේ සාර්ථකත්වයට මේ හැමදේම බලපෑවා.

    පාරමී ආදරයෙදි අන්ධ වෙන චරිතයක්. නයනතාරාත් ආදරේදී අන්ධ වුණ කෙනෙක්ද?

    අම්මෝ නැහැ.

    හැබැයි ආදර කතාවක් නයනතාරගේ ජීවිතයෙත් ඇති?

    එහෙම ආදර කතාවක් තාම නැහැ. නිසි වයස ආවම ඒ වගේ ආදර කතාවක් පටන් ගනියි.

    ආරංචි විදියට තරුණයෝ නයනතාරා වටේ කැරකෙනවා වැඩියිලු?

    පිරිමි ළමයිනේ ඉතින්. එයාලා එහෙම තමයි. පව්නේ ඉතින් එයාලා. පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න. මටත් පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාලගේ හිතේ වෙන අදහසක් තිබ්බත් වැඩක් නෑ. මම යාළුකම් තියා ගන්න අය එක්ක වෙන අදහසකින් ඉන්නේ නෑ.

    ක්ෂේත්‍රයේ කෙනෙක් නයනතාරාගේ හිත ඉල්ලුවොත්?

    ක්ෂේත්‍රයේ කෙනෙක්ද පිට කෙනෙක්ද කියන එක ගැන මම හිතන්නේ නෑ. හොඳ අනන්‍යතාවක් තියෙන, හොඳ කොලිටි එකක් තියෙන කෙනෙක් නම් සලකා බලනවා.

    නයනතාරාගේ 20 වැනි උපන්දිනය සමරපු විදියත් ගොඩක් අයගේ කතාබහට ලක්වුණා?

    ඔව්. මගේ ෆේස්බුක් යාළුවෙක් පොළොන්නරුවේ ආබාධිත මධ්‍යස්ථානයකට ගිහින් වීඩියෝවක් කරලා තිබ්බා. මම එදාම හිතුවා මගේ 20 වැනි උපන්දිනය සමරන්නේ එතැන කියලා. ඉතින් මම ඒ මධ්‍යස්ථානයට ගිහින් මගේ උපන්දිනය සැමරුවා. ගෙදර උපන්දිනය සමරනවට වඩා ඒ ළමයි එක්ක කතා කරලා, එයාලා එක්ක විනෝද වෙලා සමරපු උපන්දිනය මට වටිනවා. ඉතින් ඒක දැකලා ගොඩක් අය එතැනට දාන දෙන්න මගෙන් දුරකතන අංක ඉල්ලා ගත්තා.

    අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

    ආයේ මෙගාවලට සම්බන්ධ වෙන්නේ නෑ. චන්න පෙරේරාගේ කොටස් 50ක විතර නාට්‍යයකට සම්බන්ධ වුණා. ‘මා’ සහ ‘සිනෙ මා’ චිත්‍රපට දෙකටත් සම්බන්ධ වුණා.

    දැන් නයනතාරා සිනමාවට මුල් තැන දෙයිද?

    මම සිනමාවට කැමැතියි. ඒ නිසා සිනමාවට මූලිකත්වය දෙනවා. එහෙම වුණාට ටෙලි නාට්‍ය අතහරින්නේ නැහැ. මොකද මම ප්‍රේක්ෂකයන්ට ළං වුණේ ටෙලි නාට්‍යයෙන්. ටෙලි නාට්‍ය කියන්නේ ක්ෂේත්‍රයට එන අයට හොඳ අඩිතාලමක්. හොඳ දෙයක් කරලා ගියත් කමක් නෑ.

    ඒ කියන්නේ නයනතාරා ක්ෂේත්‍රයෙන් යයිද?

    නෑ නෑ. එහෙම යන්නේ නැහැ. හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයෝ අතර රැඳෙන්න මම කැමැතියි. නිදහස් පරිසරයක් ඇතුළේ හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.

     

  • වැලන්ටයින් දවසේ වොල්ගා සහ හර්ෂණගේ රාගික ඡායාරූප පෙළක් කරලියට….

    වැලන්ටයින් දවසේ වොල්ගා සහ හර්ෂණගේ රාගික ඡායාරූප පෙළක් කරලියට….

    කලා නිර්මාණවලට පෙම්වතුන් වූ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ දී අඹුසැමියන් ය. ඒ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ ය.

    බොහෝ දෙනාගේ අදරය දිනාගෙන ප්‍රේක්ෂකයන් අතර ඉහළින් සිටින මෙම ආදරණීය යුවළගේ විවිධාකාරයේ රංගනයන් අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

    එහෙත් ඔවුන් දෙදෙනා එක් ව දායක වූ සාරාගී නිර්මාණ දකින්න නැති තරම්. ආදරවන්තයින්ගේ දිනයවන අද (14) දිනයේ දී හර්ෂණ විසින් ඔවුන් දෙදෙනා එක් ව ලබාගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් පිටුවට ඇතුළත් කර තිබෙනවා.

    එම ඡායාරූපවල අතිශය සරාගී බවක් දැකගත හැකි බැවින් මීට පෙර ඔවුන් දෙදෙනාගේ එවැනි ඡායාරූප පළ වී නොතීබීම හේතුවෙන් එම ඡායාරූප කෙරෙහි විශේෂ අවධානයක් හිමි වී ඇතැයි වාර්තා වේ.

    එම ඡායාරූප පහතින්…..

  • “එයා මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි” – පියුමි හංසමාලි නොකියූ කතාවක් මුල්වරට කියයි

    “එයා මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි” – පියුමි හංසමාලි නොකියූ කතාවක් මුල්වරට කියයි

    ජනප්‍රිය නිළි පියුමි හංසමාලි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයේ අවධානයට ලක්වන චරිතයක්. මේ දිනවල නම් පියුමි ඉන්නේ ඉතාමත් සතුටෙන් කියලයි ආරංචි වුණේ. ඒ ඇයට ඉන්දීය සිනමාපටයකට ආරාධනා ලැබීම නිසා. කෙහොම වුණත් මේ ගැන වැඩිපුර මාධ්‍ය ඉදිරියේ කතා නොකරපු පියුමි ඒ ගැන සතිඅන්ත පුවත්පතකට එක්වෙමින් අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ විදිහට….

    කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ අවස්ථාවක් ලැබිලා නේද..?

    ඔව්. ඒක මට හිතාගන්නවත් බැරි අවස්ථාවක්. හරිම සතුටුයි මට ලැබුණු ඒ අවස්ථාව ගැන. මේ මාසේ මැද වගේ චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නවා.

    කොහොමද පියුමිට මේ පුදුම හිතෙන අවස්ථාව ලැබුණේ..?

    මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරිය තමයි බීනා උන්නික්‍රිෂ්ණන් කියන්නේ. ෆේස්බුක් එකේ මාව දැකල තමයි එයා මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ. මීට මාස හතරකට විතර කලින් තමයි මට චිත්‍රපටයට ආරාධනා කළේ.

    පියුමිට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී එක්ක. පියුමිව තෝර ගනිද්දී ඒ ගැන දැනගෙන හිටියාද..?

    ඔව්. ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක තමයි මට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඇත්තටම ඔහු මම ගරු කරන රංගන ශිල්පියෙක්. කේරළවලට ගිහින් ඔහු එක්ක රඟපාන්න අවස්ථාව ලැබීමම සතුටක්. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ බිරිය වෙන්න තමයි මට අවස්ථාව ලැබුණේ.

    පියුමි වැඩිය රඟපාලත් නෑනේ. මේ නිර්මාණයට පියුමිව තෝරගන්න ඇත්තේ පෙනුම නිසාවත්ද..?

    මම වැඩිය රඟපාලා නෑ. මම රඟපාලා තියෙන්නෙත් එක ටෙලි නාට්‍යයක විතරයි. මම සම්බන්ධ වුණු චිත්‍රපටයත් තාම තිරගත වුණේ නැහැ. ඒ නිසා මගේ පෙනුම බලලා වෙන්න ඇති මාව තෝරගත්තේ. එයාලට ඕන වුණේ ඉතාම අහිංසක සාරියක් අන්දලා තියන්න පුළුවන් චරිතයක්. වයසින් වැඩි සැමියෙක් එක්ක ජීවත්වෙන ළාබාල ගංගා කියන තරුණියගේ චරිතයට මාව ගැළපෙනවා කියලා හිතන්න ඇති.

