Category: සුපිරි Cinema

  • අන්තර්ජාලයම කැළඹු තරුණියක්ව වරදට පොළඹවා ගන්න හැදූ සිද්ධිය‌ේ විඩිය‌ෝව ම‌ෙන්න…

    අන්තර්ජාලයම කැළඹු තරුණියක්ව වරදට පොළඹවා ගන්න හැදූ සිද්ධිය‌ේ විඩිය‌ෝව ම‌ෙන්න…

    ඉන්දියාවේ චිත්‍රපටයකට පෙනී සිටින්න තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා.

    එලෙස චිත්‍රපටයකට පෙනී සිටීමේ ආශාවෙන් සිටින තරුණියක් චිත‍්‍රපටයක සම්මුඛ පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වනවා.

    සම්මුඛ පරීක්ෂණය මෙහෙයවීමට සිටින තරුණිය එම ස්ථානයට පැමිණෙන තරුණියක්ව කාමුකව වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරනවා.

    එම අවස්ථාවේදී සිදුවන දේ වීඩියෝවෙන් බලන්න..

  • රටම කතාවෙන සුරූපී පියුමි හංසමාලි කිරි වලින් නාවන අමුතු තාලේ සරාගී නර්තනය මෙන්න..

    රටම කතාවෙන සුරූපී පියුමි හංසමාලි කිරි වලින් නාවන අමුතු තාලේ සරාගී නර්තනය මෙන්න..

    ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ.

    එහිදී පියුමි හංසමාලි මේ සතියේ නටන්න ඉන්න ඩාන්ස් එකේ විඩීයෝව තමයි මේ.

  • දෙරණේ නටන්න ආපු පියුමි හංසමාලි සාරංගටයි -ළහිරුටයි කරපු අමුතු වැඩේ මෙන්න (වීඩියෝ)

    දෙරණේ නටන්න ආපු පියුමි හංසමාලි සාරංගටයි -ළහිරුටයි කරපු අමුතු වැඩේ මෙන්න (වීඩියෝ)

    මේ දිනවල ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ.

    ඉතින් මේ සතියේ සෙනසුරාදා රාත්‍රී 9.30 ට ටීවී දෙරණ හා එක්වන ඔබට අලුත් කෙනෙක්ව බලාගන්න පුළුවන් වෙයි.

    ඒ තමයි සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන පියුමි හංසමාලි.

    ඉතින් Star City තරගය මෙහෙයවන සාරංගටයි ලහිරුටයි පියුමි ඩ්‍රින්ක් එකක් දෙනවා.

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

  • ඔබේ ආදරය තුරුලේ සනසවන්න..  අයාලේ යන නළු සාරංගට නිලි උමාලිගෙන් කණේ පහරක්..

    ඔබේ ආදරය තුරුලේ සනසවන්න.. අයාලේ යන නළු සාරංගට නිලි උමාලිගෙන් කණේ පහරක්..

    මෙහිදී උමාලි තිලකරත්න වසරේ නැගී එන රංගන ශිල්පිණිය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

    එම අවස්ථාවේදී සියල්ලන්ටම ස්තූති කරමින් උමාලි සංවේදී කතාවක් සිදුකළ අතර වේදිකාවේදී ගීතයක්ද ගායනා කළා.

  • එන්න කියලා අයියා මට දවස් 03ක්ම කතා කළා.. මම බයට බෑ කිවුවා – පියුමිගෙන් අමුතු කතාවක්…

    එන්න කියලා අයියා මට දවස් 03ක්ම කතා කළා.. මම බයට බෑ කිවුවා – පියුමිගෙන් අමුතු කතාවක්…

    පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා ?
    ඔව්, ඒ “වස්සානයේ සඳ” චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොද නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.

    උදයකාන්ත වර්ණසූරියට පියුම් අහුවුණේ කොහොමද ?
    උදයකාන්ත අයියයි, ඔහුගේ බිරිය ශාන්ති අක්කයි මීට අවුරුදු පහකට කලින් රොසෑන් අක්කාගේ මොඩ්ලින් ස්කූල් එකට ඇවිත් රංගනයට ළමයි තේරුවා. එදා මාවත් තෝරාගත්තා. ඒත් එදා මම රගපාන්න එන්න බෑ කිව්වා. ඊට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් උදයකාන්ත අයියා මේ නිර්මාණයට මට කතා කළා.

    මුල් ආරාධනාව කරද්දි පියුමි උදයකාන්තගේ ආරාධනාව භාරගත්තේ නැත්තේ ?
    මම ඒ වෙනකොට මොඩ්ලින් කළේ. ඉතිං මම කවදාවත් රගපාලා තිබ්බේ නැහැ. මම රගපාන් දන්නේ නැති නිසා තමයි ඒ ආරාධනාව භාරගත්තේ නැත්තේ.

    “වස්සානයේ සඳ” චිත්‍රපටයයට ආරාධනා කරද්දි ඔයාගේ රංගන හැකියාව ගැන විශ්වාසයක් තිබුණද ?
    උදයකාන්ත අයියා මට දවස් දෙක තුනක්ම කතා කළා. මම බය වෙලා හිටියේ මට චිත්‍රපටයක රගපාන්න පුළුවන් වෙයිද කියලා. උදයකාන්ත අයියගේ බිරිය මට හරිම ආදරෙයි. පියුමි මේක ඔයාට හොද චාන්ස් එකක් කියලා එයා මට කිව්වා. මම ආශාවෙන් හිටියේ ඕෂධී කරන චරිතය කරන්න. ඒත් ශාන්ති අක්කා තමයි මට කිව්වේ ඔයාට දෙන්නේ ප්‍රධාන චරිතය. ඒකෙන් මාව වෙනස් කරනවා කියලා.

    ප්‍රධාන චරිතය නැතිව, ඕෂධී කරපු චරිතයට පියුමි මාන බැලුවේ ඇයි ?
    ඕෂධී කරපු චරිතය ෂූට් කළේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තම කියනවා නම් මට ඕස්ට්‍රේලියාවේ යන්න ආස නිසා තමයි මම ඒ චරිතය ඉල්ලුවේ. ඒත් ඒ චරිතයට ඕන වුණේ බටහිර පෙනුමක් තියෙන කෙනෙක්. ඕෂධීට ඒ වගේ පෙනුමක් තියෙනවනේ. එයාට ඒ චරිතය ගැළපුණා. මට මිරිහි කියන ප්‍රධාන චරිතය ලැබුණා.

    මිහිරි ගේ චරිතයෙන් පියුමිට සිනමාවට හොද අඩියක් තියන්න පුළුවන් වුණා කියලා හිතනවාද ?
    ඔව්. මට වෙනස් වෙන්න හොද අවස්ථාවක් ලැබුණේ. මම මොඩ්ල් කෙනෙක්. මට රංගනය නුහුරුයි. ඒත් උදයකාන්ත අයියාගේ හැකියාව එක්ක ඔහු මගේ රංගනය හරියට එළියට ගත්තා. මිහිරිගේ චරිතය මට ලැබිච්ච හොද අවස්ථාවක්. මාව මේ වගේ නිර්මාණයකට තෝරගත්ත එකට උදයකාන්ත අයියට වගේම අක්කට ගොඩක් පින්. “වස්සානයේ සඳ” මාව වෙනස් කළා.

    පියුමිව ගොඩක් අය දැකලා තියෙන්නේ හොට් චරිතයක් විදියට. මිහිරි වගේ අහිංසක චරිතයකට අනුගත වෙන්න පහසු වුණාද ?
    සමහර Hot චරිතවලට අහිංසක චරිත කරන්න බෑ. හැබැයි පියුමි හංසමාලි කියන මට හැම චරිතයක්ම කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම Hot. ඒත් මට ලැබෙන චරිතයට අනුගත වෙන්න පුළුවන්.

