Category: සුපිරි Cinema

  • කානුගෙදර රංජිව දැන් නොදන්නේ කවුරුන්ද? සුපිරි චරිතයක් සුහද කතාබහක්…

    හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්

    ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

    හීන තිබුණට කෝටියක්
    අතේ නෑ එක රුපියලක්

    හාර කෝටිය ටෙලි සිතුවමේ තේමා ගීතයේ ඇති මේ පේළි දෙක මේ වන විට සාමාන්‍ය සමාජයට කිඳා බැස අවසානයි. එමෙන්ම එය වෙනස්ම තේමාවක් ඔස්සේ නිර්මාණය වූ ටෙලි සිතුවමක් නිසා ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙක් එය නරඹන්න පෙලඹිලා. එහි චරිතවලට ද බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවෙලා තියෙනවා. හාර කෝටියේ එක්තරා සුවිශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි කානුගෙදර රංජි. ඔහු කතා කරන ස්ටයිල් එක පවා අමුතුයි. හාරකෝටිය තරමටම රංජියවත් ජනප්‍රිය වෙලා.

    රොහාන් විජේතුංග.

    කානුගෙදර රංජියගෙ සැබෑ නම එහෙමයි. ක්ෂේත්‍රයට නවකයකු වුණාට ඔහු එම චරිතය හොඳින් ග්‍රහණය කොට ඇති වග පේනවා. අපි ඒ රොහාන්ට මෙලෙස කතාබහකට එකතුකර ගත්තා.

    කානුගෙදර රංජි කිව්වම දැන් නොදන්න කෙනෙක් නැහැ. නොසිතු විරූ අන්දමින් නේද ඔබ හාරකෝටිය නිසා ජනප්‍රිය වුණේ?

    ඔය චරිතය මුල් කොටස් පහළොවේදී එතරම් තිබුණේ නැහැ. අතුරු චරිතයක් විදිහට නාට්‍යයට ආවේ. පසුව පිටපතහි චරිතය නැවත ලියවිලා ඒ කොටස් පහළොව ඇතුළේ රංජිව තවත් ප්්ලේ කෙරෙව්ව කොටස් නවයෙන් පසුයි ඔහු පැමිණෙන්නේ. මේ වන විට කානුගෙදර රංජිව ප්‍රේක්ෂකයින් බොහොම තදින් වැලඳගෙන තිබෙනවා. පෙර වාසනාවක් මට ඒ ලැබුණු අවස්ථාව.

    ටෙලි නාට්‍ය නරඹද්දී පේනවා ඔබ ඒ චරිතයට බොහොම හොඳින් සාධාරණයක් ඉටු කරනවා කියලා?

    ඔය චරිතය ලියවුණේ සද්ධාමංගල සූරිය බණ්ඩාර අතින්. මුහුණෙහි ස්වරූපය හැදුවා වාසනා බණ්ඩාර කියන අංග රචනා ශිල්පියා. රංජිගේ චරිතය කැමරාව ඉදිරියේ හැදුවේ මම. හාරකෝටිය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා අතනොහැර අතදුන්නා චරිතයේ හැඩය ගොඩනඟා ගන්න.

    කානුගෙදර රංජිව ඔබ විසින් හදාගන්න මොන වගේ අධ්‍යයනයක් ද කළේ?

    ඕක නාගරික සමාජය තුළ සිටින චරිතයක්. මං කොළඹ නෙවෙයි. රත්නපුර කුරුවිට මගේ ගම. මට මේ චරිතය හරිම නුහුරුයි. මට මේ චරිතය ලැබුණායින් පසුව මං ඒ සමාජයට බැහැලා මනා අධ්‍යයනයක යෙදුණා. ඒ තරුණයන් හරියට වචනය කියන්නේ නැහැ. ලිස්සලා යන ස්වරූපයක් තියෙනවා. ඒ අනන්‍යතාවය හදාගත්තා. ඒ වගේම මේ චරිතය තුළ අවංකත්වයකුත් තියෙනවා. කොයි වෙලාවෙවත් පාවා දෙන්නේ නැහැ.

    ඔබට කොහොමද හාර කෝටියේ කානුගෙදර රංජිගේ චරිතය ලැබෙන්නේ?

    මං කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉගෙන ගන්නා අවධියේ මට හමු වුණා නාමල් ජයසිංහ කියන ගුරුවරයා. ගුරුවරයෙක් වගේම ඔහු හිත හොඳ මිනිහෙක්. ඔහු තමයි බොහීමියානුවා නාට්‍යයෙහි පිටපත් රචකයා. එය අධ්‍යක්ෂණය කළේ හාරකෝටිය අධ්‍යක්ෂණය කරන සිවගුරුනාදන් මහත්තයා. නාමල් සර් මට බොහිමියානුවා නාට්‍යයේ රඟපාන්න චරිතයක් දුන්නා. නම සාලිය. මං එහි රඟපෑවේ හුදෙක්ම කැමරාව ඉදිරියේ රඟපාලා අත්දැකීම් ලබාගන්නට පමණයි. නාමල් සර් ඊට අවස්ථාව ලබා දුන්නෙත් එහෙම කියලා. මට එතෙන්දි සිවා අංකල්ව හඳුනගන්නා ලැබුණා. ඔහු තමයි මාව දිගින් දිගටම රඟපාන්න ගත්තේ. මෙඩි සිනා හීන්පැල්ල ලෙසින් පසුව රඟපෑවා. අනතුරුව කළු කුරුල්ලාහි ඩිංගියා වුණා. දැන් කානුගෙදර රංජියා.

    කානුගෙදර රංජියාට ලැබෙන ජනප්‍රියත්වය කොහාමද ඔබ විඳ දරා ගත්තේ?

    ජනප්‍රියත්වය ගැන මම වෙනමම මතයක ඉන්නේ. ජනප්‍රියත්වය අද තියෙනවා. හෙට නැතිවෙනවා. මේ කලේ මං ජනප්‍රියයි. හාරකෝටිය ඉවර වුණාම ඒ ජනප්‍රියත්වය ඉවරයි. ඒක දැනගෙනයි මං ජීවත්වෙන්නේ. නමුත් මිනිසුන්ගේ සිත් තුළ කානුගෙදර රංජියා මතකයක් ලෙස ජීවත්වේවි.

    ඔබ ගුරු පත්වීමක් පවා අතහැරලායි රංගනයට එන්නේ?

    ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

    ඒ තිරණය ගැන ඔබේ මතය මොකක්ද?

