Category: සුපිරි Cinema

  • උදාරිට නරක කාලයක්‌ තිබුණේම නැතිලු ; සැමියා කියනවා ප්‍රඩියුස්‌ කරන්න කියලා ඒත් මම කැමති නෑ

    මේ ටිකේ ෂූටින් නැද්ද?

    පිනි ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා මේ දවස්‌ ටිකේ. පෝරිසාදයා චිත්‍රපටයේ සහ තවත් ළමා චිත්‍රපටයක ෂූටින් සහ ඩබින් ඉවර කළා. තිරගත වේවි ළඟදීම.

    ආයෙත් ෂූටින් පටන් ගත්තේ කවදද ලංකාවට ආවේ?

    පහුගිය ටිකේ නං ලංකාවේ හිටියේ නෑ. බබාගේ ඉස්‌කෝලේ නිවාඩුවක්‌ හම්බවුණ හින්දා සිංගප්පූරු ගිහිං හිටියා. සතියක්‌ එකහමාරක්‌ විතර ඇති ඇවිත්.

    උදාරිගේ දුව දැන් මෙහෙද පාසල් යන්නේ?

    ඔව්… එයාව මෙහෙ බ්‍රිටිෂ් ස්‌කූල් එකට දැම්මා.

    ඇයි එහෙ නේද පාසල් යවන්න සූදානමින් හිටියේ?

    ඔව්. එහෙම තමයි හිතං හිටියේ. ඒත් එහෙ ඉගනීමේ කටයුතු පටන් ගන්නේ අවුරුදු හතෙන් පස්‌සේ. මෙහෙ ඉතිං අවුරුදු පහෙන් පටන් ගන්නවනේ. අපරාදේ කියලා හිතුණා.

    එතකොට එහෙ පාසල් යවන එක අත් ඇරලා දැම්මද?

    නැහැ…. තව ටික කාලෙකින් ඉහළ පංතිවලදී එහෙ පාසලට ඇතුළත් කරන්න අපි හිතුවා.

    නවීන රෝහලක්‌ ආරම්භ කරන්න ඔබේ සැමියා අදහස්‌ කරගෙන හිටියා නේද?

    ඒක අපි තනියෙන් කරන දෙයක්‌ නෙමෙයි. රට රටවල අය කීප දෙනෙක්‌ එකතුවෙලා කරන්න සූදානම් වෙන වැඩක්‌. ඒ කටයුතු සාකච්ඡා මට්‌ටමේ තියෙනවා දැනට.

    දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට විදෙස්‌ ගත වෙන්න හිතුවට පස්‌සේ එතරම් වැඩ භාරගත්තේ නැහැ නේද. දැන් ආයෙත් ලංකාවේ නිසා වැඩිපුර වැඩ කරන්න පටන් අරන්ද?

    බබා ඉස්‌කෝලේ යන්න පටන් ගත්තට පස්‌සේ එයා වෙනුවෙන් කාලය වැය වෙනවා වැඩියි. මම නිර්මාණ භාර නොගෙන ඉන්නේ නැහැ. නමුත් ටිකක්‌ අඩුවෙන් තමයි වැඩ භාර ගත්තේ. මොකද බබාගේ වැඩ අතපසු වෙයි කියලා මට බයයි.

    අංගන්පොර සටන් කලාව පිළිබඳ වැඩමුළු පැවැත්වුවා නේද?

    ඔව්. සෙල්ෆ් ඩිෆෙන්ස්‌ ඇකඩමි එකක්‌ තියෙනවා. ඒක මං සමාජ සත්කාරයක්‌ හැටියට කරන්නේ. කිසිම අය කිරීමක්‌ කරන්නේ නැහැ. අවශ්‍ය ආයතනයකින්, පාසලකින් හෝ සමිතියකින් ඉල්ලීමක්‌ කළොත් අපි ගිහිං වැඩමුළු පවත්වලා අවශ්‍ය දැනුම බෙදා දෙන්න කටයුතු කරනවා.

    මේ කටයුත්තේ මූලිකත්වය දරන්නේ කව්ද?

    මූලිකත්වය දරන්නේ මම. අජන්ත මහාන්තාරච්චි මහතාගේ ගුරුහරුකම් සහ මඟ පෙන්වීම් හා ඔහුගේ ගෝලයෝ පිරිසක්‌ එක්‌ක තමයි මේ කටයුතු කරගෙන යන්නේ.

    මේ වගේ වැඩකට මුල පුරන්න හිතුවේ ඇයි?

    ගමෙත් නගරයෙත් පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටි කාන්තාවන් දක්‌වාම වර්තමානයේ අතවරයට හිරිහැරයට ලක්‌වෙනවා අපි දකිනවා. ඉතිං මේ විෂය හදාරලා යම් පෞරුෂත්වයක්‌ ගොඩනගා ගන්න පුළුවන් වුණොත් බයක්‌ සැකක්‌a නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්කම ලැබෙනවා. මම ඒ දේ ඉගෙන ගත්තා. ඒක තව කාටම හරි ලබා දෙන්න පුළුවන් නං මං කැමතියි. ඒකයි මේ වගේ දෙයක්‌ කරන්න හිතුවේ.

    යම් යුවතියක්‌, කාන්තාවක්‌, මේ සටන් කලාව විෂයක්‌ විදිහට ප්‍රගුණ කරන්න කැමති නං ඇයට අවස්‌ථාවක්‌ දෙන්න ඔබ සූදානම්ද?

    විෂයක්‌ විදිහට ප්‍රගුණ කරන්න කැමති කෙනෙකුව මම අංගම්පොර සටන් කලාව පිළිබඳ ඉගෙන ගත්ත ගුරුතුමා අජන්ත මහන්තාරච්චි මහතාට යොමු කරන්න පුළුවන්. මොකද විෂයක්‌ විදිහට දැනුම ලබා දෙන්න තරම් මං ඒ විෂය ප්‍රගුණ කරලා මදි නිසා.