    පියුමිගේ රංගනයට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර ?
    චිත්‍රපටයේ ට්‍රේලර් එක දැකලත් ගොඩක් අය මට කතා කළා. මගේ රංගනය මේ තරම් හොදට තියෙයි කියලා හිතාගන්න බැරි වුණා කියලා තමයි ගොඩක් අය කිව්වේ. මොකද මාව මේ වගේ චරිතයකින් දැකලා තිබ්බේ නෑනේ. මට නිර්මාණ කිහිපයකටම ආරාධනාත් ලැබුණා. ඒත් පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ඒ ලැබුණ ආරාධනා භාරගත්තේ නැහැ.

    ඒ කියන්නේ පියුමි රංගනය තුළ සාර්ථකයි කියන එකද ?
    මේ නිර්මාණයේ මගේ රංගනය සාර්ථකයි කියලා මම හිතනවා. සාර්ථක පුද්ගලයෙක් එක්කනේ මම මේ ගමන පටන් ගත්තේ. මට ඊට පස්සේ විදේශීය චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි.

    මිහිරිගේ චරිතයට අනුගත වෙද්දි අභියෝගයක් වුණ තැන් තියෙනවාද ?
    මට ස්කර්ට් බ්ලව්ස් අදින එක ටිකක් අලුත්. හැබැයි මම සාරි ඇදලා තිබ්බා. මිහිරි කියන්නේ තමන්ගේ මල්ලීව මුළු ලෝකයම කරගත්ත කෙනෙක්. මල්ලීට දක්වන ආදරය

     

     

       

       

  • කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ

    කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ

    නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව ඇත.

    ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී ඇති අතර ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයට අනුව මිතූ ටෙලිනාට්‍යයේ ඔහු විසින් රඟපානු ලබන දර්ශනයක් සඳහා වන අතර එම අවස්ථාවේ දර්ශන පහතින්……

  • මිශ්‍ර පාසලකට ගිය ශෙරිල් ඩෙකර් 8 වසරේ වෙච්චි අමුතු දෙයක් ගැන අද කියන කතාව මෙන්න…

    මිශ්‍ර පාසලකට ගිය ශෙරිල් ඩෙකර් 8 වසරේ වෙච්චි අමුතු දෙයක් ගැන අද කියන කතාව මෙන්න…

    ෂෙරිල් ..“පාරා” සඳහා එක්වූයේ සෑහෙන කාලෙකට පස්සේ..
    මා අන්තිමට රඟපෑවේ “මීදුමින් එහා” ටෙලි නාට්‍යයේ. ඒ මීට වසර 3 කට කලිනුයි.  ඉන්පසු මා එක්වන්නේ “පාරා” ටෙලි නාට්‍යයට.

    ෂෙරිල් ටෙලි නාට්‍යය සඳහා එක්වන්නේ කලාතුරකින්.. ඇයි ඒ .. ?
    එක නාලිකාවක මම රඟ පෑ ටෙලි නාට්‍යයක් ඉවරවෙලා අනිත් නාලිකාවට හරවද්දිත් මමම ඉන්න ටෙලි නාට්‍යයක් යනවා දකින්න අකැමැති හින්දයි ඉඳහිට මතක හිටින නිර්මාණයකට විතරක් එක්වන්නේ.. මා රඟ පෑ හැම ටෙලි නාට්‍යක්ම ජනප්‍රිය වුණා. මේ දිනවල මගේ සම්පූර්ණ කාලය යොදලා තියෙන්නේ “පාරා” ටෙලි නාට්‍යයට. “පාරා” අවසන්වන තුරු වෙනත් ටෙලි නාට්‍යයක් බාරගන්නේ නෑ..

    පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද  ..?
    ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..

    “පාරා..” තෝරාගන්නට හේතුව..?
    “පාරා” ඇත්ත සිද්ධියක් පාදක කරගෙන හැදුනු එකක්ද කියලා මට හිතුණා. ඒ තරමටම  කතාව හිතට සමීප වුණා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් අයියයි ( ප්‍රභාත් රෝෂන) නිමන්ති අක්කයි ( නිමන්ති ‍පෝරගේ ) හරිම හොඳයි. ඒ අයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි.

    කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු ..
    සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් (රුවන් හෙට්ටි ආරච්චි) එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා.

    උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද  ..?
    ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න  වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින් ..

    දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ ….
    මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..

    මොනවද ආගමික කටයුතු .. ?
    දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා..

    රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?
    මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ ..

    දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති  ..
    එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..

    ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද .. ?
    ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ.. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..

    ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?
    මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා..

    ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති..
    අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල් .. දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි.

       

  • ඉතාලියේ සුන්දරම තරුණිය වූ ලංකාවේ කෙල්ලගේ ඔබ නොදුටු සරාගී Photo සෙට් එක මෙන්න….

    ඉතාලියේ සුන්දරම තරුණිය වූ ලංකාවේ කෙල්ලගේ ඔබ නොදුටු සරාගී Photo සෙට් එක මෙන්න….

    අපේ රටේ තරුණ තරුණියන් ලොව කොහේ ගියත් කුමක් හෝ හපන්කමක් සිදුකරලා ශ්‍රී ලංකාවේ නම ලෝකේ පුරා ගෙනි යනු ලබනවා.

    කටකතාවට ශ්‍රී ලාංකිකයින් ගැන අපේ රටේ සමහරක් පුද්ගලයින් එසේ පැවසුවත්, මේ සිදුවීම නම් ඇත්තටම විශේෂ සිදුවීමක්.

    ඊට හේතුව ශ්‍රී ලංකාවේ සුරූපිනියක් ඉතාලියේදි සුන්දරම තරුණියවීමයි.

    ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක් එරට මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

    ඉතාලි ජාතික තරුණියන් 28දෙනෙකු අභිබවා මෙම කිරුළ හිමි කරගෙන ඇත්තේ පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නමැති තරුණියයි.

    පසුගිය 11වැනිදා පාදුවා නගරයේ කම්පෝසම්පිරියෝ ප්‍රදේශයේ මෙම තරගය පවත්වා ඇති අතර, වෙනෙතෝ පළාත නියෝජනය කරමින් මිස් ඉතාලියා තරගයට මෙම ලාංකික තරුණිය සුදුසුකම් ලබා තිබෙනවා.

      

         

  • තහනම් ප්‍රශ්න පත්තරයක උත්තර හොයමින් එදා සිල් බිදගත්ත නදීෂා කරපු අළුත්ම වැඩේ මෙන්න…

    තහනම් ප්‍රශ්න පත්තරයක උත්තර හොයමින් එදා සිල් බිදගත්ත නදීෂා කරපු අළුත්ම වැඩේ මෙන්න…

    නදීෂා හේමමාලිගේ විවාහයෙන් පසුව වැඩිය ඇය ගැන කතා බහ කරන්න ලැබුණේ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ සංකල්ප දසනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත කෙරෙන යම රජ සිරි චිත්‍රපටය නිසයි. එහි ධනවත් පවුලක එකම දියණිය ලෙස ඇය චරිතයකට දායකව සිටින්නීය.
    මේ කාලයකට පසුව එලෙසින් අප හමුවට එන නදීෂා කතාබහකට ලක් වූ අයුරුයි.

    නදීෂා පෙනෙන්නට නැහැ. ඒත් කාර්යබහුලයි වගේ ?
    ඔව්. ජූලියා චිත්‍රපටයෙන් පසුව තමයි යම රජ සිරි චිත්‍රපටය සමග එක් වුණේ. එහි ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙනවා. පසුගිය වසර කීපයකට පසුව එක් වූ ප්‍රථම ප්‍රහසන චිත්‍රපටය මෙයයි.