    එදත් අදත් මං එකම මතයක ඉන්නේ. කිසිසේත්ම කනගාටු වෙන්නේ නැහැ ගත්තු තීරණය ගැන.

    වෘත්තියක් විදිහට රංගනයේ නියැළෙන්නද අදහස් කරන්නේ?

    නැහැ. ලංකාව වගේ රටක එහෙම ඉන්න අපහසුයි. මට තව ඉගෙන ගන්න තියෙනවා. මං මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරනවා. කෙදිනක හෝ රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නවා. රංගනය ද දිගටම සිදු කරනවා. කරන්න බලාපොරොත්තු වන්නේ ද රංගනයට බාධාවක් නැති රැකියාවක්.

    හාරකෝටිය රඟපාන්න ගිහින් වෙච්ච කෙදිනකවත් අමතක නොවන අත්දැකීමක් ඔබට තියෙනවා. ඒ ගැන පැවසුවොත්?

    එක්තරා දර්ශනයකදී මාංචු කුට්ටමක් මගේ අතේ හිරවුණා. අතේ බැඳලා තිබුණු නූලකට අහුවෙලා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ගලවන්න හදද්දී ඒක තවත් තද වෙනවා. අන්තිමේ සිවා අංකල් ඇවිත් තවත් කෙනෙකු සමඟ එය ගැලෙව්වා. නැතිනම් අතේ තියෙද්දීම ඒක කපන්න වෙනවා.ඒ ගැන හිතෙද්දිත් ඇඟ හිරි වැටෙනවා.

    මේ වන විට තවත් ටෙලි නිර්මාණ සඳහා කතාකරලද තියෙන්නේ?

    නැහැ. හැබැයි රඟපාපු ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ආශා එදිරිසිංහ කරන චිත්‍රපටයකට කතා කළා. එහි රූගත කිරීම් ළඟදීම ඇරැඹේවි.

    ඔබේ පාසලත් මතක් කළොත්?

    ඇහැලියගොඩ ජාතික පාසල.

    අතහිත දුන් පිරිවර?

    රමනි වන්නකු ගුරුතුමිය, තුමිදු දොඩම්තැන්න, නාමල් ජයසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, චාමර සමරවික්‍රම, ජයප්‍රකාශ් සිවගුරුනාදන්,සද්ධා මංගල සූරිය බණ්ඩාර මේ අය ඇතුළු උදව් කළ හැමෝටම බෙහෙවින් තුති.

    [rns_reactions]

  • අවසන් ගමන් ගිය ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවන්න අපිත් එක්වෙමු.. විස්තරේ මෙන්න…

    “අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.වසර දෙකක කාලයක් තුල එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කළ  පරිත්‍යාගයන් වලින්.”

    බොහෝ ආ‌ර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුනදෙන මෙම සොයුරිය…
    මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරැණික සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙයි.

    ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.

    ශිරෝණි ප්‍රියංගිකා
    ගිණුම් අංක- 8103017799
    කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.

    මෙම සටහන අප උපුටා ගත්තේ කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ ෆේස්බුක් සටහනකින්.

    https://www.facebook.com/photo.php?fbid=10203279230139096&set=a.1025198287781.3608.1759987767&type=3

    [rns_reactions]

  • තනියෙමද ඉන්නේ….. හිත නිස්කලංක ද …එහෙනම් අහන්න….

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ…. අහලම බලන්න කොච්චර ලස්සනද කියලා…..

    [rns_reactions]

  • ශ්‍රී දේවිය ගේ 300 වැනි සිනමාපටය – දේවතාවක වන මවකට දූර්ගා, කාලි වීමට අපහසු නොවේ…

    බොලිවුඩ් පුරවරයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවිය ජූලි හත් වැනි දිනට සමරන්නේ සිනමා දිවියේ පනස් වැනි අවුරුද්දයි. එදින ශ්‍රී දේවියට සුවිශේෂී වන්නේ ඇයට වගේ ම ප්‍රේක්ෂකයන්ට ද ඉංග්ලිෂ් විංග්ලිෂ් නොපරදින තවත් සිනමා පටයක් තිළිණ වෙන නිසාය. මම් (MOM) නම් වන මෙම චිත්‍රපටය ශ්‍රී දේවිය රඟන තුන්සිය වැනි සිනමා පටයයි.

    යූ ටියුබයේ මේ සිනමා පටයේ පූර්ව දැන්වීම පළමු දිනයේදී පමණක් නැරඹූ රසිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.2 කි. හින්දි, දමිළ, තෙළගු, මලයාලම් භාෂා හතරින් සිනමා පටය තිරගත කරන්නේ එපමණට ම ඉල්ලුමක් සිනමා පටයට ඇති නිසාය. එයට භාරතයේ මෙන් ම පකිස්ථානයෙන් ද ලැබී ඇති ඉල්ලුම එක සමානය.

    ශ්‍රී දේවිය ප්‍රේක්ෂකයන් තිරයෙන් දකින්නේ ඉංග්ලිෂ් විංග්ලිෂ් තිරගතවී පස් වසරක ඇවෑමෙනි.

    “මවකගේ සෙනෙහස කාලයත් සමඟ වෙනස් නොවේ. දරුවන් ඇය සුපිපි පුෂ්පයකි. එහෙත් සතුරන්ට ඇය තියණු මුවහතක් ඇති කඩුවකට නොදෙවැනිය. තවත් අයුරකින් පැවසුවොත් ඇය ලොවට පවසන්නේ දරුවන් ඉදිරියේදී ගැහැනියකට ලක්ෂ්මී, සරස්වතී දේවතාවන් විය හැකිසේ ම දරුවන්ට එරෙහි එදිරිවාදිකම් ඉදිරියේ දුර්ගා, කාලි වීම අපහසු නොවන බවය.
    කාන්තාව කේන්ද්‍ර කරගත් ‘මම්’ සිනමා පටයේ වර්තමාන සමාජ ප්‍රවාහයේ දියණියන් දෙදෙනකු හා ගුරු වෘත්තියේ යෙදෙන මවකගේ අරගලය විවරණය කෙරේ. ශ්‍රී දේවියට අමතරව සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අක්ෂේ ඛන්නා, අභිමන්යුසිං, සජාල් අලි සහ නවසුදින් සිද්දික්ය. කහානි (2012), ගෑන්ග්ස් ඔෆ් වාසිපුර් (2012), තලාෂ් (2012) වැනි සිනමා පටවල අති විශිෂ්ට චරිත නිරූපණයක යෙදුණු සම්මානනීය නළු නවසුදීන් සිද්දික් ශ්‍රී දේවිය සමඟ රඟපෑමට ලැබීම ජීවිතයේ ලද මහඟු භාග්‍යයක් ලෙස සලකයි. ශ්‍රී දේවියගේ දියණියකගේ චරිතය නිරූපණය කරන සජාල් අලි ජනප්‍රිය පකිස්තාන තාරකාවකි. එහි වැදගත් චරිතයක් රඟන අද්හන් සිද්දික් ද පකිස්තාන නළුවෙකි.