    සරාගී විදියට දකින පියුමි අහිංසක චරිතයකට ගළපා ගැනීමත් පුදුමයක් නේද..?

    ඇත්තටම නිෂ්පාදකවරිය මගේ ෆේස්බුක් එකේ යහළුවෙක්. එයාලා මාව දැකලා තියෙන්නේ හොට් විදියට. ඒත් මාව තෝරගෙන තියෙන්නේ අහිංසක චරිතයකට. මටත් පුදුමයි. ඇත්තටම ඒ නිෂ්පාදකවරිය මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි.

    පියුමි මුහුරත් උළෙලටත් ගියා. හැබැයි වැඩි සද්ද බද්ද දැම්මේ නෑ..?

    ජනවාරි 9 තමයි අපි මුහුරත් උළෙල වෙනුවෙන් ඉන්දියාවට ගියේ. මම ඉන්දියාවට යනකල් කිසිම කෙනෙක්ට කිව්වේ නෑ. හැබැයි සමහරු මම ඉන්දියාවට ගිය එක ගැනත් බොරු ගොසිප් දාලා තිබුණා.

    හැම දෙයක් ගැනම ප්‍රසිද්ධ කරන පියුමි මෙච්චර ලොකු අවස්ථාවක් ලැබිලත් සද්ද බද්ද නොදැම්මේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා හිතුණු නිසාද..?

    ඇත්තටම ඔව්. මම මේ සැරේ කට පරිස්සම් කරගත්තා. මට ලංකාවෙදි ලැබුණු සමහර අවස්ථා පවා සමහර නිළියෝ නැති කළා. මේ පාර මම සද්ද නැතුව හිටපු නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මම වැඩිය රඟපාලත් නෑ. ඉතිං මම හිතන්නේ වැඩිය රඟනොපා ඉඳලත් මේ වගේ ලොකු අවස්ථාවක් ලංකාවේ නිළියක්ට ලැබුණු පළමු අවස්ථාව මේක.

    ජැක්සන් ඇන්තනී එක්ක මේ නිර්මාණය ගැන කතාබහ කළාද..?

    මුහුරත් උළෙලට යද්දි එයාර්පෝට් එකේදි තමයි මට ඔහු එක්ක කතා කරන්න ලැබුණේ. ඔහුගේ නිර්මාණ බලලා තිබ්බට ඔහු එක්ක පළමුවැනි වතාවට කතා කළෙත් එදාමයි. මම ඔහුට කිව්වා මට එච්චර රඟපාන්න තේරෙන්නේ නෑ කියලා. මට ඕන සහයෝගයක් දෙන්නම් රඟපාමු කියලා තමයි ජැක්සන් ඇන්තනී මහත්තයා මට කිව්වේ. ඔහු ගුරුවරයෙක් වගේ. හොඳ මනුස්සයෙක් ඔහු.

    මේ නිර්මාණය පියුමිගේ ජීවිතේ පෙරළියක් ඇති කරයිද..?

    ඇත්තටම මේක මට වාසනාවට ලැබිච්ච අවස්ථාවක්. මේක මගේ ජීවිතයට ලොකු පෙරළියක් වෙයි. ලංකාවේ ගොසිප් සයිට් මේ වැඩේදි මට ගහපු ගොසිප් මම බීනාට යැව්වා. ඇය මට කිව්වේ “පියුමි ඔයා ඉන්දියාවටත් ඇවිත් පෙරළියක් කරන්න” කියලා.

    එහෙනම් පියුමි ඉන්දියාවත් හොල්ලන්නද ලෑස්ති වෙන්නේ..?

    දැනටම මට ඉන්දියන් චිත්‍රපට දෙකකට ආරාධනා කරලා තියෙනවා. හැබැයි බීනා මට කිව්වා ඒවා භාරගන්න එපා. එයාලගේ වැඩේට සහයෝගය දෙන්න කියලා. ඒ නිසා ලැබිච්ච අනෙක් නිර්මාණ දෙක මම භාරගත්තේ නැහැ.

    ලංකාවේ වැඩවලටත් දැන් පියුමි ගණන් උස්සයිද..?

    මම කොහොමත් මගේ මුදලට හරියන්නේ නැත්තම් වැඩ භාරගන්නේ නැහැ. ටෙලි නාට්‍ය නම් මට හරියන එකක් ලැබුණේ නැහැ. මියුසික් වීඩියෝ වුණත් මම කරන්නේ මගේ මුදලට කැමැති නම් විතරයි.

    එච්චර තෝරාගැනීම් කරන්න තරම් පියුමිගේ අතමිට දැන් සරුයි වගේ..?

    ජීවත්වෙන්න තරම් අතමිට සරුයි. මම ආස කරන දේවල්වලට විතරයි මම දඟලන්නේ. වෙලාව ආවම හිමින් සැරේ හැමදේම ලැබෙයි.

  • “මට තියෙන ලෙඩේ ගැන දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි” – මනීෂා චංචලා

    “මට තියෙන ලෙඩේ ගැන දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි” – මනීෂා චංචලා

    මනීෂා චංචලා කියන්නේ මේ දිනවල හැමෝගෙම අවධානය දිනා ගත්ත ජනප්‍රිය තාරකාවියක්. රංගනය , ගායනය වගේම නිවේදනය තුළිනුත් ඇය ඔබට නිරන්තරයෙන්ම සමීප වෙනවා.
    පසුගිය දිනක සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එක්වූ මනීෂා සිය ජීවිතයේ මේ වනතෙක් කාටවත්ම නොකිරසක් කියලා තිබුණා.
    ඒ මෙන්න මේ විදිහට…
     
    “කාටවත් නොකී රහසක් කියන්න කියලා කිව්වාම මට එකපාරටම හිතුණේ අනේ එහෙම රහසක් මට නැහැ නේද?” කියලා. ඒත් අම්මා ළඟට ඇවිත් මගෙන් අහනවා”ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මගේ ජීවිතේ තියෙනවා නේද කියලා. ඇත්තනේ… එහෙම දෙයක් මගේ ජීවිතේ තියෙනවා. ඒ කතාව දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි. ඒ වුණත්, ඒ අයටත් වඩා හොඳින් මේ කියන කාරණය ගැන හොඳටම දන්නේ අපේ අම්මයි.
     
    මොකක්ද දන්නවද ඔය කතාව. ඒ තමයි මට හැම දෙයක්ම අමතක වෙනවා කියන කාරණය. තවත් විදියකින් කිව්වොත් මට කිසිම දෙයක් මතක නෑ කියන එක. ඇත්තට කියනවා නම් මට පුදුමාකාර අමතක වීමේ ලෙඩක් තියෙනවා. හැබැයි මට ටෙලි නාට්‍යවල දෙබස් නම් එක පාරින් මතකේ රැඳෙනවා. සජීවී ගායනකදීවත් සිංදුවක් අමතක වෙන්නේ නැහැ. මගේ මේ අමතක වීම එදිනෙදා කටයුතුවලදී සිදුවන දෙයක්. ඒකත් හරි අසාමාන්‍ය අමතක වීමක්. වටිනා සපත්තු ආභරණ යන යන තැන්වල දාලා ආපු අවස්ථා එමටයි. ඒ වගේ දේවල් හින්දා අම්මගෙන් බැනුම් අහපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒත් මගේ මේ අමතක වීමේ ලෙඩේ නම් හොඳවෙන්නේම නැහැ.
     