    ජූලියාගෙන් පසුව චිත්‍රපටයකට රගපෑවේ නැද්ද ?
    ඉන්දීය තෙළිගු චිත්‍රපටයක රගපෑවා. එය ඉන්දියාවේ දී තිරගත වුණා.

    එය ලංකාවේ තිරගත වුණේ නැද්ද ?
    මෙහි තිරගත කරවීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන බලමු.

    කොහොම ද යම රජ සිරිට ලැබෙන ප්‍රතිචාර ?
    හොද ප්‍රතිචාර ලැබෙන්නේ. දැනට බොහෝ දෙනා එය නරඹා රස විද ඇති බව පෙනෙනවා. පවුල් පිටින් ගිහින් ආදරයෙන් රස විදින බව පෙනෙනවා. බන්දු ටෙනී විකට රජුන් දෙදෙනා සෑහෙන කාලයකට පසුවයි මෙලෙසින් චිත්‍රපටයකට එකට එක්ව සිටින්නේ.

    ඔබට පුද්ගලිකව ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද ?
    මගේ ප්‍රථම ප්‍රහසන චිත්‍රපට අත්දැකීමයි. ප්‍රහසන චිත‍්‍රපටයක් වුණත්, මගේ චරිතය එහි වෙනස්. ධනවත් පවුලක එකම ගැහැනු දරුවා ලෙස තමයි මම රගපාන්නේ. එකම දේ ටෙනිසන් බන්දු නමැති වත්මන් සිනමාවේ විකට රජුන් දෙදෙනා එක්ක එකට රගපාන්න ලැබීමම. හරි අපූරු අත්දැකීමක් වුණා. සමහර අවස්ථාවලදී හිනාව නවත්වා ගන්න බැරිව මම හරි අපහසුතාවට පත් වුණා. බන්දු ටෙනීගේ සටන් ජවනිකා එහෙම දැකලා බට පැළෙන තරමට හිනා.

    ටේක් එකේදි යම රජ සිරි නිල්නයනි චරිතය සහ සැබෑ ජීවිතයේ ඔබ අතර වෙනස ගැන කතා කළොත් ?
    එයා ධනවත් පවුලක තරුණියක ලෙස හැමෝටම උදව් කරනවා. පවුලේ එකම දරුවා. සැබෑ ජීවිතයේ මගේ චරිතය හා ඒ චරිතය වෙනස්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. සැබෑ ජීවිතයයි ඒ චරිතයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්. චිත්‍රපට ක්‍ෂේත්‍රයේදී මේ විදියට විවිධ රසාස්වාදය ඇති චිත‍්‍රපට වගේම චරිත රගපෑමටත් ඉතින් චරිතය කුමක් වේවිද කියලා කියන්න බැහැ. හැබැයි රංගනයේදී එදා ඉදලාම මට අවශ්‍ය වුණේ චරිතාංග රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමටයි.

    ටෙලිනාට්‍යවලදීත් ප්‍රහසන චරිතවලට ආරාධනා ලැබුණා ද ?
    විවිධ චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මට තියෙන ලොකුම ප්‍රශ්නය වුණේ දුර බැහැර ප්‍රදේශවලට ගිහින් දීර්ඝ කාලයක් රුදී සිටීමේ මැලිකමයි. අදටත් ඒ මැලිකම මට තියෙනවා. නමුත් චිත්‍රපටයකදී එය වෙනස්. එය නවත්වා ගන්නේ බොහෝම අසීරුවෙන්. ඇත්තටම ඒ ප්‍රහසනය සියැසින් රූගත කිරීම්වලදී දැකලා මුලින්ම හිනා වුණේ මම. ඉතින් ප්‍රේක්ෂකයන්ට මෙය රස සාගරයක් කියලයි මට හිතෙන්නේ. මේ විනෝදාස්වාද චිත්‍රපටයේ සුරාජ් මාපා ගරු රගපෑමක් කරනවා. ඒ ගැනත් සිහිපත් කරන්න ඕනෑ.

    නදීෂා මේ ප්‍රබෝධයත් එක්ක දිගටම ප්‍රහසනවල රගපාවි ද ?
    මගේ වෘත්තීය රංගනයයි. මම හරි ආසයි. නියමාකාර ස්වයංපෝෂිත සිනමාවක් බිහි වන්නේ එවිටයි.

    නදීෂාගේ ගෙවී යන ජීවිතේ කොහොමද ?
    හොදයි, සුන්දරයි ජීවිතයේ ගෙවෙන සෑම තත්ත්පරයකදීම එය අර්ථවත් කර ගැනීමට පුළුවන් නම්. ජීවිතය අපට දැනේවි. එකාතකට ජීවිතය කියන්නේ හරිම අමුතු ප්‍රශ්න පත්තරයක්. නමුත් අදහන ආගම දහමට අනුව ජීන්‍ත් වුණොත් ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් වේවි. ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් එකම දේ තමයි ආගම දහම වටහා ගැනීම.




      

  • දෙව්මි-අවන්ත ආදර අන්දරය නැගලා යද්දී දෙවෙනි ඉනිමේ තවත් පෙරලියක්…ආනන්දත් ඉවතට..?

    දෙව්මි-අවන්ත ආදර අන්දරය නැගලා යද්දී දෙවෙනි ඉනිමේ තවත් පෙරලියක්…ආනන්දත් ඉවතට..?

    “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ රවී ප්‍රනාන්දුගේ හදිසි මරණය රට තුළ ලොකු කතා බහක් ඇති කළා. එම චරිතය රගපෑ බිමල් ජයකොඩි දෙවෙනි ඉනිමෙන් ඉවත්වීම නිසා ඔහු රගපෑ චරිතය මරා දැමූ බවත්, බිමල්ගේ ඉවත්වීමත් ගැනත් බොහෝ අය බොහෝ දේ පැවැසුවා.

    එය අතරේ එහි ආනන්දගේ චරිතය රගපාන “ධර්මප්‍රිය ඩයස්” දෙවෙනි ඉනිමෙන් ඉවත්ව යන්නට සැරසෙන බවට තවත් ආරංචියක් පැතිර යමින් පවතිනවා. අපි ධර්මප්‍රිය ඩයස්ට කතා කළේ ඒ ආරංචියේ ඇත්ත නැත්ත හරි හැටි දැන ගන්නයි.

    ඔබ “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයෙන් ඉවත් වන්නට යන බවට ආරංචියක් මේ දවස්වල පැතිර යනවා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත ?
    ඇත්තම කියනවා නම් මගෙනුත් හුග දෙනෙක් ඔය ගැන අහනවා. ‘කවුද ඕක කිව්වේ’ කියලා මම ඒ අයගෙන් ඇහුවාම “ඔය වෙබ් සයිට්වල තියෙන්නේ” කියනවා. කවුරු මේ කතා හදනවද කියලා නම් මම දන්නේ නැහැ.

    ඒ කියන්නේ මේ ආරංචිය බොරුවක් ?
    ඔව්. බොරුවක් මම ඔය විදියේ කිසිම තීරණයක් අරගෙන නැහැ.

    රවීගේ මරණය හා බිමල්ගේ ඉවත්වීම ගැන මොකද කියන්න තියෙන්නේ ?
    (හිනැහී) බිමල්ගේ ඉවත්වීම නිෂ්පාදන අංශයෙන් හා බිමල්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉතින් දෙවෙනි ඉනිම නරඹන ප්‍රේක්ෂකයෙක් වශයෙන් නම් රවිගේ මරණය මට කම්පනයක් ඇති කළා. රවී දිගටම දෙවෙනි ඉනිම තුළ හිටියා නම් කියලත් හිතුණා. එහෙම හිතුනේ නාට්‍යයට සම්බන්ධ ශිල්පියෙක් විදියට නෙවෙයි. නාට්‍ය නරඹන රසිකයෙක් විදියටයි.