    කවදාහරි දුවව වෛද්‍යවරියක්‌ කරන්නද රංගන ශිල්පිනියක්‌ කරන්නද කැමති?

    කවදාහරි දුවව රටට බරක්‌ වෙන්නැති කෙනෙක්‌ කරනව මිසක්‌ අපි දෙන්නටම ඕන එයා කාටවත් බරක්‌ නොවී තමාට තමාව ජීවත් කරන්න පුළුවන් කෙනෙක්‌ වෙන්නයි ඕන. අපි එයාට කියන්නේ එයාට ඕනෑම වෘත්තියක්‌ තෝරා ගන්න අම්මයි තාත්තයි උදව් කරනවා කියලයි.

    නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න හිතුවේ නැත්තේ ඇයි තාම?

    මගේ සැමියා සුජිත්ගේ හිතේ එහෙම අදහසක්‌ තියෙනවා. එයා මට කියනවා ප්‍රඩියුස්‌ කරන්න හොඳ පිටපතක්‌ හොයාගෙන කියලා. ඒ වුණාට මට තාම හිතුනේ නැහැ. අනික මං කැමති නැහැ, මං ප්‍රඩියුස්‌ කරලා මමම රඟපාන්න.

    උදාරිගේ ගෙවුන ජීවිතේ නරකම කාලය සහ හොඳම කාලය මොකක්‌ද?

    මට නරකම කිසිම කාලයක්‌ තිබුණේ නැහැ. ගෙවුන හැම කාලයක්‌ම හොඳම කාලයක්‌. අනාගතේ ගෙවන හැම කාලයක්‌මත් මට හොඳම කාලයක්‌. මොකද මගේ ජීවිතේ හැම දෙයක්‌ම අත්දැකීමක්‌ කරගෙනයි මං කටයුතු කරන්නේ. ඒ නිසා මට නරක කාලයක්‌ කියලා දෙයක්‌ නැහැ.

    කලා ජීවිතේ ඔබේ සිහිනය?

    මට හොඳම නිළිය සම්මානය හිමිවෙලා නැහැ. ඉතිං කවදාහරි දවසක අඩුම තරමේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ වෙන්නවත් පුළුවන් වන නිර්මාණයකට දායක වෙන එක මගේ සිහිනයක්‌.

    [rns_reactions]

  • ජැකීගෙන් අර්ජුන් විරෝධයක්

    ජැකලින් ෆර්නැන්ඩිස් සහ අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත රඟපෑ ‘රෝයි’ චිත්‍රපටය තිරගත වුණේ 2015 දී. බොහෝ දෙනකුගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ චිත්‍රපටය අසාර්ථක වුණා.‍ එය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ නැහැ. මේ අසාර්ථකත්වයට හේතුව ජැකලින් ගේ හෝ අර්ජුන්ගේ දුර්වල රඟපෑම් ද? ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. නමුත්, ජැකලින් මේ වනවිට තීරණය කර ඇත්තේ යළි අර්ජුන් රම්පාල් සමඟ වෙනත් කිසිම චිත්‍රපටයක රඟ නොපාන්නලු. මෙය ඇගේ වෘත්තීය ජීවිතයට අයත් තීරණයක් යැයි කවුරුත් හිතුවා.

    නමුත්, ජැකලින්ගේ ‘අර්ජුන් විරෝධය’ පෞද්ගලික මට්ටමිනුත් ක්‍රියාත්මක වන බව පසුගියදා පැවැත්වුණු ප්‍රදර්ශනයකදී තහවුරු වුණා. මේ ප්‍රදර්ශනයට ජැකලින් ද ඇරයුම් ලබා සිටියා. එහි ළඟාවන විට අර්ජුන් ද පැමිණ සිටිනු දුටුවා. ඒ සමඟම සංවිධායකයන් ඇමැතූ ජැකලින් පැවසුවේ අර්ජුන් ඉවත්ව නොගියොත් තමන් එම ප්‍රදර්ශනයට නොඑන බවයි.

    ඉන් පසුව ඇතිවූ නොයෙකුත් තර්ක විතර්ක මැද සංවිධායකවරුන්ට සිදුවුණේ අර්ජුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි. ජැකලින් ප්‍රදර්ශනය නරඹන්න පැමිණියේ ඉන් පසුවලු

  • දේදුණු ආකාසේ වාර්තාගත අදායමක් ලබයි.

    ආදරණීය කතාවක්‌’ නිසා පසුගිය වතාවේදී අපේ සිනමාව වෙත, සිනමා ශාලා වෙත ප්‍රේක්‌ෂකයා රොද බැඳගෙන ඇදී ආ අයුරු අමතක නැත. හරියටම ඉන් වසරකට පසුව මේ දවස්‌වල අපේ සිනමාවට ‘දේදුණු අකාසේ’ පායා ඇත. ‘ආදරණීය කතාවක්‌’ හා සමානවම ‘දේදුණු ආකාසේද’ අපේ සිනමාවට ප්‍රේක්‌ෂකයා කැන්දාගෙන එන චිත්‍රපටයක්‌ බවට මේ වන විට පත්ව ඇත.

    මේ චිත්‍රපට දෙකේම අධ්‍යක්‌ෂවරයා ප්‍රියන්ත කොළඹගේය. ප්‍රියන්ත 1998 වසරේ සිට ‘දේදුණු ආකාසේ’ දක්‌වා චිත්‍රපට පහක්‌ අධ්‍යක්‌ෂණය කර ඇත. දැහැන (98), විමුක්‌ති (98) සහ අරුමෝසම් වැහි (2003) ප්‍රියන්තගේ අධ්‍යක්‌ෂණයන්ය. මේ චිත්‍රපට වගේම තිරරචනාද ප්‍රියන්තගේය. ‘ආදරණීය කතාවක්‌’ සහ ‘දේදුණු ආකාසේ’ නිෂ්පාදනයටද ප්‍රියන්ත දායක වී ඇත.

