[rns_reactions]
Category: සුපිරි Cinema
-
තිස්ස තිස්ස නවතිනු කිවුවේ මහින්ද නොව රනිල් බව ගිරිරාජ් සිනාසෙමින් කියයි…
ෆේස්බුක් ඔස්සේ මේ දිනවල හුවමාරු වන ජනප්‍රිය කෙටි විඩියෝවක ‘තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ කවුද’ ගුරුවරයා ලමයාගෙන් විමසයි. ලමයා පිලිතුරු දෙමින් කියන්නේ ඒ රනිල් බවයි.
එවිට ගුරුවරයා එම උත්තරය වැරදි බවත් එසේ පැවසුවේ මිහිඳු හාමුදුරුවෝ හෙවත් මහින්ද බව පවසයි.
එවිට ලමයා පවසන්නේ ‘අපි නම් දන්නේ මහින්ද තිස්සට එනු එනු කෝපි බොමු ආප්ප නම් නොකනු කියලායි මන්දා අපි නම් දන්නේ එච්චරයි’ යනුවෙනි.
ප‍්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය එහි රංගනයේ යෙදේ.
[rns_reactions]
-
දෙවෙනි ඉනිම ගැන ආන්දෝලනාත්මක කතාවක් පිටපත් රචකයාගේ කටින් පනියි….
ටී.වී දෙරණ නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී විකාශය වන ” දෙවෙනි ඉනිම ” ටෙලි නාට්‍යය මේ දිනවල ඉතා ජනප්‍රියයි. මෙම නාට්‍යයේ එන ප්‍රධාන චරිත දෙකක්වන අනුහස් හා අවන්ත පිළිබඳව සමාජජාල මාධ්‍යවල බොහෝ දෙනා කතාබහ කරනවා.
ඒ නාට්‍යය අනුව ඔවුන් දෙදෙනාම එකම පංතියේ ඉගෙනුම ලැබීම නිසායි.
ඉතින් මේ ගැන දෙවෙනි ඉනිමේ පිටපත් රචක සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
අනුහස් සහ අවන්ත එකම පංතියේ ඉන්නෙ කොහොමද…? දෙවෙනි ඉනිම කණ්ඩායමට වැරදුනාවත්ද…..?
ඉහත ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර මා ප්‍රශ්ණ කිහිපයක් අහන්න කැමතියි…
1. සිංහභාහු කතාවේ සිංහ තාත්තා මනුස්ස අම්මත් එක්ක සංසර්ගයේ යෙදිලා මිනිස් පැටව් දෙන්නෙක් හැදුනෙ කොහොමද…?
2. ලස්සන වසීලිස්සා හි බබයිගා යකින්න කොස්ස කකුල් දෙක අස්සෙ ගහ ගත්තාම උඩින් ගියේ කොහොමද..?
3. සුපර් මෑන් ජොකා උඩට ඇඳ රෙද්දක් පිටේ ගැටගහගෙන පියාඹන්නේ කොහොමද…?
4. බැට් මෑන්ට වවුලෙක්ද මිනිහෙක්ද…..?
5. ස්පයිඩර් මෑන්ගේ අතින් එන්නේ ඇත්තම මකුළු දැල්ද, ඒවා එන්නේ කොහේ සිටද.. ඒවා සෑදී ඇති සංයෝගය මොනවාද….,?
6. හොලිවුඩ් වල අතිශය භයංකාර සටන් ජවනිකාවලදී අච්චර හැප්පෙන කාර් හැප්පෙන්න හැප්පෙන්න පෙරටත් වඩා වේගයෙන් යන්නේ කොහොමද…?
7. ප්‍රේම දඩයමේ අර කාන්තාව එක පාරටම හැපින්නක් වෙද්දි ඇඳන් හිටපු රෙදි ටික කෝ ළමයි. සාරිය හැට්ටය සහ යට ඇදුම් දෙක හෝ තුන එතන බිම තියෙන්න එපැයි. ඒ ටික හැපින්න ගිල්ලද….ආයි හැපින්න ගෑණි වෙද්දි සාරිත් ඇඳලා මේකපුත් දාන්නෙ කෝමද අච්චර ඉක්මනට. තෝඩුවක් වත් එහෙ මෙහෙ වෙන්නෙ නෑ බොල. අම්ම ගහයි බැට් එකෙන් නේහ්…?