    දෙවෙනි ඉනිම කොටස් 1000කට පමණ දික් කරන්නට යන බව එහි අධ්‍යක්ෂකවරයා පවසනවා ?
    සාර්ථකත්වය මත මෙගා නාට්‍ය දික්වන අවස්ථාත් තියෙනවා. අසාර්ථක වුණාම නතර කර දමන අවස්ථාත් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    ‘දෙවෙනි ඉනිම’ කොටස් 1000කට දික් කිරීමෙන් එය සාර්ථක වෙයිද ? එක තැන පල්වෙන නාට්‍යයක් වෙයිද ?
    ඒක ඉතින් රචකයාගේ හා අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මත තීරණය වන දෙයක්.

    නාට්‍යයක් හිතා මතා දිග් කරන්න ගියාම ප්‍රේක්ෂකයන්ට එපා වෙන බවයි බහුතරයකගේ අදහස ?
    මම පුංචි උදාහරණයක් කියන්නම්. “ඉතින් ඊට පස්සේ” මුලදී ගොඩක් ප්‍රේක්ෂක අවධානය දිනාගත් නාට්‍යයක් නෙවෙයි. ඒත් මැදදී එයට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වුණා. ඒ හින්දම නාට්‍ය දිග් කළා. අවසානය දක්වා විශාල ප්‍රේක්ෂක අවධානයක් ඊට තිබුණා. නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා එක්තරා සාදයකදී පැවැසුවා. “ඉතින් ඊට පස්සේ” දික් කළේ සාර්ථක හින්දා ඒකට මගේ චරිතයත් ගොඩාක් බලපෑවා කියලා. ඒ හින්දා නාට්‍යයක් දික්වීම අසාර්ථකත්වයට හේතු වනවාමයි කියන්න බැහැ.

    හරි ඔය විදියට බැලුවොත් ඔබ කිසිම දිනක “දෙවෙනි ඉනිම” හැර යන්නේ නැහැ එහෙමද ?
    මෙහෙමයි. ඔය කාරණය තව ටිකක් පැහැදිලි කළ යුතුයි. දැනට වුණත් ටෙලි නාට්‍යයේ කිසිම දෙයක් නැති නිකම්ම නිකම් දෙබස් ටිකක් විතරක් තියෙන දර්ශන වලදී මම අධ්‍යක්ෂවරයා එක්ක කතා කරලා එය වෙනස් කර ගන්නවා. ඒ මගේ අයිතිය. මම නළුවෙක්. මගේ රාජකාරිය රගපෑමයි. කොටස් 300ද 500ද 1000ද කියන එක මට අදාළ නැහැ. හැබැයි තේරුමක් නැතුව එක තැන නාට්‍ය පල්වනවා නම් අධ්‍යක්ෂකවරයා එක්ක කතා කරලා පිටපත වෙනස් කිරීමට හෝ එහෙම නැත්නම් ඉන් ඉවත්වීමට හෝ අයිතියකුත් මට තියෙනවා.

     

  • බිරිද නිසා දහස් වාරයක් සිතෙන් දුක්විදින සුධාර සිත්තාරාගේ ඔබ නොදන්නා කතාව මෙන්න….

    බිරිද නිසා දහස් වාරයක් සිතෙන් දුක්විදින සුධාර සිත්තාරාගේ ඔබ නොදන්නා කතාව මෙන්න….

    සිතුම් සුධාර චිත්‍ර ශිල්පියෙකි. රටම පිළිගත් අති දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු මෙරට ජනප්‍රිය කලාකරුවන්, ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක්‌ සිතුවම් කර තිබිණි. ඔහුගේ නිර්මාණ දෙස වරක්‌ දෙවරක්‌ නොව දස දහස්‌ වාරයක්‌ වුවද බලා සිටිය හැකිය. ඔහුගේ ඕනෑම සිතුවමක්‌ සජීවී දසුනක්‌ ලෙස දැකිය හැකිය. එය ඔහුගේ සහජ දක්‍ෂතාවයයි.

    වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම චිත්‍ර ශිල්පියා යෞවන වයසේ පසුවන්නෙකි. වයස අවුරුදු විසි හතරක්‌ වුවත් ඔහු අතින් නිමවූ සිතුවම් ප්‍රමාණය කෙතෙක්‌දැයි කිව නොහැකිය. ඒ තරමටම ඔහුගේ දෑත සිතුවම් ඇඳීම සඳහා භාවිතා කර තිබිණි.

    කලාකාමී හදවතක්‌ තිබූ මොහුට සමාජයේද හොඳ පිළිගැනීමක්‌ තිබිණි. කිසිවකුටත් කරදරයක්‌ නොවන අයුරින් ජීවත් වූ මොහු නිතරම සිටියේ අහිංසක සිනහවකින් මුව සරසාගෙනය. වයස්‌ කුල, ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා සමඟ මොහු සුහදව ඇසුරු කළහ.

    උසට සරිලන මහතකින් යුතු කුමුදු, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සුන්දර යුවතියකි. නිරන්තරයෙන්ම මුහුණෙහි රැඳි සිනහව සහ දිගු වරලස ඇයගේ රුව ඔප් නැංවීමට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක්‌ බඳුය. දුටුවන් වශී කරවන සුළු රූපයකට හිමිකම් කියූ ඇයගේ ආදරය පතා බොහෝ තරුණයෝ පැමිණියහ. එහෙත් ඒ කිසිවකුටත් ඇයගේ සිත දිනා ගැනීමට නොහැකි වූහ.

    චිත්‍ර ශිල්පී සිතුම් සුධාර, කුමුදුට මුණ ගැසෙන්නේ දැනට වසර කිහිපයකට ඉහත එක්‌තරා උත්සවයකදීය. දුටු මුල් දිනයේදීම සුධාරට, කුමුදු ගැන ආදරයක්‌ පහළ වූවේය. එදින රාත්‍රිය පුරා ඔහු නොනිදා ඇය ගැන කල්පනා කළේය. පසුදිනම ඔහු ඇයගේ රුව සිතින් මවාගෙන සිතුවම් කළේය. කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කරගත යුතු යෑයි ඔහු තීරණය කළේය. ඒ අනුව ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගෙන මෙලෙස පැවසුවේය.

    “හෙලෝ නංගි මාව මතකද මම සුධාර”

    “ආ… ඔව් අයියා මතකයි. චිත්‍ර අඳින අයියනේ…”

    “හරියට හරි නංගි. ඉතින් මම කතා කළේ ඔයාට තෑග්ගක්‌ දෙන්න!!!!”