    දේදුණු ආකාසේ’ මේ වන විට ඉතා සාර්ථක ලෙස ඊ. ඒ. පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ. චිත්‍රපටය ස්‌වර්ණවාහිනී නිෂ්පාදනයකි. අපි ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය ගැන අධ්‍යක්‌ෂ ප්‍රියන්ත කොළඹගේ සමඟ සාකච්ඡා කළෙමු.

    ‘දේදුණු ආකාසේ’ ප්‍රදර්ශනය සාර්ථකද?

    අති සාර්ථකයි. දින විසිතුනකදී ලක්‌ෂ 500 ක ආදායමක්‌ ලැබුවා. එය මෑත කාලයේ තැබූ වාර්තාවක්‌. ඇත්තටම චිත්‍රපටය ගැන සතුටක්‌ දැනෙනවා. ඉන්දියානු අධ්‍යක්‌ෂවරුන් කරන චිත්‍රපට සමඟයි අපට තරග කරන්න ලැබුණේ. ‘දේදුණු ආකාසේ’ සම්පූර්ණයෙන්ම සිංහල චිත්‍රපටයක්‌. එවන් චිත්‍රපටයකට ප්‍රේක්‌ෂකයන් සිටීම හොඳ දෙයක්‌.

    චිත්‍රපටයට ප්‍රධාන කාන්තා චරිත ලෙස එක්‌වන්නේ නවක නිළියන් දෙපළක්‌. ඔවුන්ගේ රංගනය ගැන?

    මම තෘප්තිමත්. මගේ උත්සාහය සාර්ථකයි. සිංහල සිනමා කර්මාන්තය රැඳී තිබෙන්නේ ප්‍රේක්‌ෂකයා මතයි. ප්‍රේක්‌ෂකයා චිත්‍රපට නොබලනවා නම් කර්මාන්තයකුත් නෑ. කලාවකුත් නෑ. මම සතුටු වෙනවා සිනමා කර්මාන්තයට යමක්‌ කළා කියලා. ප්‍රේක්‌ෂකයා අලුත් මුහුණු, නැවුම් රංගනයන් අපේක්‌ෂා කරනවා. ඔවුන් දෙදෙනාට දැන් අභියෝගයක්‌ තියෙනවා. ඒ අයගේ ඉදිරි ගමන දැන් ඔවුන් තීරණය කළ යුතුයි. මා කළේ හඳුන්වාදීම් පමණයි. ඒ ගැන සතුටුයි.

    හේමාල් රණසිංහ ප්‍රමුඛ අනෙක්‌ ශිල්පීන්

    මම ‘ආදරණිය කතාවක්‌’ කළේ ‘අරුමෝසම් වැහි’ කරලා අවුරුදු දහතුනකට පසුවයි. ‘ ආදරණීය කතාවක්‌’ චිත්‍රපටයට සම්බන්ධ කරගත් ශිල්පීන්ම තමයි ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටයටත් සම්බන්ධ කර ගත්තේ. මේක ප්‍රියත්ත කොළඹගේ ගෙ තනි නිර්මාණයක්‌ නොවේ. සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක්‌. මේ අය මට යෝධ ශක්‌තියක්‌ වුණා. ඊළඟ චිත්‍රපටයටත් මේ පිරිසම තමයි.

    ඔබ ඊළඟ නිර්මාණයට සූදානම්

    ඔව්. මේ වසර අවසානයේ හෝ ඊළඟ වසර මුලදී මීළඟ චිත්‍රපටයේ වැඩ අරඹන්න සූදානම් බොහෝ විට ‘ආදරණීය කතාවක්‌’ නිෂ්පාදක චමින්ද ගමගේ අලුත් චිත්‍රපටයේත් නිෂ්පාදන කටයුත්ත භාර ගනීවි.

    [rns_reactions]

  • මොලේ අවුල් වෙච්ච කු.පා.ම මහින්ද පා පැදියෙන් එද්දී පසුපසින් ආපු වාහන දිවුවේ වතුරෙන්ද?

    ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා.

    පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම විශේෂත්වයක්..

    මේ වනවිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

     

    [rns_reactions]

  • නිරෝගී හෙට දිනක් වෙනුවෙන් ඇති තරම් සෙක්ස් කරමු.. බීම නවත්තලා ඇදට එන්න.. නළු පෙම්වතිය කියයි..

    පසුගියදා පැවති සම්මාන උළෙලේදී හොදම නලුවා ලෙස සම්මාන දිනාගත් දසුන් පතිරණගේ පෙම්වතිය තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබේ. එනම් දසුන්ට මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන ලෙසට ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරමින් ඇය එය සටහන තබා ඇත.

    ප්‍රබෝධමත්වීම සඳහා හොදින් ලිංගිකව එක්වෙමු, ආදරය කරමු, ඒත් දරුවන් වෙනුවෙන් මත්‍රව්‍ය වලින් මිදෙමු යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම සටහන තබා තිබෙනවා.

    වාර්තා වන අන්දමට දසුන් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර පෙම්වතිය එම හේතුව නිසා දැඩි කනස්සල්ලකින් පසුවේ.

    ඇය තැබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

    [rns_reactions]

  • දසුන්ගෙන් අහිමි වූ දේවල් හදාගන්න නිලි ශලනි පවුල් අවුල් කරගත් නළු සාරංග සමග ඩුබායි දේශයට..

    දසුන්ගේ අභාවය සහ අනියම් සබදතාව බිදී යාම නිසා  ජනප්‍රිය නිළි ශලිනි තාරකා දැඩි අපවාදයට සහ මානසික පීඩනයකට ලක්ව සිටි බව නොරහසක්. සියලු දේ අමතක කර ඇය දැන් ජීවිතයට මුහුණ දිය යුතුයි. ඒ සදහා ඇය තෝරාගෙන ඇත්තේ තවත් කසාදය කුරුටු ගෑමට ආසන්නයේ සිටින සාරංග දිසාසේකරව බවට දැඩි රාවයක් පැතිර ගොස් ඇත. එයට හේතුව පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මෙහෙයවීමකින් සංවිධානයක කල ඩුබායි සංචාරයක් සඳහා සාරංග සමග ඇය මේ දිනවල එක්වී සිටිමය.