    අමතක වීම සම්බන්ධව අත්දැකීම් ගොඩක් මට තියෙනවා. මේ සිදුවීම වුණත් මම ඉස්කෝ‍ලේ 8 වසරේ ඉන්න කා‍ලේ. ඒ දවස්වල මම අකමැතිම විෂයයන් දෙක තමයි ඉතිහාසය හා භූගෝලය. මම ඒ විෂයන්වලට අකමැති බව ටීචර්ලත් දන්නවා. පුදුම වැඩේ කියන්නේ මට ඒ ‍පොත් දෙක ගෙනියන්නම අමතක වෙනවා. හැමෝම හිතන්නේ මම ඒ විෂයන් දෙකට අකමැති හින්දා හිතාමතාම ‍පොත් ගෙනෙන්න අමතක කරනවා කියලා. දවසක් මට ඔය හේතුවට තදින්ම අවවාද ලැබුණා. එදා මම ගෙදර ආවේ පහුවදා නම් අනිවාර්යයෙන් ඒ ‍පොත් දෙක ගෙනියනවා කියලා හිතාගෙන. පහුවදා මම ඉස්කෝ‍ලේ ගිහින් ‍පොත් බෑග් එක ඇරලා බැලුවා. පුදුම වැඩක් වෙලා. එදත් මට ඒ ‍පොත් අමතක වෙලා. එදා ටීචර් මාව පන්තියේ හිටවලත් තිබ්බා. 
     
    මංගල උත්සවවල දෙවැනි මනාලියන් විදිහට මම ඉඳලා තියෙනවා. සාමාන්‍ය ඇඳුමකින් සැරසිලා ගිහින් එතැනදිනේ අපි දෙවැනි මනාලිය විදියට සැරසෙන්නේ. උත්සවය ඉවරවෙලා ගෙදර ඇවිත් බලද්දී, සෙරෙප්පු, කරාඹු, මාල, වළලු මොනව හරි දෙයක් අමතක වෙලා. මේ විදියේ ගමනක් ගියොත් මොනවාහරි මට අමතක වෙනවාමයි. 
    ළඟදී දවසක “සිඳු” ටෙලි නාට්‍යයේ ෂූටිංවලට අපි බණ්ඩාරගම ගියා. එදා උදෙන්ම තිබුණේ කලින් කරපු දර්ශනයක ඉතුරු කොටස රූගත කරන්නයි. කලින් රූගත කළ දර්ශනයේ ඇඳගෙන ගියපු ඇඳුම ගෙනියන්න මට අමතක වෙලා. මම දර්ශන තලයේ ඉද්දී අම්මා ගෙදර ඇවිත් ආපහු ඇඳුම අරගෙන ආවා. ඒත් බලද්දී අම්ම අරගෙන ඇවිත් තියෙන්නේ වෙනත් ඇඳුමක්. අම්මා ආයෙම ඇවිත් ඕන කරන ඇඳුම අරගෙන එනකොට හවස්වෙලා. එදා ඒ දර්ශනය රූගත කරද්දී කළුවර වැටෙන්නත් ළං වෙලා තිබුණා. 
    අමතක වීම සම්බන්ධයෙන් සිදුවීම් නම් ගොඩයි. ඒ අතරින් ලොකුම සිදුවීම වූ දවස තමයි අම්මගෙන් වැඩිපුරම බැණුම් අහපු දවසත්. මම හිතන්නේ එදා නම් වටා පිටාවේ ගෙවල්වල අයත් මට බණින්න ඇති.
     
    අපේ ගෙදර ලොකු වතුර ටැංකියක් තියෙනවා. ඒකට වතුර පුරවලා තමයි ගෙදර පාවිච්චියට ගන්නේ. එදා මම ටැංකිය පුරවන්න ටැප් එක ඇරියා. අම්මයි මමයි ෂොපිං යන්නයි එදා සූදානම් වෙලා හිටියේ. අපි දෙන්නා ලැහැස්ති වෙලා ඒ ගමන ගියා. අපි ගිහින් ටික වෙලාවකින් අල්ලපු ගෙදර ඇන්ටිගෙන් අම්මට කෝල් එකක් එනවා පළාතම වතුරෙන් පිරිලා කියලා. මට ටැංකිය වහන්න අමතක වුණ බව මතක් වුණේ එතකොටයි. කරාමය තියන්නේ ගේ ඇතුළේ හින්දා අපිම එන්න ඕන ඒක වහන්න. මොනව කරන්නද? යන්න ගිය ගමන නවත්තලා ආයෙම අපි ගෙදර ආවා. ටවුමේ ඉඳන් ගෙදර එනකන් පැය භාගයක් විතර යනවා. ඒ පැය භාගෙම කන්දෙක පිරිලා ඉතිරිලා ගියේ අම්මගේ බැණුම්වලින්. ගෙදර එද්දී වටා පිටාවේ වතුවලටත් වතුර ගලාගෙන ගිහින්. ටැප් එක වහලා ටික වෙලාවක් යද්දී වතුර බැහැලා ගියත් අම්මගෙ බැණුම් නම් කන්දෙක පිරිලා ඉතිරිලා යන්න ගැලුවා. “
  • ”ඒවා ගැන කතා කරන්න මම කැමැති නෑ, මොකද තාම මම ඒකට සුදුසු නෑ” – රොෂාන් පිලපිටිය

    ”ඒවා ගැන කතා කරන්න මම කැමැති නෑ, මොකද තාම මම ඒකට සුදුසු නෑ” – රොෂාන් පිලපිටිය

    රොෂාන් පිලපිටිය කියන්නේ කා අතරත් ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක්. රොෂාන් පිලපිටියගේ විවාහයත් එක්ක විවිධ කතා හැමතැනම වගේ පැතිරුණා. මේ රොෂාන් සතිඅන්ත පුවත්පතකට තමන්ගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා.

    ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් මෙගා ටෙලිනාට්‍යවලින් තමයි දකින්න පුළුවන්?
    දැන් හැදෙන්නේ මෙවැනි ටෙලිනාට්‍ය. මොකද මේ ක්‌ෂේත්‍රය තුළ ගැටළු තියෙනවා. ඒ ගැටළු විසඳෙන්න නිසි ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. කලාවේ සියලු අංගවල මේ අර්බුදය තියෙනවා. ජාතික ප්‍රතිපත්තියක්‌ එන්නම ඕනෑ. නැත්නම් හොඳ දේවල් තවත් හිඟ වේවි.

    අධ්‍යක්‌ෂණය පැත්තට යොමු වෙන්න අදහසක්‌ නැද්ද?
    ඇත්තටම හරිම උත්තරේ නම් අධ්‍යක්‌ෂණය කරන්න මම දන්නේ නැහැ. අවුරුදු ගානක්‌ රඟපෑවට අධ්‍යක්‌ෂණය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. තාම මම ඒකට සුදුසු නෑ. කාලයක්‌ ගිහිං බලමුනේ..

    ඔබ ප්‍රසිද්ධ දේශපාලනයට එකතු වෙන්නේ නැද්ද?
    මම මගේ ඡන්දය භාවිත කරනවා. ඒ හැරුණුකොට ඡන්දෙ ඉල්ලන්නවත්, ඒ දේවල්වලට මම යොමු වෙන්නේ නෑ. ඒකට මම සුදුසුත් නෑ. ඉතිං ඡන්දය භාවිත කරනවා මිසක්‌, මට දේශපාලනයක්‌ පුද්ගලිකව තියෙනවා මිසක්‌, ඔය කියන කාරණාවට මම යොමු වෙන්නේ නෑ.

    රිද්මා මුණගැසුණේ?
    බිරිඳත් නුවර තමයි. අපේ ගමේමයි. අවුරුදු 04ක්‌ 05ක්‌ විතර අපි යාළුවෝ විදිහට අඳුරගෙන හිටියා. පස්‌සේ තමයි ඒ ඇසුර ආදරයක්‌ වුණේ. නමුත් පසු කාලීනව හිතුණා අපේ අදහස්‌ ගැළපෙනවා සහ විවාහය ගැන හිතන්න ඕනෑ කියලා. ඇය රිද්මා දිසානායක. දැන් රිද්මා පිලපිටිය. ඇය රැකියාවක්‌ කරන්නේ නෑ.

    ඔබේ ජීවිතේට ඇවිත් ගිය අය ඉන්නවා. මේ ඇවිත් ඉන්නේ හොඳම කෙනා ද?
    ඇත්තටම මම ගත්ත හොඳම තීරණය මේක කියලා මම විශ්වාස කරනවා. මොකද ඇයත් ඉතාම සරලව ජීවත්වෙන කෙනෙක්‌. මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්‌. අපේ අදහස්‌ ගැළපෙනවා. ඉතිං මම හිතනවා මේ මම ජීවිතේ ගත්ත හොඳම තීරණය කියලා.