    “මට මොන තෑගිද අයියේ… අපි අඳුරගත්තෙත් එදානේ…”

    “අයියෝ බය වෙන්න එපා. මේක විශේෂ තෑග්ගක්‌”

    “මොකක්‌ද ඔය විශේෂ තෑග්ග. කාගෙවත් තෑගි එපා”

    “බයවෙන්න එපා. ඔයාගේ මූණ මතක විදියට චිත්‍රයකට ඇන්දා. ඒක දෙන්න කතා කළේ…”

    “අනේ එහෙමද… මම බයවුණා වෙන මොකක්‌ හරි කියලා… ඇයි අනේ මගේ මුහුණ ඇන්දේ… ඔයාට වෙන අඳින්න මුහුණක්‌ තිබුණෙම නැද්ද…”

    “ඔයාගේ මුහුණ ගොඩක්‌ ලස්‌සනයි. ඒකයි මම ඇන්දේ…”

    “නිකන් බොරු කියන්නෙ නැතිව ඉන්න අයියේ…”

    “බොරු නොවෙයි ඇත්ත. නංගිට කොහොමද මම මේක දෙන්නෙ…”

    “අයියා පෝස්‌ට්‌ එකට දාන්න. මම ඇඩ්‍රස්‌ එක දෙන්නම්…”

    “හරි නංගි”

    එලෙස පටන්ගත් මිතුරුකම සති කිහිපයක්‌ යන්නට මත්තෙන් ආදරයක්‌ බවට පෙරළුණේය. දැන් කුමුදුගේ මුළු ලෝකයම වූයේ සුධාරයි. ඇය ඔහුගේ හදවතට මෙන්ම නිර්මාණවලටද ආදරය කළාය. සුධාරද එලෙසය. ඔහුද තම පණ දෙවැනිකොට තම පෙම්වතියට ආදරය කළේය. කුමුදු සුධාරට වඩා අවුරුදු තුනක්‌ පමණ වැඩිමහල් වූවාය. එහෙත් ඔවුන්ගේ ආදරයට එය බාධාවක්‌ නොවුණි.

    සුධාරගේ පියාද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රන්ජිත්ප්‍රියය. ඔවුන්ගේ නිවස ගම්වැසියන් හැඳින්වූයේ “බතික්‌ නිවස” ලෙසින්ය. වැඩිකල් නොගොස්‌ සුධාර තම දෙමාපියන්ට කුමුදු ගැන පැවසුවේය. ඉන්පසු කුමුදු ද ඇයගේ දෙමාපියන්ට සුධාර ගැන පැවසුවේය. එහෙත් කුමුදුගේ නිවැසියෝ මෙම සම්බන්ධතාවට පළමුව අකමැති වූහ. පසුව කුමුදුගේ දැඩි පෙරැත්තය මත ඔවුහු එයට කැමැති වූහ.

    සුධාර ජනවාරි මාසයේ එක්‌ දිනකදී තම පෙම්වතිය නීත්‍යනුකූලව විවාහ කරගෙන “බතික්‌ නිවසට” එක්‌ කරගෙන ආවේය. මාස දෙක තුනක්‌ ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් කුමුදු නොසිතූ අයුරින් සුධාර වෙනස්‌ වන්නට පටන් ගත්තේය. මාස දෙක තුනක්‌ ඇතුළත සිදුවූ ඔහුගේ වෙනස්‌වීම ගැන ඇයට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකි වූවාය.

    එන්න එන්නම සුධාර වෙනස්‌ වූවේය. අවසානයේ ඔහු සුළු දෙයකට පවා කුමුදු එක්‌ක රණ්‌ඩු සරුවල් කර ගත්තේය. ඇය මාස ගණනක්‌ සුධීරගෙන් බැණුම් අසමින් ගුටිබැට කමින් සිටියේ ඔහුට තිබුණ ආදරය නිසාය. කුමුදුටද ඉවසීමේ සීමාවක්‌ තිබුණි. අවසානයේ බැරිම තැන ඇය තම දෙමාපියන් ළඟට ගියේ ඇඬූ කඳුළින් යුතුවය.

    “අනේ අම්මේ… සුධීර එක්‌ක මට තවත් ජීවත් වෙන්න බැහැ. මුලින් හිටිය මනුස්‌සයා නොවෙයි එයා දැන්. තිරිසනෙක්‌ වගේ හැසිරෙන්නෙ. නිතරම මට ගහනවා. බණිනවා. එයාගෙ දෙමාපියනුත් ඒ වගේ. කොයි වෙලාවෙත් එයාගේ පැත්තයි ගන්නේ. මට ජීවිතෙත් එක්‌ක එපා වෙලා තියෙන්නේ දැන්…”

    ” අපි කිව්වා දුවේ ඔය කසාදය කරගන්න එපා කියලා. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැනේ… දැන් ඉතින් කරන්න දෙයක්‌ නැහැ. උඹව අපිට වැඩි නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් උඹව බලා ගන්නවා”

    කුමුදුගේ දෙමාපියෝ එලෙස පැවසූහ. එයින් ඇයගේ සිතට සුළු සහනයක්‌ ලැබුණත් තම අනාගතය සහ ස්‌වාමි පුරුෂයා ගැන කල්පනා කරමින් ඇය දුක්‌ වූවාය. එලෙසම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඇයට සිදු වූවාය. සමාජයට, යහළු යෙහෙළියන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතමින් ඇය තව තවත් දුක්‌ වූවාය.

    මාසයක්‌ පමණ ගිය පසු සුධාරට තම බිරිඳ ගැන යළි ආදරයක්‌ ඇති වූවේය. පරණ තරහ මරහ ඔහු අතහැර දැමුවේය. යළිත් තම බිරිඳ දෙස ආදරයෙන් යුතුව බැලුවේය.

    “මාගෙන් වුණ සෑම වරදකටම මට සමාවෙන්න. මට ඔයා නැතිව ඉන්න බැහැ. මම ඔයාට ඇත්තටම ආදරෙයි රත්තරං. මට දැන් ඔයා නැති අඩුව හොඳට දැනෙනව. තවත් මට ඔයා නැතිව ඉන්න බැහැ.”

    “මම දන්නවානෙ ඔයාගෙ හැටි. මට සලකපු විදිහ. ආයි මම කැමැති නැහැ ඔයත් එක්‌ක ඇවිත් රණ්‌ඩු වෙන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සුධාර…”

    “ඔයා එහෙම කියන්න එපා. මම වරද පිළිගත්තනෙ… ඔයාට පුළුවන්ද මාව අනාථ කරලා ඉන්න…”

    “ඔයාව මට අමතක කරන්න බැහැ. ඒත් මම කැමැති නැහැ ආයි ඒ වගේ ජීවිතයකට. මම මැරෙනකම් මෙහෙම ඉන්නම්”

    “එපා රත්තරං. මට ඔයාව ඕනා. මාව අමතක කරන්න එපා. ආයි මම ඔයාගේ හිත රිදෙන වචනයක්‌වත් කියන්නෙ නැහැ සත්තයි.”

    “මටත් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. ඒත් මට බයයි පහුගිය දේවල් මතක්‌ වෙනකොට”

    “ආයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ. මම පොරොන්දු වෙනවා රෝස මලක්‌ වගේ ඔයාව බලා ගන්නවා කියලා…”

    “ඔය ඇත්තමද?”

    “ඔව් රත්තරං සත්තයි. මාව විශ්වාස කරන්න”

    “එහෙනම් ඉක්‌මනට ඇවිත් මාව එක්‌කන් යන්න ආපහු”

    ඒ අනුව සුධාර කුමුදුගේ නිවසට ගොස්‌ නැවත කිසි දිනක රණ්‌ඩු නොවන පොරොන්දුව මත ඇයව “බතික්‌ නිවස” වෙත රැගෙන ආවේය. සති කිහිපයක්‌ දෙදෙනා සතුටින් ජීවත් වූහ.

    යළිත් නොසිතූ ලෙස සුධාර වෙනස්‌ වන්නට පටන් ගත්තේය. පුරුදු පරිදි දෙදෙනා අතර රණ්‌ඩු සරුවල් ඇතිවිය. ඒ අතර සුධාරගේ දෙමාපියෝද ඔවුන්ගේ රණ්‌ඩු සරුවල් අතරට මැදිවූහ. කවුරු කෙලෙස කීවත් දෙදෙනා අතර ඇතිවන රණ්‌ඩු සරුවල් නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි විය.

