Category: සුපිරි Cinema

  • සසර දුක් ගිනි බිය නිසා, මම හිතුවා හැරයන්න, සැපෙන් පිරුණු ගිහිගෙය අම්මේ…

    සසර දුක් ගිනි බිය නිසා,
    මම හිතුවා හැරයන්න,
    සැපෙන් පිරුණු ගිහිගෙය අම්මේ……❤️❤️

    ඇලෙන,ගැටෙන විදින,
    කම් සැපෙන් පිරි ජීවිතය,
    මට රහක් නෑ…….
    මට වැඩක් නෑ…..
    මට අරුතක් එහි පෙනෙන් නෑ…..
    මගෙ අම්මේ…….❤️❤️

    ඉපිද,ඉපිද දුක් පිරුණු සයුරේ,
    මම කොතෙක් ආවද අම්මේ……..❤️❤️
    අර්ථයක් නැති,
    තේරුමක් නැති,
    අපව රවටන මේ සසරෙන්,
    එතෙරව යන්න මා හැර ගියේ,
    නුඹව අම්මේ………❤️❤️

    නුඹේ අවසන් හුස්ම ගිය දා,
    මම අසරණ වුණා අම්මේ……..
    තවම සසරෙන් එතෙර වන්නට,
    පෙරුම් පුරනා නිසා වෙන්නැති………
    අම්මේ…….❤️❤️.
    අම්මා නිදන අවසන් යහන ළග,
    වැතිරුණේ මම එදා,
    අම්මගේ පොඩි පුතුම ලෙසිනේ.!!!!

    මේ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට හා
    උතුම් චතුරාර්‍ය්සත්‍ය අවබෝධයෙන් උතුම් වූ
    නිවන් මග ළගා කරගැනීම උදෙසා,මගේ
    ශාසනයට,බුදු පුතෙකු පූජා කළ මහත් උතුම්
    වූ පිනෙන්……
    මවුතුමියනි ඔබට අමා මහ නිවන් සුව
    ඒකාන්තයෙන්ම ළගා වේවා.!!!!!!!!!!!!!!

    [rns_reactions]

  • ආදරය වෙනුවෙන් දිවි පිදු දසුන් වෙනුවෙන් ශලනි ලියු යලි හමුවෙමු ගීතය මෙන්න..

    ආදරය වෙනුවෙන් දිවි පිදු දසුන් වෙනුවෙන් ශලනි ලියු යලි හමුවෙමු ගීතය මෙන්න

    https://www.facebook.com/ctunes.lk/videos/120511935282415/

    [rns_reactions]

  • කෙසෙල් කෑ පියුමිට කැන් පිටින් කවන්න කොරියාවේ කොල්ලෝ සූදානම්ලු

    දකුණු කොරියාවේ පැවැති සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකට එල්ලවූ කෙසෙල් හා ගල් මුල් ප්‍රහාරය පිළිබඳ මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වනවා.

    ප්‍රවීණ ගායන ශිල්පියෙකුට අපහාස වන අයුරින් පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් ගීත වීඩියෝවක පෙනී සිටි ඇයට විරෝධය පෑමක් ලෙස මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තාවනවා.

    මෙරට කලා ක්ෂේත්‍රයට අති විශාල මෙහෙයක් කළ එවැනි මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතය අලලා නිර්මාණය වූ එම වීඩියෝවට සමාජයේ දැඩි විරෝධයක් එල්ල වුණා.

    කෙසේ වෙතත් මෙම ප්‍රසංග මාලාවේ තවත් ප්‍රංසග දෙකක් පැවැත්වීමට නියමිත බවත් එම ප්‍රංසග වලදී එම ශිල්පිණියට දැඩි විරෝධය පාන්නට බොහෝ දෙනා සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

     

    [rns_reactions]

  • මෙරට සංගීත කලාව කෑ සක්කිලියෙකුටත් එහා ගිය අපතයෙකු ගැන කතාවක් (වීඩියෝ)

    මෙරට සංගීත කලාව විනාශ කරමින් තම බඩගෝස්තරය වෙනුවෙන් වෙනුවෙන් අනුන්ගේ ඇඟවල් සහ ජීවිත විකුණනු ලබන කුප්‍රකට අපත සක්කිලි චරිතැති වසලයෙකුගේ සත්‍ය ජීවිත කථාව කියවෙන නිර්මාණයක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල සැරිසමින් තිබේ.

    මේ එම වීඩියෝවයි.

    [rns_reactions]

  • වික්ටර් රත්නායක මහතාට අපහස කළ පියුමිට කොරියාවේ ඉන්න ලංකාවේ කොල්ලොගෙන් හොඳ පාඩමක්

    මේ දින වන දකණූ කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා ලංකාවේ ජනප්‍රිය තරු රැසක් සහභාගී වී සිටිනවා. ඊයේ දිනයේදී පැවත්වූ ප්‍රසංගයකදී නොසිතූ දෙයක් සිදු වූවා ඒ මෙම සංගීත ප්‍රසංගයට සහභාගී වූ එක්තාර නිරූපන ශිල්පිනියක් නිසා,

    ඉරාජ් වීරරත්න නිර්මාණය කළ අන්දොලනාත්මක හේතුවකට තුඩු දුන් වීඩියෝ පටයක් දායක වූ මෙම නිරූපිකාව ව පිළිබඳව පසුගිය දින වල නිතර කතාබහට ලක් වුනා. රටේ සැමගේ විවේචනයට ලක් වුනා ඊට හේතුව වන්නේ ලංකීය සංගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීනයෙකු වන වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට මඩ පහරක් ගැසීමට මෙම වීඩියෝ පටයෙන් උත්සහ දැරීම නිසා.