    ඔටුවන් පැදීම, කාන්තාරයේ බයිසිකල් පැදීම සහ නගරයේ සංචාරය කිරීම වැනි විනෝද ජනක අවස්ථා රැසකටම ඇය එහිදී සහභාගී වී තිබේ.

    මෙම සංචාරය සඳහා සාරංග දිසාසේකර, ෂනුද්‍රි ප්‍රියසාද් ඇතුලු පිරිසක් එක්ව සිටින අතර එහි ජායාරූප පහතින් දැක්වේ.

    https://www.facebook.com/sarangadisasekaraofficial/posts/1716588945032224

    [rns_reactions]

  • පිට රටිත් ගෙනත් හඬ කවලා පෙන්වන ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට ජනපති නියමයෙන් බදු වැඩිවෙයි..

    ලංකාවේ  ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බොහෝමයක් විදෙස් රටවලින් ආනයනය කර සිංහලෙන් හඬ කවා ප්‍රචාරය කරනු ලබනවා. මේ හේතුව නිසා ලංකාවේ බිහිවන අග්‍රගන්‍ය නිර්මාණ වලටද එතරම් ඉල්ලුමක් නොලැබීම කණගාටුවට කරුණක්. එසේම පාසල් යන වයසේ දරුවන් පවා ඇතැම් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහිවීම නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන් අවස්ථා අපේ සමාජයේ කතා බහට ලක්වුනා.

    මේ තත්වය අවම කරගැනීම සඳහා පිටරටින් ආනයනය කර හඬකවා විකාශය කරන ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා මෙතෙක් අය කල රුපියල් 90,000 මුදල 150,000 දක්වා වැඩි කර තිබෙනවා. මෙලෙස මුදල් ප්‍රමාණය වැඩි කිරීමට හේතුව කලා ක්ෂ්‍රේත්‍රයේ පිරිසකගේ ඉල්ලී්මකට අනුව සිදු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. මෙම පිරිස අතිගරු ජනාධිපතිතුමාගෙන්  මීට පෙර මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබෙනවා.

    නමුත් සිංහල දෙමළ ඉංග්‍රිසී භාෂාවෙන් නිෂ්පාදනය කරන චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල මුල් පිටපත හඬකවා නොමැතිනම් ඒ සඳහා මෙම ගාස්තුව අය නොකරන බවද සඳහන් වෙනවා. මින් පෙර තිබූ ගැසට් නිවේදන 03 ක් අවලංගු කරමින් මෙම නීතිය ඇතුලත් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුම මෙම නීතිය ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා.

    [rns_reactions]

  • අයියා ජීවත්ව සිටිය යුතුව තිබුණු කාලයේ තමයි ඔහුට මෙලොව හැරයාමට සිදුවුනේ…

    ඔස්ටින් අයියා” යන නම කියූ සැණින් බොහෝ දෙනාගේ සිහියට නැගෙනු  ඇත්තේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක චරිතයක්. එම චරිතය ඇතුළත් වෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ. ටෙලි නාට්‍යය තුළ නිතර පෙනී නොසිටියත්, ලැබෙන සෑම අවස්ථාවකදීම පාහේ ප්‍රේක්ෂකයන්ට මතක හිටින යමක් ඉතිරි කිරීම නිසාවෙන් ඔස්ටින් අයියා ගේ චරිතයට අද වෙද්දී බොහෝ ප්‍රේක්ෂකයන් ඇළුම් කරනවා. අපට ඔස්ටින් අයියා ගැන මෙබඳු සටහනක් තබන්නට සිදුවූයේ එම චරිතය පිටුපස සිටි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා මීට දින කිහිපයකට පෙර හදිසියේ මෙලොවින් සමුගත් නිසායි. කූඹියෝ මෙන්ම ‘ගිනි අවි සහ ගිනිකෙළි’, ‘ඇඩ්‍රස් නෑ’ ආදි කලා නිර්මාණවලින්ද ඔහු ප්‍රකට කළ ප්‍රතිභාව ප්‍රේක්ෂක ජනතාවට අමතක නැතුවාට සැකයක් නැහැ. ඔහු ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනී. ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සැපයූ ඔහු, වේදිකා නාට්‍යයක් රංගගත කිරීම සඳහා විදෙස් ගතව සිටියදීයි මෙලොව හැර ගියේ. සේනක, ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් සොහොයුරායි. සිය සොහොයුරාගේ හදිසි වියෝවෙන් පසු ජැක්සන්  ඔහු ගැන මතකය දිග හැරියේ මේ අයුරින්.

    සේනක ටයිටස් කියන කලාකරුවා ගැන කතාබහ කරන්න සුදුසුම පුද්ගලයා තමයි ඔබ. මොකද, කලාවේදී වගේම පෞද්ගලික ජීවිතයේදීත් ඔබ තමයි ඔහුව ළඟින්ම ඇසුරු කළේ?
    ඔව්, අපේ පවු‍ලේ සහෝදරයෝ පස්දෙනයි. වැඩිමලා තමයි අයියා. මම පවු‍ලේ දෙවැනියා. අපි දෙන්නා අතරේ වයස් පරතරය අවුරුදු එකහමාරක් දෙකක් විතර ඇති. ළමා කාලයේදී සහෝදරයෝ වගේම යාළුවෝ විදියට තමයි අපි දෙන්නා එකට හැදුණේ වැඩුණේ.