8. දැන් අපේ අවසන් ප්‍රශ්ණය… අම්මලා දෙන්නෙක්ගේ එක තාත්තාගේ ළමයි වුණ අනුහස් සහ අවන්ත එකම පංතියේ ඉන්නෙ කොහොමද….?
ඒක මෙහෙම වුණා වෙන්න බැරිද. උදේනිට අනුහස්ව හම්බ වෙන්න එද්දි රවී අමීෂා එක්කත් සම්බන්ධය පටන් අරන්. උදේනි ළමයා ලැබුණ ගමන් රවී හොයාගෙන එනවා. එතනදි රවී සහ ඔහුගේ පියා කියන්නෙ දැන් බඳින්න බෑ කියලා. එහෙම කියලා උදේනිව එලව ගන්නවා. ඒ වෙද්දිත් රවී අමීෂව බැඳලා හිටියා වෙන්න බැරිද. එහෙම වුණා නම් මේ දෙන්න අතරේ වයස් පරතරය මාස ගානක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අවන්ත අනුහස්ට වඩා වැඩිමල් වෙන්නත් පුළුවන්. ඒ වගේම අවන්ත කියන්නෙ හනිමූන් බේබි කෙනෙක් නම්, එක්කෝ අඩු වයසින් හම්බ වුණ දරුවෙක් නම්… මේ දෙන්නා එක පන්තියේ ඉන්න බැරි ඇයි. මේ දේවල් වලින් මොකක් හරි වෙන්න ඇති. උදේනි මට ඒ කතාව කිව්වෙ නෑ. මට උදේනිව මුණ ගැහුනේ දෙවෙනි ඉනිමේ ප්‍රේක්ෂක ඔබට උදේනිව හම්බ වුණ තැන් වලදිම ඒ විදිහටම තමයි. ඒ නිසා උදේනි ගැන මම දන්නෙත් ඔබ දන්න ටිකම තමයි. හැබැයි දරුවෝ දෙන්නා එක පංතියේ ඉන්නේ කොහොමද වගේ මෝඩ ප්‍රශ්ණයක් මට උදේනිගෙන් අහන්න හිතුනෙ නෑ. මොකද මං 7 වසර සමත් නිසා.
මට තියෙන ප්‍රශ්ණය ඒක නෙමෙයි, ඔය උඩ තියෙන ප්‍රශ්න 7 ම උත්තර නොසොයා විඳ දරාගන්නා සමහර මිනිස්සු 8 වෙනි ප්‍රශ්ණය ගැන හරිම සවිඥාණිකයි. ඒ ඇයි….?
සිනාමුසුව බිම බලා ගනිමින් මා මේ සටහන නතර කරමි.
ලියන සෑම අකුරකටම වග කියමි.[rns_reactions]
-
ජැක්ලින්ගේ නිරුවත් සඟරා ඡායාරූපය ගැන ආන්දෝලනයක්…
ශ්‍රී ලංකා රූ රැජිණ වීමෙන් පසු බොලිවුඩ් නිළියක බවට පත්වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් ලෝක ප්‍රකට ‘කොස්මොපොලිටන්‘ නමැති විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති අතර එහි ඇතුළත ඡායාරූප කිහිපයකටද පෙනී සිට ඇත.
එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන්නට කොණ්ඩය දමා පෙනී සිටි ඡායාරූපයක් ගැන කථාබහක් මතුව තිබේ. පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් අතර පැවති සරාගීම නිළිය තේරීමේ මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් හා ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.
ඇය මේ ආකාරයේ ඡායාරූප වලට දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට බව බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කරයි.
කතාබහට ලක්වූ ඡායාරූපයද ඇති එම සඟරාවේ ඇය පෙනී සිටි ඡායාරූප පහතින්,[rns_reactions] -
රටම බලන මුතු කුඩ නාට්‍යය අපෙන් බලන්න…
[rns_reactions]
-
හාර කෝටිය උණුසුම්.. ඊයේ වෙච්ච දේ මෙන්න…
https://www.youtube.com/watch?v=VrD_xsrrEno
[rns_reactions]
-
දෙවෙනි ඉනිමේ මොකද වෙන්නේ? මෙන්න වීඩියෝව..