    අක්ෂේ ඛන්නා මෙහි රඟන්නේ සුදු චරිතයක් නොවේ. ඔහු ද අසමසම තාරකාව ශ්‍රී ‍ෙද්විය හා නවසුදීන් සිද්දික් සමඟ රැඟීමේ සතුට භුක්ති විඳින්නේය.

    ශ්‍රී දේවිය ප්‍රධාන චරිතය නිරූපණය කරන සිනමා පටයක ඉඟිය රසිකයන්ට ලැබුණේ 2016 වසරේ මුලදීය. පුවත සැබෑ කරමින් ඇයගේ සැමියා බොනි කපූර්, සුනිල් මන්චන්ද, නරේෂ් අගර්වල්, මුකේෂ් තල්රේජා, ගෞතම් ජෛන් නිෂ්පාදනයෙන් රවි උද්‍යවාර්ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කිරීම් ඇරැඹිණි. නවදිල්ලියේ ශ්‍රී රාම් වාණිජ කොලිජියේ ඇරැඹුණු රූගත කිරීම් අවසන් වූයේ ජොර්ජියාවේ මෙස්ටියාවලිනි.

    අමෙරිකාවේ ජොර්ජියාවේදී දෙමාසයක් පුරා සිනමා කණ්ඩායම රූගත කිරීම්වල යෙදුණේ අංශක හතට උෂ්ණත්වය බැස තිබියදීය. දේශගුණය කටුක වුවත් රූගත කිරීම් සාර්ථකව සිදු කෙරිණි. 2017 මාර්තුවේදී අවසාන රූගත කිරීම සිදුකෙරුණේ බැංකොක් නුවරදීය.

    ‘මම්’ සිනමා පටයේ පෝස්ටරය ප්‍රථම වරට එළි දැක්වුණේ 2017 සී සිනේ සම්මාන උලෙළේදීය. එහිදී ශ්‍රී දේවිය, සල්මන් ඛාන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ අමීර් ඛාන්, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් යන ඛාන් ත්‍රිත්වයටම වඩා ප්‍රබල තාරකාව ශ්‍රී ‍දේවිය බවය. “මං වගේ ම අමීර්, ෂාරුක්, අක්ෂේ බොහෝ සිනමා පටවල රඟපා තිබෙනවා. අමීර් පනහක් විතර, ෂාරුක් සීයකට වඩා රඟපා ඇති. ඒත් අපි හතරදෙනාම රඟපෑ සිනමාපට ගණනේ එකතුව 250 – 275 කට වඩා නෑ. ඒත් ශ්‍රී දේවිය පුරාවෘත්තයක් බඳුයි. ඇය තුන්සිය වැනි සිනමා පටයත් සම්පූර්ණ කරනවා. වයස අවුරුදු හතරේදී තුනෙයිවන් දමිළ සිනමා පටයේ මුරුගා දෙවියන්ගේ කුඩා විය නිරූපණය කරමින් ශ්‍රී දේවිය රංගනයට අත්පොත තැබුවේ 1967 ජූලි 7 වැනිදාය. ඇය බොලිවුඩයට පිය මැන්නේ ජූලි (1975) සිනමා පටයෙනි.
    ඉහළ ම පුරවැසි සම්මානයක් වන පද්ම ශ්‍රී, ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන ගණනාවකින් ම පිදුම්ලද ශ්‍රී දේවිය අමිතාබ් බච්චන් සමඟ රඟපෑම පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා ද තිබේ. එසේ කළ එකම තාරකාව ඇය ම වන්නීය වාගේම අනූව දශකයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් රංගනයට අය කළ එකම නිළිය ද ඇයයි.

    ‘මම්’ දෙස ලොවම දෑස් දල්වා බලා සිටීමේ රහස ශ්‍රී දේවිය වන්නීය. ශ්‍රී දේවියගේ ‘මම්’ සමඟ රන්බීර් කපූර්ගේ ජග්ගා ජසූස්, සායිෆ් අලි ඛාන්ගේ ‘චෙෆ්’, ශ්‍රද්ධා කපූර්ගේ හසීනා සිනමාපටවලට උග්‍ර සටහනක් දීමට සිදුවනු ඇත.

    [rns_reactions]

  • ලංකාවේ පියුමි නිසා ඉන්දියානුවෝ වස බොන්න ඉල්ලති.

    පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්.

    පියුමි මේ සැරේ ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.

    ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා.

    මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට හිමි වෙලා තිබෙනවා.

    පියුමි හංසමාලි, විශ්ව පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් තමයි මේ විදියට එම ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණේ.

    ඒ ඡායාරූපයට යටින් ‘සහෙර් හේ කිසි සේ පාස්‘ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක්ද සටහන් කරලා තිබුණා..

    ඒකේ සිංහල තේරුම තමයි ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ කියන එකයි.

    ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලයි.

    [rns_reactions]

  • අර්බුදය නිමාකරමින් ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට

    සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්‍යක්‍ෂ සහ ප‍්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබේ.

    කැලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිය වන  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශීලා විජේවර්ධන මහත්මිය විසින් ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ බැරිස්ටර් සහ සොලිස්ටර්වරයකු වන දොන් කටුගම්පල මහතා සහ කොළඹ ප‍්‍රසිද්ධ නොතාරිස් වයි.වී.ආර්. බාලසූරිය මහත්මිය යන නොතාරිස්වරුන් විසින් සහතික කර බලයලත් හිමිකම මීට පෙර සිරි හෙට්ටිආරච්චි නැමැත්තකුට පවරා තිබිණි.