    පහුගිය දවස්‌වල ඔබ පිළිබඳ බොහෝ කතා ප්‍රචාරය වුණා?
    ඇත්තටම ඒ සම්බන්ධව මම කතා කරන්න කැමැති නෑ. ඉතිං ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක්‌ කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් යම් යම් කාරණාවලට මගේ නීතිඥයා කටයුතු කරනවා. මොකද මම විවාහ වෙනකන්ම ඉඳලා මේ මඩ ගහන දේවල් ගැන දන්න හැමෝම දන්නවා. ඉතිං ඒ දේවල් අපි අපේ ජීවිතවලට අදාළ කරගත්තේ නැහැ.

    සිද්ධ වෙච්ච දේවල් දිහා ආපහු හැරිලා බලද්දී හිතුණේ නැද්ද අලුත් ජීවිතයක්‌ පටන් ගත්ත මේ වෙලාවේ විදෙස්‌ගත වුණා නම් හොඳයි කියලා?
    අනේ නෑ. එහෙම මට ප්‍රශ්නයක්‌ නෑ. මම මේ රටේ ජීවත් වෙන්නේ. සමහර අය ඒ දේවල් ප්‍රශ්න කරගත්තට මට එහෙම නෑ. මම ගැන හොඳ කිව්වම විශේෂයෙන් සතුටක්‌වත්, නරක කිව්වා කියලා අමුතු දුකක්‌වත් හිතන කෙනෙක්‌ නෙමෙයි. මේ රටේ විදිහ මේක තමයි. ඒක දැනගෙන ජීවත් වෙන්න ඕනෑ.

    රොෂාන් පිලපිටියට fb account කීයක්‌ තියෙනවා ද?
    විශේෂයෙන්ම කියන්න ඕනෑ, මමත් මගේ බිරිඳත් භාවිත කරන්නේ instagram පමණයි. fb භාවිත කරනවා නම් අපේ නමින් ඒ සියල්ල අපේ නොවන අපි වගේ පෙනී හිටිමින් වෙන අය භාවිත කරන ෆේක්‌ එකවුන්ට්‌ස්‌.

  • නිස්කලංකේ ගෙදර ඉන්න ශේෂාද්‍රි නංගි ගැන දිනක්ෂි අක්කා කියන වෙනස් කතාව

    නිස්කලංකේ ගෙදර ඉන්න ශේෂාද්‍රි නංගි ගැන දිනක්ෂි අක්කා කියන වෙනස් කතාව

    හැමෝගෙම ආදරේ ලබන්න වාසනාවන්ත වෙන්න ඕන. ඒ වාසනාව නිළියක් වුණු නිසා දිනක්ෂි ප්‍රියසාද්ට හිමි වෙලා තිබෙනවා. පුංචි තිරයට අහිංසක දඟකාර කටකාර පෙම්වතිය වුණු දිනක්ෂි අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

    දිනක්‍ෂි කාර්යබහුල වෙලා නේද?
    මේ දවස්වල ඇත්තටම කාර්යබහුලයි. විවේකයක් නැති තරම්.

    දිනක්‍ෂි කාර්යබහුල වෙන්න කැමැතියි වගේ?
    මම භාරගත්ත වැඩ මේ දවස්වල විකාශය වෙනවා. ඒ නිසා වැඩි කාලයක් ඒ වැඩවලට වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

    කාර්යබහුල වෙලා ඉන්නේ මේ දවස්වල නැටිල්ලත් වැඩි නිසා වෙන්න ඇති?
    මේ පාර නර්තන තරගයට සම්බන්ධ වෙන්නේ ශනුද්‍රි නංගි එක්ක. ඒක වෙනස් අත්දැකීමක්.

    අක්කයි නංගියි මේ දවස්වල හරි හරියට රණ්ඩු වෙනවා කියලත් ආරංචියි?
    ඔව්. මොකද අපේ ඉදිරිපත් කිරීම හරියට කරන්න මහන්සි වෙනවා. මම ස්ටෙප් එක හරියට කරද්දී නංගී වරද්දනවා. එයා හරියට කරද්දී මම වරද්දනවා. ඒකට තමයි දෙන්නා වලි දාගන්නේ. හැබැයි අපි දෙන්නා ෂේප් එකේ ඒ වැඩේ කරගෙන යනවා.

    කාර්යබහුල වෙන්න තරම් දිනක්‍ෂිට ඉල්ලුම වැඩියි වගේ?
    එහෙම නැහැ. මම ගොඩක් වැඩ කරන්නේ නැහැ. ලැබෙන වැඩවලට සම්බන්ධ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ.

    තමන්ට ලැබෙන දේවල් ලොකුවට භාර ගන්න දිනක්‍ෂි කැමැති නැද්ද?
    දේවල් ලැබෙනවා වගේ නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ලැබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් කියලා හිතන් හිටියොත් හරි. ලැබෙන නොලැබෙන දේවල් සාමාන්‍ය විදියට මම හිතන්නේ.

    මේ දවස්වල දිනක්‍ෂිට හොඳ නරක ප්‍රතිචාරවල අඩුවක් නෑලු නේද?
    ඇත්තටම ‘කොන් කළ දෝණි’ ටෙලි නාට්‍යයේ කිංකිණිට ප්‍රතිචාර ගොඩක් හොඳයි. මෙගා නාට්‍යයක් වුණාට මෙගා නාට්‍යයක් නෙවෙයි වගේ. වැඩිපුරම මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ ඒ ටෙලි නාට්‍යයේ. ‘බටහිර අහස’ නාට්‍යයේ මීෂාට නම් ගොඩක් අය ආස නැහැ. ගොඩක් අය “මහ වාතයක්නේ” කියලා බනිනවා ඒ චරිතයට. ඒ චරිතයට බැනුම්වලින් තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. ‘බද්දට සහ කුලියට’ නාට්‍යයේ දිලිනිගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

    එකකට එකක් වෙනස් චරිත දිනක්‍ෂිට ලැබිලා තියෙනවා නේද?
    ඇත්තටම මම ඉන්න විදියත් එක්ක නාගරික සාමාන්‍ය චරිත එක දිගට ලැබුණා. ඒවා කරද්දී මටත් කම්මැළියි. තෝරා බේරා ගැනීම් කරන්න තරම් නිර්මාණ නැහැනේ. ඒ නිසා ලැබෙන දේ මම කරනවා. මම රංගනයට තාම ආධුනිකයි. මම වාසනාවන්තයි වෙනස් අධ්‍යක්ෂවරු එක්ක මට වැඩ කරන්න ලැබීම ගැන. ඔවුන් මාව වෙනස් කරලා ගන්නවා.

    දැන් පුංචි තිරයේ ශනුද්‍රිත් දකින්න ලැබෙනවා. ඇත්තටම ජනප්‍රිය දිනක්‍ෂිද? ශනුද්‍රිද?
    ශනු මට වඩා හුඟක් ජනප්‍රියයි. එයාට ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි ආදරයක් ලැබෙනවා. මොකද එයා ටෙලි නාට්‍යවල වැඩිය දැකලා තිබුණේ නැහැ. මාව නම් ටෙලි නාට්‍යවල දැකලා තිබුණානේ. ඉතින් පාරක දී වුණත් ප්‍රේක්ෂකයෝ ඇවිත් මුලින්ම කතා කරන්නේ ශනු එක්ක. ඊට පස්සේ තමයි මාත් එක්ක කතා කරන්නේ.

    වැඩවලදීත් ශනුටද මුල් තැන ලැබෙන්නේ?
    ඔව්. ශනු බෑ කියන වැඩවලට මට කතා කරනවා. නංගි තමයි පළමුවැනි චොයිස් එක. එයා නැති වුණොත් මම තමයි දෙවැනි චොයිස් එක.