[rns_reactions]
-
භූමි පෙඞ්නෙකාර් බර අඩු කර ගත් හැටි කරලියට..
ආක්ෂේ කුමාර් සහ භූමි පෙඞ්නෙකාර්ගේ ‘ටොයිලට්: ඒක් ප්‍රෙම් කථා’ බොලිවුඞ් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මිලියන 11 කට වැඩි පිරිසක් නරඹා ඇති අතර, වැසිකිළි පරිහරණය වැනි කාලීන මාතෘකාවක් පාදක කොටගත් චිත්‍රපටයක් හෙයින් මෙම චිත්‍රපටයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ද ප්‍රශංසා හිමිවී ඇත.
ආක්ෂේ කුමාර්ට පමණක් නොව, ප්‍රධාන නිළිය භූමි පෙඞ්නෙකාර්ට ද බොහෝ දෙනාගෙන් ප්‍රසංශා හිමිවෙයි.
භූමි පෙඞ්නෙකාර් අවසන් වරට අතරට පැමිණියේ මීට වසර දෙකකට පෙර 2015 වසරේ තිරගත වුණු ‘දුම් ලගා කේ හයිෂා’ චිත්‍රපටයේ තරබාරු පෙම්වතියකගේ චරිතයට පණ පොවමිනි.
ටොයිලට්: ඒක් ප්‍රෙම් කථා’ චිත්‍රපටයේ ඇය මුලුමනින්ම වෙනස්ය.
තරබාරු යුවතියක වූ ඇය මෙම චිත්‍රපටය වෙනුවෙන් කිලෝ 25 ක් බර අඩුකර ගෙන ඇත. තමන් බර අඩුකර ගත්තේ නිරෝගී ආහාර රටාවකින් යැයි භූමි කියයි. තමා කිසිම අවස්ථාවක බර අඩු කර ගැනීමට කුසගින්නේ නොසිටි බව ද ඇය වැඩි දුරටත් කියා සිටින්නීය.
[rns_reactions]
-
නිලි ගයත්‍රී හමුවන්න කැමති අය අතරේ චන්න නෑලු – ලැයිස්තුව මෙන්න…
රංගන ශිල්පිණි ගයාත්‍රී ඩයස් සිය ජීවිතයේ හමුවූ කැමතිම පිරිමි චරිත 8 දෙනා පිළිබඳව පුවත්පතකට හෙලිකර තිබෙනවා.මහත්මා ගාණ්ධි විජය කුමාරතුංග කීර්ති පැස්කුවෙල් යන චරිත එම 8දෙනා අතරට එකතු වෙද්දි ඇයගේ සැමියා වන චන්න පෙරේරා ඇගේ ප්‍රියතම පිරිමි චරිතය නොවේදැයි බොහෝ දෙනා විමසා තිබුණා.
01.මගේ අප්පච්චි
මම හිතන්නේ ඕනෑම කෙනකුට තමන්ගේ අප්පච්චි තරම් වටිනා කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ගැහැනු ළමයකුට හමුවන පළමු පිරිමියාත් ඔහු. අප්පච්චි අපිව බලාගත්ත විදිය, අපිත් එක්ක ජීවත් වුණු විදිය එක්ක, උපදින හැම ආත්මයකම මගේ අප්පච්චිව ප්‍රාර්ථනා කරනවා.02.මහත්මා ගාන්ධි
මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් රටක් වෙනස් කරන්න ඔහුට හැකිවුණා. ඔහු ජීවිතයේ තියෙන බැරෑරුම්කම් වෙනස් කළා ජීවිතයේ සුබවාදී පැත්ත පෙන්නලා. ඉතින් ඒ වගේ චරිත තවදුරටත් බිහි නොවීම කනගාටුවක්.03.අර්ජුන් රාම්පාල්
මම කැමැති පිරිමි චරිතවලින් ගොඩාක් කැමැති චරිතයක් අර්ජුන්. ඔහුගේ පෙනුමට, රංගන හැකියාවට, ඔහුගේ පෞරුෂයට මම ගොඩාක් ප්‍රිය කරනවා.04.හෙන්රි කෙවිල්