    1943 වසරේ අගොස්තු මස 3 වැනිදා හපුතලේදී උපත ලැබූ ක්ලැරැන්ස් විජේවර්ධනයන්  1964 වසරේ සිට 1970 දක්වා ‘ද මූන්ස්ටොන්’ නැමැති සංගීත කණ්ඩායමත් සමඟ ජනප‍්‍රියත්වයට පත්විය. ‘සිහින ලොවක්, මලට බඹරකු සේ, කිමද නාවේ, දිලීප පොඩිපුතු, දුව මා වගේ, සැන්දෑ වළාවන්, ආදරේට කියන කතා,  රෑ තාරකාවෝ, රන් සමනලියන්, කඳු

    සුරිඳුනි, සඳක් බැසගියා’ ඇතුලූ ජනප‍්‍රිය ගීත රැසක් ක්ලැරැන්ස්ගේ නිර්මාණ වේ.1996 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා ජීවිත වේදිකාවෙන් බැසගියත් අද වනතුරුත් ක්ලැරැන්ස් විජේවර්ධනයන්ගේ ගීත රසික හදවත් තුළ කිඳා බැස ඇත.ක්ලැරැන්ස්ගේ දියණිය අමිලා විජේවර්ධන කීවේ මෙවන් කතාවකි.

    ‘‘මගේ පියා නිර්මාණය කළ ගීතවල තනු නිර්මාණ සහ පද රචනවලට හානියක් නොකර, ගීත විකෘති නොකර ගායනා කිරීමට කැමැති  ඕනෑම අයකුට අපිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අපෙන් අවසර ලබාගෙන ගායනා කිරීමට අවස්ථාව  දෙනවා. අවසර නොමැතිව ගායනා කරන  ඕනෑම අයකුට විරුද්ධව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න වෙනමම නීතිඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා. පියාගේ ගීත අනවසරයෙන් ගායනා කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට නියෝජිතයකු ඉදිරියේදී පත්කරනවා.

    ඒ වගේම දැනට පවතින නඩු සම්බන්ධයෙන් අපේ නීතීඥ මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

    ඉදිරියේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ සම්බන්ධ  කරගෙන පවත්වන ප‍්‍රසංග වැඩසටහන් හා සියලූම දේවල් පිළිබඳව අප දැනුම්වත් කළ යුතු වෙනවා. මොකද එය අප සිතන්නේ පියාට කරන යුතුකමක් කියලයි.

    මගේ පියාගේ ගීත ගායනා කරලා ප‍්‍රසිද්ධිය ලබාගෙන මුදල් හම්බකරගෙන අපට දොස් කියන පිරිසකුත් ඉන්නවා. එය අපි දකින්නේ මෙවැනි කලාකරුවකුට කරන අගෞරවයක් හැටියටයි. මගේ පියා නැතිවෙලා වසර ගණනක් ගියත් ඔහුගේ ගීත තවමත් ජනප‍්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ ඒ ගීතවල තිබුණු අලංකාරය සහ සුවිශේෂී නිර්මාණ ගුණය නිසයි. අප සිතනවා තවත් වසර ගණනාවක් ඔහුගේ ගීත රසික හදවත් තුළ රැඳී තිබේවි කියලා. මගේ පියාගේ ගීත විකෘති නොකර වෙනස් නොකර ගායනා කිරීමට කැමැති අයකුට clarenceslegacy@gmail.com ලිපිනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.’

    (ශීලා විජේවර්ධන සහ දියණිය අමිලා විජේවර්ධන)

    [rns_reactions]

  • රහතුන් රඟපෑ ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න….

    කවුරු කවුරුත් බලාගෙන සිටි ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට මුදා හැර තිබෙනවා.

    ඉරාජ් බලාපොරොත්තුව නම්  මෙම මියුසික් වීඩියෝව පැය 24ක් යන්න කලින්  You Tube views මිලියනයක් වෙත ගෙන ඒමටයි.

    ඔබත් නරබන්න. රසවිදින්න…අදහස් comment කරන්න…..

     

    [rns_reactions]

  • ඉරාජ්ගේ හොද කියන්න සමන්ත බද්ධ මුහුණු පොතින් සජිවිව එයි..

    නුදුරේදිම  එනවැයි කියන ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ගැන  මේ දිනවල හරි හරියට කතා වෙනවා.

    ආරංචියේ හැටියට මේ මියුසික් වීඩියෝව හෙට නිකුත් වෙනවලු.ඒ විතරක් නෙමෙයි පුරුදු විදියටම මේ මියුසික් වීඩියෝවත් අඩ නිරුව් දර්ශණ ඇතුළත් වෙලා තියනවලු.

    හැබැයි මේ ගැන හැමෝම කතා කරන්න පටන්ගෙන තියෙන්නේ ඒ නිසා නෙමෙයි.

    සිරි සඳහම් ආශ්‍රාමාධිපති සමන්තබද්‍ර හිමියන්ද මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වෙලා.

    ඉරාජ් කියන විදියට රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව මේකලු.

    කොහොම වුණත් මේ ගැන බොහෝ දෙනාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙමෙයි.

    කොහොම හරි ඊයේ ෆේස්බුක් ලයිව් ආපු සමන්ත භද්‍ර හිමියෝ මේ චෝදනාවන්ට පිළිතුරු ලබාදී තිබුණා.

    එහිදී උන්වහන්සේ විමසුවේ චිත්‍රපටවලදී නලුවන් බුදුහාදුරුවන්ට මල් පූජා කරන අයුරු දැක නොමැතිද යන්නයි. එසේ නම් බුදු රජාණන් වහන්සේද රඟපාන්නේ දැයි උන් වහන්සේ විමසා සිටියා.

    ඉරාජ් කියන්නේ අප ලගින්ම කටයුතු කරන කෙනෙක් ඔහු සාම්පදායික නෑ මම එහෙම මිනිසුන්ට කැමැතිත් නෑ

    සාම්පදායික මිත්‍යා දුෂ්ඨික නොවන සමාජයට හොඳ පණිවිඩයක් ලබාදීමේ වීඩියොවක පෙනී සිටිමේ වරදක් නැති බවයි උන්වහන්සේ එහිදි සඳහන් කළේ.

    පළමුව එම වීඩියෝව නරඹන ලෙසත්, එය එය තමා තමා විසින් නිරුවත් කර ගැනිමක් බවත්, ගොන් කමට විවිධ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන ලෙසත් උන් වහන්සේ එහදි වැඩිදුරටත් පවසා තිබුණා.

    වීඩියෝව පහතින් නරඹන්න..

    https://www.facebook.com/irajw/videos/10158518645495134/

    [rns_reactions]

  • ඔබ ආදරය කරන කලා ලොවේ තරු අවුරුදු සැමරූ හැටි මෙන්න..