    නංගිට එක ලැබෙද්දී ජෙලස් හිතිලම නැද්ද?
    නැහැ. ඇත්තටම අපි අතර කවදාවත් තරගයක් තිබිලා නැහැ. ශනු තියෙන වැඩේ කරගෙන ඉන්නවා. එයා දක්ෂයි. එයාට හොඳට රඟපාන්නත් පුළුවන්. එයා මඟහැර හැර ඉද්දී මම තමයි එයාට කියන්නේ වැඩ කරන්න කියලා.

    ශේෂාද්‍රිත් කාලයක් වැඩ කරලා දැන් නිහඬ වෙලානේ ඉන්නේ. ශේෂාද්‍රිව ආයෙත් එළියට ගන්න බල කරන්නේ නැද්ද?
    එයාට බල කරන්නේ නැහැ. ගෙදර හිටියට එයා අපේ නිර්මාණ බලනවා. අපේ වැඩවලට සහය දෙනවා. එයා ඉගෙනීම් කටයුතු රැකියාවේ කටයුතු කරගෙන ඉන්නවා.

    පසුගිය දවසක දිනක්‍ෂිලා එකතු වෙලා සාරංගගේ උපන්දිනයට දුන්න සර්ප්‍රයිස් පාටි එක ගැනත් ගොඩක් අය කතා කරන්න ගත්තා.
    අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. අපි හැමෝම එකතු වෙලා තමයි සාරංග අයියව සර්ප්‍රයිස් කළේ. ඒ හැමෝගෙම උපන්දිනයට එහෙම සර්ප්‍රයිස් පාටි එකක් අනෙක් යාළුවෝ ප්ලෑන් කරනවා.

    දිනක්‍ෂිට යාළුවෝ ගොඩක් ඉන්නවානේ. කවුද ඒ අතරින් වැඩිපුරම ළඟින් ආශ්‍රය කරන්නේ?
    හැමෝම මගේ යාළුවෝ. ළඟින්ම ආශ්‍රය කරන්නේ ශලිනිවයි, අසේකාවයි. ගෙදර ඇවිත් ඉන්නේ. හැමදේම කියන්නේ ඒ දෙන්නට තමයි.

    දැන් ජීවිතයේ විශේෂ කෙනෙකුත් ඇතිනේ?
    එහෙම විශේෂම කෙනෙක් නැහැ.

  • “එයා නිසා මගේ හිත තදින්ම සංවේදී වුණා, ඇස්වලටත් කඳුළු ආවා” – නයනතාරා වික්‍රමාරච්චි

    “එයා නිසා මගේ හිත තදින්ම සංවේදී වුණා, ඇස්වලටත් කඳුළු ආවා” – නයනතාරා වික්‍රමාරච්චි

    “දෙවැනි ඉනිමේ “දෙව්මි” විදියට රටේම ආදරය දිනාගත්තු නයනතාරා වික්‍රමාරච්චි පහුගියදා තමන්ගේ විසි වැනි උපන් දිනය සැමරුවා. නයනතාරා විසිවැනි උපන් දිනය සැමරුවේ වෙනස්ම ආකාරයට වීමත් විශේෂත්වයක්. ‍පොළොන්නරුවේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති අයගේ නිවාසයකට ගිහින් ඒ අයට දිවා ආහාරය සපයලා දවස පුරාම ඔවුන් සමග ගත කරලා  ඒ ලැබුණු අත්දැකීම ගැන ඇය සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන් මේ විදිහට….
     
    ඇයි ඔබ මේ වතාවේ වෙනස්ම ආකාරයට උපන් දිනය සමරන්න හිතුවේ? 
    මගේ යාළුවෙක් ඉන්නවා පැතුම් ඒකනායක කියලා. එයා තමයි මට මේ ස්ථානය ගැන කිව්වේ. මටත් හිතුනා එතැනට ගිහින් ඒ අය වෙනුවෙන් යමක් කරන්න. ඒ හින්දා මම උපන් දිනය සමරන්න  ඒ ස්ථානය තෝරා ගත්තා.
     
    ඔය කියන ස්ථානයේ තිබු විශේෂත්වය මොකක්ද? 
    ඒක විවිධ ආබාධයන්ගෙන් පෙළෙන අය ඉන්න නිවාසයක්. අඳ ගොළු බිහිරි අය වගේම නොමේරූ මානසිකත්වය ඇති අයත් එතැන ඉන්නවා. වයස 10 පටන් 45 දක්වා අය ඉන්නවා. සමාජයම කොන් කළ පිරිසකට මානසික වශයෙන් නැගිටින්න හුදකලාව මකාගන්න අවශ්‍ය වටපිටාව සපයල දෙන එක තමයි මෙතැනින් කරන්නේ. ‍පොළොන්නරුව හේවාගම පිහිටි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ මානෙල් දයාසිරි මහතායි. මෙය ඔහු පෞද්ගලිකව පවත්වාගෙන යන නිවාසයක්. 027-3270509 අංකයට කතා කරලා ඕනෑම කෙනෙකුට මේ ස්ථානය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්.
     
     
    එදා දවස ගත වුණේ කොහොමද? 
    අපි කළින් දවසේ ‍පොළොන්නරුවට ගිහින් නැවතිලා ඉඳලා පහුවදා තමයි එතැනට ගියේ. මේ කියන නිවාසයේ හිටපු  හැමෝටම අපි  දිවා ආහාරය ලබා දුන්නා. දවසම වගේ ගත කළේ ඒ අයත් එක්කයි.
     
    කලා ලෝකේ හිතවතුනුත්  ඔය ගමනට එකතු වුණාද?
    නැහැ. මමයි අපේ පවු‍ලේ අයයි විතරයි ගියේ. අම්මගේ යාළුවොයි වගේ ළඟම යාළුවෝ දෙන්නෙකුයි ගමනට එකතු වුණා.

     

    උපන් දිනය සමරන්න සාද පවත්වනවා වෙනුවට මේ වගේ දෙයක් කරපු එක ගැන හුඟක් සතුටු ඇති නේද? 
    ඇත්තෙන්ම ඔව්. එදා දවස හරිම සංවේදී දවසක්. ඒ හැමෝටම ඒ විදියට අඩු ලුහුඬුකම් ඇතිවෙලා තියෙන්නේ එයාලගේ වරදක් නිසා නොවෙයි. ඒත් ඒ අයට සමාජයේ ඉඩක් නැහැ. හැමෝම කොන් කරන හින්දා ඒ අය ආදරය අවධානය හරියට බලා‍පොරොත්තු වෙනවා. එක එක්කෙනාගේ හැසිරීම් පවා වෙනස්.  ඒ හැසිරීම් දැක්කම මගේ හිත තදින්ම සංවේදී වුණා.
     
    ඒ අතරින් නයනතාරා වැඩියෙන්ම සංවේදී වූ ඇහැට කඳුළක් එක් කළ අවස්ථාව මොකක්ද? 
    වයස 18ක විතර පිරිමි ළමයෙක් හිටියා. එයාගේ මොළේ වර්ධනය නම් ගොඩක් අඩුයි. ඒ ළමයා නිතරම ඉන්නේ අනිත් අයගෙන් ඈත්වෙලා. අත කනට ළං කරලා දුරකථනයෙන් කතා කරන විදියට නිතරම මොනවාදෝ මුමුණනවා. මම ඒ ළමයාට ළං වෙලා බැලුවා. හලෝ අම්මේ මට ආදරෙයි නේද අම්මේ කියලා තමයි ඒ ළමයා කියන්නේ. එයාගේ දෙමාපියෝ ඒ ළමයා මෙහෙට භාරදීලා තියෙන්නේ අවුරුදු 10දි විතරලු. ඒ අය එදායින් පස්සේ කවමදාවත් ළමයා බලන්න ඇවිල්ලා නැහැ. ඒ දෙමාපියෝ මේ ආයතනයට දීලා තියෙන්නේ බොරු ඇඩ්‍රස් එකකුයි බොරු දුරකථන අංකයකුයි. ඒ ළමයා හැමදාම බලා ඉන්නේ එයාගේ අම්මා එනකල්. ඒ සිද්ධිය ඇහුවාම මගේ හදවත සසල වුණා. විතරක් ‍නෙවෙයි ඇස්වලටත් කඳුළු ආවා.



  • මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

    මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

    ඔන්න අපි අද, මේ දවස් වල පුංචි තිරයෙ සහ රිදී තිරයෙ ඒත් එක්කම බොලිවුඩ් සිනමාවෙත් කැපී පෙනුන ලාංකික කලාකාරිණියක් එක්ක  එයා ගැන කතා කරන්න හිතුවා.තවත් කියනවනම් කලාකාරිණියක් කිව්වාම මෙයා රංගන ශිල්පිණියක් විතරක්ම නෙමෙයි ලාංකීය කලා පරපුරට නව සංගීත පරපුරක් බිහිකරන ආචාර්ය්‍ය වරියක් කියලත් හදුන්වන්න පුළුවං.. ඉතිං වැඩි වර්ණනා ඕන නෑනෙ ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි ගයා ක්‍රිෂානි… ගයා ක්‍රිෂානි අපිට එයා ගැන කිව්වෙ මෙන්න මෙහෙමයි…

     කොහොමද මේ දවස් වල – ම් … හෙඳින් ඉන්නවා.අලුත් ටෙලිනාට්‍යකට සමබන්ධ වෙලා ඉන්නවා දන්කුඩ බන්ඩා කයල ඒකෙ ෂූටිං වලට යනවා තවත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

    ගයා ක්‍රිශානිව අපි දැකල තියෙන්නෙ සහය නිළියගේ චරිතයෙන් – ඔව් තාම ප්‍රධාන චරියක් නම් ලැබුනෙ නෑ … ඒත් උප ප්‍රධාන නළියගෙ චරිත නම් ලැබිල තියෙනව.

    ඒකට හේතුව ගයා ක්‍රිශානිට ක්ෂේත්‍රය තුල කැපිලි හින්ද කිව්වොත් – මම දන්න තරමින් මට එහෙම කැපිලි මොකුත් නෑ…ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා ප්‍රධාන චරිතයක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මුලින් එක ඩ්‍රාම එකක ප්‍රධාන චරිතෙට හිටපු කෙනාව තමයි අනිත් ඩ්‍රාම වලත් ප්‍රධාන චරියට ගන්නෙ.මොකක් නිසාද දන්නෙ නෑ මට ලැබුනෙ සෙසු චරිත ඒත් ඒ හැම චරිතයක්ම කතාවෙ හොඳින් ඉස්මතු වෙලා පෙනෙන චරිත ඒ නිසා මං සෑහීමකට පත්වෙනවා.

    අපි දන්නවා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒත් ඔබ කියන්නෙ‍ෙ දක්ෂතාවය විතරක් මදි වාසනාවත් තියෙන්න ඕන කියලද? අනිවාර්යෙන්ම දක්ෂතාවය විතරක් තිබුනට මදි වාසනාවත් තියෙන්න ඕන.දක්ෂතා තියෙන කීයෙන් කී දෙනාටද අවස්ථා හම්බවෙන්නෙ.මම ගැන කියනවනම් මට හිතෙන්නෙ මටත් ඒ වගේ මගෙ දක්සෂතා පෙන්වන්න තාම හරිහමන් අවස්ථාවක් ලැබුනෙ නෑ කියලයි.

    ගයා ක්‍රිෂානි කලාවට අවතීරණය වෙලා දැන් කොච්චර කල්ද? වසර 15ක් විතර වෙනවා මට එක දිගටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුනා ඒ මම සංගීත කටයුතු වලටත් සම්බන්ධ වෙලා හිටපු නිසා.

    ඒ කියන්නෙ රංගන ශිල්පිණියකට අමතරව ගයා ක්‍රිශානි කියන්නෙ හොඳ සංගීත වේදිනියක් – ඔව් ඇත්තටම එහෙම කිව්වොත් හරි මොකද මම වැඩිපුරම මහන්සි වුනේ සංගීත් නිපුන් විභාගයටයි. ඒ විභාගය ඉහලන්ම සමත් වෙලා තමයි මම ගිය ජනවාරි වල ලංකාවට ආවෙ.මම හිතන විදිහට සංගීත් නිපුුන් විභාගය ජයගත්තු ක්ෂේත්‍රයේ ඉන්න එකම රංගන ශිල්පිණිය මම වෙන්න ඕන.

    සිනමාව ගැන මොකද කියන්නේ – මම සිනමා නිර්මාන පහකට වගේ දැනට සම්බන්ධ වෙලා තියෙනවා ඊට අමතරව බොලිවුඩ් නිර්මානයකටත් දායක වුනා රන්වීර් කපූර් එක්ක බොම්බේ වෙල්වට් කියල ඒ වගේම මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන හිතුවක්කාර කියල ෆිල්ම් එකටත් දායක වුණා.

    ඉතිං කියන්න ගයාගෙ පවුල් ජීවිතේ ගැන විස්තර ටිකක් – මට බබාල දෙන්නෙක් ඉන්නවා. මට මගෙ මහත්තයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව මගෙ කලා කටයුතු වලට සමහර වෙලාවට වැඩ ගොඩක් තියෙද්දි ඒ තියෙන පීඩනය නිසා මට කම්මැලි හිතුනම එයා තමයි මාව උනන්දු කරන්නෙ නෑ ඔයා කරන්න ඔයාට පුළුවං කියල.

    රංගනය විතරද එතකොට වෘත්තියක් විදිහට කරන්නෙ – නෑ මගෙ සංගීත ඇකඩමියක් තියෙනවා ඒකෙදි මම විශාරද විභාගය වෙනකල් ළමයින්ට සංගීතය උගන්වනව.ඒ අතර රඟපෑමේ කටයුතු වලත් යෙදිල ඉන්නවා ඉතිං.

    අද ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සාධාරණියත්වය ගැන ඔබ සතුටුයිද ? – ඇත්තම කියනවනම් ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙනවා.මම හිතන විදිහට ලංකාවෙ දක්ෂයාට වඩා තැන තියෙන්නෙ ඇඳුනුම් කම් මත හා වෙන වෙන දේවල් මත ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් මත තීරණය වෙන එක.ඒ කිව්වෙ ලොකු මුදලක් දීල දක්ෂයෙක් අරගෙන වැඩ කරනවට වඩා පොඩි මුදලකට ඉන්න කෙනෙක්ව අරගෙන මොකක් හරි නිර්මාණයක් එළියට දාන ප්‍රවනතාව වැඩි වෙලා තියෙනව.ඒකෙන් වෙන්නෙ ක්ෂේත්‍රය පරිහානියට පත්වෙන එකයි.

    ඒ කියෙන්නෙ ගයා ක්‍රිශානිට තක්සේරුවක් තියෙනවා – ඔව් මම වැඩ කරන ගානක් තියෙනවා ඒ ගානට ආවොත් විතරයි මම භාරගන්නෙ

    ටෙලි නාටයක් හෝ චිත්‍රපටියක් භාරගද්දි තොරා බේරාගෙනද භාරගන්නෙ – අනිවාර්යෙන්ම ඔව් සිනමාවෙදි නම් මුළු පිටපතම බලල තමයි භාර ගන්නෙ.ඒත් ටෙලිනාට්‍ය  වල විශේෂයෙන්ම දැන් තියෙන මොගා නාට්‍ය වල  අපිට පිටපත හම්බෙන්නෙ සෙට් එකට ගියහමයි.ඒත් චරිතය භාර ගන්න කලින් ඒ චරිතයේ ස්භාවය මොන වගේ එකක්ද කියල හරියට දැනගෙන තමයි භාරගන්නෙ

    ගායා ක්‍රිෂානාගෙ ගම කොහෙද? මගෙ උපන් ගම රත්තපුරේ ඒත් රත්නපුරේ ඉඳල නෑ පෙඩි කාලෙ ඉඳන්ම අවිස්සාවේල්ලෙ තමයි හිටියේ.