    දිනය පසුගිය 02 වැනිදාය. එදිනද සුපුරුදු පරිදි උදෑසන සිට දෙදෙනා අතර පෞද්ගලික ප්‍රශ්නයක්‌ මත වචන හුවමාරුවක්‌ ඇති විය. දහවල් කාලය වන විට එය තව තවත් උග්‍ර විය. ඒ අනුව දෙදෙනා වෙනදාට වඩා එදින රණ්‌ඩු සරුවල් කර ගත්හ. නිතරම ඇතිවන මොවුන්ගේ අඬදබර අසල්වැසියන්ටද විශේෂයක්‌ නොවීය.

    වේලාව රාත්‍රී හත පසුවී තිබිණි. සුධාර සහ කුමුදු අතර ඇතිවූ ආරවුල තව තවත් වැඩිවිය. දෙදෙනා ඉතාමත් අශෝබන ලෙස පරුෂ වචන පවා කියමින් රණ්‌ඩු වූහ. ඔවුන්ගේ එම කෑගැසීම අවට නිවැසියන්ටද කරදරයක්‌ විය. එදින සුධාර හැසිරුණේ තිරිසනෙකු මෙන්ය.

    “අද දෙකෙන් එකක්‌ කරනවා මම. උඹත් එක්‌ක ජීවත් වුණා ඇති. උඹ මහ යක්‍ෂණියක්‌”

    “දැන්ද තේරුණේ… මම යක්‍ෂණියක්‌ කියලා. මම තමුසෙගෙ කටට දැන් බය නැහැ. පුළුවන් දෙයක්‌ කරනවා…”

    “මම හොඳින් කියන්නේ… ඔය හැකර කට වහ ගනින්. නැත්නම් දත් ඇන්ද ගැළවෙන්න ගහනවා…”

    “පුළුවන්නම් ගහනවා මම බයවෙයි කියල හිතුවද…”

    එලෙස බැණගත් දෙදෙනා අවසානයේ ගුටිබැට පවා හුවමාරු කරගත්හ. ඒ මොහොතේ සුධාර හැසිරුණේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත ලෙසින්ය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන ඔහු කායවර්ධන උපකරණයක්‌ ලෙස භාවිතා කරන ඩම්බෙල් එකක්‌ රැගෙන කුමුදුගේ හිසට වැරෙන් පහරක්‌ එල්ල කළේය. ඒ සමඟම ඇය බිම වැටුණි.

    ඇයගේ මුවින් මොනවාදො වචන වගයක්‌ පිටවිය. එහෙත් ඒවා පැහැදිලි නැත. ලේ විලක්‌ මැද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළුණාය. ඒ සමඟම අසල්වැසියෝ පැමිණ වහාම ඇයව වතුපිටිවල රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ.

    සිදුකළ අපරාධයේ බරපතළකම චිත්‍ර ශිල්පියාට දැනුණේ විනාඩි කිහිපයකට පසුවය. දැන් නම් ජීවත් වීමෙන් පලක්‌ නොවන බව ඔහුට වැටහුණි. ඔහුද සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිවස අසල තිබූ ළිඳට පැන්නේ සියදිවි නසා ගැනීමටය. එහෙත් අවට සිටි අසල්වැසියෝ එය දුටුහ. වහාම ඔවුහු පැමිණ ළිඳට පැන්න සුධාරව බේරා ගත්හ. ඉන්පසු පොලිස්‌ නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

    රෝහල් ගතකළත් කුමුදුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ සියල්ල අතහැර දමා ඇය මෙලොවින් සමු ගත්තාය. අධික කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව තම බිරිඳව මරා දැමූ සුධාර තමා කළ වරදේ බරපතළකම ගැන සිතා දැන් අනිවාර්යයෙන්ම සිතින් දුක්‌ විඳිනවා ඇත.

  • දසුන් ශලනිට කාටත් හොරා කරපු දේ හා දසුන්ගේ මරණය ගැන ශලනි දැන් කියන කතාව මෙන්න…

    දසුන් ශලනිට කාටත් හොරා කරපු දේ හා දසුන්ගේ මරණය ගැන ශලනි දැන් කියන කතාව මෙන්න…

    පසුගිය දිනවල කතාබහට ලක්වූ රංගන ශිල්පිනි ශලනි තාරකා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් කලා කටයුතු මෙන්ම පෞද්ගලික තොරතුරු රැසක් හෙළිකර තිබුනා. 
    එම සංවාදය පහතින්,

    ශලනි.. අලුත් නිර්මාණයකට දායක වෙලා.. දැන් ශලනි කියන්නද.. මිතූ කියලා කියන්නද..?

    ම්. ශලනි කියමු නේද.? හැබැයි දැන් මම මිතූ කියන නමටත් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම ඉන්නේ මිතූ කියන චරිතයෙන්ම තමයි. මිතූ ප්‍රතාපසිංහ කියන්නේ දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. මිතූ ඉතා සැපවත් කෙළිලොල් ජීවිතයක් ගතකරන හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගතකරන තරුණියක්. හැබැයි ඒ සැහැල්ලුකම දෙදෙරා යන්නේ මියුරු මුණගැහුණාට පස්සෙයි. ශාන්ත අයියා අධ්‍යක්ෂණය කරපු නාට්‍යයකට මම දායක වෙන පළවෙනි වතාව තමයි මේ. ලොකු කාලයකට පස්සේ තමයි මම මේ වගේ කොටස් දිගු නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මේක මහේෂ් අයියාගේ වැඩක් නිසාමයි.

    පසුගිය කාලයේදී ශලනි ටිකක් නිහඬව කාලය ගතකළානේ. ඔය කාලය ඇතුළත නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබෙන්නත් ඇති…?

    ඔව්… නිර්මාණ කිහිපයකටම ආරාධනානම් ලැබුණා. ඒ අතරින් කිහිපයක්ම මම ප්‍රතික්ෂේප කළා. දීර්ඝ ටෙලිනාට්‍ය බාරගන්න ටිකක් අකමැතියි. මගේ ප්‍රථම සහ අවසාන රඟපාපු දීර්ඝ නාට්‍යය තමයි වස්සාන ප්‍රේමය. ඒක අතිශයින්ම ජනප්‍රිය වෙච්චි නාට්‍යයක්. ඊට පස්සේ මම දීර්ඝ ටෙලිනාට්‍යයකට සහභාගී වුණේ නැහැ. කාලයක් ටිකක් නිහඬව ඉඳලා ලැබුණු අපූරු නිර්මාණය මට කරන්න බාර වුණා.

    නිර්මාණ බාරනොගත්තට පසුගිය දිනවල ශලනි ටිකක් කාර්යයබහුල වුණා…? හැබැයි ඒ රංගනයෙන් නෙමෙයි නිවේදනයෙන්…?

    ඔව්… පසුගිය දවස්වල ෂූටිංවලින් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. හැබැයි අර කිව්වා වගේම එක්තරා වැඩසටහනක් නිසා මම කාර්යබහුල වුණා. ඒකේ අවසන් මහා තරගයට දැන් සූදානම් වෙනවා. ඇත්තටම ඒ වැඩසටහනටත් මම සහභාගී වුණේ හරිම ආසාවෙන්. ඉතින් ඒකේ වැඩකටයුතුත් එක්ක දවස ගෙවුණා. කාර්යබහුල වුණා. කොහොමටත් මේ මිතූ ටෙලිනාට්‍යයෙන් පස්සේ තවත් ටෙලිනාට්‍යය තුනක්ම මම බාරගත්තා. ඉතින් ඉදිරියේ දී රංගනය පැත්තෙනුත් ටිකක් කාර්යබහුල වේවි.