    ඔබට සොහොයුරා ගැන අමතක කරන්න බැරි ළමා වියේ මතකයන් ඇති? 
    ළමා කාලය ගැන සිහිපත් කරද්දී මට අයියා ගැන එක්වරම සිහියට එන එක්තරා සිදුවීමක් තියෙනවා. ‍පොඩි කා‍ලේ අපි ජීවත් වුණේ පේරාදෙණියේ කුලී නිවසක. අපේ අම්මාට තුන්වැනි දරුවා ලැබෙන්න සිටියදී මාවයි අයියවයි අල්ලපු ගෙදර නවත්තලා අම්මයි තාත්තයි මහගෙදර ගියා. අපිට ඒ කා‍ලේ හරිම දුකයි. වෙනදාට හැමදාම කඩල කන්න කියලා ගෙදරින් ලැබුණු සත පහත් ඒ දවස්වල අපට නැතිව ගියා. දවසක් අපි දෙන්නා බඩගින්නට කඩල ටිකක් හොරකම් කරන්න හිතුවා. මම තමයි ඒ හොරකම කරන්න ඉදිරිපත් වුණේ. නමුත්, ඒ හොරකම කරද්දී මාව අහුවුණා. අපිව ‍පොලීසියට අල්ලලා දෙනවා කියලා මිනිස්සු අපව බය කරද්දී අයියා තමන් පන්තියේ පළමුවැනියා බව සටහන් වෙලා තිබුණු රි‍පෝට් කාඩ් එක පෙන්නලා අනුකම්පාව දිනාගෙන මාව බේරගත්තා.

    සේනක සහ ජැක්සන් (ඉදිරිපස වාඩිවී) සිය සොහොයුරන් සමග කලකට ඉහත දී ගත් ඡායාරූපයක්

    ඔබ දෙදෙනා කලා කටයුතු පටන් ගත්තෙත් එකටමයි? 
    ඔව්, රාගම ‍පොඩිවී කුඹුරේ පදිංචියට ආවාට පස්සේ අපි දෙන්නා වේදිකා නාට්‍ය පෙන්වන්න පටන් ගත්තා. අපේ තාත්තා ඒකට අපිට වේදිකාවකුත් හදලා දීලා තිබුණා. 1977 අවුරුද්දේ අපි දෙන්නා නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිස්සු වේදිකා නාට්‍යයේ රඟපෑවා. අයියා තමයි එහි ප්‍රධාන චරිතය රඟපෑවේ. මම කළේ සුළු චරිතයක්. ඒ නාට්‍යය සම්මාන හතක් දිනා ගනිද්දී ඒ අතරින් එකක් ලැබුණේ අයියාට.

    ඒ අතරතුර ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙසත් නමක් දිනාගන්නවා
    මම විශ්ව විද්‍යාලයට යන කා‍ලේ වෙනකොට අයියා මල්ටිපැක්ස් පුවත්පත් ආයතනයේ සේවයට බැඳුණා. පුවත්පත් කලාවේදීයෙක් විදිහටත් ඔහු බොහෝ අයට උදව් උපකාර කළා. ජයන්ත චන්ද්‍රසිරිගේ පවා පළමු පුවත්පත් ලිපිය කරන්න අයියා තමයි ඔහුව ආතර් යූ. අමරසේන මහතාට හඳුන්වා දුන්නේ. මම ඇඳපු මුල්ම චිත්‍ර කතාවට කතාව ලිව්වෙත් අයියා. මේවගේ අපි හැමෝගෙම ජීවිතවල සේනක ටයිටස් කියන චරිතය හිටියා.

    ඔබ දෙදෙනා එකට රඟපෑ නිර්මාණ අතරේ ප්‍රේක්ෂකයන්ගේ තදින් මතකයේ රැඳුණු විදිහේ ඒවාත් තියෙනවා නේද?
    ඔව්, වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණෙනි කියන ගීතය ඇතුළත් වෙන්නේ මෙතනින් මාරුවෙනු කියන වේදිකා නාට්‍යයේ. ඒ ගීතය අදටත් හිටි ගමන් රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි එම දර්ශනයේ මා සමග රඟපාන්නේ මගේ අයියා කියලා හුඟක් අය දන්නේ නැහැ. ඔහු තමයි එහි පැබ්ලෝ ගේ චරිතය නිරූපණය කළේ.

    ඔබේ නිර්මාණවලට ඔහු ඉතා කැමැත්තෙන් දායක වුණා නේද?
    ඔව්, ජුලියට්ගේ භූමිකාවෙන් පටන් ගත්තාම, අබා, ඇඩ්‍රස් නෑ, සී රජ ආදිය ඇතුළුව මගේ හැම නිර්මාණයකට පාහේ අයියා රංගනයෙන් දායක වුණා.

    දශක ගණනාවක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටි ප්‍රතිභාපූර්ණ නළුවකු වූ ඔහුට කලා ජීවිතයේදී සිය හැකියාවන් එළිදැක්වීමට ලැබුණු අවස්ථාවන් ගැන ඔබට මොනවාද හිතෙන්නේ?
    ඔහු හොඳ කටහඬක් තිබුණු, ඉතා දක්ෂ චරිතාංග නළුවෙක්, නමුත් අපේ රටේ එවැනි චරිතාංග නළුවන්ට නිසි තැනක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දන්නා කියන නිර්මාණකරුවන්ගේ කලා නිර්මාණවලට පමණයි ඔහුට දායක වෙන්න ලැබුණේ. කූඹියෝ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතය නිසා ඔහු ගැන ලොකු අවධානයක් ඇති වෙමින් තිබුණා. ඉදිරියේදී එහි ඔහුගේ චරිතය තවත් ප්‍රබල ලෙස ඉස්මතු වේවි. සාමාන්‍ය ප්‍රේක්ෂකයා තුළ ඔහු ගැන කතාබහක් ඇති වෙමින් තිබියදී තමයි ඔහු වියෝ වුණේ. ඇත්තටම ඔහු ජීවත්ව සිටිය යුතුව තිබුණු කාලයේ තමයි ඔහුට මෙලොව හැරයාමට සිදුවුණේ.

     

    -උපුටා ගැනීමකි-

  • ඉරාජ්ගේ මුදලට යටවෙමින් බුදුදමට නිගාදෙන මානසික රෝගී 2.50 චීවරධාරියා නැවතත් කරලියට..