අපි හැමෝම දන්නා Super Man චරිතයට පණපොවන්නේ ඔහු. Super Man කියන චරිතයට තමයි මම මුලින්ම ආස කළේ. ඊට පස්සේ තමයි Super Man ට Act කරන හෙන්රිට කැමැති වුණේ. ඔහුගේ පෞරුෂය මේ චරිතයට හොඳින්ම ගැළපුණා. Super Man සංකල්පයේ movies බලන්න මාව පෙලඹෙව්වේ හෙන්රි කෙවිල්.05.අමරසිරි පීරිස්
ඔහු මගේ ප්‍රියතම හඬ තියෙන ගායකයා. ඔහු වැනි කලාකරුවන් ලෝකයට බිහි වෙන්නේ ලොකු පිනකට. මම ඔහුගේ ගීතවලට ප්‍රිය කරන්නේ වසර ගණනාවක ඉඳලා. ඔහුගේ හඩින් ඇහෙන ඕනෑම ගීතයක් රසවිඳින්න මම කැමැතියි.06.ෂාරුක් ඛාන්
ඔහුගේත් පෙනුමට, රංගන හැකියාවට, පෞරුෂයට මම කැමැතියි. ඒ වගේම කාන්තා, පිරිමි, තරුණ, මහලු මේ කිසිම භේදයක් නැතිව මිනිසුන්ගේ සිත්වලට ඔහු තරම් ළං වෙච්ච තවත් චරිතයක් නැති තරම්. ඔහුගේ එක චිත්‍රපටයක්වත් මඟහරින්නේ නැතිව බලන්න ආස කරන කෙනෙක් මම.07.විජය කුමාරතුංග
මම ඉතාම කුඩා අවධියේ ඔහු මේ ලෝකෙන් සමුගත්තේ. මට ලොකු තේරුමක් නොමැති කාලයේ සිටම මම ඔහුගේ රසිකාවියක් වෙලා හිටියා. ඒ කාලේ මම ඔහුට ලිපි ලිව්වා. ඒ ලිපිවලට පිළිතුරු ලැබුණා. ඒකට මම ගොඩාක් සතුටු වුණා. කිසිම කෙනකුට අමතක නොවන රූපයක් ඔහුට තිබුණේ. ඒ වගේම ඔහුට ලස්සන හඬක් තිබුණා. Multi Talented කියලා කිව්වොත් හරියටම හරි. විජය කුමාරතුංග කියන්නේ හැම පැත්තෙන්ම ගොඩාක් දෙනකුගේ ආදරය දිනාගත්ත චරිතයක්.08.කීර්ති පැස්කුවෙල්
මම චූටි කාලේ ඉඳලම ආස කරපු චරිතයක් ඔහු. ඔහුගේ රූපයට තමයි පොඩි කාලේ ගොඩක්ම ආස කළේ. ඔහුට හරිම තරුණ රූපයක් තිබුණේ. මම පසුකාලීනව ගොඩක් වාසනාවන්ත වුණා ඔහු සමඟ එකතු වෙලා වැඩ කරන්න. වැඩසටහන්වලට සහභාගි වෙන්න.[rns_reactions]
-
රටම බලන හාර කෝටියේ අද සිදුවූ දේ මෙන්න….
https://www.youtube.com/watch?v=tIaaq-PJ1bA
https://www.youtube.com/watch?v=W9gnLvAiNXs
https://www.youtube.com/watch?v=SBKZ2f_H_yY
[rns_reactions]
-
අද සිදු නාට්‍යයේ සිදුවූ අපුරු දේ මෙන්න…..
[rns_reactions]
-
දෙවැනි ඉනිමේ මොකද උනේ? බලපු නැති අය බලන්න…..
[rns_reactions]
-
හාර කෝටිය මොකද උනේ? බලන්න ඔබත්…
https://www.youtube.com/watch?v=oDDgC7bnGU0
[rns_reactions]
-
සිදු අද මොකද උනේ? බලපු නැති අය බලන්න…..
[rns_reactions]
-
දෙවෙනි ඉනිම අද කොටස මෙන්න… අනිවා බලන්න එකතුවෙන්න…
[rns_reactions]