    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නෙ – වැඩිපුරම කරන්නෙ සිංදු අහන එක තමයි… ඊට අමතරව ඔය මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.. ඒ වගේ මොකක් හරි සංගීත වැඩක් තමයි ඉතිං

    ගිය අවුරුද්ද කොහොමද? මට පුද්ගලිකව ඉතාම සුභ විදිහට ගෙවුන අවුරුද්දක් කියල හිතන්න පුළුවං මොකද මම සංගීත් නිපුන් විභාගයෙන් ඉතාමත් විශිෂ්ඨ ලෙස සමත් වුනා ඒක මං දැකපු හීනයක් සැබෑ වුනා කියල කියන්න පුළුවං… හැබැයි ඒ නිසා මට ලංකාවෙ වැඩිය ඉන්න හම්බුනේ නැති නිසා වැඩිය රංගන කටයුතු වල යෙදෙන්න වුනේ නෑ

    2018 මොනවද කරන්න හිතන් ඉන්නෙ? මේ අවුරුද්දෙ වැඩිපුරම බර දෙන්නෙ මගෙ සංගීත ඇකඩමිය දියණු කරන්න තමයි ඊට අමතරව හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා

    ගයා ක්‍රිශානි දේශාලනය දකින්නෙ කොයි විදිහටද? මම දේශපාලනට කිසිම කැමැත්තක් නෑ..

    එතකොට දැන් මේ පවතින ආර්ථිකමය සමාජීය තත්වයන් ඔබට ගැටළුවක් නැද්ද? තියෙනව ඒත් ඒක මේ ආණ්ඩුව හෝ පහුගිය ආණ්ඩුව කියල වෙනසක් නෑනෙ කොයි ආණ්ඩුව ආවත් ඒ පොදු ප්‍රශ්න ටික වෙනස් වෙන්නෙ නෑනෙ

    පසුගිය දිනවල අපි දැක්කා කලාකරුවන් දේශපාලන වේදිකාවල නොයෙක් අදහස් දරනවා ඔබ ඒ සම්බන්ධයෙන් කොතනද ඉන්නෙ – ඔව් මටත් ලොකු ලොකු ආරාධනා ගෙඩක් ආව ඒත් මම ඒ කිසිම දේකට සම්බන්ධ වුනේ නෑ

    හරි අපි හිතමු අහම්බෙන් හරි ගයා ක්‍රිෂානි මේ ජනාධිපති වෙනවා … එතකොට – ම් … එහෙම උනොත් මම කරන්නෙ අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නය වන ජීවන වියදම අඩු කරන එක.. එතෙන්දි භාණ්ඩ හා සේවා වලට අපි ගෙවන මුදලට සරිලන වැටුපක් එහෙමත් නැත්නම් ගෙවීමක් සෑම වැඩ කරන පුද්ගලයෙකුටම ලැබෙන්න සැලැස්වීම තමයි මගෙ මූලිකම අභිප්‍රාය වෙන්නෙ.

    ගයා ක්‍රිෂානිට ගයා ක්‍රිෂානිගෙ ප්‍රේක්ෂයින්ට මොවෙද කියන්න තියෙන්නෙ? මගෙ අලුත් ටෙලි ඩ්‍රාම දෙකක් එන්න තියෙනවා තව චිත්‍රපටියකුත් එන්න තියෙනවා ඉතිං ඒව බලල මගෙ අඩුපාඩු තියෙනවද මගෙ රඟපෑම හොදඳ කියල මට කියන්න කියල තමයි කියන්න තියෙන්නෙ ඊට වඩා විශේෂයෙන්ම කියන්න ඕන මගෙ රසිකයින්ට මම ගොඩක් ආදරෙයි ඒ හැමෝටම සුභ අනාගතයක් වේවා කියල පතනවා…

     

  • අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී

    අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී

    විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය.

    ජනාධිපත සම්මාන පවා හිමිකරගෙන ඇති ඒ මහතාගේ චිත්‍රපට අතර බඹරු ඇවිත් චිත්‍රපටය සුවිශේෂී වන අතර මතු යම් දවස, සොල්දඩු උන්නැහේ, එයා දැන් ලොකු ළමයෙක්, අහස් ගව්ව වැනි චිත්‍රපට නිර්මාණය කළ ඒ මහතා මායා මන්දිර, දුර්ගාන්තය,සුබ අනාගතයක්, කඩුල්ල, පුර සක්මන 2, වන්නි හාමිගේ කතාව ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක්ද අධ්‍යක්ෂණය කර තිබේ.

     

  • මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා

    මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා

    ජනප්‍රිය රංගන ශිල්පිණියක් , නිවේදිකාවක් වුනු නෙතූ ප්‍රියංගිකා ලඟදි එයාගෙ ජීවිතේ ලොකුම කඩඉමකට ලංවෙලා කියල අපිට අපිට ආරංචියක් ආව.ඒ නෙතූ ලගදි විවාහ වෙන්න ඉන්නවා කියලයි.ඉතිං සුපිරි ගොසිප් අපි ඒ ගැන අහන්න නෙතූට කොල් එකක් ගත්තා

    Image may contain: 1 person, hat and closeup

    ඉතිං නෙතූ කොහොමද මේ ලබපු 2018 අවුරුද්ද ?

    ම්… 2018 හොඳයි ලොකූ වැඩ ගෙඩක් කරන්න තියෙන අවුරුදදක්

    Image result for nethu priyangika

    ඉතිං කියන්නකො අපිට 2018 මොනවද කරනන ඉන්නෙ…

    2018 මගෙ ජීවිතේ ලෙකු වෙනසක් වෙනනයි යන්නෙ… මම මේ අවුරුද්දෙ කසාද බඳිනවා.. ඊට අමතරව ළමා චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා තව ටෙලි නාට්‍ය දෙක තුනකුත් තියෙනවා.2017 මගෙ ජීවිතේ මං බලාපොරොත්තු වුණ ගොඩක් ජයග්‍රහන මට ලබා ගන්න පුළුවං වුණා ඒ අතරෙ පොඩි පොඩි මෝඩ වැඩත් කරා ඒ කියන්නෙ නොගැලපෙන සමහර අයත් එක්ක යාළුකම් සමිබන්ධතා තිබ්බා ඒ ඔක්කොම අතෑරල දාල 2018 ලස්සනට පටන් අරගෙන ජීවිතේ ලොකුම වෙනසක් කරගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා

    ගෙවුන 2017 කොහොමද 

    මම හැම අවුරුද්දකම දෙසැම්පබර් 31 වෙනිදට ගෙවුන අවුරුද්ද කොහොමද කියල හැරිල බලනවා එතකොට මට බලාගන්න පුළුවං ඒ අවුරුද්දෙ මගෙන් වුණ වැරදි අඩුපාඩු මොනවද කියල.ඊට පස්සෙ මට පුළුවං ඊලඟ අවුරුද්ද ඒ වැරදි අඩුපාඩු නොවෙන්න සාර්ථකව ප්ලෑන් කරගන්න.ඉතිං මං 2017 අවුරුදටත් සාර්ථකව මුහුණ දුන්නා ඒ අතර අර මං මුලින් කිව්ව වගේ අපි මිනිස්සු ගොඩක් එක්ක මුහු වෙලා ඉද්දි තේරුං ගන්න බැරි මිනිස්සු ගොඩක් හම්බෙනවා ඉතිං ඒ අතරෙන් අපේ ජීවිතේට වටිනාකමක් නැති මිනිස්සුයි ඒ අයගෙ ජීවිත වල අපිට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සුයි අපි අයින් කරන්න ඕන.මං ඒක මගේ රසිකයන්ට හිත මිතුරණ්ට පණිවිඩයක් විදිහට කියන්නත් කැමතියි අපිට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු අපේ ජීවිතේ ලංකරගන්න හොද නෑ එතකොට ඒක අපේ ජීවිතේ පරාදයක් වෙනව.

    Related image

    නෙතූ කියන්නෙ රංගන ශිල්පිණියක් වගේම හොඳ නිවේදිකාවක් අපිට කියන්නකො ඉස්සරහට රංගන ශල්පිණියක් විදිහට ඉදිරියට යයිද නැත්නම් නිවේදිකාවක් විදිහට ඉස්සරහට යයිද?