    අලුත් අවුරුද්ද ලංකාවාසී හැමදෙනාම සැමැරුවේ සතුටු සිතින්. අවුරුද්දේ මතක සැමැරුම්,සුන්දරත්වය, උණුහුම තවමත් අපේ සිත්වලින් මැකී ගිහින් නැහැ. හැමදෙනාගේම සිත් අලුත් සිතුම් පැතුම් ,බලාපොරොත්තුවලින් පිරී ගිහින්. අදහස් ,සිතුවිලි හැමදේම අලුත්වන අලුත් අවුරුද්දේ අපි කවුරුත් ප්‍රිය කරන කලාකරුවන් අවුරුදු සැමරූ හැටි සොයා බලන්න අපි හිතුවා.

    අලුත් අවුරුදු සමරන්න ලංකාවට ආවා

    බියංකා ෆොන්සේකා කලාලොවේ සිටින සූරූපී නිළියක්. ඇය පසුගිය දවස්වල නිර්මාණයකින් නොදුටුව තරම්. අලුත් අවුරුද්දේ බියංකා ගැන අපිට අලුත් ආරංචියක් දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි ඇගෙන්ම විමසා බැලුවා.

    ‘මම මෙච්චර කාලයක් විදෙස් ගතවෙලයි හිටියේ. ඒ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු කිහිපයක් වෙනුවෙන්. පසුගිය දිනෙක අලුත් අවුරුදු සමරන්නත් බලාගෙන නැවත ලංකාවට ආවා. උලත් එකයි පිලත් එකයි‘චිත්‍රපටයට දායක වුණාට පසුව මට අලුත් නිර්මාණයකට දායක වෙන්න නොලැබුණ තරම්. ඉතින් මේ දවස්වල වැඩි වශයෙන් රූපවාහිනී නාළිකාවල අවුරුදු උළෙල සහ වැඩසටහන් වෙනුවෙන් සහභාගි වුණා. පවුලේ අයත් එක්ක අලුත් අවුරුදු සැමැරුවා. හුඟක් සතුටින් කාලය ගෙවී යනවා.

    කුරුඳු හැලප කරපු දෙයක්

    සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමයේ විවිධ රූපවාහිනී නාළිකාවල විවිධ වැඩසටහන් දියත් වෙනවා. ඒ අතර අවුරුදු උත්සව වගේම විවිධ පුණ්‍ය කටයුතුත් සිදු වෙනවා. එවැනි පුණ්‍ය කටයුත්තකට ප්‍රවීණ කලාකරු කුමාර රණපුර පසුගිය අවුරුදු සමයේ දායක වුණා. මෙතනදී අපූරු සිදු වීමක් කුමාරට දැක ගන්න ලැබිලා.

    ‘පසුගිය දවසක එක්තරා රූපවාහිනී නාළිකාවක් සංවිධානය කරපු අවුරුදු වැඩසටහනකට සහභාගි වෙන්න මටත් ඇරියුම් ලැබුණා. එයට නව පරපුරේ නළු නිළියනුත් අැවිත් හිටියා. අපි ගියේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්නයි. ඉතින් වැඩිහිටි මව්පියන් සමඟ හුඟක් විනෝද වු‍ණා. මේ අතර තේපානයට අපිට අපූරු හැලප වර්ගයක් කන්න ලැබුණා. සාමාන්‍ය‍ෙයන් අපි මෙච්චර දවසක් කාලා තිබෙන්නේ කැන්ද කොළේ ඔතපු හැලපනෙ. එදා අපිට ලැබුණේ කුරුඳු කොළේ ඔතපු හැලප. ඒ හැලප හරිම රසයි. ඉතින් අපි හැමදෙනාම බොහොම ආසාවෙන් මේ හැලප කෑවා. තේ බිව්වා. ඉතින් හවස් වෙනකොට අපි වැඩිහිටි නිවාසයෙන් පිටත් වෙන්න වාහනයට ගොඩවෙන්න ආවා. මෙන්න බොලේ නවක නිළියකගේ සාක්කුවේ පිරී තිබුණු කුරුඳු හැලප ගොඩක් බිමට වැටුණා. හැමෝටම හිනා. කුරුඳු හැලපවල රස වැඩි කමට ගෙදර ගෙනිහිල්ලා කන්නත් මෙයා හැලප අරගෙන. පස්සේ ඉතින් මේ නවක නිළියට අපේ විහිළු තහළු මැද තමයි ගෙදරට යන්න වුණේ.

    රිතූ අන්ධයකුට කිරි කවලා

    රිතූ ආකර්ෂා මෙදා අලුත් අවුරුද්ද ගත කළේ හරිම අපූරු විදිහට. ඒ ගැන රිතූ කිව්වේ මේ විදිහට.‘මම හැමදාමත් අලුත් අවුරුද්දට හුඟක් බීසී වෙනවා. නමුත් මෙදා සැරේ අවුරුද්දට නම් එහෙම බිසී එකක් වුණේ නැහැ. සුපුරුදු විදිහට අවුරුදු වැඩසටහන්වලට සහභාගි වුණා. ගෙදර ඉඳන් අවුරුදු සැමැරුවා. පසුගිය මාස කිහිපයේම එක දිගට නිර්මාණ කටයුතුවල නියැළුණු නිසා අවුරුදු දිනවල කිසිම නිර්මාණයක් මම බාර ගත්තේ නැහැ. රූපවාහිනී අවුරුදු වැඩසටහන් කිහිපයකටම මමත් සහභාගි වුණා. ඒ අතර දෙරණ අවුරුදු උත්සවය නම් විශේෂයි. මොකද මම අන්ධයකුට කිරි කැවුවා. ඒ තමයි දෙනුවන්. දෙනුවන්ගේ මුළු මුණෙම කිරි. කොහොම වුණත් අවුරුදු නම් හරිම සතුටින් සැමැරුවා.

    අවුරුද්දේ තුන්දෙනාම එකට

    සුන්දර රංගන ශිල්පිනියන් අතර තරුෂි පෙරේරා අමතක කරන්න බැහැ. තරුෂි නිතරම විදෙස් ගත වෙනවා. ඒ ඇගේ සැමියා විදෙස් රටක සේවය කරන නිසයි. එනිසාම තරුෂිට බෙහෝ වසරවල අලුත් අවුරුද්ද සමරන්න විදේශගත වෙන්න සිදු වුණා. ඒත් මෙවර නම් තරුෂිට ලංකාවේ ඉඳගෙනම අලුත් අවුරුද්ද සමරන්න හැකි වෙලා. ඇය ඒ ගැන අපිත් එක්ක කිව්වේ මේ විදිහට.