    කේසේ වෙතත් වීඩියෝ පටයට දායක වූ එම නිරූපීකාව ඊයේ දින ප්‍රසංගය පැවත්වෙන වෙලාවේ වේදීකාවට පැමිණි අවස්ථාවේ,සහභාගී වූ පිරිසගෙන් කෙසෙල්, ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබෙනවා, මේ එම වීඩියෝ පටයයි…

    [rns_reactions]

  • ඉන්නකොට රැකගන්න බැරිවුණු ආදරය සොයා ශලනි දින 7කට පසු දසුන්ගේ සොහොනට…

    ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වා අවාසනාවන්ත ලෙස සිය දිවි නසාගෙන මිය යාමේ සිදුවීම සමාජයේ ප්‍රවෘත්ති මැවීමට සමත් විය.
    ඒ අතරින් ඔහුගේ පෙම්වතිය වූ ජනප්‍රිය නිළි ශලනි තාරකා වෙතද විශේෂ අවධානයක් හිමි වුනා. කෙසේ වෙතත් දසුන් ගේ අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි වූ ශලනි දසුන් මිය ගොස් දින 07ක් ගතවීමෙන් අනතුරු ව ඔහුගේ සොහොන වෙත ගොස් තිබෙනවා. ඉන්පසුව ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

    ශලනි තැබු සටහන පහතින්….

    ”අදට ඔයා ගිහින් දවස් 7යි..
    ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..,
    හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
    තාම මේක හීනයක් වගේ
    හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
    ඉන්න තැනක සතුටින් ඉන්න…,
    -ඔයාගේ ආදරේ-”
     

    [rns_reactions]

  • වරදක් කළා වුණත් තාත්තට කවුරු වුණත් මඩ ගහනවට දරුවෝ වුණු අපි කැමති නැහැ

    ඉරාජ් වීරරත්න විසින් වික්ටර් රත්නායක මහතා අපහසුතාවයට පත්වන අයුරින් නිර්මාණය කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් සමාජජාලවල මේ දිනවල දැඩි විරෝධයක් එල්ල වනවා.

    ශ්‍රී ලංකීක සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවකු වන වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට මඩ පරහක් ලෙස ඉරාජ් මෙම වීඩියෝව සිදු කොට තිබුණා.
    ඒ තුලින් වික්ටර් රත්නායකයන්ට කැළලක් ඇති කීරීමට උත්සහය ගැනීම ගැන වික්ටර් රත්නායකගේ පුත් ජයන්ත රත්නායක දැඩි විරෝධයක් එල්ල කර තිබුණේ මෙලෙසින්.

    ඉරාජ් කියන්නේ සංගීතඥයෙක් නෙමෙයි. බිස්නස්මන් කෙනෙක්. මම අපේ රටේ මධ්‍යයේ දකින දුර්වලතාවක් තමයි සංගීතය ගැන කතා කරන්නේ සංගීතය ඉගෙන ගෙන නැති සංගීතය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය.
    ඉතිං ඒ වගේ අයත් ඉරාජ්ල වගේ අයට හොඳ හිට් එකක් දෙනවා.

    ඇත්තටම ඉරාජ්ට ඕනි මොකක්හරි වීඩියෝවක් කරලා එක youtube දාලා ඇමරිකාවෙන් ලැබෙන සල්ලි ගන්න. 
    එයාට සංස්කෘතිය අදාළත් නැහැ. හිට් වෙන වීඩියෝ කරනන් ඕනෑ දෙයක් කරන්න සූදානම්. youtube එකෙන් අප්ලෝඩ් කළාම, නරඹන ප්‍රමාණයට අනුව ලොකු ගානක් ලැබෙනවනේ. 
    අද අපේ රටේ පාර්ලිමේන්තුවවේ ඉන්න සමහරු ඡන්ද පැරදුනු අය. අද සින්දු කියන්නේ මියුසික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ අනති අය.

    අපේ තාත්තගේ සිද්ධිය විතරක් නෙවෙයි ඕනෑම සිද්ධියක් මුල් කරගෙන විඩියෝස් හදල මුදල් ඉපයීමේ පරමාර්ථයයි ඔහුට තිබෙන්නේ.

    ඒ වගේ අය කලාකරුවන් නෙවෙයි. එවැනි අයට කලාකරුවන් කියනවට මම කැමති නැහැ. මෙහෙම දෙයක් තියෙනවා
    සමහර මිනිස්සු කියනවා අපි තාත්තට සැලකුවේ නැති නිසා තාත්තා ඒ වගේ කෙනෙක්ගේ ආදරය පැතුවා කියලා. 
    එක සම්පූර්ණ බොරුවක්. අමූලික බොරුවක්. එක තාත්තා නිර්දෝෂී වෙන්න කරන දෙයක් වෙන්න ඇති.

    මොනවා වුණත් ඒ මගේ තාත්තා. තාත්තා වරදක් කළා වුණත් මගේ තාත්තට කවුරු වුණත් මඩ ගහනවට දරුවෝ වුණු අපි කැමති නැහැ. තාත්තා ලොකු වරදක් කර ගත්තා. එත් එක ඉරාජ්ලට හොඳ මාතෘකාවක් සල්ලි හම්බ කරගන්න.

    [rns_reactions]

  • සිහිනයකි රෑ පොලිස්පතිවරයාගේ තේරීමකට යටත් වෙයි

    ‘පොලිසිය’ යන නම ඇසූ සැණින් මෙරට බහුතරයක් වූ ජනතාවගේ මනසේ ඇති වන්නේ බිය මුසු තත්ත්වයකි. ‘පොලිස් නිලධාරියකු’ අපි සමාජය හඳුන්වන්නේ හිතක් පපුවක් නැති, දරදඬු නීතිය පමණක් විමසන පුද්ගලයකු ලෙසයි.

    නමුත් ශ්‍රී ලංකා පොලිසිය තුළද සුන්දර මිනිස්සු නැතුවාම නොවෙති. මේ අතර සින්දු කියන, නර්තනයේ යෙදෙන, චිත්‍ර අඳින පොලිස් නිලධාරීන්ද සිටී.

    මා මේ කියන්න යන්නේ එවැනි පොලිසියේ සුසංයෝගයක් ගැනය.

    මේ දිනවල රූපවාහිනියේ අංක එකේ ගීතමය වැඩසටහනක් වන ‘සිහිනයකි රෑ’ වැඩසටහනට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා පැමිණියේය.