    ඉරාජ් වීරරත්න සහ සිරි සමන්තබද්‍ර හෙවත් පිටදූවේ සිරිධම්ම යනු ක්ෂේත්‍රයන් දෙකක පෙරළිකාර චරිත ද්විත්වයක්. අලෙවිකරණය සඳහා දෙදෙනාටම ඇත්තේ ඉතා හොද හැකියාවක්.

    මීට සුලු මොහොතකට පෙර ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වෙනවා.

    මල්වතු මහානායක හිමියන්ගේ ආශිර්වාදය සහ උපදෙස් අනුව කටයුතු කරන බවට දණින් වැටී පොරොන්දු වී පිටදූවේ සිරිදම්ම හිමි ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වල අඩුපාඩු බැලීම මල්වතු පාර්ශවයේ සංඝ්‍යා වහන්සේලාට කැපද? අකැපද? එය භික්ෂූන් වහන්සේලාට අයත් රාජකාරියක්ද? නැද්ද?

     

    [rns_reactions]

  • ” විඩීයෝ එකට හොර ඉරාජ් ලක්ෂ 27ක් හොරකම් කළා , ” බිග් හර්ෂගේ ජිවීත කතාව විඩීයෝවකින් එළියට

    බිග් හර්ෂ යන අනුවර්ථ නාමයෙන් ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය හර්ෂ එරංග සිය ජිවීත කතාව 27 නමින් නව ගීතයකින් එළි දක්වා තිබෙනවා.

    නිකුත් කළ මොහොතේම සිට මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම විඩීයෝව ගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න විසින් රිපොර්ට් කිරීම නිසා ‍යුටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කර පවා තිබුනා. ඒ මෙම ගීතය තුල ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කළ “මනමාලී” ගීතයෙ කොටස් තිබීම පාදක කර ගනිමින්.

    මෙම ගීතයෙන් ඉරාජ් වීර‍රත්න විසින් හර්ෂ එරංගගේ ලක්ෂ 27ක මුදලක් වංචා කර ලබා ගත් සිදුවීමක් පිළිබද හෙළි කර තිබිමද විශේෂත්වයකි.

    ආන්දෝලනයට තුඩු දුන් එම විඩීයෝව පහතින්

    https://www.facebook.com/supirigossip1/videos/1491937154175219/

    [rns_reactions]

     

  • මිය ගිය දසුන්ගේ ජීවිත කතාව රූප රචනා කල චමු ශ්‍රී ට ඉවසීමේ සීමාව පැනපු නිලි ශලනි දැක්වූ ප්‍රතිචාර මෙන්න

    chamu sri කියන්නේ කාලෙන් කාලෙට විවිධ නිර්මාණ හරහා කරලියට එන මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු පසුගිය දිනක නිර්මාණය කළ ” සිරවී ” කියන මියුසික් වීඩියෝව සම්බන්ධයෙන්  බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත . ඒ එම නිර්මාණය හරහා මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සමාජගත කර තිබේය යන්න පවසමින්.දසුන්ගේ ජීවිත කතාව මෙසේ රූපරචනා කිරීම හෙලා දකින කරුනක් බවයි දසුන්ගේ පෙම්වතියක් ලෙස කිරුළු පලන්  ශලිනි තාරකා කියා සිටියෙ.

    [rns_reactions]

  • ශලනි-දසුන් අනියම් පෙම සහ අසරණ මවකගේ වේදනාව රැගත් චමුශ්‍රිගේ අලුත්ම වීඩියෝව මෙන්න..

    ” මගේ පුතේ , යන්න කලින් එක පාරක් මේ අහිංසක අම්මා මතක් වුනේ නැද්ද මගේ පුතේ… මේ අම්මාගෙ පපුවෙ පිච්චෙන වේදනාව මගෙ පුතා කොහෙ හරි ඉදන් බලාගෙන ඇති….මතු ඉපදෙන ආත්මෙක ජීවිතේට තෝරගන්න කෙනා මේ අම්මා වගේ ආදරේ කරන කෙනෙක් තෝරගන්න පුතේ…”

    [rns_reactions]

  • තමන් නිසා අකාලයේ මියගිය දසුන්ට මඩගසා පත්තිනි අම්මා වෙන්න හදන නිළියගේ අමුතු සංගීත වීඩියෝව…

    දසුන් නිශාන්ගේ මරණය ශ්‍රී ලංකාව මහත් කම්පනයට ලක් කල සිදුවීමක්. එම සිදුවීම සමඟ බොහෝ දෙනෙකු රංගන ශිල්පිණී ශලිණි තාරකා සම්බන්ධ කරමින් චෝදනා නැගු අතර එහි සත්‍යයක් නැතුවාද නොවේ. විවාහක අයෙකු බව දැන දැනම දසුන් සමග හාදකමක් ඇතිකරගැනීමට තරම් ශලනි පහත තත්වයට පත්වුනේද? නැත්නම් දසුන් එයාව රවටාගත්තේද? ශලනි පාර්ශවය සදහන් කරන පරිදි දසුන් විසින් තම්න්ට කල රැවටීම පිළිබඳව හැගීම් සියල්ල කැටි කර ශලිනි තාරකා විසින් රචනා කල ගීතයක වීඩියෝවක් සහ එහි පසුබිම් කතාව මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇත. දැන් දසුන් මියගොස් කාලයක් ගතව ඇත. මැරුණ මිනිහට මඩගහන පහත් නිලියක් නොවී තමන්ගේ පාඩුවේ සිටියා නම් එය තමන්ගේ නමට යහපත් බව කලාවට හිතැති ජනතාවගේ අදහස වී ඇත. ශලනි පාර්ශවය සදහන් කරන පරිදි දසුන්ගේ හදිසි මරණයට සති කිහිපයකට පෙර ඇය මෙම ගීතය නිර්මාණය කර ඇති අතර එය දසුන්ට ඇසෙන්නට සැලැස්වීම ඇගේ අරමුණ වී ඇත. නමුත් අද මේ ගීතය එළිදැක්වෙන මොහොත වන විට දසුන් සියලු දේ අතහැර නික්ම ගොස් අවසන්ය.