    ‘මෙවර අලුත් අවුරුද්ද මමත් මගේ මහත්තයත් පුංචි පුතත් එකට එකතුවෙලා අවුරුදු සමැරුවා. මෙවර සුමේධ ලංකාවට ආවේ දිගු නිවාඩුවකට. එනිසා අවුරුද්ද වෙනදට වැඩිය සතුටින් වගේම චාරිත්‍ර සමඟ ඉටුකරන්න අපි දෙන්නට හැකි වුණා. මගේ අතින්ම සුමේධ වෙනුවෙන් විවිධ කෑම වර්ග කැවිලි සැකසුණා. පුතාට දැන් අවුරුදු 2ක් වෙන නිසා එයාටත් දැන් පොඩිපොඩි දේවල් තේරෙනවා. ඒ හින්දා අවුරුද්ද හරිම විශේෂව මෙවර සැමැරුවා.

    අලුත් අවුරුද්දට අලුත් ගීත

    ඉන්දිකා උපමාලි ගැන අටුවාටිකා අවශ්‍ය නැහැ. ඇය කලා ලොවේ සිටින දක්ෂතම ප්‍රවීණ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්. මෙදා සැරේ අවුරුද්දට ඉන්දිකාගෙන් අලුත්ම ගීත එකතුවක් නිර්මාණය වී ඇති බව අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්ද සැමැරුවේ මගේ අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරමින්. එනිසා මෙවර අලුත් අවුරුද්ද මට වගේම මගේ රසිකයන්ටත් විශේෂ වුණා. ඉදිරියේ දී මේ ගීත ඇතුළත් කරලා සංයුක්ත තැටියක් එළිදක්වන්න මම සූදානම්. ඒ වගේම දැන් මගේ පුංචි පුතාට අවුරුදු 2ක්. එයත් එක්ක අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් අවුරුදු සමරන්න මට හැකි වුණා. ‘

    අවුරුදු දවසේ ගෙදර තනි කළේ නැහැ

    ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අනූෂා දමයන්ති අවුරුද්දට කතරගම වන්දනාවේ ගියා කියල අපිට දැන ගන්නට ලැබුණා. බුදුන්, දෙවියන් සිහිකරමින් අවුරුදු සමරන්න ලැබුණු එක ගැන අනූෂා අපිත් එක්ක කතා කළා. ‘පසුගිය දවස්වල කලා කටයුතු නිසා බොහොම කාර්ය බහුලව තමයි කාලය ගත කළේ. කොහොමත් අවුරුද්දකට වතාවක් කතරගම යන්න මම අමතක කරන්නේ නැහැ. එනිසා පරණ අවුරුද්දේ කතරගම ගිහින් කිරිවෙහෙර වැඳලා, කතරගම දෙවියන් වැඳලා ආවා. ඒ වගේම අවරුදු දිනයේ ගෙදරම ඉඳගෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටුකළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අලුත් අවුරුදු දිනයේ තමන් ජීවත් වෙන නිවෙස හිස් කරන්න හොඳ නැහැ කියන එක. එදාට ගෙදර කිරි උතුරුවලා, කිරිබතක් පිළියෙල කළ යුතුමයි. එනිසා ඒ දේවල් අකුරටම ඉටුකළා. ඊට පසුවදා මම නුවර එළි ගියා. ඒ මගේ පවුලේ හැමදෙනාම සමඟ.

    රොෂානාට මේ අලුත් අවුරුද්ද විශේෂයි.

    රොෂානා මේ දවස්වල කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්. රොෂානාට මෙවර අලුත් අවුරුද්ද හරිම විශේෂයි. ඒ ගැන අපි ඇගෙන්ම විමසුවා. ‘මෙවර අවුරුද්ද මගේ ජීවිතයට හුඟක් විශේෂයි. මොකද පසුගිය අලුත් අවුරුදු මම සැමැරුවේ තනිවම. එත් මෙවර මගේ අලුත් පවුලේ හැම දෙනා එක්කම සමරන්න මට අවස්ථාව ලැබුණා. මගේ පෙම්වතා සමඟ මෙවර අලුත් අවුරුද්ද සමරන්න ලැබුණු එක ගැන විශාල සතුටක් හිතේ තිබෙනවා.

    අලුත් අවුරුදු සැමරුවේ නුවරඑළියේ

    ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පූජා උමාශංකර්ට නම් විශේෂ අවුරුද්දක් වුණා. ඒ ඇය විවාහයෙන් පසුව සමරන පළමු අලුත් අවුරුද්ද මෙය වීමයි. කොහොම වුණත් පූජා අලුත් අවුරුද්ද සමරන්න නුවරඑළි ගියා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්දට මගේ පවුලේ හැමදෙනාමත් මගේ සැමියාගේ පවුලේ හැමදෙනාමත් එකතු වුණා. විශේෂයෙන්ම මගේ මල්ලී එයාගේ බිරියත් දරුවනුත් සමඟ ලංකාවට ආවා. ඉතින් අපි කට්ටියම නුවරඑළි ගියා. පුංචි පැටව් දෙන්න එක්ක ගත කරපු ඒ කාලය නම් හරිම අපූරුයි. නුවරඑළියේ සුන්දර තැන් නරඹමින් හරිම සතුටින් තමයි කාලය ගත කළේ

    [rns_reactions]

  • ඔලුව උදුම්මා නොගත් ප්‍රවීන ගායක දයාන් විතාරනගේ සත් ක්‍රීයාවක් කරලියට..

    නුවරඑළියේදී පදික වේදිකාවක ගීත ගායනා කල අසරණයෙකුගේ ගායන හැකියාව ඇගයීමට එම ස්ථානයේ නතරවූ දයාන් විතාරණ ඒ පිලිබදව මුහුණු පොතේ සටහනක්ද තබා ඇත.

    [rns_reactions]

  • සරාගයේ වීඩියෝවට තම පියා ජාතිය ඇමතු හැටි සනුක හෙළිකරයි…

    සනුක යනු  මෑත කාලිනව අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීත කිහිපයකම අයිතිකාරයෙක් වන අතර ඒ අතරින් සරාගයේ හා  සංසාර සිහිනයේ යන ගීත සුවිශේෂයි.මීට සති කිහිපයකට පෙර නිකුත් වුණ සරාගයේ මියුසික් වීඩියෝව කා අතරත් කතා බහට ලක්වු අතර සරාගයේ වීඩියෝව පිළිබඳ සනුක පසුගිය දිනෙක පුවත්පතකට දැක්වූ අදහස් මෙසේය.