    කොහොමද දිනක්ෂි, අසේකා, කියන යාළුවෝ දෙන්නත් එක්ක ගතකරන ජීවිතේ… ඒ යාළුකම හරි අපූරුයි නේද…?

    ඇත්තටම ඔව්… ඒ යාළුකම හරි අපූරුයි… මූනිච්චාවට ඉන්න යාළුවෝ නෙමෙයි ඒ දෙන්නා. ජීවිතේ සැපේදීත්, දුකේදීත් හිත ළඟින්ම ඉන්න අපූරු බැඳීමක් තමයි ඒ… දිනක්ෂිව මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් දන්නවා. ඒක අපි දෙන්නා ටෙලිනාට්‍යවල හම්බවෙලා ඇතිවුණු යාළුකමක් නම් නෙමෙයි. අවුරුදු ගාණක් දිනක්ෂිගෙයි මගෙයි යාළුකම තිබුණට අපි දෙන්නා මුලින්ම එක නිර්මාණයකට දායක වුණේ “බටහිර අහස ටෙලිනාට්‍යයෙන්. හැබැයි ඒකේදී අපි දෙන්නට දෙබසක්වත් නැහැ. ඊට කලින් අපි දෙන්නා එක ටෙලිනාට්‍යයක රඟපෑවා. හැබැයි ඒකේදීත් අපි දෙන්නා මුණගැහෙන්නෙවත් නැහැ. “ඒක දිග කතාවක්. කියලා ටෙලිනාට්‍යයක් ළඟදී විකාශනය වෙන්න තියෙනවා. ඒ ටෙලිනාට්‍යයේ අපි දෙන්නා ප්‍රධාන චරිත දෙකක් කරනවා. හැබැයි අපි දෙන්නට එකට රඟපාන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිනක්ෂිගෙත් මගෙත් යාළුකම නිර්මාණවලට සීමා වෙන්නේ නැහැ.

    කොහොමද අසේකාව මුණගැහෙන්නේ…?

    මුලින්ම මට “රිදී රුයක් පුහුණුවීම්වලදී තමයි අසේකාව මුණගැහෙන්නේ. ඒ මුල් කාලේදීත් අපි තුන්දෙනා එහෙම හම්බවෙලා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පසු කාලයේදී අපිට කොහේද, කින්ද, මන්ද කියලා මතකයක් නැතත් අපි තුන්දෙනා ගොඩාක් කිට්ටු වුණා. ඇත්තටම අද වෙද්දී අපේ ඒ යාළුකම හරි අපූරුයි.

    ඔය තුන්කට්ටුවට ශනුද්‍රිවත් එකතුවුණා නේද…?

    මෙහෙමනේ… ශනු අපිට වඩා ගොඩාක් පොඩියිනේ… ඉතින්… ශනු ගොඩාක්ම හිතවත් අසේකා එක්ක තමයි. දිනක්ෂි ඉතින් අක්කනේ… හැබැයි ශනු අපිට තාම ගොඩාක් පොඩි ළමයෙක්. ඒ වුණාට ඒ ගෙදර ගියාම ශනුත් අපිත් එක්කම තමයි. අපි කට්ටියම එකතු වෙන්නේ දිනක්ෂිලාගේ ගෙදර. අසේකාටයි, මටයි, දෙන්නටම වැඩක් නැත්නම් දිනක්ෂි ගෙදර ඉන්නවානම් අපි එහේ යනවා. ඉතින් වැඩියෙන්ම ඉන්නේ දිනක්ෂිගේ කාමරේ. ශනුයි, ශේෂාද්‍රියි දෙන්නත් ඒකට එනවා. ඉතින් ඊට පස්සේ අපි ෆිල්ම් බලනවා. දිනක්ෂිටයි, ශනුටයි හරි රසට උයන්න පුළුවන්. ඉතින් අපේ වැඩේම එයාලා හදන කෑම රස කර කර කන එක තමයි. සමහරදාට දන්නෙම නැතිව නින්දත් යනවා. නිවාඩු තිබුණම අපි එහේ මෙහේ යනවා එනවා.

    ශලනිට හරි ලස්සනට ගීත රචනා කරන්නත් පුළුවන්. ඔයාගේ දෙවැනි ගීතය මේ වෙනකොට නිර්මාණය කරලා ඉවරයි…?

    මගේ පළමු ගීතයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. “යළි හමුවෙමු කියලා තමයි එය හැඳින්වූයේ. ඒ ගීතය චැනල්වල ගී එකතුවල සති ගණන් අංක එකට තේරිලා තිබුණා. ප්‍රේක්ෂකයින්ගෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා අක්කා ඒක හරි අපූරුවට ගායනා කළා. ඇත්තටම මගේ පළමු නිර්මාණයෙන් මම ඒ තරම් ප්‍රතිචාරනම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ තරමටම ඒක මට හීනයක් වුණා. ඉතින් දැන් දෙවැනි ගීතයත් කරලා අවසාන වුණා. “මා ඔබ හමුවන දිනේ කියලා තමයි ඒක ලිව්වේ. පසන් ලියනගේ තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒකත් අපි ඉතාම ඉක්මනින් මගේ ආදරණීය රසික රසිකාවන්ට අහන්න දෙනවා. පසන්ගේ මියුසික්වලට මම හරි කැමතියි. ඉතින් පසන් සින්දුවක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දුව ලිව්වේ. මුල්ම ගීතය විරහව කැටිවුණු ගීතයක්. ඉතින් මේක ආදරය ගැන කියන සුන්දර ගීතයක්. බලමු… මම මේ ගීතයත් හිට් වෙන්න ඕනෙම කියලා හිතල කරපු දෙයෙක් නෙමේ. ඒත්… මිනිස්සු ඒ ගීතයත් ආදරයෙන් වැළඳගනීවි කියලා විශ්වාසයක් තියෙනවා.

    රංගනය, නර්තනය, නිවේදනය, පද රචනය, මේ හැමදෙයක්ම කරන ශලනි ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද…?

    අම්මෝ නැහැ… මට ගායනය පිළිබඳ හැකියාවක් නැහැ කියලා මම දන්නවා. සින්දු කියන්න පුළුවන් අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. ඒ නිසා මම මට පුළුවන් දේවල් ටික කරගෙන ඉන්නවා. සින්දු කියන්නනම් යන්නේ නැහැ.

    ඔය නිර්මාණවලින් ඈත් වුණු, නිහඬවෙලා හිටපු කාලේ මොනවද කළේ…?

    හොඳට නිදාගත්තා… ඒ වගේම මගේ යාළුවන් එක්ක මගේ ගෙදර අය එක්ක කාලය ගතකරන්න ඉඩ ලැබුණා. විශේෂයෙන් ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලා ගෙදර. ඉතින්… ඒ කාලේ ඒ විදිහට ගෙවුණා. 

    පසුගිය කාලේදී ශලනිට ගෑනු ළමයෙක්ට දරාගන්න බැරි සිදුවීම්, හිත් රිදීම් වගේම ඇතැමුන්ගේ චෝදනාවලටත් මූණදෙන්න සිද්ධ වුණා…?

    මෙහෙමයි… මිනිස්සු දෙයක් දිහා බලන්නේ එක රාමුවකින්. ඒ රාමුවෙන් එළියට ගිහින් මිනිස්සු ඇත්ත දකින්න කැමති නැහැ. මේ දෙයින් ඇත්ත දන්න කොටසකුත් ඉන්නවා. ඇත්ත දන්නෙ නැති කොටසකුත් ඉන්නවා. ඇත්ත නොදැන මිනිස්සු චෝදනා කරන එක හරි වැරදියි. ඒ දේවල් ආයේ ආයේ අවුස්සන්න… ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි ඇත්ත ඔය කතාවෙන මිනිස්සු දන්න දේ නෙමෙයි. මිනිස්සු ඔය දන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක් මිනිස්සු දන්නේ නැහැ. ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අසම්පූර්ණ කතාවක්. හැබැයි මිනිස්සු දකින දේ ඇත්ත නෙමෙයි. ඇත්ත දන්නේ නැති මිනිස්සු මේක ලොකුවට ප්‍රශ්නයක් කරගත්තා.