     

    [rns_reactions]

     

  • සුපර් ස්ටාර් තුලින් මුළු රටේම ආදරය දිනාගත් ශිහාන් මිහිරංගගේ අද තත්වය මෙන්න..

    අපේ රටේ වර්තමාන සංගීත පරපුරේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ. යෞවනයේ සිහින කුමරා ලෙසින් හඳුන්වන ශිහාන්ගේ අලුත්ම තොරතුරු ඔහු පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණා.
     
    ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම කියන්න?
    නිදහස තුළින්…. මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්.
     
    එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ…?
    මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ.
     
    ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද?
    මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නමෛයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන.
     
    ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද?
    කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම ‍පොතක් විදියට ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගේ නම් ගම් සහිතව ඒ හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම් ඇතුළත් ඒ ‍පොත නිකුත් වුණාට පස්සේ මම ‍නෙවෙයි බොහෝ ප්‍රසිද්ධ, ප්‍රවීණ චරිත නම් බයවෙයි.
     
    කලාව හැරුණාම සමස්ත ජීවිතය තුළදීම විඳි සතුටුදායක හා දුක්බර අත්දැකීම් සිහිපත් කළොත් ?
    අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණා. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැතිවුණ දා දැනුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවම “තාත්තා හිටියනම්” කියන හැඟීම හිතට එන වෙලාවටයි.
     
    අද තිස් දෙවැනි වියේ ඉඳන් සුපර් ස්ටාර් තුළින් ආපු 19 වැනි වියේ පසුවූ හුරුබුහුටි ගැටවරයා සිහිපත් කරන කොට දුකක් හිතට එනවාද?
    දුකක් එන්නෙත් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් එනවා. (මහ හඩින් සිනාසෙයි)
     
    ඇයි ඒ ?
    මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයිගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකින කොට සමහර කොල්ලෝ කියනවා. “ඇයි මූට මැරෙන්න හදන්නේ… මූට මොනවාද තියෙන්නේ” කියලා. වයස 19-20 මගේ පින්තූර, වීඩියෝ අද දකිද්දී මට පෙනෙන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අන්දලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දී මටත් අද හිතෙනවා “කෙල්ලෝ මූට මැරෙන්න හැදුවේ ඇයි… මූට මොනවද තියෙන්නේ” කියලා.
     
    ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වන්නේ අද තියෙන පෙනුමට…?
    නෑ. හෙට දවසේ පෙනුමට. රැවුල ටිකක් සුදුවෙලා, කොණ්ඩෙ ලාවට සුදුවෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක්, පරිණත පෙනුමක් ලැබෙන තුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා.
     
    ශිහාන් තැනකට ගියාම ගෑනු ළමයි පිස්සු වැටිලා වටකර ගත්තු යුගය අද සිහිවන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
    සතුටකුත් නමෛයි, දුකකුත් නමෛයි. සාමාන්‍ය හැඟීමක්.
     
    ඔහොම කිව්වට විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණය අඩුවෙලා ගිය එක ගැන නම් පුංචි දුකකුත් හිතේ ඇති?
    (හිනැහී) අවිවාහක තරුණයන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතුව ගියා. හැබැයි ඉතින් විවාහක පිරිමින්ට ආකර්ෂණය වන කාන්තාවෝ පිරිසකුත් මේ රටේ ඉන්න බව ඔයා තවම දන්නේ නැතුව ඇති.
     
    මම ඕක ඔය විදියටම ලියන්නම්. හැබැයි ඔබේ බිරිඳ මේ පුවත්පත් ලිපිය කියවීමෙන් ඇතිවන ප්‍රතිඵල ඔබට ලොකු දුකක් ඇති කරන්න බැරි නැහැ.?
    මගේ බිරිඳට කලා ලෝකයේ ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අදටත් මගේ කාමරේ බිත්ති පුරා ඉන්නේ කාජල්. ඒත් කාජල් බැඳලා ළමයිනුත් ඉන්නවා. මට අද කාජල්ව බඳින්න ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා. අදත් ශිහාන් මිහිරංගට ආදරේ කරන කාන්තාවෝ ඉන්න බව බිරිඳ දන්නවා. ඒත් ඇය ඒ ගැන කලබල වෙන්නේ නැහැ.

    [rns_reactions]

  • ජනප්‍රියත්වයට හානියක් වේ යැයි සිතා දෙවනි ඉණිමේ අනුහස් කාටත් හොර රහසේම යුගදිවියට!

    මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවන ඉණිම නාට්‍යයේ අනුහස් නම් ප්‍රධාන චරිතයට පණ පොවන රවීන් කණිෂ්ක පසුගියදා යුග දිවියට පිවිස තිබෙනවා. ඔහුගේ විවාහය අතිශය රහසිගතව සිදුව ඇත්තේ කළක් ඔහු සමඟින් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ පෙම්වතිය සමඟින්.

    රවීන්ගේ විවාහය සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් සහභාගී වී ඇති අතර ඔහු සමඟින් ක්ෂේත්‍රයේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන සමීපතමයින් කිහිදෙනෙකුට විවාහය සඳහා ආරාධනා කර තිබෙනවා.

    රවීන්ගේ විවාහය සඳහා සහභාගී වූ පිරිසට ස්තූති පත්‍රිකාවක් හෝ ලබාදීම මෙහිදී සිදුකර නැති බවත් විවාහයේ මංගල ඡායාරූපය පවා ප්‍රින්ට් නොකොට තැබීමට ඔවුන් තීරණය කර තිබූ බවයි අපවෙත තොරතුරු වාර්තා වන්නේ.