    සරාගයේ සහ සංසාර සිහිනේ කියන ගීත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සරාගයේ mp3 එකට යූ ටියුබ් විව්ස් ලක්ෂ පහක් විතර තිබුණා. වීඩියෝ එක දැම්මට පස්සේ යූ. ටියුබ් විව්ස් ලක්ෂ දහහතර පැනලා. සංසාර සිහිනේ ගීතයට විව්ස් ලක්ෂ හතක් පැනලා තිබ්බා. ඉතිං මේ දේවල්වලින් මට තේරෙනවා රසිකයෝ මගේ ගීතවලට ආදරෙයි කියලා.

    ප්‍රසංගවලට ගියාම මම සරාගයේ ගීතය කියනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගීතය ඉල්ලනවා. මම ගීතය ගායනා කරද්දි ඒ අය මාත් එක්කම ඒ ගීතය ගායනා කරනවා. මගේ ගීතයක් රසික රසිකාවියන්ගේ හඩින් ඇහෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔවුන් මගේ ගීතයේ වචන පවා මතක තියාගෙන ඉන්නවා.

    “සරාගයේ”වීඩියෝවට ගැන කවුරුත් මගේ මූණට නම් විවේචන එල්ල කළේ නැහැ. හැබැයි ඒ වීඩියෝවේ කමෙන්ට්ස් වලට එක එක ඒවා දාලා තිබුණා. ඒ ගීතයේ තනුව මම මනු අයියට වාදනය කරලා පෙන්නුවා. ඒ වෙලාවෙම මනු අයියා ඒකට පද ලිව්වා. ඒ වචනවල තියෙන තේරුම් දුමින්ද සංජීව මියුසික් වීඩියෝවට නැඟුවා. කලාත්මකව සහ ඉතාම සංයමයකින් ඒක කරලා තියෙනවා.

    අපිට රැල්ලට යන්න ඕන වුණේ නෑ. ගීතයේ අදහස් කලාත්මකව ඉදිරිපත් කරන්න තමයි අපි කළු සුදු තේමාවකට ගියෙත්. උදාර සහ ටීනා රංගනයෙන් ඊට උපරිම සාධාරණයක් කළා. වෙනස් දෙයක් කරන්න තමයි අපි උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා කියලා හිතනවා.

    වීඩියෝව බලලා තාත්තා සනුකට දෙහි කැපුවා කියන්නේ ඇත්තද..?
    මට මතක විදිහට තාත්තා ඒකට මුකුත් කිව්වේ නෑ. එයාගෙන් බැනුම් ඇහුවද කියලත් මතක නැහැ. සමහර විට බැනලා විව්ස් කමෙන්ට්ස් වැඩි වෙද්දි බනින එක නැවතුණාද කියලා මතකත් නැ.

    [rns_reactions]

  • රටම සොයන විසදුමට ජවයක් Original Music Video එක මෙන්න (Exclusive Video)

    මුළු රටේම අවධානය දිනාගත් විසදුමකට ජවයක් ගීතය සදහා නිර්මාණය කරන ලද රූප රචනාමය වීඩියෝව අප වෙත ලැබී ඇත.

    https://www.youtube.com/watch?v=DvZm8ZEJsjU

    [rns_reactions]

  • ජනපති ප්‍රධානත්වයෙන් ලක්ෂ 250ක පරිත්‍යාගයක්.(photos)

    ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා රුපියල් ලක්ෂ 250 ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
     
    අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුඑ සංගමයේ සාමාජිකයින්  වෙත භාරදෙනු ලැබීය.
     
    ප්‍රවීන ගායිකා ලතා වල්පොල, දයාරත්න රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුථ ගායක ගායිකාවන්, කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    [rns_reactions]
  • මම තවමත් සංගීතාට ආදරෙයි – කමල්ගෙන් අමුතු කතාවක්…..

    මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්.

    ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද?
    ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි තිබුණෙ.

    ඇය තුළ තිබුණු විශේෂතා මොනවද?
    රමණි ඉතාමත් හොඳ ධෛර්යක් තියෙන ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන් බොහොම නිහතමානී, අවංක ප්‍රතිපත්තිගරුක කෙනෙක්, මට අසීමිතව ආදරය කළා

    ඇය ජීවිතෙන් සමුගත් දවසෙ මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
    ඒක කියලා වැඩක් නෑ. මුළු ලෝකෙම නැතිවුනා වගේ තමයි හැඟුණෙ. මොකද ලෝකයක් කඩාගෙන වැටුණා. මගෙ ජීවිතේ අරමුණක් නැතිව හිස් බවක් එක්ක කාලයක් යනතුරුම ගෙවුණෙ.

    ඔය හදවතට තවම ඒ දුක දැනෙනවද?
    ඔව්, ඉතින් එහෙමයි කියලා දුක කියන එක කාලයක් යද්දි තමන්ට දුකක් වෙන්නෙ නෑ. ඒ දුකට පුරුදු වුණාම ඒවගේ අවස්ථාවන්වලට මුහුණදෙන්න පුළුවන්වෙනවා. ඇයගෙ පොඩි අතපසුවීමක් නිසා තමයි ඇයට ජීවිතෙන් සමුගන්න වුණේ ඇයගෙම වැරදි අනවබෝධයක් නිසා.

    ඔබ මේ ක්ෂේත්‍රයට ආවට පසුව වැඩිපුරම ආදරවන්තිය වුණේ කවුද?
    වැඩිපුරම ආදරවන්තිය වුණේ සංගීතා වීරරත්න

    ඇය සමග රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම?
    අසනි වර්ෂා චිත්‍රපටයට ගොඩක් කැමතියි. වසන්ත ඔබේසේකරගෙ.

    කමල් – සංගීතා කියලා යුගයක් පවා බිහිවුණා නේද?
    ඒ යුගය වෙන වෙන නළුවො ඇවිල්ලා කාලා දැම්මනෙ. සංගීතාව මගෙන් ඩැහැගත්තා.

    ඇයත් එක්ක රඟපාද්දි ඇයට ආදරයක් ඇතිවෙලා නැද්ද?
    මොකද නැත්තෙ, ඇයට කොයිතරම් පිරිසක් ආදරේ කළාද? මම තවමත් ආදරෙයි.

  • මියෙන්නට පෙර මොහොතක් ජීවත් වන්න – සාරංග උමාලිට කියයි…..

    ආන්දෝලනාත්ම දේපලක් වන සාරංග සහ උමාලිගේ විවාහ ජීවිතය ගැන  වැඩි වශයෙන් සමාජයේ කතා බහක් ඇති කාලෙක සාරංග FB හි සටහනක්  තබා තිබෙනවා.

    උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ‘ඔබේ ආදරය’ සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු  අතර සාරංග එම වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමට හුවමාරු කරමින් ‘මියෙන්නට පෙර මොහොතක්වත් ජීවත්වෙන්න…’ යනුවෙන් වූ ගීතයේම කොටසකුයි  මෙලෙස  සටහනක් ලෙස යොදාඇත්තේ.

  • දැන් මොකද වෙන්නේ? ජනප්‍රිය නිලි ශලනි තාරකා කලකට පසුව මාධ්‍යයට කියයි..

    මෙවර Slim Nielsen Peopels Award ජනප්‍රියම ටෙලි නිළිය සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රිය නිළි සම්මාන එකපිට එක ලැබෙද්දී ආඩම්බරයෙන්ද ඉන්නේ?

    නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔළුව උදුම්මා ගත්ත ආඩම්බරයක් නම් නැහැ. මම එහෙම හිටියා නම් මට මේ සම්මානය ලැබෙන්නෙත් නැහැ. මගේ වටේ ඉන්න ප්‍රේක්ෂකයෝ නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ. එයාලගේ ආදරේ අඩුවෙලා නැති එක ගැන සතුටුයි.

    ප්‍රේක්ෂක ආදරය සම්මානයකින් මේ සැරෙත් ලබාගන්න බලාපොරොත්තුවක් තිබ්බද?

    සම්මානයක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. දුලිකා මාරපන, යශෝධා විමලධර්ම, උදාරි වර්ණකුලසූරිය වගේ මට වඩා ප්‍රවීණ අය එක්ක මම මේ සම්මානයට නිර්දේශ වුණේ. සම්මාන උළෙලට යන්නෙ සම්මානයක් ලැබෙයි කියලා නෙවෙයි. සම්මානයක් ලැබුණොත් සතුටක් තියෙනවා.

    තමන්ට සම්මානයක් නොලැබුණත් දුකක් නැතිව ගෙදර යන්න පුළුවන්ද?

    ඔව්. සම්මානයක් නොලැබෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. සම්මාන නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මට ලැබෙනවා.

    ශලිනි ජනප්‍රිය නිළි සම්මානය ලබන්නේ තුන්වැනි වතාවට. හැබැයි ශලනිගේ හීනය තියෙන්නේ වෙන තැනක නේද?

    ඔව්. මම කැමැති හොඳම නිළිය වෙන්න.

    ඒ හීනෙ හැබෑ කරගන්න තව දුර වැඩිද?

    ඒක කොයි කාලේ ලැබෙයිද කියලා කියන්න බෑ. ඒක ලැබෙන නිර්මාණ එක්කත් තීරණය වෙනවනේ. සමහරු නම් නිර්මාණයක් කරද්දි කියනවා මේකට සම්මානයක් ලැබෙයි කියලා. විනිශ්චය මණ්ඩලය අතේනෙ ඒ තීරණය තියෙන්නේ. ලැබෙන කාලෙට ඒ සම්මානය මට ලැබෙයි. මම කැමැතියි පහුවෙලා ඒ සම්මානය ලැබෙනවට. මොකද පහුවෙලා ලැබෙන දේ අගය වැඩියිනේ.

    මේ දවස්වල නියැළෙන රංගන වැඩ කටයුතු මොනවද කියලත් කියමු?

    මුතුමලී ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ නාට්‍යයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. තවත් ටෙලි නාට්‍ය දෙකක් ලබන මාසේ විකාශය වෙන්න තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය දෙකක ෂූටින් ළඟදී පටන් ගන්නවා.

    සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

    බෙනට් රත්නායකගේ නෙලා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනවා. මම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ විරූපී චරිතයක්. ඒක මගේ ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි.

    ක්‍ෂේත්‍රයට ආපු කාලයේ රියැලිටිවල දැකපු ශලනි දැන් නම් රියැලිටිවල දකින්න නෑ. රියැලිටි වැඩසටහන් මඟ හරින හේතුව මොකද්ද?

    රියැලිටි වැඩසටහන්වලට ගියාම අපේ අනෙක් වැඩ කරගන්නත් කාලය මදි. එහෙම වුණාම කරන එක වැඩකටවත් හරියට දෙයක් කරන්න බෑ. ක්‍ෂේත්‍රයට ආපු ගමන් රියැලිටි කළාට කමක් නෑ. ස්ථාවරයක් ගොඩනඟා ගෙන එද්දි රියැලිටිවලට යන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ අදහස. ඉතිං මට රියැලිටි වැඩසටහන් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම අෑත්වෙලා ඉන්න මම තීරණය කළා.

    පසුගිය කාලේ කතාවක් පැතිරුණා ශලනිට හේමාල් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා, ඒ ප්‍රේම සම්බන්ධය දෙදරලා ගියා කියලා. මොනවද මේ කතා?

    හේමාල්, මගේ හොඳ යාළුවෙක්. අපි ඉස්සර නිතර හම්බුණා. දැන් අපි දෙන්නම කාර්ය බහුලයි. ඉතිං නිතර හම්බෙන්න බෑ. හැබැයි අපි ඉඳල හිටලා කෝල්, මැසේජ් කරනවා. කොහේ හරි දැක්කොත් වෙනදා වගේම කතා කරනවා. අපිට කතා කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ. නිතර හමු නොවුණත් මිතුරුකමක් අපේ හිත්වල තියෙනවා.

    ඒ කියන්නේ දෙන්නා අතරේ තිබ්බෙත් මිත්‍රකමක් විතරද?

    ඔව්. අපි යාළුවෝ විතරයි.

    එහෙනම් විශේෂ කෙනෙක් ඇතිනේ?

    එහෙම කෙනෙක් ඇත්තටම නැහැ. මම බොහොම නිදහසේ ඉන්නවා. මගේ නිදහස නැති කරන්න අම්මලා නම් මට කෙනෙක්ව හොයනවා.

    හැබැයි ක්‍ෂේත්‍රයේ තරුණයෝ නම් ශලනි වටේ කැරකෙනවා කියලා ආරංචියි?

    කැරකෙන අය ඇති. හැබැයි ඒක මම ඔළුවට දාගන්නේ නෑ. ආදර යෝජනාත් ඇවිත් තියෙනවා. මම ඒවා හිමින් සීරුවේ ප්‍රතික්ෂේප කරනවා. මට අවශ්‍ය නැති නිසා. හැබැයි ඒ අය තාමත් මාත් එක්ක හිතවත්.