    පූජිත් ජයසුන්දර වන ඔහු මෙම වැඩසටහනේ ගීත 10ක් තෝරන අතර ඊට ගීත විචාරයක්ද ලබා දීමේ සුන්දරතම කර්තව්‍යයට අත ගසා තිබුණේය. එහිදී සිය පෞද්ගලික ජීවිතය, රාජකාරි ජීවිතය විවර කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මවුගුණ ගී ගයද්දී සංවේදී වන අවස්ථාද කැමරා කාචයේ සටහන් වී තිබිණි.

    පොලිස්පතිවරයා තෝරන ගී ගයන්නේද ශ්‍රී ලංකා පොලිසියේම දෙදෙනෙකි.

    ඉන් එක් අයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. අනිත් තැනැන්තිය කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

    නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ වනවිට මාතර සහ හම්බන්තොට දිසාව භාර නිලධාරියා ලෙස රාජකාරි කටයුතු සිදු කරමින් සිටී. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශේ‍ර්ණියේ ගායකයකුද වීම විශේෂත්වයකි. මෑතකදී ඔහුගේ සංයුක්ත තැටියක්ද නිකුත් වීමට නියමිතය.

    කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා පෙරේරා කළුතර පොලිස් විද්‍යාලයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටින්නියකි.

    පොලිස් උත්සව ගණනාවකදී ඇගේ ගී හ¾ඩින්, පැමිණිය වුන් රස ගන්වන්නටද ඇය දක්වන දායකත්වය අපමණය.

    මෙම සුන්දර හඬ මුසු වූ ‘සිහිනයකි රෑ’ වැඩසටහන අද (01) රාත්‍රි 10.10ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.

    වැඩසටහන ඉදිරිපත් කිරීම මහේෂ් නිශ්ශංක විසින් සිදු කරනු ලැබේ.

    එහි සංගීත මෙහෙයවීම විශාරද අජිත් දර්ශන ජයවීර විසින් සිදු කරනු ලබන අතර ශබ්ද පරිපාලනය මිලින්ද ප්‍රියදර්ශන විසින් සිදු කරනු ලබයි.

    ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ‘සිහිනයකි රෑ’ වැඩසටහන මෙවර පවත්වන ලද 22 වැනි සුමති සම්මාන උළෙලේදී හොඳම සංගීතමය වැඩසටහනට හිමි සම්මානය හිමි කර ගැනීමද එහි සුවිශේෂත්වයකි.

    [rns_reactions]

  • ” මගේ ඉලක්ක‍ය හොදම නලුවා වෙන එක ” මිය යන්න කලින් දසුන්ගේ සංවේදී උත්තර රටම හඩවයි.!

    නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. කෙසේ වෙතත් ජීවන රඟ මඩලෙන් දසුන් සමුගෙන සතියක් පමණ කාළයක් ගත වූ පසු මිය ගිය දසුන් සිය මව සමග පුවත්පතක් හා සම්බන්ධ වී සිදු කළ වැඩසටහනක් අපට හමු වුනා. මෙහිදි ඒ අදාළ පුවත්පත විසින් දසුන් හා ඔහුගේ මවගෙන් එකම ප්‍රශ්න කිහිපය වෙන් වෙන්ව අසා තිබුනා. එහිදි දසුන් හා මව ලබා දෙන පිළිතුරුද ඔවුන් විසින් සංසන්ද්නය කර තිබුනා.

    අවසානයේ පිළිතුරු ගලපා ලකුණු ලබා දී තිබුනා.

    එහිදි දසුන් ගෙන් ඇසු ප්‍රශ්නයක තිබුනේ දසුන්ට තවමත් නිම කළ නොහැකි වූ ක්‍රියාව කුමක්ද යන්නයි. තමාගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ලෙස දසුන් ඊට පිළිතුරු දී තිබුනා.

     

    දසුන්ගෙන් හා මවගෙන් ඇසු ප්‍රශ්න හා පිළිතුරු පහතින්

     


     

    [rns_reactions]

  • දිවි නසා ගත් දසුන් නිශාන්ගේ ඉල්ලීමට සැකසුනු ගීතය හා ඔබ නොදත් කතාව මෙන්න..

    දිවි නසා ගත් දසුන් නිශාන් ජනප්‍රිය රංගන ශිල්පියාගේ අදහසකට අනුව සැකසුණු  ගීතයක් පිළිබඳව පසුගිය දා අසන්න ලැබුණා.

    ‘මගේ මරණ මංචකයේ 
    මා නෙතු පියවන්නට පෙර 
    එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න..
    මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..’ යනුවෙන් ගීතයක් සකසන ලෙසයි ඔහුගේ ඉල්ලීම වුණේ.

    මේ පද ගීතයක් ලෙස සකසන්නැයි ඉල්ලීම ලැබුණේ උදයකාන්ත වර්ණකුලසූරියගේ චිත්‍රපට  රැසක සංගීත අධ්‍යක්ෂවරයා වූ නඳුන් රත්නායක වන අතර  ඔහු ලියා තනු නිර්මාණය කළ එය ගායනා කළේ සංගීත් කොඩිතුවක්කුයි.

    https://www.youtube.com/watch?v=OUi50P28tZg

    [rns_reactions]

  • ” නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ ලොවට දැන් එය ප්‍රශ්නයක් ” මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි .!

    නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. ඉන්පසුව දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලනි තාරකා පිළිබදවද විවිධ පුවත් මැවුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග එල්ල වූ නො‍යෙකුත්  අපවාද හා චෝදනා හමුවේ මුනිවත රැකි ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ඊයේ දින (30) සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් කතාබහට ලක්ව තිබෙනවා.