    පසුගිය 26 වනදා වෝටර්ස් ඒජ් හිදී මෙම විවාහය සිදුව ඇති අතර එහි පැමිණ සිටි පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර රවීන් පවසා ඇත්තේ විවාහයේ කිසිදු ඡායාරූපයක් සමාජජාලවලට එක් නොකරන ලෙසටයි. එලෙසින් මෙම විවාහය රහසිගතව සිදුකර ඇත්තේ ඔහුගේ ජනප්‍රියත්වයට විවාහය ප්‍රසිද්ධ කිරීමෙන් යම් ආකාරයක බලපෑමක් වේයැයි සිතූ නිසා බවටයි ක්ෂේත්‍රයේ පිරිස් පවසා සිටින්නේ.

    මේ අතර පසුගියදා රවීන් හා නයනතාරා එක්ව මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර රවීන්ගේ සැබෑ ජීවිතයේ විවාහයට සමගාමීව එම ඡායාරූප ප්‍රසිද්ධයට පත්කර තිබුණේ එම විවාහය පිළිබඳව ඔහුගේ රසිකයින්ගෙන් සඟවා සිටින්නට බවටයි මේ වන විට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.

    [rns_reactions]

     

  • මම සාමාන්‍ය ගුරුවරියක්.එත් මගේ විදුහ‍ලේ ඉන්න සිසුවියන් හිතන්නේ මම සැර ගුරුවරියක් කියලා…(Photos)

    ගුරු වෘත්තිය හා රංගනය දෙකම මනා සේ හසුරවන අති සුන්දර රුවකට හිමිකම් කියන ඔබ කවුරුත් රූපය දුටු පමණින් හඳුනන දුලානි අනුරාධා පුවත්පත් සාකච්ඡාවකදී ඇය ගැන ඇය විසින්ම කියූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ තබන්නෙමු….

    ඔබේ රංගනයන් ඉදිරියේදී දක්නට ලැබෙන්නේ කවර නිර්මාණ තුළින්ද?
    මම රඟපෑ චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍යය කිහිපයක් ඉදිරියේදී එන්නට තිබෙනවා. අවසන් වතාවට කළේ “එක හීනේ පාට ගොඩයි” කියන ළමා චිත්‍රපටය. ඉන්පසුව නම් අලුත් නිර්මාණයකට දායක වුණේ නැහැ.
    රඟපාන නිර්මාණ ප්‍රමාණාත්මකව අඩුවන්නට හේතුව ඔබ තෝරා බේරාගෙන රඟපාන නිසාද ?
    ඔව්, මට තෝරා ගැනීමක් කරන්න සිදුවෙනවා. මොකද, මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ නිසා මට විශාල කාලයක් රංගනය වෙනුවෙන් යොදවන්න බැහැ.
    දුලානි සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතිය විදියට දකින්න ලැබෙන්නේ නැහැ.. 
    මට එවැනි නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවා. ඒත් මට ඒ වගේ නිර්මාණ භාරගන්න පුංචි බයක් තියෙනවා.
    ඇයි ඒ .. ?
    යම් ගැඹුරක් සංකීර්ණ බවක් තියෙන හැලහැප්පීම්වලට ලක්වන චරිත රඟපාන්න මට පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒත් සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතියට තිබිය යුතු සරල බව මට මගේ රංගනය තුළින් හරියට මතු කරගන්න බැරිවෙයි කියලා බයක් මට හිතෙනවා. ඒ හින්දා මම එවැනි චරිත රඟපාන්න යන්නේ නැතුව මට ගැළපෙන දේ විතරක් කරනවා.
    සරල බව ඔබට සංකීර්ණයි. සංකීර්ණ බව සරලයි. ඔය දේ සාමාන්‍ය ජීවිතයටත් ‍පොදුද? දුලානි අනුරාධා කියන්නේ සැබෑ ජීවිතේදීත් හැමදේම සංකීර්ණව දකින සුළු ප්‍රශ්නවලට විසඳුම් පවා ගැඹුරින් හොයන කෙනෙක් ද?
    ඒ කතාවේ යම් තරමකට සත්‍යතාවක් නැත්තෙත් නැහැ. ඇත්තටම මම මහ ලොකු ප්‍රශ්න කරගත්තු සමහර දේවල් බොහොම පුංචි දේවල් නේද කියලා පස්සේ හිතුණ අවස්ථා තියෙනවා. ඒ වගේම එහි අනිත් පැත්තත් තියෙනවා. සමහර ලොකු දේවල් දිහා කිසිම බරක් පතළක් නැතුව හරිම සරලව සැහැල්ලුවෙන් බැලූ අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.
    ඔබ ගුරුවරියක්. නිළියක් විදියට ජනප්‍රිය චරිතයක් වීම පාසල් භූමිය තුළ කෙබඳු තත්ත්වයක්ද ඇති කරලා තියෙන්නේ. ගුරුවරියක ලෙස සිසු පිරිස ඉදිරියේ ඔබේ පෞරුෂය රැකගන්නට නිළිකම බාධාවක් වෙලා නැද්ද ?
    පාසල තුළ මම සාමාන්‍ය ගුරුවරියක්. මගේ විදුහ‍ලේ ඉන්නේ සිසුවියන් විතරයි. ඒ අය අතර තියෙන්නේ මම ටිකක් සැර ගුරුවරියක් කියන හැඟීමක්. මට පාසල් භූමිය තුළදී නිළියක් කියන හැඟීම හිතේ තියාගෙන හැසිරෙන්න බැහැ. එතැනදී මට මගේ පෞරුෂය රැකෙන ආකාරයටයි හැසිරෙන්න සිදුවන්නේ.
    ඔබ ළඟට ඇවිත් රඟපාන්නට අවස්ථා ඉල්ලන සිසුවියන් නැද්ද ?
    එහෙම අයත් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රඟපාන්න කලින් තමන්ගේ අධ්‍යාපනය හරියට කරගෙන ඉන්න කියලා.
    තවමත් තනිකඩව දිවි ගෙවන්නේ ඇයි ?
    ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා කියලා මම කිසිම තැනක කියලා නැහැ. මගේ විවාහය තවත් කාලෙකින් සිදුවන්නටත් පුළුවන්, හෙට සිදුවන්නටත් පුළුවන්.