    මම සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලෙදි කථිකත්වයට දක්ෂයි .රංගන ශිල්පිණියක් නොවුනානම් මං අද අනිවාර්යෙන් නීතීඥ වරියක් වෙලා. ඉස්සරහට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා නිවේදන ක්ෂේත්‍රයේ වැඩ වලට මං 2016 යි 2017 යි නිවේදන ක්ෂේත්‍රයේ වැඩ කරා  ඔව් ඒක හොඳ පොයින් එකක් ඔයා දැන් කියපු හින්ද මට හිතෙනව ඒ ගැනත් අවධානය යොමු කරන්න මොකද ඔක්කොම පටලගනෙ කරන්න බැරි තැනක පහුගිය කාලෙ මං හිටියා ඒත් මේ අවුරුද්දෙ මට හොඳ නිවේදිකාවක් වෙන්න පුළුවං වෙයි කියල මං හිතනවා.

    Related image

    සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රය නා නා විධියෙ කැපිලි කෙටිල තියෙන තැනක් කියල ප්‍රසිද්ධයි.නෙතූටත් එහෙම කැපිලි තියෙනවාද?

    ඒක කලා ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෙම ක්ෂේත්‍රයක ඕනම ආයතනයක තියෙනවා නමුත් අපේ ක්ෂේත්‍රය ප්‍රසිද්ධ නිසා ඒ ගැන කතාවෙනව වැඩියි.පුද්ගලිකව මටත් ගොඩාක් එහෙම සිද්ධි වලට මහුණ දෙන්න වෙලා තියෙනවා.විශේෂයෙන්ම ලඟින්ම ආශ්‍රය කරපු යාළුවො කියල හිතන් හිටපු අයත් එහෙම කරල තියෙනවා.ඉතිං මං ඒකයි කලින් අපිට වටිනාකම් දෙන්නෙ නැති අපිව වටින්නෙ නැති අයව අපි අයින් කරන්න ඕන කියලා.

    Image result for nethu priyangika

    අනිත් එක තමයි කටකතා.. නෙතූ කොහොමද කටකතා වලට ප්‍රතිචාර දක්වන්නෙ…

    කටකතා හැදෙනව කියන්නෙ අපි ජනප්‍රියයි කියන එක නේද?නිකං ගෙදෙට්ට වෙලා ඉන්න කෙනෙක්ට කටකතා හැදෙන්නෙ නෑ… මම ගැන ගත්තොත් මම කට කතා වලට පොඩ්ඩක්වත් බය නෑ.මොකද ඒව කටකතානේ… මම දන්න තරමින් මට කටකතා හැදිල නෑ මොකද මිනිස්සු මට ගොඩක් ආදරෙයි අපි නිහතමානීව අවංකව ඉන්නවනම් අපිට කටකතා හැදෙන්නෙ නෑ..

    Image may contain: 1 person, food and indoor

    නෙතූ කියන්නෙ තුන් වේලම තරු පංතියේ හොටල් වලින් කාල ඉන්න කනෙක්ද? එහෙම නැත්තම් සාමාන්‍යයෙන් ගමේ විදිහට කාල බීල ඉන්න කෙනෙක්ද?

    අනෙ අම්මේ…. මම ගමේ හැදිචිච කනෙක් අදටත් අපේ ගෙදරට ආවොත් බලාගන්න පුළුවං වෙයි මම හැමදෙයක්ම මට පුළුවං විදිහට වගා කරල හරිම සරල විදිහට ගෙදර උයාගෙන තමයි කන්නෙ බොන්නෙ මගේ දෙමවුපියන් මට ගෙදර දොරේ හැම වැඩක්ම හොඳට පුරුදු කරල තියෙනවා… තරු පහේ හොටලයකින් කන්න අවස්ථාවක් ලැබුනොත් වෙනසකටත් එක්ක ඒක අතාරින්නෙත් නෑ …

    Related image

    නෙතූ ලඟදි බඳින්න ඉන්නෙ, ඉන්නෙ සාමාජයේ කතාවෙන නැන්දම්මා ලේලි අර්බුදය ගැන මොකද හිතන්නෙ?

    නැන්දම්ම හිතනව තමන්ගෙ පුතා එයාට ගොඩක් ආදරෙයි කියල ලේලි හිතනව මගෙ මහත්තය මට ගොඩක් ආදරෙයි කියල.. මෙන්න මේ ආදරය ගැන තියෙන ඊරියාව හින්ද තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නෙ. මං ගැන ගත්තොත් මගෙ අම්ම මං පුංචි කාලෙ නැති වුණා මම හිතන්නෙ මම බඳින කෙනාගෙ අම්ම මගෙත් අම්ම කියලයි.මට සීයට කෝටියක් විශ්වාසයි මට එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ කියල මොකද මගෙ අම්ම නැති නිසා මගෙ නැන්දම්ම මට අම්ම වෙයි එයාගෙ පැත්තෙන් මට ප්‍රශ්නයක් ආවත් මම එයා මගේම අම්ම කියල ඉවසනවා.මට අනිත් අයට කියන්න තියෙන්නෙත් එච්චරයි හැම වැඩිහිටියෙක්ම තමන්ගෙ අම්ම තාත්ත වගේ හිතන්න කියල එතකොට ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ

    විවාහයෙන් පස්සෙ නෙතූ රංගනයෙන් සමුගන්නවද?

    මුල් කාලෙ නම් අපි දෙන්නට තේරුන් ගැනීමේ ප්‍රශ්න තිබුන අපි දෙනන වෙනමම පැති වලට යන ක්ෂේත්‍ර දෙකකට සම්බන්ධ වෙලා ඉන්න නිසා.ඊට පස්සෙ අපි දෙන්න කතා කරල හොඳ අවබෝධයෙන් ඉදිරියට යන්න කතා කර ගත්ත .අනිවාර්යෙන් ඉස්සරහට එයා මට ගොඩක් උදවු කරයි .මම හිතනවා එ් උදවු එක්ක මම රංගනයෙන් ගොඩක් ඉස්සරහට එයි කියල.

    2018 වර්ශය වෙනුවෙන් සමාජයට/රසික රසිකාවියන්ට මොකක්ද කියන්න තියෙන්නෙ

    සරලවම කිව්වොත් ඔයාල ගන්න හැම වැදගත් තීරණයක්ම හොඳින් හිතල බලල ඒ තීරණයෙන් අද ඔයාට ලැබෙන වාසියට වඩා ඉස්සරහට ඔයාගෙ දරුවන්ට රටේ අනාගත පරම්පරාවට අවැඩක් නොවෙන්න ආයි ආයි හිතල කියල තමයි.

    Image may contain: 1 person, smiling, plant, selfie, outdoor, closeup and nature

    Image may contain: 1 person, standing and outdoor

  • වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

    වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

    වික්ටර් රත්නායක ප්‍රවීණ ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ වික්ටර් රත්නායකගේ දෙවන විවාහය නිසයි. වික්ටර් රත්නායක තමන්ට වඩා වයසින් ඉතා ලබාල හෂිනි අමේන්ද්‍රාගේ අත ගැනීම සමාජයේ පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා.

    කෙසේ වෙතත් නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව කතාබහක් ඇති වූයේ , තංගල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක සිදුවූ ස්වර්ණාභරණ හොරකමක් සම්බන්ධයෙන් හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. සිදුවීම සම්බන්ධයෙන් හෂිනි රත්නායක අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර , ඇය තවමත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

    මේ අතර හෂිනි – වික්ටර් යුවළ පිළිබදව තවත් අපූරු කතා පුවතක් පැතිර යනවා. එනම් වික්ටර් රත්නායකට නැවතත් පිය වරම් ලබා දෙමින් හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවටයි. මින්පෙර හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියාට දරුවෙකු පිළිබද බලාපොරොත්තු තිබෙන බවයි.

    මෙම නිසාම හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවට පැතිරෙන කතා පුවත සත්‍ය විය හැකි බවට සමාජජාලා වලද අදහස් පළව තිබුණා, හෂිනි රත්නායක අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප වලින් මේ බව පැහැදිලි වන බවත් සමාජජාලා වල අදහස් පළව තිබුණා. 

    කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය තවමත් තහවුරුව නැහැ. හෂිනි රත්නායක බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප පහතින් ,