    දසුන් වෙනුවෙන් ශලනි ලියු එම කවි පහතින්

     

    ඉක්මන් වුනා වැඩිද මන්දා
    කියා සිතුනා දසදහස් වාරයක්
    නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ
    ලොවට දැන් එය ප්‍රශ්නයක්

    නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ
    වැරදි නෑ නුඹ රත්තරං
    අපේ පවකට අප හමුවුනේ
    අයිත් වූ පසු ඇයට නම්

    ඇයගේ ලොව තුල නුඹ කුරැටු ගෑ
    පැරණි ගී හරි රස ඇති
    ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට
    ඔබ අප ගෙන යන්නැති

    අසීමිත ප්‍රේමයක් වපුරා 
    මගේ හද නුඹ ගත් හැටි
    මුලාවක් වුව ඔබේ ප්‍රේමය
    සදාකල් මියදෙන්නැති

    හැරගියත් නුඹ යලි නොඑන ලෙස
    තරහවෙනු බෑ කිසි දිනේ
    මුලු ලොවම අද නගන හඩ යට
    තනිව පිලිතුරැ නැහැ අනේ

    සසරේ මතුදින කිසිම දේකට
    ඉක්මන් නොවී ඉනු මා වගේ
    දරනු බැරිවුව දරා ගනු නුඹ
    මග ඇරැනු මා සිත වගේ

    හීනවල හිද කියන හැගුමන්
    අදත් මට මී පැණි වගේ
    රැවටුවත් නුඹ එදත් මා සිත
    ආදරෙයි මං පන වගේ

    නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන්
    එයයි නුඹ ඉක්මන් කලේ
    ලොවෙ ගැරහුම් දරා ගන්නම්
    ඔබේ නමින් මියැදෙන වෙලේ

    පරාජිත නොව නුඹ විදපු දුක
    ලොව නුඹේ විනිසුරැ නොවේ
    නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී
    සැනසීම ගෙන මා එන දිනේ

    -ශලනි-
    2017.09.30


    [rns_reactions]

  • සඳ තරු නිහඬයි – බාේතලෙත් එක්ක හිටිය හුඟක් යාළුවෝ අද මට නෑ – එච්.එම්. ජයවර්ධන

    සඳ තරු නිහඬයි
    ගහකොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදිවෙලා

    පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ගායනා කළ කුලරත්න ආරියවංශ පද රචනා කළ එම ගීතයට සංගීතය නිර්මාණය කරන ලද්දේ එච්.එම්. ජයවර්ධනයන්ය. එච්.එම්.ගෙ සරිගමපදනි ස්වර සුසංයෝජනයන්ගෙන් උත්පත්තිය ලද එවන් ගීත අනල්පය. අද ඉතා නිහඬ ජීවිතයක් ගත කරන එච්.එම්. මොණරාගල සිට අම්පාර දක්වා ගමන් කරන මහා මාර්ගයේ ඇති සියඹලාණ්ඩුව ගම්පියසේ උපත ලද ගැමියෙකි.

    ගොවිතැනින් තම ජීවිතය රැකගත් හේරත් මුදියන්සේලාගේ විජේසුන්දරගේත් ඇම්.ඩී.ඇම්. රන්මැණිකාගේත් වැඩිමහල් දරුවා එච්.එම්.ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ හේරත් මුදියන්සේලාගේ ජයවර්ධනයන්ට බාල සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටී. ඒ බලවර්ධන, උපාලි, පුෂ්පා දමයන්ති හා මේරිනෝනාය.

    මගේ තාත්තා දුප්පත් ගොවියෙක්. පවුලේ වැඩිමහල් දරුවා වෙච්ච මම ඉපදුණේ 1960 මාර්තු මාසේ දාහත්වැනිදා. මම මුලින්ම ගියේ ගමේ පුංචි ඉස්කෝලෙට. එතනින් ශිෂ්‍යත්වය පාස්වෙලා මම පස්සර මහා විද්‍යාලයට ගියා. ඒකෙ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉඳගෙන මම ඉගෙන ගත්තා. ඒ කාලේ ශිෂ්‍යත්වය පාස්වෙච්ච දරුවන්ට ඉන්න හිටින්න, කෑම බීම හැමදෙයක්ම දුන්නේ රජයෙන්. මට මතකයි ඉස්සර නේවාසිකාගාරයේ නැවතුණු මුල් දවස්වලම මට ඒ ජීවිතේ එපා වුණා. මම ගමේ ගහට කොළට ආදරේ කළා. ඒ ඇළට දොළට ආදරේ කළා. ඒ නිසා අර නේවාසිකාගාර ජීවිතේ මට එපා වුණා. ඒ නිසා මම තාත්තාට මට මෙහේ ඉන්න බෑ. මාව ගෙදර එක්ක යන්න නැත්නම් මම මැරෙනවා… කියලා ලියුමක් ලීවා. ඒක බලලා තාත්තා ඉක්මනට මාව බලන්න ඇවිත් විදුහල්පති හමුවෙලා එයා ලවා මගේ හිත හැදුවා.

    ඒ කාලේ පී.ඒ. සුබසිංහ ගුරුතුමා එච්.එම්.ව එස්රාජ් වාදනයට තෝරගත්තා. නමුත් එච්.එම්.ගේ හිත නැවතුණේ එස්රාජ් ළඟ නොවේ. ඔහුගේ හිත නතර වූයේ බටනලාව ළඟය. නමුත් සුබසිංහ ගුරුතුමා විසින් ඒ සඳහා තෝරාගනු ලැබුවේ කිරිවත්තේ ශිෂ්‍යයායි.

    මාව එස්රාප් වාදනය කරන්න තෝරගත්තට මම ආසා කළේ බටනලාවට. දවසක් මම කිරිවත්තේගෙන් ශත 50ක් දීලා බටනලාවක් අරගත්තා. හැබැයි මුල් දවස්වල ඒ පුංචි බටනලාව තිබුණේ මගේ කොට්ටෙ යට. කවුරුත් නැති වෙලාවක මම හෙමිහිට ඒ බටනලාව අරගෙන ගැහුවා. හැබැයි මේක වැඩි කාලයක් යන්නට මත්තෙන් පාසල් විදුහල්පතිතුමාට, සුබසිංහ සර්ට දැනගන්න ලැබුණා. දවසක් අර පොඩි කොල්ලට කියනවා හැංගි හැංගි ගහන්නෙ නැතිව සංගීත ගුරුතුමාව ගිහින් හම්බුවෙලා තව ඉගෙන ගන්න කියලා කියන්න කිව්වා. එදා මට පුදුම සතුටුයි. මම සුබසිංහ සර් යටතේ හොඳට ඉගෙන ගත්තා.