    මිනිස්සු මෙහෙම චෝදනා කරද්දී ඔය හිත හදාගත්තේ කොහොමද…?

    මම ඔය සිද්ධිය වෙන්න කලින් මගේ හිත හදාගෙන ඔය ප්‍රශ්නෙන් අයින් වුණු කෙනෙක්. ඒක දන්නේ බොහෝම ටික දෙනයි. ඒක හොඳටම දන්න කෙනා අද ජීවතුන් අතරේ නැහැ. කොහොමෙන් කොහොම හරි මට මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ චෝදනා කළා. බොහෝ මඩ ගැහුවා. සමහරු මම නිහඬව ඉන්න එකෙන්ම මාව වැරදිකාරිය කළා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ළංවුණු සමීපතම කෙනෙක් අයින් වුණාම අපිට ඒ වේදනාව දැනෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. පිටින් ඉන්න කෙනෙක්ට ඒක දැනෙද්දී ළඟින්ම හිටපු කෙනෙක්ට ඒක කොච්චර දැනෙනවාද කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි එහෙම හිතන්නේවත් නැතිව මිනිස්සු ඇඟිල්ල දික්කළා. මම අද කාටවත් වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ අය ඒ දේවල් දවසක ගෙනියාවි. 

    ඔය ප්‍රශ්නයට බොහෝ දෙනා මට විවිධ චෝදනා කරද්දී මාව නොමරා මරද්දී මගේ ක්ෂේත්‍රයේ මාව දන්න බොහෝ දෙනා මාව ආරක්ෂා කළා. මට හයියක් වුණා. මිනිස්සු මාව නොමරා වළලද්දී, මට චෝදනා කරද්දී ඒ හැමෝම මට හයියට හිටියා. ඒ වෙලාවේ මම මොනවා කිව්වත් ඒ දේවල් පිළිනොගත්තා. මටම ඇඟිල්ල දික්කරන්න බලාගෙන හිටපු පිරිසක් හිටියා. ඒ වෙනුවෙන් මම දන්න මගේ ක්ෂේත්‍රයේ අය මාව පරිස්සම් කළා. ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලාගේ ගෙදර. දමිතා අක්කා, අසේකා, චන්න අයියා, හේමාල්, සාරංග අයියා, කවීෂා වගේ බොහෝ දෙනෙක් ඒ කාලය පුරාවට මට හයියක් වුණා. හැමවෙලේම මාව ඇවිත් බලලා ගියා. කාලෙත් එක්ක මගේ හිත හදාගන්න බොහෝ දෙනා මට උදව් කළා. මිනිස්සුන්ගේ කතන්දර, මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා. ඒ මඩ ගොඩෙන්ම මම නැගිට්ටා. ඒ හැමවෙලේම හිතපු දෙයක් තමයි “මම වැරැද්දක් නොකර ඇයි මම වැටෙන්නේ. කියලා. මගේ හෘද සාක්ෂියට අනුව මම වැරැද්දක් නොකළා කියලා මම දන්නවා. කාට බොරු කලත් හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.

    මොනවද ශලනි ඉදිරියේදී තියෙන නිර්මාණ…?

    ඉදිරියේදී චන්න පෙරේරාගේ “භාවාත්මා කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඒ වගේම සුපුන් රත්නායකගේ “ඒක දිග කතාවක් කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඊට අමතරව තව ටෙලිනාට්‍ය දෙකක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට දෙකක් තිරගත වෙන්නත් තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඉතින්… බලමු… මගේ අලුත් ගීතය තමයි මේ දවස්වල මගේ තියෙනව ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.


    සංවාදය : දිශානි/ දේශය

  • යායට පායනා” ගීතයේ සිටි සුන්දර ගැමි තරුණිය අන්තිමේදි Hot & Sexy වෙච්ච හැටි මෙන්න…

    යායට පායනා” ගීතයේ සිටි සුන්දර ගැමි තරුණිය අන්තිමේදි Hot & Sexy වෙච්ච හැටි මෙන්න…

    ප්‍රිහාන් මඩප්පුලිගේ ජනප්‍රිය ගීතයක් වූ “යායට පායනා” ගීතයට රංගනයෙන් දායක වූ Darni Alweera ගැන මේ දිනවල දී උණුසුම් කතාබහක් ඇති වී තිබේ.

    ඒ ඇයගේ අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතුවීම හේතුවෙනි. ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරයි.

    ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන දක්ෂ ලේඛිකාවක් මෙන්ම විනෝදාංශය ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන බව වාර්තා වේ.

    නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් Darni මෙලෙස ජනප්‍රිය වී ඇත.

    ඇයගේ ඡයාරූප පහතින් :

    SHARE
  • මගේ ළමයට පද හදන්න එපා.. මේ ඉන්නේ තාත්තා.. පියුමි හංසමාලි සැමියා ගැන ඇත්ත කියයි…

    මගේ ළමයට පද හදන්න එපා.. මේ ඉන්නේ තාත්තා.. පියුමි හංසමාලි සැමියා ගැන ඇත්ත කියයි…

    පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ පුවත් මවන චරිතයක්.

    පියුමි Facebook එකට දාන සමහර Photo නිසා ලොකු කතාබහක් ඇතිකරනවා.

    මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු පියුමිගේ  Facebook Post එකක් ගැන.

    පියුමි තමන්ට දෝෂාරෝපන එල්ලකරන අයට මුහුණුපොත හරහා ලොකු කනේ පහරක් එල්ල කර තිබුණා. ඒ තමන්ට ගහන මඩ වලට ඇගේ පුතාව සම්බන්ධ කරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක.

    “තාත්තයි පුතයි 😍🎉💃මා දරැ සෙනෙහස හොදට දන්නා ගැහැනියකි මා හට කව්රැන් මොනා පැවසුවත් මාව ලගින් ඇසුරැ කරන සියලු දෙනා මාගේ හැටි හොදා කාරවම දනිමි.ලොකයාට කැ ගසා කිමට අවශ්‍යය නැත මා ගැන.මා කිසි සෙත් දරැවාට පිය සෙනේහස අහිමි කරෙ නැත.මවු සෙනෙහස සැමදාම ඔහු ලගය.විටෙක පිය සෙනෙහසද මව් සෙනෙහසද දෙකම මා ඔහුට දුන්නෙය.මා මෙතෙක් දවසක් නිහඩ විය.සියලු දෙනාගෙම බැනුම් ඇසුවෙය නමුත් තව දුරටත් මා හට එහෙම සිටිමට නොහැක ලොකයා දැන ගත යුතුය.මෙ ඇත්ත plz පිංසිද්ද වෙයි.ඔනැම මඩක් මා හට ගසන්න දාරා ගැනිමෙ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ද නොකරන්න.😭මොකද දැනටමත් සියලු දෙනාට දැන ගන්න ඔනේ සියලු දෙ දැන ගැනිමට සලසවා ඇත.දැං කව්රැ කව්රැත් හිත් වලට කතා කරලා අහන්න බලන්න තමන් හරිද වැරදිද කියලා.වැරදි කරපු කිසිම කෙනෙක් නැතුව ඇති ඔක්කම පත්තිනි අම්මලා”