    ඉස්කෝලේ අධ්‍යාපනයට පස්සෙ එච්.එම්. කළ රැකියාවල් මොනවද..? මගේ හිතේ ඇතිවුණු ගැටලුවක් මම එච්.එම්.ගෙන් ඇහුවා.
    මට අ.පො.ස සාමාන්‍ය පෙළ පාස් කරගන්න බැරිවුණා. ඒ නිසා රජයෙන් දීපු ශිෂ්‍යත්වයත් නතර වුණා. මට සියඹලාණ්ඩුවට යන්නත් සිද්ධ වුණා. එතනින් එහාට ජීවත් වෙන්න එක එක රස්සාවල් කළා. මම යාළුවෙක් එක්ක එකතුවෙලා ලී ඉරැවා. වාරිමාර්ග සංවර්ධන තැනක කුලී වැඩට ගියා. තවත් පාරක් මගේ බාප්පා කෙනෙක් එක්ක සමූපාකාරෙක වැඩට ගියා. කාලයක් මම තැපැල් කන්තෝරුවක වැඩටත් ගියා. මේ හැමදේකින්ම මම ජීවිතේට අලුත් අලුත් අත්දැකීම් එකතු කරගත්තා. හැබැයි ඒ හැම තැනකදීම මගේ තනියට හිටියේ මගේ බටනලාවයි. ඉඩ ලැබෙන හැම මොහොතකදීම මම මගේ බටනලාව වාදනය කළා.

    ඒ කාලේ ඔබ ආසාවෙන් වැයූ ගීත මොනවද…?
    ඒ කාලේ වික්ටර්ගේ සිසිල් සුළං රැල්ලේ, නාරදයන්ගේ පිපී පිපී රේණු නටන ගීතයත්, ජෝතිගේ ගීතත්, එතකොට සනත්ගේ ඇවිලුණු ගිනිදැල් ගීතයත් ඒ දවස්වල මම හරිම ආසාවෙන් වාදනය කළා. මේ කාලේ අපි හොඳ කොල්ලෝ. මට යාළුවෝ පිරිසක් හිටියා. ඒ හැමෝම මම බටනලාව වාදනය කරනවාට ප්‍රියයි. ඔය කාලෙදි යාළුවෝ මට පස්සර ඉන්න එපා කොළඹ පලයන්. ගිහින් සංගීතයට සම්බන්ධ රස්සාවක් හොයාගනින් කියලා අනන්තවත් කිව්වා. ඒ වෙනුවෙන් කීපවතාවක්ම කොළඹ ආවත් ඒ හැම වතාවකදිම ආයේ පස්සර බස් එකෙන් ගමට ගියේ හිත හොඳටෝම රිදවගෙනයි.

    පසුව ඔබට ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ රැකියාවක් ලැබෙනවා නේද…?
    ඒකටත් පුදුම දුෂ්කරතාවයක් වින්ඳේ. පත්තරේක තිබුණු දැන්වීමකට මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. මට තාම මතකයි, එදා කොළඹ යන්න මට හරිහැටි ඇඳුමක් තිබුණේ නෑ. මගේ යාළුවෝ ටික එකතුවෙලා හරි හැඩකාර කලිසමක් මැස්සුවා. ඇඳලා බලද්දි ඒක ලොකුයි. ඊටපස්සේ කොහුලණු කෑල්ලකින් ගැටගහලා තමයි ඒ කලිසම ඇඳලා මම එදා කොළඹ ආවේ. ඒත්… එදා මට සම්මුඛ පරීක්ෂණයට අරගෙන යන්න තිබුණේ අර පුංචි බටනලාව විතරයි. කිසිම සහතිකයක්, අධ්‍යාපන සුදුසුකමක් තිසා අඩුම තරමේ දේශපාලන ලියුමක්වත් මට එදා තිබුණේ නෑ. ඒ කිසිම දෙයක් නැති තැන එදා මාව ඒ පරීක්ෂණයෙන් අසමත් වුණා.

    අද මම වකුගඩු රාේගියෙක්. ඉන්නේ කුලීගෙදරක 
    එතකොට කොහොමද ඔබ ගුවන් විදුලියේ වාදන මණ්ඩලයට තේරුණේ?
    එහෙම අසමත් වුණා කියලා මම අධෛර්යමත් වුණේ නෑ. මම එක එක අයව හමුවෙන්න ගිහින් මේ ගැන කතා කළා. ඒ අතරේ ආචාර්ය අමරදේවයන් මගේ බටනලා වාදනය පිළිබඳව ගොඩාක් සතුටු වුණා. ඔහුගේ මාර්ගයෙන් මට සෝමදාස ඇල්විටිගලයන් ඉදිරියේ බටනලාව වාදනය කරන්න ආයෙමත් අවස්ථාව උදාවුණා. ඒ මාර්ගයෙන් 1975 දී විතර මට ගුවන් විදුලියේ අනියම් බටනලා වාදකයෙකු විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝන අන්ධකාරේ
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ//
    සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
    පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

    කාලයකට පස්සේ ඔබට මාලනී බුලත්සිංහලයන් මුණගැහෙනවා. කොහොමද ඒ මුණගැහීම…?
    මම ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරද්දි මාලනී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ කාලයේදි බටනලා ශිල්පියෙකු විදිහට මම බොහෝ නිර්මාණවලට දායක වුණා. මාලනිත් සරල ගී වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ කාලයේදි තමයි මාලනීව ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණේ. සරල ගී වැඩසටහන් වෙනුවෙන් ගොඩාක් වෙහෙස වන මාලනී ඒ තනු ගැන අහන්න එහෙම ආවේ මගේ ළඟට. බොරලැස්ගමුවේ තිබුණු මාලනීගේ ගෙදරට ගිහින් මම සර්පිනාව වාදනය කරමින් මාලනීගේ ගීත වෙනුවෙන් උදව් කළා. අන්තිමේදි 1979 අවුරුද්දෙදි අපි විවාහ වුණා.

    කලිසම අැඳ ගත්තේ කාෙහුලණු කෑල්ලකින් ගැට ගහලා 
    කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්
    මමත් ඇසුවා ඔබෙන්//
    මංමුලා වී ජීවිතේ අපි
    ළංවෙලා ඉමු මේ ලෙසින්

    මාලනීගේත් එච්.එම්.ගේත් කැදැල්ලට එකතු වූ එකම දරුවා කසුන් කල්හාරය. අද වෙද්දි කසුන් මවගේත් පියාගේත් අඩිපාරේ යමින් සංගීත ගමනේ දිගු ගමනක් පැමිණ සිටින කලාකරුවෙකි.
    එච්.එම්. අතින් සංගීතවත් වුණු නිර්මාණ බොහෝමයක් මේ මොහොතේ අපේ මතකයේ නැඟේ. කාලයක් තිස්සේ මත්පැනට වැඩි නැඹුරුවක් දැක්වූ මේ අපූරැ කලාකරුවා තම ජීවිතය මත්පැනට උගසට තැබුවාදැයි අපිට සිතේ. ඒ අතර ජීවිතේ අත්වැලක් වූ ආදරණීය මාලනිය ජීවිතෙන් නොසිතූ පරිදි ජීවිතය සදහටම හැරයාමත් ඔහුගේ හුදෙකලා ජීවිතයට තවත් පාර කැපුවේය. 2001 පෙබරවාරි මස මාලනිය අමෙරිකාවට පිටත්ව ගියේ ප්‍රසංග කීපයකට සහභාගි වන්නටය. නමුත් මාර්තු මස විසිඅට වැනිදා එච්.එම්. කිසිදාක නොපැතූ දුරකතන ඇමතුමක් අමෙරිකානු ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ලබා දුන්නේය. ඒ මාලනියගේ සමුගැනීමය.

    සත පනහට ගත් බටනලාව හංගා ගත්තෙ කාෙට්ටෙ අස්සෙ 
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් ඉඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුළක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    අද එච්.එම්. පසුවන්නේ දැඩි රෝගාතුරවය. වයසටත් වඩා ඔහු මැලවී ගොස්ය. වසර ගණනාවක් අධිරුධිර පීඩනයට බිව් පෙති හේතුවෙන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නට සිදු වූ බවට එච්.එම්. විශ්වාස කළද වසර ගණනාවක් මත්පැනට හුරුවූ ඔහුට එයද අසනීපයට හේතුවන්නට ඇතැයි ඔහු නොකියා කියයි. එදා ඔහු වටා බෝතලය වටා සිටි බොහෝ යහළුවන් අද ඔහු හැරදා ගොස්ය. අද ඉඳහිට ඔහුගේ සුවදුක් සොයා බලන්නට එන්නේ ඔහුගේ මිතුරන් සඟයන් කිහිප දෙනෙක් පමණි. ඔවුන් එච්.එම්.ගේ සැබෑ හිතවතුන්ය. මිතුරන්ය. මාලනියගේ හොඳම යෙහෙළියක් වූ නිලූ අද එච්.එම්.ට සෙවණැල්ලක්ම වී තිබේ. දශක ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට අමිල සේවාවක් කළ එච්.එම්. අදද ජීවත් වන්නේ හෝමාගම කුලී නිවසකය. වගකිවයුත්තන් බොහෝමයක් එච්.එම්.ට නිවසක් ලබාදෙන්නට පොරොන්දු වුවද අදටත් ඒවා සැබෑ නොවන හිස්වචන ටිකක්ම වී තිබේ. එච්.එම්.ට දැන් වෙහෙසය. ඉංග්‍රීසි බෙහෙත් වෙනුවට අද ඔහු දඹුල්ල වෙදමහතෙකුගෙන් වකුගඩු රෝගය සඳහා සිංහල ප්‍රතිකාර ලබාගනී. නමුත් අදටත් ඔහුගේ සර්පිනාව උඩ අලුත් නිර්මාණ කිහිපයකි. නොපැහැදිලි අත්පිටපත් ගණනාවකි. ජීවිතේ සැඳෑසමය ගෙවන මේ අපූරු හුදෙකලා කලාකරුවාට තමන්ගේ කියන පුංචි නිවසක ජීවිතේ ගෙවන්නට ඇත්නම්… අප ඉදිරියේ එච්.එම්. සර්පිනාව වයමින් ගැයූ ගීතයේ සුගීතවත් හඬ හිතේ රඳවාගනිමින් අපි සමුගත්තෙමු.

    ළාදලු බෝපත් සෙමෙන් සැලෙන සේ
    යශෝදරා දේවි
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී…

    [rns_reactions]

  • මම අමරදේව ‍නෙවෙයි. ඩිලාන් රත්න ශ්‍රී විජේසිංහ නමෛයි. ඔෂානි නන්දා මාලනී නොවෙයි. – දිමංක

    දිමංක වෙල්ලාලගේ ගායනා කරන අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මීට වසර දෙකකට පමණ පෙර ඔෂානි සංදීපා විසින් පංති කාමරයකදී ගයද්දී එය දුරකථනයකින් වීඩියෝ ගත කරලා අන්තර්ජාලයේ මුහුණු ‍පොතට මුදාහැර තිබුණා. දින දෙක තුනක් තුළ නොසිතූ විදියට මේ ගැන රටේම කතා බහට ලක්වන විට ගීතයේ රචකයා වන ඩිලාන් ගමගේ සහ සංගීත අධ්‍යක්ෂ අශාන් ප්‍රනාන්දු විසින් අවසාන ප්‍රේමයේ කඳුළේ නමින් එයට පිළිතුරු ගීතයක් නිර්මාණය කරලා ඔෂානි ලවා ගායනා කළා. තමන්ගේ අවසරයකින් තොරව මේ කටයුත්ත කළ බවට දිමංක ඒ දිනවල සිිත් වේදනාවෙන් අදහස් පළ කළා. කොහොම නමුත් ඔෂානි රටේම ජනප්‍රිය තරුවක් බවට පත් වීමට මේ ගීතය බලපෑවා. නමුත් අද වන විට ඩිලාන්ලා සහ ඔෂානි අතර සිත් රිදීමක් ඇති වී ඇති බවයි ආරංචි. මේ දිනවල අන්තර්ජාලය හරහා මේ දෙපාර්ශ්වයම එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නවා. මේ ගැන අපි මේ දෙපාර්ශ්වයෙන්ම අදහස් විමසුවා. අවසාන ප්‍රේමයයි ගීතය ජනප්‍රිය ගීයක් වුණේ දිමංකගේ හඩින් බව අමතක කරන්න බැරි නිසා අපි ඔහුවත් මෙම සංවාදයට එක්කාසු කර ගත්තා.

    පුංචි අතපසු වීමක් වුණා. ඒත් මගේ හැදියාව හොඳ නෑ කියලා අන්තර්ජාලයේ දැම්මාම ගෑනු ළමයෙක් විදියට මට දුක හිතුණා

    – ඔෂානී සංදීපා

    මම 2011 දී දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ දක්ෂතම ගායනයට හිමි කිරුළ හිමි කරගත්තා. ඒ තුළින් තරගය නැරඹු අය අතර මට ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ වගේම අවසාන ප්‍රේමයයි ගීතය පන්තියේදී ගායනා කරලා ඒක අන්තර්ජාලයට මුදා හැරියාට පස්සෙත් මුහුණු ‍පොත හරහා මට ජනප්‍රියත්වයක් ලැබුණා. ඔය අවස්ථාවේ ඩිලාන් අයියා හා අශාන් අයියා මා වෙනුවෙන් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය නිර්මාණය කළා. ඒ ගීතය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවොත් නිවැරදියි. මේ නිසා මම හැම රූපවාහිනී සාකච්ඡාවකදීම සහ පුවත්පත් සාකච්ඡාවකදීම වගේ ඒ දෙන්නවම ආදරයෙන් සිහිපත් කළා. නමුත් එක්තරා පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී ඒ දෙන්නගේ නම් සඳහන් කරන්න මට අමතක වුණා. ඒ නිසයි ඩිලාන් අයියගේ හිත රිදිලා මා ගැන සටහනක් ෆේස් බුක් එකේ දාලා තිබුණේ. මමත් සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලලා ෆේස් බුක් සටහනක් දැම්මා. ඒත් ඒ සටහනට යම් යම් අය දාලා තිබූ කමෙන්ට් හා ඇති වූ ආන්දෝලනය නිසා මම ගොඩක් කලබල වුණා. ඒ වගේම මගේ හිත තදින්ම රිදුණා. ඒ වගේ වෙලාවක තමයි මම අන්තර්ජාල වබේ අඩවියකින් කතා කළාම උත්තර දුන්නේ. ඒ සාකච්ඡාවේදී මගේ උත්තර ටිකක් ආවේගශීලී වෙන්න ඇති. ඒකට හේතුව පුංචි අතපසුවීම නිසා මට ලොකු හිත් රිදීමක් වීම. මගේ හැදියාව ගැන ඩිලාන් අයියා කියලා තිබුණම මට ගොඩක් දුක හිතුණා. ගෑනු ළමයකුට හැදියාව හොඳ නෑ කියද්දී හිත රිදෙනවා. මගෙන් සිදුවූ අතපසු වීම, නම සඳහන් කරන්න බැරි වීමක් විතරයි. හැබැයි එහෙම වුණේ මගේ හැදියාවක් නැතිකම නිසා ‍නෙවෙයි. ඒක අතපසු වීමක් පමණයි. අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතයට මමවත් තාත්තාවත් මුදල් බලා‍පොරොත්තු වුණේ නැහැ. ඒ වෙද්දී අපි රිංගිං ටෝන් ගැන දැනගෙන හිටියෙත් නැහැ. ඒත් මුදලට වඩා වටිනා දෙයක් ඒ ගීතයෙන් මට ලැබුණා. ඒකට මම ඩිලාන් අයියාට ස්තූති කරනවා.

    හැකියාව වගේම හැදියාවත් වැදගත් කියලා මම එෆ්.බි. එකේ දැම්මේ ඇගේ ඉදිරි ගමනට යහපතක් කරන්නයි

    – ඩිලාන් ගමගේ

    ඔෂානි ගීත ගායනා කරලා තියෙන බවක්වත් ඇය පුංචි දැරියක් විදියට ලිට්ල් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරලා තියෙන බවවත් මම මුලදී දැනගෙන හිටියේ නැහැ. මම ඇයව දැන ගත්තේ අවසාන ප්‍රේමයයි ගීතය තුළින් ෆේස් බුක් හරහා ඇය රටේම කතාබහට ලක්වන විටදීයි. ඒ වෙලාවේ වැඩි විස්තර හොයලා බලද්දී ඇය ඇඹිලිපිටියේ අහිංසක ළමයෙක් බව දැන ගන්න ලැබුණා. මමත් ඇඹිලිපිටියේ. කැ‍ලේ පිපුණ මලකට රටටම සුවඳ විහිදුවන්න උදව් කරනවා කියන ච්ෙතනාවෙන් තමයි මම මගේම වියදමින් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය ඇයට නිර්මාණය කරලා දුන්නේ. ඒ අවස්ථාවේ ඔෂානියි ඇගේ තාත්තයි ගොඩක් සතුටින් ගෞරවණීය විදියට මගේ ආරාධනය පිළිගත්තා. ගීතයත් එක්කම ඇයට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා. හැබැයි කාලයක් යද්දී ඇයට මාවයි අශාන්වයි අමතක වුණා. 2015 දී ඔය ගීතය පටිගත කරලා ගියාට පස්සේ අද වනතුරු ඇය මට දුරකථනයෙන් කතා කරලා දුක සැප අහලාවත් නැහැ. ඔෂානිගෙ තාත්තා එකම වතාවක් විතරක් මට කතා කළා. ඒ ඔෂානිට තවත් ගීතයක් ලියන්න කියලා කියන්නයි. ඒත් ඇතිවූ කලකිරීම මත මම එය ප්‍රතික්‍ෂේප කළා. මම ආයේ කිසිම දාක ඔෂානිට සිංදු ලියන්නේ නැහැ. හැබැයි ඇය සමග කිසිම අමනාපයක්වත් වෛරයක්වත් නැහැ. පුංචි ළමයෙක් එක්ක ගැටුම් ඇති කරගන්න මට බැහැ.
    මම ඇයට උදව් කිරීමේ පරම පවිත්‍ර ච්ෙතනාවෙන් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය නිර්මාණය කළාට එය රිංගිං ටෝන් සඳහා දෙන්න ඇය හිතාගෙන හිටියාද කියලා ඇගේ යම් යම් ප්‍රකාශ වලින් පෙනෙනවා. ඒ ගීතයේ අයිතිකරු මම. ඒ ගීතය ඇයට නිර්මාණය කළේ මගේ වියදමින්. මම ඒක රිංගිං ටෝන් වෙනුවෙන් දුන්නා. ඒත් ඒ වෙද්දී දිමංකගේ ගීතය ජනප්‍රිය වෙලා ඉවරයි. ඒ හින්දා ඔෂානිගේ ගීතයෙන් රිංගිං ටෝන් හරහා සතයවක් මට ලාභ ලැබුණේ නැහැ. මම ඇති කළ කෙනා මමම නැති කරනවා කියන අදහස නම් මගේ හිතේ කොතනවත් නැහැ. ඇය දක්ෂයි හැකියාව වගේම හැදියාවත් වැදගත් කියලා මම එෆ්.බි. එකේ සටහනක් දැම්මේ ඇගේ ඉදිරි ගමනට යහපතක් කරන්නයි. වැඩිහිටියකුගේ යුතුකම ‍පොඩි ළමයකුගේ වැරදි පෙන්නලා දෙන එකයි. ඒත් ඒ ප්‍රකාශයන් ඇය වැරදියට වටහාගෙන ඇති බවයි එක්තරා වබේ අඩවියකට කළ ප්‍රකාශයකින් මට තේරුම් ගියේ. ඒ කොහොම වුණත් දක්ෂතාව හා නිහතමානිකම වැඩි දියුණු කරගෙන ක්‍ෂේත්‍රය තුළ දිග ගමනක් යන්න හැකිවේවා කියල මම ඔෂානිට සුබ පතනවා.

    මුල අමතක කරන්නත් හොඳ නෑ කළ උපකාර ගැන නැවත නැවත කියන්නත් හොඳ නෑ

    – දිමංක වෙල්ලාලගේ

    “අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මුල් කරගෙන අද වෙද්දී ඩිලාන්ටයි ඔෂානිටයි හිත් රිදීමක් ඇති වෙලා. ඔය හිත් රිදීම මට ඇතිවුණේ 2015 දී. මම මහා ගායකයෙක් නම් මගේ ගීතයට පිළිතුරු ගීතයක් කළාට මට ගැටලුවක් නැහැ. මමත් මහන්සියෙන් ඉදිරියට එන්න හදන කෙනෙක්. අවසාන ප්‍රේමයයි ගීතයෙන් මම මතුවේගෙන එන වෙලාවේ ඒ ගීතයට පිළිතුරු ගීතයක් නිර්මාණය වීම මට විශාල පහරක් වුණා. එදා ඔෂානිගේ ගීතය මතුවෙලා මගේ ගීතය යටපත් වෙලා ගියා නම් මේ වෙද්දී මගේ ගායන ජීවිතය නතර වෙලා. ඒත් මොකක්දෝ වාසනාවකට මගේ ගීතය යටපත් වුණේ නැහැ. ඔෂානියි ඩිලානුයි අශානුයි අතර අද ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය ගැන මට ප්‍රකාශ කරන්න වෙන්නේ පිටස්තර තැනක ඉඳලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. අවසාන ප්‍රේමයයි ගීතයට ච්ඥපචදච ර්භඵඪජ ඪඤඥධ ඒඹචපඤ වලදී මා සම්මානයට පාත්‍රවූ මොහොතේ මම එය නිර්මාණය කළ ඩිලාන්ටයි අශාන්ටයි ස්තූති කළේ දෙවැනියට. පළමුවෙන් සිහිපත් කළේ මාව ක්‍ෂේත්‍රයට ගෙනාපු රාජ්ව. මොකද කවදාවත් මුල අමතක කරලා ඉදිරි ගමනක් යන්න බැහැ. ඒ වගේම තමයි අපි කාටහරි අවංක හිතින් උදව්වක් කළා නම් ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර හෝ ගෞරවයන් බලා‍පොරොත්තු විය යුතුත් නැහැ. ඔෂානිටයි ඩිලාන්ටයි දෙන්නටම මට කියන්න තියෙන්නේ එපමණයි. අනික ඉතින් මම අමරදේව ‍නෙවෙයි. ඩිලාන් රත්න ශ්‍රී විජේසිංහ නමෛයි. ඔෂානි නන්දා මාලනී නොවෙයි. අපි අපේ තරම වටහා ගෙන ඉදිරි ගමන සකසා ගත යුතුයි කියලා මම මේ මොහොතේ කාට කාටත් සිහිපත් කරන්න කැමතියි. 

    [rns_reactions]

  • පෙමට අවසාන ගරු බුහුමන් දක්වන්න දසුන්ගේ මළ ගෙදර නළුවෙකු සමග ගිය ශලනිට වෙච්ච දේ

    ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

    ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

    කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

    දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

    කෙසේ නමුත් ශලනි තාරකා මෙලෙස අවසන් ගෞරව දැක්වීමට ගිය අස්ථාවේදී එහිසිටි බොහෝදෙනෙකුට ශලිනි අසලින් සිටි තවත් නළුවෙකු පිළිබද අමුතුම සැකයක් මතුවිය.එම නළුවා ශලිනි තාරකා අසලම සිට ඇති අතර ඔහු එම ස්ථානයේ හැසිරී ඇත්තේ ශලිනි තාරකාගේ පෙම්වතා ලෙසය.නමුත් එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට එයද ඔහුගේ රගපෑමක් බව වටහා ගන්නට එතරම වෙලාවක් ගතවුයේ නැත.

    කෙසේ නමුත් ශලනි තාරකා එම ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් රැදී සිට එම දේහය පිහිටි නිවසෙන් පිටත්ව ගොස් ඇත.

    [rns_reactions]

  • දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් තමන් වැඩියෙන්ම ආදරය කරන චරිතය වෙනුවෙන් හඩමින් කියූ ගීතය මෙන්න…

     

    [rns_reactions]